Friday, May 3, 2024

පුත්තලං ගමන

පහුගිය නිවාඩු දවසක උදේ කොෝච්චියේ පුත්තලං ගිහින් ආවා. තෙේරුමක් නැති අරමුණක් නැති ගමනක්. මේ දවස්වල බෝඩිමට වෙල ඉන්න බෑ රස්නේ. අනික ලොකු කෑමකට බීමකට යන්නබෑ වියදම දරන්න අමාරුයි. ඉතින් රුපියල් දාහකට දෙදාහකට කෝච්චියේ රවුමක් දාල එන එක හැම අතින්ම වාසියි.

උදේ ස්ටේශන් එකට එනකොට කෝච්චිය යන්න ඔන්න මෙන්න. ඒක යකඩ කෝච්චියක්. ලස්සන මදි . පරණ රතුපාට පෙට්ටි. එම් ටූ කියන පරණ එන්ජිමෙන් අදින්නේ. කිලෝමීටර් 135ක දුර යන්න පැය තුනහමාරක් විතර ගන්නවා. කොළම කොටුවෙන් පටන් ගත්තම පුත්තලම දක්වා හැම දුම්රිය නැවතුමකම නවත්වනවා.

මගින් නැග්ග කරච්චල්

ගෑනු මිනිසස්ු බඩු පොට්ටනි ගොඩක් අරං මීගමු දිහාවින් කාන්ඩයක් නැග්ගා. පොඩි උන් මහ උන් කෑම බීම ආදිය එක්ක ඒ නැග්ගේ මුස්ලිම් කාන්ඩයක්. ඇස් චූටි ලස්සන මුස්ලිම් ගෑල්ලමයි දෙන්නෙක් එහෙමත් උන්නා. අංකල් ටයිප් පැණියෙක් ඒ ගෑනුන්ට පැණි හැලුවද නැත්තං ඇත්තටම ජාති ආලෙන්ද මන්දා එල්ලි එල්ලි ඒ තම්බි එක්ක කතා කලා. මම ඒ හැටි කතාවට ගියේ නැහැ. ඒ සෙට් එක ටිකක් ඈථට ගියා පාලවිය කිට්ටුවෙන් බැහල ගියාම පෙට්ටියෙම හිටිය තම්බි මනුස්සයෙක් කිව්වා හම්බෝ වැස්සක් වැහැල පෑව්ව වගේ කියලා.

බලන්නේ මක්කද ඉතින්

මේකේ තේ වතු නැහැ. රබර් වතු නැහැ තියෙන්නේ පොල් වතු. හලාවත දිහා තියෙනවා සෝක් පොල් වතු. ඉන් පස්සේ වනාතවිල්ලුව වගේ තඩි විල්ලු තියෙනවා. ඒවායේ කුරුල්ලෝ ඇති ඒත් පේන්නේ අඩුවෙන්. රටින් බැහැපු පෙලිකන් වගේ කුරුල්ලෝ කාලෙකදි ඇති හැබැයි මම යන දවසේ හිටියේ නැහැ. කන්තෝරුවේ සතියක් විකාර බූත කොට කොට ඉදලා මෙහෙම ගමනක් බඩ ගාන එක සිතට සැනසීමක්. සිතට විතරක් නෙමෙයි ඇස් දෙකට සැනසීමක්. ඈත තෙරක් නොපෙනන අහස වියලි කාලගුණය එක්ක කෝච්චිය හිමිට පැද්දි පැද්දි ඉස්සරහට නගිනවා.

මිනිස්සු එක්ක අත්දැකීම්

රාගමදි ඇන්ටි කෙනෙක්ගේ සෙරප්පුව වැටුන නේ ඇතුලට. ඔන්න මේම මේ තියෙනවා ෆ්ලැට්ෆෝම් එක.. මේම මේම තියෙනවා මේම මේම තියෙනවා කෝච්චියේ ෆුට් බෝඩ් එක. කලබලේට නගින්න ගිය ඇන්ටි වට්ටගත්ත නේන්නං සෙරප්පුව ඇතුලට. හුකාපෝච්චි මල්පෝච්චි. මක්කරන්නදෝ.. මම ඉතින් ගිහින් බැලුවා කෝච්චිය බඩු පටවන්න නවත්තල තියෙනනේ. ඒ බව සැක හැර දැනගෙන පැනල අරං දුන්නා. එහෙම අරන් දුන්නම එතන පොඩි නිකං කිතියක් තියෙනවා. ඇන්ටි මාත් එක්ක ලාවට හිනාවෙනවා. ගහන්න හදනවද දන් නෑ කියල ඇන්ටි හිතයි කියල මම බයවෙලා මම හැරෙන්නෙවත් නැතුව ලාවට හිනා වෙනවා. ඔහොම ගියා. ඇන්ටි පැයක් හමාරක් ගිහින් බැස්සා. බැහැල බයික් එකට නැගල මහත්තයටත් පෙන්නුවා මාව. මම තමයි සෙරප්පුව අරං දුන්නේ කියලා.

තම්බි කෙල්ල

ඉතින් ටික දුරක් යද්දි මුස්ලිම් ආක්‍රමනය ආවා. ඒ කට්ටිය නැගල තැන තැන වාඩිවෙනවා. මා ලගිනුත් ඇච්චො බැච්චො ඇන්ටියො ගෑනු ටිකක් වාඩි වුනා. උන් ඉතින් ගිය තැන ක්ලැන් එක පිටින් නේ හැසිරීම. ලස්සන කෙල්ලත් මගේ දිහා බැලුවා. මම ආඩම්බර කමකට වගේ හිටියා. අවසාන රිසල් එක මට ඒ ගෑනිට ඇඩ්ඩස් එක හෝ ටැයිපෝන් නම්බර් එක දෙන්න බැරිනම් වැඩක් නැහැ නෙව නිකං පැණි හලල. එ ඒනිසා මම අතෑරල දැම්මා.

වතුර කෑම බීම

වඩේ කාරයෝ සමෝස කාරයෝ එහෙම නැග්ගා. පැටිස් 4ම සීයය් කියල මුත්තෙක් එහෙම කැරකුනා. වතුර බෝතල් එහෙමත.් විකිනුනා මේ දවස්වල තියෙන රස්නේ නිසා. මම වැඩිය කන්න බොන්න ගියේ නැහැ. මොකද බොග චාජ් වුනොත් දාන්න තැනක් නැහැ නෙව. ගමන සනීපයි. මීගමුව හලාවත පැන්නම ලොකු සෙනගක් නැහැ කෝච්චියේ ටික දෙනයි ඉතුරු වෙනනේ. ඒ අයත් පොඩි පැඩි වැඩවලට කෝච්චියේ යන අය.

පුත්තලම

මම ඊට කලින් පුත්තලම ගිහින් නෑ. නැවැත්තුව විතරයි ගොදුරක් එනකල් බලාගෙන ඉන්න ගිජු ලිහිණියෝ වගේ ත්‍රීවිල් කාරයෝ බහින මගීන් ටෝක් කරනවා දැක්කා. ඒ එක්ක පිරිසක් වේදිකාව දිගේ ඈතට ගිහින් එලියට බහිනවා. දැක්කා. පයින් යන උදවිය ඒ පාරෙන් වෙන්න ඇතිය යන්න ඇත්තේ කියල මමත් ඒ කට්ටිය එක්කම ගියා. පුදුම ගිරීස්මයක් තිබුනේ පරිසරයේ. මම හිමීට තොප්පියයි සංගාස් දෙකයි දාගත්තා. දාගෙන දැන් හිමීට පුත්තලං ටවුම පැත්තට යනවා.

බීම

සරුවත් කඩයක් තිබුනා සරුවත් එකක් දෙසීයක්ද කොහෙද කිව්වා. එතනින් බිව්වේ නැහැ. දෙසීයක් දීල සතරුවත් බොන්න පිස්සුවක් ඇතැයි. හොද වෙලාවට එතනින ්ගිහින් පුත්තලං පොලට ආවට පස්සේ මෙන්න තියෙනවා සරුවත් එක සීයට. ඒ අංකල් බුවාගෙන් සරුවත් අරගෙන බිව්වා. පුත්තලං පොලේ එදා බඩු ලාබයි. එලෝලු එහෙම ප්ලාස්ටික් තැටි වල දාගෙන කට්ටිය හිටියා.


පුත්තලං ටවුම.

ටවුමේ ඉදලා වැඩිය ලගපාතට බස් ආදිය අඩුයි. අනුරාධපුර පාරේ තියෙන්නේ තබ්බොවට යන බස් එක. ඒකත් සිං ගාල විදිනවා. ආයේ නෑ කෙටි දුර දාවනසූරී වගේ ඉක්මනින්ම යනවා. තව කල්පිටිය සහ උඩ වටේ පිටේ බස් තිබුනා. ටවුන් ඒකෙ ත්‍රීවිලර් ගොඩයි. මිනිස්සු මම හිතන්නේ ත්‍රිවීලර් වලින් තමයි වැඩියම යනු එනු ආදිය කරන්නේ.
 

ඉතින් පුත්තලමේ රවුමක් දාලා කලපුව තියෙන හරියට ගිහින් ඈතින් පේන හුලං පෙති සහ බලාගාරය ආදිය බලලා කියලා ආවා. ඒ වගේම හොද මුස්ලිම් කඩේකින් ගිහින් බිරියානියකුත් කෑවා. කාල බීලා ටිකක් ඇවිදලා බංකුවකට වෙලා ඉදලා හැන්දෑ වෙනකොට ආයෙම ස්ටේශන් එකට ආවා. මම ආපු කෝච්චියම තියෙනවා වේදිකාවේ ඒක කොළඹ යන්න පුත්තලමෙන් පිටත් වෙන්නේ හවස 4.45ට. ඒකේ ගොඩ වුනා.

සන් ඩවුන් එක.

එද්දි ඉර බහිනවා දැක්කා. වනාතවිල්ලුව හරියෙදි ඉර බහිනන් ගත්තා. බහිනකොට ඈතට ලස්සනට පේනවා. ගමන පෑ හතක් විතර හිටිය පෑ තුනක් හතරක් විතර. කොහොම හරි කොළඹ දිහාට එනකොට රෑ 9 විතර වෙලා. ඒ වුනාට ඒක ගති ගමන. කාලේ කන්න කියාපු ගමන. ඇත්තටම අරක්කු ටිකක් බියර් ටිකක් මල්ලක දාගෙන ගියානම් හලාවත පැන්නම ඒකත් ගගහ යන්න පුලුවන් එච්චරකට සෙනග අඩුයි කෝච්චිය.


ආතල් දවසක් ගත කරලා මම සුපුරුදු සුවයෙන් ඇවිත් බෝඩිමේ නිදාගත්තා.

පාලාවිය ස්ටේශම

පුත්තලං කලපුව

කාපු බිරියානිය

බීපු සරුවත් එක

ලස්සන මල්

පුත්තලං ස්ටේශම

පාලු දර්ශන

හලාවත ස්ටේශම

කලපු පරිසරය

පොල් වතු

සිග්නල් නැතුව නවත්තපු තැනක්

ගරාවැටුන කෝච්චි බිල්ඩිමක්

තනි කෙලින් පාර

කන්ටේනර් අදින ගැල්

සිමෙන්ති හදන්න බඩු අදින ගැල්

සිමෙන්ති අදින එන්ජිම

4 comments:

  1. Please check bro, Wanathavilluwa is North of Puttalam, unlikely the train passed it

    ReplyDelete
    Replies
    1. විල්ලුවක් නම් තිබුනා. පෙරියනාගවිල්ලුද මන්දා. වනාතවිල්ලුව නෙමෙයි මම හිතන්නේනේ මට වැරදිල..

      Delete