Tuesday, November 12, 2019

රනිල් තුමා හම්බ වුනෙමි

අදාල නැති පොටෝවකි
රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක තේ වතුර බොන්න පහුගිය දවසක සෙට් වුනා. මටත් එතනදි පස්න හතර පහක් අහන්න ලැබුනා. ඒ පස්න සහ උත්තර මොනාද කියලා ලියාල තිබුනොත් හොදයි කියලා මට හිතුනා. 

මට ඇති ආඩම්බරය 
රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ අගමැති. එතුමාව තේ වතුර පාටියකදි හමුවෙලා කතාබහ කරලා පස්න අහන්න ලැබෙනවා කියන්නේ මට පුරවැසියෙක් විදිහට සතුට හිතෙන දෙයක්. ඒ වගේම එතුමා බොහොම මිත්‍රශිලිව කතා බහ කලා. 

සර් කීම 
සාමාන්‍යෆයන් ඒම තැන්වලදි සර් කියන්න හොද නැහැලු. මිස්ටර හෝ මහත්තයා හෝ තුමනි කියාල කතා කරන එක තමිය හොදය කියනනේ. ඒත් මම වැඩකරන කන්තොරු වටපිටාවේ සර් කියන එක නෝමල් සීන්ස් එකක්. අපෙ කන්තෝරු වටපිටාවෙදි මට වඩා සීනියර් හැම බුවාටම සර් මිස් කියලා තමයි කතා කරන්නේ. මේකෙ කාච්චර පුරුද්දට ගිහින්ද කියනවා නම් මට සමහර කාලවලදි ගෙදර ආවම අපේ තාත්තටත් සර් කියවෙනවා. ඉතින් එතැනදි රනිල් තුමාට සර් නොකියා වෙන එකක් කියන්න තියෙන්න ඇති. ඒත් ස්වාභාවිකවම  පනින සර් එක නවත්වන්න මම ලොකු උත්සාහයක් ගත් තේ නැහැ. 

කෞද ඒ කට්ටිය
සෝසල් මීඩියා ඇක්ටිව් පොඩි සෙට් එකක්. එතැන හිටිය ඔක්කොමල්ල 15ක් විතර. ඒ 15 දෙනාගෙන් තමුන්ව අදුන්නාදෙන්න අවස්තාවක් ආවම සිංහලේන අදුන්වා දුන්නේ දෙතුන් දෙනයි. ඒකෙනුත් මම කෙනෙක්. ඒ වගේම සිංහලෙන් අදුන්වාදිල මම ප්සන ඇහුවෙත් ගොඩක් වෙලාවට සිංහලෙන් . මගේ ඉංගිරිසි දැනුමේ මද ගතිය නිසා සමහර තැන් මිස් වුනා. ඒත් සමස්ථයක් විදිහට මට ඒ කියාපු බෛාහෝ දේවල් තේරුම් ගියා. සිංහලෙන් අහපු පස්න වලට සිංහලෙනුත් ඉංගිරිසියේන අහපු පස්නවලට ඉංගිරිසියෙනුත් රනිල් තුමා හොදට උත්තර දුන්නා. 

ඇයි ඔයා විකිනීමේ සිම්බල් එකක් වෙන්නේ. 

මගේ පස්නය : සෝසල් මීඪියා වල එහෙ මෙහෙ යන අය විදිහට අපිට නිතරම හමු වෙනවා ඔබතුමා විකිනීම පිළිබදව සිම්බල් එකක් විදිහට පාවිච්චි කරනවා. රට විකුනනවා කියන එකට යම් සලකුණක් අවශ්‍ය නම් ඒකට ඔබතුමාවත් පාවිච්චි කරන අවස්තා ගොඩයි. ඇයි මේ ඔබතුමා මේ ආකාරයේ විකිණූමේ සිම්බල් එකක් වෙලා තියෙන්නේ? 

උත්තර : ඕක මට විතරක් ආපු අලුත් දෙයක් නෙමෙයි. ඩඩ්ලි සේනනායකට, ඩි එස් සේනානයකට වගේම ජේ ආර් ජයවර්ධනටත් මිනිස්සු විවිධ නම් දැම්මා. කෙනෙක්ට විරුද්ධ වෙන්න හේතුවක් නැති වෙනකොට විවිධ නම් දාල මඩ ගහනවා. ජේ ආර්ට යැංකි ඩිකී කියල කිව්වා. අපි හම්බන්තොට වරාය කියන එක අපේ බජට් එකෙන් අයනි් කලා. දැන් හම්බන්තොට කියන ණ්‍ය බර අපේ ලංකාවේ බජට් එකේ නැහැ. ඔය වගේ දේවලටත් සමහරු විකුනනවා කියලා කියනවා. 

මගේ පස්නය : ඇයි ඔබතුමාල 2015 හොරු අල්ලන එක මූලික සටන් පාඨය කරගෙන ඇවිත් තවම හොරු ඇල්ලුවේ නැත්තේ. ඇය් මේ යාන්ත්‍රනය ඉක්මන් කරන්න වැඩ නොකලේ. ? 
උත්තරය : හොරු අල්ලන ක්‍රියාවලිය ඉක්මන් කරන්න අපි වැඩපිලිවෙල ගෙනාවා. ඉක්මනින් නඩු අහන්න උසාවි ගෙනා ආවා. ඒත් සාක්කි දෙන අයට තර්ජන තියෙනවා. ඒ වගේම ඔයාලට ඇහෙන්න ඇති පහුගිය දවස්වල එෆ් සී අයි ඩි එකේ හිටපු  ලොකු අයට දැන් මොකද වෙලා තියෙන්නෙ ේකියලා. නඩු පැවරීම මූලිකව නීථිපති තුමාගේ වැඩක්. නිසි පරිදි සාක්ෂි තියනවා නම් එතුම ා තමයි නඩු පවරන වැඩේ කරන්නේ. අපි ලොකු උත්සාහයක් ගත්තා මේ නඩු අහන ක්‍රියාවලිය ඉක්මන් කරන්න. ඒත් නීතිඥයින්ගේ දින වෙන් කරගැනීම නඩු දින වෙන් කරගැනීඹ වේග දේවල් අපිට වේගවත් කරන්න අමාරුයි. කොහොම වුන්ත ප්‍රමාදයක් තිබුනත් අපි සම්පූර්ණයේනම නවත්වලා නැහැ ඒ ක්‍රියාවලිය. 

මගේ පස්නය : ඔබ තුමා ඉන්නවා 1970 ගනන් වල ඉදලා පාර්ලිමේන්තුවේ. එදා ඉදාල අද දක්වා ගොවීන්ට පෝර දෙනවා, ගොවින්ට වතුර දෙනවා ඒ කල්ලා වී ටිකත් මිලදී ගන්නවා. පස්සේ වී දිරලා ගිහින් නාස්ති වෙනවා. මේ ගොවීන් රජයෙන් නඩත්තු කිරීම ගොවියාටත් රටටත් හානියක්.මෑතකදිත් පෝර නිකම් දෙන්න ඕන කියල පොරොන්දුවක් ඇහුනා? ඔබතුමාල ඇයි මේ පොර නිකන්ම දීලා ගොවියා කියන කෙනා සදා යැපෙන්නෙක් බවට පත් කරලා තියේනනේ? ඇය් මේ අසාර්ථක ක්‍රියාවලිය දිගටම පවත්වාගන්නේ? 

උත්තර : අහල ඇති දෙවන ලෝක යුද්ධ කාලේ ලංකාවේ බත් නැතිවුන කියලා. ඒ වගේම 1970-77 සිරිමා කාලේ මිනිස්සුන්ට කන්න නැතිවුන නිසා තමයි යූ ඇන් පී එකට හයෙන් පහක ලොකු බලයක් ආවෙත්. ඒ හැත්තෑව හැත්ත හත කාලේ මට මතකයි අපේ කුරුණෑගල වත්තේ ඉදලා කොළඹට එද්දි වාහන චෙක් කරනවා. හාල් හරි කෑම මොනාහරි අරන් ආවොත් අල්ලනවා පොලිසියෙන්.බත් කන්න ඕනි දවස් රජයෙන් නියම කරලා තිබුනා. වෙන දවස්වලට මඥ්ඤොක්කා තමයි කන්න තිබුනේ. ඒ කාලේ දෙවන ලෝක යුද්ද කාලේ බුරුමේන හාල් ගේන එක ඇනහිටලා කොළඹ අයටත් කන්න නැතිවුනා කියලා මම අහල තියෙනවා.
ඒ නිසා රට ස්වයංපෝශිත වීම කියන්නේ රටට අත්‍යාවශ්‍ය දෙයක්. අපිට රටි්න හාල් සහ ආහාර එනකල් බලන් ඉන්න බැහැ. අප් රටේ ආහාර නිපදවාගන්න ඕනි. ඒ වගේම වියලි කලාපයෛ් අනුරාධපුර පොලොන්නරුව පැතිවල අස්වනු වැඩකරගන්නත් ඕනි.ඒ පැතිවල අක්කරයකින් ගන්න අස්වැන්න වැඩිවෙන්න ඕනි. කිහිප වතාවක් සහල් අතිරික්තයක් ඇතිවුනා. ඒකත් එක්ක අපි ඉස්සරහට ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනි තමයි. ඒත් ආහාර නිපදවාගැනීම කියන දේ අපි දිගටම කරගෙන යන්න ඕනි. 

ප්‍රශ්නය : ඔබතුමාලම නිතර කියනවා මේ ලංකවේ පොදු ප්‍රවාහනයේ යන ඉන්දියානු ලොරි බොඩි බස් රථ සේවාව මීට වඩා දියුණු වෙන්න ඕනි කියලා. ඒත් දැන් වසර ගානක් තිස්සේ සද්දේ විතරයි.අ පි තාම යන්නේ ලොරි බොඩි බස් වල? ඇයි මේවා වෙනස් වෙන් නැත්තේ

රනිල් තුමාගේ උත්තර : බස් වල කොලිටිය ඒ කියන්ේන චැසිය වෙනස් වෙන්න ඕනි. ඒත් දැන් තියෙන චැසිය වෙනස් වුනොත් බස් ගාස්තුත් වැඩිකරන්න වෙනවා. බස් කියන්නේ මැද පන්තියේ මිනිස්සුන්ගේ ප්‍රවාහන මාධ්‍යය. ඒක දියුණු වෙන්න ඕන කියන තැන අපි ඉන්නවා. ඒ වගේම බස් වලට ප්‍රමිතියක් ඉස්සරහට හදුන්වා දෙන්නට අපි යනවා. ඒත් අලුත් සැප බස් එද්දි මිනිස්සුන්ට වියදම් කරන්න වෙනවා වැඩිපුර. බස් වලට යෝජනා ගෙනත් අලුත් බස් චැසි එක්ක ගේන්න යෝජනා කලාම පුද්ගලික බස් සේවා වගේමඅපේ ලංගම අංශත් ඒතරම් ඒකට කැමති වුනේ නැහැ. ඒතඅපිට ටිකෙන් ටික බස් සේවාව දියුණු කරන්න වෙනස් කරන්න  තියෙනවා. 

ප්‍රශ්ණය :දුම්රිය සේවාවට හැමදාම මිලියන ගානක අලුත් දුම්රිය සහ මාර්ග එකතු වෙනවා. අලුත් කෝච්චි අලුත් එන්ජින් එනවා. මේවා මිලියන ගානක් වෙන දේවල්. ඒත් කෝච්චි සේවාව සේවාවක් විදිහට වැඩිදියුණු වෙලා නැහැ. කොටින්ම කොටුව ස්ටේශන් එකේ ටිකට් ගැන්න ගියාම තාමත් පරණ ක්‍රමයට පෝරු වල ටිකැට් තියෙනාව ඒකෙන් හරියන ටිකට් එක තෝරන පරණ ක්‍රමයට තමයි ටිකට් දෙන්නේ. මට දැන් වුනත් පුලුව්න ඉන්ටනෙට් එකෙන් තායිලන්තේ ඉන්දියාවේ ඉන්දුනීසියාවේ ටිකට් වෙන් කරගන්න දුම්රියේ. ඒත් ලංකාවේ තාම බැහැ. හැමදාම දුම්රිය සේවාවෙන් ඇහුවාම කඑයාල කියන්නේ ලබන අවුරුද්දේ වෙනස් කරනාව කියලා. ඒත් ඒ දවස් උදාවෙන්නේ නැහැ. මේ ගැන ඔබතුමාගේ අදහස මොකද්ද? 

උත්තර : අපි රාජ්‍ය අංශය ජාලකරනය කරලා නවීකරණය කරන්න ගියාම හැම රාජ්‍ය ආයතනයකටම අලුත් පස්න ඇවිල්ලා තියෙනවා. කොහොමත් දැනට තියෙන සේවාවන් වලත් දෝශ ොගඩක් තියෙනවා. ඉතින් අලුත් සිස්ටම් දානකොට ඒක කොහොමද වෙන්න ඕනි කියන එකත් ලොකු පස්නයක්. ඒ වගේම සමහර ආයතන කැමති නැහැ වෙන්ස වෙන්න. අපිට ඉස්සරහට සිද්ද වෙයි ඒ ආයතන වෙනස් වුනේ නැතොත් බලේන හරි වෙනස් කරන තැනකට යන්න. අපිට සමහර ආයතනවලින් අපි ගෙනියන ඩිජිටල් කරන වැඩ පිලිවෙලට සහාය ලැබේන නැහැ. ඒත් සහාය නොලැබුනත් ඉදිියේදි ඒවා වෙනස් කරන්න තීරණ ගන්න වෙනවා අපිට. දුම්රිය ගැන කියද්දි දුම්රිය සේවාවේ ඉන්න සේවකයින් එක්ක තමයි අපි මේ වෙනස් කම් කරන්න වෙන්නේ.

මේ පස්නවල වීඩියෝ හෝ ඕඩියෝ පටිගත කිරීමක් මට ලැබුන් නැහැ. ඒ නිසා මතක විදිහට තමයි මේ ටයිප් කලේ.. කොහොම වුනත් අගමැති තුමා මගේ පස්න වලට විතරක් නෙමෙයි අනෙක් අයගේ පස්න වලටත් හොද උත්තර දුන්නා. ඒ අතර ටික්ක ෆනි මොමන්ට් එහෙමත් තිබුනා. 

එක්තරා ගෑල්ලමෙයක් : මේ රටේ කලාවට චිත්‍රපට වලට සාහිත්‍යයට මේ රජය ලොකු සේවයක් කලා. ඉස්සරහටත් ඒ තත්වය පවත්වාගෙන යන්න ඔබුතමාලට හැකිවෙන්න කියලා මම කියන්න කැමතියි .. 

රනිල් තුමා :ඇත්තටම සාහිත්‍යයෙය් හෙම දියුණුවක් තියෙනවාද? මම හිතන්නේ සාහිත්‍යයේ දියුණුවක් තියෙනවා කියලා දැනෙන් නැහැ..තව දියුණු වෙන්න අවශ්‍යයි. මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය සහ ....... ( අසුවල් නවකතාව) සමානයි. ඒ වගේ ඒ කාලේ ලංකාවේ  කලා කෘති වලට විදෙස් ආභෘෂය ලැබිලා තියෙනවා. මම හිතන්නේ මේ කාලේ ඉංගිරිසි භාෂා හැකියාව අඩු නිසා යම් පසුබෑමක් ඇතිවෙලා තියෙනවා. කලා සාහිත්‍ය ක්ෂේත්‍රය තවත් රටේ දියුණු ව්නනට ඕනි. අපි ඒ සදහා පහසුකම් සලසන්න ඕනි. පොත් පන්දාහක් කිය්නනේ ලෝක මට්ටමේදි අසාර්ථක පොතක් විකෙනන ගාන. අපේ පොත් පන්දාහක් විකුණාගන්න බැහැ කියන්නේ ලංකාවේ සාහිත්‍ය දියුණුයි කියන්න පුුළුවන්ද? 

මේ විදිහට රනිල් තුමා බොහොම ඉදිරිගාමී විදිහට අපි අහපු පස්න වලට උථ්තර දුන්නා. ඒ වගේම අපේ යේජනා ආදිය ගැනත් එතුමා අවධානය යොමු කලා. එතුමාගෙන් අහපු ඇතැම් පස්න ඇත්තටම අගමැති මට්ටමට වඩා අමාත්‍යාංශ මට්ටමේ එවා වුනා. ඒත් එතුමා කාටවත් වෙනමම චෝදනා කලේ නැහැ..සමහර වෙලාවට නිළධාරින්ගේ වගකීම් ගැන කිව්වත් රජයට ඒ ගැන තියෙන වගකීම ප්‍රතික්ශේප කලේ නැහැ. 

තැපෑල ගැනත් පස්නයක් ඇහුවා අයෙක්.. 

ප්‍රශ්ණය : තැපැල්සේවාව වැදගත් සේවාවක්. ඇත්තටම ඒක මේ කාලේ නවීකරණය වෙලා නැහැ. අපේ ලියුමක් දැන් කොහේද කියලා බලාගන්න විදිහක් නැහැ.. මේක දියුණු කරන්න මොනවද ඔබතුමාල කරන්නේ? 
රනිල් තුමා : දැන් තැපෑල වගේම විවිධ ඩිලිවරි කුරියර් සේවාව්න තියෙනවා. ඉදිරියේදි ඒවා දියුණු වුනාම ඔයාලට තැපෑල ගැන පස්නයක් තියෙන එකක් නැහැ. රාජ්‍ය අංශයේ සමහර දේවල් වෙනස් වෙන්නේ කොහොමත් හෙමින්. 

ෆේස්බුක් ගැන පස්නය 
ප්‍රශ්ණය : රජය කොච්චර හොද කලත් ෆේස්බුක් සහ සමාජ ජාල වල යන්නේ වෙනම දේවල්. රජයකරන හොද දේවල් වල් සමාජ ජාල හරහා යන්නේනැහැ. කොටින්ම සමහර වෙලාවට අසත්‍ය බොරු ප්‍රචාර යනවා මේ දේවල් ගැන ඔබතුමාල ක්‍රියාමාර්ගය්ක ගන් නැද්ද? අඩු තරමේ රජය කරන හොද දේවල් ටිකවත් මේවා කරන්න. 

රනිල්තුමාගේ උථ්තර : රජයට සෝ්ශල් මීඩියා පස්නයක් වෙන්නේ මෙහෙ විතරක් නෙමෙයි. ලෝකේ පුරා රටවලෙ මේ  ගැන කතිකාවත් ඇතිවෙලා තියෙනවා. යුරෝපා සංගමය විතරක්ෙ නමෙයි මුලින් ෆේස්බුක් ට්විටර් වල නිදහස ගැනකතා කල අමෙරිකාව පවා අද වෙනකොට මේ පස්නයට මුහුන දීල තියෙනවා. ඉස්සරහට ෛ්ස්බුක් සහ සමාජ ජාලා වලට යම් නියාමනයක් එයි. ඒත් අපි නියාමනය කරන්න බලාපොරොත්තුෙවක් නැහැ. ඒම ජාත්‍යන්තර මට්ටමේ යම් පාලනයක් නඑවා නම්  ඒ සදහා සහාය දෙන්න අපිත් සූදානමින් ඉන්නවා. අපේ සෝශල් මීඩියා සල්ලි ගෙවලා කරනවාට වඩා ස්වේච්ඡාවෙන් ඒ දේවල් කරද්දි ඒ තුලින් නිර්මාණශිලි අදහස් වලට ලොකු තැනක් එනවා කියලා මට හිතෙනනේ. එකෙනෙක් දෙන්නෙක් යමක් කරනවාට වඩා හැමෝම මත පලකරනොකට එතන නිර්මාණශිලි අදහස් වලට තැනක් ලැබෙනවා. සෝශල් මීඩියා වල සමහර දේවල් ඇත්තටම වැදගත්. 

මේ සමහර දේවල් සම්බන්ධ එතුමා කියපු දේවල් සහ මම ලියාපු දේවල් අතර යම් වෙනසක් ඇති. සුලු පිරිසක් කියවන බලන මගේ බ්ලෝග එකේ තියෙන මේ තොරතුරු හුදෙක් එතුමා සමග ගිය පිලිසදරේ සමරු සටහනක් විදියට තමයි මම තියන්න හිතුවේ. දේශපාලකයින් අපිට උත්තර දෙන මට්ටමට පත් වෙන එක මොන පක්ෂ පාට මට්ටමේදි වුන්ත හොද දෙයක්. දේශපාලනයේ දූසිත යාන්ත්‍රනය හරහා මිනිස්සුන්ගේ අදහස් ඉහලට යද්දි ගොඩක් වැදගත්දේවල් මග ැෙරනවා. සෝසල් මීඩියා හරහා හරි නැත්නම් කෙලින්ම හෝ  පක්ශ විපක්ශ මිනිස්සුන්ගේ අදහස් කෙලින්ම ගන්න ආන්ඩුවලට සහ පාලකයින්ට පුලුවන් නම් මිනිස්සුන්ට තියෙන ඇත්ත පස්න ටික එයාලට බලාගන්න පුලුවන්. 

22 comments:

  1. මහත්මයා එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකයේද වැඩ කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. නැහැ.. මට ගෝඨා තුමාගේ තේවතුර බීමට කතා කලත් මං යනවා..ඒත් එතුමගෙන් මේවගේ පස්න අහන්න හැකිවෙයි කියල මං හිතන්නෙ නෑ..

      Delete
    2. //..ඒත් එතුමගෙන් මේවගේ පස්න අහන්න හැකිවෙයි කියල මං හිතන්නෙ නෑ..

      මට නම් හිතෙනවා

      Delete
  2. මූ යුඑන්පී කුක්කෙක්. මේකා කඩේ යන්නේ ඒකට. මු පහුගිය දවස් ටිකේ දාපු ලිපි දැක්කම ඒක පේනවා. උබ තව දවස දෙක තුනයි කඩේ යන්නේ. තොගේ ජොබ් එකත් නැති කරනවා බලපන්.

    ReplyDelete
    Replies
    1. යකෝ ජොබ් එක නැති උනත් මං මට ඕනි කෙනාට මිස තොපිට ඕනි කෙනාට කඩේ යන්නෙ නෑ.. ඕකේ 🤣

      Delete
  3. මල්ලියා තේ වතුර පාටියේ විස්තරේ ලියල නෑ නේ.
    කේක් විතරද තිබ්බේ, කට්ලස් එහෙමත් තිබ්බද, අන්න එව්වා තමයි අපේ පස්න

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තේ වතුර කෝපි බොන්න බැරිවුනාද මන්දා මචං..අර සබ්මැරීන් කට්ලට් වගේ ඒවත් තිබුනා.

      Delete
  4. Nation gets the leader it deserves (like Mr Sirisena) Hope we get someone better this time. Premadasa is also possible in this banana republic.

    ReplyDelete
  5. සිංහල ජාතියේ අභිලාශයන් සහ අභිමානය වෙනුවෙන් රනිල් ගේ ප්‍රතිපත්තිය කුමක්ද කියලා ඔය එකෙක්වත් ඇහුවේ නැද්ද?

    හැමදේටම ආර්ථික සාධක ගැලපීම කසිකබල් මාක්ස්වාදී ක්‍රියාවක්
    කාල්මාක්ස් කියන්නෙත් යුදෙව්වෙන්. උන්ට ජාතියක් ජන්මයක් නෑ.
    ඒත් අපිවගේ උසස් ආර්යයන්ට ඒක සුදුසු නෑ. අපිට ගැලපෙන්නේ ජාතික සමාජවාදයයි.

    ReplyDelete
    Replies
    1. අයිශේ, අනුන්ට කියන්නේ තමුසේ ගෙදර ඉඳන් හස්ථක්‍රියා කළාද, පස්න තිබ්බ නං යන්න තිබ්බනේ.

      Delete
    2. දේශපාලනයේ වර්ග දෙකයි..එකක් මලගෙවල් වල නයිට් අදින නාකි පප්පලට වරු ගනන් කතාකරන්න තියෙන දේශපාලනය ..අනික මිනිස්සු න්ට තියෙන ප්‍රශ්න සැබෑලෙස විසඳීම සහ එයට ප්‍රායෝගිකව උත්සාහ කිරීමේ දේශපාලනය .. මේ රටේ ඉන්න සිංහලයින්ට කියලා අමුතුවෙන් ප්‍රස්න නෑ.. මිනිස්සු ට එදිනෙදා ජීවිතේ පහසුවෙන් ගෙවන්න තිබුනාම බහුතරය කට ඇති.. මොන ලබ්බෙ ජාතිවාදෙත් වැඩක් නෑ රටේ ජීවත් වෙන්න මිනිස්සු න්ට සල්ලි නැතුව රට යන්න වෙනවනම්..

      Delete
  6. කෙරවලපිටියේ සිට ගෑස් පටවන් එන ලොරි වලට කෙලින්ම දකුණු ලක බලා යෑමට හැකිවන පරිදි කඩවත කෙරවලපිටිය අධික වේගී මාර්ගයක් සාදා ව්වෘත කෙරු අතිගරු අගමැතිතුමාට ගෑස් පටවන් එන ලොරි එලවන රියදුරන්ගේ ආචාරය. දැන් බලන්න ගෑස් පටවන් එන ලොරි කඩවත හුවමාරුව හරහා ගිනිකාගෙන දකුණු ලක දෙස යන උජාරුව. මහත්තයා අගමැතිතුමාගේ ආණ්ඩුවටද ජන්දේ?

    ReplyDelete
  7. බුද්ධාගමද හැර දමමින් ක්‍රිස්තියානි බයිබලය උඩ දිවුරමින් ඇමරිකානුවෙකු වූ ගෝඨාභය රාජපක්ෂ වෙනුවට දුප්පතාගේ දුක දන්නා සජිත් ප්‍රේමදාස ජනපති කරවමු. ඇමරිකන් පුරවැසි බිරිඳක් සිටින, ඇමරිකන් පුරවැසි පුතෙක් සිටිනා ඇමරිකන් පුරවැසි ගෝඨාභය රාජපක්ෂ මිනීමරුවා පරදවමු.

    ReplyDelete
  8. ඔය වගේ තැනක කන බොන දේවල්, ඒවා ස්ර්ව් කරන විදිහ එහෙම දැක්කම මට ඒක බහුතරයක් ජනතාව කන බොන දේවල් එක්ක හිතෙන් සංසන්දනය කරන්න හිතෙනව. මොකද අමිල තුමා ඒ ගැන හිතන්නෙ?

    ReplyDelete
    Replies
    1. කෑමය කියලා එක දිවනේ තියෙන්නේ.. ඕකට රස දැනෙන්නේ එක පරාසෙක. මටනන් ඇත්තටම ඔය මහ තැන්වලින් කන කෑම එච්චරම රසයක් නැහැ.

      Delete
  9. Replies
    1. සෙල්ෆි ගත්තා අනෙක් අයනන්..මම ගත්තේ නැහැ..මම සෙල්ෆි වලට වැඩිමනාපයක් නැහැ.

      Delete