Saturday, June 1, 2019

ලංකාගම පිටදෙණිය දිය ඇලි

ලංකාගම පිටදෙණිය දිහා තියෙනවා පට්ට දිය ඇලි ටිකක්. පහුගිය දොහේ අපි ගියා ඒවා බලන්න. හරිම ලේසි ගමන අප්පා. උදේම නැගිටලා අපි පාන්දර පහට විතර සෙට් වුනා හයිවේ එන්ටරන්ස් වලින්. පූර්ණ කඩවතින් අපිව ගත්තා. ඉන් පසු පූර්ණගේ කාර් එකේන අපි ගමනාරම්භ කලා.


රූට් එක
වැලිපැන්නෙන් එලියට දාලා මතුගම දිහාට යනවා. එතකොට තියෙනවා නෙළුවට යන්න පාරක්. නෙළුවට යන පාර වැටිලා තියෙන්නේ පැලවත්ත පැත්තෙන්. ගූගලා ගෙන් නෙළුවට ගහගත්තම රූං ගාල යත හැකි. ලංකාගම පිටදෙනිය ඇලි සෙට් එකටම අපි මැප් එක ගැහුවා. ඒත් නෙළුවෙන් පස්සේ අපිට වැරදුනා. අපි ගියේ මුලින්ම දෙල්ලව පාරේ. දෙල්ලව පාර මඩවෙලා. අපි ගිය දවසේ උදේම ටිකක් වැස්සා. ඒනිසා අමාරුයි. අපිට එතන හිටි අය කිව්වා මගට යන්න හැකිය කියලා. ඒත් අපි හරෝගත්තා.


ආයේ නෙළුවට ඇවිල්ලා දූවිලි ඇල්ල ගාවට ආවා. නෙළුව දූවිලි ඇල්ල තට්ටු තුනයි. අපි එතන්ට එද්දි උදේ අට හමාර විතර වෙලා. ඒ වෙද්දි නෙලුව දූවිලි ඇල්ලට යන ගේට්ටුව ඇරලාත් නැහැ. ඒනිසා අපි ටිකක් එතන කැරකි කැරකි උන්නා. එතන ඉදලා පිටදෙනිය ලංකාගම සිංහාරාජ පිවිසුමට කිලෝමීටර දහයක් විතර තියෙනවා. අපි ගියේ පොඩි කාර් පුංචක. ඒකේ යන්න අමාරුයි කියලා තමයි හිතුනේ.


ඔහෝම ටැග් ගැහි ගැහි ඉද්දි ආවා බොලරෝ එකක්. බොලරෝ මැක්සි. කිලෝමීටර දහයට ඒ බොලරො එකෙන් යන්න එන්න පහක් ඉල්ලුවා. අපි හිටියේ හතරයි. ඒ ගමන යන්තම් කතා කරලා හාරදහට බස්සාගත්තා. අපි උදේ නමය හමාර වෙද්දි ලංකාගම ඇලි සෙට් එක බලන්න කවුන්ටරේට සෙට් වුනා.


ඉන් පස්සේ ඇලි සෙට් එක බැලුවා. බ්‍රාහ්මණ ඇල්ල, ඌරා වැටුනුඇල්ල, ගල් දෙබොක්කාවකින් ගලායන ඔරු ඇල්ල එහෙම බැලුවා. ඒ වගේම දූලි ඇල්ලත් අපි බැලුවා. බලලා අහක් වෙලා අපි ඇවිත් තට්ටු ඇල්ලෙන් නෑවා. දූලි ඇල්ල ගාවිනුත් අපි වතුරට බැස්සා. මයෙ අම්බේ උන්න මාලු පුකට කොටනවා කකුලට කොටනවා ඉවරයක් නැහැ. සුට්ටි මාලු ඒත් සැරට කන්න හදනවා. ටිකක් වෙල යද්දි නම් ඒකට හුරු වෙනවා. උන්ට කෑම ආදිය අඩු පාඩු වගේ මම හිතන්නේ. තට්ටු ඇල්ල මරු එතන අපිට පීන පීන නාන්නහැකියාව තියෙනවා.


පිටදෙනිය බැලුවේ නැහැ.


මේ ගමන දොලහට එකට විතර ඉවර වුනා. අපි කෑම ඒ ලගපාත තැනකින ්ඇනවුම් කලා. කෑම එකක් දෙසීයයි. අපේ බොලරෝ මැක්සියේ ආපු රියදුරු තැන ඒ කෑම ඇරේන්ජ් කලා. කලින් කීවා නම් අපිට කිතුල් රා එහෙමත් හදා තියන්නම් කියලා කිිව්වා. කිතුල් රා බොන්න අපිට පින තිබුන ්නැහැ ඒ නිසා.


මේකේ පිටදෙනිය සිංහරාජ පිවිසුමටත් යන්න පුලුවන් ඒත් බොලරෝ කාරයට තව දෙදාහකුයි ගයිඩට තව දාහකුයි දෙන්න ඕනි. ගයිඩ් බුවා වැඩි කතා නැහැ නැහැ. ඒත් ඇලි ටික පෙන්නුවා අර එක තැන ඉන්න කටුස්සෙක් පෙන්නුවා අපිට. දැන් නම් මේ ලංකාගම අලි සෙට් එකේ කූඩැල්ලෝ නැහැ. මිනිස්සු බේත් ගහලම උන් වදවෙලා ගිහින්ලු.


දුහුවිලි ඇල්ල


ඉන් පස්සේ අපි එන්න ආවා. දුහුවිලි ඇල්ල නෙලුව කියන්නේ ස්ටේජ් තුනක් තියෙන ලස්සන ඇල්ලක්. එතනින් මිනිස්සු වතුර බොනවාලු. ඒ නිසා ඇලි වලින් නාන්න දෙන් නැහැ. යටින් තියෙන පූල් එකකින් නාගන්න පුලුවන් කම තියෙනවා. දූහුවිලි ඇල්ලත් අපි ගිහින් බැලුවා. ඒකෙන් නෑවේ නැහැ කලින් අපි නෑව නේ.. ඔක්කොම පෝගැම් එකම හතර විතර වෙනකොට නිවි හැනහිල්ලේ ඉවර වුනා. ඉතුරු ටික බලන්න ආයේ දවසක යන්න හිතාගත්තා. ඒත් ඉතින් හිතුවාට ඕවා වෙය්යැ.


අපි උදේ පාන්දර පහටම හයිවේ එකට දැම්ම නම් අට වෙද්දි විතර දුහුවිලි ඇල්ලගාවට එන්න පුලුවන්. ඒ වෙලාවට ඇවිත් දිය ඇලි ටික බලලා නාල කියලා ෆන් එකක් ගන්නෝ න්ම ඒවත් අරන් හවසට පිටත් වෙන්න පුලුවන් කම තියෙනවා. කොළඹ සෙට් එකකට දවස ගත කරන්න කදිම තැනක් තමයි මේ දූවිලි ඇල්ල, ලංකාගම පිටදෙනිය ඇලි සෙට් එක.


දිය ඇලි ගොඩාක් උස නැතුවුනත් ලල් එකේ නම් අඩුවක් නැහැ.
ගිය බොලරො එක

බ්‍රාහ්මණ ඇල්ල 

ගල් ඔරුව ඇල්ල 

ලංකාගම දූලි ඇල්ල 

කකුල කන මාලු 

තට්ටු ඇල්ල 

තට්ටු ඇල්ල ලොකුවට 

ගොළුබෙල්ලෙක් 

ගිං ගග 

දූවිලි ඇල්ල නෙළුව 

දූවිලි ඇල්ල නෙළුව උඩ කොටස 

දූවිලි ඇල්ල නෙළුව 



12 comments:

  1. සුපිරි ගමනක් නෙ!

    ReplyDelete
    Replies
    1. ඔහේ වගේ සමලිංගික ඩයල් එකක් නෙමේ අමිල කියන්නේ. ඔහේ නං ගමන් යනවා කියලා ඇවිත් කැලේ රිංගන් කොල්ලෝ ගහන එකනි කරන්නේ. ලජ්ජා නැද්ද ඔයි? කඩවත පරණ කොමර්ෂල් බැංකුව ඉස්සහරා බයිසිකල් කඩේ කොල්ලෝ ඔහේ දකිනකොට පුක පෙන්න පෙන්නා හිනා වෙන්නේ.

      Delete
    2. ස්තූතියි යාලුවේ මෙ ්පැත්තේ ආවට.

      Delete
  2. නියම ගමනක්.
    කූඩැල්ලෝ නෑ කියන්නෙ නං ෙහන අවුලක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මම නවය වසරේ ගිය සිංහරාජ ගමනේ සොදුරුම මතක සටහන තමයි එතකොට ඒ ලෙවල් කරපු කෙල්ලකුගේ කකුලේ කුඩැල්ලන් ගැලවීම.

      Delete
  3. කකුලේ ඉල්ලිලා ඉන්නේ ටැංකි සුද්දෙක් නේද? (Scavenger Fish )

    ReplyDelete
    Replies
    1. නෑ මචං වෙන එකෙක් මං හිතන්නේ..ටැංකි සුද්දා වගේ පතුලේම ඉන් නෑ..

      Delete
  4. හොඳ ගමනක් තොරතුරු ඡායාරූප හා වීඩියෝ එකට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. දැන් ඉතිං මං ගෝ පෝ එකක් තියෙන මිනිහෙක් නේ..ඒ නිසා යන ගමන් වල වීඩියෝ එනවා සං ගාල.

      Delete
  5. අනේ වසනාවන් මේ වගේ ගමනක් යන්න පින නැති උනත් බලලා හරි සතු‍ටු වෙන්න..අපිවෙනුවෙන් මේ ලිපියට ඉස්තුති

    ReplyDelete
    Replies
    1. රට ඉන්නව ානම් ලංකාවේ ආපු වෙලාවක යන්න පුලුවන් සරල ගමනක්..පෝඩ්ඩක් මහන්සි ඉතින් වංගු පාර සහ දිය ඇලි බලන ගමන..

      Delete
  6. 'සාමූහික වැඩවලට හැම විට ම උපකාර කරන්නෙමි. වෙනත් අයගේ වැඩවලට ද හැකි හැම විට ම උපකාර කරන්නෙමි.'

    උබ කොහෙද බං අනික් අයට උදව් කරන්නේ? උබ ඇවිල්ලා නොම්බර එකේ තක්කඩි කුහකයෙක්. මම උදව්වක් ඕනි වෙලා උබට ඊමේල් කරා පහුගිය කලෙක කීප සැරේ. උබ ඒ වෙලේ කාර්යබහුලයි කියලා මග ඇරියා. ඊට පස්සේ මගේ යාලුවෙක් එදාම වෙනින් පරිවර්තන වැඩකට උබව සම්බන්ධ කරගත්තම මිලක් ගහලා ඒක කරලා දෙන්නම් කිව්වා. ඒ සියලුම ඊමේල් මගේ ලග තියෙනවා. ඒ නිසා නිකං පච නොකියා ඉදපන් කුහකයා.

    ReplyDelete