Wednesday, December 11, 2019

අවාරේ මළුවට

සිරිපා

බැද්ද ඇවිත් පඩි උඩට

ඈතින පේන කදු

අවාරෙට පිපුනු පඩි උඩ මල්

වලාකුලු මැදින්මාවුස්සාකැලේ

ඉපැරණි යකඩ ඉනිමගක්

අවාරෙට වැවුන මල්

වහපු ගේට්ටුවේ පඩුරු ගැටගහල තිබුනා.

හැටන් පාරේ බහිනොකට

සැට් එක
අපි කුරුවිට පාරෙන් අවාරේ ගිය නිසා ගමන ටිකක් අමාරු වුනා. මගදිගට කඩයක් මනුස්සයෙක් නැහැ. අපිම විතරයි. ඒ වගේම අපේ ගමන සැලසුම් කරපු විදිහේ පොඩි පොඩි වැරදි තිබුනා. බහින්නම පැය 12ක් යන ගමන අපේ උදවිය සැලසුම් කරන් තිබුනේ පැය 8කින් නගින්න. කලින් දවසේ හවස පැය හතරක් ගියා. ඊලග දවසේ කුරුවිට පාරේ සීත ගගුලෙන් උදේ අටට පටන් අරන් දවල් 12 වෙද්දි උඩට නගින්න හැකිය කියලා අපේ අය හිතාන උීන්නා..ඒ්ත ඇත්තටම නගින කොට තුන විතර වෙල හවස.

මහ ගිරි දඹ හරියට යනකොට හරිම මහන්සි. ගෙනගිය පාං, රට ඉදි, චොකලට්, බිස්කට් ආදී කෑම ජාති කෑවා.වතුරත් ඇතිපදන් තිබුනා වැසි කාලේ නිසා. ඒත් කකුල් කඩුත්තුව නම් අඩු වුනේ නැහැ. මහත යාලුවාට මදක් අමාරුත් වුනා. 

අවාරේ සිරි 

අවාරෙට වහිනවා අම්බානක. අපිටත් වැස්ස පලවෙනි දවසේ සැට් වුනා. දෙවනි දවසේ වැස්සේ නැැහ. ඒ වගේම නිස්කලංක ගමන. ඒත් අවාරෙට යන කොට සබ්බ සකලමනාව හැමදේම උපි උස්සන් යන්න වෙනෝ..මොකෝ කිසිම දෙයක් ගන්නකඩයක් කඩපිලක් මොකුත්නැහැ. අපි යනකොට කඩ ආදිය හදනවා. ඒ කඩ හදන උනුත් පට්ට කට්ටක් කන්නේ. ලී දඩු කම්බි ආදිය පහල ඉදන් උඩට ගෙනියන්න ඕනි. ඒ කන කට්ටේ හැටියට ඉතින් තේ වතුර එකක් රුපියල් පනහක් විතර වෙන එක ගැන එච්චරම පුදුම වෙන්න දෙයකුත් නැහැ. 

මහ ගිි දඹ
මහගිරිදඹ හරියේ හොදට බැද්ද වැවිලා.පඩිපෙල් දෙකෙන් එකක් සම්පූර්ණයෙන්ම බැද්දෙන් වැහිල. ඉතිරි එකෙත් බැද්ද සැරට. සමහර විට අපි ගිහින් ආවට පස්සේ ඒවා හමුදාවෙන් පිරසිිදු කරන්නට ඇති. මේ බැද්ද එක්ක තියෙන පාර ඇත්තටම ලස්සනයි. මල් සහ ගස් පඩිපේලියට නැමිලා. ගතියට තිබුනා. අවට තිබුන කදු වල මීදුම බානවා ගිනි දවලුත් බලන්න ලස්සනයි. 

උඩ 
උඩට යද්දි කලින් කිව්වා වගේ තුන වෙලා. උදේ 8ට පටංගත් ගමන උඩට යද්දි හවස තුනයි. ඒ වෙද්දි හැටන් වලින්නුත් නඩයක් ඇවිල්ලා තිබුනා. ඒ හෙට්ටිපොල කට්ටියක්. ඒ ගොල්ලා ස්වාමින් වහන්සේ නමකුත් එක්ක වැඩලා තිබුනේ. ඒත් එතැන හිටිය එක තලතුනා මිනිහෙක් සිද්ධස්ථානයක් කියලා හිතන් නැතුව දෙපිට කැපෙන කුනුහබ්බකිව්වා. අපිත් කුනුහබ්බ කියනවා. ඒත් ඔය වගේ තැනකට ගියාම කුනුහබ්බ දන්නවාය කියල පේන්න තව යොුවන් තරුණ වයසේ කට්ටිය සහ ස්වාමින් වහන්සේ නමක් ඉද්දි දෙපිට කැපෙන කුනුහබ්බ කියන එක මම නම් අනුමත කරන් නැහැ. 

අවාරේ ගියානම් මලුවට යන්න වෙන් නැහැ. ඒක සරුවලෝක සත්‍යයක්. ආයේ ගේට්ටුවඋඩින් පැනලා යන වගේ වැඩ කරන්න හොද නැහැ . මොකද ඒක පූජනීය ස්ථානයක්. ඇරත් වදේශිකයින් හෙම ඇවිල්ලා තිබුනොත් ගේ්ට්ටුව වහල තියෙන එකේවත් තේරුම දන්නැති අමු සක්කිලි ගානට අපි වැටෙනවා. කොහොම වුනත් අවාරේ ගියාට මම එච්චරම අවාර ගමනටත් කැමති කෙනෙක් නෙමෙයි. මොකද ඒ නිසි කාලේ ගියාම ලේසියි පහසුයි. ඒ වගේම අවධානමත් අඩුයි. 

බැස්ම 
මෙ ්පාර හැටන් පාර පලල් කරනවා. පඩි වල පලල වගේම උසත් අඩු කරනවා. නේවි එකේ කොල්ලෝ එකතු වෙලා තමයි ඒ වා කරන්නේ. එකකිලෝ තිහක් උඩට යන්න රුපියල් දෙතුන්දාහ්ක ගන්නවා වෙන මිනිස්සු. ඒත් නේවි කොල්ලෝ දවසට ඒ වගේ ගල් සිමෙන්ති, වැලි ආදිය ලෝඩ් දෙකක් ඒ අදාල තැන් වලට ගෙනියනවා. උඩ පදිංචි වෙල ඉන්න ඒ උදවිය හාල් මිටියේ පොල් ගෙඩියේ ඉදලා පහල ඉදන් උහන් බදන් එන්න ඕනි. ෆෝසස් බුවාල හින්දම හොදයි. නැත්තං ඔය වගේ හොද සැර කටු කන්න වෙන තැනකට දවසක වැඩ කරන්නම රුපියල් ලක්ස ගානක් වියදම් වෙනවා.ඕ සිද්ධස්තාන වලට වන්දනා කාලෙකට හම්බෙන රුපියල් මිලියන ගානක මුදල් වලට මොකද වෙන්නේ? ඒවා අපිකතා නොකර ඉමු නේද? අඩුගානේ වැඩකරන ආමි කොල්ලන්ට තේ වතුර ටිකක් වත් දෙන්න වත් පංසලෙන් ඒ සල්ලි වියදම් කරනවා කියලා මම නම් හිතන් නැහැ. 

පහල ඒම 

වෙනදා නම් එකොට නාගෙන එන්නේ.එ ්ත් අපි බහින කොට රෑ හතත් පහු වෙලා. ඒ නිසා නාන වැඩේ නැවැත්තුවා. බහිනකොට ත්‍රිවිලර් බුවාල එනවා අපිට පිහිට වෙන්න.ඒ වගේම අපේ ඇහැට බඹරා ඇන්න යාලුවාව පොලිසියේ මහත්තයෙක් අතගගා චෙක් කලා. පොලිසියෙන් හිතන්න ඇති ගංජා ගහලා ඉදිමිලාය කියලා. චෙක් කරන්න ඕනි තමයි ඒත් එහෙම පැනලා අත පත ගාපු සවුත්තු විදිහ නම් කැතයි. මිනිස්සුන්ට ගරුත්වය දීලා වැඩ කරන්න අපේ පොලිසිය මේ වගේ තැන්වලදි වත් ඉගෙන ගන්න ඕනි. 

ආවාම අපිට පොලිසියේම වෙන හොද මාමා කෙනෙක් වෑන් එක්ක සෙට් කරල දුනාන. තවත් නඩයක් සෙට් වුනා. ඒ කට්ටිය බාරයක් ඔප්පු කරන්න ගිහින්. ඒ නඩේ ගෑනු දෙන්නෙකුත් උන්නා. ඒ උධවිය පාන්දරම තමයි ඇවිල්ල තියෙන්නේ. මට නම් තේරෙන් නැහැ පාන්දරම ආව නම් රෑ 7-8 වෙනකල් මුන් මොකෑ කලේ කියලා. මොකද මේ ගමන කොහොම ගියත් පැය 8කින්විතර හමාර කරන්න පුලුවන් මට නම්. 

ගෑනුත් අරගෙන අවාරේ. ඒ මදිවට උන් ත්‍රිවිලර් එකකට රුපියල් දෙතුන් දාහක් දෙන්නත් ඇඹරෙන සෙට් එකක්. ඒ අය උදේ එද්දිත් ත්‍රිවිල් නැතුව බස් එකේ ඇවිල්ල තිබුනේ.. අනේ මන්දා මිනිස්සුට බැරි අමාරුකන් තියෙනවා තමයි..ඒත් ඉතින් මේ වගේ ගමනක් එද්දි ඝෑනුත් එනෝ නම් මීට වඩා ටික්ක වියදම් කරන්න හැකි මට්ටමකින් එනවා නම් වටිනවා. ත්‍රිවිල් කාරයෝ වෑන් කාරයො කරන්නෙත් බිස්නස් එකක් නේ. ඒ උදවිය කිලෝමීටර පාලහක් විස්සක් නල්ලතන්නි සිට හැටන් ගමනට රුපියල් දෙදාස් පන්සියක් ගන්න එක මහා වික්‍රමයක් නෙමෙයි. මම හිතන්නේ කොයි පලාතෙත් ඒක තමයි ගාන. 

අපිට සෙට් වුන වෑන් කාරයා නිසා අපි එක ටීම් එකකට රුපියල් 1750/= ගානේ වෑන් එකටම රුපියල් 3500කට හැටන් එන්න ලැබුනා. හැටන ඇවිත් වාත වෙලා පැය දෙක්ක විතර ඉදලා කාල අහක්ෙ වලා අපි නයිට් මේල් එකේ නැග්ගා. නයිට්මේල මේ අවාරේය කියල නැහැ එදා ඉරිදා දවසක් වුන හින්දා හොදටම පිරිලා. ඇතුලේ ජැක් ගහන්නත් හැකි මට්ටමට මුලින් පිරිලා තිබුනා. මිනිස්සු නිදාගෙන. ආමරුවෙන් ඉතින් කොළඹ එනකල් ආවා. අපේ ප්ලෑනින් වල තියෙන හොද කම නිසා අපිට සදුදා දවසේ වැඩ ටයන්න යන්නත් බැරිවුනා. 

සිරිපාද ගමනක් යනවා නම් ඉන්න තූත්තුකුඩියකින් රෑ එන එක තමයි හොදම. එතකොට එලිවෙලා හෝ රෑ වෙලාම නගිනන් පටන් ගන්න පුලුවන්. හොද භූමි දර්ශන එනකොට උඩ හෝ ගමනේ මැද තමයි එතකොට ඉන්නේ. ඉතින් අවාරේ ගමනේදි අපිට බඹර වද හම්බුනා ඒ වගේම අවස්තා දෙකකදි හැටන් පාරේ වල් ඌරො හම්බුනා. අපරාදෙ කියන්න බැහැ හොදට ලොකුවට හැදුන වල් ඌරෝ. උන්ට අතුරු ආන්තරාවක් වෙන් නැතුව ඇති මොකෝ පූජාභූමිය නිසා මිනිස්සු වැරදි විදිහට ඌරන්ව දකින් නැතුව ඇති. 

3 comments:

  1. අවාරයේ නගින්න හිතාගෙන හිටියේ . ඒක තව පාරක් හිතන්න ඔනේ කියලා හිතුනා මේ ලිපිය කියෙව්වාම.

    ReplyDelete
  2. සෞම්යාට දිව දානවාමයි...

    ReplyDelete