Friday, April 30, 2010

BHA wa NAWA

මට් වර්ඩ් වේරිෆිකේසන් අයින් කරන්න දන්නෙ නැ....ඔය දන්න එකෙක් ඉන්නවනම් ලින්ක් එකක් දාපන් කොමන්ට් එකක....මම අද කියන්න යන්නෙ නොදන්න දෙයක් ගැන ඒතමා භාවනාව....මට විනාඩි 10ක් හිත එක තැනක තියා ගන්ට බැ...අනික මට ඒහැටි උවමනාවකුත් නැ..දැන් කාලෙ තරුන අය භාවනාවලට යනව අඩුයි ඒත් සුලුතරයක් භාවනාවලට යොමු වෙනව...කිරිබත්ගොඩ ඤානානන්ද හාමුදුරුවො ගොඩක් ලොකු වැඩක් සාසනේ වෙනුවෙන් කරනව ඒකෙ කිසිම තර්කයක් නෑ...ඒත් අපි නොදකින වරදක් නොදැනුවත්ව එතන වෙනව...ධර්මය කියන්නෙ සිනිඳු දෙයක් නෙමෙ හරිම ගැඹුරුයි....ඒත් ඒ තියෙන ගැඹුර මහමෙවුනාවල තියෙනවද කියන එක ප්‍රස්නයක්...ගෙවල්වල මල් වාගෙ හැදුන ජීවිතේ ගැන මෙලෝ හසරක් නොදන්න යොවුන් පිරිසක් මහ මුලාවක අහුවෙලා වාගෙ කියල මට හිතෙන්නෙ...අපි ජීවිතෙ ගොඩක් ප්‍රස්න හමුවෙ විසඳුම් නැති උනාම හිස් බවක් දැනෙනව.ඒත් ඒවට විසඳුම සසුන්ගත වීම නෙමෙයි...
මම මහමෙවුනාව ගැන හොඳින්ම දන්න කාරනා 2 කදි මහන වෙන්න ගිහිපු දෙන්නෙක් සියදිවි හානි කරගත්ත..තව පිස්සු වාගෙ අසාමාන්ය ගති ඇතිවුන අයත් හිටිය...දැන් දැන් සමහර දෙමාපියො තමන්ගෙ ලමයි භාවනා වලට නොයවන තැනට පත් වෙලා...සමහරු කියන්නෙ හාමුදුරුවො ළඟ වශී බෙහෙතක් තියනව ඒකට කට්ටිය වශී වෙනව කියල..මම කිව්වෙ මට හිතෙන දේවල්...මට බැනීම ඇරෙන්න වෙන දෙයක් කියන්න තියනවනම් කොමෙන්ට් දාන්න පුලුවන්...

Wednesday, April 14, 2010

බල්ලාගෙ විත්තිය

අලුත් අවුරුද්ද අලුත් කිරීම.......ඉතින් අපි හැමෝම ඔය ගැන කතා කරනව අම්බානක....ඉතින් අපේ පියාටත් හිතුන අපේ බල්ලව අලුත් කරන්න....බල්ල ගැන කියනවනම් උගේ පෙනුම මේ දවස්වල ටිකක් සෝචනීයය්...මොකද ඌට කසන ලෙඩක් ඉන්ස්ටෝල් වෙලා...ලෝම රිමූ වෙන්න අරන් ...බල්ලගෙ සමහර තැන් බ්‍රොය්ලර් කුකුලෙකුගෙ වාගෙ......අපේ කලින් හිටපු බල්ලටත් ඕය ලෙඩේම තිබුන...ඌට මොකක්ද කෘමි නාසක වගයක් ඉලුවහම අඩු උනා..ඒත් හොඳම බෙහෙත සබන් කෑල්ලක් ලු...ඒක 300 විතර් වෙනවලු..බල්ලගෙ ගෑවම ලෝම ඔක්කොම එනවලු බබා වගේ....ඒත් අපි රු30 ලයිෆ්බෝයි ගානකොට ඌට රු300ක සබන්..... නිකම් මොකක්ද වාගෙ...ඒත් අවුරුද්දට ඔක්කොම අලුත් උනත් ඉස්සෙල්ලම දුවගෙන එන බල්ලගෙ යූස්ර් ඉන්ටර්ෆේස් 1 අවුල් උනාම ෆට්ට කේස් නෙව....ඔය අතරෙ ඕකට කලුතෙල්(පිලිස්සුන එන්ජින් ඔයිල්) හොඳා කියල කවුද බුවෙක් අපේ පියාගෙ ඔලුවට දමල ...බල්ලගෙත් ඉන්ටර්ෆේස් එකෙන් 70% ක් විතර කලු නිසා ඒක ගොඩක්ම ගැලපෙන වැඩේ බවට ඒකමතිකව සම්මත උනා.....ඉතින් කලුතෙල් බල්ලගෙ යසට ආලේප උනා කියල කියමුකො......ඊට පස්සෙ අපිටයි බල්ලටයි මාර ප්‍රොබ්ලම්ස් වලට මූන පෑව.... 1.ගෙදර ට්යිල් උඩ කලු තෙල් ආලේප වීම. 2.බල්ලාගෙ සෙට් එකෙන් ඌව කොන් වීම 3.රතිඤ්ඤා වලට බියවී නිවස තුල සැඝවෙන බල්ලා සිය පැහැය ඉව බව නැතිව ආලේප කිරීම....මෙ අපිට ආපු ප්‍රස්න ඒත් බල්ලට කොයි තරම් දේවල් ඇත්ද????

මගේ පලමු වාක්කය

අනික් අය වගේම දිනපොතක නමක් සැට් කොරන් ඔන්න මමත් ආව බ්ලොග් වලට