Sunday, March 17, 2019

මහා එමරල්ඩ් ලෙන් රාජයා


ගල්ලෙන බිදලා ලෙන් දොර ඇරලා කියලා සිංදුවක් අපේ ඉතිහාසේ තියෙනවා. මේ එමරල්ඩ් ලෙනේ ලෙන්දොර වැහිලා තියෙන්නේ වතුර වලින්. අපි යන්න ඕනි වතුරෙ කිමිදිලා වගේ පරෙස්සමෙන්. මේ කෝ මොක් පලාතේ තියෙන සිරාම ස්පොට් එකක්ෙ. ඒ ගුහාව ඇතුලට ගියාම නිකං ෆිල්ම් එකක තියෙන මනරම් තැනක් වගේ ලස්සන ප්ලේස් එකක් සෙට් වෙනවා. අපි යද්දි අපි එක්කම වගේ මහ නඩයක් ගියා.
මේ දූපත් බලන්නත් එනවා දෙයියනේ අපේ අර ලේලන්ඩ් බස් අරන් අනුරාධපුර යන්න වගේ මහ නඩ. සමහර විට එහෙම ඒම ලාබ ඇති. තායි කාරයෝ එන්නේ හෙම. කොච්චර වුනත් සුද්දියන්ගේ ගල් වලට වඩා තායි බෝනික්කියන්ගේ ගල් උතුම්. ඒවායේ අමුතුම ආසියානු ලල් එකක් තියෙනවා.
ඒ වගේ මහා නඩයක් ඇවිත් අස්සේ ගුහාව තුල තියෙන සුට්ටං බිච් එකම වහගත්තා. ඔන්න ඉතින් පැය බාගයක් විතර මුන් හැමිනි හැමිනි ඉදලසෙට් එකම ගියා. ඒ පාර ඉතින් මම සහ ජරමන් කෑලි දෙක තුන සහ තව කිහිප දෙනයි ඉතුරු. අපි ඉතින් හිතේ හැටියට පොටෝ ගත්තා. වතුරේ පීනලා කිමිදිලා ගිහින් ගුහාවට ගිහින් ඒ අවට බලපු ඒ අත්දැකීම මැක්සා.
ලෙන් විස්තර
මේ ලෙන ඉස්සර කාලේ මුහුදු කොල්ලකාරයෝ නිධන් වස්තු හෙම හංගල .තිබුන තැනක්ලු. මම ඒ ගිය බුවෙක්ගෙන් ලාවට ඇහුවා නිධන් එහෙම තියෙද දන් නැහැ කියලා.පොර හිනාවෙල නැහැය කිව්වා. එතන රවුමට තියෙන උඩ සිදුරෙන් විතරයි ආලෝකය එන්නේ. බීච්එ ක මීටර හැට හැත්තෘවක් විතර තියෙන්නේ. හරිම ගති ප්ලෙස් එක. අපි ඉතින් ඒක ඇතුලේ ඉදලා පොටෝ ටික ගහලා ඉන් පස්සේ කිමිදිලා ආයේ ඇතුලට ගිය විදියටම එලියට ආවා.
ඒම
අපි දවල් 1ට විතර එන්න ගත්තා. හද්දෙයියනේ ඒ ගුහාව තියෙන්නේ හඩ්ෆරාන් බිච් හෙවත් අපේ නවාතැන ලගම තියෙන බීච් එකට බොහොම කිට්ටුව. බෝට්ටුවේ විනාඩි දහයක් නැහැ එමරල්ඩ් කේව් එකට. ඇත්තටම කයාක් පුලුවන් නම් පදින්න කයාක් එකකින් උනත් ලෙසට යත හැකි එමරල්ඩ් කේව් එක බලන්න.
අපි වෙරළට ආවා. සුද්දියෝදෙන්නා බෝටු කාරයට විතරක් හා යි කියලා යන්න ගියා. අනේ මන්දා උන් නම්. ඉතින් මං මොටෑ ඕවා ගැන විස්සෝප වෙන්නේ මාත් දවල් වෙලා තිබුන හින්දා ගිහින් ලගපාත කඩෙන් දවල් කෑම ගත්තා.
හැන්දෑවේ පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න සෙට් වුනා. ඒ හඩ්ෆරාන් බිච් එකේ එක සයිඩ් එකක ක්ලිෆ් එකේ රෙස්ටුරන්ට් එකක් තියේ. ඒකේ ලෙසට විව් එක පේනවා. එතන්ට සෙට් වෙලා බියර් එකක් ගහමින් මම වටපිට බල බල උන්නා.
සුද්දෝ ඇවිල්ලා බොහොම සැහැල්ලුවෙන් සතුටු වෙනවා. සමහර විට උන්ට අපේ අයට වගේ පස්න නැතුවද මන්දා. ෆැමිලි ඇවිත් එහෙම සතුටින් සෙල්ලම් කරනවා දකිද්දි ආසා හිතෙනවා. දරුවන් වතුරේ බස්සලා හුරු කරනවා. උන්ට බිච් හුරු කරනවා. කොටින්ම කයාක් වල පවා අරන් යනවා . අපේ පවුලක් ගියොත් දරුවන්ට වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ එපා එපා එපා කියන වචන ටික විතරයි. ඒත් සුද්දෝ දරුවෝ හදන විදිය නම් මැක්සා. ඒක හරි ලේසිය කිව්වත් ලේසිමත් නැහැ. අවධානම ගන්න ඉඩ දුන්නට දෙමාපියෝ යාන්තමින් හරි ඇහැ ගහගෙන තමයි ඉන්නේ.  
බයිසිකල් නාට්ටිය
හැන්ද වෙලා රෑ වේගෙන එද්දි මට කල්පනාවක් ආවා දූපතේ අනෙක් පැති ටික බලන්නත යන්න ඕනිය කියලා. ඒ ගමන මම බයිසිකලයක් ගන්න ගියා බයිසිකල් රෙන්ට් කරන තැනට. දවසට දෙසීයය් මෝටර් බයිසිකල්. බාත් සීයයි නෝමල් පුස් බයිසිකල්. මං හොද වෙලාවට ගත්තේ පුස් බයික් එක. කදු වලදි පොඩ්ඩක් විතර වාත වුනාට කිලෝමීටර දහයක් විතර වැඩිම දුර තියෙන දූපතේ සකං බකං ගාල දෙක පාගද්දි බයික් එක එහා කෙළවරේ. එතකොට ආතල් නහැ. පුස් බයික ආතල් තියෙනවා.
දූපතේ මිනිස්සු ඉන්න ටිකේ පිරිසක් ධීවරයෝ. තවත් අය මේ දූපත් වල තියෙන කූුරුලු කූඩු කැඩීම වගා කටයුතු කරනවා ැඅති. ගොඩක් අය සංචාරක කර්මාන්තයට බැහැලා තියෙනවා. මහා විසාල සංචාරකයෝ තොගයක් නැහැ. ඒත් බිස්නස් කරන අය වැඩියි. ඉතින් වෙන දූපත් වල වගේ ලොකු මිලක් නැතුව කන්න බොන්න වගේම වෙනත් මසා වගේ පහසුකම් ගන්න පුලුවන්.
දූපත් මසා
දූපතේ ආතල් දෙන ලිංගික මසා තියේද කියලා මම බුවාල දෙන්නෙක්ගෙන් ලාවට ඇහුවා බෝට්ටු ගමන හෙම යද්දි. කිව්ව විදියට ඒ විදියේ මසා දූපතේ නැහැ. දූපත මුස්ලිම් එක්ක නිසා වෙන්න ඇති. තායි මසා නම් කිහිපයක්ම තිබුනා. ඇත්ත වසේන්ම හැමෝම හොදයි කිව්ව නිසා මම තායි මසා දෙකක් පස්සේ දාගත්තා. මට න්ම එච්චරම ලල් නැහැ..ඒවා පස්සේ කියන්නම් කෝ..
මම රෑ වෙන්න ඔන්න මෙන්න බයිසිකල් එක අරන් රවුමක් දැම්මා. තව එක ඒරියා ටිකක් තියාගත්තා හෙට උදේ ඇවිල්ලා බලන්න. සමහර මිනිස්සු ඉන්නේ දූපතේ වගුරු බිම්වගේ තයෙන පහත් බිම මත හදපු ලෑල ගෙවල් වල. සමහර තැන් දූපතේ උසයි දඩ කදු කෑලි තියෙන්නේ. ඒවායේ ත් සමහර ගෙවල් එහෙම තිබුනා.
කෝ මොක් කියන්නේ පැය කීපෙකින් මුලු දූපතේ මිනිස්සු ඉන්න කොටසම ඇවිදලා වුනත් කවර් කරන්න පුලුවන් තැනක්. මේ දපතේ තියෙන වනාන්තරයේ ඇවිදින්න චාරිකා තිබුනා. මම ඒක අවසානයට දැක්කේ.
ඉතින් ඔන්න ඔය විදියට දෙවනි දවසත් රෑ වුනා. මම කාබරේට ගිහින් නිදාගත්තා. සිග්නල් නැති නිසා වෙන අප්ඩේට්ස් වැඩිය මොකුත් නැහැ සුං ගාල නිදාගත්තා.


03 කෝ මොක් වලින් පිටත් වීම
කෝ මොක් කියන්නේ ගති අයිලන්ඩ් එකක් කියලා මම කලින්ම කිව්වා. මේ අයිලන්ඩ් එකට එන සෙට් එකත් මාරම රේන්ජ් එකක විහිදෙනවා. සමහරු සංචාරක ඒජන්සි වලින්. බහුතරය මම වගේ බැක්පැකර්ස් ස්ටයිල් ආපු අය. කෝ මොක් වල ඉදන් දූපතක් සහ එමරල්ඩ් කේව් බැලුවා බීච් එකේ ආතල් ටිකත් ගත්තා. සටහනක් විදියට ඒ ආතල් ගැන වැඩිදුර සදහන් වෙන්න ඕනා ඇති. ඒත් මම හිතන්නේ ඒවා වීඩියෝ හෝ පොටෝ වලින් පෙන්නුම් කරන එක වඩා සාධාරන වෙයි. මොක උනත් ලස්සන සහ අත්දැකීම් කියන ඒවයින් එක්තරා ප්‍රතිශතයක් විතරයි මේ වගේ ලියමන් පොටෝ වීඩියෝ වලින් දෙන්න පුලුවන් වෙන්නේ. ඉතුරුවා ගිහින්ම විදගන්න ඕනි.
පාන්දරම නැගිට්ටේ නැහැ. ඒ නිසා බෝට්ටුව මිස් වුනා. කලින් දවසේ රෑ මං ඉදි හෝටලේ රිසිප්ශන් ගර්ල් පැහැදිලිව කිව්වා බාත් 250ට කෙලින්ම ට්‍රාන්ග් සිටි එකටම ගෙනහින් දාන්නම්ය කියලා. ඒත් කොහෙද අපිටත් නිකං අමුතු ආතල් එනවා නේ කිව්ව දේ නොකරන්න තියෙන ආත්ල වගේ. ඉතින් ඒ ගමන් වාරය යෙදෙන්නේ උදේට උනාට මම නැගිටිද්දි අට විතර වුනා. කාල බීල හෙම එතකොට මම රෙන්ට් එකට අරන් තිබ්බ බයිසිකල් එක පදින්න සෙට් වුනා.

බයිසිකලේ නැගලා දූපතේ හතර කෙළවර හොයාගන්න එක තමයි මගේ ටාගට් එක වුනේ. හතර කෙළවර හොයාගන්න නම් අමාරුයි. මොකෝ බාගයක්ම තියෙන්නේ වනේ. කාලයක් මේ දූවේ පොල් රබර් එහෙම වගා කරලා තිබිලා තියෙනවා. සාරයට හැදිලාත් තියෙනවා. ඒත් දැන් දැන් ඒ වගාවලට වඩා සංචාරක බිස්නස් එකට කට්ටියට හිත ගිහින් වගේ. මුස්ලිම් අය උන්නාට ඔලු වහන් ගෝනි බිල්ලෝ වගේ නැහැ. මිනිස්සු හරි හිතවත්. කොහොමත් තායි ඩෑල් වල හිතවත්කම සිංහල අපේ වගේම තමයි.

ලෙන බලපු විස්තරේ මේ කටින් කීවාට වැඩිය කදිමෙට පහල වීඩියෝ එකේ තියෙනවා. මම ගියේ මේ ගෑනු දෙන්නට පිටිපස්සෙන්. ඒ නිසා මුන් දෙන්නගේ කකුල් කෑලිත් වැදිලා. සදාචාරය අනුව වැරදි ඇති ඒවා දාන එක. ඒත් ඉතින් අපි ඕවා දෙකෙළවර ඔච්චර හිතන්න ඕනි නැහැ නේ. ඔන්න ඔයාලට බලාගන්න ඒ කකුල් කෑලි බිකිනි කෑලි එක්කම වීඩියෝ එක දැම්මා. 


පිංතූර විස්තර කතාව 


 මේ එමරල්ඩ් ලෙන බලන්න පිටින් ටිකක් ලොකු බෝට්ටු වලිනුත් ලොකු නඩ එනවා. එහෙම ආපු බෝට්ටු තමයි මේ ලෙන්දොර එලියේ පාක් කරලා තියෙන්නේ. 

අපි ගියේ ලෝන් ටේල් බෝට්ටුවක. ලෝන් ටේල් බෝට්ටු කිහිපයකුත් නවත්තලා තිබුනා. ලෝන් ටේල් වලින ්වගේම හඩ්ෆරාන් වලින් කයාක් එකකිනුත් එතැකි මූද සැර නැති කාලෙට. මම බීච් සයිඩ් එකේ බියර් එකක් ගගහ ඉද්දි සුදු ජෝඩුවක් පොඩි පැංචියෙකුත් දාගෙන මේකට ආවා කයාක් එකකින්. 
 ලෙන ඇතුල තමයි මේ. ලෙන ඇතුලේ බීච් එකක් තියෙනවා. ලස්සනයි. කට්ටිය ඇවිත් සතුටු වෙනවා. හැබැයි මේ ලෙන ඇතුලේ වතුර තියෙන එක් හරියක් පුදුමාකාර විදියට ගැඹුරුයි ලු. 
 අපිට යන්න කලින් ලයිෆ් ජැකට් දෙනවා. මූදු වතුරේ එච්චරම ගිලෙන ලයින් එකක් නැහැ. නෝමල් ඉන්නත් පුලුවන්. ඒත් කෝකටත් කියලා ජැකට දාගන්න එක හොදයි නේ. 
 මම එක්කගිය ජර්මන් යාලුවෝ දෙන්නා තමයි මේ. දැන් පිංතුර වලින් ආයේ දකින කොට නම් මුන් දෙන්නගෙන් කළු පැහැති බිකිණිය ඇදගත් එකී හැඩය කියලා හිතෙනවා.ඒ උනාට එයා කතාකලේ නැහැ වදනක් වත්. අනික් කෙල්ල නම් ඔය මොනා හරි දෙඩුවත් එක්ක මා එක්ක. 
 කලින් ආපු නඩේ හිමින් හිමින් ලෙන ඇතුලට යනාකාරය. ලෙන ඇතුලට පිවිසෙන්න කලින් ඒ නඩේ ගුරා වගේ හිටපු ගෝතයා ලෙක්චරයකුත් දෙනවා. හම්බේ ඌ කියන ගල් කෙප්ප. ඇත්තටම නඩා ආවනම් තියෙන එක ආතල්එකක් තමයි නඩේ ගුරා කියන කෙප්ප අහන් ඉන්න වෙන එක. 
 මේ ඉන්නෙ ්මං තුමා. දූපතේ ලෙන් දොර අහුවෙන විදියට මාත් අහුවෙන විදියට පොටෝ ගන්න හැදුවේ ම්ම්හු හරිගියේ නැහැ නේ. කට්ටිය ගියාට පස්සේ ඉතුරු වුනේ ඒ ගුහාව ඇතුලේ බීච් එකේ කිහිප දෙනයි. හැමදාම කවුරුහරි එනවා ඇති නේ. මේක ටුවරිස්ට්ලා හොයාගන්න කලියෙන් නම් වැලක් එහෙම සූට් කරන්න කියාපු පසුබිම.
 මේ තියෙන්නේ අපි ඉතිං ගුහාව බලලා කියලා ආපු එන්න ආපු හැටි.  එනකොට තමයි තේරුනේ ඇත්තටම වැඩි දුරක් නැහැ දූපතේ ඉදන් ප්ලේස් එකට. එනකොට පට්ට දර්ශන පාරක් සෙට් වෙනවා. මැක්ස ඈහ්.. 
 මේ හරියේ මූද ගැඹුරුයි. ඒත් ඉදලාම තැනක ලොකු ගල්වැටි මතුවෙලා තියෙනවා. ඒවා අතරින් බෝට් මෑන් වීරයා වගේ බෝට්ටුව පැදෙව්වා. ඒත් ඉතින් වැරදිලාවත් ගිහින් ගල්පරේක බෝට්ටුව වැදුන නම් සොරි ඩොට් කොං සහ තවත් කතා තමයි. 
 





 හඩ්ෆරාන් බීච්එ කේ ඉදන් ගත්ත සොට් එකක් තමයි මේ. අර ඈත පේන කෝම්පිට්ටුව වගේ හරියෙටත් යන්න ආසාව තිබුනා. ඒත් යන්න ඉතින් අපිට බෝට්ටු තියෙනවෑ. කොහොම වුනත් සෙට් එකක් ගියානම් ටෝක් කරලා බෝට්ටුවක් අරන් දවසක්ම ඇතිවෙනකල් කොරලුයි දූපතුයි ඔක්කෝම බලලා එන්න තිබුනා. 

 බියර් බොනකොට තිත්තයි. මධ්‍යසාර අක්මාවට අනතුරුදායකයි. ඔබේ දරුවා මත් පැන් වලින් ඈත් කර තබන්න. ආහ් දැන් හරි. බියර් තායි ඒවා එච්චරම තිත්ත නැහැ. මේ ලොකේසන් එකේ තියෙන වීව් එක මැක්සා. 
චිලි ටිකක් ඇඩ්කරලා ගේන්න කිව්වම උන් චිලි දාල මුලින් මදිපාඩුවට සැලඩ් එක ගහලාද මන්දා. ඉස්සෝ නම් ලංකාවේ රසම. චිලි වැඩි නිසා පුදුම අමාරුවෙකින් කෑවේ. ඒ වැගේ සැර බයිටක් එක්ක බියර් එකක් ගැහුවමද කොහෙද. නෝමලි මේ වගේ රෙස්ටුරන්ට් එකක බියර් එකක් වෙනවා බාත්  70-80ක් විතර. ඒත් ඇත්තම ගාන බාත් පනහටත් අඩුයිද කොහෙද. ඒ උනාට ඉතින් ඕ පොඩි ගනන් බල බල ඉතුරු කරන්න බැහැ නෙව. ගියානම් ඒ ආතල් එක ගන්න ඕනි. ඔන්න කාන්ඩයක් ගියා නම් බියර් සෙට් එකකුත් අරං බීඡ් එකේ වෙනම ආතල් එකක් දාත හැකි. ඒත් ඔය කිව්වට කාන්ඩ ගියාම එන වෙන වෙන අවුල් එනවා. ඔන්න බෝට්ටු අරං මූදේ යන්න ගියොත් කීයටද යන්නේ? කොහෙද යන්නේ? මොන බෝට්ටුවෙද යන්නේ? අපි මොනවද ගිහින් බලන්නේ ආදි හැම දෙයක් ගැනම වාද විවාද ඇතිවනෙවා කාන්ඩයක් ගියොත්. ඒත් තනියම ගියාම පොඩ්ඩක් වැඩියෙන් වියදම් වුනත් ඒ අවුල් නැහැ. අපිට ඕනි ආතල් එක අපිට ඕනි විදිහට අපිට ඕනි වෙලාවක ගත හැකි. 

6 comments:

  1. සුපිරි එක්ස්පීර්යන්ස් එකක්නේ බන්...

    ReplyDelete
    Replies
    1. ඔවු මචං මේ එක්ස්පීරියන්ස් වටිනවා

      Delete
  2. අර ගුහාව පට්ට. එන්ට්‍රන්ස් එක ඇවිදගෙන යන්න බැරි තරම් ගැඹුරු ද? පොඩි උන් එහෙම අරගෙන යන්න බැරුව ඇති එහෙම නම්. මාත් තයිලන්තේදී සෑහෙන ෆන් අරන් තියෙනවා ඒත් ඒ ගොඩක්ම ෆෙමස් තැන්වල විතරයි. බැංකොක් පටයා (ලයන් අයිලන්ඩ්) පුකට් වගේ. මේ අත්දැකීම් සුපිරි මචන්. ඇත්තටම ආසා හිතෙනවා ආයේ ගිහින් එන්න

    ReplyDelete
    Replies
    1. නෑ මචං කිසි ගේමක් නැහැ අපිට ඔලුව උස්සගෙන යන්න පුලුවන්.වෙන බෝට්ටු අනම් මනම් යන්න බැහැ..අනික ලයිෆ් ජැකට් තියෙන නිසා කිසි අවුලක් නැහැ.පොඩි උනුත් අරන් යනවා. වැඩි දුරක් නැහැ. කළුවරේ විනාඩි පහක් විතර පීනගෙන ගියාම තියෙනවා පොට් එක. යන උන් අපිව එක්කරං යනවා . ඒ නැතත් ඉතින් නිතර මිනිස්සු යන නිසා කිසි බයක් නැහ. ඒත් ඔතන පට්ට ගැඹුරුය කියලා තමයි ඉන්ටනෙට් එකේ තිබ්බේ.

      Delete