Wednesday, November 4, 2020

තල්මස්සු ගොඩට එන්නේ මොනා ගන්නද?

 එක තල්මහෙක් ගොඩ ගහන්න හේතු


යම් රෝගයක් වැලදුනාම හෝ තුවාලයක් සිද්ද වුනාම

·        අයහපත් කාලගුණය නිසා

·        වයසට ගිහින් සෙන්සර් අවුට් ගියාම

·        දිශාව සහ වේගය හසුරුවාගන්න බැරි වුනාම

·        බීච් එක දිහාට එන විදිහට තල්මසුන් දඩයම් කිරීම.

මේ තල්මසුන්ගෙ ජාති දෙකක් තියෙනවා තල්මසුන් දත් තියෙන තල්මසුන් සහ දත් නැති තල්මසුන්. මෙයින් තද් තියෙන සත්මසුන් ලොකු කාන්ඩ පිටින් තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ගෙන් එක කාන්ඩෙකට යම් අවුලක් වුනාම එයාල යම් කරුණක් නිසා ගොඩබිමට එනවා නම් ඒ එකකම ඉතුරු කාන්ඩෙත් එනවා කියලා එක මතයක් තියෙනවා.

කිලර් වේල් කියන තල්මසුන් ආජන්ටිනා වෙරළ තීරයට බොහොම ලගට ඇවිත් තිබුනා එක වෙලාවක දඩයම් කරන්න. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා තල්මසුන් දඩයම් කරනවා නෙමෙයි. තල්මසුන්ට ඕනි වුනා මූද අයිනේ අව්ව තැප තැප වැඩිය ඈතට නොයා ඉන්න සීල් මසුන් දඩයම් කරන්න. ඒකට වහ වැටිලා තල්මසුන් බීච් එක ලගට ආවම එයාලට හිර වුනා.

අති ධ්වනි තරංග

මූද යට කෙරෙන මනුස්ස රාජකාරි ගොඩක් තියෙනවා. මූදේ යාත්‍රා වල දිශාවන් හෛායාගන්න වගේම ඔත්තු සේවාවන් දුර තියෙන සබ්මැරීන සොයාගන්නත් සෝනාර් සංඥා පාවිච්චි කරනවා. මේ සෝනා සංඥා වලින් තල්මසුන්ට සහ සාගර ජීවින්ට දැඩි හානි වෙන්න පුලුවන්. තල්මසුන්ගේ පේශි අක්‍රිය වීම. සහ ඉන්ද්‍රියන්ට පවා මේ සෝනා සංඥාවන් නිසා ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවකට ඒ සංඥා වලින් ගැලවෙන්න තල්මසුන් රංචුව පිටින්ම පිලිසරණයක්සොයාගෙන ඒ සංඥාවේ මූලයෙන් ඉවතට යාත්‍රා කරනවා. ලංකාවට ආපු සීයකට අධික තල්මසුන් ගොන්නෙන් 5ක් මැරුනා. මේ මැරුන තල්මසුන් නිසි ලෙස ගවේශනය කලොත් ඇත්තටම ඔවුන්ට යම් අහිතිකර සංඥා හෝ වෙනයම් උවදුරක් නිසා ආවාද කියලා යම් අදහසක් ගන්නට පුලුවන් වෙනවා.

යධ අභ්‍යාසකක් නිසා ගොඩබැස්සාද?

මේ දිනවල බෙංගාල බොක්ක ආශ්‍රිතව නාවුක යුධ අභ්‍යාසයක් ක්‍රියාත්මක වන බවත් ඒ නිසා මේ තල්මසුන්ගේ සන්නිවේදන කටයුතු වලට බාධා වෙලා තල්මසුන් ගොඩ බෑවා කියලත් මතයක් ඇවිත් තිබනා. ඒත් එයත් හරියටම සනාථ නොකල මතයක්.

ලංකාවෙ පානදුරට ගොඩ බෑවේ පයිලට් වේල් කියන තල්මසුස් ජාතිය මේ ජාතියෙම කාන්ඩයක් ඹීට සති කීපයකට කලින් ඔස්ත්‍රේලියාවේ තස්මේනියානු වෙරලට ගොඩ බැහැල තිබුනා ඒ වගේම 2018 වර්ශයේ මාර්තු මාසෙදිත් ඔස්ත්‍රේලියාවේ බටහිර වෙරළට තල්මසුන් 150කට වැඩි පයිලට් වේල් කියන තල්මසුන්ගේ සයිස් එක අනුව තරමක් කුඩා තල්මස් විශේෂයක් වන මේ පයිලට් වේල් කියන තල්මසුන් ගොඩ බැහැල තිබුනා. ඔස්ත්‍රේලියානු වෙරල තීරවලට පයිලට් වේල් ගොඩ බැහීම එතරම්ම සුලබ දෙයකුත් නෙමෙයි 2008 කලින් වාර්තා වෙලා තිබුනේ 1996 දි. එදා පයිලට් තල්මසුන් 320ක් පමණ ඔස්ත්‍රේලියාවේ ඩුන්ස්බොරෝ වෙරළ තීරයට ගොඩ බැහැල තිබුනා. ඒ කොයිහැටි වුනත් වාර්තා වෙන විදිහට  පයිලට් වේල්  කියන තල්මස් විශේෂය මේ විදිහට සමූහ වශයෙන් බීච් එකට ගොඩ බාලා මියැදෙන්න කැමති සත්තු විශේෂයක්.

තවත් ගොඩ බාපු තැන්

නවසීලන්තයත් මේ තල්මසුන් ගොඩ බෑම සම්බන්ධයෙන් ජනප්‍රිය රටක්. සෑම අවුරුද්දකම නවසීලන්තයේ දකුනු දිවයිනේ එක්තරා වෙරළ තීරයකට ඩොල්පින් සහ තල්මසන් ගොඩ ගහනවා. 2017 අවුරුද්දේ පෙබරවාරි මාසේ ඒ විදිහට ගොඩ බාපු පයිලට් වේල්ස් කියන තල්මසුන් ප්‍රමාණය 400ක් ඉක්මවලා තිබුනා. කිලෝමීටර 5ක් දුරට මේ පයිල්ට් වේල් ලා ගොඩ ගසා තිබූන බව තමයි වාර්තා වෙන්නේ. එ ්නවසීලන්ත වෙරළ ථීරයේ ජීවත් වෙන වයසක උදවියට නම් මේක අලුත් සිදුවීමක් නෙමෙයි. මේ නවසීලන්තයේ ෆෙයාවෙල් ස්පිට් කියන වෙරළ තීයේ බොහොම කාලෙක ඉදන් මේ තල්මසුන් ගොඩ බාන තැනක් කියලා හදුනාගන්න තල්මසන්ගේ ඇටසැකිලි කාලෙක පටන් මේ පැත්තේ විසිරිලා තියෙනවා. ඒ පලාත්වල නවසීලන්තයට සුදු ජාතිකයින් එන්නට කලින් හිටිය ගෝත්‍රිකයින් ඒ තල්මස් ඇට කොටස් වලින් විවිධ ආයුධ නිර්මාණය කිරීම ආභරන සෑදිම ආදී දේවල් කරගෙන තියෙනවා.

නවසීලන්තයට එහා පැසිපික් සාගරේ තියෙන චැතම් දිවයිනට මිට අවුරුදු සීයකට කලියෙන් 1918දි  තල්මසුන් 1,000කට වඩා ගොඩ බැහැලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒක ඉතිහාසයේ සදහන් පැරණිතම සහ විශාලතම තල්මසුන් ගේ ගොඩබෑම විදිහට වාර්තා වෙනවා.

තල්ලු කරල හරියනවද?

මේ තල්මස්සු ගොඩබිමට ලගා වෙද්දි උන්ට උන්ගේ ඉන්ද්‍රිය හසුරුවාගන්න බැරිවෙනවා. මොකද ඉන්නේ උන්ට පුරුදු වතුර තත්වයේ නෙමෙයි නිසා උන්ට උන්ගේ තියෙන පේෂි වාරු නැතිව යනවා. ඒ නිසා ගොඩක්ම වැලි ගෑවෙන වෙරල තීරයට ආවාම ආයේ මිනිස්සුන්ගේ සහායක් නැතුව මේ තල්මසුන්ට මූදට යන්න  අමාරුයි.

තල්මසන් සහ ඩොල්පින් සතුන ්මේ විදිහට ගොඩබාන තැන් බොහෝවිට වෙරල මුහුදට නෙරාගිය කොකු ස්වභාවයක් ගන්නා ස්ථාන බවට පෙනී යනවා. ඒත් එහෙම වුනට හැම මුහුදට නෙරාගිය කොක්කෙකම තල්මස්සු බාන්නෙත් නැහැ. නොගැබුරු මුහුද තියෙන වෙරළ ඉදිරියට කොකු වගේ නෙරාගොස් තිබෙන විශේෂ භූ ලක්ෂන මගින් තල්මසන් සහ ඩොල්පින්ගේ සෝනාර් සංඥා යම් නොමග යැවීමක් සිදුවනවාද කියන එකත් තල්මසුන් ගොඩ බෑම ගැන එක මතයක් වෙනවා. ලංකාවේ පානදුර වෙරළ තීරය එහෙම කොකු ස්වබාවක් ගන්නේ නැහැ. ඒත් පානදුර මෝය කටින් එපිටට ඇති ගල්පරය නිසා බැලූබැල්මට යම් කොකු ස්වභාවයක් ගන්නා තැනක් බවට පේන්න තියෙනවා.

පෘතීවි ගෝලයේ සාධක

 මේ ඩොල්ෆින් සහ තල්මසුන් පාර හොයාගන්නා සංඥා විශේෂයට සූර්ය තරංග සහ පෘථිවියේ චුම්භක ක්ශේත්‍රයේ යම් බලපෑමක් තිබෙන බවට මතයකතු ත්යෙනවා. හිරුගේ සිට එන විවිධ රැස් දහරාවන්ට පෘතිවියේ තියෙන සාගර කලාප සහ පාශාන අහුවෙලා ඒවායේ චුම්භක ක්ශේත්‍රයන් වෙනස් වෙන්නට පුලුවන්. එවිට ඒ අනුව මාර්ගය සකසා ගන්නා ඩොල්පින් සහ තල්මසුන්ට පාර සොයාගන්නට අපහසු  වෙන්න පුලුවන් කියලා මතයකුත් විද්‍යාඥයින් අතර තියෙනවා.

අවසාන වශයෙන් මේ තල්මසුන් සහ ඩොල්ෆින් කිය්නනේ සමූහ වශයෙන් හැසිරෙන වර්ගයක්. ඉතින්මේ සමූහ වශයෙන් දිවි ගෙවන පිරිස අවසාන ගමනත් එකටම යෑමට තීරණය කිරීමක්වේනනට පුලුවන් කියන මතයකුත් තියෙනවා. මේ සමූහ ගොඩබෑමට නිතර ලක්වෙන පයිල්ට් වේල් කියන වර්ගය බොහොම සමාජශීලි සත්ව විශේෂක් ලෙස දැක්වෙනවා. ඒ නිසා එක් මත්සයකු ලෙඩ වුවත් අනෙක් අයත් සපෝට් එකට එනවා වැගි ගතිගුනයක් මුන්ගේ පවතින්න පුලුවන්. එවැනි ගතිගුණ මිනිසුන්ගේ වගේම ඩොල්ෆින් සහ තල්මසුන් වැනි සමාජහීලි බවින් වැඩි සතුන් අතරත් පවතින්නට පුලුවන්.

 කොහෙම වුනත් මේ තල්මසුන් සහ ඩොල්ෆින්වරුන් සමූහ වශයෙන් මිය යෑම කියන්නේ තවමත් හරිහැටි හේතුවක් සොයා නොගත් දෙයක්. ඒත් තල්මසුන් සහ ඩොල්ෆින්ලා මෙසේ වෙරළට ඒම සහ ඇවිත් මියැදීම අලුත් දෙයක් නම් නෙමෙයි.



1 comment: