15
ගුහා කරා
ස්ටේශන් එකට ආයෙත් එන්න හිතාගෙන අපිල ස්ටේශන් එකෙන් පිටත් වුනා. දැක්ක විදිහට ගුහා ආදිය තියෙනවා කිලෝමීටර් 15ක් විතර එහයින්. අපි ඉතින් පලල් පාරේ පාගල ගියා.සමහර තැන්වල ස්කූටිය සීයටත් පෑගුනා. ඒ ස්කූටි හොදයි.ඒ වගේම පාරවල් පලල නිසා ලොකු බයකුත් නෑ. ලාඕසයේ හැම නගරයකදිම වාගේ මල්ටි ඇක්සල් හෙන දිග විසාල බඩු ප්‍රවාහන රථ දකින්නට තිබුනා. මේ ගමනෙදිත් අපිලට ඒවා සෙට් වුනා. ඉතින් ඒ වාහන වලට ඉඩ දීලා අපි ගුහා කරා පිටත් වුනා. ඒ මගදි අපිට වීව් පොයින්ට් එකක් සෙට් වුනා පොඩි දියදහරාවක්. කදුකරයත් පේන. එතනත් නැවතිලා අපි පොටෝ ගහන්න විනාඩි 5ක් විතර කැපකලා.
මග නැවතුම
මග පොඩි කඩේක මොනාහරි බීල යන්න කියල නැවැත්තුවා. මිත්‍රයා සමර්ස්බි ඇපලක් ගත්තා. මත්වතුරෙන් සම්පූර්ණයෙන් තොර යහපත් මිතුරා වතුර එකක් ගත්තා. මම ලාඕ බියර් ඩාක් එකක් ගත්තා. බියර් ටේස්ට් එකේ වෙනසක් නෑ. ලාඕ බියර් ලාබ වුනා කියල කොලිටි එකේ නම් ඒ හැටි අවුලක් නැහැ බියර් වල.
ගුහා
මේ ගුහාවලට යන්න කලියෙන් ඔලුවේ ගහන හෙඩ් ලෑම්ප් එකක් සල්ලි දීලා ගන්න ඕනා. ඒක නැත්තං මෙලොව දෙයක් පේන් නෑ ගුහාව ඇතුලේ. අපි ගිය මුල්ම ගුහාව ඇවිල්ලා එන්ටරන්ස් එක එච්චර අමාරු නැති සාමාන්‍ය රේල් උමගක් වගේ විසාල එකක්. ඒකේ ඇතුලේ සෑහෙන ඉඩ තියෙනවා. මේක ගුහාවක් හෙම නෙමෙයි තඩි උමගක්. ලයිට් නිව්වම කිසිම දෙයක් නොපෙනෙන තද අන්දකාරයක්. අඩු ගානේ කණාමැදිරියෙක්වත් නෑ ලයිට් ඔක්කම නිව්වහම. අපිල එහෙම අන්දකාරය ටෙස් කරන්න එක ගමනක් ලයිට් නිවිවා. ටිකකින් අපේ වයිබ් එකට සෙට් වෙන්න වෙන්න ඕනා ඈතින් හිටපු සුද්දෝත් ලයිට් නිව්වා. නිව්වහම ඒ එන අන්ධකාරය අන්ධකාර අල්ට්ර ප්‍රෝ මැක්ස් එකක්. කිසිම ආලෝකයක් නොමැති ඝන අඳුරක්.
මේ අපිල කියන විසාල ගල් කුල අස්සේ තියෙන උමගේ අවසානයක් නෑ කියල තමයි ගයිඩ් කෙනෙක් කිව්වේ. ඒ ගයිඩා සුද්දෝ දෙකක් අරං ඇවිත් තිබුනා. එයාල එක්ක එයා ටිකක් ඈතට ඇවිදන් ගිහින් තිබුනා. මේ උමං වල ඇතුල විශාල වුනාට යන්න තියෙන පාර සමතලා නැහැ. ගල්ගොඩවල් වලින් නැගගෙන රිංගගෙන පැනගෙන සමතල නොවන ගල් කුළු ආදිය උඩින් තමයි යන්න තියෙනනේ. සමහර තැනක ගුහා ඇතුලේ බුදු පිලිම තිබුනා. අපිල ඒවටත් සැදැහැ සිතින් වන්දනාමාන කලා.
දෙවනි ගුහාව
මේ ගුහාවල නම් ඉතින් දිව උලුක්කු වෙන රුයිත නම්. මේ දෙවනි ගුහාවට අපි තව ගමනක් කිප් විසිදාහක් දීලා ඔලුවේ බඳිල ලයිට් කට්ටලයක් ගන්න ඕනා. ඒක තමයි මම හිතන්ෙන් ටිකැට් එක විදිහට තියෙන්නේ. හැබැයි ඉතින් මේ ගුහාවලට තනියම ගිහින් ඇතුලේ අතුරුදන් වුනොත් එහෙම කවුරුත් දැනගන්න විදිහකුත් නෑ වගේ. කිසිම විස්තරයක් යන්න කලින් ගන්නෙත් නෑ.
දෙවනි ගුහාව කලින් එකට වඩා හැපනින්. ඒකට ඇතුල්වෙන්න තියෙන්න් උඩට නැගලා සිදුරක් අස්සෙන්. උඩට යටට යන්න පඩිපෙල යකඩින් ලීයෙන් සකස් කරල තිබුනා. ඉතින් බැහැගෙන ගියාහම කලින් එකට වඩා විවිධ වර්ගයේ පාශාන කාලයක් තිස්සේ වතුර වැක්කරෙිලා හැදුන ස්ට්‍රක්චර් ආදිය දැක්කා. ඒක කලින් එකටත් වඩා සර්ෆේස් එක අවුල්. පැනගෙන රිංගාගෙන , ලිස්සන ගල් උඩින් තමයි යන්න තියෙන්නේ. අපි ගිය කාලේ වැස්ස නිසා හැම තැනම වගේ ගල් උඩ වතුර යහමින් තිබුනා.
මේ අන්දකාර ගුහාවල ඇතුලේ තියෙන ලස්සනම ලස්සන ස්වාභාවික පාෂානමය නිර්මාණ වල පොටෝ ගන්න හැටියක් නෑ. අපි ටෝච් අල්ලලා ලයිට් දාලා අමාරුවෙන් පොටෝ ගැහුවත් ඒ එතන තියෙන ආතල් එක සම්පූර්ණයෙන්ම නම් පොටෝ වලට එන්නේ නෑ.
වියට්නාම යුද්ද කාලේ මේ ශෛලමය උමන් ආදිය වියට්නාම කාරොය් සැගවෙන්න පාවිච්චි කලා කියල පතපොතේ සදහන් වෙනවා. මේවා ඇතුලට යනකල්ම මම දැනගෙන හිටියේ නෑ මේ මේ ගුහාමය උමන් අස්සේ මෙච්චර ඉඩකඩක් තියෙනවා කියලා. ඇත්තටම මිනිස්සු දහ පාලොස්දාහක් වුනත් කිසි ගේමක් නැතුව හංගාගෙන ඉන්න මේ ගුහා වලට පුලුවන්. #amila2r
▼
+++++++++++++👌
ReplyDelete