Friday, April 5, 2019

නොන්කායි අසිරිය

කලින් දා හවස මම හොටලේ රිසිප්සන් කෙලි ගෙන් ඇහුවා නොන්කායි වල සුපිරිම ජනප්‍රිය සිද්ධස්ථානය වන සලා කෞ කූ වලට යන්න ටැක්සියක් කීයක් වෙනෝද? කියලා. එයා ලොක්කාගෙන් අහල කියපි බාත් 350ක්. ඒක මම අන්තර්ජාලයේ බලලා ගිය ගානට වඩා බොහොම වැඩියි. මම දඩාස් ගාල එපා කිව්වා. ඒ ගමන මම කලින්දා හවස ඇවිදින කොට බයිසිකල් හෙව්වා. බයිසිකල් ලගපාත නැහැ. මම ඉන්නේ ටුවරිස්ට් ඒරියා නෙමෙයි ඒ නිසා මේ දිහා බයිසිකල් නැහැ. 

බයිසිකල් සෙවීම

බයිසිකල් තියෙනවා. ඒත් කුලියට දෙන තැන ්නැහැ. මට ගන්න ඕනි වුනේ පා පැදියක්. ඇත්තටම ස්කුටරයක් ගන්නත් තිබුනා. ඒත් කෝ මොක් යන්න ඉද්දි හම්බුන කෝ ලිබොන් වල කෙල්ල මාව බයකලා. මම එයාගෙන් ට්‍රාන්ස්ලේටර් වලින් ඇහුවා ඇත්තටම ලයිසන් නැතුව පැද්දොත් මොකෝ වෙන්නේ කියලා. එයා කිව්ව ටවුන් කිට්ටුව නෙමෙයි නම් කිසි දේකට බයවෙන්න දෙයක් නැහැ. ඒත් වැරදිලාවත් ඇක්සිඩන් එකක් වුනොත් සුලුවට හරි ඔයා ලොකු කරදරයක වැටෙනවා කියලා. ඒ වගේම වැරදිලා හරි පොලිසිටයට මාට්ටු උනොත් දඩ ලොකු ගානක් ගෙවන්න වෙයි කියලත් කිව්වා. ඒ නිසා මම පුරුදු පුස් සයිකල් එක මිස ලොකු සයිකල වලට ගියේ නැහැ බයේම.

ලයිසන් එක තිබ්බනම් කිසි ගේමක් නැහැ. ඒ නොන්කායි ටවුමේ ගෑනු පවා බයික් පදිනවා ලොකු ඒවා හිටන්. ඒක හරි සාමාන්‍ය දෙයක්. ඒ වගේම බයිසිකල් පැදීම හෙවත් පුස් සයිකල් වලටත් ලොකු තැනක් තියෙනවා නොන් කායි වල.

කලින් දවසේ හවස කොන්ඩේ කපන්න ගොඩ වුනා ලගපාත සැලොන් එකකට. එතනදි සැලොන් කාරයගෙන් බයිසිකල් ගැන ඇහුවම පොර මාව වින්කල් එකකට සෙට් කලා. වින්කල් බුවා බයික් රෙන්ට් කරන්නෙ නැහැ. බුවා කිව්වා තායි බාසාවෙන් හොස්පිටල් එක ගාව බයික් කාරයෙක් ඉන්නවා කියලා. හොද වෙලාවට තායි යං බුවෙක් උන්නා ඕලෙවල් වයසේ වගේ. මිනිහා මගේ පෝන් එක ඉල්ලගෙන  හරියටම බයිසිකල් තියෙන තැන සර්ච් කරලා ගූගල් කරලා හොස්පිටල් එක ගාව බයිස් රෙන්ට් කරන ප්ලේස් එක මට මැප් එකේ සේව් කරලා ත් දුන්නා. එවෙලේ ඉදි ්තැන ඉදන් කිලෝමීටර තුනක් විතර ගියාම තමයි බයිසිකල් රෙන්ට් කරන තැන තියෙන්නේ. ඇත්තටම ටවුමේ ඒ පැත්තේ නැවතුනා නම් බයිසිකල් එකක් රෙන්ට් එකට ගන්න එක සුලු දෙයක්.

උදේ කෑම

මම නැවතිලා උන්න හොටල ලගපාත තිබුනා පොඩි පොට් එකක්. පොල් අතු සෙවිල් කරපු ටකරං ගහපු වගෙ පෙනුමක් තිබුනත් හොද පතල තැනක් වගේ පෙනුනේ. කෑම ගෙනියන්න කට්ටිය එනවා. ඇවිත් අරන ්යනවා. සුප් දෙකක් තිබුනා. තව මස් ජාති තම්බලා බැදලා බාබකිව් කරලා තිබුනා. නූඩ්ල්ස් බත් තිබුනා. ස්වීට්ස් ජාති කිහිපයක්මත් තිබුනා. මේ කෑම දැක්කාම මොනාද කන්නේ කියලා හිතාගන්න බැහැ. ඒ ගමන ගත්තා සුප් එකක් බත් ටිකක් සහ මස් කෑලි ටිකක් සහ එලෝලු . අරං හිමින් හිමින් කෑව. සුප් එක ටිකක් වෙනස් රසයක් ආවේ. මම හිතන්නේ ඒ සුප් එක ගොලුබෙලි හෝ බෙල්ලෝ විශේෂයකින් හදපු සුප් එකක් වෙන්න ඕනි. මොකද මම පස්සේ ගිය කඩේක තිබුන මෙනු එකේ ඒක ගොලුබෙලි සුප් කියලා ඇදලත් තිබුනා ගොලුබෙලි පිංතුරයක්. මස් කෑලි රවුන් රවුන් තිබුනේ. ගොලුබෙලි කිව්වට ඉතින් මුහුදු බෙල්ලෝ හෝ ගංගා බෙල්ලෝ නම් අවුලක් නෑනේ.

කාල අහක් වෙලා ආයේ හොටලෙට ඇවිත් ටවුම පැත්තේ යන්න තීරණය කලා. බයිසිකල් එකක් සොයාගැනීමයි අරමුණ. කිලෝමීටර 4ක් විතර පයින්ම ඇද්දා. ටැක්සියක් ගන්නත් තිබුනා. ඒත් ටැක්සි සුලභ නැහැ. කලාතුරකින් තමයි ටැක්සි තියෙන්නේ. අනික නොන්කායි වල තාමත් පරණ ගොඩනැගිලි ආදිය ආරක්ශා වෙලා තියෙනවා. ලීවලින් හදපු ඒ තට්ටු ගෙවල් සමහරක් තාමත් පරණ ලුක් එකටම තියෙනවා. ගෑනු කියලා මොකෝ අපේ රටේ වගේ කැතයැ. කැත ගෑනියෙක් ඉන්නේ අහඹු ලෙස තෝරාගත් ගැහැනු 10කින් එක් කෙනෙක් වගේ. තායිලන්තේ මේ පලාතේ ගෑනුගේ සමේ වර්ණය රතු පාට.

පයින් සෙමෙන් සෙමෙන් මාකට් බලාගෙන කඩවල් බලාගෙන ගියා. ඒ වෙද්දි මට දතේ කැක්කුමකුත් ඇවිල්ලා තිබුනා. ඩෙන්ටිස් කෙනෙකුත් ඉන්න තැනක් සොයාගන්න උවමනා වෙලා තිබ්බා.

නුයි ගේ බයිසිකල් සාප්පුව

නුයි කියන්නේ නොන්කායි වල ඉන්න හෙිත හොද මිනියෙක්. සාමාන්‍යයෙන් තායිලන්තයේ බයික් එකක් දවසට යන්නේ බාත් තුන්සියට විතර. ඒත් නුයි දෙනවා බාත් දෙසීයට. නුයි ගාව වැඩි වැඩ නැහැ. මොනාහරි අයිඩි කාඩ් එකක් ඉල්ලුවා. අමු සිංහලෙන් තියෙන මගේ ජාතික හැදුනුම්කාඩ් එක දුන්නා. නුයිට ඒකත් ඇති කිව්වා. මම ගත්තේ බයිසිකලය. බයික් එක ගන්නත් තිබුනා. ඒත් ඉතින් අමුතු බයක් තිබුනා ලයිසන් නැත ිනිසාම.

නුයිගෙන් මම නිකමට ඇහුවා බජට් හොටල හෙම නුයි කිව්වා ඕ පාරේ තියෙන ( නම මතක නැහැ දැන් ) බෑංක් එක ගාව ඉස්සරහ පාරේ හොද හෝටලයක් තියෙනවා. ඒක නෙමෙ පාරෙන් එහා පැතතේ එක බාත් 300යි කියලා. ඇත්තටම එතන දෙසීයයි. ඒ සී නැති එක විතරයි වෙනස. නැතිනම් කාමරේ හොදයි. ඇටෑස්ඩ් බාත් රූම් එක්ක බාත් තුන්සියට වාසියි.

ඉතින් මම අර ඈත තැනින් මෙතන්ට එන් තීරණය කලා. තුන්සිය හෝ පන්සිය මහ ගානක් නෙමෙයි. ඒත් ටවුමට කිට්ටු උනාම ලේසියි. මගේ බයිසිකලේ එක බාරදීලා ලස්සනට හෝටලේට එන්නත් පුලුවන් පයින්ම කිට්ටුව නේ. ඒ නිසා මම නවාතැන මාරු කරන්න තීරණය කලා.

නවාතැන් මාරුව.

මම එතනින් යනවාට එතන හිටිපු රෙසිප්සන් කෙල්ලකැමති වුනේ නැහැ. මගේ කාමරේට ආවා. එයා ඉංගිරිසි දන් නැහැ මට ඉන්න කිව්වා.

මම ඉතින් පැයක් විතර උන්නා. ඉන් පස්සේ බඩුටික පැක් කරගන්න ගත්තා. එතකොට මගේ බඩු බාහිරාදිය ටික පැක්කරගන්නත් රිසෙප්ෂනිස්ට් ගෑල්ලමයා සහ අනෙක් බුලට් එක උදව් වුනා. හරියට ගෙදර වගේ ෆිලින් එකක් ආවා. ඒ වගේමමොකද්දෝ අන්කන්ෆටබල් මෙව්වා එකකුත් ආවා. ඒ නිසා මම යන එක හොදයි කියලා හිතුනා.

කාමරේ ඔක්කොම යතුරු දීලා මගදි ආපුවාමයි මට මතක් වුනේ කාමරේ ඩිපොසිට් එක. එතකොට විනාඩි දහයක් විතර බයිසිකල් පාගල ඉවරයි. අයේ කෝල් එකක් දීලා ගියා. එතකොට ඩිපොසිට් තියාපු පන්සිය එයාල ලාච්චුවට දාගෙන ඉවරයි. එතන මොකක් හරි වැරදීමක්වුනාද? වංචාවක්වුනාද?අනේ දන් නැහැ.කොහොම හරි මම මගේ පන්සිය ඉල්ලාගත්තා. බාත් පන්සියක් නේ නිකම් රුපියල් පන්සියක් යැ.

ඉතින් මම ඇවිත් අලුත් කාමරේ බඩුටික දාලා එවෙලේම යන්න පිටත් වුනා සලා කෞ කු වලට.

උදේ මම බයිසිකල් හොයන්න යද්දි මෙහේ තියෙන ජනප්‍රියම විහාරේ වෙන ඒ කිව්වේ නොන්කායි වල ජනප්‍රියම විහාරේ වෙන වට් පෝ වලට ගියා. ඒතනදි මම ගහන් ගියේ සෝටක්. සෝටෙන් ඇතුලටයන්න බැහැ. ඒ නිසා මම හවස යද්දි දිග කලිසමක් ගහගත්තා.

මෙ ගමන් විස්තර කිව්වට මේ සමහර අවස්තාවල් මිස් වෙනවා. දැන් මේ හැමතැනම නොකා නොබී අමාරුවෙන් යනවා නෙමෙයි. ස්ට්‍රිට් ෆුඩ්ස්ද? බීමද තව වෙන වෙන ස්විට් ජාතිද හමුවුනාම හිත ගියොත් අරන් කනවා. බයිසිකල් එකේ යද්දි යනගමන්කන්න අමාරුයි. පයින් නම් එච්චර අවුලක් නැහැ.

සලා කෞ කු නොන්කායි ටවුමේ ඉදන් කිලෝමිටර පහ හයක් දුර ඉඩමක තියෙනතැනක්. ඒ ප්ලේ්ස එක ටිකක් ඇතුලේතියෙන්නේ. ඒක ජනප්‍රිය සිද්ධස්ථනයක් නිසා වටේ පිටේ මිනිස්සුන්ට වාසියි. කඩ දාලා කූල් බීම හෙම විකුනනවා. කැ ගූගලා ට වෙලාවකට මෝල්.මේ හොදට තියෙන පාර තියෙද්දි බයිසිකල් එකෙන් යද්දි ඌ මේ කැලෑ පාරවල් පෙන්වනවා. එ කැලැ ාපරවල යන්න අමාරුයි. බයිසික්ල එක නිසා අවුලක් නැහැ ගියා. හරියට සංවර්ධනේ වෙන්න කලින් හම්බන්තොට දිහා වගේ දුඹුරු පාරවල් තිබුනා එ සලා කෞ කු තියෙන හරියේ.

සලා කෞ කු

සලා කෞ කු කියවන විදිය මම දන ්නැහැ. කොහොම වුනත් මේ ලාඕස් ආභාෂයට ලාඕස් ශිල්පියෙක් හදපු නිර්මාණ තොගයක් තමයි තියෙන්නේ. හදලා තියෙන්නේ සිමෙන්තියෙන් තමයි. ඒත් ඒ සියුම් කැටයම් විශිෂ්ඨයි. බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා මූර්ති වල කොටලා තියෙනවා. විශාල නාග පිලිම මහායාන පිළිම බෝධිසත්ව පිළිම ආදිය තියෙනවා. සමහර පිලිම උසයි විශාලයි. එතැන පංසලකුත් තියෙනවා. තව එතැන පොකුනු වල ලොකු මාලු ඉන්නවා. පාන් කෑලි තියෙල තියෙනවා මාලුන්ට කන්න දාන්න. අපට පුලුවන් ඒවා සල්ලි වලටඅරන් මාලුන්ට දාලා ෆන් එකක් ගන්න. පතොක් වර්ග විවිධ ආකරයෙන් බලාගන්නත් තිබුනා.ඒවා මම හිතන්නෙ විකුනන්නත් තියෙන්නට ඇති.

සලා කූ කූ ඒ පලාතේ ජනප්‍රිය තැනක්. ඒ නිසා ස්කෝලෙ ලමෝ එහෙමත් ඇවිල්ලා තිබුනා බලන්න. ලංකාවෙන් බොහෝ ඈත වුනත් අපේ රටේ සිද්ධස්ථානයකට ගියා වගේ හැගීමක් ආවා. මද වෙනස් කම් තියෙනවා තමයි. ඒ වුනාට අපි දන්නබුද්ධ චරිතයේ අවස්ථා කිහිපයක්ම සලා කෞ කු වල මූර්ති විදියට දකින්නට තිබුනා. අපාය හෙමත් මූර්ති කරලා තිබුනා. මේ සමහර මූර්ති සාමාන්‍ය මිනිස්සු වගේ හත් අට ගුණයකටත් වඩා උස ඒවා. ඒවා කාලයක් අරගෙන කල විශිෂ්ඨ නිර්මාණ ටිකක් කියලා හදුන්වන්නට පුලුවන්කම තියෙනවා.

නොන්කායි වට් පෝ

වට් පෝ කියන්නේ ලොකු විහාරයක්. නොන්කායි වල රජමහා විහාරය වගේකිව්වොත් හරි. කලින් මම මේකට ආවා. එතකොට කොට එකක් ගහල ආවේ. කොට ඇදන් කවුරුවත් ඉදියේ නැහැ. අනික බෝඩ් ගහල තිබුනා. අන්ධයා වගේ බොඩ් දැක දැක කොට එකෙන් යන්න බැහැ. ඒ නිසා දිග එකක් ගහලා තමයි බයිසිකල් ගමන පටන් ගත්තේම.

සෙරෙප්පු තොප්පි ගලවන්න ඕන. සද්ද අඩු කරගන්න ඕනි පාන් පත්තු කරනවා හදුන්කූරු පත්තු කරනවා. මිනිස්සු සද්ද අඩු කරල වදිනවා පුදනවා. අපේ වගේම ස්ටයිල් එකක් තමයි තියෙන්නේ. ඒත් මම බෝධීන් වහන්සේ දැක්කේ නැහැ. චෛත්‍ය වහන්සේත් නැහැ. විහාරයක් විතරයි එතන තිබුනේ. ගං ඉවුරේ නම් චෛත්‍යයක් තිබුනා. ලංකාවෙ ්වගේම අලුත් වාහන එහෙම අරගනිපු අය ආශිර්වාද කරගන්න ඇවිල්ල තිබුනා.

දෙවන ලෝක යුද්ධ කාලේ පිලිමයක් අරන් යනවා මීකොන් ගගේ. මීකොන් කියන්නේ නොන්කායි වලතියෙන ලොකු ගග. තායි ලා ඕස් බෝඩරය. මේ බුදුපිලිමය යුද අවස්ථාවක වතුරේ ගිලෙනවා.ප්සසේ මේ පිලිමය ගෙනත් මෙතැන වඩම්මවලා තමයි මේ විහාරස්ථානය හදලා තියෙන්නේ. අවසානයට මල තායි රජතුමාත් මේ විහාරස්ථානයට ආදාර උපකාර කරලා තියෙනවා.

විහාරෙත් බැලුවා. ඉන් පස්සේ ටිකක් සිටි එකේ ආයෙත් රවුමක් ගැහුවා. ගහලා ගිහින් කාල නිදාගත්තා. රෑට බියර් වඩියක් ගහන්න ගියා පොඩි ස්පොට් එකකට. හේබෑවිලා ගිය බඩු දෙක තුනක් උන්නා. උන් මං දිහා බැලුවා. බාගෙදා ටෝක් කලානම් කැරකිලා එයි. නිකම් නම් නෙමෙයි. සුද්දෝ ගාව සල්ලි තයෙනවා. ඒ සල්ලිසුවදට මිස නිකං මේ පුකකහනවට උන් දික් කරන්නේ නැතුව ඇති. කියල මට හිතුනේ.

ඒකේ එක කොක්ටේල් එකක් හැදුවා. හැදුවට පස්සේ ඒක සේවකයගෙන් ඉල්ල ගත් ඒකේ අයිති ලොක්කා පොඩි උගුරු දෙකක් ගැහුවා. ගහල ආයේම මොනවද පුරවලා ටේබල් එකට ඇරියා. ඌ ඒ බිව්වේ රහ බලන්න නම් අවුලක් නැහැ. එහම නැතුව ඌ ඒක බීලා අරූට වතුර දාල ගෙනහින් දුන්න නම් අමු කැත වැඩේ.

තනියෙන් ඇවිත් බොන්න බැරි සීන් එක

තනියෙන් මේ රටවලට ආවම තියෙන අවුල හරියට කන පැලෙන්න බොන්න බැරි එක. පොත් වල නම ්තියෙනවා එහෙම බොන්න හොද නැහැ කියලා. ඒත් අපිට හරියන්නේ කබ්බ ලගට එන කල් බොන එක නෙ. තනියම ආවම බියර් බෝතල් දෙකකට වඩා මම ගහන්නේ නැහැ. මොකද බඩු සවුත්තු වෙලා හෝටලේ හොයාගන්න බැි වුනොත් උකල හමාරයි නෙ. ඒත් ටිකක් එකම තැන සුද්දෝ වගේ දවස් දෙකක් තුනක් ටැග් ගැහි ගැහි ඉන්න හැකි නම් යාලුවෝ සෙට් වෙනවා. අදුරන උන් හම්බෙනවා. එතකොට කිසි අවුලක් නැතුව ගහත හැකි කරටි කැඩෙන්න. මොකද බොන තැන එකා දන්නවා අපි ඉන්න හෝටලේ. අර මම කලින් උන්න දූපතේ එහෙම දූපත පොඩියි නේ. කොහෙ හරි ගිහින් බීල පත බෑවිලා ගහක් පල්ලේ නිදාගත්තත් දූපත ඇතුලෙම තමයි. ආයේ බල්ලෙක් ඇවිල්ල පොඩ්ඩක් ඉවකරලා කකුල උසස්ල යයි ඒ ඇර වෙන ගින්නක් නැහැ. ඒත් ටවුන් එකක බීලා එහෙම වැටෙන්න බැහැ. ලෝකෙ කොයි ටවුමෙත් අවුල් ඩෑල් ඉන්නවා.

සුද්දෝ ඉන්න ටුවරිස්ට් ඒරියල් එකේ ෆුඩ්ස් මට එච්චරටම ඇල්ලුවේ නැහැ. බොන්න ගිය තැනත් සොසේජස් මෙනු එකක් පාන් එක්ක තිබුනා. ඊට වඩා හැපනින් සුද්දෝ නැති පැතිවල බීම සහ බයිට්ස් සහ අනික් දේවල්. 
මුනගැහුනු ලදක් 

සලා කූ කූ හි බෝධිසත්ව පිලිමයක් 

සලා කෟ කු 





පතොක් 

බුදුන් වැදීමට ගන්නා මල් 

වෘක්කයන් මගින් දක්වා ඇති අපායක් 

බයික් පදින වෘකයන් 

රකුසෙක් 

පංසල ගාව දාස් මල් 


පංසලේ චිත්‍ර 

පංසලේ තිබූ ලක්ෂණ චිත්‍රයක් 

මීකොං ගග ගාව 

3 comments: