Monday, September 28, 2026
අත්‍යාවශය වෙඩින් සංගීතය
ඉන්දියානුවා ජීවත් වන්නේ ව්‍යාජ මායාකාරී ලෝකයකය. ඔවුන්ට කිසිදා සැබෑවට පිලිපැදිය නොහැකි ආගමික මතිමතාන්තර ඔහු තදින් විශ්වාස කරන්නේය. ඒවාට වැදුම් පිදුම් සත්කාර කරමින් ඒ පිලිපදිනවා යැයි පෙන්වන්නට උත්සාහ කරන්නේය. එහෙත් සැබෑ ජීවිතයේදී ඒ ආගමික මතිමතාන්තර වලින් බැහැරව බෝංචි කඩනවා සේ සාමාන්‍ය සමාජ ගුණධර්ම කඩාගෙන ගව සුනකාදී සතුන් මෙන් ප්‍රිමිටිව් ආකාරයෙන් හැසිරෙන්නේය. ඉන් මනත තමන්ගේ පාපයෝ වසන් කරගැනීමට ආරාමයට පන්සලට දේවාලයට ගොස් මහත් පෙලහර පාමින් වන්දනාමාන කරන්නේය.
ආර්ථිකව අතින් ගත්තත් මිනිසුන් මේ ආකාර සෝබනීය ජීවිත හැඩතල වලට මහා විසාල මුදලක් වියදම් කරන්නේය. මෑතදී ඇති කෙරෙන වෙඩින් උත්සව වලදී සංගීත දැමීම ගැන කතාවද එහි දිගුවකි. දෙදෙනකු එක වහලක් හට එකට සිටීම සැමරීම තවමත් ඉන්දියානු අපි ඉහලින් කරති. ඒ සදහා සිය ජීවිත කාලයෙන් වසර කීපයක මුදල එක දිනකට වියදම් කරන්නේය. ඒ තුලින් මහා සතුටක් ලබන්නේයැ ලැබුවේයැ පෙන්වන්නට සමාජ ජාලා වලද පිංතූර වීඩියෝ දමමින් දගලන්නේය. වෙඩිමකදී සෑම දෙයම මිල අධිකය. අවසන වෙඩිම ගෙන මාසයකින් දෙකකින් බොහෝ තැන්වල ඒ වියදම ගැන පවුලේ අයට ඇත්තේ කලකිරීමකි පසුතැවීමකි. එහෙත් එකම පවුලේ 2.5 වැනි දරුවාට වත් වෙඩිමක් නොගෙන වෙනස් මගක යෑමට ඇත්තේ අඩු ඉඩකි.
සැබැවින්ම දෙදෙනකු අතර සැබෑ සබදතාවයක් තිබේ නම් වෙඩිමය කියා විසේස මගුලක් අවශ්‍ය නැත. රෙජිස්ටාර් පොතක් අවශ්‍යද නැත. එතැන ඇත්තේ සැබෑවක් නම් සැබෑ බැදීමක් නම් තවත් සහතික එයට අවශ්‍ය නැත. එහෙත් කොතරම් ආදරණීය ශෝබමාන වචන හුවමාරු කරගත්තද අපේ දෙපලටම අනෙකාව විහ්වාස නැත. අනෙක් අතින් අනෙකාව තවත් ලීගල් සහ පෞල් බැමි වලින් තලා පෙලා මිරිකා හිරකර තබාගැනීමටද අවශ්‍ය වන්නේය. සැබෑ අවශ්‍යතාවයට වඩා මායාකාරී අවශයතා රැසක් අපි අවට අප විසින්ම පිලියෙල කරගනී.
දැන් තව ස්වල්ප වේලාවකින් මෙහි පැමිනෙන ඇතැම් ඉන්දියානු සමාජයේ අගය කියන පිරිස් බටහිර නන් අහම අහම වෙනවා අපේ එහෙම තවම නැතැයි කියනවා ඇත. මා නොගොස් ඇති නිසා මා දන්නා බටහිරක් නැත. බටහිර උතුර නැගනහිර හැම තැනම මිනිසුන් කොටසක් ඉතාම දීර්ඝ කාලයක් යහපත් ලෙස පවුල් කති. විසාල පිරිසක් පවුල රෙජිස්ටර් කර ඇති නිසා හෝ ළමයි බමයි නිසා ඔහේ සතුටක් නැතිව තැවෙමින් සම්ප්‍රදායික රාමුව අස්සේ සිරකරුවන් පරිදි ජිවත් වෙති.
Subscribe to:
Posts (Atom)
