32
ලාඕ පැත්තේ ස්පීඩ් ට්රේුන් එක තිබුන නම් පැය දෙකට යන ගමන ඒක නැතිවුන නිසා පැය 16ක් විතර ඇදුනා. ඒ එක්ක අපේ පිරිස පොඩ්ඩක් අන්කම්ෆටබල් වුනා. මේ උදොන් තානි කොන්කේන් ආදි ඉසාන් පලාතේත් ලස්සන සංචාරක ස්ථාන තියෙනවා. විසේසයෙන් කියන්ටෝන ඩයිනෝසෝර ඇටසැකිලි හොයාගත් තැන් තියෙනවා කොන්කේන් වල. මට ආසාවක් තිබුනා ඒ තැන් බලන්න. ඒ වගේම කොන්කේන් සූ එකත් දැක්ක විදිහට හැපනින් තැනක්. සහ ආපිට එනකොට හමුවෙනවා නකොන් රත්සිමා නැතිනම් කොරාට් කියල තායි ඉන්ඩස්ට්‍රියල් සිටි එකක්. සැලකිය යුතු අඩුමිලට හෝටල් නයිට්ක්ලබ් ආදියත් එහෙ තියෙන බවත් මම මාක් කරගෙන හිටියා. ඒත් අපේ මිතුරන් කිව්වේ අපි දන්න කියන බැංකොක් එකටම යමු ආයේ මෙහෙ තැන් තැන්වල නවතින්න ඕන නැහැය කියල. මම තනියෙන් ගිය සවාරි වල නම් ඕන ඕන තැන්වල නැවතිලා කිසිම සංචාරක ස්ථානයක් නොබලා රෙස්ටෙකේ ඔහේ ගතකරපු දවසුත් තිබුනා. ඒත් මෙව්වැ එහෙම බෑ අපි කාන්ඩේ තිරණය ගැන හිතන්න එපැ. අනික බැංකොක් කියන්නෙත් හැපනින් තැනක් නෙව. ඒ නිසා ඔන්න බැංකොක් වලට එන්න පිටත් වුනා.
තායි බස් සේවාව
තායිවල බස් කොම්පනි කිපයක් තියෙනවා. උදොන් වල නම් නකොන් චායි එයා කියන ප්‍රයිවෙට් කම්පැනි එකට වෙනම බස් නැවතුම්පොලකුත් තියෙනවා. ඒ නකොන්චායි එයා බස් ටිකක් විතර මිල වැඩියි. අනෙක ගමන ලං වෙද්දි සිටුත් බුක්වෙල ඉවර වෙනවා. මොකද ඒ බස් අලුත් සහ ගමන සනිපයි. අපි ඉතින් පරණ තාලේ තායි සීටී බී බස් එකකට ගොඩ වුනා. සීටිබී කියල නැහැ ඒ බස් ඒුසී සහ තට්ටු දෙක.
තායි බස් කතාව
තායි බස් දුවන්නේ ගෑස් වලින්. පිටිපස්සේ තියෙනවා විසාල ගෑස් එන්ජිමක්. ඒකෙන් ඉලෙක්ටික් කරන්ටම හදලා ඒ හරහා බස් එක දුවනව කියල තමයි අපෙ ේයාලුවෝ කිව්වේ. තායි රටට අයිති ගල්ෆ් මූදේ තියෙනවා ගැස්. ඒ නිසා තායි රටේ ගෑස් බයික්. ගෑස් ත්‍රිවිල් වගේම ගෑස් වලින් දුවන බරවාහනත් බොහොම සුලබ දර්ශනයක්. ගෑෂ් අඩු වුනාට පස්සේ පෙට්‍රල් ගහනවා වගේ ගෑස් තියෙන ස්ටේශන් වලට ගිහින් ගැස් ගහගන්නවා.
හැපනින් නැති ගමන
තායි රට දියුනුයි. මිනිස්සු වඩාත් නිවුන ගති පැවතුම් තියෙන අය. පැය තුනක් හතරක් ගියා. මට දැන් චූ බරයි. ම්හු. බස් එක නවත්තන පාටක් නැහැ. ඔන්න පැය හයක් විතර ගිහින් තමයි බස් එක නැවැත්තුවේ. ඒ ගිහින් චූ දාන තැනට ගිහින් සිප් එක ඇරල බිජු වහන්සේ එලියට දාල සිරව තිබූ චූ ටික දානකොට නිර්වාණෙට ගියා වගේ සනීපයක් දැනෙන්න ගත්තා. ලාඕ බස් එකේ වගේ මිනිස්සු එකිනෙකා කතාකරන්නේ හෝ බස් එක හිටපු ගමන් නවත්තගන්නේ එහෙම නැහැ. මිනිස්සු කේක් ගෙඩි ටික වගේ වාඩිවෙල කන්වල ඇබ ගහගෙන තම තමන්ගේ වැඩ කරගෙන යනවා. අපි ඉතින් ඇරියේ නෑ, ලාංකික සක්කිලි ගතියට සද්දෙන් යාලුවො එක්ක කතාබහ කරමින් එහෙම ආවා. පුදුමේ කියන්නේ පැය හයක් විතර ගියත් ඒ බස් එකේ ගිය තායි එකෙක්ටවත් චූ බරක් හැදුනෙත් නැ.
තඩි ට්‍රැෆික් එක
අපි ඉතින් කොන්කේන් ආදි සිටි පහුකරගෙන කොරාට් පහුකරගෙන බැංකොක් කරා ආවා. ඒ එද්දි කිලෝමිටර් තිහක විතර තඩි ට්‍රැෆික් එකකට සෙට් වුනා. අපි ගිය කාලේ ඒ තායි ලාඕස් දෙපලාතටම තඩි කුණාටු වැසි තත්වයක් තිබුනා. ඒ එක්ක පාරක් හදන තැනක වැඩ අල වෙලා තමයි ඒ විදිහට පැය දෙකක් තුනක් විතර තඩි ට්රැෙෆික් එකක ඉන්න වුනේ.
කෑම නැවතුම
ලංකාවේ බස් නවත්තනවා වගේ හුජ්ජ ගද දසත පැතිරෙන මැස්සො ඇහිරෙන කෑම තියෙන තැන්වල ලාඕස් වලවත් බස් නැවැත්තුවේ නෑ. තායි වල නැවැත්තුවේ නිකං වෙනමම වයිබ් එකක් තියෙන පොශ්මය කඩමණ්ඩියක් වගේ තැනක. මිනිස්සුන්ට තමුන් කන බොන කෝපි කඩය, කෑම කඩය සුපර්මාර්කට් එක සිලෙක්ට්ු කරගන්න පුලුවන්. ඒ තැන්වල වැසිකිලි පහසුකම් ආදියත් ගුවන්තොටුපලක වගේ බොහොම කදිමෙට තියෙනවා. සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු ඔන්න සුද්දෝ මිලියන බාගයක් ආවා ආදි දේ ගැන නිතර නිවුස් යනවා ලංකාව. ඒත් ලංකාවේ වැසිකිලි පහසුකම් ආදිය වැඩිදියුනු කරන එක නම් අපිලැ රට එහෙමට තදින් සලකා බලලා නෑ. ඒත් තායි රටේ ලාඕස රටේ එහෙම පොදුවේ වැසිකිලි පිරිසිදුයි. පිලිවෙලයි.
ආ කියන්න අමතක වුනා. මේ වෙද්දි අපි අර ඉමිග්රේෂන් එකේ වෙච්ච නාට්ටිය නිසා බැංකොක් වලටත් හොටල බුක් කරල ඉවරයි. ඉතින් ඒ හොටල් චාජස් ගැනත් පොඩි සැලකීමක් තිබුනා අපි බැංකොක් වලට එන්න. ඉතින් අපි හිතුවට වැඩිය රෑ වුනා. හැන්දැවේ හත විතර වෙද්දි බැංකොක් බහින්න තිබුන එක ලොකු ට්‍රැෆික් සින් එක නිසා රෑ 11 විතර වෙද්දි බැංකොක් වලින් බැස්සා. බැංකොක් වල පබ්ලික් ට්‍රාන්ස්පෝට් හැමදාම වැඩිදියුනු වෙනවා. 2017 එක්ක බැලුවාම බැංකොක් වල අලුත් නවින කෝච්චි ස්ටේශන් එකක් තියෙනවා. ඒ වගේම අලුත් මෝ චිට් 2 කියල බස් නැවතුම්පොලකුත් තියෙනවා. ඉතින් අපි පුරුදු විදිහට කැබ් එකක් ගහගෙන හොස්ටල් එකට ගියා.
තායිලන්තයේ ලස්සන ලේඩිබෝයිස් ලා ඉන්නවා නේද. මම ඊලග පාර යන්න ඉන්නේ එහෙ. අමිලගේ ගමනට වියදම පවුම් කීයද?
ReplyDeleteඉතිo බලන්ට , අපි රටක් වශයෙන් කොච්චර ආඩම්බර වෙන්ට උවමනායි ද , අපේ C.T.B එක ජනසතු විතරක් නෙමෙයි අන්සතුත් වෙලා ,, ඒකනේ එහෙත් C.T.B තියෙන්නේ... පොඩ්ඩක් හිතලා බලන්න , අපි කොච්චර දියුනුද..
ReplyDeleteAjith Dharma.1 December 2024 at 10:50
ReplyDeleteඅනේ පල යකෝ යන්න . වැරැදි මොනවාද කියල දාපන් ඔප්පු කරන්න පුළුවන් විධිහට සහ තමන්ගේ නමත් එක්ක . එතකොට මට පුළුවන්නේ අධිකරණ මාර්ගයෙන් ඒවා ඇත්තද බොරුද කියල හොයා බලන්න . ඒකට බයයි නේ . අර එක බ්ලොගර් කෙනෙක් නිරපරාදේ බොරු චෝදනා කර කර ඉඳලා අන්තිමට තමන්ගේ අපයෝජන එලියට ආවහම හතර වටේ දුවන්න ගත්ත කවුද දැම්මේ කියා කියා . උඹල කොඳු ඇට නැති උන්නේ බං . උඹ ලියන්න මගේ උස ගැන . තට්ටේ ගැන . මගේ පවුල ගැන අපහාස කරලා . අනික තනි බොරු . මම මොකටද ඒවා මගේ බ්ලොග් එකේ දාන්නේ . උඹල කොහොමත් අනිත් තැන්වල ගිහින් රෙනවනේ . අනික මම කොහොමත් දන්නවා මේ දන්නා අඳුනන එවුන් මයි ඇනෝ වෙස්ගෙන ඇවිත් ලියන්නේ කියල . කෙලින් යමක් මුණට කියා ගන්න බැරි කාල කන්නි . මැරෙන්න , ඔලුව පැලෙන්න කියල ලියන ඒවා විවේචනද බූරුවෝ . විවේචන කියන්නේ මොනවාද කියල ඉස්සෙල්ල ඉගෙන ගෙන වරෙන්
අනුරු කුමාර සහ ඔහුගේ බොරුකාරා ආණ්ඩුව බලයට පත්ව කිසිදු දෙයක් සිදු නොකරන නිසා දැන් සූදානම් වන්නේ විවේචකයන් මර්දනයටයි.
Deleteඅජිත් ධර්ම කීර්ති මහතා ද දැන් කිසිදු දෙයක් කරකියා ගත නොහැකිව එම මර්ධනයට උල් පන්දම් දෙයි.
අජිත් ඔබ පිළිගන්ඩ අනුර කුමාර මාසයක් යන්න කලින් ෆේල් මිනිස්සු ඔහුට සහ ඔහුගේ ආණ්ඩුවට හිනාවෙනවා ඔබත් ෆේල්.
අපට දොස් කීවා කියා අනුර පාස් වන්නේ නැත.
ඔබ අඳුරට කඩේ ගොස් දැන් ලන්ඩනයට වී සැප විඳිමින් සිටි එනමුත් අප ශ්‍රී ලංකාවේ වෙසෙනා අතර අපට ගෑස් මිලදී ගැනීමට නොමැත.
අප නැවත පෝලිං යුගයකට ගමන් කරමින් සිටි. ඒවාට ඔබද වගකිව යුතුය