tag:blogger.com,1999:blog-4885171441544522589.post2691681590788659182..comments2024-03-26T09:15:37.056+05:30Comments on ansathu dinapotha: මැරුනට වතුර ලැබුනද? Amila Chathurangahttp://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4885171441544522589.post-65923144041354892602013-08-08T14:26:09.795+05:302013-08-08T14:26:09.795+05:30මිනිස්සු රොකට් හදලා උඩත් යවලා ඉන් ගොඩාක් දුරටත් ගි...මිනිස්සු රොකට් හදලා උඩත් යවලා ඉන් ගොඩාක් දුරටත් ගිහින් ඉන්න කාලෙක අමිල චතුරංග පඩ ඇරලා උඩ යන්න හදන්නේ ඇයි කියන එක ගැන තමා මම කතා කරන්නෙ.බොරුවට නිදගෙන ඉන්න එකාව ඇහැරවන්න බෑ කියන්නේ කට කහනවට නෙමේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18585278259314879212013-08-08T08:03:39.349+05:302013-08-08T08:03:39.349+05:30//උඹලා පට්ට ගැමියන්ය. කොටින්ම ඉස්සර අපේ තාත්තා සමඟ...//උඹලා පට්ට ගැමියන්ය. කොටින්ම ඉස්සර අපේ තාත්තා සමඟ මා අයිස් පැකට් බොන්නට පුංචි මහත්තයාගේ කඩේට ගිය විට ඇසුන කතාවලටත් වඩා මේ බුකියේ සහ සමහර බ්ලොග් වල දැක්ම පටුය//

හරියට හරි බොහෝ දෙනෙක් තමන්ගේ මතය ඔප්පු කරන්න දගලනවා මිසක් අනිත් මිනිස්සුන්ට ඇහුංකං දෙන්නේ නැ

//මා විශ්වාස කරන්නේ ගමේ බෝක්කු උඩ රැකියාවක් නැතිව ගංජා ගහන උන්, රස්සාවක් නැතිකමට ගාමන්ට යන කෙල්ලන් ලංකාවේ අන්තර්ජාලය භාවිත කරනවා අඩුය.//

එහෙම එකෙක් ආවත් ලැබෙන අවස්ථාවන් ලැබෙන වරප්‍රසාද පිළිගැනීම අඩුයි නේද, අර වැඩිපුර ඉන්න //බොහෝවිට සමාජ සම්මතයන්ට අනුව උගත් පිරිසකි// ''කාණුපණු ගං කබරයො එනව මෙතන ලාබෙට දෙන ඉන්ටරු නෙට්'' කියලා නිකං අලුක්කාලට දාලා නේද බලන්නේ , Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-36818957229672359042013-08-07T19:15:04.488+05:302013-08-07T19:15:04.488+05:30මේ දේශපාලන කේස් නං මන් කතා කරන්නේ නෑ අප්පා .... ද...මේ දේශපාලන කේස් නං මන් කතා කරන්නේ නෑ අප්පා .... දැනට බීමට සුදුසු ජලය මුළු ලෝකෙටම තියෙන්නේ 2% ලු .. ඒ නිසා ජලය ගැන අරපරිස්සමින් කටයුතු කල යුතුයි ..රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-38510787398265172632013-08-07T17:45:30.368+05:302013-08-07T17:45:30.368+05:30පඩ ඇරලා උඩ යන්න පුළුවන් නම් මිනිස්සු රොකට් හදන්න ම...පඩ ඇරලා උඩ යන්න පුළුවන් නම් මිනිස්සු රොකට් හදන්න මහන්සි වුන එක තේරුමක් නැහැ කියලයි මම හිතන්නෙ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-46197878593229723382013-08-07T17:40:39.354+05:302013-08-07T17:40:39.354+05:30ඔය මූලික වියදම අඩුකරගන්න ක්‍රම තිබෙනවා. සාමාන්‍යෙය...ඔය මූලික වියදම අඩුකරගන්න ක්‍රම තිබෙනවා. සාමාන්‍යෙයන් එක් අයකු ලොකු ටැංකියක් ගහනවාට වඩා සමූහයක් විදියට ටැංකි ඉදිකරන එක වාසිදායකයි. ඔය ටැංකි ඉදිකරගන්න මුදල් නැති මිනිසුන්ට අනිවාර්යෙන් ඒකට සහනයක් තියෙන්නත් ඕනි. නමුත් සහනය කියන්නෙ කිසිම වටිනකමක් දැනෙන්න නැතිවෙන්න ටැංකියක් ගේ ඉස්සරහාට මවල දෙන එකනම් නෙමෙයි. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18557404523601806772013-08-07T17:38:01.353+05:302013-08-07T17:38:01.353+05:30වැඩ කල් දැමීම කියන එකත් අත්‍යාවශ්‍ය වැඩ කල් යෑම කි...වැඩ කල් දැමීම කියන එකත් අත්‍යාවශ්‍ය වැඩ කල් යෑම කියන එකත් රටේ පරිපාලන දේහය ඇතුලටම කිඳා බැහැපු දෙයක්. වඩා මනුෂ්‍යයින්ට හිතකර වටපිටාවක් තනනවා වෙනුවට එක් එක් මතිමතාන්තර සහ පුද්ගලයින් ගොඩයන ක්‍රමයක් තමයි අද තියෙන්නෙ.

මෙතනදි ජල සම්පත් මණ්ඩලය දීපු වාර්ථාවක තමයි ජලයේ පී ඇච් අගය අඩුය ඒවා බොන්න නුසුදුසුය කියලා තියෙන්නෙ. ඉතිං ඊට කලිං ඒ වාර්ථාව රරජජයේ රස පරීක්ෂක හරහා ගන්න ඒ ගම්වල ඉන්න මහජන සෞක්‍ය පරීක්ෂකවරුන්ට හැකියාවක් තිබෙන්නට ඕනි.

අපි දැක්කා අවසාන ජවනිකා වල ලංකාවේ ඉන්න ජනප්‍රිය පූජක වරු ජනප්‍රිය මිනිස්සු ඒ සිද්ධියට බැහැල තියෙනවා. ඇයි ඔය වෙඩි තිව්වට පස්සෙ සුව දුක් හොයන්න ගිය, රනිල්, ෆොන්සේකා, මැල්කම් රන්ජිත්, සහ අවශේෂ පොරවල් වලට අර කලිං උද්ඝෝෂණ කරපු වෙලාවෙ යන්න බැරිවුනේ. උද්ඝෝෂනය දිගින් දිගටම මාධ්‍ය වල ගියා. ඒත් හෙඩ් ලයින් එකේ යනකල් කවුරුත් ඒවා ගනන් ගන්නෙ නැහැ.

ඒ වෙලාවෙ ඒ මිනිස්සුන්ගේ බර කරට ගන්න කවුරුත් නැහැ. නමුත් මිනියක් ආවම මිනිය කරගහල ගොඩයන්න මිනිස්සු ගොඩායි.. මොකද මිනියක තියෙන දේශපාලනික වටිනකම වැඩියි. මම මතුකරන කාරණාව වෙන්නෙ සිද්ධිය තුල ඇති පොපියන බුබුලු වලට ලැබෙන ආකර්ශනයෙන් අරික්කාලක් වත් සිද්ධියට යොමුවෙන්නෙ නැති එක ගැන.
Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-73445207161983648692013-08-07T17:28:58.564+05:302013-08-07T17:28:58.564+05:30සාමාන්‍යෙයන් අන්තර්ජාලය ආවට පස්සෙ ඉංගිරිසි බාසාවෙත...සාමාන්‍යෙයන් අන්තර්ජාලය ආවට පස්සෙ ඉංගිරිසි බාසාවෙත් යම් යම් සුලු වෙනස් කම් වුනා. ඉස්සර නිවුස් කියපු බර සාර විදියට දැන් නිවුස් කියන්නෙ නැහැ. ටිකක් කලින්ට වඩා සරලයි. බී බී සී වුනත් එහෙමයි.
අපේ සිංහල බාසාවේ යනවා කියන එක අතීත කාලෙන් කියන්න විධි හතර පහක් තියෙනවා. ගියා, ගියේය, ගියෝය, ගියාය, ගිය සේක ආදි වශයෙන්. නමුත් ඔ්ය කියන මොක යෙදුවත් අදහසේ කිසිම වෙනස් වීමක් මට පේන්නෙ නැහැ. නංගී ගියේය කිව්වත් නංගී ගියාය කිව්වත් ඒ දෙක අතර වටහාගන්න බැරි තරම් විසාල අවුලක් නැහැ. මේ වගේ බාසාවේ කිසිදු අර්ථයක් නොපෙනෙන ව්‍යාකාරණ ආකාර වෙනස් වී කථන බසත් ලිඛිත බසත් මිශ්‍ර ජනයාට කියවන්න ආස හිතෙන තැනකට බාසාව පැමිණිය යුතුයි කියලා මම හිතනවා.

මම ලියන කාරණෘ වල ඇතුලත් දේ මනුෂ්‍යයින්ට මගේ වචන සහ වාක්‍ය හරහා තේරුම් ගන්න පුලුවන් නම් මම හිතනවා එයිට එහා දෙයක් ඕනි නැහැ. එක්තරා කලෙක ලංකාවේ ඉගනගන්න හැකියාව ලැබුනෙ පංසල ඇසුරේ හිටපු යම් කිසි නිළ සහ ධන බලය හිමි පිරිසකට විතරයි. නමුත් අද ඒක හැමෝටම ලැබිලා තියෙනව. ඉතිං අර කලිං අපේ බාසාවෙ තිබුන රාජකිය ගතිය බාසාව ඇතුලෙ තියෙන කටෝර ගතිය ඇරලා අද භාවිතයට සුදුසු වෙන විදියට කස්ටමයිස් කරගත්තට කමක් නැහැ කියලයි මට හිතෙන්නෙ. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-7284753418178569522013-08-07T17:23:47.499+05:302013-08-07T17:23:47.499+05:30දැලිපිහිය වුනත් වැරදි අය අතට ගියාම වැඩේ සවුත්තු වෙ...දැලිපිහිය වුනත් වැරදි අය අතට ගියාම වැඩේ සවුත්තු වෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න ග්‍රාම නිළදාරි මහත්තය, පී ඇච් අය් මහත්තය, පොලිස් නිළදාරි මහතෙක් ඇතුලත් රාමුවක් තියෙනවා. ඒ රාමුව ඇතුලෙ යන්නෙ නැතුව එක එක්කෙනාට හිතුමතේට වැඩ කරන්න ගියාම අවුල් ඇතිවෙනවා. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-28164135504527152362013-08-07T14:40:44.962+05:302013-08-07T14:40:44.962+05:30ඔබ ගැමියා කියන්නෙ කාටද?
සියලු සමාජ ආයතන කුණුවී ඉහ...ඔබ ගැමියා කියන්නෙ කාටද?
සියලු සමාජ ආයතන කුණුවී ඉහඳ පනුවන් ගසා ඇති වකවානුවක තුවාලය දෙසට වඩා තුවක්කුව දෙස , උණ්ඩය එවිමට අණදුන් එකා දෙස නිවැරදිව බැලීම වඩා නිවැරදි නොවේද?
මේ තුවක්කු නිහඬ කල යුතුයි. තුවාලෙට විතරක් බෙහෙත් කරලා වැඩක් නෑ. නිහඬව හිටියොත් ඔබට හෝ ඔබේම අයෙකුගෙ ඔලු කට්ට පසාරු කරගෙන වෙඩි උණ්ඩ ගමන් කරයි. ඔයා හෙන පට්ට නාගරිකයෙක් වගෙ කතා කලාට ඔයත් හොඳ ගම් මැට්ටෙක් තමා. එක නිසා තමා වැලිවේරියේ ප්‍රස්නෙ ඔයාට වතුර සම්බන්ධ ප්‍රස්නයක් විතරක් වෙලා වැහි වතුර ටැංකි විසඳුම් ගැන කතා කරන්නෙ. එහෙම නැතිනම් ගම හම්බන්තොට නිසා ඇඳුම් ඇන්ඳට ලැජ්ජාව නැතිව ඇති.
ලංකාවේ නොවේ ලෝකේ ඕනම රටක සිදුවෙන බොහෝ දේ දේශපාලනිකයි. ලෙනින් දිනලා සාර් රජ පෙලපතේ නොදරුවෝ පවා මරා දාන්නේ ඇයි? අනිත් උන්ට ඔලුවට වෙඩි තියාගෙන යටත් නොවී ජීවිත පූජා කරන්න නියෝග දීපු චේ ගූ වේරා ඔහුව නොහඳුනන සොල්දාදුවෙකුට` මම චේ., මාව උඹලට වටිනවා ` කියලා ටික වෙලාවකට හරි පණ බේර ගත්තෙ ඇයි?
ඒ විදියට බලද්දි අදටත් ජීවතුන් අතර ඉන්න විජේවීර දරු පවුල හා ඝාතනය වූ ආර්. ප්‍රේමදාස පිලිබඳව අප දේශපාලනිකව කියවිය යුත්තේ කෙසේද?
වැලිවේරියෙ පටන් ගත්තේ වතුර ප්‍රශ්නයක් තමා. එත් ඒක අවසාන වෙලා තියෙන්නේ අපේ රටට විතරක් නෙමේ. මුලු ලෝකයටම බරපතල අනතුරු ඇඟවීමක් ඉතුරු කරමින්.
උතුරේ යුද්දයේ අවසාන කාලයේදි මනුෂයත්වයට නිගා දෙන බොහෝ දේ සිදු වී ඇති බව ශ්‍රී ලාංකීක සිංහලයෙකු ලෙස මා පිලි ගන්නවා.අප ශිෂ්ට සම්පන්න ජාතියක් නම් කල යුතුව තිබුනේ එම වැරදි පිලිබ්ඳව ඉතාමත් විනිවිද භාවයෙන් යුත් පරික්ෂණයක් සිදු කර වරදකරුවන්ට නිසි දඳුවම් පැමිනවීමයි. එහෙත් බොහෝ වැරදි සිදු වී ඇත්තේ ඉහලම අයගේ සෘජු නියෝග යටතේ බැවින් තමන් විසින් තමන්ටම වෙඩි තබා ගත නොහැකි කමේ හෙවත් කෑදරව රස බැලූ බොජුනක දිරවාගත නොහැකි කරුමය පලකයින් ගෙවමින් සිටී.
ඔවුන්ගේ කරුමය අපට නම් කමක් නැත. එහෙත් වැලිවේරියේදි ඔවුන් අත්හදා බැලුවේ උතුරේ යුද්දයේදි කටයුතු කල ආකාරය දකුනට ආදේශ කල හැක්කේ කෙසේද යන්නයි.
ගම් මැට්ටා වන මගේත් , නගර මැට්ටා වන ඔබගේත් හිස මත හෙට දිනයේ කඩාපාත් වෙන හෙණ ගෙඩිය එයයි. ඔබගේ, මගේ බිරිඳ, දුව දූෂණය කර මරා පයින් ගසමින් විනෝද වන ෆෝන් වීඩියෝ ක්ලිප්ස් ලොව පුරා සැරි සරන ඇරඹුමක තිඹිරිගෙය වැලිවේරියයි.
ඔබ වැලිවේරිය සිදුවීම වෙනුවෙන් වැහි වතුර ටැංකි විසඳුම් සොයමින් ඉන්න. එයින් එක් ටැංකියට පැන දිවි නසා ගැනීමට හැකි වුවහොත් එයද වාසනාවකි. මන්ද මිනිමරු රෙජිමයෙ කුලී හේවායන් ඔබට නිදහසේ සියදිවි නසා ගැනීමටද ඉඩ නොදී සිටිය හැකි බැවිනි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-82480285499226562712013-08-07T12:37:39.152+05:302013-08-07T12:37:39.152+05:30වැසි ජලය එකතු කරගැනීම සඳහා කලයුතු මූලික වැඩකටයුතු ...වැසි ජලය එකතු කරගැනීම සඳහා කලයුතු මූලික වැඩකටයුතු වලට යන වියදම ගැන ඔබ දන්නවාද?.එදා වේල අපහසුවෙන් සරිකරගන්න මිනිසුන් මේ මුදල් සපයා ගන්නේ කෙසේද?.මේ ජනතාවට එරෙහිව කලේ මුළුමනින්ම අපරාධයකි.එය කිසිසේත්ම සාධාරණී කරණය කල නොහැක.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-39323221957715330072013-08-07T06:11:08.517+05:302013-08-07T06:11:08.517+05:30ඔබ විසින් ඉදිරිපත් කර අැති අදහස් ඉතා කාලෝචිත බව ...ඔබ විසින් ඉදිරිපත් කර අැති අදහස් ඉතා කාලෝචිත බව මම දපිලිගනිමි. නමුත් ඔබ විසින් අමතක කර අැති කරුණ නම් මෙම ඛේදවාචකයට වගකිවයුත්තන් පිලිබදව සදහන් නොකිරීමයි. මෙය ස්වාභාවික සිදුවීමක පුතිඵලයක් නම්, ඔබ විසින් අන්තර්ජාලය භාවිතාකරන්නන් හට "උඹලා පට්ට ගැමියෝ" යයි සමච්චල් කිරීම සාධාරණ වියහැක.(මෙහිදී "ගැමියෝ" යනුවෙන් අදහස් කරන්නේ "නූගත්" යන්න මිස ග්‍රාමීය පලාතක ජීවත්වන්නා නොවේ.) මෙම සිදුවීම් මාලාවම මිනිස් ක්‍රියාකාර කම් වල ප්‍රතිඵලයන්ය.
මිනිසුන් ඒ පලාතේ පදිංචං වී සිටීම.
ඒ වැනි පරිසරයක ජීවීන්ට අහිතකර අපද්‍රව්‍යය පිට කරන කර්මාන්තශාලාවක් පිහිටුවීම.
වගකිවයුතු අායතන වලින් ඒ සදහා අවසර ලබා දීම.
අපද්‍රව්‍යය පිටකිරීමේදී අනුගමණය කලයුතු ක්‍රමවේදය නොසලකා හැරීම.
පලාත්වාසීන් විසින් තම ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වී අැතිබවට කරනලද පැමිණිලි නොසලකා හැරීම.
ඉන්පසුව ජනතාව දිනකහිපයක් පුරා සාමකාමී උද්ඝෝෂණ වල නිරතවීම සහ ඒයද නොසලකා
හැරීම.
අධිකරණ්ය විසින් කර්මාන්තශාලාව වසාදැමීම පිලිබදව තීන්දුවක්දීම දින 22න් කල්දැමීම.(උද්ඝෝෂණය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීම අැරඹෙන්නේ ඒ අධිකරණ තීන්දුවෙන් පසුවය.)
ජනතාවගේ ඒදිනෙදා මූලික අවශ්‍යයතාවයක් වන ජලය පිලිබදව බලධරයින් විසින් ක්ෂනිකව ගතයුතු ක්‍රියාමාර්ග අතපසු කිරීම.
උද්ඝෝෂණය විසුරුවා හැරීමට පෙර සාකච්චා මට්ටමින් විසදීමට කිසිදු වගකිව යුත්තෙකු ඉදිරිපත්නොවීම.
සාකච්චාවනට යයි කියමින් අාරක්ෂක ලේඛම් වරයා ඉදිරිපත්වීඹ හෙවත් බල්ලාගේ වැඩේ බූරුවා කරන්න යාම.
ඉන්පසු අැති වූ අවාසනාවන්ත සිදුවීම්.

ඉහතසදහන් සියළු සිදුවීම් මිනිස් ක්‍රියාකාරකම් නිසා ඒ තුලින් අහිතකර ප්‍රතිඵල අැතිවන ක්‍රියාකාරකම් වලින් වැලකී සිටියානම් මෙහි අවසානය මෙතරම් අනවේදනීය නොවනු අැත.

හැරීම.
keerthi rateralahttps://www.blogger.com/profile/15895245192460491501noreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-18761754561560752672013-08-06T23:01:09.099+05:302013-08-06T23:01:09.099+05:30Mama Ansathu Dinapoth itha aashawen kiyawana blog ...Mama Ansathu Dinapoth itha aashawen kiyawana blog ekaki.Kese wuwada,mehi bhawitha karana bhashawe uktha akyatha sambandhaya anthimay.Ese wanne Chathuranga eya wuwamanawenma nosalaka hara nam ,eya ohuge aythiyaya.Mak nisada,meya ohuge blog eka bawini.Maa keewemi,Maa keeweya,Api kiyaay,Maa wisin kiyay ,Manushyan wethi,Owun karay....,mewa waradiy! Mama keewemi,Api kiyamu,Maa wisin kiyana ladee,Owuhu karathi,Manushyayo karathi.Ape bhashawa apita aadambarayak neda?Meya constructive criticism ekaki.Sthuthiy!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4885171441544522589.post-59564601527786200232013-08-06T18:17:22.109+05:302013-08-06T18:17:22.109+05:30පිස්සු නම් කතාකරන්න එපා වැහි වතුර එකතු කරන්න.තනිකර...පිස්සු නම් කතාකරන්න එපා වැහි වතුර එකතු කරන්න.තනිකරම චින්තනයට විරුද්ධයිනෙ මොකද ඒකට වැහිපීලි දාන්න වෙනව ඒකෙන් ඩෙංගු මදුරුවො බෝවෙනව.වතුර නැතුව ඉන්නව වගෙද ඩෙංගු හැදිල මැරෙන්න වුනොත්.වෙන ඒකක් තියා තව ටික දවසකින් රම්පෙ වවන එකත් තහනම් කරයි හෝ දඩ ගහයි.Anonymousnoreply@blogger.com