Monday, February 29, 2016

ආහ් !! ලිංග ණය 1

ඔය මගුල මොකට ආයි බලනවද කලි ගියපු ටික මනේ ආයි යන්නෙ.. වෙන වැඩක් නැතුවද මන්දන් නැහැ.. දම්මි තමුනගේ වෙඩින් වීඩියෝව නැවත බලන නෑනන්ඩියට බැන වදියි.

නෑනන්ඩියද සිය අයියාටත් අක්කාටත් මේ වීඩියෝව දිරවන්නේ නැති බවක් දනී..එහෙත් ඇය එහි ඇති දේ නැවත බැලීමට ආසා කරයි..

ඇයට මේ ජෝඩුව විශාල වියදමක් දරා ගත් මගුල් ගෙදර සහ ඒ වීඩියෝ පොටෝ වලට එතරම් මනාපයක් දැන් නැත. දම්මි සුගත් වෙඩින් එක ගන්නට කලක් තිස්සේ පෙරුම් පුරමින් සැලසුම් කර මහ ඉහලින් ගන්නට යෙදුනත් වෙඩින් එකේ කිසිදු මතක සටහනක් ගැන දැන් සදහන් කරනවාට දම්මි සහ සුගත් දෙදෙනාම අකමැතිය. ඒ කුමක් නිසාදයි ඔවුන්ගේ යාලු මිත්‍රාදීහු වත් නෑදෑ හිතවතුන් වත් නොදනිති.

සුගත්ටද දම්මිටද වෙන මගුල් ගෙවල් වල මෙන් බොහෝ ප්‍රමාදයක් නැතුව වීඩියෝ අතට ලැබුනේය. පොටෝ ඇල්බම්ද කලට වේලාවට ලැබුනි. නමුත් අවාසනාවකට දෙදෙනාම ඒ වා ගැනවත් කෙනෙකු ඒ මගුල් ගෙදර ගැන කතා කරනවාටවත් කැමති නැත.


අරවින්ද මහත්තයා..

අරවින්ද මහත්තයා අල්විස් පරම්පරාවේ වර්ථමාන පුරුකයි. ගමේ කොහු පැක්ටරියෙන් පිටරට පටවන්නට විවිධ බඩු සහ ලනු ආදියත් තවත් පිරිසුදු කරන බුරුසු ආදිය නිපදවීමත් අරවින්ද මහත්තයාගේ පැක්ටරියේ සිද්ද වෙයි. නිතර 300ක් විතර වැඩ කරන ෆැක්ටරිය නිසා අරවින්ද මහතා ජනප්‍රිය විය. අල්විස් පරම්පරාවට උරුම ව තිබූ පොල් වතු වලින් නව ආදායම් උපයා ගන්නට අරවින්ද සූරයෙකු විය.

අරවින්ද ගැන ඇතැම් අය හොදකියන අතර ඇතැමෙක් ඔහු ලෝබයෙකු යැයිද මිනිස්සුන්ට නොගෙවන්නේ යැයිද චෝදනා කරති. අරවින්ද ගේ ෆැක්ටරිය හැර වෙනත් විසාල පැක්ටරි ගමේ නැත. එබැවින් අරවින්දගේ පෑක්ටරිය සංසන්දනය කරන්නේ කුමක් සමගද? කිසිවෙක් ඒ ගැන සිතන්නේ නැත.

අරවින්ද මහතාට තරහ කරුවන් නොමැත. බොහෝවිට ඔහුගේ සේවය හැරයනඅ යෙකු පවා තමුන්ට එරෙහි නොවන පරිදි යාප්පුවෙන් සේවයෙන් නික්මවා ගැනීමට අරවින්ද ක්‍රම සහ විධි යොදා තිබේ..

අරවින්ද සහ දම්මි..

මද්දහනේ ගමේ පාර පාලුය. ඉස්කෝලේ ගොස් ගෙදර යන ගෑනු පිරිමි කිහිප දෙනෙක් පමනි පාරටම ඉතිරි වූයේ.. මීට වසර ගනනාවකට පෙර දම්මි ශිෂ්‍යාවක ලෙස පාසල් යන කාලයේ පවා අරවින්ද මහතා ඔහුගේ පරණ ජීප් රියෙන් ඇතැම් දින දම්මි යන පෙරමගට එයි. අරවින්ද මහතා හැන්ඩියෙකි. ඔහු අවුරුදු විසි ගනන් වල අගභාගයේ දැනුදු සිටී..

එදා අරවින්ද ජීප් රිය නංවා දොර ඇර දම්මි නංවා ගන්නට උත්සාහ කලේය. නමුත් එදා එය ව්‍යාර්ත විය. දම්මි එසේ යෑම ප්‍රතික්ෂේප කලාය.

සිය ජීවිතය ගොඩ නගාගැනීමට ඉගනීම හැර වෙනත් මගක් නැත යන්න දම්මි ගේ සිතේ යට කොනක තිබුනේය. ඇය අරවින්ද මහත්තයාග් ජිප්පුවට නැග්ගේ නැත. නමුත් වසර ගනනාවක් ගත වී දැන් දම්මි ඒ පාසලේම ගුරුවරියකි..

දම්මි සුගත් හා විවාහ ගිවිසග්නනට ඇත්තේ ද ටික කලෙකි.. දැන් අරවින්ද දම්මිට කතා කරයි.. දම්මි ජීප් රියට නැංගේය.

මද දුරක් ගොස් පාලු පාරකින් අරවින්ද ජීප් රිය කැලයට නොහොත් විල්ලුව දෙසට හරවන්නට හැදුවේය. දම්මි කලබල විය.. අරවින්ද මහත්තයා මට ගෙදර යන්න දෙන්න. ඔයා හොද කෙනෙක් .. නම සවුත්තු කරගන්න හදන්න එපා.. අරවින්ද මහත්තය ඔයාට ඕනි නම් මේක කරගන්න පුලුවන්.. මං ඒක හොදට දන්නවා..ඒත් මහත්තයා මම ගුරුවරියක්.. මගේ ආත්මය ආරක්ෂා කරල දෙන්න.

ඇය ඇඩීමකින් තොරව සෘජුව අදහස් දැක්වූවාය.. අරවින්ද වාහනය පාරට ගත්තේය. ඇය මෙතනින් බස්සන්න යැයි කියද්දීම ඇයගේ කුඩා ගෙදර ඉදිරිපිටටම ගොස් දම්මි ඇරලුවාය..

අරවින්ද මහත්තයා කසාදයක් බැදගත්තේ ලොකු තැනකිනි.. දවල්ටද කලිසම අදින ඒ ගැහැනිය පැහැපත් නැත. නමුත් හිත හොද එකියෙකැයි ගමේ උන් කියති.

අරවින්ද සහ සුගත්..

අරවින්ද මහත්තයා මම ලබනමාසෙ බදින්න ඉන්නෙ.. අපේ වෙඩින් එකට පොඩි ගානක් ඉල්ලගන්නයි මං ආවෙ. මහත්තය පඩියෙන් ටික ටික කපාගන්න මට කමන් නෑ..සුගත් කීවේය 

අරවින්ද : තමුසෙට කීයක්ද ඕනි..

සුගත් : මහත්තයා වෙඩිම සුට්ටක් ලොකුවට ගන්නයි..ඉන්න ටිකක් වැඩියෙන් සල්ලියක් ඕන වෙනො.. මට ලක්ෂ දෙකක් තිබුන නම් ඇති..

අරවින්ද ; තමුසෙගෙ පඩිය කීයද?

සුගත් : ඔක්කෝම එකතුවුනත් 25ක් වගේ ඇති මාසෙකට..

අරවින්ද ; මං මේ තමුසෙට දෙන්න බැරිකමකට අහනව නෙවෙ.. ඇයි දැන් තමුසෙ බදින්න යන්නෙ දම්මි නෙ.. ඒ කිගේ රස්සාවෙ පඩි වැඩියි නෙ.. ඉතිං ලොකුවට ණය නොවී කරගන්න පුලුවන් නෙ..

සුගත් : මහත්තයා ඒකිට ඉන්න තිබුන පැල ගෙයක් කොරගන්න ලොකු ගානක් ණය විදියට වියදං උනා.. ඒකිට දැන් පොඩි ගානයි ලැබෙන්නෙ ණය වලට කැපුනම..

අපේ දෙපැත්තෙම ලොකු නෑයො ඉන්නවා..දම්මිට නං ගුරුවිද්‍යාල යාලුවොත් ඉන්නවා.. මාත් මේ අම්මල බලාගන්න ගමට වෙලා හිටියට මං කොළඹ ඉන්න කාලෙ හිටපු යාලුවො මිත්‍රෙයා ඉන්නවා.. මේක ඉතිං හැමෝටම කියන්න ඕනි.. දම්මිලයි ගෙදර එයැයි විතරයි..අපේ ගෙදර නංගි පැනල ගිය නිසා ගන්න කියල තියෙන මගුල මේක විතරයි.. ඉතිං ගන්න පුලුවන් අඩුවටම ගත්තත් ලක්ෂ 5ක් වත් යයි.. අපි බැලුව ගිහින් හැමදේම...ඒත් මහත්තය ඒ වගේ ගානක් යයි.. ලැබෙන්න කියලා ලොකු සල්ලියකුත් නෑනෙ.. අනික අපි දෙන්නම ආසයි ජීවිතේ එකම පාරක් වත්..

අරවින්ද : හා හා ..ඇති ඇති තමුසෙග අදෝනාව..

තමුසෙ වැරදියට හිතන්නෙ නැත්තං...එක්කො තමුසෙ වැරදියට හිතනවා..කමක් නෑ වැරදි වැඩේ කොහොමද හොදට හිතන්නෙ.. තමුසෙට මම ලක්ෂ 4ක්ම දෙන්නං ඔක්කොම කරගන්න.. මං දන්න කියනහොද හොටල් එකක්.. ඇදුම් පැලදුම් ..ඔක්කොම මගේ වෙඩින් එකේ වගේ ඇරෙන්ජ් කරල දෙන්නං... හැබැයි එක කොන්දේසියක් උඩ..

මං මේ හොද වාගේ පෙනුනට සුගත්.. මේ අරවින්ද ගිනි කපටියෙක්.. නැත්තං ඕයි නාටු පොල් වත්තක් තාත්තගෙන් ලැබිච්ච මට මිනිස්සු තුන් හාරසියක් වැඩකරන පැක්ටරියක් අවුරුදු 3කින් අලුතින් දාන්න බෑනෙ..

වැල් වටාරං ඕන නෑ.. තමුසෙ මේක තැන් තැන්වල කියන්න එපා.. කිව්ව කියල මට ලොකු අවුලකුත් නෑ..

සුගත් : මහත්තයා ට වැරදි කිව්වට.. මහත්තය ගේ මේ පැක්ටරිය නැත්තං අපි උනත් ඉතිං කොළඹම යන්න එපාය රස්සාවක් හොයාගන්න..

අරවින්ද : කෝ ඕයි තමුසෙ මැදින් පනිනව නෙ.. මට කියන්න දෙනවකෝ..

මෙහෙමයි.. මං දම්මිට එදා ඉදල කැමතියි.. සමහර විට මම ඒකි කසාද බදින්නම කැමති වුනානම්.. මාත් එක්ක එන්නත් තිබුන.. මං උඹලයි වෙඩින් ඔක්කොම කරන්නම්.. ඒත් දම්මි හනිමුන් යන්න ඕනි මං එක්ක..

සුගත් ගේ ඇස් අහසේ යන්නට විය.. ඔහු අරවින්ද ගැන හොදින්ම දනී.. අරවින්දට දෙයක් උවමනා වූ විට එය කෙලින්ම ගන්න බැරිවුනොත් කෙසේ හෝ ඔහු ලබා ගන්නට ක්‍රියා කරයි..

සුගත් : මහත්තයා අපි දුප්පත්..ඒ වුනාට මහත්තයා හිතන ජාතියෙ වලත්ත පල් පදුරු වේසියෙක් නෙමෙයි දම්මි.. අනික මං නිකං පොන්නයෙක් ගානට ගන්න එපා මහත්තයා.. ඒ කාලෙ වලව් වල හිටපු උන්.. රටේ මහත්තුරු එහෙම ඕව කරන්න ඇති.. අද කාලෙ වෙනස් මහත්තය.. ඔහෙ ගොඩක් සල්ලි කාරයෙක්.. ඔහෙට කොරන්න බැරි දෙයක් නැතුව ඇති. ඒත් අපි එහෙම කැත වැඩ කරන්නෙ නෑ මහත්තය.. ගෑනිව විකුනං කාල මගුල් කාල වැඩක් නෑ මහත්තයා. ඔහේලගේ ලොුක කං ඔහෙලම තියාගන්න.. මහත්තය මගේ මගුලටවත් නාවට කමන් නෑ,. මං සල්ලි වෙන තැනකින් හොයාගන්නං..

අරවින්ද : හෝ හෝ.. සුගත්.. තමුසෙත් හරියට අර අපේ සමහර උන් පඩි වැඩිකරන්න ඉල්ලනව වගේ නේ.. කලබල නොවී ඉන්නව යෝදයෝ.. තමුසෙට ලැබෙන්නෙ විසි පහයි.. ඒකෙන් දැන් තමුසෙ එක එක ලබ්බවල් වලට ණය කියලා ඉල්ලගනිපු සල්ලි වලට හත් අටදාහක් කැපෙනවා.. මම දැන් තමුසෙට ලක්ෂ දෙකක් දෙනවා..කියල හිතමු.. තමුසෙ මොන මගුලෙන්ද ගෙවන්නෙ.. බැන්දම කන්නෙ බොන්නෙ නැද්ද? ජිවත්වෙන්නෙ නැද්ද?

තමුසෙට මම ලක්ස 4ක් දෙනවා අර වැඩේ මට දුන්නොත්..

.. ඔය සදාචාර සංස්කෘති තියාගෙන තමුසෙට යාන්තං කාටවත් නෙපෙනි අර සල්ලිකාර ගෙවල් වල බල්ලො හරක් පට්ටි දාන්න එක්කරං යනවා වගේ මගුල් නොකා සතෙක් ගේනවා වගේ ගෑනි ගෙදරට ගේන්න පුලුවනි.. කිසිම එකෙක්ට නොකිය මගුල් නොකා.. මගේ යෝජනාව ප්‍රාෙයා්ගිකයි.. මට ඕනිනං කොළම ගිහින් රුසියන් ගෑනියෙක් ගත හැකි රුපියල් තිස්දාහක් දුන්නම.. ඒත් මං දම්මිට ආදරේ නිසා.. තමුසෙ මගේ වැඩකරන හොද සේවකයෙක් නිසා..මේ ඔප්ෂන් එක දෙන්නෙ..

තමුසෙ හිතනවා පොඩ්ඩක්... දම්මි වගේ මට තරුණ කිම්බවල් ඕනි නං ඕනි තරං ගමෙන්ම හොයාගත හැකි.. සල්ලියි මොලෙයි විතරයි ඕනි.. ඒත් තමුසෙට මම උදව්වක් කරන්න හදන්නෙ.

ඔය සදාචාරෙයි.. සංස්කාතියයි එක වේලකට බඩපිරෙන්න කන්නවත් දෙනවද? නෑ.නෙ.. ඕව යනකොට අරං යන්නෙ නෑනෙ.. අපි හැමෝම මැරෙන මිනිස්සු..

මං මේ නොවටිනා ගානක් උඹට කිව්වෙ.. ගෑනියෙක් ඔච්චර වටින්නෙ නෑ.. ලක්ෂ හතරක්.. උඹ නිකං මේ ගස් අස්සෙ විසාලෙට හැදිච්ච උස වල් ගහක් වගේ වෙන්න එපා සුගා.. එහෙම වුනාම සුගා කැත්තක් විසි කැත්තක් අරං ආවම ඉස්සෙල්ලාම වදින්නෙ අර කෙලින් තියෙන වල් ගහට.. අනික් ඒව වගේ හුලගට පොලව බදාගෙන හිටියම හුලගිනුත් ආරක්සා වෙනවා උවදුරු වලිනුත් බේරෙනවා..

උඹ හොදට කල්පනා කරල බලහං. ඕනි නං තව ණය කාරයො පස්සෙ ගිහින් අහල බලහං.ඔය වගේ ගානක් දෙන්න උන් මොනවද ඉල්ලන්නෙ කියලා..

සුගත්. : මොනව උනත් මහත්තය මට ඔය වගෙ වලත්ත වැඩකට හිත හදාගන්න බෑ.. මං යන්නම්..

අරවින්ද : උඹ කෝකටත් දම්මිට කියල බලහං.. ඒකිට මොලේ තියනව නේ තොට වැඩිය..

Tuesday, February 23, 2016

පෝලිම

අදාල නැති ඕකිඩ් 
පෝලිමක් දානවා කියන්නෙ තරමක කුනු රසයක් තියෙන වචනයක්. පතල් කන්ඩායම් දෙකක් ගෑනියෙකුට පෝලිමක් දාන්න ගිහින් ගෑනි මැරිල මගදි.. මතක විදියට කුරුවිට දිහා... කාන්ඩ දෙකේ මිනිස්සු 12ක් ඉදලා.. එක මිනිහෙක් ඒ ගෑනිට රුපියල් හාරදහක් බැගින් දීලාලු..

වැඩිමනක් විස්තරයක් නෑ මැරිල කියල තමයි ආරංචි වුනේ..

පහුගිය දවසක ඩෙඩ්පූල් බලන්න මැජෙස්ටික් ප්ලැටිනම් හෝල් එකට ගියා.. ඔන්ලයින් ටිකට් වෙන්කරගන්න තිබුනට රුපියල් 500/= ටිකට් එකට රුපියල් 150/=ක් එකතු වෙල ටිකට් එක 650ක් වෙනවා ටිකට් ඔන්ලයින් බුක් කරද්දි. ඒ නිසා මම 1.15ට තියෙන සෝ එකට 12.30ට වගේ ලගාවුනා ඇම් සී එක පැත්තට.

වෙලාව වැඩි නිසා ඇම් සී එක ඇතුලෙ දුර රවුමකුත් ගහගෙන ඇම් සී එකේ බඩු බාන්ඩ දිහා බලන පුකවල් දෙක තුනක් ඇහැට දාගෙන හිමීට හෝල් එක ලගට ආවා.. හප්පා එතකොටත් 30-40ක් පෝලිමෙ.. ආයෙ ගියොත් පෝලිම වැඩිවෙයි කියල හිතුව නිසා මමත් පෝලිමට එකතු වුනා..

ඒක ටිකක් පොශ් පෝලිමක්.. ගෑල්ලමයි පිරිමි ලමයි සහ තරුණ පහේ කාන්ඩෙ තමයි වැඩි..අපේ ගමේ ඉස්පිරිතාල පෝලිම මතක් වුනා මට.. ඉස්පිරිතාලෙ පෝලිමට වඩා මේක සමාන වෙන්නෙ ඉස්පිරිතාලෙ බෙහෙත් ගන්න තියෙන පෝලිමට..බෙහෙත් දෙන තැන වගේ තැනක් තමයි ටිකට් දෙන්නත් තියෙන්නෙ හෝල් එකෙ..

එතන පෝලිමෙ ඉන්න එකත් ඇහැට වදයක් නෑ.. එක එක මෝස්තරේ ඇදුම් ආයිත්තං ඇදපු ගැට තන මැද තන විසාල තන ඇවිත් කැරකෙනවා.. කෙනෙක්ට හිතෙන්න පුලුවන් මෙන්න මේ වලත්තයා ට ඉක්මන්ට මගුලක් හොයල දීපල්ල මූට කාමෙ ඇවිස්සිලාය කියලා.එහෙම මොකක් හරි මරාලයක් කවුරු හරි සෙට් කරනවා නම් මම ඒක එපා කියල මග අරින් නෑ.. ඔන්නොහෙ එවන්න සලකා බලන්න බැරියැ.. . ඒත් මම හිතන්නෙ ලක්ෂණට පේන ගෑනු එයාල ඇතැම් විට එහෙම අපිට පේන්න අදින්න පලදින්න උලුප්පා පෙන්වන්න ලොකු වැරවෑයකමක් ගන්නවා..

ඉතිං අපේ යුතුකම තමයි ඒ තැන්වලදි කෙලින්ම “ ඔබගේ තනය ලක්ෂණයි..ඔබගේ පුක නම් අනර්ඝයි“ කියල කෙලින්ම කියන් බැරි නිසා අපි එයාල නැති තැන්වල හරි ඒවායේ ලස්සන ගැන කියන්න ඕනි.. එතකොට තමයි එයාල තව තව පෙන්වන්න උත්සාහ ගන්නෙ සහ එයාල දරපු මහන්සියෙ පතිපල තියේ කියලා එයාලට දැනෙන්නෙ.

ඇම් සී ප්ලැටිනම් පෝලිම ලස්සනට තිබුනා ටික වෙලාවකින් ටිකට් දෙන්න කිට්ටු වුනා.. මෙන්න බොලේ ඉස්සරහින් යන එකා ටිකට් ගත්තම ලොකු සැට් එකක් පිටින් ඇතුලට යනවා. පෝලිමේ පස්ස පැත්තෙන් කස්ටිය අඩුවෙනවා.. යාලුමිත්‍රයො දන්න කියන උදවිය හෝ මොකුත්ම නොදන්න පෝලිමේ පස්සෙ අය, ඉස්සරහ අය ලව්වා ටිකට් ගන්නවා.. මුලින් යන උන් ටිකට් වැඩියෙන් ගැනෙනවා.. ඉතිං මං බය වුනා මට ටිකට් නැතිවේය කියලා. එහෙම වුන් නෑ මට ටිකට් තිබුනා.. ඇතුලට ගියාමයි රගේ තේරුනේ.. ටිකට් බාගයක්ම රිසිව් කරලා. ඒ කියන්නෙ ඔන්ලයින් බුක් කරපු ලොකු කාන්ඩයකුත් ඉදලා තියෙනවා..

මෙතනදි ටිකෙට් පෝලිම කවුරුවත් පේන්න කැත විදියට පනින් නෑ.. ඒත් පෝලිමෙ ඉස්සරහ අය පස්සෙ අයට ටිකට් ගත්තාම පෝලිම තියෙන එකෙන් වැඩක් නැති වෙනවා මෙහෙම උනාම..

ඔය Carry වැඩේ මට පේන්නම බැරි වැඩක්.. කෝච්චියෙ ටිකට් ගන්න ගියත් ලස්සන ගෑනු ඇන්ටිල අංකල්ල ඉස්සරහ ඉන්න උන්ට සල්ලි දික් කරනවා.. එකෙක්ට දික් කරනවා ඌ අහක බලනවා.. දෙවනි එකාට දික් කරනවා ඌ රවනවා.. තුන් වෙනි එකාට දික් කරනවා..ඌ මොංගල් වගේ බූථ වෙලා ඉන්නවා.. ඉතිං ඔය විදියට හතර පස් දෙනෙක්ට දික් කරනකොට එකෙක් කොහොම හරි ඕ සල්ලි අර ං ටිකට් එක අරං දෙනවා..

එතකොට අර දිග පෝලිමෙ අවසාන ඉන්න උන් කෝච්චියෙ යන්න ඇහැක් වෙයිද? කියලා හූල්ල හූල්ල ඉන්න කොට ඉස්සරහින් සල්ලි දික් කරපු පඩත්තලයෙක් හෝ ඒසියෙක් කලිං ටිකට් එකක් අරං බාගෙද සීට් එකකුත් අල්ලගෙන යනවා..

මේ පෝලිං වල ඉන්නවා කියන එක මහ එපා කරපු වැඩක්.. එක එකා කලිසං ඇදන් කිසිම විලිලැජ්ජාවක් නැතුව ඇවිත් පනිනවා.. උන් එක්ක ගෝරි දාගන්න ගියත් එකෙක් දෙන්නෙක් නෙමෙයි නේ.. උන් එකෙක් යද්දි තව එකෙක් එනවා. ඒ මදිවට දන්න කියන එකලග කෝච්චියෙ යන අය හෙම පෝලිමෙ යන අයට උදව් කරනවා..

ජාතියක් විදියට අපිට ඉස්සරහට යන්න බැරි ලොකුම අවුල මොකද්ද? කට්ටිය දෙන ලේසිම උත්තරේ දේසපාලකයො සහ දේසපාලනේ නේ.. උන් අපිට වඩා සැරට පෝලිම් දානවා සහ පෝලිම් පනින බව ඇත්ත. ඒත් තමුන්ගේ වාරෙ එනකල් ඉවසන් ඉන්න බැරුව අනික් මිනිහෙක්ගේ වාරයක් කොල්ල කන්න බලාගෙන ඉන්න බහුතරයක් මෙහෙ ඉන්නවා.. සමහර උන් එහෙම නෑකම මිතුරු කමකට හෝ බලයකට හරි පිංසේනඩු වෙලා වැදලා බැනුං අහලා ගොරවලා හරි.. පෝලිමට උඩින් ටිකට් ගන්න එක දකින්නෙ මහා වීරකමක් කෙරුං කාරකමක් විදියට..

චෛත්‍ය පල්ලි කෝවිල් වදින පුදන තැන් ගොඩක් තිබුනට..

සිවුරු කාරයො ලෝගු කාරයො තොප්පි කාරයො රොත්තක් හිටියට

හන්දි ගානෙ බල්ලොන්ට චූ කරන්න පිලිම සුරුවම් සිහිවටන හිටෝල තිබුනට..

අනික් එකාට කන පැලෙන්න තරම් ආගමේ සද්දෙ ලෝකෙට දැම්මට

විතරක් අපිට බැහැ අපි අනෙක් උන්ට වඩා දියුනුය..අපේ මිනිස්සු හොදය...මිනිස්කම වැක්කෙරෙනවාය කියලා පොරෙටෝක් දෙන්න.පෝලිමක් තිබුනද ඒකෙ කොටුවෙ ඉස්ටේසමය..පිටකොටුව බස් පොලය.. ඇම් සී එකේ ෆිල්ම් බලන පෝලිමය..කියාල වෙනසක් නෑ අපේ ඇත්තො කොටසක් අනික් එකා ගැන හිතන්නෙ නැතුව පැනල තමුන් එක වෙන්න හදනවා.. . මිනිස්සුන්ගේ ස්වයං හැදියාව තියෙන්නට ඕනි.. එතකොට තමයි වෙන රටක එකෙක් ආවත් අඩේ මෙහෙ උන් අපි හිතුවට වඩා හොදයි නේ කියලා අපි ගැන හොදක් කියන්නෙ..

Monday, February 22, 2016

හඳ අල්ලන්න දගලන ලූන්

ගූගල් ලූන්

පරීක්ෂන මට්ටමේ තියෙන දෙයක් ගැන හරියටම අදහසක් කියන්න අමාරුයි. මොකද අපි මෙතෙක් ඉගෙන ගෙන තියෙන දේවල් වලට වඩා වැඩිපුර අලුතින් දෙයක් එයාල හොයාගන තියෙන්න පුලුවන් නේ.. ගූගල් ලූන් කියන්නෙ ලංකාවට ගැලපෙන අන්තර්ජාල සැපයුම් ක්‍රමවේදයක් නෙමෙයි. මේක ඇත්තටම ගැලපෙන්නෙ භූගෝලීය බාධක වැඩි ස්ථානවලට..

මීලඟට ගූගල්ලූන් ගහන්න යන්නෙ ඉන්දුනීසියාවෙ.. ඉන්දුනීසියාව කියන්නෙ කැලෑ ගොඩාරියක් තියෙන.. හරියාකාර මාර්ග පද්ධතියක් නැති භූමි වපසරිය ගොඩාරියක් තියෙන දූපත් දාස් ගානක් තියෙන රටක්.. ඒ වගේ රටකදි අන්තර්ජාලය ලබාදෙන්න කේබල් එලන එක හරි ටවර් ගහන එක හරි අමාරුයි.. ඒ වගේ තැනකදි ලූන් වගේ එක්ක කරන්න පුලුවන් නම් හොදයි.. නමුත් පුලුවන් වුනත් මේක දැඩි සීමා තියෙන ක්ෂේත්‍රයක්..

ගූගල් එකෙන් මේ බැලුන් උඩයවල ඉන්ටනෙට් දෙන්න හදන කොට  ෆේස්බුක් අය ඉන්ටනෙට් දෙන්න යන්නෙ ඉහල අහසේ රදවා තැබෙන ගුවන් යානයක් ඩ්‍රෝනයක් වැනි ක්‍රෙම්කට.. හැබැයි ඒ ව්‍යෘපෘතියත් තවමත් පවතින්නෙ කොට උඩ..

සිග්නල් යැවීම සහ ලබා ගැනීම

දැනට තිබෙන මොබයිල් කුළුනකින් අන්තර්ජාල පහසුකම ලබාගත හැකි වන්නේ කිලෝමීටර තුනක සීමාවට තමයි. එතනින් එහාට සිග්නල් ප්‍රශ්ණ ඇති වෙනවා. ඒ වගේමයි දැන් තියෙන බොහොමයක් මූලිකවම දත්ත සම්ප්‍රේෂනය සදහා වන කුළුනු වලට අවශ්‍ය කරන යටිතල ඉන්ටනෙට් ලබාගන්නෙ ඔප්ටිකල් ෆයිබර් කේබල් ආධාරයෙන්.. සරලව කිව්වොත් ලොකුවට දෙන්න නම් ලොකුවට ලැබෙන්න එපායැ.. ඉතිං එතකොට ටවර් එකට ඔප්ටිකල් ඇදල එතනින් මත්තෙ තමයි අපිට 4ජී 3ජී විදියට සිග්නල් ලබාදෙන්නෙ.

බැලූන යවන්නෙ මහ පොලවේ සිට ගුවන් යානා යන එන සීමාව වගේ දෙගුණයක උසකට කිලෝමීටර 18ක් වගේ උසකට බැලුන යවනවාය කියල තමයි අන්තර්ජාලයෙ ්තියෙන්නෙ. ඒ වගේ උසකට ඉන්ටනෙට් මහ පොලොව ඉදලා යවන්නත් ඕනි ඉන් පස්සෙ ඒ ඉන්ටනෙට් අපේ ගෙවල් වලට ගන්නත් ඕනි. මේක සරල වැඩක් නෙමෙයි.. ගෙවල් විස්සකට ඉන්ටනෙට් දෙන්න නං ඒකට හරියන්න නෙට්වර්ක් බඩු යන්න එපායැ බැලුන් එකට.. රේඩියෝ තරංග මේ තරං දුරක් යවන එකත් ගෙන්වන එකත් ලොකු කෙස් එකක්.. මේ රේඩියෝ තරංග මේ තරං ගොඩක් දුරට සම්ප්‍රේෂණය කරන්න හැකියාව තියේ නම් ලංකාව වගේ රටකට තවත් බැලුන් ඕනි නෑ.. දැනට මම දන්න විදියට ලංකාව ඇතුලෙ මොබයිල් ටවර් තියෙනවා 3000කට වඩා.. කිලෝමීටර 10ක් දුරට අධිවේගි අන්තර්ජාලය ලබාගත හැකි සංඥා සම්පේෂනය කල හැකි නම්.. ලංකාවම කවර් කරන්න පුලුවන් කුඩා ඒරියා එක දෙකක් හැරෙන්න..

උඩ යැවීම සහ ආයු කාලය

මුලදි මේ ගූගල් ලූන් ආරම්භ කරන අවස්ථාවේ වායු බැලුන ගැන විශේෂඥවරුන් පැවසුවේ සති හතරකට වඩා බැලුමක් ඉහල අහසේ රදවා තබාගන්න එක කොරන්න බැරි වැඩක්ය කියලා..අ වසානෙ ගූගල් අය ට හැකියාව ලැබුනා විෂේශ අමුද්‍රව්‍ය වලින් බැලුම හදලා දින සීයකට වඩා රදවා තබාගන්න විදියට හදන්න. ඒ හැදුවත් ඉතිං දින සීයක් ඕක අහසේ එක තැනක තියාගන්න එකත් ලොකු කතාවක්.. ඒකටත් විශේෂ යාන්ත්‍රන අවශ්‍ය වෙනවා.. මොබයිල් ටවර් එකක් හෝ ඔප්ටිකල් කේබල් එකක් ඇද්දාම ඒවා බොහෝම කාලයක් වැඩ ගන්න අපිට පුලුවනි. උදාහරණ විදියට ටෙලිකොම් සමාගමෙන් 1998 වගේ ඈත කාලයේ එලන ලද ඔප්ටිකල් කේබල් වලින් තාමත් අපේ අය සේවා ලබාගන්න අවස්ථා තිබෙනවා.. මේක දින සීයෙන් සීයට බැලුන් උඩ යවන්න උනොත්..කොහොම ආතල් එකක් තියේවිද?

සුලං සහ වෙනත් උවදුරු.

දකුණූ ඇමරිකාවේ අන්තර්ජාලය මේ ලූන් වලින් ගතපු අයකියන කාරණාවක් තමයි.. ගුවන් යානා යනවිට මේ සිග්නල් ලැබිම සැලකිය යුතු ලෙස අඩුවෙනවාලු.. මේ බැලුන රදවන්නෙ ගුවන් යානා සීමාවට බොහොම ඉහලින්..ඉතින් පහලින් ප්ලේන් ගියාම සිග්නල් වලට බබා හම්බු වෙන එක අහන්න දෙයක් නෑනෙව.. ඊට අමතරව මේ බැලුන ඉහල අහසේ තිබුනත් සුලං වලට අහු වෙනවා.. සුලං වලින් ඈතට ගහගෙන ගිහිපු නිසා තමයි මම හිතන්නෙ ලංකාවෙ වෙරළ ආසන්නයෙන් උඪ යවපු බැලුම ගම්පොලින් ගොඩ ආවෙ..

ඊට අමතරව වැසි,.තද වලාකුලු වගේ උවදුරු වලිනුත් වෙනත් ක්‍රමවලට වඩා බැලුන් ඉන්ටනෙට් බිදවැටීමේ හැකියාව වැඩියි..

සැටලයිට් සහ බැලුන් 

සැටලයිට් වලින් අපි මේ කාලෙ කොරන ලොකු දෙයක් තමයි රූපවාහිනි නරඹන එක.. සැටලයිට් ටීවි දැන් බොහොම සැරට ලංකාවෙත් පැතිරීගෙන යනවා.. එතනදි තියෙන කතාන්දරය තමයි ඉන්දියාවෙ ගහන මැච් එක ඇත්තටම සැටලයිට් එකට ගිහින් අපිට එන්න විනාඩි තුන හතරක් හෝ ඇතැම් විට ඊටත් වැඩි වෙලාවක් යනවා.. ඒත් ඉතිං එතනදි අපිට අවශ්‍ය කරන්නෙ අපි තෝරගත්ත චැනල් එක අපි කරා එන එක විතරයි.. අන්තර්ජාලය ඊට වෙනස් වෙනවා.. ඩවුන් ලිංක් එක වගේම අප් එකකුත් තියෙන්න ඕනි ඉන්ටෙනෙට් ගන්න නම්..

මොබයිල් ෆෝන් එකක තියෙන්නෙ මහා විසාල සිග්නල් රිසිවරයක් හෝ ට්‍රාන්ස්මීටරයක් නෙමෙයි.. සමහර විට බැලුන් එකේ සිට එන ඩවුන් ලිංක් එක හෙවත් බාගත කිරීම් නම් බැලුන් ඉන්ටනෙට් වලිං කරගන්නහැකි වේවි..නමුත් මොබයිල් එකේ ඉදලා කිලෝමීටර 18ක් දුරට ඉන්ටනෙට් සිග්නල් විදින එක නම්.. මම හිතන්නෙ ටිකක් අමාරු ඉලක්කයක් ..

ලොකු කොම්පැනි කාරයින්ට වරදින්න විදියක් නෑ ලොවෙත්..

අද ලෝකෙ ගත්තාම ගූගල් සහ ෆේස්බුක් වගේ කොම්පැනි දේශසීමා බාධක සහ බදු සහ වෙනත් කිසිම ගාස්තුවක් නැතුව බිලියන ගානක සල්ලි උපයනවා.. උදාහරණ විදියට ඡන්ද කාලෙට ෆේස්බුක් එකේ ඇඩ් එකක් දාන්න අපිට බදු මුදුලක් යන්නෙ නෑනෙ.. රටවල් වලට බදු ගෙවිල්ලක් නෑ අන්තර්ජාලය ඇතුලෙ වෙන ගනුදෙනු වලදි.. ඒ හරහා ලෝකෙ ලොකු ගූගල් සහ ෆේස්බුක් වගේ කස්ටිය විශාල වාසියක් ගන්නවා..

මේ විශාල ව්‍යාපාරික අවකාශය පැතිරෙන්න තියෙන එක බාධාවක් තමයි අන්තර්ජාලය රිසි පරිදි මිනිස්සුන්ට ලබා ගැනීමට නොහැකි වීම.. ඉන්ටනෙට් එකෙන් පේස්බුක් එකේ ඇඩ් එකක් දැකල මම කෑල්ලට ඔරලෝසු ඕඩර් කලාට ඉන්ටනෙට් නැති මන්දාරම් නුවර වගේ ගමක ඉන්න පෙම්වතෙක්ට පේස්බුක් ඇඩ් බලල බඩු ඕඩර් කරන්න අමාරුයි..ඒ මනුස්සය පුරුදු විදියට ගමේ පොලෙන් ඒ වගේ දෙයක් මිලදී ගන්නවා ඇති..

ඉතිං ඔය වගේ අන්රත්ජාලය නැති එවුන්ට අන්තර්ජාලය දීල උනුත් අපි වගේම කාලකන්නියො කරන්න (ඇත්තටම ඒක අපිම කරගන්න දෙයක් මිස කවුරුවත් බලෙන්කොරන දෙයක් නම් නෙමෙ) තමයි මේ ගූගල් ෆේස්බුක් අය ඉන්ටනෙට් නැති අයට ඉන්ටනෙට් දීමේන බලාපොරොත්තු වෙනවා ඇත්තෙ.

විපත් අවස්ථාවලදී

විපත්තිදායක අවස්ථාවලදී මේ විදියෙ බැලුන් පද්ධතියක් සන්නිවේදන අවශ්‍යතාවන්ට වැදග්ත වේවිය කියලා ඇතැම් අය කියනවා. මේ බැලුන් ඉන්ටනෙට් කට්ටිය අන්තර්ජාලය ගන්නෙ ලංකාවෙම ඔපරේටර්ලාගෙන්.. එතකොට ඒ විපත අවස්ථාවේ දි ඒ ඔපරේටර්ලාට කරදරයක් නැතුව අන්තර්ජාලය දෙන්න පුලුවන් වෙලා තියෙන්න ඕනි.. සාමාන්‍යයෙන් විපත්තිදායක අවස්ථාවකදි ලංකාවෙ වෙන ලොකු කේස් එකක් තමයි දුරකථන ජාල හරහා යන ට්‍රැෆික් වැඩිවෙලා නෙට්වර්ක් ජෑම් ඇතිවෙන එක..දැනට වුනත් සිංහල අවුරුදු සහ ජනවාරි පලවෙනිදා ජංගම දුරකථන ජාල වල ඇතැම් පද්ධති වල වැඩකරන අයට ඒවා වසාදමන්න වෙනවා සිස්ටම් එකට දැරිය හැකි ප්‍රමාණයට වඩා ඒ හරහා ට්‍රැෆික් යන්න ගන්න නිසා.. විපතකදි බැලුන් ඉන්ටනෙට් කියන්නෙත් සැබෑකරන්න ඇහැක් දෙයක් නෙවි කියලයි මට හිතෙන්නෙ නම්..

මොකො අපි තෝරගත්තෙ..


ලොකු රටවල තියෙන හැමදේම ලොකුයි නේ.. ඒවයි ඉන්න මොබයිල් කොම්පැනිත් ලොකුයි..අන්තර්ජාල සේවා සපයන අයත් ලොකුයි.. මිනිස්සුත් නිකං ඔය හැම එකටම පරික්ෂන මියො බවට පත්වෙන්න අකමැති ලොකු ලයින් එකේ මිනිස්සු තමයි ඇමරිකාව සහ දියුනු රටවල ඉන්නෙ.. ඉතිං ඒ රටවල මේ වගේ පයිලට් ප්‍රොෙජක්ට් කරන්න යද්දි මොබයිල් කොම්පැනි කාරයො සහ අන්තර්ජාල සපයන්නන් කේස් දානවා.. ඊට අමතරව ගම්පොල වගේ සිද්ධියක් වුනොත් එහෙම ආයෙ පලාත පත්තුවෙ ගූගල් උන්ට එන්න දෙන එකකුත් නෑ ඒ රටවල..

අපේ රටේ මේ වගේ නියාමන තැන්වලට.. සහ කොම්පැනි වලට ලොකු බලයක් නෑ.. ඊටත් වැඩියෙන් ඉතිං ලේසියේන අපේ ආන්ඩුවල ඉන්න උන්ගේන ලයිසන් අවසර ආදිය ගන්නත් හැකියාව මේ ගූගල් අයට තියෙන්න ඇති.. ඒ නිසා එයාල මෙහෙට එන්න ඇති..

වයිෆයි හීනය ලූන් හීනය

අලුත් ආන්ඩුව ආවම කස්ටිය වයිෆයි නිකං ගන්න බලං හිටියා.. දැන් බැලුන් ඉන්ටනෙට් එනකල් උඩ බලං ඉන්නවා.. ලංකාව කොහොමත් මේ විදුලි සංදේශ වැඩවලදි ටෙස්ටින් බෙඩ් එකක් නොහොත් පරීක්ෂණාගාරයක් විදියට පාවිච්චි කරන පලවෙනි අවස්ථාව මේක නෙමෙයි.. 3ජී 3.5 ජී වගේ තාක්ෂන මුලින්ම සමහර විට ආසියාවෙම පලවෙනි වතාවට සවි කලේ ලංකාවෙ.. මොකද ලංකාව පොඩි රටක් සහ අපෙ අයියලා එක්ක ටෙස්ටින් කරන අයට ගනුදෙනු කරන්න ලේසියි..

බැලුන තාක්ෂණය..කාලගුණික බාධා..රේඩියෝ සන්නිවේදන සීමා.. අන්ර්ජාල සේවා සැපයීම් සහ ගූගල් ලූන් ගැන .. ගූගල් නැතුව වෙන සර්ච් එන්ජිමකින් හෙව්වොත් කරුණු නම් එමට තියෙනවා මේවා ගැන..

මේ වගේ ව්‍යාපෘති වලට විරුද්ධ වෙන එක තේරුමක් නෑ.. ඒත් මේ වගේ පොඩි දේවල් වලිනුත් වාසි ගන්න හදන දේසපාලුවො දැක්කම ගූගල් එකේ එහෙම වැඩකරන උන්ට හිටගෙන හිනායනව ඇති.. 

Sunday, February 21, 2016

පීඩිත පෙම්වතියට නිදහස තේරෙනවද

මා ගෑනු ලමයින්ගේ පස්සෙන් යන්න පටන් අරං දැන් බොහෝම කාලයක් වෙනවා. ඒ අතර තිබෙන කතා ගාන ටිකක් වැඩියි. අතිසය සාතිසය බහුතරය කිසිම අවුට්පුට් එකක් නැති කතාන්දර.. 

මා විසින් පටන් ගන්නට යෙදුන එවැනි ගෑනු ලමයෙකු හඹායෑමක් පසුගිය දවසක හදිසියේම නවත්වා දමන්නට මා තීරනය කලා. වසර තුනක් තිස්සේ අවස්ථා විස්සක් තිහක් ඇය මා හමු වී තිබුනා.. දුරකථනයෙන් කතා කල වතාවන් ගාන දෙසීයකට වඩා වැඩියි.. නමුත් අප අතර මුල් දිනවල තිබුන දුරස් බව අවසාන දිනයේදී සහ අනෙක් සෑම දිනකදීම ඒ විදියටම තිබුනා. කිසිම ආකාරයක සමීප සම්බන්ධයක් බවට ඒක පත් වුනේ නෑ.. 

බොහෝවිට සුනඛයෙකුට වුවත් වරක් දෙකක් කෑම දමනවිට උෟ අපිට යම්කිසි නැඹුරුවක් දක්වනවා එක්කෝ දැඩිව අපෙන් ඈත් වෙනවා. ඒත් කිසිම වෙනසක් නැතුව වෙනදා විදියටම නොදන්නා අයෙකුට වගේ දුරස් කමක් තියේනං ඒක හරි අසාමාන්‍යයයි. 

මෙහෙම වෙන්නෙ කොහොමද කියලා මම දහ අතේ කල්පනා කලා.. මීට කලින් ගෑල්ලමයි කිහිප දෙනක් පෙම්වතියන් විදියට යාන්තමින් ඇසුරු කරලා තිබෙනවා..එ ්වගේම මිතුරියන් විදියට බොහෝ ගානක් ගෑල්ලමයි එක්ක කතා බහ කරලා තිබෙනවා.. නමුත් ඇයගෙන් තරම් දුරස් බවක් මට කිසිම යුනිට් එකකින් ලැබිලා නෑ.. ඇය ඒ දුරස්ථ බව දිගටම තබාගන්න බොහෝ වැරවෑයම් කල ආකාරයක්ද ඒ කතාවේ ඉතිහාසයේ සෑම සිද්ධියකදීම මට හොදට පැහැදිලි වුනා.. 

මට මෙ ලගදි ඇතුවුන කතාබහකදි යාලුවෙකු කියපු අදහසකින් තමයි මේකට හේතුව  කියල දෙයක් නිමානය කරගන්නහැකි වුනේ.. බාගෙදා හේතුව ඒක නොවෙන්නත් ඉඩ තිබෙනවා. නමුත් බොහෝවි ට හේතුව එය වෙන්න පුලුවන්.. 

ඇය මා හා කතාබහ කර යම් ආකාරයක සම්බන්ධතාවය්ක පටන් ගන්නට පෙරාතුව ඇයට වෙනත් බෝයිපේන එක්කෙනෙක් ඉදාල තිබුනා.. ඔහු ඉතාම තද අයෙක්.. ඇගේ සියලුම දේවල් ඔහු විසින් සොයාබලන අයෙක්..ඒ වගේම ඇය විසින් කල මනා නොකලමනා යායුතු නොයායුතු ආදී බොහෝ දේ තිරණය කරන්නෙ ඔහු.. කොටින්ම අර හමුදාවට ගියාම විනය රකිනවා වගේ නීති මාලාවක් ඔස්සේ තමා මෙ ්ගෑල්ලමයා ව මෙහෙයවලා තියෙන්නෙ.. 

ඉන් පසුව පසුකාලීනව ඔහුට මුදල් හදල් තිබෙන තැනකින් හොද ගැහැනු ලමයෙක් හමුවීම ිනසා මැයට බුට් එක වදිනවා.. ඉතිං මම සාපේක්ෂව තව කෙනෙකුගේ පුද්ගලික ජීවිතයට වැඩිමනක් ඇගිලි දාන්න කැමති කෙනෙක් නෙමෙයි.. හැමදේම පාලනය කරන්නෙත් නෑ.. ඒ වගේම සෑම රාත්‍රියකදීම ඇගේ දවසේ කාලසටහන අහන එකත් මට පුරුදු නෑ.. නමුත් ඇයට යම් කිසි කාරණායකදී මට මැදිහත් වී යමක් කල හැකි සෑම අවස්ථාවකම මම උදව් කලා..ඒත් මගේ රූල්ස් රෙගියුලේෂන් අනුව ඇය ජීවත් විය යුතු යැයි මා කිසිවිටක සිතුවේ නෑ.. එහෙම ලොකු නීති රීති දාන්න හෝ මට අවශ්‍ය විදියට පෝමැට් කරගන්න මම හිතුවෙ නෑ.. 

සයිකොලොජි වල හොයාගන තියේලු එක්තරා කාලයක් දැඩි පාලනයක් සහිත සහකරුවෙකු එක්ක සිටිය ගැහැනු ලමකෙුට හෝ ගෑනියෙකුට ඉන් පසු නෝමල් චරිතයක් එක්ක සහ වඩා සැහැල්ලු බුවෙක් එක්ක ජීවත් වෙන්න ආමරුයිලු.. 

සමහර විට මගේ නිගමනය අසාර්ථක වෙන්නට පුලුවන්.. ඒ්ත අවසානේ කුමක් හෝ නිගමනයක් මට සාධාරනව ගැලපුනා.. එයින් මට සැනසෙන්නට හැකියාව තිබෙනවා.. වසර තුනක් ගිහිනුත් අනික් කිසිම අවස්ථාවක නොතිබුන විශාල චීන මහා ප්‍රාකාරයක් අප අතර තිබෙන්නට හේතු වන්නට ඇත්තේ ඇගේ පෙර පෙම්වතාගේ ප්‍රේම භූමිකාවෙන් මිදෙන්නට ඇයට අමාරු නිසා වෙන්නට ඇති.. ඇතැම් විට මාද පෙර අය පරිදි ඇය පාලනය කරන්නට යටත් කරගන්නට ගියානම් මට ද සම්බන්ධතාවයක් ගොඩනාගන්නට හැකියාව තියෙන්නට ඇති.. 

Sunday, February 14, 2016

බෙලෙක්කය

මේ දහදුරා වල් පදුරු වේසාවා තාම නෑ.. එක්කො ඕකා අදත් රෑට මට කතා කරාවි.. උගෙ වැඩේ වෙනවා නේ මෙතන..ඒ ඇති ඌට.. අද තට්ටය ඇතුලට ගියෙ 2.35 ට.. ජොකා පේන්න කලිසම අදින බායියා එලියට ආව 4ට විතර.. එච්චරයි අද නිවුස් කියන්න තියෙන්නෙ. මුං සි අයි ඩී වුනාට පොලිස් නෙ..ඒකුන් ඔක්කොම එකයි බලං යද්දි.. ඌ මට ඔය කිව්වට මේ මාසෙ නම් සල්ලි දේවිද් දන් නෑ.. සල්ලි නැතත් මෙතන තැන වටිනවා..

මං පොලිසියෙ කලිං වැඩකරපු ලොකු මහත්තයෙක්ලු.. පිස්සු හැදිල නිසාලු මෙතන දාල තියෙනනෙ.. බාගෙද අනික් මෝඩ හිගන්නො ඒවා විස්වාස කරනවත් ඇති.. උන්ට ඉතිං හැන්දෑවට කසිප්පු ටික බොන්නයි.. ඔයි කුනු ගොඩකට හරි ඔබලට රෑට හොල්ල ගන්නයි තියේනං එච්චරයි නේ.. සික් අසික්කිත හිගන්නො..

මුං මං එක්ක තරහයි ..ඒත් මෙතන්දි ගහන් බෑ.. මං උන්ට සෙට් වෙන වෙලාවට උන් වැඩක.. අනික උන්ට මේ එලවල මට ගහන්න තරං තරහක් නෑ..උන්ට තියෙන්නෙ උන්ට නොලැබි මට ලැබුන එකට ඉරිසියාවක් විතරයි..

මෙතන හිගාකන එක හොදයි.. තැනත් පිරිසිදුයි.. ටිකක් ගානත් ලැබෙනව.. ඔත්තුව බලනවට දවසට පන්සීයකුත් දෙන්නං කිව්වට..ඌ මෙ මාසෙ දෙයිද දන් නෑ.. සතියෙ දවස් පහට විතරයි නේ මුං ගෙවන්නෙ.. ඉරිදට මට පාක් යන්න තියෙනව.. ඒ නිසා කමන් නෑ..මටත් නිවාඩුවක් ගන්න එපායැ.

හුකා මුංට මේක අස්සෙ මොකට බලනවද මන්දා එක එකා යන එන ඒව.. මුං හොරු අල්ලන්නෙ මෙහෙමද? හෝටලේ එකාට හරි බලන එකාට හරි කිව්වනං පොලිස් කාරය දෙන පන්සීයට වඩා දෙදාහක් විතර ගලවගන්න තිබුන..ඒත් පොලිසි ්කාරයා දෙන එක දැන් මාසයක් තිස්සෙ ලැබුන නේ. ඔය මැදෑ මලපෙරේත කම..වැඩිවුනාමත් කෙලවෙනවා.

උදේට එන සුදු නෝන ආවා... මරු පුක.. බෝල තං දෙක.. තං පොඩියි.. මූනත් ලස්සනයි..  හරි ආඩම්බර පෙන්නනවා ඇති වෙන උන්ට.. ඒත් රැවුලත් සුදු අපිරිසිදු මං වගේ නාකි හිගන්නෙක්ට.. ආඩම්බර කම් පෙන්වන්නෙ නැහැ.. අනේ ඒ නෝන මට සල්ලිත් දෙනවා.. දැන් පුරුදුවෙල හැමදාම උදේට මට කෑම එකකුත් ගේනවා..පිංසිද්ද වෙච්චාවෙ ඒ නෝනට.. ජාති ජාතිත් ඒ නෝනට මේ වගේ ලස්සන වෙලා තව තවත්..  සැප සම්පත් ලැබෙන්න ඕනි..දුකක් කරදරයක් නොවෙන්න ඕනි..

්‍ ජාති ජාති..බ්‍රො බ්‍රො.. එක හුකන්නෙක් ඇවිත් ජාති ජාති ගගා මාත් එක්ක සෙල්පි ගහන්න ආවා.. ජාති ජාති බ්‍රො බ්‍රො කිය කිය.. හිගන සෙල්පි..උගේ අම්මගේ...අහවල් එකේ ගිහිං ගහපිය කියල මං මගේ හැරමිටිය ඉස්සුවා ඌට ..ඉස්සුව ගමන් පැනල දිව්වා බයවෙලා... ඌ යකෝ පොටෝව ගත්තනං කමන් නෑ,. ජාති ජාති කිය කිය එනවා සිංදු කෑලි කිය කිය හැමනෙන්නෙ..

මේ කොහෙද යන සෙල්පි හිපාටුවකේ නිසා සනෝජ මිස්ගෙ කරුණාව ත් අමතක වුනානෙ.. සනෝජ මිස් ට මම පිං සාර වස්තුවක්.. පිං කරගන්න උවමනාව තිබුනත් පිංවතුනි අපි හැමෝටම ඒකට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ.. දැන් ඔය පිංවතුන්ට ඒ වගේ මහා පිංකමකට දායක වෙන්න ලොකු අවස්ථාවක් ලැබිල තියෙන්නෙ..දැන් මේ ටයිල් කැටයකට දායකත්වය දක්වලා මේ විහාර කර්මාන්තය දියුනු කරලා.... ඔහොම බණ කෑල්ලක් පංසලක් ගාව දවසක් හිගා කනකොට හාමුදුරුවො දෙසනවා ඇහුනා..

පිංකරන්න හිතෙන අයට හාමුදුරුවො පිං තියෙන වස්තුවක් අමුණලා.. ඒ තමයි පිං ටයිල් කැට..ඒවා ගෙනිහින් පූජ කරාම ලොකුවට පිං එනවා.. ඔය ගනයා අවුරුදු ගානක ඉදන් විහාරෙට උලු කැට.. ටයිල් කැට.. ගඩොල් කැට වලට කියල මිනිස්සුන්ගේන් සල්ලි ගරනවා.. පවු එක අතකින්..ගනයටත් හැන්දෑවට සොට් එකක් දාගෙන ගෑනියෙක් ගෙන් කීයක් හරි ගෙවල හරි ආතල් එකක් අරගෙන සැපසේ ඉන්න එපාය..ගණයොත් කරන්නෙ බිස්නස් එකක්.අපිත් කරන්නෙ ඒකමනෙ..ඌට බනින එක හොද නෑ.. උන් පිණ කියලා දෙයක් තියනාව කියල කියන නිසානෙ මේ හැත්ත බුරුත්ත අපිට සල්ලි දාන්නෙ ‘’කෑම දෙන්නෙ.

උන් පිනක් දහමක් නෑ කිව්ව නං මුං දේවි මේන්න කියලා සල්ලි.. පිස්සු නේ..තමුන්ට දෙයක් නොලැබි මොකාද මේ රටෙ තව එකෙක්ට කීයක් වත් දෙන්නෙ..

සනෝජ මිස්ගේ පිංකරන වස්තුව මම..ඒක ලබාගත්ත එක මහ ලොකු දෙයක්.. මහත්තයො දහයක් සල්ලි සීය ගානෙ දැම්මත් මිස් කෙනෙක්.. කතා කරල ලොකු උන්නැහෙ කෑවද? මං මේ ගෙදර උයාපු කෑම එක.. එහෙනං සීයෙ මේක කන්න.. අපේ තාත්තිට පිං පිණිස තමයි මම මේ සීයට කෑම දෙන්නෙ.. කියල විස්තර කියද්දි අමුතු ගතියක් එනවා.. හිගන වුනත් කකුල් දෙක අතරෙ තියෙන එකට කිති දැනෙනවා ඇති.. ඒකයි මිස්ල එනකොට ටිකක් ඇඩ් එක වැඩි වෙන්නෙ..

සනෝජ මිස් හොද ගෑනු ලමයෙක්..මං ඒ ගෑනි ගැන වැරදියට හිතන්න හොද නෑ.. ගෙදර මොනාහරි හැදුවද මට කොටහක් ගෙනත් දෙනවා.. එයා මට ඇදුම් ගෙනත් දෙන්නත් හැදුවලු..ඒ්ත මහත්තය අකමැතියිලු.. “ මං සීයට ඇදුමක් ගෙනත් දෙන්න හැදුවා..ඒත් අපේ මහත්තය බනිනවා.. එයා කැමති නෑ වගේ ..කමක් නෑ..සිය දැන් හොදට පිරිසිදුවට ඉන්නව නේ..පං පස්සෙ එකක් බලල ගෙනත් දෙන්නං එයා කැමති කරගෙනම ඇදුමක් ගෙන්ත දෙන්නකෝ.... මං යනවා.. සීයෙ.“ සනෝජ මිස් නැමිල මට කත ාකරල යනවා..

දරුවෝ මට මේ සීනි ජාති හොදද දන්නෙත් නෑ.. සිනි නං නැහැ.. ඇගේ..කමන්..නෑ.. මේ දරුවට බොහොම වාසනාවන්ත ජීවිතයක් ගතකරන්න අවස්ථාව ලැබෙන්න ඕනි.. දවසක් සනෝජ මිස් චොකැලට් බෝල පිරිච්චි කප් එකක් ගෙනත් දුන්නා.. මං ඒකෙන් දෙකක් කෑවා.. පල්ලෙහා බස් හොල්ට් එක ගාව ඉන්නවා ලමයි තුන් හතර දෙනෙක් සපත්තු මහනවා.. උන් බඩුත් කරගහනව දැකල තියෙනවා..පවු කොල්ලො උන් දැනුත් හිගා කන්න හුරු වෙලා ද දන් නෑ.. ඒ නැතත් දැන්මම උන් කසිප්පු වලට නං පුරුදු වෙල ඇත්තෙ..

මිස් ඊලග දවසෙ ආවා..බත් එක දුන්නා.. සීයෙ චොකලට් හොදයිද? ගොඩක් ගෙනත් තිබුන..අපේ මහත්තය රට ගිහින් ඇවිත් ඔය ජාතියෙ පැක් ගොඩක් ගෙනත් තිබුනා.. ඔවු.. “ දුවට ඒකෙන් නම් තවත් පිං ලැබෙනව..මං අර ඈත පහල බස් හෝල්ට් එක දිහා ඉන්න කොල්ලො කුරුට්ටො ටිකට හැන්දෑවෙ ගිහින් දුන්න චොකොලට් බෝල ටිකක්.. මෙහ තියන ඒවට වැඩිය හොදයි නෙ නෝනෙ.. “ ඇත්තමයි ඒ පොඩි උනුත් ඇහුව මගෙන් මං රට ගිහින් ආවද කියල.. නෝන එහෙනං යන්න..මේ හිගන අපි එක්ක වැඩි බජන හොද නෑනෙ නෝන.. දන්නෝනෙ මිනිස්සු.. දෙන්නෙත් නෑ..දෙන එක්කෙනක්ට දෙන්න දෙන්නෙත් නෑ..

හා හා.. සීයෙ.එහනං සීයෙ මම ගිහිල්ල එන්නං.. ගිහින් එන්නං කියන හැම වෙලාවකම.. වදින්න වගේ යනවා.. ඒත් මම දවසක් කිව්ව..මට වදින්න ඕනි නෑ..මං තරුණ කාලෙ ගොඩාක් වැරදි වැඩ කරල තියෙනවා..මට වැන්දොත් පවු මිස්ටත් කියලා.. ඒ නිසා මට වදින්නෙ නෑ දැන්.

සති කිහිපයකට පසු..

මා හට දැන් මේ කඩා පහත්වූ හිගන ජීවිතය එපා වෙමින් පවතී.. හිටිහැටියේ මානසික රෝහලට වැටුනි..ඉන් මනත අපේ ගෙදර උනුත් මගේ නාමික ගෑනිත් හිතුවේ මා හොද ජාති  පිස්සෙකු වනවා ඇති කියලාය.. ඔවුන් කෙමෙන් කෙමෙන් ඉක්මනින් ඈත් වන්නට විය.. නමුත් මට තිබුන මානසික ආබාදය සුව වුනි.. ඉන් පසු කොන්ඩ රැවුල් නොකපාම මම පාරට වැටුනි..

නාකි පෙනුමත් රස්සාවක් නොසෙවීමත්,. රස්සාවක් නොලැබී යන්නට හේතු විය. නමුත් තැන් තැන්වල පාරේ වාඩි වී සිටින විට ඉදහිට බත් පැකට් එකක් ලැබේ.. බස් එකකට දෙකකට යාන්තං වදෙන් හෝ නැංගොත් රුපියල් සීයක් කෑමට හොයාගත හැක. වෙනත් හිගන්නන්ගෙන් වෙලෙන්දන්ගෙන් ගුටි කමින් මා හිගන්නෙක් වුනිමි..

මට අවශ්‍ය දවසකට රුපියල් දාහක් විතර පමණි.. මට හැම බස් එකටම නගින්නටත් හැම වෙලේම අත දික්කරගෙන නහින්නටත් අවශ්‍ය නැත..එබැවින් බස් වල වෙලෙන්දෝද අනික් හිගන්නෝද මා එතරම් ම අවුල් කොට සිතුවේ නැත.. ඔවුන් මා හට විටෙක අනුකම්පා කලෝය.. හිගන්නෝ තුල කැත ගති රැසක් ඇතත් ඉතා හොද පපු කැවුත්තක් තිබේ. මට දවසක් හිගා කන්නට එපා වී වාඩි වී සිටින කල..උන් බිත්තරය මස් කෑලි ඉවත් කරන ලද අමු බත් එකක් හෝ මට එවයි..

වයස 39ක් වුවත් ඉදුනු රැවුල කොන්ඩය නිසාත් රැලි වී අව්වට දූවිල්ලට හසු වී ඇති හම නිසාත්.. බොහෝ දෙනාට මම සියෙක් වෙමි.. මට එය ලොකු ගානක් නැත. සියල්ලට ඉහලින් සියල්ල හොයමින් සීයෙක් මෙන් සිටීම බොහෝ වටින වැඩකි..

රහස් පොලිසියෙ මහත්තයෙක් මා ගැන කලක් තිස්සේ ඇහැගහගෙන සිට ඇත. පසුව ඔහු මා ගැන වැඩිමනක් විස්තර නොඅසා පොඩි වැඩක් කලහැකිදැයි ඇසීය.. හරි ඔහෙට පෝන් එකක් දෙන්නම්.. හැන්දෑවට කිව්වම ඇති...

හරි හරි ඒක මට කෝල් කරන්න විතරක් හැන්දෑවට ඔන් කරනවකො..තමුසෙලත් මාර පොරවල් නේ..පෝ්න එකක් දුන්නම අහනව චාජ් කරන්නෙ කොහොමද කියල..

පොලිස් කාරයාට බිම වාඩිවී හිගාකන්නට කම්මැලි හෝ බයක් ඇතිවන්නට ඇත..ඒ නිසා ඔහු.. මට වැඩේ මට පැවරුවේය.. ඌ හොද මිනිහෙකි.. වැඩේ බ්ලාස්ට් කරන්නට ප්‍රථම.දැන් එහනං මෙතන හිගාකෑව ඇති.තව කල් ිහටියොත් තමුසෙ මාට්ටු වෙනවා වැඩේට..

තමුසෙ එහනං වෙන තැනක් හොයාගන්නව..ආයි මාස දෙකකට විතර මෙතනින් ඈත් වෙල ඉන්නවා.. පොලිස් කාරයා මට කිව්වේය.. පොලිස් කාරයා කවුද උගේ නම මොකද්ද ආදී කිසිවක් මා නොදන්නා අතර එය දැන නොගැනීම මගේ තැනත් ලැබුන තාවකාලික ගතමන්ට් එකත් ආරක්ෂා වන්නට හේතු විය..

සනෝජා.. මට නිතර මතක් වන්නට විය.. ඇගේ ටෙලිපෝන් නොම්මරය මා සතුව ඇත.. එය තනිකර විශ්වාසය කඩ කිරීමකි.. නමුත් ඒ කැත වැඩේ මා විසින් කරන ලදී.. ඇය ඉදහිට රී ලෝඩ් එකක් දැමිමට ලග ඇති කඩයකට රිංගයි.. ඒ රීලොඩ් එක දමා තිබුනේ ඇගේ ගමේ සිටින අම්මාගේ ෆෝන් එකටය. රී ලෝඩ් එක දමා ඉතුරු ගන්නට සනෝජා දුවට අමතක වී ඇති බැවින් ඒ ඉතුරු ලබා දෙන්නට මම ඒ අම්මාගෙන් දුවගේ නම්බරය ඉල්ලා ගත්තෙමි..

රී ලෝඩ් දාන එකා මගේ දිහා කන්න වගේ බැලුවේය.. හා හා මේකෙ කුනු ගාන්න එපා.. දෙනෝ ඔහෙග නම්බර් එක.. කොමිනිකේශන් කාරයා කෑ ගහන්නට විය..

නෑ නෑ..මට අර මහත්තයෙක් රී ලොඩ්් එකක් දානව කිව්ව..මේ කඩෙන්..ඒක දාලද කියල බැලුවෙ..මට මේ පොත් වල කුරුටුගාන්න ඕන නෑ. මම අවසාන නම්බරය මතක තබාගත්තෙමි...සනෝජාට ලස්සන ඉලක්කම් ලියන්නට හැකියාවක් තිබුනි.. ඇයගේ අකුරුද ලස්සනය...

පාරෙ හිගාකෑවට මුං පේස්බුක් එකෙනුත් සල්ලි කලෙක්ට ක්රනවද කොහෙද? බොරු හිගන්නො..බොරුවට රැවුල වවං.. කොන්ඩෙ වවං. මුන්ට ඇති පිස්සුවක් නෑ.. රී ලොඩ් කඩකාරයා කියවන්නට විය..

මා මදක් ඔලුව ඉහලට එසවුවේය.. රී ලොඩ් ගොනා දෙස බැලුවෙමි.. "මේ ඕයි. මට තමුසෙගෙ හුත්තක් බලන්න ඕනි නෑ.. දැන් තමුසෙට තියෙන පස්නෙ මම කීයක් වත් නොදා පොත බලන එකනේ..තියාගනිං..මේක ඉරලා කාපං..ඉදා තොට සල්ලි..පාහරයා..තොපි මිනිස්සු එක්ක හිනාවෙන්නෙත් සල්ලි වලට..තොපිට මිනිහෙක් එක්ක හිනාවෙද්දි පේන්නෙත් මොනරු.. පිං තාලි.. අපත හැත්ත. ආහ්  තියාගනිං.. මෙච්චර කල් මං හිගාකනවා..තෝ එක රුපියලක් දීල නෑ පිනට කියලා.. තෝ වගේ කුණාචාරියො නෙවෙයි අපි හිගාකෑවත්..ඉදා ගනිං තොගේ බල්ලොත් නොකන සල්ලි.."

රී ලොඩ් බුවා ගල් ගැහෙන්නට ඇත..ඌ පිටිපස්සෙ එනවාදැයි නොදනී..මා උගේ කුටිය ඇතුලටම රුපියල් සීයකින් දමා ගසා ආවෙමි.. නමුත් කොතෙක් ආවේගයෙකින් ආවත් මට අර අවසාන නොම්බරය මතක තිබුනි..

හිගන රැලක නායක යැයි සිතිය හැකි බුවෙක් දිනක් කලබලයෙන් උදෑසන මා සොයා ආවේය.. තමුසෙ වෙන පලාතක් හොයාගන්නවා.. තමුසෙ මාට්ටු වෙන්න පුලුවන්.. අර බෑන්කී බිල්ඩින් එක ගාව තමුසෙ කාලයක් ඔත්තු බැලුව නේ.. අන්න ඒ බිල්ඩින් එකේ ලොකු ලොකර් සෙට් එකකට ගේම දීල..

හරියටම ලොකර් ඇරෙන වෙලාව අදුනගෙන තියෙන්නෙ යන එන උන්ගෙන් කියලයි කියන්නෙ.. මට මීටර් වුනා තමුසෙ මොකක් හරි ඩීල් එකකට ඔතන හිටිය කියල.. අර හැමදාම තොට බත් ගෙනත් දෙන පුක ලොකු ගෑනි.. මරු කද නේ.. ඒකිත් ගේමට සම්බන්ධ ඇති කියල ඒකෙ ක්ලීනින් එකේ ඉන්න බුවෙක් කිව්ව.. ඕකිගේ මොලේන බාගයක් පුකේ තියෙන්නෙ කියල මට කියුව එකා කිවවෙ..

කොහොම උනත් තමුසෙ මකබෑ වෙලා ඉන්නව. පෙනුමත් ටිකක් වෙනස් කරගන්නවා.. එකෙක් වත් මාට්ටු වුනොත් දෙක ගහද්දි තමුසෙ ගැන කියයි.

නීල කාස හොරෙකුට අවංක පොලිස් කාරයෙක් රහස් පොලිස් කාරයෙක් යැයි මා රැවටී ඇත.. අලුතින් තැනක් සොයාගත යුතුය. හිගාකෑම එවැනිය. මූ පට්ට ඩෑල් එකක් විය යුතුය. පුක ලොකු ගෑනි නොහොත් සනෝජා.. අහ්.. ඇගේ නොම්බරය දැන් වැඩ නැත..

Saturday, February 13, 2016

කදුලු බිදක් ළග

කදුලු බිදක් ළග
පිරුණු විතක්
තැලුන හිතක් මත..
මතක පෙතක්

මතක ඇවිත් හිස
මතම හිටං..
වද දෙන්නේ ඇයිද
මා දැවෙන ලෙසින්

හාදවෙලා අමනාප වෙලා
අමනාප වුනේ ඇයි යාලුවෙලා..
කාල බලන්නට මාව උලා
ගත්තෙ ඇයිද හද කුරිරු වෙලා..

නෙළුම පිපී විල මතම සැලී..
මා එනු දැක සුලගට වැනු හැටී..
කඩා ගන්ට මා මඩට බැසී...
මල හිනැහේ , මා මඩෙහි ගිලී... 


Thursday, February 4, 2016

නෙටොල්පිටිය චාරිකාව Tour Netolpitiya

 මේ උස්සන්ගොඩ. බලන්න කියලා වැඩි යමක් නැතිවුනාට.එතන හරි ලස්සන මුහුදක් තියෙනවා. මේ ගමන නෙටොල්පිටියෙ ගියේ. නෙටොල්පිටියෙ අපි කේන්ද්‍ර කරගත්තාට අපි ගියේ ප්‍රධාණ වශයෙන් තැන් දෙකටයි. එකක් රැකව මූද අයිනෙ වෙරළට අනික උස්සන්ගොඩ. 
 මේ ගල් කෑල්ල උඩට නැගල ගනිපු වීඩියෝ ආදිය ගොඩක්ම තියෙනවා. මියුසික් වීඩියෝ සහ මංගල දැන්වීම් ආදියට ගන්න හොද ප්ලේස් එකක් තමයි උස්සන්ගොඩ.. 
 කලිං දවසෙ රෑ අපි මූදු වෙරලේ ඉදන් බාබකියු දැම්මා. එතකොට බඩේ මොක්ක නමුත් අවුලක් ඇවිත් මේ යාලුවගේ පුක කහන්න අරගෙන වගේ පෙන්නුම් කරන්නෙ. 
 පොඩි ලමයි දෙන්න කොටු පනිනවා. ඒක දැකල ලොකු ලමයින්ටත් කොටු පයින්න ඕනි වුනා. මේකට අපි කියන්නෙ කොටු පැනිල්ල . නමුත් ඇතැම් පලාත්වල මේකට බට්ට පැනීම කියලත් කියනවා. 
 කස්ටිය උසන් ගොඩ දක්වා යන අතරමග. යද්දි මේ වගේ කටුපදුරු ලදු කැලෑ සහිත පරිසරයක් හම්බ වෙනවා. 
 මේ කකුල් මස් සහ සොසේජස් අර මස් පුච්චන බාබකියු පෙට්ටියට දාල පුලුස්සා ගන්න ආකාරය. මේක ටිකක් අමාරු වැඩක්. මොකෝ බිව්වට පස්සෙ කවුරවත් මේව ගැන හොයන්නෙ නෑනෙව.. දෙයියන්ට පිංසිද්ද වෙන්නෙ මොකුත් බඩේ ගායක් නම් හැදුනෙ නැහැ කාටවත්.. 
 සමහර අය පොටෝ ගන්න පුලුවන් වස්තු දැක්ක තැන පොටෝ ගන්න හදනවා... ට්‍රිප් එකක් ගිහින් ආවම සමහර අයගේ පොටෝ දකින්නම නෑ..ඒත් ලක්ෂන අයගේ පොටෝ හැමතැනම ඒක ඉතිං සොබාවිකයි නේ.. 
 මේ උස්සන්ගොඩ රතුපාට වීම ගැන කතා ගොඩක් තියෙනවා එකක් දෙකක් රාවනාටෙත් සම්බන්ධයි.. මේකෙ රාවනා හෙලිෙකාප්ටර බෑවා කියල ත් කියනවා.. රාවනා ඔය නුවරඑලිය පැතතෙත් හිටියලු නේ.. මම හිතන්නෙ එතකොට උසන්ගොඩ රාවණාගේ සදර්න් එයාපෝට් එකක් වෙන්න ඇති. 
 අහෝ බේදයකි කියන අවස්ථාවක්.. මොකුත් නමුත් සිද්ධියක් දිහා කල්පනාකාරීව බලාන ඉන්නවා කියලා පේනවා.. 
 කොතන ගියත් බල්ලොන්ගෙනුයි කොල්ලොන්ගෙනුයි අඩුපාඩුවක් නෑ.. මුන් මොකට ඉන්නවද මන්දා..හැබැයි වෙලාවකට මුන් ප්‍රයෝජනවත් වෙන වෙලාවලුත් තියෙනවා. 
 ලස්සන බීච් එකක් ගාව සිට හොරි කසනවා කියන්නෙ ලේසි පාසු බල්ලෙක්ට ලැබෙන චාන්ස් එකක් නෙමෙයි.. මම හිතන්නෙ මූගේ කරපටියකුත් නෑ.. එහමට නිදහසක් බල්ලෙක්ට ලැබෙන එකත් පට්ට.. 
 මේ යාලුවා අපිට පොටෝ ගන්න බොහෝම උදව් වුනා.. කැමරාව රැගෙන යාම වගේම පොටෝ වලට මුහුන දීම අතිනුත් මෙයා ඉදිරියෙන් සිටිනවා. මේ පොටෝ හෙල්ප් යාලුවාගේ පොටෝ හැම යාලුවගේම පෝන් වල කැමර් වල අඩු වැඩි වසයෙන් තියෙනවා. 
 රෑම නයිට් ඉන්නවා කියලා බාබකියු පෙට්ටි අරං ලෑස්ති වුනාට සමහර පවුල් වලට නිසි වෙලාවට නින්ද යනවා..ලොකේස්න් එක මොකද්ද කියල ලොකු නිනව්වක් නෑ.. ඒත් නින්ද නම් ලෙසට ගිහින් තියෙනවා.. 
 කොයි තරං පාරවල් ලස්සනට තිබුනත් අපේ අය ඉතිං හරි පාරක යන්න දන්නවයැ.. ඔය එන්නෙ ලෙසටම පාර තියෙද්දි තණකොල උඩින්..අවුලක් නෑ ඉතිං මෙතන තණ උඩ ඇවිද්දාය කියල දඩ ගැහිල්ලක් නෑනෙව.. 
 මේ උසන්ගොඩ මුහුද අයිනෙ වෙරලෙ තියෙනවා ලස්සන බෙල්ලො කෑලි ආදිය. යාලුවො ඒවා හොයලා මතක සටහන් විදියට දෙක තුනක් සාක්කු ගත කරගන්න අමතක කලේ නෑ.. 
 මේ තියෙන්නෙ උස්සන්ගොඩ එක පැත්තකින් පේන හැටි.. එතන බීච් එක අපි ගිය වෙලාවෙ සෙනග නැතත් පදුරු අස්සෙ තිබුන පොලිතින් බෝතල් ආදියෙන් එතන සෙනග ගැවසෙන තැනක්ය කියලා අපිට හිතාගන්න හැකි වුනා.. 
 කස්ටිය කතාන්දර අහන අවස්ථාවක්.. කතාන්දර කියන කෙනා ලොකුවට මොකක්ද පෙන්නුම් කරන ආකාරයක් දැක්වෙනවා. ඉතිරි අය පොටෝ එක ගන්න ඕනි නිසා කතාව අහනෝද නැත්තං ඇත්තටම කතාවක් තියෙනෝද කියලා නම් දන්නෙ නෑ.. 
 රැකව ලක්ෂණ මුහුදක් තිබෙනවා.දැනට වැඩිය සෙනග එන්නෙ නැති තැනක් නිසා එතන කරදරයක් නැතුව නාකියා ගෙන ජොලියක් දාන්න පුලුවන් කම තියෙනවා.. මහා බ්ලොග් රාජයෙක් වෙන මගේ බ්ලොග් එකේ දැන් මේක දැම්මාම එතන සෙනග පිරිලා ලොකුවට එතන ජනාකීර්ණ වෙන්නත් ඉඩ කඩ තියෙනවා.. 
 හැන්ද වෙලා ගිය නිසා අපිට නාන්න වෙනම වෙලාවක් සෙට් වුනේ නෑ රැකව මුහුදෙදි.. නෑව ගමන් රෑ වැඩේ පටන් ගන්නයි සිද්ද වුනේ.. යාන්තමට එලිය ගන්න අපිට ගිනිගොඩකුත් ගහගන්න අවස්ථාවක් ලැබුනා. 
 චාර්ලිස් ඒන්ජල් එකේ වගේ එන්නෙ අපි එක්ක ගිය කාන්තා විශාල පාර්ශවය. කාන්තා ඔක්කොම ගියා 6ක්..එයින් 2ක් කුඩාම කාන්තාවන්..මේ ඉන්නෙ විශාල කාන්තාවන් හතර දෙනා. 
 ටිකක් ලස්සන පිංතුරයක් .මට හිතෙන විදියට අපේ කන්ඩායමේ ඔක්කොම වගේ මේ පොටෝවෙන් පෙන්නුම් කරනවා. 
 කැටපෝලෙන් විදීම සහ ඒ පිළිබද තරග ආදියත් පැවැත්වුනා නෙටොල්පිටිය නැවතුන අවස්ථාවේදි. ඒ පාඨමාලාව අවසානයේ කැට ගල් විදින්න හැකියාව ගෑල්ලමයිටත් ලැබෙන්නට ඇත ිකියලා මම සිතනවා.. 
කැලෑවේ මැදින් තියෙන පාර ලස්සනයි. කැලෑ පාරක වුනත් යන ගමන් නයෙක් අැරගෙන යන එක තමයි සාමාන්‍යයෙන් විය යුත්තේ.. 

පොටෝ වලට ක්‍රෙඩිට් දෙන එක තමය කේස් එක..හරියට පංසලේ පිංකමේ දායකයොන්ට පින් දෙනවා වගේ දිග ලිස්ට් එකක්.. 
කැමර් හිමිකරුවන්ටත්..කැමරාව රැගෙන ආ අයටත්..පොටෝ ගහන තැන දක්වා කැමරාව උස්සාගෙන ගිය අයටත්..පොටෝ වලට පෙනී සිටි අපි සැමටත්..අපිට පොටෝ ගහන්නට ලස්සන රටක් උරුම කර දුන් මහී කාන්තාවටත්.. පොටෝ වහා අප්ලෝඩ් කල ඇයටත්...බොහෝම පිං අයිති වේවා..