Tuesday, November 5, 2024

වන්වියන් කියන්නේ මොකක්ද?

12

වයන්වියන් Vang Vieng කියන්නේ ලාඕස් වල තියෙන ලස්සන පලාතක්. ඒ පලාතේ ටවුම තියෙන්නේ සුන්දර දිය පහරක් ගලායන නිම්නයක. වටේම කදු තියෙනවා. ලාඔස් වල තියෙන ලස්සනම හොදම ගුහා භූමි දර්ශන, වතුර පාරවල් ඔක්කොම තියෙන්නේ වන් වියන් වල නෙමෙයි. ඒත් වීව් පොයින්ට්, වතුර ආතල්, භූමි දර්ශන, ගුහා, නිල්දිය පොකුණු ආදී ආතල් ොගඩක් එකම ලොකේශන් එකක් අවට වන්වියන් වල තියෙනවා. ඇරත් ලාඕස් අගනගරය වියන්ටියෙන් සහ ප්‍රධාන සංචාරක නගරය ලුවන් ප්‍රබාන් වල සිට වන්වියන් වලට එච්චර දුරක් නෑ. වියන්ටියෙන් ඉදලා කිලෝමීටර් 160යි. කෝච්චියේ පැයේ ගමන. ලස්සන බලන්න සහ විවේකය ගතකරන්න එන සංචාරකයෝත් සැලකිය යුතු ප්‍රමාණයක වන් වියන් වලට එනවා. අපි ලංකාවේ මට්ටමින් කිරල බැලුවොත් ඇල්ල වීව් පොයින්ට් එක ලස්සන වීව් පොයින්ට් දෙතුන් සීයක් ලාඕ වල තියෙනවා. වන්වියන් වලම ඒවගේ හත අටක් තියෙනවා. සමහර ඒවා අංශක 360ම පේන සිරාම ලස්සන වීව් පොයින්ට්.

වන්වියන් වලින් බැසීම
අපිල බැස්සේ කෝච්චියෙන්. එලියට ආවහම ඉතින් ලොකේ හැම කෙළවරකම වගේ ටැක්සි අයියලා ටිකක් අපිට ඔෆර්ස් දෙන්න එනවා. ඒ අතර තිබුනා කදිම පොඩි බස් ටිකක්. කිලොමීටර් 5ක් විතර ගමනක් අපිලට තියෙන්නේ. අපි බුකින් එකෙන් බුක් කල සිසාවන් ගෙස්ට් පොට් එක වන්වියන් වල සෙන්ටර එකෙම තියෙන තැනක්. එතන්ට බස් එකේ කිප් ලක්ෂ එකහමාරක් ඉල්ලුවා. ලංකාවේ සල්ලි වලින් දෙදාහක් විතර. අපිල විතරයි බස් එකේ. පස්සේ බැලුවම ඊ ට වඩා අඩුවට ටැක්සි තිබුනා. එතකොට අපි බස් එක තෝරගෙන ඉවරයි නෙ. කොහොම වුනත් ඒ බස් සේවාවන් තියෙන්නේ ෆික්ස් ප්‍රයිස්. එලියෙ හුලං වදින ටැක්සි නැතුව බස් එක තෝරාගත් එක වාසියක්. මොකද වන්වියන් වල පාර හදනවා. දූවිල්ල සැරට.

හෙොටලෙට ගියාහම රිසිප්සන් එකේ ලක්ෂණ කෙල්ල කිව්වා අපිලට දැන්ම චෙකින් වෙන්න බෑ එක විතර වෙනකල් ඉන්න තාම අනෙක් අය චෙකවු්ට් වලා නැහැය කියලා. ඒ නිසා අපි ඉස්සරහ කඩෙන් කෑවා. කාල බීලා පොඩි රවුමක් දැම්මා බෑග් එහෙම හොටලේ රිසිප්සන් එකෙන් තියලා. ගූගල් ට්‍රාන්ස්ලේටර වලින් ජිමික් එකක් දාන්නහිතු අපේ සෙට් එකේ සගයෙක් ඒ රිසිප්සන් යුවතිය එක්ක ලාඕ බසින් කතාකරන්න ගියා. අවාසනාවක මහත. ඇය ලාඕ දන්නේ නෑ. ඇය වියට්නාම යුවතියක්.

මේ වගේ ටුවරිස් හොට්ස්පොට් වල හරියට සෙන්ටර් එකට කිට්ටුවම තැනක් වෙන්කරගන්න එකේ වාසි ගොඩයි. රෑට එලියට පහලියට බැස්සම ක්ලබ්, මසාජ්, බඩු ආදී දුරාචාර ලගම තියෙනවා. දවල්ට එලියට බැස්සම වෝටර් ඇක්ටිවිටි, බයික් රයිඩ්, බැලුන් රයිඩ්, බයික් රෙන්ට් ආදී දේවල් අත ලගම තියෙනවා. ඕන දෙයක් ඕන වෙලාවක ලේසියන් අපිලට ටච් කරන්න පුලුවන්. ඉතින් නවාතැන ඉස්සරහ තිබුන කඩෙන් අපි මාස්ක් ගත්තා. මාස්ක් ගන්නකොට දැක්කා පොර ගාව ඉලෙක්ට්‍රික් ස්කූටර් තියෙනවා රෙන්ටෙකට. ලාඕ කිප් එක්ලක්ෂ පනස්දාහයි දවසට. ටසිරි පෙට්‍රල් ඕනත් නෑ. අපිලත් ගත්තා දෙකක්. අරගෙන හොටල් එකට ගිහින් මලු ටික කාමරේට අතෑරලා චෙකින් වෙල ඇවිත් අපි බයික් වලින් සවාරිය පටන් ගත්තා.

මුලින්ම ගියා බැලුන් රයිඩ් පොට් එකක් බලන්න. මැප් එකේ තිබුන විදිහට ලග තිබුන තැනක්. එතන බැලුන් වගේම ගුවනින් යන්නපුලුවන් පොඩි යානාත් තිබුනා. ඒකේ නම නම් මම දන් නෑ. අපි ගියේ ගිනි මද්දහනේ. ඒ වගේ වෙලාවට එතන වහල. අපි වගේම තැන බලන්න ආපු තව කට්ටියක් විතරක් හිටියා.

ඊට පස්සේ හිරිගල් ගුහාවක් බලන්න යන්න කියල මැප් එක ෆලෝ කරා. ගූගල් මැප් ලාඕස් වල හරියට වැඩ නැහැ. සෑහෙන ජනප්‍රිය දාස් ගනන් ටුවරිස්ලා ඉන්න සිටි එකක මැප් එක හරියට වැඩ නැත්තේ අයි කියල හිතාගන්න අමාරුයි. අපි යන්න ගිය පාර අනුව අපි ලී පාලමකින් එතෙර වුනා. එතෙර වෙලා ආයෙම ඒ ගග තියෙන පැත්තට ඇවිත් තව එල්ලෙන පාලමකින් එතෙර වෙන්න තියෙනවා. එතකොට ආයේ මුල හිටිය පැත්තටම තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් ඔය සමනල් ගැටේ අතෑරලා දාලා අපි වෙන වීව් පොයින්ටමක් වත් බලමු කියල ඊලගට කතා වුනා. 









#amila2r

1 comment: