ලංකාවයි ඉන්දියාවයි අතර තියෙන අඩුම දුර රාමේශ්වරම් තලෙයිමන්නාරම් හරහා තියෙන්නේ ඒක කිලෝමීටර් 32ක්. ඒත් තවම ඒ දෙක අතර ලිංක් එකක් හැදිලා නැහැ. සාමාන්‍ය අපිට ඒ ගමන යන්න අවස්තාව නැහැ. ඉන්දියාවේ ලොක්කා නරේන්ද්‍ර මෝඩි නම් ලගදි අනුරාධපුරෙන් හෙලිකොප්ටර එකක නැගල මදුරෙයි වලට පියාඹලා ගියා. ඒත් අපිට සාමාන්‍ය ජනයාට එහෙම චාන්සමක් නැහැ.
Tuesday, April 8, 2025
ලංකාවේ සිට ඉන්දියාවට ගොඩබිම හරහා යාමට හැකිද?
Friday, April 4, 2025
වාට්ටුව
ජනිත් ඇක්සිඩන් වුනේය. එමොහොතේ කලබලේට රජයේ රෝහලට ජනිත් ඇතුලත් කලේය.ඉන් පස් කන්තෝරු මිතුරන්ද ගෙදර අයද තවත් යාලුවෝද ජනිත් බලන්නට ආවේය. ඔවුන් ඇවිත් ජනිත්ට දැන් හොද ඉස්පිිතාලෙකට මාරු විය යුතු නේදැයි ඇසුවේය. එනම් ප්‍රයිවෙට් හොස්පිටිතාලෙකට මාරු විය යුතු යැයි ඔවුන් කිව්වෝය. එහෙත් ජනිත් ඒ සදහා කැමැත්තක් දැක්වූයේ නැත. මම දැන් මෙතන ඉන්නවා නේ. තව මොකටද ඉතින් කියා ජනිත් සිතුවේය. ඇරත් කොහොමත් තනිකඩයෙකු වන ජනිත්ට පුද්ගලික ඉස්පිිතාල කාමරයේ ජිවිතය එතරම් සනීපදායක නොවේ යැයි සිතුනේය.
කාර්යාලයේ අයට අමතර කරදර වෙන්න එපා යැයි කියා පණිවිඩ යැව්වේය. ගෙදරින ්කියා පැමිණි විසේස ගෙදරක් නැත. ගෙදර අයට මෙය දැන්නුවොත් ඈත ගම සිට පැමිණ විකාර කරන්නට ගන්නා නිසා ජනිත් නැවතී සිටින බෝඩිං ගෙදරට පමණක් දැන්වූ අතර ගෙදර යන නියෝජනය පිට එහි අංකල් කාරයා ඇවිත් බලා ගියේය. බෝඩිං ගෙදර ජනිත් කලක් පටින් සිටින නිසා අංකල් කාරයා මූනිච්චාවට පැමිණ ජනිත් බලා ගියේය.
ජනිත්ගේ අල්ලපු ඇදේ සරත්ගේ පවුල නීලාය. නීලා ගොඩක් ලස්සන නැත. එහෙත් නීලා පැමිණ සරත්ට බත් කවයි. ඒ අතර නීලා ජනිත් දෙසද බලයි. මහත්තයටත් බත් කටක් ඕනිත? යැයි නීලා කරුනාවෙන් අසයි. අහංකාර සහ ලැජ්ජාසිලි ජනිත්. බැහැ. දැන් කන්න බැහැ. මම පස්සේ කන්නේ දවල් වෙලා යයි උත්තර දෙයි. ඔය ඇති අනේ. මෙතන කාල කාල නිකං ඉන්න බැහැ. යැයි සරත් කියයි. මේකත් කනෝ. මම මේ උදෙන් නැගිටල උයන් ආපු එක. කියා ඕ තොමෝ පෙරැ්ත්තයෙන් සරත්ට කවයි. වාට්ටුවේ කඩ කෑම ගෙනැවිත් දෙන අයකුට පණිවිඩය කියා ඇති ජනිත් ඒ කෑම එක එනතුරු මග බලා සිටි. කොහෙද ඉතින් මහත්තයට අපේ කැම හරියන් නැහැෙ න. නැත්තං මං කෑමෙකක් ගෙනත් දෙනව නෙ.
ජනිත් ලැජ්ජාවෙන් සිනාසෙයි.
ඔව්. ඔන්න ඔහෙ හෙට කෑමෙකක් අරංං එනෝ අපේ මහත්තයටත්. මම අර මිනිහට කියන්නං හෙට කෑම එපයි කියල. මෙයයි කොහොමත් උ්යන එක නෙ. ඔන්න හෙට ගේනෝ කෑමෙකක්. සරත් කිව්වේය.
අනේ ඔයාල කරදර වෙන්න එපා. දැන් මේ එක ලෙඩෙක් මදිවට දෙන්නෙක්ට උයන්න වෙනව නෙ. මං මෙවිදිහටම කන්නං මොකුත් හිතන්න එපා.. ජනිත් කිව්වේය.
අනේ මහත්තයා ලැජ්ජ වෙන්නේ ඕන නෑ. මහත්තය ඉන්න මම හෙට කෑමෙකක් ගේනවා. මේ අර කෙනාට කියන්න හෙට කැම එපා කියල අද ආවහම.
සරත්ගේ දරුවන් පැමිනි දිනක. ජනිත් මෙහෙ එන්නට කියා ජනිත්ගේ පොස් මිතුරන් ගෙන ආ බිස්කට් පලතුරු ඔවුන්ට දුන්නේය. ජනිත් මහත්තය ඔක්කොම දිලා. මුන්ට ඕවා සරුස් ගාල යනවා. ටිකක් තියාගන්න එපැ. සරත් කිව්වේය.
මොකටද සරත්. ළමයි ඕවා කයි නෙ. මෙහෙ තියාගන්න ත් බැහැ නෙ. කමක් නෑ. ඇයි සරත්ටත් ඕන කියල හිතුනද? ජනිත් ඇසුවේය.
හුම්ම්.. මාත් මිදි වලට එහෙම ආසයි. ආයේ මිදි ගෙනාවොත් මටත් දෙන්න ඈ. සරත් පොඩි එකෙකු පරිද්දෙන් කිව්වේය.
හා හා හා.. සරත් ඉතින් කලින් කියන්න එපැයි. මම දන්නවැයි සරත් හිතන දේවල්. ජනිත් ඊලග වතාවේ මිදි ගෙනාවොත් සරත්ට දෙමි යි සිතුවේය.
දිනක් රහසක් කියන්නට මෙන් ජනිත්ගේ කණ අසලට කිට්ටු වූ සරත්. මේ මහත්තයා අපි චුට්ටක් බොමුද? කියා ඇසුවේය.
ඇ..මේකස්සේ බොන්නේ කොහොමද? දන්නවා නේ. අපෝ මට බෑ. එලවල දායි. ජනිත් බයෙන් කිව්වේය.
එහෙම නෙමෙයි. එහෙයම නෙමෙයි. මම ගැනිට කියන්නං රෙඩ් රම් බාගයක් කොකාකෝලා බෝතලේක දාගෙන එන්න කියලා. අපේ ගෑනි ඕක අරං එයි. මහත්තයා කලබල නැතුව ඉන්නකෝ. මට ඕන වුනේ මහත්තයා බොනවද කියල දැනගන්න විතරයි. සරත් කිව්වේය.
මහත්තයා පොඩි උදව්වක් කරන්න පුලුවන් වෙයි නේද? මම දවස් පඩි කාරයා නිසා මේ දවස්වල ටිකක් අග හිග.. මට රෙඩ් රම් බාගෙට රු දෙදාහක් දෙන්න. දැන් ඉතින් බඩු ගනන් නේ. මොකුත් හිතන් එපා. අපි හිතේ තියන් හිටියොත් මේවා වෙන් නෑහැ නේ. යමක් නොබී මේ අපාෙය් හැමදාම ඉන්න බෑනේ. අපි මොනාහරි කරමු. සරත් යෝජනා කලේය.
වහා කබඩ්ඩුවේ තිබූ පර්ස් එක ඇදගත් ජනිත් මෙතන තුනක් තියෙනවා කියා මුදල් සරත් අත තැබුවේය. එක්කො මහත්තයා ඕක ගැනි ආවහම දෙන්න. නැත්තං එයා හිතයි මම මහත්තයගෙන් සල්ලි කඩාගත්තා කියලා. සරත් කිව්වේය.
ඒත් මම කොහොමද එයාට සල්ලි දෙන්නේ. ජනිත් ඇසුවේය.
මහත්තයා ඒක මෙහෙමයි. මම දන්නවා නේ. අපේ ගැනි මහත්තයට හෙන ගරුසරුව. මට කවන්නත් මොකත්ද වගේලු මහත්තයාට දුක හිතෙයිලු.. අනන් මනන් විකාර එයයි කියවන්නේ. දැන් මහත්තයාට බොන්න ඕන කිව්වම ඔය ගෑනි ඕක පැනල කරනවා. මම ඒක සැට් කරන්නන් කො. ඉන්නකො. මහත්තයා එයය් යන්න කිට්ටුව සල්ලි දෙන්න එයාට. ඒ ඇති. සරත් කිව්වේය.
එහෙත් මුදල් දිම ලේසි වූයේ නැත.
අනේ මහත්තයා. මම දන්නවා මේ අපේ එකා තමයි ඔය ඔක්කම කරන්නේ. මිනිහ ආසයි රෙඩ්රම් කෝක් දාල බොන්න. දැන් මහත්තයා පිට දාලා වැඩේ ශේප් කරගන්න ඔය යන්නේ. මහත්තයත් මෝඩය. අහුවෙනවා පට ගාල අපේ එකාට. කියා සරත් එහාට ගිය විට නිලා කිව්වේය. අනික පන්දහක්ම. නිලා මැසිවිලි කිව්වාය.
ඔයත් බොනවනෙ ඉතින්. ජනිත් කිව්වේය.
ඔව්. ඉතින් අපි බිව්වම පෙවෙන් නැද්ද? මහත්තයා ලෙඩ හොද වුනාම අපෙ දිහා එන්නකො. ටිකක් රෑ වෙලා ළමයි නිදාගත්තම අපි හිමීට පාටියක් දාමු. මම ඩෙවල් එකක් එහෙම දාලා තියන්නම් කෝ.. නීලා කිව්වේය.
ඒක නෙමෙයි. අපේ මිනිහා තවම මහත්තයට මගේ වේස ජාතකේ කිව්වේ නැද්ද? නිලා ඇසුවේය..
ජනිත් පුදුම විය. නෑ එහෙම එකක් කිව්වේ නෑ.
මහත්තයා හින්ද කියන්නේ. වෙන මිනිස්සු තමන්ගේ ගෑනි ගේ විස්තර හංගනවා. මොනාහරි තියනවා නම් පවුල ඇතුලේ විසදගන්නවා. ඒකට අපේ එකා. මම ගැන කාටත් කියන්නේ නරකමයි. පුදුම කරුමයක් ඒක නම්. නිලා කිව්වේය.
වාට්ටුවේ කෙළවරකින් වැසිකිලි ගොස් නැවත එන සරත්ව ජනිත්ට පෙනුනේය. ඔන්න එනවා යැයි අහක බලාගෙනම නිලාට කිව්වේය.
හ්ම්.. එතනින් කතාව නැවතුනි.
දවල් ලෙඩ්ඩු බලන වේලාවට දිනක් ජනිත්ගේ ඔෆිස් එකේ යුවතියක් පැමිණියාය. මිස්ට ජනිත් අරයට බත් කවනවා දකිනකොට ඔයාට දුක හිතෙනවා ඇති නේද? කියා ජනිත්ගෙන් ඇසුෙව්ය..
මනුස්සයෝ.. ඒ සරත්ගේ වැදිල තියෙන්නේ අත..ඒ නිසා එයාට තනි අතින් කන්න බැරි නිසා එයා කවනවා. මගේ කකුලයි ඒ සයිඩ් එකයි නෙ. ජනිත් කිව්වේය.
ඔයාගෙත් අත වැදුන නම් හරි නේද? මිස්ට ජනිත් ඇය නැවත ඇසුවාය..
ඔයා මාර කතාවක් නේ මාදවි කියන්නේ. අනේ මන්දා. ඔයාලටත් හිතන්න වෙන දේවල් නැද්ද ඇත්තටම. ජනිත් ඇසුවේය.
මේ කොකාකෝල ටිකක් බීලම යනවා. ගෙනත් දුන්න එකේ. සරත් නිලාට එතනෝල් කලවම් කර ගෙනත් දුන් බෝතලයෙන් ශොට් එකකක් දාන ලෙස ඇරයුම් කලේය. නිලාද.. කරබාගෙන යනු වෙනුවට. එහෙම කමත් නැද්ද/ මදිවෙයිද ඔය දෙන්නට කියා ඇවිත් ශොට් එකක් උගුරට හලාගත්තාය.
දැන් සිකුරිටි ඇවිත් ගියානේ තව විනාඩි දහයකින් විතර තමයි ආයේ එන්නේ. මම ටිකක් ඉදලම යනවා. නිලා කිව්වාය.
මේ අහනවා. ඔයා මොකද මේ මහත්තයට මගේ කිසි විස්තරයක් කියල නැත්තේ. ගෙදරට එන බිල් කාරයටත් මගේ අර කමයි මේකමයි හැම එකම කියනවා. මේ ගමන මොකද ඒ. නීලා ඇසුවාය.
අනේ මන්දා නිලා. දැන් මම කාටහරි ඔයාගැන කිව්වොත් එතනදි කඩාපයිනවා ගෙදර ගෑනි ගැන හැමෝටම කියනවා කියල. දැන් මෙතන ඇවිත් කිව්වේ නැතිවුනාම ආයේ අහනවා ඇයි කිව්වේ නැත්තේ කියල. සරත් කිව්වේය.
ඔය දෙන්න දැන් මොකටද ඔය රණ්ඩු වෙන්නේ. කියා ජනිත් ඇසුවේය.
දන්නැද්ද මහත්තයා මේ ගෑනිට මූඩිය පෑගුනත් ඇති. හරියට රන්ඩුවක් අල්ලන්න නෑනේ මම ඉස්පිරිතාලෙ නෙ. ඒ ඇරියස්සෙක ඔය. මහත්තය නම් මේවගෙන් ගැලවුනා. සසරෙන් ගැලවුනා වගේ. අපි තාම මඩේ.. සරත් කිව්වේය.
හපෝ එහෙම කියන්න එපා සරත්. මෙයා ඔයාට කෑම හදල දෙනවා. රෙදි ටික හෝදලා දෙනවා. දැන් ඉතින් බීමත් දෙනවා නීලා කොච්චර හොදයිද? මහත්තයා ජනිත් ඇසීය.
හනේ.. උඹට අපිට කිව්වම හෙන ගහනවද? කාත් කවුරුත් නැතුව වගේ මොකද බං මේ.. කියමින් දවසක් අම්මාත් ගෙදර අයත් ජනිත් බලන්නට කඩා පාත්විය. ටික වෙලාවක් ගොස් ඔවුනගේ තරහ නිවුන පසුව.
මට ඉතින් ලොකු කේස් එකක් නෑ. ඔයාල දුර ඉදන් එන්න ඕනත් නෑ. ඒ ඇවිදිනුත් අනේ බලාගන්න කවුරුහරි හිටියනන් ඕක වෙන් නෑ කියල මට මගුල් ජෝඩු කරන්න ඔයාලට මහන්සි වෙන්න ඕනත් නෑ. මම ඉතින් දැං දවස් හතරක් හිටියා.. තව දවස් දෙකකින් විතර යන්න ලැබෙයි. ලොකුවට වොරි වෙන්න දෙයක් නෑ. කියා කිව්වේය.
උඹට පුතේ අපි හොදක් කරන්න ගියත් උඹ ඒක තේරුම් ගන්නෙ ේවැරදියට. අම්මා අඩන්නට හැදුවා.
ඇති ඇති දැන් මෙතන කවුරුත් මැරිල නෑ. අඩන්න තියාගන්න එපා.. තව මිනිස්සු ඉන්නවා. කියමින් ජනිත් කිව්වාය.
අයියා ඔච්චර නපුරු වෙන්න එපා. ඔයාට නිකමට මට හරි කියන්න තිබුනා. ජනිත්ගේ නංගී කිව්වාය.
හපෝ ඊට වැඩිය හොදයි කෙලින්ම අම්මට කියනවා. මෙතන ඇක්සිඩන් එක දෙක තුන කරලා ගෙදරට කියල ඉන්න සනුහරේම කුලප්පු කරලා. ආයේ මම දන් නැද්ද ඔයාගේ හැටි. ජනිත් කිව්වාය.
නීලා මේ කිසිත් නොදැන ඇවිත් සිදුවන නාටකය එහෙන් මෙහෙන් බලන් සිටියාය. ඒ අතර සරත්ට බත් කැව්වාය.
නීලා මට බත් එකක් අදත් ගෙනාවද? සොර අද අම්මල ඇවිල්ල එයාල බත් අරං ඇවිත්. ඔයා ඕක යනගමන් කාටහරි දීගෙන යන්න කියමින් ජනිත් කිව්වාය.
අම්මාටත් නංගීටත් තාතත්ාටත් ඇතිවුන පස්නය ගැන සිතූ ජනිත්.
ආ ඒ නීලා. සරත්ගේ අත කැඩිල තියෙන්නේ. එයා මටත් එක්ක බත් ගෙනාවා. අද ඉතින් වැඩක් නෑනේ. ඔයාල කෑම ගෙනාව නේ. ජනිත් කිව්වාය.
ජනිත් දෙස නීලා හෙලන බැලුම් අම්මාටත නංගීටත් නොරිස්සන්නට විය. ඇරත් ජනිත් අනෙක් අයට ඇහෙන්නටම අම්මාටත් නංගීටත් කිවූ කටකැඩෙන කතා නිසා ඔවුන් දෙදනාම අමනාපයෙන් සිටියෝය.
Thursday, April 3, 2025
අලුත් ශ්‍රී නගර් රේල් ට්‍රැක් එක
මම 2015 කාශ්මීර ශ්‍රී නගර් යන්න බලද්දි අරුම පුදුම රේල් ට්‍රැක් එකක් තියෙනවා ශ්‍රී නගර් වල.. එහෙ බරමුල්ලා සිට බනිහාල් දක්වා කිලෝමීටර් 135 ලංකාවේ වගෙ පවර් සෙට් කෝච්චි යනවා.. හැබැයි ඒක ඉන්දියාවෙ අනෙක් විසාල රේල් නෙට්වර්ක් එකට කනෙක්ට් නෑ. වෙල තිබුණෙ එයාලත් අපෙ නුවර හයිවේ එක වගෙ අනෙක් පැත්තෙ සමතලා කොටසක් මුලින් පටන් අරගෙන..ඒක සිං සිං ගාල ඉවරකරල ඒ කොටස විවෘත කරල. හැබැයි ඉතුරු කඳුකර කොටසක් පෙන්ඩින්..එහෙම පෙන්ඩින් තිබූ කාලෙ අවුරුදු 15ක් විතර..
![]() |
ශ්‍රී නගර් කෝච්චි පාරේ විස්තර |
ඉතුරු දුර කොටසේ විශාල අන්ස්ටේබල් හිමාල කඳු කපලා උමං 38ක්..පාලම් 927ක් එක්ක ඉන්දියාවට ශ්‍රී නගර් රේල් පාර සම්පූර්ණ හදාගන්න 1998 සිට 2025 දක්වා අවුරුදු 27 ක් ගතවුනා.. 2015 වෙද්දි දිල්ලි ඉඳල අපිට කෝච්චියෙ යන්න පුළුවන් උනේ කාශ්මීරයේ ජම්මු නගරය දක්වා විතරයි. අපි ජම්මු වලට කෝච්චියෙ ගියා.. කෝච්චියෙ ජම්මු ගිහින් ඊටපස්සේ ජම්මු සිට ටැක්සියක් ගහගෙන අපි ශ්‍රී නගර් ගියා. දිල්ලි සිට ශ්‍රී නගර් කිලෝමීටර් 800 සම්පූර්ණ ගමනට අපිට පෑ 26 ක් ගියා. ඒ මගදි හිම මිදෙන තරං සීත කඳුකර කොටසක් ඒ පාරෙදි අපිටත් සෙට් වුනා.
ආයෙ මම 2023 කාශ්මීරයේ ගියා. කලිං පාඩම ඉගෙනගෙන ඒ වතාවෙ දිල්ලි ඉඳන් ශ්‍රීනගර් ෆ්ලයි කලා. ඒ ගමනෙදි ශ්‍රීනගර් ඉඳල පහල්ගම් යන්න ශ්‍රීනගර් වල ඉඳන් පහලට ටික දුරක් ඒ හුදකලා රේල් පාරෙ පවර්සෙට් කෝච්චියක ආවා. දැං ඉන්දියාව ඒ ට්‍රැක් එක සම්පූර්ණ හදලා. 1998 මුල් ඇස්තමේන්තු වියදම රු කෝටි 44,000ක්..ඒසා විසාල වියදමක් දරල හැදුවත් වැඩේ පරක්කු වුන නිසා දැං ලෝකෙට ඒ ශ්‍රී නගර් රේල් ට්‍රැකම ලොකූ මැජික් එකක් නෙමේ.. (ඉන්දියන් වටපඩයොන්ට ඉතිං කොහොමත් උන් හදාගන්න ලබ්බ උන්ටම හෙන ලොකුයි.)
චීනෙ ක්වින්හායි ටිබෙට් මීටර් 5000කට වඩා උඩ ටච් කරන ට්‍රැක් එක..ස්විස් වල කිලෝමීටර් 42ක් දිග ගොතාඩ් බේස් ටනල් එක, මූදයටින් ප්‍රංශෙ එංගලන්තෙට කනෙක්ට් වෙන යුරෝටනල් එක ආදිය එක්ක බැලුවම ඉන්දියාවෙ අයිෆල් කුළුණට වඩා උස චෙනබ් බ්‍රිජ් එකයි ඒ ශ්‍රී නගර් ට්‍රැක් එකයි සිප්පි කෑලි. හදල ඉවරෙල කනෙක්ට් කලාම දිල්ලි ශ්‍රී නගර් 800km කලින් ගිය පෑ 20-24 ගමන පෑ 13 කට අඩුවෙනවා කියල තමයි නිවුෂ් වල කියන්නේ..ඒ ට්‍රැක් එකේ ඉන්දියාව හදන එයාලගෙම 160kmph යන්න පුළුවන් වන්ඩේ බාරත කෝච්චිය යවන්න තමා ඉන්දියාව හදන්නේ. ඒත් කඳුකර කොටසෙදි වේගෙ 80kmph වලට අඩු කරයි බොහෝවිට..