Sunday, May 1, 2022

කුටාබ් මිනාර්





කුටාබ් මිනාර්

මේ වතාවේ දිල්ලි ගිහාම තිබුනා අපිට වැඩිපුර දවසක්. මොකද එයා ඉන්දියා ගුවන් ගමන් සතියට 7ක් තිබුන එක සතියට 3ක් දක්වා අඩු වුනා. ඉතින් අපේ දවස් එහෙ මෙහෙ වෙද්දි දිල්ලියට දවසක් ඇඩ් වුනා. එයින් දිල්ලි සිටි ටුවර් එකකට අපි වෙලාවක් වෙන් කරගත්තා. දිල්ලියේ බලන්න ගිය සිටි ටුවර් එකෙන් කුටාබ් මිනාර් බලන්න වටින තැනක්.


ටවර් එක.

කුටාබ් මිනාර් වල තඩි ටවර් එකක් තියෙනවා. ඒ ටවර් එක වටා තවත් පුරාවස්තු ගොඩක් තියෙනවා. පරණ සුල්තාන් කෙනෙක්ගේ මුස්ලිම් නායකයෙක්ගේ මාලිගාවක නටඹුන් වගේ තමයි පේන්නේ. ගෙඩක් ඒවා පසුකාලීන ප්‍රහාර වලින් විනාශ වෙලා. ඒත් ඉතුරු වෙච්චි කොටස් හරිම ලස්සනට කැටයමින් අලංකාර වෙලා තියෙනවා.


සොහෙන් ගෙය.

සොහොන් ගෙයකුත් තියෙනවා ඒ යාබද. ඒකත් බලාගන්න පුලුවන්. ඒකේ කැටයම් ටිකත් මැක්සා. කුටාබ් මිනාර් වලට ටිකැට් එක ඉන්දියානු රුපියල් තියි. අපිටත් ඒ ගානට යන්නට පුලුවන්. කුටාබ් මිනාර් බලන්න දිල්ලියේ මෙට්‍රා එකට ගිහින් මෙට්‍රො හරහා ය්නනත් හැකි. ඒ වගේම කාර් එකක් හෑර් එකට අරං යන්නත් හැකි.


අපි උදේම ඉන්දියා ගේට් එක බැලුවා. ඉන් පස්සේ ඉන්දියාවේ මහ බැංකුව එම්බසි ඒරියාල් එක බැලුවා. ඊට පස්සේ තව වෙලාව මනින්න ඒ කාලේ හදපු මොකද්ද අටමගලක් බලන්න ගියා ඒකෙනම් එච්චර ගැම්මක් නැහැ. කොහොම හරි අවසානේට අපි කුටාබ් මිනාර් ගියා. හවස අපේ ප්ලයිට් එක තිබුනා ශ්‍රී නගර් වලට. ඒ නිසා අපිට දවසම බලන්න වෙලාව නැති වුනා. නැත්නම් ඕල්ඩ් දිල්ලි සහ රතු බලකොටුව වගේ තැනුත් බලාගන්න තිබුනා.