Saturday, January 31, 2015

නැතිවුන ලැප්පෙක


ලෝකෙම සොෆ්ට් ටුල් පාවිච්චි කරන්න පටන් අරං. අයියෝ මේග ප්‍රෙරදාන ම සොෆ්ට ටූල් එක හොරු අරං ගියානෙ. එදා ඉදං හරිම කෙරුං ටිකක් තමයි වුනේ. අවසානෙ ගුටි නොකා බේරුනා. ඒත් නරක නාමෙ හතර වටේම.
මුලින්ම වුනේ ලැප් එක හොරු උස්සපු එක. අල්ලපු ගෙවල් වල මල් පෝච්චි නැතිවුනා. සමහ ර ගෙවල් වල ඇතුලෙ තිබුන බඩුත් නැතිවෙල තිබුනා. බෝඩිමෙ ඇන්ටි ඒව කිව්වම මම නීරෝ වගේ ඇන්ටිගෙ වීනාව අහගෙන හිටියා මිසක කණකට ගත්තෙ නැහැ.

ඇන්ටි ජනේලෙ වීදුරුව විතරයි. ග්‍රිල් නැහැ. අපිට නං වීදුරුවක් ඕන නැතිවෙයි. ඒත් පවුලක් මේ බොඩිමට ආවොත් ග්‍රිල් තියෙන එක හොද වෙයි. මොකද වීදුරුව කපල ඕනිනං ඇතුලට පනින් හරිම ලේසියි. මං කියන්නෙ බාත්රුම් එක තියෙන කාමරේ ගැන. මං ඇන්ටිට කිව්වා.

මේ විකාර බෝඩිමෙ ඇටෑච් බාත්රුම් එකක් තියෙනෝ කාමරේට. ඒක පහල වෙන්නත් හේතුවක් තියෙනවා. අද කාලෙ ඉන්නෙ පරිණාමය අනුව දියුනු මිනිස්සු. උන් හැන්දෑවට රාම තෙල බහින්න වට ගනන් දිව්වට රෑට දොට්ට පිලට යන්න ටිකක් එලියට බැහැල අවිදින්න බැහැ. කම්මැලියි සහ බයයි. නොදන්න යකෙක් ඒවිය කියල ගෑනු මිනිස්සු දෙකම බයයි. ඒනිසා ඇටෑච් බාත්රුමි තියෙන කාමර සහ ගෙවල් වලට ඉල්ලුම වැඩියි.

මේ බෝඩිමට ඇටෑච් බාත්රුම ්එක ඇතිවෙන්නෙ පස්සෙ කාලෙක. ගෙයක ්විදියට පුතාට හදපු මේක රෙන්ට් එක දෙන්න වෙන්නෙ ඒ පුතා අම්මලා හිතපු තැනට වඩා උඩ ගිහින් දිව්‍ය ලෝකෙ වාසය කරන්න ගිය නිසා. ඉතිං අම්මලා එලියෙන් හදාපු නාන වැසිකිලිය පොඩියට හරි ඇතුලට ගන්න සිද්ද වුනා. නාන වැසිකිලිය කිව්වම කැතයි. ඇටෑච් බාත්රුම් කිව්වම අගේ ඇති පොෂ් ගතියකුත් එනවා.

මොන බඩ කඩුත්තුවක් වුනත් අවසානෙ වුනේ මගේ ලැප් රාජයා වැල ගිගා බයිට් දෙසීයක් විත ර එක්ක නැති වෙච්චි එක. ඒ ලැප් එක ආයිම හොයාගත්තත් කොහෙන්ද යකෝ ආයිත් අර වැල ටික හොයාගන්නෙ. එක එකාගේ ලැප් වල ෆා්න් වල ටැබ් වල තිබුනු ලංකාවෙ ලෝ කොලටි ක්ලිප් වගේම කාරුවත් නොදැක්ක ා කියල හිතන්න පුලුව්න කොමන් නොවූ ඒත් වටින ක්ලිප් ගොඩාක් එක්ක ලැප්ටොප නැතිවුනා. 

ඔය වැල ෆෝල්ඩර් වලට දාන්න ඕනි පාස්වර්ඩ්. මාත් ඉස්සර හෙම දැම්මා. මොන පාන් කෑලි වැඩක්ද ඒක. යකෝ ලිද මගේ නම් මං ලිදේ නං මං ලිදේ ඉදන් මොන කදේ ගැහුවත් කාටවත් මොකද? කැඩුව පාස්වර්ඩ් දාපුව ඔක්කොම. ඔන්න්ං බලන්න ඕනි නං බලපං..ෆිල්්ම හොයන ඇච්චොපැච්චො සෙට්වුනාම උන් හොයන්නෙ නැතිවෙයි කියලා ඩොකියුමන්ට් දාන තැනක වැල කියලමයි ෆෝල්ඩරේ තිබුනෙ.

පිලියන්දල පැත්තට යන 120ක නැග්ග බහින්න හිටියෙ පොලිස් පාක් හරියෙන් ඒත් හොදට ජැකක් සෙට් වුන නිසා බොරලැස්ගමුවටම ගියා. ජැක් ගහන්න හොද නැහැ . ඒකෙන් කාන්තාවන්ට හිංසා වෙනවා. ඇත්ත තමයි ඒක නවත්වන්න ඕනි. ඒත් ඉතිං මොන නැවතිල්ලක්ද? ටිකට් එක පොලිස් පාක් වුනා ජැක් එක බැස්සෙ බොරැලැස්ගමුව හරියෙදි, කෙල්ලෙක්.....කෙල්ලෙක් කිව්වට කෙල්ලෙක්මත් නොවන ඇන්ටියෙක් පස්ස හැරිල.. පුතා දැන් ඇති වගේ නේද? කියල ඇහුව නිසා.

ඇත්තටම ඒ ඇන්ටි කරුණාවන්තයි. වැල කතාවල තියෙන විදියට නම් ඊලගට මම ඇන්ටිගෙන් නම්බර් එක ඉල්ලගන්නවා. පස්සෙ අපි දෙන්නා කාමරේකට සෙට් වෙනවා. එතනින් පස්සෙ රම්පෙට පොරි හැලෙන්න ඇන්ටි කෑ ගහනවා. අහ් ආහ;;ගානවා. මේක වැල කතාවක් නෙවෙයි නේ. ඒ නිසා මගේ ජැක් ගැහිල්ලෙ තිබුන කැත ගතිය ඉවසා වදාරා ඉන්න බැරිම තැන ඇන්ටි පස්ස හැරිල මට යෙලෝ කාඩ් එකක් දුන්නා. මං බැහැල ගියා.

ඒ වේස බඩුව ෂිහ්. ඒ කතාව කන්තෝරුව සම්බන්ධ එකක්.. ..මං ඒ කෙල්ලට කතා කලේ අසුවල් වැඩේ කරන්න නෙමෙයි. නේ... කතා කලේ ෆිල්ම් එකක් බලන්න යන්න. ෆිල්ම් කියන්නෙ කොච්චර කොමන් දෙයක්ද? අපේ ආච්චි සීයා කාලෙ ්පවා බයිස්කෝප් ටීටර් බලන්න ගිහින් තියෙනවා. තොයිල් බලන්න ගිහින් තියෙනවා. මේ නැට්ටුක්කාරිට මම ෆිල්ම් එකක් බලන්න යන්න කතා කලාම මුලු කන්තෝරු සෙට් එකම ගිනි තියලා. දැන් හෙන වයසක ඇන්ටිලා පවා මාව දැක්කම කට කොනින් හිනාවෙනවා. ඒ මදිවට දන්න කියන මිස් කෙනෙක් මට , බුද්ධික දැන් ඔයා ෆිල්ම් බලන්න කට්ටිය එක්කරං යනාව කියල ආරංචියි කිව්වා.


ෂිහ් තිබුන නම් කාඩ් එකක් කාඩ් එක ම විනාසයි. මං කතා කලේ ෆිල්ම් එකක් බලන්න. දැන් වැඩේ වැරදුනාම මම හිතන්න ඕන ිඒ ෆිල්ම් එක බලන්න කතා කලේ ඒ කෙල්ලගේ තනේ වත් පුකවත් අතගාන්න නෙමෙයි. පරම පිවිතුරු ෆිල්්ම එක බලන චේතනාවෙන්. ඒත් ඇත්තටම ඒකද වුනේ. නෑනෙ නෑනෙ.. මටත් ඕනි වුනා බොක්ස් එකක ෆන් එකක් ගන්න. ඉතිං කෙල්ලට කතා කලාම කොච්චර ෆෝවඩ් වුනත් කෙල්ල මට බෑ කිව්වා.

එක්කො කෙල්ලම වෙන කාට හරි කියලා නැත්තං මගේ අතින් කියවිලා. කොහොම හරි කන්තෝරුව පුරා පැතිරිලා ගිහින් සිද්දිය. මුන්ගෙ තියන ගනන් හිතං ඉන්නෙ කකුල් දෙක අස්සෙ මැණිකක් තියෙයිද කියාලද දන් නැහැ. ලෝකෙ තියෙන අමුජරා කතා ගොඩක් අර කෙල්ලට එරෙහිව මගේ මනසේ ඇදෙන්නට වුනා.

ඒත් තාම කෙලිලොග් ගතිය වත් නොගිය ලගදි පත්වෙච්චි පොඩි කෙල්ලෙක්ට මං වගේ තරුණ වයෙසෙ කොනේ ඉන්න අංකල් මොඩල් අයිය කෙනෙක්... කෙල්ලෙ පොඩ්ඩක් ඉ්සසරහට ආවම කෙලින්න යන එක හරිද? වැරදියි නේ.. කමක් නැහැ..වැරදි මිනිස්සු ලෝකෙ හිටියම තමයි හොද එවුන්ට ලකුනු දාගන්න පුලුවන්..                                                                  ඔය විදියට පිටවෙන්නෙ ලිංගික ආසාව ඇතුලෙ තියාගෙන ඉන්න එකේ විපාකය. ඔය අසහනේ පිටකරගන්න ඉක්මන්ට බදින්න. බදිනවා කියන්නෙ හරි අමාරු වැඩක්. ඇරත් වෙඩින් ගැනිල්ල තමය් එපාම වැඩේ. රුපිය්ල ලක්ෂ විස්සට විතර පිටරට මිල තියෙන කාර් එක අපේ රටට එනකොට ලක්ෂ හැටක් විතර. ලක්ෂ හතලියක විතර ටැක්ස් එක්ක ඇඩ්වෙනවා. ඒවගේ රුපියල් ලක්ෂයක් විතර වටින කලු කෙල්ලෙක් ව බදින්න ලෑස්ති වුනත් වෙඩින් කියන ටැක්ස් එක අස්සෙන් එද්දි අර කෙල්ලගේ වටිනාකම ලක්ෂ හතරක් විතර වෙලා. 

අපේ කන්තොරුවල ඉන්න වෙඩින් වලින් කන බොන වෙඩින් පෙේර්තයොන්ට නම් මම බදින් නැති එක පස්නයක්. හහ් හහ්..උන්ට නිකං කන්න මං බැදල උන්ට වෙඩින් කියන්න. හිතං ඇති ගෙවල පෙරේතොයො ටික නිකං කන්න මගෙන්... ප්ලේට් එක එක්දාස් පන්සියෙ පිගානක් ගිල්ලවලා උන් දෙන රුපියල් පන්සියෙ තෑග්ග ගන්න මට මොලේ අමාරුවයැ. එකෙක්ට කියන්න හොද නෑ වෙඩිම.

වෙඩිමක් ගැන හිතුවත් කෝ ගෑනියෙක්? නෑනෙ. ගෑනියෙක් ගැන හිතුවත් කෝ වෙඩින් ලොකුවට ගන්න කැමති නැති ගෑනු.. එහෙම උනුත් නෑනෙ. වෙඩින් කසාද බැදිලි වලදි පොටෝවල ගෑනු මිනිස්සු හිනාවෙනවා. විසේසයෙන් කපල් එක හිනාවෙලා ඉන්නවා. උන්ගේ කෘතිම හිනාවල් නිකං ජීවිතේ අවසාන වතාව හිනාවෙන හිනාවල් වගේ. සමහර විට ලගදි බැදපු උණ් පාරෙයනකොට උන්ගේ මූනුවල තියෙන්නෙ හිනාවල් නෙමෙයි. පුදුම බරක්, මහන්සියක් තෙහෙට්ටුවක් තියෙනවා උන්ගේ මූනුවල.

මම හිතන්නෙ වෙඩින් වලට යන වියදමට සහ කෙරෙන කෝලම් වලට කපල් එක මහන්සි වෙලා තියෙන තෙහෙට්ටුව නිසා ලගදි බැන්දා කියන ජෝඩු ඉස්සර තරං ලස්සන නැහැ. එකාතකින් ඉස්සර බදිනවා කියන්නෙ සෙක්ස්. නමුත් දැන් සෙක්ස් එනවා ඊට කලිං බොහෝවිට.

හලේ මන්දන් නෑ.. කෝමහරි ඔය කියන සමාජිය ආර්ථික වෙඩින් ගැටලු රාශියක් අමතක කරන්න එක බෙහෙතක් තිබුනා මටත්. ගොඩක් අය ඕකට එතනෝල් බොනවා. නමුත් බීම හරි සල්ලි යන වැඩක්. ගෙදර රෙපෑර් කරගෙන තව කාමරයක් අරගන්න ඕනි කියල ගෙදර අය හැමදාම කියනවා. හැමදාම ෆේල් වෙන්න එක්සෑම ්ලියල තේරුමක් නැහැ. අර කාමරේ හදන්න ගත්තා. හප්පෝ කාමර වලට යන වියදම. මිනිස්සු පැල්පත් වල ඉන්න එක සාධාරනයි ඒ අතින් ගත්තොතින්. 


අරක්කු බොන්න, ගංජ ගහන්න සිගරට් බොන්න තිබුන නම් හොදයි. ඒ තුනටම මම කැමති නැතුව නෙමෙයි. දැනුත් නිකං බොන්න තැනක් තියේනම් ගිහිල්ල බීල එන්න බැරි එකෙක් නෙමෙයි මම. ඒත් සල්ලි දීල ඕව කරන්න ගියාම හරි කරදර. ආර්ථිකේ ලෑල්ලට අඩු වෙනවා. ඒ වගේමයි යාලුවො වැඩිය ඇතිවුනාමත් පුල් මාවලස් වෙනවා. උන්ට පිහිට වෙන්නත් වෙනවා. ගොඩක් බොන්න සෙට් වෙන්නත් වෙනවා.

ලාබෙට ආතල් ගන්න එකත් ලේසි නැහැ. ජැක් ගහනවා කියල හැමදාම සෙට් වෙන්නෙත් නැහැ. ඒ වගේම ඔය බඩු ගැහිල්ලට ගිහිනුත් බැහැ. ඒකට සල්ලි යනවා නේ දාස් ගානක. මිනිහෙක් වුනාම මොනවා හරි නරක පුරුද්දක් තියෙන්න ඕනි. ඉතිං මටත් ප්‍රබල නරක පුරුද්දක් තිබුනා. 

අනේ කාටවත් කරදරයක් නැති කාගෙවත් හිරිහැරයක් නැති හොද නරක පුරුද්දක්. පුරුද්ද වැඩිවුනාම පුටුව යට බිම හෙමත් ධාතු වැෙටනවා. ඒවා ඉක්මන්ට රෙදි කෑල්ලකින් පිහිදල දානවා. නැත්තං බෝඩිමෙ ඇන්ටි දකී කියන බයට.. වැල බැලිල්ල නරකම විනෝදාංසයක් නෙමෙයි. ඇබ්බැහ ිවුනා කියලා ලොකු වියදමක් යන්නෙ නැහැ. ඉන්ටනෙට් වලට මාසෙට දාහක් ගියත් බොනවට, බඩු ගහනවට, ක්ලබ් යනවට වඩා මේක හරිම ලාබ විනෝදාංසයක්.

මේ වැල බලන වෙලාව වෙන වැදගත් දේකට යෙදෙව්ව නම් මමත් පොරක්. ඔව් ඕයි ඔව්. එහමනං ඉතිං පොඩිකාලෙ ඉදාල පොත් අතේ තියං කෙල්ලො ගැනයි, ලෝකෙ ගැනයි අනික් සබ්බ ලබං ගැනයි හිතන් නැතුව අර පොත් කාක්කො ටික වගේ පොත් වල තිබුන ටික හරියට කොල කෑලි වල ලියාගන්න පුලුවන් වෙන්න එපාය. එහෙම වුනානං ආපිත් එක්සෙකටිව්..

කිරි කිරි කාර් එකක යනගමන් ගෙවල් හදන එක ගැන කයියක් දාගෙන කොහේ හරි එන කොමිස් එකකින් පොස් බාර් එකක විස්කි තොලගාන ගමන් දේසපාලේන ගෙවල් කාර් ගැන කතා කරමින් විනෝද වෙන්න තිබුනා අපිට්ත් පොත් වල තියෙන දේව්ල කොල වල ලියාගන්න හැකි වුනානං. ඒත් ඉතිං ඒකටත් කෝ පින.

ගියාත්මෙ බලු පූට්ටු වලට පොල්ලෙන් ගැහුවම වෙන්න ඇති මේ ආත්මෙ ගහන්න නිකං ලැබෙන බඩුවක් වත් සෙට් නොවෙන්නෙ. ඒකනේ වැරැද්ද.. ගියාත්මෙත් ඉරිසියා කරලා මේ ආත්මෙත් ලිංගික ඉරිසියාව වැඩිවෙල. ඉතිං කොහෙොමද තමුසෙලට හරියන්නෙ.

ඉතිං ඔය විදියට මම වැල බලන්න හුරුවුන ඒක වෙනුවෙන් දවසට පැයක් හමාරක් කැපකරලා දාතු විසුරුවලා නිදාගන්න යන එක පුරුද්දට ගියා. හරියට කසිප්පු කාරයෙක් කසිප්පු නැතුව වෙව්ලනවා වගේ වුනා. අල්ලපු ගෙවල් වල හොරකම් අපේ බෝඩිමෙ තියෙන අනාර්කෂිත බව මට අමතක වුනා. ඇන්ටි පරිස්සම් වෙන්න කිව්ව්ත් නාක් ඇන්ටි දැකල ඒ ඇන්ටි වගේ නාකි ගෑනියෙක් ඉන්නවද කියාල එක්ස් අකුරු වලින් පටන් ගන්න සයිට් වල හොයල ඒක බලන එක මට පුරුද්දට ගිහින් තිබුනා.

ෂිහ් වනචර හිත. මේ ස්ත්‍රියක් දැක්කාම තමුන්ගේ පවුලේ නංගි අම්මා අක්කා කියලා හිතන්න පුරුදුවෙන්න. එතකොට තමුන්ට තමුන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව වැඩි කරගෙන ආගමික ජීවිතයකට නැඹුරු වෙන්න පුලුවන්. සමහර නිවාඩු දවස්වල රේඩියෝ දැම්මාම ඒ වේග බණ ඇහෙනවා. අහල පහල ගෙවල් වල උන් ඉන්නවා උන්ට බණ පිලිපදින්න බැරි නිසා අපිට පද්දවන්න යනවා. අස්සවන්න යනවා. ඕවා මටත් ඇහෙනවා.

අක්කා කෙනෙක් විදියට හිතන්න කිව්වම මට මතක් වුනේ අපේ ගෙදරම හිටපු අක්ක කෙනෙක්. අපේම අක්ක කෙනෙක් විදියට තමයි ඒ කාලෙ අපි සැලකුවෙ. ඒත් මගේ යාලුවො කිව්වෙ මම හැර ඒ අක්ක ලගින්ම මගේම මගේම කියලා අතගාපු පැදකුනු කරපු ගොඩක් අය හිටියලු. මගේ යාලුවො කියපු විදියට මං ඒ අතින් ෆොන්සියෙක් වගේලු. අනේ. ඒ වුනාට මම ඒ දවස්වල බණ මරුවා. මට හෙන පව් සිතිවිලි පහල වුනත් එ අක්කා මා ගැන කිසි හෙවිල්ලක් හෝ බැලිල්ලක් තිබුන් නැහැ. ඒකෙත් හැඩ,. හතර වටේට වතුර බෙදුව ටැප් එකෙන් ගෙදර හිටපු මං අහිංසකයාට වතුර නොලැබුන හැටි.. 

දවසක් හොරු කන්ඩායමක් ඇවිත් අර අඇටෑස් බාත්රුම් තියෙන කාමරේ ලැප් බෑග් එකේ පැක් කරලා තිබුන මගේ ලැප් එක අරං ගිහින් තිබු. අයියෝහ්.... හරියන් නෑ.. දැන් මගේ ලයිෆ් එක මාවලස් වේගෙන එනවා කියලා මට හිතුනා. ලැප් එක තිබුන් නැහැ. අහල පහලෙ ගවල් වලත් බඩු වගයක් එදා රෑම නැතිවෙලා. අර හොරු අයිත් ඇවිත්.

ඉතිං මට කට පුක වහගෙන ඉන්න බැරිවුනා. කලිං හොරකං මට වුනේ නැතිවුනාට මේ හොරකම මට වුනාෙ න්. පොලිසි ගිහින් බැහැ. පොලිසිය සුවර් නැහ. අනික පොලිස් යන්න තරං ඕක දැන් වටිනවද දන්නෙත් නැහැ. අනේ මන් දන් නහැ. ඒ මදිවට ඒක ඇතුලෙ තැන් තැන්වල තිබුන වැල තොගේ එක්ක පොලිසියට අහුවුනොත් පරම්පරා කුට්ටම උඩ එල්ලලා ම තලයි.. මම මගේ වාසියට පොලිසියට බයවුනා.

අපේ අල්ලපු ගෙදරක ඉන්නවා සුදු ඇන්ටියෙක් . සුදු ඇන්ටි කිව්වට අලි තං, විසාල පුක ආකර්සනීය සරීරයක් තියෙන එක්නෙක් නෙවෙයි. වැල කතාවල එහෙම වැඩිය පේන්න නැති සාමාන්‍ය ජීවිේත අපිට හමුවෙන සාමාන්‍ය සයිස් ලස්සන හිනාවක් තියෙන ඇන්ටියෙක්. අනේ ඒ ඇන්ටිගෙ පවුන් දෙකේ මාලෙට විදල නේ. පවු අප්පා එයා ගොඩක් කල් ඉදලා තියාගෙන හිටපු සිහිවටනයක්ලු..

අර හොරු එන දවසෙ එයාලගේ පස්සෙ දොර අරල තිබිල තියෙන්නෙ. එයයි පුතයි විතරයි ඉදල තියෙනේන . පස්සෙ දොර කැඩිල ගිහිල්ල නේ. ඒක රෙපෑර් කරගන්න බෑලු මහත්තය නැහැලු. නේ.. මහත්තය රට ගිහින් සල්ලි හොයන්න. හරිම දුක් බර සිද්දියක්. මම අනික් හොරකම් වුන ගෙවල් වලටත් ගිිහින් ඒ අය එක්ක දුක බෙදාගන්න ගමන් අර රත්තරං බඩු නැතිවෙච්චි අපේ අල්ලපුම ගෙදර ඉන්න අන්ටි ගාව හිත නතර කරගත්තා.

එන්න පුතා ඇතුලට අපේ ගෙදරත් ටිකක් පරණ කොම්පිටර් එක්ක තියෙනවා. පුතා ගේම් ගහන එකමයි නේ වැඩේ. මං වහල දාල තට්ටුව උඩ දාල ඇති. වැඩිකල් නැහැ මහත්තය ගිහින් දැන් මාස ගානක් නේ වෙන්නෙ. පුතා ඒක ටිකක් බලන්න. ඔවැයි ඉතිං අල්ලපු ගෙද රනේ ඉන්නෙ. මං දැකල තියෙනව පුතා රෙදි හෙම හෝදලා පෝලිමට වනනවා.

ඔවුවැන්ටි මං සතියෙම රෙදි එක දවසට හෝදනවා. ලේසියේ නේ.. මං කිව්වා

ශික්..එතකොට කම්මැලි නේ.. එයා කිව්වා

ඔවු ඇන්ටි. මට එපා කරපුම වචනෙ තමයි ඒක..

ඔවුවැන්ට ඔවුවැන්ටි.. මම ඉෂාරා... මට ඉෂාරා කියල කියන්න..ඉෂාර අක්ක වුනත් කමක් නැහැ..

ඉතිං ඉෂාර අක්ක ඒ විදියට මාත් එක් කුළුපගු වුනා. පස්සෙ මම ඉෂාර අක්කගේ පුතා වෙනුව එයා නිදාගෙන ඉන්න ඇදට ගියා. අනේ ඒ කොල්ලා වෙන කාමරේක දාල ලොක් කලා.

පුතා දැන් ලොකු ලමියෙක් නේ.. පුතා වෙනම නිදාගන්න කෝ..මොනාහරි වුනොත් මට කෝල් කරන්න කෝ..අපිට ආයිත් හොරු පන ීකියල නේ මේ අයියා එන්නෙ. පුතා කාටවත් කියන් එහෙම නැහැ මේ අයිය එනව කියලා. එතකොට හොරුන්ටත් ආරංචි වෙයි නේ..

කොල්ල ඕක තේරුං නොගන්න එකක් නැහැ. ඒත් ඉතිං මට ඉස්සර ලැප් එක බදං ධාතු වන්දනාවට වඩා ඒ මස් ගොඩ බදාගෙන ධාතු වන්දනාව බොහොම චමත්කාර වුනා.

එක්වරම අර ර හිටපු එකා ආවා. මං ආයිත් එලියට කැපුනා.එ ්ත් පොර මටත් එක්ක ලැප් එකක් ගෙනත් තිබුනා. එහේ යූස් කරපු එකක්. ඉෂාර අක්ක ඒක මට දුන්නා. දැන් ඉතිං පොර ආයි්ත රට යනකල් මම ලැප් එකේ. වැරදිලාවත් ඉෂාර අක්කලැයි දිහා යන්න බයයි පොර හෙන මරුමුස. ඉෂාර අක්කත් කිව්වා දැන ්ඉතිං මල්ලි වැඩියම ආවෙ නැතිවුනත් කමක් නැහැ..අපේ හබීට වුනත් සැක හිතෙයි නේ කියලා.

ආයිත් ලැප් එකකට හුරුවෙන්න වුනේ ආන්න ඒ ිවිදයට..

Sunday, January 25, 2015

අක්මාවෙන් උපන් ආදරේ

මග බලා ඉන්නම් මා රෑ අහසෙ තරුවක් වෙලා... 
ඔබ ලගා වෙයි නම්...එන්නම්පුරා සද වත වෙලා.. 
කලුවරේ පාලුවේ... මා ජීවිතේ තනිකමේ... 
රදවා කොහි ගියේ...ඉවසන්න නම් බෑ වගේ...

අක්මාව පත් ලේ සගවා හොර රාසේ
හද කඩා වැටුනත් නෑ වැටෙන්නේ ඔ ආදරේ.. 

බොක්කෙන්ම පත්ලෙන් සැගවී නොපෙනනා ආදරේ
ඇයි මාව ඇතුලින් රිදවන්නේ..සයුරියේ..


මගබලා ඉන්නම් මා රෑ අහසෙ තරුවක් වෙලා.. 

ඔබ ඒවි යැයි හීනේ - තවමත් නෑ සිත බොදවෙලා... 
කලුවරේ පාලුවේ ඉන්නම් රෑ සීතලේ... 
හීනෙන් හෝ ප්‍රේමියේ... සනසන් අක්මාවටම වී...


මෙතනින් බා ගන්නත් හැකියාව තියෙනවා.

Friday, January 23, 2015

ටෙලිකොං එකට යුවරාජ් සිරිසේන

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස පී ජී කුමාරසිංහ සිරිසේන මහතා පත ්වී තිබේ. එතුමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරෙකි.  ඔහු දැනට දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරි වරයෙක් වේ. උගත් බුද්ධිමත් පරිපාලන නිළධාරියෙකු ලෙස එතුමා පුද්ගලික ආයතන සහ රාජ්‍ය අංශයේ විධායක නිලවල කටයුතු කර ඇත. එතුමා ගැන සියලු විස්තර විකිපීඩියාවෙන් ඔබට බලාගත හැක.
 සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි රටවල සහෝදරයා දේශපාලකයෙක් නම් දේශපාලක සහෝදරයා අනුහස් ඇති පුටුවලට පත් වන කල්හී ඒ සහෝදර වරුන්ගේ අපල කාලයදුරු වී ඔවුන්ට ද රාජයෝග උදාවේ..
මෛත්‍රීපාල තුමාගේ දේශපාලන දිවියේ නැගීම් වලට සමානුපාතිකව කුමාරසිංහ සිරිසේන තුමාගේනැගීම් බැසීම්ද ගැලපේදැයි ඔබට අවශ්‍ය නම් සන්සන්දනය කර බැලිය හැක. 


එතුමා ගිණුම් සහ වාණිජවේදය ගැන අත්දැකීම් සහ සැලකිය යුතු අධ්‍යාපනයක් ලැබූවෙකි. මින් පෙර මහින්ද රාජපක්ෂ සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති වූයේ නිමල් වෙල්ගම මහතාය. එතුමා උපාලි සමූහ ව්‍යාපාරයේ හිමිකරුවා වූවා සේම වෙල්ගම ප්‍රවාහන සේවාව ආදී සේවාවන්හි ද සම්බන්ධයක් තිබුනි. පෙර සභාපති නිමල් වෙල්ගම කුප්‍රකට ඇමති වරුයෙක් වූ කුමාර වෙල්ගම මහතාගේ වැඩිමහලු සහෝදරයාද විය.
එසේම චමල් රාජපක්ෂගේ බාල පුතනුවන් වූ ශමීන්ද්‍ර රාජපක්ෂ එවකට ශ්‍රී ලංකා ටෙලිකොම් හි අධ්‍යක්ෂ මන්ඩලයේ ප්‍රබල සාමාජිකයෙක්ද විය සාමාජිකයෙක්ද  විය.
සිරිසේන සහෝදර වරුන්ගේ ප්‍රකට ව්‍යාපාරයක් වන අරලිය සහල් ව්‍යාපාරයේද අධ්‍යක්ෂවරයෙක් ලෙස ටෙලිකොම් නව සභාපති කුමාරසිංහ සිරිසේන මහතා ක්‍රියාකරයි.
පසුගිය කාලයේ නවලෝක ව්‍යාපාරයේ ධර්මදාස තුමෙක් අධ්‍යක්ෂ වරයෙක් පත් වූ කල ටෙලිකොං ආයතන සේවකයින් සඳහා විශේෂ සහන නවලෝක රෝහල් සමූහයෙන් ලැබෙන්නට වූ බව සේවකයෝ කියති. එසේම ටෙලිකොම් මූළස්ථානයේ ආපන ශාලාවක් ද නවලෝක රෝහලේ ආපන ශාලාව පවත්වාගෙන යන එහිම කොටසකට ලබා දී ඇති බවක්ද සේවකයෝ පවසති.
රක්ෂණ සංස්ථාව සමගද ටෙලිකොම් ආයතනයේ තිබූ එවන් වූ පොදු ව්‍යාපාර ගිවිසුමක් නිසා ටෙලිකොම් බිල්පතෙන් රක්ෂණ ආවරණයක් ගැනීමේ මහඟු අවස්ථාවද ටෙලිකොම් පාරිභෝගිකයින්ට හිමිවිය.
විවිධ ව්‍යාපාර හිමි අධ්‍යක්ෂවරුන් සහ ප්‍රබලයින් ආයතනයට එකතු වූ පසු ඒ ව්‍යාපාර එකිනෙක සම්බන්ධ වීමේ ත් බද්ධ වූ ව්‍යාපාර අවස්ථා වලදී විවිධ සහන පාරිබෝගිකයින්ට ලැබීම සිදුවේ. 

ඒ අනුව ඉදිරියේදී දැව සංස්ථා දැව සහ සහල් අඩුමිලට ලැබේ යැයි ටෙලිකොම් සේවකයෝ බලපොරොත්තුවේ දෑස් දල් වා සිටිති. තවද අන්තර්ජාල සම්බන්ධතාවක් සමග නිකම්ම ටෙලිෆෝන් එකකටද බිල ගෙවන්නට සිදුවීම ගැන මැසිවිලි නගන පාරිභෝගිකයින් පැවසූයේ ඉදිරියට හාල් කිලෝවක්ද ටෙලිකොම් බිලට අමුණා එවිය හැකි බවකි. නමුත් එවැනි කාරණා බුද්ධිමත් උගත් ජනතාව නොසලකයි. ෆුඩ් සිටියේ හාල් තෝරමින් සිටි පොෂ් පැලැන්තියේ අයෙක් අහ්..ඉස්සරහට හාල් කිලෝ එකට මෙගාබයිට් සීයක් ලැබෙනනත් බැරි නැහැ යැයි උද්දාමයෙන් පැවසුයේ යහපාලනය ගැන හදපිරි සතුටිනි.
ඒ පිළිබඳ වැඩිදුර අදහස් දැක්වූ ටුවිටර් සාමජිකයෙක් පැවසුවේ යහපාලනයේ අපි කේන්ද්‍රයට සම්බන්ධ අයෙක් ටෙලිකොම් ආයතනයට පත් වීමෙන් පොලොන්නරුවේ සියලු වැව් ආශ්‍රිතව වයිෆයි සෝන් ඇතිවිය හැකි බවකි.

Tuesday, January 20, 2015

ජොනීට එරෙහි ජෝන් පාත්වුන ලංකා සතොස

ලංකා සතොස කිව්වාම ලංකාවෙ අපිට සුපුරුදු තැනක්. ලංකා සතොස භාන්ඩාගාරයට විශාල බරක් නොවී රටේ දුප්පත් ජනතාවට සෘජුව සේවාව සපයන තැනක්.
ගොවීන්ට සහන සැලසීම.
ලංකාවෙ ගොවි ජනතාවගේ බෝග වර්ග විකුනාගන්න බැරිව එක්තරා කාලයකදී ඔවුන් දැඩි ලෙස අසරණ වෙනවා. ඒ වගේ අවස්ථාවලදී අපේ රජය සෘජුවම සතොස හරහා එම මිලදී ගැනීම් සිද්ද කරනවා. සහල් , අල, ලූනු වැනි දේවල් එසේ කෙලින්ම ගොවියාගෙන්ම මිලදී ගන්නට සතොස ක්‍රියා කරනවා. කෙලින්ම රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවිජන සේවා නිළධාරින් ග්‍රාම නිළධාරින්, වගා නිළධාරින් හරහා රජය ගොවීන්ගෙන් වී, අල, ළූනු මිලදී ගන්නා නිසා ගොවීන්ට ලොකු  සහනයක් ලංකා සතොස හරහා ලැබෙනවා.

පාරිභෝගිකයාට සහන ලැබීම.
සුපිරි වෙළඳ සැල් කියන සංකල්පය ලංකාවෙ සාමාන්‍ය ජනයාට මුලින්ම ගෙනාවෙ සතොස. සතොසේ තමයි මුලින්ම රාක්ක දාල මිනිස්සුන්ට ඕනි වියලි ආහාර ආදිය අපේ සාක්කුවට ගැලපෙන ලෙස ලබාදෙන්න කටයුතු කලේ. ලංකාවෙ කොයි තරම් තරඟකාරී වෙළඳපොලක් තිබුනත් සමහර භාන්ඩ වල මිල සමහර කාලවලදී අසාමාන්‍ය ලෙස ඉහල යනවා. ඒ වගේ අවස්ථාවලදී සතොස විසින් ආනයනය කර හෝ වෙනත් ක්‍රම මගින් ජනතාවට සහන මිලට පාරිභෝගික ද්‍රව්‍ය ලබාදෙන්නට ක්‍රියාකරනවා. කෙලින්ම රජයට සම්බන්ධ ආයතනයක් නිසා රජයෙන් බදු සහන ලබාගෙන  ඒ සහනය පාරිභෝගිකයින්ට ලබාදෙන්නත් හැකියාවක් සතොසට තිබෙනවා. තරඟකාරීත්වයේ වැඩිවීමත් වෙළඳපොල ප්‍රසාරනයත් ආදී හේතු නිසා න්‍යායාත්මකව බඩු මිල අඩු විය යුතු වුවත් බොහෝ විට ලංකාවෙදි නම් ඒ ආකාරයේ සහන පාරිභෝගිකයින්ට සෘජුව ලැබෙන් නැහැ. ඒ නිසා පාරිභෝගිකයින් අතරමැදියන්ගෙත් විශාල සමාගම් වල මිල සූත්‍ර වලත් හිරවෙනවා.
ඒ මහා උගුලෙන් දුප්පත් සහ මධ්‍යම පාන්තිකයින් යම්තාක් දුරට ගලවාගන්න සතොස සමත් වෙලා තිබෙනවා.

අරක්කු බාර්
ලංකාවෙ සතොස සතුව තියෙන්නෙ බාර් කිහිපයයි. නමුත් ලංකා සතොස අවුට්ලට් වලට බාර් පර්මිට් ලැබෙන්න කලිං ලංකාවෙම නමගික සුපරි වෙළඳසැල් ජාලයකටම එකපාර පර්මිට් ලැබුනු ආකාරයක් පෙනී යනවා.සතොස වෙත ලැබෙන්නට යෙදුනු මිලිනියන බිලියන ගානක මුදල කෙලින්ම රජයේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා ඒ ආකරයෙන් මතට කොමාවක් ලෙස පුද්ගලික අංශයට ඇදී ගොස් තිබෙනවා. සාමාන්‍ය බාර් වලින් ලබාගන්නා එතනෝල් වර්ග වලට වඩා සතොස ආදී තැන්වල විකුනන්න තිබෙන රටබීම තත්වයෙන් උසස් කියලා තමයි සාමාන්‍ය පිලිගැනීම තියෙන්නෙ.
ලංකා සතොස මගින් 3500කට සේවක පිරිසකට සෘජුවම රැකියා අවස්ථා සැලසෙනවා..රට පුරා විහිදුන ශාඛා 300කට අධික ප්‍රමාණයක් සතොස සතුයි.රාජ්‍ය වගකීම සහිත,රජයේ ආයතන පද්ධතිය සමගම ගනුදෙනු කල හැකි වටපිටාවක පිහිටා අති නිසා සාමාන්‍ය සුපිරි වෙළද සැල් ජාලයකට හෝ වෙනත් රාජ්‍ය පද්ධතින් වලට වඩා සතොස මහජනයාට වඩාත් දැනෙන ඵලදායී වැඩ කොටසක් සිද්ද කරනවා. 

අන්තර්ජාලයේ සදහන් වෙලා තිබුනා ඇමරිකාවෙ වල්මාර්ට් කියන වෙළඳ ජාලය ආරම්භ කලේ තොග වශයෙන් භාන්ඩ මිලදී ගෙන මහා පරිමාණයෙන් සිල්ලර වෙළඳපොලට භාන්ඩ අැතුලත් කරන්නටය කියලා. ඒ තුලින් අතරමැදියන් සංඛයාව අඩු කිරීම හරහා වල්මාර්ට් එකට පුලුවන් වුනාලු මහජනතාවට සාමාන්‍ය වෙළඳ පොලට වඩා අඩු මිලට බඩු භාන්ඩ ලබා දෙන්න සහ භාන්ඩ නිෂ්පාදකයින්ට වැඩි මිලක් දෙන්න. නමුත් ලංකා සතොස හැරුනාම මේ මෑතක් වෙනකල්ම ලංකාවෙ සුපිරි වෙළඳ සැල් තිබුනෙ සුපිරි පැලැන්තියකට සුදුසු මිල මට්ටමක විතරයි.
ලංකා සතොස මෑතක් වනතුරුම පාලනය වුනේ ජොන්ස්ටන් කියන ඇමතිවරයා යටතේ. අලුතින් පත් වෙලා ආපු ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමතිවරයා කිසිදු දැක්මකින් තොරව ජොන්ස්ටන් ටත් වඩා සැරට සතොස වලපල්ලට ගෙනියන වැඩ පිලිවෙලට දායක වෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා. වංචාවකට චෝදනා ලැබී රිමාන්ඩ් බාරයේ පසුවුන සුදුසුකම් නොලත් ගණකාධිකාරිවරයෙක් ප්‍රධාන ගණකාධිකාරි විදියට මුලින්ම පත් කරලාලු. ඒ දූෂිත සුදුසුකම් නොලත් ගණකාධීකාරි වරයා යටතේ මෙතෙක් කාර්යක්ෂමව වැඩ කල වෘත්තිය ගණකාධිකාරිවරුන්ටත් වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවලු. ඒ වගේම ඇමතිතුමා එහෙන් මෙහෙන් ඇහෙන තොරතුරු මත පදනම්ව සතොසේ වැඩ වලට කෙලින්ම අතදාන්න අරගෙනලු.. 

යහපාලනය කියන වචනය මූළික කරගත් මේ අලුත් රජය අඩුතරමේ ආයතනික නිළධාරින් බළදාරින් සමග සාකච්චාවක් වත් තියන්නෙ නැතුව ඇමතිතුමා රජෙක් මට්ටමට වැටිලා අත්තනෝමතික විදියට වැඩකරන්න යනවා කියලයි සතොස අල ලූනු මිරිස් ගෝනි පවා මේ දවස් වල කතා වෙන්නෙ. ඒ වගේම සතොසේ වැඩිපුරම ආදායම් ලබන අංශයක් වන සතොස සුරා සැල් හිටි අඩියේම වසා දමන්නත් ඇමතිවරයා කටයුතු සූදානම් වෙලා තිබෙනවා. 

කඩි මුඩියෙ පත්වෙච්චි දින සීයෙ ආන්ඩුවක නින්දෙන් ඇහැරිලා වගේ මාධ්‍ය සංදර්ශන තියෙනවා. ඒවායින් අපිට පෙර පැවති රජයේ දූෂන වංචා ගැන කතාන්දර අහන්න ලැබෙනවා. ඇත්තටම මිනිස්සු වෙනසක් අපේක්ෂා කලේ මාධ්‍යවල පෙන්වන දූෂණ වංචා ආදිය ගැන කතාන්දර අහන්න නෙමෙයි.  ඒ වගේම වලං කඩේට ගොන්නු ටික පැන්නා වගේ ( අරලිය මන්දිරේට යූ ඇන්පිය පැන්නා කිව්වත් හරි) කිසිම දෙයක් අධ්‍යනය කරන්නෙ නැතුව ජනතාවට වැදගත් පද්ධති විනාස කරන්නත් මේ අයට මිනිස්සු බලය ලබාදෙන්න නැතුව ඇති. 

පවතින ක්‍රමය යහපත් විදියට වෙනස් කරන්න ප්‍රබල මූල්‍ය වංචාවලට රිමන්ඩ් එකේ හිටපු මිනිස්සු ඇදලා ආයතන වලට ඉහලින් පත් කරනවා වගේ  වැඩවලින් කරන්න අමාරුයි. පුද්ගල චරිත හිතුමනාපෙට ඉත්තො අදින ක්‍රමයක් නෙමෙයි බහුතර ඡන්ද දායකයින් නව රජයෙන් අපේක්ෂා කරන්න ඇත්තෙ.  කළමනාකරන පද්ධති ගැන අවබෝධයෙන් පරිපාලනය සමග සාකච්චා කරලා විෂේශඥ උපදෙස් ඇතුව මේ සතොස වගේ ක්‍රමයක් පවත්වාගෙන යන එක වැදගත් වෙනවා.  සතොස නැතිවුනොත් මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට ඡන්ද කාලෙකටවත් අල, ලූනු, හාල් ටිකක් අඩුවට ගන්න තියෙන ලොකු අවස්ථාවක් මග හැරෙනවා.අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වල මිල පාලනය කරන්න රජයට තිබෙන ප්‍රබලම අවිය නැතිවෙනවා.

ඒ වගේම කොළඹ ඉඳන් කී බෝඩ් එකේ කොටනවාට වඩා දහස් ගුණයක් අමාරු කාර්යක් වෙන,  පොලව කෙටිල්ල හරහා ගොයි මහත්වරු උපයන වී ටිකට, අල ටිකට, ලූනු ටිකට මිලක් දෙන්නත් ලොකු වියදමක් රජයට දරන්න වේවි මේ අන්දමට සතොස වගේ ආයතනයක් දූෂණයට සහ දූෂිත නිළධාරිනට යට වෙන්න ගියොත්.. 

වැරදීමකින් මේ පෝස්ටුවේ වත්මන් ඇමතිවරයා ගේ නම වෙනස් වෙලා තිබුනා. ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. 

Friday, January 16, 2015

පොල් වේලීම coconut processing

මේ පාර පොල් මුරේ වෙලාවට සල්ලි කොරගන්න ලැබුන් නැහැ කියල තාත්ත කිව්වා. අපි පොල් දෙන විදි දෙකක් තියෙනෝ. එකක් තමයි ගෙඩි පොල් දෙන එක. ගෙඩි පොල් කිව්වෙ කඩවල් වල සිල්ලරට මිලදී ගන්න තියෙන විදියට ඇස්ස එක්කම (පොල් ලෙලි ටිකක් එක්ක) ම පොල් ගෙඩි දෙන එකට නෙවි. අපේ පැත්තෙ තනිකර ලෙලි සම්පූර්ණයෙන් ඉවත් කරපු පොල් කිරල ගන්නවා. කිරල අරගෙන එයාල මොකක් නමුත් නිෂ්පාදනයකට යොදාගන්නවා ඇති.

මේ පොල් සම්බන්ධ පරණ ක්‍රමය තමයි කොප්පරා සෑදීම කොප්පරා හදන එක හරි ලේස් වැඩක් නෙමෙයි. ඒකට පොල් ටිකත් එක්ක දෙතුන් වතාවක් අපිත් මැරෙන්න ඕන.


මේ තියෙන්නෙ පොල් ලෙලි ගහන අවස්ථාව. මේ පාර පොල් ගොඩ ටිකක් පරණ වෙලා වැඩියි. ගෙඩි ඔක්කොම කලු ගැහිල තිබුනා. මේ ලෙලි ගැහිල්ලට ඇත්තටම අපේ දිහා කියන්නෙ පොල් ඔයනවා කියලා.


මේ තියෙන්නෙ අපේ පොල් ගොඩ. පොල් කැඩුවට පස්සෙ පොල් ටික වීල් බැරෝවකින් හරි කරත්තෙකින් හරි ඇදලා ගොඩවල් වලට එකතු කරනවා. ඒ එකතු කරල ඉවර වෙලා පොල් ටික ටික දවසක් තියෙනවා නැටි තැම්බෙන්න එහෙම. ඉන් පස්සෙ පොල් ලෙලි ගහන කෙරුවාව තමය ිතියෙන්නෙ. මේක ටිකක් අමාරු වැඩක්. පොල් ලෙලි ගහන කොට උල් ආයුද්‍ය විදියට පොල් උල භාවිතා කරනවා. පොල් ඔයන එක අවධානම් වැඩක්. ඔය උලට අත අහුවොනාත් අතත් ඉරාගෙන යනවා. ඒ වගේම ටිකක් නුපුරුදු කෙනෙක්ටත් අමාරුයි පොල් ලෙලි ගැහිලිල් ඉක්මන්ට කරන්න.

මෙදා පහුගිය දවස්වල තිබුන වැස්ස නිසයි අපිට ඉඩයක් නැතිවුන නිසයි නිකං අපරාදෙ පොල් ගොඩ පැලවෙන්න ගත්තා. වැඩියත්ම වතුර ගතිය නැති නිස වෙන්න ඇති මේ පාර පොල්ගොඩන් සියට හැත්තැවක් විතර යාන්තම් හරි පැලවෙන්න අරං තිබුනා.


ඒ විදියට ලෙලි ඉවත් කරගත්ත කටුව සමග තියෙන පොල් ගෙඩි තමයි මේ. පේනැවැති මෙ ්ෙපාල් සමහර ඒවා පැලවෙලා තියෙනවා කියලා.




පොල් ගෙඩිය පැලවෙනකොට පොල් ගෙඩිය ඇතුලෙ හැදෙනවා රස මදයක්. මේකට අපි කියන්නෙ පැල මද කියලා. පැල මද පොඩි ඒව රසයි මහ ඒවට වැඩිය. පැල මද ගලවන්නත් තව වෙලාවක් යනවා පොල් ගෙඩි පැල වුනාම. පැල මද රස කෑමක්. ෆිජ් එකේ තියල පරණ වුනාම වැඩිය රහක් නැහැ හීතල විතරයි. එවෙලෙම පොල් ගෙඩි බිදින ගමන්ම කටේ දාගන්න පැල මද කෑලි නම් පංකාදුයි. පැල මද දකින්න නම ඉතිං පොල් ගොඩ මාස දෙක තුනක් විතර පරණ වෙන්න ඕන. ඒ වගේම වැහි කාලෙ ආවමත් පොල් පැලවෙනෝ වැඩියි.
ඉස්සර අපේ තාත්තට ලොකු පොල් වත්තක් තිබුනෙ. ඒකෙ පොල් ඇද්දෙ ලොකු අත්කරත්ත වලින්. දැන් අපේ වත්ත පොඩියි. ඒ නිසා මේ විල් බැරෝවක් තමයි පොල් ප්‍රවාහනයට යොදා ගන්නෙ. මේ පොල් ටික ලෙලි ගහන තැනම ඉදන් බිදිනවා. බිදලා ඉවල වෙලා වේලන්න අවුව තියෙන තැනකට මේ වන් වීල් එකෙන් අරගෙන යනවා.
අවුවට ගෙනියලා අවුවෙ මේන්න මේ විදියට සුදුපැත්ත අවුවට අහුවෙන්න ඉහලට හරවලා නවල අවුවට අහුවෙන්න තියෙනවා. ඒ තියල හවසට මේ ටික ආයිත් පොල් මැස්සට ගෙනියනවා. පොල් මැස්ස කියන්නෙ පොල් දුම් ගහන්න හදාපු තැනක්. ඒකෙ යටින් ගින්දර සහ දුම ලැබෙන්න පොල්ලෙලි දාල පත්තු කරනවා. මැස්ස උඩ අපි මේ කටු පොල් දානවා.

ඒ විදියට එක දවසක් මැස්සට දාල ගත්තම පොල් වල කටුව ගැලවෙන්න ගන්නවා . ඒත් ඔක්කොන්ගෙම කටු ගැලවෙන් නැහැ. ඒ ගැලවෙන ටික පොඩි ආයුධයක් දාල ගලවගෙන ආයිත් අවුවෙ දානවා. දවස් දෙකක් විතර අවුවටයි මැස්සටයි යන පොල් ටික ඉන් පස්සෙ ඉතිං කඩේට යනවා. මේ සවස්වල පොල් ටිකක් ගනන්. ඒ නිසා කෙරුවාව පාඩු නැහැ මහන්සි වුනාට.

මම කටින් කියනවාට වඩා හොදින් වැඩේ පෙන්වන්න වීඩියෝ කලා පහල තියෙන්නෙ ඒ වීඩියෝ එක. යූ ටියුබ් වීඩියො එක වැඩියම බර නැතුව ඇති. බැලුවනම ්විස්තරේ සෝක් එකට ඔලුවට දාගන්න හැකියාව තියෙනවා.

Thursday, January 15, 2015

කෂුද්‍ර වහලුනගේ කතා වස්තුව 2


මහා ව්‍යාපාරයක දිනයක් යනු වැදගත් දෙයැකි. සුළුපටු සුදුසුකම් වලට ලාබයට ගතහත් මේ අවුට්සෝස පිරිස කරන ලද සේවය නම් අත් මහත් එකකි. එබැවින්කාවේරි සිටි අධිපති මහා කොන්ඩඤ්ඤයෝද මේ දෙයැ විසඳන්නට වහා විසඳුම් සොයන්නැයි සේවක මුළ පාලනය කරන ලද පුරුෂයන්ටත් ස්ත්‍රීන්ටත් අණ කලෝය. සේවා මුළු පාලක අංශාධිපතීහුද කොණ්ඩඤ්ඤයෝද සාකච්චා කලෝය.
මුලින් මුන්ගේ ධ්‍යාන බල බිඳින බලයක් ධ්‍යානලාභී යෝගීන්ගෙන්ම සොයාගත යුතුයැ සිතූහ. වහා පැළලුප් නුවර සිසාරා පයින්ඩයන් යවා යෝගීන්ද බමුනන්ද ගෙන්වී මේ පිරිස බිම හෙලා සත්‍යග්‍රහ නවතා නැවත සේවයට ගෙන්වාගන්ට විදියක් ඇත්දැයි සෙවීය.
බමුණන් කැල මහල් හී සිට මේ ධ්‍යානයන් කිනම් ආකාර ගන්නේද? ස්කන්ධය ශුන්‍ය කොට ඉහළ යන්නේද? ගුරුත්වය අත්හිටවන්ට සමත් යාන්ත්‍රිකයක් භාවිත කරන්නේද? නැතහොත් වලා කඩක් හෝ වායු ධාරාවන්ගේ බලයෙන් සිටින්නේද යන වග විභාග කරන්නට වන. පරදේසයන්හී වේදප්‍රාප්ත පාඨ ග්‍රන්ථයන්හි ඇලී ගැලී සිටියා වූද වෙනත් දුරු රට සිට අත් දැකීමෙන්ම භාවනා විධි ක්‍රම දන්නා වූද ඒ අතපත්තු අවුට්සෝස සේවකයින්ගේ උපදේශක බමුණු තැනගේ මහත් බල වූ විධික්‍රමය වටහාගන්නට උන් සමර්ථ නොවීය.
එකල් හී මේ නව බමුනා සොයා ගන්නට කාවේරි ව්‍යාපාර නිළයෝ උත්සාහ දරති. නමුදු ඔහු මේ වන් කල මූල වස්තුව සොයන නියාව පිරිසිද දැන විශේෂ වූ ගුහා අභ්‍යන්තරයක කිසිදු රැස් කදම්භයකින් සෙවිය නොහැකි තැනක වසන්නේයැ. ගුහාවෙන් මතුව පෙර කී අතපත්තු සෙව්‍යන්ට ගැටළු ආදිය ඇත්නම් සැනින් ඒවා පලිසකර කොට නැවත ගුහාවට යන්නේය.
දැන් කාවේරි සිටි අසබඩ අහස් තලයේ තිබු මහා ධ්‍යානලාභී අවුට්සෝස සෙව්කයන්ගේ මහා වැඩවැරුම දරුණුය. ඔවුන් නැති නිසා මගහැරුනු කරගන්නට බැරිවුන රාජකාරි රැසකි. තුන්වන දිනයද උදාවිය.
අවුරශ්මියේ දැවෙමින්ද දූවිලි වලාවෙන් නැහැවෙමින්ද විටෙක හමන මහ සුලං රැල් වලට වාන් වෙමින්ද එක් අරමුණක සිත පිහිටුවා ගනිමින්ද කෙලෙස් මල හි අපිරිසිදු බව විඳිමින්ද ගෙවන මේ කටුක වූ මහා ගුවන්ගත සත්‍රග්‍රහය සේවකයින්ටද වේදනායකි.
අපව ස්ථීර කරවු. යන මහා හඩින් විටෙක ගුවන් ගැබ සිසාරා කෑ ගාන්නටද දෙවැනි දින සවස් වරුවේ සියලු අතපත්තු සේවකැයෝ පෙළඹුනි. ඉදින් විය යුතු පරිදිම වැටුප්ද දීමනාද සුළුවටක් දී මුන් නම්මා ගත හැකි වෙදැයි සාක්ච්චා මාර්ගික ක්‍රමයෙක් සැකසෙන්නට විය.
අතපත්තු ගේ අත පත්තුවක් මෙන් නිතර ඇලෙන මහා මානව කළමණාකාරීනියක් විසඳුම් සෙව්වාය.අපි මෙහෙම ජුංඩක් පඩි වැඩිකරමු. ඒත් සර් එක්කෙනාට ජුංඩ වුනත් තුන් හාරදාහකට ජුංඩ ජුංඩ එකතු වෙල ගොඩක් වෙනවා සර්.. අපිට ඒත් මොනාහරි කරන්න එපාය සර්.. කියමින් අතපත්තුවාට විසදුම් ඉදිරිපත් කරන්නට විය.
හුම් අපි ඒ ජුංඩට කට්ටිය කැමතිදැ බලමු යි මහා බමුනෙකුට ඔවුනගේ අදහස විමසනු පිණිස චිත්ත මාර්ගයෙන් පඩි ජුංඩ වැඩි වීම දන්වන මෙන් ඉල්වීය. වැඩිවන ජුංඩත් ඒ ජුංඩ වැඩිකොට ජුංඩ වැඩිකල පසු සියලුදෙනාටම මාස දොලහක් ගෙවන්ට වැයවෙන මහා ගානත් මහත් වූ වර්ණනාත්මක විලාසයෙකින් බමුණා විසින් සියලු ම ධ්‍යානලාභී අතපත්තු අවුට්සෝසයන්ට දැනුම් දෙන්නට පරචිත්ත විචාරී ආකාරයෙන් සම්ප්‍රේශණය කරන ලදී. නමුත් මහා අතපත්තු සේවක තැනක් ඒ පයින්ඩය වහා උකහා ගෙන ඌ, මෙයා එපා මේ ජුංඩ වගේ පහක් වත් ඕනි යැය් දැන් කියපල්ලාහ් යැයි වෙනත් පයින්ඩයක් ඇස් ඇම් ඇස් ආකාරයෙන් සියලු සේවක මනස් හී යවන්ට පටන් ගති. අහා..කිනම් ආශ්චර්යක්ද?
සියලු අහස් ගැබ..මේ ජුංඩ වගේ පහක් වත් දීපල්ලාහ්..යැයි නාද වන්නට විය.
2 වන පරිච්ඡේදය
පැළලුප් නුවරට සොළොස් ගවු දුර එක් තරා පුරයක් ස්ත්‍රී කර්මාණ්තයන්හි ප්‍රසිද්ධය. නාටක ආදිය පැවැත්වීම, නැටුම් ගැයුම් නෘත්‍ය ආදිය පැවැත්වීම..දූ කෙලින්ට කැමැත් අය දූ කෙළීමේ පහසුවෙන් යුතු එනුවර විනෝද කටයුත්තන්ටම ඇළුනක් විය. කාවේරි සිටි සිටි පැමිණි මහත් වූ උදර ඇති ටයි ඇති පුඟුලෙක් ඒ තැන්හි එක්තරා පායෙක මන්ත්‍රයක් සිදු කරති. එතැන සුන්දරී නම් වූ ගණීකා නිවාස අධිපතිනියකද ඇයගේ අතවැසි ගැහැනියකද වූයේය. රූප මදය වඩාත් තීව්ර වූ තරුණ අවධියේ සූන්දරී කුමාරයින්,සිටු පුත්‍රයින් පමණක් නොව ඇතැම් විට රජවරුන්ටද සේවා සැපයූ සුන්දරියක් විය. කලක් ගත වන විට ඇගේ රූපයේද කාය රසයේද තිබූ අලංකාරය කෙමෙන් අඩුවන්ට වූවත් උපක්‍රමයෙන් සැදි ඇය සිය මසුරන් ආදායම දිගටම පවත්වාගන්නට සමත් වූවාය.
තමා හමුවන්ට ආ පුරුෂයින් විවිධ වූ ජාතියේ ස්ත්‍රී පරාණයන් හා සංවාසයටද විවිද වූ පෙළහර දක්වා කරන්නා වූ අරුම පුදුම සංවාස විදියන් හිද කැමැත්තෝ වෙති. කුමාරයෝද රාජයෝද සිටුවරුද විවිධ උසස් පෙලේ තරුණයෝද ගැහැනුන් දක්නා පිණිසත් ලෝකාස්වාද රතියත් මූලික කොට ගෙන ස්ත්‍රී සැල් කෙරේ ඇදුනද උන් සියල්ලෝම එකමැ ආකාරයේ විනොද කටයුතු වලට ප්‍රිය නොවෙති. ඇතැමෙක් ස්ත්‍රින් ශරීරය අතගෑමෙන් පමණක් පූර්නවෙති. ඇතැමෙක්ට උවමනා කරන්නේ මළමුත්‍ර පහකොට ඒ මත්තේ සිට සිනාසෙමින් විකාර රූපි චර්යාවන්ගෙන් ලිංගික සැප ලබාගන්ටයැ. ඒ ආදී වූ නෘත්‍ය ගීත ආදී එක් කොටසක්ද? කෙලින්ම ස්ත්‍රි සුව විකුනන නමුත් පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය මනා ලෙස රැක්නා තන් බොහෝ ඇති විශාල පායක් සුන්දරීට හිමිවිය.
එහි සේව කල බොහෝ කෙල්ලෝ දිවඟනන් පරිද්දෙන් ශ්වේත වර්ණයෙන් සැදි කුමාරියන් වූහයි කියන්නේ නම් ඒ මුසාවෙකි. මනුෂ්‍ය චිත්තය විවිධ වේ.බෝ අය ධවල චර්මයෙන් යුතු රෝස මල් පරිද්දෙන් වූ තොල් පෙති ඇති ලක්ෂණ කාන්තාවන් දක්නට ආශා කරති. නමුත් ඇසට ප්‍රිය දසුනක් වුවද සෑම පුරුෂයාම එවන් වූ ඉටි රූප වැනි වූ ස්ත්‍රින් කෙරේම ලෝල වන්නේ නැත. එබැවින් ඒ සංකීර්ණ වූ මනුෂ්‍ය අවශ්‍යතාවයන්ට සරිලන සේද මනුෂ්‍යයාගේ ඇති නරක චිත්ත සන්තානයන් ඔප් නංවන සේද වූ විවිධ ආකාරයේ කැත ලක්ෂණ, ශ්වේත වර්ණ, ඡවි වර්ණ, උස් මිටි, කෛසඟ තරබාරු ආදී වූ විවිධ ආකාරයේ ස්ත්‍රින් ඇති මහත් වූ ස්ත්‍රී ගොවිපලක් වැනිව එය දිස්වන්ට විය.
මේ අභ්‍යන්තරය සලකා බලන්නේ නම් අපිට ඇසට පෙනෙන ගැහැනුන්ට වඩා ඒ තුල පීඩිත ව සිටින ස්ත්‍රිනගේ කතා සෝබරය. නමුදු වහලුන් එදාවේල සරිකරගන්නේත් ජීවිතය ගෙනයන්නේත් වහලුන් ලෙස හෝ ඔවුනගේ ජීවිතය යම් තරමින් හෝ ගෙනයන්නේත් වහල් මෙහෙය නිසාය. වහලා ට ජීවිතය යනු වහල් බවයැ. වහලා වහල් බවින්ද මුදා දැමිය හැකි නමුදු ඉන් මනත වහලා වැටෙන්නේ කවර නම් වූ තැනකටදැයි බෝ දෙනාගේ චිත්තය මෙහෙයෙවන්නේ නැත.
ස්ත්‍රී හු අන් කර්මාන්තයන්හී කටුක බව නිසාත් සිය ආත්මභව වලින් රැගෙන එන ලද්දා වූද ස්වකීය ජීවිතයෙන් ඔප් නංවා ගත් තා වූද යම් යම් අගතීන් හේතුයෙන් කරුම ස්ථාන වලට පත් වෙති. ඒ අවසන බෝ විට කහවනු කීපයකට කිසියම් පුරුෂයකුගේ රති සුව පිණිස සජීව ස්ත්‍රී වස්තුන් පවරා දෙන්නට ඇතැමෙක් යොමුවෙති. රක්ෂාවක් ලෙස සැලකුවොත් ඒ ද රක්ෂාවකි. මා අද මේ කහවනු කීපය දී ස්ත්‍රී සුව විඳිම්හ යි සිතමින් එන අය පව්කාරයෝ නොවේයැ..තරුණෙයෝය, පිරිමි මෙදයන් මත්වූ අයයැ. නමුදු එසේ එන අයට ස්ත්‍රී සුව පුදන ගෑනු නම් පව්කාරයෝයැ. උන් පිරිමින් නොමග යවතැයි සමාජයෙහි බෝ දෙනා කියති.
අතපත්තු නියමයෙන් කාවේරි සිටියෙන් නික්මුනු පුරුෂයා මේ සුන්දරීගේ ස්ත්‍රී සුව පායේ කුමක් කරම්ද? ඔහු මුදල් ගිවිස එයින් කොටසක් සුන්දරීට ගෙවා..ඉතිරිය කාර්යයේ යෙදුනු ආකාරයෙන් ලැබෙන නියාව දන්වා නැවත ගියේයැ. සුන්දරීගේ පායන්හි සිටි විවිධාකාර වූ ස්ත්‍රි හු විවිධ වූ ඇඳුම් පැළඳුම් ස්ත්‍රී රූ වඩවනා ලේපයන් සමග පැළලුප් නුවරට යන්ට තනන්නේය. ඇතැම් ගෑනු “ මේ සුන්දරී සැතිරිය කුමක් පිණිස රාත්‍රිෙය්ම අප පෙලන්නට තනන්නේද? මැයට නම් ගෑනුන්ට හිංසා කිරීමම මහත් සතුටු කටයුත්තකැ “ ආදී ලෙසෙන් ආඩපාලි කියමින්ම සැරසෙති. සිය අඩුම කුඩුම ආදිය මලු වලට ලා ගනිති.
කුඩා දුරක් යන්නේ වුවද ස්ත්‍රින්ට ඇඳුම පැළඳුම ගැන ඇත්තේ අවිවේක සිතකි. ඉදින් සොලොස් යොදුන් ගෙවා නව නුවරක දිනයක් දෙකක් ඉන්ට වන් කළ? ඒ බැවින් ඔවුන් හැකි විගස ඇති ඇදුම් ආදිය ලා ගනිමින් සුදුසු ඒවා කයට එළා බලා හැඩ බලමින් බඩු එකතු කරති. දැන් සියල්ලෝම යන්නට සැරසෙති.

3 වන පරිච්චේදය
අතපත්තු සේවක මහා ගුවන් සත්‍යග්‍රහයේ තෙවැනි දිනය පැමිනුනි. එහි නායකයා සේනකයෝය. සේනක එහි නයුවායැයි දන්නේ අතපත්තු අවුට්සෝස සේවකයින් ම පමණි. අනුන්ට දැනගත නොහී එය රහසක් කොට තබාගන්ටන වෑයම් කලෝය.
කාවේරි සිටි පායේ වීදුරු පිරිසිඳ ඇතුළ බල කළ දන් පෙනෙනුයේ අරුම දසුන්ය. සියලු වූ කෙලෙස් පෙන්වා සිත රැදි දැහැන බිදවා තමුන් මේ සත්‍යග්‍රහයෙන් ගලවන්නට උපා යෙදීමට හැකි යැයි බො හෝ දෙනා කලින් කතිකා කොට තිබුනි. නමුත් එන්ට එන්නම තත්වය දරුණු වේ.
ධ්‍යාන හැර පියා ලූ කල කෙසෙල් කඳන් සේ එක් වර පැහැර වැටෙන්නට හැකි වූ නිසා ඇතැමෙක් දෑස්පියා ආයතනය දෙස බලාගන්නට විය. නමුදු ආයතන තුල කුමක් සිදුවේද ආදී සිතුවිලි නිසා නැවත යළිත් කාවේරි සිටි දෙසම බලති. ඒ වූ කාවේරි සිටි වටකොට සිටි ගුවනේ අරක්ගත් සේවා වරන ලද සේවකයින් කැලට නෙතට අලුත් දසුන් ඇතුවා මෙන්ම විවිධ ආකාරය බෙර වීනා,ආදී කොට වූ නාදයන්ගෙන් මහා නාදද කරන්නට වන්නේය. දැන් ඇතැම් සේවකයෙක් ධ්‍යාන බලයෙන් අහස් හී සිටින්නේ කාවේරි සිටි හි දැන් දැන් ඇතුළත පේන මනලෝල දසුන් නම් අපිව බිම හෙළන සුලුය. එබැවින් අනෙක් දෙසක් බලම්හැයි සිතු කල්හි ඒ දෙසෙන් එන මිහිරි නාදය නිසා ඔහු යළි්ත ඒ දෙසටම ඇස යොමුකරන්නට ගති.
ඇතුල් තලා හී ඇත්තේ කදිම දර්ශනයෝය. ඇතැම් පුරුෂයේ මින් පෙර කලෙක වෛශ්‍යාවන් කරා ගොස් උන්ගේ නැටුම් ආදිය යාන්තමින් හැකි පමණ දැක තිබුනද මේ තරම් වූ විශාල ස්ත්‍රි පෙලක් දුටුවිඩක් ඔවුනගෙ මතක පොත් හී නැත.
උදෑසනම පිරිසිදු කරන සේවිකාවෝ පිරිසක් එති. දනිස් මට්ටමින් බොහෝ උස තෙක් දෙකලවා පෙනෙන සේ වූ ඒ ගැහැනුන් එළියට සිටින උන්ට පේන්ට දෝ නැමි නැමී අමදිති..පිසදාති. ඇතැමෙක් කැපූ කර තුලින් එළියට පනින්ට තනන සිරකර මිරිකා ලූ කිකිළියන් පරිද්දෙන් වූ පියොවුරු නැමෙන සේ නැමී සෝදා පවිත්‍ර කටයුතු කෙරති.
රාජකාරි පටන් ගත්තේ වුවද ඔවුනගේ ඉරියව් කදිමය. ඇතැම් කෙල්ලක අනිකාගේ පුකට තට්ටුයෙකින් සංග්‍රහ කරගෙන යන්නේ ඇය ගේ කිසිදු විරුද්ධත්වයකින් තොරවයැ. එසේ වී නොයෙක් ශරී විදාරනය කරන විදි යෙන් නොයෙක් කාමය උපදනා ආකාරයෙන් හඳින පලදින සරහින ලද අංගනාවෝ රැසක් කාවේරි සිටි වෙත අළුතින් එක් කර තිබුනි. විශේෂයෙන් ඔව්හු සේවාහි නිරත වන්නේ බෝ විට එළියට පේන තෙක් මානයේ වන පායන් හීම වේ.
වටින් පිටින් වැටෙන්නට යන හෙයින් වත්තන් කරගෙන පහලට ගෙනයන්ට සිදුවෙන පිරිස සත්‍යග්‍රහ කරුවන් අතර කෛමෙන් කෙමෙන් වැඩිවන්ට විය. සේනකයෝ සිය මොළය සිසාරා බලන්නේ විසඳුමක් නම් නැතිව දුර්මුඛව සිටිති. ඔවුනගේ වැටුප හෝ ස්ථිර කිරීම හෝ කිසිවෙක් ලැබෙන පාටකුදු නැත. නමුදු තවත් ඉදිරියට මේ ආයතන අභිමුව සත්‍යග්‍රහ කිරීමේ හැකියාවක් නම් තෙපිට නැත.
සත්‍යග්‍රහ කරන අවස්ථාව එළැඹ කල්හී ගුවනේ සිටිනු තබා පොළොවේ සිටියදී පවා පුරුෂ ඉන්ද්‍රිය සංවරව තබාගත නොහෙන තරම් වූ කාමාශක්ත දර්ශනයෝ දැන් දැන් කාවේරි සිටිහි ඇතුලින් පෙනෙති. පෙනෙන නියාවට නම් ඔවුහු කරන කාර්යාල කර්මක් නැත. ඔවුන් වඩාත්ම කරනුයේ පිටත සිටින උන්ට පේන සේ සෙළුව විදාරනය කිරීමත් එය උලුප්පා ලෑමත් පමණකි. නමුදු සිය අවට සිටින සේවකයෝ එතරම් කාලයක් භාවනාවේ යෙදුන උන් නොවේ. එසේම උන් බෝ දෛනෙකු ස්ත්‍රී සුව විඳ ඇතිමුත් මෙතරම් වූ කදිම ස්ත්‍රී දර්ශනයන් ගෙන් නොසැලී වැලකෙනු තරම් වූ අයද නොවෙති. ඉදින් විසඳුමක් නැතත් දැන් නම් සාකච්චාවට කාලයයි.
වහා අතපත්තු තෙමේ හමුවන්නට සේනක තෙමේ කතිකා කරගත්තේය. සේනකයාගේ ජල පොදක් නැති මුහුන දුටුවන අතපත්තු තෙම සේනකයා නම් දැන් පෙලී ඇතැයි සිතුවේයැ. එය සත්‍යයකි. සේනකයා කිසිදු වෙනසක් නැතිව කථාවේ යෙදෙන්ට ගිය නමුදු ඔහුගේ සරුවාංගයෙන්ම ඔහුගේ වෙහෙස පෙනේ.
අතපත්තුවාගේ සොච්චම ගත් සේනකයා මහා සේනාව අභිමුවට වන්නේ මහත් වූ ජයක් ලද්දාහු පරිද්දෙනි. නමුදු මින් පෙර දිනෙක සේනකලා විසින්ම මහ හඩින් එපා යැ කියූ සොච්චම පමණක් සේනකයින්ට පඩියට එකතු වන්ට නියමිත වන්නේය.
අප කරන්නට යෙදුන මහා සත්‍යග්‍රහ අනුභාවයෙන් සැලී ගිය මේ ආයතන පාලක තැන වහා සිය ස්තිර සේවය ද අකුලාගෙන එයට මනා කොට ලක්ෂණ අංගනාවන් ද බදවා ගෙන ඇත. එසේම එය තව දුර ගියොත් අංගනාවන් අපෙගේ සේවයද ලබාගන්නට එනු ඇත. ඒ ගැන කියා මම අතපත්තු නායක ඉදිරියේ ඝර්ජනා කළෙමි..ඔවු..ඔබ වෙනුයෙන් මා ගොස් අතප්තතුවා ඉදිරියේ සීහ නාද කළෙමි.
ඌ සැළුනි. උගේ සෙළුවද මා ඉදිරියේ විදාරණය වුනි. ඌ සියලු නීති ගෙනහැර මේ වර්ශය සදහා කහවනු බාගයක් පමණ මාසික වැටුපක් එකතු කරන්නට එකග වුයේයැ.
අපගේ සටන අපි ජයගත්තුමැය. එවිට ජනයා දින තුනක් සිට කුලී වැඩහි නිරත වුවත් කහවනු දෙකක් ගත හැකි නියාව අමතක කොට..අපේ සේනක නායකට ජයවේවායි ප්‍රීති ගෝෂා කලේයැ.
 මුල් කොටස සමග කතාව ඔක්කොම මෙතන

Wednesday, January 14, 2015

කෂුද්‍ර වහලුනගේ කතා වස්තුව 1


කෂුද්‍ර වහලුනගේ කතා වස්තුව
කොන්ඩඤ්ඤ සිටානන් ගේ කාවේරි ව්‍යාපාරය වූ කලී මහත් වූ ධන සම්පත් තිබූ ව්‍යාපාරයෙකි. එහි මූල ගර්භය පැළලුප් නුවර පිහිටි අතර ඒ මූල ස්ථම්භයෝ පැළලුප් නුවර පිහිටි උසැති මහල් අතරින් එකක් විය. ඒ මූල ස්ථම්භයන්හි සිට බැලූ කල පැළලුප් නුවර සිරි මොනවට විදහා පෙන්වයි.
අස් රිය පෙළැකි. එක් තැනෙක පස් පියුමින් සැදි පොකුණකි. තවත් තැනෙක ඇතුන් හා කෙළන කුමාරයෝය. වැඩි විය පැමිණි සිටු පුත්‍රෙයෝත් කුමාරවරු කිපුනු ඇතුන් මෙල්ල කොට නිපුන වී ,ඊටත් වඩා හත් කෙළක් අන්ත වූ ස්ත්‍රී ජාතියේ කුමාරිකාවන් හා පෙම් කෙළින තැන් එනුවර විය. . මහළු වී ගිය ඇතැම් බමුණෙක් සිල් රක්නා පිණිස බණ භාවනා පිණිස කෙලක් නොපෙනන දඹදිව් තලයේ කෙතෙක් වනපෙත් තිබුනත් කුමාර කුමාරියන් පෙම් කෙළින උයන් අසබඩම බවුන් වඩන්ට තෝරා ගනිති. ඒ බැව් දන්නා ඇතැම් කුමාර කුමාරියෝ වනයට ගියත් මුන්යැ..ආශ්‍රමයට ගියත් මුන්යැ..රජගෙට ගියත් මුන්යැ.. කියා සිල් රකින බණ තලන බමුණෝ නම් ඇති වැඩෙකුත් නැත..නමුත්නැති තැනෙකුත් නැතැ,යි පිලිකෙව් කළහ. නමුත් බමුණන්ටද ගෑනුන්ගේ නරක ගුණත් උන්ගේ පිළිහි අඩු ලුහුඩු කනුත් පවුල් කන ගෑනු මිනිස්සුන්ගේ අඩු පාඩුත් හැර වෙන යමක් බණකට ගන්නට ආසාවක් නොමැත. එළොව බලන්නට සළු පොරවන් සිටියත් මෙළොව ඇති විසිතුරු රස ඇති ස්ත්‍රී මාංශ දෙසැම බලා උන්, ඒවාම පිළිකෙව් කරමින් එහෙත් බණ කියමින් කල් මරති.
කොන්ඩඤ්ඤ සිටානෝගේ මහත් මහල් ප්‍රාසාදය කාවේරි සිටි නම් විය. කාවේරි සිටි හි මහල්තලා හී සේවය කරන ලද ගෑනු මිනිස්සු ගනනින් සාර දහසෙකි. එයින් දහසක් ස්ථිර සේවකයෝයැ. ඉතිරිය කළමණාකරණ කූටෝපක්‍රමයක් හරහා අඩු පඩියට ගත් අවුට්සෝස නම් වූ පිළීවෙලකින් ආයතනගත වූ අයැමැ විය. ඒ කියන ලද අවුට්සෝස අයවළුන් බඳවාගන්නට ඇත්තේ කදිම ක්‍රමයෙකි.
දිසාපාමොක් ආචාරින් ළඟ වර්ෂ ගනන් අකුරු කොට සියලු ශිල්ප හදාරා ඇතැයි පිළිගත් ඇතැම් පුරුෂයෝ සහ අංගනාවෝ එළියට බට කල පංසලේ සිටින ඇබිත්ත කොළුවා තරම් වත් රටේ තොටේ දැනුමක් නැත. දිසාපාමොකයා දෙන දෙයක් ගිල..ඌ කියන දෙයක් අසා පියා..තව දිසාපාමොකයා හා සමාන උන් සිටී නම් උන්ගෙන්ද බණ අසා මහත් බර පුස්කොළ වන පොත් කොට විභාග තොග ගනනින් සමර්ථ වුවද උන් එළියේ සමාජ ඇසුරේදී එතරම් කෙළි පාන්නට දක්ෂයෝ නොවෙති. එසේ හැකි වුන් ඇතත් ඒ සුවල්පයකි.
රාජ භාන්ඩාගාරයෙන් මසුරන් දිසාපාමොක් ආචාරින්ට ගෙවා මහත් මිල ගෙවා ඒ වටිනා පුරුෂයෝ සහ ගෑනු එළියට ගන්නා හෙයින් උන් වැනි උගත්හු මිල වැඩිය. උන් ඉල්ලන දේවල් වැඩිය. සාරදහසක් සිටින තැන මහා නිල තල වල සිටින ඇත්තෝ දහසක් නම් ඉතිරිය විය යුත්තේ සාමාන්‍ය පුද්ගලයෝයැ. නැතහොත් සුළු සේවකයෝයැ.
කොන්ඩඤ්ඤ මහ සිටා කූට මොළයක් ඇත්තෙකි. ඔහුගේ පරිවාරයේ සිටින උසස් නිල වල උන්ද ඔළු කිහිපයක් ඇති නාගයින් මෙන් හිස් කිහිපයකින්ම කල්පනා කරති. කොණ්ඩඥ්ඤයාගේ කාවේරි ව්‍යාපාරය මහත් බලවත් එකෙකි. අපේ දෝනියැන්දෑ..අපේ මල් බෑයන්ගේ දෝනියැන්දෑ..මා ගේ සොර අඹුවගේ පුත්‍රයා..මාගේ නෑනන්ඩියගේ එක්කුස උපන් වඳ පුංචි අම්මාගේ පුත්‍රෙයා් ආදී වූ නෑයින්ගෙන් අඩුවක් කොන්ඩඤ්ඤයාගේ සහ සම්බන්ධ බන්ධූන්ට නොවීය. එනම් කොන්ඩඤ්ඤයා ව්‍යාපාරික වශයෙන්ද දේශපාලනික වශයෙන්ද සමාජීය වශයෙන්ද දන්නා කියන බොහෝ දෙනා කොන්ඩඤ්ඤ ව්‍යාපාරවල අනුහස් දන්නේ සිය සනුහරේ එකෙක් ඒ මහා ආයතනැයට රිංගවන්ට වැර වෑයම් කොරති.

මෙසේ ඉල්ලන සියල්ලෝම මා ගේ යටතේ බන්දාගතොත් මා හට ව්‍යාපාර කරනු නොව කල හැක්කේ හිඟන දානයක් වැනි එකකි. එසේ එක එක මට්ටම්හි සිටින නෑදෑ පිරිවර සහ දන්නා කියන උන්ගේ උන් මා හට මෙ මහ ව්‍යාපාරයට එබ්බිය නොහැක්කේමය. එනැයින් මේ සඳහා නව යාන්ත්‍රණයක් සොයාගත යුතුයැ හේ තෙමේ සිය බිරියට සිරියහන් ගබඩාවේ දී කියන ලද්දේය. කොන්ඩඤ්ඤයාග් බිරිය වූ පද්මාවතී මනරම් ලෙස පෙනෙන එකියකැ. ඇයට වඩා හත් ගුණයක් ලක්ෂණ උන් අඩු කුලවල සිටියත් කුලවන්තියන්ට පමණක් ඇති වටිනා සළු...විලවුන්..රූපාලංකාරන ප්‍රෙයා්ගයන් ගෙන් වඩාත් ඔපවත් පද්මාවතියට එක් සැමියෙක් ගෙන් නම් සෑහිමකට පත් විය හැක්කේද? හැකියැයි සිතුනත් එසේ නොහැක්කේමය.අපේ වල් පාඨකයා සිතන පරිදිම ඇයට තවත් සොර මිනිසෙක් විය.

කොන්ඩඤ්ඤයා මේ දිනවල මහත් අවුලෙක. හේ මහත් බලවත් ව්‍යාපාර රැසක් හිමි කෙනෙක් වන් හෙයින් දෙස්පලුවෝද, නිළධාරිද, කුමාරවරුද, නෑයෝද, මිතුරෝද සිය දරුවෝ හෝ සහෝදරයෝ කාවේරි ව්‍යාපාරයේ වැඩට ගන්නැයි කියති. උන්ට දැන් ගෑනුන් ගැන බලන්නටත් නැති තරම් කරදර ඇතැ වී ඇතැයි පද්මාවතිය සිය සොර සැමියා වූ අතපත්තු තෙමේ දැනුවත් කෙලේය.
කොන්ඩඤ්ඤයාගේ ළඟමැ සිට උගේ ගෑනියට සතියකට වරක් කටුව ගසන්නට සමර්ථ වූද, එය කොන්ඩඤ්ඤයාගෙන් සඟවා තබාගන්නට සමර්ථ වූද අතපත්තුවා නම් ලේසි පාසු යකෙක් නොවීය. ඌද උපාය උප්පරවැට්ටියන්හි කෙළ පැමිණි එකෙකි. උගේ ඇති යටි කූට්ටු කම් යම්තාක් දුරට කොන්ඩඤ්ඤයා දන්නේ වුවද කාවේරි නොව කවර නම් වූ සාර්ථක ව්‍යාපාරයකට වුව මුන් වැනි යටි උගුල් කාරයින්ගේ හොද පැත්ත වැදගත්යැ සලකා ඌ උගුල් කාරයින්ටද උගුල් අටවනු පිණිස සේවකයින් පරිපාලනයේ මහ තනතුරක් පිදීය.
අතපත්තුවා මූලිකව කොන්ඩඤ්ඤ අනුහසින් මින් දස වසරකට පෙරාතු මේ අවුට්සෝස නම ්වූ ක්‍රමයට සේවකයින්කාවේරි වලට බඳවාගති. සංදේශ උරයක් එක් තැනක සිට තවත් තැනකට ගෙනයන සංදේශ සහායක එකෙක් කාවේරි වලට කෙළින්ම බඳවා ගන්නේ වී නම් ඌ විභාග තුනකට මුහුන දී ඉන් දෙකක් සමර්ථව තවත් භාෂා හා යන්ත්‍රවල පළපුරුද්ද ආදී ශිල්ප ගනනාවකට මුහුන දිය යුතුය. නමුත් ඌ විශාල වැටුපක් ගෙන කහවනු දහස් ගනනක් ගත්තේ වුවද උගේ රාජකාරිය වන්නේ සන්දේශ උර එහා මෙහා ගෙනයෑමයැ. අතපත්තුවාද ඒ අංශයද සිතුවේ..
පෙටා පෙදෙස බඩු කර තබාගෙන අයින් අයින් යැයි තෙපලමින් ඉදිරියට ඇදෙන මළු ගෙනයන්නා මූන්ට වඩා කාර්යක්ෂමයැ. නමුදු පෙටා නුවර සිටින දළදඩු උන් මෙවන් ආයතන සේවයට ගත නොහැකි නිසා මූ වැනි සංදේශ සහායකයෝ වැනි උන් අවුට්සෝස ක්‍රමයට ගත යුතුයැ. උන් මහත් වූ සුදුසුකම් තානාන්තර විභෘග දිසාපාමොක් සහතික ආදිය නොමැති වුවාට කම් නැත.
අතපත්තුවා අතගහන්නට යෙදුන බොහෝ ස්ත්‍රි සමාගමයන්හි ඈත නෑයින්ට පවා කාවේරි අවුට්සෝස හි රක්ෂා ලැබුනි. දෙස්පලුවෝ, ගීතකාරයෝ, කලාව කෑමෙන්ම සිය බඩ මහත් කරගත් කලාමකුනෝ, කුමාරයෝ, බමුණෝ, බෑයෝ, නෑයෝ ආදි සියලු දැන හැදුනුම් කම් වලට කාවේරි අවුට්සෝස හි සේවකයින් බඳවාගති. ඔවුනට ලැබෙන මසුරන් පමණ තරමින් අඩුයැ. පළමු කොට කාවේරි සිටි හි ස්තිර සේවකයින්ට ගෙවූ මසුරන් තරමින් තුනෙන් එකකි මේ නව අවුට්සෝස සේවකයින්ට ලැබෙන්නේ.
මනාකොට හැඩ වැඩ ඇති දනවුවැසි ස්ත්‍රියකට නම් සොඳ අන්තංපුරයකට එකතු වන්නට ඇතිනම් මනාය. එසේ නොවී නම් කුමාර සිටු පුත්‍ර සහ වෛශ්‍යයින්ගේ මනදොල පිණිස ඔවුනගේ ඇගේ තෙල් තවරා තැලීමේ ආදී රක්ෂා ලේසියෙන්ම හැඩ වැඩ ඇති ස්ත්‍රින්ට සොයාගත හැක. එසේත් නැතිනම් වෙනත් දුර දේශාන්තර වල සත් සමුදුරෙන් එපිට තැන්හී කාන්තාරයන්හී පීරිසියක් වන තුරු ඇරාබීන් හී සල්මානු ගෙහිමියන්ට උදව් පදව් කල හැක. එයින් ගිය තැන ඒ ස්ත්‍රින්ට ලැබෙන සැපයෙක් නැත. ගෙහිමියන් සමග ලෝකාස්වාද රතියට අවස්ථාව ලැබුනේ නමුදු එයද තමා රුචි පුරුෂයකු හා සැපය විඳිනවා තරම් ආශ්වාදයක් වේද? ලැබෙන සොච්චමත් කෑම බීම ලෑම හෝ ඇදීම ලැබෙන නිසාම ඔවුහු ලැබෙන දුකක් සැපයක් ලෙස සලකා පීරිසියක් වන තුරු එහිම දුක් ගෙවති.
මහරජතුමාගේත් කුමාරවරුන්ගේත් ඔහුගේ සමාගමයෙහි සිටින රජු රිසි සියලු දෙනාගෙත් අදහස වූයේ පැළලුප් නුවරත් විසල් රටත් මහත් වූ යස ඉසුරින් ආඩ්‍ය වූ තැනැක් ලෙසයි. රජතුමාටත් පරිවාර රාජ කැමති පුත්‍ර නෑදෑ නිලධාරී ආදී බන්ධු ජනයාට රිසි වූ සම්පත් රිසි සේ ලැබුනනමුදු දුක්පත් ජනයෝ බොහෝ දුකින් කාලය ගත කලෝයැ.
ඇතැමෙක් පෙර කල කරුමයක් නිසා හෝ දුක්පත්ව සිය දුවනියට උගත් පුත්‍රයාට රක්ෂාවක් ලබාගනු රිසියෙන් රාජ මාන්‍ය මහාමාත්‍ය ආදින්ගේ කැසිකිලි වැසිකිලි පවා ශොදා පවිත්‍ර කොට රජ දක්නා හැකි තැන් වලටැ ගොසින් රජ බැහැදැක සිය දුක කියන්නට වාරයක් එත්දැයි බලා සිටින්නේ ....සාගින්නේ සිටින වලක වැටුන බලු කැනහිළුන් රැසක් ගොදුරක් එනතුරු උඩ බලාගෙන සිටින්නාක් මෙනි. නමුත් රාජවාහිනීන්හි මීට කල්ප භාගයකට පෙර කරන ලද මහා යුද්ධයක වරුණාවත් යුද්ධයට පෙර තිබූ අවි බිය, මරණ බිය, ත්‍රාසය වැනි භිතිකා පෙන්වා මනුෂ්‍යෙයෝ මුලා කරති. අද දින දවල්ට බුදින්නට යමක් සොයන සිඟන්නන් වැනි දුක්පත්ම ජනී ජනයා පවා ඒ අතීත යුද්ධයෙන් මුලාවට පත්ව රාජ මහා දන්සැල් වලින් බෙදන දෙයක් වීනම් එය මහත් භක්තියෙන් ගෙන රාජපක්ෂ වී සිටිති.
අතපත්තු අවුට්සෝස හි ද සේවකයින් බඳවාගන කාවේරි ව්‍යාපාරයන්හි අනුයුක්ත කරන ලදුව සාර්ථකව අවුට්සෝසයෝද, මහා ඇත්තෝද එකම පායෙක එකම රාජකාරියෙක නමුත් වෙනස් වූ කහවනු ප්‍රමාණයන් පිණිසැ වැඩ කරති. අතපත්තු අවුට්සෝස හි අතපත්තුවා නම් දිය යටින් ගින්දර වැටුනු ස්ත්‍රියක් ගෙනයන්නට තරම් වූ සවිමත් එකෙකි. එබැවින් ඌ මේ අලුත තැනූ කොම්පැනි කැටයෙන් කාවේරි වලට යවන සේවකයින්ගේ පඩි කොටසක් ඩැහැගත්තේ බදු කොටසක් ඩැහැගන්නා වැනි වූ සාධාරන විධීයෙකිනි.
කොන්ඩඤ්ඤයන්ද අතපත්තුවාගේ මේ සුළු දූෂණය දුටුවේ වුවද, අතපත්තුවා සතු රාජපක්ෂ වූ හෙයින් අැති බලයත්, කොන්ඩඤ්ඤයාට ඇති ව්‍යාපාරික ඥානය අනුව අතපත්තුවා මගින් එන සේවා කාරයෙකුට ගෙවිය යුතු මසුරන් පමණ සැලකිය යුතු ලෙසම අඩු වූ නිසාත්, මසුරන් අඩු වූවාට උනගේ සේවය අඩු නොවූ නියාවත් නිසා කොන්ඩඤ්ඤයෝ අතපත්තුවාගේ ගති ඉවසීය. එසේ ඉවසීම හැර අතපත්තුවා තලන්නට ගියා නම් ඇතැම් විට කාවේරිත් නැති වී කොන්ඩඤ්ඤයාගේ පරාණය පවා නැතිවන්ට ප්‍රස්ථාවක් තිබෙන්නට විය.
වසර පහක් ගිය තැන අතපත්තු අවුට්සෝස මගින් කාවේරි වෙත සේවය පුදන සේවක උන් සිතන්නේ..අප අර කෙරුම්කාරයින්ගේ හසුන් වලින් රැකියාවට ආමු. අපිට ලැබෙන මසුරන් මදියැ. එළියේ ගියතැන අපිට රැකියාවක් සොයාගැන්මට අපාසු වුව අපිට මේ රැකියාවට ලැබිය යුතු මසුරන් ටික මූ නොදෙයි. මහ කාවේරි ප්‍රධාන කොන්ඩඤ්ඤයා දෙන්නේද අනික් ස්තීර උන්ට වඩා බෝ සෙයින් අඩු සොච්චමකි. එයින්ද ටිකක් අතපත්තුවාද කයි. මේ සොච්චමින් අපි කවර නම් වූ කලෙක බී ඇම් ඩබ් බෙන්ස් ආදී සෛන්ධව අස් වාහනයක් තබා පැන්ඩා මරුති ආදී වූ කොටළු බූරුවෙකු වත් ගනුම්ද? නිදහසේ ලෝකාස්වාද රතියේ යෙදෙන්නට මහා මාලිගයක් පායක් නැතත් අසුවල් කාර්ය දරුවන්ගෙන් ඈත්ව කොරගන්නට අපිට කාමරයක් මේ මසුරන් ටිකෙන් ලද හැකිද? ඈත පර දේශයන්හි යස ඉසුරු බලන්ට තබා අපේ නෑදෑ යාළු මිත්‍රයින් සමග සීත පළාතක් බලාගන්නට සවාරියක් වත් යන්ට මේ කුඩා මසුරන් සොච්චමින් හැකිද?
මෙසේ පඩි මදි නිසා මැසිවිලි කිය කියා නොසිට යමක් කළ යුතුයැයි එකතු වූ උන්ට නිසි දැක්මෙක් තිබිය හැකිද? විවේක බුද්ධියෙන් විමසා මඳක් පුරාණ ග්‍රන්ථ යන්හි ඇති ධර්මතා සැලකුවේ වුවද එක් එක් බලවතුන්ගේ එක් එක් අනුහස් වලින්ද එක් එක් ජාතියේ සුදුසකම් පූර්ණත්වය මතද එක් එක් තනතුරු වලට බඳවාගත් පිරිසක් එක විදියකට සිතන්ට පෙළැඹීමක් මෙලොව දී නම් සිදු විය නොහැක. එක් රැකියාවකට ස්ථරයකට එක් ආකාරයේ සුදුසුකම් සැලකීමක් නොවී යම්තම් සේවය පමණක් ඒ ලබා ෙදන අඩු පඩියට කිරා මැණ බලා උගෙන් තවත් සේවයන් ගත හැකිනම් එයද මිරිකා ගන්ට තරම් යාන්ත්‍රන විදි ආදිය සකසා ඇති ක්‍රෙමයක පැවැත්මට මේ වැනි විවිධ වර්ණ වූ තත්වයැ ගැලපෙන්නේමැ විය.
ඉදින් කාලයක් ගිය තැන රාජ අනුහස මහ රාජ පුටුවේ සිට පහළට අඩුවන්ට පටන් ගත්තේ දෙවියන් රජතුමා හැර වෙනත් රාජ කෙනෙකුන් වෙත ඇදුන නිසාදැයි කිසිවෙක්ටත් වටහා ගන්නට නොහැකි විය. දෙවියන් මාරුවන වේගයට රාජ බලය කවර කුමාරයෙක් අත පත්වේදැ යි වටහා ගත නොහැකි කාලයක් උදාවිය. මහා රාජ බලවත්ව ඇතත් ග්‍රහ පිහිටීම් අනුවත් කාල වේලාව අනුවත් නව කුමාරයෙක් පත්විය හැකි නව මානයක් සැම දෙසෙකම පෙනෙන්ට විය.
ඒ අතැර මහ රාජතුමාද සියලු සේවකයින්ගේ මනාපය මත දේව අනුහස ලැබෙන බව සක්සුදක් සේ පැහැදිලි වන් කල සේවක කැමැති බව තහවුරු කරගනු වස් රාජ සේවයට අමුණා ඇති දින ගනන් සම්පූර්ණ කල උන් සියල්ල රාජ සේවයට ගත යුතුයැයි අදහසක් කිව්වාහුය. රාජ සේවයේ අමුණා ඇති වුන් මෙන්ම රාජ නොවන සිටු ව්‍යාපාරහි වැඩකරන උන්ද එසේ කොල යුතුනම් හොදයැයි නොකියා කියන අදහසක්ද රජ තුමානන් වහන්සේ විසින් වදාරන ලදුව මහා රාජ චින්තන පොතේ පඩිවරුන් විසින් කළු අකුරෙන්ම ඒවා ලියන ලද්දේද විය.
රාජ්‍යයට බලය සපයන මහා බල කඳවුරුක වූ එවන් අවුට්සෝස සේවකයින් රැසක් එකවර ගත යුතුයැ රජතුමා කීවේය. රජතුමාගේ බොහෝ අදහස් පොත් වල ලියැවුනි. සන්දේශ වලද කියවුනි. නමුදු රජතුමානන් ගේ කිසිදු අදහසෙක් ක්‍රියාවට නංවන විධියක් පේන තෙක් මානයේ නොවීය. රජතුමාගේ අදහස් පොත අවුරුදු ගනනාවක් පරණය. එහි අදහස් ඇතැමක පුස් අල්ලා සෙවල බැඳී ඇත. විටෙක රජතුමා නැවත ඒ සෙවලද පුස්ද දූවිලිද පිසලා නැවත ඒ අදහස මතුකරගෙන ඇමැත්තන් හෝ රාජ වල්ලභයින් ලවා කියවති. නැතිනම් තුමූම යළිත් ඒ අදහසම කියති. ඉන් මනත සතියක් මාසයක් දින ගනනක් යන තුරු රාජ සන්දේශවලද, රාජවාහිනි වලද, රාජ අනුහස ඇති සෑම තොරතුරු තුඩු වලැදැ අර රජතුමාගේම පුරාණ මල කෑ අදහස යළිත් යළිත් ලියවෙති, කියවෙති, එය වර්ණා කරති.
මල බද්ධය තැනුන කල බෙට්ට දාගත නොහී වරු ගනන් වැසිකිලි කට මත පස්ස තබාගෙන තටමන ඇත්තෝ බඩයන බේත් බලයෙන් එක්වරම සිය මළ කදම්භය වැසිකිලි පෝච්චිය සිසාරා විහිදුවන්නේ යම් සේද අතපත්තු අවුට්සෝස මගින් කාවේරි ව්‍යාපාර මත අමුණන ලද සියලු සේවකයෝ එක් දිනක පෙළහැර දැක්වූයෝය. ඔවුහු සියල්ලෝම ගොස් බමුණෙකු හමුවීය.
ඇතැමෙක් කිවූ පරිදි ඔවුහු හමු වී ැඅත්තේ මීලග රාජ පුටුවට එන්නට වරම් ඇති රාජ කුමරයාන කෙනෙකුගේ අතවැසි බමුණෙකි. බොහෝ බමුණෝ ඒ විරාජමාන වූ මහා රාජොත්තමයන් වහන්සේගේ ගුණම ගයන්නෝ වූහ. ඔවුහු සිහෙනෙනුදු රජතුමා කල්ප භාගයකට පෙර කරන ලද යුද්ධයේ රිදී රේඛාවන් දුටුහ. රජතුමානන් ගේ පය ලන වසුරු පවා උන්ට අනුව මහත්ඵල මහානිශංස ලබාදෙන වස්තුන් මෙන් විය. එවැන්නන් ගෙන් ධර්ම අසා හෙම්බත් වූ අතපත්තු අවුට්සෝස සේවකයෝ වෙනත් මගක් ගත් බමුණෙක් හමු වී උපදෙස් ගත්හ.
සියලු අවුට්සෝස අතපත්තු සේවකයෝ දිනක් වැඩ වරා භාවනා කරන ලදහ. අලුත් මන්ත්‍රයක් තන්ත්‍රයක් ආධාරයෙන් වේගයෙන් භාවනාවේ යෙදුන අතපත්තු සෙව් කැල වැඩ වරා භාවනාවේ දෙවැනි දවසේ මධ්‍යහ්නය වන විට බොහෝ දෙනාට මීටර සියය් වුව උස යා හැකිද ගොස් අහසේ කාන්දමකින් ඇලවූ යකඩයක් මෙන් සිටගන සිටිය හැකි වූද අනුභාව ලැබීය.
අතපත්තුවාද කාවේරි ව්‍යාපාරයේ මහතැන්ද කැළඹුනු මුත්. උන් ගියාට ආයේ නෑවිත් ඉන්නෙ නැහැ. ඔය භාවනා ඔක්කෝම කාම නිමිත්තක් එනැතුරු පමණයි. එබැවින් අපි කාම නිමිති මොවුනට දක්වම්හෝ යැයි සිතීයැ. එවිටම ඒ කරන ලද ඉරට්ටේ සංඛ්‍යාවක කන් මන්ත්‍රය දිවැසින් දුට එක් සේවකයෙක් සිය සේවක කැල සිසාරා සිතින් පණිවුඩයක් යැව්වේයැ.
දැන් මහා කාවේරි සිටි මහළ වටේට ගුවන්ගැබ ධ්‍යානබලයෙන් අහසේ වැඩ සිටින සේවකයෝ රැසකි. අතපත්තු අවුට්සෝස සමාගමැ උන් භාවනා කර ධ්‍යාන ලබාගෙන ඒ ගුවන්ගැබ සිට සිය විරෝධතාවය දක්වති. එතැනින් යන එන උන් කාවේරි සිටි ව්‍යාපාරයේ අදනම් අමුත්තැකි. කිසියම් වූ තොරතුරක් රාත්‍රිෙයහි දැකගත හැකි වෙතැයි රූ වාහිනි සහ සන්දේශ වලින් මේ ගැන වැඩිදුර විස්තර දැනගනුම් යැයි සිතා එතැනින් අහස වට කොට සිටින කාවේරි සි හි සේවා නියුතු සත්‍යග්‍රහ කරන අතපත්තු අවුට්සෝස සේවකයින් දෙස බල බලා යති.
සියලු වාහිනී නාලිකාවන්හිද, සංදේශ පත්‍රයන්හිද ලියන්නෝද කියවන්නෝද ඒවායේ කීචී බීචි ගාන උන්ද මේ දසුන බලා ඒවා රපෝර්තු කරන්නට පැමිණි මුත් කාවේරි අධිපති තුමාට වූ බලය ඉදිරියේ දණ නමන්නට විය. කාවේරී සිටි ව්‍යාපාර වල දැන්වීම් රැසෙකි. ඒවාවිවිධාකාර නාලිකා ඔස්සේ ජනයාට යැවෙති. එක් නාලිකාවක කුඩා දැන්වීමකට කාවේරි සිටි මගින්විසල් මුදලෙක් මාධ්‍ය වෙත නිකුතු කරති. ඉතින් මේ දැන්වීම් ටික මේ වාහිනී වලටත් සන්දේශ කරුවන්ටත් මහත් සම්පතකි. ඉදින් ඒ දැන්වීම් ටික ලැබෙන මග නැතිකරගෙන සේවකයින් වෙනුයෙන් ඔවුන්ගේ සත්‍යග්‍රහ වෙනුයෙන් ප්‍රවෘත්ති පලල කරන්නට තරම් සමත් කිසිදු ප්‍රචාරන කාර තැනක් සමර්ථ නොවීය. කිසිදු ප්‍රචාරන විධි ක්‍රමයකින් මේ මහා අවස්ථාව ජනතාවට ගියේ නැත. එතැන කාවේරි සිටි පසුකරන අය පමණක් මේ දසුන දකින්නේමය. නමුදු කිසිදු විස්තරයක් කිසිවෙක් නොදනිති.
එනයින් ධ්‍යානයෙන් අගතැන් වුවද බුද්ධියෙන් මද වූ අතපත්තු අවුට්සෝස සේවකයෝ බිමට බැස විවිධ දැන්වීම් ඉල්ලීම් පපුවේද කකුල්හිද ලා ගෙන මිනිසුන්ට පේන්නට ඉන්නට වන්හ. නමුත් මේ ගැන හාංකවිසියක් නොදන්නා වූද තමුනගේ බඩට වැටෙන මාද්දිය වලින් ඔබ්බන්නට තනන විසිතුරු දෙහි ඇලෙන ජනී ජනයෝ මේ කුමණ විගඩමක්දැයිද? මේ නම් කාවේරියාගේම ව්‍යාපාර වර්ධන වැඩක් විය යුතුයැ සිතා එකලැ ධ්‍යාන ලාභීහු එකලැ දුරුලභ නොවූ හෙයින් මිනිසුන් එය මහත්කොට සලකන්නට ගියේ නැත.

දෙවනි කොටස හෙට..
මුලු කතාවම මෙතන