Saturday, September 13, 2014

‪#‎SLAmuMirisChallenge‬ ගැන එන පැන

අපි දන්නවා ගොඩ වෙදකම් විදියට අපි එක එක දේවල් කරනවා ලොකු රෝගවලට..ඩෙංගු හැදුනාම ගස්ලබු කොල, පැපොල හැදුනාම කොහොඹ කොල, වගේ දේවල් පාවිච්චි කරනවා.. ඇත්තටම මේ වකුගඩු රෝග අමු මිරිස් වලිං හොඳ කරන්න පුලුවන් වෙයිද? අමු මිරිස් කෑවම වකුගඩු හොද වෙනවද?
වරදවා වටහා ගන් එපා. අමු මිරිස් වලිං වකුගඩු ලෙඩ හොද වෙන් නැහැ. මේක රජරට වකුගඩු රෝගෙට මුදල් එකතු කිරීම පිණිස ක්‍රියාත්මක කරන තවත් සාර්ථක වැඩපිලිවෙලක් විතරයි. මේකෙදි යමෙක් අමුමිරිස් කාලා තව අයට චැලෙන්ජ් කරනවා. ඒ වගේම අමු මිරස් ඇහැට නොදැක්කත් හරිම ලේසියෙන් SL AID මුදල් ගිණුමට බැර කරලා සත්කාරයට දායක වෙන්න හැකියාව තියෙනවා. 


මේ ඉහල තියෙන්නෙ ගිණුම් විස්තර..

අමු මිරිස් චැලෙන්ජ් එකෙන් වකුගඩු රෝගීන්ට මොකක්ද ඇත්තටම කරන්න යන්නෙ? 


පොලොන්නරුව මහ රෝහලට අවශ්‍ය Reverse Osmosis (RO) ඒකකයක් පරිත්‍යාග කිරීම.ඒ යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 30කට අධිකයි. 

දැන් වකුගඩු රෝගීන්ට ඕකෙන් වෙන සෙතේ මොකද්ද?
වකුගඩු වල ආබාධයක් තිබෙන අවස්ථාවෙදි රෝගීන්ගේ ලේ නිසියාකාරව පිරිසිදු වීම සිද්ද වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඒ කාර්යය බාහිරින් කරන්න යම් යම් යන්ත්‍රෝපකරණ භාවිත වෙනවා. වකුගඩු රෝගය වැළඳුන රෝගින් ඉස්පිරිතාලෙට ඇවිත් සතියට දෙතුන් පාරක් මේ ප්‍රතිකාරය ලබාගන්නවා. ඒ හරහා රෝගීන්ට තවත් කාලයක් මේ ලෝකෙ ජීවත් වීම් වාසනාව ලැබෙනවා.  අමු මිරිස් චැලෙන්ජ් එකෙන්, SL AID අරන් දෙන්න යන මැෂිමෙන් ඒ වගේ සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට සතියක් තුල ලේ පිරිසිදු කරගැනීමේ අවස්ථාව ලැබෙනවා. 

පිංකමක් විදියට ගත්තොත් මේක විශාල පිංකමක්. පාර තොටේදි හමුවෙන හිගන්නෙකුට රුපියල් සියක් දීල හිගන්නාගේ ජීවිතය සාර්ථක වෙනවාට වඩා මහත්ඵල මහානිසංස ලැබෙන එකක්.  මොකද අමු මිරිස් චැලෙන්ජ් හරහා අරන් දෙන්නට යන මැසිමෙන් ජීවිතවලට සහනයක් ලබාගන්නෙ එක අයකු දෙන්නෙකු නෙමෙයි..දහස් ගානක් ගොවිජනතාවගේ අසරණ ජීවිත වලට ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. 
රෝගියෙකු යන්ත්‍ර ආධාරයෙන් ලේ පිරිසිදු කරගන්නා අවස්ථාවක් 
දැන් ඕකක් ඕනි කියල පිදුවට වැඩක්යැ..සමහර විට ස්පිරිතාලෙට ඕනත් නැතුව ඇති ඕවා.තියෙන ටික ඇතුවැති.පිස්සු වැඩ? අද කාලෙ ඉතිං ජනප්‍රිය වෙන්න කැමති උන් මොනවද නොකරන්නෙ නේද? 

අමු මිරිස් චැලෙන්ජ් එක කියන්නෙ නිකම්ම නිකං සල්ලි එකතු කරන වැඩසටහනක් නෙමෙයි. මේකට මූලික වුනු රසික නානායක්කාර සහ SL AID පිරිස පොලොන්නරු රෝහලට ගිහින් රෝගීන් වෛද්‍ය කාර්ය මන්ඩල සහ මූලික රෝහලේ ප්‍රධාන තැන් කිහිපයක්ම හමු වෙනවා. ඔවුන් වකුගඩු රෝගීන්ට මේ අවස්ථාවේ විශාල වශයෙන් වැදගත් විය හැකි පරිත්‍යාග මොනවාද කියලා දොස්තර මහත්වරුන්ගෙන්ම අසා දැනෙගෙන ඉන් පසුව තමයි අමු මිරිස් චැලෙන්ජ් එකෙන් එකතු වෙන මුදල් ඒ සඳහා වියදම් කරන්න සැලසුම කරලා තියෙන්නෙ.

පහල ඡායාරූපයේ ඉන්න SL AID හා සම්බන්ධදොස්තර පුෂ්පික අබේසේකර මහතා පොලොන්නරුව ප්‍රදේශයේ රෝහලේ කලක් වෛද්‍ය නිළධාරීතුමා විදියට වසර කිහිපයක් රාජකාරි කරපු කෙනෙක්.
පොලොන්නරුව රෝහලේ බළධාරින් සමග අමුමිරිස් කන්ඩායම(SL AID) 
ඒකත් නරක නැහැ නේ..රනාටයි සෙට් එකටයි නිකංම පොලනේනරු ටිප් යන්න..එක එක තැන්වලට නොමිලෙම කැරකෙන්න ගානක් හොයාගන්න මරු වැඩේ තමයි මේක..

මේ මුදල් එකතු කිරීම විනිවිද බවකින් කෙරෙන්න ඕනි නිසා තමයි ඒ අය SL AID ආයතනික ගිණුමක් හරහා මුදල් එකතුකරන්නට තීරණය කරලා තියෙන්නෙ. මේ එකවුන්ට් එකේ තිබෙන මුදල සතියකට දෙනුන් දිනක් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරනවා. දැනට එම සම්පත් බැංකු එස් එල් ඒඩ් SL AID එකවුන්ට එකෙන් කිසිම මුදලක් කිසිවෙකු අරගෙන නැහැ. ඒ එකතුවෙන සියලු මුදල් අදාල යන්ත්‍ර සඳහා පමණක් යොදවන එක තමයි පිරිසගේ මූලික බලාපොරොත්තුව.  ඒ නිසා මෙ අපිට පේන වීඩියෝ කිරීම්, මාධ්‍ය සාකච්චා, වෙබ් අඩවි සෑදීම්, පිංතූර ගැනීම්, පොලොන්නරු සවාරි ආදී බොහෙමයක් පරිපාලනමය  දේවල්  ඒ ඒ පුද්ගලයින්ගේ පුද්ගලිකවම කාලය, ශ්‍රමය ධනය වියදම් කරලා සිද්ද කරන දේවල්. 
ලස්සන මිස්ලා කිහිප දෙනෙක්ට කරුනාවෙන් කරුණු පැහැදිලි කරන SL AID සභාපති
අපි පහුගිය දවසෙ දැක්කා ආන්ඩුවෙන් සෞඛ්‍යට වෙන්කරපු සල්ලි ආයිත් බාන්ඩාගාරයට ගිහින්. එහම වෙලාවක ඇයි ඒවා ගැන නොදැක්කා වගේ ඉදලා නින්දෙන් ඇහැරිල වගේමේ වගේ දේවල් කරන්න යන්නෙ? නරකද ඒවා ගැනත් හොයල බැලුවොත්. ?

ලෝකයේ එක් එක් රජයයන් විසින් මිනිස්සුන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් වියදම් කරන මුදල් පිළිබඳ ලැයිස්තුව ඔබට විකිපීඩියොවෙන් ගන්න පුලුවනි. ඒ අනුව ලංකාව තියෙන්නෙ රජය සෞඛ්‍යට වියදම් කරන ඩොලර් සංඛාව අනුවත් සමස්ථ ජාතික ආදායමෙන් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රතිශතය අනුවත් 135 ආසන්න ස්ථානයක. එතනදි රජය අයවැයෙන් වෙන් කරන මුදලත් වියදම් කරන්නෙ නැහැ කියන්නෙ අපේ රට සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන සැබෑ මුදල් ප්‍රමාණය අනික් රටවල් එක්ක සන්සන්දනය කරද්දි සාපේක්ශව අඩුයි. 

අපේ රට කියන විශාල ඒකකය ගත්තොත් වෙන්නෙ බදු හරහා අපෙන් මුදල් ගන්නවා. ඉන් පස්සෙ විශාල ක්‍රමවේද ගනනාවක් න්‍යාය පත්‍රයන් ගනනාවක් හරහා අපේ රටේ මිනිසුන්සට ඒ රජය විසින් සේවාවන් සපයනවා. අපි සරලවම හිතමු අපිකන හාල් සීනි පිටි පරිප්පු වලට ගහන බදු වලින් රජය සිතනවා කොටසක් වෙන් කරන්න ඕනි ඉස්පිරිතාල මැසින් වලට. එතනදි බදු හරහා අපෙන් රජය රුපියල් සීයක් ගත්තොතින් රජයේ පරිපාලන වියදම් විදියට සාමාන්‍යෙයන් කොටසක් වියදම් වෙනවා. ඒ වගේම සිද්දවෙනවා කියල කියන කොමිස්, වංචා දූෂණ ආදිය හරහා අර රජය ඇත්තටම බදු වලින්  අපෙන් ලබාගන්න රුපියල් සීයෙන් රුපියල් හැට හැත්තෑවක් තමයි අර ඉස්පිරිතාලෙ මැසිමට වියදම් වෙන්නෙ. ඒ අනුව බැලුවාම නම් අමු මිරිස් චැලෙන්ජ් හරහා සාමාන්‍ය අයෙක් ලබාදෙන රුපියල් සීයෙන් සියයට අනූ නවයක වගේ ප්‍රතිපලදායකව අදාල වැඩේට විතරක්ම වියදම් වෙනවා. ඒක විශාල සාර්ථකත්වයක්. 
දොස්තර,චීටා ,රසික සහ අනුරාධ ඇතුලු  SL AID, ලේ පිරිසිදු කිරීම් කරන  වාට්ටුවේදී 
රජරට වකුගඩු රෝගයට මූලික වෙලා තිබෙන්නෙ ආසනික් සහ අපිරිසිදු ජලය කියලා අපි හොඳින්ම දන්නවා. ඒවා මැඩපවත්වන්න වැඩ කරන්නෙ නැතුව මැසින් වලට හැමදාම සල්ලි වියදම් කරල පැලැස්තර අලවල වැඩක් තියෙද? 

රජරට වකුගඩු රෝගයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Chronic kidney desease sri lanka කියල. අපි හොදින්ම දන්නවා අපි බෙහෙතක් හේතක් ගන්න ගියාම දොස්තර මහත්තුරු බෙහෙත් ලියන්නෙ ඉංගිරිසියෙන්. බටහිර විද්‍යාෙව් බොහෝ දේවල් ඉංගිරිසි බාසාවෙන් තමයි සිද්ද වෙන්නෙ. මේ කියන Chronic kidney desease sri lanka කියලා ගූගල් සර්ච් කලාම එන තොරතුරු අනුව වකුගඩු රෝගයට තාම නිසි පිළිතුරක් සොයාගෙන නැහැ. ඒකට හේතුව විද්‍යානුකූලව තවමත් සොයාගෙන නැහැ. ආසනික්, කැඩ්මියම්,කෘමිනාශක ආදී බොහෝ හේතු කිව්වත් ඒ එකක්වත් සනාථ වෙලා නැහැ. උදාහරණ විදියට ආසනික් හේතුවුනා කීවාට ජලයේ ආසනික් වැඩුපුරම තිබෙන උතුරු මැද පළාතේ ප්‍රෙද්ශ සහ වකුගඩු රෝගය පැතිරුනු ප්‍රෙද්ශ සමපාත වෙන් නැහැ. ඒ වගේම මේ ආකාරයටම ගොවිතැනේ යෙදෙන මේ ආකාරයේ පසේ සංයුතියතියෙන,  සමරූපී ජීවන රටා පසුබිමක් තිබෙන, එහෙත් වකුගඩු රෝගය එතරම් පැතිරෙන්නෙ නැති පලාත් තිබෙනවා. ඒ නිසා දැනට වකුගඩු රෝගයට හේතුවන්නේ ජානමය හේතුවක්ද? මිනිස්සුන්ගේ ජීවන රටාව පිළිබඳ ගැටළුවක්ද? කෘෂිරසායන අධිභාවිතයනිසා සිදුවුන දෙයක්ද? භූගත ජලයේ යම් කිසි වෙනස් වීමක් නිසා සිදුවුන දෙයක්ද? කියලා හරියටම සොයාගෙන නැහැ. බොහෝවිට ප්‍රධාන හේතුන් එකකට වඩා මේ සඳහා බලපාන්නත් පුලුවනි. 

විශාල යායන් වශයෙන් වාණිජ වශයෙන් ගොවිතැන් කරන අවස්ථාවක, ඒක විනෝදෙට කරන සෙල්ලමක් නෙවෙයි. අපිට කන්න වම්බටු ගහක් පෝච්චියක හදාගන්නවට වඩා ලොකු වැඩක්. එතනදි ඇතිවන කෘමි හානි වලක්වන්න කෘමිනාශක,බෝගයේ පෝෂ පදාර්ථ වෙනුවෙන් පොහොර කෘතිමව එකතු කරන්න වෙනවා. යායෙම මිනිස්සු කෘෂිරසායන පාවිච්චි කරද්දි එක ගොවියෙක් පොහොර අඩුවෙන් දාන කෘමිනාශක නොයොදන අත්හදාබැලීම් කරන්න ගිහින් සවුත්තු වුනොත් නාස්ති වෙන්නෙ ඒ ගොවි මහත්වරුන්ගේ ජීවිතය. ඔවුන් ගේ පවුලේ අය කන්නෙ බොන්නෙ ජීවිතය ගෙනියන්නෙ ඒ බෝගයේ ඵලදාවෙන්. ඵලදාව අඩු අසාර්ථක ගොවිතැන කියන්නෙ ඔහුට විශාල ගැටළුවක්. එතනදි ඔය ෆැසන් එකට කෘමිනාශක එපා කියන කවුරුත් අර ගොවියාගේ පවුලට වන්දි දෙන්න එන එකක් නැහැ. 

රජරට වකුගඩු රෝගයට හරියටම හේතුවන්නෙ කුමක්ද කියලා ලොව පතල (ආසනික් සහල් නිසා ලොව පතල වූ අය නොවේ) විද්‍යාඥ ගොල්ලන්ට පවා හොයාගන්න බැරිකොට අපේ හිතේ තියෙන අදහස් අනුව මේවා කන්න එපාය, අරවා පාවිච්චි කරන්න එපාය, ඒ විදියට වැඩ කරන්න එපාය කියලා වැදි බණ කියනවාට වඩා ඇත්තටම ගැටළුවට පත්වෙලා ඉන්න ජනතාවට සහනයක් සලසන වැඩක් කරන එක ඉදිරිගාමීයි. මීට වඩා එහාට යනවා නම් මේ පළාත්වල ජනයා ලිං ඇලවල් වැව් වලින් අරන්  බොන වතුර, බොන වතුරවලට තියෙන ලෝක මට්ටමට වඩා දූෂිතයි කියලා වාර්ථා ගනනාවක් තිබුනා. ආන්න ඒ වගේ ගැටළු ගැන කතිකාවක් ඇතිවෙලා වතුර ප්‍රතිකාරයට ලක් කරලා බොන්න ගන්න විදි හඳුන්වාදෙන්න පුළුවන් නම් හොඳයි. මම දන්න විදියට යම් යම් සංවිධාන හරහා ඒ විදියෙ ජලය පෙරන උපාංග මේ වනවිට ඒ ප්‍රෙද්ශවලට හඳුන්වාදීගෙන යනවා. 

හා හා බණ ඇති එපාවෙනෝ ඕවනං. .හරි දැං ඕක කොරන හැටි කියපං..? 

* මුලින්ම සම්පත් බැංකුවට ගිහින් තමුන් කැමති රුපියල් සීයට වැඩි මුදලක් හැකි පමණ SL AID හි තැම්පත් කොරනවා. විදේස රටවල අය ඉන්නවා නම් ඒ අයටත් මේ ගිණුමට මුදල් බැරකරන්න හැකියාව තියෙනවා. 

* කුස්සියට හරි ෆිජ් එකට හරි එහෙම නැත්තං කඩේකට හරි ගොඩවෙලා හොඳ ළපටි අමු මිරිස් කරල් තුනක් තොරාගන්නවා. 

* ඉන් පස්සෙ ගෙදර ඇවිත් වෙබ් කැමරාව හරි අටෝගත්ත වෙන පෝන් කැමරාවක් හරි වීඩියෝ හැකියාව තිබෙන කැමරා කෑල්ලක් සොයාගෙන සැට් කොරගන්නවා.

* දැන් අමුමිරිස් කාල තව යාලුවො හතර දෙනෙක් හෝ කිහිප දෙනෙක්ට එයාලටත් කන්න කියලා අභියෝග කරනවා. අභියෝග කරලා යූටියුබ් හරි ෆේස්බුක් හරි වීඩියෝ එක දාල අර යාලුවන්ව ෆේස්බුක් එකෙන්, ගූගල් එකෙන්, ටුයිට්ර් එකෙන් සෙට්කරගෙන ටැග් කරනවා..ටැග් කොරලා උන්ව මේගැන දැනුවත් කරනවනම් හොදයි.

* මේ ගැන කතාවෙන හැම තැනදිම #‎SLAmuMirisChallenge‬ කියලාත් දාන්න. එතකොට සුටු ගාල සර්ච වෙනව.

දාන හැම වීඩියෝවක් ගැනම මේ ෆේස්බුක් පේජ් එකේ සඳහන් කරන එකත් හොඳ පුරුද්දක්. හැබැයි මේ වැඩේ මූලික අරමුණ ජාතියට අමුමිරිස් කෑම හුරු කිරීම නම් නෙමෙයි. ඒනිසා හැම වෙලාවෙම මේකෙදි මුදල් එකතුවීම ගැන සහ අසරණ වකුගඩු රෝගින් ගැන කතාබහ කරන්න උත්සාහ ගන්න එකත් වැදගත් වෙනවා. 

Wednesday, September 10, 2014

ප්‍රියන්තා ජනාධිපති පොදු අපේක්ෂිකාව කරමු


ඇය නාථ දෙවියන් මඟින් අප සමාජයට විශාල දායාද ප්‍රමාණයක් දායක කොට ඇති අතර එහි දී නාථ දෙවියන් හා කෙළින්ම ගනුදෙනු කොට ගැටළු විසඳීමට ප්‍රියන්තා සේනානායක මහත්මිය කටයුතු කරනු ලැබේ. ඒ පිළිබඳ ඔබට අවශ්‍ය බොහෝ තොරතුරු හෙළසුවය අඩවිය(http://www.helasuwaya.org) හරහා ලබාගත හැක. අපගේ අරමුණ වන්නේ මීළඟ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා ගැන වාද විවාද සිදු වන මේ කාලයේ  සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ අනුහස ලැබුනු ප්‍රියන්තා සේනානයක මහත්මිය ජනාධිපති පොදු අපේක්ෂිකාව ලෙස පත්කරගැනීමයි. ඒ සඳහා ඇයට ඇති සුදුසකම් ඕනාවටත් වඩා වැඩි බව ඔබට මේ ලිපිය කියවීමෙන් පසක් වනු ඇත. 

නාථ දෙවියන් විසින් ඇයට මේ ලංකාද්වීපය විනාශකාරී බලවේග වලින් ආරක්ෂාකිරීමේ වැදගත්කම පහදා දී වසර අටක් පමණ ගත වී ඇත. හෙල සුවය නම් සම්‍යක් දෘෂ්ඨික අඩවියේ මේ  ලිපියෙන් කොටසක් අපි සලකා බලමු. 

      නාථ දෙවියන් ප්‍රමුඛ දෙවිවරුන්ගේ අවධාරණාත්මක ඉල්ලීම වූයේ, විනාශ මුඛයට යමින් පවතින ශ්‍රී ලාංකීය සමාජය හා සම්බුද්ධ ශාසනය රැකීම උදෙසා ඉදිරිපත් වන ලෙසය. මෙහි දී අකුසල් සහිත සමාජයකට සම්‍යදෘෂ්ටික දෙවිවරුන්ට සම්බන්ධ විය නොහැකි බවත් ඒ සඳහා කුසල් සහිත සමාජයක් බිහිකළ යුතු බවත් එය කිරීම උදෙසා මනුෂ්‍ය ලෝකයෙන් පිරිසිදු සීලයක් සහිත මනුෂ්‍යන්ගේ සම්බන්ධය අවශ්‍ය බවත් එ වැනි සමාජයක් බිහි කිරීම උදෙසා පුරෝගාමීත්වය ගන්නා ලෙසත් උන් වහන්සේ මාගෙන් ඉල්ලා සිටි සේක.

              දැනට වසර අටකට ඉහත දී ඉල්ලූ මෙම ඉල්ලීම ඉටු කිරීමට මා හට හැකි වෙතැයි දැඩි විශ්වාසයක් නොපැවතුන ද, උන්වහන්සේලාගේ ඉල්ලීම ඉටුකිරීමට හැකි උපරිමයෙන් කැප වී "හැකිතාක් දුරට මෙම ඉල්ලීම ඉටුකරමි" යි යන අධිෂ්ඨානය පෙරදැරි කරගෙන එම දෙවිවරුන්ගේ උපදෙස් පිට මෙම වැඩපිළිවෙළ ඇරඹු වෙමි. අද මා නොසිතු  ආකාරයට මෙම වැඩ පිළිවෙළෙහි තීරණාත්මක අදියර කිහිපයක් ඉදිරියට අපි පැමිණ සිටිමු. ඉතා ස්ථාවර අත්තිවාරමක සිටින අපි නාථ දෙවියන්ගේ අවවාදය පෙරදැරි කර ගෙන වසර කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ ආධ්‍යාත්මයෙන් පිරිපුන් පිරිසක් ගොඩනගා ශ්‍රී ලංකාද්වීපයට ඇප කැප වී වැඩ කරන දරුවන් පිරිසක් ලෙස පෙළගැසී සිටිමු. බුද්ධ ශාසනය රැක ගැනීම හා මාතෘ භුමියේ උන්නතිය උදෙසා වැඩ කිරීම පිණිස අප ධනය,  කාලය හා ශ්‍රමය වැය කර ගොඩ නැගූ අපගේ පුජනීය වැඩපිළිවෙළ“


මේ අනුව ඇයට දෙවියන් විසින් ලබා දී ඇති මහඟු අවස්ථාව ගැන යම් අවබෝධයක් ලැබෙන්නට ඇත. සාමාන්‍ය ජනාධිපති අපේක්ෂකයින් කොතෙකුත් දේවාල සහ පංසල් ගානේ පූජවට්ටි සහ මල්වට්ටි රැගෙන ස්වාමීන්, පාදිලීන්, ස්වාමින් වහන්සේලා ළඟ දනින් වැටී වන්දනා කරනු අප දැක ඇත්තෙමු. නමුත් අපගේ ප්‍රියන්තා මහත්මියගේ සම්‍යක් දෘෂ්ඨික දෙවියා ඇයට රෑ සිහිනෙන් පෙනී රට බේරාගැනීමටත්, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත් මහඟු වරමක් ඇයට ලබා දී ඇත. ඒ තරම් වූ ප්‍රබල දෙවි කෙනෙකුන්ගේ විශාල බලයක් සහිත අයෙක් ලංකාවේ ජනාධිපති ලෙස පත් කරගැනී මනුෂ්‍ය ජනයා පමණක් නොව ‍සියලු සම්‍යක් දෘෂ්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාගේ සොම්නසට හේතු වනු ඇත. එවිට අපට දෙවියන්ගේ බැල්ම නිබඳවම ලැබී අපේ රට නිරතුරු ඉදිරියට යෑමට හේතු වනු ඇත.

ඇය අප රට දැය සමයට කර ඇති දේ..
දේව බැල්ම ඇතැයි අප ග්‍රාම්‍ය ප්‍රෙද්ශවල සාස්තර කියන හොර වෙදුන් සහ ගෑනුන් සිටිති. ඇතැම් අය පුවත්පත් දැන්වීම් වලින් මහා පරිමාණ ගසා කෑම් වල නිරත වෙති. ඔවුන් මිනිසුන්ගේ පුද්ගලික ප්‍රශ්ණ වන හැරගිය සැමියා ගෙන්වීමදරුඵල ලබාදීම, ඔබේ පෙම්වතිය ඔබට අකමැතිද? වරු තුනෙන් ආපසු, ආදී පුද්ගලික ප්‍රශ්ණ වලට පුද්ගලික මට්ටම් වලින් පිළිතුරු දෙති. ඒ දෙවිවරු එතරම් ප්‍රබල නැති දෙවිවරුන් විය යුතුය. නමුත් ප්‍රියන්තා සේනානායක මහත්මියගේ සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් යොදාගෙන විශාල ගැටළුවලට මහා සමාජයට හිතකර ගැටළුවලට විසඳුම් සෙවීමේ නිරත වී ඇත.
අපි ඇගේ පෙර ලිපියේම මේ කොටස කියවා බලමු. 

උන්වහන්සේලාගේ ඉල්ලීම පිට "හෙළ නිල වෙදකම" නමින් රෝගීන්ට ප්‍රතිකාර ක්‍රමයක් ඇරඹීමි. මෙම වෙදකමින් ප්‍රථිකාර කරමින් සිටින කාලයේ දී, එ නම් දැනට වසර තුනකට පෙර දී වෛද්‍ය චන්න ජයසුමනගේ , "වකුගඩු රෝගීන්ට ප්‍රතිකාරයක් සොයා දෙන්නැයි", ඉල්ලා සිටීමත් සමඟ "ආසනික්" පිළිබඳ අභිරහස ද එළිකර අද ලෝකයාව මෙන් ම අප රට ද විනාශ කිරීමට පොළඹවා ඇති "කෘෂි රසායනවල" ස්වභාවය එළි කිරීමට සියලු පර්යේෂණ ද මෙම දෙවිවරුන්ගේ උපදෙස් මත සිදු කෙරිණි.  මෙම හෙළි කිරීමත් සමඟ ම අද අප ලාංකීය ජනතාව "රෝගීන්" බවට පත් ව ඇති ආකාරය පිළිබඳ ව මනා අවබෝධයක් ලබා ගැනීමට හැකි විය.
              
අද වන විට 10,000කට අධික සංඛ්‍යාවකට හෙළ නිල වෙදකමින් ප්‍රතිකාර ලබා දී ඇති අතර මෙම වෙදකම මාගෙන් ඉගෙන ගත් අය දැනට රෝගීන්ට මගේ නිවසේ දී ප්‍රතිකාර කරමින් සිටිති. ඉන්පසු "වකුගඩු රෝගීන්" සඳහා ද ප්‍රතිකාර අරඹා පදවියෙහි සිටින වකුගඩු රෝගීන් සඳහා පර්යේෂණාත්මක ව ප්‍රතිකාර කරමින් සිටිමු.

              
තවද "හෙළ ගොවිතැන" නමින් ගොවිතැනක් මෙම දෙවිවරුන්ගෙන් ඉගෙන ගෙන කන්න හයක් මේ වන විට රට පුරා අත්හදා බලා, මෙම කන්නයෙහි අක්කර 3000ක් පමණ මෙම ගොවිතැන් ක්‍රමයට අස්වද්දා ඇත. කෘෂි රසායන කිසිවක් භාවිතා නොකරන මෙම ගොවිතැන ද දෙවිවරුන්ගේ ඉල්ලීම මත ම අත්හදා බලා රටට දායාද කළෙමි. වස විස භාවිතා කර ප්‍රාණඝාතයෙහි යෙදෙමින් නිෂ්පාදනය කරන ආහාරයකින් යැපෙන රටක "බුද්ධ ශාසනය" ආරක්ෂා නොවන බව පැවසූ "නාථ දෙවියෝ" මෙම ගොවිතැන ප්‍රචලිත කරන ලෙසත් නැතහොත් මෙම වස විස නිසා ශ්‍රී ලාංකීය ජාතිය ඉතා ඉක්මනින් විනාශ වී යන බවටත් පවසා සිටියහ


උසස් පෙළ රසායන විද්‍යාව හදාරන සිසු දරුවෝ පවා ආසනික් ගැන ඉගෙන ගන්නේ මඳ වශයෙනි. නමුත් අපේ නාථ දෙවියෝ වකුගඩු රෝගය ගැනත් ආසනික් ගැනත් මනා දැනුමකින් සන්නද්ද වූ අයෙක් බව ඔබට පෙනී යනවා ඇත. ඒ සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ දැනුමෙහි ගැඹුර කෙතෙක්දැ යන්න ඔබට යම් අදහසක් ඒ හරහා ගත හැකිය.
බටහිර විද්‍යාත්මකව රජරට වකුගඩු රෝගයට හේතුව තවමත් නිසි ලෙස විද්‍යානුකූලව සොයාගෙන නොමැත. (එසේ යම් බටහිර විද්‍යාෙව් පිළිගත් ජර්නලයක, සඟරාවක, අඩවියක හෝ යම් පොතක මේ රජරට වකුගඩු රෝගයට නියම හේතුව දක්වා ඇතොත් වහාම එය අපිට දන්වනු.) එසේ තිබියදීත් අපේ දේශීය සම්‍යක් දෘෂ්ඨික දෙවිවරුන් මාර්ගයෙන් එවන් අසීරු දේ පවා දැනට සොයාගැනීමට ඇය සමත් වී ඇත.
අප ඉහත දැක්වූයේ ප්‍රියන්තා මහත්මිය වෛද්‍ය විද්‍යාවට කල සේවයෙන් බිඳක් පමණි. ගොවිතැනට ඇගේ දායකත්වය ද සුළුවට තැකිය නොහේ. 

  ඒ අනුව අපි ගොවියට මෙම වසවිසෙහි ආදීනව කියා දී, පංචශීලයෙහි යොදවමින් "භාවනා වැඩසටහන්" කරමින්, මෙම ගොවිතැනෙහි යෙදීමට උගන්වමින් සිටිමු. තව ද "හෙළසුවය" යටතේ රටේ විවිධ ප්‍රදේශවල භාවනා වැඩසටහන් දැනටමත් කරගෙන යමින් ආධ්‍යාත්මික පදනමක් සීල, සමාධි, ප්‍රඥා තුළින් අවබෝධාත්මක ගුණාත්මයක් ගොඩනගමින් සිටිමු.
                  ප්‍රාණඝාතය තුළින් වස විස යොදා කරන ගොවිතැනින් ගොවිජනයා මුදවාගෙන ඒ වෙනුවට මෛත්‍රිය ප්‍රමුඛ කරගත් අධ්‍යාත්මික ගුණවගාව ඉස්මතු කරගෙන ඖෂධීය වට්ටෝරු ගොවිතැනට යොදවා කරන ගොවිතැන තුළින් ධාර්මික ගොවියෙකු ගොඩනගා ධාර්මික ආහාර රටාවක් රට තුළ ගොඩනැගීමත් ධර්මය හා මෛත්‍රිය ප්‍රමුඛ කරගත් වස විස නැති ආහාර රටට දී කායික මෙන් ම මානසික ව නිරෝගී ජනතාවක් බිහි කිරීමට මෙම වැඩපිළිවෙළ තුළින් අපි උත්සාහ දරමු.“

ලංකාවේ ගොවියා අද මුහුන පා සිටින්නේ එලවලු, වී, අර්තාපල්, ලූනු විකුනාගැනීමේ ගැටළුවකට යැයි සමහර අය කියති. නමුත් නාථ දෙවි පවසන පරිදි සියල්ලටම හේතුව වී ඇත්තේ මේ කෘෂි රසායනික බව අපට යළිත් පෙන්වාදෙනු ලැබුයේ මේ ප්‍රියන්තා මහත්මියයි. ඇය ජනාධිපති වූ කලෙක තවදුරටත් පොහොර සහනාධාර දීම පිටරටින් බීජ කෘෂි රසායන ගෙන්වීම අඩුකොට දේශීය ක්‍රමවලින් දේශීය ගොනුන් ලව්වාම ගොවිතැන දියුනු කොට රට සහලින් ස්වයං පෝෂීත කොට බත බුලතින් සපිරි හෙටක් කෂණීකවම අපිට නිර්මාණය කොටගත හැකි බව පැහැදිලිය.
මෙවැනි දේශීය දේ පමණක් හුරු කරවන අලුත් රටක් තැනූ කල රටේ විදෙස් සබඳතා වලට කුමක් වේ දැයි යමෙක් බයවෙනු ඇත. එය බොරු බියකි. මේ ලිපියෙන් ඒ කාරණාගැන අවබෝධයක් ගත හැක.
·  අද ලංකාවේ රජරට පවතින මේ විශේෂිත වූ වකුගඩු රෝගය හා සමාන වකුගඩු රෝගයක් පැතිර යන බැව් පවසා මධ්‍යම ඇමරිකානු කලාපයේ පර්යේෂකයන් ද අප සමග සාකච්ඡා කර අපගේ පර්යේෂණාත්මක ප්‍රතිඵල උපයෝගී කර ගනිමින් ඔවුන්ගේ රටේ පවතින වකුගඩු රෝගයට ද හේතුව ආසනික් බැව් සනාථ කොටගෙන හමාර ය. අප ශ්‍රී ලංකා රජයට කෘතඥතාව පලකරන ඔවුන්  උක් වැවීම සඳහා කෘෂිකාර්මික තාක්ෂණය ද අපගෙන් ලබා ගැනීමට කැමති බවත්, අප සමග අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගැනීමට කැමති බවත් දන්වා ඇත.“
එතුමිය විසින් නාථදේවානුභාවයෙන් සොයාගන්නා ලද දැනුම වැදගත් වන්නේ අපේ කුඩා රටකට පමණක් නොවේ. මධ්‍යම ඇමරිකානු රටවල් කිහිපයක්ද ඒ ගැන උනන්දු වී ඇති බව ඇය අවධාරනය කරයි. ඒ අනුව අපේ නාථදේවානුභාවයෙන් වැඩිදියුනු කරගන්නා ලද රටේ තාක්ෂණය අපිට වෙනත් රටවලට අලෙවි කොට විදේශ විනිමය ලබාගත හැකි ආකාරය කුඩා දරුවෙකුට පවා සරලව ම තේරුම් ගත හැකිය.
අප ප්‍රියන්තා මැතිණිය නැතිව වෙනත් අයෙකු ජනාධිපති ලෙස පත්කරගත්තේ වී නම්
නාථ දෙවි විසින් ඇයට දෙනු ලබන වැදගත් උපදෙස් ඒ වෙනත් ජනාධිපතිට සහ ඇමති මණ්ඩලයට දැන්විය යුතුය. එවිට කටවල් කිහිපයක් හරහා යන නිසා වැදගත් තොරතුරු වල තීව්රතාවයත් වැදගත් කමත් අඩුවේ. සම්‍යක් දෘෂ්ඨික නොවන විපක්ෂ දෙවිවරුන්ගේ බලපෑම් ඇතිවිය හැකිනිසාත් සිදුවන්නේ වටිනා අදහස් කාලයේ වැලිතලාවලට අසුව නාස්ති වී යෑම පමණකි.
එසේම දේව බැල්ම සහිත ප්‍රියන්තා මැතිනිය ජනපති කරගතහොත් මුළු මහත් සම්‍යක් දෘෂ්ඨික දේමණ්ඩලයම තමාගේ කෙලින්ම ඇල්ම බැල්ම ඇති ඇත්තියක පත් කරගන ඇතැයි සතුටුව අපේ රට ලෝකයේ ඉහළම රටක තැනට ගෙනියන්නට පාර කියනු ඇත.
රට අගාධයට යන මෙවන් අවස්ථාවක කෙළීන්ම දෙව් බැල්ම සහිත රට ගැන හිතන, රටේ අනාගතය ගැන කැපවීමෙන් හැඟීමෙන් කටයුතු කරන ප්‍රියන්තා මහත්මිය ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස පත්කරගැනීමේ වැදගත්කම අපි වටහා ගත යුතුය.ඒ වැදගත් කරුණ අන්තර්ජාලය හරහා පමණක් නොව මුළුමහත් සමාජය කරා ද පැතිරවිය යුතු කාලය දැන් එළැඹ තිබේ. අපේ රටෙහි අනාගත ජනාධිපතිනිය ලෙස ප්‍රියන්තා මහත්මිය පත්කටෙ ගෙන, නාථ දෙවියන්ගේ ඇල්මට බැල්මට, සම්‍යක් දෘෂ්ඨික දේව බැල්මට නතු කරගන්නට ක්‍රියා කරමු.

මේ විස්තර ඔබේ මිතුරන්ට දැනුම් දීමට මේ ලිංකුව නොමැතිව වුවද සෙයා කරගනු.

සල්ලි

දකුණු කොරියාවෙ රැකියාවක් ලැබෙන කෙනෙකුට ලංකාවෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ තුනක් ලැබෙනවා. රුපියල් ලක්ෂ තුනක් රස්සාව ලැබෙන්නෙ කම්කරු සහ ජරා සහගත රැකියා වලට. එතකොට එහේ වැඩකරන දොස්තර මහත්තයෙක් ඉංජිනේරු මහත්තයෙක් මැනේජර් මහත්තයෙක් කීයක් විතර පඩි ගන්නවා ඇතිද? සාමාන්‍ය යෙන් මමහිතන විදියට නම් ලංකාවෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ විස්සක් වත් මාසෙට ඒ වගේ ශ්‍රේණි වල අයට ලැබෙනව ඇති.

අපි සරලව හිතුවොත් ලංකාවෙ පුද්ගලික සහ රාජ්‍ය ආයතනයක සම්පූර්ණ ආදායම රුපියල් ලක්ෂ 3ක ආදායමක් ලබන අය කී දෙනයි ද ඉන්නෙ?

සමහර රැකියා අනුව ගසාකෑම්, අල්ලස් ගැනීම්, වංචා කිරීම් ආදී සියලු විශ්වකර්මයන් දාලත් මේ වගේ ලක්ෂ 3ක ආදායමට යන්න බොහෝ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ අයට හැකියාවක් නැහැ.

ලංකාවෙත් ඉහල මට්ටමේ නිළධාරින් ගේ මාසික ආදායම රුපියල් ලක්ෂ විස්සක් විතර වෙනවා ඇති. කොමිස්, අල්ලස්, සන්තෝෂම් ආදියත් එකතු වුනාම ඒ අයට ලක්ෂ විස්සක් ඉපයීම කරන්න පුලුවන් ඇති. ඒ වගේ රැකියාවක් ලබාගන්න සහ ඒ වගේ කොමිස් ගහන්න ලංකාවෙ සාමාන්‍ය වැසියෙක්ට ලේසියෙන් බැහැ. අධ්‍යාපනික සුදුසුකම් වගේම දේශපාලනික සම්බන්ධතාවයන් ඒ වගේ දෙයකදි ඉදිරියට එනව ඇති. සියලු වැඩකිඩ තුලින් තමයි මාසෙකට ලක්ෂ විස්සක ආදායමක් තමුන්ට ලැබෙන්නෙ.

අපි දැන් කොරියන් තත්වෙ බලමු. එහේ ලේබරයෙක් රුපියල් ලක්ෂ 3ක්-4ක් හොයන කොට අනිවාර්යෙන් ලොකු මට්ටමේ මැනේජරයෙක් රුපියල් විසිලක්ෂයක් කිසිම අමාරුවක් නැතුව ගන්නවා. සමහර විට ඒ අයටත වෘත්තිය සහ අධ්‍යාපනික සුදුසුකම් හැර වෙනත් කඩේයන සුදුසුකම් නැතුවත් ඇති. එතකොට මෙහේ දාහක් ගැට ගහලා කොමිස් වන්දනාවෙන ගිහින් ගන්න ලක්ෂ විස්ස කොරියාවෙ මැනේජර් කෙනෙක්ට නිකම්ම ලැබෙනවා.

දොස්තර රස්සාවක් වුනත් පොඩ්ඩක් හිතන්න. කොරියාව වගේ දියුනු රටක දොස්තරෙක් ගන්න පඩිය මෙහෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ 15ක් විතර වෙනවා. මෙහෙ දොස්තරලත් ඒ ගාන හොයනව ඇති. නමුත් උදේ ඉදල ඉස්පිරිතාලෙ ගිහින් ලෙඩ්ඩු ලෝඩ් එකක් බලල හැන්දෑවට රෑ වෙනකල් චැනල් කරන වාසනාවන්ත දොස්තර මහත්මයෙක්ට තමයි ඒ අවස්ථාව ලැබෙන්නෙ. නැත්තං සාමාන්‍ය දොස්තර මහත්මයෙකුට ලැබෙන මුලු මාසික ආදායම රුපියල් ලක්ෂ 3-4ක් විතර වෙනවා ඇති කියල තමයි මට හිතෙන්නෙ. අන්තිමේ ලංකාවෙ චැනල් දොස්තර මහත්තුරු සල්ලි හෙව්වත් එයාලට තියෙන කාර්යබහුල කම නිසා සල්ලි වියදම් කරන එකත් ලොකු ගැටලුවක් වෙලා ඇති කියලත් හිතෙනවා.

ලංකාවෙ දක්ෂ නිළධාරියෙක්ට වුනත් පුද්ගලික හෝ රාජ්‍ය අංශයේදී පැවැත්ම ඇතිකරගන්න වෙනමම දේශපාලන ධාරාවකට අනුගත වෙන්න සිද්ද වෙනවා. ඒක මානසිකව ලේසි වැඩක් නෙමෙයි. සමහර විට වාර්ථා විස්තර ආදිය සම්පාදනය කරන්න වෙන්නෙ තමුනගේ උවමනාවට සාධාරන විදියට නෙමෙයි. ලොක්කා මේකට ආස වෙයි කියන අනුන්ගේ කෝණයකට. ඒක සරල දෙයක් නෙමෙයි. මනසට වෙහෙසකාරි දෙයක්. ඉතිං එහෙම කෙනෙක් විසාල වැටුපක් ගත්තත් ඒ තනතුරේම දියුනු රටක කෙනෙක්ට වඩා ලොකු මානසික කැපකිරීම් කරන්න සිද්ද වෙනවා. සමහර වෙලාවට අද්‍යාපනික පසුබිමකින් එලියට ආපු නැති අය ඉදිරියේ ඉතාම කැත විදියට නෝන්ජල් වෙන්න සිද්ද වෙනවා.

මට කියන්න ඕනි වුනේ

ලංකාවෙදි දූෂිත නිළධාරින් සල්ලිගොඩක් හොයනවා තමයි. නමුත් ඒ ලබන සල්ලිය ඉතාම ලේසියෙන් දූෂිත නොවන සංවර්ධිත රටක ඒ මට්ටමෙ ්නිළධාරියෙක් ගන්නවා.

යම අයෙක් ඉතා ඉහල නිලයක සිට ඉහල ආදායමක් ගන්නට නොයෙක් ආකාරයේ අයුතු මාර්ග සොයාගත්තද ඒ මාර්ගවල දිගින් දිගටම යෙදීම සමාජිය සහ මානසික ගැටළු පුද්ගලිකවම ඇතිකරන තත්වයක් වෙන්නත් පුලුවනි.

මෙහෙම කිව්වම කෙනෙක්ට හිතෙන්නෙ පුලුවන් ලංකාවෙදි සල්ලි වලට තියෙන වටිනකම ගොඩක් වැඩියි. ඩොලර් දෙදාස් පන්සියක් එංගලන්තෙ වටිනකමට වඩා බොහොම වැඩියි ලංකාවෙ වටිනකම කියලා. ඒක ඇත්ත වෙන්න ඇති. නමුත් කාර් එකක්, කැම්ර් එකක්, විදුලි උපකරණයක්, පරිඝනකයක්, හොඳ ජාතියක ඇඳමක් ආදී බොහෝ බොහෝ සුඛෝපබෝගී භාන්ඩ ජාත්‍යන්තර වෙළඳපොලට වඩා ලංකාවෙදි මිල අධිකයි.

මිනිස්සුන්ගේ සමාජීය, ජීවන රටාව දේශගුණය අනුව වෙනස් වෙනවා. නිවර්ථන කලාපයට අයිති රටවල් අතුරින් රටවල් දෙකක් පමණයි ආර්තික අතින් සහ බොහෝ තැන්වලින් දියුනු තත්වයට ඇවිත් තියෙන්නෙ. ඒ රටවල් දෙක සිංගප්පූරුව සහ මැලේසියාව. ඒ අය දියුනු වෙන්න එක හේතුවක් වෙන්න ඇත්තෙ එයාල සුද්දා ඉතාම ලස්සනට කොපි කරන්න දක්ෂ වුන නිසා වෙන්න ඇති. අපිට සුද්දව නිවැරදිව කොපි කරගෙන අවශෝෂනය කරගන්න බැරිවුනා. අපි රටක් විදියට නිවර්ථන කලාපයේ මිනිස්සුන්ට ආවේනිකවම හිමි ගති ලක්ෂණ බොහොමයක් ඒ විදියටම තබාගෙන ඉන්නවා.

නමුත් මුදල් නැති අය මුදල් හොයාගන්නත්, මුදල් ඇති අය මුදල් වියදම් කරගන්නත් අපේ රටින් දියුනු රටවලට යනවා.කොයි තරම් ගියත් මේක ඉවර වෙන්නෙ නැහැ. තව අවුරුදු 50ක්,100ක්, 200ක් ගියාමත් අපි මේ මට්ටමින්ම පවතීවි.

Sunday, August 31, 2014

එදා සහ අද චාරිකාවත diversty of trip

සංචාරකයින් විනෝද වෙන තැනක්.
චාරිකා වලට සහභාගි වෙන්න දේශීය සංචාරකයින්ට තිබෙන අවස්ථාව,ආර්ථික සහ වෙනත් සාධක නිසා අඩුවෙල කියලා රාවයේ ලිපියක තිබුනා. මට ඒ අදහස් ටික දැක්කම හිනා ගියා. සමහර සුද්දො ලංකාවට ඇවිත් කඩපිල්වල ගස් යට බුදියගෙන රට වටේ කිසි ගානක් නැතුව සංචාරය කරලා ආයිත් පිටරට යන අවස්ථා මට හමුවෙලා තිබෙනවා. ලංකාවෙ බොහෝ අය ඔවුන් හඳුන්වන්නෙ පිටරට සල්ලි නැති සුද්දො කියලා. නමුත් සමාරවිට ඒ අයට සල්ලි තිබෙනවා වෙන්නත් පුලුවන්. ලංකාවෙ වගේ සල්ලි තිබෙන අය හැසිරෙන්න ඕනි මේ විදියට කියලා විදියක් ඒ හම සුදු අයට නැති නිසා එයාල කැමති විදියෙ කටු කාගෙන රටවල සංචාරය කරනවා වෙන්න පුළුවනි.

මේ ළඟදි අපේ ළඟම ඥාතියෙක් මිය පරළොව ගියා. ඒ මළගෙදර ගියාම සමහර අය අපේ අම්මාව මතක් කලා. අම්මා මියගිහින් වසර පහකට අධික කාලයක් ගත වෙලා තිබුනත් ඒ අයගේ මතක පොත්වල තාමත් අපේ අම්මා ජීවත් වෙලා ඉන්නවා.

“අපි ඉන්න අහට එන්න ඒ පැත්තෙ ඉඳල බස් දෙක තුනක එන්න ඕන නිසා ඒ දවස්වල කව්රුවත් අපේ ගෙවල් වල ආවෙ නැහැ. ඒත් නැන්ද දවසක් අපේ පුතාගේ උපන්දිනේට ගෙදර හොයාගෙන ආව. දැන් වගේ ෆෝන් පාවිච්චියක් නැහැ නෙ. මතකෙන් හොයාගෙන ඇවිත් තිබුන. ඇවිත් පොඩි එකාගෙ පොතකට දාගන්න කියලා රුපියල් පන්සියකුත් මගේ අතේ ගුලිකරල ගියා. නැන්ද ආවම ඉතිං දොලට ගිහින් නාල කියල විස්තර කතා කරල යන්නෙ අපේම අම්ම කෙනෙක් වගේ”

එතන නැන්දා කිව්වෙ අපෙ අම්මට. ඔය අපේ අම්මා ඉස්සර ගිහිපු ගමනක් ගැන අපේ අක්කා කෙනෙක් කියපු කතාවක්. අපේ අම්මා ඉස්සර මාසෙකට එකපාරක් හරි තාත්තලයි පැත්තෙ හරි අම්මලයි පැත්තෙ හරි නෑයො බලන්න යනවා. අලුත් නෑයො හමුවුනාම ඒ තැන්වලත් ගිහින් එනවා. හරියට ගමේ හැම මලගෙදරම ඔලුව දාන දේසපාලකයෙක් වගේ අපේ අම්මා අපේ මුළු නෑදෑ සනුහරේම හොඳින් අඳුනගෙන හිටියා. මගුලක් මරණයක්, දානයක් හෝ කිසියම් උත්සව අවස්ථාවක් ඇය මගහැරියෙ නැහැ. ඒ නිසාම අපේ පිය පාර්ශවයේ පවා බො‍හෝ නෑදෑ පිරිසක් ඔවුන්ගේම නෑයින්ට වඩා ‍අපේ අම්මාව දන්නවා.

කෙලින්ම චාරිකා කියලා නම් කරන්න බැරිවුනත් මේක ඒ කාලෙ අපිට අත්දකින්න ලැබුන චාරිකා ක්‍රමයක් තමයි නෑයො බලන්න යෑම. අපේ අම්මට සහෝදර සහෝදරියො හතකුත් තාත්තට සහෝදර සහෝදරියො හතකුත් වශයේන අපිට කෙලින්ම නැන්දල,මාමල,........අම්මල, .......තාත්තල, වෙන අය දාහතර දෙනෙක් හිටියා. ඒ අයගෙත් තව දරු ‍මල්ලො හෙම හැදිලා තිබුන නිසා නෑ ගෙවල් ගනනින් විස්සක් තිහක් තියෙන්න ඇති ඒ දවස්වල. දැන්නං මුලු නෑදෑයන්ගේම ලැයිස්තුව බැලුවොත් ගෙවල් හැත්තෑවක් අසූවක් ඇති දරු මුනුබුරෝ එක්කම. ඉස්සර ගෙදරකට ගියාම ඒ ගෙදර ඇත්තො පුදුම සතුටකට පත්වෙනවා. එයාල අපිට එයාලට පුළුවන් උපරිම අයුරින් සංග්‍රහ කරනවා. වටේ පිටේ තව නෑයො හෙම ඉන්නවා නම් අපිව බලලා යන්න එනවා. අපි පුංචි දවස්වල නං අළුත් නංගිලා මල්ලිලා අයියලා අක්කලා අපිට හමු වෙනවා. අපි ඒ අය එක්ක සෙල්ලම් කරනවා. ඒක හරිම විනෝද අවස්ථාවක්.

අපේ ගෙවල් දිහා වතුර වැඩිය නැහැ. ටැප් ලයින් එකක් කාරිය තිබුනට කිඳිලා නාන්න මහ වතුර කඩක් නැහැ. පොඩි පොකුණු සයිස් වැවක් තිබුනාට ඒකෙ අඩියක් ගහන්න බැරි තරමට ඇටිකිච්චොයි, ගෙම්බොයි, ඉස්ගෙඩියි හිටියා. කොහේ හරි නෑයො බලන්න ගියාම ඒ අය නාන ළිඳ, ඇළ, වැව වගේ සීතල වතුර ඇතිපදං තියෙන තැනක් කියන්නෙ අපිට ලොකු සනීපයක් දැනෙන තැනක්. ඒ වගේ වෙලාවට අර සීතල වතුර තියෙන නාන ළිඳ උගුලන් ගිහින් අපේ ගෙදර හිටවගන් තියෙනං හොඳයි කියලත් හිතෙනවා.

අපිට ඉතිං වතුරෙ බැහැලා හොඳට නාකියා ගන්න සුවිමින් පූල් වගේ තිබුන මහ ඇලවල් කාරියත් සමහර නෑ ගෙවල් අසල තිබුනා. එහේ ගියාම පැයක් දෙකක් අපි ඇගේ තියෙන කාස්ටකේ යන්න නාකියා ගන්නවා.

මේ සමහර නෑදෑ ගෙවල් වල ගියාම කෑම බීම වලින් අඩුවක් නොවුනට ඉන්න හිටින්න නං එහෙමට තැනක් නැහැ. අනූවෙ දශකයේ මුල් කාලෙ අපේ ගෙදර මම ඇතුලු කිහි‍ප දෙනෙක්ම නිදාගත්තෙ බිම. ඒ නෑ ගෙදරක ගියත් නිදාගන්න බිමම තමයි. පැදුර විතරයි වෙනස්. පැදුරෙන් බිමට වැටුනයි කියලා මහ වෙනසක් නැහැ නෙව. සැපට නින්ද යනවා.

ඔය කාලෙ පුංචි අම්මා එකපාරක් මායි අයියයි චාරිකාවක් එක්කරං ගියා අටමස්ථාන වඳින්න. හම්බේ ඒ චෛත්‍යවල උස. මං ඒ දවස්වල පුංචි කෙනෙක් නිසාද මන්දා ඒ චෛත්‍ය මනුස්සයෙක් හැදුව ඒවා කියලා හිතාගන් බැරිවුනා. ගෝඨයිම්බර යෝදයා ගල් කණු කිහිල්ලෙ ගහං ඇවිත් හිටවල තියෙනව කිව්වම, ගෝඨයිම්බර ගැන මගේ මනසේ මැවුනෙ මහා විසාල චිත්‍රයක්. ඒ ගිහින් අපි නිදාගන්නෙ විශ්‍රාම ශාලාවල. ඒවයි මදුරු කොයිල් හෙම පත්තු කරාට මදුරුවොන්ගෙන් නම් අඩුවක් නැහැ. දැන් තියෙන ගෙස්ට් හවුසි ආදියෙ වගේ ඒවයි පිරුවට දාල කැඩිච්ච මෙට්ට වහල තියෙන ඇඳන් ආදිය නැහැ. හැමෝම පත්තර, ඉටිකොළ, පැදුරු දාගෙන මහ සාලාවක් අරගෙන නිදාගන්නවා.මහ බස් එකක යන න‍ෙඩ්කට වුනත් එක මහ සාලාවක් ඇති නිදාගන්න.

මේ ළඟදි යාලුවෙක් කියලා තිබුනා එයාල ට්‍රිප් ගියාම අනුරාදපුරේ ගස් යට නිදාගෙන ඒ ගල් කෑලි එකතුකරගෙන ඒවයි තියාගෙන උයාගෙන පිහාගෙන කාල එනවා කියලා. මේ වගේ දේවල් අපේ සමහර අය දකින්නෙ මහ ප්‍රාථමික වැඩ, පරිසරය දූෂනය කරන ක්‍රම විදියට. ඒත් මටනම් ඒකෙ මහා ලොකු විනාසයක් පේන් නැහැ. සිරිපාදෙ ගිහිපු දෙතුන් වතාවෙම ඒ වගේ නඩවලට උයන් කන්න තැන් පාර දෙපැත්තෙ හදලා තියෙනවා දැක්කා. ඒ තැන්වලට පොඩි ගානක් වියදම විදියට ගන්නවා. පරිසරේට චුට්ටක් හානි වුනාට උයාන පිහාන කනවා ඇර දුප්පත් මනුස්සයොන්ට කඩවල් වලින් කකා චාරිකා යන්න හැකියාවක් නැහැ කියලා අපි තේරුං ගන්න ඕනි.

ඒ දවස්වල අපි පොඩි ළමයි වුනත් දැන් හැදෙන බොහොමයක් ලමයිට වඩා ඇට්ටරයි. ඕන තැනක නිදාගන්න, ඕනි වතුරක් බොන්න, එකේක කඩෝල, තියෙන දහජරාව කාරුහරි නිකං අරං දෙනවනං ගිලින්න බොහොම දක්සයි. එහෙම වුනා කියලා අපිට දැන් ළමයිට වගේ ලෙඩරෝග රාසියක් තිබුන් නැහැ. මාසෙකට දෙකකට වතාවක් හෙම්බා හැදුනත් දෙතුන් දවස්ක හොටු පෙරාගෙන ඉදලා උනක් හැදුනොත් ඇර බේතක් නොගෙනම ඒවා සනීප වෙනවා.

මගේ නෑදෑයින් බොහොම දෙනෙක්ට දැන් ඉස්සරට වඩා සාරයි. මට මතකයි එක ගෙදරකට ගියාම ඒ ගෙදර කටුමැටි බිත්ති වැහෙන්න කිරිපිටි වර්ගයක බැනර් පෝස්ටර් වලින් බිත්තිය වහලා තිබුනා. ඒත් ළඟදි එහෙ ගියාම ඒ පරණ ගෙදර පේන්න තිබුන් නැහැ. රට මොන අතට ගියත් අපේ නෑයොන්ට නම් ඒ තරං නරකක් වෙල තියෙනවා කියල පේන්න නැහැ. ගෙවල් දොරවල් හදාගෙන අඩුතරමෙ ත්‍රිවිල් එක්ක බයික් එකක් තරමෙ වාහන අරගෙන බොහොමයක් අය සතුටින් ඉන්නවා ඇති කියලා හිතනවා. සමහර කාන්ඩෙ නම් එදා ඉඳල අද දක්වාම බැලුවොත් ඇත්තං රටමයි. රට කිව්වට මහ යුරෝප රටෝල නෙමෙයි. අරාබියෙ. මට අයියා වෙන එක්කෙනක් හෝ දෙන්නෙක් විතරක් ඕස්ට්‍රේලියාවෙ ඉන්නවා. තා දෙන්නෙක් කොරියා‍වෙ.

හැබැයි දැන් ඉස්සර වගේ නෑයො අතර ඇයි හොඳයියක් වැඩිය නැහැ. හැමෝටම ඒ කාලෙට වඩා ටිකක් සල්ලිය බාගෙ වස්තුව ලැබුනට ඒ වා ලැබෙන්න ලැබෙන්න එයාල ගෙවල් වල තාප්ප ගහගෙන තට්ටු ගෙවල් හදාගෙන හුදකලා වෙන තත්වයක් පේනවා. ඒ විදියට වස්තුව ලැබෙනවාට සාපේක්ෂව ඒ නෑයින්ගේ තියෙන මෘදු ලාමක ගතිසොබාව ක්‍රමයෙන් අඩුවෙලා රලු පරළු ගති සිරිත් වැඩිවෙලා තියෙනවා කියාල මට පෙනී යනවා.

ඉස්සර වගේ නෑ ගෙවල් වල යෑම් ආදිය අඩුවෙලා ගිහින්. ඒ විදියට නෑදෑ යො බලන්න යන එක සිරිත ටිකෙන් ටික දැන් අභාවයට යනවදෝ කියලාත් හිතෙනවා. සල්ලිය බාගෙ ලැබීමත් එක්ක යම් කිසි සමාජ තත්වයක් අපිට ආරෝපනය වෙනවා. ඉස්සර උසස් අජ්ජාපනය හදාරන කාලෙ යාලුවො එක්ක අනුරාදපුරේ ගිහින් පංසලක රාත්තිරි ගතකරලා හාමුදුරුවො ටිකක් ටෝක් කරලා කීයක් හරි හාමුදුරුවන්ට දීල මාරුවෙලා ට්‍රිප් ගිහිල්ල එන විදිය දැන් වෙනස් වෙලා. අපි දැන් ට්‍රිප් යන්න ඉස්සෙල්ල සති ගානකට කලිං ඉදල නවතින තැන්, අරක්කු ගන්න තැන්, බලන තැන්, යන වාහනේ, වාහනේ සැප පාසුව, ආදිය ප්ලෑන් කොරන මට්ටමට ඇවිත්.

මේ විදියට රට අභ්‍යන්තරයේ විවිධ ස්ථානවලට ගිහින් ඒ තැන් විඳගෙන එන දේශීය සංචරන විදිය සංකීර්න කරගෙන තියෙන්නෙ කවුද? අපිම නෙව. හොඳ සැප කාමරේක නැවතිල පොඩි වෑන් කටුවක සනීපෙට වාඩිවෙල දැන් යන ට්‍රිප් එකක දවසක වියදම රුපියල් තුන් හාරදහක් වෙනවා. ඉතිං ඒ විදියෙ දවස් තුනහතරක් චාරිකාවක් යන්න සල්ලි මදිවුනාම අපි ආයිත් “මේ බඩකඩුත්තු ආන්ඩුව නිස අතේ සල්ලි නැහැ ට්‍රිප් එකක් ය්නනත් කියලා.” පාලකයින්ට බනිනවා.

මම හිතන්නෙ නම් අපේ රටේ ආන්ඩුව හොඳ වෙලා අපේ මාසික ආදායම වැඩි වුනොත් අපිට ට්‍රිප් එකක් යන්න යන වියහියදම තවත් වැඩිවෙනවා. එහෙම අපි සල්ලි කාරයො වුනාම ඔන්න අපිට, ගෑනිට, ළමයිට, යාලුවොන්ට නිවාඩු දවස් වෙන්කරගන්න ඕන, අපේ කාර් එකේ වෑන් එකේ අපිම පැට්‍රොල් ගහගන්න ඕන. නවතින්න ගෑනිට දරුවොන්ට ඇටෑස් බාත්රූං තියෙන තැන් ඕන. බලන තැන් පොටෝ ගහන්න හොම්බ දිග කැමර් ඕන.ට්‍රිප් එකට අඳින්න පළඳින්න හොඳ ඉස්තරං ඇඩ්වෙන්චර ඇඳුම් ආයිත්තම් ඕන. බාගෙදා ටිප් ඕගනයිසරයෙක් ඉවන්ට් මැනේජර කෙනෙකුත් ඕන. සල්ලි ගොඩක් ලැබෙන කල්,රට සාමකාමී වෙනකල්,මේ රටේ සාමය ඉස්ථාපිත වෙලා නීතිය ඉස්ට වෙනකල් කෙපර බබා ඉන්නවා කියන්නෙ මේ ආත්මෙට ටිපක් යන්න වෙන්නෙ නම් නැහැ.

පවතින නාගරික ජීවන රටාවත් එක්ක අපි හැමෝටම වගේ මහා යන්ත්‍රයක සුළු කොටසක් වගේ හැමදාම එකම විදියෙ දවසකට උරුම කම් කියන්න සිද්ද වෙලා. මිනිස්සු විදියට අපේ සරීරෙට,මනසට පොඩි වෙනසක් ලබාදෙන්න පොඩි හෝ ලොකු රවුමක් දාන එක කවර තරාතිරමක වයසක කෙනෙකුගේ වුනත් සෞඛ්‍යයට ධන බලපෑමක් එල්ල කරාවි.

Thursday, August 28, 2014

U turn යූ වංගුව


1 වෙනි කාල ප්රාන්තරය
ඇය වෙඩිමට ඇඳුම් තෝරයි. කණකර ආබරණ තෝරයි. මගේ මංගල ඇදුම් මසන්නට යයි. රෑට රෑ ඒ ගැන කතාකරයි. ඊට අමතරව වෙඩින් පොටෝ බලන්නට ද යයි. වෙඩින් පොටෝ කාරයා හොඳ මාකටින් දන්නා එකෙකි. උගේ පොටෝ අනික් උන්ගේ ඒවාට වඩා කවර ආකාරයෙන් වෙනස් වී දැයි මට නම් වැටහීමක් නැත. නමුත් ඇගේ මිතුරියෝ ඇයට කියා ඇති පරිදි මේ නම් සුපිරි වැඩ්ඩෙකි. මේ නගරයේ වෙසෙන කදිම සේයාරූ ශිල්පියෙකි.
හෝල් බලන්නට යෑම වූ කලී මා එතරම් අමනාප වූවක් නොවේ. මන්ද ඒ හැම තැනින්ම කහපාට බීම වීදුරුවක් ලැබෙන අතර එය බොහෝවිට නියම දොඩම් බීම රසින්ද යුක්ත වෙයි. ඇය එහි ගොස් මෙනු එක බලයි. මැනේජරයා ටෝක් කර ගාන අඩුකරගන්නට බලයි. එය ඇයට විනෝදයකි. තැන් දෙක තුනක් යනවිට මට ඇය අසන දේවල් පාඩම්ය. එවිට මම ප්‍රශ්ණ අසමි. එවිට ඇය සිතන්නේ මා සත්‍ය වශයෙන්ම ඒ හෝල් බැලීමට මනාප බවය.
සාරි කඩවලට ගියත් එසේය. ඇය එහිදී දාන වචන මාලාව මට පාඩම්ය. නමුත් මා සාරි වලට පනින්නෙ නැත. ඒවා ඇයටම තෝරාගන්නට දීම යුතුය. මගේ මංගල ඇඳුමේ යටට අඳින බැනියමත් ජොකාත් හැර සියල්ලම ඇය විසින් මා වඩාත් කැමති දේවල් යයි සිතා තෝරාදෙන ලදී.
කසාද බැඳීම ඉස්සර කාලේ හිරයක් ගෙන ඒම ලෙස හැඳින්වුනි. එය කදිම අදහසකි. සාමාන්‍යෙයන් වන්නේ අපි හිරේට යෑමකි. නමුත් කසාදයේදී සිදු වන්නේ හිරය අපි වෙත ඒමෙනි. කොටින්ම වඩාත් කැමැත්තෙන් හිරයට යන අපි පසුව නිවිහැනහිල්ලේ සැප විඳිති. එය සැපයකැයි බොහෝ අය සිතති. ඒ නිසා මාද එසේම සිතන්නට උත්සාහ කල යුතුය. රැවුල කපන විදියෙ ්සිට කොමොඩ් කේ වාඩිවෙන සැටි දක්වා තවත් එකියක හෝ එකකු ගේ අණසක යටතේ සිදුවීම එක්තරා අතකින් ලේසිය. එවිට අපිට හිතන්නට දෙයක් නැත.
ඇය සමග මගේ උපන් දිනයට තෑගි ගන්නට ගිය තැන මට මහත් සැනසිල්ලක් ද විය. එකම ජාතියේ පාට දෙකක කමිස දෙකක් ඇති විට තෝරාගන්නේ කුමක්දැයි මා මොලේ වෙහෙසිය යුතු නැත. ඇය ඒ සියුල දේ තෝරා දෙයි. එය අවුලක්ම නැති දෙයකි. කිනම් මෝස්තරයකට අඳින්නේද පළඳින්නේද රැවුල කපන්නේද යන්න ගැන මට කිසිදාක අදහසක් නොතිබුනි. එනිසා ඒවා සම්බන්ධ වටිනා ස්ථිර අදහසක් දීම ගැන ඇයට ස්තූති වන්ත විය යුතුය.
මට එපාම කරපු වැඩේ ඒකිට ඇඳුම් තෝරන එකය. එය අමාරු වැඩකි. ඇගේ උපන් දිනයට මා ඇයට ඇඳුම් අරන් දිය යුතුයැයි තීරනය කලේ මා නොවේ ඇයය. ඇය ඒ සඳහා වැඩිමනක් මුදල් යොදාගන්නේ ද නැත. අඩු මුදලට ඇයට යට ඇඳුම් දෙකක් අරන් දෙන්නට හැකි නම් මනා යැයි මට සිතුනි. ඒ මගේ වල් කමය. මිනිසාට වල් යැයි හැඳින්වෙන අරුම උපකරණ කට්ටල තිබේ. මිනිසා ශිෂ්ඨාචාර ගත වීමේදී ඒවා සඟවාගන්නට ඇඳුම් නැමැති දෙයක් ලෝකයට ආවේය. කවර නම් වූ කොට ඇඳුමකින් පවා වඩාත්ම සඟවන්නට බලන්නේ ලිංගික අවයව වේ. එසේ වන්නේ ඒවා වල්යැයි සමාජයේ දැඩි ලෙස මුල් බැසගත් මතයක් ඇති බැවිනි.
ඇය ඇඳුම් ඇඟදාගෙන හොඳ දැයි අහන විට මං කල යුත්තේ ඒ ගැන විවේචන ඉදිරිපත් කිරීමයි. නමුත් ඒ දෙස බලා තුශ්නිම්භූතව සිටිනු විනා මට කිසිදු අදහසක් නැත. ඇය ඇඳුමක් කිසිම දෙයක් නැතුව අමු සෙලුවැල්ලෙන් සිටියද මට නම් ඒ වගක් තියේ යයි සිතන්නට බැරිය. බාගෙදා ඇය එහෙම කරන්නට යෙදුනොත් ඇයට පිස්සු ය සිතා කට්ටිය ඇය පිස්සන් කොටුවට අරං යනු ඇත. එසේ වුවොත් මටත්, ඇය හමු වීමට පෙර වෙලාව බැලීමට පමණක් තිබූ පෝන් එකටත් නිවනක් ලැබෙනු ඇත. අනේ දෙයියනේ කවුරුවත් නැද්ද මේකි පිස්සන් කොටුවට වත් ගිහින් දාන්න.
යම් දෙයක් නැතිවන විට ඒ ගැන ආසාව වැඩිය. කුඩාකල හඳට ආසා හිතුනේ ඒක අහසේ සිටි නිසාය. ඕක අර පිස්සෝ කතාවක මෙන් කනාමැඳිරියෙකු වසන ලද ගොම බෙට්ටක් මෙන් පොලවේ තිබුනා නම් කිසිම ගතියක් ඒකෙ නැත. ඇය ඇදුම් නැතිව මා දැක නැත. ඒ දැකගන්නට තමයි මේ වෙඩින් එකට සැරසෙන්නේ. වෙඩින් එකට පෙර සම්බන්ධතා දැන් හරිම සාමාන්‍යයි. මේ නවීණ ලෝකෙ. ලෝකෙ නවීන වුවත් ඒකිගේ අම්මටයි තාත්තටයි ඉන්නෙ එක දුවයි. ඒ දුවගෙ පතිවත ඒ ගොල්ල ආරක්ෂා කරන්නෙ නාග මැණිකක් වගේ.
අපි කතාවෙන දේවල් වල ඇත්ත විතරක් තියෙන්නෙ ඇහැකිද? ඒ ගැන අදහසක් දෙන්න හරි අමාරුයි. එක යාලුවෙක්ටත් ඔහොම වුනා. ඒගෙදරින් කසාදෙට කලින් කෙල්ල එක්කරං යන්න දෙන්නෙම නැහැ එලියට. පස්සෙ මූ බලෙන් එක්කරං ගියානේ කෙල්ල තැන් තැන්වල. කෙල්ලත් මුලදි බල්ල නාවන්න වගේ අමාරුවෙන් ලු ආවෙ. ඒත් පස්සෙ හරිගියයි කියන්නෙ. පස්සෙන් පහු ගෙදර කෙල්ලගේ අම්මයි තාත්තයි දන්නවා නිවාඩු දවසක් එනකොට ආ අදනම් කෙල්ල කොට්ටක් පනින්න යනවා කියලා. ඒකෙ වගේ දරුණු තීරණ ගන්න මට බයයි. අනික මේ වහන්තරාව මගේ ඇගේ එල්ලුනේ එ වගේ නොකර ඒකි කියන දේවල් ඔක්කෝම අහගෙන ඉඳීවි කියන ලොකු ෂුවර් එකක් පිට. මම අර කොල්ල වගේ වුනානං මේ කෙල්ල මට කැමති නැහැ. මේ වාහේ අර කෙල්ල වගේ ටිකක් හරි මිනිහ ගේ කීමට යට වෙනවා නම් මේ කෙල්ල මට සෙට් වෙන්නෙත් නැහැ. හැමදේම සමීකරණ. කොයිබින් පටන් ගන්නද? හිතාගන්න බැහැ.
මේ කියන මා බඳින්න ඉන්න කෙල්ලගේ නම අයේෂා.

2 වෙනි කාල ප්රාන්තරය

අඩේ පසිඳු.. උම දැඇැැැැක්ක කල්. කියලා කවුද කියනවා ඇහුන. බැලින්නං රුවන්ත. කලිං ඔපිසියෙ හිටපු මට වැඩිය ලොක්කෙක්. හැබැයි බොක්කක්. බොන්න සෙට් වුන සීමිත දවස්වලදි හොදට සෙට්වුන වැරැද්දක් නැති යාලුවෙක්.
කෝමද බං..උඹ අරකිව බැන්දද? ඌ ඇහුව.
නැහැ ඕයි..මේ බඳින්න තමයි හදන්න තව මාස දෙකකින් වෙඩිම. තොට කියන්නං. බය වෙන් නෙපා..මම උත්තර දුන්න.
ඉතිං උඹ ආතල් ලෙකක් වත් ගත්තෙ නැද්ද බං? කොහෙද උඹට ඉස්සර ඉඳලා අපි කෑලි සෙට ්කරන්න හදනව. උඹ පස්ස ගහන නේ..කෝමහරි කමක් නැහැ උඹ ආතල් එකේ ඉන්නව නං..?ඌ කිව්වා.
නැහැ බං. මං ඒකිට ඕන නිසා බඳිනව. මොන ආතල් ලෙකක් වත ්නැහැ. බැන්දයින් පස්සෙ තමයි ඔක්කොමාතල්. මම කිව්ව
උඹ තාම හංසයො අතගෑවෙවත් නැද්ද? අඩුතරමෙ තොලක් දැම්මෙවත්? ඌ ඇහුව
නැහැ බං නැහැ..ඒකිට අනුව ආදරේ පිවිතුරු බවේ අග්‍රඵලයට පත්වෙන්නෙ බැන්දම. එදා රෑට තමයි ඔක්කොම..මම දුකෙන් උත්තර දුන්න.
උඹ පවු බං..සිරාවටම උඹ පවු. කතාකරල වැඩක් නැහැඋඹ ඕකිව බඳින්න ඉන්න නිස හිත කඩන්න බැහැ. මේ උඹ ඔය පලවෙනි දවසෙම අනින් ගියාට ඕව හරියන් නැහැ. උඹ කැමති නං මං එකක් සෙට් කරන්නං ටෙස් රන් එකක් දාන්න. ඌ කිව්ව.
මං ටිකක් කල්පනා කලා..
හද්දෙයියනේ. කාලෙකට ඉස්සර මං හොඳටම බයවෙල හිටියෙ ඔය බැඳිල්ලට. පත්තරේක වෛද්‍ය ගැටළු තීරුවෙ තිබුනා පෙර සම පිටුපසට කරගන්නට බැරිවුනොත් සුළු ශෛල්‍ය කර්මයක් තියේ කියලා. කොල්ලො කියනවා ඕකට නූල කැඩිල්ල කියලා. අනේ මන්ද මං ගහල නැහැ නේ ගොනෙක් වත්. නූළ එහෙම්ම තියෙද නැත්තං අවුලක් වෙයිද දන් නැහැ. මාසෙකට විතර කලිං මට එහෙම හිතුනා. මං ඉස්පිරිතාලෙ ගිහින් දොස්තරෙක්ට පෙන්නුව.
පොර දුන්න ඒපාර ශෛල්‍ය වෛද්‍ය කෙනෙක් ගාවට යන්න දවසක්. එදා ගියාට පස්සෙ ඉස්පිරිතාල කාමරේ මෙන්න දොස්තර තුන්දෙනෙක් ඉන්නව. ගෑනු දෙකයි මිනිහයි. මිනිහ එකෙක්ට බෙහෙත් ලියනව මම යනකොට. හප්පද බොල දොස්තර වුනත් ගෑනු. අනික තියෙන පස්නෙත් තියෙන්නෙ මගේ මීයගේ. ගෑනුන්ට මීය පෙන්වන්න හිතනකොට මීයත් සැලෙනව වගේ. ඒ නිසා අර පිරිමි දොස්තරයා ලගට යන්නම මම බලාගෙන ඉන්නවා.
එතන හිටපු ඇටෙන්ඩන් ගැනියෙක් රවල. මොකො යන්නැත්තේ? කියලා ඇහුවා.
මං ඉතිං බයාදු පෙනුමෙන් ඇටෙන්ඩනී දිහා හැරිලා.. නැහැ සර් ව හම්බෙන්න කියාලකිව්වා.
දොස්තර සර් රුත් මේ මොකෙක්ද කියලා බැලුවා.
මං ලෙඩේ ගානට හීන් හඩින් දොස්තර මහත්තයට කිව්වෙ අනික් ගැනු දොස්තරල ාදෙන්නට ඇහේවි කියන බයට.
දැන් ඔයා කිසිම දවසක ලිංගික සම්බන්ධතාවයක් පවත්වලා නැද්ද? දොස්තර ඇහුවා..
නැහැ.. මම කිව්වා.
ඇත්ත කියන්න බොරු කියල තේරුමක් නැහැ. දොස්තර මහත්තයට මාව සැක හිතිලද කොහෙද එහෙම කිව්වා.
ඇත්තමයි ඩොක්ටර් මගේ එහෙම සම්බන්ධයක් කලිං තිබිල නැහැ.
හ්ම්.. හොඳයි..
ගිහින් අර කාමරේ ඇඳ ලගට ගිහින් කලිසම ගලවගෙන ඉන්න. මං එනව කියලා දොස්තර මහත්තයා කිව්වා. මිනිහ ග්ලවුස් එකක් දාගෙන ආවා. ඇවිත් සුටුස් ගාල මීය අල්ලලා පෙර සම පසුපසට කලා. බලලා ඉවර වෙලා.
මේකෙ අවුලක් නැහ කිව්වා. එතකොටයි මට ලේ ටිකක් ඉනුවෙ. කෝකටත් පස්සට කරන්න අමාරුම වුනොත් පස්සෙ එන්න කිව්වා. ඒත් මිනිහගේ කටේ තිබුන හිනා කෑල්ල අනුව නම් එතන අවුලක් වෙන්න විදියක් නැහැ.
මේ කේස් එක මගේ හිතේ ඇඳුනා. මං මේ ගෑනි බැන්ද වගේ නෙමෙයි මට කිසිම එක්ස්පීරියන්ස් එකක් නැහැ. මොකක් වෙයිද් දන් නැහැ. අනේ මන් දන් නැහැ. අලි ස්ත්‍රී ලිංගයයි. පාං පෙත්තයි.
මෙහෙම ටික වෙලාවක් ඉන්නකොට යාලුව රුවන්ත ආයෙත් කතා කරන්නට ගත්තා.
මචං උඹ බයවෙන් එපා. මේක මම ගහපු එකක්. වැඩිය ටෝක් කරන්න ඕනි නැහැ. උඹට පුලුවන් නම් දාහක් විතර දීපං..ඒ ඇති.දාහක් කියන්නෙ පට්ට ලාබයි බං..පන්සියක්වුනත් ඇති. මට ඇති කැහිල්ලක් නැහැ. ටිකක් හොද කෑල්ලක් තව ටික දවසකින් ඕකි කවුරුහරි උස්සල බැඳගනී. ඊට කලිං ඉතිං රන් එකක් ගිය තරමක් තමයි.
ඌ කියාගෙන ගියා. මට ආසාවල් ඇතිවුනා.
..එහෙනං නම්බර් එක දීපං කතාකරල බලන්න.

3වෙනි කාල ප්රාන්තරය

මං කෝල් එක ගත්තෙ බෝඩිමට ගිහින් දොරත් වහගෙන. පෝන් එක දෑතින්ම අල්ලගෙන.
මේ හලෝ.. මට ඔ්‍යා එක්ක කතා කරන්න පුලුවනිද?
මම පසිඳු කියල කෙනෛක්. මට යාලුවෙක් තමයි නම්බර් එක දුන්නෙ. මට ඔයා එක්ක කතාකරන් ආසයි..
ආ එහෙමද? ඉතිං කතාකරන්නෙ හෛාඳට? තව මොනවද කතා කරන්න තියෙන්නෙ.?
මම :- නැහැ එහෙම නෙමෙයි. ඔයා දැක්කට පස්සෙ මට අමුුත හැඟීමක් ආව.?
වල් ගෑනි :- ...හා.. එහෙමද? ඔයාට අමුතු හැඟීම් විතරයිද ආවෙ. අමුතු විදියට තැන් තැන්වලින් ලීක් වෙන්න එහම ගත්තෙ නැද්ද? බබා?
මම :- අනේ සුදු වැරදියට හිතන්න එපා. මං එහෙම හැමෝටම කතාකර න කෙනෙක් නෙමෙයි. ඔයා ගැන අදහසක් ඇතිවුන නිසාමයි මේ කතා කලේ.
වල් ගෑනි :- මේ හලෝ. මං දැන් ඔය වගේ වැඩ කරන් නැහැ. කොහොම වුනත් මේ නම්බරේට තවත් ගන්න එපා. මගේ වෙන නම්බරය්ක තියෙනවා ලියාගන්න. ඒකට ගන්න. මං පොඩි වැඩක පස්සෙ කතා කරන්න.
මම :- හා හොදයි..ආ කියන්න නම්බරේ..
ඒක එතනින් ඉවර වුනා. මං දෙවනි දවසේ දෙවන නම්බරේට ගත්තා කොහොම හරි කෙල්ල ඇවිදින්න එක්කරං යන්න පුලුවන් තැනට කතා කරගන්න හැකි වුනා. හරිම ඉක්මන්ට ඒක සිද්ද වුනා.
ඒ වගේම හරිම ඉක්මන්ට ඉවරත් වුනා. ඉවර වුනේ නම් එක්ස්පීරියන්ස් නැති නිසා. දැන් ලිංගික වැඩේ හරි. මගේ සිතට හරිම සන්තෝසයි. දැන් මම ලිංගිකමය අතින් පරිණත සත්වයෙක්. හහ් හහ් හා.. කොටින්ම දැන් මං බඩුවග් ගහපු කොල්ලෙක්. බොන තැන්වල බඩු කාරයො වරුනා කතාකරද්දි චිත්ත රූප මව මව ඒවා ගලප ගලප ලතවෙන්න ඕන නැහැ. දැන් මට මවාගන්න ජවනිකාවක් තියෙනවා.
ඒ වුනාට පොඩි අවුලක්. දැන් මට අර වල් ගෑනි හෙවත් තුෂාරි අතාරින්න බැහැ වගේ නේ. ඒකි කතා කලා උදේ පාන්දර දුවන්න. මං බස් සෙකේ රුපියල් විසිපහක් වියදං කරලා යනවා පාන්දර දුවන්න. එයාලගේ ගෙවල් හරියෙ තියෙන පාක් එකකට. ඒ විතරක් නම් මැදැයි. දැන් අපි සොපිනුත් යනවා. අනෙ මන්දා..සතියට ගිය දුර. හරිම වේගවත් වුනානෙ.
මට ආඩම්බරේ කුත් හිතට ආව. ඇයි දෙයියනේ මිනිස්සු ගනනාවක් එක්ක බුදියගත්තා කියල හිතන්න පුලුවන් වල් ගෑනි මාව කඩේ යවන්නෙ මගේ සැප වැඩි ඇති. මම ආඩම්බර කම හිතට ගත්තා.
නමුත් කමින් කල නොට් ගුඩ්(එන පොට හොඳ නැහැ) වගේ වැඩ දෙක තුනක්ම සිද්ද වුනා. අපි දැන් ෆිල්ම් බලන්න යනවා. බිච් යනවා. දැන් නිකං ලවුත් වගේ. මටත් ඒ ලවු අයේෂගේ ලව් වලට වඩා හොඳයි. මම කිව්වොත් අපි බීච් යමු කියලා වචන දෙකයි. එක්කො පුලුවන් නැත්තං බැහැ. එයා ගැන මට මොව්වා එකක් ඇතිවෙනවා.
දැන් අපි ඉස්ස රවගෙ අරවා ගැන විතරක් නෙවෙයි කතා කරන්නෙ. ? රෑට රෑට වෙන වෙන මොනවා හරි කතාකරනවා. ඒ මොනව ද කියාල උදේට කල්පනා කරල බැලුවම පැය ගානක් කතා කලත් මොකුත් නැහැ වගේ. ආයිත් උදේට එයා චූ කරලාද දත් මැදලාද කියාල අහන්න පෝන් එකට අත යනවා.
මොකක් නමුත් ලොකු වෙනසක් වගේ.
අයේෂා ඉන්නෙ ගමේ නේ. ඒකිගෙ ගෙදර ගියාම මට ලැබෙන්නෙ සාරි වලට කෑලි අලවන්නයි..වෙඩින් ලෑස්ති වෙන්නයි. ඔන්න මම ගමේ ගියාම කියනවා එන්නලු එයාලයි ගෙදර. ඒ ගියාම මොනාහරි වැඩක් කියනවා. එක්කො ආසම නැති සොපින් යෑම. නැත්තං වෙඩින් එකට මොනව හරි ඇරේන්ජ් කරන එක..මං එක සතියක ගෙදර ගියෙත් නැහැ. අයේෂ කියනව දැන් ඉස්සර වගේ කතාකරන්නෙත් නැහැලු. ඒත් දැන් එයා කොල් කරන වාර ගානත් වැඩියි. එයාට සැක හිතිලවත්ද?
මේ ඔක්කොම සති දෙකයි තිබුනෙ.
මායි තුෂාරියි දවසක් පොඩි ජූස් බොන තැනකට වෙලා ජූස් එකක් ගහමින් සිටියා.
ඔයාගේ නම අංජලි කියල තමයි මට මුලින්ම ආරංචි වුනේ..ඒත් දැන් තුෂාරි වෙලා..ඒකෙ වැරැද්දකුත් නැහැ. මම තුෂාරිට කිව්වා.
මට ඇත්තටම මගෙ යාලුව ඒ කිව්වෙ රුවන්තයා මට නොම්බරේ දීල තිබුනෙ අංජලී කියලා. පෝන් එකේ තියෙන්නෙත් තාම අංජලී. ඒත් මෙයා ගෙන් නම ඇහුවම තුෂාරි කිව්ව.
ආ අයියෝ සත්තරං ඒක ගනන් ගන්න එපා. අංජලී තුෂාරි කියල හිතන්නකෝ. එයා ඇදල පැදල එහෙම කිව්වා. මං හිනාවෙල නිකං උන්නා.

4 වෙනි කාල ප්රාන්තරය

ජුස් බිබී ඉන්නකොට ආව හොද උස මහත බුවෙක්. අනේ කෙල්ල බයවුනා යකෙක් දැක්ක මීයෙක් වගේ වෙනස් වුනා ඒකිගේ මුහුන. මමත් බයවුනා. මං බයවුනේ කෙල්ල බයවුන නිස නෙවෙයි. උගේ පෙනුම සහ එන්නම එන්නම දරුණු වෙන උගේ මූන නිසා.
මේ ඕයි..තමුසෙ දන් නැහැ මං කවුද කියලා. ඒක මට විස්තර කර කර ඉන්නත් බැහැ.
මට ආරංචියි තමුසෙ මගේ නංගි එක්ක තැන් තැන්වල යනව කියල. සංජුලා ගෙසට් එකේ පහුගිය සති දෙකට උඹේ නම තුන්පාරක් තියෙනවා වෙන්න ඕනි. ඒ ගියේ මගේ නංගි එක්ක.
දැන් තමුසෙ කාල බීළ මේසෙන් නැගිටල යනව වගේ මගේ නංගි දාල යන්න හිතනව ඇති. ඒව හරියන් නැහැ මල්ලි මේ 87 වත්තෙ මල් ඉන්නකල්.. මල් කිව්වෙ ගංජ නෙමෙයි මම සුනිමල්..කස්ටිය දන්නෙ අසූ හතේ මල් කිව්වම.
මල්ල අපි කරදර නොකර රෙජිස්ටාර් ගාවට ගිහින් වැඩේ කරලා ඉමු.
ඒක අපි කාටත් හොඳයි..
මං බයවුනා. ඒත් කලබල වුනේ නැහ. කලබල වුනොත් බඩු සවුත්තුවෙයි කියලා මට හිතුනා. මං ගිහින් කියපු විදියටම රෙජිස්තාර් ගාවදි තුෂාරිව බඳින්න ඕනි විදියට බැන්දා.
කවුරුවත් වැඩිය නැති මදාවියො කිහිප දෙනෙක් මැද මං අර වල් ගෑනිව බැන්දා. අනේ මං වගේ හරකෙක් කියාල හිතාගෙන මම ඒකි එක්ක මුඩුක්කුවට ගියා.
මල්ලි. තමුසෙ වචනයක් වත් නොකිය ඉන්නෙ හොඳ මිනිහෙක් වන්න ඇති. නැත්තං නොම්මර එකේ කපටි බුවෙක් වෙන්න්ත ඇති. අපිට ඒව අදාල නැහැ.
මල්ලි දැන් ලෝකෙ කොහෙ හිටියත් බැඳල ඉවරයි. ආයෙ මේවා වෙනස් කරන්න නම් හිතන එක තේරුමක් නැහැ. මොකද මම කියන්නෙ කරන්න බැරි දේවල් කරලම පෙන්වන කෙනෙක්. කලිං කයි ගහන එකේ තේරුමක් නැහැ.
මල්ලි වැඩකරන තැන දන්නව. අහිංසක ගති තියෙනවා කියලත් දන්නව. වැඩිය මේ වගෙ ගෙස්ට් අස්සෙ රිංගන්නෙ නැති එකෙක් කියලත් දන්නව.
කෝක වුනත් අපෙන් පොඩි කාමර දෙකක් ලැබෙනවා උඹල දෙන්නට. දෑවැද්දට. ඒකෙ හිටපල්ල. අයියා කියාගෙන ගියා. අයියගේ නම සුනිමල් ලු.
මාව කරකවලා අත ඇරිය වගේ. හයියෝ දෙයියනේ.මොකද මේ වුනේ.
අපි යනකොට තිබුනෙ ගෙදර ඇඳක්විතරයි. ගිහිපු ගමන් තුෂාරි බෑග් එක දැම්ම ඇඳට..දාල කඳුලු පුරෝගත්ත. මට දුකත් හිතුන.
පසිඳු..ඔයා මට කැමති නැත්තං දැන්මම යන්න. ඔයා හොඳ කෙනෙක්. අංජලී නම්බර් එක දුන්නෙ මම ඉල්ලපු නිසා. ඔයා මාව අංජලී කියල හිතං හිටියට මම අංජලී නෙමෙයි.
ආහ්..ඒ මොකද්ද? මට මේ කිසි දෙයක් තේරෙන් නහැ.. අනේ මන්ද හැමදෙයක්ම පැටලිලා. මට ඔයාව දාල යන්න ලොකු දිවිය ලෝකයක් නැහැ. මට මෙතන ඉන්න පුළුවන්. මම කිව්වා. ඒ වෙනකොට තුෂාරි කියන්නෙ වල් ගෑනියෙක්ය කියන අදහස මගේ සිතින් පහ වෙලා වගේ තිබුනෙ.
අංජලී කොල්ලො අන්දනවා. සමහර කොල්ලන්ගෙන් හොඳට කනවා දත් ගලවනවා. අංජලීට හැමදාම කොල්ලො. ඒත් මට ..!!අපේ අයිය හරි වසයි. වසවර්ති මාරයා වගේ. හොඳ ගති තිබුනට මිනිහට බයයි කස්ටියම. ඒ නිසත් මං වැඩිය සොෂල් නැති නිසත් මට කොල්ලෙක් හිටියෙ නැහැ.. ඇය අඩන්නට වුනා.
කෙල්ලෙක් මෙහෙම කියන්නෙ නැහැ තමුන්ගෙ දුක. ඒත් මට වෙන කරන්න දෙයක් නැහැ. අහක ඉන්න ඔයා දැන් මේකට අහු වෙල ඉවරයි. ඔයා හරි අහිංසකයෙක් කියලා මගේ හිත මේ දවස් ටිකට තේරුං ගත්තා.
මං අංජලීගෙන් කෙලින්ම නම්බර් එක ඉල්ලුවෙ නැහැ. ඒත් අංජලී කොල්ලො එක්ක ගිහින් කරන ඒවා කියනකෙට මට එකපාරක් නිකමට කියවුනා අනේ මටත් දිපං කො බං නම්බර් එකක් කියලා. ඒක අංජු මතක තියං ඉදල..
අංජු කොල්ලො මාරු කරන්නෙ ඇඳුම් මාරු කරන්න වගේ. අනෙ මන්ද?
ඔයාට මුලින්ම කතා කලේ අංජු. ඒ නම්බර් එකට කතා කරන්න එපා වෙන එකකට ගන්න කියලා ඔයාට කිව්වම ඔයා හිතුවෙ නැහැ ඒ අනෙක් නම්බර් එක වෙන කෙල්ලෙක් ගේ කියලා. ඔය හිතුවෙ එයාමයි කියලා.
ලෝකෙ පෙරලුනත් ගානක් නැහැ වගේ නේ ඉන්නෙ ඔයා..අච්චර අයිය බලකරල ගෙනියද්දි හරියට එයා ලෑස්ති වෙල හිටිය වගේ වෑන් එකට නැගල ඇවිත් ආපු හැටි.. මෝඩය... ඇය ගේ තරහ නිවී ගොස් ඇති සෙයකි..
හරි ඇති ඇති. ඒ කියන්නෙ ඔයා කොල්ලො එක්ක ගොඩාරියක් නිදාගෙන නැද්ද? මම ඇහුවේ වැරදිම පස්නයක් බව මට තේරුනේ එය ඇසුවාට පසුවය.
අනේ මේ.. තමුසෙ නම් මහ මැටි ගුලක් ඕයි.. කතාකරල තේරුමක් නැහැ. ඇය වේගයෙන් උත්තර දුන්නා.
නැ නැහ් මං නිකං ඇහුවෙ..මං හිතුවෙ ඔයා කලිං පුරුදු කෙනෙක් කියල නේ..

4.25 වෙනි කාල ප්රාන්තරය

දවසක් මම කෝච්ච් ස්ටේෂන් එකේ ඉන්නවා ගමේ යන්න. ඒ පාර පවුල එක්කරං ගියෙ නැහැ. ඊට කලිංගෙවල් පැත්තෙ ගිහින් තත්වෙ බලං එන්න ඕනි කියල හිතුන.
කෝච්චියෙ යාලුවෙක් හමුවුනා අයේෂගේ.
මං හිතුව කතා කරන එකක් නැහැ කියාල.
එත් මම ම ගිහින් කතා කලා.
හායි..
හුම්..හායි තමයි ඉතිං..එයා කිව්වා.
මා සම්බන්ධයෙන් සිදු වූ හදිසි කසාද බැඳීමේ සිද්දිය නිසා ඇය බොහෝවිට මා හා කතා නොකර ඉන්නට ඉඩ තිබුනි. නමුත් මා යනු ලෝකයාට අනුව නිවුනු චරිතයකි. ආදර්ශමත් අයෙකි. මා පෙර පරිදි අදිසි විවාහයක යෙදේ යැයි මේ අයේෂාගේ යාලුවා වැනි අය සීනෙන් පවා නොසිතති. ඔවුනට අනුව ලෝකයේ මිනිස්සු ජාති දෙකකි. හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු යනු ඒ දෙකයි. එසේ කොටස් කර මිනිසුන් දැක්වීම සිතීම පහසු කරවයි. හොඳ අය නරක අය ලෙස වෙන්කරගත් විට සමාජ ආශ්‍රයද මදක් සරලය. අප ඇසුරු කළමනා වන්නේ හොඳ අය යැයි ආගම් වල නායකයෝ කියති. නමුත් හොඳ යනු ටීවී, රේඩියෝ,ස්මාට් පෝන්, ගල් ගඩොල් වැනි වස්තුවක් හෝ මැනිය හැකි දෙයක් නොවේ.
ස්මාට් පෝන් තියෙන අය සහ නැති අය ලෙස සමාජයේ මිනිස්සු සරලවම බෙදිය හැක. නමුත් මේ හොද මිනිහාය, මූ ඉරිසියාකාරයාය, මූ නම් මහ වලත්තම එකෙකැයි මිනිස්සු වර්ගීකරණය කුමන තරාතිරකමක ඥානයක් ලබාගත් අයකුට පවා නිවැරදිව කල නොහැකි දෙයකි. අප සැවොම සිතින් හොඳ නරක මිනිසුන් ලෙස වර්ග කර මිනිසුන් ඇසුරු කරන්නට හුරුව සිටිමු. එයින් පිරිසක් එය දැඩි ලෙස මායිම් කර සලකන අතර ඇතැම්හු එය එතරම්ම සැලකිල්ලක් නැත.
මේ අයේෂාගේ මිතුරිය අයිති වන්නේ පළමු කාන්ඩයට හෙවත් හොඳ නරක මිනිසුන් යන දෙකොටසක් ස්ථීර වශයෙන්ම ලෝකයේ ඇතැයි සිතන පරපුරටය.
ඇය මා හායි කිව්ව විට හායි තමඉ ඉතිං කියන්නේ ඇගේ සිත අනුව මා යම් කිසි නරක වැඩක් කලද එය අහම්බයක් හෝ කිසියම් හේතුවක් නිසා සිද්ද වුනු යමක් නිසා ඇගේ සිතේ පවතින නරකම මිනිස්සු ගොඩට මා ඒ සිද්ධිය මත ඇතුළත් නොකල බවට මට ලැබුන සංඥාවකි.
අයේෂ ගැන තොරතුරක් නැද්ද? මා ඇගෙන් ඇසුවේ වෙනත් යමක් අසන්නට සිත නොදුන් නිසාය.
අයේෂ සතියක්විතර ස්කෝලෙ ගියෙත් නැහැ. (අයේෂා පාසැල් ගුරුවරියෙකි. ) එයාට ලෝකෙට මුහුන දෙන්න බැහැයි කියල හිටිය.
පස්සෙ අපි ගිහින් එයාට තේරුම් කරල දෙන්න උත්සාහ කලා. දැන් නම් ටික ටික දුක තුනී වේගෙන එන්නෙ.
එයා දැන් නම් කියනවා “පසිඳු කොහොමත් මම කියන දේවල් ඒ තරං කැමැත්තකින් කලේ නැහැ. නිශ්ෂබ්ධව හිටියට පසිදු ඒව ගැන තරහින් ඉන්න ඇත්තෙ.“මම හිතං හිටියෙ මම කියන හැමදේම පසිඳු කිසිම බෑ කීමක් නැතුව කරනකොට එයා ඒ ව හරිම කැමැත්තෙන් කරනව කියල. ඒත් එහම නැතුව ඇති. “
මොනව වුනත් පසිඳුට මට නිකං හරි කියන්න තිබුනා. එහෙම සම්බන්ධයක් තිබුන නම්. එයාලයි ගෙදර අයත් ගොඩක් පැටලිලි වලට එන්න ඇති. හොඳ වෙලාවට වෙඩින් එක තාම කාටවත් කියල තිබුන් නැහැ. මගුල් කියන්න නැකැත් ලැබිල තිබුන නම් ලොකු පැටලිල්ලලක් තමයි වෙන්නෙ.
ඇය කියූ ඒ වැදගත් වාක්‍යාංශ කීපයක් අයේෂාගේ යාලුවා මටකියන ලදී. මා නිශ්ෂබ්ධව එය අසා සිටින ලදී.
කොහොම වුනත් මමත් අවංකවම හිතුවොත් අයේෂ හරිම තද විදියට තමයි ඔයාට සැලකුවෙ. ඒත් අය්යා යනවනම් කියල යන්න තිබුනා. අඩුතරමෙ පොඩි සිග්නල් එකක් වත් දාල යන්න තිබුනා. ඇය කියාගෙන යයි.
සත්‍ය වශයෙන්ම මා දැන් සිර වී ඇත. ඇයට අනුව මා වරද කරුවෙකි. මෙවන් ස්ත්‍රියකගේ සිතේ මා වරදකරුවෙකු වූවාය කියා කිසිත් දඩුවමක් මට ලැබෙන්නේ නැත. නමුත් අපගේ පිරිමි යහලුවෙක් ඉදිරියේ වරදකරුවෙක් වෙන විට “අනේ බං උඹයි මායි රකින සිල්. බණ පැත්තක තියල වෙන ආතල් ගැන හිතමු බං “ යැයි කියමින් අපිට එය ලෙහෙසියෙන් මගහැර යා හැක. නමුත් ස්ත්‍රියක්. ඇරත් මෙවන් තරුණ වියේ යුවතියක් චෝදනා කරන විට ඒවා අසාගෙන හුම් යැයි කියමින් බකමූණු වතම දිගට පවත්වා ගැනීම අපාසුය. අප ගේ පැත්තෙන් සාධාරන බව පේන්නට කුමක් හෝ කිය්නනට උවමනාය.
මාගේ සිතට අයේෂාගේ නොගැලපෙන ගති සොබා වන් ගැන හා අනාගත සැමියා දාසයෙකු වශයෙන් පවත්වා ගන්නට ඇය තුල තිබූ ශක්‍යතාවය ගැන බොහෝ කරුණු ඒකරාශී වන්නට ගියේ නිමේෂයකි.
නමුත් ඒවා ඇගේ මිතුරියට කීමට සිත් නොදේ. විශ්වාසම ස්ත්‍රීන් පවා , තමුන්ගේ රහස් කටයුතු ආදිය ගැන වූ රහස් දේ විශාල පර්වතයක් තුල අභ්‍යන්තයේ රුවා රකිනු ලබන මැණිකක් මෙන් රකිනු ලැබුවද අන් අයගේ රහස් රකීයැයි විශ්වාස කල නොහැක. ඊටත් ඇගේ මිතුරියගේ වත මා හට වාක්‍යාංශ පිටින් කියන්නට සමත් මේ අයේෂාගේ මිතුරු යුවතිය අයේෂාට මා කියන වාක්‍ය එසේම නොකියාවියැයි කාට කෙසේ නම් විශ්වාස කල හැකිද? ඇරත් චෝදනා කිරීමෙන් අයේෂා හරිමගට ගැනීමට මාහට දැන් උවමනාවක් තිබිය නොහැක. කවර කාරණාවක් නිසාවත් අයේෂා හා නැවත සම්බන්ධයක් පටන් ගත නොහැකි වටපිටාවක සිටින මා ඇගේ සිත රිදවීමද එතරම් සුදුසු කරුණක් නොවේ.
එබැවින් මා මා ගැනම විස්තර කරන්නට පටන් ගතිමි. අයේෂාගේ මිතුරියට මා මගේ හදිසි විවාහය ගැන කියන්නට යෙදුනි. මේ අයේෂාගේ මිතුරිය අසන පෙර වූ මගේ හදිසි කසාදය කතා වස්තුවේ මට රුවන්ත යැයි මිතුරෙකු නැත. ඔහු මට ගහන්න පුලුවන් බඩුවකගේ නොම්බරය දුන්නේද නැත. දැන් මා මේ අයේෂාගේ මිතුරියට කියන කතාව අනුව තුෂාරි වන වත්මන් මගේ බිරිඳ එවකට මගේ වෘත්තිය හා සම්බන්ධ වෙනත් සමාගමක යුවතියකි.
වෘත්තියම බැඳීම හේතුවෙන් අපිට ගොඩක් තැන්වලට යන්න වුනා. ඒක තමයි එයාලයි අයිය පස්සෙ වැරදි විදියට තේරුම් ගන්න ඇත්තෙ. මා කිසිම හාවක් හූවක් නැතුව, බොරු කියන විට මිනිස්සු සාමාන්‍යෙන් පල කරන කිසිදු අමුතු ලක්ෂනයක් රහිතවම ඔහේ කියාගෙන ගියේය. අයේෂාගේ මිතුරිය ඇස් අයාගෙන එය අසාගෙන සිටි අයුරින්ම ඇය එය විශ්වාස කලා යැයි මට සිතන්නට බොහෝ හේතු විය.
ඇරත් මේ සමස්ථ ඇත්තම ඇත්ත තුෂාරි පසිඳු කතාව තුල තුෂාරි සහ මම කිහිප තැනක කිසිවෙක් විසින් දකින්නට හැකි වුවද ඔවුන් අප අතර වූ සම්බන්ධතාවය ගැන විශාල දැනුමකින් නම් කිසිම පිටස්තුරයකු සන්නද්ධ විය නොහැක. එබැවින් මට මේ කතාව දිගටම හැමතැනම කිය හැකි මට්ටමක තිබේ යැයි මටද සිතුනි.
හුම්.. ඔය කිව්වට ඉතිං අයියෙ.. අපි දන්නව නේ පිරිමි ගැන. අය්ය ඔය කියන ඒව වගේම තව ඇති නොකියවුනු දේවලුත්. එකපාර කෙල්ලෙක් ගෙදරකින් බලෙන ්කසාද බන්දන්නෙ නැහැ නේ පිස්සු මනුස්සෙයෙක් වුනත්.
අයේෂාගේ මිතුරිය එසේ කියන විට මා ගේ වරද හසුවුනිදැයි ජාත්‍යන්තර සැකයක්ද මට පහල විය.එහෙත් තවත් කතාකරන විට ඇය මේ හුදෙක් වටේට පහරදෙනවා මිස හාවාසිටින පඳුර අසලට වත් නොවදින බව පසක් විය.
මොනව වුනත් දැන් ඕව දිගට කතා කරල තේරුමක් නැහැ. දැන් වෙන්න ඕනි දේ හරි වුනත් වැරදි වුනත් වෙල ඉවරයි. ඇය කිය්නනට වුනා.
ඒක නෙවෙයි නංගි..ඔයා දැන් අලුත් තැනින් ටාන්සර් වෙන්න හෙම අදහසක් නැද්ද? ඔතන පඩි මදි කියලා ඉන්නෙ මොකකට වත් දැම්මෙ නැද්ද?
මම නම් අලුත් තැනකට ගියා. එතන ලොකු වෙනසක් නැතත් නිදහස හොඳයි. අපිටත් අලුතින් කීප දෙනෙක් ගන්නවා. ඕනි නං බලන්න පුලුවන්.. මම ඇයට කීවෙමි.
බොහොම ස්තුතියි අය්යෙ. මං හැමදාම පැය බාගයක් විතර මේල් යවනවා. දැන් ඉන්ටවුම විස්සකට විතර ගිහින් ඇති. පොඩ්ඩක් මීට වඩා හොඳ තැනකට යන්න පුලුවන් නම් හෛාදයි..මෙතන ප්‍රෙෂර් එක වැඩියි. වැඩ වැඩ වැඩ..කොච්චර කලත් බැනුම්. අනික මෙතන ගන්න පුලුවන් ප්‍රොෙෆෂනල් එක්ස්පීරියන්ස් එකක් ලොකුවට නැහැ. හැමදාම එකම විදියට කස්ටමර්ලාගෙන් බැනුම් අහන්නයි තියෙන්නෙ. ඇය කියාගෙන ගියාය.
ඇය කොහොමත් අයේෂාට වඩා විවෘතය. ඇයට අයේෂා හා මා සෙට් වන කාලයේද කොල්ලෙකු සිටියේය. දැන් මේ අපදෙදෙනාගේ කතාව රුවන්තයා අසාගෙන සිටියා නම් ඌ සිතන්නේ මෙයද ඇදිය හැකි කෑල්ලක් ලෙසය. බාගෙදා ඌ සහ ඌ වැනි ලිංගිකාශාවටම වහල් වූවන් මෙසේ නිකම් කතා බහ කරන ගෑනු අම්මන්ඩිලා, ඇන්ටිලා, නාකි ආච්චිලා නංගිලා ට පවා පැණී හලනවා ඇතිය.
නමුත් මට අනුව එය එතරම් නොගැලපේ. අනික් අතින් එක් වරක් උදේ හතරට විතර වැටුන වලේ දවල් දහයට වැටෙන්නට උත්සාහ නොකල යුුත යැයි සිත කියයි.
කෙසේ වෙතත් ඇය මගේ කන්තෝරුවට ගැනීමට හැකිනම් හොඳ යැයි මටද සිතුනි. ඇය කුමක් හෝ නිසා මගේ සිතට යම් සිසිලක් ගෙන එයි. එය ලිංගිකද අලිංගිකද කියා සිතන්නට මා වඩා උත්සාහ කලේ නැත. එසේ සිතන්නට යාම පවා පව් සිද්ද වෙන වැඩක් විය හැක.
තවත් රට තොට ගම විත්ති මිතුරන්ගේ විත්ති කතාකරමින් ගොස් බහින්නට ලං වූ තැන මා ඇයට මගේ ඊ මේල් නොම්බරය දුන්නේ ඇගේ රැකියා අයදුම් පත මට එවීම පිණිසය.


4.5 වෙනි කාල ප්රාන්තරය

හලෝ මචං මං රුවන්ත..මොකෝ බං කෝල් එකක් වත් දුන් නැත්තෙ?
මගුලක් කතා කරනව ඕයි.. වෙන්න තියෙන ඕක්කොම වෙල ඉවරයි. ඒ කියන්නෙ මගුලම වෙල ඉවරයි. දැන් මම බැන්ද,ප්‍රෝග්‍රැම් කරපු කසාදෙ කැඩුන.
මොනව? කැඩුන? දැන් උඹ කෝමද අර යක්ෂණීට මූන දෙන්නෙ? ඒක නෛවෙයි කියපං කවුද අලුත් කෑල්ල. රුවන්තය ඇත්තටම මුකුත් දන් නැහ ැවගේ
ඇයි උඹට ආරංචි නැත්ද? උඹේ අර අදින බඩුව කිව්වෙ නැද්ද විස්තරේ.. මම තරහින් ඇහුවා.
ඉන් පස්සෙ මං ඇත්තම සිද්දිය කිව්වා.
නෑ..සත්තයි කියපං! සිරාවට... අඩෝ මාරයි නේ..”!!
වගේ උත්තර කිහිපයක් දෙමින් රුවන්ත කතාවස්තුව හොඳින් අහගෙන හිටියා.
අඩෝ සොරි බං..මං අංජුට හොඳ දෙකක් කතා කරන්නං..ඒත් අනෙ මන්ද බං.එතකොට මමයි නම්බර් දුන්නෙ කියල අහු වෙනවා.
ඉතිං බං පාටියක් වත් ගත්තෙ නැද්ද? පොඩියට හරි.. ඌ ආයිත් ඇහුව.
මොන පාටිද බං. මං අලුත් ඔෆිස් එකකට මාරු වුනා හිමීට..සැලරි එක පොඩ්ඩයි වෙනස් වෙන්නෙ. ඒත් දැන් මේක හොඳයි.. කලිං උන් සෙට් වෙන්නෙත් නැහැ.. මම අලුත් ජීවිතය ගැන කියාගෙන ගියා.
මේකයි පසිඳු.. අපි ගෑනු එක්ක බුදිය ගත්තට කාල බලන් නැහැ නේ.. මං හිතන්නෙ ඔය කෙල්ල ඇත්තටම හොඳ කෙල්ලෙක්. නැත්තං උඹට අර විදියට ඔයා අකමැති නම් යන්න අවුලක් නැහැ කියල කියන එකක් නැහැ නේ.. !!
රුවන්ත කිව්වා.
හරි බං හරි..ඒකෙ අවුලක් නැහැ.. කොහොම වුනත් මට වැඩිය ගින්නක් නැහැ. මේකි සසරෙ පතං හිතේ හිතං ආවෙ නැතිවෙන්න පුලුවන්. ඒත් දැන් අපි හොඳ අවබෝධෙකින් ඉන්නවා. කිසි කරදරයක් නැහැ. මම කියාගෙන ගියා.
අනික මචං මම ආස්‍රය කරපු කෙල්ලො ගොඩක් නැහැ. හිටියෙ අයේෂ විතරයි. අයේෂ ට සාපේක්ෂව තමය ිමම මුළු ලෝකෙම දකින්නෙ. ඊට වඩා නම් ගොඩක් හොඳයි. තුෂාරිටත් පොඩි ට්‍රේනින් එකක් මේ දවස්වල. ඒකෙන් පස්සෙ පොඩි රස්සාවක් ලැබෙයි. මම කියාගෙන ගියා.
අඩේ දැන් අයේෂට කොයි තරං දුකක් දැනෙනව ඇතිද බං? කොච්චර වුනත් ඒ කෙල්ලට පවු ..! එක අතකින් මෝඩ කමනේ..!!ගෙදර ඉඳලා පොඩි කාලෙ ඉදලම එකම ලමයා නිසා හිතුවක්කාර වෙල නරක් වෙලා ගිහින්. අයේෂ අඩන්න ඇත ිදවස් ගානක්.. රුවන්ත කියන්නට වුනා.
ඒව ගැන හිතල වැඩක් නැහැ බං..මං බයවුනේ ඒකි දිවිනහ ගනී කියල. එත් එහෙම වෙල නැහැ. ගොඩක් අඩන්න නම් ඇති.
මේ පසිඳුවා..මම දවසක එන්නම් ඔය පැත්තෙ උමලා බලල යන්න පොඩ්ඩක් කියහං දැන් ඉන්නෙ කොහෙද කියල. මචං සිරාවට සොරි බං මගෙන් අවුලක් වුනා නම්..මං හිතුවෙ නැහැ නේ බං උඹ ට කෑල්ල සෙට් කරාම ගහල ඉවර වෙල තැන් තැන්වල තැග් ගැහෙයි කියලා.
එක අතකින් උඹට වරදක් වුනෙත් නැහැ. එත් මට අප්සට් බං.. රුවන්තයා අඩන්නට මෙන් කියන්නට වුනා.
අවුලක් නැහැ බං අවුලක් නැහැ. හැමදේම වෙන්නෙ හොඳට නේ..අනික මට මේක ලොකු ගින්නක් නැහැ මචං..
හරි පස්සෙ දවසක සෙට් වෙමු..මාත් දැන් යන්න ඕනි පොඩ්ඩක් වෝක් එකක් දාන්න..

5 වෙනි කාල ප්රාන්තරය

මම ගොස් බෝඩිමේ බඩු ටික අරං ආවා. තුෂා ඒවා පිළීවෙලට තැබුවා. මම මගේ යාලුවට කතාව කිව්වා. යාලුවා කතාව 2න් වැඩිකරලා බඳින්න උන්නු අයේෂට කියන්න ඇති. එක අතකින් නෙවෙයි මොන අතින් බැලුවත් පවු ඒ කෙල්ල. නමුත් මට ආයිත් හැරෙන්න බැහැ.
මං දැන් බැඳලා. කුලී කාමරයක තියෙන පිලුනු සුවඳට වඩා නැවුම් සුවඳක් අපේ පුංචි කාමර දෙකේ තිබුනා. අපි උයන්නත් ලෑස්ති වුනා. නමුත් අයියා අපට රෑට හොඳ ඇදුමක් දාගෙන එන්න කිව්වා ගෙවල් පැත්තෙ.
අපි යනකොට අය්ය පොඩි පාටියක් පටන් අරං ගිහිපු ගමන් බීම එකක් දුන්නා. මට අයේෂත් එක්ක හෝටල් බලන්න ගිහින් බීපු බීමවල් මතක් වුනා. අයේෂා ට වස්තු දේපල තියෙනවා. රස්සාව තියෙනවා. එයාට තව මනමාලයෙක් ලේසියෙන්ම හොයත හැකි. එයාගෙ අම්මල කියන විදියට ලොකු වංශයකුත් තියෙන්නෙ.
මිනිස්සු කෑවා බිව්වා නැටුවා. සමහරු කුනුහබ්බ කෑලිත් සිංදු මැදින් කිව්වා. ටික වෙලාවක් යනකොට අයියටත් මම මහත්තයා වුනා. අයියා වසවර්ථියා වෙන්න ඇති. ඒත් හොඳ මිනිහෙක් වගේ.
හොඳ වෙලාවට අයේෂගේ ගමයි අපේ ගමයි අතර කිලෝමීටර ගානක වෙනසක් තිබෙනවා. මම අම්මට කිව්වම අම්ම ඇඩුවා. තාත්තත් බැනල තිබුනා ඒ තරං හදිස්සියෙන් දුන්නෙ මොන ඉසකුඩිච්චියක්ද දන් නැහැ කියලා.
මට පුදුම අර සුනිමල් අය්යා. මිනිහ එදා සිල් අරගෙන වගේ. කලිං දා රෑ ඇවිත්. නංගියෙ මමත් හෙට යනව නේ. මොකක් ඇන්දොත් හොදද් දන් නැහැ නේ..? මං කෝට් බෝට් දාන්නෙ නං නැහැ. නේ..ඒත ්දාන්න වෙයිද දන් නැහ නේ..
මේ අයියා අහන්නේ මටත් ඇසෙන්නටය. තුෂාරි විසින් අයියට කැමති එකක් ඇඳන් යා හැකි බවත් සුදු කමිසය ඇඳන් යනවානම් ඇය කැමති බවත් කියනු ඇසුනි.
අයියා ද මම ද ඇයද තව කිහිප දෙනෙක්ද අපේ ගමේ ගියෙමු. අපි එනවග කලියෙන් දැනුම් දී තිබුනි. මා අයියලාට අම්මාට සහ තාත්තාට විෂේශයෙන් කෝල් කර වැඩිය කස්ටියට කිය්නන එපාය. ඉන්නම ඕනි ටිකම දෙනා හිටයම ඇතිය කියලා කිව්වා.
සමහරු අවුරුදු ගානක් යනකල් වෙඩිං කිව්වෙ නැති එකට තරහ වෙන්න ඇති.අනේ අපිට පාන්ය. උන් ගේ පිහිටෙන් අපි කනවය. මා වාසියට නෑයින් ගැන සිතුවෙමි.
වැරදි වචනයක් පිටවේදැයි බියෙන් අයියා බිව්ව පසුව ද කතා කලේ බොහෝ අඩුවෙනි. සුනිමල් අයියා ඔහුගේම මාරාවේශයට බියේ සිටි ආකාරය දුටුවිට මට සැබැවින්ම දුක සිතුනි. සුනිමල් අයියාගේ පවුල මෙවැනි අවස්ථා වලදි කදිමට හැසිරුනාය.එදා පැය කිහිපයකින් සුනිමල් අයියාගේ නිවසේ පාටියක් සංවිධානය කරගන්න හැකිවූයේ ඔහුගේ පවුල නිසාය.
සෑම සාර්ථක මිනිසෙකු පිටුපසම ගෑනියෙක් සිටිනවාය කියන්නෙ සුනිමල් අයියාගේ පවුල වැන ිඅය ගැන විය යුතුය.
අයේෂා යළි කතා කලේ ම නැත. ඇයට කුමක් හෝ වැටහෙන්නට ඇත. ඇයට පවුය. සුනිමල් අයියා විසින් කුලියට චන්ඩි වැඩ කලත් ඔහු ඒවා ඉතාම සූක්ෂම ආකාරයෙන් කරන්නට පරිස්සම් විය.
මා වැඩ ඇරී එනතෙක් නිකං කල් ගත කල නොහැකි යැයි අඩමින් සිටි තුෂාරි බියුටි සැලෝනයක වැඩක් සොයාගත්තාය. ඇයට එයින් යම් ආදායමක් ලැබුනි. අංජලී දිනක් අපේ ගෙදර ආවාය.
මට ඇයට මුහුන දීම අපාසුවක් නැති වුවත් ඇය මගේ දෙස බැලුවෙ ්නැත.

 පී ඩී එෆ් ක්‍රමයට පහත ලිංකුවෙන් බාගත හැක. 
https://drive.google.com/file/d/0By36M5qMRJnDMnM0M1JDcGJSNXZwOUdOaEdXV1oteGlIdUc4/edit?usp=sharing