Sunday, December 25, 2022

සිව් පෙති මල






ඇයි ශාන් මේ වැඩ ගොඩක් දාගන්නේ.. ලොක්කගෙන් ලකුණු දාගන්නද? ඔයා දන්නවනේ එහෙම ලකුණු ලැබෙන් නැහැ කියල..

අනෝම මගේ හිත මේ දවස්වල අවුල්. අපේ පරම්පරාවේ මිනිස්සුන්ට ලව් කේස් නිසා අවුට් යනවා වැඩියි. එයාල ඉක්මනින්ම අංගොඩ යනවා. නැත්තම් සියදිවි නහගන්නවා. මට කියල වෙනම ජාන සෙ ට් එකක් නෑනේ අනෝම. ඕවා තමයි මටත් තියෙන්නේ. ඉතින් මාත් ඒ තත්වෙට වැටෙන්න කලින් මේ වැඩ ටික හරි කරට දාගන්න හැදුවේ. එතකොට මට පස්න හිතන්න වෙලාවක් නැහැ වැඩ නෙ..

ඉතින් ශාන් ඔයා කැමතිත් නැැහ නෙ මට ඒක කියන්න. ඒත් මම ඔයාට කියන්නේ ඔයා කැමති නම් ඔයාග් කැමතිම බාර් එකේ බොමු. ඔයා ආසම වැඩේ ඒක නෙ. දැන් ඉතින් ඉන්ටනේට් එකේ තියෙනවා නේ ශාන් ලගම මිතුරාට ඇහුම්කන් දෙන් නැතිවුනාම ඌ මැරෙනවා කියල. තමුසේ මලොත් මට එහෙම හිතෙයි. අනෝමෘ කිව්වාය.

රයිටෝ.. එහනම් හෙට.. දාගමු. ශාන් කිව්වේය..

හරි මම බබාලගේ වැඩ හස්බට කියන්නම් ඌ ශේප් කරගනී. ඔයාගේ ස්ටෝරිය අහන්න මටත් හෙන ආසාව ඕයි. අපි ගෑනුනේ අපි ඕප නෙ. අනෝමා කිව්වාය.

ඒ වුනාට අනෝමක්කේ. එහෙම කියල කිසිම දෙයක් මෙතන නැහැ. මොනාවත්ම නැහැ. කියන්න කියල ලොකු එහෙම කතාවස්තුවකුත් නැහැ. මගේ අවුලක් තියේනනේ.. මට එහෙම හතුරෙක් කිය එකෙක්වත් නැහැ. ඔයාට ඇහුවහම හිතෙයි ඒ වගේ නීරස කතාවක්. අම්මෝ මම මොකට ඇහුවද කියල.. ශාන් කිව්වාය.

ශාන් මම ඔයාට කලිනුත් කියල තියෙනවා. සෙල්ෆ් කන්ෆිඩන්ස් ඔයාගේ සෑහෙන මදි ශාන්. තමුසෙට මේකේ කරන්න බැරි දෙයක් නැහැ. ඒත් හැමදාම හිතාගෙන ඉනේන් පහලම එකා කියල. තමුසෙට මැරෙන්න පස්නයක් තියෙනවා නම් ඒක කොහොමද පොඩි එකක් වෙන්නේ? ඒක ලොකු එකක්. ඇරත් නැති වැඩ දාගෙන බොන්න දාගෙන අමතක කරන්නේ සුලු දෙයක්ද? නෑ ඒක ලොකු දෙයක්. තමුන් අනික් මිනිස්සුට වැදගත් නැ කියල හිතන්න පුරුදු වෙන් නඑපා ශාන්. මම විසේසඥ නෙමෙයි. ඒත් අපේ මිනිහට හෙම ඕයි පෙඩි දේත් ඌ කිය්නනේ ඌ රජා වගේ.. ඒකට තමුසේ.. තමුසේ අර මොකක්ද කප් එකක් අරගෙන ඇවිත් මොකක්ද මට කිව්වේ. වෙන එකෙක් හිටිය නැති නිසා ඒක ලැබුන කියල. මොනාද ඕයි.

හරි මට ශාන් එක්ක කතා කරන්න ගියොත් මෙතන සද්දෙන් බනින්න වෙනවා. මම යන්නම්. හෙනම් හෙට සෙට් වෙමු.

වීදුරු ගැටෙනහඩ සහ බැරි එවුන් ඉංගිරිසි කතා කරන හඩ පබ් එක පුරා පැතිරී යන්නට විය. ටේබලයක දුරස් සබදතාවයක ගෑනියෙක් සහ පිරිමියෙකි. ඔවුන් දුරස් බව ඔවුන්ගේ ඇල්මක් බැල්මක් නැති හිස් ස්වභාවයෙන් පෙනේ.

කතාව එච්චරයි. මට දැනගන්න ඕනි අනෝම අක්කි ඔයා හිතනවද? මට එහම හැකියාවක් තියෙයි කියල. සමහර විට මට එහෙම හැකියාව නැති වුනොත්. මම ෆේල්. මම අරූ ඉස්සරහ ෆේල්. මිනිහෙක් ෆේල් වෙන්න් තරගයක් තිබුනොත්. මම දැන් තරගයක් නැතුව පැත්තකට වෙල ඉන්නවා. ඒ වගේ නෙමෙයි නෙ අක්කි මම පරාද වුනාම. එයා මා එක්ක කතා කරන එකක් නැහැ. හපොයි. මට මතකයි මගේ කෑල්ල අතගාල එක ආයුර්වේද දොස්තර කෙනෙක් කිව්වා. මල්ලි මේක නම් හදන්න අමාරු. ඕක නෙමෙයි ජීවිතේ කියල. ඉතින් අක්කා මම කොහොමද එයාට එහෙම දෙයක් කියන්නේ? ශාන් සෙමෙන් කියන්නට විය.

දැන් ශාන් මල්ලි උඹ ඒකිට අයි ලව් ්‍යූ කිව්වද? අනෝමා ඇසුවාය.

නෑ මම කිව්වේ නැහැ. ඒ කියල අවසානේට වෙන්නේ අරක නෙ. ඒක ෆේල් වුනොත් අක්කා. ශාන් කිව්වාය.

යකෝ. උඹ මාර බඩුවක් නෙ. කෙල්ලෙක්ට කැමතියි කියන්න ඒකිගේ ආදරේ විදගන්න ඕක ඕන නැහැ නෙ බන්. ඕක ඕන වෙන්න් අවසානෙට. ඇරත් මට පේන්නේ උඹ තැන් තැන්වලට ඕක පෙන්න පෙන්න ගිහින් කට්ටිය පොහොසත් කරල වගේ. මේ ශාන්. උඹ මට බොරු කරනවා නෙමෙයි. නෙ. මොකද මට ශෙුවර් නැහැ උඹව වෙලාවකට. මොකද කිසිම විදියකින් රීඩ් කරන්න බැරි උලමෙක් නෙ උඹ. අනෝමා කිව්වාය.

අයියෝ අනෝමක්කේ. මම ඔයාට කැමති. යාලුවෙක් විදිහටත් බොන නිසා කියනවා නෙමෙයි ඉතින් සෙස් කරන්නත් කැමති. ආයෙ මොකටද අක්කා බොරු කිය්නනේ. මම විතර නෙමෙයි අර සීල බුවා වගේ ඉන්න අපේ ජී එම් බුවා  පවා  අක්කට කැමති. ඔයාගේ ඇක්ටිවි ගතියට කැමති. මමත් එහෙමයි. ඒකේ.. ශාන් කියවාගෙන ය්නනට විය..

ආන්න ශාන්.. තමුසේ එතනත් ඉන්නෙ හෙන අවුල් තැනක නෙ. තමුසේ මට කැමති නම් මේ ඇගට කැමති නම් ඒ ඇති. ආයේ ජී එම් කැමතිද? ඔෆිස් එකේ අනික් උන් කැමතිද? ඒව මොකටද? එතකොට මට වුනත් තමුසෙට කිසි වචනයක් දෙන්න හිතෙන් නැහැ නෙ. මොකද හැමෝම කැමති නිසා ශානුත් කැමති මිසක් ශාන් මට එහෙම විසේස කැමති කියල නැහැ නෙ.. ඔයාට තියෙන්නේ මල්ලි කන්ෆඩන්ස්මය පස්නයක් ශාන් මල්ලි. තමුසේ ගේ නැට්ට හදාගන්න කලින් ඕක ගොඩදාගන්නවා.

අනෝමක්කගේ අයියට නම් හෙනට කන්ෆිඩන්ස් තිය කිව්වා නේද? වාසනාවන්තයි නේද ඔයා. ශාන් ඇසීය.

එහෙම නෙමෙයි බන්. මම ඒකට ආස නැහැ. මම ආසයි උඹ වගේ හිතින් පොම්නයෙක්ව සෙට් වුනා නම්. මොකද මූ හැම තිස්සේම 1 ගන්න ෆයිට් කරනවා. හැම එකටම පොර බදනවා. මගේ හැම දෙයක්ම පාලනය කරන්න එනවා. ඌ ඉන්නේ හැමතිස්සේම මාර කන්ෆිඩන්ස් මෙව්වා එකක. උද්දච්චකම අනන් මනන් ඒවත් එහෙම. මම මේ උඹ එක්ක කතා කල තරම් මම කතා කරල නැතුව ඇති මාස පහකට වත්. එච්චර අඩුවෙන් කතාකරන්නේ. මොකද වචනයක් දෙක්ක පිටවුන ගමන් මම දන්නවා ඊලගට මූ දාගෙන එන පොයිය මොන වගේද ලොකු කතා මොන වගේද කියල. ඉතින් මට එපා වෙනවා කතාවක් පටන් ගන්නත්. අනෝමා කිව්වාය.

අක්කේ මම දැන් බාගෙකට වඩා බීල. මම දැන් එතනෝල් කන්ෆිඩන්ස් එකෙන් ඔයාගෙන් අහ්නේන? අපි දෙන්න සෙට් වෙමුද? අරකව ටෙස් කරන්න. මම කීවේ මගේ වැඩ නැති එක. ශාන් ඇසුවාය.

ශාන් උඹ අඩුම තරමේ ඔය රිංගන ගොන් පොට් එකක වත් හරියට සෙට් වෙලා නැද්ද කෙල්ලෙක්ට. මම හිතුවේ උඹ ඕවට ගිහින් හැමදාම උඩ දාගෙන ගෑනුන්ට ඉන්න දෙන් නැතුව ඇති කියල. ඒත් බලනකොට උඹ එහෙම නෑනේ. මම මේ උඹ එක්ක මෙහෙම හොදින් කතා කලාට මම ඒ ජාතියේ නරක බඩුවක්ෙ නමෙයි හරිද ශාන්. අනෝමා කියන්නට විය.

ඒ පොට් වලට රිංගනවා කියල කවුරුත් හොයාගත්තේ නැහැ නෙ. මම ම තමයි ඒ තැන්වලට රිංගනවා කියල ප්‍රසිද්ධ කලේ. මොකද එතකොට මිනිස්සු මම නගින කෙනෙක් කියල හිතයි නෙ. මම ඒකට කැමති. මම ඒවට නොගියා නෙමෙයි. ඒත් ඒ අයට මාව සැපක් නෙමෙයි. සල්ලි නිසාම අතපත ගාලා මොනාහරි කරනවා. ඒක හරි වදයක් කරුමයක් වගේ එයාලට. කිසිම ආදරණීය ගතියක් නැහැ. ඇරත් වෙනදා පොඩ්ඩක් හරි පත්තු වෙන එකත් ඒ වෙලාවට බයටම බ්ලොක් වෙනවා. ඉතින් මම දැන් ඒවට යන්නේ නැහැ. ශාන් කීය.

ඒ කියන්නේ උඹ ඔය සමහර තැන් ගැන මිනිස්සු එක්ක කියෙව්වට ඒවට ගිහින් නෑද? අනෝමා ඇසීය.

ඇත්තෙන්ම කිව්වොත් මම ඒ පැත්තෙන් කන්ෆිඩන්ස් තියෙන මිනිහේක වුනාට ඕප දූප කියෙව්වට සමහර මම බඩු ගහන්න යනවා කියන  තැන් මම දැකලත් නැහැ. ශාන් කීය.

අනේ මන්දා බන්. මම මේ උඹ ගැන දන්න සහ ෆිට් එක නිසාම එනවා. ඒත් වෙන මොනම ගෑනියෙක් වත් උඹ ඕවා අස්සට යනවා කිව්වම උඹ එක්ක නිකමට කතා කරයිද? තෝ හොදයි ශාන් කෙල්ලෙක් සෙට් නොවෙන එකට උදාහරණ වලට ගන්න. එච්චර වැරදි තොගේ. අනෝමා කිව්වාය.

ඒ වුනට අක්කි මම ආසයි හැබැයි ඇත්තටම ඔයාට. මට මතකයි මම අර දවසක් අපේ ඔෆීසියේ තෑගි පාර්සලයක් අරගෙන ගෙදර එද්දි ඔයා කුක්කුව එලියේ දාගෙන බබාට කිරි දෙනවා. මම දෙපාරක් හොරෙන් බැලුවා.. මම හරි වල්ෙ න්ද? ඒව එහම හරි ලස්සනයි අප්ප. සීකේ.. ශාන් කීය.

යකෝ.. බිව්ව කියල හැම දේම ඔහෙම කියන්න එපා.. කලාව පුරුදු වෙයන් මිනිහෝ කලාව. මමත් බීල ඉන්නේ. මම කියවනවද කියහන් ඔය කතා නැහැ නෙ. අනෝමා කිව්වාය.

හරි හරි අනෝමක්කා ඔයා මට හෙල්පක් දෙන්න. මම ඇත්තටම ගොනෙක් ගහනවා නම් හත් දාහක් වියදම් කරනවා. මම දන්නවා අනෝමක්කලා අමාරුවෙන් ජීවත් වෙන්නේ. මට පුලුවන් ඒ ගාන දෙන්න. මම කියන්නේ හිත හොද විදිහට. ඒක වැරදියට නෙමෙයි. ශාන් කිව්වාය.

කිපී රතුවුන මුහුන මදක් සගවාගත් අනෝමා ශාන් ලගට කිට්ටු විය. දැන් බිව්ව ඇති. යමන් බල්ලො මාත් එක්ක යන්න. තෝ අද හම ගහනවා මට කියපු චොර කතා වලට..ඔය බිල ගෙවල වරෙන් කො. උඹට මේ ගොනා පෙන්වන්න.

ඉන් පසු බිල ගෙවා අවසන තුන් සක රියක නැගුන ඔවුහු කාමරයක් සොයා ගියෝය. ඇතුලුවීම් පිවිසීම් අවසානයේ ඇද මත දෙදෙනෙකි ඔවුන් අනෝමා සහ ශාන්ය.

හරි.. උඹ වොශ් දාන්න ඕනත් නෑ.. කියපන් වනචර බල්ලා තෝ හිතුවද යකෝ මම තොගෙන් සල්ලි ගන්න බලාගෙන දුක අහන්න ආව කියල. උඹ ගැන පව් තමයි මල්ලි. ඒත් මට ඊඨ වඩා තෝ ගැන තරහයි. වෙන කවුරුත් අහගෙන හිටියේ නැහැ තමයි. ඒත් තෝ මොකටද මට සල්ලි වලට බුදියන්න කතා කරන්නේ? යකෝ මම තොගේ ඔෆිස් එකේ අවුරුදු පහකට වඩා අපි දන්නවා. මම ඩීල් යන්න බලාගෙන තොගේ දුක අහන්න ආවේ නැහැ. දැනගනින් පපයා.. උඹ හැමදේම තනියම කරගන්න යන්නේ. ඒ්ත් තොට කරගන්න පුලුව්න බිජ්ජක් නැහැ. අනෝමා කිව්වාය.

නෑ අනෝම අක්කි. මම හිතුවේ මට උදව් කලාම මමත් උධව්වක් කරන්න. මිසක් වෙන දෙයක් නෙමෙයි .ඇත්තටම අපි ගෙදරකට යනකොට සීනි තේකොල ගෙනියනවා වේග වැඩක්.. ඒ වගේ දෙයක් විතරයි. මම සල්ලි දෙන එකෙන් ඔයා නරක කෙනෙක් කියල හිතුවේ නෑ අක්කි. සොරි අනේ සොරි. ඔයා තරහ වෙන්න එපා. මට කතාකරන්න ඉන්නේ ඔයා විතරයි. අනික් උන් දුරින් ඉන්නවා විතරයි. මට ඔයා වගේ තමුසේ කියෙන්න එකෙක් ඉන්නෙත් ඔයා විතරයි. ප්ලීස් ඒක අමතක කරල දාන්න අක්කි. හරි මට බිජ්ජ ගොඩදාගන්න ඕනත් නෑ.. අර අකමැති කෙල්ල ඕනිත් නැහැ. ඒත් තරහ වෙන්න එපා අක්කි. අනේ.. ශාන් පින්සෙන්ඩු වන්නට විය.

ඇති නවත්තගනින් අඩෝවැඩියාව. යකෝ මම ඒ ලෙවල් කාලේ මගෙන් එක වචනයක් ගන්න කොල්ලෝ දවස් විස්ස තිහ පස්සේන ආවා. මම ඉන්ස්ටිටියුට් එකේ ඩිග්රිය කරද්දි එකා දවස් 8ක් ඇවිත් මට තර්ජනය කරලා ගියේ. තමුසේ ගේ නලලෙදි කියල. එහෙව් මට තමුසේ කතා කරනවා හත් දාහට එනවද අහල. ඇත්තමයි තෝ බිව්ව කියල මේවට නම් සමාව දෙන් නෑ ශාන් ඇත්තමයි. ඕ පන නැති එක කඩාගෙන කන්න ඕන මේ කරපු දේට.. නම්..

යමන් නාන්න කනමදය වගේ බීල ඔහේ කියෝනව. අනෝමා කියන්නට විය.

Wednesday, August 31, 2022

මඩකලපුවේ ඉදලා ආපු එන ගමන

ගිය එක ලියලා ආයේම එන එක මොකක්ද කියන්නේ තකියලා බලනවා ඇති. ඒ ආපු එකෙත් තියෙනවා ලල් එකක් ඒකත් කියන්නම ඕන කියලා හිතුනා.. 

මඩකලපුව කොළඹ කෝච්චි 

 

මඩකලපුවේ ඉදන් කෝච්චි තුනක් තියෙනවා. කොළඹට

මේ තියෙන්නේ ඒ විස්තර 

 

 පුලතිසි පාන්දර 0135 කොළඹට 0845

උදයදේවි උදේ 0610 කොළඹට 1515

නයිට්මේල් රෑ 2015    කොළඹට 0453

 

මීට අමතරව මඩකලපුවෙන් 1100ට එනවා බඩු කෝච්චියක් මහවට ඒක. මහවට එද්දි 1836 වෙනවා.. මේ කෝච්චි වල ටයිම් නම් ඉතින් පැයක් දෙකක් පරක්කු වෙන්නත් පුලුවන්.  ඉතින් මුලු ඉස්ටේශන් එකටම දවසට හැඩල් වෙන්නේ කෝච්චි 4යි.. ටිකක් පාල ුලයින් එකක් තමයි තියෙන්නේ.. 

 

මඩකලපුව දුම්රිය ස්ථානය

 වැස්ස සමග 

 

උදේ පාන්දරටත් ටිකක් වැහි ලයින් එකක් තිබුනා. මම නැවතුන අම්මාන් නවාතැනේ ඉදලා මඩකලපු ස්ටේශන් එකට කිලෝමීටරයක් විතර දරයි. කලින් දවසේ ත්‍රීළුිලර් එකකින් කිලෝමීටරයක් යන්න රුපියල් 400ක් ගත්තා. ඒ නිසා පයින්ම ගමන එන්න පටන් ගත්තා.. ගූගල් දෙවියො කොළඹට විතරද මන්දා හරි සර්විස්.. පයින් එන්නත් ටිකක් පරංගියා කෝට්ටේ පාරෙක් පෙන්නුවා. ඒ පාර දන්න පාරෙන් පයින්ම ආවා. 

 

 උදේම නවාතැනේ ඉදලා  දුම්රිය ස්ථානයට යද්දි

කොළඹට මඩකලපුවේ ඉදලා ටිකැට් එක රුපියල් 520ක්. දෙවනි පන්තිය නම් දාහක් විතර වෙලා ඇති. කොහොම වුනත් මඩකලපුව දුප්පත් මිනිස්සු ඉන්න පලාත නිසාද මන්දා මිනිස්සුන්ට ඒකත් ටිකක් ලොකු ගානක්. කොල්ලෙක් ඇවිත් තුන්දෙනෙක්ට ටිකට් ඉල්ලලා දාහක් දික් කලා.. ඒත් දාහට දෙකයි ගන්න පුලුවන් කිව්වහම අමාරුවෙන් හොයල තව පන්සීයක් දික් කලා. 

 

මුල හරිය

 

ඉරිදා නිස කෝච්චිය මගදි පිරුනා. ඒත් පාන්දරම නම් කෝච්චියට එච්චර සෙනගක් සෙට් වුනේ නැහැ.. සීට් වල කකුල් තියාගෙන යන්න පුලුවන් තරමට ඉඩ තිබුනා. . ඒ හරියේ පොටෝ ගහල ෛ්ස්බුක් දාලා රට මෙතෙන්ට වැටිලා තියෙන්නේ කෝච්චියේ සීට් වල කකුල් තියාගෙන ගිය නිසා කියලා චෝදනා කරන්න කෙනෙක් නැති නිසා මමාත් බය නැතුව කකුල් උඩ තියාගෙන ආවා.. මේකෙත් ඉතින් සීමා තියෙනවා.. රට වටේ කුනු ගොඩවල් පාගල ඇවිත් චොර කකුල් ආසන මත තිව්වාම ඒක කේස් . එහම නැතුව සෙරප්පු සපත්තු දාලා ඇවිත් ඒවා ගලවලා කකුල උඩ තියාන ගියා කියලා ලොකු නඩුවක් නැහැ. මොකද ඉන්දියාවේ එහෙම රෑට නිදාගන්න ලැබෙන එකම තමයි දවල්ට වාඩිවෙල යන්න තියෙන්නේ ස්ලීපර් ක්ලාස් එකේ. එතකොට කොහොමත් කකුල් ගෑවෙනවා නෙව. 

හිරු නගින හැටි

 කඩල කරුවා. 

කලින් දවසේ වගේම කෝච්චියෙන්ම තමයි කෑම බීම සෙට් කරගන්න වුනේ. මොකද 0610 වෙනකොට මඩකලපුවේ කඩ ඇරලා නැහැ. ඒ නිසා මම මොනාත් ගත්තේ නැහැ.. බිස්කට් කඩයක් එහෙම ඇරලා තිබුනා. ඒ වුනාට මගින් කඩචෝරු කෑම බිස්කට් වලට වඩා ආතල් නිසා ඒකට ලෑස්තිපිට මම කෝච්චියට නැග්ගා. කඩල කාරයා ආවා බුවාගෙන් කඩල එකක් අරගෙන කකා ආවා.. කඩල එකට පොල් වත් මිරිස් වත් මුකුත් නැහැ. ලුනු දාල තම්බලා විතරයි. ඒත් ඒකෙත් ලල් එකක් තියෙනවා..

 

මුල හරියේ දර්ශන 

 

මේ මැඩකලපු පාර මඩකලපුව සයිඩ් එකේදි කෝච්චි පාරේ ඉදලා මීටර දහයක් විස්සක් ඈතින් තමයි ගෙවල් තියෙන්නේ. සමහර විට යුද්ද කාලේ බෝම්බ ගහයි කියලා බයට එහෙම තිව්වද කොහොමද දන් නෑ. ඒ වගේම ඈතින් වුනත් හොද ඈත පේන වීව් එකක් සෙට් වෙනවා. මොකද කෝච්චි පාර බිමට වඩා උසයි. හබරණ දිහාට එනකල්ම කෝච්චියට කන්දක් නගින්න නැහැ. සමතලා පොලව තියෙන්නේ. මුල හරියේ තල් ගස් ගොඩක් තිබුනා. ඒ වගේම මඩකලපුවේ නවීන සැපවත් ගෙවල් අඩුයි. පැල්පත් සහ බාගෙට හදාපු ගෙවල් තමයි වැඩිහරියක් තියෙන්නේ. මුස්ලිම් දෙමල මිනිස්සු තමයි වැඩිපුර ඉන්නේ.. 

මඩකලුව හරියේ රේල් පාර අයිනේ

 

ඉස්ස වඩේ බුවා 

 ඩාල් වඩේ පාල් වඩේ කියලා බුවෙක් ආවා කෝච්චියට. එයා හොද නිසාද මන්දා කෝච්චියේ නිතර යන අය කිහිප දෙනෙක්ම වඩේ ගත්තා. . මමත් ගත්තා. ඒ වඩේ මැද ඉස්සෙකුත් හිටියා. ඒත් වඩේ 5ම රුපියල් 100ක් විතරයි. ඒ පැත්තේ ඉස්සෝ ලාබ හින්දද නැත්නම් වැරදිලාද මන්දා ඒක ඒ ගානට සෙට් වුනා. කට්ටිය පැන පැන ගත්තා වගේම හරිම රසයි වඩේ. උණුවටත් තිබුනා. ඒ වගේම ඒ වඩේ වලට කිසි අවුලක් ගියේ නෑ. බඩට.. 

ඉස්සො වඩේ පාර්ස්ලය

 

ආයේම කජු කාරයා 

 මුලින්ම ආවා කජු බුවෙක්. එයා බැදපු කජු. ඒත් ටිකකින් කජු කාරයෝ ගොඩක් ආවා තම්බපු කජු. කෝච්චියට නැගලා ඇට වර්ග, කුරක්කන් පිටි , හැලප, වන්ඩු වේග විවිධ දේවල් විකුනනවා. ආ වෙරළු සහ අච්චාරු වගේ දේවලුත් විකුනනවා.. ගොඩක් ලාබ නම් නැහැ. ඒත් මිනිස්සු බඩු කොලිටි ඇති කියලා ගන්නවා. වෙලෙන්දෝ කෙනෙක් දෙන්නෙක් නෙමෙයි පහ හයක් එකපාර නැගලා කෑ ගගහා යනවා. මට ඉන්දියාවේ කෝච්චිය මතක් වුනා. එහේ නම් නොදන්න භාෂාවකින් කෑ ගහන නිසා ලොකු අවුලක් නැහැ. මේකේ සිංහල සහ දෙමල භාෂා දෙකෙන්ම කෑ ගහනවා මුල් හරියේ නම්. 

 

 මේ තම්බපු කජු කාරයාගේ කජු ලපටි ඒවා. කලින් දවසේ සෙට්වුන ඒවා වගේ මෝරලා නැහැ. ඒ කජු අරං පැය දෙකකින් විතර ආයේ බැදපු කජු අරං කෑවා. කෝච්චිය ගල් ඔය හරියට එද්දි සෙනග පරිලා. කොටින්ම පොලොන්නරුවට එද්දිත් කෝච්චියේ සීට් පිරෙන්න තරම් සෙනග හිටියා.. 

 

 මනමපිටියට පෙර.. 

මනම්පිටිය හරියට එන්න කලින් මඩකලපුව හරියේදිම ගොවිපල පරිසරයක් සෙට් වෙනවා.. ඒ ගොවිපල වල රට හරක් ඉන්නවා. අඹේ වෙල වගේ කදුකර පරිසරයක් නැතත් කෝච්චියට පේන ඒ හරක් ඉන්න පැතලි පරිසරයට කදිම ලස්සනක් තියෙන්නේ. ඊට පස්සේ කලින් වගේම වනාන්තර සහ වගුරු බිම් පසුකරගෙන යන හරියක් සෙට් වෙනවා. ඒ හරියෙත් ල්සසනයි. පොලොන්නරුව කිට්ටු වෙනකොට කෙත් වතු වගා බිම් තමයි වැඩිහරියක් තියෙන්නේ. 


 මනම්පිටිය හරිය.. 

 

මම ඉන්දියාවේ ගිය 2017 අප්‍රේල් වල බ්‍රහ්මපුත්‍ර නදි තීරයට උඩින් ගුවාහටි වල ඉදලා ගොරක්පූර් වලට ආවා. ඒ බ්‍රහ්මපුත්‍ර නදිය හරියෙදි සාමාන්‍ය පොලව මට්ටමට වඩා මීටර 20ක් විතර උඩින් තමයි කෝච්චි පාර යන්නේ. ඒ වගේම ඒ බ්‍රහ්මපුත්‍ර නදියේ පාලම කිලෝමීටරයක් විතර දුරයි. ඒ ගග ගංවතුර කාලෙට සමහර තැන්වල කිලෝමීටර 30ක් තරම් පලලයි. 

 

ඉතින් ඒ මතක ආයේ මතක් වුනා මේ මනම්පිටිය පාලම දිහාදි. ඒ හරියේ රේල් පාර පොලවට වඩා උඩින් හදලා තියෙන්නේ. සමහර තැන්වල ගල් දාල තියෙන්නේ කාලයකදි ගලන ගංවතුර වලින් හේදිලා ගිය නිසා වෙන්න ඇති. මනම්පිටිය ඉස්සර නම් බස් සහ කෝච්චි දෙකම ගිය පාලමක් කියලා මම අහල තියෙනවා. දැන් නම් අලුත් පාලමක් තියෙනවා බස් වලට යන්න. ඒ හරියෙදි නුවර හරියේ වගේ නෙමෙයි මහවැලි ගග පලලයි. පලල නිසා පාලමත් ටිකක් දිගයි. 

 

අර විශ්ව විද්‍යාලයයද කොහෙද මේ.

 සෙනග 

 

ඉරිදා නිස සෙනග වැඩියි. කෝච්චියේ සීට් බලාගෙන නැගපු ගොඩක් අයට හිටං යන්න වුනා. මේ පාරේ පොලොන්නරුව දිහායින් නගින ගොඩක් කට්ටිය හාල් මලු එක මලු පෙට්ටි එක්ක නගින්නේ. ඒවා ත් එක්ක නිසා තවත් ඉඩ මදි වෙනවා.. කොහොම වුනත් මහවට එද්දි කෝච්චිය පැයක් විතර ප්‍රමාද වෙලා තිබුනා. එතැන ඉදලා ආපස්සට තමයි යන්න සෙට් වුනේ.. 

 

කෝච්චිය ඇතුලේ තුන්වෙනි පන්තිය 

 

ඒකත් වෙනමම ආතල් එකක්. දෙවනි පන්තිය හෝ පලවෙනි පන්ති ටිකට් ගත්තොත් අපට බොහෝවිට හමු වෙන්නේ එකිනෙකා දොඩන්න කම්මැලි ටිකක් ගල් බූතයෝ වගේ කනේ ඇබ ගහගත් සෙට් එකක්. ඒත් තුන්වෙනි පන්තිය එහෙම නැහැ. හරිම ඇක්ටිව්. එක එක දේවල් ගොඩක්. පොඩි උන් ඒක්ක නැගපු සෙට් එකක පොඩිම ඩබලක් හිටියා අවුරදු 4 වගේ නිවුන්නු. ඉතින් ඒ නිවුන් දෙන්නා ට කෝච්චිය හිමින් යද්දි දිරවන් නෑ. හයියෙන් හයියෙන් කියලා කෑ ගහනවා. ඒ වගේම කෝ්චචියේ වඩේ ආදිය ගෙනියද්දි බුවාල දෙන්න නලියනවා.. සමහර විට මුස්ලිම් දමල සිංහල කියල නැහැ එකට කට්ටිය වාඩිවෙලා හැකි පමණ කතා බහ කරගෙන කෑම ආදිය බෙදාගෙන කාගෙන සුහදව යනවා.. 

 

 සමස්ථ එක්ස්පීරියන්ස් එක නම් පෝස්ට් එකට ගන්න අමාරුයි. කොහොම වුනත් හැමදාම යන කදු බැලීමට වඩා වෙනමම ලල් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මේ මඩකලපුවේ ගමන. 

 

ඈතින් පේන චෛත්‍යයක්.

 

මුල හරියේ දුම්රිය ස්ථානයකදි

 

අතරමග දුම්රිය ස්ථානයක්

 

මනම්පිටිය පාලමෙන් පේන මහවැලි ගග 

Tuesday, August 30, 2022

කෝච්චියේ මඩකලපු ගමන.

කෝ්ච්චියේ යන්න ඉතින් ජනප්‍රිය බදුලු ගමන නෙ. මම ඒ්ක ගියේ නැහැ. රුවිතට යන්න තියෙන ආසාව නිසාම නෙමෙයි. මේ දවස්වල බදුල්ලට සෙනග වැඩියි. ඒහේ යන්න ගියොත් නිකං ජැක් ගහන්න තෙරපෙන්න විතරයි ලැබෙන‌ේන්. අනික ඉතින් ටිකැට් කලින් බුක්කරගන්න ඒකත් සෑහෙන ගේමක්. ඒ් ගමන මඩකලපු යන්න හිතුවා. මොකද මඩකලපු ත්‍රිකුණාමල පැත්තට ඒච්චර සැර සෙනගක් නැහැ කෝච්චියේ යන්න.

සෙනසුරාදාවක උදේ පහට විතර ඔන්න මල්ලත් අරගෙන වනවාසල ස්ටේශන් ඒකට ආවා. ඒ්ක පිටිපස්සේ නෙව මගේ බෝඩිම තියෙන්නේ. එඇවිත් මඩකලපුවට ටිකැට් ඒකක් ඉල්ලුව තුන්වැනි පන්තිය 520යි. ඒ්ක සකසුරුවම් පන්තියක් බයිලා ඔ්න නැහැ. අපිට සල්ලි නැති නිසා අපි යන්නේ 3නේ. ඇරත් තුනේ යද්දි තියෙන ලල් ඒක වෙන ඒ්වයේ නැහැ.

ඉතින් ගිහින් පොල්ගහවෙල ස්ටේශමෙන් බැස්සා මුලින්ම. මඩකලපු වගේ දුර යන කෝච්චි නවත්වන්නේ නැහැ නේ වනවාසල ස්ටේශන් ඒකේ. ඒ් නිසා ඉතින් කොට කොට යන ඒකක යන්න ඔ්නි රාගමට ගම්පහට හෝ නවත්වන තැනකට. මේ උදයදේවී රාගම නවත්වනවා. ඒ්ත් මම සාමාන්‍යයෙන් දුර ගමන් යද්දි උදේට කාල තේ වතුර ඒකක් කාරිය බීලා මැන්ටලේ වගේ යන්න නෙ ආස. ඒ ්නිසා මම පොල්ගහවෙල ස්ටේශන් ඒකේ කැන්ටිමෙන් කාල බිල ලෑස්තිවුනා.


පොල්ගහවෙල දුම්රිය ස්ථානය

ස්ටේශන් කෑම

පොල්ගහවෙල ස්ටේශමේ හොදි ඒක්ක තියෙන ඉදිආප්ප ඒකක් රුපියල් අනූවයි. හොදි නැති කැන්ද කොලේ ඔතලා තියෙන ඉදිආප්ප ඒකක් රුපියල් 70යි. මම කැන්ද කොලේ ඔයිට කලින් කාල තියෙන නිසා කැන්ද කොලේම ලයින් කලා. ඒ්ක ගති. හොදි නැතිවුනාට ඉදිආප්ප ගෙඩි ටිකයි පොල්සම්බල් ඩිංගයි රසයි. මම දෙකක්ම කෑවා. ආයෙ කොයි වෙලාවට කන්න ලැබෙයිද දන්නවයි.

කැන්ද කොලේ දාපු ඉදිආප්පප

ඇල්ල ඔඩිසි සහ පොඩි මැණෙිකේ..


ඇල්ල ඔඩිසිය ඒනකොට මම පොල්ගහවෙල ඉස්ටේශන් ඒකෙන් ඒලියට ගිහින් හිටියේ කෑම කන්න පිට කඩයක් හොය හොය. ඇල්ල ඔඩිසි ටිකැට් ඒකක් 5000යි. බුක ්කරනන් අමාරුයි. ඊලගට කාල බීල අහක් වෙලා ඉද්දි පරක්කු වෙලා වැඩියා පොඩි මැණිකේ. පොඩි මැනිකේ කට කපලා සෙනග. නුවර සහ බදුල්ල යන තුන්වන දෙවන පන්ති මැදිරි පිරිල ඉතිරිලා ගිහින්. ඒ්කෙත් දවසක යන්න ඔ්නි ටිකක් සෙනග අඩු වුනාහම. ඉතින් අවාසනාවන්ත විදිහට පොඩිමැණිකේ 3වැනි පන්තියේ ෆුට්බෝඩ් ගිය කොල්ලෙක් පොල්ගහෙවලින් වැටුනා. වැටුනට ඌ වේදිකාවට වැටුන නිසා අවුලක් වුනේ නැහැ. ඒ් වගේම නුවර සහ බදුල්ල බලා යන ලොකු සෙනගකට කෝඤ්ඤියට නැගගන්න අවස්තාවක් ලැබුනෙත් නැහැ. ඒ ්පැත්තට දාන්න පුලවන් පෙට්ටි සීමිතයි. අනික බුකින් පෙට්ටි දාන කොට අනෙක් පෙට්ටි වැඩි කරන්න ඉඩකඩ අඩුයි.

අපෙ ්ඒක.

ඉතින් ඊලගට ඒන්න තියෙන්නේ උදය දේවී සහ යාල් දේවී. දෙකටම දෙමල මුස්ලිම් මගීන් හෙම ලෑස්ති පිට උන්නා. අපෙ ්ඒක ආවා. උදය දේවී බිසී සති අන්තයක් වුනත් නගින්න ඉඩ තිබුනා. කුරුණෑගලින් මහවින් පස්සේ වාඩිවෙන්නත් ඉඩ තිබුනා. ඉතින් කෝච්චියට නැගලා ටික දුරක් හිටං ගිහින් වාඩි වුනා. වාඩිවෙලා වට පිට බල බල යන්න ගියා.

මහවදි


මහව දුම්රිය ස්ථානයේදී

මහවින් ඔය කෝච්චිය ගාල්ලෙදි වගේ රිවස් ඒකට තමයි යන්නේ. මම ඒ් වගක් දැනගෙන උන්නේ නැහැ. මහවදි නැවැත්තුවාහම ඒ් මහව ස්ටේශන් ඒක පේන මානේ තියෙන බාර් ඒකෙන් බියර් දෙකක් ගත්තා. ලාගර් 500 කෑන් දෙකක්. ඒ්ක අරගෙන ඉන් පස්සේ හුජ්ජ කරන්න ගියා. හප්පේ. ඒ්ක හන්දියක් වුනාට මොකද චූ දාන්න උනත් වැසිකිලි දෙකයි තියෙන්නේ. ඉතින් පෝලිමේ ඉදලා චූත් දාලා ඉන් පස්ස‌ේ නැග්ගා කෝච්චියට.


අලි එනවට හදාපු පැලක්

කෝච්චියේ ඉතින ්මහවින ්පස්සේ වෙනමම ආතල් ඒකක්. මහව පැන්නට පස්සේ තියෙන පාලු බිම ලස්සනයි. ඒක යායට ඈත පේනවා. වගා බිම් තියෙනවා. ඒ්ත් මේ පාරේ මඩකලපුවට යනකල්ම ජනාවාස සෙට් වෙනවා අඩුයි. තණ බිම්, විල්ලු, කුඹුරු, වතුපිටි සහ කැලේ තමයි වැඩිපර තියෙනනේ. කැලේ කියනනේ අර සිංහරාජ ටයිප ්ඒක නෙමෙයි. ලදු කැලෑ සෙට් තියෙන්න‌ේ. අලි ඒහෙමත් ඉන්න බවට බොඩ් තිබුනට දැක්ක අලියෙක් නැහැ.

මහව කෝච්චිය පැය බාගයක් විතර නවත්වනවා. මේ මඩකලපුව දිහාට තියෙන රේල් පාර ටිකක් සවුත්තුයි. ඉතින් යන්නේ පරණ ඒන්ජිමක්. ඒ් ඒන්ජිම මහවදි තෙල් ගහනවා. තෙල් ගහගෙන ඇවිත් අනෙක් පැත්තට ආයෙම සෙට් කරලා තමයි යන්න පටන් ගන‌ේන්.

කෝච්චිය ඇතුලෙ කපල් ඒක.

මම හොදට දැකල පුරුදු කෑල්ලක් සෙට් වුනා කොච්චියේ. ඒ්ක මම හිතන්නේ අපේ ආයතනයේ පුද්ගලික සිකුරිටි ඒකක හිටිය කෑල්ලක්. ඒ්කව වඩාගන්න ලෑස්තිපිට හිටියා ආමි ඒකේ හෝ ඒ් වගේ කොල්ලෙක්. ඉතින් උන් දෙන්නා ටිකක් මිරිකන්න මිරිකගන්න වගේ ලයින් ඒකකට සෙට් වුනා සෙනග අඩු වෙද්දි. නෑ නෑ උන් සීට් වල ඉදන් මිරිකගත්තේ නැහැ. මුලින්ම කොල්ල කතා කරා අපි ටිකක් කතා කරන්න යමුද ෆුට්බොඩ් කියලා. කෙල්ල මුලින් බෑ කිව්වා. පස්සේ හා ඒහෙනම් කියලා ගියා. ටිකකින් ඒ් හරහා යන්න ආව පොරක් අර දිහා කන්න වගේ බලං ඉන්නවා දැක්කා. කට්ටවත් දුන්නද දන් නෑ. කොහොම වුනත් ඉතින් අන් සැපතට ඉිරිසිහා කරන්න ඒ්වා බලන්න හොද නැති නිසා මම වෙන පෙට්ටියකට ගියා.

බියර ්ඒක

බියර් ඒකක් බිල අහුවුනොත් මම හිතන්නේ දඩ ගහනවා. හරි අරක්කු බොන ඒක අවුල් තමයි. ඒත් බියර් ඒකක් කාරිය බොන්න අවස්තාවක් දෙන්න ඔ්නි. මම හිතාගත්තා කාගෙවත් හිත රිද්දන් නැතුව ඊලග වතාවේ සුදු අරක්කු හෝ වොඩ්ක බාගයක් බෝතලේක දාගෙන ඒනව කියලා. සෝඩ හෝ මොනාහරි ඒක්ක මිශ්‍ර කරගෙන ආවහම බොන ඒකනේ අප්පා. බියර් ඒක අවුලක් නැහැ. ෆුට්බෝඩ් ඒකේ වාඩිවෙලා පවන වැදීගෙන ඒනකොට ගහන නිසා ලාගරෙත් වදිනවා. වැදුන නිසාද මන්දා මට පරිසරය රකින්න අමතක වුනා. මිනිස්සුන්ට යන්න තියෙන පෙට්ටි දෙක අතර තැන තියෙන හිලකින් හිස් බීර කෑන් දෙක රේල් පාරට දැම්මා.

කෝච්චියෙදි ගහපු බියර් එක.

කෑම බීම
හප්පා කෑම තමයි සිරාම ආතල් ඒක ඈ. ඒකක් මොනාහරි අවුල් ගියා. එ මම හිතන්නේ අන්නාසි ඒක. ඒ්ත් අනෙක් කෑම නම් සුපිරි හොදේ. මුලින්ම සෙට් වුනා කජු ඉතින ්මම කජු කොහොමත් ආසයි. කජු ටිකක් විතර මෝරලා ඒ්ත් කජු ටික රසට පදමට තිබුනා. තැම්බුහාම ඒන ආතල් ඒක වෙන ඒකකින ්ගන්න බෑ. ඊට පස්සේ තව කඩලද කොහෙද කෑවා. ලංකාවේ කෝච්චිවල දැන් කැන්ටින නැහැ. ඉතින් රුපියල් සීයේ ඒ්වා ගොඩක් ලග තියාගෙන ඒන ඒන කෑම ජාති අරං කන ඒක තමයි විනෝදේ..

කෑව තම්බපු රටකජු ඇට දෙකක්

අන්නාසි ආවා, සෝටීස් ආවා.. තව කූල් බීම ජාති ආවා. මම කූල් බීම බොන්නේ නැහැ. ඔය නැවැත්තුව තැනකින ්පැනලා වතුර ටිකක් බීලා නගිනවා.

ගල් ඔය හන්දිය.

මේ කෝච්චිය ගල් ඔය හන්දියේදී නවත්වලා වෙනත ්දුම්රියකට මාරු වෙන්න කියනවා ත්‍රිකුණාමල යන මගීන්ට. ඒයාලට යනකොට බබා වගේ හිස ්කෝච්චිය තියෙනවා. ඒත්් ඒනකොට නම් පිරුන උදයදේවි ඒකට තමයි නගින්නට වෙන්නේ. ඉතින් ගල් ඔය දිහා පහු කරලා ඊලගට පැයක් දෙකක් විතර ගියාම හිගුරක්ගොඩ පොලොන්රුව පැත්තට ඒනවා. ඔය කෝච්චි පාරේ මම පොලොන්නරුවට ඒහා ගිහින් තිබුනේ නැහැ. පොලොන්නරුවට ඒහා ඇත්තටම ගැම්ම ආ. ඉන්දියාවේ වගේ. මහවැලි ගගේ පහත්බිමට උඩින් හදලා තියෙන මාර්ගය .. සහ ඒ්කේ යන උස කෝච්චිය නිසා කෝච්චියේ ඉදලා ඈත බැලුවාම සෑහෙන දුර පේනවා. ඇස්වලට පුදුම සනීපයක් දැනෙනවා. ඇරත් ඒ මම ගිය දා ටිකක් වැහි බීරානියක් තිබුනා. ඒ නිසා ඇස්වලට අමාරුවකුත් නැහැ.

මගින් පොලොන්නරුවට තව කපල් ඒකක් ආවා හිගුරක්ගොඩ දිහායින් නැගලා ආවේ. උන් දෙන්නා නැග්ග වෙලාවේ ඉදලා නිදි. පොඩි උන් දෙන්නෙක්. අපි තුන්දෙනාම රොටි කෑවා. මට බොන්න වතුර තිබුනේ නැහැ නෙ. ඉතින් අර ඩබල බීලා මට බෝතල් දික් කලා මමත් බිව්වා. පස්සේ පොලොන්නරුව පැන්නම නැග්ගා ඇන්ටියෙක් සහ පොරක් සෝටීස් සහ වන්ඩු අරං. ඇන්ටි වික්කේ හැලප සහ වන්ඩු. මම වණ්ඩු ගත්තා. රසට තිබුනා. ඊටත් පස්සෙ ්තමයි කුණු අන්නාසි කියල හිතන්න පුලුවන් අන්නාසි බුවා නැග්ගේ. ඒ් අන්නාසි ඒකට රස වෙන්න මිරි්ස් කුඩු වගේම තුනපහත් දාල තිබුනා.

තවත් ලස්සන තැනක්.

මඩකලපුවට..

මඩකලපුවේ නැවැත්තුව විතරයි මම ලැට් ඒකට ගියා. මම ලැට් යද්දි කොමඩ් වලට ආසයි. පැන්න ගමන් කොමඩ් තියෙන ඒකට ගියා. හුටා. පස්සේ දැක්කේ ඒ්කේ බිඩේ ශවර් ඒකක් නෑ. ඒහෙම නැතුව කොහොම උන් පුක හෝදනවද මන්දා. හරි අමාරුවෙන් පුක පිහගෙන ඒලියට ආවා.

මඩකලපුවට ඒද්දි කෝච්චියේ සෙනග 50ක් ඉතුරු නැහැ.ඒද්දි 1600 විතර වුනා. ඇවිත් නැවැත්තු තැන ඉදලා මම කෑම කඩයක් හෙව්වා. හොයාගෙන ටවුමට යන්න හන්දියට ගියා විතරයි මහ වරුසාවක් කඩා පාත් වුනා. ඒ්ක ඒනකොට මම හිටියේ මඩකලපුවේ වයි ඒම් සී ඒ් ඒකට යන පාර ගාව. ඒතන තියෙන පොඩි සැලොන් ඒකට ගොඩ වෙලා වැස්ස තුරල් වෙනකල් කොන්ඩේ කපාගත්තා.

කපාගෙන ඉන් පස්සේ හිමිහිට කෑම කඩයක් හොයාගෙන ගියා. රේටින් හොද පොහ්මය තැනක් සෙට් වුනා. අයියෝ සල්ලි ඉතින්. කෑම ඒකට 1500ක් විතර ගියා. නරක් වෙන්න කිට්ටු ලූනු සම්බෝලයක් ද කොහෙද කෑව නිසා බඩදගලන්න ගත්තා. මිල්ක් ශේක් ඒකක් දුන්නා මැන්ගෝ රස කියලා. ඒ්කේ ඇති මැංගෝවක් නැහැ. බොනිකර තරුව. ඉතින ්කොහොම හරි දැන් කාල ඉවර වුනත් හරි ඒතනදිරෙන්ඩ බරකුත් ආවා.

රස අවුල් වුනත් පෙනුම ගති

කන අතර ඒතන තැන ලස්සන නිසා බර්ත් ඩේ පාටි ඒකක ට ආපු ඩොකාලා හෝ ඉස්පිරිතාල සෙට් ඒකක් හිටියා. මම තැන් කීපෙකටම කතා කලා රෑට නවතින්න. සමහර තැන්වල සෙනසුරාදා හින්දා බිසී. දුම්රිය ස්ථානයේම නවතින්න පුලුවන්. ඒවා බුක් වෙලා තිබුනා. ඒ්වා 1800කට වගේ ෆැමිලි කාමර ගන්න පුලුවන්. මම ඒ් ගමන තැනක් හොයාගත්තා.

අම්මාන් ගෙස්ට් හවුසිය

ඒ් කලපුව අයිනේ පාරේ 4 වෙනි හරස් වීදියේ තියෙනවා අම්මාන් ගෙස්ට් හවුස්. 1300කට සිංගල් රූම් ඒක දෙන්න පුලවන් කීවා. මම ඉතින ්තනි රැයට නේ. ඇටෑච් බාත්රුම් නැතුව මම ඒ් ගානට ඇග්‍රි වුනා. බාත්රූම් ඒකට ටිකක් දුරයි. ඒ්ත් ලොකු ගින්නක් නැහැ. ඒ්කේ ඉද්දි ආයෙම වහින්ඩ ගත්තා. ඒ් වගේම දවස තිස්සේ කෝච්චියේ ආපු නිසා මම නින්දක් දාන්න ඔ්නි කියලත් හිතුවා.

අම්මාන් නවාතැන් පොල

නින්දක් දාලා රෑ වෙලා ඒ් ලග තියෙන කඩේකින් කෑවා. බැටිකලෝ කියන්නේ තඩි සිටි ඒකක්. තැන තැන ඇවිදින්න බයිසිකල් ඒකක් නැතුව අමාරුයි. ඇත්තටම බයිසිකල් ඒකක් කුලියට ගන්න තැනක් තිබුන නම් මරු ඉතින්. ඒ්ම නැත්තං තැන් ටික බලන්න වාහනයක් කුලියට ගන්න තිබුන නම් ඒ්ත් හරි.. ඒදා රෑ ඉදලා ඊලග දවසේ ආයේම කෝච්චියේ ආවා ඉතින්..


වෙල් යායක්

Sunday, August 14, 2022

පරණගම්වැවට ඩෙස්පුටු

 


ඉර උදාවෙනකොට ඒ පරණ වැව ලස්සනයි. ඒක නෙළුම් වැව කියලත් කියනවා. තව මොකක්ද වෙන නමකුත් තිබුනා. ඒ වෙනකොට අපි එතන කඩපිලට වෙලා පැය තුනක්. මහ පාන්දර තුනට තමයි අපි කොළඹ ඉදලා ජනකපුර ආපු බස් එකෙන් බැස්සේ. කෑම්ප් එක ගාව අපි බස්සලා බස් එක ගියා. බහින්න බහින්න කියලා අපිව බලෙන්ම වගේ කොන්දොස්තර මාමා බැස්සුවා. අපි කලින් අහල තිබුන විදිහට ඒ බස් එකේ රෑ ඉන්න පුලුවන්. ඒත් ඉන්න දුන්නේ නැහැ. ඉතින් බැස්සා. බැහැලා කෑම්ප් එක ඉස්සරහ තිබුන සුබසාදන කඩකෑල්ලේ අපි පැය තුනක් තැපුවා. 


මේ යන්නේ ඉස්කෝලෙකට බඩු දෙන්න. අර විනී ප්‍රඩක්ශන් කරන අයගේ ලොකේෂන් තියෙන  මුලතිව් වව්නියාව මායිමේ ස්කෝලෙයක්. ගජබාපුර පරණගම්වැව විද්‍යාලය. ඒක ඉස්සරහින් යන එකම බස් එක ජනකපුර කොළඹ බස් එක විතරයි. ඒකත් පාන්දර ට්‍රිප් එක ජනකපුරෙන් එනකොට විතරයි ඉස්කෝලේ ඉස්සරහින් එන්නේ. ඉතින් අපි රෑ අටට කොළඹ පිටකොටුවෙන් අදින ජනකප්‍රර බස් එකට ගොඩ වුනා. අනුරාධපුරය කැබිතිගොල්ලෑව සම්පත්නුවර පහු වෙලා අවසානේ ඔන්න මෙන්න තියල අපි දෙන්නව දාල බස් එක ගියා නිදාගන්න. 


බස් එකේ ටිකට් එක කොළඹ ඉදන් ජනකපුරට රුපියල් 1590ක් විතර. ඉතින් බස් එකක මේ දවස්වල කලෙක්ශන් එක වැඩියි. ඒ නිසා ආරක්ෂක හේතුන් මත අපිව තියාගන්න බැහැය කියලා පස්සේ අපිට රියදුරු මහත්තයා කිව්වා. අපි ගියේ පොතුත් අරගෙන. වැඩිය ගෙනියන්න බැහැ A5 ප්‍රමාණයේ පිටු 120 පොත් හාරසියක් තමයි අපි දාගත්තේ. ඉතින් ඒ ටිකත් බස් එකේම තියෙන්න ඇරලා අපි බැහැලා වේලි වේලි හිටියා. පාන්දරම ඉර පායන දර්ශනය ලස්සනයි. වැවක් ලග ඒක පාලු වැවක්. 


ඩෙස් වැඩේ 


අපේ #ස්කෝලාධාර වැඩසටහනේ මේ පරණගම්වැව පාසැලට තිබුනේ ඩෙස් පුටු හදාදෙන වැඩක්. ඒ ගොල්ල අපෙන් ඩෙස්පුටු 30ක් ඉල්ලුවා. පස්සේ ආරංචි කරලා අපි සල්ලි එකතුකරගෙනත් යද්දි හොයල බලද්දි ඩෙස් පුටු 15ක් වුනත් ඇතිය කිව්වා. පුංචි ඉස්කෝල නෙ. මේ හැදුව ඩෙස් තුන හතර පන්තිවලට ඕන ඒවා. පොඩිම එක ඒ ළෙමයිට අමාරු. කකුල් වදිනවා. ලොකු එක උස වැඩියි. මේ මැද සෙට් එකක්. 


වැඩේ බාර අරගෙන ඒ වැලිඔය කිට්ටුවෙන්ම හදාගන්න අපි උත්සාහ කලා. ඒත් බාසලා කිසිම උනන්දුවක් නැහැ. උන් ෆෝන් ආන්සර් කරන්නේ නැහැ දවසකට පසේස්. ඉන් පස්සේ ඒ වැඩේ බාරදෙන්න ගානක් කියන්න කිව්වහම හරියට ගානක් කියන්නෙත් නැහැ. මේ අර මිල වැඩිවෙන කාලේ 2022 මාර්තු ඉතින් ඒ නිසාත් සමහර විට වැඩේ ඇදෙන්න ඇති. ඒ ගමන අපි රට වටෙන්ම කෝටේශන් ගත්තා. මාතර සෙට් වුනා 8කට. කුරුණෑගල පැත්තේ ඩෙස්පුටු ස්කෝලවලට හදන ඩෑල් එකක් 14,000ක් ඉල්ලුවා. තව ඉනෙක්ස් එකේ මොරටුව එයාලත් 14,500ක් ඉල්ලුවා ඩෙස් පුටු වලට. අවසානේ මොරටුවේ පොඩි තැනක් සෙට් වුනා ඒක හම්බුනේ කට්ටිය දහයකට වඩා කෝල් කරාට පස්සේ. එතන ඉක්මන් එකේ තිබුනේ. රුපයල් 7500කට පොරොන්දු වුනා. ප්සසෙ ්බඩු හදනකොට මිල වැඩිවුනා ඒ නිසා 8500කට ශේප් වුනා. 


බඩු ඇදපු හැටි 


බඩු තියෙන්න් මොරටුවේ ඉස්කෝලේ මුලතිව් වව්නියාව කෙළවරේ. කෝච්චියේ බඩු යවන්න හිතුනත් පුලියන්කුලම තියා වව්නියාවටවත් බඩු යන්නේ නැහැ. අනුරාධපුරයෙන් උඩට කෝච්චියේ බඩු ගෙනියන්නේ නැහැ කොවිඩ් වලින් පස්සේ. ඒ විදිහට අනුරාධපුර ගෙනිච්චත් එතන ඉදලා තව කිලෝමීටර සීයක් විතර තියෙනවා ඉස්කෝලෙට. ඉන් පස්සේ ගියා පිටකොටුවේ තොග බඩු ගෙනියන අය බලන්න. ඒ තැන්වල යාපනේට මඩකලපුවට වගේ දුර තැන්වලට යන ලොරි තියෙනවා. ඒ එකක් වව්නියාවට කතා කරගත්තා කෑල්ල හයසීයකට. ඒත් ඩෙස් හදන්න ගිය කාලේ ඇතුලත තව ඩීෂල් වැඩි වුනා ඒ නිසා කෑල්ලක් 750කට තමයි අපිට යවන්න වුනේ. මොරටුවේ ඉදලා පෙටා වලට ඩිලිවරි ලොරියකින් ගෙනාවා එතන්ට පන්දහක් ගියා. ඉන් පස්සේ එතන ඉදලා වව්නියාවට යැව්වා. ඒ යැව්වාහම ඉස්කෝලේ තියෙන වැලි ඔය පලාතේ සැරට ඩීසල් හිගය. එ ඒගමන මොකො කරන්නේ සතියක් විතර ඉදලා ඔන්න යාන්තම් ලොරි කෑල්ලක් හොයාගෙන ටීචර් බඩු ටික ඉස්කෝලෙට ගෙනියාගෙන තිබුනා. 


ඒ  ඉස්කෝලේ 


මේක 2009 වෙනකල් කොටි පාලනයට තිබුන තැනක්. මේ ඉස්කෝලේ 1999-2009 කාලේ කොටි කෑම්ප් එකක් තිබිලා තියෙනවා. ඒ කාලේ කොටි හොද නැටුම් නටන්න ඇති. තාමත් මහ වලවල් එහෙම තියෙනවා ඒ අක්කර දහයක ඉස්කෝල ඉඩමේ. ඒක තමයි අපි ගිය ඉස්කෝලේ. මේක 2013 දි නැවත හදලා ඉස්කෝල බිල්ඩින් දෙකක්. ඉන් පස්සේ බඩු මුට්ටු එකතු කරගන දැනට ඉන්න විදුහල්පතිනිය ඇනට් ශ්‍රියාලතා මැඩම් ඉස්කෝලෙ පට්න අරගන තියෙනවා. ළමයි කිහිප දෙනෙක්ගෙන් පටන් ගත්ත පාසලේ මේ වනවිට ළමයි 180කට වඩා ඉන්නවා. 


පහසුකම් 


අපි ඉස්කෝලෙට ඩෙස් පුටු හදා දුන්නා. ඒ වගේම අපිට කලින් කට්ටිය ඇවිත් බොහොම උදව් උපකාර කරලා තියෙනවා. ඩෙස්බංකු පුටු හදාල දීල තියෙනවා. ලැබ් වලට බඩු දීලා තියෙනවා. කොම්පියුටර කාමරයක් බඩු එක්ක හදා දීලා තියෙනවා. බුදුපිලිමයක් එක්ක බුදු ගෙයක් හදාදීලා තියෙනවා. ඒ වගේම ගුරුවරුන්ට ඕන කරන ක්වාටස් ආදියත් මේ ස්කෝලෙ තියෙනවා. ගොඩනැගිලි ආදිය අලුත්. ඒ වගේම කුඩාවට පොඩි රැස්වීම් තියන්න ශාලාවක් හෙමත් තියෙනවා. ඉඩම ලොකු නිසා ක්‍රීඩා පිටියකටත් ඉඩ තියෙනවා. 


නැති දේවල් 


මේ ඉස්කෝලේ ඉන්නේ දැනට ස්ථිර ගුරුවරුන් 9යි. මේ වගේ 1-11 පන්ති පැවැත්වෙන පාසැලට අවම වශයෙන් ඉස්කෝලේ ස්මූත්ව රන් වෙන්න ගුරුවරු 14ක් ඕනි වෙනවා. ඉන්න ස්ථිර ගුරුවරු 9 යෙනුත් දැන් ස්කෝලේ එන්නේ 6යි. ඉතුරු කට්ටිය ඔක්කම ස්වේච්චා ගුරුවරු. ස්වේච්චා ගුරුවරු 8ක් ඉන්නවා. ඒ අයට වැටුප දිමනාවක් ලැබෙන් නැහැ. කවදාහරි ස්ථිර වෙයිය කියන බලාපොරෝතතුවකින් එයාල උගන්වනවා. මේ දවස්වල ඉස්කෝලේ එන්නත් රුපියල් දෙතුන්සීයක් වියදම් වෙනවා. ඉන්ධන නැති කාලේ ස්කෝලේ ආවේ ගියේ ඩිමෝ බට්ටෙක් කතාකරගෙන. ඒකේ පිටිපස්සේ නැගලා හිටගෙන යනවා. ඒකටම දවසට රුපියල් තුන්සීයක් විතර වියදම් වෙනවා. 


අමතර විස්තර 


පලාත ලස්සනයි. සමහර විට වැස්ස තිබුන කාලයක් නිසා වෙන්න ඇති. ගොඩනැගිලි ගෙවල් අඩුයි. පේන තෙක් මානේ වගා බිම් සහ වනාන්තරය. මුලතිව් මහ වනය කිව්වට සිංහරාජය වගේ එකක් නෙමෙයි. ටිකක් වෙනස් අත්දැකීමක්. යාල පැත්තට වඩා වෙනස් තත්වයක්. සංචාරක වැඩකට හෙමත් අලුතින් හිතන කෙනෙක්ට වැව්ක අයිනේ හෝටලයක් අටවගන්න පුලුවන් නම් බොහොම වටීවි. ඒ වගේම මේ ගම යාබදව තමයි විනී ප්‍රඩක්ශන් යූ ටියුබ් කන්ඩායම ඉන්නේ. 


දෙමල සිංහල කේස් එක 


යුද්දේ ඉවර වෙලා අවුරුදු 12ක්. ඒත් තාමත් මේ සිංහල ගම්මාන සහ දෙමල ගම්මාන අතර එකතුවීමක් නැහැ. දෙමලඅයට බඩු එන්නේ වවුනියා පැත්තෙන්. ඒ අය යන්නේ දෙමල කඩවලට. සිංහල අයට වැලිඔය සම්පත්නුවර බස් එන්නේ කැබිතිගොල්ලෑව පැත්තෙන්. බස් වැඩකර්නනේ අනුරාධපුරයේ ඉදලා. මුලතිව් ලග වුනාට දිස්ත්‍රික්කය වව්නියා වුනාට ඔක්කොම සම්බන්ධතා බස් ගමන් තියෙන්නේ අනුරාධපුර කැබිතිගොල්ලෑව එක්ක. 


ඉතින් වෙනම පාසැල්.. වෙනම සිද්ධස්ථාන, වෙනම වෙලදපොල. කොටින්ම චන්දයෙන් පත්වෙන්නේ දෙමල මුස්ලිම් මන්ත්‍රිවරුන් වුනත් මේ සිංහල ගම් වලට එයාල එන්නේම ැනති තරම්. ප්‍රමාණය අඩු නිසා සිංහල ජනතාවට මහජන නියෝජිතයින් නැහැ. ඒත් උතුරු පලාතේ ආධාර ලැබෙද්දි ඉන්දියාවෙන් ගෙවල් ආදිය ලැබිලා තියෙනවා. බස් ගමනාගමන කටයුතු වගේම වෙනත් අවශ්‍යතාවයන් එක්ක බලද්දි මේ වෙන වී සිටීම වෙනස් වෙනවා නම් හොදයි. දැන්වත්. 


ඉතින් අපි ගමන ගිහින් එද්දි ආයේ නැදුන්කර්නි පැත්තෙන්. එතනින් පුලියන්කුලමට ඇවිත් එතනින් කෝච්චියට නැග්ගා. නැගලා හැන්දෑ වෙනකල් ආවා යාල්දේවි එකේ. දවස් දෙකක් වෙහෙසකර ගමනක් වුනත් ස්කෝලාධාර යටතේ බඩු මුට්ටු දෙන්න ඒ අයට සවියක් වෙන්න අපිට හැකි වුනා. වාහන යන්න පුලුවන් ඩීසල් පෙට්‍රල් තියෙන කාලෙක වුනා නම් අපිට වාහනේක ගොඩ වෙලා යන්න තිබුනා. ඒත් අපි ගිය දවස් වෙද්දි පෙට්‍රල ඩීසල් ඒ ගම් වලට නැහැ. කුරුණෑගල දිහාටත් නැහැ. 




Sunday, August 7, 2022

කාබරේ විත්තිය 2


එයා නෙමෙයි නේ මම නේ ළමයගේ අම්ම. මට ඕනි විදිහට මම ළමය හදන්නේ. කොහෙවත් ඉන්න පීචං මිනිස්සුට ඕන විදිහට නෙමෙයි මම ලමය හදන්නේ. ඌට පස්නයක් තියනවා නම් කෙලින් කියන්න තිබුන නෙ. ඒ මදිවට සාගරගෙ කනේ තියල. මොකෝ පාර හිටින්න ගැහුවයි. නෑනේ. මගේ ළමයට මට ගහන්න බෑ මගේ ගෙදරදි. මේක ඌට ගිය රටනෙ යකෝ. නෝනා කියාගෙන ගියාය. 


නෝන ඕක ගනන් ගන්න එපා. සුපුන් මහත්තය හරිම ආදරෙයි අනන්‍ය බබාට. කොහොමත් බැදල නැති ළමයි නැති කට්ටිය ළමයිට හරි ආදරේ වෙනව. මට මතකයි ඉස්සර අපේ ගෙදර එන බාප්ප..එයා..අපිට හරිම ආදරේ. ඇදරේ වැඩි කමට මිරිකනවත් එක්ක. හත වසරට විතර එද්දි අම්මා කිව්වා බාප්පට මිරිකන්න එපා කියන්න කියලා..  සෝමා කියන්නට විය.


ඔහෙටත් සෝමා දැන් සුපුන් හොදයි වගේ නෙ. කලින් අම්ම එක්ක තිබුන සෙල්ලම දැන් ඔයත් එක්කත් තියාගෙන වගේ. සුපුන් දෙකට ගනින්න බෑ වගේ හිටියට දැන් ගෑනු දෙන්නෙක්ම එක ගෙදර. අරත් ඉතින් මේවත් බෝක්කු වගේ ගිහින් අල්ලනව නෙ. මොකක්ද කොහෙද කියල වගක් නැහැ. ටිකක් කොල්ලෙක් නම් ඇති. නෝනා කියාගෙන යයි. 


නෝනට ඉතින් තරහ නිවුනහම අපි ඕව කතා කරමුකො. සාගර මහත්තය බැන්නද? නෝනට. මහත්තයට තරහ ආවද දන් නැහැ.. සෝමා කිව්වාය. 


අනේ උගේ බැනුම්. මං ගැන දන් නෑ වගේ නේ සෝමත් අහන්නේ. ඒ යකා බනින බැනුමක් නැහැ. මිනිහ නිකමට යාප්පුවෙන් කියනවා ලමයට පාලු ඇතිලු ගහන්න එපාලු. කරුණාවන්ත වෙන්නලු. වෙනද නැති කතාවක් මොකද කියලා මම ආයෙම ඇහුව. එතකොට තමයි කිව්වේ ගජය කියපු කේලම. නෝනා කිව්වාය. 


එවිටම වගේ ඈතින් ගේට්ටුව අරින සද්දය ඇසුන අතර සුපුන් පැමිණෙන බව සෝමාට පැහැදිලිය. සෝමක්කේ. සෝමක්කේ.. සුපුන් කෑ ගහන්නට විය. 


ඒ පාර මොකද? නෝනා ඇසීය. 


මේං නෝන ආසම චොකලට් එක? සෝමා චොකලට් එකක් දික් කලාය. 


වැඩක් නෑ මට. ඇරත් ඕව අනන්‍යට නෙ. නෝනා තවම තරහෙන් පිලිවදන් දුන්නාය. 


නෑ නෑ. මේ නෝටයි බබාටයි  දෙකක්. මටයි ලොකු නෝනටයි වෙනම චොකලට් ජාතියක්. ඒව ලාබ ඒව වගේ. නෝනටයි බබාට හොද ජාතියක්. කොහොමහරි අවසානේ සුපුන් මහත්තයාට නෝන මතක් වෙලා. සෝමා කිව්වාය. 


ඕව දීලා මාව සේප් කරගන්න වගේ හදන්නේ. ඒව කොහෙද? ඉන්නවකො මම අහන්න උගෙන් ඌ ළමයිගේ තාත්තා වුනේ මොන සහතිකේටද? කියලා. ලමයි හදන හැටි උගන්වන්න ආව මෙතන මට. නෝනා නැවතත් කීවාය. 


අනේ මන්දා නෝන. මටත් ගහන එකේ ඒහැටි වරදක් නැහැ. මම මේ පිට පැත්තට  වේවැල් පාර කාල ඇති අනන්තවත්. ඉස්සර සෝමසිරි සර් මට ගනන් බැහැ කියලා දැනගෙනත් හරෝපිය පුක කියලා පුකට චටාස් ගාල ගහනවා. පාර හිටිනව. ඒත් ඉතින් හැමදාම ඉස්කෝලේ යනවා. ගුටුිකනවා මට නම් එහෙම. 

ඒත් සුපුන් මහත්තයා කියන්නේ. පුංචි ලමයි මල් වගේලු. අනන්න්‍යා බබා එහෙම නරක නැහැලු. නෝනට වරදක් කියන්නත් බැහැලු. ඒත් ගහන එක නම් අනුමත කරන්න බැහැලු. සෝමා කියාගෙන ගියාය. 


හරි හරි. උඹ එහෙනම් උයහං. මම යනවා කාමරේට . මම අර නාට්ටිය දැන් බලනවා. සෝමා ඒක දවල්ට රිවයින් කරලා බලාගන්න. නෝනා කාමරයට ගියාය. 


දුව.. 


දුව අනන්‍යයට මම පාඩම් කියලා දෙන්නම්. දුව දවස තිස්සේ ඔෆිස් එකේ මහන්සි වෙල ඇවිත් ආයේ මේ අනන්‍යා එක්ක ඕට්ටු වෙන්නබැහැ නෙ. අම්මා කිව්වාය. 


හරි අම්මේ.. මෙ අනන්‍යා වැඩ  දැනගෙන තමයි සමහර ඒව කරන්නේ නැත්තේ. කොහොමත් මම කියන දේ කරන්න එයා  කැමතිම නැහැ. බලමුකො අම්ම එක්කවත්. ටීච කියන්නේ ඉස්කෝලෙදි කිසිම මුරුන්ඩු කමක් නැහැලු. ඒකට මම එක්ක තමයි ඔක්කම රණ්ඩු.. චාරු අම්මා සමග කලකින් හොද වචනයෙන් කතා කලාය. 


දුව වරදවා හිතන්න එපා මෙහෙම කිව්වට. අපේ අනන්‍යාට ගහනවට එහෙම සුපුන් පුතා කැමතිම නැහැ. එයාට මේ ගෙදරින් කිසි අඩු පාඩුවක් නැතත් ඔහොම වුනොත් එයා යනවා කිව්වා. එයා කවදාවත් ලෝකේ හදන මිනිහෙක් නෙමෙයි දුව. මිනිහට හරියන් නැත්තං යාවි. අපිටමනෙ පොඩුව. මගේ බණ භාවනා වැඩටත් උදව් කරගෙන සෝමටත් උදව් කරගෙන මේ ගෙදරත් බලාගෙන ඉන්න මේ වගේ කෙනෙක් ආයෙ කොහෙන් හොයන්නද? ඒ නිසා දුව අපි එයා කැමති එක දේකට හරි හැඩගැහෙන්න බලමු නේද? අම්මා කීවාය. 


අම්මාට සුපුන් නැතිවට ඇතිවෙන්නේ බණ බාවනා කරන්නට සහායකයකු නැතිවමේ අඩුව පමණක් නොවන බව චාරු හොදින්ම දනී. එහෙත් ඉතාම හොදින් කතාකරන ඇයගේ සිත රිදවන්නට චාරුට නොහැකිය. එබැවින් ඈ නිහඩව සිටියාය. 


ඒත් අම්මා මම අනන්‍යාගේ අම්මා කියන එක එයා දැනගන්න ඕන. මම දන්නවා සුපුන්ගෙන් අපිට තියෙන උදව්. අම්මටත් සෝමටත් සුපුන්ගේ විශේෂ උදව් තියෙන බවත් මම දන්නවා. ඒත් අනන්‍යා හදාගන්න එක මගේ වැඩක්. චාරු සිය තරහ ටිකක් එතැනදී පිට කලේය. 


සතියක් ගත විය.


දිනක් බස් එකට යන්නට පයින් යන ගමනට චාරු සමග සුපුන්ද එකතු විය. 


චාරු මම අද ඔයා යන වෙලාවටම යනවා අවුලක් නැහැ නේද? මට ඔයා එක්ක ටිකක් කතා කලොත් හොදයි කියලා හිතුනා. සුපුන් කිව්වේය. 


ඉතින් සුපුන් මම එපා කියල තියෙද? ඔයානෙ කලින් ගිහින් වැඩක් නැහැ කියලා පරක්කු වෙන්නේ. අරත් ඔයා ඉතින් මම එක්ක යන්න කැමතිත් නෑ වගේ නෙ. චාරු කිව්වාය. 


අනෙ එහෙම එකක් නැහැ. ඒ වුනාට නංගි අපි ඉතින් එක ගෙදර හිටියට එකට යන එක හොද නැහනෙ. කට්ටිය කතා කියන්න පුලුවන් නෙ. දන්නවා නේ ඉතින් මිනිස්සු ගෙ හැටි. සුපුන් කිව්වේය. 


සුපුන් අපි දෙන්නගෙන් ගෑනි කවුද? මම නේද? නෑ මම හිතුවේ මට පැටලුනාවත්ද කියලා. එක ගෙදර ඉන්න බව විතරක් නෙමෙයි අපේ සෝමට සාගරගේ අම්මට උදව් කරනවා කියල මම හිතන්නේ දැන් කට්ටිය දන්නවා. ඉතින් මේ මම එක්ක ගියා කියලා අමතර වෙන්න කියල විසේස දෙයක් නැහැනෙ. කෙලින් කියන්නකො සුපුන් මම එක්ක යන්න කැමති නෑ කියලා. ඔයාගෙත් මාර කැටයම් අප්පා. චාරු කිව්වාය. 


අනෙ අනෙ එහම එකක් නැහැ. ඇත්තමයි මම ඉතින් ඔයා ගැන හිතුවේ. සාගර මම ගැන විශ්වාස කරල නෙ මාව තියල ගියෙ. සුපුන් කිව්වේය. 


මේ ඒක නෙමෙයි චාරු. පහුගිය දවසක මට අනන්‍යා අඩද්දි ඔයා එයාට ගහනව බලන් ඉන්න හරි වේදනා වුනා. මම ඒක සාගරටත් කිව්වා.ෙ සා්මටත් කිව්වා. අම්මටත් කිව්වා. ඒත් ඔයාට කිව්වේ නැහැ. මම ළමයිට ගහනවට කැමති නැහැ. ඔයා ට මොනාහරි අවුලක් තියෙනාව නම් කියන්න මම ඉතින් තනිකඩයා නෙ. මලු ටික අරං කොහෙහරි යන එක සිම්පල් දෙයක්. සුපුන් කිව්වේය. 


ඒක දැන් සතියකටත් වැඩියි නෙ. තනිකඩ එවුන්ගේ හැටිද මන්දා. පරණ කුනුගොඩවල් හිතේ තියන් ඉන්න එක.  දැන් ඕක මම අමතක කරලා ඉවරයි. රණ්ඩු දබර අවුල් වෙනවා. ඔයා සාගර ඉද්දිත් මේව ගෙදර  හිටිය නෙ. මතක නෙ ඒ දවස්වල මම බැනගන්න හැටි. ඒව එහම තමයි සුපුන්. නිකං නම සුපුන් වුනාට සුප්පු වැඩ කරන්න හදන්න එපා සුපුන්. පවුල් ගෙවල් වල අවුල් තියෙනවා. අනන්‍යා මගේ ලමයා. මම මගේ ලමයට ගහලා ඔ්‍යාගෙන් සමාව ඉල්ලන්න බෑනේ. ඒක වුනා.ඉවරයි. ආයේ ඉතින් පොඩි ලඹයා වෙන්න නැතුව ඉන්න. 


මේ ඒක නෙමෙයි ඒකට මාව ශේප් කරගන්න එක එක විකාර කලා නේද? අර දෙකත් එක්ක එකහු වෙලා. උපාසක බලල වුනාට මීයෝ අල්ලන හැටිනම් දන්නවා වේග චාරු කිව්වාය. 


මොන? මම මීයෝ.. මට කෙලින් කියන්න චාරු. මට වැඩිය ව්‍යාකාරණ බෑ. මට තියෙන්නේ සී එකක් සිංහල වලට. 


හරි මනුස්යෝ මම මෙතන ඉන්ටවිව් කලේ නැහැනෙ රිසල්ට් කියන්න. ඇයි එදා මම කැමති චොකලට් එක ගෙනත් දුන්නා. පස්සේ මම කන්න කැමති රටඉදි වර්ගය ගෙනාවා. ගෙදරට කියලා ගෙනාපු වයිල්ඩ්බෙරි අයිස්ක්‍රීම් එකත් මම ආසම එකක්. සමහර විට වැරදිලා ගෙනාවද දන් නෑ. එනිවේ තෑන්ක්ස් හොදේ. මම ගැන හොයල බැලුවට.. චාරු කිව්වාය. 


ආ.. ඒවා මොනාද? මම හිතුවේ ඔයා මා එක්ක කතාකරන එකක්වත් නැහැ කියලා. සුපුන් කිව්වාය. 


පිස්සුද හලෝ. දැන් අපි මොන්ටිසෝරි බබාල නෙමෙයි නෙ. ඔය පොඩි දේකට අල්ලන් දගලන්න ඕන නැහැ. මේ මගේ බස් එක එන්න ලගයි. මම ටිකක් ඉස්සරහට යනවා. ඔයා ඔතන ඉන්න. හැමදාම තනියම ඇවිත් සෙට්කරගත් කෙල්ලො එහෙම ඇති නෙ. මම නිකං බාදා කරන්න ඕන නෑනේ.. නේද? නේද? චාරු කිව්වාය. 


නෑ නෑ එහෙම නෑ. එත් ඔයා ඉස්සරහින් ඉන්න ඒක නවත්වන්නේ ඉස්සරහ තමයි. සුපුන් කිව්වාය.

Saturday, August 6, 2022

කාබරේ විත්තිය

 


නෝන සුපුන් මහත්තයා ලොකු නෝන එක්ක වැඩියි නේද? ලොකු නෝන හැම එකම කියන්නේ සුපුන් මහත්තයට. කාමරේට ගිහිනුත් ඉන්නවා. වයසට නෙමෙයි . අනෙ මන්දා සුපුන් මහත්තත්. එයයිට කිසි ගානක් නැහැ වැඩිහිටියෙක් කියල. 


සෝමා කියන්නීය. 

වැඩට සිටින සෝමාට වැඩට අමතරව මේ සී සී ටී වී වැඩ පැවරූ කෙනෙක් නැත. එහෙත් ඇය එය සිය රාජකාරියටත් වඩා උනන්දුවෙන් කරන්නීය. යාබද නිවසක කෙල්ලක මහ රෑ කොල්ලෙකු ගෙන්වාගන්නා බවත් උන් දෙන්නා අහුවිය හැකි බවත් අපේ නිවසේ සී සීටීවි එක තියෙන නිසා එයට මැදිහත් වීමට සිදුවිය හැකි බවත් ආදී දීර්ඝ වාර්තාවක කන්දොස්කිරියාව අහගෙන ඉන්නට බැරිතැන එවකට ලංකාවේ සිටි සාගරට කියා මම සී සී ඨීවි එක ගලවා දැම්මෙමි. ඒ කරලා දවස් කිහිපයකින් ඒ ඩබල පැනගොස් තිබුනි. නිවසේ එකම දුවනිය වූ නිසා දෙමාපියෝ අපෙන් එවිඩන්ස් ඉල්ලූ අතර එවිට සෝමා. මම කිව්වේ නැද්ද නෝනට කියා මහත් ආඩම්බරයෙන් එහි වගාඩම්බර දෙඩුවාය. 


දැන් සාගර නැවත රටය. සාගර සුපුන් අපේ ගෙදර නවත්වා ගියේ ගෑනු ම හතරක් ඉන්න නිසාය. පොඩි දුවද පොඩි වුවද ගෑනියෙකි. ඉතින් මමයි සෝමයි අම්මයි පොඩි දුවයි. එච්චරයි. සුපුන් ඉන්නේ ඉස්සරහ වෙනම කාමරේක. ඉතින් ඕකට අම්මා යනවා කියල තමයි මේ සෝම කියන්නේ. 


ඉතින් සෝමා. අම්මට වැඩිය සෝම බාලයි නේද? 


ඔවු නෝන. 


හුම්. සෝමත් ඉතින් නිකං කෑම එක තියල හැරිල එන්න නැතුව සුපුන් මහත්තය එක්ක කතා කරල බලන්න. එයා ගෙදර ඉන්න දවසට. මම කිව්වේ එයා කෝකටත් තනියෙන් නෙ ඇත්තේ. 


අපෝ නෝනා. මට ඕවා ඕන නෑ. දැන් ඒ කාලේ ගියා. වලාමේ අපේ නෝනත් කියන දේවල්. මිනිස්සු හිටියයි කියලා එහෙම යන්න හැක. ඔන්න ලොකු නෝන නම් වාත තෙල ගාගන්නයි ඉදිකට්ට දාගන්නයි බණ පොත කියෝගන්නයි දැන් නොයන දෙයක් නැහැ. මම යන්න නැහැ. ඒත් මට යන්න ඉඩකුත් නැහැ යනවනම්. 


ඉතින් සෝම එහෙම තමයි. එකපාර කිසි දෙයක් වෙන් නෑනෙ. ටිෙකන ටික තමයි. මම දැක්ක දවසක් සෝම පැල හිටවනකොට සුපුන් මහත්තයා ඇවිත් උදව් කරනවා. සුපුන් සෝමටත් කැමති වගෙ. හිහි .. 


අනෙ මේ යන්න නෝන යන්න. මම මේ වැඩි හොදට ලොකු නෝන යන එක කිව්වේ. නාකි වයසට ඕවා එලියට ගියොත් නෝනලටමයි හොද නැත්තේ.. ඒකයි මේ කිව්වේ. සෝමාට මදක් තරහ ගොස් කියවාගෙන ගියාය. 


සෝම ඒ සාගර ගේ අම්ම නෙ. ඒ මනුස්සයා දැන් මම ගැන හොයන් නැතුව මගේ ගමන් ගැන හොයන් නැතුව වෙන විනෝදාංසයක් පටන් අරගෙන නෙ. ඒකම මැදැයි. නැත්තං ඉතින් හට්ටියෙ මුට්ටිය යට ජංගිය ඉදන් හොයල බලල ඇද කිය කියනෙ උන්නේ. දැන් ඔය සතුටින් ඉන්න බව පේන්නේ. සුපුන්ටත් මොනවා හරි ලැබෙනවා ඇති නෙ. ඔන්න ඔය ඉරිසියාව අත ඇරගන්න සෝම. බණ ඇහුවට මදි ඉතින්.. 


හරි හරි අපි මේ ලොකු නෝනට ඉරිසියාවෙ තමයි මේව කියන්නේ. අනෙ මගෙ කට. නෝනට තවත්තෙහෙම කිසි දෙයක් කියන් නැහැ. කොටින්ම සුපුන් මාත්තය ලොකු නෝනට ඇදේ ඉදන් කරන දේවල් සාලේ ඇතුලේ කරත් මේ සෝම නෙමෙයි තවත් කට හොල්ලන්නෙ. සෝමා කිව්වාය. 


ඉතින් සෝමො. ඔහෙ කොහොමද? දන්නේ ඒ කාමරේ ඇතුලෙ වෙන දේවල්. නෝනා අසන්නීය. 


සෝමට ඇහෙයි ඔය ගෑනි මේ පැත්තටමයි කණ දාගෙන ඉන්නේ කියලා ලොකු නෝන කියනවා. ඒ කාමරේ ඇතුලේ ඉදන්. ඒත් මට දැනෙනවා ඇතුලෙ වෙන දේ. චුස් චුස් ගාල ඉඹ ගන්නවයි. " ඒයි කොල්ලෝ මේ නාකි එක ඔච්චර රසදා බන්? දැන් ඕක කෑව ඇති"  කියලත් දවසක් කියනවා ඇහුන. මම ඉතින් හුලං වදින්න ඇරලා තිබුන ජනෙල් පලුවේන දැක්ක දේවල් නෝනට කියන්න බැහැ. එච්චර හිරිකිතයි. බුදුම්ප ඇත්ත මේ කියන්නේ. 


හාහාහා… අනේ සෝම. ඒ කට්ටිය එහෙම මොනාහරි කරනකොට සෝම වෙන පැත්තක වැඩක් කරගන්නකො. ලබන ආත්මෙවත් සෝමටත් ඔහොම සතුටක් හම්බෙයි එතකොට. ඔය අනුන්ගේ දේවල් අහගෙන බලාගෙන හිටිය කායලා මොකටද? අනික සෝම තාමත් එච්චර වයස නැහැ නෙ. දවසක් අර කිරි කාරයා පුකට තට්ටු කලත් කිව්වේ. මම ඒ යකාට බැන්නත් එක්ක. වැඩකරන කෙනා හිටියත් මම හිටියත් එක විදිහට තමයි වෙන්න ඕනි කියලා මම සැරෙන් කිව්වා. . ඒකා මගේ පුකටත් තට්ටු කරල යයිද මන්දා.. ඕව අල්ලලා දාන්න සෝම. ආතල් එකේ චිල් එකේ ඉන්නකො. මම සෝමට බියර් එකක් ගෙනත් දෙන්නම් හෙට හැන්දෑවට. මස් ටිකක් හදල තියාගන්නකො. අපි සොට් කක් දාමාුකො. දැන් ඉතින් සාගරත් නැහැ. අම්මටත් මෙහෙ බලන්න වෙලාවක් නැහැ අලුත් ලව් එක නිසා. අපි සොට් එකක් දාමු නෙ. නෝනා කිව්වාය. 


බියර් එක නම් හොදයි. ඒ වුනාට නෝන කියන දේවල් නම් පපුවට ඇන්න වගේ. හරිම තදයි. ඔවු. මමහිතන්නේ සුපුන් මහත්තයා නෝනා දිහ බලන්නෙවත් නැත්තේ ඒකයි. නෝන තද වැඩියි. සෝමා කිව්වාය. 


ඈ සෝම. දැන් ඒකා මගේ දිහා බලන්නෙ මොකටද? මගේ මිනිහ රට. මිනිහට විස්වාස නිසානේ ඕකා ගෙනත් මෙහෙ දැම්මේ. ඌ දන් මිනිහගේ අම්ම එක්ක හොද ඇති. මම එක්ක හොද වෙන්න ඕන නැහැ නෙ. මාර දේවල් නෙ සෝම ඔයාට කල්පනා වෙන්නෙත්. හැබැයි ඉතින් මේකා මම දිහා නොබලම ඉන්න එකනම් මටත් අවුල්. මේකා තඩි චොකලට් එකක් අනන්‍යාට ගෙනත්ෙ දනවා. මට මොනාත් නැහැ. දවසක් ඒක ගෙනත් දීලා කියනවා. අම්මිටත් කෑල්ලක් දෙන්නලු. ඌ හරි අමුතු එකෙක් සෝම. ඇති දේකුත් නැහැ. හිකනලෙක් වගේ. ඒත් ඌ අම්ම එක්ක ඉද්දි මටනම් ඇත්තටම පොඩි ඉරිසියාවක් එනව. සෝමට එහෙම නැහැ බණ අහනව නෙ. මම අහන් නෑනේ.