Saturday, May 18, 2013

ප්‍රජාතන්ත්‍රවාදය එක්ක පාන් කන්න පුලුවන්ද?

ලක්ෂණ බැල්ලියක්
ඇයි ප්‍රජාතන්ත්‍රවාදය කියන එකට මේ තරම් ලොකු බරසාර අකුරු තියෙන නමක් තියෙන්නෙ. ඇයි ඒක මාලු හොදි..කිරි හොදි අල හොදි වගේ සරල නමක් හිතුනෙ නැත්තෙ. අධිකරණය, ප්‍රජාතන්ත්‍රවාදය, ව්‍යවස්ථාධායකය ඔය වගේ වචන ගොඩක් බරයි. කියන්න වගේම තේරුං ගන්නත් ටිකක් අමාරුයි. නමුත් අපිට රජතුමා, නිළමෙතුමා, රාජ සභාව, ගම ්නියම්ගම්, කෝරාළ ආරච්චි, වගේ වචන අරිට වඩා ලේසියෙන් තේරෙනවා. පාර්ලිමේන්තු මන්තිරි, ප්‍රා බබා මන්තිරි ඇමති කියනවාට වඩා කලිං කියපු රාජ සභාවෙ මහාදිකාරම් මහ සෙනෙවි වගේ නම් අපිට තේරු යනවා ලේසියෙන්ම.

අපෙ හිරු, අපේ සෙනෙවි.. රටේ දේවතාවා, අපේ පියානෝ වගේ වචන චන්ද කාලෙට පෝසටර් වල කටවුට් වල යනවා..නමුත් ඒ කාලෙට අපේ මන්ත්‍රි අපේ ඇමති කියලා යන්නෙ නැහැ කිසිම තැනක. මොකද ඇමති මන්ත්‍රිට වඩා අපේ අයට සෙනවි, දෙයියෝ, පියානෝ වගේ වචන හුරුයි. කියවන්න වගේම තේරුං ගන්නත් ලේසියි.

ඩික්ෂනරි එකකින් හරි විශ්වකෝෂයකින් හරි මලලසේකර ශබ්ධකෝෂයෙන් හරි බලලා තේරුම බැලුවාම අපි හිතනවා අපිට ඒ වචන වල තේරුම හරියට ම අහුවුනා කියලා. නමුත් එහෙම වෙන්නෙ නැහැ. අපි ජිවත්වෙන පරිසරය අනුව වචන වලට තේරුම වෙනස් වෙනවා. අපි ලංකාවෙදි බස් එකක් කියන්නෙ මිනිස්සු පොල් පොදියට පටවං හැමතැනම කොටන රේස් යන දොරවල් වහපු නැති පොදු වාහනේකට. නමුත් එංගලන්තෙ එකෙක්ට බස් කිව්වම මතක් වෙන්නෙ වෙනමම චිත්‍රයක්. එංගලන්තෙ බස් යන්න කලිං දොරවල් වැහෙන ඒවා. සමහර විට පහ වසරෙ විතර ඉංගිරිසි දන්න පොඩි එකෙක්ගෙන් ලංකාවෙදි බස් එකක් කියන්නෙ මොන වගේ එකක්ද කියලා ඇහුවම දෙන උත්තරෙයි. එංගලන්තෙ එකෙක් දෙන උත්තරයයි වෙනස් වෙන්න පුලුවනි.

ප්‍රජාතන්ත්‍රවාදය කිව්වාම අපි හිතනවා හරිම සරලයි ඔන්න මොකක් හරි සබාවක් තියෙනවා. ඒකට මිනිස්සු පත්කරගන්නවා. පත්කරගත්තෙ දවසෙ ඉදලා අපි උන්ට බනිනවා. උන් ගසා කනවා. අපි හැමදාම බැන බැන ඉදලා නියමිත කාලෙ ඉවර වුනාම වෙන කට්ටියක් හරි නැත්තං උංම හරි පත් කරගන්නවා. සාමාන්‍ය මනුස්සයෙක්ට ලංකාවෙ පොජාතන්ත්‍රවාදය තේරෙන්නෙ ඒ විදියට.

නවසීලන්තෙ එලදෙනෙක් හරි ලොකුයි. කිරි ලීටර් දහයක් විතර එකෙක් ගෙන් ගන්න පුලුවන්. ටිකක් තරමක අලි පැටියෙක් සයිස් එකලු එක එලදෙනක්. අපේ කන්තෝරුවෙ මිස් කෙනෙක් නුවර එළියෙ අඹේවෙල නවසීලන්ත ගොන් පට්ටිය බලන්න ගිහින් ..දැන් හෙන වරුණාව. ඒකෙ ගොන්නු අඩුයිලු. එලදෙන්නු වැඩියි. ඉතිං අපෙ මිස්ලා ගියාම අර එලදෙන්නු පොරකනවාලු සීමිත ගොන් සම්පත බෙදා ගන්න. පට්ට ආතල් කතාව. මිස් රස කරලා කියනවා.

දැන් අපි කතාවට යමු. ඉතිං හම්බන්තොට ගොයියෙක්ගේ පුතෙක් ඉන්නවා නවසීලන්තෙ. ගොයියා එරෙප් පෙලෙන් එකේ නැගලා යනවා නවසීලන්තෙ. ගිහිං නවසීලන්තෙ ගොන්නුන්ගෙ කිරි තනේ දැකලා පුදුම වෙනවා. ඒ මනුස්සයා පුදුම වෙලා නවතින්නෙ නැහැ නවසීලන්ත පට්ටි ගොනෙකුයි එල දෙනකුයි ලංකාවට ගෙන්න ගන්නවා පුතාට කියලා. ඉතිං නවසීලන්ත ගොන්නු හරි ලොකුයි. පුතා එව්වට මොකද හම්බන්තොට දේශගුණය අර ගොන්නුන්ට අල්ලන්නෙ නැහැ. ඒ පාර තාත්තා පුතා එක්ක කතා කරලා ගොන් කපල් එකට ඉන්න ඒ සී කාමරයක් හදනවා. පස්සෙ හම්බන්තොට තණකොල දිරවන්නෙ නැති නිසා උන්ට කන්න තණකොල රටින් ගේනවා. කොහොම හරි දැන් අර නවසීලන්ත ගොන් කපල් එක හිටියාට මොකද නවසීලන්තෙදි තරං තන් ලොකු නැහැ. ඒ කියන්නෙ කිරි එච්චර ගන්න බැහැ. දැන් අර තාත්තා ගොන්නු දෙන්නාව බලන්න එන අයට ටිකට් කඩලා ලොකු ගානක් හොයා ගන්නවා.

දැන් අර ගොවියාගේ මුල් අදහස වෙලා තිබුනෙ නවසීලන්තෙදි ගන්නව වගේ ගොඩාක් ලොකු කිරි එලදෙන්නු හදලා කිරි කර්මාන්තෙ දියුනු කරගන්න. නමුත් නවසීලන්තෙ ගොන්නු කියන්නෙ මෙහෙදි ප්‍රදර්ශනාත්මක සංදර්ශනාත්මක දෙයක් විතරයි. තවදුරටත් ඒ නවසීලන්ත එලදෙන මෙහෙදි කිරි ලීටර් දහයක් දොලහක් ගන්න පුලුවන් වස්තුවක් නෙමෙයි. ලස්සනට ගාල් කරල තියන්න පුලුවන් සෝක් වස්තුවක් විතරයි.

එක්දාස් නවසිය තිස් හතලිස් ගනන් වලදී ලංකාවෙ පොරවල් එංගලන්තෙ ගිහිං එනකොට පොජාතන්ත්‍රවාදය කියලා එකක් උස්සං ඇවිත් මෙහෙ තියලා තියෙනවා. අර කතාවෙ ගොවියාගේ පුතා නවසීලන්තෙ. නමුත් මේ කතාවෙදි සුද්දො අපේ රට අල්ලගත්තා. එංගලන්තෙ ඉන්න සුද්දන්ගේ ඔරිම ජිනල් සුද්දො මෙහ ආවෙ නැහැ. එහෙ ඉන්න වතුවල වැඩකරපු තුන්වෙනි පන්තියෙ සුද්දො ටිකක් මෙහෙට ආවා. ඒ ආපු සුද්දන්ගේ පස්ස පැත්තට වතුර වක්කරපු සේනානායක, වික්‍රමසිංහ, බණ්ඩාරනායක වගේ නම් තියෙන පොරවල් ටිකකට ලංකාව පස්සෙ කාලෙක අයිති වුනා.

ඒ අයට එකපාර බලය ගන්න නිකං මොකද්ද වගේ. ඒ පාර පොඩි පොජාතන්ත්‍රවාදය කියලා ගැටයක් ගහලා බලය ගත්තා. එදා ඉදං මේ ක ප්‍රජාතන්ත්‍රවාදි රටක් ලු. ඒක කාලෙකදි නැතිවෙලා කියලා කට්ටියක් හොයනවා. ආයි කට්ටියක් හොයාගත්තා කියලා බලයට එනවා. නමුත් සමස්ථයක් විදියට ගත්තොත් එංගලන්තෙ අමරිකාවෙ හෝ ඉන්දියාවෙ තියෙන විදි වලට වැඩිය මෙහෙ විදිය අජූතයි. කාටවත් තේරෙන්නෙ නැහැ මොකද වෙන්නෙ කියලා.

අධිකරණය ව්‍යවස්ථාදායකය විධායකය වගේ බර දේවල් ගොඩක් දැන් විනාසවෙලාලු. මට තියෙන පස්නෙ විනාස වෙන්න කලිං ඕවා හොදට තිබුනද කියන එක. සෑම වසර පහලවකටම වරක් වගේ අපේ අය පොඩි පහේ ආතල් වලියක් යනවා. ගිහින් කොල්ලො කෙල්ලො රොත්තක් මැරෙනවා. හරිම ආතල් එකක් තියෙන්නෙ. මාර ප්‍රජාතන්ත්‍රවාදි රටක්. පාරෙ යන බල්ලෙක්ට වඩා පොඩි වැදගත් කමක් එනවා දුප්පත් මිනිස්සුන්ට චන්ද කාලෙට. චන්දෙ නැති කාලෙට ඒ වටින කම නැහැ. ලංකාවෙ බුද්ධිමතුන් කියලා හොරු ටිකක් ඉන්නවා. උන් ලියන්නෙ ඉංගිරිසියෙන්. උන්ට බයයි උන් ලියන ඒවා අපිට තේරේවි කියලා. අපිට තේරුනොත් උන්ට කේස්. මොකද අපිට උන් ලියන ඒවා තේරුනාම අපිට වැටහෙනවා උන්ගේ ටයි කෝට් රෙදි බැනියං අස්සෙ මොකෙක් වත් නැහැ කියලා. සමහර විට ආදි කල්පික වනචාරියෙක් එංගලන්ත ලයිබ්‍රියකට පැන්නා වගේ ආතල් නම් උන්ලියන ඒවායේ තියෙයි.

මේ දවස්වල හරිම ට්‍රැෆික් එකක් කොළඹ තියෙන්නෙ. අර දෙමල පැත්තෙ ලොක්ක අපි හමුදාව දාල 2009 දි මැරුව නේ. ඒකෙ ඇනිවසරි එක තියෙනවා ගෝල් පේස් එකේ. මේ සතියෙම පිටකොටුව පැත්ත මරදාන පැත්ත බම්බා පැත්ත ට්‍රැෆික් එක වැඩියි. මේ වගේ ඉවන්ට් කොළඹ තියෙන එක අපිට හිරිහැරයි. මේ හැමදේම තියන්නෙ ඇයි? ඇයි මේ මැයි දින, සංදර්ශන ගොඩක් ඇයි තියෙන්නෙ. බලය ගන්න නෙව. ඉතිං බලය බෙදන්න ව්‍යවස්ථා හදන්නෙ ඇයි. ඔවා හැදුවා කියලා මොකෝ හතරමහ නිදානෙ ලැබෙනවයි.

ශ්‍රේෂ්ඨාදිකරනෙ හොද වුනා කියලා දුප්පත් මිනිස්සුන්ට මක්කද ලැබෙන්නෙ. මට නං හිතෙන්නෙ මක්කාවත් නැහැ. ලොකු ලොකු බිස්නස් කාරයොන්ගෙ වලි බේරගන්න ඒ වගේ තැන් හොද ඇති. ජනමත විචාරණයක් තියලා හරි ආයිත් අපිට රජකාලෙ තිබුන රාජාන්ඩු ක්‍රමය ගේන්න ඕනි. ජාත්‍යන්තරේ මොන විදියට කෑ ගැහුවත් රාජාන්ඩු ක්‍රමයක් කියන්නෙ අපිට ගැලපෙන ආන්ඩු ක්‍රමය.

එතකොට ඊළඟට රජ වෙන්න එන එකාට අපිට වද නොදී ගිහින් දැන් ඉන්න රජාව මරලා රජ වෙන්න පුලුවනි. ඕනිම නම් කුලි හමුදාවක් කොහෙන් හරි අරං ඇවිත් ගහලා යුද්ද පාරක් දාල රජ කම ගන්න පුලුවනි. මේ චන්ද කෙරුවාව නිසා හැමෝම හදන්නෙ බලය ගන්න. අරහෙම රජ ආන්ඩුවක් තිබුනොත් මිනිස්සු රජකම ගැන හීන දකින්නෙ නැහැ. බලයට මෙච්චර කෑදර වෙන එකක් නැහැ. රජතුමා දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉඳීවි.

එතකොට චන්ද නැති නිසා බොහොම සාමෙන් මිනිස්සු ජීවත් වේවි. මිනිස්සු එකිනෙකා අතර වලි දාගන්න එකක් නැහැ. මොකද රජතුමා තමයි මූලිකයා. මිනිස්සුන්ගේ තියෙන අතෘප්තිකර ගතිය නැතිවෙලා යාවි. දැන් ලංකාවෙ මිනිස්සු ඉන්නෙ කිසිම විදියක තෘප්තියකින් නෙමෙයි. අපිට ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් එකක් හදලා රාජාන්ඩුවක් ගන්න පුලුවන් නම්..ඊට වඩා වැදගත් වෙනසක් ගැන මට නම් හිතාගන්නවත් බැහැ. රජතුමා ට කිසි ඇටෑක් එකක් නැහැ. විපක්සෙට උත්තර දෙන්න ඕනි නැහැ.සියලු අධිකරන බලය රජතුමාට. මිනිස්සු බලාගෙන ඉඳීවි රජතුමා වඩිනකල්. 


ප්‍රජාතන්ත්‍රවාදය කියන මෙව්වා එක ලංකාවෙ තියන විදිය අනුව හැමදාම පරාජිතයො ටිකක් ඉතිරි වෙනවා. නමුත් රාජ ආන්ඩුවක් තියෙනකොට පරාජිතයින් කියලා ජාතියක් නැහැ. බොහොම පැහැදිලියි. පියාගෙන් ලොකු පුතාට..ලොකු පුතා නැත්තං වැඩිමල් සහෝදරයට. මිලියන සිය ගනන් දීලා පෙට්ටි උස්සං ගිහිං චන්ද තියන්න ඕනි නැහැ. ඉබේම තැන ලැබෙනවා.

Sunday, May 12, 2013

ඉනෝකා ගේ මීයා (The rat of Inoka)

ඉනෝකා රීසිවරය තැබුවාය.

ඉනෝකාට කෝල් කරන්නට අදහසක් ආවත් කෝල් කිරීමත් එක්තරා කරදරයක් ලෙස විටෙක සිතේ. කෝල් කිරීමට පිරිමි යහලුවන් කිහිප දෙනෙකු සිටියත් ඔවුන් සිනාසෙමින් කතාකර දින දෙක තුනකින් වෙනත් දේවල් වලට කතා කරන ගතියක් පෙන්වන බැවින් ඔවුන් සමඟ ඇසුරද ඉනෝකාට යම් අපුලක් ඇතිවී තිබුනි. මුලින් මනුස්සකමට කතා කල විට ඒ බොහෝ දෙනා සිතන්නේ ඉනෝකාට පාලු කැපීමට සැමියා ප්‍රමාණවත් නැති බැවින් වෙනත් පිරිමින් සමඟ කතා කරන බවකි.

සැමියා අරෝෂ හොඳ අයකු වුවත් කෙතෙක් ගැලපෙතත් වෙනත් පුරුෂයින් සමග කලක් අල්ලාප සල්ලාපයේ යෙදුන විට සිතද චංචල වන බවක් ඉනෝකාට හැඟී ගොස් ඇත. වෙනත් වතුවල මල් සිඹින්නට ගොස් නොයෙක් කරදර වලට මුහුනපා සිටින සහ සමාජයේ කතාන්දර ඇතිකරගෙන සිටින යහලුවන් ගැන ඉනෝකා දනී. ඔවුන්ද මුලදී ඒවා පටන් ගත්තේ හුදෙක් මිතුරු ඇසුරක් පිණිස පමණි. එබැවින් වෙනත් කන්තෝරු පිරිමි ළමයෙකු සහ ඔෆිස් බස් එකේ නිතර හමුවන යහලුවෙකුගේ නොම්බර ඇය සතු වුවත් ඇය පසෙක යන නාගයින් වස්ත්‍රය තුල රුවාගැන්ම පසුවට කරදර විය හැකි බව සිතා ඒ සිත මැඩපවත්වා ගත්තාය.

අරෝෂ මහන්සි වූවාට පසු ඉක්මනින් නිදාගන්න කෙනෙකි. මහන්සි පිට ටීවි බැලීම, පොත් කියවීම හෝ වෙනත් කිසිම රාජකාරියක් අරෝෂට ගෝචර නොවේ. රට වටා ශාඛා ඇති මූල්‍ය ආයතන ජාලයක තාක්ෂණික නිළධාරියෙකු වන අරෝෂට ඉඳහිට පිට වැඩට යා යුතු වෙයි. මුල් කාලයේදී ඉනෝකා ඇගේ මව එවන් විටක කැඳවාගත්තත් දැන් මවට එය තවත් කරදරයක් වෙන නිසා තනිවම සිටින්නට ඇය අදහස් කලාය. වටපිට ගෙවල් වල අයද හොඳ අය නිසාත් වැඩිපුර අනුන් ගැන තැවෙන අය නොවන නිසාත් ඉනෝකාට වැඩිමනක් කරදරයක් ඇතැයි සිතන්නට කාරනා නොවීය.

නිදාගන්නා විට ඇමතුම් ගැනීමෙන් අරෝෂ කෝප විය හැක. මේ වැනි අවස්ථාවලගෙදරට කෝල් ගැනීමෙන් තනියම සිටින්නේ මන්දැයි ඉනෝකාට බැනුම් අසන්නට සිදු වෙනවා ඇත. එබැවින් අැය මිතුරියකට කතා කොට ඇගේ විස්තර අසා රූපවාහිනිය නරඹන්නට පටන් ගත්තාය. මැද කොටස් මුල කොටස් බලනවිටම අවසානය තේරුම් යන නීරස නාටක පෙළ ඉනෝකාගේ සිත නොගත්තාය.

පරිඝනකය ඔන් කර මනුපොතට ලොග් වුවත් ඉනෝකාගේ පරණ මිතුරියන් මේ වෙලාවට ඔන්ලයින් ඉන්නවා අඩුය. ඔවුන් නිවෙස් වල දරුවන් ගේ රාජකාරි හෝ සැමියන් සමඟ වෙලෙමින් මේ වෙලාව ගත කරනු ඇතැයි ඉනෝකා සිතුවාය. යහලුවන් විසින් හුවමාරු කර තිබූ බහුරූ කෝලම් කිහිපයක් මනුපොතේ කියවා පැය බාගයක් පැයක් ගෙවා දැමූ ඇය යලිත් කුස්සියට ගොස් වතුර එකක් බී එන්නට ඇත්නම් මනා යැයි සිතුවාය.

ඇයට කුස්සියට යන්නට බියක් ඇතිවේ. බිය සමඟම එන වරදකාරී හැඟීම ඇගේ සිත පෙළයි. වෙන කිසිවෙකුට මේ සිද්ධිය කියුවත් ඔවුන් ඉනෝකා වැටි ඇති තත්වය නම් ලෙහෙසියෙන් තේරම් ගන්නේ නැත.

මේ අරෝෂ...බලන්න අනේ මගේ අන්ඩ ගාමන්ට්ස් පවා මීයො කනවා..කිසි දෙයක් කුස්සියෙ තියාගන්නත් නැහැ...මේ මී කරදරේ...කියලා ඉනෝකා දැන් දින කීපෙකට කලින් අරෝෂට කීවාය.

ඔවුන් දෙදෙනා අතර දින ගනනක් මීයන් වඳ කිරීම පිළිබඳ සංවාදය ගිය අතර , මීයා වද විඳිනවා පෙනෙන නිසා මී කතුර ප්‍රතික්ෂේප විය.

මීයා කොහේ හෝ මිය ගොස් මුලු ගෙදරම කුණු ගඳ ගසාපු කතාවක් ඔපිස් එකේ මිතුරියක කී නිසා ඉනෝකා මීයන්ට වස තැබීමට අකමැති විය.

මේ අතර මීයා දුටුතැන පොල්ලෙන් ගැසිය යුතුයැයි සිතූ අරෝෂ මීයාට කොස්සෙන් ගසන්නට ගොස් කොහුමිට දෙකඩ කලේය.

මීයා අල්ලන්නට කරවල කෑල්ල පාන් කෑල්ල සහ කම්බිය ආදි මෝඩ උගුල් තැබීම ගැන කතාකර අරෝෂ විසින් ඉනෝකා කෝප ගස්වාගෙන ස්වල්ප වෙලාවක් එයින් ආතල්ද ගන්නා ලදී.

ඒ අතර අරෝෂ මී උගුල් ගැන කතාකරමින් සිටිනවා විනා ඒ ගැන කිසිත් සක්‍රිය දෙයක් කලේ නැත. ඉනෝකාද විටින් විට මතක් කලත් අරෝෂට ඒගැන එතරම් වගක් වූයේ නැත. ඉනෝකාට මීයන් ගැන හොඳටම තරහ ගොස් තිබුනේ ඇගේ යට ඇඳුම් පවා මියන් විසින් කා දමා තිබූ බැවිනි.

පසු දිනෙක අරෝෂටද මීයන් හා තරහා ලෝඩ් වන්නට කාරනාවක් හේතු විය. යට ඇඳුම් කන වල් මීයා අරෝෂගේ යට ඇඳුම්ද කා තිබුනි. අරෝෂගේ යට ඇඳුමේ පිස්තෝල උන්ඩයක් ගියාක් වැනිව තිබූ කුඩා සිදුර කාලතුවක්කු උණ්ඩයක් සයිස් එකට විසාල කරන්නට මීයෝ සමත්ව තිබුනි.

බලන්න ඉනෝ..මේක අරං සති හතරක් ඇති ඕන්නං..පොඩි සිදුරක් තිබුනෙ..මුං මේකම කෑවෙ මොකද්ද මන් දැන් නැහැ... රුපියල් තුන්සිය ගානක් වුනා.. සික් විතරක්..ඔයාට කුස්සියෙ ඉදං සිංදු කිය කිය උයන වෙලේ පොඩ්ඩක් මේ පස්සෙ වැලේ තිබුන රෙදි ටිකවත් අරං තියන්න තිබුන නේ..

යස වැඩේ..යස වැඩේ...ඔයාට ඉතිං මගේ ඒව කෑවට දැනෙන් නැහැ නේ...ඔයා නිකං මං කුස්සිය ඉදන් සිංදු කිය කිය හිටියා කියලා කියන්නෙ ඔයා මහ ලොකු වැඩක් කලා වගේනේ..මොකද්ද ගේම් එකක් යාලුවෙක් ගෙන් ඉල්ලං ඇවිල්ල කැම බීම බලන්නෙත් නැතුව ඒක ප්ලේ කලා නේ.. යස වැඩේ...දැන් ගෝනි ලනුවකින් වත් ගැටගහගෙන යනවා.. හූ... හූ....

ඔව් මං ගැටගහනවා ඔය මීයව අහුවුනොත් ගෝනි ලනුවෙන් නෙමෙයි...කියා දත් මිටි කාගෙන තරහින් අරෝෂ නිවස තුලට ගියේ අදනම් වැඩ ඇරී එනවිට අනිවාර්යෙන් මී කතුරක් සහ අලුත් අන්ඩවෙයාර් එකක් මිලදී ගතයුතුයැයි සිතලාය.

යලිත් ඉනෝකා කන්තෝරුවට ගොස් යාලුවන්ට කීවේ දැන් අරෝෂගේ රෙදිත් මීයො කනවා කියලාය. ඇය විසින් අරෝෂගේ අන්ඩවෙයාර් මීයො කා ඇති බවක් කන්තෝරු යාලුවන්ට කියන්නට ගියේ නැත. මේ දවස්වල කන්තෝරු යාලුවන්ට ඉනෝකාට ඇති ගැටලුව හොඳින් මතකය. ඉනෝකාට ඇත්තේ මී ගැටලුවයි. ඉනෝකාගේ වෙනත් යාලුවෙක්ට ඇත්තේ පෙම්වතා බොන එක නවත්වන ගුරුකමක් කරගැන්මේ ගැටලුවයි. තවත් තරමක් වයස ඉනෝකාගේ යාලුවෙක්ට ඇත්තෙ ළමයා ඉස්කෝලෙ දාගැන්මට හොර සහතික හදන්නට වෙන ගැටලුවයි. ඒ ආදි එකිනෙකාට ආවේනික ගැටලු කිහිපයක් ඇති අතර තේ බොන විටත් කන බොන විටත් ඒවායේ අලුත්ම අප්ඩේට්ස් ඒ අය විසින් හුවමාරු කර ගනිති.

ඒ අනුව අද ඉනෝකාට යෙදි තිබුනේ කුස්සියේ උයන දෑ කෑම, සිය ඇඳුම් කෑම, සිට මීයා සිය සැමියා අරෝෂගේ ඇඳුම්ද කෑම දක්වා වන මී පරිණාමනයේ නවතම පිම්ම යාලුවන්ට විස්තර කිරීමයි. සැමියා පරිඝනක ක්‍රිඩා වලට ඇබ්බැහි වීම. රෙදි නවා ඇල්මාරියේ දාන්නට තමුන්ටද මතක නැතිවීම. අපි කවුරුත් නැිත අවෙලාවේ මීයා රෙදි කෑම ආදී ස්ටෙප් කීපයක් යටතේ ඉනෝකා සිය කතාව යාලුවන්ට කීවාය. ඒ අතර යාලුවන්ද ඔවුන් දන්නා මී නසන විදි ගැන ඉනෝකා සිරිත් පරිදි දැනුවත් කලාය.

තේ බීම් හමාර වූ පසු ඉනෝකාට මතක් වූයේ අද අරෝෂ මි කතුරු බලන්නට ගොස් ප්‍රාණාඝාතය සිදුකරනු පිණිස මීයන් මැරීමට කතුරක් ගේන්නට නියමිත බවකි. වහාම ඉනෝකා අරෝෂට ඇමතුමක් ලබාගන්නා ලදී. ඒ වනවිට මී ගැටලුව වෙනුවට කාර්යාලයේ වෙනත් රාජකාරි අතර සිර වී සිටි අරෝෂගේ සැඟවී තිබුන මී වෛරය යලිත් ඉස්මතු වූයේ ඉනෝකාගේ ඇමතුමෙනි.

මෙයා කතුරක් ගේන්න එපා. අපේ තාත්ති ඉස්සර කතුර තිබ්බම මීයො ලේත් එක්ක තැන් තන් වල දුවනවා.හරි කැත.. ඔයා මී උගුලක් බලන්නකෝ අනේ..

ඔයා කියන විදියට මේ කඩවල් වල බඩු නැහැ..මං බලන්නම් කෝ.. මොකද අද මීයො ගැන හිතන්නෙ ? ඔයාගේ පස්ට බිසි කන්තෝරුවෙ අද වැඩ නැද්ද ඉනෝකා..? අරෝෂ ඇසුවේය.

ආ....ඕනි නැත්තං ඕනි දෙයක් කරගන්න.මට ඕනි නැහැ මී උගුල්... පන්ඩිතයා..එහෙනං අරං එනවකෝ මී කතුර... කිව්ව දේ අහන් නැතුව.. ඉනෝකා බොරු තරහක් මවාගෙන කතා කලාය..

කෙසේ හෝ අරෝෂ මී උගුලක් රැගෙන ආවේය.මී උගුල තුලට පාං කෑල්ලක් හෝ පුලුස්සපු කරවල කැබැල්ලක් දමා මීයා එය කන්නට ආපසු මීයාට එලියට යන්නට බැරි ලෙස උගුල විය. පලමු දිනයේම එකෙක් අසුව තිබුනි.

උදෑසන තේ හදන්නට පැමිණි ඉනෝකා...කලබලව වහා දිවගොස් අරෝෂද නැගිටුවා ගෙන විත් එය පෙන්වුවාය.ඉන් පසු අරෝෂඌ සිලි කවරයක දාගෙන හොඳ රෙදි කඩයක නම ගිය බෑග් එකකද දමා ගත්තේය. ඉන් පසු එය පසෙකින් තබා කන්තෝරු යන ගමන් බයික් එක නවතා කුනුගොඩකට අර මී පාර්සලය විසික් කොට ගියේය.

අරෝෂ ඉන් පසු යලිත් පාං කැබැල්ලක් දමා තිබු මුත් එදා මීයෙක් අසුව තිබුනේ නැත. දැන් මීයෙක් අසුව ඇත. නමුත් ඌ අයින් කරන්නට අරෝෂ ගෙදර නැත.

ඉනෝකා යාලුවන් සමඟ මීයන්ට එරෙහිව නොයෙක් කතා කියා..මට හරිම අප්පිරියයි අනේ..ගහලා මරන්න හිතෙනවා වෙලාවකට කියාලා නොයෙක් ආලවට්ටම් කතා කලත් මීයා ගුල තුල සිටිනු දුටුවිට ඉනෝකාට බිය ඇතිවිය.

ගුල තුල ටික වෙලාවක් සිටින මීයා විටින ්විට කෑ ගසයි. ඉනෝකා සෙමෙන් ලංවී මීයාගේ සද්දය අඩු විට ඌ මැරිලාදැයි කියා බලයි. නමුත් ඌ මියගොස් නැත. පණ බේරාගන්නට නොයෙකුත් වික්‍රම කරමින් මීයා ගුල තුලම සිටී. එලියට එන්නට බැරි බඳුන තුල මීයා සිරවෙලාය.

කුස්සියට ගොස් මීයා දෙස නොබලා ශිතකරණයෙන් වහා බටර් එක රැගෙන සැන්ඩිවිච් පාං ගෙඩියද රැගෙන ඉනෝකා සාලයට ආවේ මීයගේ දර්ශනයෙන් ඈත්වනු පිණිසය. නමුත් බටර් තවරා ටීවි එක දෙස බලාගෙන පාං කන ඉනෝකාට එක් වරම මීයා මතක් විය. පවු සතා..ඌ කාලද දන් නැහැ..

ඉනෝකා පාං කෑල්ලක් ඉතිරි කරගෙන ගොස් මීයා දෙස බැලුවාය. මීයා අසුවන්නට උගුලට යෙදූ පාං කෑල්ලද තවම උගුල තුලය. මීයා කැම කා ඇති බවක් නෙපෙනේ. දැන් මි බෙටි කිහිපයක්ද තිබෙනු ඉනෝකා දුටුවාය.

ඇය එබෙන විට ඒ දෙස බලාසිටින මීයාගේ අහිංසක ඇස් දෙක ඉනෝකාට දුක ඇතිකරන්නට හේතු විය. ඌ මෙයින් ගැලවෙන්නට උත්සාහ කරයි. නමුත් මෙයින් ගලවන්නට තබා මේ උගුල අල්ලන්නටද ඉනෝකාට බියය. මීයන් ඇගේ ඇඳුම් කුස්සියේ උයන දෑ ආහාරයට ගැන්ම නිසා මීයන් ගැන ඇගේ සිතේ ඇතිව තිබුනේ දැඩි වෛරයකි. නමුත් මේ උගුලට අසුව සිටින අහිංසකයාගේ මූන දකිනවිට ඌ ඔලුව පසෙකට වනා අනුකම්පා ඇඩ් එකක් දාන විට ඉනෝකාට සැබැවින්ම දුක සිතුනි.

කුස්සියට ගොස් බටර් පාන් කෑල්ලක් දැමුවත් එය මීයා කන ආකාරයක් පේන්න නැත. මේ කරුණ යාලුවෙකුට කියා සිත සනසාගන්නට හිතුවත් ඒයට සුදුසු යාලුවෙක්ද කල්පනා වූයේ නැත. ඒ අතර ෆේස්බුක් ගොසින් යලිත් කුස්සියට පැමිණි ඉනෝකාට යලිත් මීයා වතුරවත් නැතුව බඩගින්නේ නොවදැය ිකල්පනා විය.

යලිත් සාලයට ගොස් වෙලාව බැලූ ඉනෝකාට තවම අට වත් වී නැතැයි සිත සනසා ගත්තාය. ඉන්ටනෙට් එකට ගොස් ඉනෝකා මී ආහාර ගැන සර්ච් කරන්නට විය. නමුත් මීයන් කන ආහාර ආදිය ඇතැයි ඉනෝකා මින් පෙර අසා නැත. පූසන්ට බල්ලන්ට කුරුල්ලන්ට කන්න දෙන ආහාර ෆුඩ් සිටි වල ඇතැයි ඉනෝකා දැන සිටියත් මීයන්ට කන්නට ආහාර කොහි ඇත්දැයි ඇය දැනගෙන සිටියේ නැත.

බල්ලන්ට පූසන්ට කන්න විශේෂ ආහාර ෆුඩ් සිටි වල ඇත්නම් අනිවාර්යෙන් මීයන්ට ද කෑම ඇතුවා විය යුතුයැයිද? මේ මීයාට එවන් මී කෑමක් වත් ගෙනත් දුන්නොත් ඌ සද්ද නැතුව නිදාගනු ඇතැයිද එයින් තමාට පවු සිදු වෙන එකක් නැති යැයිද ඉනෝකා සිතුවාය. නමුත් ඒ ගැන ගෙදර අයෙකුගෙන් වත් අරෝෂගෙන් වත් ඇසිය නොහැක.

මොකා....අල්ලපු මීය විසික් කරන්නෙ නැතුව ඌට කන්නත් දාන්න.. හැබෑට තමුසෙට පිස්සුද ඉනෝකා..? අරෝෂ විසින් එසේ කියනු ඇතැයි ඉනෝකා සිතුවාය.

යස වැඩේ..තනියම ඉන්න ගියානේ කුමාරිහාමි වගේ...ඔය මීයයි පාඩුවෙ ඉන්න අරිනවා..ඔයැයි ගිහිං නිදාගන්න..අරෝෂ හෙට ආවම අරන් දාවි ඕකා...තාත්තාට කිව්වොත් තාත්තා කියන්නේ එවැනි දෙයක් යැයි ඉනෝකා සිතුවාය.

අවසන සිය පෙම්වතාගේ බීම ගැන නිතර දුක්වෙන කන්තෝරු වේ දුක සැප ළඟ නිතර රැදෙන නිමාලිගෙන් උත්තරයක් ගන්නට පිළිවැනැයි ඉනෝකා සිතීය.

මෙය ඇසු වීගස නිමාලිට සිනා ආ මුත් සිය මිතුරියගේ මෘදු සිත ගැන හොඳින් දන්නා නිමාලි ඇයව බය නොකර ඇයව විහිළුවට නොගෙන උදව් කරන්නට සිතා ගත්තාය. මේ නිමාලි...අර ඩෝග්ස් ලට කැට්ස් ලට ෆුඩ්ස් තියෙනවා නේ ෆුඩ් සිටි වල...මීයන්ට හෙම නැද්ද කෑම ෆුඩ් සිටිවල..කියා සිය විස්තරය කියා ඉනෝකා කෙලින්ම සිය ගැටලුව නිමාලිට යොමු කලාය. එච්චර හිතන්න එපා ඉනෝකා...

උන් රෑට කන්නෙ අපි කන වෙලාවට නෙමෙයි නේ ඉනෝ..රෑ එකට දෙකෙට විතරනේ උන් වැඩ පටන් ගන්නෙ..මගේ යාලුවෙකුත් කිව්වා මීයන්ගේ ඩිනර් එක තියෙන්නෙ රෑදොලහ පහුවෙලා කියලා. ඔයා කෝකටත් තව පාං කෑල්ලක් දාල තියන්න..උගේ ටයිම් එක ආහම කයි ...කියලා නිමාලි විසින් ඉනෝකාගේ සිත සනසන ලදී..

පාන්දර ජාමෙකද ඉනෝකා විසින් නැගිට මීයාගේ තත්වය නිරීක්ෂණය කරන ලද අතර පාං කෑල්ලෙන් කොටසක් කා ඇති බව ඇය දැක ගත්තාය. පසුදින පැමිණි අරෝෂ අසු වී සිටි මීයාට බිරිඳ හොඳින් සලකා ඇති බව දැක්කේය. හොඳයි හොඳයි ඉනෝකා..ඔයා සිරකරුවන්ට පවා හොඳින් සලකන හොඳ පාලිකාවක් නේ..කියලා ඉනෝකාට විහිලු කලාය..

ඉන්පසු පෙර පරිදි මීයා ලක්ෂණ කවර වල බහා ලොකු කුණුගොඩක ඉහලටම අරෝෂ විසින් විසික් කරගෙන යන ලදී.

කලක් යනතෙක් ඉනෝකා උගුලේ සිටිය මීයාට කෑම ෆුඩ්සිටියේ තිබේදැයි සෙවූ කතාව නිමාලිගේ හිතේ තිබුනි. වරින් වර මීයන් ගැන වෙනත් හයලුවන් කතා කරන විට මේ කතාව ඔවුන්ට කියා නිමාලි සිනා සුනාය.

තම බිරිඳගේ කරුණාවන්ත මෘදු සිත ගැන දැනගෙන සිටි අරෝෂ ඇය උගුලට අසුවූ මීයාට කන්න බොන්න දී හොඳින් සැලකුව බවක් කියා ඇය ලැජ්ජාවට පත් කරන්නට ගියේ නැත. මින් පසු දුර යන දිනවල මී උගුල් තබා යන්නට එපා යැයි ඉනෝකා විසින් අරෝෂට දැඩිව අවවාද කරන ලද්දේ මහ රෑ ෆුඩ් සිටි වල ගොස් මී කැම සෙවීමට වේ යැයි බියෙන් විය හැක.

Saturday, May 11, 2013

ටවුන් එකෙනුත් ඩවුන් යන පුල්සේ (After down town pulse)

ලංකාවෙ සංගීතය ආකාර තුන හතරක් ගන්නවා..
  1. එළිමහන් වේදිකා මෙගා සංගීතය..(Outdoor music)
එළිමහන් වේදිකා වල සිංදු කියන ගායකයින් සහ සංගීත විදිය මේ විදියට හඳුන්වන්න පුලුවන්. මේ යටතේ ජනප්‍රිය ගෲප් විශාල සංඛ්‍යාවක් බිහි වෙලාතියෙනවා. ඒ වගේම ජනප්‍රිය වෙච්චි සම්ප්‍රදායකුත් එ රටාවට තියෙනවා. කොහෙත්ම වත්මන් බටහිර සංගීත ශෛලින් වලට අයිති යැයි කියන්න බැරි අතිශය ග්‍රාම්‍ය බීට් එක රිදම් එක මත පමණක් පදනම් වෙච්චි කොත්තු බාස් මියුසික් ඉස්ටයිල් එකක් විදියට එළිමහන් වේදිකා වල මෙගා සංගීත ශෛලිය හඳුන්වන්න පුලුවනි. රට වටා තිබෙන සංගීත සංදර්ශන. සංගීත උපකරණ හා වචන එකතු කොට ගයන ගීත. කෑ කෝ ගැසීම් විවිධ සංදාර්ශනාත්මක යෙදීම් මෙම සම්ප්‍රදායට අයිති දේවල් ලෙස දකින්න පුලුවන්.

2. ඇතුලත වේදිකා සංගීතය.(Indoor music)

ශාලාවක් ඇතුලත හෝ යම් කිසි කොටුකරගත් අවකාශයක පවත්වන සංගීත සංදර්ශන හා ඒ ගීත සංගීත විදිය මේ විිදයට හඳුන්වන්න පුලුවන්. මේ ක්‍රමයේ විශාල පූර්වජයෙක් ලෙස වික්ටර් රත්නායක හඳුනාගත හැකි අතර සුනිල් එදිරිසිංහ, නිරෝෂා, අමරසිරි පීරිස්, කසුන් කල්හාර වැනි බොහෝ පිරිස දැන් ශාලා ඇතුලත පවත්වනු ලබන සංගීත ගිත සාජ්ජ වලට යොමු වෙලා තියෙනවා. ඒ හරහා ප්‍රේක්ෂකයාට එළිමහන් වේදිකා වල තියෙන සංගීත සංදර්ශන වලට ගෙවන ගානට වඩා විසාල ගානක් ගෙවන්න ලැබුනත්..වාඩිවෙන්න පුටුවක්, කැරකෙන ෆැන් එකක්, ටිකක් හොඳ තත්වයේ සංගීත තත්වයක් විඳගන්න අවස්ථාවක් ලැබෙනවා. සත්‍ය වශයෙන්ම මේ ඉවන්ට් වලට  ලොකු මුදලක් දිලා ගියත් ඒ මුදලට සරිලන වින්දනය ලැබෙනවාද කියන එක ගැටලුවක්. ලොකු මුදලක් වියදම් කිරීම මත ඒක ලොකු දෙයක් කියලා හිතෙන් හිතාගෙන හීනමානෙන් ගොඩක් අය මේ ජාතියෙ ඇතුලෙ ප්‍රසංග බලන්න යන වෙලාවලුත් තියෙනවා.

3. ඩිජිටල් සංගීත (Digital music)

අලුතින් ඇවිල්ලා කිව්වට මේක අලුත් නැහැ. භාතියලා විසින් හඳුන්වා දීලා ඉරාජ් විසින් දියුනු කරාල සෙන්ටිග්‍රේඩ් වැනි අය විසින් ලොකු කරා යැයි සලකන සංගීත සම්ප්‍රදාය අපිට ඩිජිටල් සංගීත සම්ප්‍රදාය විදියට හඳුන්වන්න පුලුවන්. මිනිහෙක් කියන චරිතය ඩිජිටල් යුගයේදී තව දුරටත් ලොකු පපුවක්, ලස්සන සරීරයක්, පෞරුෂයක්, නායකත්ව හැකියාවක්, පොරක් කියන භෞතික චරිතයක් වෙන්න අවශ්‍ය නැහැ මේ යුගේදි. කොම්පියුටරයෙන් ජිල් මාට් ටිකක් දාල ඒ ටික සල්ලි දීල ගොඩදාගන්න හැකි නම් ඒ අය මේ ක්‍රමය තුල පොරවල් වෙනවා. පිටරට අපි අහපු නැති හෝ අහලා අඩු සංගීත කෑලි ගෙඩි පිටින් අරගෙන සිංහල වචන දාලා පෙරලලා සිංදු හදලා මාකට් කරන එක තමයි මේ ඩිජිටල් කට්ටිය සංගීත විප්ලවය කියලා කියන්නෙ.. ඒක ඒ විදියටම ගිල්ලවන්න සුදුසු මාධ්‍යමය රාමුවකුත් මේ අයට තියනෙවා..

මේ තුනට අමතරව බස් සංගීතය. පැරණි ජෝති ටයිප් සංගීත ආදි සංගීත කොටස් පැවතුනත් සමාජය පුරා මේ ඉහත කියන සංගීත කොටස් තුනට යටවෙච්චි සංගීත කලාවක් සිරි ලංකාව තුල පවතිනවා. කෙනෙක් කියන්න පුලුවන් මේ විවේචනය කරනවා තරම් ලේසි නැහැ ඔය මොක කරන්නත් කියාල.. ඔව් හැමදේම කරන්න අමාරුයි. ඩිජිටල් මියුසික් වුනත් හිතන තරම් ලේසි සහ සිම්පල් නැහැ. අමාරුයි. මිනිස්සු හොර චන්ද දානවා..හොර චන්ද නොදාන අය හිතන්නෙ ඒක පට්ට සිම්පල් කියලා..ඒත් දාන එකා තමයි ඒකෙ ආතල් එක දන්නෙ. සමාජයේ හොඳ නරක ඇල්වතුර ටයිප් ඕනිම වැඩකට මහන්සි වෙන්න ඕනි. නමුත් මහන්සි වෙලා කට්ට කාල කල පලියට හැම එකක්ම හොඳයි කියාල අපිට පිළිගන්න බැහැ.

ඔය අතර ලංකාවෙ ඉස්මතු වෙනවා අලුත් සංගීත කලාවක් වගේ එකක අංකුරයක්. අංකුරයක් කියන්නෙ අංකුරයක් මිස කොහෙත්ම පැලයක් නම් නෙමෙයි. මේ සම්ප්‍රදාය දිවෙන්නෙ මහා සමාජයේ ජනමාධ්‍ය මත නෙමෙයි. හන්දි ගානෙ රගදක්වපු වීදි නාට්‍ය මත, හුදකලා තැන්වල තියපු ප්‍රසංග මත ගොඩනගාගත්ත ඒ විකල්ප සංගීතයට අදාල සිංදු ආදිය යූ ටියුබ් ආදියේ දකින්න ලැබෙනවා. දැන් මනුපොතේ පවා සෙයා වෙනවා. ගිටාර් එකක් බෙර කෑල්ලක් ගගහා කඨෝර නාදයෙන් කරන ඒ සංගීතය අර ඉන්ඩෝර් හෙවත් ඇතුලත සංගීතය අහන අයට නම් මහ ගෝෂාවක් වෙන්න පුලවන්.

නමුත් තමුංගේ නිර්මාණ සුපිරි සමාජයට විකුනගන්න බැරිවුන හෝ විකුනගන්න උවමනාවක් නැති සෙට් කිහිපයක් හුදකලා සටනක නිරත වෙලා අමුතු ස්ටයිල් ටිකක් අපිට ඇහිච්චි නැති ඉස්ටයිල් ටිකක් අපේ කංවලට දෙන්න පොඩි උත්සාහයක් ගන්නවා. ඒක ප්‍රසංසනීයයි.

පසුගිය මාසෙ හය හෙවත් අප්‍රෙල් 6 මහල්වරාව බේකරි හන්දියේඒ වගේ මියුසික් ප්‍රසංගයක් තිබුනා.මං ඒකට ගියා.ඒ සම්ප්‍රදාය හොඳයි කියාල හිතුනා. ඒත් එයාල අපිට ටිකට් දුන්නෙ නැත්තේ ඇයි. කියන එක මට ගැටලුවක්. සංගීත කාරයො වුනාට එයාල විකුනන්න හැදුවෙ සිංදු නෙමෙයි පොත්. සංගීත කාරයො නම් විකුනන්න ඕනි පොත් නෙමෙයි සිඩීහෝ වීඩියෝ තැටි. සංගීතය කරන අයගේ ප්‍රධාන මාධ්‍යය වෙන්නෙ රූපය සහ ශබ්ධය..එ දෙකෙන් ඈත් වෙලා පත්තර වල, ඉන්ටනෙට් එකේ, පොත් වල එයාලගේ ටෝක්ස් ගොඩක් මට දකින්න ලැබුනා. ඇයි එයාල එහම කරන්නෙ කියන එක ගැටුලුවක්.

බොහොම අලුත් සිංදු ටිකක් සෝ එකේ තිබුනාට තවම ඒවාගේ යූ ටියුබ් වීඩියෝ වත් එලියට දීලා නැහැ. ඒ ගැන කිසිම උනන්දුවකුත් නැහැ. ඒ ප්‍රසංගය තියපු කන්ඩායමම එකතු වෙලා යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්ත නම් බොහොම සාර්ථක වෙන්න තිබුනා. නමුත් එයාල මහ මනෝරාජික සිහින ලෝකවල දවල් හීන දකින සෙට් එකක් මිස පොලොවට බැහැලා තමුංගේ සිංදු මිනිස්සුන්ට ගෙනියන්න උත්සාහ කරන බවක් නම් මට පෙනුනෙ නැහැ.

අජිත් කුමාරසිරි ඒ අයට පොරක්. නමුත් අජිත්ගේ සිංදුවක් යු ටියුබ් වල කී දෙනාද බලලා තියෙන්නෙ.. ඊට වැඩි ගානක් බස් අජියගේ සිංදු යූ ටියුබ් එකේ ජනප්‍රිය වෙලා තියෙනවා. බස් අජියා කියන්නෙත් සුපිරි අනුග්‍රහයක් ලැබෙන බුවෙක් නෙමෙයි. මාධ්‍ය වලිං තැනකට වැද්ද නොගන්නා පත්තර වල විස්තර  අඩු අදෝනා කියලම යාන්තං ගොඩ ගිය සංගීත කාරයෙක්. නමුත් බස් අජියා දැනගෙන හිටියා තමුංගේ ගොඩ යෑම තියෙන්නෙ මිනිස්සු අතරට තමුංගේ නිර්මාණ යන එක මත කියලා.

අපි මොන විප්ලව මොන මතවාද දරාගෙන හිටියත් අපිට ඒවා මිනිස්සුන්ට ගෙනියන්න බැරිනම් අපි අසාර්ථකයි. ඩවුන් ටවුන් පල්ස් ගැන රාවයේ, තරුණයා පත්තරේ ගියාට වැඩක් නැහැ. මොකද එයාලගේ සිංදු අපිට මිලදී ගන්න හොයාගන්න තැනක් ලොවෙත් නැහැ. ගොලුව දැකපු හීනෙ වගේ අදහසක් එනවා ඇත්තෙ ඈත ගමක මිනිස්සුන්ට් ඒ මියුසික් ගෘෘප් ගැන පත්තර වල තියෙන ලිපි දැක්කාම.

අද දුප්පත් තරුණයො ඉදලාම සිංදුවක් කලාම තමුංගෙ සිංදුව අනික් අයට අස්සවන්න පස්ට ගේමක් දෙනවා. බස් ගානෙ ගිහිං සීඩි බෙදනවා. යූටියුබ් චැනල් හදනවා. පේස්බුක් දානවා. අනේ ලයික් දාපං කියලා අඩා වැටෙනවා. ඒ අඩාවැටීම මහ කුජීත නිවට දෙයක් විදියට අපිට පෙනුනාට එයාල ඒ කරන්නෙ කලින් එයාලට තියෙන තැන හදාගන්න එක. මොන දේ කරන්නත් තමුංගෙ නිර්මාණ මිනිස්සු දැනගෙන ඉන්නවත් ඕනි.. මුලින් අපි අඩන ඇඩිල්ලට අපේ වදේට මිනිස්සු මියුසික් වලට ආවට පස්සෙ ඒ අයම අජිත් කුමාරසිරි, ගීතදේව, අමිල සඳරුවන් සර්ච් කරගෙන ඒවි.

අමිල ගීතදේව, අජිත් කුමාරසිරි කියන්නෙ වර්ථමානයේ ඉන්න ජනප්‍රිය යැයි කියාගන්න අය මට්ටමටම යම් කිසි හැකියාවන් රැසක් තියෙන පුද්ගලයො කිහිප දෙනෙක්.මම නම නොදන්න අනෙක් ඩවුන් ටවුන් පල්ස් වලට ආපු අයත් හෙමයි. නමුත් ඒ අයගේ ගීත සමාජ ගත කරන්න එයාලට තියෙන කම්මැලි කම ගැනනම් කියලා වැඩක් නැහැ.ලෝකෙ මොනම සමාජ විප්ලවයක් වත් බන්දේසියෙ තියලා වෙසක් දන්සලේ බීම බෙදන්න වගේ බෙදන්නෙ නැහැ..ඒ තැන තමාම හදාගන්න ඕනි...එහෙම අලුත් තැනක් හදාගන්න වෙහෙසෙන්න පටන් ගන්නකොට මේ සයිබර් හරහා සහ සමාජය හරහා සිටින විකල්ප වලට ආස තරුණයො එකතු වේවි. ඒ එකතුව අලුත් අලුත් නිර්මාණ කරන්නට නව ජවයක් ඒ අයට ලබා දේවි.

මේ දෙහි කැපිල්ලෙන් පස්සෙවත් ඩවුන් ටවුන් පල්ස් වල කියපු සිංදු ටිකේ වීඩියෝ ටික යූ ටියුබ් දාවි කියලා හෝ ඒවා අපිට මිලදි ගන්න පුලුවන් තැනක් විදියට  හදල දෙයි කියලා පොඩි විශ්වාසයක් මට තියෙනවා. එහෙනං කියන්න දෙයක් තියේනං කොමෙන්ට් ඇතුලෙ කියලා යන්න..

මේ ගීතදේවගේ චන්ද්‍රමුඛී කියන සිංදුව පහල තියෙනවා කැමති අය අහලා යන්ට ඈ..මම විකල්ප මියුසික් කියල මෙතෙක් කිව්වෙ මේන්න මේ වගේ සිංදු වලට.. ඕ කේ..

Friday, May 10, 2013

මනමේ ඇයි මටමේ ම කලේ (hi Maname)

දියවී යන වියැකී කුනු වෙන ගත

මෙතරම් ලස්සන කෙරුවේ මොකෝ..

හැඩකාර ඇස් දෙකක් දීලා මදිවට

තඹවන් කෙහෙ රැලි දුන්නේ ඇයි..

දෙයියනේ..



සිනා නොවන රවනා බැල්මේ හිඳ

කතා නොකර තරහින් බලමින්

ගියත් ඇලෙනවා මගෙ හිත ඔබ ලඟ

සුපර් ග්ලූ ගාලදෝ මගෙ හිත යට..

කියාපන් කෝ නගෝ..//



 

පිම්බිලා පපුව ඇත පිට්ටු දෙකක් වාගේ මට අල්ලන්නට බැහැ හීනයකින් හෝ..

දෙපස වැනෙන පැද්දෙන කළවා වන් පෙනේ යසට එකළඟ යන පියවර.

දිවිය සිරිය වන් ඔබ මුහුනේ....සුද..වගේ පාලොස්වකට නගින අහසෙ හඳ

ජම්බු ගෙඩිය වාගේ දෝ....නැහැ තක්කලි ගෙඩියක් වාගෙද මන්දා..

පිරිපුන් සිරුරින් මා කළඹා ...ඈතින් ඈතට යාවී..



සොරදෙටුවෙක්..මං පහරන්නෙක්..හෝ අඩුතරමේ වැදිරජෙක් වත් ....වුනානම්..

ඔබ තැඹිලි වන් රුවට ළඟින් ඇදී යන කළු පරපුටුවා මරා දමා වනසාලා....කර ඝෝෂා..

අත ගන්නෙමි..මා..ගෙන යන්නෙම් ඈතම ලෝකෙකට...කාටවත් නොපෙනෙනා තැනකට..

ගිහින් හඩන නෙත් පිසලා..දෙතොල් පෙති ඔබේ සිපලා...ඇඳක් හොඳට මම හදලා..සතපන්නම් ඉන්න තුරා...



එම්බා. කුමරියේ.... එකවතාවක් වත් බලාපංකෝ..

මේ වැදිරජා උඹ හිතන තරං කැත නැතුව ඇතී..

Thursday, May 9, 2013

The dreamers (සිහින දකින්නෝ)

මං කුනුහබ්බ කෑලි හෙලුවෙං ඉන්න ගෑනු ඉන්න දර්ශන තියෙන ෆිල්ම් එකක් බැලුවා.ඒකෙ නම ද ඩ්‍රීමර්ස්. ඒක යාලුවො එක්ක බෙදාගන්න කලියෙං ඒගැන සුට්ටි විස්තරයක් කරලා ඉන්න එක හොඳයි කියලා හිතුනා. මේ ෆිල්ම් එක අපේ අය ගොඩ දෙනෙක් දැන් බලලා ඇත්තෙ. ඒත් කමක් නැහැ බලලා තියේ නං විචාරෙ බලලා වෙනමම වින්දනයක් ගන්න පුලුවන් වෙයි නෙව.

බැල්කනි ජනතාවට..

මචං සිරා ෆිල්ම් එකක් ලැබුනා. ඒකෙ සිරා පාරක් ඉන්නවා. සිරාවටම ඒකි ඔක්කොම ඇඳුන් ගලවනවා. මරු.. ! සවුත් ඉන්ඩියන්, සිරි ලංකන් තප්පදෝරු වගේ නෙමෙයි නියම කෑල්ල. අර ග්‍රීසියෙන්ද රෝමෙන්ද හොයාගෙන තිබුන අත් දෙක නැති පිලිමෙ වගේ ලස්සනයි. සෙක්ස් කෑලි නං හෙන අමුවෙන් තියෙන්නෙ. ඒ වුනාට නෝටි අමරිකා වලට වඩා ගතියක් තියෙනවා. ස්ටෝරිය කිව්වොත් මචං ඇමරිකන් කොල්ලෙක් හෙන විප්ලව තිබුන කාලෙක එනවා ප්‍රංශෙට ඉගෙනගන්න . එහේදි ඌට කෑල්ලක් සහ කොල්ලෙක් සැට්වෙනවා. මේ කෑල්ල සහ කොල්ලා ඇවිල්ලා සහෝදරයො. නිවුන් සහෝදරයෝ. උන් දෙන්නා නිදාගෙන්නෙත් එකට. පස්සෙ අර අමරිකන් ශිෂ්‍යයා යනවා අර දෙන්නා එක්ක එකට ජිවත් වෙන්න. උන් තුන්දෙනා සෙට් වුනා විතරයි. ඒ ගෙදර අම්මලා තාත්තල කොහේද ගමනක් යනවා දුරක.

ඉතිං අර අමරිකාවෙන් එන එකාට අර දෙන්නා සෙට්වෙලා පස්සෙ අර කෙල්ලයි අමරිකන් කොල්ලයි ලවු කරන්න සෙට් වෙනවා. ඇමරිකන් උන් දෙන්නාගේ ලවට අර අනික් පිරිමි සහෝදරයා කැමති නැති වෙන්න ඕනි හරිනං. අඩේ බං හෙම වෙන්නෙත් නැහැ. උන් තුනම ඇඳුං නැතුව පුල් නිරුවස්තරෙන් නාන බේසමේ බැහැල නානවත් එක්ක. කොහොම වුනත් නිර්වස්තර දර්ශන ටිකනම් සිරා.

හැබැයි අර අම්මයි තාත්තයි කාලෙකින් ගෙදර එනකොට මුං තුන්දෙනා කූඩාරමක් වගේ එකක් කාමරේ මැද ගහං. ඒකෙ ඇතුලෙ අමුම අමු නිරුවස්තරෙන් නිදාගෙන ඉන්න හැටි නං කුජීතයි. වැඩිය මොකද්ද කියලා තේරෙන්න නැති වුනාට ගතියක් තියෙනවා. මං හිතන්නෙ අවසානෙ කෙල්ල මැරෙන්න ඇති.

ඕ ඩි සී ජනතාවට.

අපි සිනමාව තුලින් වඩාත්ම දකින්න ආසා කරන්නෙ මොනවද? කලාත්මක සිනමාව හැර වාණිජ සිනමාව කියන පැත්තෙන් බැලුවොත් අපි ආශා කරන්නෙ අපිට ලේසියෙන් දකින්න නොලැබෙන සිහින දකින්න. අපිට සැබෑ ජිවිතය ඇතුලෙ විඳගන්න බැරි දේවල් ගොඩාරියක් ෆිල්ම් එකක් හරහා අපි විඳගන්න පුලුවනි.

හිතන්න සනී ලියොන් වගේ හරිම කඩවසම් ලස්සන සුදු යුවතියක් ඉන්නවා අපි වැඩකරන තැන. අපි ආසයි එයත් එක්ක ලස්සන තායි මුහුදු වෙරලක තියෙන කුඩයක් යටට වෙලා තේ වතුර එකක් බිබී පොඩි චැට් එකක් දාන්න. අපි කොයි තරම් ආශා කරත් අපිට ඒක කරගන්න ලැබෙන්නෙ නැහැ. කොටින්ම අපිට කැන්ටිමේ එක මේසෙ වාඩිවෙලා තේ වතුර එකක් බොන්න බැරිතරමටත් අපි දුරස්ථ වෙන්න පුලුවනි. ඒ වගේ වෙලාවට අපිට ෆිල්ම් එකක් බලලා ඒ චරිතවලට ආරූඩ වෙලා අර ආතල් එක හීනියට ගත හැකි වෙනවා.

මම හිතන්නෙ ඒ නිසා තමයි බොහොම සැපවත් ජීවිත වල පොඩි අවුල් ගැන කියවෙන ඉන්දියානු බොලිවුඩ් සිනමාව ඉන්දියානු දුප්පතුන් අතර වඩාත් ප්‍රචලිත වෙලා තියෙන්නෙ.

දැන් අපි ඩ්‍රීමර්ස් ෆිල්ම් එකට ආවොත් එතනදි ඒ කොල්ලට ලස්සන කෙල්ලෙක් ලැබෙනවා ඉගෙනගන්න කාලෙදිම. ලව් කරන්නත් කලියෙං සෙක්ස් කරන්නත් ලැබෙනවා. ඒ අස්සෙ ඒ අයට පොඩි ෆිල්ම් හෝල් එකක ෆිල්ම් බලන්න ඒවායේ විචාරය කරන්න අවස්ථාත් ලැබෙනවා. එකට හිතන පතන යාලුවො තුන්දෙනෙක් එකතු වෙනවා. නමුත් අමරිකන් කාරයා ටිකක් වෙනස්. අර දෙන්නා තමුං අදහන දේවල් තුල ජීවත්වෙන්න හදන කොට අමරිකන් කාරයා වෙනස්ම මතයක ඉන්නවා.

කොහොම වුනත් අපි ෆිල්ම් එකක් බලලා ඒකෙ චරිත වලට ආසා කරලා අපි ගන්න යන්නෙ එක්තරා ආතල් එකක්. ඒක මේ ෆිල්ම් එකෙන් ඒ වගේ ආතල් එකක් ඇත්තටම ගන්න පුලුවනි. අපි ආසයි අපි ලව් කරනකොට අපේ තරහ කාරයා අපිට අවි අමෝරාගෙන එන්නෙ නැතිනම්. අපි ආසයි ආදරය කියන දේ ඇඟෙන්ම විඳින්ට.. මං හිතන්නෙ ප්‍රංශ විදිය ඒක වෙන්න ඇති. මේ ෆිල්ම එක ප්‍රංශ කාරයො බලනකොට එක විදියකටත් ඇමරිකන් කාරයො බලනකොට තවත් විදියටත් අපි බලනකොට අපිට වෙනමම මැජික් ලෝකයක් විදියටත් පේනවා ඇති.

අන්තර්ජාලයේ තිබුන විදියට මේක අමරිකාවෙත් එහේ තියෙන ලිංගික දර්ශණ ආදිය ගැන සීමා නිසා සම්පූර්ණ ෆිල්ම් එකම තිරගත කරන්න බැරිවුන ෆිල්ම් එකක්.

 
ගැලරියේ ජනතාවට.

අපි හැමෝටම යෞවන කාලයක් තියෙනවා ගෙවාදමන්න. ඒ යෞවන කාලෙදි අපිට එක එක දේවල් උණ ආකාරයෙන් එනවා. කස්ටියකට එනවා ලව් මාන්දම, කස්ටියකට සමාජවාදය. තව අයට දර්ශනය. තවත් අයට ආගම ඔය විදියට අපි මොකක් හරි සෙට් එකකට සෙට් වෙලා ඒක ඇතුලෙ අමුතු ලෝකයකට වෙලා සිහින දකින්න පුරුදු වෙනවා. සමහර විට ඒ සමාජවාදී, දර්ශනවාදි අදහස් ලියපු ප්‍රකාශ කරපු අයටත් වඩා මේ තරුණ වයසෙ ආසන්නයේ ඉන්න ශිෂ්‍යෙයා් ඒ අදහස් විස්වාස කරනවා. උදාහරණ විදියට තනිකර මනෝරාජිකයි කියලා දැනෙගෙනම ජේ වී පී එකෙන් අන්තරය හරහා යවන වාමාංශික තෙල් මේ මෑතක් වෙනතුරුම ගිලගත්ත සිසු ප්‍රජාවක් කැම්පස් වල සිටියා.

ඔවුන්ට අනුව එය අමුතු ලෝකයක්. ඒ තුල ඒ උගන්වන දර්ශනය හෝ මතවාදය ප්‍රශ්ණ කරන්න ඔවුන් පෙළඹෙන්නේ නැහැ. බෞද්ධ උපාසකයා ශ්‍රද්ධාවෙන්ද, දෙවියන් අදහන්නා භක්තියෙන්ද ඒ ආගම් කෙරෙහි බන්දලා තියෙනවා වගේ අවිඥාණිකවම ඔවුන්ට ඒ පෙන්වන ලෝකය විශ්වාස කරන්නට ඒක යථාර්තය කියලා හිතන්නට පොළඹවලා තියෙනවා ..ඒ පෙන්වන නව ලෝකයන් සත්‍යයි ඇත්තම ඇත්තයි කියලා විශ්වාස කරන ගතිය උසස් අධ්‍යාපනය ලබන යොවුන් කාලෙදි වැඩිවෙනවා කියලයි මට හිතෙන්නෙ.

මේ ෆිල්ම් එක ඇතුලෙත් වෙනමම ලෝකයක ජීවත් වෙන අර ප්‍රංශ සහෝදරයා සහ සහෝදරියට අමරිකන් බෝයිව හමු වෙනවා. ඔවුන් විසින් සමාජවාදය සහ ඔවුන් ආශා කරන සිනමාව මත ගොඩනගාගත්ත එක්තරා රාමුවක අධිරංගනයෙන් ජීවත් වෙනවා. ඔවුන් එයම සත්‍යයක් ලෙස අදහනවා. ඒ ප්‍රංශ තරුණ යුවල මවාගත් ලෝකය විනාශ කරගන්නට ඔවුන් දෙදෙනාම කැමති නැහැ. නමුත් අමරිකානු තරුණයා මීට වඩා වෙනස්. ඔහු ඇතුලතින් මේ දේවල් අර දෙන්නා එක්කම විඳින්නට සැරසුනාට පිටින් ඉන්න අය දකින විදියටත් දකින්න උත්සාහ කරනවා.

තරුණ සිතිවිලි වල පවතින මායාකාරී බැඳෙන ගතිය චමත්කාර ලෙස මේ සිනමාපටය තුල දකින්නට ලැබෙනවා.

අවසානය. 

IMDB Link

The Dreamers

මේ සිනමාපටය ගැන වැඩිදුර තොරතුරු හරේ කියන සහෝදරයා බයිස්කෝප් එල් කේ එක හරහා කියලා තියෙනවා.

විචාරය කියන්නෙ කවදාවත් ඒ කෘතිය කියවන්න පුලුවන් කන්නාඩියක් නෙමෙයි. කොහේද යන මනුස්සයෙක්ගේ ඔලුවට ආපු සිතුවිලි ගොඩක් විතරයි. හරිම විදියනං කුමන කෘතියක් වුනත් විඳින්න කලිං විචාර කියවන්න හොඳ නැහැ. විචාර කියවලා තියෙනං ඒවා අමතක කරලා කෘතිය විඳින්න පුලුවන් නම් ඒක තමයි හොඳ. මොකද අපි දාගන්න ඕනි අපේ ඇස්වලට අපිට හරියන කන්නාඩි මිසක අනුන්ගේ කන්නාඩි නෙමෙයි.

Wednesday, May 8, 2013

ලයිට් බිල සහ කතාන්දර (Elec bill & Nonsense)

ලයිට් අඩු තැනක ගත් පින්තූරයක්

මට මතක හැටියට මා පස් වන වසර තෙක්ම ඉගෙන ගත්තේ කුප්පි ලාම්පු එළියෙනි. මගේ අයියලාගේ අතීතය බැලූ විට ඔවුන්ට උසස් පෙ දක්වාම ඉගනගන්නට ලැබුනේ කුප්පි ලාම්පු චිමිනි ලාම්පු එළියෙනි. අද වන විට ලාම්පු එළියෙන් පොත් බැලීම ඇස් වලට නරක දෙයක් ලෙස තැන් තැන්වල දැක්වුනත් අපිට එකල වෙනත් විකල්පයක් තිබුනේ නැති නිසා හෝ දැන් සෙයාගෙන ඇති අැස් රෝග එවිට සොයාගෙන නොතිබූ නිසා අපි ඇස් වලට වද දිදී පොත් බැලුවේ චිමිනි ලාම්පු එලියෙනි.

කුඩා කල චිමිනි ලාම්පු ආදිය පත්තුකරගෙන මහ රෑ ගනන් හදන්න ගන්නවාට වඩා දෙමාපියන් කරන්නේ අප දවාලියෙන් ගනන් සහ ඉස්කෝලෙ වැඩ කරන්නට පුරුදු කරවීමයි. එවිට රාත්‍රි ලාම්පු එලියේ පාඩම් වැඩ කිරීමට එන බාධා ආදිය නැතිවෙන බව ඔවුන් දැනසිටියා වන්නට ඇත. හත හමාර අට විතර වෙනකොට රෑට කාලා රේඩියෝ එකේ නාට්ටියක් ගියොත් ඒකත් අහලා..නැත්තං පසුකාලෙක නම් කොහේ හරි කාර් බැට්රියකින් දුවන ටීවි එකක් තියෙන තැනකින් ටීවිත් බලලා අපි නමයට විතර දොයියනවාය.

ආයි අපි ඊළඟ දවසේ පාන්දර එළිය වැටෙනවිට ම නැගිටින්නට හුරුව සිටියෙමු. දැන් නම් රෑට ෆිලුම් බලාල චැට් කරලා උදේ හයහමාරට නැගිටින්නටත් අමාරු මුත් එකල පහමාර හය වෙනකොට යසට ඇස් ඇරලා සිටිය හැක. ඉස්කොලෙ නොයන දවසකනම් මම අයියා හෝ තාත්තා අම්මාට උයන්නටද උදව් දෙයි. අපේ ගෙදර ඉවීම ජනසතු කාර්යක් විය. එය අම්මාම කල යුතු දේවකාරියක් නොවීය. උදෑසන ආහාරය අම්මා පිළියෙල කලත් අපි සැවොම ඒ වෙනුයෙන් පොල් ගෑම, ලූණු සුද්ද කිරීම කුස්සිය අස් පරස් කිරීම කල යුතු විය.

අපේ ගෙදර තිබුනේ ගොවි පසුබිමක් නිසා එලිය වැටෙන්නට රස්නෙ වැටෙන්නට කලියෙන් කොරටුවලට යාගන්නට ලැබුනොතින් එය හොඳය. එවිට අපිට ඉර හොඳින් රැස් විහිදන දවල් එකොළහ විතර වෙනකොට වැඩ ගොඩක් කරලා ඇවිත් නිදහස් හෙවනේ ගිමන් හැරිය හැක. නැවත අපි කෑම කා පොඩි පහෙ නින්දක් දාලා හෝ පත්තරයක් පොතක් නවකතාවක් කාරිය කියෝල දාලා වැඩට යන්නේ හවස තුනට විතරය. හවස තුනට විතර කොරටු යන අපි රෑ හත විතර වෙනතුරු කොරටුවේ වැඩ කරලා ඇවිත් යලිත් රෑට කා නින්දට යමු. අපි යැයි මෙතැනදී මමද අයිතිව කිවු මුත් මා මේ ආකාරයට එකල ගතකලේ මාසෙකටම දවසක් හෝ දෙකකි. මාගේ පාඩම් වැඩ අතපසු වෙනවාය කියලා අම්මා ඉස්සර මා කොරටු වැඩට සම්බන්ධ කරගන්නවා අඩුය.

එකල අපි රෙදි මදින්නේ සතියකට වරකි. ගෙදර ඇති පොල්කටු අඟුරු ඉස්තිරික්කයට පොල්කටු දාලා ඒක රත්වෙනතුරු එලියෙ තියං පිඹිමින් පසුව අපි රෙදි ඉස්තිරික්ක කරමු. එය වෙහෙසකර කාරියකි. නමුත් අපේ තාත්තාගේ අදහස නම් තවමත් පොල්කටු ඉස්තිරික්කය විදුලි ඉස්තිරික්කයට වඩා සුපිරි බවය. සමහර විට ලයිට් බිලට යන ගාන ගැන පෙරේත සිතක් තාත්තාගේ සිතේ කොණක උපදින්නට ඇත. නමුත් කොලටි එක අතින් යම් කිසි තැනක් පොල්කටු ඉස්තිරික්කයේද තිබුනි. නමුත් එවිට කට ඇරගෙන ටීවි දිහා බලං හෝ රේඩි එකේ යන කතාවක් අහමින් අපිට රෙදි ඉස්තිරික්ක කරන්න අවස්ථාවක් ලැබෙන් නැත. එහෙම කලොත් රෙදි පිච්චෙනවාය. අප රෙදි ඉස්තිරික්ක කල යුත්තේ යම්කිසි සංයමයකිනි. පිඹලා වැරදිලා හෝ අඟුරු කැටයක් වැටුනොත් ඉඳලා හමාරය.

ලයිට් අවුල් තවත් පින්තූරයක්..

අදටත් මම පංකා භාවිත නොකරන අතර බිම නිදාගැන්මට ආශා කරමි. අද වනවිට බිම නිදාගන්න විට මෙට්ටයක් භාවිත කලත් මා බොහෝ කලක් නවලෝක ප්ලාස්ටික් පැදුරක් දාගෙන බිම නිදාගෙන ඇත. එකල පොඩි ලමයි වූ අපිට බිම නිදාගන්න එක මහා ලොකු දෙයක් වුනේ නැත. සිමෙන්ති දමා තිබෙන පොලොවේ සීතල නිසා බොහෝ විට එකල රස්නයක් දැනුනේ නැත. නමුත් අද දින ලේයර් කිහිපයක් ඇඳේ සිටද ඇති මෙට්ටයට උඩින් පංකාවක් නැතුව නින්ද නොයෑ ම නම් පුදුමයක් නොවේ. අපට ඒවා එතරම් වගේ වගක් නැති කාරණාවක් වුවත් එකල මගේ දෙමාපියෝ මටත් මගේ සහෝදර සහෝදරියන්ටත් ඇඳන් ලබාදීම සුවපහසු ආකාරයට විදුලිය ලබාදීම ආදිය ගැන බොහෝ විට සිතුවෝය. ඔවුන් ඔවුන්ට හැකි පමණ වේගයෙන් අපිට ඒ හැමදේම ලබා දුන්නෝය. අපි ඒ ගැන ඔවුනට කෘතඥ විය යුතුය.

දැන් අපි වර්ථමානයට එමු. මේ ළඟදී අපේ බොඩ්මේ කුඩා මත ගැටුමක් ගියෝය. රෑට උයන්නට අපි සියලු බඩු බාහිරාදිය තනාගෙන ඇති නමුත් බොහෝ දිනවල උයන වැඩය හරියට කෙරෙන්නෙ නැත. එනම් උයන එක සිද්ද වෙන්නෙ නැත. එයට හේතුව ලෙස විවිධාකාර හේතු දක්වතත් මගේ නම් අත්දැකීම වන්නේ සියල්ලෝම පැමිණ ඇඟපත සෝදාගත් පසු පේස්බුක් හෝ ගොසිප් බැලීමට ලැප්ටප් ඇද ගනිති. නැතහොත් මැච් හෝ ෆිල්ම් බැලීමට ටීවි එක අටෝගන්නට හදයි.පෙම් හබ ඇත්තෝ මල් කඩන්ට සැරසෙති .එක්කෝ එහෙමත් එකෙක් පාඩම් කරයි. ඉතිං මේ හේතුව නිසා සියලු ඇඟපත වාත වේදනා උයන වෙලාවට පහල වීම නිසා අප මිතුරන් කැල සිරිත් පරිදිම අදත් කඩෙන් කමු බාං..යන විසඳුමට එයි. එහෙත් සැබවින්ම අප උයන්නේ නැතුව ඉන්න වෙලාවේ අපි කරන වැදගත් රාජකාරියක්ද නොමැත. මෙලෝ සතෙක්ට වැඩක් නොවෙන ලැප්ටප්, ටීවි, කොම්පියුර, පෝන් ගත රාජකාරියකය අපි හැමෝම නිරතවෙලා ඉන්නේ. නමුත් එලියෙන් සිටින අයකුට පේන විදියට අපි පට්ට ලෙස බිසීය.

එහෙත් මීට සය වසකට එපිට අපි හොස්ටල් සිටි සමයේ හවස පහට හයට අධ්‍යයන ආයතනයෙන් පැනගෙන කඩේ ගොස් බඩුද රැගෙන වීරයින් මෙන් හොස්ටලපැමිණ ඉව්වෙමු. එකල උයන තෙක් තිබුනේ මාර හදිසියකි. ඒ කාලයේ උයන්නට නියමිත ඩයල් එක උයන්න හිටියේ නෑ කියන්නේ ඌට විශ්වාස බංග ගේන්න තරම් වෙන වැඩකි. එකල උයනවා කනවා, පොත් බලනවා, වැල පත්තර කියවනවා, මල් කඩනවා වැනි සීමිත රාජකාරි කීපයකි අපිට හොස්ටල් එකේ තිබුනේ. අද මෙන් එකල ලැප්ටප් ටීවි හෝ ස්කයිප් යන්න ඉස්මාට් පෝන් ආදිය තිබුනේද නැත. ඊට අමතරව අපේ ගෝතයන් බොහෝ දෙනකුට එකල කෑලි සෙට්වෙලාද හිටියේ නැත.

ලයිට් බිල් වැඩිවීම හේතුවෙන් අපි පරිණාමයේ ආපස්සට යා යුතු බවක් දැක්වෙන කාටුනයක් මනුපොතේ එහා මෙහා වනු මා දිටිමි. මට සැබැවින්ම එවිට කල්පනා වූයේ අපේ විදුලි පරිභෝජනයේ පවතින කළමනාකරණ දුර්වලතාවයයි.

ගම් බද ගෙවල්වල පවා අද කාලේ ශිතකරණ ඇත. එලෝලු මාලු ගන්නට කඩේට පොලට යන්නට විනාඩි දහයක් හොයාගන්නට නැති ගෑනු ටෙලිපෝං වලිං රට විස්තර පවා කතා කොර කොර පැය ගනන් නාස්ති කරයි. අදටත් ගම්බද පැතිවල මාලුකාරයා. පලා විකුනන ඇන්ටිලා එලෝලු කූඩ කරුවන් ආදිය දකින්නට ඇත. ශීතාගාරයක බහා කුනු වනතෙක් තබා නරක් කොරමින් කනවාට වඩා ලයිට් බිලටත් සීතල වන පරිදි අපිට නැවුම් එලවලු පලතුරු මාලු ආහාරයට ගත හැකිය.

නාගරික මනුෂ්‍යයින්ට වුව පසු දිනට පමණක් සරිලන පරිදි එලවලු ස්වල්පයක් මිලදී ගෙන එය හීත පෙට්ටියේ තියන්නේ නැතුව ආහාරයට ගත හැකිනම් සෞඛ්‍යය පැත්තෙන්ද වැදගත් වෙනු ඇති බව මගේ අදහස වෙයි. බොහෝ නිවෙස්වල පාසැල් යන තරමක් වැඩිමහලු දරුවන් සිටිතත් ඔවුන් උපන්තේකට උදේ පාන්දර නැගිටින්නෙ නැත. අම්මා සහ තාත්තා උදේ නැගිට උයලා බාත් රූම් හෝදලා රෙදි මැදලා ඔක්කොම කල පසු අර ඉස්කෝල යන හාමුලා දෙන්නා හෝ තුන්දෙනා නැගිටලා ඉස්කෝලෙ යන්නට සැරසෙති.

දරුවන් යනු හැමදා දරුවන්නොවේ. ඔවුන් පුංචි සයිස් එකේ සිටියත් ඉදිරියේදි විශාල මනුෂ්‍යයින් වීමට නියමිත නිසා ගෙදර දොරේ වැඩකට බෝංචි කරලක් කඩාගන්නට පොඩියක් තමුංගේම ඇඳුමක්හෝ තනිව අයන් කරගන්නට පුරුදු කරවීම ඔවුන්ටද කරන සෙතකි. එසේම අවසන එය නිවසේ පිරිවැය පාලනය බලශක්ති පාලනයටද වැදගත් වෙන දෙයකි.

බොහෝ නිවෙස්වල විදුලි බිල වැඩිවන්නට එක්තරා ප්‍රධාන හේතුවක් නම් විදුලි පංකාය. නිවෙස් තනන විට නානා මාදිලියේ ප්ලෑන් ඇතුව ලක්ෂණයට ගෙවල් තැනුවත් බොහෝ දෙනා වාතාශ්‍රය සිසිල ගැන සිතන්නේ නිවස තනා ඇඳන්ද දමා නිදාගන්නටද ගිය පසුය. නිවෙස් තැනීමේදීත් කාමර කුලියට ගැනීමේදීත් වාතාශ්‍රය ගැන සැලකිලිමත් විය හැකිනම් පසු කලෙක විදුලි පංකා වලට යන වියදම අඩු කරගත හැකි වෙනු ඇත.


 අපේ ජීවිත ගෙවෙන්නන් වාලේ අයාලේ ගෙවෙන්නට දුන්නොත් අපේ ලයිට් බිල් වතුර බිල් සහ අනෙකුත් බිල් ඉබේම අයාලේ යනු ඇත. ඒවා වෙන්ස කරගන්නට නම් අපි විසින් යම් කිසි වෙනස් කම් ටිකක් අපේ ජීවිත වලට එකතු කරගත යුතුව ඇත. නැතහොත් බලශක්තිය සහ ආර්ථිකය යන රැලිවලට හසුව අපේ පඩිපතෙන් ලොකු කොටසක් බිල් ගෙවීම පිණිස වැයවෙනු ඇත. 

අපි වැනි දුප්පත් වෙනත් රටවල් වලට සාපේක්ෂව බැලුවත් අපේ රටේ විදුලි බිල මෙතෙක් වැඩිවීමට හේතුව දැනගන්න මේන්න මේ රාවය ලිපිය කියවන්න.. 

බිල් වැඩිවෙන කාලෙ ටිකකින් හරි බිල් අඩුකරගන්න හැටි දැනගන්න මේන්න මේ සිළුමිණ ලිපිය කියවන්න...  

Sunday, May 5, 2013

ජාති‍යේ මහා ලොකු බැංකු (Our Nations Great Banks)


පුරාණ බැංකුවක් නොවේ....
ආයතනයේ අලුත් පරිඝනක ගත පද්ධතියක් ස්ථාපනය කරලා. ඒ මගින් තමයි අපේ අතිකාල දීමනා සහ වැටුප් ආදිය ගෙවෙන්නෙ. ලොකු තැන් වල අනුමැතිය ගන්නෙත් මේ පද්ධතිය හරහාමයි. ඉස්සර වගේ කොළ අරගෙන අතන මෙතන යන්න ඕනි නැහැ කියල තමයි මහත්වරු කිව්වෙ. ඒත් ඒ පද්ධතිය ආවට පස්සෙ මටත් මගේ යාලුවොන්ටත් නියම පරිදි වැටුප් ලැබුනෙ නැහැ. ඒ ඒ ලොකු මහත්වරුන්ට ඔබන්න ටික් කරන්න අමතක වුනාම අපෙ අතිකාල දීමනා වල කොටස් අඩුවෙනවා.

ඉතිං සමහර වෙලාවට මේන් මේ ගාන ඔහේට දැන් ගෙවිලා කියලා පද්ධතියෙ පෙන්නුම් කලත් බැංකුවට ගිහිං බැලුවම තියෙන්නෙ පුරුදු ගානමයි. එතකොට අපි විසින් ඒක පැමිනිලි කරලා පලෝ කරලා පඩි ටික දාගන්න ඕනි..

ඒ නිසා මම තීරණය කලා පොතෙන් සල්ලි ගන්න. එතකොට පොතට කොයි තරං සල්ලි වැටිලා තියෙද මගේ ලෝං වලට කොයිතරං කැපිල තියෙද? මේ අපේ පඩි ගැන පද්ධති වල තියෙන ගානම බැර වෙලා තියෙද කියලා බලාගන්න පුලුවනි.

මං සාමාන්‍ය යෙන් පොතෙන් සල්ලි ගන්න යන්නෙ නැහැ. මොකද මගේ අස්සන හැමදාම වරදිනවා. එහෙම වැරදුනාම බැංකුවල ඉන්න ගෑනු මගේ දිහා බලන්නෙ හොරෙක් දිහා බලනවා වගේ. කන්නාඩි දාපු මැදිවයසෙ අංකලෙක් ඇවිල්ලා කන්නාඩියට උඩින් මගෙ දිහා බලනවා. යකෝ මගේ එකවුන්ට් එක මගේ කියලා අදුනගන්න බැරි එක මගේ වැරැද්දක්ද? අනේ මන්දා.

මං සතියකට සමහර කාලවල අස්සන් දෙතුන් සීය ගහනවා. මොකද කන්තෝරු රාජකාරි වලදි අස්සන් ගැහිල්ල තාම ජයට යන නිසා. ඉතිං සදුදා ගහන අස්සන සිකුරාද වෙනකොට වෙනස් වෙනවා පොඩියක්. ඉතිං මාස ගානක් ගියාම ටිකක් අස්සන වෙනස් වෙනවා. බැංකු වල තියෙන බංකු ආදිය එක එක උස...අස්සන ටෙස් කරන තැනදි අපි අස්සන ගහන උසේදි නෙමෙයි සල්ලි ගන්න තැනදි අස්සන ගහන්න තියෙන්නෙ. මේක විහිලු කතාවක් විදියට පේන්න පුුලවන් කෙනෙකුට..ඒත් එක එක උස වලදි ගහන අස්සන් වල ස්වභාවය වෙනස් වෙනවා කියලා මට දැනිලා තියෙනවා.

ඉතිං සල්ලි ගන්න බැංකු පොත අරං ගියාම සල්ලි ගන්න ස්ලිප් එකේ තැන් තුනක් අස්සන් කරන්න ඕනි...මට මතකත් නැහැ කලිං ගැහුවෙ දිග අස්සනද කොට අස්සනද පලල් එකද කියලා.මේ පාර කොට එක ගැහුවා. ඒ කැසියර් කෙල්ල මහත්තයා ගාවට ගියේ මොන්ටිසෝරි පන්තියෙදි කෙල්ලන්ගෙ පුක මිරිකුවාම දුවල ගිහින් ටීචට කියන්න යනවා වගේ. ලොකු මහත්තයා ආවා.මම කලින්ම අත්සනගහපු එකවුන්ට් එක ඕපන් කරපු සාකාවටම ගිහින් සල්ලි ගන්න කිව්වා. ඉතිං මං බොහොම සංවර විදියට හිනාවෙලා බැංකුවෙන් එලියට බැහැලා අනික් සාකාවට ගිහින් පැය බාගයක් විතර පෝලිමෙ ඉදලා..හරි අස්සන විය හැකියැයි කියන එක හොදට හිතලා ගැහුවා..

සල්ලි ලැබුනා. මට හරි සන්තෝසයි. මං වචනයක් වත් කාටවත් කිව්වෙ නැහැ. බැංකුවට බැන්නෙ නැහැ. බනින ටික මං ඉන්ටනෙට් එකේ පෝස්ට් දාන්න ඉතුරු කරගත්තා. මොකද අපි සයිබර් කාඩ්බෝඩ් විරයොනේ..අපේ අනන්‍යතාවය අපි ඉතිරි කරගන්න ඕනි. නැත්තං එතනම බැනලා කරදර කරන්න ගියාම අපි නාට්ටාමිලා ගානට වැටෙනවා.

ඉස්සර කාලෙ කණ අස්සන කියලා එකක් තිබුනාලු..ඒකෙදි කරන්නෙ ඇගිලි සලකුන අස්සන් කරන්න ඕනි තැන තියන එකලු. ඒහෙම තිබුනනං කොයි තරං නම් ලේසිද? අස්සන් ගහන්න හිතන්න ඕනි නැහැ. ගිනුම් අංකෙයි, ඕනි සල්ලි ගානයි ඇගිලි සලකුනයි විතරයි තියන්න ඕනි. නම ගම විස්තර ගිනුම් අංකයෙනුයි ඇගිලි සලකුනෙනුයි සර්ච් කරලා ගන්න පුලුවන් නේ. එතකොට අපේ අකුරු දන්නෙ නැති නැන්දලා මාමලාට අයියලා අක්කලාටත් ලේසියෙන්ම සල්ලි ගන්න පුලුවන්.

අස්සන නං හොරාට වුනත් ගහත හැකි. මං දන්න ලොක්කෙක් ඉන්නවා තැනක. එතන ඉන්න පියන් උන්නැහැ සෝක් එකට බොසාගෙ අස්සන ගහනවා. හොයන්න හරිම අමාරුයි.අපි නිතර දෙවේලෙ දකින අත්සනක් තියෙන මහත්තයෙක් ගමු. ඒ මහත්තයා බැංකුවෙ වැඩට පාවිච්චි කොරන්නෙත් ඒ අස්සනමයි. ඉතිං ඒ වගේ වෙලාවට අපිට අස්සන පැක්ටිස් වෙලා වෙලා ගිහින් මහත්තයාගේ එකවුන්ට් එකේ සල්ලි ගන්න ඇහිකි නේ. මොකෝ අස්සන තියාල අනික් අස්සනත් තියාල ඉස්කැන් කොරලා බලන්නෙ නැහැනේ. බැලු බැල්මට හරි නං එච්චරයි. අයිඩන්ටි කාඩ් හදන තැන් නං ඉතිං කොයි තරං නං සුලබද මේ කාලෙ ...


මේ වගේ වෙලාවට අර ඇගිලි සලකුනු ක්‍රමය එනවනම් පංකාදු පහයි. බැංකුවටත් අපිටත් ලේසියි. මං කලින් කිව්ව කණ අස්සන ක්‍රෙම් නැත්තං පොස් විදියට පිංගර් ස්කෑනර් තියන්න පුලුවන් කවුන්ටර් වල. එතකොට අපිට හිටගෙන නිදාගෙන නෙමෙයි පෙරලීගෙන අත පය කඩාගෙන ආවත් අර ඇගිල්ල චුට්ටක් මැසිමට තියලා සල්ලි ගන් ඇහැකි. අමාරු ලෙඩෙක් වගේ ඉන්නවා නං පෝටබල් මැසිමක් ගෙනියලා ලෙඩාගෙ ඇගිලි සලකුනු අරං ලග ඉන්න නෑයොන්ටත් ලෙඩාගේ එකවුන්ට් වල සල්ලි ගත හැකි එතකොට. කොයි තරං ලේසිද?
බැංකුවකට අදාල නොවන ගල් කණුවක්..
අකුරු දන්නෙ නැති නැන්දිලා මාමලා අයියලා ඉන්නවා කියලා ගොඩක් අය දන්නෙ නැහැ. ලංකාවෙ සාක්සරතාවය මෙච්චරයි කියලා කියනවා. ඒත් සාක්සරතාවය මනින්න බුවෙක් මගේ උපන්තෙකට අපෙ ගෙදරට බෝඩිමට ඇවිල්ලා නැහැ. මගේ යාලු මිත්‍රෙයන්ටත් එහෙම සාක්සරතා පරීක්ෂකයෙක් ආවද කියලා මතකයක් නැහැලු. අකුරු දන්නවද කියලා නං අහනවා සංගනනන වලදි. යකෝ එහෙම අහනකොට කවුද නොදන්නවා කියන්නෙ. ඉලක්කං දන්නවා වුනත් අකුරු සාස්තරේ දන්නෙ නැති අයට ඒ ටී එම් මැසිම හොද තැනක්. ඒත් මට වගේ සල්ලි කොච්චර තියෙද ලෝන් වලට කොච්චර කැපෙනවද කියලා බලාගන්න ඕනි මිනිහෙක් ඒ වෙලාවෙදි අසරණ වෙනවා.

එහෙමත් තැනක සාර්ථක බැංකු මැනේජර් මහත්තුරු ඉන්නවා. ඒ අය මිනිස්සුන්ගේ ඇදුම අමුඩෙ දිහා බලන්නෙ නැතුව සලකනවා. ඒඅයට නම මල් මිටියක් නෙමෙයි බොකියක් දුන්නත් වැඩි වෙන්නෙ නැහැ. නමුත් සමස්ථ ලංකාවෙ බැංකු පද්ධතියම තියෙන්නෙ දුප්පත් සාමාන්‍ය ජනතාව බයකරන මුහුනතකින්. සුහද බව තියෙන්නෙ ලේබල් වල විතරයි.

අප්‍රිකාවෙ ඉන්න සිංහල බ්ලොගර් කෙනෙක් ඉන්නවා. මිනිහා කියලා තිබුනා එයා ඉන්න අප්‍රිකානු රටේ ඒටී එම් මැසිමක් ලග තියෙන්නෙ හෙන දිග පෝලිමක්ලු. එක තැනකින් සල්ලි ගන්න පෝලිමෙ ඉන්නකොට එකපාර සල්ලි නැතිවෙනවාලු.. ඊලග මැසිම හොයාගන්න ගොඩක් දුර යන්න ඕනිලු. ඒ වගේම ඒ පරණ මැසින් වල කාඩ් බොහොම ඉක්මන්ට හිර වෙනවාත් එක්කලු.

ඉතිං අප්‍රිකාවෙ ඒ රටවලත් ලංකාවෙ වගේම බොහොම හොඳ විදේස උපාදි ගහපු අය ඇති. එහෙත් හොඳ මැනේජ්මන්ට් කොස් අනං මනං ගොඩක් තියෙන නමේ අකුරු ගාන්ටත් වැඩිය දිග සුදුසුකං තොගයක් තියෙන මහත්තුරු බැංකුවල ඇති . ඒත් වැඩ සිද්ද වෙන්නෙ අර විදියට.

ඒ අතිං අපි බංගලාදේසෙට අප්‍රිකාවට වඩා හොදයි කියලා සතුටු වෙන්න ඕනි. ඒගැන ආඩම්බර වෙලා සිංහයාගේ ලෝම ගැන ආඩම්බර වෙන්න ඕනි. ජයවේවා.