Tuesday, December 3, 2024

චායෝ ප්‍රායා

34

උදේ ටිකක් දවල් වෙල නැගිටලා මුලින්ම ලගපාත බලන්න තියෙන දේවල් බලන්න ඕනා කියල හිතුවා. ලස්සන තැනක් තියෙනවා මැප් එකේ. ගිහින් බැලුවාම එතැන නිකං තැන තැන තියෙන පිලිම ටිකක් විතරයි. තව තීම් පාක් එකක් වගේ හැපනින් තැනක් තියෙනවා කියල පෙන්නුම් කලා ගග අද්දර. අපිල ඒකට ගියා. ඒකේ තියෙන උස කතුරු ඔන්චිල්ලාව ඈතට පේන ලස්සන එකක්.

චායෝ ප්‍රායා ගග අද්දර තියෙන මේ තැන ලස්සන නැවකුත් තියෙනවා පරණ රුවල් නැවක්. ඉතින් ඒකත් හැපනින් තැනක් හැන්දෑවට රෑට. ඒත් අපි ගියේ මහ පාන්දර. කට්ටිය අතුපතු ගානවා ඒ වෙලාවේ. අපි ගිහින් ඉතින් පොටෝ ආදිය ගහගෙන ආවා. හැපනින් ජාමෙක ගියානම් මාරපන් එකක් ගන් තිබුන තැනක් වගේ පෙනුනේ.

එතනින් ඇවිත් තැනකට ගොඩ වුනා කන්න. කඩ කීපයක් පොඩියට තියෙනවා. පොදු තැනක් තියෙනවා ඔක්කටම වාඩිවෙලා කන්න හරියට හෙල ජොබුන් එක වගේ. එතනින් කාල ඉවර වෙලා ආයෙම සෙට් වුනා ගමනට. ඒ පාර අපි හිතුවා බෝටටුවේ යන්න වට් අරුණ් බලන්න. අරුණ පන්සලට යන්න බෝට්ටුවට ගොඩ වුනා. ඒක විසාල සංචාරක බෝට්ටුවක්. බැංකොක් සවාිරි ගිය අය දන්නවා රිවර් එකේ බෝට්ටු යනවා. ඒ බෝට්ටු සේවාවන් වල මගී බෝට්ටු සේවාව අරගෙන අපි බලා හිටියා වට් අරුන් වල නවත්වන කල්. වට් අරුණ් පන්සලේ තියෙන උස සෑයත් පහුකරලා මෙන්න යනවා නවත්වන පාටක් නෑ. ඒ එක්කම අනෙක් පැතතේ නම් නැවැත්තුවා.ඒත් අපිට බහින්න කියන සංඤාව ආවේ නෑ. ඒ නිසා ඔහේ හිටියා. ඒ පාර කොන්දොස්තර තැනට කියලා වට් අරුන් පහුවෙලත් හෝල්ටෙකක් විතර ගිහින් එතැන බැස්සා. එතැන ඉදලා ආයෙම එන්න ටුවරිස් බෝට්ටුවක් සෙට් වුනේ. වැඩි වියදමක් වැඩි කාලයක්. ඒත් ඉතින් අවශ්‍ය තැනට යන්නත් එපැයි.

කොහොම හරි වැඩිපුර පැයක් විතර වියදම් වෙලා අපි වට් අරුන් වලට ආවා. ඇවිත් වටපිට බලලා ටිකට් ගන්න බැලින්නම් ටිකට් මිල බාත් දෙසීයට වැඩි වෙලා. බාත් දෙසීයක් ගෙවල යන්න තරම් වටින් නෑ කියල අතෑරලා දැම්මා. ඇරත් ඒක ඈතින් පේනවා යසට ආයේ ලගට ගියා කියලත් ඔච්චර නේ. ඔය දෙසීය වට් අරුන් වලට. ග්‍රැන්ඩ් පැලස් පන්සීයක් එන්ටරන්ස්.

එලියට ගිහින් අපි ෆ්‍රෙශ් දොඩන් එකක් ගැහුවා.. එක යාලුවෙක් දෙසීය ගෙවලා පන්සල ඇතුලට ගියා. මිනිහත් ගිය ගමන් ටක් බක් ගාල වැදපුදාගෙන ඉක්මනින්ම ආවා. අපි හිටිය හොස්ටල් එක ටිකක් විතර ඉඩ මදි. ඉඩකඩ තියෙන අලුත් තැනකට යමු කියල අපි බුකින් එකේ තැනක් බලලා කලින් වතාවේ ඇවිත් නැවතුන සපන් ක්වායි බිග් සී එක අසල තැනක නවාතැනකට මාරු වුනා.

ඒ සපන් ක්වායි බිග් සී එකට පාරෙන් එහාපැත්තේ තියෙනවා දවසේ හැම වෙලාවකම ෆිල්ම් පෙන්වන පරණ ෆිල්ම් හෝල් එකක්. තායිවල ඉන්න ගේ ප්‍රජාව එකතුවන අන්ඩග්‍රවුන්ඩ් තැනක්. ඒ යාබද තැනක තමයි අලුත් නවාතැන තිබුනේ. අලුත් නවාතැන ඔක්කම ඉලක්ට්‍රික්. දොර අරින්න තියෙන්නෙත් කෝඩ එකක් ගහලා. ඇතුලේ රෙදි ොහදගන්න එහෙමත් පහසුව හොදටම තියනවා. මේකේ තිවුනේ ටීවි එකක් නෙමෙයි. තඩි ප්‍රොජෙක්ටර් එකක්. ඇන්ඩ්‍රොයිඩ් ඕ ඇස් එක තියෙන නෙට්ෆ්ලික්ස් යූ ටියුබ් ආදී ඔන්ලයින් සර්විස් සහ ටීවි ඇප් තියෙන අමුතුම තාලේ ඇන්ඩ්‍රොයිඩ් ටීවි එකක්. ලංකාවේ නම් ඒක දැකල නෑ මම. ඊට පස්සේ අලි එකේ බැලුවා ඒ ජාතියේ ප්‍රොජෙක්ටර් දැන් තියෙනවා. ඒත් ඒ කාමරේ තිබුන එකේ පින්තූර කොලිටි එක නම් සුපිරි.

බිග් සී සපන් ක්වායි

තායි රටේ බිග් සී කියන්නේ හෙන ජනප්‍රිය සුපර්මාකට් එකක්. එයින් මූලික එකක් බැංකොක් සිටි සෙන්ටර් කිට්ටුව තියෙනවා. සපන් ක්වායි එක තියෙනනේ සෙන්ටර් එකෙන් දුර. හැබැයි මේකේ ඉඩ තියෙනවා. බඩු තියෙනවා. තොග වශයෙන් ගන්නවා නම් චොකලට් ටොපි එආදියත් තියෙනවා. සපත්තු ඇදුම් ආයිත්තම් ෆෝන් ආදී හැම දෙයක්ම වගේ තියෙනවා. ඉතින් අපි ඒකෙන් තමයි බඩු ගත්තේ. ඒ වගේම ඒකේ ඇතුලේ ෆුඩ් කෝට් එකක් තියෙනවා ඒකේ කෑම ලාබයි.

කෑම

බිග් සී එක එලියෙත් කෑම කඩ චූටියට චූටියට තියනවා. ඇතුලෙත් තියෙනවා. තායි මිනිස්සු අපිලට වඩා කෑම ගැන එහෙම සෑහෙන උනන්දු ජාතියක් විිවිධාකාර කෑම විවිධ මිල ගනන් වලට රසයෙන් ගන්න තියෙනවා. බැංකොක් වල කෑම කාල ඉවර කරන්නම සෑහෙන කාලයක් යනවා කොනක ඉදලා කාගෙන කාගෙන ගියත්. #amila2r 












2 comments:

  1. නියම ගමන් විස්තරයක් ... +++++++++++++++++++++++++++++++++

    ReplyDelete
    Replies
    1. මල්ලි නැවේ වැඩ කරද්දී ගොඩබිමට ගියාම ගැටව් ඉන්න ස්පා වලට යන්නේ නැද්ද

      Delete