Tuesday, July 16, 2024

නුවරගල කෑම්ප්

 හොද වෙලාවට අපි ස්ලීපින් බෑග් අරගෙන ගියා. රෑ ජාමෙදි සීතල ආවා. එතකොට අපි බැහැල නිදාගත්තා. එතනෝල් පානය කරල තිබුන යාලුවන්ට නම් නින්ද ඒ හැටි අමාරුවක් වුනේ නැහැ. එහෙම නැති සත්පුරුෂයින් නම් මදුරුවෝ තල තල රස්නෙයි කියල කම්පෙලෙන් කර කර ඉන්න ඇති. අපි රෑට කෑවේ පාන් හෝ නූඩ්ල්ස්. සැමන් එකකුත් අරගෙන ගියා. ඒකෙන් හොද්දක් හැදුවා. ඒක මහ විසාල ගල් ලෙනක්. ඒක අස්සෙ සිය ගානකට වුනත් ඉන්න පුලුවන් කියල ආයුවර්ධන අයිය කිව්වට එච්චර නම් ඉන්න බෑ වගේ. එදා වැස්සේ නෑ. වැස්ස වුනත් ඒ හැටි අවුලක් නෑ ඇතුලේ ඉන්න පුලුවන්. අපි එක්ක තව සෙට් එකක් උන්නා. නුවර මල්ලිලා වගයක්. එයාලත් බියර් බිව්වා වගේ මතකයි. අපි උදේම පහලට බැස්සා. බැහැලා ගමට සේන්දු වුනා දවල් දොලහ විතර වෙනකොට. ඒ කරලා අපි ගිහින් මහ ඔයෙන් එන ඇලකින් හොදට නාගත්තා. නාකියාගෙන කොළම එන්න පිටත් වුනා. 









2 comments:

  1. අඩුකුලේ සිංහලුන්ට මේ වගේ තැන් වලට යන එක සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනි.

    උන් ගිහිල්ලා බීලා, බජව් දාලා ගිනිමැල ගහලා බෝතල් කඩලා රීලා හාලා එන්නේ.

    ReplyDelete