Monday, April 27, 2015

කොඩියෙ පොන්නයන්ට තීරුවක් දාමු

අපේ රටේ කොඩි ගැටළුවක් මේ දවස්වල ජයට යනවා.. අපිට කොඩියක් ඕනි වුන වෙලාවක අපේ සැට් එක පට්ට වැඩක් කලා..සිංහලය සහ අභිමානය නියෝජනය වෙන්න සිංහයයි ඉතුරු ටිකයි අනිත් ජාතින් ටික නියෝජනය වෙන්න තව තීරු දෙකකුයි දැ්මමා. 
දැන් ඉතිං හරි..ඔක්කොම සතුටුයි..

එතකොට සිංහයාගේ අභිමානය හෝ මොකක් හරි එක මුස්ලිං අයට නැද්ද? දෙමල අයට සිංහයා අයිති නැද්ද? ඒක සිංහල අයට විතරයිද?

නිකමට හිතන්න තොටළග හන්දියේ පිහිටුවනවා තොටලග රිවර් ජම්පර්ස් කියලා ක්‍රීඩා සමාජයක්.. ඉතිං ඕකට දැන් ඉතිං ජාතින් තුනම නියෝජනය වෙන පිරිස් ඉන්නවා..තොටළඟ කියන්නෙ දෙමල සිංහල මුස්ලිම් ජාති නියෝජනය වෙන්න කොඩියක් හදන කොට ඒක මැදට පැනපු කාන්තා සංවිධානයක් ඒම බෑ ක්‍රීඩා සමාජයේ ගෑනුත් ඉන්නවා නේ... ගෑනු පිරිමි නියෝජනය වෙන්න ඕනි විදියට නිල් පාටයි රෝස පාටයි කොඩියට දාමු කිව්වා.. දැන් හරි..නිල් රෝස දාලා ලොවෙත් නැති කොඩියක් දැන් තොටළග රිවර් ජම්පර්ස් අය හැදුවා.. 

පට්ට සීන් එක නේ..ඊලග දවසෙ බැලින්නං තොටලග ඉන්න පොන්න සෙට් එක මානව හිමිකම් එක ගිහින්...තොටලග ජම්පර්ස් ක්‍රිඩා සමාජයට ඒ නපුංසක ජනතාවත් එන්න ආසයි..අපිත් තොටළග තමයි..ඒත් කොඩියෙ අපි වගේ නපුංසකයින්ට පාටක් නැහැ කියාල දැන් අර නපුංසක අය කියන්න ගත්තා. මොනා කරන්ද ඉතිං ඒ පාර කස්ටිය කතා වෙලා තොටලග රිවර් ජම්පර්ස් කොඩියට නිල් රෝස සහ දම් පාට එකතු කරලා පාට තුනේ කොඩියක් හැදුවා..හැබැයි අර නපුංසක සෙට් එක කුඩා නිසා ඒ තීරුව චූටියට තිව්වා.. 

ඇමරිකන් ජාතික කොඩිය හදද්දි ජනපදවල විශාලත්වය, බලපුලුවන්කාරකම, ජනගහනය සලකන්නෙ නැතුව හැම ප්‍රාන්තෙටම එකම තීරුවක්නියෝජනය වෙන්න බොහොමසරල එකක් හැදුවා.. 

ඒ වගේම බොහෝ රටවල ජාතික කොඩි කියන්නෙ සිම්බොල් එකක් විතරයි..එතනින් එහා ඒ කොඩිවල කෑල්ලෙන් කෑල්ලට විසේස අර්ථ නැහැ.. යම්කිසි සමස්ථ අර්ථයක් කොඩිය තුලින් නිරුපනය වෙනවා හැර ඒකෙන් කෑලි කඩලා අර්ථ හොයන්න අමාරුයි.. 

ජාතින් අනුව බෙදලා වැඩිපුර ඉන්න ජනතාවන්ට අනුව කොඩිය බෙදන්න ගියානම් තාමත් ඉන්දියන් කොඩිය හදනවා.. ඉන්දියාව බොහොම සරල විදියට තමුන්ගේ ජාතික කොඩිය හැදුවා..

රටක් නියෝජනය කරන සිම්බල් එකක් කියන්නෙ රටේම ජනතාව රටේ නම ඉදිරියෙන් පෙල ගැසෙන එක. එතනදි අර ජාතිය මේ ජාතිය කියලා ඒ සිම්බොල් එක බෙදලා කෑලි වෙන් කරන එක අමු ගොබ්බයි. 

සාමාන්‍යයෙන් ක්‍රිකට් කන්ඩායම ගැන කියද්දි අපි මුරලි දෙමල වාස් ක්‍රිස්තියානි, ජයසූරිය පාතරට වගේ දේවල් සලකන්නෙ නැහැ.. ඒ වගේ පටු දේවල් පැත්තකට දාලා රට කියන පොදු ඒකක විශාල කරගෙන අපි එතනදි සෙල්ලම් කරනවා.. 

ඒ වගේ රට නියෝජනය කරන්න මොනාහරි දෙයක් නිර්මාණය කරද්දි අර ජාති මේ ජාති කුල මල වෙනස්කම් සලකන්නෙ නැතුව හුදෙක් මුලු රටම නියෝජනය වෙන විදියෙ එකක් ඉදිරිපත් කරනවා නම් හොදයි.. නැත්තං අර සිංහ කොඩි කේස් එක වගේ ඉදිරිපත් කරලා අවුරුදු හැට ගානක් ගියත් තමුන්ගේ කෑලි ලොකුකරගෙන ජහමනයා මරාගන්ට හදාවි.. 

සිංහයා ලංකාවෙ ජීවත් වෙච්චි සතෙක් කියාල කිසිම සාධකයක් මම දන්න තරමින් නැහැ.. මහනුවර යුගයේදී සිංහයා කොඩි වලට එන්නෙ දකුණු ඉන්දීය නායක්කාර බලපෑම මත කියලා ප්‍රබල සාධකය සහිත මතයක් තියෙනවා.. සිංහයා සාමාන්‍යයෙන් ගොදුරු අල්ලන අවස්ථාවේදි හැර බොහෝවිට අලස සත්වයෙක්..අපේ ජාතිය සතු ප්‍රවේනික අලස ගතියට හරියන්න සිංහයා තේරුවද නැත්තං අලස සිංහයා ම ඇවිත් අපේ කොඩියට ඇවිත් පැන්නද කියලා දන්නෙ උඩ ඉන්න දෙයියොයි කොඩිය ඇන්ද සිත්තරයි විතරයි.. 
 

Thursday, April 16, 2015

ගෑනුට තෑගි දෙන්න E bay එකෙන් ලාබ බඩු

අපේ ඉතාලි ඉන්න යාලුවෙක් එහේ මේ පහත තියෙන ජාතියෙ පස්ස විසාල කිරීමේ යට ඇදුම ඒ රටේ බොහොම ්මිල අඩුය කියලා වරක් සදහන් කරලා තිබුනා. ලොකු බල්ක් එකක් මෙහෙ ගෙනාවොත් රුපියල්පන්සියට හයසියට දීලත් ලොකු ලාබයක් ගත හැකිය කියලා ඒ තුමා සදහන් කරලා තිබුනා. ඉතිං මේ වගේ වගේජාතියේ යට ඇදුම් දැන් දැන් ලාංකික සමාජයේ ජනප්‍රිය වෙමින් යනවා. චීන රටේත් මේවා ජනප්‍රියයි. ඊේබ එකේ නම් සුට්ටක් විතර මේවා මිල වැඩියි.ඒ තරම්ම ෆිට් එකක් ඇතිවෙච්චි නැති කපල් වලට නම් පෙම්වතියට මේවා තෑගි වලට දෙන්න නම් අමාරුයි. ඒත් ඉතිං ගෑල්ලමයිට කෙලින්ම ගෙදරට ගෙන්න ගන්න නම් හැකියි. සදහන් වෙන විදියට මේ කියන පස්ස විසාලන යට ඇදුම් ඩොලර් 4 සිට තිබෙනවා.. මට සමීපම ගෑල්ලමයෙක් කිව්ව විදියට මේවා මෙහෙට වඩා ඊබේ එකේ ලාබයි. ඒත් සයිස් ගැන නම් ටිකක් සැලකිලිමත් වෙන්න ඕනි.

 මං මීට අවුරුදු පහකට විතර කලියෙන් පිටකොටුවෙ මැලිබන් වීදිය පැත්තෙන් කැරකෙන කොට මේ පහල පිංතුරෙ තියෙන ජාතියෙ ගැජට් දෙකක් රුපියල් දෙසීයට තිබුනා. මේකෙ කොනක ලව් කියලත් කොටල තිබුනා.ප්‍රේම කරද්දි මේ වගේ දේවල් උපන්දින වලට එහෙම දෙනවාය කියලා මම අහල තිබුනා. ඒ කාලෙත් මට පෙම්වතියක් හිටියෙ නහැ. ඒත් ඉතිං ලාබෙට හම්බුනු වෙලාවෙ එකක් සෙට් වුනොත් දෙත හැකිය කියලා ගත්තා දෙකක්ම. ඒත් ඉතිං ඒ දෙක බෝඩිං තුන හතරකට විතර මාරුවෙවි තිබුනා. එකක් නැතිවුනා..ඔය මාරුවීමකදි..ඉතිරි එක නම් තාම ඇති කොහෙහරි.. ලාබ නිසා බර්ත් ඩේ එකකටවත් කෙල්ලට දෙන්න කියලා මල පෙරේත සිතින් ගත්තට මොකැ ඒක දෙන්න ලැබුන් නැහැ.. 

මට එහෙමට කියලා පෙම් කරන්න කෙල්ලෙක් නැතිවුනත් අනුන් පෙම් කරද්දි එයාල තැගි බෝග හුවමාරු කරගන්න හැටි. ආදරේ එ්වා නිසා වැඩිවෙන හැටි වගේ දේවල් මම දන්න කියන ගෑල්ලමයිගෙන් අහල දැනගන්නවා. ලගදි හවස කන්තෝරු කැන්ටිමෙතේ වතුර බොන ගමන් පොඩි චැටකදි නංගි කෙනෙක් කිව්ව දෙයක් තමයි මොබයිල් ෆෝන් කක් වගේ ලොකු දෙයක් එකපාර දෙනවට වඩා පොඩි පොඩි තෑගි එකිනෙකා අතර අහම්බෙන් හුවමාරු කරගත්තම ආදරේ දැනෙනවා වැඩියි කියලා.. 

එයා ඒ වගේ බෝයිපෙන්ට..පර්ස් එකක්, කැප් එකක්, පොඩි මුද්දක්. නියපොතු කපන එකක් වගෙක් දේවල් ගොඩක් දීල තියෙලු...එයෑගේ බෝයිත් ඒ වගේ සුට්ටි දේවල් වලිං සංග්‍රහ කරනවාලු.. මට නිකං ටිකක් ග්‍රීක් වගේ. ඒත් ඉතිං ඒ ආදරේ හැටි වෙන්න ඇති. අපට මොකෑ ඉතිං අනුන්ගේ ලවු. ඒත් ඉතිං ඔය කාරුහරි දන්න කියන ගැල්ලමයෙක් මගෙන් ගෙනල්ල ඉල්ලුවාම මම පොඩි පොඩි බඩු එහෙම ගෙනත් දෙනවා.. එයාල මට ඒවට සල්ලිත් දෙනවා. සල්ලි දුන්නත් ඒවා මට පිං සිද්ද වෙනවැඩ කියලා මම හිතේ මාක් කරගන්නවා.. මොකද සල්ලි තිබුනත් හැමෝටම ඒ වගේ වැඩ කරගන්න බෑනෙ. 
මේ ඔරලෝසුව ඩොලර් 2-3ක් අතර අගයක් වෙන්නෙ. මම මෙයින් දෙකක් නෑයො වෙන නංගිල දෙන්නෙක්ට අවුරුද්දට ගෙනත් දුන්නා.මං දන්න කියන නංගියෙක්ට ගෙනත් දුන්නා එයා දැන් මාස දෙක තුනක ඉදලා ඉදලා හිටලා ගමනකට දානවා..එච්චර ලොකුආබාධයක් නැහැ..මේකක් ලංකාවෙ නම් රුපියල්  800/=ක් 1000/=ක්වෙනෝ කියලා තමයි යාලුවො කිව්වෙ. 
මේ තියෙන්නෙ ලෝඩ් ඔෆ් ද රිංග් කියන සෝ එකෙ තියෙන මුදු. මේ ජාතියෙ මුද්දක් නම් විවිද ගනන් වලට තියෙනවා. මේකනං ඩොලර් 1.5-2ක් අතර ගානක් තමයි වෙන්නෙ.  මේ මුදු කිහිපයක් ඕඩර් කරද්ි මට පොඩි අකරතැබ්බයක් සිද්ද වුනා. මේ මුදු වල සයිස් තියෙන්නෙ ඇමරිකානු මුදු සයිස් වලින්. සයිස් 10 මුදු තුනක් ඕඩර් කලා. සයිස් 10 කියන්නෙ අපේ ගෑනුගේ ඇගිලිවලට කිට්ටු කරන්න්ත බැරි තරං විසාලයි. ඒ නිසා මුදු ගේනවා නම් සයිස් ගැන විසේසයෙන් සැලකිලිමත් වෙන එක හොදයි. 
මේ ඔරලෝසුව ඩොලර් 12ක් විතර වුනා. ලංකාවෙ සල්ලි වලින් රුපියල් 1500ක් විතර. ඒ වුනාට ටිකක් හැඩ පෙනුමක් තියෙනවා. පටිය නම් රෙදි. ලස්සන පාට කිහිපයකින්ම ගන්නත් තියෙනවා. මේක පිරිමි ඔරලෝසුවක්. පොඩ්ඩක් විතර මූන ලොකු වැඩියි. ඒත් දැන් තියෙන ස්ටයිල් එක ඒක වෙන්න ඇති.  ඔරලොසු නම් ඊබේ එකේ ගොඩක් තියෙනවා. 

ඊබේ එකෙන් බඩු ගේන එක ඇතැම් අයට දැන් විලාසිතාවක්.සමහර ලස්සන සුකුරුත්තං කොන්ඩ කටු වගේ ඒව ඊබේ එකේ ලාබයි. තෑගි දෙන්න හොද බඩුත් ලේසියෙන්ම ගෙන්නගත හැකි. ලංකාවට ඇවිත් බඩුව ගෙදරට එන්න යන මාසෙක කාලෙ තමයි පොඩි කේස් එකකට තියෙන්නෙ. ඊබේ එකට පේ පැල් හරහා ගෙවන්න පුලුවන් නිසා අපේ ක්‍රෙඩිට් කාඩ් විස්තර ආදිය වෙන අයගේ ලගට යන්න තියෙන හැකියාවත් නැතුව යනවා. 

විසිතුරු බඩු කඩෝල ගොඩක් තැන්වල ලංකාවෙ අතරමැදියො ඉන්නවා. චීනෙන් ඉතාම අඩු මිලට තොග පිටින් ගෙනත් මෙහේදි බඩුවෙ වටිනකම වගේ හත් අට ගුනයක් ලාබ තියගෙන අපිට සේවාවන් සපයන බොහොම පරාර්ථකාමී වෙලෙන්දන් තොගේකුත් දැන් ඔන්ලයින්ම බිහිවෙමින් යනවා.. 

අලි එක්ස්ප්‍රස්, ඊබේ වගේඒවා තවදුරටත් මැජික්ස් නෙමෙයි.. හැබැයි ඉතිං ගෑනුලමයිට බඩු ගෙනත් දෙනවා මිසක මේ වගේ බඩු ගන්න පුලුවන් වෙබ් සයිට් තියනවා කියල කියන එකනම් කියන එක අතිසය බයානකයි. ගෑනුන්ගේ අාසාවල් ඉතිං කෙලවරක්, කොනක් , මිම්මක් තියෙන ඒවා නෙමෙයි නේ..

Wednesday, April 15, 2015

$ 50 න් ගෙදර ටීවි එක ඉස්මාට් කරගන්න

අපේ ගෙදර තියෙන පරණ ටීවි එකේ පුලුවන් ඇන්ටනා ජැක් එක ගැහුවම ටීවි බලන්නයි...වීඩියෝ ප්ලේයර් ජැක් දෙක ගැහුවම වීඩියෝ තැටි බලන්නයි විතරයි. ඒත් ඉස්මාට් ටීවි එකකදි තව අමතර වැඩ ජාති දෙකක් කරගන්න පුලුවනි. 

1. වීඩියෝ ප්ලේ කිරීම..
ඉස්මාට් ටිවි වල කෙලින්ම යූ ඇස් බී සහඑස් ඩී කාඩ් හාඩ් ඩිස්ක් ආදිය ප්ලග් කරලා ඒවයේ තියෙන වීඩියෝ පිංතුර ආදිය බලන්න හැකියාව තියෙනවා. ඉස්සර වගේ .තැටි දැන් වැඩිය ඕනි වෙන්නෙ නැහැ..යූ ඇස් බී සහ එස් ඩී කාඩ් වල තියෙන ඒවා ඒ ඒ පෝට් වලට සම්බන්ධකලාම ඒ වායේ තියෙන වඩියෝ සහ ඕ්ඩියෝ ෆයිල් ලස්සනට පෙන්නුම ්කරනවා.

2. අන්තර්ජාල වීඩියෝ බැලීම.
ඒ වගේම අන්තර්ජාලයේ යූ ටියුබ් සහ නොයෙක් තැන්වල තියෙන වීඩියෝ සහ පිංතුර බලන්නත් හැකියාව මේ ඉස්මාට් ටීවි වල තියෙනවා. 

E bay වෙබ් අඩවියට ගිහින් TV Box කියලා සෙවුමක් කලාම ගොඩක් බොක්ස් එනවා ඒ විදියෙ ටීවි එක ස්මාට් කරගන්න පුලුවන් ටීවි බොක්ස්. මේ ටීවි බොක්ස්වල ඩොංගල් එකෙන් කෙලින්ම ඉන්ටනෙට් යන්න පුලුවන් අවස්ථාව තියෙන ඒවත් තියෙනවා. මේ ටීවි බොක්ස් වල බොහොමයක් ඒවාට වයිෆයි වලින් සහ සාමාන්‍ය ඊදර්නෙට් පෝට් වලින් අන්තර්ජාල සම්බන්ධතාවය කෙලින්ම ලබාදෙන්න පුලුවනි.

මේවායේ අන්තර්ගතය බොහෝවිට රාස්බෙරි පයි වැනි තනි පුවරුවේ බලගතු පරිගණකයකින් සමන්විත වෙනවා. ලිනක්ස් හෝ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් ආධාරයෙන් දුවන බලගතු බහුමාද්‍ය හැකියාවෙන් යුතු පොඩි මැසින් තමයි මේවා. මම මීට කලකට පෙර රාස්බෙරි පයිගැන ලියපු ආටිකල් එකක් තියෙනවා ඒකෙන් ඒක මොකද්ද කියලා දැනකියා ගන්න පුලුවනි.  

ඒ වගේම ඕ ඩ්‍රොයිඩ් කියලා අලුත් එකකුත් තියෙනවා..ඕ ඩ්‍රොයිඩ් එකට කෙලින්ම උබුන්ටු 14.04 මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරලා හොද විඩියෝ අවුට් එකක් ලබාගන්න හැකියාව තියෙනවා. ඕ ඩ්‍රොයිඩ් කියන්නෙ රාස්බෙරි වලටත් වඩා බලය තියෙන මෙවෙලමක්.. කාලිංග අයියාගේ ටෙක් කතා ගෲපියෙ මේවා ගැන කතා වෙද්දි ඕ ඩ්‍රොයිඩ් ගැන යාලුවෙක් සදහන් කරලා තිබුනා.

උබුන්ටු මෙහෙයුම් පද්ධතිය මේකට දාන්න පුලුවන් කියන්නෙ මට හිතෙන විදියට නම් ඉන්ටනෙට් බ්‍රවුසින් සහ ඔෆිස් වැඩත් කරගන්න පුලුවනි. අර මම මුලින්ම කියපු TV බොක්ස් වලින් අන්තර්ජාලයට එකතු වෙන්න හැකියාව තිබුනත් ඒවායෙදි කී බෝඩ් මවුස් ආදිය සම්බන්ධ කරගන්න අමාරු නිසා අපි දන්න කියන යූ ටියුබ් වීඩියෝවක් වුනත් සොයාගන්න ටිකක් අමාරු වෙනවා. 

මේ රාස්බෙරි සහ ඕ ඩ්‍රොයිඩ් වැනි කෑලි පාවිච්චි කරලා පොඩියට ඔය වගේ කෑල්ලක් අටවගත්තම අර වීඩියෝ බොක්ස් එකකින් එහාට ගිහිපු ගොඩ්ක දේවල්...කරගන්න හැකියාව ලැබෙනවා. 
*සුපිරි කොලිටි කාර් සෙට් එකක් හදාගන්න හැකිවීම.
*ගේම් සෙල්ලම් කරන කෑල්ල්ක විදියට පාවිච්චි කරන්න හැකිවීම..
*හදිස්සියකට පරිඝනකයක් විදියට අන්ර්ජාලයේ සැරිසරන්න හැකිවීම,
* මේකට ස්කයිප් සහ වයිබර් වැනි ඇප්ලිකේෂන් ධාවනය කරලා පවුලේ සැමට චැට් කරත හැකි ලොකු වීඩියෝ චැටින් මේසයක් හදාගත හැකිවිම..
 වගේ පොඩි පොඩි වැඩ ටිකක් මට කල්පනා වෙනවා. ඊට වඩා බොහෝ බොහෝ දේවල් මේ  $ 50 පරිගණක වලින් කරගන්න හැකියාව තියෙනවා.අන්තර්ජාලයේ පෝඩ්ඩක් සොයා බැලුවොත් මේ සුට්ටි කම්පියුටර් වලින්..අරුම පුදුම දේවල් කරලා තියෙනවා කියලා ඔයාලට සොයාගන්න හැකියාව තියේවි.

සාමාන්‍යයෙන් ලංකාවෙදි වුනත් පරිගණකයක් එකලස් කිරීමේදි මොනිටරය හැර අනෙක් කොටස් වලට ඇමරිකානු ඩොලර් 500ක් විතර වියදම් වෙනවා. නමුත් මේ ජාතියෙ කුඩා බෝඩ් එකෙන් පරිඝනකයක් ඩොලර් 100කට හදාගන්න පුලුවනි. පාසැල් වලට, කාර්මික විද්‍යාල වලට කෙලින්ම ඩොලර් 500ක පරිගණකයක් පුදනකොට මේ ජාතියෙ කුඩා එහෙත් සැලකිය යුතු වැඩක් කරගත හැකි පරිගණක යන්ත්‍ර 5ක් දෙත හැකි..සරලව කිව්වොත් හරියට හිතුවොත් පාසැල් යන දරුවෙක්ට ඕනි වැඩ ටික පුරුදුවෙන්න පාසල් පරිගණක විද්‍යාගාර ඇතිකරද්දි මේ වගේ දේවල් ගැන හිතුවොත් වියදම පස් ගුණයකින් අඩුකරගත හැකි. එක පාසැලකට පරිගණක දෙන සල්ලි වලින් පාැසැල් පහක් පරිගණක වලින් සන්නද්ධ කරගන්න හැකියාව තියෙනවා.

 ආච්චිල සීයල සහ වැඩිය පරිගනක දැනුමක් නැති අයට බණ පිරිත් හින්දි චිත්‍රපටි බස් අජිත්ගේ සිංදු අහන්න හොද කෑල්ලක් විදියට උඩම සදහන් කරපු ටීවි බොක්ස් එක පාවිච්චි කරන්න පුලුවනි.. හෙන ලෝ කොලිටියට හරියට ප්ලේ නොවෙන චීන කෑලි වෙනුවට බස් සහ කාර් වල තියෙන වීඩියෝ ප්ලේයර් වලටත් මේ කෑල්ල ලෙසටම යොදාගත හැකි..

සාමාන්‍ය ටීවි එකකුත් ඉස්මාට් ටිවි එකකුත් අතර මිල වෙනස ඩොලර් 500ක් විතර වෙනවා . නමුත් කුඩා ඩොලර් 50ක් පාවිච්චි කරලා, හොද පොඩි සවුන්ඩ් ටිකකුත් අටෝගත්ත නම් සුපිරියට ම අපිට ෆිල්්ම බලන්න සහ අනෙක් විඩියෝ නරඹන්න අවස්ථාවක් මේ හරහා ඕනි කෙනෙක්ට ලබාගන්න හැකිවෙනවා. 

මම මේව ඉන්ටනෙට් එකේ දැක්කා ඉන් පස්සෙ කොටලා සෙයා කලා. ඔයාලටත් මේකට යමක් එකතු කරන්න ඔර්නි නම් කමෙන්ට ්එකක් දාල ඒක කරන්න පුලුවනි. ඒ වගේම අපිට ඉස්මාට් ටිවි එකකට සල්ලි නෑ...අනේ අපිට හොද සවුන්ඩ් විඩියෝ තියෙන ටිවි එකක් , ප්ලේයරයක් ගන්න ලක්ෂ ගනන් සල්ලි නෑ කියල තැවෙන අය වෙනුවෙන් මේ පෝස්ටුව ෆේස්බුක් සෙයාකරගත්තෝතින් ඒකත් කදිම අවුරුදු තෑග්ගක් වේවි.

Tuesday, April 14, 2015

අවුරුදු කුමාරිය

පුවක් කොළ මෙන් ඝනකම
හැඩට හිර වූ යටෑදුම
උඩට රෙදි හැට්ටයක් වැටුනම
වෙනද ගිංතොට ලෑලිම 

පෙනේ මොරටුවෙ කඳන් විලසම

මූන තනිකර සුදුවිය
තදට මැදලා කොන්ඩය
බාලා දාලා ඇහිපිය
මේ දවාලෙත් නැතුව සාරිය
බයකරයි මා මෝහිනිය

ඉංගිරිසි මෙන් ඌරුවට
කට ටිකක් උල්කොට
මච අවුරුජු ජවසට
සිංහෙල ඛම ජයට
දැනෙනවා කිව්වා ඒ කට

ඉලෙක්ටොනික් බෙර සද්දේ
ටීව් එකෙන් ගෙට විද්දේ
ගම් මැද්දේ අවුරුද්දේ
අවුරුදු කුමරිගෙ රෙද්දේ
හැඩ පෙන්වා ලිය පැද්දේ

ඒ පුරානේ ගම් තුලානේ
රජ වරුන්ගේ මාලිගා ගේ
පවා නොසිටිය රුසිරි කුමරිය
මහ දවාලක හැඩ පෝලිමක 

කිරුළ වෙනුවෙන් ඇදෙයි ඉදිරිය 



Monday, April 13, 2015

සතුට

ආදර නිමන්ති.

ජීවිතේ එකම කාලෙක ජීවන සහකරුවන් සොයන අපි දෙදෙනා තවමත් එකිනෙකා අතර සම්බන්ධකමක් තියාගෙන ඉන්න එක පුදුමයක්. ඔයාට කෙනෙක් ගෙදරින් හොයනවා කිව්වම අනේ මටත් හොයනවා අපි දෙන්නා සෙට්වෙමු කියලා මම කිව්වම ඔයා හරියට පුදුම වුනා. බොහොම කලබලෙන් ඒකනම් වෙන්නෙනැහැ කියලා කිව්වා. එතන කලබල වැඩි ගතිය මට ටිකක් පුදුමයක් ඇතිකලා. මීට කලින් සිද්ද වුන අවස්ථාවලදි ඔයා බොහොම නිවිලා කියනවා අපි දෙන්නා ගැලපෙන්නෙ නැහැ කියලා. දැන් ඔයා බොහොම කලබලෙන් මාව ඊලග මොහොතේ ඔයා ඉන්න තැනට පනී වගේ බයෙන් එපා කියනවා..මට ඒක ටිකක් අලුත්..

ඔයාගේ ගෙදර අය මාව නොදන්නෙ නැහැ.. ඒ වගේම ඔයාගේ පැත්තෙන් ගත්තෝ තින් අවුරුදු හයක් තිස්සෙ යාලුවෙක් වෙලා හිටපු එකම ස්ථාවර වස්තුව වෙන්නෙ මම. ඒත් කාලෙක ඉදලා ඔයාට සතුට ගැන ලොකු ලොකු ගැටලු තියෙනවා. මට ඒක විස්තර කරන්න තේරෙන්නෙ නැහැ.. මොකක් හරි දෙයක් දැක්කාම මොකක් හරි සතුට තියනවා කියල හිතෙන වස්තුවක් දැක්කාම ඔයා දුක්වෙනවා ඔයාට ඒක නැහැ කියලා.

උදාහරණ විදියට ඔයා දුක්වෙනවා ඔයාට වැඩකරන්න සිද්ද වෙලා තියෙන වැඩ පරිසරය එක්ක. නමුත් එතනදි ඒ වැඩ පරිසරය සාපේක්ෂව ලංකාවෙ බොහෝ ගෑනුන්ට ලැබෙන වැඩපරිසරයට වඩා හොදයි කියලා ඔයාට හිතෙන්නෙ නැහැ..ගෙවල්ෙ දාරවල් යාන වාහන හැමදේම ගැනම ඔයාට තියෙන්නෙ අසටු හේතු.

බොහෝවිට මීට දැන් අවුරුද්දක දෙකක ඉදලා ඔයා වටා තියෙන පස්නය තමයි ඔයාට හිටපු බෝයිපෙන් ඔයාව දාලා ගියපු එක. ඔයා එයාව ගොඩක් විස්වාස කරන්න ඇති. පිරිමි කියන වචනය ගෑවුනත් ඔයා එයාලට වෛර කරන්නෙ ඒ නිසා වෙන්න ඇති. මොනවා වුනත් ඔයා එතනදි ගොඩක් වැටිල කියල මට හිතෙනවා..
සම්බන්ධකම් නැතිවුනාම දුක නැති කෙනෙක් ලෝකෙ නැහැ..අද ලෝකෙ ඉන්න බිලියන 8ක ජනතාවගෙන් කාරුවත් රහත් වෙලා නැති නිසා අපිට මේ ලෝකෙ සම්බන්ධකමක් නැති වුනාම දුක් වෙන්නෙ නැති නෙනෙක් හොයාගන්න අමාරුයි. නමුත් ඔයා ඒ සම්බන්ධකම දකින විදිය වෙනස්. ඔයාට අනුව ඒ යකා ඔයාගේ ජීවිතේ තිබුන සියලු සතුටුදායි දේවල් කවුරු හරි අරං ගිහින්.

මට හිතෙන්නෙ ඌ වැඩිම උනොත් ඔයාගේ පෙට්ටිය කඩලා යන්න ඇති. දැන් ඔයා කන්‍යාවිය කියල අපේ සමාජය වන්දනා කරන මට්ටමින් ගෑනිය කියන තැනට වැටිලාත් ඇති. දැන් ඌ කාලකන්නි විදියට මං අරකිගේ පෙට්ටියම කැඩුවා කියල සතුටු වෙනවාත් ඇති. නමුත් ඌට ඒ සතුට ලැබුනද?

මතක්වෙන මොහොතක් ගානෙ ඌට දෙස් තියන ඔ්‍යාගේ යමක් එයාට ලැබුනද? එයාට අනුව එයා පරම සුවය ලබාගන්න ඇති. නමුත් ඔයාට අනුව ඒක බොරුවක්..මවාපෑමක්, වංචාවක්.. කවදාවත් හොරකම් කරපු වස්තුවක් අපේ එකක් නෙමෙයි. ඒ වගේ ඒ වංචාකාරයා ඔයාගෙන් යම් කන්‍යාභාවය වැනි වස්තුවක් සොරා ගත්තා නම් ඒ සොරාගත් වස්තුව ඒ මනුස්සයගේ නෙමෙයි. ටිකට් එකක් හීරුවට ඒක ලග තියාගෙන ආරක්සා කරගන්න බැරිනම් ඒ මනුස්සයා ජයග්‍රාහකයා නෙමෙයි. දැන් මේ කතාව ඔයාට කිව්ව නම් ඔයා ඇදල ගන්නෙ එතකොට ඔයැයි කියන්නෙ අනුන් හූරපු ටිකට් එකක් අරං ගිහින් දිනුම ගන්න එකාද දින්නේ? කියලා..

අංගුලිමාලට තිබුන සතුට තමයි මිනිස්සු මරලා ඇගිල්ලක් බෙල්ලේ දාගෙන මැරුන මිනිස්සු ගාන කැල්කියුලේට් කරන එක. ඒ වගේම මෘදු සල්ලාලයො ්ජාතියක් ඉන්නවා. උන් කෙල්ලන්ව හෝ ඇන්ටිලා රවටාගෙන රටේ තියෙන බොරු රාශියක් කියලා රවට්ටගෙන කොහොම හරි අර කෙල්ලගෙන් ලිංගික පොරෝජන අරගෙන අර කෙල්ල හීනෙකින් වත් නොහිතපු විදියට කෙල්ලගේ ජීවිතයෙන් ඈත් වෙනවා. එතකොට භෞතික වශයෙන් කොල්ලා ඈත් වෙද්දි ඈත් වෙන ලිංගික සතුට ආදිය නොලැබීමත්..මානසික ලැබෙන තනිකමත් නිසා අර ගෑල්ලමයා හෝ ඇන්ටිය අසරන වෙනවා. නමුත් අර කොල්ලා ඇතැම් විට අන්ගුලිමාලට, මැරුණ පණ ගිය ඇගිල්ල වටිනවා වගේ අර කෙල්ලගෙන් ලබාගත් ලිංගික සතුට මාක් කරගන්නවා. ඇතැම් අය වීඩියො ්ෙපාටෝ ගහල තියාගන්නවා. බොහෝ අය ඒක මනසින්ම විදිනවා. තවත් අය බොනකොට තමුන් පාවිච්චි කරපු කෑලි ආදිය ගැන කියෝනවා. කොහොම වුනත් පිරිමියෙක් බුදියපු ගෑනු ගාන වැඩිවෙන්න වැඩිවෙන්න ඌඨ අමුතු තැනක් ලැබෙනවා ඇති. ඒකනේ ඔය වැඩේ මාර හිට් වැඩක් වෙලා තියෙන්නෙ.

සන්තුට්ටි පරමං ධනං කියලා ධම්මපදය ලියපු හාමුදුරුවෙක් ලියලා තියෙනවා. සන්තෝෂය පරම ධනයයි කියලා ඒ බණපදයෙන් කියවෙනවා. ඒ සන්තෝෂය ගැන ආගමික විග්රහයන් අනුව සන්තෝෂය කියන්නෙ ආගමනුකූලව ජීවත් වීම. ආගම කියන විදියට හොදින් හිටියොත් එතන සංතෝසෙ තියේවි.
කතරගම ගිහින් මල් කඩ පහුකරන් යන අපිට අපෙනුත් ගන්නකෝ කියල කෑ ගහන අය හමුවෙනවා. ආන්න ඒ වගේ එක් එක් වෙලෙන්දෝ ආගම් කාරයෝ දර්ශන කාරයෝ සතුට තියෙන්නේ යම් වස්තුවක් හෝ යම් ක්‍රමවේදයක් රූල් එකක් තුලය, ඒක ගත්තොත් හෝ ඒ අනුව වැඩකලොත් සතුට ඉක්මන්ට ලැබෙනවාය කියලා දෙසනවා. නමුත් ඒක ඇත්තද?

දැන් ටීවි එකේ යන ඇඩ් දිහා බැලුවාම මිනිස්සු දැන් සතුටුවෙන්නෙ බිස්කට් කාලා, කිරි බීල, ඉන්සුවරන්ස් දාලා, දත් මැදලා..වගේ නොයෙක් දේවල් වලින්. ඇත්තටම ඔය පෙන්වන නවීන ජීවිතයේ තියෙන කාර්, ලස්සන ගෙදරක්, ලස්සන නවීන බඩු පිරුන ජීවිතයක් තුල සතුට තියෙද? එහෙනං මීට අවුරුදු දාහකට දෙදාහකට කලිං ජීවත්වුන මිනිස්සු සතුටු වුනේ නැද්ද? ඒ ඈත කාලෙක වනාන්තරේ ජීවත්වෙච්චි මිනිස්සු බොහොම දුකෙන්ද කල් ගත කලේ..

සමහර විට ආගම් බුවෙක්ට ඕක කිව්වොත් කියය් එයාගේ ශාස්තෲවරයා එන්න කලිං ලෝකෙ අරහම තිබුනා. එයා ඇවිත් කාමරේ ස්විච් එක දැම්මාම බලුබ් එක පත්තුවෙනවා වගේ ලෝකෙට සතුට අරං ආවා කියලා. පොත් වල තියනෙවා ඒව බලල සමහරු අපිට කියාදෙනවා. අපි ඒවා නැවත හිතමින් ඇත්ත කියාල හිතනවා..

මනුස්සයාගේ මොලේ ටික්ක වැඩුන කාලෙ ඉදලා දුක සතුට මිනි්හාට දැනෙන් ඇති. ඒවා සපුරගන්න ඒ ඒ කාලෙට සරල සහ සංකීර්න ක්‍රම විදි තියෙන්න ඇති. සතුට සම්පූර්ණ කරගැනීමේදි මිනිස්සුන්ගේ ප්‍රතිචාර කාලයෙන් කාලයට සමාජයෙන් සමාජයට වෙනස් වෙන්න ඇති.

අද කාලෙනම් සතුට සම්පූර්ණ කරගන්නෙ ඉන්ටනෙට් එකෙන්.. අපිට දරුවෙක් හම්බුනත්. පවුල එක්ක බීච් ගියත්, කාර් එකක් ගත්තත්, කොම්පියුටරයක් ගත්තත් හැම එක අපි ෆේස්බුක් දාල යාලුවන් ට පෙන්වනවා අඩෝ අපි අමුතු සතුටක් විදිනවා කියලා. ඒ සතුටු විමෙ පරණ මොඩල් එක තමයි ලිදලග සංගමේ හෝ යාලුවො නැයො අතර ලොකුව කියවන එක ආදි දෙේවල්..

කොහොම වුනත් ඔයා සතුටින් ඉන්නෙ නැති ඔයාට සතුටු වෙන්න බැරි හේතු හරිම සිම්පල්. මේ ලංකාවෙ ලෝකෙ බොහෝ ගෑනුන්ට තියෙන ගැටලු ටික හැර ඔයාට කියල විශේෂ ප්‍රශ්ණ තියේ කියල මම න දැකල නැහැ. අපේ ලංකාවෙ වාහනයක් ගන්නවා කියන්නෙ තාමත් සුඛෝපබෝගි වැඩක් කියලා තමයි ආන්ඩුව සලකන්නෙ. ඉතිං ඔයාට වගේම ලංකාවෙ ඉන්න සියට හැටකට වැඩි ගෑනු අය තමුනට වාහනයක් නැති එක ගැන හරි තියන වාහනේ පරණ මොඩලය ගැන හරි තියෙන්න ලොකු සතුටක් නෙමෙයි. නමුත් ඒක එයාල යටපත් කරගෙන වැඩිය දුක් නොවී වෙනත් කාරණා වලින් සතුටු වෙමින් කල් ගත කරනවා..

අනික් ඔයාව දාල කොල්ලෙක් ගියානං...ඔයා වගේ ලස්සන කෙල්ලෙක් වටේ කොල්ලා එන්නෙ නැහැ ..දැනට ඇවිත ්නැහැ කියාල දුක්වෙන එක ටිකක් චක්‍රියයි. මූනෙ උලන බ්ලිචින් ක්‍රිම ්වලිනුත් ඇග පුරා ගාන දේවල් වලිනුත් ගන්න බැරි ලස්සනක් සන්තෝසයෙන් ඉන්න ගෑනු අයගේ තියෙනවා.

රූප ලාවන්‍යය කියන්නෙ මොන මොනවා හරි ටිකක් සමට උඩින් හෝ යටින් දමාගෙන පියරු බබා වගේ කැරකෙන එක නෙමෙයි. එතනින් එහාට ගිහිපු අපේ ඇගේ සිස්ටම් ඔක්කොම වැඩකරන්න දායක වෙන කොටසක් කාන්තාවකගේ ආකර්ශනය කෙරෙහි දැඩිව බලපානවා.කාන්තාවක් සතුටින් ඉන්නවා, හිනාවෙල ඉන්නවා, දුක් නොවී සාමාන්‍ය විදියට යාලුවොත් එක්ක නෑයො එක්ක බොහොම මිත්‍රශීලිව කාලය ගතකරනවා ආදි දේවල් වලදි සාමාන්‍යනේ පියරු තලි වලින් කාන්තා සිරුරට ලැබෙන ආකර්ශනයට වඩා සමාජ ආකර්ශනයක් ගැනු අයට ලැබෙනවා.

කොයි තරං තට්ටු ආලෙප් කරගෙන ගිහින් දත් දෙක තුනක් පේන්න ලාවට හිනා වුනත් නියම හැපි මෝඩ් එකක් ඒ ගෑනිට අලවන්න කාටවත්. බැහැ. ඒ හැපි මූඩ් එක දාගන්න ඕනි ඒ කාන්තාවම තමයි.

නිලියො හැඩට ඉන්න එක පිටුපස්සෙ නිලියො අපි දකින කැමර් එක, ඒ වගේම මේක් අප් ආදි දේවල් තියෙනවා. නිලියො හැඩට පේන්නෙ අපි දකින ටීවි වල නාට්ටි වල විතරයි. ඇත්ත ජීවිත වලදි එයාල හැඩද කියාල දැගන්න වෙන්නෙ එයාලගේ ක්‍රියාපටිපාටි ආදිය බැලුවාම තමයි.

සතුටු ජීවිතයක් ගත කරන හැටි කියන්නෙ හෙන සරු මාතෘකාවක්. ඒක ගැන පොත් පත් වෙබ් ආදි දේවල් ගොඩාරියයි. මම හිතන්නෙ ඒවත් එක්තරා බෝරිං ක්‍රමයක්. මොනවා වුනත් ඔයා මට පෙන්වන දේවල හැටිද මන්දා මට හිතෙන විදියට සාමාන්‍ය ලාංකික ගැහැනු කෙනෙක්ටත් වඩා ඔයා මානසික අවුලක ඉන්නෙ.

මට ක්‍රමය කියලා දෙන්න බැහැ. ඔයා තේරුම් ගන්න ඔයා අසතුටින් ඉන්න බවත්, ඒක ඉක්මනින් වෙනස් කරගත යුතු බවත්. ඉන් පස්සෙ සතුට ඇති කරගන්න පරණ අතීත සහ තමුන්ට අවාසි දේවල් වලින් ඈත්වෙන්න පුලුවන් විදියට අලුතින් ජීවිතේ පොඩ්ඩක් ප්ලෑන් කරගන්න. ඉතිං බොහෝ බොහේ දේවල් ලිව්වට මේව ඔයා කියවයිද දන් නෑ..

මොනව වුනත් අපි පෙම්වතුන් වුනත් නොවුනත්..යාලුවො වුනත් නොවුනත් සමීපව කලක් හිටපු අපි දෙන්නගෙන් තාමත් බොහොම සතුටින් ඉන්න මට ඔයා අසතුටින් ඉන්න එක වාවන්නෙ නැහැ. ඔයාගේ විශේෂ ආදරය ලබාගන්න බැරි මට ඔයා නිතර දුකෙන් ම සිටීම වෙනස් කරන්න හැකියාවක් නැතුව ඇති. ඒත් ඒක පෙන්වාල දීම මගේ වැඩක්. ඒ නිසයි මම මේම ලිව්වෙ.

ඉතිං සුබ රැයක්, හීන පේන සීත රැයක්..ඔයාට ලැබේවා..

Sunday, April 12, 2015

මහගන්න ඕනි ඇයි? මහන්න මැසින් කෝ?

මේදවස්වල හැමතැනම අවුරුදු සේල්. රෙදි පෙරදි සේල් තමයි ගොඩක් තියෙන්නෙ. මහරගම වගේම පිටකොටුවෙත් සෙනග. වෙනද තරම්ම පිටකොටුවෙ සෙනග නෑ කියලයි මට හිතුනෙ. පෙටා වල තමයි මම දැකපු තැන්වලින් සරම් මිල අඩුම තැන. මම කඩවල් රාසියකට යනවා අවුරුදු කාලෙට. නමුත් හෝල් සේල් ප්‍රයිස් එකට සරමක් දෙකක් ගන්න පුලුවන් දෙවනි හරස් වීදියෙ කඩවලින් විතරයි. දෙවනි හරස් වීදියෙ කඩවල රුපියල් හාරසිය හැටට විතර තියෙන සරමක් අපේ ගම දිහා රුපියල් අටසීයක් නවසීයක් විතර වෙනවා..


බෙඩ්ෂීට් තුවා, ලේන්සු, ජොක්කු, බැනියන්, යට ඇදුන්, ජනෙල් රෙදි, කොට්ට උර, නැප්කින් වගේ ඒවා දෙවනි හරස්වීදිෙය තියෙන කඩ වලින් මුලු පවුලටම ගන්න පුලුවනි සැලකිය යුතු අඩු මිලකට.. උදාහරණයට ජොක්කු ගනිමු..අවුරුද්දට එකෙක් ජොක්කු හතරක් අදිනවා නම්...ගෙදර ඉන්න පිරිමි වහේලයි සයිස් ටික අරං ආවම එකාට හතර බැගින් මෙහෙන් අරං යන්න පුලුවනි ජොක්කු අවුරුද්දටම..බොහෝවිට අපේ ගම්වල හා නගරේ සුප්පා කඩවල තියෙන මිලට වැඩිය බාගෙකට වඩා අඩුයි මිල...මේ දෙවනි හරස් වීදිය කියන්නෙ අර පිටකොටුවෙ බෝගහ පැත්තෙන් හරස් වීදියට ඇතුල් වෙනකොට තියෙන පෙට්ටිඋඩ බඩු තියන් ඉන්න සෙට් එක නෙමෙයි හෝල් සෙල් මිලට බඩු ගන්න නම් වීදිය ඇතුලට යන් ඕනි.. 

මේ අතර මෙ දවස්වල මහපු රෙදි හෙම පාර පුරා තැන් තැන්වල තියෙනවා දකිනවා. අපේ අයියට ෂෙෘ්ට් කලිසමක් ගන්න මම හොයනකොට සෝට් වගේ තියෙන ලාබායි ලාබායි හැමදාම නෑ පොට් එකකට ඔලුව දාලා ටිකක් ඝන රෙද්දෙන් තෝරන්න ගත්තා. හොද සෝට් කලිසන් වගේ කියලයි පෙනුමට තිබුනෙ...උගේ සයිස් එකට ශෝට් නැහැ. ටිකක් අතපත ගාන ගමන් මම පොඩ්ඩක් ඉන ගාවින් ඇරල බැලුවා..යකෝ එක හිඩසයි තියෙන්නෙ. පස්සෙ බලනකොට ඒ ෂෝට් නෙමෙයි අර කොට්ට උරය වගේ කොට සායවල් සේල් එකක්..අපේ බුවාට ගෙනාව නම් තමයි වැඩේ...

ලංකාවෙ රෙදි කඩවලට ගියාම සයිස් එක එක විදියට තියෙනවා. උදාහරණ විදියට 15.5 කොලර් සයිස් ෂර්ට් ගත්තොත් එක එක කඩවල එක එක ෂර්ට් වල උස වෙනස්..පපුව හරිය වෙනස්...සාක්කු මොඩල් වෙනස් ආදි කතන්දර ගොඩයි. අපේ රට පිටරටවලට ඇදුම් මහන රටක් නිසා අපිට ඒ මහල ඉතිරි වෙන අැදුන් කොලටි අඩු ඇදුනුත් මාකට් එකෙන් ගන්න ලැබෙනවා. නමුත් ඒ රෙදි අපේ මිමි වලට ගැලපෙන්නෙ නැහැ. මිමි වලට ලංකාවෙම මහන නිමි ඇදුම් අති බහුතරයක මිල අඩු ඒවායේ කොලිටි එක සැහෙන්න අඩුයි. 

හමීඩියාවාගේ තැනක හොද බඩු තිබුනත් ඒවගේ තැන්වල මිල ගනන් ටිකක් වැඩියි. පේමන්ට් වල තියෙන රෙදි අවුරුදු නැකතට ඇදන් ඉන්නවා අැර අවුරුද්දක් පට්ට ගහන්න හැකියාවනම් ඒ රෙදි වල නහැ..නිමාව චාටර්...මැහුන් තැන් තැන්වල...සමහර මැහුන් ලංකා සිතියමේ ගංගා වගේ.. සමහර තැන්වල ඇදුම් වලට යොදාගෙන තියෙන්නෙ බාලම රෙදි. ඔය වගේ කාරණා නිසා ලංකාවෙ ලාබෙට තියෙන නිමි ඇදුම් බොහොමයක් නිමාව සහ කල්පැවැත්ම අතින් ඉහල තැනක නැහැ. 

එහෙමය කියලා අපි කලිසමක් කමිසයක් මහන්න ටේලර් සාප්පුවකට ගිහින් කඹුරලා ඌට රෙද්දටත් වැඩියෙන් ගානක් දීල මැස්සුවම ඌට කලිසම මහන්න මෙසමන්ට් දෙන්න ගියාදත් කියල හිතෙන තරමට කලිසම් සර්ට් අන්ෆිට්. නිමාව බොහෝ ටේලර් සාප්පු වලදි සලකන්නෙ නැහැ..තත්වයක් තියෙන්නෙ එහෙමත් තැනක. බොහෝ ටේලර් උන්නැහේලා එකම විදියට තමයි මැහීම. ඔවුන් ලග තියෙන මහන ක්‍රමවේද  සහ මෝස්තර ගාන සීමිතයි. ඒ නිසා දැන් වයසට යන පරපුර හැර අලුත් පරපුර ටේලර් සාප්පු වලින් මහනව අඩුයි. 

ගෙදර දොරේ රෙදිපිලි අවශ්‍යතා වලට මීට දශකයට වඩාඋඩින් කාලෙ ලංකාවෙ බොහෝ ගෙවල් වල මහන මැෂිම කියලා උපකරණයක් තිබුනා. ඒක ගෙදර අම්මගෙන් පුංචි අම්මට පුංචි අම්මගෙන් නැන්දට ඉන් පස්සෙ අපේ අක්කට අක්කගෙන් හිටපුගමන් අල්ලපු ගෙදර නැන්දට ඉන් පස්සෙ අපේ නංගිට වශයෙන් දායාද වුනා. නංගි ටික කාලයක් මැහුවම එයාට අලුත් මැසිමක් ගෙනත් දෙනවා දෑවැද්දට ගෙනියන්න. 

දැන් කාලෙ ගොඩක් ගෙවල් වල තියෙනවා එකක් මැසිම කියලා. ඒ පරිගණක මැෂිම. පරිගණක මැෂිම වැදගත් දෙයක්. නමුත් ඉතිං ඒක පොරෝජනවත් වැඩකට යොදාගන්නෙ කීයෙන් කී දෙනාද? මහන මැෂිමක් ඉස්සරහ ඉදගෙන ෆේස්බුක් යන්න බැහැ. ඒ නිසා ගෑනුලමයෙක්ට වගේම ඉගෙනගන්න කැමති මැහුන් වලට ආස කොල්ලෙක්ට වුනත් මහන මැසිමක් අරන් දෙන එක කොම්පුටරයක් අරන් දෙනවා වගේ ලොකු අවධානමක් තියෙන වැඩක් නෙමෙයි. හදිස්සියට ඉතිං වැඩිම වුනොත් ඉදිකට්ටක් අතේ ඇනෙන්න පුලුවන් පොඩි අනතුරක් විතරයි මහන මැසිමෙ තියෙන්නෙ. 

ඉස්සර අපේ අම්මල පුංචි අම්මල කඩවල් ගානෙ ගිහින් ඇවිදලා රෙදි කෑලි ගෙගනත් බොත්තං නූල්, වැඩකෑලි,ආදිය ගේනවා. අරං ඇවිත් ඇදුන් මහලා දෙනවා. ඒ වගේම මම දන්න පවුලක ගෑනු කෙනෙක් ඒ ගමන්ම හොද පොෂ් කඩේකට ගිහින් කඩේ තියෙන මිල අධික ලක්ෂණ ෆැෂන් වලින් ටිකක් කෝලේක කටුවට ඇදන් එනවා..ඇවිත් බොහොම යසට අර ගෙනාපු කට් පීසස් බොත්තං වලින් අර සුපිරි ඇදුම් පැලදුම් ඒු වගේ හතරෙන් එකක වගේ අඩු මිලකට මහගන්නවා.. දැන් ඉතිං ඒ වගේ කටුසටහන් ඇදන් මොලේ හොල්ලන්නැතුව ඒ ෆැෂන් එක මොලේට දාගෙන එන්න මහන්සි වෙන්න ඕනිම නැහැ..පොඩ්ඩක් පෝ්න එක ඇද්දා පොටෝ දෙකක් තලාගෙන සේව් කරගත්තා ආවා බල බල ඇහැක් විදියට ඩ්‍රෝවින් එක ගහගෙන මැහුවා.. 

මං ඒ විදියට ගෙදර මහගන්න පුලුවන් මැසිමක් බල බල හිටියා අපේ නංගිට අරන් දෙන්න. ඉතිං ඒම බල බල ඉන්නකොට පෝටබල් මැසින් වගයක් තියෙනව දැක්කා බොහොම අඩුවට.ඒ ගමන් මං පෝටබල් මැසිමක් ගැනීම ගැන විදවත් මතයක් විමසුවාම පෝටබල්මැසින් වල අඩුපාඩු සහ වාසි මේ ආකාරයට ගන්න පුලුවන් වුනා.

පෝටබල් මහන මැසින් වල වාසි

අඩු විදුලි බලයක් වියදම් වීම.
නිතර එහා මෙහා ගෙනයා හැකි තරම් සැහැල්ලු වීම.
අඩු මිල.
අඩු ඉඩක් ගැනීම. (මේස කෙලවරක තියාගෙන ප්ලග් එකට ගැහුවත් වැඩ..) 

පෝටබල් මහන මැසින් වල අවාසි..
කැඩුනම බොහෝ මැෂින් නැවත හදන්න අමාරු වීම.
තද රෙදි ඩෙනිම් වැනි ඝන රෙදි මහන්න බැරිවීම.
විශාල ප්‍රමාණයේ යෙදීම් වලදී මහන මැසිමේ ශක්තිය අඩු බැවින් කල්පැවැත්ම අඩුවීම.
ලක්මාල් අයියා රෙකමන්ඩ් කරන පෝටබල් මැසින් තුනක් තියෙනවා. 
ෆෝටටබල් බේස් එකකට හයිකරල තියෙන්නේ , මෝටරයෙන් වැඩ කරන්නේ
http://www.singersl.com/products/index.asp?pcode=SIN_MC974N-CC&PC=sewing_machines


මේ ෆෝටබල් එක හොදටම හොදයි , මෝස්තර අඩුයි , ලෙඩ දෙනව අඩුයි , හැබැයි ගණකම දේවල් මහන්න අමාරුයි
http://www.singersl.com/products/index.asp?pcode=SIN_MC8280&PC=sewing_machines


මෙන්න මේකත් හොද ෆෝටබල් එකක් .
http://www.singersl.com/products/index.asp?pcode=SIN_MC8215&PC=sewing_machines


ඉතිං මැෂින් චක්‍රවර්ති අටම්පහුර ලියන ලක්මාල් කන්දෙවිදානඋන්නැහේ ගෙන් තව විස්තර ඇහුවම උන්දැ මට රෙකමන්ඩ් කරා. මල්ලියෙ උඹට මං ඕනි *ත්තක් මහත හැකි මැෂිමක් ගැන විස්තර දෙන්නං. ගානත් ටිකක් අඩුවෙන් ඕනිම දෙයක් මහගන්න ගෙදර පොඩි ටේලර් සාප්පුවක් දාගන්න. දොර රෙදි නෙට් රෙදි මහන පොට් එකක් දාගන්න, වුනත් පුලුවන් මැසිමක්. මේක හදන්නත් ලේසියි. හදන්න දන්න උන් හොයාගන්නත් ලේසියි. මහන්නත් ලේසියි. 

 මෙන්න මේකෙන් ඕන හත්තක් මහත හැකි
http://www.singersl.com/products/index.asp?pcode=ZOJ_MCZJ8500C&PC=industrial_machines 


 සාමාන්‍යයෙන් මේ සොජේ මැෂිමෙ පොඩි අවුලක් තියෙන්නෙ මේක තනිකර මෝටරෙන් දුවන එකක්. දෑවැද්ද මොඩල් එකට මේක ටිකක් හරි මදි. දෑවැද්දට ගන්න මැෂිමෙ සිග්සැග් මහන්න වගේම පාගන්නත් පුලුවන් වෙන්න ඕනි. හදිස්සියට මෝටරයක් හයි කරගෙන මහන්නත් හැකි වෙන්න ඕනි. තව දුරටත් කිව්වොත් තඩියට හැම ඔප්සන් එකම තියෙන මැසිමක් වෙන්න ඕනි බරත් ටිකක් සැපට තිබිලම.

  ඉතිං ඒ වගේ ඔප්සන් වැඩි බර වැඩි, පෙනුමත් විසාල, පාගන්නත් හැකි, මෝටරුත් හයි කල හැකි, සිග්සැගුත් තියෙන මේ මැසිමත් ලක්මල් අයියා රෙකමදෝරු කලා.. 

මේකත් හොදයි සිග්සැග් මහන්ඩත් පුලුවන්. ස්ටැන්ඩ් එකකුත් තියනව , මෝටර් හයි කරන්නත් පුලුවන් ( දෑවැද්දට දෙන්ඩ මරු )
http://www.singersl.com/products/index.asp?pcode=SIN_MC974-N-1W&PC=sewing_machines


මේ මහන මැසින් කියන්නෙත් ටිකක් පලල් විෂයක්.. ලංකාවෙ අපිට සිංගර් ආයතනයෙන් තමයි බොහෝවිට මහන මැසින් ගන්න වෙන්නෙ. මොකද මැෂිමක් වගේ දෙයක වගකීම වැදගත්. ඒ වගේමයි ටික කලක් හරි අමතර කොටසක් දෙකක් ගන්න පලුවන් තැනකුත් තියෙන්න එපැයි. නමුත් ලංකාවෙන් එලියෙ අය ඉන්නවා නම් අපේ ලක්මාල් උන්නැහේ රෙකමදෝරු කරන්නෙ බෙරින්නා කියල මැෂිමක්.. 

පරණ මෙෂින් තරම් හයිය නැ ඔය එකක්වත් , හොද ඒවා තියනව https://www.bernina.com/en-US/Products-US/BERNINA-products/Sewing-Quilting-and-Embroidery   වගේ ඒවා හැබැයි අපිට කිට්ටු කරන්නත් බැ , 

ලක්මාල් කන්දෙවිදාන ලොක්කාගේ ෆේස්බුක් ගිණුම. 
https://www.facebook.com/ATAMPAHURA
මැෂින් චක්‍රවර්ති ලක්මාල් කන්දවිදානයන් ලියන මහා බ්ලොග් රාජයා. 
http://atampahura.blogspot.com/

Wednesday, April 1, 2015

පෝට් සිටි රට ඇතුලෙ බැරිද?

පෝට් සිටි කියන්නෙ කොළඹ දකුණ වරායට මෙපිටින් මුහුද ගොඩකරලා හදන්න යන නගරයක්.  එහෙම අලුත් නගරයක් හදන්න උවමනාව මොකද්ද?  ඒක ආවෙ කොහෙන්ද කියලා පැහැදිලි නැහැ. ඒත් ඉතිං ඒක පටන් ගත්තා. චීන සමාගමක් වැඩත් පටන් ගත්තා දැන් වැඩේ මග හිටලා. මග හිටියට සැලකිය යුතු වෙනසක් කොටුව සහ ගෝල්ෆේස් ආශ්‍රිත මුහුද තුල මෙයාල සිද්ද කරලා ඉවරයි. 
 මේ පිංතුරය තුල ජනාධිපති මන්දිය පෙන්නුම ්කරනවා.
 ඉහල පිංතුරෙන් බලාන්න පුලුවනි. අර පේන වරාය චෛත්‍යට කොයි තරම් ඈතින්ද දැන් මූධ තියෙන්නෙ කියලා. ඒ වගේම අර ලෙමන් පෆ් ලයිට් හවුස් එකෙන් මූද ඈතට ගිහින් තියෙන විදියත් මේකෙන් පේනවා.
 මේතියෙන්නෙ කොළඹ වරායේ අවසාන කොටසක් . දැන් නම් මීට එපිටින් කොළම දකුනු චීන වරාය තියෙනවා.
 මේ පේන්නෙ කොටුව.
 ඊස්සර කාලෙ තිබුන බිල්ඩින් දැන් නැහැ. ගොඩක් ඒවයි අඩුතරමෙ වහල හරි අලුත් වෙලා.
පෝට් සිටි ව්‍යාපෘතිය සම්පූර්ණ වුනොත් මෙතනින් වතුර පේන ලොකු කොටසක් ගොඩබිම බවට පත්වේවි. ඈතින් පේන නිල්පාට තීරුව හැර බොහොම කොටසක් අපිට පේන එකක් නැහැ.

පහල තියෙන පිංතුර මීට වසරකට දෙකකට එපිට මම ගනිපු ඡායාරූප. ඒවා වර්ථමානයේ බොහොම වෙනස් වෙනවා. 

 දැන් මේ හරියෙ මේ විදියට රැල්ල ගහන්නෙ නැහැ මේ හරිය ගොඩවෙනවා පෝට් සිටිය හැදුනාම. 
දැන් මේ හරියත් වැලි වලින් පිරිලා..මට මතක විදියට මේ වරාය චෛත්‍ය තිබුන හරිය මීට අවුරුද්දකට විතර කලින් තිබුන හැටි. 
ගෝල්පේස් එකේ මුල පරණ පාර්ලිමේන්තුව ඉස්සරහ තියෙනමේ තඩි කාලතුවක්කු දෙක ඉස්සරහා තව දුරටත්මේ කාලතුවක්කු ඉස්සරහ මූදක් නැහැ. දැනටමත්මේ කාලතුවක්කු ඉස්සරහ තඩි ගල් දාල වහල ඉවරයි. 
මේ තියෙන්න අර අති විශිෂ්ඨයි සර් ඇඩ් එක කරන ලයිට් හවුස ්එක. මේ ලයිට් හවුස් එක තියෙන හරියත් දැන් ගොඩබිමට ඇතුලත් වෙලා ඉවරයි. මේක උස්සලා ගිහින් මූද උඩින් තිව්වොත් මිසක දැන් න්ම මේ හරියට රැල්ලක් ගහන්නෙ නැහැ. 
 
මේ පිංතුරු බැලුවාම පේනවා තට්ටු විස්සටතිහට වඩා වැඩි බිල්ඩින් කිහිපයය් උතුරු කොළඹ පැ්තතට වෙන්න තියෙන්නෙ. 
 මේ තියෙන්නෙ පිටකොටුව කස්ටම් එක පැත්ත. මේ පැත්තෙ නම් ලොකු උස බිල්ඩින් තියෙන්නෙ බොහොම අඩුවෙන්. 
බේරෙ වැවෙන් පිටකොටුව පැත්තට වෙන්න සහ කොළඹ මරදාන පැත්තට වෙන්න ලොකු බිල්ඩින් වැඩිය නැහැ කියලත් මේ පිංතුරුවෙන් පේනවා. 

කොටුව මධ්‍ය ස්ථානයක් ලෙස සලකලා දකුණු දෙසට වෙන්න සැලකුවොත් කොල්ලුපිටිය බම්බලපිටිය වැල්ලවත්ත හරිය ගොඩක්ම ජනාකීර්ණයි.ඒ පැත්තේ ටවුන් හෝල් සිට බොරැල්ල දක්වා උස බිල්ඩින් ඇතිවෙමින් පවතිනවා. නමුත් උතුරු කොළඹ මට්ටක්කුලිය ආමර් වීදිය, බ්ලූමැන්ඩල්, පිටකොටුව, ගෑස්පහ, වගේ පලාත් තාමත් අයිත් වෙන්නෙ පැරණි කොළඹට...

මේ උතුරු කොළඹ පැත්තේ විසාල බිල්ඩින් සහ නවීන සමාජයක් නැහැ. මම පුද්ගලිකව හිතන විදියට මූදගොඩකරලා කොළඹ දකුනු පැත්තට තියෙන ලස්සනම තැනක් නැතිකරනවාට වඩා බොහොම ලේසියේන උතුරු කොළඹ සුද්දකරලා ඔය කියන ඉඩම් ප්‍රමාණය චීනයට ලබාදෙන්න හැකියාව තිබෙනවා. අපි ණයට කෑවනම් ගෙවන්න ඕනි නේ. කවුරු කොහාමෙ කිව්වත් අපි චීනෙන් ගොඩක් දේවල් ණයට අරං තියෙනවා. එයාල ඒකට යම් දෙයක් ඉල්ලනවා වෙන්න පුලුවනි. අකමැති වුනත් ණයට කාල ගිරිය පුප්පන එක යුතු නැහැ නෙව.

උතුරු කොළඹ තුල තියෙන සියලුම වැදගත් ස්ථාන පිලිවෙලකට සකස් කරලා සැලසුම් කලොත් ලොකු ඉඩක් ලබාගන්න පුලුවන් කම තියෙනවා. ඔය බිලියන ගානක මුදල කොළඹ නගරය නිවැරදිව සැලසුම් කලානම් ලොකු වපසරියක් වැදගත් වැඩකට යොදාගන්න හැකියාව ලැබේවි. ඒ වගේම ගෝල්පේස් එක සහ ලස්සන මුහුද අවලස්සන වෙන එකත් නවතීවි.