Monday, October 12, 2020

කොරෝනා නිසා ජනජීවිතය වෙනස් කරගැනීම ප්‍රායෝගිකද?


යෝජනා කිරීමත් උපදෙස් දීමත් කියන්නේ මාරම ලල් වැඩක්. අපිට පුලුවන් එක එක යෝජනා දෙන්න. ඒත් ඒවා ක්‍රියාත්මක රකන්න උපදෙස් පිලිපදින්න ගියාම තමයි රෙවෙන්නේ. අපේ ජීවිත වටා ඒ ජීවිත ගතවෙන එක්තරා රිද්මයක් තියෙනවා. ඒක තමා අපි කැමති ක්‍රමය. ලංකාවේ සිගා එකක් හැන්දෑවට ගහගෙන මනෝ පාරක් ගහන්න කැමති මිනිහා අමරිකාවේ මේරිලන්ඩ් වලට පදිංචියට ගියත් උගේ ඒ පුරුද්ද අත අරින්න බැහැ. බස් එකෙ ්කාර් එකේ යනකොට සිංදු අහපු එකා හදට ගියත් කොහේ හරි යද්දි සිංදුවක් දාගන්නවා. ඒවා සමහර වෙලාට අපේ ජාන එක්ක අපේ පරිසරය එක්ක බැදෙන දේවල්. 

සමහර වෙලාවට අපිට කැපකිරිම් කරන්න වෙනවා. අපි පුරුද්දක් විදිහට නිතර කලහ කරන ඩෑලක් නම් අපි වෙන රටකට ගියොත් අපේ ඒ කලහ කරන ආතල් එක ටික කාලෙකට හරි නවත්වන්න වෙනවා. මොකද මෙහෙ වගේ අපේ තරම දැනගෙන අනික් උන් පාඩුවේ ඉන්නේ නැහ. වෙන රටකදි තත්වය වෙනස්. ඒත් ඒ රටට යද්දි යන එක මොන දේටත් හිත හදාගෙන මෙහෙ ඉන්න බැරි නිසා හෝ එහෙට්ට තියෙන ආසාව නිසා ඒ දේවල් වලට යොමු වෙනවා. එතකොට මෝටිවේශන් එක තමුන්ගේ පුද්ගලික මෙව්වා එකක්. ඒ නිසා ඒක කරනවා. 


කොවිඩ් වලදි ඈත් වෙලා ඉන්න මාස් දාන්න අත් හෝදන්න කියන කොට සහ අපේ ලයිෆ්ස්ටයිල් එක වෙනස් කරගද්දි එහෙම අපි කැමත්තෙන් තෝරාගන්න දෙයක් නෙමෙයි. අපි ඒ කලෙදි කල යුතු කාලාන්තරයක් තිස්සේ බලා හිටපු දේකුත් නොවෙයි. ඇස් පේන්නැතුව ඉද්දි කන්නාඩි දැමනවා වගේ අතිවෙච්චි හදිසි ආබාධයකුත් නෙමෙයි. ඉතින් විය යුතු විදිහටම ලෙඩේ කොච්චර දරුනු වුනත් අපි පිස්සු කෙලින්න ගන්නවා. 


ඉතින් චීනේ දින්න නේ 

චීනේ කියන්නේ පුද්ගල නිදහස කියන එක පරම්පරා ගානක් තිස්සේ මරාගෙන ආපු රටක්. ඒ කියන්නේ චීනයේ ක්‍රමයට විරුද්ධව එක්රැස්වෙන ඒ වෙනුවෙන් පෙනී ඉන්න උන් දශක ගානක් තිස්සේ මරලා මරලා සහ උන්ව මකලා හදලා දැන් ඉන්න උන් ක්‍රමයට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ක්‍රමය මගින් යෝජනා කරන්නේ කුමක්ද? එය කොතරම් අකමැති වුවත් කරන්නට චීන ජනයා බැදිලා ඉන්නවා. මේ ම දේශයක් තුල පාලන කටයුතු ලේසියි. එතැනදි ඉහල මට්ටමේ අයට තිබෙන්නේ ඔවුනවුන් අතර තිබෙන තරගයක් විතරයි. එතනින් එහා ඒ යෝජනා කරන ක්‍රමවේදයන්ට දැඩිව මුහුනදෙන අයගේ විරෝදතා කියන වචන සෙට් එකම චීනෙට අදාල නැහැ. 


චීන්නු නිකං බ්‍රොයිලර් කුකුල්ලු වගේ. උන්ට කන්න බොන්න දෙන එකේ ඉදලා උන් මැරෙන අවස්තාව දක්වා ථීරනය කරන්නේ උන්ගේ මහ උන්. අපි ඇවිල්ලා ගං කුකුල්ලු වගේ. අපි අහුලගත්තොත් අපි කනවා. අපි කොහෙහරි ගිහින් ජෝගියක් දැම්මොත් පොලිසියෙන් ගුටිකන්න වෙනවා. අපිට කැමති නම් සහ අපේ ඇගට ඕනි නම් අපි බිත්තරයක් දානවා. අපි  සම්පූර්ණයෙන්ම රාජ්‍යයේ බැදීම් වලින් නිදහස් නැතත් අපිට මාර නිදහසක් චීනෙට සාපේක්ෂව තියෙනවා. කොටින්ම කෙල ගහන්න එපා කියල තිබෙන තැනක කෙල ගැහුවා කියලා ලංකාවේ ඊයා කියනාව හැර උස්සන් ගිහින් දඩ ගහන් නැහැ. ඒ මහ වල්බූරු ඒත් ආතල් නිදහස තාමත් ලංකාවේ අපිට තියෙනවා. ඒ තියෙන නිසාම අපිට මොන දඩුම දෙනවා කිව්වත් අපේ තියෙන අර නාහෙට නාහන මැඩර ගතිය අරින්ඩ බැහැ. ඒක හොදද නරකද දන් නැහැ. ඒත් ඒක එහෙම ම තමයි. 


ඉතින් අපිට කෙල වෙයි නේහ් 

ඔවු. බොහෝවිට ඔවු. මේක කෙලවෙනවා තමයි. කොරෝනා පැති දෙකයි.එ කක් ලෙඩෙන් මැරෙනවා. අනික කොරෝනා නිසා ඇතිවෙන ආර්තික සමාජ හේතු නිසා මැරෙනවා. එයින් දැන් ආර්තික පස්න ඇවිල්ල ඉවරයි ගොඩකට. මේන්ස්ට්‍රිම් මීඩියා වල ශිෂ්‍යත්වෙ වෙලාවේ අම්මා නැතිවෙච්ච පුතා අඩනවා පෙන්නුවා. ඒත් ඒවායේ පිටරට ගිහින් මිනිහාට කොරෝනා හැදුනට පස්සේ ලමයිට කන්න දෙන්න නැතුව දහ අතේ ණය වෙලා කරකියාගන්න දෙයක් නැතුව ඉන්න ගෑනු පෙන්වන්නේ නැහැ. කොරෝනා නිසා රස්සාවක් නැතුව දඩාවතේ තැන් තැන්වල රස්සා හොයාගන යන මිනිස්සු අපේ නිවුස් වලට අහුවෙන් නැහැ. මැදපෙරදිග රටවල නොහෙක් කැපිලි මැද දුකසේ එන්නත් බැරුව මාස ගානක් දුක් විදින මිනිස්සු අපේ මීඩියා දකින්නේ නැහැ. ඒත් කට වහගෙන නැතුව ගෑනියෙක් වත්ත කෙළවර ලැට්ටකට යනවා දැක්කත් අපේ මීඩියා අපිට ඒක පෙන්වාල අපිට වැරැදි කියා ල බනින්න කෙනෙක් තොරලා පෙන්වනවා. අඩන්න දෙයක් පෙන්වනවා. ඉන් පස්සේ හිනාවෙන්න දේකුත් ඉදලා හිටලා පෙන්වනවා. 


ඒ විදිහට අපිට ඕනි දේවල් දෙන මීඩියා එකකින් පෙන්වනවාට වඩා කොරෝනා මගින් ඇතිවන වක්‍ර බලපෑම් වැඩියි. කොරෝනා කියන එක ආර්ථිකයට ගමේ ඉන්න මිනිහාට බලපාල ඉවරයි. කහ ගන්න එක විතරක් නෙමෙයි කොරෝනා මගින් ඇතිකරල තියෙන අවුලකට තියෙන්නේ. එතනින් එහා ගිය ආදායම් මාර්ග අවහිර වීම ජීවිතේ නන්නත් තාරවීම අවදානමකට ගොඩක් අය මුහුන දීල තියෙනවා. ඉතින් මේ ආර්ථික පස්නය ආවට පස්සේ ඇයෙත් කොරෝනත් එනවා මිනිස්සුන්ට. ඒක මහ කැත වැඩක්. ඒත් ඒක එහෙම වන්නට නියමිතයි. 


කොරෝනා ලෑස්තිය 


අපේ රටේ කෙල්ල ගෙට වුන ගමන් උත්සවේ ගත්ත නේ. වෙන රටවල් ලෑස්ති වුනා. අපි රජය කල යුතු දේවල් යෝජනා කිරීම වැඩක් නැහැ. මොකද රජයක් වුනාම අඩුගානේ ඊලගට එන පස්න මොනවාද කියලා හොයලා ඒ දෙවවල් වලට ලෑස්ති වෙල ඉන්ඩ ඕනි. ඉතින් හතර අතින් සැනකෙලි දාපු රජය දැන් මම හිතන්නේ කොරෝනා වලට ලෑස්ති ඇතිනෙ. අපි බලමු ඉතින්. 


කන්දකාඩු බය 

මුලින්ම කිව්ව වගේ ඒ ඒ ජීවිතයට අදාල වූ බිහේවියර වෙනස් කරන්න අමාරුයි. ලංකාවෙ ්දොස්තර කෙනෙක්ගෙන් ඇහුවොත් මිනිහෙක්ට ඉස්පිරිතාලේ නවතින්න කිව්වාම කොච්චර ඒකට අකමැතිද කියල දැනගන්න පුලුවන්. 


රෝහන බැද්දගේ කන්දේ ලන්දේ ගගුලල්ලේ කියනවා. ඒ සින්දුව ඇහුවම හිතෙන්නේ අඩෝ බැද්දගේ තමයි ඩෑල ඌ ගමේ ඉන්නවා ඇතිය කියලා. ඒත් මේ වෙද්දි බැද්දගෙ ඉන්නේ මාලදිවයිනේ. ඔය හොරනපැත්තේ ගමක හිටියට බැද්දගේ ලොක්කා හෙම අපේ ගංවල උන් වගේ බස් එකේ යන එන හේනේ ඉදලා මල්ල කර තියාගෙන ගෙදර ගිහින් අමාරුවෙන් වාඩිවෙල කහට කෝප්පයක් බොන ඩෑල්ක නෙමෙයි ඇත්තම ජීවිතේ. පොර අර කලාවට අපේ කමට ලැදිය කියලා පොඩි ඇඩ ්එකක් දාල සිංදුවක් කියාල ගානක් කපා ගන්නවා. ඉතින් බැද්දගේ යට කන්දකාඩු හරි වෙන හොටලක් හරි නවතින්න කිව්වනම් ඌඨ ගානක් නෑ. පට්ටාතල් කියලා ඌ නවතී. ඒත් ගමේ ඉන්න සහ සාමාන්‍ය මිනිස්සු ගොඩකට එහෙම නැහැ. ගමේ බුවාල සමහරු ගෙදරින් පිට යන්නත් නිකං මොකද්ද වගේ. 


මේ කන්දකාඩු සහ නිරෝධායන බය නිසා මිනිස්සු දැන් මාර විදිහට ස්ටෙස් වෙලා. සමහරුන්ට තියෙන්නේ ඇත්තටම කෙරෝනා බයක් නෙමෙයි කන්දකාඩු යන්න වෙයි කියන බය. 


ඇත්තටම මට කියන්න ඔනි වුනේ මිනිස්සු සම්බන්ධ තීරන ගැනීමේදී මිනිස්සුන්ට ඒදේ කලේ නැහැ. මේ දේ කලේ නැහැය. මිනිස්සු පුරුදු වුනේ නැහැය. උන් අත හේදුවේ පුක හේදුවේ නැහය කියලා බනින එක කෝචචර සාර්ථක වැඩක්ද? ඇත්තටම එහෙම කොපමණ බැන්නා කියලත් පොදු මිනිහා එහෙම රූල් එකකට හදන්න පුලුවන්ද? ඇත්ත සමහර රටවල් තියෙනවා. ජපානේ වගේ. ජපාන කොරියා රටවල මිනිස්සු කොහොමත් ආචාර ශිලියි නීති ගරුකයි. අපේ ඉන්න ඇම්ඩලා මොන කාලෙත් නලියන ඩෑල්. එයාල ස්වභාවයෙන්ම අර ඉන්දියන් මිනිස්සුන්ට තියෙන පුක් ගිනි ගාය වගේ එකක් එක්ක ඉන්නේ. ඉතින් ඒ නිසා ගෙදරට වෙලා කකා බිබී ඉන්නවා කියන එක මරන්ඩ වගේ වැඩක්. 




5 comments:

  1. අමුවෙන්ම ලිව්වට, කතාව ඇත්ත. වෙනද වගේම හොඳ ලිපියක්. ලිපියෙ මුල් පේලිය කියෙව්වාම මතක්වුනේ ඉකනොමැට්ටාව :)

    ReplyDelete
  2. // චීනේ කියන්නේ පුද්ගල නිදහස කියන එක පරම්පරා ගානක් තිස්සේ මරාගෙන ආපු රටක්. //

    කිව්වට තරහා වෙන්න එපා. උපදෙස් දෙන එක වගේම කිසිම හැදෑරීමක් නැතිව ලියන එකත් නියම ලල් වැඩක් කියලා කියන්ඩ පුළුවන් මේ ගොන් පල හෑලි දක්කහාම.

    ලියන එකා වගේම කියවන උනුත් පට්ට ගොන් නිසා මේවා ඇත්ත කියලා හිතෙන්ඩත් පුළුවනි.

    චිනේ ඔය විදියට මිනී මරනවා කියන්ඩ ඔයාට මොකක්හරි සාක්ෂියක් තියනවාද ? චිනේ මිනි මරනවා නම් ඒ බව පෙන්නනන අපිට එක සාක්ධියක් හරි දිරිපත් කරලා ඉන්න.

    මෙලෝ දෙයක් නැතිව ඔහේ කියවන්නන් වාලේ කියවන්නේ සුද්දගේ ගොන් මාධ්‍ය බලලා ම මොළ හොදගත්ත වහලෙක් වීම නිසා නේද ?

    දිනපොත අන්සතු කරගත්තට කමක් නෑ.

    සියවස් ගානක් ආසියාව හුරන් කාපු සුද්දගේ අසූචි වලින් අපිට කවි ලියන්ඩ හදන්ඩ එපා.


    ඇත්ත කතාව බටහිර රටවල් හැම එකකමැ තියෙන්නේ නයට දුවන බොරු සබන් බෝල ආර්ථිකයක්.

    එදා වෙලා ටුවර්ස්...........ලංකාවේ ආණ්ඩු වගේමයි.

    චීනය ප්‍රමුඛ රටවල අර්තිකස සැබෑශක්තිමත් නිසා ඔවුන්ට කොටසක් වහලා උනත් මිනිස්සුන්ට කන්ඩ දෙන්ඩ පුළුවන්.

    ඇමරිකාව අද රට වහැව්වොත් හෙට ඇමරිකාවෙන් 3/4ක් මිනිස්සු හිගා කනවා.

    මොකද උන්ගේ නයට කන ජිමික් ආර්ථිකය බොරුවක් නිසා. ලංකාවෙත් ඕකම තමා. පහුගිය ටිකේ අපි දැක්කනේ..........

    ඇමරිකාව බොරුවට ඇර අයිතිවාසිකම් කියලා කෑ ගැහැව්වට TV කැමරා ඉස්සරහා උන්ට ජනතාවගේ ප්‍රධානම අයිතිවාසිකම වන ජිවත් වීමේ නිදහස වත් රැක ගන්න බැරි වෙලා..........

    මිනිස්සු මැරනවා කියල දැනදැන මැ වැඩට යන්න වෙලා................

    නියම බෝයිලර්ස් කුකුල්ලු ඇමරිකාව ප්‍රමුඛබටහිරව් රටවල ජනතාවයි.........

    මොකද උන්ට මරණය එනතුරු කබුරන්න සිද්ද වෙලා ජිවත් වීම සදහා...........

    මොකද ජනතා ජිවිත වලට වැඩිය සීමිත පිරිසක් සැපගන්නා ආර්ථිකය රැකියා යුතුයි. ඒ ආර්ථිකය බහුතරයකට දී ඇත්තේ ආර්ථික රැකවරණය නොව කබුරා එදාවේල පිරිමසාගැනීම පමණක් නිසා, අද වැඩ නතර කලොත් හෙට බඩගින්නේ මැරිමට සිදු වේවි.

    මේ මිනිසුන් වසර ගණනක් වැඩකර හම්බ කල ධනය කෝ.........???

    එක තේරුම් ගන්න බැරි තරම් වහල් නේද උබලා ?

    ඒ උනාට උබලා වගේ ගොන්නුන්ට ආල වට්ටම් දාලා දුන්නහාම තේරුම් අරන් තියන විදිය බලපන් කෝ.............උබල පවු............බටහිර මාධ්‍ය වල බ්‍රේන් වොෂ් වහල්ලු............

    කොරෝනා කාලා මැරුණත් වැඩකරපල්ලා.............කැපිටලිස්ට් සිස්ටම් එකේ බෝයිලර්ස් වහල්ලු නෙවේද මේ...........???

    ReplyDelete
    Replies
    1. මෙලෝ දෙයක් නැතිව ඔහේ කියවන්නන් වාලේ කියවන්නේ සුද්දගේ ගොන් මාධ්‍ය බලලා ම මොළ හොදගත්ත වහලෙක් වීම නිසා නේද ?

      දැන් ඔහේට මම චීනේ ගිහින් චීන්නු රාජ්‍ය යාන්ත්‍රණය යොදලා මිනිස්සු මර්ධනය කරන හැටි වීඩියෝ කරලා ගෙනත් දෙන්න ඕනිද? එහෙම ගෙනත් දුන්නොත් ඒ ඇතිද?

      Delete
  3. ලියලා තියෙන්නේ ලෙසටම. හැමොම වැරද්ද සාමාන්‍ය මිනිස්සුන්ට පටවලා අත පිහිදාගන්න එක තමයි කරන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔවු. හරිම ලේසි වැඩේ ඒකනේ.. හරියට වැඩේ ගියාම ඒක අරයාගේ මෙයාගේ.. වැරදුනාම ඒක මහජනයාගේ..

      Delete