Thursday, April 3, 2025

අලුත් ශ්‍රී නගර් රේල් ට්‍රැක් එක

මම 2015 කාශ්මීර ශ්‍රී නගර් යන්න බලද්දි අරුම පුදුම රේල් ට්‍රැක් එකක් තියෙනවා ශ්‍රී නගර් වල.. එහෙ බරමුල්ලා සිට බනිහාල් දක්වා කිලෝමීටර් 135 ලංකාවේ වගෙ පවර් සෙට් කෝච්චි යනවා.. හැබැයි ඒක ඉන්දියාවෙ අනෙක් විසාල රේල් නෙට්වර්ක් එකට කනෙක්ට් නෑ. වෙල තිබුණෙ එයාලත් අපෙ නුවර හයිවේ එක වගෙ අනෙක් පැත්තෙ සමතලා කොටසක් මුලින් පටන් අරගෙන..ඒක සිං සිං ගාල ඉවරකරල ඒ කොටස විවෘත කරල. හැබැයි ඉතුරු කඳුකර කොටසක් පෙන්ඩින්..එහෙම පෙන්ඩින් තිබූ කාලෙ අවුරුදු 15ක් විතර..

ශ්‍රී නගර් කෝච්චි පාරේ විස්තර

 

 ඉතුරු දුර කොටසේ විශාල අන්ස්ටේබල් හිමාල කඳු කපලා උමං 38ක්..පාලම් 927ක් එක්ක ඉන්දියාවට ශ්‍රී නගර් රේල් පාර සම්පූර්ණ හදාගන්න 1998 සිට 2025 දක්වා අවුරුදු 27 ක් ගතවුනා.. 2015 වෙද්දි දිල්ලි ඉඳල අපිට කෝච්චියෙ යන්න පුළුවන් උනේ කාශ්මීරයේ ජම්මු නගරය දක්වා විතරයි. අපි ජම්මු වලට කෝච්චියෙ ගියා.. කෝච්චියෙ ජම්මු ගිහින් ඊටපස්සේ ජම්මු සිට ටැක්සියක් ගහගෙන අපි ශ්‍රී නගර් ගියා. දිල්ලි සිට ශ්‍රී නගර් කිලෝමීටර් 800 සම්පූර්ණ ගමනට අපිට පෑ 26 ක් ගියා. ඒ මගදි හිම මිදෙන තරං සීත කඳුකර කොටසක් ඒ පාරෙදි අපිටත් සෙට් වුනා. 

ආයෙ මම 2023 කාශ්මීරයේ ගියා. කලිං පාඩම ඉගෙනගෙන ඒ වතාවෙ දිල්ලි ඉඳන් ශ්‍රීනගර් ෆ්ලයි කලා. ඒ ගමනෙදි ශ්‍රීනගර් ඉඳල පහල්ගම් යන්න ශ්‍රීනගර් වල ඉඳන් පහලට ටික දුරක් ඒ හුදකලා රේල් පාරෙ පවර්සෙට් කෝච්චියක ආවා. දැං ඉන්දියාව ඒ ට්‍රැක් එක සම්පූර්ණ හදලා. 1998 මුල් ඇස්තමේන්තු වියදම රු කෝටි 44,000ක්..ඒසා විසාල වියදමක් දරල හැදුවත් වැඩේ පරක්කු වුන නිසා දැං ලෝකෙට ඒ ශ්‍රී නගර් රේල් ට්‍රැකම ලොකූ මැජික් එකක් නෙමේ.. (ඉන්දියන් වටපඩයොන්ට ඉතිං කොහොමත් උන් හදාගන්න ලබ්බ උන්ටම හෙන ලොකුයි.) 

චීනෙ ක්වින්හායි ටිබෙට් මීටර් 5000කට වඩා උඩ ටච් කරන ට්‍රැක් එක..ස්විස් වල කිලෝමීටර් 42ක් දිග ගොතාඩ් බේස් ටනල් එක, මූදයටින් ප්‍රංශෙ එංගලන්තෙට කනෙක්ට් වෙන යුරෝටනල් එක ආදිය එක්ක බැලුවම ඉන්දියාවෙ අයිෆල් කුළුණට වඩා උස චෙනබ් බ්‍රිජ් එකයි ඒ ශ්‍රී නගර් ට්‍රැක් එකයි සිප්පි කෑලි. හදල ඉවරෙල කනෙක්ට් කලාම දිල්ලි ශ්‍රී නගර් 800km කලින් ගිය පෑ 20-24 ගමන පෑ 13 කට අඩුවෙනවා කියල තමයි නිවුෂ් වල කියන්නේ..ඒ ට්‍රැක් එකේ ඉන්දියාව හදන එයාලගෙම 160kmph යන්න පුළුවන් වන්ඩේ බාරත කෝච්චිය යවන්න තමා ඉන්දියාව හදන්නේ. ඒත් කඳුකර කොටසෙදි වේගෙ 80kmph වලට අඩු කරයි බොහෝවිට..

 





1 comment:

  1. වන්දේ භාරත්.
    ඉන්දියන් රේල්වේ සර්විස්

    ReplyDelete