Tuesday, June 23, 2015

ජොලි ජීවිතං

වැඩිහිටියන්ට වඩාත් සුදුසු වෘත්තාන්තයකි..

ඔහු ඇය නම්මාගන්නට වැර වෑයම් කලේය..ඇය ඔහුව තදින් ප්‍රතික්ෂේප කරමින් ඔහුව තල්ලු කරයි. ඔහු නැවත පිබිදී ඇයගේ තොල් වලට හාදුවක් දෙන්නට වෙහෙසෙයි එවරද ඔහු පරාජය විය.
දැන් ඔහු ඇඳමත වැතිරී ගිමන් හරී..ඇය ඇදේ පසෙක සිට ඔහු සිටින පැත්තට පිටුපා සිටී...
අනේ ...මලිත්..ඔයා බබෙක් වෙන්න හදන් එපා.. ඔයා දන්නවනේ මම ගැන හොදටම. මම ඕකට නෙමෙයි ඔයාව හමුවෙන්න ආවෙ.. මං මේ බදුලු ආවෙ වෙන වැඩකට..ඒ ගමන් ඔයාව බලල එන්නයි ආවෙ.. ඒ ඇවිනුත් ඔයාගෙ නමට හානියක් වෙයි කියල හිතලයි වෙනම කාමරයක් අරගෙන ආවෙ..
ඇවිත් නිකම්ම ඉන්න බැරි නිසා බියර් ටිකක් ඕඩර් කලා..දැන් ...
දැන්.. ඔයා බියර් පොඩ්ඩක් බීල මාව පෙරලගන්න හදනවා..
මොනවද මලිත් ...ඔයාට ලැජ්ජ නැද්ද?
සන්ධ්‍යා ඇසුවාය..

හුම්.. ඔයා ගෑනියෙක්...මම පිරිමියෙක්..තාම 40හවත් නොවුන පිරිමියෙක්..මම ඉන්නෙ කාමරේක ඔයත් එක්ක තනියම...තනියෙම ගෑනු පිරිමි දෙන්නෙක් එකතු වුනාම.. පිරිමියා ගෑනිට බලහත්කාරකමක් කරන්න හදනවා..
අනික ඔයා ලස්සනට කිව්වට..ඔයා දැන් හේතු හැටක් විතර හදන් හිටියට ඔයා බදුලු ආවෙ මාව බලන්න.. මාව බලන්න බදුලු ඇවිත්..වෙන අයට පේනවට කාමරේකටත් ඇවිත්.බියරුත් බීල එලියට ගියාම මේක දකින ඕනි කෙනෙක් හිතන්නෙ කාමරේ ඇතුලෙදි මම ඔයාට අහම කරයි කියලා..
කවුරුවත්..අඩුතරමෙ මේ ගෙස්ට් එකේ අයිතිකාරයවත් අපි මගදි දැකපු කස්ටියවත්..හිතයිද අපි දෙන්න මේක ඇතුලට ඇවිත් කතා කරල ඉදල යයි කියල..?  නෑ..
කොටින්ම මගේ යටි හිත කියන්නෙ ලස්සනට සුදට රතුපාටට දිලිසි දිලිසි තක්කලි ගෙඩිය වගේ ඉන්න ඔයාව පෙරලගෙන ඔයාට අතවර කරන්න කියලා.. අනික ඔයාත් මට කැමති ඇති..
ඉතිං දැන් කලා හෝ නොකලා මගේ යෂ්ඨිය දැන් ඔයාට හුවමාරු වෙල ඉවරයි...ඒක ලෝකයා අනුව බැලුවාම ලෝකයාගේ සීයට අනුනවයක් හිතන්නෙ මම ඔ්‍යාව පෙරලගෙන පෙරලාම පහර දෙන්න ඇති කියලා..
මලිත් කියවන්නට විය.. 


කවදාවත් මලිත් ඔයා ආදරේ කියන දේ දන්නෙ නෑ.. හැගීම් තේරුම ්ගන්නෙ නෑ..ඔය කියන වනචාරී උවමනාවට උඩින් කොච්චර දේවල් තියෙද කියලා ඔයා තේරුම් ගන්නෙ නැහැ.. ඔයා මුල ඉදලම හිතන්නෙ මම ඔයාට ආස වෙන්නෙ ඔය උවමනාව නිසා කියලා..
සමහර විට ඔ්‍යා යන මසාජ් වල ඔයා හම්බෙන්න යන ගෑනු ඉන්න තැන්වල ගෑනු හිතන්නෙ ඒම නිසා ඔයත් එහෙම හිතනව ඇති.
එතනින් එහාට ගෑනියෙක් ගැන ඔයාට කිසිම අදහසක් නෑ මලිත්..කොටින්ම ගෑනියෙක්ගේ අවශ්‍යතාවය ගැන ඔයාට අවබෝධයක් නෑ මලිත්.. ඔයා හරිම භෞතික වාදියෙක්. ඔයා පණ්ඩිතයෙක්..ඒත් ඔයා කරන්න හදන මෝඩ තකතීරු අමන වැඩ ඔයාම ඔයාගේ පණ්ඩිත කම් වලින් වහන්න යනවා.
ඔයා දැනගන්න ඔයා මගේ සහෝදරයෙක් වගේ බාල කෙනෙක්..මම ඔයාගේ අක්කි කෙනෙක් වාගේ.. මං ඔයාට දෙන්න අද ශර්ට් එකකුත් ගෙනාවා..
මේ බලන්න..

සන්ධ්‍යා මලිත්ට ෂර්ට් එක පෙන්වයි..
මට කෙහෙම්මල් ෂර්ට් එකෙන් වැඩක් නෑ සන්ද්‍යා.. දැන් ධර්මය අනුවත් අපි වැරදි කාරයො වෙල ඉවරයි..නේ.. චේතනාහම් බික්කවේ කම්මං වදාමි නම් මගෙ චේතනාව දැන් ඔ්‍ය ෂර්ට් වත් ඔ්‍යාෙග් මිනිහ ඉද්දි තැන් තැන්වල ලගින්න යන ඔයාගේ පිවිතුරු ආදරේ වත් නෙමෙයි..මට ඕනි ඔයාත් එක්ක විනෝද වෙන්න.. මේ ලෝකෙ ගොඩක් පිරිමි ආස ලස්සන ඝෑනුන්ගෙන් එහෙම දෙයක් ..එහෙම නැතුව පැද්දෙන උකුල කරත්ත රෝදෙ වගේ..තන් හන්සයො වගේ කියලා උපමා කිව්වෙ කරත්තෙන් හංසයො ගෙනියන්න හදපු හාමුදුරු නමක් නෙමෙයි.. එයාට කෙලින්ම වර්ඩ් එක දාන්න බැරි නිසා කලාව දැම්මා..
බාගෙදා  මගේ කලාව ඔයාට හරියන් නැතුව ඇති. ඒකනේ මේ අවුරුද්දක් විතර ඔයාට බැලමෙහෙ කරලත් ඔයා තාම නැමෙන්නෙ නැත්තෙ..
මලිත් ඇසුවේය..

සන්ධ්‍යාෙග් ඇසට කදුලක් ආවේය..
හරි මලිත් මං යන්නම්..මං කවදාවත් ආයිත් ඔයා බලන්න එන්න හිතන් නැ..ඔයා මම ගැන වැරදියට හිතාගෙන ඉන්නෙ..
මෛහම කිව්වට මලිත් මට ඔ්‍යාව අමතක කරන්න අමාරුයි.. වෙන හේතුවක් හරි දාගෙන ඔයා දකින්න එන්නමයි හිතෙන්නෙ..ඒත් ඔයා කියන ජාතියෙ වල් අදහසක් මගෙ නෑ.. ප්ලීස් මලිත් තේරුම් ගන්න..
සන්ධ්‍යා කියාගෙන යයි.. 

හරි හරි..දැන් පැනගෙන යන්න ඕනි නැහැ.. ඔයාට මාව ඕනි නැත්තං හරි මාව ඕනි මගෙන් සැප ඕනි නැත්තං හරි ඕනි ඔප්ෂන් එකක් එකයි මට.. මට උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි.. මෙ ගෙනාපු ඒව කන්න..ඔයාට ඕනි නම් ෂවර් එකක් දාගෙන එන්න..
අනේ මන්දා.. මට තේරෙන් නෑ සන්ධ්‍යා අපි බාගෙට සතුටු වෙලා මෙහෙම ලපටි ආදර කතාවක් තියං යන එකේ තේරුම.. ඒත් ඔයා ආස නම් මට කමක් නෑ.. මලිත් කීවේය..

කාමරය පුරා නිහඩතාවය රජ කරන්නට විය..
කොළඹ ඉදල ඇවිත් අමාරුයි..මං වොෂ් එකක් දාගෙන එන්නම්.. කොහොමත් හෙට නේ යන්නෙ..අපිට ඩිනර් එකට යන්න තැනක් තියේද මලි?
ම්ම්..මෙහෙ නම් ඉතිං වැඩි හොද හොටෙල් නෑ කොළඹ වගේ...අපි කෝකටත් රවුමක් දාමු.. ඩයිවරේට රෙස්ට් කරන්න කියාල ඔයාට පුලුවන් ඩ්‍රයිව ්කරන්න...නේද ? සන්ධ්‍යා..
මලිත් ඇසුවේය..

අනේ අනේ..මෙහෙමත් පිරිමි..ඇත්තටම මලිත් ඔයා ලයිසන් ගත්තට තාම වාහනයක් එලෝලම නැද්ද? සන්ද්‍යා අසන්නට විය..
දන්න කියන කාලෙ ඉදලා ලයිසන් එක සාක්කුවෙ..වාහන ලගින් යනවා එච්චරයි.. තාම එලවන් න හදනවා..වාහනත් තියෙනවා..ඒත් මොකක් හරි අවුලක්.. මලිත් එය අදිමින් කිවේය..සන්ධ්‍යාට එහි යට අරුතක් තේරුම් ගියාය..නමුත් ඇය බාත්රුම් එකට පිටත්ව ගියාය.
ඇය ඇගපත පිරිසුදුව ආවාය..මලිත් ඇදමත දිගාවී සගරාවක් කියවයි..
සන්ධ්‍යා ඇදමත දිගාවූවාය..සන්ධ්‍යා මලිත්ගේ අතක් ගෙන එහි ඇගිලි ගනින්නට විය..මලිත් තවම සගරාව කියවයි.
මලි...ත්..?
මොකද නිකං තරහ වෙල වගේ.. අනේ වෙනද වගේ ඉන්නකෝ.. මොකද්ද හලෝ..
සන්ධ්‍යාට කිසියම් අමුත්තක් ඇති ආකාරයක් පෙනෙයි..
හැමදාම එකම වගේ..කිසි වෙනසක් නෑ.. අනේ මන්දා.. හරි දැන් තියෙන්නෙ ඔයාට මගේ පපුව අතගාන්න. ඉන් පස්සෙ මාව බදාගන්න. ඉන් පස්සෙ මම ඔයාට ලිප් කිස් එකක් දෙනවා..ඉන් පස්සෙ ඔයා ටික වෙලාවක් යනකල් ඒක විදිනවා..

ඉන් පස්සෙ බෑ මලි අනී බෑ කියලා අහක බලනවා..
අදත් ඒමම තමයි.. පොඩ්ඩක් ඉන්න මං එන්නම්..
මලිත් කියවාගෙන ගියේය. ඔහු මැගසිනයෙන් ඇස් ඉවතට නොගත්තේය..
මලිත් අපි බබාල නෙමෙයි..මට දැනුවත්ව වරදක් කරන්න බෑ..මම කසාද බැදපු ගෑනියෙක්..මට එයා කිසිම වරදක් කරලා නැහැ..එයාට මාව බලන්න වෙලාව ක් නැතුව ඇති..ඒ්ත මට කිසිම වරදක් කරන්නෙ නැති එයාට මට පිටුපාන්න බෑ,.සන්ධ්‍යා කටපාඩම් කරගත්තාක් වැනි වාක්‍ය පේලියක් කියවන්නට විය..

හපෝ අති ඇති..මලිත් වහා සගරාවේ කොලයක් නවා.. පසෙකින් තැබුවේය... මලිත් ඇය කිස් කරන්නට පටන් ගත්තේය.. එය හාදු කිස් එකක් නොව ප්‍රංංශ ජාතියේ කිස් එකක් විය..විනාඩියක් දෙතොල් අතර ඝට්ටනයත් දිවවල් වලින් කරන චලනයනුත් දිගට පවතින්නට විය..
හරි දැන් ඇති...නේ..මෙතනින් එහාට ගියොත් ඔයා ගේ පතිවත නැතිවෙනවා..ඒ නිසා මෙතනින් නවත්තමු..
හහ් හහ් හා.. මලිත් රුදුරු වෙසින් සිනාසෙන්නට විය... 

ඔයා හොදයි..ඒත් වෙලාවකට යකෙක්ටත් වඩා නපුරුයි..නරුමයි.. ඇත්තමයි.. මං මේ කැමති වුනාට ඔයා කෙල්ලෙක් කැමති වෙන්නැතුව ඇත්තෙත් ඔ්‍යාෙග් තියෙ න මේ නපුරු කම් වලට තමයි.. ඇත්තමයි..
සන්ධ්‍යා මලිත්ට මෘදු ලෙසින් සෙමෙන් චෝදනාවක් කරන්නට විය.. 

දෙවනි කොටස හෙට 

5 comments:

  1. අපරාදෙ රූම් එකට ගෙවපු සල්ලි

    සුපියල් පා කේවා ...

    ReplyDelete
  2. සමහර කාන්තාවන් ගේ සමහර වැඩ තේරුම් ගැනීමට අමාරුයි!

    ReplyDelete
  3. ගෑණු කවද්ද හිතේ තියෙන දේ කෙලින් කිවුවෙ........

    ReplyDelete
  4. බුහැක්
    අමිලයත් ඉදල ඉදල නැට්ටටම වෙඩි තියනව නේහ් හිහි

    ReplyDelete
  5. මරු නේ... ලිංගිකත්වය මතින් ගැහැණියකගේ අදහස් මොන වගේ වෙන්න ඕනද කියල ඔලුප්පනවා.. දෙක නැතිවත් මට මේක හොදයි.. ජය

    ReplyDelete