Sunday, September 30, 2018

කාශ්මීර හිමාචල් ගමන 4 (ශ්‍රී නගර් සිරි)


චතුරංගඅපේ හවුස් බෝට්ටුවෙ සිට පාරට හබල් ගාමින්
 ශ්‍රී නගර් යනු ඉන්දියාවේ ඇති ලස්සනම නගරයකි. අන්තර්ජාලය බැලුවොත් ශ්‍රී නගර් ජනප්‍රිය වී ඇත්තේ කලබල වලටය. ඉන්දියාව සහ පාකිස්ථානය බෙදන අවස්ථාවේ ශ්‍රී නගර් නොබෙදා ඉතුරු වුනි. පසුකාලෙක කාශ්මීරයේ කොටසක් අසාද් කාශ්මීර් ලෙස පාකිස්ථානයට ඉතිරි වුවත් මුස්ලිම් බහුතරයක් හිමි ශ්‍රී නගර් ඉතුරු විය. අපි කාශ්මීර අර්බුධය ගැනත් එහි දී අපිට හමුවුන අය සමග කතාකරන්නට ගියෙමු. ඇත්තටම කාශ්මීර ශ්‍රී නගර් තුල දැනටද බහුතරයක් සිටින්නේ මුස්ලිම් ජනයාය. මුස්ලිම් යැ කීවාම අපේ හිතේ මැවෙන බොහෝ මුස්ලිම් වරුන්ට වඩා කාශ්මිරයේ මුසිල්මි ගෑනු පිරිමි හැඩය. එහි සිටින කාන්තාන්ගේ මුහුන දිගැටිය, වෛර්ණයෙන් යුතු පන්ජාබ් ඇදුම් ඇද සැරිසරන ඔවුන් නගරයට ගෙන එනේන් අමුතුම අලංකාරයකි. 


ඩල් විල අසබඩ උකුස්සෙක් 
 ශ්‍රී නගර් ගැටුම් 

ශ්‍රි නගර් ගැන කතා කරන විට ශ්‍රී නගර් වැසියෝ ඉන්දියාව සමග තරහය. බහුතර ශ්‍රී නගර් වැසියෝ ශ්‍රී ලාංකිකයින්ට මැච් එකකුදී වුව සහයෝගය දෙන බව අපිට අසන්නට ලුබුනි.ලංකාව ඉන්දියාවට ආසන්නව පිහිටියද ස්වාධින රටක් වන්නේ කෙසේද? ඒ ආකාරයටම ශ්‍රී නගර් සහ කාශ්මීරයටද ස්වාධීන වීමට උවමනා බව ඔවුන් කිව්වෝය. එවිට අපි බොමින් සිටියෝය. එහෙත් මාගේ ටිකිරි මොලයට අභ්‍යන්තර රටක් හෙවත් මුහුදක් නැති පලාතක් වෙන කාශ්මීරය සහ ලංකාව සමාන කිරීම හොද නැති බව වැටහුනි. මා ඔවුන්ට කාශ්මීරයට බඩු සප්ලයි කරන මාර්ග කීයක් තිබේදැයි ඇසුවේය. ඉන්දියාව හරහා ප්‍රධාන මාර්ග 2ක් තිබෙන බවත් පාකිස්ථානය හරහා මාර්ගයක් හදාගත හැකි බවත් ඔවුන් කීවෝය. එනම් යම් දිනක ඔවුනේග් සිහින කාශ්මීරය තැනුනද එහිදී මිනිස්සුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය ගෙන එන්නට වෙන්නේ යලිත් පාකිස්ථානය හෝ ඉන්දියාවෙනි. එය කෙලින්ම අලුත් කාශ්මීරයට බලපෑම් කරන්නට හැකි මගකි. කෙසේ හෝ ඉන්දියාවෙන් දිගින් දිගට කරන කෙනෙහිලිකම් කාශ්මීර සාමාන්‍ය ජනයාට තිත්ත වී ඇත ිබවක් ඔවුන්ගේ කතා වලින් පැහැදිල විය.
කාශ්මීරයේ ඉන්දියානු පිරිසකගේ සෙට් වීමක්
කාශ්මීර ජනයාට ඇති ගැටළු 

කාශ්මීරයේ රැකියා හිගය. මිනිස්සුන්ට කරන්නට රස්සාවල් නැත. එක්තරා තරමක් දන්නා කියන පුද්ගලයෙකු මේ කාරණය අපිට ගෙනහැර පෑවේ කොතරම් ඉගෙනගත්තද කාශ්මීරයේ ළමයින් දහ දෙනෙකුගෙන් අට දෙනෙකුටම හරිහමන් රක්සාවක් හොයාගන්නට බැරි බවය. කොහොම වුවත් ඇතැම් විට කාශ්මීරයේ ජාතිවාදී කලබල උත්සන්න වීමටද මේ වැරැකියාව දැඩි හේතුවක් විය හැකිය. ඉන්දියාව විසින් භෞතිකව කාශ්මීරය යටත් කරගත්තද? කාශ්මීරය ඉන්දිය වෙළද ආධිපත්‍ය පැතිරවීමේ හැකියාවක් ඉන්දියාවට තවමත් නැත. චීනය එක් පසෙකින් තුර්කි සම්භවයක් සහිත ජනතාවක් සහිත උරුම්කි නැමැති පලාතක් ද අනෙක් පසින් ටිබෙටයද සිය දේශයට ඈදා ගත්තේය. චීනය පසුව ඒ පලාත්වලට දුම්රිය මාර්ග තනා යටිතල පහසුකම් දියුනු කොට කෙසේ වත් එම කොටස් චීනෙයේ නොවේ යැයි කියන්නට බැරි ලෙස ඒ පලාත් යම් තැනකට ගෙනා වේය. එහෙත් ඉන්දියාවට එසේ කාශ්මීරය වාණීජව යටත් කරගන්නට නොහැකි විම තවමත් එහි ජාතිවාදී ගැටළුව පැවතීමට එක් හේතුවක් ලෙස මට හිතුනි. ලංකාවේද කර්මාන්ත ශාලා හොද අධයාපනපහසුකම්, අධිවේගී මාර්ග ඉක්මන් රේල් වේ ආදී පහසුකම් ඇතිකොට යාපනය ත්‍රිකුනාමලය කොළඹට බොහෝ කිට්ටු තැනක් වී නම් ඇතැම් විට මේ තරම් ජාතිවාදී වෙනසක්ම් පවතින්නට ඉඩකඩක් නැත.
කාශ්මීරයේඉන්දියානු ජනයා සිටින පලාතේ ගෙයක්
 අපි ශ්‍රී නගර් වෙත පැමිණ දෙවනි රාත්‍රියත් හමාර කලෙමු. ඉන් පසු මාද චතුරංගද නගරයේ සිරි නරඹන්නට යමු යැයි කතා වී අපි ගියෙමු. අපිට මද දුරක් ඇවිදගෙන යනවිට කදිම සල්පිලක් වැනි යමක් පැවැත්වෙන දැන්වීමක් දකින්නට ලැබුනි. එයින් ඇතුලට ගිය අපිට එයශ්‍රී නගර් හි ඉන්දියානුවන් වෙසෙන ඉන්දීය පොශ් පලාතක් යැයි පෙනුනි. එහි ගෙවල් මනරම්ය.ඒ සංගමේ ජනතාව එකතුවී කුඩා සල්පිලක් වැනි එකකි. එහි විවිධ කෑම ජාති තිබේ. ඇත්තටමමේ ඉහත පිංතුරයක ඇතතේ එසේ කන බොන දෑයඒ කිනම්දේ දැයි දැන් මතකනැතිමුත්ඒ කෑම ප්‍රණිත රසකින් යුතු වූ බව නම් තවමත් මතකය. 
ඇපල්
 ලස්සන මල් මෙන්ම ඇපල් වතුද අපිට හමුවුනි. ඇපල් අතගා බලන්නට ද ලැබුනි. ඇපල් පදුරු ආකාරයෙන් වැවෙන ගස් විශේෂයකි. ඒ පලාත් වලනම් අපේ ගම් වල දිවුල් තරමටවත් ඇපල්ගනන් ගන්නා අයුරක් නොපෙනුනි. 

අපි ඒ උද්‍යාන කොටසින් පිටවී නැවතත් විල්තීරයට ආවෙමු. එහෙත් විල් තීරයේ සිට ටවුමට ටිකක්දුරය. අපි ටවුමට යන්නට අවශ්‍ය විය. ටික වෙලාවක් සිටි විට ත්‍රී විලර් හිතමිතුරන් අපිව ගෙනගොස් දැමීමට සිටියත් එහි බස්රියක්ම එනකල් සිටියෙමු. කුඩා රෝසා බසයක් වැනි බසයක් ආවේය. මිනිසුන් ලස්සන නිසා ඇත්තටම බස් එකම ලස්සනය. ගෑනු විවිධ වර්ණයෙන් සැරසී උන්හ. ඒ බසයේ අපේ මෙන් කාන්තාවන් සීට් අල්ලාගෙනද ඉන් පසු පේලිය මිනිස්සු ජැක් ගහන්නට සැරසීගෙනද සිටියේ නැත. බසයේ පිටුපස කොටස ගැනු විය. ඉදිරිපස පිරිමි විය. ලංකාවේද ඉහල ඉන්දියාවේ සිරි නගර්ද කියා වෙනසක් නැත. ඔවුන්ද ඉතුරු රුපියල වෙනුවෙන් වාද කරති. බසයේ යන විට අපේ ගමේ උන්දැලා පොලේ ගියා මෙන් ඇතැමුන් කචකච ගාති. 

ශ්‍රී නගර් වෙත ලගා වූ අපි ටවුමට මෙහා විල අවසාන වන තැනින්ම බැස්සේය.සැබැවින්ම බස් රිය ඉන් එහා ගිය මුත් විලට එහා ගියොත් අපි කොහේ බහිනවාදැයි සොයාගන්නට විදියක් නැති නිසා අපි විල අවසාන වු තැනින් බැස ටවුමට යන්නට විය. ටවුමට යන විට අපිට අතරමගදී පුච්චමින් සිටින ඉරිගු පානි පූරි සහ අයිස් ක්‍රීම ්වැනි කෑම හමු විය. මතක ලෙස ඒවා ආහාරයට ගත්තෙමු. අයිස් ක්‍රීම් අයිස් පලම් ලෙස තිබුනේය. එහි ලාබදායි අයිස් ක්‍රිම් වුවද මෙහි මිල අදික අයිස් ක්‍රිම් මෙන් රස විය. 

එදා ඉරිදා දිනයක් වූ නිසාදෝ ශ්‍රි නගර් හි පොල පැවැත්වුනි. මාඑයින් සෙරෙප්පු දෙකක් සහශීත කබාගයක් මිලදීගත්තෙමි. අහ් පසුව ශ්‍රී නගර් වලින් තොප්පියක්ද ගතිමි. ඒ තුනම අවුරුදු දෙක තුනක් පට්ට ගහන්නට මට හැකි විය. ශ්‍රී නගර් පොලද අපේ ගමේ පොල මෙන්ය. මිනිස්සු බඩු බලති, හෙට්ටු කරති, වාද කරති කයිය ගහති. ඉන් පසු අපි ශ්‍රී නගර්හි උද්‍යානයට ගියෙමු. එහි අලංකාර ගස් වවා තිබේ. පදුරු යට පෙම්වතුන් පෙම් කරමින් සිටිති. උද්‍යානය එතරම්ම හොදට මේන්ටේන් වෙන බවක් නොපෙනුනත් දරුවන් සහ දෙමාපියන් මෙන්ම පෙම්වතුන්ද උද්‍යානයේ විය. 


ශිකාරා බෝට්ටු සවාරිය
 ඉන් පසු අපි හවුස් බෝට්ටු වලට වඩා එලියේ කාමර මිල අඩු යැයි සිතූ නිසා එේ කාමර ද බලන්නට ගියෙමු. ඉන්දියානු රු 400ක් තරම් අඩුමිලට ඩබල් ඇදක් තිබෙන සාමාන්‍ය කාමර තිබුනි. ඒ කාලයේ සංචාරකයින් වැඩිපුර එන්නේ නැති කාලයකි. එබැවින් කාමර මිල අඩු විය හැකිය. එසේම ඊලගට අපි යායුතුව තිබුනේ ලදාක් පලාතටය. ලදාක් දක්වා ගමන් ගන්නා බස්රිය වෙන්කරන තැනට ගොස් බස් රිය ගැනද විස්තර ගතිමු. ඊට අමතරව ශ්‍රී නගර් හි නගර මද්‍යයේ වූ සංචාරක මධ්‍යස්ථානයෙන් ශ්‍රී නගර් හි වැදගත් විස්තර ඇතුලත් පත්‍රිකා පොත් කිහිපයක්ද නොමිලේම ලබා ගතිමු.
ඩල් විලේ මාලු අල්ලනධීවරයින්
 අපි හොද රවුමක් ගසා කැරකී එනවිට අපේ මිතුරන් අපි එනතෙක් මගබලා සිට ඇත්තේ ශිකාරා බෝට්ටු සවාරියක් හෙවත් ඩල් විලේ සවාරියක් යෑමටයි. අපේ මිතුරන් පිරිසට ටිකක් විවේක ගන්නට උවමනායැකී නිසා ඔවුන් නගර සවාරියට ආවේ නැත.ඔවුන් කදිම ඩල් විලේ ශිකාරාබෝට්ටු සවාරියක් සංවිධානය කරගෙන තිබුනි. ඩල් විල මත තිබෙන්නේ හවුස් බෝට්ටු පමණක් නොවේ. එය ඇක්ටිව් ගම්මානයකි ජනපදයකි. මිනිසුන් විවිධ ආකාරයේ රැකියා වල නිරත වෙති. කඩසාප්පු තිබේ. වගාබිම් තිබේ. කර්මාන්තතිබේ. ජලය මත පාවෙන විලේ තිබෙනමේ ජනාවාසයේ සියලුම ගමන් බිමන් යන්නේ බෝට්ටු වලින්ය.
වෙළද සැල් බෝට්ටුවක් සහ මගේ මිතුරන්
 ඒ ශිකාරා නම් බෝට්ටු සවාරිය යනවිට විවිධ ආකාරයේෙ වලෙන්දන් අපිට හමු වේ. ඇතැමෙක් වටිනා කියන ආභරණ, කුලුබඩු ආදිය විකුනන්නට එති. තවත් අය අපිට තේවතුර බීම බිස්කට් ආදිය විකුනන්නට එති. ඒ සියල්ලෝ එන්නේ බෝට්ටුවලිනි. පාවෙන වෙළදසැල් මෙන් වූ මේ බෝට්ටු විලේ සැරිසරන සංචාරකයින්ට අවශ්‍ය දෑ සපයනු ලැබේ.
ඩල් විලේ දූපත් කරා යන තැනක්
ඩල් විලේද දූපත් ආදිය තිබේ. ඒ දූපත් වල කමනිය උද්‍යාන තනා තිබේ. අපි ගමන පටන් ගන්නා විට හවස 5ට ආසන්න විය. අපි ගිය කාලයේ කාශ්මීර ශ්‍රී නගර් හි කාලවේලාව ලංකාවට වඩා වෙනස්ය.එදි දිවා කාලය දිගුය. උදේ පහ විතර වෙන විට ඉර පායා ඇති අතරරෑ 7-8 වෙනතුරු ඉර බහින වගක් තිබුනේ නැත. එහෙත් නගරයේ කඩ සාප්පු හෝටල ආදිය ඉර කලින් පෑව්වාය කියා කලින් අරින්නේ නැත. ඔවුන් ඒවා විවෘත කරන්නේ උදෑසන 9-10 වේලාවටය. දිවා කාල වෙනසක් ගැනමා කලින් දැන සිටියත් එය මෙතරම් තදට තියෙවියැයි සිතුවෙ ්නැත. දිනක්මා හවුස් බෝට්ටුවෙට එලිය වැටී නැගිටින විට උදේ5 විතර වුනි. එහෙත් කිසිවකුත් අවදිවී නැත. පාරේ පවා කිසිවෙක් නැත.මා ගොස් නැවත නිදා ගත්තේය. 
විලේ නාන පිරිසක්
 මේ ජනාාවාස වලින් නික්මෙන අපද්‍රව්‍ය ආදියකොහි යන්නේද යන්න හරියටනොදනී. එහෙත් ඒවා සියල්ලමවිලට ම එකතු වෙනවා විය නොහැකිය. මන්ද මේ විලේම ඇතැමුන් නාන්නට ද යොදාගෙන තිබුනි. මේ විල අධි පෝශනය සහිත තැනකි. එනම් මෙහි ඇති පෝශණ ද්‍රව්‍ය වැඩිය. එබැවින් ඇල් ගි පාසි ආදිය වේගයෙන් වර්ධනය වේ. එවැනි වැල් වශයෙන් වැවෙන ජලජ පැලෑටි ඉවත් කිරීඹට විශාල යන්ත්‍ර මෙන්ම කුඩා බෝට්ටු වලින්ද පිරිස් සැදී පැහැදී සිටිති. ඒවා කලට වේලාවට එක් කලාපයක හෝ හරියට ඉවත් වන නිසා ඩල් විල කදිම ලස්සන තැනක් ලෙස එක් කලාපයක් හෝ දිස් වේ. සැබැවින්මට මේ ඩල් විල වටා සම්පූර්ණ දුර කිලෝමීටර 10-15 තරම් වැඩිය. එහෙත් එතරම් සුවිසාල විලක් වුවද ඔවුන් සාපේක්ශව හොදට නඩත්තු කරගෙන යති. කොළඹ බේරේ වැව මේ හා සලකන කල කුඩා ටැංකියක් මෙනි. එයට ඇති වි ඇති තත්වය ගැන මා විස්තර කල යුතු නැතැයි සිතමි. 


වෙළද සැලක්
අපගේ ශිකාරා බෝට්ටු කරුවෝ අපි ශ්‍රී නගර් හි පාවෙන ගම්මානයේ අහුමුලු කරා අපව ගෙන ගියේය. එහිදී පාරවල් වල පයින් යා නොහැකිය. කඩවල් වල බඩු බාහිරාදිය තිබුන මුත් කඩයට ගොඩ විය යුත්තේ බෝට්ටුවකින් පැමිණිලාය.
ලක්ශණ ගැහුනු ලමයෙක් බෝට්ටුවකින් යන ආකාරය
 අපි දන්නා ලෙසට මුස්ලිම් මිනිස්සු ගෑනු ආරක්ශා කරන්නට වැඩි වැර වැයමක් කරති. එහෙත් ශ්‍රී නගර් මේ විල මත සිටින ගෑනු තනියම බෝට්ටුව පැදගෙන හබල් ගාගෙන තමුන්ගේ වැඩ රාජකාරි වලට යති. තමුන්ගේ පුතා සමග හබල්ගාන අම්මා කෙනෙක්, තනිවම කුමක් හෝ කාරණාවකට නික්මෙන හැඩකාර යුවතියක් ආදී ලෙසින් කාන්තාවන් රැසක් අපිට බෝට්ටු වලින් ගමන් පහසුව සලසාගන්න අකාරය විලේ ගම්මානයේදී දකින්නට ලැබුනි.
විලේයන පවුලක්
විල් තීරයේ ඇතැම් තැනක සැබැවින්ම ඇත්තේ මඩය. එනම් විල ගොඩ වී තිබේ. සමහර විට වැඩිවශයෙන් වතුර එන ඇතැම් කාලවලදී එම තැන් යටවී යනවා ඇත. මේ මඩගොඩවල් මත පස් පුරවා ලබු , වැටකොලු, පතෝල ආදි බව බෝග ජාති  මිනිස්සු වගාකරගෙනෙ තිබුනි. ඒවාද පාවෙන වගාබිම් මෙන් එක් කලෙකට පමණක් වගා කරන තැන් විය යුතුය. 
විලේ කුරුල්ලෝ
විල මත සෑම තැනකම අපි දකින අනුරාධපුරයේ වැවක් මෙන් වතුරම නොවේ. ඇතැම් තැනක ජනවාස කොටසක්ය. තවත් තැනක ඕලු නෙලුම් මානෙල් වැනි වගුරු බිම් වැනි තත්වයකිඒ තැන්වල කුරුල්ලෝද, වෙනත් සත්තුද ලස්සන මාලුද දිවි ගෙවති.මේ විල යට මාගේ පොට්ට කැමරාව හෙවත් ස්පොට් කැමරාව දැමූ කල කදිම ඡායාරූප පෙලක් සහ වීඩියෝ වක් ලබාගැනීමට හැකි විය. එනම් විලමතුපිට මෙන්ම විල යටද කදිම සත්ව හා ශාඛ සහිත ජනාවාස පද්ධති තිබේ.ඒ අස්සේ මිනිස්සුද ජීවත් වෙති. සමහර විට මේ තරම් සතුන් ශාක පවතින්නේ මේ ජනතාව කෘෂි රසායන ආදිය පාවිච්චිකරන්නේ නැතිව විය යුතුය. එදා අපේ ගෙවල් කුඹුරු වල විසූ මාලු සහ කෘමි සතුන් ආදී විශාල පිරිසක් අද දකින්නට නැත්තේමේ අහිතකරවූ කෘෂි රසායන භාවිතය නිසාය. 
විල අසබඩ ගැනුජෝඩුවක්
 ශිකාරා ගමන නිමා වී අපි නැවත සංකුචියට හෙවත් අපගේ නවාතැනට ආවෙමු. තුන්වෙනි දවසේ රැයකුත් මෙහි ගතකිරීම තේරුමක් නැතැයි සිතූඅපි එයින් යන්නට ඕනා යැයි කීවෙමු. එහෙත් කලින් අපි දැනුම් දුනනේ නැතැයි කියා හවුස් බෝට්ටුවේ ඇත්තෝ කීහ. ඔවුන් ඉන්පසු හවුස් බෝට්ටු මිලද අඩු කලේය. ඉන් පසු අපි නැවතීමට සිතුවෙමු. 
ශ්‍රී නගර් හි උද්‍යානය නැවතත්
විල මත ඇතැම් සංචාරකයින් තනිවම බෝට්ටු අරගෙන සංචාර ගියෝය. ඇතැම් හවුස් බෝට්ටුවක ජෝඩු සිටියෝය. පැරණි හින්දි චිත්‍රපට වලද මෙම ඩල් විලේ බෝට්ටු ගමන් වල දර්ශන තිබේ. එසේම මේ විල ආශ්‍රිතව රූගත කල ෆිල්ම්ද තිබෙන බව අපිට හවුස් බෝට් හිමියා කීවේය. 
අපි ඊලග දවසෙ ්පාන්දරම යන්නට පිටත් වන්නට තීරණය කලෙමු. අපි උදේ ගොස් බස් බලාගෙන ආවාට ටිකට් බුක් කලේ නැත. හවස නැවත ගොස් ටිකට් බලන විට ටිකට් ඉවරවී තිබුනි. එහෙත් ටිකට් 8ක් අවැසි එකට ටිකට්  6ක් පමණ ලබාගතිමු. ඉතිරි හිග අසුන් ඉදිරිපස රියදුරු ගාව අසුන් විය. 

Friday, September 28, 2018

කාශ්මීර හිමාචල් ගමන 3 ගුල්මාග් ගොන්ඩෝලා

පෙර අමතක වූ මතක

කලින් දවස්වල විස්තරවල අමතක වුනු තැන් ටිකක් මතක් කරලම ඉන්න එක හොදය කියලා හිතුනා. කාලයක් ගිහින් නිසා පෙලක් කොටස් අමතක වෙනවා. ගිය යාලුනඩේ ඒ කෑලි."  හිතවත් අමිලය මෙ කෑල්ල ඔබමිස් කලා නොවෙද? මිතුර මේ කෑල්ල ඔබට අමතක වුනාවත්ද? " කියා බොහෝම කරුනාවෙන් ඒවා පෙන්වා දෙනවා.

අපි වාහන හොයන්න ජම්මු වල ඇවිදිනකොට ඇත්තටම අපිව බල්ලට ගනන් ගත්තේ නැහැ ජම්මු වල මිනිස්සු. උතුරු ඉන්දියානුවන්ට මොක නැතිවුනත් මාන්නය නම් ලොකුවටම තියෙනවා. උන් දකුණු ඉන්දියානුවන්ව සලකන්නේ නැහැ. අපි සෙට් එකේ පෙනුම ගත්තාම බහුතරයක් දකුණු ඉන්දීය පෙනුම තමයි තිබුනේ. ඉතිං ඒ නිසා ඇත්තටම සල්ලි දීලා කරන සේවාවක් වුනත් උන් අපිව ගනන් ගත්තේ නැහැ. මුලදි වැඩිය උන් හෑර් එකක් වත් යන්න කැමත්තක් දැක්කුවේම නැහැ.

පස්සේ අපි ශ්‍රි ලංකන් කිව්වාම එයාල අහ්. කියලා පටන් අරන් අපේ ක්‍රිකට් ටිම් එකේ බුවාලා සහ අපේ ක්‍රිකට් ගැන කතාකරන්න ගත්තා. ඇත්තටම ඕ වැඩේ අපිට කිහිප අවස්ථාවකදිම වුනා. ලංකාව කියන්නේ ක්‍රිකට් නැත්තන් බොහෝවිට අදුරගන්න බැරි වෙන මට්ටමට ම ඉන්දියානුවන් අතර ලංකාවේ ක්‍රිකට් ජනප්‍රියයි.

* මා පෙර සටහනේ අවසානයේ දක්වා ඇති ෆෙවා විල යන්න වැරදි යෙදුමකි. ෆෙවා විල ඇතතේ නේපාලයේ පොකරා වලය. ශ්‍රී නගර් වල ඇත්තේ ඩල් විලයි.

 උදෑසන
උදෑසන අවදි වී එලියට ඇවිත් බලන විට අපි සිටින්නේ හතර අතින්ම වතුරෙන් වටවූ බිමක විය. එයින් එලියට යෑමට නම් ඔරුවක් පැමිණිය යුතුය. ඔරුකාරයෙක් තරමක් පැරණි ඔරුවක් තියාගෙන අපි සිග්නල් එකක් දමන විට විත් අපි රැගෙන යන්නේය. ඔරුකරු අහල පහලක සිටියොත් අපේ කුඩා සංඥාවක් ඔරුකරුට සෑෙහ්. එහෙත් මදක් දුර සිටියොත් අපේ නවාතැනේ සිටි බ්‍රො ගේ විසිල් හඩ අවශ්‍ය වේ.  විවිධ ආකාරයේ වෙලෙන්දෝ අපි මේ හවුස් බෝට්ටුවේ සිටින විට එති යති. ඇතැමෙක් විසිතුරු දෑ විකුනති. ඇතැමෙක් කන බොන දෑ විකුනති.



උදෑසනම අපිව හමුවන්නට ඔරුවකින් සල්ලි මාරුකරන්නා පැමිණියේය. ඔහුද ඔරුවෙන් ගොස් සේවා සපයන්නෙකි. මේ ඩල් විලේ ඇති හවුස් බෝට්ටු රැසකි. ඒවා මේ කාලයේ   (අගෝස්තුවේ )  නම් වැඩිය සංචාරකයින්ගෙන් සමන්විත නැත. මේ හවුස් බෝට්ටු වලින් එලියට යන මල අපද්‍රව්‍ය කෙසේ බැහර වන්නේදැයි අපිට ගැටළුවක් විය. එහෙත් පසුව ඒවා එක් රැස් වී ඒ සදහා එන ඔරුවෙකින වෙනත් ස්ථානවලට බැහැර කරන බව දැනගන්නට ලැබුනි. හවුස් බෝට්ටුව අයිති කාරයාගේ පවුල සහ දරුවෝද පැමිණ වරක් හවුස් බෝට්ටුව අසලින්ම විලට බැස පිහිනමින් නාන්නට විය. ඒ අය මුස්ලිම්ය. ඇත්තටම ගෑනි නම් නෑවේ නැත. කුඩා ලමෝ නම් නෑවෝය.

. අපි ටිකක් දවල් වී ගුල්මාග් ගොන්ඩෝලා බලන්නට යන්නට  සැරසුනෙමු.

මොනාද මේ ගොන්ඩූලා කියන්නේ?

ගුල්මාර්ග් ගොන්ඩෝලා යනු කේබල් කාර් පද්ධතියකි. කිලෝමීටර 4-5ක දුරකට පේස් දෙකකට කේබල්කාර් පද්ධතිය තිබේ. එම අවස්ථා දෙකකට එකකට ඉන්දියානු රුපියල් 600 බැගින් ටිකට් දෙකක් ගත යුතුය. එනම් එක් අයෙකු කේබල් කාර් මතින් ඉහලටම යෑමට ඉන්දියානු රුපියල් එක්දාස් දෙසීයක් ගෙවිය යුතුය. 



           ගුල්මාග් ගොන්ඩෝලා තියෙන කලාපයට යෑමට තදබල බෑවුමැති කන්දක වාහනයකින් ඉහලටම ගමන් කල යුතුය. ශ්‍රී නගර් නගර සීමාව පසුකර මද දුරක් ගොස් අපේ ගමක ඇති හෝටලයක් වැනි තැනක කන්නට නැවැත්වුයෙමු. ඒ තියන කරි අනම් මනම් ගැන වැඩි පැහැදිමක් අපිට නැත්තේ ඇතැම් කරි ජාතිවලින් අපිට අප්‍රසන්න වූ සුවද විහිදුවන බැවිනි. කෙසේ හෝ උනුවට පරාට හෝ රෝටි වැනි යමක් අපිට කන්නට ලැබුනි. ඒවා උණුමෙන්ම රසටද තිබුනි. සාමාන්‍යයෙන් කන බොන තැනකදී එතැනට සාධාරනයක් ඉටු වන ලෙස හොදට කෑම අපේ කවදාත් සිරිත නිසා අපි එතැනදීද කර මුලට එනකම්ම කෑවෙමු.

ගුල්මාර්ග් වලට යන ගමන අපි ගියේ ලංකාවෙ ඇති 1919 ඇම්බියුලන්ස් වැනි වෑන් රථයකය. ඒ වෑන් රථය ගුල්මාර්ග්කරා ඇදෙන්නට වූයේ ලස්සන පයිනස් වනයක් මැදිනි. ඒ දර්ශනය සැබැවින්ම චමත්කාරජනයක එකකි. 



ගුල්මාග් හි වදකාරයෝ

ඉන්දියාව නම් වූ රට ලස්සන වුවත් මිනිස්සු නිසා වෙලාවකට අප්පිරිය ම වෙන තැනකි. අපේ වාහනය නැවැත්වූ තැන් සිට එය වටේ කාක්කෝය. ඇත්තටම ගොන්ඩෝලා හැදෙන්නට පෙර ගුල්මාග් යනු නිකම්ම නිකන් ලස්සන භූමියක් වන්නට ඇත. එකල අශ්වයින් පිටේ මිනිස්සු ගෙනයමින් ඒ රාජකාරිය කරන්නට පිරිසක් සිටින්නට ඇත. ඔවුන් ගොන්ඩෝලා හැදුනු පසුද සංචාරකයින්ට වදයක් වීම නම් නවතා නැත.

අප පසුපසම ඔවුන් නොකඩවා එන්නට වූයේ අශ්වයින් පිට බාගයක් දුර ගොස් ඉතිරිය ගොන්ඩෝලාවෙන් යන ලෙස ඉල්ලීමටයි. එහෙත් අපි කුමක් හෝ හේතුවක් නිසා ඔවුන් විශ්වාස නොකලෙමු. කෙසේ හෝ ඉදිරියට ගොස් අපි ටිකට් පෝලිමේ සිට ටිකට් මිලදී ගතිමු. ටිකට් මිල අපි හිතුවාට වඩා පෝඩ්ඩක් වැඩි විය. එහෙත් මෙතරම් දුර විත් නොබලා යන්නට බැරි නිසා අපි බලන්නට යන්නට සිතුවෙමු. මම සිතාගෙන උන්නාට වඩා නම් සැරම ආතල් එකක් ඒ ගොන්ඩෝලාවේ තිබුනි. ඇත්තටම ඉහල කෙළවරේ හිමද තිබුනි.

ගොන්ඩෝලාවේ ගමන 



ගොන්ඩෝලාවට නැගුනු පසු එය කුඩා කුටීරයක් මෙනි. එහ කේබල් එකේ ඇමිනි කේබලය දිගින් දිගටම ගමන් කරනු ලැබේ. මේ කේබල් කාර් එකට නැගීම බැසීම පරෙස්සමින් කල යුතු වැඩකි. විශාල පදාසයක බූමි දර්ශනයක් මේ ගොන්ඩෝලාවේ යන ගමන් අපිට දැකගන්නට හැකිය. වෙලාවකට මෙය කේබලය සමගම බිම පතබෑවේදැයි බයක්ද ඇති වේ. ගමන අතරමගදී මීදුමක්ද ඇති වූ අතර අපිට පෙර හෝ පසුව යන ගොන්ඩෝලාවන් නොපෙනී යන තරමටම මිදුම සැර විය. ඒ මීදුමේ හීතලේ ජෝඩු වලට නම්, පෙම් කරමින් ගොන්ඩෝලාවේ යෑම කදිම අත්දැකීමකි.

ගුල්මාර්ග් උඩ

ගුල්මාර්ග් හි උඩම තැන ග්ලැසියරයකි. එනම් ටිකක් අව් රස්නය තිබුනද ඒ කදු මුදුනේ අයිස් කුට්ටියක් තිබේ. ඒ අයිස් පදාසයකට අපි ගියේ අගොස්ත්තුවේ නිසා මදක් දුරක් පයින් යන්නට විය. යම් ලෙසකින් වින්ටරයේ ගියෙ නම් බොහෝ තැන්හි හිම රැදී තිබෙන්නට ඉඩ තිබුනි. කෙසේ හෝ අයිස් තිබූ වර්ග කිලෝමීටරයක විතර ඉඩේ මහ පිිරිසකි. ඒ සෙල්ලම් කරන්නට ඉඩ දී අත්තේ කොටසකි. ඒ ගුල්මාර්ග් වලින් කන්දෙන් එහා පැතේත පකිස්ථානය යැයි අයෙක් කියු මුත් උගේ පචයක් වෙන්න ඇති යැයි අපි සිතමු. කෙසේ හෝ එතනින් එහා ආරක්ශිත කලාපයක් වන බැවින් දෝ ජනයාට යන්නට එපා යැයි පුවරු සවිකර තිබුනි.

අයිස් සෙල්ලම් 

ලංකාවේ නත්තල් කාලයට එක්සෙල් වර්ල්ඩ් එකේ මිනිස්සු තුන් හාරසියක් මැද මැසින් දෙක තුනකින් ඉසින අයිස් වලට වඩා ඇත්ත අයිස් කටුකය. මා දාගෙන ගිය පරන බුට් කෑලි දෙකද එතරම්ම අයිස් වලට පෑහෙන්නක් නොවීය. අයිස් මතුපිට ලිස්සා යයි. ඒ මත අඩිය තැබීම බයානයකය. මේ විස්තර කිරීම බණ්ඩා කොළඹ යෑම වැනි දෙයක් විය හැකි වුවත් මේ අයිස් අත්දැකීම ලබාගන්නට පලමු අවස්ථාව නිසා එය ඇත්තටම බණ්ඩා කොළඹ යෑමක් වගේමය.

තැනකදි අඩිය හිතලා මතලා කොහොම තිව්වත් ලිස්සා යන්නේය. මෙය ස්ථාවර සමතල බිමක් නොවන බෑවුමක් නිසා කොයි වෙලේ ලිස්සා යාවිදැයි කියන්නට බැරිය. ඒ අව් අස්සේ ඉන්දියන් හැඩ ගෑනුද පැමිණ ලෙගින්ස් පිටින් අයිස් සෙල්ලම් කලෝය. ඉන්දියානුවෝ තරමක් අහංකාරය. එහෙත් උන්ගේ ගෑනු නම් හැම තැනදීම වගේ ගැනු දහයකින් 8ක් වත් කුමක් හෝ ආකාරයකට ලස්සනය. අපිට මෙන්ම මහා ඉන්දියාවේ පහල කොටස් බොහොමයකට අයිස් යනු මැජික්ය. විශේෂයෙන් අගෝස්තුවේ අයිස් ඇති තැන් බොහෝ අඩුය. එබැවින් එතැන සිටි ඈයෝ අයිස් නිසා බොහෝ සන්තෝශවෙමින් සිටියෝය.

බූමි දර්ශනය 




මේ ගුල්මාර්ග් ග්ලැසියරයේ පිවිසුම ගල් ගොඩකි. ඒ ගල් උඩින් පැනගෙන රූටාගෙන ගිය තැන අයිස් හමු වේ. ඒ අයිස් ඇති බැවුම මත කරත්ත තබාගත් කිහිප දෙනෙකු අයිස් වල කරත්ත පැදීමේ ක්‍රිඩාවන්ද කලෝය. කදු කර භූමි දර්ශන රැසක් මා ලංකාවේ කදුවලද විද ඇති මුත් ඒ හිමාලයේ ගොස් ගත් කදුකර අත්දැකීම් වලට ඒ කිසිවක් සම නොවේ. මේ හිමාලයේ තියෙන ඇතැම් කදු එක් බැල්මකින් හසුකර ගත හැක්කේ නොවේ. කන්ද ලගින් පිහිටියේ නම් අපි දෙතුන් වතාවක් හිස හරවමින් උඩ බැලීමෙනි කන්ද මුදුන දැකිය හැකි වන්නේ.

ගොන්ඩෝල ඉවරයි ඉන්පස්සේ ලෙසර්

ගොන්ඩෝලා පේස් වන් එක ඉවර වූ පසු පේස් ටූ දක්වා වූ තැන එතැන ලස්සන උද්‍යානයකි. ඒ උද්‍යානයේ වාඩි වී ගෑනු පිරිමි කති බොති ප්‍රීති වෙති. ඒ අසල තිබූ කටු ගාලක් පොටෝගන්නා නියායෙන් මම ගෑනු ලමයෙකු පොටෝ ගන්නට ගිය මුත් වැඩේ චොස් විය. ඇගේ පියා හෝ කවුද පැමිණ ඇය ඇදගෙන ගියාය. ඒ විවේක තැන කෑම වර්ගද තිබේ. ඉන්දියාවේද හැම හන්දියක් ගානේම තේ වතුර නම් ඇත. තේ වතුර කිහිපයක්ද අපි රැගෙන බිව්වෙමු.



ටිකට් මිසින්

අපිට ටිකට් අර්බුදයක්ද ඒ සමගම ආවේය. අපි යනකොට ටිකට් අරගෙන ගියමුත් කෙලසකින් හෝ ටිකැට්ටුවක් හැලී හෝ කුමක් හෝ විය. අවසානයේ ටෝක් කර එය විසදාගන්නට අපිට හැකි විය. දීර්ග ගමන් මහන්සියත් හිම උඩ කල වැඩ ආදියත ්නිසා අපිට ගමන් මහන්සිය වැඩි විය. අපි ඇවිත් හවස් කාලය විවේකයෙන් ගත කලෙමු.

මට මතක ලෙස අපි පානය කරන්නට යොදාගත්තේ එදා රෑය. එදා රෑ අප කන්ඩායමේ මිතුරකු කදිම තැනකින් බයිට් ගෙනැවිත් තිබුනි. කොච්චර උවමනා වුවත් මා සිතන්නේ අපි 7 දෙනාටම බෝතලයක් වත් එදා ගසන්නට නොහැකි විය.

Tuesday, September 25, 2018

පිදුරංගලට *පුක දීමෙන් නැතිවෙන්නේ මොකද්ද?

සීගිරි ගලට මුහුනලා පිදුරංගලට පුකලා කලුකබර පුකවල් ටිකක් උඩ යෑම සම්බන්ධයෙන් මාත් හිට්ස් ටිකක් උපයාගන්න තමයි මේ හදන්නේ.
දෙයක හැඩය තීරණය වෙන්නේ මොන වගෙ දේවල් මතද? උදාහරණ විදියට අපි හිතමු ගෝල් ෆේස්. ගෝල් ෆේස් කිව්වම ඔයාලට මැවෙන්නේමොන වගේ දෙයක්ද? මිනිස්සු එන, කපල් ඉන්න. පොඩි ලමයි ඉන්න ලස්සන බීච් එකක්. ඒක එක්තරා වාමාංශික පිරිසකට එක් පසෙකින් චීන බිල්ඩින්, අනෙක් පසින් ඉන්දියන් බිල්ඩින්, අනෙක් පසින් චීන වරාය නගරය මැද අපි විතරක් තනිවෙලා ඉන්න තැනක්. ඒක එක එක අයගේ ගෝල්ෆේස් ගැන තියෙනඅ දහස.
ඒ වගේම තමයි ඇල්ල ගත්තොත් අපිට අනුව සුද්දෝ ඇවිද්ද නිසා අපිත් ඇවිදින්න යන, ලස්සන ගලක් තියෙන, පට්ට අඩුවට කාමර තියෙන ලස්සන තැනක්.
සීගිරිය ගත්තොත් පරණ කාස්සප ඉදලා තියෙන, හෙලුබැලි තන් තියෙන පිංතුර තියෙන. පුරාවිදයා ඇතින් වැදගත්, සුද්දොන්ගෙන් 4500ක් ගන්න, අපෙන් රු 50ක් ගන්න වැසිකිලියක් නැති තැනක්..
කොළඹ කොටුව ගත්තොත් එදා පරංගි නැවෙන් ආපු, සුද්දෝ හිටපු, තාමත් පර සුද්දොන්ගේ කටුකන බල්ලෝ ඉන්න, ඉස්සර අපේ සිංහල හමුදාව අල්ලගන්න දත කාපු ලංකාවේ අගනුවර වැදගත් තැනක්. සමහර විට සුද්දෙක්ට ඕක ඕ තරම්ම වටිනකමක් නැහැ. ඌට අනුව ඕකබොන්න බාර් එකක් තියෙන බඩුවක් ගහන්න හෝටල් එකක් තියෙන කොළඹ කියන කුඩා නගරයේ එක් තැනක්.

තැනක අයිඩන්ටි එක

ඒ විදියට තැනකට තියෙන අයිඩන්ටි එක කියන්නේ සාපේක්ශ දෙයක්. එය අපේ දැනුම් මට්ටම, අපේ සමාජ තත්වය වගේ ගොඩක් දේවල් මත ඩිපෙන්ඩ් වෙනවා. සමහර තැන්වල විශේෂ අයිඩන්ටි එකක් තියෙනවා. උදාහරණ විදියට දලදා මාලිගාව වගේ තැනක තියෙන විශේෂ පිලිවෙත් ආදිය නොකඩවා අඛන්ඩව ඇවිල්ලා තියෙනවා. ඉතිං ඒවා සලකන ඒවාට වදින පුදන මිනිස්සු ඉන්න නිසා ඒවා ඒ විදියටම තියාගෙන ඉන්නත් වෙනවා. නල්ලුර් කෝවිලට ගියාම ජනාධිපතියා වුනත් සර්ට් ගලවන්නෙත් ඒ අඛන්ඩව තිබුන සංස්කෘතික මෙව්වා එකක් සහ ඒවා පිලිගන්න මිනිස්සු ඉන්න තැනක් නිසා. ඒ වගේම තවත් දිගට හිතුවොත් හෙම කොටුවේ රතු පල්ලියට ගියත් අපි සෙරප්පු ගලවලා කකුල් හෝදන් යන්නේ ආන්න ඒ නොකඩවා තියෙන උරුමයක් නිසා..

පෞරාණික උරුම

දැන් පිදුරංගල වගේ පරණ තැන් තියෙනවා ඒ තැන්වල සිද්ධස්ථාන තියෙනවා බාගෙදා ඒ තැන් පැරණි කාලයේ බොහොම වැදගත් තැන් වෙන්නට ඇති. සමහර විට මම මේ කොටන ඔබ ඔය කියවන තැනත් මීට ශතවර්ශ 10කට 15කට කලින් පට්ටම ප්ලේස් එකක් වෙන්නට ඇති. සමහර විට මෙතනට මිනිස්සු සිය දාස් ගානක් වදින්නට ඇති. ඒත් දැ්න.? දැන් එතන ඇතැම්විට බෝඩ් එකක් විතරයි.අ ැතැම්විට පොතක පතක තියෙනවා විතරයි. ඇතැම් විටක එතන ටිකක් ඈතින් විහාරස්ථානයක් තියෙනවා විතරයි. එහෙම නැතුව එතන මේන්ටේන් කරගෙන යන අයිඩන්ටියක් නැහැ. එතනට කියලා විශේෂ වතාවත් ගරු බුහුමන් එදා තියෙන්න ඇති දැන් නැහැ.
පිදුරංගල
නොදන්නා ලබ්බවල් ගැන නොදොඩා සිටීමේ නිතිය යටතේ නම් පිදුරංගල ගැන මම දෙඩීම වරදක්. ඒත් මට හිතුන මට පෙනුන විදියට පිදුරංගල කියන්නේ ඉතිහාසෙට අයිති වැදගත් තැනක්. එතන වර්ථමානය තෙක් තියෙන විශේෂ වතාවත් හෝ ගරු සලකුනු කල යුතු තැනක ්නෙමෙයි. එහම කරපු බවකුත් පේන්න ැනැහැ. සිගිරිය පේන නිසා, සුද්දෝ යන නිසා, ගහපු සෙල්ෆි තියෙන නිසා මිනිස්සු එතනට යනවා එතනට ගිහින් පුක පෙන්නලා සෙල්ෆි ගහනවා.. පුක කලුයි..කලුයි කියල මැරෙන්නයැ.
ඒ වුනාට ඕකෙන් නැතිවෙනවා නේ?
ඇත්තටම මොකද්ද නැතිවෙන්නේ? එක් එක් කාලයේදී ගතහොත් ඇදුම පැලදුම අනුව ගරු කරන විදිය වෙනස්. බුදුන් දවස ගත්තොත් බුදුන් දා ගණිකාව කියන්නේ පට්ට තැනක්.. දැසි දසුන් මාලිග තනාගෙන යාන වාහන තියාගෙන ලොකු සිවිල් බලයක් තියාගෙන උන්නු පිරිසක් තමයි නගර ශෝබිනියෝ සහ ගණිකාවෝ කියනනේ. අද? අද ලංකාවේ ගණිකාවක් කොච්චර උසස් වුනත් බහුතරයක් මිනිස්සු ඒ ගෑනිට බනින්නේ වේසියක්කෙියලා? ඒ කියන්නේ ගණිකාවගේ අයිඩන්ටි එක එදා තිබුන අගය අද වෙද්දි වෙනස් වෙලා..
ඇත්තටම මිනිස්සු සියක් දෙසීයක් පිදුරංගල ගිහින් පුක් පලු තුන් හාරසීයක්පෙන්නාගෙන සෙල්ෆි ගැහුවම මොනාද නැතිවෙන්නේ? එහෙම නැතිවන දෙයක් තියෙද? මට නම් හිතෙන්නේ ඒක සිම්බල් නැතිවිමක් විතරයි.. එහෙම නැතුව ඇත්තටම නැතිවෙනාව කියලා දෙයක් නැහැ.
එක්ස් කන්ඩායම සහ වයි කන්ඩායම
1985-1988 වගේ කාලෙන් පස්සේ ඉපදුන අය සහ ඊට පෙර අය අතර ස්ථාන දේවල් සංස්කෘතිය ගැන තියෙන මතය තරමක වෙනසක් ගන්නවා. ෆේස්බුක් අවකාශයෙ වුනත් පිදරංගල පෙන්වන පුක හරහා යමක් නැතිවෙනවා සංස්කෘතියක විනාස වෙනවා කියලා අපිට වදාරනනේ බොහෝවිට අපිට පරණ පරම්පරාවේ අය. අපි කිව්වට මම නම් අයිති එක්ස් ට..අලුතින් ආපු ස්මාට්ෆෝන් එක 11-12 වසරෙදි අතට ආපු එවුන්ට පිදුරංගල පුක පෙන්විම හරහා නැතිවෙන දෙයක් ගැන කතා කරනවාට වඩා එය ආතල් එකක් කියලා අරං තිබුන බවකුයි පෙනුනේ.
හිරකිරීම සහ නිදහස් වීම
මම පහුගිය කාලේ කුඩුම්බිගලගියා පානම පැත්තේ තියෙන. පානම කියන්නේ අරුගම්බේට යටින් තියෙන පොඩි ලස්සන පලාතක්. මේ පලාතේ තියෙනවා කුඩුම්බිගල ආරණ්‍යය. මේ ආරණ්‍ය සේනාසනයේ ගලක් තියෙනවා. මේ ගල උඩ පරණ නටඹුන් තියෙනවා. චෛත්‍යයක. මේ ගල පහල නගින්න පටන් ගන්න තැනම විසාල බොඩ් එකක් තියෙනවා. සොට් ඇදන් නගින්න බැහැ. විනිත ඇදුම් ඇදන් නගින්න කියලා ලොකුවට ඉංගිරිසියෙනුත් ගහපු බොඩ් එකක්. සැබැවින්ම මේ කුඩුබ්මිගල හරියේ තියෙන්නේ කැලේ..මේ මහ කැලෑවේ හාමුදුරුවෝ භාවනා කරනවා වෙන්නට ඇති. ඒත් පිරිසක් සද්ද නැතුව ඝෝෂා නොකර ගල් ගෙඩිය බලලා ආවම ඉවරයි නේද? එතනින් එහා ඒ අය අදින ඇදුමේ දිග පලල සෝට් එකේ උස සොයන්න යෑම මම හිතන්නෙ ආගමිකයින්ට නුවමනා වැඩක්.
එතන තියෙන වීව් එකේ හැටියට එතන හොද සංචාරක තැනක් කරගන්න හැකියාව බලධාරින්ට තිබුනා. එත් බලධාරින් ආගමට සලකන්න ගිහින් අපරාදේ ලස්සන තැනක් බොරුවට සිමා කරලා තියෙනවා කියලා මට හිතුනේ.
පුක පෙන්වන අයට අයිතියක් නැද්ද?
පුක කියන්නේ කොහොමටවත් ලිංගික අවයවයක් නෙමෙයි. එහෙනම් කුඹුරු කොටන සියාතු මාමාත් කිතුල් මදින්න පොල් ගස් මදින්න යන රොද්‍රිගු අයියලාත් ලිංගික අසභ්‍ය දර්ශනපේනනුවා කියාල හිරේ දාන්න ඕනි නේ. කොල්ලෝ ටික ගත්තේ ආතල් එකක්. එතැන තිබ්බ ලබ්බේ අද වෙද්දි වදින පුදන සිද්ධස්තානයකුත් නැහැ. මෑතකදී ගිහින් ජනප්‍රිය වුනාම කට්ටියකට ඉත්තෑවෝ දුවන්නත් අරගෙන තියනවා. ඒත් සරලව හිතුවොත් අපි මීට වඩා ප්‍රොෙටක්ශනිසම් වලින් (ආරක්ශනවාදයෙන්)  එහාට හිතන්නට ඕනා. පරණ නාකි සීයලගේ විතරක්නෙමෙයි මේවා. මේවා අලුත් කොල්ලන්ට ත් අයිතියි. උන් ගිහිල්ල පුක පෙන්නුවම අරක නැතිවෙනවා මේක නැතිවෙනවා කියලා හොයන අය පොඩ්ඩක් කොල්ලන්ගේ කොලු වැඩ දිහා උපේක්ෂාවෙන් බලන්න හුරුවෙනවා නම් හොදයි.

සිද්ධින් සංසන්දනය කිරීම
මේක අමු ගොබ්බ වැඩක්. ඒත් ඉතිං පොඩ්ඩක් කරලම දානවා හැමෝම කරන නිසා. දැන් මේ පිදුරංගල පුක පෙන්විම හොද නෑ කියලා කියන උදවිය ඉන්නවා නේ. උන්ගේ ස්කෝල වලත් බිග්මැච් එකෙහම තියෙනවා නේ. ඒ කාලෙට කොල්ලෝ නොකරන උලව්වක් නැහැ. ගෑනු විදියට අදිනවා. පාරේ හූ කියනවා, පාරවල් බ්ලොක් කරනවා, කෙල්ලෝ යනවා නම් කෑ ගහනවා, පාරයිනේ ඇන්ටියෙක් හිටියත් පුක පෙන්වනවා. ඒ වුනාට මේ ලොකු ඉස්කෝලවල ඉන්න සද්ගුණවත් උපාසකයින්ට ඒ සියලු වැඩ පේනනේ කොල්ලන්ගේ කොලු වැඩ විදියට..බාගෙදා මේ පුක පෙන්වන උනුත් උන්ගේ ඉස්කෝලේ ඉගෙනගත්තාය කියලා ආරංචි වුනොත් නම් ආන්නඑ එදාට මේකත් කොලුකමක් කියලා ලකුණු දාවි.
මට පේන්නේ ඒ මිනිස්සුන්ට බාදා කරගෙන කෑ ගහන හූ කියන සංස්කෘතිය තුල හානිවෙන්න ගොඩක් දේවල් තියෙනවා. අඩුවශයෙන් පාරෙ ගමනක් යන මිනිහෙක්ට හරි බාදාවක් වෙනවා. ඒත් පුකක් ෆේස්බුක් දැම්මා කියාල නැතිවෙන හෝ අලුත්වෙන දෙයක් තියෙද? නැනේ.
සංස්කෘතිය රකින අලුත් විදි
සංස්කෘතිය ලස්සන වචනයක්. සංස්කෘතිය කියන්නෙ එදා නෙමෙයි. අදත් තියෙන්නේ ඒක. පුක පෙන්වීම කලාවක් නම් ඒක එහෝම ගිය දෙන්. සමහර විට තව සතියක් දෙකක් ගියානම් මේ කොල්ලන්ගේ කලුපාට කබර පුකවල් වෙනුවට මාස ගනන් ක්‍රිම් උලලා පිදුරංගල ගිහින් පෙන්වන්නම තියාගනිපු ලස්සන,සුසුදු සුදුමුදු, රෝසපාට ගෑනු පුකවල් සිරියස් එකක් අපිට බලාගන්නට තිබුනා. ඒත් මේ හැම එකටම සංස්කෘති,සභ්‍යත්ව ඇදගෙන පුකදීගෙන නියවන වදුරු හැත්තක් පිදුරන්ගල කොල්ලනගේ පුකවල් ටිකටත් නියවන්න ගත්ත නිසා ආන්න ඒ අලුතින් ආපු පුක පෙන්වීමේ සංස්කෘතියට බාධාවක් එල්ල වුනා. සමහර විට බාධාවන් මැඩගෙන ඉස්සරහට යයි. ඒත් බොහෝවිට මේ පුක පෙන්වීම මෙතනින්ම නවතියි.
දැන් ඔබට සතුටුයිද? පිදුරංගල දි කොල්ලො පුක පෙන්නීම නැවැත්වූ නිසා  ඔබේ සංස්කෘතිය සභ්‍යත්වය රැකුනාද?

Monday, September 24, 2018

කාශ්මීර හිමාචල් ගමන 2 ජම්මු සිට ශ්‍රී නගර්

ඇයි ඔයාල දිල්ලි ඉදන ශ්‍රී නගර් ෆ්ලයි කලේ නැත්තේ?

දිල්ලි සිට ශ්‍රී නගර් වෙත ගුවනින්ද යා හැකි නමුත් අපි තෝරාගත්තේ දුම්රියෙන් සහ වාහනයකින් යන පැය 24ක් විතර ගෙවා ශ්‍රීනගර් වෙත ළගාවෙන දීර්ඝ ක්‍රමයය. එකක් ෆ්ලයිට් ගාස්තු ගනන් වැඩිය. ශ්‍රී නගර් යනු ජනප්‍රිය සංචාරක ස්ථානයක් වන බැවින් එහි සෑම කාලයකදීම දිල්ලි සිට පැයක ගුවන් ගමනකට ඉන්දියන් රුපියල් හාරදහක් වත එක් පසකට වියදම ්කල යුතු වේ. අනෙක නම් අපි යන්නේ කාශ්මිරයේ ශ්‍රී නගර් හි ඇති යම් දෙවොලක් හෝ විශේෂිත ස්ථානයක් තෝරාගෙන එය නැරඹීමට වත් කාශ්මිරයේ උත්සවයක් කවර් කිරීමටවත් නොවේ. අපේ ගමනේ අරමුනු රට තොට දැකබලාගැනීමයි. ඒ නිසා අපි මග දිගේම ශ්‍රී නගර් කරා යෑමට සිතුවෙමු.

කෝච්චි පාරක් නැද්ද ශ්‍රී නගර් වලට

දුම්රිය ගැන ගූඝල් කිරීමේදී ශ්‍රී නගර් යනු පට්ට තැනකි. ඇත්තටම ශ්‍රි නගර් වෙත දුම්රිය මගක් දැන් වසර කිහිපයක සිට විවෘතව පවතී. එහෙත් ඉන්දියාවේ වෙන කිසිම නගරයකට සම්බන්ධ නැති හුදකලා දුම්රිය මගක් ලෙස මෙම බනිහාල් ටු බරමුල්ලා දුම්රිය මග පවතී. මෙහි නිධාන කතාව රසවත් එකකි. ජම්මු දක්වා දුම්රිය මග පෙර සිටම සැදී තිබුන අතර මෑතකදී එය උදම්පූර් සහ කට්‍රා වල විශ්නු දේවාලය දක්වා ඉන්දයිාව විසින් හදන ලදී. එන්ම දිල්ලියෙ ්සිට කට්‍රා දක්වා දුම්රිය මග දැන් හදා අවසාන අතර කට්‍රා දක්වා දුම්රියෙන් පිවිසිය හැකිය. එසේම ශ්‍රී නගර් පැත්තේද කිලෝමීටර 100 පමණ කොටසක් තැනිතලා බිම හරහා දුම්රිය මග තනා එහි දුම්රියද ධාවනය වේ. ඉතිරි කිලෝමීටර 150ක් කාලයක් තිස්සේ වැඩ ඇදෙමින් යයි. කදුකර බිමක් හරහා වැටී ඇති එම කොටස උමං,උසැති පාලම් ආදියනේ සමන්විත දුෂ්කර මගකි. හදාගෙන යනවිට , එතෙක් සැදූ ඇතැම් කොටස් කඩාවැටී තිබුනි. දැන් වසර ගනනාවක් ගොසිනුත් දෙපස දුම්රිය ගමන් විවෘත කලත් මැද කොටස අතරමග නැවතී තිබේ.

ශ්‍රී නගර් හි ධාවනය වන්නේ ලංකාවේ රුහුණු කුමාරි ධාවනය වන එස් 11වර්ගයේ ඩීසල් ඉලෙක්ට්‍රික් මල්ටිපල් යුනිට් ආකාරයේ දුමිරියකි. ඒ දුම්රිය මැදිරි සහ එන්ජින් විශාල කන්ටේනර් ප්‍රවාහනය කරන වාහන වලින් ඒ දුම්රිය මගට ගෙනැවිත් තිබේ.
ශීත කල එ දුම්රරිය 


ජම්මු වලදී

අපි ජම්මු වලට ලගා වනවිට උදෑසන 6 පමණ වී තිබුනි. ජම්මු වලට ලගා වන විට දිල්ලියෙන් රාත්‍රී පිටත්වු සනීපදායක සම්පූර්ණ වායුසමනය කරන ලද දුම්ියක් ජම්මු දුම්රිය නැවතුමේ නවත්වන ලදී. එවැනි වූ සැප සනීප දුම්රිය තිබියදී කසි කබලක් බුක් කිරීම පිළිබදව මා මිතුරන්ගෙන් නැවත්ත ප්‍රශංසා ලබාගතිමි. ඉන්දීය දුම්රිය සේවයේ චාටර් මෙලෝ රහක් නැති දුම්රිය සේම වේගයෙන් නම් සුපිරිම නැතත් පහසුකම් වලින් ආඩ්‍ය වූ රාජධානි, ඩුරන්ටෝ, ඒසී සුපර්ෆාස්ට් ආදී දුම්රිය ජාති තිබේ. ඒවායේ ගමන සනීපදායක බව අන්තර්ජාලයේ වාර්ථා වල තිබුනි. 

සැප රාජ්ධානි දුම්රියක්

ජම්මු වලදී වාහන හෙව්ව හැටි

අපි කන්ඩායමෙන් මින් පෙර වරක් හෝ ඉන්දියාවට පැමිණි කිසිවෙකුත් නොවිය. රුචක යාලුවාට හින්දි බස පුළුවන් වූයේ ඔහු මැදපෙරදිග රටක සේවය කල නිසාය. එහිදී ඔහුගේ සේවකයින් රැසක් ඉන්දියානු ජාතිකයින් වීම නිසා රුචක යහළුවට හින්දි ටිකක් පුලුවන් විය. අපි ජම්මු වලින් බැස්ස තැන සිට අපට අවශ්‍යතා ගොඩකි. අපි දැන් ලංකාවෙන් ඇවිත් පැය 24කි. තවම හොටල කාමරයකට නිසි වැසිකිලියකට නොගිහින් සිටි අපි වචනේ පරිසමාප්ත අරුතින්ම හඩ්ඩෝ විමු. අපිට ටිකක් ඇගපත හෝදාගන්නට හෝ මූන සෝදාගන්නට අලුත් ඇදුමක් දාගන්නට තැනක් උවමනා විය. ඇතැම්විට දුම්රිය ස්ථානයේම ඒ පහසුව තිබෙන්නට ඇතිමුත් අපිට එය සොයාගන්නට බැරි විය. කෙසේ හෝ දුම්රිය ස්ථානයෙන් එලියට ආමු.

ජම්මු දුම්රිය ස්ථානයෙන් එලියට බැස්ස තැන මදක් ඉදිරියෙන් ඇත්තෙේ ටැක්සි ගාලයි. පොඩ්ඩක් ඉදිරියට ගොස් අපිට බස් රියකට නැගගන්නට ද හැකියාව තිබූ මුත් අපිට ටිකක් පිරිසිදු වී කාබී නිවිහැනහිල්ලේ යෑමට උවමනා වූ සෙයින් අපි වාහනයක් වෙන් කරගන්නට සිතුවෙමු. පිරිස බෙදී වාහන සොයන්නට වූ අතර කන්ඩායම් දෙකකටම හොද වාහන සෙට් වී කුමක යන්නේදැයි කුඩා මත ගැටුමක්ද ඇති විය. අවසන අපිට ටොයෝටා වර්ගයේ ආසන හතේ කැබ් එකක යෑමට තීරණය කලෙමු. අපි ටුවරිස්ට් හෝ අපේ කන්ඩායම ලොකු වීම නිසා ඔවුන් වැඩිපුරමුදලක් අපෙන් කැපූ බව අපිට පෙනී ගියේය.

උදෑසන කෑම

අපිට සිටි රියදුරු මහතා පන්ජාබ් ජාතිකයකේ විය. ඔහු ගේ සෙටප්පුවේ සිංදු අපිටද දිරවන ඒවා විය. ඒ පන්ජාබ් කාරයා හෝ සික් කාරයා කන්නට නැවැත්වුයේද පන්ජාබ් තැනකය. හොදට ඉඩ පහසුව තිබූ එතන එතරම් පිරිසක්ද නොසිටියේය. මෙනු එක ආ පසු තිබුන කෑම වර්ග වැඩි හෙයින් කුමක් ඕඩර් කරන්නේද ? ඒවා මොන වගේදැයි පස්නයක් අපිට ආමු. එවර අපි එක් එක් වර්ගයෙන් කෑම ජාති ඇනවුම් කල අතර ඉන්දියානු කෑම ගැන පෙර සංසාර පුරුද්ද සහිත රුචා අපිට කැම ඇනවුම් කරන්නට විශේෂ දායකත්වයක් අපට ලබා දුනි. ඔහු කිව්වෙ ්නැතිනම් අපි මෙනු එකේ තිබූ චාටර්ම කෑම පවා ඇනවුම් කරන්නට ඉ ඩ තිබුනි.

සැබැවින්ම එය නොවුනාම නොවේ. මා කිරි ඇතුලත් ආහාරයක් ඇනවුම් කල අතර එයතනා තිබුනේ මුදවපු කිරි සහ වෙනත් දේ එකතු කරලාය. එය කුමක්දැයි දැන් මතක නැතිමුත් එය ගත්ත මෝඩ කමට අනික් එවුන්ට පේන්නට රස කරමින් කෑව බවනම් මතකය. කෙසේ හෝ අපිට බඩ කට පුරා එතනින් කන්නට ලැබුනි. නැවත ඇගපත හෝදාගැනීමට මොකද්දෝ කිතියක් ආපු බැවින් අපි හිමීට මූන ටිකක් හෝදාගෙන වාහනය තුලට නැංගෙමු.

අමාරුවෙන් ඒත් විනෝදෙන්

අපිට යන්නට සෙට් වූ වාහනය තුල 6 දෙනකුට සණීපෙන් යා හැකිය. එහෙත් 8ක් යනු ඇත්තටම වැඩි ගානකි. එහෙත් අපි ඉතාම සතුටින් යැයි කිය නොහැකි නමුත් එය විදගෙන ගමන ගියෙමු. මෙය කිලෝමීටර 50-60ක ගමනක් නොවේ. කිලෝමීටර 300ක් විතර ඇති කදුකර මාර්ගයේද යන්නට වන දීර්ඝ ගමනකි. එම නිසා අපිට අපහසුව පසුව තදව දැනෙන්නට විය. බස්රියද තිබුන මුත් බස් රිය වල ගියේ නම් අපිට කෑමට සහ අවට බලාගැනීමට ලොකු ඉඩක් නොලැබෙන නිසා මේ ආකාරයෙන් කැබ් එකක් ගැනිම හොදයි යැයි පසුව සිතුනි.

අතරමග නැවතුම

ඒ පාර අලුතින් හදලා ඉවරවුනු වකවානුවයි. පාරේ බොහෝ තැන් හොදින් තිබුනි. තද ආනතිය සහිත පාරේ ම්ම්ම්ම්.. නද නගමින් විශාල ලොරි රථ යන්නේය. ඒවා පසුකරමින් අපේ පංජාබි මුත්තා කෙසේ හෝ අපේ රථය ඉක්මනින් ගෙන ගියේය. මේ පලාතේද රිලවුන් ඇතිපදන් උන්න අතර අපි චූ කරන්නට සහ විවේක ගන්නට නැවැත්වූ තැනද රිලවු කිහිප දෙනෙක් වූහ. අපි ගිය මගේහිම තිබූ නමුත් ලංකාවේදී කදුකරයේ විදගන්නට ලැබෙන කුඩා සීතලක් අපේ ගත වෙලාගන්නට විය.

බූමි දර්ශන

මෙහි ඉහලට යන විට සීතල සමගම බූමි දර්ශනද වෙනස් වන්නට විය. පයිනස් වර්ගයේ දාර සහිත ගස් වැල් මග දෙපස විය. මේ මග අලුතින් තැනූ නිසාදෝ හෝ මග දෙපස කඩ ආදිය අඩු විය. අපි උදම්පූර් වල නැවතී උදම්පූර් බැංකුවකට ගියේ එතෙක් විසදී නොතිබුන අපේ මුදල් මාරු කිරීමෙ ගැටළුව විසදාගැනීමටයි. එහෙත් එයද ව්‍යර්ථ විය. අප මොන මොනවා හෝ කෑම ජාති ආදිය බෑග් වල දාගෙන ඇවිත් තිබුනි. උදේ කෑම සැරටම ගත්ත නිසා දවල් වෙන විට කෑම වැඩි උවමනාවක් නොවීය. එහෙන් මෙහෙන් බිස්කට්ද අපේ බඩවල් තුලට ගියේය. වතුර නම් අපි කොහෙන් හෝ ගත්ෙතමු. ඉන්දියාවේ ඇල්වතුර ලංකාවට වඩා තරමක් ලාබය. එවකටද වතුර ලීටරයම රුපියල් විස්සකට විතර ගන්නට හැකියාව ගොඩක් තැන්වල තිබුනි. 


අතරමග පොලිස්

මෙවර අප නැවැත්වූයේ මා සිතන විදියට බෝඩර් පොලිස් සේවාවක් විසිනි. එනම් අපි ශ්‍රී නගර් වෙත පිවිසෙන විට වාහන සොයාබලන පොලිස් ඛන්ඩ තියේ. ශ්‍රී නගර් යනු කලබල තියෙන පලාතකි. ජම්බු කාශ්මිර් වල කලබල තියනෙවාය කියනු අපිට නිවුස් වල දකින්නට ලැබේ. ඒ කලබල නම් ජම්මු කාශ්මිර ප්‍රශ්ණය ලෙස හදුන්වන පාකිස්ථානය ඉන්දියාව වෙන්වී කාලසීමාවක් ගියත්තවමත් නොසිදුනු ගැටළුවකි. කෙසේ හෝ අපි නැවැත්වූ පොලිසිය අපේ වාහනයේ රියදුරු තැනගේ ඩොකියුමන්ට් බැලුවේය. 


රියදුරු ගාව කුමක් හෝ සහතිකයක් නැත ිවිය. හැරත් වාහනය ඕවර්ලෝඩ්ය. වාහනය ඕවලෝඩ් යෑම වරදකි. ඉතිං එයට මා සිතන්නේ රියදුරුට යම් කිසි දඩයක් හෝ පගාවක් දෙන්නට සිදුවන්නට ඇත. ඒ තැන පලාත්බාර ඉහල තැන වැනි ගරු පොලිස් නිළධාරියෙක් විය. විය යුතු විදියටම හේ තෙමේ අපි සමග කතා කලේය. අපි ලංකාවේ බව දැනගත් විට අපෙන් ක්‍රිකට් ගැන අසන්නට විය. ඔහු අප සමග සෙල්ෆියකටද මුහුන දුන්නේය. ඒ වන විට හවස 4-5 පමණ වේලාව විය. රෑ බෝ වන්නට පෙර ශ්‍රී නගර් වෙත ලගාවීම අපේ අරමුණවුවත් අපිට ඒ අරමුණ සම්පූර්ණ කරගන්නට නොහැකි විය.

ශ්‍රී නගර වල කාමර සෙවීම

ශ්‍රී නගර් වෙත අලුත් වාහනයක් ගිය තැන කාක්කෝ වාහනය වට කර ගනී. කාමර සොයා දෙන්නෝ ටුවර් සංවිධානය කරන්නෝ බොහෝය. ඔවුහු අපිට නිවිහැනහිල්ලේ මොකුත්ම කරගන්නට නොදෙති. අපිට මගදී හමු වූ පොලිස් කාරයා තැනක් කිව්ව නිසා අපි එතැන බලා ගියෙමු. අහෝ ඛේදයකි. එය ඉන්දියානු රුපියල් තුන්හාරදහක් කාමරයකට ගෙවන්නට වෙන ටිකක් පොස් තැනකි. ඇත්තටම අපේ ලයින් එක ඊට වඩා බොහෝ සෙයින් අඩු විය. ඒ නිස අපි වෙනත් තැනක් බල්නනට සිතුවෙමු.

සිරි නගර් පෝන් අවුල

වෙනත් නගරයක නම් ගිය තැන ෆෝන් සිග්නල් තිබේ. ඩේටා තිබේ. කෙලින්ම බුකින් බලා රූම් ගැසිය හැකිය. එහෙත් ශ්‍රී නගර් වලට රෝමින් වත් මෙලෝම අලදානයක් වැඩ නැත. අනෙක් පසින් අපිට ඉන්දියානු සිම් එකක්ද නොවිය. එබැවින් අන්තර්ජාලය නැත. අපිට දැන් සොයාගැනීමට ඇත්තේ සාමාන්‍ය ක්‍රමයටය. ඉතින් අපි පුරුදු පරිදි සොයන්නට විය.

විලේ ගෙදර

ශ්‍රී නගර් හි ෆෙවා විල කමනිය තැනකි. එහි හවුස් බෝට් නොහොත් විල මත තිබෙන ඔරු වැනි තැන්වල ඉදි වූ ලස්සන බෝට්ටුය. මෙම හවුස් බෝට්ටුවක නවාතැන් ගන්නට අපි තීරණය කලෙමු. හවුස් බෝට්ටුවේ කාමරයකට රුපියල් 1500ක් විතර ගිය බවක් මට මතකයේ යාන්තමින ්තිබේ. අපි කිහිප දෙනෙක් හවුස් බෝට් එකට ගිය අතර යාලුවෝ දෙතුන් දෙනෙක් කෑම සොයන්නට ගියෝය. ඔවුන් කෑම සොයාගෙන ආවේය. ඒ කෑම ගැන නම් ලොකු මතකයක් නැතිමුත් දිනක් නිදිවරා දවස පුරාම ට්‍රැවල් කර සිටි අපට හොදට නිදාගන්නට උවමනා විය. ලැලි මත තැනූ මෙම නිවහන අලුත්ම අත්දැකීමකි. එහි එලියට බැස්ස විට සිගරට් එකක් ගන්නටවත් පයින් යන්නට තැනක් නැත. සියලු අවශ්‍යතා වලට බෝට්ටුවෙන්ම යා යුතුය.

ශ්‍රී නගර්

ශ්‍රී නගර් අපි මේ යන්නේ 2015 දීය. ඉන් පසු බුර්හාන් වානි නැමැති කැරළිකරුවා ඝාතනය වීමත් සමගම ශ්‍රි නගර් තත්වය තවත් දරුණු විය. අනෙක් අතින් නරේන්ද්‍ර මෝඩ්ි යනු තරමක් හින්දු අන්තවාදි අයෙකු නිසා ශ්‍රී නගර් හි අහිංසක මුස්ලිම් ප්‍රජාවට ලොකු ලැබීමක් ලැබේයැයි සිතන්නට අමාරුය.

ඇයි ශ්‍රී නගර්ම?

අපි මුලින්ම රට යෑමට ප්ලැන්කර තිබුූන නමුත් අපේ අදහස වූයේ නේපාලයේ පොකරා කරා යැමටය. එහෙත් පොකරා සහ නේපාලය සොලවමින් 2014 දී මහා භූමිකම්පාවක් ඇති විය. මා සිතාගෙන සිටියාට වඩා බූමිකම්පාව දරුණු බව මට වැටහුනේ 2015 දී ගමන ගිහින් ආවටත් පසුය. එහිදී මාගේ නම් අදහස වූයේ අපි කලින් දමාගත් පොකරා ගමනම යා යුතු බවය. එහෙත් එහි ඇති තත්වය සලකා බලා මිතුරන් අපි කාශ්මීරයේ යමුදැයි ඇසූහ. මා එතරම් දැඩි කැමැත්තක් නැති වුනත් කාශ්මිර ගමන යෑමට කැමති විය. එහෙත් පසුව 2017 දී පමණ මම ෙෙනේපාල  පොකරා වෙත ගියේය. කාශ්මීරය ලස්සනය. පොකරා ද ලස්සනය. කාශ්මීරය පිහිටියේ ඉන්දියාවේය. පොකරා නේපාලයේය. ඉන්දියාවට වඩා නේපාලය නිස්කලංකය. එහෙත් සොබා සෞන්දර්යය අතින් ශ්‍රී නගර් එයට ම ආවේණික වූ ලස්සනකින් යුක්තය.



අපි ජම්මු ඉදන් සිරිනගර් වෙත ගිය හැටි ගැන පොඩි රූප වීඩියෝ ටිකක් උඩ වීඩියෝ එකේ තියෙනවා.













Sunday, September 23, 2018

කාශ්මීර හිමාචල් ගමන පලවෙනි කොටස

අප ගුවන් තොටට ආයේ පාන්දරය. ගුවන් ගමනක කලින් යෙදී නැති මාගේ මුල්ම ගුවන් ගමන මෙය විය. පාස්පෝට හැදීම ගුවන් ටිකට් පත් වෙන්කිරීම සහ අනෙක් කටයුතු සියල්ලම මා විසින් මිතුරන්ගේද උදව් ඇතුව කලෙමි. පලමු ගුවන් ගමන නිසා මා සිතුවේ වැදගත් මිනිසුන් ගුවන් යානා වල යන නිසා ලස්සනට ඇද පැලදගෙන යායුතු බවයි. ඒ නිසා අත් දිග කමිසයකින් දිග කලිසමකින් සැරසී සපත්තුද දා මා කටුනායක ගුවන් තොටුපලට මිතුරා සමග ආවෙමි. එකල මා නවාතැන් ගෙන සිටියේ මහරගමය. මහරගමින් පටන් ගත් බජට් ටැක්සියට මාලඹෙන් සෝඩාද එකතු විය. 
අපේ කට්ටිය
සෝඩාද මාද ඇතුළු නඩේ ඔක්කම 8කි. එයින් දෙකක් අලුත් කපල් එකකි. එනම් ඔවුන් විවාපත් වී මාසයක් හෝ දෙකකි. එවැනි ගමනක් ඒමට ඒ යුවතිය කැමති විය. ඇය සැබැවින්ම නිර්භිත අයෙකි. මෙතැන ඉතාලියේ සිටි මිතුරෙක්ද සිටී. ඔහු කොළඹ සිට ඉතාලි යනවාක් මෙන් තල්ලු කරගෙන එන ගමන් මල්ලක්ද රැගෙන ආවේය. ඔහු නම් ගුවන් තොටට ආවේ කොට කලිසමකින් සැරසී ගෙනය. මා මිතුරු ගම්පහ චතුරංග පැමිණියේ සිය පියා සමගිනි. සිය වයිෆ් සමග නිශ් අයියා පැමිණියා විය යුතුය. කට්ටියම ගුවන්තොටුපලේදි එකතු විය. (නිශ් අයියා පසුව දිල්ලියෙන් අපි සමග එකතු විය ) ඩුබායි සිටි රුචා නම් ගුවන් ගමන් කාපර කෙනෙකි. මා පලමු වරම ගුවන් තොටට ගියානම් එය අන්දුන් කුන්දුන් වෙන වැඩකි. බස් එකක කෝච්චියක යනවාට වඩා ගොඩක් වැඩ ගුවන් ගමනකදි කරන්නට තිබේ. එබැවින් අත්දැකීම් ඇති සෙට් එකකට සෙට්වීම මාර වාසියකි.
ගුවන් යානය
එය බොම්බාඩියර් නැමැති ලංකාවේ කටුනායක සිට ඉන්දියාවේ චෙන්නයි දක්වා යන අඩුම මිල ගුවන් යානය විය. එකල එහි ටිකැට් පත රු 25,000කට ආසන්න විය. අපි යන්නේ කාශ්මීරයට වුවත් කොළඹ- චෙන්නයි හරහා දිල්ලියට ගොස් එතැනින් දුම්රියේ යෑම අපේ අරමුණ විය. ඒ ස්පයිස් ජෙට් වල බොම්බාඩියර් ගුවන් යානය ගැස්සෙන එකකි. මාගේ මිතුරු ඉතාලි යේ සිට පැමිණි ඩිලාත්, ගුවන් ගමන් කිහිපයක්ම ගොස් ඇති රුචාත් ඉන් පෙර එවැනි රූම් පෙති සහිත බොම්බාඩියර් ගුවන් යානයක ගමන්කොට තිබුනේ නැත. මට නම් මොකේ ගියත් වැඩි වගක් නැත. ඉතාලි ඩිලා ගුවන් යානාව ගැසසෙන විට හාපෝ මේ ලකඩම වැටෙයිද දන් නෑ ආදී වදන් දුන් නමුත් මට නම් ඒ පලමු ගමන නිසා එය වැඩිය වගක් නැතිවිය. කොහොමත් අපේ ගමේ බස් එහෙම ඔහොමය ගැස්සෙනවනේ? කියා මට සිතුනි.
ආච්චිලා සිට් අල්ලන්න පොර කෑවනෙ
ගුවන් ටිකැට් පතේ ආසන අංකයක් තිබුනා. ඒත් අපේ ගුවන් යානේ යන්න ගිය ආච්චිලා ටිකකට කණ වැටිලා සිට් නැතිවෙිවිය කියලා. අනේ ඒ  ගොල්ලා පොරකකා ගුවන් යානයට නගින්න ගත්තා. ඒ සිද්දියට මගේ යාලුවෝ වගේම ගුවන් යානයේ සිටි කාර්යමන්ලයටත් හිනා. අනික් අය හිනාවුන නිසා මාත් හිනාවුනා. පස්සේ තමයි මම දන්නේ හරි සීන් එක. ඒ දැනගත්තට පසසෙ මම ඇතිවෙන්න ආයිම හිනා වුනා. කොහොම හරි ගුවන් යානයට නැග්ගට පස්සේ හරි හීතලයි. බෙල්ට් එකක් දාන හැටි සහ කටින් පුම්බන මොකද්ද උලව්වක් ගැන කොටට ඇදපු කෙල්ලෙක් කිව්වා. ඒ ගුවන් යානේ වැටුනොත් පුම්බලා බේරෙන හැටිලු කියන්නේ.  ඒ කොටට ඇදපු ගුවන් සේවිකාව ගාව ටිකක් ගදයි. විලවුන් ගහල තිබුනත් ඒකිගේ ඇදුම මම හිතන්නේ සතියකින් විතර හෝදල නැද්ද කොහෙද? පෙලක් දා යට ඇදුමේ ගදද දන් නේ නෑහැ කොට ඇදුම නිසා යටේවැයිත් ගද දැනෙනවා ඇති නේ. ගද කොහොම වුනත් සිරියාවන්ත ඔක්කෝම දේවල් පිරිලා තියෙන සෝක් කෑල්ලක් ඒක.
දඹදිව නඩේ
දඹදිව යන්න ආපු නඩයක් චෙන්නයි බහිනවා කියන්නේ වහක්. මම පස්සේ හොයා බැලූ විදියට බුදුන් වහන්සේ ගේ සිද්ධස්ථාන තියෙන්නේ උතුරු ඉන්දියාවේ. ඒත් ගුවනින් චෙන්නයි ගිහින් එතනින් වෙනත් ගුවන් යානෙක දිල්ලියට හරි වාරනාසි ගයා වලට හරි යන එක පර්ස් එකට වාසියි. මේ දඹදිව යන්න අපේ ප්ලේ්න එකට ගොඩවුනු ඇත්තෝ ආවේ ලංකාවේ බොහොම දුර පලාත්වල ඉදලා වෙන්න ඕනි. අනේ ඒ කට්ටිය දන්නේ නැහැනේ මේ ගමන බොහොම දුර එකක් විත්තිය. ඒ මනුස්සයෝ ගමේ පංසලේ සිල් ගන්න යනවා වගේ සුදු ඇදුමින් තමයි ඇවිල්ල තිබුනේ. එක මනුස්සයෙක් ගේ සාක්කුවේ රුපියල් පන්දාහේ ලංකා රුපියල් කොල වගයකුත් තිබුනා දැක්කා. ලංකාවේ රුපියල් ලංකාවේ ගුවන් තොටින් පස්සේ පිච්චියක් වටින්නේ නැතිබව උන්දැ දන්නේ නැතුව ඇති. පව් ඉතිං..වැඩි හොදට ගෙදරින් හෝ කෙහෙන් හරි  මග වියදමට දිපු සල්ලි වෙන්න ඇති ඒ මනුස්සයා ගාව තිබුනේ.
එක අතකින් මට හිතුනේ මේක හරි වැරදි දෙයක්. අපි අපේ අම්මලා තාත්තලා රට යවන්නේ ආගමික දේකට. ඒකත් බොහොම තද ප්ලෑනක් සහිත දේකට. ඒ ගොල්ලා අපි වෙනුවේන දුක් මහන්සි වෙලා මුලු ජීවිතේම අපි වෙනුවෙන් සකස් කරලා දෙනෝ..සමහර වෙලාවට අපිට ගෙවල්දොරවල් හදලා දීලා, යාන වාහන අරන් දිලා, අපේ දරුවොත් නළවනෝ..ඒත් ඒ කට්ටිය විනෝද වෙන්න විදියක් හිතන්න් නැහැ. මගේ අම්මා නැහැ.එයා හදිසියේ නැතිවුනා 2009දි. මේ ගමන යෙදුනේ 2015 දි. ඒ වෙනකල් අම්මා ජීවත් වෙලා හිටිය නම් අපේ අම්මවත් වන්දනා නඩයකට දමලා වැඩි ගානක් ගෙවලා හරි සැප සංචාරයක යවන්න තිබුනා කියලා හිතුනා. අපේ තාත්තා ආගමට දහමට වැඩිය ලැදි මනුස්සයෙක් නෙමෙයි. බාගෙදා ආගම ගැන තියෙන කට කැඩිච්ච කතා සහ නොගැලපෙන මතවාද මට එන්නට ඇත්තේ තාත්තගේ ජාන සෙට් එකෙන් වෙන්නට ඇති.කොහොම වුනත් තාත්තා නිකං වදින පුදන නඩයක් එක්ක දඹදිව යවන්න ඕනි කියල හිතුනත් ඒකෙන් එයාට ලොකු ආතල් එකක් ලැබෙන එකක් නැහැය කියලා තමයි මට හිතුනේ. එයා ආගම විශ්වාස නොකරන නිසා.
මෙහෙන් ගත්ත බෝතල
මෙහෙ මොනාහරි සේල් එකක් තිබිලා ඩියුටි ෆ්‍රී එකේ අපි විස්කි ගත්තා. ගමන බොහොම තදබල දවස් ගානක එකක් නිසා අපි විස්කි බෝතල 6ක් අරං බැග් වල දාගත්තා. හප්පට සිරි. චෙන්නයි වලදි තමයි කේස් එක වුනේ. අපි ලංකාවේ ඉදන් චෙන්නයි ගියේ ඉන්ටනැශනල් ෆ්ලියට් එකක. ඒකෙදි හෑන්ඩ් ලැගේජ් එකේ විස්කි ගෙනයෑම අවුලක් නැහැ. ඒත් චෙන්නයි වලට ගියාම උන් අපේ බෑග් ස්කෑන් කරා. දැන් ඕන්න එක එකබැග් එක අපේ ඩිටෙක්ට් වෙනවා. අපේ ලිකර් තියන එව්වෝ පැත්තකට ගන්නවා. පසසේ අමාරුවෙන් අපි ලිකර් ටික හැන් ලැගේජ් නැතුව අනෙක් ලැගේජ් වල දැම්මා. ඒ වඩේට ටික වෙලාවක් ගියා.
චෙන්නයි වල ඩොමෙස්ටික් එයා පෝට් එක සහ ඉන්ටනැශනල් එක අතර කිලෝමීටරයක් විතර දුරයි.එ ්දුර යන්න ශටල් සර්විස් එකකුත් තියෙනවා. කොහොම වුනත් අර බෑග් වල ලිකර් පලහිලව්ව ටිකක් සැරට ගියා. ඒ අව් අස්සේ අපිට චෙන්නයි වලට ගිහින් චෙන්නයි වලින් ඊලගට යන්න තිබුන ෆ්ලයිට් එකට තිබුන කාලය පැය දෙකක් විතර. ඒ කිවවෙ ට්‍රාන්සිට් ටයිම් එක පෑ දෙකක් වගේ. අපි ටැග් ගහලා ඒවා ඇතුලේ ලැගේජ් එකට දැම්මා. ඒ අස්සේ ඉතිං බෝතල කුඩුවෙලා ලික් වෙලා සතියක්දෙකක් අදින්න තියෙන ඇදුම් ටික තෙමෙයි කියලත් බයක් තිබුනා. කොහොම වුනත් කරන්නවෙන දෙයක් තිබුන් නැහැ.ඒ ලිකර් ටිකන්ම අපිට සිරා වාතයක් වුනා ගමනෙදි.
නිශ් අයියා ආපු හැටි
ඇත්තටම අපි සෙට් එක ගුවන් ටිකට් වෙන් කරද්දි අවසානේටම අපිට එකතු වුනේ නිශ් අයියා. එයා ගමන කන්ෆර්ම් කරද්දි ගුවන් ටිකට් මිල අපි ගිය ගුවන් යානයේ ටිකක් වැඩිවෙලා. ඒ ගමන අපි සෙට් එක හොයාගත්තා ලංකාවෙන් මුම්බයි හරහා දිල්ලි යන ජෙට් එයාවේස් එකේ ටිකට් මිල අඩුයි කියලා. ඉතිං ජෙට් එකක් බුක් කල එයා. එයා ගියපු ප්ලේන් එකෙත් උපාසක අම්මලා නඩයක් ගිහින් තිබුනා. ඒ ජෙට් එයාවේස් එකේ නම් ලිකර් සහ කන්නබොන්නත් දිලා තිබුනා. ඒකට අපි ගිය ස්පයිස් ජෙට් එකේ. වතුර විතරයි නිකන්.  අපි ගියේ අගෝස්තුවේ. අගෝස්තු කියන්නේ ඉන්දියාවේ යන දඹදිව නඩ මෙහෙන් එහේ යන සීසන් එකක්. ඉතිං නිශ් අයියා අපිට ජොයින් වුනේ දිල්ලියේදී. හරිම ආශ්චරයක් තමයි ඒක. කොහොම හරි ගුවන් ටිකට් පත් එහෙන් මෛහන් අරන් අපි සෙට් එක දිල්ලියේදි එකතු වුනා.
දිල්ලියෙන් බැහැලා
දිල්ලියෙන් බැස්සට පස්සේ අම්බෝ රස්නේ. මෙහෙ තරම් ඇගට දැනෙන් නැතිවුනත් මහ පිච්චෙන රස්නයක් තියෙන්නේ. කොහොමින් හරි අපි බැස්සේ දිල්ලියේ ඩොමෙස්ටික් ටර්මිනල් එකෙන්. දිල්ලියේදි ගුවන් තොටුපලේ ඩොමෙස්ටික් සහ ඉන්ටනැශනල් ටර්මිනල්දෙක අතර කිලෝමීටර කිහිපයක දුරක් තියෙනවා. අපේ නිශ් අයියා බැහැල තිබුනේ ඉන්ටනැශනල් ටර්මිනල් එකේ. අපි සෙට් එක එකතු වුනා. එකතුවෙලා ඊලග මිශන් එක තමයි අපි ඕල්ඩ් දිල්ලි ඉස්ටේශමට යන එක. ඇත්තටම එතකොට අපි දිල්ලියට බැහුපු වෙලාව උදේ 10.30 විතර වගේ. පරණ දිල්ලි ස්ටේශමට යන බස් එකක් ගැන අහලා අපි නැග්ගා. නැගලා පරණ දිල්ලි දුම්රිය නැවතුමට ගියා.
හප්පා සිකේ ඕල් දිල්ලිය
ගුවන් තොටුපලේ ඉදලා පරණ දිල්ලියට ගමනේ අපිට හමුවුනු දර්ශන නම් හප්පා..ඉන්දියාවේ තියෙන ටිකක් සවුත්තුම පදාසයක් තමයි ඒ. රික්සෝ කාරයෝ..හත් අවුරුද්දකින් තින්ත නොගාපු කඩ ආදිය තිබුනා. අපිට තිබෙනු ලොකු පස්නයක් සල්ලි මාරු කරගැනීම. අපිට ඇත්තටම සල්ලි විදියට ඩොලර් තිබුනා. ඊට අමතරව අපිට කාඩ්ස් තිබුනා සල්ලි අදින්න පුලුවන්. මේවා තිබුනට මොකද ඇත්තටම විදෙස් මුදල් මාරුකිරීම ලංකාවෙදි වගේ ඉන්දියාවෙදි සරල නැහැ. ලංකාවෙදි නම් බැංකු ගොඩායි..බැංකු හරිම ලස්නයි නේ. දිල්ලියේ පරණ කොටසේ ( ඕල්ඩ් දිල්ලියේ) තිබුන බැංකු අපේ පිටකොටුවේ පෙට්ටි කඩ වගේ. හරිම අපවිත්‍ර වෙලා. ඒවායේ අපේ සල්ලි මාරුකරගන්න තියේය කියලා හිතන්න අමාරුයි. කොහොම හරි අපි ගල තිබුන ඉන්දියානු රුපියල් සුලු ප්‍රමාණයත් අරං ඕල්ඩ් දිල්ලි ගියා.
ඕල් දිල්ලි ස්ටේසම
පරණ දිල්ලි ස්ටේශන් එක කිය්නනෙ විශාල ස්ටේශමක්. ඒ වුනාට ඒකේ ජරාව ජරාව හැම තැනම. එපා වුනා. අනෙක් අතින් අපි ඕල්ඩ් දිල්ලි ස්ටේශමට ඇතුල්වෙන්නෙ අනෙක් පැත්තෙන්. ඒ කියන්නේ ස්ටේශමේ මේන් ගේට් එක නෙමෙයි ඔපොසිට් පැත්තෙන් තමයි අපි ඇතුල් වෙන්නේ. ඒ පැත්තෙන් බැලුවාම හරිම සවුත්තු දර්ශන සෙට් එකක් තමයි අපිට ඕල් දිල්ලි ස්ටේශම පෙනුනේ.
විස්කි නැවත ඇණයක් වූ වගයි
ඉන්දියාවෙ ස්ටේශන් වල තියෙනවා එයාපෝට් එකේ වගේ බැගේජ් ස්කෑන් මැෂින්. ඒවායෙන් සර්ච් වෙලා තමයි බෑග් එක ඇතුලට යන්නේ. දෙය්යන්ටම ඔප්පු වෙච්චාවේ අපේ අර විස්කි බෝතල ටික ආයෙම සර්ච් වුනා. මොනවා කරන්නද ඉතිං. උන්ට ඉංගිරිසි බැහැ. එතන හිටිය රේල්ලු පොලිසියට ඉංගිරිසිත් බැහැ. ඉන්දියානු රේල් සේවාවේ දි ලිකර් ගෙනියන්න බැහැල්ලු. කවුද ඉතිං දනනේ. අපිට සිද්ද වුනේ පැත්තකට වෙන්න.
යාන්තම් එයාල සේප් වෙන්න එන ලයින් එකකුත් තිබුනා. කොහෙමහරි අපේ නිශ් අයියා මැදිහත් වෙලාවැඩේ ගොඩදාගත්තා. අපි බුවාලට විස්කි දෙකක් දුන්නා. ඉතුරු ටික යාන්තම් පැක්කරලා දාගත්තා. කොහොම හරි පගාව දිල හරි අපි ඔක්කොම විස්කි ටික නොදි බඩු 4ක් ඉතුරු කරගත්තා. ඒ ගමන පස්නයක් ආවා. නැවත මේ විස්කි එලියට ගෙනියන්න බැහැ, මොකද ආයි ඇතුලට එද්දි චෙක් වෙනවා නේ. ඇත්තටමඕල් දිල්ලි වල මේන් එන්ටරන්ස් එක තියෙන්නේ එහා පැත්තේ. ඉතිං මේ බෑග් ටික ඇතුලේ තියලා මායි යාලුවෙකුයි ගියා සල්ලි මාරුකරන්න සහ කට්ටියට කෑම ගේන්න.
සල්ලි මාරුව
ඒ කාලේ ඉන්දියානු රුපියල් 63ක් ඩොලර් එකට. ඒත් අපිට ඩොලර් මාරු කරන්න උනේ 58ට වගේ. මොනවා කරන්නද ඉතිං ඩොලර් සීයක් හෝ දෙසීයක් අපි ාමරු කරගත්තා බ්ලැක් මාකට් එකෙන්. ඒ දිල්ලි ස්ටේශම වේදිකා 15ක් තියෙන විශාල ස්ටේශමක්. දන්න විදියට ඒක දිල්ලියේ තියෙන පැරනිම ස්ටේශන් එකක්.එ ්ත් අහල ගම් හතකවත් සල්ලි මාරුකරන්න බැංකුවක් නැහැ. ඒ ටී එම් එකක් තිබ්බත් ඒකේ අපේ කාඩ් වැඩකරන් නැහැ. ඒ කාලෙත් ලංකාවේ නම් හැම හන්දියක් ගානේම පොඩි බැංකුවක් හරි තියෙනවා.ඒ පුරුද්දට ඉන්දියා ගිය අපිට කුනු කොල්ලෙට සල්ලි මාරු කරගන්න උන එක හොද පාඩමක්.
ඉන්දියාවේ යනවා නම් කෙලින්ම රුපියල් කොටුවෙන් ගන්නත් පුලුවන්. ලොකු අලාබයක් නැහැ. දැන්නම් රුපියල් දෙතුන් දාහක් මග වියදමට අරගෙන ඉතුරු ටික ගන්න වුනත් යන්න හැකි. චෙන්නයි වලින් හෝ අපි ගොඩබහින එයාපෝට් එකේ තියෙන ඒ ටී එම් එකකින් කාඩ් එකෙන් ඉන්දියන් රුපියල් ටිකක් ඇදගන්න එක තමයි වාඩාත් සුදුසු. මම එතනින් ඉගෙනගත් පාඩම තමයි අපි අලුත් රටකට යනවා නම් මුලින්ම හම්බෙන එයාපෝට් එකෙන් සල්ලි මාරුකරගන්න ඕනි ඒ රටට ඇතුල්වෙද්දි. ඒ වගේම රිස්කි ලිකර් වගේ දේවල් ගෙනියන්නත් හොද නැහැ.
කෑම
කෑම විදියට රස් කෑම තියෙනවා කියල හිතෙන දිල්ලි ස්ටේශමේ තැනකට ගිහින් සැන්ඩ්විච් සහ වෙනත් රයිස් ආදි කෑම ටිකක් ගත්තා. ඒ සැන්විච් වල ඇතුලේ දාල තිබුන ඒවා වල රසය වෙනස්. ඒවා කන්න අමාරු. වඩේ හෝ තෝසේ වගේ මොනාහරිත් ගත්තා. අරගෙන යාලුවන්ට ගිහින් දුන්නා. රයිස් එකක් විදියට තිබුන බිරියානි එක මෙලෝම රහක් තිබුන් නැහැ. අමාරුවෙන් අපි එව්වා කාලා කෝච්චිය එනකල් උන්නා.
කෝච්චිය
යාලුවෝ හිතාගෙන ඉදියේ හොද කෝච්චියක් කියලා. ඒත් මම බුක් කරලා තිබුනේ පැරණිම තාලේ ඉන්දීය දුම්රියක්. ඒ දුම්රිය දිල්ලි වල ඉදන් ජම්මු දක්වා යන වැඩිම කාලයක් ගන්නා මේල් දුම්ියක් පැය 13.5ක් ඒක දිල්ලි සිට ජම්මු දක්වා යනවා. ඒ දුම්රියේ නම ශලිමාර් එක්ස්ප්‍රස්. ඔය දුරම පැය 8න් යන කෝච්චිත් තියෙනවා. කොහම හරි අපි නැගලා වාඩිවුනා අපේ සීට් වලින්. යාලුවෙකුට ඒ කිව්වේ අවසාන යාලුවට ටිකට් බුක් කලේ පස්සේ නිසා ඒ සිට් එක තිබුනේ වෙන තැනක. කොහෙම හරි අපි සෙට් එකම එකම තැනක ඉන්න තීරණය කලා. බුක් කරලා තිබුනේත් ස්ලිපර්. ඒ කිව්වේ හොද වායුසමන කරපු පන්තියකුත් තියෙද්දි මම ගහල තිබුනේ ස්ලීපර් පන්තිය. දුම්රිය සේවාවේ පන්ති ආදිය ගැන ඇත්තටම මම වැඩි විස්තර දැනගත්තේ ආවටත් පස්සේ සර්ච් කරලා. ඉන්දියාවේ දුම්රිය සේවාව කියන්නේ වෙනමම විශයක්. ඒක ගැන වෙනමම හොයාබල්නන තරම් කරුණු තියෙනවා.
අපිව ආක්‍රමණය කල සෙනග
අපි ඉතිං වාඩිවෙලා ඔහේ පැද්දි පැද්දි යද්දි ඔන්න ටික දුරක් ගියාම කට්ටිය අපේ පෙට්ටි වලට නගින්න ගත්තා. වෙන් කල ආසන වල යන අපි හිතුවේ නැහැ එහෙම වෙන උන් මේකට නගීවිය කියලා. ඒත් එහෙම නැහැ. රජයේ සේවකයෝය කියලා හිතන්න පුලුවන් පැරණි පෙනුම තියෙන ඉන්දියන් සෙට් එකක් නැග්ගා. එතකොට අපේ යාලුවෝ කාඩ් ගගහා උන්නේ. ටිකකින් මුන් අපේ කාඩ් කූට්ටම අරං අපේ සිට් වල වාඩිවෙලා කාඩ් ගහන දිහා අපිට අමාරුවෙන් සීට් වල වාඩිවෙලා බලන් ඉන්න සිද්ද වුනා. කෝචචියේ නොනවත්වා එනවා යාචකයෝ වෙලෙන්දෝ ආදී කට්ටිය. කොහොම වුනත් පලවෙනි දවස විදියට ගුව්න ගමන් දෙකකුයි මැද චාටර් ස්ටේශන් එකකුයි ඒ මදිවට පරණ මොඩල් කෝච්චියක හාඩ් ස්ලීපර් සිට් එකකුයි. යාලුවෝ ඒ දුම්රිය ආසන ටිකට් වෙන්කරපු මට පින් දිදී ගමන ගියා.
ඉන්දියාවේ කැත
ඉන්දියාව ලස්සනයි. නැත්තං අපි ඉන්දියාව බලන්න යනනේ නැහැ නේ. ඒත් අර මැණික් ගරද්දි ලස්සන ගල් හොයන්න පස් ගොඩක් නාස්ති කරන්න වෙනවා වගේ අපිට ඉන්දියාවේ ලස්සන බලනවා නම් අවලස්සන ගොඩකුත් ඇසට සහ පන්චේන්ද්‍රියට දාගන්න වෙනවා. ඉන්දීය දුමරිය ගමන් ගැනකොච්චර උන් ලොකු ටෝක් තිබුනත් දුම්රිය සේවාවේ වැසිකිලි පස්නය බොහොම දරුණු එකක්. ඉන්දියාව 2021 දී වැසිකිලි අපද්‍රව්‍ය රේල් පාරට දැමීම සම්පූර්ණයෙන්ම වගේ නවත්වන්න ඉන්නවාය කිව්වත් ඒක ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒ වගේම ඉන්දියාවේ දිල්ලියේදී අපිට දකින්නට ලැබෙන දර්ශන එයාපෝට සහ නවදිල්ලියේදිබොහොම ලස්සනයි. ඒත් පරණ දිල්ලි රේල් නැවතුමේ ඉදලා ජම්මු වලට යද්දි හම්බෙන ගොඩක් තැන්වල පෙනුනේ දුප්පත්කම.
අපේ නම් මුඩුක්කු පේලියක් ගිය තැන හොදට හදලා තින්ත ගාපු ගෙයක් දෙකක් හම්බෙනවා නේ කෝච්චි පාරේ යද්දි වුනත්.ඒත් ඉන්දියාවේ ගෙවල් අපේ වගෙ කම්ප්ලීට් නැහැ. ගෙවල් වල ගඩොල් පේනවා. වහලවල් කියලා ජාතියක් නාහැ. උඩත් ස්ලැබ් දාලා හෝ ගඩොල් හෙවිලි කරලා. කොහොම හරි අපේ වගේ ගෙවල් ලස්සන නැහැ. කපරාරු කරන තාක්ශනේ ගිහින් නැතුවද මන්දා ගෙවල් තාමත් කපරාරු නොකරපු වා වැඩියි දුප්පතුන් ඉන්න පැතිවල.
මෙහේ නම් මොනාද ඉතිං කොළඹ නගරේ වුනත් පැය බාගෙක දුම්රිය ගමනකින් බස් ගමනකින් නගර දර්ශන ඉවර වෙනවා. ඒ කිව්වේ කොළඹ කොටුවේ ඉදලා පැය බාගයක් දෙපැත්තට දුම්රියකින් ගියාම අපිට ගම්මාන වගේ දර්ශනපේනවා. ඒත් අපි ඉන්දියාවේ හැන්දෑවේ 3.30 විතර කෝච්චියට නැගලා පැය තුනක් විතර තිස්සේ ඉර බහිනකල් ඒ කිව්වේ 6.30 විතර වෙනකල් කිලෝමීටර 80-100ක් ගියත් අපිට දිල්ලි නගරය ඉවර වෙලා කියලා පෙනුනේ නැහැ. ගොඩාක් ඈතට යනකල් ගෙවල් ගෙවල් ගෙවල්.. කඩසාප්පු වීදි මුඩුක්කු ආදිය තියෙනවා. ඇත්තටම සිටි එකක් කියන්නේ කොච්චර ලොකු එකක්ද කියලා බලන්න චෙන්නයි දිල්ලි මුම්බයි වගේ සිටි එකක දවසක් විතර ඇවිදින්නම ඕනා.
කොහොම හරි අපි සෙට් එකට ඇණයක් වුන ඉන්දියන් ඔෆිස් කාරයි ටික බැස්සා රෑ බෝ වෙද්දි. ජම්මු වලින් උදේ බහින බලාපොරොත්තුවෙන් අපි නින්දට ගියා. බ්ලැන්කට් එකකුත් නැතිව හාඩ් ස්ලිපර එකේ නිදාගන්න අමාරුයි. ඒත් අමාරුවෙන් හරි නිදාගත්තෝත් කාටද? ඒ නිසා මම සහ යාලුවෝ ටික නිදාගත්තා. මුල් දවසේම දකින්න විදගන්න ලැබුනේ අමිහිරි මතකයන් ටිකක් වුනත් අපි හිතුවා අපිට පස්සේ ලස්සන දේවල් මුන ගැහේවිය කියලා. ඇත්තටම කූඹියෙක් රෝස මලකට එන්නේ කටු පහුකරලා. ඒ වගේ අපේ ගමනෙත් සාමාන්‍යෙයන් ලංකාවේ කෙනෙක්ට එසේ මෙසේ ලේසියෙන් විදගන්නට ලැබෙන් නැති සිරාම අත්දැකිම් ටිකක් පස්සේ ලබාගන්න මුලින් කෑව මේ චාටර් එක ආශිර්වාදයක් වුනාද මන්දා.
ඉතිං අපි ඊලගට බලමු ජම්මු වල ගිහින් කොහොම ද අපි කාශ්මීරේ ශ්‍රී නගර් වලට ගිහින් කාබරයක් හොයාගත්තේ කියලා.