Saturday, December 7, 2024

සබදතා තනන්නා



අම්මා.. කියමින් ශනෙල් මව සොයා ගියාය. මවගෙන් සමරසිංහ ගැන ඇසුවාය.

“ ඔය මනුස්සයා හොදද නැද්ද කියන එකට මට අවංක උත්තරයක් නෑ පුතා. ඔයාට වගේම මටත් ඔය මනුස්සයා පස්නයක්. හැබැයි මම එයාගේ විදිහට කැමතියි. ඒ නිසා මම එයාගේ නරකක් කියන එකක් නෑ. කැමතියි කියන්නේ ඉතින් ඔයාලගේ කාලේ වගේ රිලේශන්ෂිප් වලට යන්න අපිට බෑනේ. එත් ඔෆිස් එකේ වැඩවලදි හරි අමුතු විදිහට හිතන කෙනෙක්. හැම දේම හරිත් නෑ. ඒත් කොලිටිස් තියෙනවා ඇනෙක් අයට වඩා. ඔයා අහන්නේ චරිතය ගැන නම් හැමෝම කියනවා චරිතේ හොද නෑ කියල. ඒත් මන්දා.. මට හිතෙන්නේ නෑ එයා නරකයි කියලා "

තාත්ති අපේ ෆැමිලි බිස්නස් එකේ නේ සමරසිංහ ඉන්නේ. ඉතින් ඔයාවත් දන්නවද මේ සමරසිංහ හොද කෙනෙක්ද? එයා ග්ල්ස්ලට කරදර කරනවද? මට නිකං දැනගන්න ඕනා. අම්මගෙන් ඇහුවම අම්මත් හරි උත්තරයක් කියන් නෑ..

සිනාසුනු තාත්තා.. අම්මගේ පොඩි ලව් එකක් තියෙ සමරසිංහට.. අම්ම ඒක මට කියලත් තියේ. එයා සමරයට වරදක් කියන්නේ නෑ මම ගැන වැරදි කිව්වත්. මගේ එකස්පීරියන්ස් අනුව සමරසිංහ දේවල් පර්ෆෙක්ට් වෙන්න ඕනි කියල හිතනවා. හැම මීටින් එකකම සමරසිංහ උත්සාහ කරනවා තමන්ට ලැබෙන දේවල් ඇත්තටම කම්ප්ලීට් කරන්න. පර්සනල් ලයිෆ් ගැන ඇත්තටම දන් නෑ පුතා. ඒත් මට හිතෙන්නේ පොර හරි අහිංසක මිනිහෙක්.. ඒචචරයි. ඇයි දුව ඔයාටත් සමරසිංහ ගැන ලව් එකක් වත් පහල වුනාද? තාත්තා පෙරලා ශනෙල්ගෙන් ඇසුවේය.

නෑ තාත්ති එහෙම එකක් නෑ. එයා හරි අමුතුයි. එච්චරයි.

***

දවස් දෙකකට පෙර

සාදය අවසන් වන්නට එක එකා පිටත් ව්නනට විය. සාදය අවසන් වනතුරුම සිටීම විධායකයින්ට එතරම්ම යුතු දෙයක් නොවන නිසා ශනෙල්ද පිටත් වීමට සූදානම් විය. සමරසිංහ යං මාත් එක්ක ඌබර් එකක කියල කතා කලා. ශනෙලුත් හා කි්වවා.

පාරට ආවා. ඌබර් ටිකක් බිසී වගේ.

මට ඕන නම් කා එකක් තාත්තිට කියල ගෙන්නගන්න පුලුවන්. ශනෙල් කිව්වාය.

ඕන නෑ. හදිසියක් නෑනේ. අපි මෙහෙම ඇවිදගෙන යමු. රෑට ඇවිදිනවා කියන්නෙත් හොද ඇක්ටිවිටි එකක්.

ඔයා තරහවුනාට කමක් නෑ. ශනෙල් මට ඔයාට දෙයක් කියන්න තියෙනවා. දැන් ඔයා බයවෙන්න එපා ඒක ගැන. ඇහුවට පස්සේ බයවෙන්න. දෙපාරක් එකම දේකට බයවෙන එක හොද මදි නෙ.

ඔයා ලස්සනයි ඔයාගේ කකුල් ලස්සනයි. ඔයාගේ ඉස්සරහ පපුව ල්සසනයි. මම ඔයා මීටින් වල වාද කරනොකට ඔයා දිහා කන්න වගේ බලන් ඉදලා තියෙනවා. ඔයා දැක්කම මට ආසා හිතෙනවා. ඔයාට ලොකු හදිසියක් නැත්තංඅපි හොටෙල් රුම් එකකට ගිහින් යන්ද? කතාකරන්න නම් නෙමෙයි. කතාකරන්න නම් මෙතනත් පුලුවන් නෙ. දන්නවා නේ ඉතින් ඔයාට තේරෙනවා නේ?

සමරසිංහ ඇසූ දේ ශනෙල්ට හිතාගන්නටත් බැරි විය. අඩු වශයෙන් වසර පහලවතකටත් වඩා සමරසිංහ වැඩිමහලුය. ඇරත් ඔහු කිසිම විටක මෙසේ හැසිරෙතියි ශීනෙන්වත් ශනෙල් බලාපොරොත්තු වූයේ නැත.

සොරි මිස්ට සමරසිංහ. මම මොඩ් වගේ තමයි. ඒත් ඔයා හිතන ජාතියේ කෙනෙක් නෙමෙයි. අපි එකම ඔෆිස් එකේ . මට හරි පුදුමයි මිස්ට සමරසිංහ. ඔයාට බීල වැඩිවෙලත් නෑ ගොඩක්. ශනෙල් කුමක් කියම්දෝ යැයි සිතමින් පිලිතුරු දුන්නාය.

හරි ඒක ඉවරයි. ඌබර් නෑ වගේ පික්මී දාමු. ඔයා ගෙදරින් දාල මම යන්නම් එහෙම හොදයි නේ? සමරසිංහ ඇසුවාය.

මට තනියම යන්නත් පුලුවන් ප්‍රශනයක් නෑ මිස්ට සමරසිංහ. ඔයා වද වෙන්න ඕන නෑ මාව දාගෙන යන්න. ශනෙල් කිව්වාය.

ටැක්සිය පැමිණි පසු ශනෙල් නැග්ගාය. එය සමරසිංහ විසින් ඇනවුම් කල රථය විය. ඔයා එහෙනම් බහින්න. මම වෙන එකක එන්නම් සමරසිංහ අහක බලාගෙන කිව්වේය. එහෙම ඕන නෑ. ඔයත් නගින්න ශනෙල් කිව්වාය.

කිසිදු හැල හෙෝල්මනක් කතාවක් නැතුව ගිය රථය විනාඩි විස්සකින් පසු ශනෙල්ගේ නිවස ඉදිරිපිට නැවැත්වීය. ශනෙල් එයින් බැසගිය අතර සමරසිංහද ඉන් විනාඩි දහයකට පසු ඔහුගේ නවාතැනින් බැස්සේය.

කිසිදු වෙනසක් නොපෙන්වා කාර්යාල කටයුතු වල නිරත වෙන මීටින් වලට සහභාගි වන සමරසිංහ ශනෙල්ට ප්‍රශ්නයක් විය. ඔහු නරක ඇරයුමක් කලත් අතකින් ඇගිල්ලකින් තබා බැල්මකින් වත් ශනෙල් දෙස වැරදි කෝණයකින් යොමු වූයේ නැත. ඔහු වෙනත් කතා වලදී වත් කිසිම තැනක ශනෙල් ගැන උනන්දුවක් ඇති බව නොපෙන්වූවාය. දිනක් බැරිම තැන වැඩ අඩු හවසක ශනෙල් විසින් සමරසිංහව කාමරයට ගෙන්නූවාය.

ඔයා ඇයි එහෙම එකක් කිව්වේ?

කිව්ව දේවල් බොරු නෙමෙයි. ශනෙල් ඔයා ලස්සනයි. මට නෙමෙයි ඕන කෙනෙක්ට ඔයා දැක්කම ආසා හිතෙනවා. දැනුත් මේ දැනුත් මට ආසා හිතෙනවා. ඉතින් ඔයා කැමති වුනානම් ඒ වෙලේ ඒක වෙයි. කැමති වුනේ නෑ. ඉතින් දැන් ඒ ගැන හිතල වැඩක් නෑ. ඒක අතෑරලා දාන්න.

ඉන් පසු ශනෙල් දන්න කියන කිහිප දෙනෙක්ගෙන්ම සමරසිංංහ ගැන විමසූ අතර ශනෙල්ට තමාට සිදුවු දෙය කියාගන්නටද කිසිවෙක් නොවීය.

ඒ අතර දිනක් පිරිසිදු කරන කාන්ති මිස් වැරදි විදිහට හිතන්න එපා. සමරසිංහ මහත්තයා හරිම හොදයි. ඒ වුනාට එයා ගෑනුට විවිධ යෝජනා කරනවාලු. කට්ටිය හිතනවා මිස්ටත් කරන්න ඇති කියලා. මිස් මම කේලම් කියනවා නෙමෙි. මටත් එයා එහම කලා. කාන්ති සෙමෙන් කිව්වාය.

මොකක්ද කාන්තිට කලේ?

නිවාඩු දවසක එයාගේ ඔෆිස් එකට ගියාම. මොකද කියන්නේ කාන්ති දොරවහගෙන අපි දෙන්න ජිගියක් දාමුද? කාට්ත ඇහෙන් නෑ බයවෙන්න එපා. කියල කිව්වා. මම ඉක්මනටම කොස්ස අරගෙන එලියට ආවා. හැබැයි ඉට පස්සේ ආයෙ කවදාවත් නෑ. මොනම වැරැද්දක් වත් නෑ. මගේ අතින්වත් ඇල්ලුෙව් නෑ. ඒත් එදා මම නිකං හිටියනම් මිස් මගේ චරිතෙත් ඉවරයි.

කාන්ති කීවාය.

ඉන් පසු ස්ටාෆ් එකේ කාන්තාවන් කිහිප දෙනෙකුටම සමරසිංහ එසේ හදිසි යෝජනාවන් ගෙනැවිත් ඇති බව ඒ ගැන පුද්ගලිකව ප්‍රශ්න කල ශනෙල්ට ආරංචි විය. එහෙත් ඒ කිසිම අවස්තාවක ඒ සදහා දැඩි ලෙස උත්සාහ කිරීමක් සමරසිංහ වෙතින් වාර්තා වී නැත. හුදෙක් ඉල්ලීමක් පමණක් ඇත.

ඒ ගැන සොයන බව දැනගත් එක් ස්ටාෆ් යුවතියක් පැමීණ ශනෙල්ට මෙසේ කිව්වාය. හැබයි මිස් එක කලු කැත කෙල්ලෙක් හිටියා ප්‍රියා.. ප්‍රියා කිය කිය හිටියේ මට කතාකල දවසට තමයි සමරසිංහ පාඩමක් ඉගෙනගනනේ කියල. හැබැයි ප්‍රියාව අයින් කලා. ප්‍රියා සමරසිංහ මහත්තයා ඉන්න වෙලාවට කාමරේට යන්න ගත්තා. සමරසිංහ මහත්තයාගේ චූව ප්‍රියාගේ කටේ දාගෙන ඉ්නනවා කෙනෙක් දැකලත් තිබුනා. ඉන් පසසේ ප්‍රියාට අස්වෙන්න කිව්වා. සමරසිංහ මහත්තයට මොකවත් වුන් නෑ. පහත තැනින්න ගලා ජලේ හිහි.. මිස් තරහ වෙන් එපා. මිස් මේ ැන හොයන නිසයි මම මේ කිව්වේ.

විවේක වේලාවක මීටින් එකක් අවසාන වූ අවස්තාවක ප්‍රියා ගැන සමරසිංහගෙන් ශනෙල් ඇසුවාය.

මම අස්වේනනත් කැමති වුනා. ඒත් ඔයාලගේ තාත්තා කැමති වුනේම නෑ. එයා ොගඩක් බැන්නා. තමුසේ බඩුකාරයෙක් විදිහට මේකෙන් යන්න හදන්නේ ඇයි? කරන දෙයක් රෙස්පෙක්ට් පිට කරපන් යකෝ. කියල බැන්නා. ඊටපස්සේ ප්‍රියා අස්වුනා මම හිටියා. පවු. මම පස්සෙ ප්‍රියා ගැන හෙව්වේ නෑ. ඔයාලයි තාත්තා මට බැන්න එකට මම ටිකක් බය වුනා.

මිස් මේ ගැන උනන්දු නිසා කියන්නම් ශනෙල්. මෙතන ලොකු කතාවක් නෑ. මම ගෑනුන්ගෙන් අකමැතියි කියල අනන්තවත් අහගෙන තියෙනවා. ඒ කාලේ මම ලස්සනත් නෑ. මට සල්ලිත් නෑ. කිසිම දේකට දක්ෂත් නෑ. බඩ ගෙඩියයි තට්ටෙයිත් තියෙනවා. එහෙව් මට කවුරුත් කැමති වෙන් නෑ කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඒකට දැන් පුරුදු වෙලා. ශනෙල් මිස් එක්ක එකට තැවරි තැවරි ඉදලලා. කතාබහ කර කර ලගට වෙලා. මම එහෙම ආස නෑ. ගහන්න නැත්තං වැඩි ඇයි හොදයි කනුත් ඕන නෑ. මට ඒ ඩිස්ටන්ස් එක තියාගන්න ඕන නිසා තමයි මම කලින්ම ඇහුවේ. ඔයා වැරදියට හිතන් එපා. මම ආයෙත් ඔයා පස්සෙන් එන්නේ නෑ. සමහර විට ඔයාට එච්චර එහෙම කට්ටිය අහල නැතිව ඇති නේද? අපේ ෆැක්ටරි කෙල්ලොනගෙන් නම් කට්ටිය ගොඩක් අහනවා ඇති.

සමරසිංහ කියාගෙන ගියාය.

ඉතින් ප්‍රියාටත් ඔයා ලස්සනයි කිව්වද සමරසිංහ. මට කිවවා වගේ?

ඔව්. ඒ විතරක් නෙමෙයි ශනෙල් මිස් .. ඔයාගේ අම්මටත් මම ඕ වචන සෙට් එක ඔය විදිහටම කිව්වා. අපරාදේ හැබැයි එයා ටිකක් එයාගේ බොඩි එක ගැන හිතුව නම්.. නේද? දැන් ටිකක් එයා කැතවෙල. සමරසිංහ උත්තර දුන්නේය.


Thursday, December 5, 2024

කෝ සාන් පාර

35


මම දෙගමනක් කලින් බැංකොක් ඇවිත් තිබුනාට කෝ සාන් පාරට ගිහින් තිබුනේ නෑ. ඒක විනෝද කටයුතු වලට එන අයත් බැක්පැකින් අයත් අතර ජනප්‍රිය වීදියක්. මත් පැන් බොන තැන් තියෙනවා. ක්ලබ් තියනවා. නටන යුවතියෝ ඉන්නවා. එක එක ජාතියේ වැඩිහිටි ශෝ ආදිය තියෙනවා. කෑම ජාති තියෙනවා. කක්කුට්ටෝ ගෝන්ස්සෝ වගේ කෑම තියෙනවා. ඒ අස්සේ සාමාන්‍ය වීදි වෙලන්දෝ ඉන්නවා. අපිත් ගිහින් තැනකට සෙට් වෙලා මත් පැන් පානය කරා.

බියර් දෙකක් ගත්තම එකක් දෙනවා හෝ ඒ වගේ ඔෆර් එකක් තිබුනා අපිත් ගත්තා බියර් අරගෙන බිබී ඉන්නකොට එතනට තව අය ආවා. ඒ ඇවිත් එතැන වාඩිවෙලා කකා බිබී ඉන්නවා. සංගීත කාරයෙකුත් හිටියා. ඔහොම ඉද්දි එකපාර පතබෑවුන් නැතෑ වැස්සක් . ලස්සන රශියන් යුනිට් දෙකක් අපි හිටිය හට් එකට එන්න හැදුවා. අපිත් අනේ හා ගාගෙන හිටියා. ඒත් එයාල අපි හිටිය එකට ආවේ නෑ. වෙන තැනකට සෙට් වුනා.
වේටර් හිටිය ගෑල්ලමයා නම් කණ්නාඩි දාන බොහොම කඩිසර ඩෙනිමක් ටී එකක් ගහල හිටිය ටොම්බෝයි මොඩල් එකක්. එයාගේ ඇක්ෂන් මරු. මුලින්ම අයිස් එපා කියල ටිකකින් අපිලට තේරුනා බියර් වල අයිස් බහිනවා නේ තියෙද්දි ඒ ගමන ආයේම අයිස් බකට් එකක් ඕඩර් කලා. ඒ ගමන එයා ඇවිත් " ඇයි වදේ මම කලින් කිව්වේ අයිස් ගන්න කියල" වගේ කෑල්ලක් කියාගෙන ගිහින් අයිස් ගෙනත් දුන්නා.

මියන්මාර් ඩබල
තව කෙල්ලො දෙන්නෙක් හිටියා ඒ දෙන්නා මියන්මාර්. එහෙ මහ යුද්දයක්. ඒත් මිලියන පනහක් වෙන මියන්මාර් ජනගහනයෙන් වෙඩිල්ලක් දකින්නේ බොහොම සුලු පිරිසක් වෙන්න ඇති නේ. ඒ කෙල්ලො දෙන්න පෙනුමෙනුත් මියන්මාර් පෙනුම ඒ දෙන්නගෙන් කෙනෙක්ට ටිකක් වැඩිවෙලා එයා දැපලා හිටියා මෙසේ උඩ ඔලුව තියාන. අනෙක් එක නම් පන් එකේ හිටියා විඩක් පෝන් එක ඔබනවා විඩක් වටපිට බලනවා. බෑන්ඩ් එක කියන සිංදුව කියවා හරි හුරතල්.. මියන්මාරුත් යන්න ඕන රටක් කියල එවෙලේ අදහසක් ආවා.

අවසාන දවස
ඊලග දවසේ අපි MBK Center ගියා. ඒක බැංකොක් වුනාට අමු ඉන්දියාවක් වගේ. සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් ලැප්ටොප් වගෙ ඒව තමයි තියෙනනේ. යක්ස ගනන්. ඊට වඩා අඩුවට බ්‍රෑන්නිව් ගන්නත් පුලුවන් ඔරිජිනල් ස්ටෝ වලින්. ඉන් පස්සේ ඒ යාබද මෝල් දෙකකටත් ගියා. සමහර ඒවා නම් අමු පොශ් ඒවා. තායි රටේත් හොදම සල්ලි කාරයෝ විතරක් වගේ යන ඒවා. හැබැයි ඉතින් එව්වගේ බඩු හොදයි. කොලිටියි. අර ඉන්දියන් එම් බී කේ එකේ වගේ වහන්තරා නැහැ.

ටොපි චොකලට් සහ බඩු

ඇදුම් පැලදුම් ආදිය මුලින් මුලින් රට ගමන් වලදි තොග ගනනන් ගෙනාවා. ගිය පාර තායි ගමනෙදි සෙරප්පු සපත්තු විතරක් කුට්ටං දොලහක් විතර ගෙනාවා. ඒත් කාලෙත් එක්ක මට තේරුනා බැංකොක් ක්වාලලම්පුර් වගේ සිටි එකක ලාබෙට හොදම බඩු තියෙන තැන් හොයාගන්න අපිට බැහැ. අපි ඔය කොහෙහරි තැනකට අහුවෙලා ගන්නවට වඩා හොද බඩු මම හොදටම දන්න පිටකොටුවෙන් ගන්න පුලුවන් අවශය කොලිටියට. අනෙක සපත්තු එහෙම පරණ ඒවා සේල්වලින් බොහොම අඩුවට තිබුනත් අරගෙන තේරුමක් නැහැ. ඊයේ පෙරේදා පෙටා ගිය වෙලාවේ මට හිතුනේ ඊලග පාර ොකහෙ හරි රට ගියොත් ඩොලර් සීයක් වියදම් කරලා තුන්වෙන හරස්වීදියෙන් තොග මිලට රෙදි ටිකක් ගෙදර අයට ගන්න එක ලාබයි රට රට වලින් නොදන්නා අරුමෝසන් ගේනවට වඩා..

අපි එයාපෝට් එකට ඇවිත් ලංකාවට ආවා. ලොකු දෙයක් වුනේ නෑ. හයිලයිට් වෙන්න තරම් දෙයක්. අපේ ගමන සැලසුම් කරල තිබුනට වඩා පොඩ්ඩක් විර දිග වුනා ඩාං ඩූං වුනා. ඒත් ඒ ඔක්කොම අපේ අත්දැකීම් කියන එකට එකතු වුනා. තායිලන්තය වීසා ෆ්‍රී වීම අපිට ලැබුන හොදම චාන්ස් එකක්. ඒ නිසාමදෝ මේ දවස්වල එයාඒසියා කොළඹ බැංකොක් ෆ්ලයිට් එකක් ටිකක් ගනන්.

ඉතින් ආයෙත් ගමනක් ගිහින් ඇවිත් මේ වගේ දිග විස්තරය්ක දාන්නන්. එතෙක් මේක කියවපු කිහිප දෙනාට බොහොම ස්තූතියි. #amila2r




 

Tuesday, December 3, 2024

චායෝ ප්‍රායා

34

උදේ ටිකක් දවල් වෙල නැගිටලා මුලින්ම ලගපාත බලන්න තියෙන දේවල් බලන්න ඕනා කියල හිතුවා. ලස්සන තැනක් තියෙනවා මැප් එකේ. ගිහින් බැලුවාම එතැන නිකං තැන තැන තියෙන පිලිම ටිකක් විතරයි. තව තීම් පාක් එකක් වගේ හැපනින් තැනක් තියෙනවා කියල පෙන්නුම් කලා ගග අද්දර. අපිල ඒකට ගියා. ඒකේ තියෙන උස කතුරු ඔන්චිල්ලාව ඈතට පේන ලස්සන එකක්.

චායෝ ප්‍රායා ගග අද්දර තියෙන මේ තැන ලස්සන නැවකුත් තියෙනවා පරණ රුවල් නැවක්. ඉතින් ඒකත් හැපනින් තැනක් හැන්දෑවට රෑට. ඒත් අපි ගියේ මහ පාන්දර. කට්ටිය අතුපතු ගානවා ඒ වෙලාවේ. අපි ගිහින් ඉතින් පොටෝ ආදිය ගහගෙන ආවා. හැපනින් ජාමෙක ගියානම් මාරපන් එකක් ගන් තිබුන තැනක් වගේ පෙනුනේ.

එතනින් ඇවිත් තැනකට ගොඩ වුනා කන්න. කඩ කීපයක් පොඩියට තියෙනවා. පොදු තැනක් තියෙනවා ඔක්කටම වාඩිවෙලා කන්න හරියට හෙල ජොබුන් එක වගේ. එතනින් කාල ඉවර වෙලා ආයෙම සෙට් වුනා ගමනට. ඒ පාර අපි හිතුවා බෝටටුවේ යන්න වට් අරුණ් බලන්න. අරුණ පන්සලට යන්න බෝට්ටුවට ගොඩ වුනා. ඒක විසාල සංචාරක බෝට්ටුවක්. බැංකොක් සවාිරි ගිය අය දන්නවා රිවර් එකේ බෝට්ටු යනවා. ඒ බෝට්ටු සේවාවන් වල මගී බෝට්ටු සේවාව අරගෙන අපි බලා හිටියා වට් අරුන් වල නවත්වන කල්. වට් අරුණ් පන්සලේ තියෙන උස සෑයත් පහුකරලා මෙන්න යනවා නවත්වන පාටක් නෑ. ඒ එක්කම අනෙක් පැතතේ නම් නැවැත්තුවා.ඒත් අපිට බහින්න කියන සංඤාව ආවේ නෑ. ඒ නිසා ඔහේ හිටියා. ඒ පාර කොන්දොස්තර තැනට කියලා වට් අරුන් පහුවෙලත් හෝල්ටෙකක් විතර ගිහින් එතැන බැස්සා. එතැන ඉදලා ආයෙම එන්න ටුවරිස් බෝට්ටුවක් සෙට් වුනේ. වැඩි වියදමක් වැඩි කාලයක්. ඒත් ඉතින් අවශ්‍ය තැනට යන්නත් එපැයි.

කොහොම හරි වැඩිපුර පැයක් විතර වියදම් වෙලා අපි වට් අරුන් වලට ආවා. ඇවිත් වටපිට බලලා ටිකට් ගන්න බැලින්නම් ටිකට් මිල බාත් දෙසීයට වැඩි වෙලා. බාත් දෙසීයක් ගෙවල යන්න තරම් වටින් නෑ කියල අතෑරලා දැම්මා. ඇරත් ඒක ඈතින් පේනවා යසට ආයේ ලගට ගියා කියලත් ඔච්චර නේ. ඔය දෙසීය වට් අරුන් වලට. ග්‍රැන්ඩ් පැලස් පන්සීයක් එන්ටරන්ස්.

එලියට ගිහින් අපි ෆ්‍රෙශ් දොඩන් එකක් ගැහුවා.. එක යාලුවෙක් දෙසීය ගෙවලා පන්සල ඇතුලට ගියා. මිනිහත් ගිය ගමන් ටක් බක් ගාල වැදපුදාගෙන ඉක්මනින්ම ආවා. අපි හිටිය හොස්ටල් එක ටිකක් විතර ඉඩ මදි. ඉඩකඩ තියෙන අලුත් තැනකට යමු කියල අපි බුකින් එකේ තැනක් බලලා කලින් වතාවේ ඇවිත් නැවතුන සපන් ක්වායි බිග් සී එක අසල තැනක නවාතැනකට මාරු වුනා.

ඒ සපන් ක්වායි බිග් සී එකට පාරෙන් එහාපැත්තේ තියෙනවා දවසේ හැම වෙලාවකම ෆිල්ම් පෙන්වන පරණ ෆිල්ම් හෝල් එකක්. තායිවල ඉන්න ගේ ප්‍රජාව එකතුවන අන්ඩග්‍රවුන්ඩ් තැනක්. ඒ යාබද තැනක තමයි අලුත් නවාතැන තිබුනේ. අලුත් නවාතැන ඔක්කම ඉලක්ට්‍රික්. දොර අරින්න තියෙන්නෙත් කෝඩ එකක් ගහලා. ඇතුලේ රෙදි ොහදගන්න එහෙමත් පහසුව හොදටම තියනවා. මේකේ තිවුනේ ටීවි එකක් නෙමෙයි. තඩි ප්‍රොජෙක්ටර් එකක්. ඇන්ඩ්‍රොයිඩ් ඕ ඇස් එක තියෙන නෙට්ෆ්ලික්ස් යූ ටියුබ් ආදී ඔන්ලයින් සර්විස් සහ ටීවි ඇප් තියෙන අමුතුම තාලේ ඇන්ඩ්‍රොයිඩ් ටීවි එකක්. ලංකාවේ නම් ඒක දැකල නෑ මම. ඊට පස්සේ අලි එකේ බැලුවා ඒ ජාතියේ ප්‍රොජෙක්ටර් දැන් තියෙනවා. ඒත් ඒ කාමරේ තිබුන එකේ පින්තූර කොලිටි එක නම් සුපිරි.

බිග් සී සපන් ක්වායි

තායි රටේ බිග් සී කියන්නේ හෙන ජනප්‍රිය සුපර්මාකට් එකක්. එයින් මූලික එකක් බැංකොක් සිටි සෙන්ටර් කිට්ටුව තියෙනවා. සපන් ක්වායි එක තියෙනනේ සෙන්ටර් එකෙන් දුර. හැබැයි මේකේ ඉඩ තියෙනවා. බඩු තියෙනවා. තොග වශයෙන් ගන්නවා නම් චොකලට් ටොපි එආදියත් තියෙනවා. සපත්තු ඇදුම් ආයිත්තම් ෆෝන් ආදී හැම දෙයක්ම වගේ තියෙනවා. ඉතින් අපි ඒකෙන් තමයි බඩු ගත්තේ. ඒ වගේම ඒකේ ඇතුලේ ෆුඩ් කෝට් එකක් තියෙනවා ඒකේ කෑම ලාබයි.

කෑම

බිග් සී එක එලියෙත් කෑම කඩ චූටියට චූටියට තියනවා. ඇතුලෙත් තියෙනවා. තායි මිනිස්සු අපිලට වඩා කෑම ගැන එහෙම සෑහෙන උනන්දු ජාතියක් විිවිධාකාර කෑම විවිධ මිල ගනන් වලට රසයෙන් ගන්න තියෙනවා. බැංකොක් වල කෑම කාල ඉවර කරන්නම සෑහෙන කාලයක් යනවා කොනක ඉදලා කාගෙන කාගෙන ගියත්. #amila2r 












Monday, December 2, 2024

කඩාවැටුන යුවතිය

33

හීන් හිරිපොද වැස්ස එක්ක අපි බැංකොක් වල හොස්ටල් එකට ගොඩ වුනා. හොස්ටල් එකක තියෙන සෙපරේට් කාමරයක් අපි අරං තිබුනේ. ඒත් බාත්රූම් එහම කොමන් ඒවා තමයි පාවිචච් කරන්න වුනෙ. අපි රෑ බෝවෙල ගිය නිසා වැඩි සද්ද බද්දයක් නැතුව සෝදාගන්න වැඩකටයුතු කලා.


රෑ වෙලා 12ත් පහුවෙලා. ඒ ළගම නයිට් ක්ලබ් ආදී විනෝදකටයුතු තියෙනවා කියල මිතුරා කතාකලා යන්න. මමත් හා කිව්වා. ඒ යන්න පටන් ගත් තැනම ලාවට වගේ වහින්න ගත්තා. කිලෝමීටරයක් විතර ගියාට පස්සේ ඔන්න තැන් තැන්වල බඩු අකුලනවා. නයිට් කෑම කඩ ස්ට්‍රිට් මාකට් අකුලනවා. ඒවා අස්සනේ යනකොට බිල්ඩින් අස්සේ තියෙන විවිධ ක්ලබ් වල කැරෝකේ වල මරගන රැගුම් පේනවා.

කහපාට සුදුපාට ජංගි කෑලි බ්‍රා කෑලි ඇදගත් තායි යුවතියෝ අපිලටත් කතා කරනවා. හතරපෝයට සිල් ගන්න අප ඒ කෙලෙස් දෙස නොබලා ඉස්සරහට යනවා. පිම්පියෝ අපි ඉන්දියන් කියල හිතාගෙන නමස්තේ බ්‍රො. ඩු යූ වෝන්ට් සම් ෆන්. කියල උන්ගේ බඩු විස්තර පටන් ගන්නවා. අපිටත් කොහේ යනවාද මොනා ගන්නවද කියල හරිහමන් අදහසක් තිබුන් නෑ. ඔහේ ඇවිදගෙන ගියා.


වැස්ස වැඩි වුනා. ඒ ගමන රිංගුවා සෙවන් ඉලවනමක් ඇතුලට. රිංගලා ඒකෙන් ගත්තා බර්ගර්. අරගෙන රත් කරලා කෑවා. ඒක අස්සෙම කෝපි එකකුත් හදාගෙන එලියට ඇවිත් පඩිපෙලේ වාඩිෙවලා කන්න බොන්න ගත්තා. එතකොට වැස්ස ටිකක් තුරල් වෙලා..

ඒ එද්දි මෙන්න තියෙනවා කෑම කඩ. අපි හිතුවේ රෑ 1ට විතර වහල ඇති කියල. වහමින් තිබුනේ ඒත් ඇරපු ඒවා දෙක තුනකුත් තිබුනා. ඒරියල් එක නම් සුකුම්විට් හරිය.

මේ තායි වීදි වල බහින බඩු මම දැනගෙන හිටිය විදිහට මිල අධිකයි. බාත් දෙතුන් දාහක් ලංකාවේ සල්ලි අනුව රු විසි තිස් දාහක් ගැලවෙනවා ඒ එකකට ඇනගන්න ගියොත්. ඒ තිබුන කැරෝකේ සහ බාර් වල බීමත් ඒ වගේ. සැරට පර්ස් එකට දැනෙනවා. ලෝබකමම නෙමෙයි. ඒ මට්ටමට උපයන වියදම් කරන්න පුලුවන් අයට ඒ විනෝද කටයුතු හොදයි. අපි ඕව අස්සට රිංගලා බිල බල බල හැමදේම ඕඩර් කරලා හමෝ සල්ලි කියල හිතින් අඩ අඩ බීලා ෆන් අරගෙන වැඩක් නෑ. බහිනවා නම් නයිට් එකට පනහක් වුනත් කමක් නැ කියල තමයි බහින්න ඕනා.
 

ලාඕස් වල ගිය බාර් දෙකේම ප්‍රයිස් ලංකාවේ ගම්වල බාර් වලටත් වඩා මිල අඩුයි. එහේ ඉතින් වෙනත් විනෝදත් ගනන් අඩුයි නේ. එතොකට ඉතින් කිසි අවුලක් නෑ බැහැලා විනෝද වෙන්න පුලුවන්. ඒත් බැංකොක් හැම දෙයක්ම මිඩ් ආතල් රේන්ජ් එක අපිලට ටිකක් විතර මිල වැඩියි

කඩාවැටුන යුවතිය

අපි එනකොට ආයෙම වැස්ස වැඩි කලා. ඒ වෙද්දි බාර් කැරෝකේ ආදියත් වහමින් යන වෙලාව එකත් පහු වෙලා. කෑලි නම් ඉතින් බලද්දි ආස හිතෙනවා. ඒත් ලේඩි බොයිස්ලා නම් අපි දිහා බලලා ඉගි කරනකොට නිකං මොකද්ද වගේ අමුත්තක් දැනෙනවා. ඉතින් ඒ එක තැනක කඩ පිලක අපි වැස්සට ඉන්නවා. දැන් එතනටම ආවා තව තායි චීන පෙනුම තියෙන ජෝඩු දෙකක්. ඇවිත් විනාඩියක් ගියෙ නෑ එතන හිටිය මහත කෙල්ල දොන්ත පතං ගාල බිම පතබෑවුනා. ඒකිට පොඩ්ඩක් වැඩියි. කොල්ලො දෙන්නත් හිටිය නිසා අපි වැඩිය ඇගිලි දාන්න ගියේ නෑ. අපි දිහා බලලත් කෙල්ල සොරි කියල වෙරිමතින් කිව්වා. පෙනුන විදිහට කරමුලටම බීලා. අපි එතන ඉදන් ඇප් ටැක්සියක් ගහගෙන නවාතැනට ආවා.

ලංකාවට බැනීම

මම එහෙට ගියාට පස්සේ දැක්ක දෙයක් තමයි කියලා එහෙ ගියාම දකින දකින හැමදේම ලංකාව එක්ක කම්පෙයා කරලා බනින එකත් එක්තරා ආතල් වැඩක්. අපේ ආගමික පොත පත වල තියෙනවා නන්ද කුමාරයා වගේ හයික්ලාස් පොරක් බුදුහාමුදුරුවෝ ආගමික නායකයකුගේ පස්සෙන් වැටිල යද්දිත් පුරගනක් එයාට කතා කරනවා. තායිවලත් එහම අපි වගේ ඉන්දියන් පෙනුම තියෙන අයට වගේම නාකි සුදු ජෙන්ටා මොඩල් වලටත් ඒ අභිසාරිකාවන් බැල්ම දානවා පිම්පියො කෑලි සෙට් කරන්න යනවා. ඒක එලෙස තමයි. #amila2r

Sunday, December 1, 2024

ප්ලෑන වෙනස් වුනා

32

ලාඕ පැත්තේ ස්පීඩ් ට්‍රේුන් එක තිබුන නම් පැය දෙකට යන ගමන ඒක නැතිවුන නිසා පැය 16ක් විතර ඇදුනා. ඒ එක්ක අපේ පිරිස පොඩ්ඩක් අන්කම්ෆටබල් වුනා. මේ උදොන් තානි කොන්කේන් ආදි ඉසාන් පලාතේත් ලස්සන සංචාරක ස්ථාන තියෙනවා. විසේසයෙන් කියන්ටෝන ඩයිනෝසෝර ඇටසැකිලි හොයාගත් තැන් තියෙනවා කොන්කේන් වල. මට ආසාවක් තිබුනා ඒ තැන් බලන්න. ඒ වගේම කොන්කේන් සූ එකත් දැක්ක විදිහට හැපනින් තැනක්. සහ ආපිට එනකොට හමුවෙනවා නකොන් රත්සිමා නැතිනම් කොරාට් කියල තායි ඉන්ඩස්ට්‍රියල් සිටි එකක්. සැලකිය යුතු අඩුමිලට හෝටල් නයිට්ක්ලබ් ආදියත් එහෙ තියෙන බවත් මම මාක් කරගෙන හිටියා. ඒත් අපේ මිතුරන් කිව්වේ අපි දන්න කියන බැංකොක් එකටම යමු ආයේ මෙහෙ තැන් තැන්වල නවතින්න ඕන නැහැය කියල. මම තනියෙන් ගිය සවාරි වල නම් ඕන ඕන තැන්වල නැවතිලා කිසිම සංචාරක ස්ථානයක් නොබලා රෙස්ටෙකේ ඔහේ ගතකරපු දවසුත් තිබුනා. ඒත් මෙව්වැ එහෙම බෑ අපි කාන්ඩේ තිරණය ගැන හිතන්න එපැ. අනික බැංකොක් කියන්නෙත් හැපනින් තැනක් නෙව. ඒ නිසා ඔන්න බැංකොක් වලට එන්න පිටත් වුනා.

තායි බස් සේවාව

තායිවල බස් කොම්පනි කිපයක් තියෙනවා. උදොන් වල නම් නකොන් චායි එයා කියන ප්‍රයිවෙට් කම්පැනි එකට වෙනම බස් නැවතුම්පොලකුත් තියෙනවා. ඒ නකොන්චායි එයා බස් ටිකක් විතර මිල වැඩියි. අනෙක ගමන ලං වෙද්දි සිටුත් බුක්වෙල ඉවර වෙනවා. මොකද ඒ බස් අලුත් සහ ගමන සනිපයි. අපි ඉතින් පරණ තාලේ තායි සීටී බී බස් එකකට ගොඩ වුනා. සීටිබී කියල නැහැ ඒ බස් ඒුසී සහ තට්ටු දෙක.

තායි බස් කතාව

තායි බස් දුවන්නේ ගෑස් වලින්. පිටිපස්සේ තියෙනවා විසාල ගෑස් එන්ජිමක්. ඒකෙන් ඉලෙක්ටික් කරන්ටම හදලා ඒ හරහා බස් එක දුවනව කියල තමයි අපෙ ේයාලුවෝ කිව්වේ. තායි රටට අයිති ගල්ෆ් මූදේ තියෙනවා ගැස්. ඒ නිසා තායි රටේ ගෑස් බයික්. ගෑස් ත්‍රිවිල් වගේම ගෑස් වලින් දුවන බරවාහනත් බොහොම සුලබ දර්ශනයක්. ගෑෂ් අඩු වුනාට පස්සේ පෙට්‍රල් ගහනවා වගේ ගෑස් තියෙන ස්ටේශන් වලට ගිහින් ගැස් ගහගන්නවා.

හැපනින් නැති ගමන

තායි රට දියුනුයි. මිනිස්සු වඩාත් නිවුන ගති පැවතුම් තියෙන අය. පැය තුනක් හතරක් ගියා. මට දැන් චූ බරයි. ම්හු. බස් එක නවත්තන පාටක් නැහැ. ඔන්න පැය හයක් විතර ගිහින් තමයි බස් එක නැවැත්තුවේ. ඒ ගිහින් චූ දාන තැනට ගිහින් සිප් එක ඇරල බිජු වහන්සේ එලියට දාල සිරව තිබූ චූ ටික දානකොට නිර්වාණෙට ගියා වගේ සනීපයක් දැනෙන්න ගත්තා. ලාඕ බස් එකේ වගේ මිනිස්සු එකිනෙකා කතාකරන්නේ හෝ බස් එක හිටපු ගමන් නවත්තගන්නේ එහෙම නැහැ. මිනිස්සු කේක් ගෙඩි ටික වගේ වාඩිවෙල කන්වල ඇබ ගහගෙන තම තමන්ගේ වැඩ කරගෙන යනවා. අපි ඉතින් ඇරියේ නෑ, ලාංකික සක්කිලි ගතියට සද්දෙන් යාලුවො එක්ක කතාබහ කරමින් එහෙම ආවා. පුදුමේ කියන්නේ පැය හයක් විතර ගියත් ඒ බස් එකේ ගිය තායි එකෙක්ටවත් චූ බරක් හැදුනෙත් නැ.

තඩි ට්‍රැෆික් එක

අපි ඉතින් කොන්කේන් ආදි සිටි පහුකරගෙන කොරාට් පහුකරගෙන බැංකොක් කරා ආවා. ඒ එද්දි කිලෝමිටර් තිහක විතර තඩි ට්‍රැෆික් එකකට සෙට් වුනා. අපි ගිය කාලේ ඒ තායි ලාඕස් දෙපලාතටම තඩි කුණාටු වැසි තත්වයක් තිබුනා. ඒ එක්ක පාරක් හදන තැනක වැඩ අල වෙලා තමයි ඒ විදිහට පැය දෙකක් තුනක් විතර තඩි ට්‍රැෙෆික් එකක ඉන්න වුනේ.

කෑම නැවතුම

ලංකාවේ බස් නවත්තනවා වගේ හුජ්ජ ගද දසත පැතිරෙන මැස්සො ඇහිරෙන කෑම තියෙන තැන්වල ලාඕස් වලවත් බස් නැවැත්තුවේ නෑ. තායි වල නැවැත්තුවේ නිකං වෙනමම වයිබ් එකක් තියෙන පොශ්මය කඩමණ්ඩියක් වගේ තැනක. මිනිස්සුන්ට තමුන් කන බොන කෝපි කඩය, කෑම කඩය සුපර්මාර්කට් එක සිලෙක්ට්ු කරගන්න පුලුවන්. ඒ තැන්වල වැසිකිලි පහසුකම් ආදියත් ගුවන්තොටුපලක වගේ බොහොම කදිමෙට තියෙනවා. සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු ඔන්න සුද්දෝ මිලියන බාගයක් ආවා ආදි දේ ගැන නිතර නිවුස් යනවා ලංකාව. ඒත් ලංකාවේ වැසිකිලි පහසුකම් ආදිය වැඩිදියුනු කරන එක නම් අපිලැ රට එහෙමට තදින් සලකා බලලා නෑ. ඒත් තායි රටේ ලාඕස රටේ එහෙම පොදුවේ වැසිකිලි පිරිසිදුයි. පිලිවෙලයි.

ආ කියන්න අමතක වුනා. මේ වෙද්දි අපි අර ඉමිග්‍රේෂන් එකේ වෙච්ච නාට්ටිය නිසා බැංකොක් වලටත් හොටල බුක් කරල ඉවරයි. ඉතින් ඒ හොටල් චාජස් ගැනත් පොඩි සැලකීමක් තිබුනා අපි බැංකොක් වලට එන්න. ඉතින් අපි හිතුවට වැඩිය රෑ වුනා. හැන්දැවේ හත විතර වෙද්දි බැංකොක් බහින්න තිබුන එක ලොකු ට්‍රැෆික් සින් එක නිසා රෑ 11 විතර වෙද්දි බැංකොක් වලින් බැස්සා. බැංකොක් වල පබ්ලික් ට්‍රාන්ස්පෝට් හැමදාම වැඩිදියුනු වෙනවා. 2017 එක්ක බැලුවාම බැංකොක් වල අලුත් නවින කෝච්චි ස්ටේශන් එකක් තියෙනවා. ඒ වගේම අලුත් මෝ චිට් 2 කියල බස් නැවතුම්පොලකුත් තියෙනවා. ඉතින් අපි පුරුදු විදිහට කැබ් එකක් ගහගෙන හොස්ටල් එකට ගියා.