Wednesday, December 25, 2019

ඒ පාර නල්ලතන්නියෙන්ම නැග්ග

නල්ලතන්නියෙන් නැග්ග හැටි

නල්ලතන්නියෙන් අවාරේ බැහැලා වැඩි දවසක් නැහැ. ආයෙම නල්ලතන්නියෙන් නැග්ගා. ඒත් මේ පාර බැස්සේ නම් වෙනමම පාරක. මේ පාර මුක්කුවත්ත පාරෙන් බැහැලා ටික දුරක් ගිහින් මුක්කුවත්ත පාරේ සීත ගගුල දිගේ පහලටපහලට බැහැලා මරේ වත්තේ ෆිෂින් හට්ස් වලින් ට්‍රේල් එක ඉවර කලා.

කොළඹ සිට

කොළඹ ඉදන් සිරිපාද කරුණා කරන්න කෝච්චිය ලේසියි. ඒත් කෝච්චිය මාර වෙලාවක් යනවා හැටන් වලට යන්න.ඒ ගියත් එතන ඉදන් ආයේම හැටන් ඉදන් නල්ලතන්නියට පැයක විතර ගමනක් බස් එකේ යන්නත් එපැයි.  ඒ නිසා අපි කොළඹ ඉදන් යන්න බස් එක තෝරාගත්තා. කොළඹ පිටකොටුවේ ඉදන් මස්කෙළියට බස් එකක් තියෙනවා රෑ 11ට. ඒකේ ටිකැට් වෙන් කරගන්නත් පුලුවන්. දැන් ඔන්ලයින්ම ටිකට් වෙන් කරගන්න හැකි නිසා හරිම ලේසියි. මේ බස් එක මස්කෙළිය කිව්වට සිරිපාද පාරේ මාවුස්සාකැලේ හංදියට යනකල් යනවා. එතැනින් පස්ස් තියෙන කිලෝමීටර 7-8ක දුර හැටන් වලින් එන නල්ලතන්නි බස් එකක සෝක් එකට යන්න පුලුවන්. බස් එකේ ගමනට සම්පූර්ණයෙන්ම ගත වුනේ පැය 4ක්වගේ අඩු කාලයක්. බස් එක ගියා නෙමෙයි විද්දා. සීසන් එක නිසාද මන්දා බස් එක සම්පූර්ණයෙන්ම බුක් වෙලයි තිබුනේ. බුකින් බස් කියන සංකල්පයම මැක්සිමම් එකක්. ඇත්තටම කොළඹ මස්කෙළිය දුරට බස් ගාස්තුව රුපියල් 300ක් තමයි පිටකොටුව ලංගම බස් නැවතුමින් බුක් කරද්දි වියදම් වෙන්ේන. තව රු 35ක් එකතු වෙනවා බස් එක ඔන්ලයින් බුක් කරගන්නවා නම්.

මෙ බස් ඔය හැටන් දක්වා යද්දි එක තැනක ආප්ප කඩේක නවත්වනවා. සාමාන්‍යයෙන් බස් වල යද්දි නවත්වන කඩ අජපල්. ඒත් මේ කඩේ සුපිරි.ි මූලික වශයෙන් ආප්ප සහ ප්ලේන්ටි තියෙන්නේ. ආප්පත් උණුවට තියෙනවා. බිත්තර ආප්ප සහ රොටි එහෙමත් තියෙනවා. ඉතින් අපිත් එතනින් බිත්තර ආප්පයක් ප්ලේන් ආප්පයක් කාල ප්ලේන්ටියක් බීලා බස් එකට ගොඩ වුනා.

පාන්දර තුනට තුනහමාරට විතර අපිව මාවුස්සාකැලේ හංදියෙන් බැස්සුවා. නල්ලතන්නියට යන බස් එක ඊට විනාඩි දෙකකට විතර පස්සේ ආවා. ඒත් මාර විදිහට ඒ බස් එකේ සෙනග. අපි අමාරුවෙන් අපේ කදන් කෑලි ටික ඇතුලට දාගත්තා. වැඩි දුරක් නැහැෙනේ..

පටන් ගැන්ම

හැමදාම වගේ සිරිපාදෙ යන පාර ගාවම තියෙන කඩේට මුදල් ටිකක් පූජ කරල බඩට මොනාහරි දාගත්තා. එතැන රයිස් කොත්තු එහෙම රස නැතත් පිලිවෙල තැන නිසා කට්ටිය යනවා. අපි උදේම ප්ලේන්ටි බීලා මුත්තල සෙට් එක වගේ ගමන පටන් ගත්තා. එදා සිකුරාදා සැන්දෑවක්. හිතපු තරම් සෙනගක් හිටියේ නැහැ.

ඉස්සර වගේ නෙමෙයි ඉතින් අපිත් දැන් ටික ටික නාකි වෙනවා. සිරිපාද සුද්ද කරන්න ගියපු සමහර වතාවන්වල වගේ වේගෙන් යන්න බැරි වුනා. අපිට සම්පූර්ණ සිරිපා ගමනට පැය හතරක් හතර හමාරක් විතර ගියා. ඒ යන ගමන් අපේ නඩේත් ලංකාවේ අනෙක් නඩ වාගෙම ශූටින් වලට හෙවත් ෆේස්බුක් දාන්න පොටෝ ගහන්න වීඩියෝ කරන්නත් තැන් තැන් වල නැවතුනා. අපි ගිය දවස බොහොම පැහැදිලි කාලගුණ්‍යක් තිබුනේ. ඉතින් ඒ නිසා බොහොම ඈතට ලස්සනට භූමි දර්ශන පේනවා. ඒ සිරිපාදේ නගිනකොට තියෙන භූමි දර්ශන වල නම් වටිනාකම කියලා නිම කරන්න අමාරුයි.

දැන් ඉස්සර වගේ නැහැ. මිනිස්සු හොද වෙලා හෝ මිනිස්සු හොද කරලා. දැන් සිරිපාද මග දෙපස කුනු වැඩිය නැහැ. මිනිස්සු අඩු වශයෙන් තමුන්ගේ කුණු කුනු බාල්දිවලට හරි දානවා. දැන් ඉස්සරට වඩා පාර දෙපස වුනත් ලස්සනයි. මේ විදිහට හොදට තියාගන්න හැකි නම් ඉතින් අපි කාට කාටත් හොදයි නේද?

උඩ මලුවට ගිහාම අපි සෙට් එක ගිහිපු වතාවන් ගානට ඝාන්ටාව ගැහුව නම් ඝාන්ටාව සියක් වතාවක් විතර ගහන්න වනෙවා. ඒ නිසා ගියපු වතාවන් ගාන තුනෙන් හතරෙන් බෙදලා ඔන්න ඔහේ තුන් හතර ගමනක් ඝාන්ටාව හොල්ලලා දැම්මා. දැන් ඉස්සර වග් වත් පතුල පෙන්වන් නැහැ තනිකර රෙද්දකින් වහල රෙද්ද තමයි අපිට බලන්න තියෙන්නේ. සමහර අය අහල තිබුනා කෝ ඉතින් ඕ පතුල නැහැ නේ ඒම එකක් කියලා.

සිරිපාදේ කියන්නේ විශ්වාසයක්. ය්ම දිනක ඉතින් ගල උඩ පය තිබ්බාම එතැන ගල දියවෙලා වැක්කරෙිලා මැටි වල අඩිය තිබ්බා වගේ අඩිය තියෙන්න නැතුව ඇති. ඒත් මිනිස්සු සියවස් ගානක් තිස්සේ එතැන බුදුන්ගේ සිරිපතුල තියෙනවා කියලා විස්වාස කරනවා. ඒ විස්වාසයතමයි මූලික වෙන්නේ. එතැන ගල උඩ මොකක් තියෙනවාද? ගල යට මොකක් තියෙනවදා? ගල වහල තියෙන්නේ මොකෝ වගේ පස්න නියම බැතිමතුන්ට වැදගත් නැහැය කියලා තමයි මට හිතෙන්නේ.


ඈතින් පේන මාවුස්සාකැලේ


ඝාන්ටාරය

සිරිපතුල

රත්නපුර පාරෙන් බහින්න හදන ගමන්

නල්ලතන්නියෙ කඩේ.

මකර තොරණ ගාව

අතරමද කොන්ක්‍රිට් නිර්මාණ

පාන්දරම සිරිපාදේ

ඈතින් පේන සුන්දර දිය ඇල්ලක්

බැතිමතුන් කරුණා කරමින්.

දොලොස් මහේ පහණ

සිරිපාදේ ඝන්ටා නාදයට ආතල් එකක් ගිය බහිරවයෙක්.

රත්නපුර පාරේ දර්ශණය 


පහල තියෙන වීඩියෝවේත් ලක්ශණ දර්ශණ තියෙනවා.

2 comments:

  1. සුන්දරයි! මම සිරීපාදෙ ගිහින් තියෙන්නේ එකෝම එක වතාවයි. ඒ උසස් පෙල ඉවර වුනු කාලෙ. ඒත් සිරීපාදෙ ගමන් ගැන තාම කියවනවා සතුටින්. ඔබගේ චාරිකා සටහන මට ආයෙමත් යන්න හිතෙව්වා. (හිතෙව්වා - මේක සිංහල නොවේ වගේද?) පිංතූර ටිකත් ලස්සනයි.

    ReplyDelete
  2. The ansathudinapotha❤ has gone through so much thinking and research for writing this article. Thank you for sharing this great article with us. This blog is worth to read. Keep sharing this kind of post in the future. I’m also an author. So if you have time, I invite you to have a look at Pisachaya. Have a nice day!

    ReplyDelete