Saturday, December 7, 2019

අවාරේ එරත්නෙන් පටන ගත්තා

බස් වෙලෙන්දෝ

අම්බලමක් ලග

ගල්තලා මතින් වැස්සේම

වැස්සට නොනැවති

තවත් අම්බලමක් ලග

ඈත කදුකරය සහ අපි


පොටෝ ගන්නමිතුරන්

අතරමග හමු වූ පංසල

වැසි කාලගුනය යට කදු

පාරයිනේ බඹර වදය

ඈතින් පේ්න සිරිපා ඉම

රෑයට ආලෝකය

රැය පහන් කල අම්බලම

සීත ගගුල අම්බලම

කහපාට මලක්

මුලින්ම හමු වු අම්බලම

කදු සහ මල්

අම්බලම්පාලුවා නැමැති මැස්සා

ඩයමින්ගල
අවාරේ එරත්නෙන් සිරිපා කරුණාවක් ගියා. අපි බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන සෙනසුරාදා උදේම කොටුවට එකතු වුනා. පිටකොටුව බස් නැවතුම්පොලට සෙට ේෙවලා රත්නපුර ොහ් ඇඹිලිපිට බස් එකක නැග්ගා. බස් එකේ එදා ටිකක් බිසී. එකෙක් මාරුවට එකෙක් සංචාරක වෙලෙන්දෝ සහ හිගන්නෝ ආවා. සමහර හිගන්නෝ ගහගන්න වගේ. උන් හොර මැරකම් නොකර හිගාකන එකට අනුග්‍රහ වසයෙන් අපි උන්ට සල්ලි දෙන්න ඕනි. අනේ හුකේ.. මම නම් හිගන්නෙක් අර මුගලන් හාමාදුුරුවෝ වගේ අහසේ පලක් බැදගෙන ඇවිත් කීයක් හරි ඉල්ලුවත් සත පහක් දෙන් නැහැ.. 
ඉතින් අපි කුරුවිටට සේන්දු වෙද්දි දවල් 11.30 විතර වෙලා. එතනින් තිබුන එරත්න බස් එක එතකොට ගිහින්. අපිට ඊලගඑරත්න බස් එකක් එනකල් ඉන්න වුනා. ඒක 12ට විතර යයි කියාල හිතාන හිටියත් ඒක අදිනකොට 12.45 විතර වුනා. හප්පා බස් එකෙත් වෙලෙන්දොයි හිගන්නොයි. කුරුවිට ස්ටෑන්ඩ් එකට ත්‍රීවිලර් එකකින් ලොකු ස්පීකර් පෙට්ටියක් මයික් සෙට් කක් එක්ක අන්ධයො ජෝඩුවක් බැස්සා. හරිම කැතට ඒ අන්ධ ගායිකාව සින්දු කියනවා. ලිරික්ස් එමෙත් වැරදියි. අර පීකරෙන් මුලු කුරුවිටම දෙවනත් වෙන්න සද්දේ. ඉතින් මේ කට්ටිය හරිම සංවිධානාත්මක උදවිය වෙන්න ඕනි. එතැන ඇවිත් බෆල් එක අටවගෙන ඒක හදාගන්න කල් ත්‍රිවිලර් එකේ ආපු බුලට් එක ඈතට වෙලා බලන් උන්නා. සිංදු කියන් පටන් ගද්දි බුවා හෙමිහිට ටිකක් මාරු වුනා. 

අපි එරත්නට ඇවිත් හොද වෙලාවට අඩවි කන්දටත් ආවා. අඩවි කන්ද තියෙන්නේ එරත්නටත් පොඩ්ඩක් එහා. අඩවිකන්දට එරත්න ඉදලා කිලෝමීඨර 3-4ක් තියේ. අඩවිකන්ද ලගින් තමයි සිරිපා නගින පාර පටන් ගන්නේ. එතැන අවාරේ නිසා කඩවල් වැඩිය ලකයක් නැහැ. ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියන්න වගේ ඒ අඩවිකන්ද බස් නවත්වන තැන කඩේ ලක්ෂණ කෑල්ලක් උන්නා. ඒකට සුන්දර පුකක් සහ හැකර කටක් තියෙනවා. ලස්සන එලිෆන්ට් පෑන්ට් එකකින් සහ සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසිලා හිටිය ඇය අපි කඩේ ඇතුලේ තේ එකක් බොන්නට අපිව පෙළඹුවා. 

එතකොටත් වැස්ස. වැස්ස ලාවට තියෙනවා. ඉතින් අපි බඩුබාහිරාදිය ගොඩක් අරන් තිබුනේ. අමතක වුනු දත් බුරුසු සබන් වගේ ඒව ටිකක් ඒ හැඩකාර යුවතිය ඉදිය කඩෙන් ගත්තා. එතකොටම මොකද්ද පොලිස් කේස් එකට පොලිසියෙන්නුත් ආවා. මම හිතන්නේ ගමේ ආරවුලක්. අපි බයවුනා අවාරේ රයිඩ් කරන මේ සෙට් එක අල්ලන්න එනවාවත්ද කියලා. ඒත් එහෙම ආතල් එකක් නෙමෙයි. හොද කිතුල් හකුරුය කියලා කිතුල් හකුුරු පලු දෙකකුත් කඩේ උන්දැ පොලිස් මාමන්ඩිට දුන්ා. යුක්තිය උනත් නිකම් කරන්න බැරුව ඇති නේ. තෑගි බෝග දුන්නහම හොදත් ඇති නේ.

අපි ගමන ආරම්භ කරද්දි එකහමාර දෙක විතර වෙල. අපේ ඇත්තටම බඩු වැඩියි. අපේ උන් රෑට උයන්න කුස්සියෙන් බාගයක් විතර පැක් කරගෙන ඇවිල්ලා තිබුනද මන්දා. කරේ පිටේ තිබුන මලු වලට අමතරව තව අතේ ගෙනියන්නත් මලු සෙට් වුනා. ඒකනම් ටිකක් කරුමයක්. ගමනට ආධුනිකයින් ඩබලක් උන්නා. ඒකෙනුත් ටිකක් මහත යුනිට් එකට මුල සිට අමාරු වුනා. අපි කොහොමෙන් කොහොමන් හරි නැගලා අහක් වෙල ආවා අම්බලමකට. ඇත්තටම දැන් නම් අම්බලම නම මතක නැහැ. ඒ අම්බලම මුලින්ම හම්බෙන අම්බලම. අපේ අරමුණ තිබුනේ ශීත ගගුල ලග තියෙන අම්බලමේ රෑ නවාතැන් ගන්න.. 

වැස්ස සමග 
වැස්සත් එක්ක ගමන ටිකක් වෙහෙසකර වුනා. ඒ වගේම කූඩැල්ලොත් එකා දෙන්නා මිස් කෝල් ගහන්න පටන් අරන් තිබුනා. සබන් සහ ඩීසල් තිබුනා අපිට කූඩැල්ලෝ නෙුවෙන්. යාලුවෝ ඒවා කකුල් වල උලාගත්තා. සැරටම වැස්සෙත් නැහැ. ඒත් අපි එක අම්බලමක ටික වෙලාවක් ඉදලා ඉන් පස්සේ ගමන ආරම්භ කලා. වැස්සේ යද්දි ගල් උඩින් යනකොට ලිස්සනවා රිඹ යන්න. ලිස්සලාම ගියානම් සමහර තැන්වල වැටෙන තැනක් හොයාගන්නත් බැහැ. ඉතින් අමාරුවෙන් අමාරුවෙන් අපි ගමන යනවා දැන්. 

ඒ යද්දි එක තැනකට සෙට් වෙනවා ටිකක් පලල පාරක්. එතැන පන්සලකුත් තියෙනවා. එතන්ට ත්‍රිවිලර් එකකින්හෝ පයින් එන්නත් පුලුවන්ලු. උඩ හරිෙය් මේ දවස්වල ලයිට් දානවා. කඩ අලුත්වැඩියා කරනවා.වාරේ ලග නිසා. ඒ නිසා මිනිස්සු වාහනවලින් හෙම අර කියන පන්සල ගාවට යනවා. ඒ ගිහිල්ල අහක් වෙල එතනින් නැගලා බහිනකොට අපි ආපු පාරෙන් බහිනවා. ඒක ටිකක් දුර පාරක් කියලා තමයි අපිට පස්සේ ආපු යාලුවෝ කිව්වේ. 

ඉතින් අපිට යද්දි අතරමගදිම වෝනින් එක්ක හම්බුනා අතරමග බඹර වදයක් තියනවාය කියලා. බඹර වදය ඇත්තටම තිබුනේ අපි යන්න තියෙන අඩිපාරට පාත්වෙලා තිබුන ගල් කුලක. අහක බලාගෙන යන කෙනෙක් නම් බඹර වදේ වදින්නත් ඉඩ කඩ තිබුනා. අපේ උන් පොටෝ ගහන්න ගිහින් සාර්ථකව බඹරුන්ට කියලා ඇනගත්තා. අනෙක් යාලුවන්ගේ කකුල අතපය වගේම එකෙක්ගේ ඇහැටත් ඇනල තිබුනා. ඒ ඇහැ ඉදිමිලා ඌගේ මූනම තඩිස්සි වෙලා වගේ ගමන පුරාවටම දිස් වුනා. මගේ දකුණු කකුලේ දනිස්සට පහලින් එකෙක් කෙලියා. ඒත් ලොකු ආබාදයක් නැහැ. ගොඩක් වෙලාවට උන් ඇවිස්සුනේ නැහැ. අවට හිටි එකෙ දෙකෙක් තමයි ඇටැක් කරන්නට ඇත්තේ. බඹර වුන නිසා හොදයි දෙබර නම් ඇන්නහම මීඨ වඩා සීරියස් කියලා යාලුවෝ කතා වුනා. 

ගල් ලිස්සනවා. ඒ වගේම නගින්න අනෙක් පාරවල වගේ හොද පඩි නැහැ. අමාරුවෙන් ගල් මුල් උඩින් නැගගෙන තමයි යන්න තියෙන්නේ. ඒනිසා ගමන ටිකක් අමාරු වුනා. ස්ලෝ එකේ ඔහෝම නැගගෙන අපි ශීත ගගුල නවාතැනට එනකොට කළුවර වැටෙන්න ඔන්න මෙන්න හය හත විතර වෙලාව තිබුනා. 
අම්බලම 
අම්බලම ගන්න දෙයක් නැහැ. බැලූ බැල්මට හැම තැනම කුනු දාල තිබුනා. මිනිස්සු විදිහට කුනු දාන්න එක පැත්තක්. පාවිච්චි කරන්න එක පැත්තක්. ආදී වශයෙන් වෙන් කරගන්න තිබුනා.එ ්ත් එහෙම නැහැ. හැම අතම කුනු දාලා කැතට තිබුනා. අම්බලම ඇතුල ලොකුයි. ලොකු අවකාශයක් තියෙනවා. අපි අම්බලම ඇතුලේම ටකරං ොකාලයක් උඩ ලිපක් ගහලා උයන්න සෙට් වුනා. රෑ වෙලා පට්ට සීතලේ. අපි මුලින්ම කෝපි හදන්න ගත්තා. වතුර එකක් තියලා අහක් වෙලා වතුර එක නටනකොට කෝපි දාලා ඉන් පස්සේ කිරි සීනි එකතු කරලා රසවත් කෝපි කෝප්පයක් හදා ගත්තා. 

සීත ගගුල 

හැටන් රත්නපුර පාරවල සීත ගගුලට වඩා මේ කුරුවිට එරත්න සහ උඩමාලිබොඩ දැරණියගල පාරවල සීත ගගුල සිරා. හොදට වතුර පෑදිලා තියෙනවා. ඒත් මේ දැරණියගල එරත්න පාරවල් දෙකම වැසි වැඩි ඒ දොලපාර සැරට ගලන කාලෙට ගමන අවධානම්. ඒම වෙන්නේ මොනා වුනාමද කියලා අදහසක් නැහැ. ඒත් වැස්ස වැඩි කාලෙට ඒ පලාතම හෝදගෙන වතුර බැහැපු විදියක් තමයි අපිට පෙනුනේ. ඒම වතුර වැඩි නම් සැඩ පාර සැරනම් හැරිලා යන එක හෝ අඩුවෙනකල් ඉන්න එක වඩා හොදයි කියලා තමයි මට නම් හිතෙන්නේ. 

සීතලේ කෑම 

කෑම විදිහට අපිට හාල් හුන්ඩුවක් ගෙනාවත් ලිපේ තියාගන්න තිබුනා. ඒත් නුඩ්ල්ස් ගෙනල්ලා තිබුනේ. හරිශ්චන්ද්‍ර නූඩ්ල්ස් වුනත් මැගී ප්‍රිමා වලට වඩා සුපිරියට අපි එලවලු හෙම දාලා හදාගත්තා. හදාගෙන කාලා ඔක්කොම වැඩ ඉවර වෙද්දි රෑ 9 විතර වෙලා. ඒ වෙනකොට මෙන්න ටෝච් එලියක් සද්ද වගයක් එනවා. හෑ.. තව නඩයක්. ගෑනු එහෙමත් ඇතිය කියලා හිතුවට උන්නෙ කොල්ලෝ. කොල්ලා ටිකක් මහ රෑ මේ පාරෙන්. උන්ට නම සිරාවටම හොදම ඉත්තෑවෙක් වැඩ කරනවා. මේ පාරේ යන්නේ සොබාදහම බලන්න. මහ රෑ ටෝච් ගහගෙන සතා සීපාව ඉන්න මේ කැලෑෆව් අවාරේ යනවා කියන්නේ මොකද්ද මන්දා ඒ ආතල් එක. උනුත් වැඩර්ලා වගේ ගියාට මොකද උඩට නැගලා තිබුන් නැහැ. අපිට පස්සේ අම්බලමක නැවතිල තිබුනා. 

අපි රැට ණූඩුල්ස්වලට මිරිසට පරිප්පුවකුයි තව සීනි සම්බලකුයි නුඩ්ල්සුයි හදාගෙන කන කොට තමිය මුන් ටික ආවේ. අපි උන්ගෙනා සීතල වෙල තිබුන පරිප්පුව උණුසුම කරලා දුනාන. බුවාල නුවර කිව්වට නුවර කොහේ කියලා බුවාල කිව්වේ නැහැ. සමහර විට කැම්පස් ඩෑල් ටික්ක වෙන්නත් ඇති. ඒත් ටිකක් පොස් විදිහකුත් තිබුනා. 

ඉතින් ඊලග දවසේ නගින්න පටාන් ගත් හැටි අපිඊලග කොටහින් බලමු. 


2 comments:

  1. හිමේ යද්දී බය නැද්ද අමිල? පුරාවෘත්ත අනුව මෙම සිතල,අඳුරු,මිදුම පිරුණු කඳු මුදුන ආශ්‍රිතව අද්භූත බලවේග සැරිසරනවා නේද අවාරයට?

    ReplyDelete