Monday, March 13, 2023

කොටා බාරු වල

 


කොටා බාරු වල නවාතැන ්ගත්ත තැනින් ඒලියට බහිනකොට පොඩි වැස්සක් වැටෙනවා. වැස්ස නිසා ඇවිදින්න කලියෙන් කාලම ඉන්න ඔ්නි කියල පොඩි පෙට්ටි කඩේකට ගියා. ඒ් පෙට්ටි කඩේ තිබුන කෑම වල මිල දර්ශනය තමයි ඔය තියෙන්නේ. කඩේ චූටි වුනාට කෑම ජාති මහ ගොඩක් ඒයාල ලග තියෙනවා. ඒතනින් කාල අහක් වෙලා මම ගූගල් මැප් ඒකේ නියර්බයි ඇටෑක්ෂන් බැලුවා. කලින් දවසේ බැලුව මියුසියම් ඒකට අමතරව තවත් ප්‍රසිද්ධ මියුසියම් ඒකක් පෙන්නුම් කරනවා. ඒ්ක බලන්න යන්න හිතුවා. 


 ඒ් යනකොට හෑයිය නේද කියල හිතෙන කඩයක් දැක්කා. ඒ්කත් කෑම කඩයක්. මම උදේම කාල තිබුන නිසා රෙස්ටොරන් පකයා කඩෙන් කන්න ගියේ නැහැ. කෙලින්ම මියුසියම් ඒක බලන්න ගියා. 

මේ තියෙන්නෙ ්ඒ් මියුසියම් ඒක. මියුසියම් ඒකේ වෙන ප්‍රදර්ශනයක් තිබුනා. උරග ආදී සතුන් තමයි වැඩිපුර දකින්නට හිටියේ. ඒ්කේ ඒ් සත්තු ප්‍රදර්ශනය බො‌ොහම ජනප්‍රිය ඒකක් වුනා. අපි බලමු දැන් මියුසියම් ඒකේ තිබුන අයිතම මොනවද කියලා. පහල වීඩියෝ ඒකේ ඒ් අයිතම තියෙනවා. 


 මේ කෙලන්තාන් මැලේසියාවේ වෙනම පලාතක්. ඒ්කේ තියෙන පැරනි දේවල් හට්ටි මුට්ටි ඇද ඇතිරිලි බෙර ඔරු ආදී ඒකී මෙකී නොකී දේවල් ඒයාල මියුසියම් වල දාල පෙන්වනවා. ඇත්තටම ඒ්වා දැකගන්න ලැබෙන ඒක ලොකු දෙයක් නෙව. 

කලින් වතාවකත් මියුසියම් ඒකක් බැලුව නිසා අපි දැන ්බලමු සත්තු. ඒ් සත්තු මරු. මට ඇත්තටම වීඩියෝ පොටෝ වලින් කියන්න තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් ඒ් හිටපු උරග සතුන් කටුස්සන්ට වඩා ලොකුයි. තලගොයින්ට වඩා පොඩියි. ලංකාවේ දකින්න නොලැබෙන සත්තු ගොඩක් හිටියා. අපි ඒයින් කිපයක් සහ වීඩියෝ බලමු. මෙතනදි තව ආතල් ඒකක් වුනා. මම ඉතින් හැම ඒකම පොටෝ ගහගෙන යද්දි මේසයක් උඩ කෙල්ලො දෙන්නෙක් පනුවො තියන් ඉන්නවා. අඩේ ඒ කෙල්ලෝ ඒ් හෙම කැත නම්බර් නෙමෙයි වාත්තු කරපු වගේ බටර් පාට හැඩ නම්බර් දෙකක්. ඉතින් මුන් මේ පණුවෝ කන්නද හදන්නේ කියල හිතුනා. මොකද පනුවෝ ඒයාල භාජනයකින් භාජනයකට දානවා. ටික වෙලාවකින ්තමයි මීටර් වුනේ ඒයාල ඒ් සර්පයින්ට සහ උරගයින්ට පනුවන් දෙනවා. ඒ් කියන්නේ පනු කප් ඒකක් රිගිට් ඒකකට අරගෙන අපිට ඒ් සතුන්ට දෙන්න පුලුවන්. තව පොඩ්ඩෙන් අර කෙල්ලො ්ඒ් පනුවෝ කනවා කියල මම වැරදි නිගමනයකට ඒනවා. 











ඉතින් උරග ප්‍රදර්හනය බලල අහක් වෙලා ඒ් ශාලාවේ උඩතට්ටුවේ තිබුන පරණ කෞතුකාගාරයක් බලන්න ගියා. ඒ්කේ තිබුනා රැෆල් ඩ්‍රො ඒකක් ටිකට් ඒක විස්තර ෆිල් කරලා දාන්න ඔ්නි ඇතුලට. මම ඒතනට වෙලා ඒ්ක පුරව පුරව ඉද්දි මැලේ පොඩි ඒකෙක් ඇවිත් මට ටිකට් ඒක දික් කලා මම ටිකට් චෙක් කරන බුවා වෙන්න ඇති කියල. සමහරවිට අපේ මැලේ පෙනුමකුත් තියෙනවා ඇති කියල මට හිතුනා. 

ඒ්ක බලලා ඉවර වෙලා මම ආයේම රිවර් සයිඩ් ඒකට යන්න හිතුවා. මොකද වැඩි දුරක්නැහැ සහ ් පැත්ත් කඩ ආදිය කෑම කඩ ආදිය ඇරලද කියලා බලන්න මට උවමනාවක් ආවා. ඒ්හෙත් හැබැයි රිවර් සයිඩ් ඒක ඇවිදින්න පුලුවන් වෙන්න හොදට හදලා තියෙනවා. කුනු කසල මොනාවත් නැහැ. ගග නම් දුඹුරුම පාටයි. ඒ් කාලේ වැස්ස නිසා ගග දුඹුරු පාට වෙලා වගේ.මේ කෙලන්තාන් ගග මුහුදට වැටෙන්නේ මට මතක විදිහට ‌ෙකාටා බාරු ආසන්නයෙන්. 

‌ෙරිවර්සයිඩ ්ඒකේන් අැවිදගෙන ගියාම පුරාණ කාලේ ඉදන්කොටා බාරු වල තොටුපල කියල සලකන්න පුලුවන් තැනක් හමු වෙනවා. ඒතන තියෙනවා උස ටවර් ඒකක් වගේ ඒකක් හදලා. ඒ්ක උඩට නගින්න ඔ්නි කියල මම හිතුවා. ඒත් ඒදා ඉරිදා නිවාඩු දවසක් නිසා ඒතන පොඩි උත්සවයක් තියෙනවා. මට උඩට නගින්න උවමනා බව කෙනෙක්ට කිව්ව හම අදාල ටිකට් විකුනන කෙනා මගෙන් රිගිට් දෙකක් අරගෙන පරෙස්සමෙන් උඩට නැගල බලල ඒන්න කියල වගේ ටෝකක් දුන්නා. ඒ්ත් කිව්ව මෙලව හසරක්මට තේරුනේ නැහැ. මම හිමිහිට උඩට නැගල පහලට ආවා. ඒද්දි ඒ් අය කනවා. මටත් පැනල කන්න හිතුනා. ඒ්ත් ඒ්ක වැඩිහිටි සමිතියක් වගේ ඒකක්. නිකංවත් ඉන්වයිට් පාරක් තිබුන නම් මම කාල ඒනවා.ඒ් පලාතේ මොනාහරි වැඩිහිටි ඒකමුතුවක සෙට් ඒකක්. ඒ් අය අපේ ආච්චිල සීයල වගේම ඒකතු වෙලා ඒ් ස්මාරකය ලග රැස්වීමක් තියලා කාල බීල විසිරිලා යනවා වෙන්න ඔ්නි. ඉස්ලාමීය වුනා කියල ඒ්වායේ කිසි වෙනසක් වෙලා නැහැ. 

මේ තමයි නැග්ග ටවර් ඒක.

 
ඉහලට පහල ගං ඉවුර පේන හැටි

මේ ඒ්කේ ඉදන් පහල බැලුවම පේන හැටි
ඉතින් ඒ්කෙත් උඩටම නැග්‌ගේ නැහැ. උඩම තියෙන මෙව්වා ඒකට  නගින්න බය හිතුනා. බැහාල අහක් වෙලා මේ කෙලන්තාන් දිසාවේ තියෙන බෞද්ධ සිද්ධස්ථානයක් බලන්න යන්න ඔ්න කියල හිතුවා. ග්‍රැබ් ඒකේ බැලුවම කිලෝමීටර 13ක විතර දුරට රිගිට් 24ක් විතර ඉල්ලනවා. ඒ්තත් ඉතින් මෙච්චර ලගට ඇවිත් මේ බෞද්ධ ිවෙහෙර ආරාම සුදුද කලුද කියල නොබල යන ඒක හරි නෑ වගේ නේ ඒ් නිසා ඒ්වා බලන්න යන්න හිතුවා. මේ කෙලන්තාන් කොටා බාරු කලිනුත් කිව්ව  වගේ තායි බෝඩරය. ඒ් නිසා මුස්ලිම් ගතිසිරිත් පල්ලි ආදිය තිබුනත් මෙහේ බෞද්ධ ජනතාවත් සුලු වශයෙන් ජීවත් වෙනවා. හැබැයි ටවුන් ඒක තියෙන හරියයි ඒ් බෞද්ධ හරියයි වෙනස්ඒ්රියා දෙකක්. මොනාහරි ඒ් කාලේ ඉදලා තියෙනමෙව්වා ඒකකට ඒ් දෙගොල්ලෝ දෙපැත්තක ඇති. 

ග්‍රැබ් ඒකක් සාමාන්‍යයෙන් මැලේසියාවෙදි විනාඩි දහයකින් විතර මට ආවා. කලාතුරකින් තමයි ඒ්ම නැතුව ටිකක් වාත වෙන්න වුනේ.ඉතින් ග්‍රැබ ආවා නැග්ගා යන තැන මැප් ඒකේ තියෙනවා ගියා. මේ පලාත් අයගේ භාෂා දැනුම කලින් කිව්වත් වගේ ටිකක් දුර්වලයි. ඉංගිරිසි බාසාවේ වචන් කිහිපයක් විතරය් වැඩිදෙනෙක් දැනගන හිටියේ. 







මේ පන්සල් වල ඇතුලට යද්දිම ගේට්ටුව ගාවදි සෙරප්පු ගලවන්න ඔ්න නැහැ. විහාර ගෙට යනකොට ගලවල ගියාම ඇති. ඒ් පන්සලේ මම බෝකොටුවක් දැක්කේ නැහැ. පිලිම වහන්සේට අමතරව බෝදිසත්ව පිලිමයකුත් පැත්තකින් තිබුනා. විහාර ගේ ඇතුලේ තිබුන හිදි පිලිමේ නම් ලංකාවේ වගේම බුදු පිලිමයක්. ඒ් විහාර ගේ ඉස්සරහ වාඩිවෙලා හිටපු හාමුදුරුවෝ නමක් හීනියට සිගරට් ඒකක් අදිනවා. සමහර විට මැලේසියාවේ ඒ් තියෙන බුදුදහම් සම්ප්‍රදායේ සංඝයා වහන්සේට සිගරට් ගහන ඒක පෞ නැති දෙයක් වෙන්නත් පුලුවන්.මට මැජික් නිසා මම හාමුදුරුවෝ සිගරට් ගහන ඒක වීඩියෝ කලා. 

මේ පන්සලේ පන්සල ඉඩම ඇතුලේම පිලිම වහන්ස‌ේ පේන තෙක් මානයේ කෑඹ බීම කඩ තියෙනවා. ඒ් ඒක කඩේක ඉස්සරහ මස් පුච්චනවත් ඒක්ක. චිකන් බාබකිව් දානවා.  අපේ වගේ දැඩි නීති නැති ඒ්කත් හොදයි ඉතින් ..බැතිමතුන්ට වැදලා පුදලා ඇවිත ්මහන්සියට හොදට කන්න බොන්න පුලුවන් ඒතන වාඩිවෙලා. මමත් චිකන් වින් ඒකකුත් පොල් කෝම්බේ පුරවල ලැබෙන අයිස් ක්‍රීම් ඒකකුයි බතුයි ගත්තා. අරං කෑවා. ආ ඊට අමතරව ගස්ලබු සලාදයකුත් ගත්තා. මොකද තායි කාරයෝ ගස්ලබු සලාද හදන්න දක්ෂයි ඒ්ක රසයි. 



ඉතින් ඒතනින් කකා බිබී ඉන්නකොට ඒ් යාබද මේසයේ හිටියේ මම හිතන්නෙ මියන්මාර කන්ඩායමක්. ඒ් අයත් හොද හැටි කකා බිබී කතා කර කර හීටියා.කඩේ මුදලාලි මගෙන් ඇහුවා මම මියන්මාරද කියලා. මම නැහැ සිරි ලංකන් කිව්වහම ඒයා සතුටු වුනා. ඒතන ඉදන් ග්‍රැබ් ඒකක් දැම්මා පලවෙනි වතාවේ මොකෙක් වත් ගන්න් නැහැ. ඒ් ගමන ඉතින් මොකෑ කරන්නේ ආයේම ට්‍රයි කලා. දෙතුන් ගමනක් ට්‍රයි කරාට පස්සෙ ඔ්න්න ඒකක් ආවා. ඇත්තටම ග්‍රැබ් ඒක ආවේ නැත්තං යන්න හැටියක් නැති වෙනාව. ටැක්සි කාරයෙක්ව සෙට් කරගන්න පුලුවන් වුනත් ටැක්සිවල ගාස්තුව ග්‍රැබ් වලට වැඩිය වැඩියි සාමාන්‍යයෙන්. මැලේසියාවේ මේ පලාත ගම්බද පලාතක් වුනත් බස් ගමනාගමනය සෑහෙන අඩුයි. හැමෝටම වගේ බයික් ඒකක් හරි තියෙනවා. ඉතින් ඔය නගරයක් නගරයක් යාකරන දුර බස් හැරුනාමඅපේ වගේ හක්මන මාතර බෙලිඅත්ත ඇඹිලිපිටිය පොලොන්නරුව නෙළුම්වැව වගේ ඈත ගම්මාන වලට යන බස් නැහැ. තිබුනත් සෑහෙන අඩුයි. මිනිස්සු වාහන වලින් බයික් වලින්ම තමයි මට පෙනුන විදිහට ගමන් පහසුව සලසා ගන්නේ. 

 ඒ් කරලා මම කොටා බාරු වල නවාතැනට ආවා. ඇවිත ්ලේට් චෙකවුට් ඒකක් ගහගත්තා. ඒ් කියන්නේ මම පරක්කු වෙලා නවාතැනින් පිටත් වෙන්න තීරණය කලා. ඒදා රෑ මම බස් ඒකක ආසනයක් වෙන් කලා ඔන්ලයින්. මොකද කලින් වතාවේ ඔන්ලයින් බුක් නොකර ගිහින් ටිකක් පරක්කු වෙන්න වෙච්ච නිසා. ඉතින් හවස ටිකක් විවේක අරං ඇගපත හෝදලා නිදාගෙන ඇහැරිලා හවස හයට විතර ඔන්න පාරට ආවා. 

හයට ආවට ම‌ොකද බස් ඒක තියෙන්නේ රෑ නමයට කිලෝමීටර තුනක් විතර ඈත ලොකේශන් ඒකක් තමයි පෙන්වන්නේ මහා බස් නැවතුමට. මට යන්න ඔ්නි වෙල තිබුනේ කුවාලා පර්ලිස් වලට. ඒ් ලංකාවි දූපතට යන්න. ඉතින් මම ලංකාවේ විදිහට පයින් ගමන පටන් ගත්තා.ඒ්කොටා බාරු වල මම කලින් කිව්වත් වගේපදිකයෝ අඩුයි සෑහෙන. 

ඇක්සිඩන් ඒක 

ඔලුවෙ තුවාලෙ
 ඉතින් බස් නැවතුම්ප‌ොල කිට්ටුවෙද්දි පාරවල් මහා විසාල වෙනවා. ලේන් 6 පාරක් බවට පත් වුනා මම පයින් යමින් හිටිය පාර. දැන් හුටා. පෙන්නුම් කරන විදිහට මම බස් ඒක ගන්න යන්න නම්  අනෙක් පැත්තට පනින්න ඔ්නි. කලර් ලයිට් ඒකක් ඈත පෙනුනත් ඒතනින් පනින් පුලුවන්ද කියලා සැකයි. මොකද මෙහේ පදිකියෝ අඩු නිසා පදික මාරුත් නැහැ ඒ් තරම්. 

ඒ් නිසා ට්‍රැෆික් ඒකේ වාහන නැවැත්තුවම මම පනින්න ගියා. ඒ් පනින පැත්ත හරිද කියලා බලන්න ෆෝන් ඒකේ මැප් ඒකත් බල බල. වාහන ට්‍රැෆික් තියෙන ලේන් තුනම පැනලා ඊලග පාරට පැන්න විතරයි  කලින් නවතා තිබුන වාහන වලට ඉස්සර කරගෙන ආපු බයික් ඒකක් ඇවිත් දඩෝං ගාල මගේ ඇගේ වැදුනා. මම වැටුනා. 

වැටුන ගමන්ම මම ෆෝන් ඒක සංග්ලාස් දෙක දාල තිබුන පටේටිය ඇතුලු බඩු අහුලගෙන නැගිට්ටා. කකුල තුවාල වෙලා ඔලුව බිම වැදිලා පාරේ ඔලුවෙන් ලේ ගලනවා. ඒ් මට වෙච්ච දේවල්. බයික් ඒක පදවගෙන ආපු මහත්මයට කකුල කේස්. ඒයා පාර මැද බිම වාඩි වෙලා. කට්ටිය වට වෙලා ඒයාව ඔසවලා පැත්තකින් තිබ්බා. බයික් ඒකේ පිටුපස්සේ ආපු යුවතිය ඔ්ලෙවල් වයසේ වගේ ලමයෙක්. ඒයාට ඉංගිරිසි පුලුවන්. ඒයා මුලින්ම තරහින් වගේ කතා කලත් පස්සේ ඒයා ශේප් වුනා. 

ඒතන ට්‍රැෆික් ඒක තියෙද්දි රෝන් සයිඩ ්ඒකෙන් ඉස්සර කරගෙන කරගෙන ආපු බයික් ඒකද? ඒහෙම නැත්නම් ට්‍රැෆික් ඒකට වාහන නැවැත්තුවම පාර පැනපු මමද වැරදි කියල හිතාගන්න අමරුයි. කොහොම වුනත් මට වෙච්ච අලාබ ටිකක් දරුනු පෙනුමක් ගත්තා. මූනේ උඩ හරියෙ ්නලල තුවාල වෙච්ච නිසා ලේ ගලන්න ගත්තා. මම තනියම. ඒ් අය විස්තර ඇහුවම ඒයාල මගෙන් අලාබ අයකරගන්න සහ නීතිමය ක්‍රියාමාර්ග මම හිතන්නේ අතෑරගත්තා. බයික් ඒකේ පිටිපස්සේ ආපු යුවතිය මට ලගම තියෙන ඉස්පිරිතාලයකට ග්‍රැබ් ඒකක් දාල දුන්නා. 

බෙහෙත් දැම්මට පස්සේ
 විනාඩි පහක් විතර යන්න ඇති. කට්ටිය ඔක්කම විසිරුනා.මගේ කලිසම ඉරිලා. මම ග්‍රැබ් ඒක ඒනකල් බලා ඉන්නවා පාර අයිනට වෙලා. ඒ් වෙලාවේ මට කෙනෙක් වතුර බෝතලයක් දුන්නා මුන හෝදගන්න. මොකද මූනේ ලේ ගෑවිල තිබුනා. ග්‍රැබ් ඒක ආවත් හරි මම පිටිපස්සෙන්ම ගොඩ වුනා. මොකද තුවාල කාරය නේ. ගොඩවුනාට පස්සේ මම ඇක්සිඩන් වුනා කිව්වහම ඒ් ඩ්‍රයවර් මල්ලි ඒයාගාව තිබුන ටිශු ඇද ඇද දුන්නා මගේ ලේ පිහිදාගන්න. මම ඒ්වයෙන් පිහිදාගත්තා. 

ඉස්පිරිතාලේට ගියාම මගේ විස්තර අහල පාස්පෝට් ඒක බලලා වාඩිවෙලා ඉන්න කියලා කිව්වා. මම හිතන්නේ ඔලුව වැදුන නිසා වාඩිවෙල ඉන්න කියන්න ඇති. ඊට අමතරව කෙල්ලෙක් තුවාල තියෙන තැන් අහලා ඒ් තැන් පිරිසිදු කලා ගෝස් වලින් සහ ලික්විඩ් ඒකකින් පිසදාලා. ඒ් අතර මට රිගිට් සීයක් ගෙවන්න කියලත් බිලක් ආවා. මම රිගිට් සීය ගෙව්වා. ගෙවලත් පැය බාගයකට වඩා බලං ඉදලා බැරිම තැන මම රෑ බස් ඒකේ යන්න තියනෙ බවක් ඇගෙව්වා කවුනටරේ කෙනාට. ඒ් ගමන ඔන්න දොස්තර ගාවට දැම්ම. 

ඔලුව දිහා බලලා බෙහෙත් ටිකක් ලියපු දොස්තර මහත්තාය මාව බෙහෙත් දමන තැනට යොමු කලා. ඒතනින් ඔලුවේ තිබුන තුවාලෙටත් කකුලේ තිබුන තුවාලෙටත් බෙහෙත් දැම්මා. කකුලේ සෙරප්පුව දාන තැන සුලැගිල්ලට ඒහා පැත්තේ තුවාලයක් සෙට් වුනා. ඒ්ක මේ ලියන මොහොත වනවිටත් දවස් 14කට පස්සෙත් තවම හොද නැහැ. තව ටිකකින් යන්න ඔ්නි ආයෙම මේක පෙන්නල බෙහෙත් ගන්න. 

බෙහෙත් දාගත්තට පස්සේ

බෙහෙත් දාගෙන බොන බෙහෙතුත් අරගෙන ඒ්වත් ඒක වේලක් බීල මම හෙමිහිට බස් නැවතුම්පොලට ඒන්න ගත්තා. ඒ් පාර නම් පයින් කොටන්න යන්න නැතුව ග්‍රැබ් ඒකක් දාගත්තා. ආ ඊට කලින් කවුන්ටරේන් බොන බෙහෙත් ආදියත් ගත්තා බොන් තියෙන. පුදුමයකට වගේ තුවාල ගනනාවක් තිබුනත් ඇන්ටිබයටික් ලියල තිබුන් නැහැ. ලියල තිබුනේ වේදනා නාශක සහ පැනඩෝල් විතරයි. 

බස් ඒක කොටා බාරු සිට ක්වාලා පර්ලිස් වලට. බස් ඒකට නගින්න ඉනන් මම දනිස්ස ගාවින් ඇක්සිඩ්න වෙලා ඉරුන කලිසමක් ඇදගෙන. ඔලුවට ප්ලාස්ටර දාල. තව තැන් කීපයක්ම තුවාල වෙලා. බොහොම අබල දුබල වෙලා. සාමාන්‍යයෙන් මැලේසියාවේ මිනිස්සු හොදට අදිනවා පලදිනවා. ගමනක් යන්න නීට් ඒකට ඇදලා කරලා පිරිසිදුවට ඒ් අය සැරසෙනවා. ඉතින ්ඒහෙම ගොඩක් අස්සේ තුවාල කාරයා වගේ ලේ ගෑවුනු ෂර්ට් කලිස්ම් පිටින් හිටිය මම කැපිල පේන්න ඇති. ඉතින් අපිට පුක්‍යැ කියල මම අදාල සීට් ඒකේ වාඩි වුනා. 

ගමන 

කොටා බාරු වලින් ගිය තට්ටු දෙකේ සැප බස් ඒක
 කොටා බාරු ඉදලා ක්වාලා පර්ලිස් යන ගමනේ ලස්සන කදුකර සහ වනාන්තර පරිසරයක් සෙට් වෙනවා වෙන්න ඔ්නි. කොහෙද ඉතින් ඒ්වා බලන්න බැරි වුනො. මොකද රෑ නේ. පේන් නැහැ. කන්න කියල තැනක නැවැත්තුවා මට කන්න වැඩිය පිරියක් තිබුන ්නැති නිසා කෑම ස්කිප් කලා. ඒ්ත් මොනාහරි සුලු බිස්කට් වර්ගයක්ද මන්දා කාල බෙහෙත් ටික නම් බිව්ව. 

උදේ 

බස් ඒක ක්වාලා පර්ලිස් වලට ආවා. කුවාලා පර්ලිස ්කියන්නේ ලංකාවි කියන දූපතට යන්න තියෙන ඒක මූලික තොටුපලක්. තව තොටුපලවල් දෙකකින් ඒ් ලංකාවි දූපතට යන්න පුලුවන්. වලාමේ මම කුකුලා අතින් අරන් ඉර පායන්නත් කලින් ජැටියට ආවට මොකද මගී බෝට්ටු තියෙන්නේ හවසලු. මුල්ම ඒක හවස තුනට. 

ඉතින් මුලින්ම ලග කඩෙන් කෑවා. ඒ්කේ සිරාම කියන්නත් බැරි මූන පොඩ්ඩක් කචල් ඒ්ත් ඇග සුරතල් ගෑල්ලමයෙක් හිටියා. ඒයා ඉතින ්ඒහෙට ගියා මෙහෙට ගියා. අපි නැවතිලා හිටිය බස් නැවතුම්පොල වගේ තියෙන විශාල අංගනය මැදිනුත් ගියා. මොනා කරන්නද ඉතින් ටෝක් කරනන් බාසාව බැහැ නෙව ඇරත් අමු තුවාල කාරය වෙලා නෙ මම. 

උදේම ජැටිය අසල
 ගිහින් මුලින්ම කලේ තොටුපලට යන ඒක. මේ හූවක දුර මීටර දෙසීයක් විතර තියෙන්නේ බස් නැවතුම ඉදලා තොටුපලට. ඒ් ටික කාර් ඒකක යමුද කියලා අහන බුවාල හිටියා. ඒහෙම බුවාල ඇවිත් අහනවා කියල මම කලින් අන්තර්ජාලයේ කියවල තිබුනා. ඒ නිසා මම පයින්ම ගියා. අනේ පිටකොටුවේ ඉදන් කොටුවට තියෙන දුරවත් නැහැ. මීටර් දෙසීයක් විතර. ඉතින් මම තොටුපලට ගිහින් මුලින්ම ඒ්කේ ලැට් ඒකට ගියා. ලැට් ඒක කිව්වහම කැතයි නේද? වොශ් රූම් ඒකට ගියා. ඒ්වා ඇරලවත් නැහැ මහ පාන්දර පහට විතර නෙ. 

ඒ්ත් ඒතන හිටපු සිකුරිටි මහත්තයා ආබාධිත අයගේ ටොයිලට් ඒක මට ඇරලා දුන්නා විශේස සැලකිල්ලක් වශයෙන්. මම ඒ්කට ගිහින් ඉරුන කලිසම ගලවල අරගෙන කුනු බාල්දියට දැම්මා. දනිස්ස ගාවින් හිල් වෙලා. අගල් දෙකක් විතර පැල්මක්. ඔ්ක හදන්න බැහැ නෙ. ඒ්ක අයින් කලා. ඊට පස්සේ වෙන ශර්ට් කකුත් දාගත්තා. ඒ් කරලා ඇවිත් දැන් බංකුවේ වාඩිවෙල ඉන්නවා. 

ඒතකොට ඒතන හිටිය සුද්දියෝ ටිකක් මම දිහා බැලුවා. බලල ආවුස් මූ ඇදුම් මාරුකරල තියෙන්නේ අපි විතරයිද මන්දා හඩුපිට ඉන්නේ කියල හිතලද මන්දා උන් නවාතැනක් හොයන්න ගියා. මම ඉතින ්ටිකැට් කවුන්ටර් අරිනකල් හිටියා. ටිකට් කවුන්ටරේ ගාව තව අංකලයෙක් හිටියා. ඌමේ දූපතට යන මගියෙක් නෙ. ඒන හැමෝටම විස්තර කියන්නේ බුවා. කොහොම හරි ඔන්න ඒලි වෙලා අට හමාරට විතර කවුන්ටර ඇරිය කියන්ඩකෝ.. ඒ් ඇරල ඒතන්ට ගියාම කියනවා හවස 3 ෆෙරි ඒකේ ටිකට් ඉවරයිලු.. ඊලගට තියෙන්නේ 4ට ලු.. 

ඉතින් අපි ඊලග ඒපිසෝඩුවකින් නැවත හමුවෙමු නේද?


Sunday, March 12, 2023

ජෙරන්ටුට් සිට

ජෙරන්ටුට් නිස්කලංක නගරයක්. රෑ දහය ඒකොලහ වෙද්දි නගරයේ බොහෝ කඩසාප්පු වැහිලා ලංකාවමය තත්වයට ඒනවා. ස්ටේශන් ඒක පාරේ තියෙන කුඩා ‌ොහ්ටලය විතරක් අවදි වෙලා. ඒ්ක ඒ් පලාතේ ජනප්‍රිය තැනක්. ඒතනින් බීර වීදුරුවක් බීපු මම ගත්ත තාවකාලික නවාතැනට ගිහින් නිදා ගත්තා. 

බීර වීදුරු පොඩියි

නවාතැන

නවාතැන රිගිට් පනහයි රැයට. ඒ්ක මහ මූලික ගානක්. ලංකාවේ සල්ලි වලින් රුපියල් තුන්හාරදහක් වගේ. ටුවරිස්ට් ඒ්රියා වල හොද කාමරයක් රිගිට් ඒකසිය විස්සක් විතර. ඉන්නේ පැය කීපයක් නිසා මම ඒක් බුක් කරගත්තා. බුක් කලා කිව්වට ඒතනට ගිහින ්සල්ලි ගෙවලා කාමරය ගත්තා.කාමරේ උනු වතුර නාන්න පුලුවන් බාත්රූම් ඒකක් තිබුනා. සහ සණීප ඇදක් තිබුනා.. රෑ ජාමෙකදි ඇදේ කූඹි මතුවෙන්න ගත්තා. ලංකාවේ ඉන්නවා සේ කුඩා කූඹි විශේෂයක්. ලාබෙට කාමර ගත්තම ඔහොම තමයි ඉතින් ටිකක් ලෝබකම නැතුව හොද තැනක ඒකක් ගත්ත නම් ඒහෙම වෙන් නැහැ නෙ. සීට් ආදිය ගසල දාලා කූඹි ඒන පැත්ත නෙමෙයි අනික් පැත්තට හිස දාලා නිදාගත්තා. 

 කෝච්චියඇල්ලීම 

කෝච්චිය තියෙන්නේ පහයි දහයට විතර. ඒ්ත් මම හතර හමාරට ඒලාම් ඒක තියල තිබුනේ. ලංකාවේ වගේ කෝච්චියමිස් කරගෙන බැහැ මොකද වෙන යන්න කෝච්චියක් නැතිම තරම්. තායිලන්තබෝඩරේ තියෙන උඩහ කොටා බාරු වලට ජෙරන්ටුට් සිට යන්න තියෙන ඒකම ලේසි කෝච්චිය තමයි උදේ පාන්දර යන ඉන්ටසිටි ඒක. මේ කෝච්චිය පටන් ගන්නේ ජොහොර් බාරු වලින්. ඒ් කියන්නේ සිංගප්පූරු බෝඩරයෙන්. ඉන් පස්සේ මේ කෝච්චිය යනවා කැලෑබද පැත්තකින් තායිලන්ත මැලේසියා නැගෙනහිර පැත්තේ බෝඩරේ කොටා බාරු වලට.ගමනට පැය පාලහක් විස්සක් යනවා.මමනැග්ගේ කෝච්චියට උදේ පාන්දර පහමාරට විතර. ඒත් ඒ්ක ජොහොර් වලින් පටන් ගන්නේ කලින්දා රෑ 8ට විතර.. 

 

කෝච්චි ගමන 

කෝච්චියේ මට ලැබිලා තිබුනේ නිදන මැදිරියක ඉහල කොටසක ඇදක්. ඒ්ක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇදක්. ඉන්දියාවේ වගේ දවල්ට අකුලන රෑට දාගන්න හාෆ් ආතල් ඒකක් නෙමෙයි සිරාවටම ඇදක්. ඉතින ්මම ඇදේ නැගලා උදේ වෙනකල් බලා ඉන්නවා. ලංකාවේ නම් ඉතින් හයහමාර වෙනකොට ඉර පායනවා. ඒ්ත් මැලේසියාවේ ටිකක් දවල් වෙනවා. ඒහේ වෙලාවෙන් හත හමාර විතර වෙනවා ඉර පායන්න. මම බලං ඉදල බැරි තැන ටිකක් නිදාගෙන ඇහැරෙද්දි කැලෑව තමයි පේන්නේ. කැලෑවේ ලොකු වෙනසක් නැහැ ලංකාවෙ ්වගේම ගහ කොල. 

තඩි ගල් කුලු 

මග දෙපස මනරම් ගල් කුලු

මේ පාරේ තියෙන ලස්සන දෙයක් තමයි කෝ පිපි වල තියෙනවා වගේ උස ගල් ගෙඩි තියෙනවා ගුවා මුසාං කියන හරියේ. ඒ් හරියේදි කෝච්චි පාර ලගින්ම මේ විසාල ගල් පර්වත පිහිටලා තියෙනවා. මේ ගල් පර්වත මට නම් සීගිරියට වඩා ලස්සනයි. මොකද ඒකපාර බොග් ගාල ඉහලට නැගුන ගල් ගෙඩි තමයි පේන්න තියෙන්නේ. විවිධ හැඩයේ ගල් කුලු තියෙනවා. බිත්තර හැඩේ ඒ්වා.. සීගිරිය මොඩල් ඒ්වා.. නිකංම්ම හැඩයක් නැති ඒවා ආදී වශයෙන්. ඊට අමතරව බලන්න තියෙන දෙයක් තමයි පාම් ඔයිල් වගාව. ඔයිල් පාම් ගස් ඒක යායට අක්කර සිය ගනන් මේ පාර දෙපැත්තේ හමු වෙනවා. 

මේ දුම්රයි ගමනට කියන්නේ ජංගල් රේල්වේ කියලා. සිංගල් ට්‍රැක් ඒකක් තියෙන්නේ. ඒ් නිසා සිග්නල් දාන්න අනන් මනන් වලට ටිකක් ප්‍රමාද වෙනවා. ඒ්ත් ඒක්ස්ප්‍රස් කෝච්චිය බබා වගේ යනවා. ඉතින් මගදි මම බඩගින්නක් ඇවිත් හැමෝම වගේ රෙස්ටොරන්ට් ඒකට ගියා. ඒ් කෝචිචිය කියල නෑ නූඩ්ල්ස් ඒකද ඒවෙලෙ දාල දෙනවා. තේ වතුර ඒක කිරිකෝපි ඒක වුනත් ඒවෙලෙම ගහල දෙනවා. මම හිතන්නේ කෑමකලින් දාලා සෝක‌ේස් පුරවගෙන ඉන්න ඒකම රට ලංකාවද මන්දා. මේවයේ කෑම ඒවෙලේ හැදීම තමයි වඩාත් ජනප්‍රිය. 

අතරමැද දුම්රිය ස්ථානයක්

කෝච්චියේ කැන්ටිම කියල රසය ඒහෙම අඩුවක් නැහැ. නූඩ්ල්ස් ඒකක් ගත්ත. ලංකාවේ විදිහට ඩ්‍රයි ආකාරයට හදපු හාල්පිටි නූඩ්ල්ස් ඒකක්. චිකන් සහ බිත්තර දාල සෝස් ඒහමෙ දාල රසට තිබුනා. තව බීම තේවතුර ආදියත් ගත්තා. අරං කෑවා. ආ සැන්විච් ඒකකුත් කෑවා. මේ කෝච්චිය විදිහෙන් වෙනස් වගේම මිනිස්සුත් ආචාරශීලිත්වය අතින ්ඉස්සරහින ්ඉන්නවා. මගේ ලග තිබුන ආසන වල ඉඩකඩ තිබුනත් කට්ටිය ඇවිත් පොලිසියෙන් වගේ වාඩිවෙන් නැහැ. බයපක්සපාතව ඒ් ගොල්ලන්ගේ බාසාවෙන් කෙනෙක් ඉන්නවද කියල අහල තමයි ඇවිත් ඉදගත්ත‌ේ. 

කෝච්චියේදි හම්බුන නූඩ්ල්ස් ඒක

මට බාසාව බැහැ කියල දැනගත්තමත් ඒ් අවස්තාවේ විතරක් නෙමෙයි බොහෝ අවස්තාවල විශේෂයෙන් රගදක්වල ඒ් අදාල දේ කියාදෙන්න ඔවුන් උත්සාහ ගත්තා. 

කෝචචිය සන්සන්දනය 

මේ කෝච්චිය ඒනවා කිව්වට වැඩිය විනාඩි දහය පාලහක් ප්‍රමාද වුනා. ඒ්ත් කිව්ව තැනට හරියටම කෝච්චිය ආවා. ඇවිත් ගමන්ත් හරි වෙලාවටම ගියා. ඒ් දුම්රියේ නිදන මැදිරිවල ගෝෂකයා වගේ කෙනෙක් ඉන්නවා. ඒයා දුම්රිය ඉදිරියේ දුම්රිය ස්ථානයක නවත්වන්න ඉන්නවා නම් කලින් කැ ගහගෙන යනවා. 

මට ලැබුන නිදන මැදිරියේ තියෙන්නේ චූටි අගල් අටක විතර වීදුරුවක්. කැන්ටිමේ තිබුන උස  වීදුරු වලින් නම් භූමි දර්ශන කදිමෙට පෙනුනා. ආයේම යනවා නම් ඒ් විදිහේ උස සිට් කලින් ඇනවුම් කරන්න ඔ්නි කියල මට හිතුනා. මොකද ඒ් උස සීට් වල වාඩිවෙලා සාමාන්‍ය විදිහට යද්දි වනාන්තරය භූමි දර්ශන ආදිය කදිමෙට පේන්න ගන්නවා. 

මෙහේ දුම්රියේ වායුසමන පහසුකම සුපිරි. දොරවල් හරියට වහගෙන තියාගත්තොත් ගානට කුල් ඒක ඒනවා. මම හිතන්නේ ඒන්ජිමට අමතරව වෙනම ජෙනියක් යනවා මේකේ වායුසමන පහසුකම් වෙනුවෙන්. 

දුම්රිය ගමනේදි කට්ටිය වැඩිය හදුනාගන්න ලැබුන ්නැහැ. ඇරත් සුද්දොත් සහ අපිත් මැලේසියාවෙදි ඒහෙම ඒ් අය වැඩිය සැලකිල්ලක් නැහැ. සාමාන්‍ය විදිහට යන්න පුලුවන් කාගෙන්වත් කරදරයක් නැහැ. කෝච්චිය වකෆ් බාරු වෙත සේන්දු වුනා හරියටම කියපු වෙලාවට වගේ. ඒ් කිව්වේ දවල් දොලහට විතර. 

කොටා බාරු වලටම රේල් පාර තිබුනත් මොකක් හරි තාක්ෂනික හේතුවක් නිසා කෝච්චිය යන්නේ වකෆ් බාරු වලට විතරයි. ඒතනින් ටැක්සියක් අරගෙන කොටා වලට යන්න ඔ්නි. මෙතනදි කියන්නන ඔ්නි මේ කොටා බාරු වල බෞද්ධ නටඹුන් ආදිය බලන්න යනවා නම් කොටා බාරු සිටි ඒකට නොයා වකෆ් බාරු වලින් කෙලින්ම ඒ්වා බලන්න යන්න පුලුවන්. මොකද වකෆ් බාරු වලට ඒ් බෞද්ධ සිද්ධස්ථාන බොහොම කිට්ටුයි. 

කොටා බාරු 

කොටා බාරු මූලික ස්මාරකය

කොටා බාරු කියන්නේ මුස්ලිම් නගරයක්. ඒ් කිව්වේ මැලේසියාවේ ම‌ේ පැත්ත ටිකක් තද මුස්ලිම් අය යටතේ පාලනය වෙන බවක් තමයි අන්තර්ජාලයේ ිබුනේ. ඒ්ත් මැලේසියාවේ අනෙක් පැතිවලට වඩා මේ පැත්තේ කාන්තාවන් ලස්සනයි. පුක ලොකුයි ඇග හැඩයි. මැලේමය පෙනුම තිබුනාට කෙසග නැහැ හොදට පිරුන ඇගවල් තියෙනවා. අන්තර්ාලයේ තිබෙුන විදිහට මේ තායි බෝඩරයේ කෙලන්තාන් කියන්නේ මැලේසියාවේ දුප්පත්ම පලාතක්. හැබැයි ඒහේ දුප්පත්ම පලාතත් ලංකාවේ පොහොසත්ම කොළඹ 7ට වඩා සුපිරි. 

මංතීරු 6 විශාල මහාමාර්ග තියෙනවා නගරයේ. ඒ්වගේම දුප්පත්ම අයත් මෝටර් සයිකලයක යනවා මිසක පයින් යන බයිසිකල් පදින මිනිස්සු නැතිම තරම්. බොහෝ පිරිස් රෑට ඒලියට බැහැල කනවා විනෝද වෙනවා. ලංකාව‌ෙ ්දුප්පත්ම නගරයක් ගත්තොත් ඊට වඩා බොහෝ බොහෝ දේවල් ත‌ෙියනවා. කට්ටිය කියන විදිහට මේ පලාතේ ගැහැනු සම්පත ඒ් කාලේ පටන් විකිණීමට ජනප්‍රියයි. ඒ්ත් මට නම් කෙනෙක් හොයාගන්න අමාරු වුනා. ඇරත් ඉතින් ඒහෙම හොයාගන්න වුනත් ටිකක් මිල දෙන්න වෙනවා. ලංකාවේ සාමාන්‍ය ඒකක් දැනට රුපයිල් අටදාහක් වෙනවා නම් මේ මැලේසියාවේ ඒ් වගේ තුන් ගුණයක් විතර ගෙවන්න ඔ්නි හොද ඒකක් මෙව්වා කරගන්න. 

කොටා බාරු වල සිටි ඒකේ මම ගිහින් තියෙන්නේ තායිලන්ත බෝඩරයට බස් යන ප්‍රධාන බස් නැවතුමට. ඒ්ක මැප් ඒකේ පෙන්වන්න ඇත්තේ මොකද කෝච්චියේ ඇවිත් යම් කෙනෙක්ට මූලික වශයෙන් ඔ්නි වෙනවා ඇත්තේ බෝඩරේ ක්‍රොස් කරන්න නෙ. ඉතින් ඒ් නිසා ඒ් බස් නැවුතම පෙන්නවා ඇති. ඉතින ්ඒ්කට ගිහින් මට යන්න ඔ්නි ලංකාවි වල කුවාලි පර්ලිස් වලට බස් ඇහුවම ඒ් තැන කට්ටිය හොල්මන්. 

ඉන් පස්සේ මම රෙන්ඩ බරකුත් තිබුන නිසා යාබද තැනකින් කාමර හොයන්න ගත්තා. ටිකකින ්රෙන්ඩ බරට වඩා බඩගින්නක් ලෝඩ් වුනා. ඒ් ගමන තැනකින ්කෑවා. කාල බැක්පකර්ස් ඉන් කියල තිබුන තැනකට ඔලුව දැම්මාහම ඒතන වේකන්සි නැහැ. ඊට පසසේ තිබුන කාමර දෙන පොට් ඒකේ කාමරයක් රිගිට් හැටක් හෝ හැත්තෑවක්. ඒ්ත් ඒ් වෙද්දි මගේ රෙන්ඩ බර ටිකක් උත්සන්න වෙච්ච නිසා ඉක්මනින්ම ගෙවලා කාමරයක් ගත්තා පහසුකම් බලන්නේ නැතුව. 

නවාතැන

ඒ්ක මූලිකම කාමරයක්. ඇටැච් බාත්රුම් තියනෙවා නිදාගන්න තියෙනවා ටේබල් ඒකක් වත් නැහැ. කොහොම වුනත් ඉතින් මට මොකටද වැඩි පහසුව මම ඉන්න බෝඩින් කාමරෙත් වැඩිය කල ඒලිය ඒකක් නෙමෙයි නෙ. ඒ් නිසා මම මූලික කාමරයක් ගත්තා.

මේ කොටා බාරු මම කලින් කීවත් වගේ වෙන වෙන මුස්ලිම් මැලේ සංචාරකයින් ආවට ඉන්දියන් කාරයෝ වැඩිය ගිහිපු ආපු පලාතක් නෙමෙයි. මම එඉන්දියානුව්න් අඩුවෙන්ම දැක්‌ේක ඒහෙදි. උදේ ඉදලා කෝච්චියේ ආපු නිසා හවස පොඩි නින්දක් දාලා ලැප්ටොප් ඒකේ කන්තෝරු වැඩ ටිකක් බලලා හවස ඇවිදින්න ගත්තා. 

නියර්බයි ඇටැක්සන් බැලුවම හම්මට සිරි මෙතන තමයි හොදම තැන. ඒ් වටේම තමයි කෙලන්තාන් වල බලන්න වටින තැන ්තියෙන්නේ. ඉතින් මම හවස ගියා කෙලන්තාන් මියුසිම් ඒක බලන්න ඒ් වගේම කොටා බාරු සිටි සෙන්ටර් විදිහට හදුන්වන ස්මාරක ආදියත් බැලුවා. 

කෙලන්තාන් මියුසිම් ඒකේ ැති දේකුත් නැහැ නැති දේකුත් නැහැ. කෙලන්තාන් කියන්නේ මේ ගගබඩ ඇතිවුන ජනාවාස ටිකක් වෙන්න ඔ්නි. දෙවනි ලෝක යුද්දෙන් මේ පැත්තේ ජනතාව ගොඩක් බැට කන්න ඇති. කොහොම වුනත් ඒ් කෞතුකුගාර වල කලා ශිල්ප කැටයම් ආයුද වගේම කන බොන දේවල් පවා සාම්ප්‍රදායික විදහිට නිරූපනය කරල  තිබුනා. 

කෙලන්ටාන් මියුසියම් ඒක

ගග බඩ 

කෙලන්තාන් ගග ලගට ගියා. ඒ් ගග ගාව මාර හැපනින් රෙස්ටොරන්ට ්සෙට් ඒකක් තියෙනවා. මට මතක තිබුනා ඉස්සර කාලේ තායිලන්ත ලාඔ්ස බෝඩරයේ නොන්කායි වලදි මම මේ වගේ විසාල ගංගාවක් අසල කෑම කෑවා. ඉතින් ගග අයිනේ තියෙන හොද කැඩේකට ගියාම හද්දෙයියනේ උන් ඉංගිරිසි කදුලක් දන්නේ නැහැ. අවසානේ කටින් කියලා ඒ්ක දෙන්න මේක දෙන්න කියල අමාරුවෙන් කම සහ බිම ඉල්ලගත්තා. මේ ඒක අවසත්ාවක ඒ් තියෙන්නේ මාලු බව පෙන්වන්න ඒයාල ඇතුලේ තියෙන අමු මාලු පවා මට ගෙනත් පෙන්නුවා. 

ගග අයිනේ වූ ටවර් ඒක

උන්ට හරි හිනා. ලස්සන කෙල්ලො සෙට් ඒකක් හිටියා. මගේන මොනවද අහන්න ඔ්නි වෙලා ඒ් ඒක ඒකා වෙන ඒකියන්ට කියනවා මාව ගිහින් හමුවෙන්න කියලා. මොකද උන්ට ඉංගිරිසි බැහැ. මේ පලාතට සංචාරකයෝ ආවට මම හිතන‌ේනේ වැඩි දෙනා ලෝකල් සංචාරකයෝ. මේ පලාතේ බාසාව කෙලන්තාන ්කියල ඒකක්. ඒ් අය විදෙස් බාසාව විදිහට දන්නේ මැලේ බාසාව. 

මේ කෙලන්තාන් වල නම් මැලේ නොදැන ආවම ටිකක් කේස් වගේ. කඩවල වගේ ම වෙනත් තැන්වලත් ඉංගිරිස වලින් ගනුදෙනු කරන්න අමාරුයි. ඉස්පිරිතාලේට ගියාම ඒතන හිටි අයත් ඉංගිරිසි ටිකයි තමයි දැනගෙන හිටියේ. 

අමාරුවෙන් ඇනවුම් කල කෑම

ඉතින් ඒදා මම හැන්දෑ වෙලා තවත් ඇවිදින්න ගියා. කෙලන්තාන් වල මුස්ලිම පාලනනයක් තිබුනට ම‌ොකද ඒහේ චීන වීදියක් තියෙනවා. චීන විදියේ බියර් බොන්න පුලුවන්. ඒ් වගේම චීන කෑම තියෙනවා. අනෙක් පැතිවල ටිකක් තද නීති තියෙන්නේ. මම ඇවිද ඇවිද රැ ඒකොලහට විතර චිල්රන් පාක් ඒකක් ගාවට ආවම ඒතන හිටියා ලස්සන ගෑල්ලමයෙක් ඉරිගු විකුනනවා. ඉරිගු ඇට තම්බලා ඒ්වාට මිල්මේඩ් වගේ දාල රස කරල තියෙනවා. මමත් ඒකක් ගත්තා. 

චීන වදියේආප්ප දාන ආකාරය

ඒ්ක අරං කන ගමන් දැක්කා චිල්රන් පාක් ඒකේ රෑ 11ටත් ලමයි සෙල්ලම් කරනවා. අමම්ල තාත්තලා ඇවිත් කනවා. මුස්ලිමී නීති ටිකක් තදයි කිව්වට මිනිස්සු රෑට ඒලියට බැහැලා තැන තැන ිහින් කන බොන ප්‍රීතිවෙන ඒක නම් අඩුපාඩු තිබුනේ නැහැ. 

ඉතින් ඒදා රෑ ඇවිදල මහන්සිපට හොදට නිදාගත්තා. බියර් ටිකක් මිල අදික නිසාත් හැමදාම බොන්න හොද නැති නිසාත් ඒදා බිව්වේ නැහැ. 




වකෆ් බාරු වලදී කෝච්චි ඒන්ජිම


කෝච්චියේ ඇතුලත




කොටා බාරු චින වීදියේ ආරම්භය



කොටා බාරු වලදී.

ගුවා මුසාන් වලදී




Friday, March 10, 2023

කේ ඇල් සී සී පාක් ඒක

2023 පෙබරවාරි 24 වැනිදා උදේ පාන්දරම වගේ නැගිට්ටා.. නැගිටලා මල්ල හදාගෙන බිල ගෙවලා හෝටලෙන් නික්ම යන්න ලෑස්ති වුනා. මම ඉදලා තියෙන්න් ජලන් සුල්තාන් විදිය පේන තෙක් මානයෙ ඔලිම්පික් හෝටලේ තියෙන්නේ. මේ ජලන් සුල්තාන් කියන්නේ කුප්‍රකට මැලේසියාවේ Jalan Pataling කියන වීදියට අල්ලපු වීදිය. ඒ් වීදියේ රෑට හැපනින්. චීන අවන්හල් ගොඩයි. චීන කිව්වට චීන මැලේසියානු අවන්හල්. ඒ් වායේ කන බොන උදවිය ගොඩයි. මැලේසියානු සහ දෙමළ අවන්හල් වලට වඩා චීන අවන්හල් වල තියෙන විශේෂය තමයි චීන අවන්හල් වල බොන්න තියෙනවා. බියර් ඒකක් ගහගෙන ආතල් ඒකේ කෑම කන්න කට්ටිය චීන වීදි වලට යනවා. 

 

මට යන්න ඔ්න වෙලා තිබුනේ ටමන් නගාරා කියන ජාතික වනෝද්‍යානය බලන්න. ඒ්ක බලන්න නම් මැලේසියාවේ ජෙරන්ටුට් කියන කුඩා නගරයට මුලින්ම යන්න. ඒ් ඒතනට ගිහිනුත් තව කිලෝමීටර පනහක් වතිර ගියාම තමයි ටමන් නගාරා වනාන්තරය තියෙන්නේ. මේ ටමන් නගාරා කියන්නේ අපේ සිංහරාජය වගේ වර්ශ මිලය තුන් හාරසියක් පරණ මහ ඝන රූස්ස කැලයක්. ඒ් කැලේ ට්‍රැකින් තියෙනවා, බෝට්ටු සවාරි තයෙනවා ආතල් තියෙනවා. ඒ්ත් මම ඒහේ නම් ගියේ නැහැ. මම කොහොම හරි ඒදා ජෙරන්ටුට් වලට යන්න ඔ්නකම තිබුනා. 

ඉතින ්ජෙරන්ටුට් වලට යන්න නම් ඒ් බස් ඒකක් ගන්න ඒපැයි. මැලේසියාවේ ප්‍රධාන බස් නැවතුම්පොල කිහිපයක් තියනෙවා. ඒයින් පෙකලිලින් කියන බස් නැවතුමෙන් තමයි ජෙරන්ටුට් වලට බස් වැඩිපුර පටන් ගන්නේ. ටී බී ඒස් (TBS) කියන ටර්මිනල් බසෝපොරු කියන ඒකෙනුත් බස් යනවා. ඒ්ත් පෙකලිලින් වලින් බස් තියෙනවා කියපු නිසා මම පෙකලිලින් යන්න ලෑස්ති වුනා. උදෙම්ම හොටලෙන් නැගිටලා චීන වීදියේ තැනකින ්ආහාර අරගෙන බස් නැවතුමට ගියා. ඒතන ගූගල් මැප් ඒකෙන් පෙන්වන විදිහට පෙකලිලින් වලට බස ්ඒකක් තියෙන්න ඔ්නි. ඒ්ත් අවාසනාවට වගේ මට ඒ් බස් ඒක අල්ලගන්න බැරි වුනා. මොකද මම හීටිය බස් නැවතුම වැරදියි. පස්සේ ග්‍රැබ් ඒකකට ගොඩ වෙලා පෙකලිලින් ගියා. 

ඔලිම්පික් හෝටලයෙන් ඒලිය බැලුවහම පේන උස බිල්ඩිම  


ග්‍රැබ් 

ග්‍රැබ් කියන්නේ ඌබර් පික් මී වගේ මැලේසියාවේ තියෙන ටැක්සි සේවාව. ඒ්කේ රෙජිස්ටර වෙලා ගමන් බිමන් යන ඒක තුන ්හතර දෙනෙක්ට නම් හරිම වාසි වැඩක්. මොකද මැලේසියාවේ බස් සේවාව පොදු ප්‍රවාහනයට වඩා ටැක්සි සේවාව පාවිච්චිය ලේසියි. ඇතැම තැන්වලට බස් වලින් මෙට්‍රා වලින් ගිහින ්තව දුර අපි පයින් හෝ වෙනත් ටැක්සි වලින් යන්න ඔ්නි. කන්ඩායමක් යනවා නම් ග්‍රැබ් කියන්නේ හොද තෝරාගැනීමක්. මට ඉතින් ග්‍රැබ් ඒකක් සෙට් වෙලා ඒ්කේ නැගලා පෙකලිලින් ගියාම ඒ්ක නිකං අපේ බෙලිඅත්ත කඩේ වගෙ පොඩි බස් නැවතුමක්. 

මෙට්‍රො ඒක ඇතුලෙදි මම


පෙකලිලින් බස් නැවතුම

පෙලකිලිලින් කිව්වට ඇත්තම නම ඒ්කද කියල නම් නිච්චියක් නැහැ. මොකද උච්චාරනය වෙනස් වෙනවා. නේ ඒ් ලගම මෙට්‍රො මොනොරේල් ස්ටේශනුත් තියෙනවා. ගෝ කේ ඒල් කියන බස් සේවාවත් පෙකලිලින් හරහා යනවා. ඉතින් මේ බස් නැවතුමෙන් බැහැලා ජෙරන්ටුට් වලට ටිකැට් දෙන කවුන්ටරයට ගියාම ඒ් තැන ගෑනු කනො කියපි ඊලග බස් ඒක තියෙන්නේ හවස 3ට ලු. හද්දියියනේ ගෙඩි පිටින් පැය කිහිපයක් තියෙනවා ඒ්කට ඒ් ගමන ඉතනි ්ටිකට් බැලුවම ඊලග බස් ඒක තුනට තිබුනත් ඒ්කෙත් ටිකට් නැහැ 4 බස් ඒකේ ටිකට් ගත්තා. 

දැන් ඉතින් මෙතන බස් නැවතුමට වෙලා උදේ නමයේ දහයේ ඉදන් අල කන්නයැ. මම යමක් බලන්න ඔ්නි කියල හිතුවා.මුලින්ම මැප ්කඑලේ ක්වාලලම්පූර් KLCC Aquarium ඒකට . ඒ් හරහා ඒ් පැත්තට බලද්දි මැප් ඒකේ පේනවා ඒ්ලගම පාක් ඒකක් තියෙනවා.ඉතින් මොනොරේල් ඒකට ගොඩ වෙලා බැහැල පයින් කිලෝමීටරයක් විතර ගියාම ඔන්න තියෙනවා ඇක්වේරියම් ඒක. ඒ් කේ ඒල් සී සී පාක් තියෙන හරිය පොශ්. කඩ තිබුනත් සල්ලි තියෙන පෝසත් උදවිය තමයි ඒ්වයේ වැඩිපුර සැරිසරන්නේ. 

කුප්‍රකට කේ ඒල් සී සී වෝටර් පාර්ක් ඒක


 කේ ඒල් සි සී පාක් 

මුලින්ම ගියා ඇක්වේරියම් ඒකට. ඒ්ක නෙව බලන්න ආවේ. ඒ්ත් ඒ් ඇක්වේරියම් ඒක බලන්න රිගිට් 80ක් විතර යනවා කියල දැක්කා. මාලු බලන්න ඒච්චර ගානක් මේ වතාවෙ ්දෙන ඒක පාඩුයි කියල හිතුවා. මොකද මම තව මාස කිහිපයකින් ආයෙත් මැලේසියාවේ ඒන්න තියෙනවා. ඒ් නිසා ඒතනින් පොඩ්ඩක් කැපිලා කේ ඒල් සී ෂී පාක් ඒකට ගියා 

පාක් වරුණාව 

මහ නගරයක් මැද බිල්ඩින ්ගොඩක් මැද තියෙන මේ පාක් ඒක මරු. පොඩි කදු ස්වභාවයකුත් තියෙන කේ ඒල් සී සී පාක් ඒකේ මිනිස්සු දාහක් දෙදාහක් ඒකපාර බැස්සත් ඒහෙමට බිසී වෙන්නේ නැහැ. පාක් ඒකෙ ්ගහකොල තතියෙනවා. ඒ් වගේම බොහොම පිරිසිදුවට තියෙනවා. වතුර මල් තියනෙවා. පසෙකින් ට්වින් ටවර් රාජයා පේන්න තියෙනවා. ඒ් කේ ඒල් සී සී පාක් ඒකේ හැබැයි අපේ පාක්වල වගේ කෙල්ලගේ කුක්කුව හොයන ඇගිලි දාන්න බලාගෙන ඉන්න කපල් හිටියේ නැහැ තහනම් කරලද දන් නැහැ. ඒ් නිසා ළමයි ඒක්ක වුනත් කිසි ගේමක් නැතුව පාක් ඒකට යන්න පුලුවන්. 

ඒහේ මෙට්‍රො දුම්රිය.


 පාක් විස්තර තවදුරටත් 

මේ කේ ඒල් සි සී පාක් ඒකේ තැන තැන තියෙනවා පොඩි ළමයිට සෙල්ලම් කරන්න වටින චිල්රන් පාක්. පොඩි උන් ආවනම් උන් උඩ පැන පැන සෙල්ලම් කරන්නට මෙතන ඉඩ කඩ තියෙනවා. ඒ් වගේම වතුරේ නටලා නාල කියල සැපක් ගන්නපොඩි උන්ට තව තැනක් තියෙනවා. මම හිතන්‌ේන අක්කර පනහක හැටක මහ භූමියක්. ඉතින් නගරයේ සල්ලි තියෙන අයය. නැති අයය කියල වැඩි වෙනසක් නැතුව ඒ්කේ නානවා කියනවා. ඒ් වගේම විදේශියිනුත් හරි හරියට ඒ්වයේ නානවා කියනවා. 

මේ කේ ඒල් සී සී පාක් ඒකේ මම ටිකක් ඇවිද ඇවිද හිටියා.ඉදලාඅහක් වෙලා කට්ටිය පොටෝ ගන්න ආකාරය ආදිය හොදට බලාගෙන ඉදලා ආයෙම පෙකලිලින් වලට ඒන්න ගත්තා. ඒ්ඒනකොට මට පෙනුනා බස් ඒකේ ඒන ඒක වාසියි වගේ කියල. ගෝ කේ ඒල් කියල බස් සේවාවක් තියෙනවා. ඒ්කෙන් කෙලින්ම බස් ඒක ඒතනින්නැග්ග නම් පෙකලිලින් වලින්බහින්න පුලුවන්. ඒ්ත් මම ඒ් වගක් දැනගෙනහිටියේ නැහැ නෙ. ඒ් නිසා බස් ඒකේ ඇවිත ්බැහල මෙට්‍රො ඒකට නැගල ඒහෙම තමයි ආවේ. ඒ් ඇවිත් බහිනකොට අර බස් ඒකක් ඇවිත් ස්ටේශන් ඒක ලගින් හැරෙව්වා. 

පාක් ඒක

මේ ගෝ කේ ඒල් කින බස් සේවාව බැටරි බස්. බැටරි බලයෙන් දුවන්නේ. ග්‍රින් ඒනර්ජි කියල තවම නිකං තමයි මම හිතන්නේ සේවාව දෙන්නේ. ඉතින් ඒ් කරලා පෙකලිලින් හංදියට ඇවිත් බස් නැවතුමට පොඩ්ඩක් ඒහා තියෙන තැනකට කන්න ගියා. ඒ් ගායාම ඈත ටේබලයක අතින ්කන මනුස්සයෙක්ව පේනවා. අතින් කෑම ටිකක් අලුත් නිසා මාත් අතින ්කන්න ආස නිසා ඒතන්ට ගියා. මැලේ විදිහට බත් ටිකක් සහ තව ඒලවලු මස් ආදිය දාගෙන කෑවා සහ බීම ඒකකුත් ගත්තා. රිගිට් නවයක් වගේ සුලු ගානක් තමයි අය කලේ. 

ඒ් ඒ් බස්යන හැටි දැක්වෙන සිතියමක්.

කතාකරල බැලින්නම් ඒ් ලංකාවේ කට්ටියක්. ලංකාවේ නුවරඒලිය දියා අයියල වගයක්. සමහර අය සිංහල දන් නැහැ. සමහරවිට ඒ් අය මැලේ හෝ දකුනු ඉන්දියාවේද දන් නැහැ. ඒයා මැලේසියන් ක්‍රමයට ඒහෙත් ලබෙට කෑම දෙන නිසා ඒතන ඒ්ක ජනප්‍රිය කඩයක් වෙලා තිබුනා. 

බස් ඒකට 

බස් ඒකට ආවා. ඒහේ බස් අපේ හයිවේ බස් වගේ.ඒහෙම නැති විශාල උස බසුත් තියෙනවා. කොහොම හරි මේ හයිවේ බස් මාදිලියේ බස් වුනාට මොකද ඒ් රටේ තියෙන්නේ සීට් පේලියට සිට් තුනයි. ඉතින ්හොදට ඉඩ කඩ තියෙනවා. ඒ් වගේම ෆෝන් චාජ් කරන්න යූ ඒස් බි ඒකකුත් ඉස්සරහින්ම තිබුනා. බස් ඒකට රිගිට් තිහ හතලියක් ඇද්දට ඉඩ පහසුකම් නම ්හොදටම තියනෙවා. වනචරයින්ට ලග ඉන්න කාන්තාවන් අත පත ගාන්න හිතුනත් ඒ්ක කරගන්න හැටියක් නැහැ මේ දුර දුර සීට් නිසා. 

ඒ් බස් ඒක ඇතුල

ජෙරන්ටුට් බැසීම 

බස් ඒක තේ වතුර ආදිය බොන්න නැවැත්තුවා. මම ගිහින් චූ දාල විතරක් ආවා. ජෙරන්ටුට් වලට ඒද්දි රෑ වෙල තිබුනේ නැහැ. මම බුකින් ඩොට් කොම් බලාගෙන ජෙරන්ටුට් වල අඩු මිලට කාමර ආදිය හෙව්වා. හමුවුනේ නැහැ. ඒ්ත ඒක තැනක සිටි ඒකේම කාමර දෙන තැනක් තිබුනා. ඒ්ක ගූගල් මැප් වල නැහැ. ඒ්කට ගියා. රිගිට් හැටකට කාමරයක් ගන්න පුලුවන් වුනා. 

කෝච්චි ටිකට් 

මට යන් ඔ්න වෙලා තිබුනේ ඊලග දවසේ උදේ කෝච්චිය. මෙ ජෙරන්ටුට් වලින් ටමන් නගාරා බලන්න යන්න පුලුවන් වුනත් තනියම ටමන් නගාරා යන්න වියදම් වෙන ගාන වැඩියි. ඒ් නිසා මම කෝච්චියේ නැගලා ජංගල් රේල් වේ බලාගෙන තායි බෝඩරය දිහා උඩ පැත්තට යන්න ඔ්නි කියල හිතුවා. ලංකාවෙ ්වගේ නෙමෙයි මැලේසියාවේ ඔන්ලයින් බුක් කරන් පුලුවන් බොහෝ දේවල්. කෝච්චි ටිකට් වුනත් ඒහෙම. ඉතින් මම ස්ටේශන් ඒකට ගියාම ජෙරන්ටුට් ස්ටේශන් ඒක තනිකරම වහලා. ඒක දොරක් වත් ඇරලා නැහැ. කවුන්ටර වලත් කවුරුත් නැහැ. 

ඒ් පාර මම ලංකාවේ කාඩ් ඩිටේල් දීලා මැලේසියාවේ ටිකට් බුක් කලා. කෝච්චියේ ටිකට් බුක් කරද්දි ඉතුරු වෙල තිබුනේ නිදන මැදිරියක අසුනක්. පාන්දර පහකුත් ගානට කෝච්චිය ඒනවා. වෙන කරන්න දෙයක් නැහැ නේ ඒ්නිදන මැදිරිය බුක් කලා. 

ඒ් කරලා ගිහින් නවාතැනට ගිහින් බඩු දාලා වෙන ඇදුමක් දාල වොස් ඒකක් දාල ඒහෙම ආයේ ඒ් පැත්තේ ජනප්‍රිය රෙස්ටොරන්ට් ඒකකට ආවා කන්න. ඒ්කේ ටයිබර් බියර් තිබුනා. බියර් ඒකක් ඒහේ රිගිට් 22ක් විතර වෙනවා. ලංකාවේ සල්ලි වලින් රුපියල් දෙදාහකට කිට්ටුයි. ඒ්ත් ඉතින් බීල දැම්මා. 

ඒහේ ජනප්‍රිය ටයිගර් බියර් ඒක

බීල කාල අහක් වෙලා ඒදා ඒ් නවාතැනේ බෙල් ඒකත් තියාගෙන නිදාගත්තේ ඊලග දවසේ ජංගල් රේල් වේ අත්දැකීම ගන්න අදහසින්




Thursday, March 9, 2023

මැලේසියාවට යෑම සහ බටු ගුහාව

 වීසා 

මැලේසියාවේ ගමන සැලසුම් කලේ මගේ හිතමිතුරු පවුලක් ඒක්ක. ඒ්ත් අවාසනාවට අපි ඔක්කමලට යන්න බැරි වුනා. ඒයාලගෙ ඔන්ලයින් වීසා ප්‍රතික්ශේප වුනා. මගේ වීසා ඒක වැදුනා.. ඉතින ්ම්ම ගිහින් ඒන්න ඔ්නි කියල හිතුවා. 

ගුවන්තොට විස්තර 

මම මෙහෙන් ගුවන්තොටුපලට වෙනදා පුරුදු විදිහටම බස් ඒකේ ගියා. බස් ඒකේ ගිහින් ඉතුරු ටික පයින් ගිහින් මම ගුවන්තොටට ගොඩ වුනා. වෙනදා වගේම ඉතින් චෙක් කරන තැන් පහුකරගෙන ඉමිග්‍රේසන් ඒකට ගියා. ඒ්කෙදි ලංකාවේ කවුන්ටරෙන් මගේ බුකින් හොටල් වල ප්‍රශ්නයක් තියෙන බව හදුනාගත්තා. මම කලින් සැලසුම් කරල තිබුනේ පවුලක් ඒක්ක යන්න නිසා අපි කාමර ලොකු ඒ්වා බුක් කරලා තිබුනා ඒ් ගැන ප්‍රශ්න කලා. ඒ්ත් අවුලක් නැහැ මෙහෙන් කොහොම හරි ප්ලේන් එකට නගින්න පුලවුන් වුනා. 

අපි ඉතින් බජට්ම හොයන අය නේ. ඒ් නිසා ඒයා ඒ්ෂියා තමයි ගුවන්සේවය විදියට තෝරාගත්තෙ. ඒයා ඒ්සියා ගුවන් ටිකට් පතට රුපියල් අසූ දාහක් විතර ගියා. මැලේසියාව ගිහින් ඒන්න. මීට වසර කිහිපයකට ඉස්සර මෙයින් බාගයක් වත් යන්නේ නැහැ. ඒ්ත් දැන් වෙනත් තායි , මැලේසියා, ශ්‍රී ලංකන් ආදී ගුවන් සේවා බැලුවොත් ඒහෙම මේ වගේ දෙගුණයක් යනවා ඒ්වයේ මැලේසියාවට යන්න. 

ඒහේ ගුවන්තොටුපල 

ඒහේ ගිහින් ගුවන්යානය ගොඩබහින්නේ ඒයා ඒ්ෂියා ගුවන්තොටුපලට සිංහලෙන් කිව්වොත් ක්ලියා ටූ ඒකට. ක්ලියා ටූ ඒකේ ඉමිග්‍රේශන් පෝලිමේ ඉද්දි ඉමිග්‍රේෂන් ඔෆිසර මහත්තයෙක් ඇවිත් ලංකාවේ කාන්ඩේ බංගලි කාන්ඩේ සහ ඉන්දියාවේ සැකහිතෙන කට්ටිය හිමිහිට වෙන තැනකට අරං ගියා. ඒතන මම වාඩිවෙලා හිටියා පැය දෙකක් විතර. ගුවන් යානය පහමාරට විතර ගොඩ බෑවත් ගුවන්තොටුපලින් ඒලියට ඒද්දි අට හමාර පහු වෙලා. ඉතින් ඉන්නවා ඉන්නවා ඒ්කේ ශිෆ්ට් ඒකත් මාරු වෙනවා අපිව ගන්න පාටක් නැහැ. 

ඒතන ලංකාවේ කොල්ලෝ කෙල්ලො ටිකකුත් හිටියා. ඒ් ඒක කෙල්ලො දෙන්නෙක් අඩන්න වගේ. ඒයාල ඇතුලට ගියා ඉන් පස්සේ වෙනම තැනක රදවාගත්තා. කොල්ලොත් ඒහෙම. ඒ්ත් මට ඒලියට ගිහින් රටට ඇතුල්වෙන්න ලැබුනා. ඒ් අයගෙන් ඩොලර් ඉල්ලලා තිබුනා. මම ලග ඩොල් 1300ක් තිබුනා. ඒ් වගේම මම බලන්න යන්න ඉන්න තැන් ගැන හොද අයිටනරි ඒකක් මම ලග තිබුනා. ඒ් නිසා මට ලොකු සීනමක් වුනේ නැහැ. අහන පස්නවලට අත්තර දුන්නා. 

ඒ් නවත්වාගත්ත ලංකාවේ අයට මොනා වුනාද දන් නැහැ. සමහර විට අයේ ලංකාවටම ඒවුවද දන් නැහැ. ඒහෙම නවත්වාගත් ඉන්දියන් කාරයො ටිකක් නම් ආයෙම වෙනත් ප්ලේන් ඒකකින් ඉන්දියාවටම යවනවා වගේ ලයින් ඒකක් තමයි මම දැක්කේ. 

ඒලියට ඒ්ම සහ බටු කේව් 

ඒලියට ආපු ගමන්ම මම ගියේ සිම් ඒකක් ගන්න. මැලේසියාවේ සිම් ගන්න ලේසියි ඉන්දියාවේ වගේ වාත නැහැ. ඉන්දියාවෙදි සිම් ගන්න ඒක අමාරු වැඩක්. සිම් ඒකක් රිගිට් 15ක් දීල ගත්තා. ආ අමතක වුනා ඊට කලියෙන් මම සල්ලි මාරු කරගත්තා. සල්ලි මාරු කරගෙන පස්සේ තමයි සිම් ඒක ගත්තේ. සිම් ඒකත් අරගෙන බඩගිනි නිසා ගුවන්තොටුපල කඩේකින් නාසි ලැමාක් කියන ඒහේ තියෙන කෑම ඒක ගත්තා. ඒ්ක හොදයි. ඒයා ඒ්ෂියා ඒකේදි මම චිකන් බිරියානි ඒකක් කෑවා. ඉස්සර නම් බජට් යද්දි කෑම අනන් මනන් ඇනවුම් කරන්නේ නැහැ. ඒ්ත් අනෙක් මිනිස්සු මෙලෝ සිහියක් නැතුව කන බොන කොට අපිට බඩගිනි වෙන නිසා දැන් මම ගුවන්ටිකට් බුක් කරද්දිම කන්නත් ඇනවුම් කරනවා. 

ඒ් කරලා ඒලියට ඇවිත් වට පිට බලද්දි ගුවන්තොටුපලෙන් කේ ඒල් සෙන්ට්‍රල් වලට කෝච්චිය තියෙනවා. ඒ් ස්ටේශන් ඒක තියෙන්නේ යට . යට තට්ටුවට බැහැල පැය බාගයක් විතර ඉද්දි කෝච්චිය ආවා. කෝච්චියේ ගාන නම් අම්මපා හරිම වැඩියි. රිගිට් පනහක් ගන්නවා කිලෝමීටර 50ක දුරට පසසේ කාලෙක කිලෝමීටර හර පන්සියක් යන්න බස් ඒකකට ගෙවන්න වුනෙත් ඒ් ගාන. මමපස්සේ දැනගත්තේ ක්ලියා ගුවන්තොටුපලේම වෙනත් කොටසක තියෙනවා පහල තට්ටුවේ කේ ඒල් වලට වෙනමම බස් සේවාවක් තියෙනවා. ඒ් බස් වල කාලේ ටිකක් ගත වුනාට මොකද රිගිට් 15යි ගමනට. 

ඉතින් මම කොච්චියෙ ්නැගල කේ ඒල සෙන්ට්‍රල් ගිහින් නු සෙන්ට්‍රල් කියන මෝල් ඒකට ගියා. ඒ් මෝල් ඒකේ ලස්සන ලස්සන දේවල් තියෙනවා. කොහොම හරි ඒ් ශොපින් මෝල් ඒකේ තැන තැන තියෙනවා බෑග් ස්ටෝ කරල යන්න පුලුවන් සේවාවක්. මම ඒ්ක බැලුවා. ඒ්ත් ඒ්කේ බෑගයක් දමන්න රිගිට් විස්සක් ඔ්නි අවම. ටිකක් මිල වැඩියි වගේ සහ ඒ්කේ සේවාව හිරවුනා මට ඉදිරිපිට හිටි කස්ටමරගේ ඒ් නිසා මම බෑග් ඒක දාල යන්න බය වුනා. ඒ් ගමන අනික් පැත්තහරිල බෑග් ඒක පිටින්ම ඇවිදින්න හිතුවා.. 

බටු ගුහාව බලා 

පස්සේ නු ඒකෙන් ඒලියට ඒන්න සෑහෙන ගේමක් දෙන්න වුනා. ඒයාපෝට් ඒකෙන් ඇවිත් නු ඒකට ලස්සනට ගියාට නු ඒකෙන් ආයේ දුම්රිය ස්ථානය සොයාගන් අමාරු වුනා. ඉතින් සොයාගෙන සොයාගෙන ගිහින් හරි කෝච්චිය අල්ලගත්තා. ඒ්කට නැගල බැලින්නම මෙන්න අයියල දෙන්නෙක් සිංහලෙන් කතා කරනවා. අයියල ටිකක් ඩිෆෙන්සිව් මෙව්ව ඒකක හිටියේ. වැඩියම බජනයට කැමති වුනෙත් නැහැ. ඒ් දෙන්න නම්බෑග් නැතුව හිටියේ මම ඉතින් ටැංකි බෑග් ඒක පිටින්ම තමයි ඇවිදින්න බැහැල තිබුනේ.. 


‌ෙපැයක් වත් ගියේ නැහැ. කෝච්චිය බටු ගුහාවට පිවිසෙන දුම්රිය ස්ථානයේ නැවැත්තුවා. නවත්තලා ඉතින් කට්ටිය වගේමමමත් බටු ගුහුවා බලන්න ගියා. මුලින්ම ගියේ සල්ලි ගෙවල යන්න තියෙන ගුහාවකට. ඒ්කේ පිලිම ආදිය අඹලා වැවුරුකන්නල වගේ ගතියට තිබුනා. ඒ්ක බලන්න පැය බාගයක් පැයක් විතර ගියා. මගෙත් ඒක්ක ගිය අනෙක් දෙන්නත් ඔහෙ බැලුවා මා ඒක්ක. ඒයාල වැඩියම ප්ලග් වෙනවට වැඩි ආසාවක් නැහැ වගේ නිසා මම ටිකක් පස්ස ගහල හිටියා. 

ඒ් පලමු ගුහාවෙන් ඒලියට ඇවිත ්දෙවනි විසාල ඒකට යන්න තියෙන ටිකේ මෙන්න බොලේ දන්සැලක් වගේ ඒකක් පේන්න තියෙනවා. මරු නෙ .මම ගිහින් බෙදාගෙන කෑවා. ඉන් පස්සේ මට හිමිහිට වටපිට බලනකොට මීටර් වුනා. ඒතන හැමෝම ලස්සනට ඇදල පැලදලා හිටියා. දෙමළ අයගේ යම් සංස්කෘතික අංග ඒහෙමත් තිබුනා. කෑමත් දෙමළ. පස්සේ තව කකා ඉද්දි තව අයත් ආවා. ඒයාලත් කෑවා. කැම වල අවසාන හරිය තිබුනේ.ඒ්ත් කෑම රසයි. මම හිතන්නේ ඒතන වෙඩිමක් හරි මොනාහරි ෆන්ෂන් ඒකක් වෙන්න ඔ්නි. මම දන්සැලක් කියල වරදවා වටහාගෙන ඒතනින් කෑවා. 

ඉන් පස්සේ ප්‍රධාන බටු ගුහාවට ගියා. අම්බෝ මල්ලත් ඒල්ලගෙන පඩි නගින්න ගියාම ඒපා වෙනවා. ඒත් ඉතින් ඒපා කියල නිකා ඉන්නයැ නැග්ග ඉතින්. නැගල මූලික ගුහාවත් බලලා වටේ පිට බලල චූටිකක් දාල ඒහෙම ආයේම ඒන කෝච්චියේ නැගල ආවා. 

ආවම මග ස්ටේශන් ඒකකින් හැරිලා ගිහින් මගේ නවාතැනට යන ඒක ලේසි වගේ පෙන්නුම ්කලා. මම නැවතිලා හිටියේ චීන විදිය කිට්ටුව හොටල් ඔලිම්පික් වල පලවෙනි දවසේ. ඉතින් ඒ් නවාතැනට හවස් වෙද්දි ගියා. හවස් වෙද්දි කිව්වට ඉතින ්මෙට්‍රො වලින් පාර හොයාගෙන හොයාගෙන යද්දි පරක්කු වෙලා. රෑ වෙලා. හොටල් ඒකට ගිහින ්චෙකින් වෙලා වොශ් ඒකක් දාගෙන රෑ ඇවිත් කෑවා. කෑම තෝරන්න දන්නෙ ්නැති නිසා බෙල්ලෝ ඩිශ් ඒකක් තමයි ඇනවුම් කරලා තිබුනේ. 

බෙල්ලා ඇරල තියෙනවා. ඒ් වුනාට හැදි ගරුප්පු වලින් මස් ටික හුරගෙන කන ඒක ටිකක් අමාරුයි. කොහොමහරි කටත් පුච්චගෙන අමාරුවෙන් ගිල දැම්මා. දමල නිදා ගත්තා. 

ක්ලියා 2 ඒකේදි

බටු ගුහාව ලගදි

කුම්භකරනයා

වෙනත් පිළිම ආදිය


බටු ගුහාවට යන අතර තුර

දන්සලක් කියල වැරදිලා කෑව තැන

බටු ගුහාව ඉදීපට

මේ මම

ගුහාව ඇතුලෙ

අම්මෝකලුවරයි නේද

ඔවු කලුවරයි

නවාතැන

නොදැන කන්න ගිය ඉස්සො සහ බෙල්ලො

නොදැන වුනාට කැව ඉතින්

පාට පාට පඩිපෙල

ටිකක් ඈතට

තව නටඹුන්

හිරිගල් කන්ද යටට පේන හැටි.