Friday, February 10, 2012

ටී එම් ගේ අලුත්ම සින්දු දෙක (T M's New Songs)

ගීත රචනය :- ශ්‍රී බෝධිරාජාරාමාධිපති ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය කොලොන්නාවේ නාරද හිමි.
ගායනය :- ප්‍රවීන ගායක ටී එම් ජයරත්න.
තනු නිර්මාණය :- එල්මෝ ප්‍රසන්න
සන්සුන් ගමනින් වඩිනා වූ..
මවුනි ඔබ මුතු මැණික් වෙහෙරකි සදා කල් සිත සනසනා.

මේ සින්දු දෙක හදන්න හාමුදුරුවො ගොඩක් මාන්සි උනා. ඒ වගේම මේ සින්දුදෙක ඇත්තටම ලස්සනයි. හොඳ තනුවක් තියෙනවා. එල්මෝ ප්‍රසන්න කියන්නෙ ජනප්‍රිය කලාකරුවෙක් නම් නෙමෙයි. ඒත් මේ වැඩේදිනම් එල්මෝ අයියගෙ එල් බෝඩ් ගතියක් පේන්නෙ නෑ.
 මේ සින්දු දෙක හදන්න හාමුදුරුවන්ටයි ඒ දායක මහත්වරුන්ටයි රුපියල් හැත්තෑදහසක් විතර වියදම් වෙලා තියනවා. මේ සින්දුවට ගායනය සපයපු ටී එම් ජයරත්න මහත්මය රුපිය්ල තිස්දාහක් තමයිමේ සින්දුව ගායනා කරන්න අරන් තිබුනෙ. හොඳ ප්‍රවීන ගායන ශිල්පියෙක් රුපියල් පනස්දාහක් ඉල්ලල තිබුන. ස්ටුඩියෝ එකට රුපියල් විසිදාහක් විතර වියදම් වෙලා තියෙනවා. තව ඉතින් සංගීත සපයන අයටඒ අයටත් රුපියල් විසිදාහක් විතර වියදං..

 මේ සින්දුව රචනා කලේ හාමුදුරුවො නිසා සංගීතයටයි ගායකයටයි තමයි වියදම් උනේ. වැරදිලා හරි කෙනෙක් ආධුනික ගායකයෙක් උනොත් අනෙක් දෙන්නට ඒ කිව්වෙ ගීත රචකයටයි සංගීතයටයි ගෙවන්න වෙනව. ෂිහාන් මිහිරංග, ක්ලැරන්ස් විජේවර්ධන සහ රූකාන්ත ගුණතිලක වැනි අසාමාන්‍ය හැකියා තියෙන කලාකරුවෙක්ට ඇරෙන්න ගීත සම්බන්ධ හැකියාව තියෙන අයට ඉදිරියට යන්න අපාසුයි මේ තියන තත්වය අනුව. මෙතන කෙනෙක් හිතන්න පුලුවන් ටී එම් මහත්මය ගත්ත ගාන වැඩියි. ඒක නෙමෙයි වෙන්න ඕනි හාමුදුරුවන්ට සල්ලි ගෙවන එක කියල.. ඒත් ඉතින් එහෙම කියන්න ගියොත් හෙම ටී එම් මහත්මයට එන ආරාධනා එක්ක එතුමට සින්දු දහයක් විස්සක් දවසට කියන්න පුලුවන් වෙයි. අනික මේ විදියට අලුත් සින්දුම කියන්න ගියොත් ඒ අයගෙ පැරණි සින්දු වලට යන කලදසාව මොකක්ද?
     උදාහරන විදියට වික්ටර් රත්නායක මහත්මය සින්දු එකසිය ගානක් කියල තියෙනවා.ඒ අතර සාමාන්‍යන් නොඇසෙන ගීත ගොඩක් තියෙනවා. ඉතින් මේ වික්ටර් මහත්මය අලුත් සින්දු කියනව කියන්නෙ පරණ සින්දු ටික යට යන්න හේතුවක්. ඉතින් මේ ගායකයින්ට තමුන්ට අවැසි විදියෙ කලා ජීවිතය ගෙනියන්න සහ ආර්ථිකමය අතින් වාසි ගන්න ඒ අය ගායනා කල සින්දු ටික විතරක් උනත් ඇති. ඒ නිසා තමයි මම හිතන්නෙ මේ ප්‍රවීන ගායකයින්ගෙ නව සින්දු ඒම ප්‍රමාද වෙන්නෙ..


      මේ සින්දු දෙක එලිදක්වන්න පොඩි උත්සවයක් ශ්‍රී බෝධිරාජාරාමයේදි තිබුන. ඒ උත්සවයට ජනප්‍රිය ගායිකාවක් ආව..ඇගේ නම මේඛලා ගමගේ. මේඛලා ඇවිත් තිබුනෙ ඇගේ අම්මා සහ වෙනත් යහලුවෙක් සමඟ. ඇය තංගල්ල මිද්දෙනිය පැත්තෙ. ඇගේ වාසනාවට ඇගේ ඇස් දෙකම අන්ධ වුනා. නැත්තං මිද්දෙනියෙ ලස්සන පොත්ත රතු නැති ගෑනු ලමයෙක්ට ජනප්‍රිය සින්දුවක හිමිකාරිනියක් වෙනව කියන්නෙ හීනයක්..
ටී එම් මහත්මයත් බොහොම නිහතමානි කෙනෙක්. තෑග්ගක් දෙන්න කලින් ඔන්න ඉතින් එතුමාගේ ගුණ කථනය යනව. එතුම හිමීට පිටිපස්ස හැරිල ඉස්සරහ ඩෙකරේට කරල තියෙන ගල් කණුවක් පෙන්නල..මේ කියන විදියට ලොකු වටින තෑග්ගක් වගේ දෙන්න යන්නෙ අර ගල් කනුව වගේ ලොකූ සයිස් එකක් උනොත් එහෙම මගේ වාහනේ දාගෙන යන්නත් බැරිවෙයි කිව්ව. ආ තව දෙයක් ටී එම් මහත්මයට තියෙන්නෙ නොකිය 3310 වර්ගයේ ස්මාට් ෆොන් එකක්. ඇත්තටම මරු ෆෝන් එක. මාත් හරිම ආස ෆොන් ජාතියක්. 
මේ සින්දුව ලියපු හාමුදුරවන්ගෙ අදහස වෙලා තියෙන්නෙ ගීතය ඔස්සේ කවිය ඔස්සේ ධර්මය ගැන සාමාන්‍ය ජනයාට භක්තියක් ඇති කිරීම..ඒකත් නිර්මාණ ශීලි ප්‍රවේශයක්. මේ වැඩේට අලුත්කඩේ උසාවියට සම්බන්ධ පාර්ශව වලිනුත් යම් යම් උදව් ලැබුනා.

8 comments:

  1. සිංදු දෙකම ඇහුවා... පළවෙනි පාරින්ම ඉවර වෙනකල්ම අහන්න හිතෙනවා...

    ReplyDelete
  2. දෙවෙනි එකනං ටිකක් විතර හොඳයි පළවෙනි එකට වඩා. කොහොම උනත් ඉදිරිපත් කිරීම හොදයි...

    ReplyDelete
  3. බාගන්න බැරි වෙයිද? අළුත්ම සිංදුනං නොමිලෙ බාගන්න එක වැරදියි.

    ReplyDelete
    Replies
    1. තව දවස් දෙක තුනකින් මේක ඩවුන් කරන්න ඇක්සෙප්ට් කරන්නං..එතකං පොඩ්ඩක් ඉවසන්න....මේ තියෙන්නෙ එම් පී ත්‍රි ෆෝමැට් එකෙන්...ඔරිජිනල් එක නම් තියෙන්නෙ වේව් වලින්..එහෙම්ම දැම්මනම් ලෝඩින් කේස් නිසා මේම දැම්මෙ..

      Delete
  4. අහන්නම්.. ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් තුමා ඔටෝම ඇවිත් ඇහුව ඩවුන් කරමුද කියල. මම හා කිව්වා..

    ස්තුති.. !

    ReplyDelete
  5. මාත් කැමති ගායකයෙක් නෙ....

    ReplyDelete
  6. බෙදා ගත්තට පිංසිදු වේවා..! ඔන්න මාත් ශෙයාර් කොළා..

    ReplyDelete
  7. අතටම කාලෙකින් ඇහුව හොද සින්දුවක්

    ReplyDelete