29
බස් එක ටික දුරක් යද්දි අපිට ලාඕස් වලින් අයින් වෙනකොට පුරවන ඩිපාචර් කාඩ් එකයි තායි වලට ඇතුල් වෙනකොට පුරවන එරයිවල් කාඩ් එකයි ලැබුනා. ඒක පුරවන්න පෑනක් නෑ. ඒ පාර බස් එකේ හිටපු නාකි ඇන්ටි කෙනෙක්ගෙන් පෑනක් ඉල්ලා ගත්තා. අනේ ඒ මනුස්සයා හරිම කරුණවෙන් පෑනේ විල්ලත් ගොල්ලා අපිට දුන්නා. අපි වැෂියෝ ඒ පෑන පස්සේ දෙන්නං කියල තියාගත්තා. ඒක දෙන්න බැරිවුනා. සිදුවුන අනපේක්සිත සිදුවීම නිසා පෑන දෙන්න බැරිවුනා.
ලාඕ බෝඩරය
1 යාලුවා කිසි ගේමක් ඉමිග්‍රේෂන් එක පාස්කරල අවුලක් නැතුව ගියා. දෙකට හිටියේ මම. 1 යාලුවා ලාඕ බෝඩරයෙන් අයින් වුනේ පිරිමි ඔපිසරයෙක් ඉන්න තැනකින් . මමයි අනිකයි ගෑනු ඔපිසර ඉන්න තැනකට තමයි සෙට් වුනේ. හුටස්. එයාල තායි වීසා එකක් අහනවා. මොකද මගේ පාස්පෝට් එකේ පරණ වීසා තියෙනවා තායි වලට . ඒ පාර මම කිව්වා අපිට දැන් තායි වීසා ෆ්‍රී කියලා. ඒ කිව්වට ඒ ගෑනි ඇහුවේ නෑ. එයාගේ ලොක්කා හොයාගෙන ගියා. එතන විනාඩි 5-10ක් විතර වාත වෙලා එයා කෝල් එකක් අරගෙන එතනට ගිහින් විස්තර අරගෙන ආයෙම එන්න ආවා. ඇවිත් අපිව ලාඕ වලින් පිට කරන සීල් එක ගැහුවා.
අපි යන බස් එකට ඇවිත් අපි ගොඩ වුනා. දැන් ඊලග බෝඩර පොයින්ටම තායි බෝඩරය. දැන් තියෙයි දැන් තියෙයි කියල බල බල හිටියා. නැහැ. මීකොං ගගත් පාස් කරලා කිලෝමීටර් තුනක් විතර ගියාම ඔන්න බෝඩරෙ ආවා. එතැනදි අපි අරං ගිය සබ්බ සකලමනාව හැම දේම අරගෙන යන්න කියලා බස් එකේ කොන්දොස්තර කිව්වා. අපේ 2 යාලුවා එහෙන් ගත්ත වියට්නාම මාදිලියේ පන්කොල තොප්පියයි. ෆෝන් චාජරයි ජැකටුයි අනන් මනන් ඔක්කම අරගන කෑල්ල වගේ බස් එකෙන් ආවා. අපි සියලු දේ අරගෙන තායි බෝඩර චෙක් පොයින්ටමට ගියා. අපි මේ පාරතායි පොයින්ට් එකේදි එකම ඉමිග්‍රේෂන් ඔෆිසරියක් ගාව පිලියෙල වුනා. හුටස්.. එයා අපිව නැවැත්තුවා.
අපිට ටිකක් පැත්තකට වෙලා ඉන්න කිව්වා. අප ිඉන්නවා ඉන්නවා අපේ බස් එකේ ආපු අයත් ඔක්කම යන්න යනවා.. ඒ පාර වෙන කෙනෙක්ගෙන් ඇහුවම ඔතන නෙමෙයි එලියට වෙලා ඉන්න කියලා අපි ඒ ඔෆිස් කෑල්ලෙනුත් එලියට දැම්මා. එලියට දාලා ටිකකින් එතනට අපේ බස් එකේ කොන්දා ආවා. මම ගිහින් මොකද කරන්න ඕනි දැන් කියල එතන ඉන්න ඔෆිසරියකගෙන් ඇහුවා. ඔයාල තායි වල නවතින හොටෙල් බුකින් කෝ? ඔයාලගේ රිටර්න් එයා ටිකට් කෝ? කියල ඇහුවා. එතකොට මම කිව්වා එයාටිකට් නම් තියෙනවා.එ ඒත්ෙ හාටෙල් නම් දැනට නෑ බුක් කරලා දෙන්න පුලුවන් ඒත් සොෆ්ට් කොපි තමයි තියෙන්නේ කිව්වා.
ඒක අහලත් ටික වෙලාවක් ගිහින්. එහෙම බැහැ හාඩ් කොපිම ඕන කියල කිව්වා. අපි ඉතින් හාඩ් කොපි ගන්න තැනක් හෙව්වා. දැන් අපි නවත්තලත් පැය බාගයක් විතර. අපි ආපු බස් එක අපිලව දාලා ඈතින් යනවා පෙනුනා. හයියෝ ජුකයි. ඒත් යන්න දෙන් නැත්තං පොඩි උන් වගේ අඩාවැටෙන්නයැ. බෑනේ.
අපිට හොටල් බුකින් සහ රිටර්න් ටිකට් හාඩ්කොපි ඕනම කියල කියනවා.එ ඒත් එහම හාඩ්කොපි ගන්න තැනක් නෑ. තායි සයිඩ් ඩිපාචර එකේ තියෙනවා ඒතැනට යන්න ගියාම එතන ඔෆිසර චූටි අය සද්දේ දානවා. ඒ පාර ගිහින් ඒ එහාපැත්තේ තායි ඩිපාචර පැත්තේ හිටපු ඔෆිසර්ලට කතාකරලා අපේ අවශ්‍යතාවය කියලා ගිහින් ප්‍රින්ට් අවුට් ගත්තා.(එතකොට ටෙක්නිකලි අපි පොටෝ කොපි ගත්තේ තායි රට ඇතුලේ තැනකින්) ඇත්තටම අපි තව නයිට් 4ක් තායිවල ඉන්නවා. එයින් නයිට් තුනකට විතරයි හොටෙල් බුක් කරලා ප්‍රින්ට ්කරලා තිබුනේ. ඒ බුක් කල හොටෙල් එවෙලෙට තග් බග් ගාල සිලෙක්ට් කරලා ගැහුවා මිස ඒ හැටි හොද නරක බලන්න ගියෙත් නෑ. ඒ සමහර ඒවට සල්ලි කැපිලත් තිබුනා එවෙලම.
එහෙම කොපි අරං එනකොට එක හොටෙල් බුකින් එකක් දෙපාරක් සෙන්ඩ් වෙලා එයින් කොපි දෙකක් ඇවිත්..ආයේ අදාල ගිහින් ආයේ ඒක ගන්න වුනා. එතන ප්‍රින්ටවුට් යක්සම ගනන් රුපියල් එක්දාස් පන්සියක් විතර ගියා කොල 7ක් විතර ප්‍රින්ට් කරගන්න.
ඉතින් ඒවා අරගෙනත් අපි දැන් ඉන්නවා ඉන්නවා අපිව ඉන්ටවු කරන පාටක් නෑ. පැය බාගයක් විතර ගියාම අර අපිව නවත්වපු ඔෆිසරිය එයාගේ කාමරයට අපි ගෙන්නුවා. එයා හොදට කතා කලා. අපි තුන්දෙනා වෙනමම ඉන්ටවිව් කලා. අපේ ගමන් විස්තර ඇහුවා. මගෙන් ලංකාවේ කරන රස්සාව ඔෆිස් අයිඩී එක ඇහුවා. කෙනෙක්ට ඔෆිස් අයි ඩී එක තිබුන් නෑ එයාට ඔෆිසෙන් නිවාඩු දීපු එකක් තිබිලා පෙන්නලා තිබුනා. මම අපි ලාඕ වලදි ගිහින ්බැලූ දිය ඇලි එහෙමත් එයාට පෙන්නුවා. එයාත් තද් ෆේන් වෝටෆෝලමට ආසයි ඒත් සිප්ලයින් එක නම් යන්නේ නෑ බයයි කියල කිව්වා. මම කිව්වා හද්දෙයියනේ ඇන්ටි මමත් සිප්ලයිමේ ගියේ ණෑ ඔය තියෙන්නේ වෙන උන් යන ඒවා කියලා පොටෝ පෙන්නුවා. ඉන්පස්සේ දෙන්නම හිනා වුනා. (ඉංගිරිසියෙන් මගෙන් මොනා කියවුනාද දන් නෑ ඉතින්_)
ඉතින් ඔය විදිහට තුන්දෙනාම ඉන්ටවිව් කරලා පාස්පෝට් සීල් කරලා දුන්නා. එතකොට අපි ඒ බෝඩර් පොයින්ට් එකේ විතරක් පැය දෙකහමාරක් විතර කට්ට කාලා තිබුනා. මොනා කරන්නද ඉතින්. ඇත්තටම එතකොට අපේ පාස්පොට් අනුව අප ලාඕස් වලින් එලියට දාලා ඉවරයි. තායිලන්තයෙන් ගත්තේ නැත්තං මොනා වෙනවද? කියල හිතාගන්න අමාරුයි. අපි එහෙම චෙක් කලේ මොකද කියල හිතාගන්න බෑ.
1. අපි තායි ලෑන්ඩ් බෝඩර් එකෙන්ම ලාඕ ගිහින් ආයෙම දවස් 7කින් ආයේත ලෑන්ඩ් බෝඩරෙකින්ම ඇතුලට ඒම.
2. මියන්මාර් සයිබර් කෑම්ප්, ලේබර් කෑම්ප්, ගෝල්ඩන් ට්‍රෑන්ගල් ආදී සීන් වලට ලංකාවේ කට්ටිය රවට්ටලා එක්කරගෙන ගිහින් පොඩි පොඩි සිද්දි ගොඩක් වෙලා තිබීම.
3. අපිව දැක්ක ගමන් හාවෝ වගේ පෙනිලා ටිකක් මඩවන්න ඕනි කියල හිතීම.
4. ලංකාවේ බුවාල එහෙම ලෑන්ඩ් බෝඩර් ක්‍රොස් කරලා ට්‍රැවලින් වලට සවාරි යනවා අඩු වීම..
ආදී මොනාහරි දේවල් හේතු වෙන්න ඇති. කොහොම හරි අපිට අවසානේ තායිලන්තයට එන්න අවස්තාව ලැබුනා. එයිනුත් මාව සහ මගේ බෑග් එක තායි පැත්තට එනකොට වෙනම චෙක් කලා. මම එතකොට ඇදන් හිටියේ මුවන් සායි වලින් ලාබෙට ගත්ත ටී ෂර්ට් එකකුයි ෂෝට් එකකුයි. ඒ දෙකටම රුපියල් දාහක් වුනේ නෑ. ඒ ලාබ ඇදුන් ඇදන් විකාර විදිහට හිටපු එකත් චෙක් වෙන්න හේතු වාසනා වුනාද දන් නෑඉතින්. #amila2r
▼
බස් කොන්දොස්තර අනික් අනික් කාණ්ඩ වලටත් ඉමිග්‍රේෂන්එකට යද්දී බෑග් ඇරගෙන යන්න කිව්වද.
ReplyDeleteඅමිලලා කාන්ඩේට විතරද එහෙම කිව්වේ?
නෑ. ඔක්කොමල තිබුන ඔක්කම අරගෙන බැහැලා පයින් ගියා..
Deleteරාජ්‍ය සේවයේ නිරුතු අමිල චතුරංග ඉතාම ධනවතෙකි.
ReplyDeleteඑවන්නෙක් සාමාන්‍ය ඇත්තන් මේන් ඔවුන් යන බසයක සංචාරය කරන්නේ ඇයි දැයි කියා අප විමසුවෙමු.
ඔහු පැවසුවේ ඔහුගේ මෙම ගමන හුදෙක්ම ලිංගික සංචාරයක් පමණක් බවයි.
එම ගමනේදී අදාළ රටේ ආර්ථිකයට සහයක් වීම ඔහුගේ අරමුණ බවයි
තිලකෙ මහත්තයා බණ්ඩාරවෙලය
ReplyDeleteතිලකගේ පියා බණ්ඩාරත් වෙලේය
ඇමැති විජිත හේරතුත් බණ්ඩාරවෙලය
එයට හිලව්වට තිලකයේ සිළුමිනේය