Thursday, December 31, 2015

එතනෝල් සහ මේක් අප් ෆැෂන්

ගෑනු පාරෙ යනකොට සම්පූර්ණයෙන් වහගෙන ගියාට හදිස්සියෙ වහපු තැන් වලින් යාන්තං දාර පේනවා.. ඇතැම් විට ටී සර්ට් එක උඩයෑම නිසා හෝ සාරිය පහත්වීම නිසා පුකට උඩින් තියෙන ඉන හරිය පේනවා. මේ යාන්තං පේන යට කලිසම ට උඩින් කෑල්ලයි මූන බෙල්ල හරියය් එකපාර දැක්කාම නිකං නුවරඑලියයි හම්බන්තොටයි දැක්ක වගේ. මූන කෑල්ල බෙල්ල හරිය සුදුයි..ලස්සනයි..මෘදුයි..පෙනුමයි.. පැල්ලම් රහිතයි.. 

නමුත් ටී සර්ට් එක උඩ ගියාම පේන හරිය කළුයි..කැතයි, පැල්ලම් සහිතයි, රලුයි.. ඇයි දෙයියනේ හෙම වුනේ. ගෑනු මේක් අප් දානවා..ෆැෂන් කරනව. ඒ හැමදේම පිටට පේන්න. පිටට පේන්න ඒ කට්ටිය ඕවට හරියට සල්ලිය බාගෙ වියදම් කරනවා. එක පවුලක පිරිමියා සතියට වතාවක් බොනවා නම් සහ ගෑනිය ෆැෂන් සහ මේක් අප් වලට ටිකක්  වැඩියෙන් වියදම් කරනවා නම් ඒ පවුලේ පිරිමියා බොන්න වියදම් කරන ගාන අර ගෑනු මේක් අප් දාන්න යන වියදමට සමානුපාතිකයි.

දැන් දැන් කොළඹ කෙල්ලෙක් දැක්කාම නිකං රේල් පාර අයිනෙ කෙහෙල් ගස් දැක්ක වගේ. පොලොන්නරුව පැත්තෙ රේල් පාර අයිනෙ කෙහෙල් ගස් දැක්කත්, කඩුගන්නාවෙ කෙහෙල් ගස් දැක්කත්..වැලිගම දිහා කෙහෙල් ගස් දැක්කත් එකම ජාතියෙම ගස් නෙව. කිසි වෙනසක් නෑ.. කොළ ගස් එකම වගේ .. ඒ වගේ දැන් කොන්ඩේ මැදලා,පස්ස පුම්බලා.. පුෂ් අප් බ්‍රාස් දාලා, මූන බෙල්ල සුදු කරලා, රෝම විනාස කරලා.. දැන් හැම කෑල්ලම එකම අච්චුවෙ ගඩොල් වාගේ.. තට්ටුවේ ගනකම විතරයි ටිකක් වෙනස් වෙන්නෙ.. 

ධර්මය පැත්තෙන් රී ලෝඩ් එකක් දාගෙන බැලුවොත් ඔය මේක් අප් කියන්නෙ වැඩකට නැති දෙයක්. ඒකත් අරක්කු බීම වගේම නොවුනත් ටිකක් සමානකමක් තියෙනවා..ස්ථිර නෑ..වැදගැම්මක් නෑ..සල්ලි අපරාදෙ..වාගේ  ගති වලින් සමානයි වගේ.. 

හැමදාම ආන්ඩුවලින් අයවැය ගේද්දි එතනෝල් හෙවත් මධ්‍යසාර වලට ගහන බද්ද වැඩි කරනවා
 ඒක නිසා අරක්කු මිල වැඩිවෙනවා. බියර් මිල වැඩිවෙනවා. 

ලංකාවෙ මිනිස්සු බොනවා වැඩියි. සමහර විට ඒක අපේ රටේ වරදක් වෙන්න පුලුවනි. ඉන්දියාවෙ ලංකාවට සමරූපි මිනිස්සු ඉන්නෙ කේරල වල..කේරලේ තමයි ඉන්දියාවෙත් වැඩිම මධ්‍යසාර පාවිච්චියක් තියෙන මිනිස්සු ඉන්නෙ. ඒ වගේම වැඩිමනක් බොන්ෙන නැති උන් ඉන්න රටකට අපේ උන් ගියත් උනුත් වලේ දාල අේප උන් බොන්න පටන් ගන්නවා.. ලෝකෙ මොන තරං ස්ට්‍රෙස් අඩු වටපිටාවකට ලංකාවෙ ඩෑල් ගිහින් දැම්මත් උන්ට ඉස්ට්‍රෙස් ඇතා නැතා...වැඩක් ඇතා නැතා බොනවා බොනවා.. ඒකෙ කිසි වෙනසක් නෑ.. 

බොන්න තියෙන හේතු අතින් බැලුවාම මට හිතෙන්නෙ ජානමය බලපෑම මත බීම තීරණය වෙනවා ඇති. ඕක ස්වාභාවික වරණයෙන් වර්ණදේහවාදයෙන් පැහැදිලි කරන්න අමාරු වෙයි. ඒත් අපේ ලාංකික ජාන සැට් එක බොන්න නැඹුරු වැඩියි. ඒක කවුරු ආවත් වෙනස් කරන්න අමාරු දෙයක්.. බීම නතර කලාම බොනවාට වඩා මිනිස්සු ස්ට්‍රෙස් වෙනවා. 

බීම ටැක්ස් එක කියන්නෙ ඉස්සර කාලෙ ඉදන් ආන්ඩු සල්ලි හොයන්න ගහපු ගැටයක්. ආන්ඩුව සල්ලි හොයන්න ඉස්සර බල්ලොන්ටත් බදු ගැහුවා. ඔය අතරෙ හම්බෙච්චි සුපිරි බද්දක් තමයි රේන්ද බද්ද. ඉස්සර කාලෙ යටත් විජිත යුගේදි ඉංගිරිසින්ට කලිං ඉදලා ලංකාවෙ මූදුකරේ පොල් වගා කලා. ඒකෙදි පොල් වගා කරන උන් කරපු එක ජාති බිස්නොස් එකක් තමයි රා සහ අරක්කු පෙරීම. ඒවා එක එකා තමුන්ට ඕනි විදියට කරගෙන ගියාට ආන්ඩුවට ගානක් එන්නෙ නෑ..ඉතිං බිස්නොස් එකකට ආන්ඩුවෙන් පහසුකම් සලසන්න ඕනි..පාරව්ල හදන්න ඕනි.. ඒවා ට ඕනි සංනිවේදන අනම් මනම් සේවා දෙන්න ඔ්නි..ඉතිං ඒවාට සල්ලි හොයන්න ආන්ඩුව බදු ගහන්න ඕනි..ඒ නිසා වෙන්න ඇති රේන්ද බදු ඇතිවෙන්න ඇත්තෙ. 

අද වෙද්දි  තත්වෙ සම්පූර්ණ වෙනස්.. නමුත් බල්ලා කැලෙන් එලියට ඇවිත් මාසයක් ගියත් වාඩිවෙන්න ඉස්සෙල්ල කැරකෙනවා..ඒ වගේ හැම පාරම මොනාහරි ආන්ඩුවෙ වැඩි කරද්දි මුලින්ම වැඩිවෙන්ෙන මධ්‍යසාර නොහෝත එතනෝල්.. 

අපේ ලංකාවෙ ඉන්න පිරිමින්ගෙන් සියේට අසූවක් විතර බොනවා..ගන්න මාසික ආදායමින් බොන්න වියදම් කරනවා සුලු ගානක් හරි.. පොල් කඩන මනුස්සයාගේ ඉදලා පාර අතුගාන එක්කෙනා දක්වා බොනවා. ඉතිං ඒ බොන්න වියදම් වෙන ගානින් ආන්ඩුව ලොකු කුට්ටියක් කඩාගත්තාම වෙන්නෙ මොකද්ද? එක්කෝ ඒ මිනිහා ගෙදරට දෙන සල්ලි අඩුකරලා බොනවා. නැත්තං පඩිය වැඩිවුනොත් වැඩිවුන ගානින් බොනවා. ඒ වගේම මේ අනියමින් වැඩිවෙන්නෙ මොකද්ද? මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න අපිට වියදම් වෙන මුදල.. 

උදාහරණ විදියට මේ අරක්කු සිගරට් වැඩිවෙන්න වැඩිවෙන්න මේසන් බාසෙක් ගන්න ගාන දවසකට සීයකින් විතර වැඩිවෙනවා.. යන්තං ගහක අත්තක් කපාගන්න හයර් කරන එකෙක් රුපියල් දෙසීයකින් ිවතර ගාන වැඩිකරනවා.. ඒ වගේම අපි පොඩියට කරුමාන්තයක් කොරන්න ගත්තත් දැන් රුපියල් දාහට වත් මිනිස්සු හොයාගන් බැරිවෙනවා.. කුනු ගෙනියන්න එන එකාට වුනත් අපි ගෙදරටම ඇවිත් කුනු ටික අරං යනවාට රුපියල් පනහක් දෙනවා නම් අරක්කු වැඩිකලාම ඒකත් හැටක් වත් දෙන්න වෙනවා.

මිනිස්සු මිල වැඩිවුනා කියල බොන එක අඩුකරනවාද? මම හිතන්නෙ නම් ඒම නෑ..ඒක කරන්න බෑ අමාරුයි.. ගොඩක්ම වෙන්නෙ බොන ප්‍රමාණය සුට්ටක් අඩු වුනත් බීම කියන දේ නැතිවෙන්නෙ නෑ.. එතනෝල් මසක ට වාර හතරක් බොන එකෙක් ඒක තුනක් කරගනී..නමුත් ඒක නැතිම වෙන්නෙ නෑ.. 

මේ එතනෝල් වැඩිකරලා රටවල් දියුනු කරනවා කියන්නෙ ගොන් පාරට් එකක්. මේකෙන් වෙන්නෙ අපේ රටේ මිනිස්සුන්ගේ ශ්‍රමයට වැඩි මිලක් නියම වෙන එක විතරයි.. මේක ටිකක් සීරියස් කේස් එකක්. අපි අද එලෝලු ගනන්ය හාල් ගනන්ය කියලා කියනවා. ඉතිං මේ හාල් එලෝලු ගනන් යන්නත් මේ කේස් එක බලපානවා.. එලෝලු හදන්න වියදම් වෙන මුදලට අර කුලීකාරයින්ට අරක්කු වලට යන වියදම ත් එකතු වෙනවා..ඉන් පස්සෙ සුට්ටකින් මිල වැඩිවෙනවා. එලෝලු ඇට හිටෝල ඒවා අපේ අතට එන කඩ මැහි කාරයා දක්වා ජාලයේ ඉන්න දහයක් විතර මිනිස්සු ටික හැමෝම බොනවා නම් ඒ හැමෝටම බොන්න වියදම් වෙන ගාන වැඩිවෙනවා කියන්නෙ උන් කන බොන දේවලින් වත් වෙන දේවල් වලින් වත් කපලා බොන්නෙ නෑ..

ඒ මිනිස්සු ඔක්කෝම බොන්නෙ තමුන්ට ලැබෙන කුට්ටිය වැඩිකරගෙන හෝ ඒ කුට්ටියෙන්ම තමයි. එතකොට අපිට ලැබෙන ප්‍රඩක්ට් වල මිල වැඩිවෙනවා. මේක මේ වක්‍ර බදු ක්‍රමයේ තියෙන අවුලක්. නමුත් මේකෙන් ගොඩ යන්න ක්‍රමයක් අපිට නෑ වගේ තමයි පේන්නෙ.. 

විනෝද වැඩකට ආන්ඩුව මේ විදියට බදු ගහන එක අමානුෂිකයි. ඒත් අපි බොනවා ඕයි..අපිට බොන්න දෙන්න බැරි මේ ආන්ඩුව පලයව් කියලා උද්ගෝෂණ කරන්න අපේ කස්ටිය බයයි. නමුත් එහෙම ප්‍රසිද්ධියේ අරක්කු මිල වැඩිවීමට එරෙහි වෙලා දාස් ගනන් පාරට බහිනකල්ම අපේ කාලකන්නි පාලකයො එතනෝල් මිල වැඩි කරාවි.. 

Thursday, December 24, 2015

යූනියන් සහ ඇඩීම

යූනියන් කියල සාමාන්‍යයෙන් වෘත්තිය සමිති හදුන්වනවා. බොහෝ වෘත්තිය සමිති කියන්නෙ ඒ අය වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවාය කියලා.
අපේ කන්තෝරුවෙ මම අයිති මෑන්පවර් සේවකයො රැසක් 2015 වසරේ මුල් දවස් කීපය ගෙවාදැම්මේ එලියේ. ඒ වැඩවර්ජනයට සහභාගී ව්‍ුන ප්‍රමානය විශාලයි. ප්‍රතිශතයක් ලෙස සියයට අනූවකට වඩා මේ වැඩවර්ජනයට සහභාගී වෙන්න ඇති. නමුත් මම සහභාගි වුනේ නෑ.. 

යම් අයෙක් ඒ ගැන මට චෝදනා කරනවා නම්... නෑ එහෙමම නෑ.. මම ඒක නිසා මේක නිසා අරක නිසා තමයි ආවෙ නැත්තෙ කියල මම උත්තර බදින්න යන්නෙ නෑ.. මම එතනදි මගේ රස්සාවට ආසා කලා.. මම හිතුවෙ මහින්ද රාජපක්ෂ දිනලා රස්සාව නැතිවෙයි කියලාම තමයි.. මම ඇත්තටම බය වුනා රස්සාව නැති වුනාට පස්සෙ මෙ වගේ කදිම රස්සාවක් අලුතින් හොයාගන්න ලැබේද කියලා. සාපේක්ෂව හොද රස්සාවක්..මේක.. වැඩිපුර ඉස්ට්‍රෙස් නැති...වගකීම් නැති සති අන්තය ගෙඩිය පිටින්නිවාඩු..තියෙන හොද රැකියාවක්. 

ඉතිං මගේම සහෝදර සේවකයො පාරෙ ඉදගෙන අපි ස්ථිර කරවු කියල මොර දෙන අස්සෙ මම හික්මුන මීයෙක් වගේ ඒ අස්සෙන් රිංගාගෙන කාර්යාලය ඇතුලට ගියා. ඉන් පස්සෙ ඡන්දයකිට්ටු වෙද්දි ඒ වෘත්තිය සමිත ක්‍රියාමාර්ගය  ක්‍රමයෙන් අසාර්ථක වෙලා කස්ටිය කිසිම විසදුමක් නැතුව වැඩට ආවා. කවුරුත් පුදුම කරමින් මහින්ද පැරදුනා... අපේ ස්ට්‍රයික් කරපු අයටත් හිතුවට වඩා හොද කලදවසක් ගියා.. 

විදුලි බල මණ්ඩලේ...ජල මන්ඩලේ..සහ වෙනත් රාජ්‍ය ආයතන වල මෑන්පවර් අය ස්ථිර කරලා..අපි  විතරක් ඉතිරි වෙලා.. ඒත් මම හිතුවෙ අපිත් ස්ථිර කරන එකක් නෑය කියලා..ඒත් හිතුවෙ නැති විදියට ඊයෙ පෙරයිදා ඇප්ලිකේෂන් එකක් පුරවන්න ආවා අවුරුදු 7ට වැඩි සේවා කාලයක් සහිත මෑන්පවර් සේවකයින් ආයතනයට ඇතුලත් කරගන්න සලකා බැලීම කියලා..එකක්.. දැන් මම ස්ට්‍රයික් නොකලත් වේලාසනින්ම ඒක පුරවලා දීළ දැන් ඉන්ටවිව් එනකල් ඉන්නවා.. වැඩියෙන් සුදුසුකම් තියෙන නිසාත් රබර් කටක් තියෙන නිසාත් ඉන්ටවිව් එක පාස් වෙයි කියලා මට හිතෙනවා.. 

මම දැන් හිතන්නෙත් නෑ අපි ස්ථිර කරලා මව් ආයතනයට ගනීය කියලා..ඒත් අර ස්ට්‍රයික්කරපු බහුතරය දැස් දල්වාගෙන උදේ රෑ කල්පනා කරමින් ඉන්නෙ එයාල ස්ථිර කරාවිය කියලා. මගේ රාජකාරිය අනුවත් පැවැත්ම අනුවත් මම සාමාන්‍යයෙන් මිත්‍රශීලි බුවෙක්.. ඒ නිසා මගේම මෑන්පවර් කම්පැනියෙ ස්ට්‍රයික් වලට සහභාගි වුන එක එක මාදිලියේ ඩෑල් මට හමුවෙනවා.. එතකො ට ඒ බොහෝ අය හිතන්නෙ අපි ස්ථිර කරාවිය කියලා.. 

මේ යූනියන් වලට සම්බන්ධ අය නිතරම තමුන්ගේ රස්සාවෙන් තමුන්ට ලැබෙන දේවල් සහ ඊට සමාන්තර ස්ථිර සේවකයින් ට ලැබෙන දේවල් සංසන්දනය කරනවා.. ලොක්කන්ට සහ අපිට ලැබෙන දේවල් සංසන්දනය කරනවා.. රටේ ඉන්න ඇති හැකි අයට ලැෙබබන වෙනත් ආයතන වල සේවකයින්ට ලැබෙන දේවල් ගැන හිතලා දුක් වෙනවා.. 

යූනියන් වල මූලික ම සිද්ධාන්තයක් තමයි එයාලට ලැබෙනවා.. එයාල ලොකු වට ගන්නවා..ඒ නිසා අපිටත් ඕනි කියන තියරි එක.. ඒ බණ කියලා තමයි සේවකයො වෘත්තිය ක්‍රියාමර්ග වලට යොමු කරගන්නෙ. කාර්ලැබෙන විධායක නිළදාරින්... වායුසමන කාමර  වල ඉන්න නිළදාරින් ගැන කුනු කතා කියලා පොඩි සේවකයෝ කුලප්පු කරන එක යූනියන් අයගේ ගතිය.. එයාල පොඩි මිනිස්සු කුලප්පු කරන්නෙ ලොකු අය ගේ තේජස පෙන්වලා.. 

ලොකු මිනිස්සු හැමතිස්සේම විශාල වසයෙන්දේවල් ගන්නවාය. අපිට සුට්ටය කියන එක තමයි ඔය යූනියන් බහුතරයක මතේ... ඇතැම් විට විධායක ශ්‍රේණියේ අය හෙම ගන්නම දෙයක් නැතිවුනාම එයාල ඩිරෙක්ටර බෝඩ් එකේ උන් මෙච්චර ගන්නවා..ලාබ මෙච්චර ගන්නවා කියල ප්‍රාග්ධනය හා ලාබය දෙසට ඇදිලා ඒ කොටස් තමන්ටත් අයිතිය කියලා කියන්න යනවා.. 

දෙයක් නෑය... අපිටත් තව ඕනිය කියලා හිතන එක මට අනුව එක්තරා හිගන මානසිකත්වයක්. ඒකෙන් හැමදාම ජීවත් වෙන එක මහ පාපයක්.. අපිට ලලැබෙන සුලු දේ ගැන හැමදාම අසතුටෙන් අනුන් ගැන වෛරයෙන් කටයුතු කරන එක අපි කාර්යාලය තුල ගතකරන බොහෝ අවස්ථාවලදි පැක්ටිස් එකක් විදියට කරන්න ගියොත් එතන අපි තෘප්තිමත් නැති සතෙක් බවට පත් වෙනවා..

බුදුහාමුදුරුවො කියපු අසූහාරදාහක් බණ කතා වලට වඩා මට ධම්ම පදේ තියෙන සන්තෝෂය පරම ධනයයි කියන එක වැදගත්..අපි හැමදේදිම උත්සාහකරන්න ඕනි සතුට පවත්වාගෙන යන්න..අපි සැහැල්ලුවෙන් සතුටින් වැඩි කාලයක් ගත කලොත් තමයි බොහෝ විට සාර්ථක ජීවිතයක් වෙන්නෙ.. 

නිර්මාල් ගුරුතුමා කඩේකට ගිහින් ඉතිරු රුපියල් දෙක ලැබුන් නෑ කියල ගේම ඉල්ලලා තියෙනවා.. නිර්මාල් මැතිට පෙනුන් නැතුව ඇති ආන්ඩුව ඒ ටෙලිපොන් කෝල් වලින් සියයට විස්සකට වැඩි බද්දක් ගන්නවා..ටෙලිකොම් සමාගම් අසීමිත ලාබයක් පොම්ප කරගන්නවා..ඒ අස්සෙකඩ කාරයා දවසට විස්සක් තිහක් විකිනෙන ටෙලිපෝන් කාඩ් එකකින් රුපියල් දෙකක් ගහගත්තාම අපිට රිදෙනවා..අපි ඒකට පොලිසි උසාවි යන්න හිතනවා.. 

බස් වල වලිත් ඒ වගේ..මිනිස්සු කොන්දොස්තර ගන්න රුපියල් දෙක ගැන ගන්න හදලා බස් එකේ මගීන් ගානින් වැඩි කරලා තව දවසට එන මගීන් ගානත් හොයලා අමාරුවෙන් කැල්කියුලේෂන් එකකුත් කරලාම දුක් වෙනවා..සහ කොන්දට බනිනවා.. ඔය දෙක තුන ඉතිරි නොවී රුපියල් පහක් ඉතිරි ලැබෙන විදියට පහෙ ්ගුනාකාර වලට ගාස්තු ටික ගේන එක එක අතකින් කොන්දොස්තරලට ලේසියි...හැබැයි නිතර සැකෙන් වෛරයෙන් යන්න හුරුවෙල තියෙන පොදු මගීන්ට එතකොට කොන්දොස්තරලට බනින්න එක වරදක් නැති වෙනවා..ඒක එයාලගේ මානසික සෞඛ්‍යයට අහිතකර වෙන්න පුලුවනි. 

රාජ්‍ය සේවයේ හෝ වෙනත් සේවයක ඔන්න කට්ටියක් අමාරුවෙන් පාරෙ දගලලා පඩි ටිකක් වැඩි කරගන්නවා.ඉන් පස්සෙ අනික් අය ඒක පිට දල විෂමතාවයක් ඇදල ගන්නවා.. ඉන් පස්සෙ විශමතාවය ගැන එයාලගේ යූනියන් සහ එයාල මග දිගට කතා වෙනවා.. 

කෝචචියෙ සෙකන්ඩ් ක්ලා්ස එකේ මාතර ඉදන් කොළඹට ආපු දවසක ඒ අයට තිබුන ලොකුම පස්නයක් තමයි වැඩිවුන රුපියල් දහ දාහ ඔක්කොන්ටම එකපාර පඩියට එකතු කලොත් ඇතිවෙන වැටුප් විෂමතා පස්නය..එතනදි කතාවුනා මතකයි එතකොට අපිටයි ඩ්‍රයිවර්ලටයි එකම සැලරි..ඩ්‍රයිවර්ලට නම් ඕටිත් ලැබුනම අපිතට් වැඩිය පඩි වැඩිවෙයි කියලා කස්ටිය කතා වෙවි ගියා..එයාල සෙකන්ඩ් ක්ලාස් ගියෙත් එයාලගේ විධායක ශ්‍රේණියට ගැලපෙන නිසා වෙන්න ඇති. 

අපි හැමෝම දේසපාලනිකයි.. අපි හැමෝම ආසයි අපිට ැවඩියෙන් ලැබෙනවා.ට..ඒත් තර්කානුකූලව ගත්තාම මහින්ද රාජ්‍ය සේවයේ ප්‍රමාණය වැඩිකලා..රනිල් ඒ කස්ටියට ලැබෙන ගාන වැඩිකලා..නමුත් තාමත් රාජ්‍ය ආයතනයකට ගියාම අපිට ලැබෙන සේවෙ? ඒක කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලාද? අපිට කොච්චර ඉක්මන්ට රාජ්‍ය සේවයේ සේවාවන් ලබාගන්න හැකියාව තියේද? මම හිතන්ෙන මිනිස්සු ගාන වැඩිවෙලා.. පඩි වැඩිවෙලා අපි එයාලට පඩි ගෙවන්න වැය කරන වැඩිපුර බදු ටිකට හරියන්න ලොකු වෙනසක් ඒ රාජ්‍ය සේවය තුල වෙලා නැහැ.. 

 මං යූනියන් ඇක්සන් වලට සහබාගි වුනේ නැත්තෙ බයට..ඒකෙ ඇවිල්ල මහ ලොකු බක්කක් නෑ..නමුත් යූනියන් ඇක්සන් එකට ගිහිපු අය කැන්ටිමෙ...වාහනේ යද්දි,..කොච්චියෙදි ඒ ගැනමයි උදේ හවා කතාව.. එයාලගේ මුලු ජීවිතේ තියෙන ලොකු ම හීනය ස්ථිර වීම... ඒත් මට ඒ හීනය දුරයි.. මම බොහොම සනීපෙන් ලැබුන ගානට හරියන්න මගේ විනෝදය පාලනය කරගෙන අමාරුවෙන් වුනත් සතුටින් ඉන්න යි උත්සාහ කරන්නෙ.. 

යම් විදියකින් මට මේ කොම්පැනිය සහ ලැබෙන දේවල් මදි කාලෙක මම හිතාගන්න ඕනි තව වෙනත් කොම්පැනියකට පනින්න..මේ අංශයේ රස්සාවල් ලංකාවෙ නැත්තං වෙනත් රටකට පැනලා හරි ජීවිතේ ගෙනියන්න අපිට සිද්ද වෙනවා.. ඒ තරං ලේසියෙන් කිව්වට මට නං මෙහෙ අමාරුවෙන් ජීවත් වෙන එක සැපක්.. 

පරණ යාලුවන් හමු වුනාම වැඩියෙන්ම කතා වෙන්න අනික් යාලුවො ඉන්න වැඩකරන තැන් ගැන...ඒ වගේ වෙලාවට අනික් යාලුවො ඉන්න වැඩකරන තැන් ගැන කතා වෙල හූල්ලන වෙලාවල් ඕනි තරං..ඌට තියෙන කාර්...ඌට තියෙන ගේ..රස්සාව අනම් මනම් ගැන කතා වෙන්න අපි ටිකක් ආසයි.. සමහර යාලුවෙක් කියනවා අපි ඉගෙනගත්ත නිසා අපිට ලැජ්ජාව තියෙනවාලු..අපිටත් ලැජ්ජාව නැති වුනානං හොද බිස්නස් එකක් කරල ලොකුවට ජීවත් වෙන්න තිබුනාලු.. 

ලාංකික මනුස්ස ප්‍රජාව එකිනෙකා හමුවෙන බස් හෝල්ට් එකක්.. බස් එකක්...කෝච්චියක්..ෆේස්බුක් ටුයිටර වගේ තැනක් වගේ ගොඩක් තැන්වල මිනිස්සු විදින්නෙ ප්‍රශ්ණ..මිනිස්සු කතා වෙන්නෙ ප්‍රශ්ණ..මිනිස්සු ආග්‍රානය කරන්න ආස ප්‍රශ්ණ සහිත වාතය.. වැඩියෙන් කතා කරන්නෙ ප්‍රශ්ණ.. අසාධාරනය...යුක්තිය..සාධාරනය.. දූෂණය වගේ ගොඩක් දේවල් වලදි අවසානයේ මම පත් වෙලා තියෙන නරාවලට හේතුවෙන අනෙකාව අමාරුවෙන් හොයාගන්න හදනවා.. 

අමුවෙන් කීවොත් මම මේ පත්වෙලා තියෙනවනම්යම් කිසි නරක තැනකට..ඒකට හේතුවෙල තියෙන්නෙ මමය..මගේ ක්‍රියාකලාපයය කියලා පිලිගන්න අපිට බෑ සහ අපි කැමති නෑ..අපි ඒකට විවිධාකාර හේතු හොයාගන්න උත්සාහ කරනවා..බොහෝවිට අපි ඒකට යොදාගන්න එලියෙ පිරිසක් තමයි දේසපාලකයො.. ඒ වෙලාවට අනේ මුන්දලා අපි නෙව පත් කරලා තියෙන්න කියල අපිටම අමතකයි.. එක අතකින් අපේ යූනියන් පස්න වලදි .අපේම හදාගත් පස්න වලදි .අපේ විසදුම් වලට දේවදූතයො වගේ බාහිර දේසපාලුවො සෙට් එකක් ඉන්න එක සැපක්.. 

නැත්තං රටේ කෙදි ආහාර අඩුවෙන් පිටි ආහාර වැඩියෙන් ගැනීම නිසා මිනිස්සුන්ට  බෙට්ට හරියට යන්නැති එකේ සිට එන්රික්ගේ බ්‍රා ප්‍රශ්ණය දක්වා අපිට බනින්න දේසපාලුවෝ සහ පාලකයෝ නිළධාරි කියලා පිරිසක් නැතිවෙනවා..

Monday, December 7, 2015

අපිට සහාය වන වැදගත් මිනිස්සු

කොන්දොස්තර මහතා

දියුනු රටවල බස් වල කොන්දොස්තර මහත්වරු නැහැල්ලු. යන අයම මැෂිමකට සල්ලි දාල ටිකට් ගන්නවාලු. බොහෝ වෙලාවට රට ගිහින් එන අය මේක මහ ලොකු වරුණාවක් විදියට කියනවා. අපේ රටේ බස් රථයකින් ගමන් පහසුව ලබාගන්න ඉන්න මගීන් ගනනත් ඒ මගින්ගේ ආකල්පත් එක්ක බැලුවොත් ඒ විදියට තමුන්ම සල්ලි දාල ටිකට් ගන්න දුන්නොත් බස් හිමියාට අලාබ වෙන එක තමයි සිද්ද වෙන්නෙ.

කොළඹ නගරබද වුනත් ලංකාවෙ එක් තැනකින් තවත් තැනකට යන්න බලාගෙන ඉන්න මගීන් කොච්චර ඉන්නවාද? ඒ අය මොන ආකාරයෙන් තමුන්ගේ ගමන් පහසුව සලසාගන්නවාද කියලා හරියට සංඛ්‍යාත්මක දත්ත නැහැ. එහෙම සංගනනයක් කරලා ගමන් පහසුව සලසන්න ලොකු වැඩපිලිවෙලක් ලොකු මහත්වරුන්ටත් නැහැ. ඒ නිසා උදේ සහ සවස බස් වල තෙරපිලා ඒ මදිවට බස් එක ට්‍රැෆික් එකේ හිරවෙලා. ඒ අස්සෙ මිනිස්සු ගෑනුන්ගේ කකුල් අස්සෙ හිරවෙන්න තටමනවා. මේක ටිකක් අසහනකාරී දෙයක් මිනිස්සුන්ට. මේ වගේ වෙලාවට දාන දාඩියත් ඒ වගේ වෙලාවක ගමනක ගිහිල්ලම බලන්න ඕනි. 

මේ ගමන අමාරුවෙන් යන මගීන්ට නිතර කෑ ගසමින් මේ අසහනකාරී වටපිටාවෙත් තවත් කරදරයක් වෙන කොන්දොස්තර මහත්තයාව පේන්නෙ යක්සයෙක් වගේ. මිනිස්සු ඔක්කොම හෝල්ට් වලට වෙලා ඉන්නෙ ගෙදර යන්න බලාගෙන. හැමෝම හදන්න කලිං බස් එකක කලින් ගෙදර යන්න. සමහරු නැගලා යාන්තං ඇතුලට ගියාම හිතනවා මූ තවත් හොල්ට් වල නවත්තලා කොටනවා නේද කියලා. 

කොන්දොස්තර කියන්නෙ ලොකු රාජකාරියක්. කොන්දොස්තර මහත්මයා බස් රථය හිමිකාරයාගේ මඩිය තරකරන්න ඕනි.. ඒ වගේම බස් රියදුරා එක්ක කතා බහ කරලා බස් එකේ ගමන පාලනය කරගෙන වැඩි මගීන් ගානක් ගන්න විදියට වැඩ සලසාගන්න ඕනි. ඒ අතර කීයක් හරි යටිමඩි ගහගත්තෙ නැතොත් ලැබෙන ගානෙන් අතින් කාල හරක් බැලුව වගේ තමයි. දූවිල්ලද. වැස්සද, බස් එක හිරද..ඒ ප්‍රශ්ණ අදාල නැහැ. කොන්දොස්තර මහත්මයා සේවය කරන්න ඕනි. 

මේ කොන්දොස්තර මහත්වරු නැති කෝච්චි වල ඇතිවෙන ප්‍රශ්ණ එක්ක බැලුවාම කොන්දොස්තර මහත්වරු ඉන්න එක හොදයි කියලත් හිතෙනවා. කෝච්චි වලබොහෝ දෙනා ෆුට් බෝඩ් වල හිරවෙල. ඇතුලට යන්නෙ නෑ.. කොන්දොස්තර කෙනෙක් හරියට නැති නිසා ප්‍රශ්ණ ඇතිවුනත් ගහමරාගන්න තරමට දුරදිග යන වෙලාවල් තියෙනවා.. 

කොන්දොස්තර වරුන්ට මම දන්නා හැටියට ලැබෙන්න දවස් වැටුපක්. ඒ නිසා එයාල කරන අනතුරු දායක රස්සාව අනුව අඩුතරමෙ රක්ෂනයක් වත් නෑ..මෙඩිකල් එකක්, ජීවිත රක්ෂනයක්.. විශ්‍රාම වැටුපක්, හරිහමන් නිවාඩු ක්‍රමවේදයක් මොකුත්ම කොන්දොස්තර මහත්වරුන්ට නැහැ. ඔවුන්ට පොඩ හරි අනතුරක් රාජකාරිය අතරතුර වුනත් තියෙන්නෙ බස් හිමියා සතුටු ගානක් ලැබෙන එක විතරයි. එකත් බස් හිමියා හොද කෙනෙක් වුනොත් විතරයි. 

ආරක්ෂක නිලදාරි මහත්වරු

මෙහෙම කිව්වට කට්ටියට තේරෙන්නෙ නැහැ. සික්කා හෝ සිකුරුට්ටො කියලා කිව්වම ගොඩක් අය දන්නවා. සිකුරිටි කාරයෙක්ගේ සේවා කාලය පැය දොලහක්. බොහෝ සිකුරිටි සේවා වලදි පැය දොලහට මෙයාලට ලැබෙන්නෙ රුපියල් දාහකට අඩු වේතනයක්. ගේට්ටු ඇරීම, පොත් පවත්වාගෙන යෑම, අනතුරුදායක පුද්ගලයින් ඇතුලට නොගැනීම, ආයතනයේ පරිශ්‍රවල ආරක්ෂාව ආදී බොහෝ වගකීමක් මේ සිකුරිටි මහත්වරුන්ට ලැබෙනවා. ඔවුන් කරන රාජකාරිය නිකං සිටීම කියලා බොහො දෙනා හිතං ඉන්නවා. නමුත් බොහෝ තැන්වල කුඩා කූඩු වගේ තැන්වල තමයි මේ සිකුරිටි මහත්වරු ඉන්නෙ. කන්තෝරු ඇතුලෙ පංකා යට වායුසමන කරපු තැන්වල ලොකු මහත්වරු හිටියාට ආරක්ෂක නිළදාරි මහත්තයා ඉන්නෙ කුකුල් කූඩුවක් වගේ තැනක. 

මේ ආරක්ෂක නිළධාරින්ේග සේවා මුරය පැය 12ක් වෙන එක ලොකු අවනඩුවක්. එයාලට අනික් අයට බලපාන පැය 8ක වැඩ මුරය බලපාන්නෙ නැත්තෙ මොකද කියලා මට වැඩිමනක් දැනුමක් නෑ. ඒත් ඈතින් බැලුවම නිකං ඉන්නවා කියල පෙනුනට ගොඩක් ආයතන වල පැමිණිලි කරන්න එන අයගේ ආවේග පාලනය කිරීම වගේ මහ කුනු ගොඩවල් වැඩ කන්දරාවක් මේ ආරක්ෂක මහතුන්්ට පැවරිලා තියෙනවා. ඒ වගේම රාත්‍රී සේවා මුර ආදියේදි ඔවුන්ට පැවරෙන්නෙ නිදිමරන කෝස් එකක්. ඒ වගේ වෙලාවකට ටිකක් ඇහැ පියවිලා කන්තොරුවලට කුඩ්ඩෙක් පැන්නත් අර ආරක්ෂක නිළදාරි මහත්තයා වගකි යන්නට ඕනි. 

පිරිසිදු කරන සේවක මහත්වරුන් 
කොළඹ නගරය ගත්තාම තැඹිලි පාටන් ඇදගත් සේවක මහත්වරු කරත්ත තල්ලු කරමින්, ගස් යට අතුගාමින් ඉන්නවා පේනවා. ඔවුන්ට ලැබී ඇති නිළඇදුම පවා ඉතාම ලාබාල තත්වයේ එකක් තමයි අපිට පේන විදියට. මේ අය දවසෙ බොහෝ වෙලාවන් වල වැඩ. උදෑසන නගරය පිරිසිදු කිරීම තමයි මේ ගොල්ලට පැවරෙන රාජකාරිය. බොහා් විට රාත්‍රි කාලයෙත් මේ පිරිසිදු කරන සේවක මහතුන් සහ මහත්මින් සේවය කරනවා මම දැකල තියෙනවා. 

ඒ වගේම ආයතන ආශ්‍රිතව ඉන්න පිරිසිදු කරන සේවක මහතුන්ට ඇතැ්ම වෙලාවට පිරිසිදු කරනවාට අමතරව වෙනත් රාජකාරි පැවරෙනවා. ඇතැම් ආයතන වල ලොකු බඩු උස්සන්න. ආයතනයේ සේවකයින්ට තේ වතුර හදන්න.. ලියුම් බෙදන්න වගේ රාජකාරි වලටත් මේ පිරිසිදු කරන්න ඉන්න සේවක වරුන් ව පාවිච්චි කරනවා. මේ අයට නියම කල වැටුපක් මා දන්න තරමින් නැහැ. මා වැඩකරන මහා විසාල ආයතනයෙ ්පවා දිනකට රුපියල් 700ක වගේ සුලු වැටුපකට පිරිසිදු කරන සේවක මහතුන් දවස පුරාම වැඩෙහි යෙදෙනවා. 

ඕනි කෙනෙක්ට පුලුවන් වැඩක් කියලා පෙනුනාට ඒ කට්ටිය ඇවිල්ල ආයතන, පාරවල්. නගරය පිරිසිදු කලේ නැත්තං අපිට ජීවත් වෙන්න හැටියක් නැහැ. නාහෙ තියාගෙන ඇවිදින්නවත් බැරිවෙනවා ඒ මහත්වරුන් නැත වුනොත්. 

රෝහල් වල වැඩකරන වෘත්තිකයින්.

ලංකාවෙ තාමත් යටත් විජිත යුගේ වාගේ ශේුනි කිහිපයක සේවකයින් තමයි රෝහලක් තුල රාජකාරි කරන්ෙන. නමුත් වෙනත් රටවල විවිධ අංශයේ වෘත්තිකයින් රැසක් රෝහලක සේවය කරනවා. හෙදියන්, සාත්තු සේවිකාවන්, විකිරණ වේදින්. ඖෂධවේදින්, ආදී වෛද්‍ය නොවන වෘත්තිකයින් රැසක් ලංකාවෙ රෝහල් වල රාජකාරි කරනවා. මට පෙනී ගිහිපු විදියට නම් මේ වැඩකරන ගොඩක් අයට තරමක් හොද වැුටුපක් ලැබුනත් යම් ය්ම හේතු නිසා බොහෝවිට ඔවුන් රාජකාරි කරන්නෙ සතුටකින් නෙමෙයි. අසහනකාරී වටපිටාවක සේවය කරන විදියක් තමයි ඔවුන්ගෙන් පෙනුනෙ. 

වෛද්‍ය වෘත්තිය වගේම ඒ ආශ්‍රිත බොහෝ සේවාවන් දැන් විවිධ පැතිවලින් යාවත්කාලීන වෙලා අලුත් මුහුනුවරක් අරගෙන තියෙනවා. ඒ නවීන තාක්ෂණික උපායන් මේ රෝහල් කාර්යමන්ඩල වලට ලැබෙනවාද? පිටරට ගිහින් ඒ රටවල රෝහල් වලවැඩ සිද්ද වෙන්නෙ කෝමද ආදිය බලාකියා ගන්න කිහිප දෙනෙක්ට හරි අවස්තාවක් ලැබෙනවාද? මම හිතන්නෙ එහම දෙයක් සිද්ද වෙන්නෙ නෑ.. 

සෞඛ්‍යය කිව්වාම මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්, පෝෂණවේදීන්, මාතෘ නිවාස සේවකයින් ආදී විශාල පරාසයක සෞඛ්‍ය සේවකයින් ඉන්නවා. රටක සෞඛ්‍ය සේවය වර්ධනය වන්නට නම් දොස්තර මහත්වරුන්ගේ පමණක් සෞඛ්‍යය වැඩිදිුයුනු වෙලා පලක් නෑ..ඒ ආශ්‍රිත බොහෝ වෘත්තිකයින් ආකල්ප වලින්, දැනුමින් වගේම ලැබෙන දේවල් වලිනුත් පොහොසත් වන්නට ඕනි.

වෛද්‍ය වරුන්  කියන්නෙ සෞක්‍ය සේවාවේ එක් ප්‍රධාන පිරිසක් පමණයි. රටේ සමස්ථ කම්කරු සේවකයින් අතර වෛද්‍යවරුන් කියන්නෙ තවත් එක පිරිසක් පමණයි. රටට සාපේක්ෂව ගනනින් අඩු වෘත්තිකයින් ඉන්නෙ වෛද්‍යවරුන් පමණක්ම නෙමෙයි. තව විශාල පරාසයක වෘත්තිය වේදින්ගේ හිගයක් රටේ තියෙනවා. 

අපේ සමාජය ලක්ෂණ තැනක් වෙන්න නම් අපි හැමෝම අනික් අයගේ ත් අවශ්‍යතා ගැන සංවේදි වෙන්නට ඕනි. කුනු අදින කම්කරු මහත්වරු, කොන්දොස්තර මහත්වරු, සිකුරිටි මහත්වරු ගැනත් එයාල කරන සේවය ගැනත් අපි සංවේදි වන්නට ඔවුන්ට ඇති අපහසුතා දුරු කරලන්නට අපි වගබලා ගන්නට ඕනි. ලෙඩට බෙහෙත් කල පලියට දෙවිවරු විදියට සලකගෙන දොස්තරලාට විතරක් සලකන එක දොස්තර වරුන්ටත් හොද නැහැ..සමාජයක් විදියට ඒක අපිටත් හොද දෙයක් නෙමෙයි. 

Saturday, December 5, 2015

මම ලමයෝ sucking honey

මං දන්නවා නෙ ඔය හොරා ගැන. රුක්මාල් අයියෙ ඔයා මට ආයෙත් කියා දෙන්න ඕනි නෑ.. මම හොදටම දන්නවා ඔය වැඩේ කරන්න හදනවා කියලා. ඒත් පිං සිද්ද වෙයි අයියෙ ඒක නම් කරන්න හදන්න එපා..මට ආයිත් සල්ලි දෙන්න හදන්න නම් එපා අනේ. මං ඔයාට 48,000ක් දුන්නෙ මට සල්ලි වැඩි වෙලාවත් ඔයාට සල්ලි ඕනි නිසාවත් නෙමෙයි. හරියටම ගනන් හදලා කියනවා නම් ඔයා මාව හමුවෙන්න ආපු දවස් ගාන 43ක්...ඉතිරි 5000 ඔයා වෙඩින් එකේ මගේ තෑගි සල්ලි වලට තියා ගන්න.

ඔයා ආපු මුල් දවසෙ මම ටිප් එක 1000ක් දුන්නොත් තමයි මීට පස්සෙ වැඩ ටික වෙන්නෙ.. කියලා කීවාම ඔයා හැසිරුනෙ පොඩි  ලමයෙක් වගේ. මං හිතන්නෙ නෑ ඔයා ඒ වෙද්දි මසාජ් ගොඩකට ගිහින් හිටපු කෙනෙක් කියලා. ඔයා ඒ 1000 දුන්නෙ කිසිම ප්‍රශ්ණයක් අහන්නෙ නැතුව. ඒ වගේම කිසිම දවසක ඔයා ඒ වෙලාවට 1000ක් නෑ කියලත් නෑ.. සමහර සතිගනන් එකපාරක් අප්‍රේල් වල මාසයක්ම ඔයා මාව හමුවෙන්න ආවෙ නෑ.. මොකද ඒ සල්ලි නැති නිසා.. සල්ලි නැතුව මට වත් කරදරයක් වෙන්න හැදුවෙ නෑ ඔයා.. ඒක තමයි ඔයාගේ තියෙන තද ගතිය.

දැන් ඉතිං ඔක්කොම වගේ ඉවරයි නේ.. ඉතිං මම තවත් ඔයාට හංගලා තේරුමක් නැතිවෙයි. කොහොමත් ඔයාට රුක්මල් අයියෙ ඇගිල්ලෙන් ඇනලත් දෙයක් තේරුම් කරන්න බෑ..ඔයාගේ වචනෙන්ම කියනවා නම් අඩි හතරෙ නිකං ටියුබ් එකක් නෙමෙයි පත්තුකරල චෝක් එක අතගාල කොස්සෙනුත් ගහන්න ඕනි මොඩල් එකේ ටියුබ් ලයිට් එකක් තමයි ඔයා.. ඔයා මගෙන් මොකක් හරි උදව්වක් ඉල්ලාවි කියලා මම බලාන හිටියා.. ඒත් ඔයා සුපුරුදු ගල් ගෙඩියක්ම තමා. පොඩ්ඩක් වත් කිසිම දේකට අනුන්ට නැමෙන්න ඔයා කැමති වුනේ නෑ.

මේක කෙල්ලොන්ගේ ගතිය නෙමෙයි. ඒත් මම කෙල්ලෙක් විදියට මිනිස්සු කීයකගේ ඇගවල් අතගාල තියෙද? මිනිස්සු කීයකගේ චාටු බස් වලට අහුවෙලා ඇත්ද? ආදරේ කියල කියන බොරු කන්දරාව මුලදි මම හිතුවා ටිකක් හරි ඇත්ත කියලා. පස්සෙ මට තේරුනා ඒ වචන සෙට් වල තියෙන්නෙ බොනිකර තරුව විතරයි. 

අලිබාබා සහ හොරු කතාව ඉස්සර අපේ ආත්තම්ම කියල දෙද්දි කියනවා ඒකෙ ආලිබබා ගිහින් ගල් ගුහාව ගාවදි මන්තරයක් කියනවා..එතකොට තමයි ගල් ගේ ගල් දොර ඇරෙන්නෙ කියලා. ඒ වගේ මිනිස්සුත් කොල්ලොත් හිච්චිකිතර ඒ ලෙවල් කරන වයසෙ උනුත, හතලිහ පනහ පැනලා කොන්ඩත් පැහිල තඩි බඩවල් අතගාව ගන්න එන අංකල් ලෙවල් එකේ උනුත් අපෙන් ලොක ුෙද්වල් ගන්න අර සුපුරුදු බොරු ටික කියනවා. සුපුරුදු චාටු ආදර ටෝක් වගේ දේවල් ටික කිව්වාම අපේ ගල් ගුහාවල් වගේ වහං තියෙනතැන් ටික ඒ මන්තර වලින් ඇරගන්න පුලුවන් කියලා උන් හිතනවා ඇති.

සමහර ඈයො අපි ලස්සනයිලු..සමහර අයට මොකද්දොෝ සංසාරගත පුරුදු ගතියක් දැනුනාලු.. සමහර උන් ආපු වෙලාවෙ ඉදලා ඇස් දෙක දිහා බලං ඉන්නවා හරියට ෆිල්ම් කෙල්ලො අල්ලගන්න කොල්ලො බලා ඉන්නවා වගේ. මොක උනත් උන්ට ඕනි මිල්ක්මේඩ් ටික එලියට වැටුනාම ඔක්කෝම සංසාරගත බැදීම් ඉවරයි. දැකල පුරුදුයි.. ඔයාව තරං මට මේ ලෝකෙ...බ්ලා බ්ලා බ්ලා.. ඔක්කෝම ඉවරයි. එතනින් පස්සෙ කලිසම දාගන දුවන්න තියෙන්නෙ පුදුම හදිස්සියක්..

ඇත්තමයි අයියෙ සමහර උන්ට අපිට සල්ලි ටිප් එක දෙතුන් දාහ දුන්නත් අපිව අන්දලා අපිව ටෝක් කරල ගහන විදියට එන්න තමයි ආස. එතකොට තමයි උන්, උන්ගේ හැකියාවල් ගැන සතුටු වෙනෝ ඇත්තෙ. සක්කිලි. කැතේත් බෑ වෙලාවකට..මං ඔයාට කියල තියෙන්නෙ.

මේ එන යන අය අතරෙ ලොකු මහත්තුරු ඉන්නවා.. සමහරු ලොකු තැන්වලට යන්න ගියාම ලොකු ගනන් ගෙවන්න වෙන නිසා මෙතන පොඩි තැනට එනවා. ඒ මිනිස්සු අතගාන වෙලාවට ජීවිතේ ගොඩක් දේවල් ගැන ගොඩක් දේවල් කියනවා. ඒත් එතනින් එහා... කිසි දෙයක් මතක නෑ.. එන දවසට විතරක් අද ඉන්නවද අහන්න කෝල් එකක් දෙනවා සමහර වෙලාවට..

මුලදි ඉතිං රුක්මල් අයියටත් ඉතිං අපිම කෝල් කරලා මොකද මේ පැත්තෙ නැත්ෙත අනං මනං කියලා කතාවට අල්ලගත්තා මිසක රුක්මල් ලොක්කා ඒ දවස්වලම මට ගත්ත කෝල් එකක් නං නෑ තමයි ඉතිං.. ඒ උනාට අනේ මන්දා.. ඔයා කතාකරද්දි මහ ලොකු තදයෙක් සැර කාරයෙක් වගෙ පෙනුනාට ගොඩක් වෙලාවට පොඩි ලමයෙක් වගේ.

මෙච්චර පැණි කතා වෙන එකෙක්ට තියා මගේ බදින් හිටපු ඇම්ඩන් ට වත් මම කියල නෑ..ඒත් රුක්මල් අයිය ගැන මට හිතෙන ඔක්කෝම තවත් කියන්න කවුරුත් එයිද මන්දා.. මේ ජීවිතේ සමහර දේවල් ලැබෙන්නෙ ටික කාලයයි. උඩ ඉන්න දෙයියෙක් හෝ යට ඉන්න යකෙක් මොකෙක් හරි ඇවිත් ඒ දේවල් අරං යනවා..විසේසයෙන් අපි වගේ අවලංගු ජීවිත වලංගු කරන්න දෙයියන් නානසෙ ටවත් හැකියකියල මම නං හිතන්නෙ නෑ..

රුක්මල් අයිය ගමේ ගිහිං ඇවිත් පොට් එකට එද්දි අපේ කෙල්ලොත් බලං හිටිය කාලයක් තිබුනා. මං කිරි කන්න ආසයි කිව්වම ගමේ අම්පාරෙ කිරි තරං හොද කිරි මේ ලංකාවෙම තියේයැ කියල ගමෙන්ම කිරි හට්ටි උස්සං ආපු කතාව අපේ පරණ කෙල්ලො තාම මතක් කරනවා. .ගමේ ඉන්නවනං කිරිත් හොදනං එකක් අරං එනවකො කියල කිව්වම එ විහිලුවවත් තේරෙන් නැති බැබුං ඒ වුනා රටේ ලෝකෙ දේවල් ගැන නම් බරසාර දේවල් තමයි දන්නෙ.. ඒත් පොඩි විහිලුවක් තේරෙන් නෑ..

ඔයා ගෙනත් දීපු අඹ..සමහර දවසට ගෙනාපු අයිස් ක්‍රීම්.. අනේ මන්දා සමහර කෙල්ලො කිව්වෙ ඔයා හරියට අපේ නත්තල්  සීයෙක් වගේ කියලා.එනකොට ටොපියක් හරි අරං එනවා..ඒකට වෙන උන්..එනකොට, වැඩිපුරදෙන්න වෙයි කියලා සල්ලි ත් ගානට අරං එන්නෙ. කුනු පෙරේත උන්.. උන්ට ඕනි හරියට ගෙවල හරියටම කරන්න ඕනි දේවල් ටික ඔක්කෝම වැඩියෙනුත් එක්ක කරගන්න. උන් ගොඩකට ගෑනු නැතුව නෙමෙයි..ගෑනු උන්ගෙ පෙරේත වැඩ වලට කැමති නැතුව ඇති. ගොං කබ්බො..

අපි අර කෝච්චියෙන් බන්ඩාරවෙල ගිය ගමන. මට නං අද වගේ මතකයි. හෝටන් තැන්නෙ සීතල එක්ක බියර් ටිකකින් මත් වෙලා...පාවෙන්න..අපේ රුක්මල් ලොක්කට බියර් ටිකක් පොවලා කියවන වනචර කට කැඩිච්චි කතා ටික අහගෙන ඉන්න. රුක්මල් ගෙ නාටු පපුවට තුරුල් වෙන්න..(වෙන වැඩ නැත්තං ඉතිං.._) මට ආයෙත් ලැබෙන එකක් නෑ.. ඒත් ඒ මතක කෑලි හැමදාම මම එක්කම ඉදීවි.

අපේ ලොකු නැන්දට ඔයා හොදට අල්ලලා ගිහින් තිබුනා. ඔයා ගිහින් බෙහෙත් හේත් අරං දුන්නාලු.. දොස්තර එක්කල කතා කලාලු..ඒ පුතානං දාහකින් හොයාගන්න බෑලු.. කොහොම උනත් අම්ම රට ගිය කාලෙක ඉදලා මට හිටියෙ ලොකු නැන්ද විතරයි. එයා ලෙඩ වුනත් මගේ කරුම රස්සාවට ලොකු නිවාඩු ගන්න ලැබුනෙ නෑ,. ඉතිං ඒ වෙලාවෙ රුක්මල් අයිය කරපු උදව් වලට ඇත්තටම පිං.. ඔයා පිං ගනන් ගන්නෙනෑ කිව්වට ඒ පින ඔයාටම ලැබෙන්න ඕනි.

මං ලෙඩවෙල ඩවුන්ම හිටපු ගිය අවුරුද්දෙ ජනවාරි මුල දවස්වල කෑම කාල පෙති බිව්වද පෙති බිව්වද කියලා ඇහුවම මට මතක් වුනේ ඉස්සර කොල්ලෙක්ට මට ප්‍රොස්ටිනෝර් පොවන්න තිබුන හදිස්සිය. ඒ වුනත් ඊට වඩා ඒ කරුම උන වසංගතෙ හැදුන වෙලාවෙ ඔයා හොයල බැලුව එක මට ලොකු හයියක් වුනා. කන්න බොන්න බැරුව පැත්තකට වෙලා ඉද්දි ඔයා මට කියවන්න පොත් පත් අලුතින්ම ගෙනත් දුන්නා. ඒව ගොඩක් මතක් කරන්න හොද නෑ..මටම ගොඩක් දුකයි. ඒත් අනේ මන්ද අයියෙ.

සමහර වෙලාවට මම ඔයාව කඩේ යැව්වෙ මහ සිල්ලර වැඩ වලට.. මාසෙ අන්තිම පඩි සල්ලි ලැබෙනකල් එන්නෙ නැතුව කර ඇර ඇර ඉන්න කොට මටත් ඔයාව දකින්න ඕනි වෙනවා. ඉතිං රයිස් කුකර් එකේ කෑල්ලක් හොයන්න.. මට ඕනි කොලොන් එකක්ගෙන්න ගන්න වගේ වැඩ වලට කඩේ යවන්න කතා කරනවා. ඒත් ඔයා ඒක නිකං දේව කාරිය වගේ කොහෙන් හරි වැඩේ කරලා දුන්නා.

එක දවසක් ඔයා කිව්ව වගේ ඔයාට කිසිම දෙයක් නොලැබි ඔයාට ස්තූථියි වත් නොකියා හිටපු අයටත් ඔයා කඩේ ගිහින් තිබුනාලු. මතකයි මට ඔයා නිතරම මධූ කියලා ගරල් කෙනෙක් ගැන කියෙව්වා. එයාට බයික් එකක් අරං දෙන්න ලැප්ටප් අරං දෙන්න.. ගෙදරට ලයිට් ගන්න.. ඒ කෙල්ලට බෝඩිං හොයන්න..ඔයා ගොඩක් මහන්සි වුනාලු.. ඒ කෙල්ල කියපු හැම වෙලාවම එයාට උදව් කලාලු.. ඒත් එයා ඔයාට තෑන්ක්ස් කියල වත් කිවෙ නැතුව මාරු වෙච්චි වෙලාවලුත් තිබුනාලු..

ඒක ඇහුවම සාමාන්‍යන් දුක් කතා අහලම කන් පිරිල මොලේ කොන්ක්‍රිට් වෙලා තියෙන මගේ හිතට ඇත්තටම දුකක් දැනුනා.. රුක්මල් අයියට ඒ මධූ කියන පරට්ටි ගැන අදහසක් ලොකුවට තියෙන්න ඇති. ඒ නිසා ම තමයි ඔයා එයාට ගොඩක් උදව් කරන්න ඇත්තෙ. ඒත් ඒකට තේරෙන් නැද්ද නිකං වත්.. අනේ මන්ද.. මට නං හරි අප්සට් ඒම කරන එක.

ඔයා මැරි කල සුදාරි ටිකක් නිවුන පෙනුමක් තියෙන්නෙ. ඔයා මං දිහාත් හොරෙන් බැලුව මම දැක්ක තුන් හතර වතාවක්ම. වෙලාවට මම අදුනන කාරුවත් වෙඩිමට ඇවිත් තිබුනෙත් නෑ.. ඔයාට ඔය සල්ලි දුන්නොත් ගන්න එකක්ම නෑ කියල හිතල තමයි මම ඔයාගේ එකවුන්ට ්එකට සල්ලි දාල ස්ලිප් එක විතරක් ලියුං කවරෙට දැම්මෙ. ඔයාගේ එකවුන්ට් නම්බර් එක ඉතිං මම ගොඩක් කලිං දවසක ඉල්ල ගත්ත ඔයාට මතකත් නැතුව ඇති.

ඔයා දීපු ඒ ටිප් සල්ලි ටික මම ගත්ත නම් ඔයා මගේ කස්ටමර් කෙනෙක් විතරයි.. ඇත්තමයි මම ඒ ජාතියෙ කෙල්ලෙක් නෙමෙයි. මට මෙ සල්ලි ටික ආයිත් ඔයාට දෙන්න බැරි වුනානං මට ඒක මහ මානසික වදයක්.

අතීතය කියන්නෙ සුන්දර හීනයක්. ඔයාට ආයිත් මේ පැත්තට එන්න නොහිතුනොත් ඔයාලයි විවාහ ජීවිතේ සාර්ථකයි. ඒත් හිතේ කොනක මටත් හොරා කියනවා ඇහෙනවා ඔය ගියාට මාසෙකින් දෙකකින් ආයිත් රුක්මල් ඒවි මෙතන්ට කියලා.

කොහොම වුනත් හිටිය වගේම සැහැල්ලුවෙන් සුන්දරව ගත කරන්න ලැබෙන ඔයාගේ බාසාෙවන් ආතලයිස් ජීවිතයක් ගත කරන්න ඔයාට වාසනාව ලැබේවා.




මීට ඔයාගේ නහරයක් නහරයක් ගානෙ ඔයාව හදුනන
මීනු නංගියා..

Tuesday, December 1, 2015

මගුල් සෙවීමේ වේදනාව


නිසි කල දි අපි කසාද බදින්න ඕනි.. බුදුන් වහන්සේට කලින් බමුණු සමාජයේදී

කාන්තාව ගැන කියවෙන කොට කාන්තාව නිසි කලදී විවාහ පත් විය යුතු බවක්ද ඉන්

පසු ඇය සැමියාට යටත්ව සිටිය යුතු බවක්ද සදහන් වෙලා තිබුනා. කසාද බදිනවා

කියන්නෙ සංකීර්ණ වැඩක්.

හැම දේටම එක මිනිහෙක් දක්ෂ වෙන්නෙ නැහැ. සමහර අය තාක්ෂන වැඩ වලට

දක්ෂයි. ඇතැම් අය මානව සම්බන්ධතා ඇති කරගන්න දක්ෂයි..තවත් අය විරුද්ධ

ලිංගිකයින් සමග කෂනිකව මිතුරු වීමට දක්ෂයි..ඒ වගේ මිනිස්සුන්ගේ ගතිගුණ ජාන

සහ සමාජිය ඇසුර අධ්‍යාපනය අනුව වෙනස් වෙනවා.

මම ගෑනු ලමයි සමග දුරදිග සම්බන්ධතා ඇතිකරගන්නට සහජ බැරියාවකින් යුක්ත

කෙනෙක්. ඒ නිසා මට කසාද බදින්න කෙනෙක් හොයාගන්න බැරි වුනා. මේක මට

ලොකු ගැටළුවක් නෙමෙයි.ඒත් ඒක අවට අයට ලොකු ගැටළුවක්.

ලස්සන කසාදයක් කරගෙන හොද වාහනයක් කාරිය අරගෙන හොද ගෙදරක් දොරක්

හදාගෙන ජීවත් වෙන එක බහුතර අපේ රටේ මනුස්ස ජීවිත වල අරමුණක් වෙලා

තියෙනවා. සාමාන්‍යෙයන් ඒ සදහා මිනිස්සු මහන්සිවෙලා ඉගෙන ගන්නවා. මහන්සිවෙල

රක්ෂාවන් කරනවා. ඒ වගේ දියුනු වෙන කෙනෙක් නම් ඒ  මිනිහට හෝ ගැහැනියට

කාලයත් එක්ක යම් යම් දේවල් ලැබිල තියෙන්න ඕනි. ස්ථිර රැකියාවක්, වාහනයක්,

ගෙයක් දොරක් වගේ දේවල් තියෙන ප්‍රමාණයට තමයි මිනිස්සුන්ගේ ස්ථාවර බව තීරණය

වෙන්නෙ.

විකල්ප ජීවිතයක් කියන එකක් පවතින්න  පුලුවනි. නමුත් ඒක බහුතර සමාජය අනුව

පිස්සෙක් ගේ පිස්සු ජීවිතයක්. එහෙම පිස්සු ජීවිතයක් කියල චෝදනා කරන අයට ඒකත්

තවත් එක සාමාන්‍ය ජීවිත මොඩලයක් විතරයි කියන එක තේරුං කරන්න අමාරුයි.

දැන් මට කසාද හොයද්දි ඒ බලන ගෑල්ලමයිගේ පවුල් වලින්, කේන්දර, ගෙව්ලදොරවල්,

කාර්, අධයාපනය මට්ටම, රැකියාව ආදිය හොයනවා. ඒවා සොයා බලද්දි බොහෝවිට

කසාද හෙවත් මංගල යෝජනා වෙළඳපොල තුල මට ලොකු තැනක් ලැබෙන්නෙ නැහැ.

මංගල යෝජනා වෙළඳපොල තුල වැඩියෙන්ම අගයක් නියම වෙන්නෙ දොස්තර ඉංජිනේරු

ගණකාධිකාරී, විධායක ශ්‍රේණි රැකියා කරන හොඳ කුල පසුබිමක් තියෙන අයට. ඉන්

පස්සෙ මැද තත්වයට අයිති වෙනවා පුද්ගලික ආයතන වල සැලකිය යුතු රැකියා කරන

අය , පාසැල් ගුරුවරු ගුරුවරියන් සහ රාජ්‍ය සේවකයින්.

අපි වගේ පුද්ගලික ආයතනයක අස්ථිර රැකියාවක් කරන තාක්ෂනික සහායක

මහත්මයකුට ලැබෙන්නෙ ඒ මාකට් එකේ තුන්වැනි ලෙවල් එක. ඒ ලෙවල් එකට එද්දි

බොහෝවිට ගෙවල් වල තියෙන තල්ලු කරගන්න බැරි බර වාහනයක්..කොහේ හරි

ගිහින් හැප්පිල ඇද ඇරල කෙලින් කරපු වාහනයක් වගේ ටිකක් හොද පෙනුම නැති

වාහන තමයි සෙට් වෙන්නෙ.

ඔය අපි වැගේ ලැවල් එකේ ඉන්න අය කසාද බදින්න ඕනි කියන අදහස මුලින්ම ඇවිත්

පරාණ බයටම අවුරුදු 22-23 වෙද්දි මොකක් හරි මරාලයක් සෙට් කරගන්නවා. ඉන් පසු

ඒක පෝෂනය කරගෙන ගිහින් කසාදය දක්වා ගෙනියනවා හෙමෙන් හෙමෙන්..හරියට

නිකං දවස් හතලිස් පහෙන් මරන්න ඉන්න කුකුලෙක් වගේ.. පැටිය කාලෙම පැටිය

වයසෙ ඉන්න කෙලිනැට්ටියෙක් එක්ක යාලු වෙලා ඉන් පස්සෙ ලොකු උනාම කසාද බැද

ගන්නවා. ඒකත් හොද ක්‍රමයක් අපිට බැරි වුනාට..

කෝ ඉතිං උඹ අවුරුදු 7-8ක් කොළඹ හිටියට හරිහමන් ගෑනු ලමේක් වත්

හොයාගත්තයැ? එහෙම අහන නෑයොත් නැතුවම නෙමෙයි. ඒ කට්ටිය කියන කතාව

ඇත්ත. සාමාන්‍යෙන් තාක්ෂනික අංශ වල වැඩකරන අයට ගෑනු අයව හමුවෙන්න

තියෙන හැකියාව අඩුයි. විශේෂයේන කන්තෝරු වක හෝ ෆැක්ටරියක ඉන්න තාක්ෂණික

සේවකයෙක්ට සමාන්තර තාක්ෂණික අංශයේ ගෑනු ලමයි හමු වෙනවා අඩුයි. බොහෝ

ගෑනු ලමයි තාක්ෂණික විශයන්ට යොමු වෙනවා අඩුයි. ඒ නිසා ඇතැම් ෆැක්ටරි වල

තාක්ෂණික වැඩකටයුතු වලට ගෑනු ලමයි ඇත්තේම නැහැ. ඊට අමතරව ගෑනු ලමයි

හම්බෙන්නෙ වැඩට යන එනකොට තමයි. ඒ සුව්ලප අවස්ථාවෙන් පොරෝජන අරං යන

එන ගමන් වන වන යන්න එකක් සෙට් කරගන්න පිංවත් මහත්වරු මහත්මීනුත්

ගොඩක් ඉන්නවා.

බැංකු සහ විවිධ පාරිබෝගිකයින් හමු වන තැන්වල ඉන්න මහත්වරුන්ටත් ගෑනු

හොයාගන්න ලේසියි. මොන විදියට ජීව්ත වුනත් පඩි කීයක් ලැබුනත් ටයි එකට ලක්ෂණ

ඇදුමට සහ ජේත්තුකාර විලාසයට ගැනු අය බහුතරයක් ආසයි. ඒ නිසා ඒ ලක්ෂණ

විධායක ඇදුම අන්දලා ඉන්න පඹයෙක්ට වුනත් කැමති වෙන කෙල්ලො ඉන්නවා සමහර

තැන්වල.

කසාද බලන්න යෑමත් මහ එපා කරපු වැඩක්. මාත් දෙක තුනකට ගියා. ගියාම ගිහින්

මලමාලි එක්ක කතා කරන්න තියෙනවා. එතනදි කපුවාට අනුව මොන නොගැලපීම

තිබුනත් වැඩේ සෙට් වීම තමයි හොදම දේ.. කපුවට කලුද සුදුද, දෙන්නගේ අදහස්

මොනවද? දෙමාපියො පැලැන්ති කැමතිද? ඒවා වැඩිමනක් වැදගත් කමක් නෑ..කෝමහරි

දෙන්නෙක් සෙට් වුනාද කපුවට දෙපැත්තෙන්ම ගානක් ලැබෙනවා. ඒ නිසා කපුවොත්

එක්ක මගුල් බැලීම මට තිත්ත වුනා.

මේ දවස්වල පත්තර බලනවා. ඇත්තටම මේ ගෙවන නිදහස් ජීවිතේ දිගටම ගතකරන්න

මම කැමති. ඒත් අපේ ඉන්න නෑදෑ හිතමිත්‍රාදීන් යාලුවො ආදී බොහෝ දෙනාට අනුව

විවාහ වුනාම මහ අමුතු වැදගත් කමක් එනවලු ජීවිතේට..ඒක බොහොම වටින

දෙයක්ලු.. මෙච්චර කාලෙකට එක මාස තුනක් කෙල්ලේක එක්ක යාලුවෙල ඉන්න

බැරිවුන මට විවාහ වීම සහ සෙට් වෙලා කාලයක් සිටීම කියන්නෙ මහ ලොකු

අභියෝගයක්.

කසාදය සහ පුද්ගලික සම්බන්ධතා කියන්නෙ අතිසය පුද්ගලික දේවල්. ඒවා මේ විදියට

පොදුවේ බෙදාහරින එක සුදුසු නැතුව ඇති. නමුත් මට තියෙන මානසික අවුල පීඩනය

පිටකොරගන්න මේක හුඹහකට වත් කියාගන්න එපාය.

අපි මගුල් බලන්න ගියාම වාහනයක් බලන්න ගියා වගේ නෙමෙයි ජීව්ත් වෙල ඉන්න

මනුස්ස පරානයක් තමයි අපිට මුන ගැහෙන්නෙ. සමහර වෙලාවට මේ කසාද යෝජනාව

නොගැලපෙනවා කියල හොදින්ම පෙනි පෙනිත් අපිට ඒ ගෑනු ලමයා එක්ක කතා

කරන්න සිද්ද වෙනවා. මුලින්ම ගිය එකේදි මම මගේ කට වාචාල මුකරි කම ප්‍රදර්ශනය

කරමින් ගෑල්ලමයා එක්ක කතා කලා..නමුත් පස්සෙ මට තේරුනා ඒක එච්චර හොද

වැඩක් නෙමෙයි.. අපි සෙල්ලං කරන්නෙ ගෑල්ලමයෙකුගේ මනස එක්ක. එතකොට අපි

වැඩියෙන් කතා කරන වාචාලකමට අර ගෑල්ලමයා කැමති වෙලා ආස වුනත් එයාට

දෙමාපිය හිතමිත්‍රාදීන්ගේ දහසක් රූල් වලට අනුව පසුව කැමති හෝ අකමැති වෙන්න

සිද්ද වෙනවා..

ඉන්දියාවෙ හීතල කදුකර ශිඛර අස්සෙ කරක් ගහද්දි අපිට අතරමග නවතින්න වුනා

සීතල තැනිතලා බිමක. ඒකෙ අපි රැ නැවතුනේ බොහොම දුෂ්කරතා මධ්‍යෙය්. ඒ හැර

අපිට වෙන විකල්පයක් තිබුනෙත් නෑ.. ඒ රාත්‍රිය බොහොම අමාරුවෙන් පහන් කරලා අපි

උදේ එලිය දකිනකොට එහා පැත්තෙ කාමරෙ හිටියා ඔස්ට්‍රේලියන් ජාතිකයෙක්. ඔහු මේ

නන්නාදුනන රටක නන්නාදුනන මිනිස්සු බාෂාවන් තියන බිමක තනියම ඇවිත් තිබුනා.

ඉන්දියාවෙන්ම කුලියට ගත්ත බයික් කට්ටක නැගලා භයානක පාරක ගියත් ඔහුගේ

මුහුනේ භයක සේයාවක් වත් තිබුනෙ නෑ..

මාත් හිතුවා අඩේ මාත් කවදා හරි මේ යකා වගේ තනියම ලෝකෙ කොහෙහරි යන්න

ඕනි කියලා. ඒත් ඉතිං අපේ වගේ රටක අපි වගේ ලැවල් එකක මිනිහෙක්ට.. ඔය වගේ

උඩ තැනකට යන්න ලැබෙන්නෙ නෑ කසාද බැන්දට පස්සෙ තනියම..වැඩිම උනොත්

ගෙදර වහලට තනියම නැගල උලු සුද්දකරන්න අවස්ථාව ලැබේවි බැන්දට පස්සෙ.

Wednesday, November 4, 2015

ගෝඨාගේ කොළඹ Gota s Colombo

කොළඹ කියන විසාල නගරය වෙනස් කරපු පතාක යෝදයෙක් විදියට ගෝඨාභය රාජපක්ස හදුන්වන්න කට්ටිය මැලි වෙන්නෙ නැහැ. එක අතකින් බැලුවාම මොකුත්ම නොකර නිකාංම ඉන්න උසස් නිලතල දිහා බැලුවාම ගෝඨාබය කියන්නෙ මොනවාම හරි කල කෙනෙක්. උදාහරණ විදියට බැසිල් මොනවද කලේ? කියල ඇහුෙවාත්? අපිට මොකුත්ම මතක් වෙන්නෙ නැහැ..ආර්ථික සංවර්ධන ඇමති විදියට බොහෝ කාලයක් විරාජමාන වෙලා හිටියට බැසිල් විසින් දැනෙන වෙනසක් කිසිම ක්ෂේත්‍රයකට කරලා තියෙද? නෑනෙව. 

කොළඹ කොට්ටේ දෙහිවල ගල්කිස්ස වගේ මහා නගර සභා කීපයක් සහ නගර සභා ප්‍රාදේශිය සභා ඇතුලත් කොළඹ සීමාව සම්පූර්ණයෙන් එක නගරාධිපති කෙනකුට අයිති වුනානම්.. ආන්න ඒ පුටුවට ගැලපෙනම කෙනා තමයි ගෝඨාභය. එහෙම නැතුව නගරාධිපති කෙනෙක්ගේන එහා ගිහිපු වැඩ ගොඩාරියක් කොලා කොලා කිව්වට මට නං කිසිම නිච්චියක් නැහැ එයැයි කොරපු වැඩ  ලොකු වැඩ මොනවද කියන එක ගැන. 


ප්‍රවාහන සැලැස්ම 
කොළඹට ඇතුළුවීම සහ ඒ අතුලත සංචරනය කියන්නෙ එපා වෙන වැඩක්. හයි වේ එකෙන් මාතර සිට කොළඹට එන්න පැය එකහමාරක් ගත වෙනෝ නම් කොට්ටාවෙ සිට කොටුවට යන්නත් ඒ තරංම වෙලාවක් ගත වෙනවා. නාගරික සංවර්ධනයේ තියෙන මූලික අංගයක් තමයි ලේසියෙන්ම නගරය හරහා තැන් තැන්වලට යන්න හැකි වෙන එක. ගෝඨාභය කාලෙ පේමන්ට් හැදුවා පාරව්ල ලස්සන කලා..අතුගානවාද කියලා බලන්න පොලිසිය පත් කලා.. කලිංට වඩා පයින් යන ජනතාවට ලොකු සහනයක් එතුමා උදා කරල දුන්නා.. 

නමුත් විශාල ප්‍රශ්ණයක් වෙච්චි කොළඹ ට්‍රැෆික් අඩුකරන්න විශාල සැලැස්මක් තිබුනෙ නෑ.. මෙට්‍රො රේල් වගේ දියුුනු ක්‍රමයක් ගැන කතාවක් වත් තිබුනෙ නෑ.. රේල් පාරවල් තිබුන ටික ටිකක් පන ගහලා සංවර්ධනය කරන්න වත් ලොකු උවමනාවක් ඒ ආන්ඩුවට තිබුනා කියල පෙනුනෙ නැහැ. තිබුන ඇල මාර්ග පොකුනු ආදිය සංවර්ධනය කලාට ඒවායේ වත් ජලයෙන් වත් අඩුම තරෙම මිනිස්සු එහා මෙහෙ ාෙල්සියෙන් ගෙනියන්න ක්‍රමයක් සාර්ථකව පටන්ගන්න පසුගිය රජයට හැකියාවක් ලැබුනෙ නෑ.. 


නව නගර ඇති කිරීම සහ නගර සැලසුම්.. 
අලුත් මාලු මාකට් එක පිටකොටුවේන ගැලවිල පෑලියගොඩට ගියා. ඒ වගේම පිටකොටුවෙ පදික වෙළදුන්ට නව වෙළදාම් ස්ථාන පිලිවෙලකට ලබා දුන්නා. පදික වෙළදාම විධිමත් කරන්න යම් යම් ක්‍රියාමාර්ග ගැනුනා. නමුත් කොළඹ මැද වෙනස් කරන්න ලොකු උවමනාවක් එතුමාට තිබුනාද කියන සැකය එනවා දැන් කොළඹ දැක්කාම. මැනිං වෙළද පොල හරස්වීදි ආදිය කාලාන්තරය්ක තිබුන විදියට තාමත් තියෙනවා.. බොහෝ ජලය තිබෙන තැන් අලංකාර කිරීමක් සිද්ද වුනාට නගරය සැලසුම් කිරීම කියන මහා කාරණාව ගෝඨාභය මහත්තයට දැනිල වත් තිබුනෙ නෑ වාගේ.. 

සැලසුම් සහගත නගරයක වෙළදාමට අවශ්‍ය ප්‍රදේශ, අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රදේශ, මිනිස්සුන්ට ජීව්ත වෙන්නට අවශ්‍ය ප්‍රදේශ ආදිය වෙන්කරලා තිබෙනවා. අලුතින්ම සියල්ල වෙනස් කරන්න බැරි වුනත් නව වෙනසක් කරන්න ලොකු උවමනාවක් තිබුනා කියලා පෙනුනෙත් නෑ.. නිදහස් චත්‍රරස්‍රය අවට ආකේඩ් වගේ තැන් ඇතිවුන එක හොදයි.. ඇත්තටම ඒ වේග තැන් තිබෙන්නට ඕනි. නමුත් ඒ හා සමාන්තර මැද පන්තිය සහ දුප්පත් අයගේ විනෝදය තකා විශාල වැඩකොටසක් එතුම කලා කියලා පෙනුනේ නෑ.. 


උද්‍යාන සහ විවේක ස්ථාන 
නගරයක් කියන්නෙ බිල්ඩින් නෙමෙයි. මනුස්සයින්ට විවේකයෙන් ගත කරන්න තැන් ආදියත තිබෙන්නට ඕනි. ගෝඨාභය මහත්තයා සාර්ථකවම කරපු වැඩක් තමයි විනෝද ස්ථාන ඇතිකරන එක . කලිං තිබුන වික්ටෝරියා පාක් එක වාගේ පාක් වගේම දියත උයන පාර්ලිමේන්තු සංකිර්ණය අවට ඇති ස්ථාන වගේ අලුත් තැන් එතුමා ඇතිකලා. ඒ තුලින් ඒ ආශ්‍රිතව ව්‍යායාම කරන නව සංස්කෘතියක්ද ඇති වුනා. එය අලුත් දෙයක් ඒ වගේම තරමක් දුරට සාර්ථක වුන ව්‍යාපෘතියක්.. 


නාගරිකයන්ගේ ජීවන තත්වය 
නගරයක් කියන්නෙ වෙළද මධ්‍යස්ථානයක් පමණක්ම නෙමෙයි. නගර ආශ්‍රිතව තිබෙන උප නගර වල හෝ මේ වෙළද පොල සම්පූර්ණ කරන්න අවශ්‍ය බඩු බාහිරාදිය නිපදවෙන්න අවශ්‍යයි.ඒත් පසුගිය කාල වකවානුව තුල ඒ වගේ උපනගර වල ජනගහනය වැඩිවීමක් සිද්ද වුනත් කර්මාන්ත ආදියේ විශාල වර්ධනයක් වුනේ නෑ.. මීට අවුරුදු ගානකට කලින් ගමේ ඉන්න මිනිස්සු ගෑනු කොළඹ ආවෙ ගාමන්ට් වල වැඩට..තාමත් ඒ වගේ දුප්පත් පිරිසට එන්න වෙලා තියෙන්නෙ ගාමන්ට් වලට විතරමයි.. එතිනින් එහාට ගිය නිශ්පාදන හෝ ඒ ළගින් යන ආර්ථික රටාවක් නගර ආශ්‍රිතව ඇතිවෙච්චි ආකරයක් පේන්න නෑ.. 

අපි හැමෝම හරි ආසයි වැරදි දකින්න...දූෂන ගැන කතා කරන්නත් අපි බොහොම ආසයි. නමුත් අපි අවබෝධ කරගන්න ඕනි කලිං පාලකයින්ගේ තිබුන දුර්වල කම් සමර්ථ කම් මොනවද? ඒ වගේම අපි පත් කොරගන්න කට්ටියගෙන් අපි බලාපොරොත්තු වන්ෙන මොනවද කියන එක.. එහෙම නැතුව දූෂන ටික නැතිවුනාම එක පාර හතරමහ නිධානය පහල වෙලා අපිට කන්න බොන්න යාන වාහන  ඉබේ පහල වෙන්නෙ නෑ.. 

Monday, November 2, 2015

සීතල රාගල මතක

සීතල සුවිසල් එක සිහිනයක
කැබලි විසිරුනු දවසක
අමිහිරි ඒ මතක පොදියක 
වත්කම මේං මා සන්තක












Saturday, October 31, 2015

Global Lifestyle Lanka සැප

මම වැඩකරන කන්තෝරුවෙ කැන්ටිමක් තිබෙනවා. මීට වසර කිහිපයටක පෙර එවකට තිබුන කැන්ටිමේ වැඩකලා  ඕලෙවල් අවසාන කරපු වයසේ ගෑනු ලමයි දෙන්නෙක්. එයින් එක්කෙනක් බොහොම හැඩයි. අනික් කෙනත් සාමාන්‍ය පෙනුමක් තිබෙනවා. 

මේ දෙන්නා නිතර කැන්ටිමට බඩ ගාන මගේ යාලුවො බවට පත් වුනා. මම සාමාන්‍යයෙන් ඔය වගේ ගෑනු ලමෝ එක්ක සම්බන්ධ වෙන්න යම් කිසි හැකියාවක් තිබෙන අයෙක්. ඉතිං මේ දෙන්නගෙන් වැඩිය හැඩනැති ගෑනු ලමයට මම මගේ විසිටිං කාඩ් එක දුන්නා. එයාගේ නම නදී. (අන්වර්ථ එකකි)

නදී නම්බර් එක ගත්ත දවස්වලම මට කතා කලත් පස්සෙ එයාට කතා කරන්න වෙලාවක් නැති නිසා කතා කලේ නෑ. නදී මට දැන් අවුරුදු කිහිපයකට කලිං තිබුන මතකයක් ලෙස මතක නැතිවෙන්නත් ගිහින් තිබුනා. නමුත් මේ ලගදි නදී මට කෝල් කලා. 

එයා කෝල් කරලා ආගිය විස්තර අහලා මට තැනකට එන්න පුලුවන්ද කියලා ඇහුවා. මගේ හිතේ විවිධ වර්ණ වල වල දේවල් ඇති වුනා. ඉන් පස්සෙ එයා මට අයිඩන්ටි කාඩ් එකයි රුපියල් දාහකුයිත් අරං එන්න කියලා කිව්වා. අයිඩන්ටි එක, රුපියල් දාහ සහ ගැනු ලමයෙක් මට කතා කරනවා. ඔය දෙක තුන එකට තිව්වම සාමාන්‍යයෙන් මම වගේ තනිකඩ කොල්ලෙකුගේ හිත ඇදෙනවා බොහොම ඈතට. මට මුලින් හිතුනෙ මේකි මාව ඇදන් රූම් එකකට සැප දෙන්න එක්කරං යනවාදෝ කියලා. 

ඊලග දවසෙ එයා මාව ෆේස්බුක් එකේ ඇඩ් කරගත්තා. ඒ වගේම එයා ගේ විස්තර ටිකකුත් කතා කලා. එයා යනවා කිව්වා නාට්‍ය හා රංග කලාව ඉගෙනගන්න තැනකට. ඒ වගේ නාට්ටියක් බලන්න එන්න කියනවාද දන්නෙත් නෑ කියලත් මට හිතුනා. 

නමුත් මහ පොලවට බැහැල බැලුවම එහෙම දෙයක් වෙන්න බෑ..කියල ඕනි සුප්පු බබෙක්ට තේරෙනවා. බඩු එක්ක නැලවෙන්න මිසක් උන්ව රූම් ගෙනියන කලාව මම වැඩිය දන්නෙ නෑ.. වැඩිය දන්නෙ නෑ නෙමෙයි මට එහෙම අත්දැකීමක් ඇත්තෙම නෑ.. 

මේ ලමයා වැඩිය වයසක ලමයෙක් නෙමෙයි. මසාජ් එකකට තුන් හතර වතාවක් ගිහින් තියෙන මනුස්සයෙක් විදියට මම දන්නවා මසාජ් වල සමහර වෙලාවට බොහොම ඈත පලාත්වල පොඩි වයස්වල ගෑනු ලමයිතු්ත ඇවිත් ඉන්නවා. එහෙම එකක්වත්ද කියලත් මට හිතුනා. 

කොහොම හරි ඔය වල් හීනය පිටම මම එයාව හමුවෙන්න අද උදේ කඩුවෙලට ආවා. කඩුවෙලට ඇවිත් මාතර බත් කඩෙන් කාල එහෙම වටපිට බලනකොට එයාත් ඇවිත් හිටියා තව යාලුවෙක් එක්ක. කලිං වගේම එයා කෙට්ටුයි. ඒ ගෑනු ලමයා දැක්කම ඇත්තටම මට දුක හිතුනා..ඉස්සර වගේම හීන්දෑරියි. දැනට රනාල පැත්තෙ බිස්කට් සමාගමක වැඩකරනවා කියලයි මට කියල තිබුනෙ. 

මං මගේ හිතේ ඇදිල තිබුන වල් අදහස් ටික පැත්තකින් තිව්වා. දැන් හිතුනෙ මෙයා මේ මෙයාලගේ නාට්ටියක් පෙන්වන්න තමයි එක්කරං යන්නෙ කියලා. 

කඩුවෙලින් කිරිබත්ගොඩ බස්සෙකකට නැගලා මාකොල හන්දියේ සනාරා උත්සව ශාලාව කියන ශාලාවට තමයි මතක විදියට අපි ඇතුලත් කලේ. ගියාම අලුතින් ආපු අයව පෝලිං කලා. පෝලිං කරලා එයාල අලුත් අයගෙන් සල්ලි ගත්තා රුපියල්  දාහක්. මාත් දාහ දීළ ඇතුලට ගියා. 

ගියාම එතන මෝටිවේශන් ලෙක්චර් වගයක් තිබුනා. ඉන් පස්සෙ එක එක වාරෙට එක එක්කෙනා බැගින් ඇවිත් එයාලට මේ ආයතනය මේ වැඩසටහන වැදගත් වුන හැටි වැදෑරුවා. ඇත්තටම මේ ගැන ඇත්ත විස්තර දැනගන්න ඕනි නම් ග්ලෝබල් ලයිෆ් කියන වචන දෙක ගූගල් සර්ච් කරලා බලන්න සිංහලෙන්. මේ ප්‍රෝඩාව වංචාව ගැන විස්තර බොහොමයක් තියෙනවා සිංහලෙන් සර්ච් කලාම. 

සමහර අය කාර් අරගෙන තියනවා කිව්වා ලක්ෂ පනහෙ හැටේ. තවත් එය ලොකු ඉඩ කඩං අරං තියෙනවා කිව්වා ලක්ෂ ගන්න වල. බොහෝ ලෙක්චර කරපු අය පිටරටත් යනවා කිව්ව නිතරම. 

මැද හරියෙදි එයාල අපිට කරන්න තියෙන දේ කිව්වා. සූර්ය පැනලයක්, බැටරියක්, සහ බල්බ හතරක කට්ටලයක් අපි මිලදී ගන්න ඕනි රුපියල් 85000/= ක මිලකට.. ඉන් පසු ඒක විකුනන්න ඕනි තවත් තුන් දෙනෙකුට..තව තුන්දෙනකුට අපි විකුන්නාම අපිට ලකුනු තුනක් ලැබෙනවා. එසේ ලකුනු තුනක් ගත්තාම අපිට රුපියල් 13000ක කොමිශන් මුදලක් ලැබෙනවා. 

ඉන් පසුව අපෙන් බඩු ගන්නා අය වෙනත් අයට විකිනුවාමත් අපිට ලකුනු එකතු වෙලා අපේ ලකුනු වැඩිවෙලා අපිට බෝනස් ලැබෙනවා. රුපියල් 85000ට විකුනන කට්ටලයේ පිටකොටුවේ වටිනාකම ඇත්තටම රුපියල් 15000ක් වත් වෙන්නෙ නැහැ. එතකොට හිතාගන්න පුලුවනි ඔබට කොයි තරං ලාබයක් මේවා කරන අය ගන්නවාද කියලා. මේ කට්ටලේ ගන්න අයට නුවර එළියේ තියෙන හොටෙල් ක්වන්ටාරා කියන හෝටලයේ දින දෙකක නිවාඩු පැකේජයකුත් දෙනවා කියලා එයාල කිව්වා. 

මේක අමු වංචාවක්. මේ හැම ලෙක්චර් එකක් කරද්දිම කලුපාට ටීෂර්ට් එකක් සහ කලිසමක් අැදගත්ත කිහිප දෙනක් අපි වටකරගෙන හිටියා. ඒ වගේම ඒ අපි හිටිය ආධුනික පිරිස අතරෙම තවත් අය හිටියා වෙන්න පුලුවන් ඉත්තො විදියට දාලා. 

රුපියල් දාහට හරියන්න කෑම බීමවත් දුන්නෙ නැහැ..බීම දෙකක් දුන්නා..එද්දි අයිස් කෝපි එකක් දුන්නා. 
මේ දේශනා කල සම්පූර්ණ පිරිස 10ක් විතර. ඒ හැම කෙනෙක්ම මේ ආයතනයෙන් ජීළුිතය සාර්ථක කරගත්ත හැටි සුරංගනා කතා විදියට කිව්වා. 

ඒකෙ හිටපු ගෑනු නං හරි මහතයි. සමහර විට කොම්පැනිය ග්ලෝබල් නිසා ගෑනුත් ග්ලෝබල් මට්ටමට තියෙන්න ඕනි ඇති. අවසානෙ රුපියල් දෙතුන් සීයක කෑම බීම වලට රුපියල් 1000ක් මට ගෙවන්න උනා ... 

කොහොම උනත් මට තේරුන විදියට එතන හිටපු අලුත් කට්ටියගෙන් අඩුතරමෙ දහ පාලොස් දෙනෙක් වත් අර රුපියල් 85000ක් දීල මේ බිස්නස් එකට බහින්න ඇති. අනේ පවු ඒ මිනිස්සුන්ගේ සල්ලි.  සමහර දේශකයො කිව්වා එයාල මේ ව්‍යාපාරයට ආවෙ ඉඩම උගස් තියලා කියලා. සමහර කිව්වා එයාලට සල්ලි හොයාගන්න ණය වෙන්නත් උනා කියලා. කොහොම උනත් දුප්පත් පෝසත් අපි හැමෝම සල්ලි වලට කෑදරයි. ආසයි.. ඒ ආසාව නරුම විදියට පාවිච්චි කරනවා මේ වගේ තැන්වලදි. 

මට කතා කරපු ගෑනු ලමය රනාල පැත්තෙ බිස්කට් කොම්පැනියක වැඩ කරන්නෙ. ඒ චූටි කෙල්ලත් මේකට අහුවෙලා. ඒකිට මාසෙකටම රුපිය්ල දහ දාහක්වත් ඒ රස්සාවෙන් ඉතුරුවක් නැතුව ඇති. ඉතිං ඒ කෙල්ල රුපියල් අසූදාහක් හොයන්න අවුරුද්දක් වත් මහන්සි වෙන්න ඕනි. 

වැඩසටහන නමය හමාර විතර වෙච්චි පටන් අරං හවස 5 විතර වෙනකල් තියෙනවා. ඉතිං මේ වැඩසටහනට මම ගියේ කාම ආසාව නිසා. අයිඩන්ටි එකයි රුපියල් දාහකුයි අරං චූටි ගෑනු ලමයෙක් මට එන්න කිව්වම නොගිහිං ඉන්න බැරි කමක් හිතට ආවා. මෙතන වංචාවක් ඇති කියල හිතුනත් ඒකට වඩා කාමය උඩට ආවා. 

මේක ගැන තව විස්තර බලන්න ග්ලෝබල් ලයිෆ් ගැන දැනගන්න. ඒ වගේම ඔබට මේ වගේ අනපේක්ශිත රුපියල් දාහක ආරාධනාවක් ආවොත් දවස විනාසකරගන්නෙ නැතුව ඉන්නත් සැලකිලිමත් වෙනව නම් හොදයි. 

Thursday, October 8, 2015

සමරුව

දෙකක් දාගෙන තිබුන නිසා සද්දෙට කෑගහන්න සමරෙට කටට පණ ඇවිත් තිබුනා.. දූවිලි පිරුන පාර දවස් කීපෙන තියෙන වැස්සට තෙමිල තෙත බරියං වෙලා..යාන්තංපෝර උර දෙක තුනක් එලාගන්න ඇහැක් මට්ටමේ ඉඩකඩක් සමරෙට ලැබුන..

ලා...බා...යි...ලා බායි... හැමදාම නෑ,. අවුරුද්දට සැරයයි..දාහට පන්සී්‍යට තියෙනේවා..සීයට දෙසීයට..

සමරෙ තමන්ගේ ආදර සිහිවටන වකිනීම පටන් ගත්තා.. වැලන්ටයින් දවස කිට්ටු නිසා සමරෙට බොහොම ඉක්මනින් බඩු විකුනගන්න උනන්දුව තිබුනා..උණ බට කෑල්ලකට රවුමක් අටවල ඒකෙ අයි ලව් යූකියල ගහල තියෙනවා..තා එකක ලී පතුරු කෑලි දෙකක් නවල සෙට් කරල තියෙනවා..මොන මොනවා හරි සිහිවටන නේ..විඩක් ඒවයි කුරුල්ලො..තා ඒවයි හාට්...මොක වුනත් අනිවාර්යෙන් හැම එකකම වගේ අයි ලව්යූ එකනං හැලිල නෑ..

ක්ලාස් යන කොල්ලො කෙල්ලොන්ට වගේම කන්තෝරු යන කට්ටියටත් පාරයිනෙ පේමන්ට් එකේ තියං විකුනන මේ ආදර සිහිවටන වලට ඇහැගියෙ ්නිකම්මයි.. ක්ලාස් යන උන් නම් සතියක දෙකක ඉදලා පන්සියක් විතර මේ වැලන්ටයින් සමරු ගන්නම වෙන් කරගනයි තිබුනෙ. නමුත් එක කෑල්ලක් සීයට දෙසීයට තියනවා කියන්නෙ ලොවෙත් හොයන්න බැරි ගානක්..නෙ

හොදට ඒ සී කරපු ලස්සන කෙල්ලො කතාබහ කරන කඩේකට රිංගුවොත් මේ ජාතියෙම ලව් සැමරුමක් වෙනවා දාහක් වත්.. හප්පා ඒවයි ගනන්..කියල බඩු වල ගනන් දන්න අයම සමරෙ ලගින් ඇවිල්ල කැරෙකෙන්න ගත්තා..

එක අතකින් කොල්ලො සරලයි..දෙක තුනක් බැලුවා ගත්තා..ඒකට ගනු සහ ගෑනු ලමයි.. ගෑනුන්ගේ ජාතියෙ හැටිනෙ සයිස් එක  පුංචි වුනා කියල නැහැ වාතෙ නම් අඩුවක් නෑ.. අංකල් මේ හාට් එක උඩින් කැරකිලා කුරුල්ලො දෙන්නක් ඉන්න මොඩල් එක නැද්ද? ඒම තිබුන නම් ලස්සනයි..මේකෙ නිකංම නේ තියෙන්නෙ.. සමහර අය නැති දේවල්ම හොයලා සිහිවටන වල අගේ අඩුකරල තව රුපියල් විස්සක් හරි අඩුකරගන්නයි හදන්නෙ..

හොදට බිස්නස් තියෙන නිසා ආයි අඩු කර කර දගලන්න දෙයක් නෑ.. මේක කෝම තිබුනත් හවස ක්ලාස් අරින ජාමෙට කන්තොරු ඇරෙන වෙලාවට බාගයක් විතර ඉවර වේවි..මේ මද්දහනෙත් දැන් හත අටක්ම විකුනන නෙව. සමරෙ හිතුවා..

එක කෙල්ලෙක් ඉන්නව දැන් විනාඩි පාලවක විතර ඉදලා.. ඇවිත් තෝරනව තෝරනවා..මේකි ගැනනං ඇහැ ගහං ඉන්න ඕනි.. හදිසියෙවත් ඕකි මේ සමරුවක් අර නාග මල්ලෙ දාගත්තොතින්.. කෙල්ලො පුංචි වුනාට උන්ගේ මල්ල ලොකුයි.. සුවර නෑ බඩු .. ඒ නිසා සමරෙ ඇහැ ගහගෙනම පුුරුදු සද්දෙ දාන්න ගත්තා.. වැලා..න්ටයින්... වැලා....න්ටයින්.. ලාබයි ලාබයි..

පොඩි මිස් දැන් ගොඩක් වෙල නේද? මොකද්ද ගන්නෙ.. සමරෙ ඇහුවා..

නෑ ..නෑ මම ගන් නෑ..මම මේ බැලුවා.. ඇය උත්තර දුන්නා.. ඒ වචන පේලිවලට සමරෙට තරහ ආවත් ඒත් එක්කම කෙල්ලගේ මුහුනෙ ඇදී යන්නට යෙදුන..  දුක්බර රේඛාව දැක්කම. ඇත්තටම සමරෙටත් දුක හිතුනා..

කෙල්ලටත් ඕනි වුනා මාතෘකාව වෙනස් කරන්න..
ගිය අවුරුද්දෙ අංකල් මේව විකුන්නෙ අර ඈත ගහගාව නේද? දැන් එතන මඩ වෙල වැස්සට නේ.. ?

ඇත්ත වශයෙන්ම ඔහු පසුගිය වසරේ සිටයේ ගහ යටය.මෙවර වැස්සට ගහ යට මඩ වී ඇත.  ඇය ගිය වසරේද සමරුඵලකයක් ගත් කෙල්ලක බව සමරේට වැටහුනි..

ආහ් මැඩම්ට මාව මතකයිද?කට්ටියට ඉතිං මතක් වෙන්න ගත්තට අපි මතක නැතිවෙනව නේ.. කමන් නෑ මැඩම් එහෙනං මේ පාරත් ගන්න මගෙන්ම..කෝමත් මේව අපි සුලු ගානක් තියාන නෙ දෙන්නෙ..

සමරෙ කියවාගෙන යයි.

නෑ අංකල් මට දැන් මේව ඕනි නෑ.. ඇය නැවතත් නැමී සැමරුම් අත ගා බලයි..

ඉන් පසු නැවතත් සමරෙ දෙසට හැරී.. ඉතිං අංකලුත් මෙයින් එකක් ගිහින් දෙනවද ආන්ටිට.. යුවතිය ඇසුවාය..
සමරේ කිසිවිටක ඇගෙන් එවැනි පන්ඩිත කමක් බලාපොරොත්තු නොවීය..

සමරේටඅවසානයේ අහිංසක හීනාවකට ඒ සංවාදය රැගෙන යන්නට හැකි විය..අපිට කොයින්ද පොඩි මිස් වැලන්ටයින්.. අපි ඉතිං මේ ගන්න ගානෙන් තමයි ජීවත් වෙන්නෙ..මේවත් ඉතිං සුලු ලාබ තියෙන වැඩ නේ..

ඒකෙත් හැටි නේ අංකල්..
 කියන්ට ආ දෙයින් කොටසක් සගවාගෙන ඇය පිලිතුරු දුන්නාය...

අංකල්ගේ බිස්නස් එකට කරදරයක් මම මෙතන ඉන්න එක.. මං ගොඩක් වෙල මේව අතගගා හිටිය ත් නේ..ආ මෙන්න මේ රුපියල් පනහ තියාගන්න..මට දැන් ඔය ඒව වැඩක් නෑ අංකල්..

සමරේට වැඩිමනක් රිදුම් ආවේ ඇය බඩු නොගැනීම ගැනවත් ඇය මෙතැනසිටීම් ගැනවත් නොවේ..ඔහුගේන ඇසු වැලන්ටයින් එකට සමරේ බඩු ගන්නේ  නැත්දැයි යන ප්‍රශ්ණයටය.

අනේ නෝන.. ගන්නවනං නෝන එකක් අරං යන්න..මට ගොඩක් බිස්නස් තිබුන නිස තව විස්සක් දීල ඕනි නම් සියෙ එකක් අරං යන්න..ඒත් නිකං නං සල්ලි එපා නෝන.. මේ දවස්වල හොදට බිස්නසුත් තියෙනවා නේ.. සමරෙ කියන්න ටවිය..

මං මේ ව අතගගා ආසාවෙන් බැලුවෙ අංකල් මට තියෙන පොඩි පහේ පිස්සුවකට වගේ කියල අංකල් හිතයි... අනේ මන්ද.. ගිය අවුරුද්දෙ මට එයා මෙතනින් එකක් අරං දුන්නා.. පස්සෙ බලද්දි මමත් එයාට දෙන්න එකක් කලිං මෙතනින්ම අරගෙන තිබුනා..මෙතන කිව්වෙ අංකල් කලිං මේව විකුනාපු ගහ ලගදි..

ඒව ඉතිං වැඩක් නෑ..එක දවසක් බලද්දි ෆේස්බුක් එකේ තිබුන එයාගේ එන්ගේජ්මන්ට් එකේ පොටෝ... සමහර විට මම ගොඩක් දුප්පත් නිසා එයාට මං එක්ක ඉන්න බෑ කියල හිතෙන්න ඇති..ඒත් එයාට තිබුනා නිකං වත් මට කියල යන්න..මම ඇදල ගහල බැනල නවත්වන්නෙ නෑනෙ..
ඇයගේ ඇසේ උනන එක් කදුලු කැටයක් ගුලි වී ඇවිත් පොලිතින් කවර වල එතූ සමරුවක් මතට වැටෙන්නටද හදයි..
ඇය ලේන්සුව ඇස් මට්ටමට ගෙන ..
මං යන්නං යන සංඥාවක් සමරේ වෙතට නිකුත් කරන්න ටවිය..

ඕව ඔහොම තමයි මැඩම්.. සමහරු එකම අවුරුද්දෙ කීප දෙනාට දෙක තුන අරං යනවා.. ලොකෙ හැටි ඒමයි..අපි ඔය ආදරේට කැමති වුනාට අපිට ආදරේ ලැබෙන්න නෑනෙ..ඒකටත් ලැබීම තියෙන් ඕනිලු නේ.. ඒක නේ බුදු බණ වලත් කියල තියෙන්නෙ...

හරි මැඩම් සල්ලි නං ඕන නෑ.. ආයිත් මේවා අලුත් ඩිසයින් ටිකක් හෙට අනිද්ද එනවා.. මේ පැත්තෙ නිකං ඇවිත් අලුත් ඒවා බලල යන්න.. එන්න.. මං ගැන වැරදිය ටහිතන් එපා නෝන..ඒත් මේව බැලුවම හරි ටිකක් නෝනයි හිත සැනෙසෙනවා නං ඒකම ඇති නේ..එ ්කයි කිව්වෙ.. එම අවස්ථාවට උචිත වන අභිනයන් කුමක්දැයි සිතාගන්නට බැරිව සමරේ ඇය දෙස නොබලාම වගේ කියාගෙන ගියේය..

හරි හරි අංකල්..එහෙනම් මම යනවා..අංකල් සල්ලි ගන්නෙත් නෑ.නෙ..මගෙන් කරදරයක් වුනානං සමාවෙන්න..
 ඇය යන්නට ගියාය..

සිරි..නා.. සිරි.. නා... සිරිනා මේ අවේලාවේ අදිමින් කතා කරන්නේ සමරෙ බව හොදින්ම දනී.. මොකො.. අදත් කලාව ඔලුවට ගැහුවයි..තාලෙටකෑ ගහනනෙ.. හුම්..වන වන ඇද ඇද ඉන්නැතුව එනව ඇතුලට.. සිරිනා විධානයකින් මෙන් සමරෙට කියන්නට විය..

නෑ නෑ සිරින..මම පොඩි තෑග්ගක් ගෙනාව ඔයාට.. ඔයාට ඉතිං හැමෝම දෙන්නෙ ඇක්සයිස් කොරල දෙන මෝල් තෑග්ග විතරයි නේ..මං අද පොඩි බඩුවක් ගෙනාව මේන්..

හාැ මොකද්ද බං පෙට්ටිය..මී කතුරක් වත්ද? සිරිනා එය සැනෙන් විවෘත කලාය..
ඈ..මේ මොකද් බං මේ.. අර වැලන්ටයින් සුකුරුත්තමක් නේද? මේ හුත්තවල් මොකටද බං මට.. අනිකඕව මෙතන තියාගන්න ඉඩකුත් නෑ,.ඊලගට මෙතන්ට රිංගන  පකිරෙන්තුවො මින් පස්සෙ ඔය ලබ්බ ගැනම අහවි..ඔන්න ඕක විසික් කරල දාපං අර කානුවට..
සිරිනා සමරේට ගොරවන්නට විය..

හා..ඉතිං උඹ අකමැති නම් කමක් නෑ..එත් ඉතිං ආදරේට ඕව දෙන්න ඕනි..එතකොට තමයිලු ආදරේ පේන්නෙ.. කොහෙද ඉතිං බොට ඕනි පන්සීයය් තව දෙතුන් සීයකුයි විතරයි නේ..උඹට තේරෙනවයි සියුං දේවල්.. සමරේ සිරිනාට යමක් තේරුම් කරන්නට හැදුවේය.

ආ....හ් අප්පඩා... ආ බං සමරෙ..දැන් උඹ මට ආදරේද ඒ පාර... හා හා ආදරේනං මැදෑ.. ඔන්න ඕක එහෙනං අර උඩින් තියල වරෙං විගහට..බිස්නස් තියන වෙලාවෙ ලවු කෑලි උස්සන් එනව නාකි විසේ..

සිරිනා ..උඹට මං තෝරලමයි ගෙනාවෙ බං..සත්තයි.. උඹ ඒක දිහ ටිකක් හරි අාදරෙන් බලහං කො බං..මට කියල වෙන ගෑනු මයිලක් වත් තියෙන එකක්යැ..නෑනෙ.. උඹ නෙව ඉන්න සතියට දෙතුන් වතාවක් වත් බලන්න එන්න..සමරෙ ඇය සමග කරන රාජකාරිය අතරද මේ කතාව මතක් කලේය..

හුම්..එහෙනං සමරේ උඹ ගේ ලවු කෑල්ල මං තියාගන්නං.. ඔන්න උඹ ඕක කියෝ කියෝ තැන් තැන්වල ගිනි තියනව නෙමෙ හරි... සිරිනාට මේ කෑල්ල හෝ ලව් හො ගොඩක් දේවල් තේරුම් ගියේ නැතිමුත් එය වටිනා දෙයක් ලෙස තබාගැනීම සමරේට වැදගත් යැයි පේන නිසාද සමරේ යනු සිරිනා වැහැරී ගියද සිය සිරුර බාල්දු නොකරන තාලේ ගති ඇති කූල් පොරක් නිසාද සිරිනා සමරේ ගෙනා ලව් කෑල්ල බුදු පහන තියෙන තැනට සුට්ටක් පහලින් රාක්කයේ තැබුවාය.. 

Wednesday, October 7, 2015

අපේ ෆෝන් එකට එබෙන්න පොලිසියට පුළුවන්ද

බලන්න අමාරු අකමැති අයට 
අහන්න මෙතන ඔබන්න
 රූපවාහිනිය ගුවන්විදුලිය වගේ උපකරණ තනියෙන් අපිට බලන්නත් පුලුවන් වුනාට ඒවා පොදු භාවිතයටත් ඒ වගේම යොදාගන්නවා. නමුත් පරිඝනකයක් ස්මාට් ෆෝන් එකක් කියන්නෙ තනිකර පුද්ගලික පරිහරණයට යොදාගන්නා උපාංගයන්. ටැබ්ලට් ..ලැප්ටොප් ෆෝන් ස්මාට්ෆෝන් ආදී විශාල පරාසයක මේ මොබයිල් ඩිවයිස් පැතිරිල තියෙනවා. 

පහුගිය සතිවල ලංකාවෙ ඇතිවෙච්චි කතා බහත් එක්ක ආපු කතාවක් තමයි පොලිසියට අපේ ලැප්ටප් ෆෝන් චෙක් කරන්න හැකියාවක් තියනවාය කියන කතාව. 

මේකෙදි අසභ්‍ය දේවල් සම්බන්ද ලංකාවෙ තියෙන යාවත්කාලීන නොවූ යල්පැනගිය නීති රෙගුලාසි අනුව අසභ්‍ය දේවල් වලට යම් යම් සීමාවන් නීතියෙන් පනවා තිබෙනවා. නමුත් අසභ්‍ය කියන්නෙ මොකද්ද කියලා හරියට නීතියෙ අර්ථදක්වලා නැහැ. සිතන්න ඔබගේ ජංගම දුරකථනය තුල කාන්තාවන්ගේ පින්තූර රැසක ගොනුවක් තිබෙනවා. එයින් ඇතැම් ඒවායේ බිකිනිය ඇදගත් කාන්තාවන් සිටිනවා..ඇතැම් ඒවාගේ ඇදුම් රහිත නිරුවත් අය ඉන්නවා..ඇතැම් එකක කාන්තාවන් ලිංගික ක්‍රියාවල නිරත වෙනවා.මේ අතරින් අසභ්‍ය වෙන්නෙ කුමක්ද? අසභ්‍ය නොවෙන්නෙ කුමක්ද කියලා ඔබට මට තීරණය කරන්න පුලුවනි. නමුත් නීතියක් නම් ඒකෙ රාමු හරියට ලකුනු කරලා තියෙන්න ඕනි. එහෙම නැත්තං ඇතැම් විට නාන අවස්ථාවක ලබාගන්නා විනෝද (ෆනී මොඩල්) පිංතුරයක් වුනත් අසභ්‍යයයි කියලා ඇතැම් විට අනික් අයට අර්ථකතන දෙන්න පුලුවන් වෙනවා. 

ෆෝන් එක ලැප් එක පෙන්නුවම මොකද වෙන්නෙ?  

  අන්තර්ජාල සිංහල ලිපි වල තිබුන විදියට පොලිසියට ඕනි වෙලාවක අපේ කොම්පියුටරය ෆෝන් එක චෙක්කරන්න වරෙන්තුවක් ලබාගන්න හැකියාව තිබෙනවා. නමුත් ෆෝන් එක හෝ කම්පියුටරය කියන්නෙ ්අපේ අතිශ්‍ය පුද්ගලික දත්ත තිබෙන තැනක්. ඒ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වල තිබෙන දත්ත වල සම්පූර්ණ අයිතියක් අපිට නැහැ.. උදාහරණ විදියට මම දරන නිලය අනුව මම වැඩකරන කන්තෝරුවෙ ලිපි ගොනුවක සොෆ්ට් කොපියක් මගේ ෆෝන් එකේ ලැප් එකේ තියාගන්න මට අයිතිවාසිකම තියෙනවා. නමුත් ඒක වෙන කෙනකේට පෙන්වන්න අයිතියක් මට නැහැ. එහෙම වුනෙත් ඒක අපි කම්පනිය එක්ක තිබෙන නීතිමය බැදීම අමු අමුවේම කඩ කිරීමක් වෙනවා. 

ලංකාවෙ තිබෙන ලොකු අවුලක් තමයි පොලිසියට අම්බානක බය වෙන එක. ඉස්සර කාලෙ ඈත ගම් මාන වලට පොලිසියෙන් පැන්නම සමහර බයියෝ දුවල ගිහින් හැංගෙනවා කිසිම වැරැද්දක් නැතුවත්.. ඉතිං ඒ වගේ මේ පොලිසියෙන් අපේ පරිඝනක ෆෝන් චෙක් කරනවා කියන සුලු සද්දෙට සමහර අය බයවෙලා තමුන් පාවිච්චි කරන උපාංග වල ලොකු ලෙුාකු වෙනස්කම් කරගෙන තිබුනා. එක අතකින් මෑත කාලෙ පොලිසිය සේයා සදෙව්මි සිද්ධියේදි හැසිරුන විචක්ෂණ විදියට දැක්කම මිනිස්සු බයවෙන එක සාධාරනයි කියලත් හිතෙනවා.. 

පොලිසියෙන් ඒ විදිටය ජංගම දුරකතන වල ගොනු සෝදිසි කිරීමට වරෙන්තු ලබාගත යුතු සාධාරන හේතු තිබෙනවා. උදාහරණ විදියට පහුගිය කාලයේ  ඇතැම් උද්‍යානවල පෙම්වතුන් ගේ ප්‍රේමාලිංගන වීඩියෝ කොට ඔවුන් බියගන්වා කප්පම් ගැනීම්.. ඒවා අන්තර්ජාලයට සහ වෙනත් ජංගම දුරකථන වලට බෙදාහැරීම් ආදී අකටයුතු කම් තිබුනා. ඇතැම් උද්‍යානවලට ගෑනු ලමයෙක්ට කොටට ඇදුමක් ඇදගෙන යන්නත් බැරි තරම් කැත මට්ටමට මේ ජංගම දුරකථණ කැමරාව සමහර අය පාවිච්චි කරලා තිබුනා.. ඒ නිසා ඒ වගේ අවස්ථාවලදි පොලිසිය විසින් මහේස්ත්‍රාත් තුමාට කරුණු දක්වලා එක්තරා අවස්ථාවකදි උද්‍යානය තුල සිටින සියලුම දෙනා ගෙ ජංගම දුරකථන පරීක්ෂා කරන්න අවසරයක් අරගෙන තිබුනා..ඒ වගේ සාධාරන හේතුවකදි පොලිසියට වුනත් උද්‍යානයේ සිටින අහිංසක බහුතර දෙනා වෙනුවන් ජංගම දුරකථන පරීක්ෂාවක් කිරීමේ සාධාරන අයිතියක් තිබෙනවා.

ඇත්තටම අද කාලෙ පුද්ගලිකත්වය කියන එකට අයිති වෙන්නෙ ඇදුම් වලින් වහගත්ත ශරීර අවයව කෑලි ටික විතරක් නෙමෙයි. එතනින් එහාට ගිහිපු පුද්ගලික අවකාශයක් අපි හැමෝටම නිර්මාණය වෙලා තියෙනවා. මම වැඩියෙන් ටෙලිපොන් කරන්නෙ කාටද? මම ගහන මැසේජ් වල තියෙන්නෙ මොනවද වගේ දේවල් අද දවසෙ දි බොහෝ වැදගත් කාරණා බවට පත් වෙලා තියෙනවා.. 

ඔබේ ජංගම දුරකථනයේ සිම්පතේ දත්ත පොලිසියට ලබාගන්න අවශ්‍ය වුන අවස්ථාවකදි පොලිසිය එම දත්ත ලබාගත යුතු වන්නේ උසාවි නියෝගයකින්. එතනින් මෙහා ජංගම දුරකථන සිම්පතක පුද්ගලික දත්ත  වෙනත් පාර්ශව වලට නිකුත් කිරීම වරදක්. ඒ කියන්නෙ කෝල් සම්බන්ද දත්ත මැසේජ් ආදියෙ දත්ත වුනත් දුරකථන ජාලයේ තැම්ප්ත වුනාට ඒවා වෙනත් පාර්ශව වලට ලබාගැනීම නීතිමය අතින් වුනත් දැඩි ලෙස ආරක්ෂා කරලයි තිබෙන්නෙ.. 

ඒ වගේ වටපිටාවකින් ජංගම දුරකථන ජාලය තුලදි අපේ පුද්ගලිකත්වය ආරක්ෂා වෙද්දි කොහේ දෝ යන අසභ්‍ය නීතියකට මුවාවෙලා අපේ ජංගම දුරකථනය, දැඩි නීතිමය ප්‍රතිපාදනයින් තොරව එබිල බලන්න..ඒකෙ තියෙන ඒවා හොයල බලන්න වල් බූරු නිදහසක් පොලිසියට කොහොමටවත් නෑ.. නැති නයි අරං රෙද්ද අස්සෙ දාගන්නෙ නැතුව..පොලිසියෙන් ඔබේ ජංගම දුරකථනය, ටැබ්ලට් එක, ලැප්ටප් එක චෙක් කරන්න එනවා නම් ඒ සදහා තිබෙන නීතිමය ලියකියවිලි ඉල්ලා සිටින්න ඔබට සැබැවින්ම අයිතියක් තිබෙනවා.. 

මම අන්තර්ජාලයේ දැකපු එක තැනක තිබුනෙ අපි පරිගනකයේ පාස්වර්ඩ් දාල තිබුනත් පොලිසිය අපිට දෙක තුනක් පහර දෙන විට ඒවා පොලිසියට දෙන්න වේවි . ඒනිසා ගුටිකන්න කලිං ම පාස්වර්ඩ්  දෙන එක හොදය කියන මෝඩ තර්කයක්. සැබෑවටම පොලිසියට අපෙන් ප්‍රශ්ණ කරන්න අයිතියක් තිබුනත් පහර දෙන්න හැකියාවක් නැහැ. මේ වගේ පහර දීල ගැටළු විසදන්න ගන්න උත්සාහය වැරැද්දක්. ඒකෙන් වෙන්නෙ වැරදි නොකරන අයත් වැරදි කලා කියලා පිලිඅරගෙන ප්‍රශ්න තවත් සංකීර්ණ වෙන එක.. 

අවසාන වශයෙන් පොලිසියේ කාර්යභාරය වෙන්නෙ අපේ පුද්ගලිකත්වය අවුස්සන එකවත් නැති ප්‍රශ්න වගා කරන එකවත් නෙමෙයි. සමාජයේ නීතිය සහ සාමය වෙනුවෙන් ක්‍රියාකිරීම. ඒක පොලිසිය වගේම අපිත් හොදට අවබෝද කරගන්න ඕනි. 

Tuesday, October 6, 2015

සමනාලී මනමාලී Samanaalii Manamaalii


සමනාලී මනමාලී
හිත ගැලෙයි  ඇලෙයි  සුකොමාලී
හිනා සෙයිදෝ   දන්නෙ නෑ
කට අතින් වසා ගෙන ඈ

ඇස්  උස්සා
හිස ගස්සා
අමනාප වෙලා හිටියා
ගියා තරහ දෝ නොකියා
මා ගල් ගැසී සිටියා..

සද්දෙට ගැස්සෙන කෝච්චියක්
 ඒකෙ පිරුන මහ ලොකු සෙනගක්
දොරවල එල්ලී ගෙන දවසක්
 යද්දී දැක්කා එක ඇණයක්

.ඒක ලස්සනයි මූන පිංබරයි..සිරියාවයි
ලග ඉන්න එකා ගැන ඉරිසියය්..
වැදුනා වැදුනා තදටම වැදුනා රිදුනා රිදුනා ගැඹුරට රිදුනා..

මේ කවි ටික කියෝන ආකාරය අහන්න මෙතනට යන්න. 
 
https://drive.google.com/file/d/0By36M5qMRJnDV0VoRFhSVzhTeVU/view?usp=sharing

Monday, October 5, 2015

උරුමය කරුමය මැද උපාධිය

 
ඩෙනිම් කලිසම හිර කරල තියෙන්නෙ ෆැෂන් එකට සෙට් වෙන්න ඕනි නිසා වෙන්න ඇති. ඒත් නිහිංසගේ දුප්පත් කම ඇදුමෙන් වහන්න ටිකක් අමාරුයි. එක අතකින් ඒ දිහා බලං දුප්පත් කම විග්‍රහ කරන්න යන මගේ ඇස් සහ සිත අමානුෂිකයි. එයාගේ ඩෙනිම හිර කරල තිබුනෙ පස්සෙ දාපු මැහුම් පේලි වලින්. ඒ අස්සෙන් පෙනුන අතේ මහපු තැනුත් තිබුනා. බාගෙදා ඒක ඉරුනට පස්සෙ නිකන් මැෂින් වල ඩෙනිම් මහන්න බැරි නිසා උන දෙයක් වෙන්න ඇති.

කාලෙකට කලින් පොලිෂ් කරලාඉදහිට හොදින් තියාගත්තු කහපාට දිග මූනක් ඇයට තියෙනවා. බොහොම හොදට වෙඩින් එකකට පොලිස් කරලා ලස්සනට හදාගත්තට පස්සෙ කාලෙකට ඇගේ මූනට ලොකු සාත්තුවක් වෙලා නැහැ. කොන්ඩෙනුත් පෙන්නුම් කලේ ජීවිතේට ඉස්ට්‍රේට් කරපු නැති විදියක්. 

ගැමි කෙල්ලොන්ට ආසය් කියල කිව්වට මේ වගේ අර්ධ ගැමි එකියක්ට.. අකැමති වෙන අයත් ඇති. මොනව වුනත් කෙල්ල හැඩයි. ලොකුවට පිම්බුන අවයව නැතිවුනාට චාම් දිගැටි මූනට ඒ සුන්දර ඇස් දෙක එකතුවුනාම අමුතු කාව්‍යමය සුන්දර ගතියක් තිබුනා. 

නිහිංසා ඉගෙන ගත්ත ලමයෙක්. ඇය උපාධිදාරිනියක්. දැනට උපාධිය අරගෙන අවුරුද්දක් වෙනවා.ඒත් රස්සාවක් නැහැ. ඇගේ උපාධිය රජරට සරසවියෙ.ඇගේ ගම පොලොන්නරුවෙත් ටිකක් ඇතුලට වෙන්න ඇලහැර දියබෙදුම පැත්තෙ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් අලුතින් උපාධිය ගතපු රැකියා නැති හාරදහක් ඉන්නවලු රස්සා බලාගෙන. එයින් නිහිංසා කියන්නෙ එකම එක චරිතයක් විතරයි. 

ඇගේ පියාට හරි පැත්ත මාරු වුනා. මුලින් මෛත්‍රි මහත්තයට වැඩ කලාට පස්සෙ ඩඩ්ලි මහත්තයලත් එක්ක තරහ වෙලා ලොකු ජනාධිපතිවරණයෙදි නිහිංසගේ තාත්ත ගත්තෙ දිනපු පැත්ත නෙමෙයි. අනික් පැත්ත. ඒ නිසා අද නිහිංසලයි පවුලට දේසපාලන පිහිට ගන්න බැරිවෙලා. සමහර විට දැන් නැතිවුනත් අනාගතේ දවසක හරි නිහිංසට රැකියාවක් ලැබෙන්න තිබුන වාසනාව වැඩිවෙන්න තිබුනා ඡන්දෙන් දිනපු පැත්තෙ නිහිංසල හිටිය නම්. 

මං මුලින් රස්සාවක් හොයාගන්න ඕනි. ඉන් පස්සෙ දෙමව්පියන්ට සලකන්න ඕනි. නිහිංසගේ බලාපොරොත්තු වල මුල් ලැයිස්තුව හරියෙ එහෙම තිබුනා. නිතරම ගැසට් බලන ඇය දමන්න පුලුවන් බොහෝ බොහෝ සේවාවන්ට අයදුම් කලා නමුත් ඒ කිසිවකින් නිහිංසගේ සිතට සතුටක් එන තැනක් තිබුනෙ නෑ.. 

ආයිත් උපාධිධාරින්ට රස්සා දෙන එකක් නැද්ද දන්නෙත් නෑ.. එක වෙලාවකට මේ ගත්තු උපාධියම වදයක්ද කියලත් නිහිංසට හිතුන වාර අනන්තයි. ඒත් නිහිංසට ගමෙ ්තියෙන්නෙ ලොකු සැලකීමක්. ඇය පාරෙ යනකොට ඉස්කෝලෙ සර් කෙනෙක් මිස් කෙනෙක් පාර යනවා වගේ තමය ිමිනිස්සුන්ගේ සැලකීම. ඇයට රැකියාවක් නැති එක ගැටළුවක් නමුත් ගම්මුන්ගේ හිතේ උගතුන් ගැන තියෙන ලොකු චිත්‍රයෙන් දශමයක් වත් මකන්න නිහිංසට හොයාගන්න බැරි උන රැකියාවලට බැහැ. 

දැන් ඉතිං ගාමන්ට ්යන්නත් බැහැ. මොකද නිහිංස ගාමන්ට් යනවට නිහිංසගේ නෑයොය් දෙමව්පියොයි අකමැතියි. 

ගොයං කපන්න දෑකැත්ත අතට ගත්තට ,..පෑන් අතට අර රෑ වෙනකල් පුටු උඩ වාඩිවෙලා පොත් පත් වල බර දරාන හිටපු ඒ අත් වලට දෑකැත්ත බර වැඩියි වගේ. එතකොට ඈට පේනවා ඇය අඩියක් ගොයං කපාගෙන ඉස්සරහට යද්දි ඒ වගේ අඩි තුන හතරක් ඉස්සරහින් යන විදිලි වේගෙන් ගොයං කපන මඩකලපුවෙන් ආපු කොල්ලො.. 

ලොකු මැෂින් දාන්නබැරි මේ කුඹුරු කෑලිවල ගොයං කපන්න දැන් එනව මඩකලපුවෙන් ගෑනු මිනිස්සු සහ ලමයි. ඒ මිනිස්සුන්ට හරියට වැටිල ඉන්න පැල්කොටයක්වත් නෑලු.. ඒ මඩකලපුවෙන් එන කොල්ලො උපාධි කාරිනියක් වෙච්චි නිහිංස දිහා බැලුවෙ ලොකු ගරුත්වයකින්. ඒ නඩේ හිටපු සිංහල දන්න එකම එක්කෙනා නිහිංස ගැන කියන්න ඇති ලොකු විස්තරයක්. 

අවුරුදු පාලහේ දාසයෙ කොල්ලො ඇවිත් විසාල දෑකැති වලින් ගොයං ගස් ටික සෙල්ලමට ගත්තා වගේ ඉක්මන්ට ගොයං කපනවා. ඒ මිනිස්සු මෙහෙ ඇවිත ්තුන් වේල කාලා ගන්න තුට්ටු දෙකත් අරගෙන ආයිත් මඩකලපු යනවා. ඒ ගන්න සොච්චං සල්ලියෙන් ඒ මිනිස්සුන් ට මාසයක් දෙකක් යාන්තං නොකා නොබී ඉන්න ඇහැකිය කියලා ඒ කන්ඩායමේ ඉන්න සිංහල දන්න මිනිහ කියනවා නිහිංසට ඇහිල තිබුනා. 

මඩකලපු තරුණයො හැඩියි දැඩියි..මහතයි. .උපාධියෙන් යටවුනු ඇගේ තරුණ ළය මඩල මඩකලපු තරුණයින්ගේ පපුවල ගිහින් වැදෙන්නෙ ඔවුන්ගේ හුස්ම හඩ අගේ කනේ වැදෙන්නෙ ඇත්තම ලෝකෙ නෙමෙයි. මායා ලෝකෙ. නමුත් ඒ මායා ලෝකට කලිං විසදගන්න කොච්චර ලෝක තියෙද? නිහිංස නියරක් උඩ වාඩි වෙලා ගොයං සැර වැදුන දනිස්සෙ යට පැත්ත කහන ගමන් කල්පනා කලා. 

දෙමව්පියන්ගේ ගොවිතැන් වලට උදව් වුනා කියලා ලොකු වාසියක් ලැබෙන පාටකුත් නෑ..ගෙදට්ට වෙලා ඉන්න පුලුවන් උපරිම කාලේත දැන් ගෙවිගෙන ගිහින් ඉවරයි. තාත්තයි අම්මයි නංගිලාට දෙස් තියනවා ඇහෙනවා. ඒත් ඇත්තටම නිහිංසට බනින්න බැරි කමට නංගිලට බනිනවද දන්නෙත් නෑ නිහිංසට හිතුනා. 

මගේ උපාධිය වගේම මේ ලෝකෙට මාවත් වැඩි ඇති. හොදට ඉගෙනගන්න තිබුන හැකියාවත්  පොඩි කාලෙත් ලස්සනට හිටිය නිසත් නිහිංසට වැඩියෙන් ආකර්ශනය ලැබුනා. ඇය නිවේදන තරග වගේ තරග වලින් ගොඩක් ඈතට ගියා. නමුත් කොළඹට කිට්ටුවෙනකල් ඇගේ නිවේදන හැකියාව ගියාට නිවේදන කරන්න යන්න එන්න ගියාම තිබුන කරදරේ ඒවට වියදං වෙන බස් කුලිය පවා හොයාගන්න තිබුන අමාරුව නිසා ඒවත් එහෙම්ම යට ගියා. 

ඇය ගොඩක් කතා කලා.මම ගෑනුලමයි එක්ක කතා කරද්දි මට වඩා ගෑනුලමයි කතාකරන අවස්ථා එන්නෙ ටිකක් අඩුවෙන්. මගේ තියෙන පන්ඩිත ඒරියා එක වැඩි නිසා ඇය බොහෝවිට අහගෙන ඉන්නවා මිසක ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ වෙන තැන්වලදි ..නමුත් නිහිංස එහෙම නෑ.. ඇය මටත් වඩා කතා කලා. අවසානෙ දැන් ඔයාට රට යන්න හිතිල ඇති කියල කියල මම ඇහුවා..

ඔයා කොහොමද ඒක දන්නෙ..නිහිංස ඇහුවා.. ඒක මම ගෙස් කල එක ගැන නිහිංසට පුදුමයි. අවසානෙ ඇය ගියා.. ඇය මගේ කාඩ් එක අරං ගියා. මගේ ටෙලිපෝන් නම්බරේ අරං ගියා..මගේ මතකයෙන් කෑල්ලකුත් නිහිංස මල්ලෙ දාගනෙ ගියා. ඒත් ඇගේ ටෙලිපොන් නම්බර් එකවත් නමවත් මොකක්වත් මට දීල ගියෙ නෑ.තේ වතුර එකක් බොන්න අපි අර කඩේට යමු කිව්වහම..අනේ බෑ ඔයා යන්න කියල මග ඇරල ගිය ඒ දිගටි මූන මට තාම මතකයි. ඇගේ බලාපොරොත්තු සාර්ථක වේවා..!!කියනවා හැර වෙන මක්කා කියන්නද? ඉතිං..

Sunday, October 4, 2015

මොබයිල් ප්‍රොසෙසර සහ ලාබ Smartphone

5.0 inch HD 720p screen,
MTK6735 1 GHz Quad Core processor
2GB RAM
16GB ROM
8MP front
13MP rear double
Android 5.1 OS.
Corning Gorilla Glass 2.5

4G LTE

මෙන්න මේ මට්ටමේ තාක්ෂනික මට්ටමේ තියෙන Doogee Velencia Y100 Pro ස්මාට්  ෆෝන් එක මම මිලදී ගත්තා US ඩොලර් 115කට. ඒ ෆෝන් එක bangood ඔන්ලයින් ස්ටෝරුවෙන් ඕඩර් කරද්දි ඩොලර් එක 135යි වුනේ. එතකොට මට ස්මාට් ෆෝන් එකට වියදම් වුන ගාන රු 15,525ක් පමණයි.


අලුත් ස්මාට් පෝන් එක මගේ අත උඩ
මේ චීන මොඩල් එකේ මොබයිල් ෆෝන් එක මට එවල තිබුනෙ ස්වීඩන් රටේ ඉස්ටෝරුවකින්. එවපු පාර්සලේ ඉහලින් පොඩ්ඩක් ඇරල තිබුනට ෆෝන් එකට කිසිම කරදරයක් වෙලා නම් තිබුනෙ නැහැ. කස්ටම් එකෙන් ඇරල තිබුනෙත් නෑ. වැඩියෙන් බදු ගෙවන්න වුනෙත් නෑ. 
අලුත් පෝන් එකේ ස්ක්‍රින් ෂොට්ස්
















චීන ෆෝන් එකේ තියෙන්නෙ සෝනි මෙගාපික්සල් 13ක කැමරාවක් කියල තමයි තාක්ෂණික දත්ත වල සදහන් වුනේ. මොනව නමුත් 13ම නෑ කියල සමහර අන්තර්ජාල තොරතුරු පත් වල සදහන් වුනත් කැමරාව සැලකිය යුතු තත්වයකින් තියෙනවා.




මේ ඉහලින් තියෙන්නෙ අලුත් පෝන් කැමරාවෙන් ගතපු පිංතුර. ඒවා බලපු යාලුවොත් කිව්ව කැමරාව නම් තරමක් හොද මට්ටමක තියෙනවා කියලා. 

සාමාන්‍යයෙන් ඔන්ලයින් චීන ස්ටෝරුවල බැලුවාම මෙ  විදියෙ චීන ෆෝන් විවිධ නම ්වලින් තියෙනවා. ඊබේ එකේ ඇමසන් වල පවා චයිනිස් ස්මාට් ෆෝන් විකුනන්න තියෙනවා. මේ ෆෝන් වල සැම්සුන්, හුවාවේ, ඇපල්, එල් ජී ආදි මොඩල එක්ක බැලුවාම සාමාන්‍යයෙන් පොදු අසමානතාවයක් තියෙනවා. ඒ තමයි ප්‍රොසෙසර එක. 

දැන් දැන් එන බොහෝ ස්මාට් ෆෝන් වල 4G අගල් පහේ හෝ ඊට වැඩි  HD Display මේ මට්ටමේ කැමරා ආදිය තියෙනවා. නමුත් ඒ බොහෝ නමගිය ෆෝන් වලට වඩා මේ චීන ෆෝන් ලාබ වෙන්න මූලික හේතුවක් තමයි ඔවුන් යොදාගෙන තිබෙන ප්‍රොසෙසර එක. 

පසුගිය වර්ෂවලදී ලෝකයේ ස්මාට්ෆෝන් බොහොමයක් සමන්විත වුනේ Qualcomm Snapdragon කියන ප්‍රොසසර් එකෙන්. මීට කලකට පෙර වගේම දැනුත් ඇපල් සමාගම ඇතුලු ප්‍රකට නම් සහිත ස්මාට් ෆෝන් තනන අය යොදාගන්නෙ ක්වාල්කොම් ස්නැප්ඩ්‍රැගන් ප්‍රොසසර එක. ඊට අමතරව ඉන්ටෙල් ඇටම් කියන ප්‍රොසසර එකත් තියෙනවා. බොහෝවිට අසුස් සෙන්ෆෝන් කියන මාදිලිය එන්නෙ ඉන්ටෙල් ඇටම් කියන මොබයිල් ප්‍රොසසරයේ බලය එක්ක. 
Intel Atom සහිත Asus Zenfone 
පසුගිය වසරේ සැම්සුන් සමාගම ගැලක්සි S6 කියන තමුන්ගේ මාදිලියට සැම්සුන් සමාගමේම ප්‍රොසසර එකක් යොදාගන්න තීරණය කරල තියෙනවා. ලෝකයේ වැඩිම පිරිසක් භාවිත කරන ජංගම දුරකතන වර්ගය වන සැම්සුන් සමාගමේ ඒ තීරණය ක්වාල්කොම් සමාගමට ලොකු පහරක් වෙලා . ඒ වගේම මීඩියා ටෙක් කොම්පැනියෙන් ලාබට එන ප්‍රොසසර සහිත ජංගම දුරකථන වෙළදපොලට පැමිණීමත් ක්වාල්කොම් අයට අභියෝගයක් වන්නට ඇති. 

Mediatek කියන්නෙ තායිලන්ත සමාගමක්. ඔවුන්ගේ අරමුනක් තමයි ලාබදායි මීලට ජංගම ප්‍රොසසර නිර්මාණය කිරීම. මේ මොබයිල් ප්‍රොසසර සහ චිප් ආදිය යොදාගන්නෙ ෆෝන් වලට විතරක්ම නෙමෙයි. කාර් සහ වාහන වල තිබෙන පද්ධති වලට.. ඩොන්ගල්. මොඩම්, රවුටර් ආදියට මේ මොබයිල් ප්‍රොසසර යොදාගන්නවා. 

4G LTE වල ආගමනයත් එක්ක වඩාත්ම සාර්ථක ලෙස 4G  වලට සරිලන විදියට ජංගම දුරකථන සහ ජංගම උපාංග නිර්මාණය කරන්න අවශ්‍ය වුනා. කලින් තිබුන ත්‍රී ජී එක්ක බලද්දි 4G  කියන්නෙ දෙතුන් ගුණයක විශාල වේගයක් සහිත සම්බන්ධතාවයක්. ඒ වගේම විශාල සහ තීව්රතාවය වැඩි ඩිස්ප්ලේ, වැඩිබලයක් යොදාගන්නා ඇප්ලිකේශන් ආදිය නිසා මොබයිල් ප්‍රොසසර තැනීමේදී විවිධ ආකාරයෙන් සොයා බලන්නට මොබයිල් ප්‍රොසසර සමාගම් වලට සිද්ද වුනා. 

ඒ තරගයෙන් යාන්තම් ඔලුව දාගන්න මීඩියාටෙක් අයට හැකිවෙල තියෙනවා. නමුත් තවමත් ජංගම දුරකථන වෙලදපොලේ සියයට 90කට  වැඩි කොටසකට අයිතිය කියන්නෙ ක්වාල්කොම් කියන ප්‍රොසසර. 

මගේ ජංගම දුරකථනය ගත්තොතින් ඒකෙ තියෙන එක ලොකු දුර්වල තාවයක් තමයි බැටරිය. බැටරිය 2000mAh වගේ තමයි තියෙන්නෙ. ඒකටත් දුරකථන සමාගම් අලුත් විසදුම් සොයාගෙන තිබෙනවා. 5000, 6500 mAh වගේ අධි බලැති ජංගම දුරකථන බැටරි නිශ්පාදනය වීම වගේම ඒවා ආරෝපනය කරන්නට හෙවත් චාජ් කරගන්නට වැඩිබලයක් එකවර ලබාදිය හැකි ක්වික් චාජ් ක්‍රම දැන් ඇවිත් තියෙනවා. 

ඒ කිව්වෙ 5000ක වගේ අගයකින් බැටරි බලේ වැඩිවුනාම තිබුන සාම්ප්‍රදායික ක්‍රමේට චාජ් කරන්න ගියොත් ඒ ප්‍රමාණය චාජ් වෙන්න පැය 6-7ක් යනවා. නමුත් අලුත් තාක්ෂණික ක්‍රමවලින් වැඩි බලයක් ස්වල්ප කාලයක් යොදවා බැටරිය චාජ් කරන්න හැකියාව දැන් චීන සමාගම් විසින් සොයාගෙන තිබෙනවා. 

මගේ ෆෝන් එක ඇන්ඩ්‍රොයිඩ් 5.1 Lolipop එකක්. සිංහල අකුරු යසට පේනවා වගේම මේ ෆෝන් එකේ ඩුවල් සිම් භාවිත කරන අයට විශේෂ සැකසුම් කීපයකින්ම සමන්විත වෙනවා. 

අද ස්මාට් ෆෝන් කියන දේ බොහොම වේගෙන් පැතිරෙන බඩුවක් වෙලා. මාස දෙක තුනක පඩිය ෆෝන් එක වෙනුවෙන් යොදවන්න කැමති තරුණ තරුණියොත් දැන් දැන් ඇතිවෙල තියෙනවා. ඒ වගේම ජපානෙ සහ වෙන රටවල පාවිච්චි කරපු ඇපල් ෆෝන් එහෙම අමාරුවෙන් ඕ එස් කඩල යාන්තං මිට ගහගෙන සෝබනේට පාවිච්චි කරන අයත් ඉන්නවා. 

ස්මාට් ෆෝන් එකක් ලාබෙට හොයන අයෙක්ට හුවාවෙ ඇරුනම තියෙන හොද ඔප්ෂන් එකක් තමයි මේ චීන ස්මාට්ෆෝන් එකක් රටින් ගෙන්වගන්න එක. චීන වුනත් පැකින් නොකඩපු අලුත් බඩුවක් පාවිච්චි කරන එක , සුද්දො , ජප්පො විසික් කරපුවා අන්ලොක් කරල අමාරුවෙන් පාවිච්චි කරනවට වඩා හොදය කියල තමයි මට හිතෙන්නෙ. 

Tuesday, September 22, 2015

අකුරු කියවන අය පොත් නොකියවති

මේ පාර බුක් ෆෙයා එකට මගේ තියෙන පොඩි කැමරාව අරං ගිහින් පොත් ප්‍රදර්ශනය බලන්න එන ගෑනුන්ගේ පුකවල් ටික පොටෝ ගහලා පොත් ප්‍රදර්ශනයකට ඇදන් යන්න සුදුසු මොස්තර කියලා පෝස්ට් එකක් දාන්න ඕනි කියලා මට මුලින් හිතුනා. නමුත් මේ දිනවල කාන්තාවන්ට හිංසා කිරීමට එරෙහිව දියත් වෙලා තියෙන මහා ජනමතයත් එක්ක මගේ කලාත්මක අදහස කෙසේ වෙතත් හොදහැටි ගුටිකාල පොලිසියෙ ලගින්න වේවි කියලා බය හිතුනා. 

වෙන රටකදි නම් පොලිසියෙ ගියා කියල ඒකත් අත්දැකීමක් විදියට අරගෙන ඉන්න කලාකාරයෙකට ඉවසන්න හැකිවෙනවා ඇති. නමුත් මේ රටේ මාධ්‍ය විසින් බොහෝම ඉක්මනින්ම වැරදි කරුවන් තෝරා බේරා දුන් පසු ඒ මාධ්‍ය දිහා බලං කැලෑ නීතිය අතට ගන්න මහාජනයා තොගයක් ඉන්න රටකදි ඒ වගේ ගෑනුන්ගේ පුකවල් පොටෝ ගැනීම (ඇදුම් සහිතව) කියන්නෙ ලොකු අවධානමක්.
පොත් පලන ගෑනු දෙදෙනෙක්
මීට අවුරුදු දෙක තුනකට තිබුන පොත් සල්පිලවල් වලට වඩා මේ පාර කෑම කඩවල් එහෙම හොදට තිබුනා. කාලයකට ඉහත කන්න තිබුනෙ තැන් දෙක තුනයි..දැන් ගොඩාරියක් කෑම බීම කඩ පොත් ප්‍රදර්ශනයෙ ඇතිවෙලා තියෙනවා. 

ප්‍රෝ මේට් කියන අභ්‍යාස පොත් සහ ලිපිද්‍රව්‍යවෙළද නාමය සහිත සමාගම පොත් ප්‍රදර්ශනයේ මූලික අනුග්‍රාහක බවතෙක් වෙලා. එතනින් මම හිතන්නෙ අභ්‍යාස පොත් වලට මහා පොත් ප්‍රදර්ශනයේ ඇති බලපෑම හොදට පේනවා ඇති. 

ගියවසරකදි පොත් ප්‍රදර්ශනයේ බලන්න ගිහින් එකපොතක්ගැනවත් අදහසක් නොකිය පොත් ප්‍රදර්ශනයේ තිබුන කෑම බීම සහ ලස්සන ගැන මම පෝස්ට් එකක් ලිවුවා..බොහෝ දෙනෙක් ඒ පෝස්ට් එකේ තිබුන අදහස අරගෙන තිබුනෙ නෑ..ඇත්තටම මම පොත් මිලදී ගන්නෙ නැති කෙනෙක් වත් පොත් නොකියවන කෙනෙක් වත් නෙමෙයි.. නමුත් පොත් කියන දේ පොත් ප්‍රදර්ශනයෙන් ඈත් වෙමින් යනෝ කියලය ිමට හිතෙන්නෙ. 

දකුනු ආසියාවෙ බංගලිදේශය පාකිස්ථානය වගේ රටවල් සැලකුවොත් ඒ රටවල අකුරු කියවන්න ඇහැක් මිනිස්සු සහ බැරි මිනිස්සු කියලා කොටස් දෙකක් ඉන්නවා. පාකිස්ථානයේ සහ බංගලිදේශයේ මිනිස්සු දහයක් ගත්තෝතින් අකුරක් යන්තම් කියෝගන්න පුලුවන් වෙන්නෙ හය දෙනෙකුට පමනයි. සාක්ශරතාවය තියෙන්නෙ සියයට 57ක මට්ටමේ. 

නමුත් ලංකාවෙ මිනිස්සුන්ගේ කියවීමේ හැකියාව වැඩියි. මිනිස්සු සීයක් ගත්තොතින් එයින් 98කටම අකුුරු කියවන්න හැකියාවක් ලංකාවෙදි තියෙනවා. නමුත් ලංකාවෙපොත් පත් පත්තර වෙලදාම දිහා බැලුවම පෙනී යන දෙයක් තමයි අකුරු කියවන්න හැකි වුනාට පොත් පත් කියවන්නෙ ඉතා අඩු පිරිසක්. ඔය පිරිස කොය ිතරං සුලු පිරිසක්ද කිව්වොත් කප් ගහපු ලිංගික කෑලි ඔබපු පැරණි රසාංග සහිත ජනප්‍රිය නවකතා කඩමාල්ලක් හෝ ජනප්‍රිය සාම්ප්‍රදායික බොලද ආදර නවකතාවක් නොවන කෘතියකින් පිටපත් 5000ක් විකුනගන්න එක හරි අමාරු වැඩක්.. හැමෝටම කියවන්න පුලුවන් වුනාට කියවන්නෙ බොහොම අඩු පිරිසක් කියලා තමයි එතනින් පෙනී යන්නෙ. 

එක පැත්තකින් පොත් කියවන පිරිස අඩුයි. අනික් පැත්තෙන් පොත් කියෙව්වත් අපේ උන්දැලගේ විඥාණය හරි මොකක් හරි අඩුයි. කොහෙම උනත් පොත පත කියෝන මිනිහෙක් සාහිත්‍ය ආස්සරේ කොරන මිනිහෙක්  හෝ කලා කාරයෙක් කියන්නෙ අමුුතු ආකාරෙ සතෙක් නෙමෙයි. ලංකාවෙදි කලාකාරයො කියන්නෙ සංවේදී සත්තු ජාතියක්ය කියලා  ජනප්‍රිය මාධ්‍යයේදී අපිට උගන්වනවා. නමුත් ඔය කියන කලාව ලෙව කෑව පලියට මිනිස්සුන්ගේ සංවේදීකම වැඩිවෙන්නෙ නෑ.. 

හැබැයි ොගඩක් පොත පත කියෝන උන්ට යමක් කමක් ගැන ටිකක් පලල්ව හිතන්න ඇහැක් කම පොඩ්ඩක් වැඩිවෙන ගතියක් තියෙනවා. අර අබුද්දස්ස රටේ ලබුත් මෙව්වා රහ වෙනවයි කියන්න වගේ අපේ උන්ටනං ඒකත් වෙනවද කියල මට වෙලාවකට සැකයි. 

යම්කිසි සාපරාදී දුක හිතෙන අපරාධයක් වුනාම මාධ්‍ය වලට නඩු විසදලා වැරදි කාරයො තෝරන්න වල් බූරු නිදහසකුයි.. ඒ මාධ්‍ය මගින් තප්පුලන දේවල් වලට කුලප්පු වෙලා අහිංසකයින් එල්ලා මරන්න කියලා උඩදාන මහජනයායි දැක්කම මටනං හිතන්නෙ අපි මහ ලොකුවට වැනුවට අකුරු කියවන්න බැරි උන් වැඩි පකිස්ථාන් බංගලිදේශ මට්ටමින් එහාට අපි ගිහින් නෑ.. 

අපි සාක්ශරතාවය කියන එක තියන් ඉන්නෙ හරියට අපේ මුත්තට තිබුන ආරච්චි පට්ටම වගේ වැඩකට. දැන් මුත්ත නෑ.. උගේ ආරච්චි පට්ටමෙන් ඇත්තටම දැන් වැඩකුත් නෑ.. හැබැයි ලොකුකමට අනික් උන්ට අපේ ලොකුව පෙන්වන්න.. වරිගෙ ගැන කියනකොට ලොකුකම වදාරන්න අපේ මුත්තගේ ආරච්චි පට්ටම අපිට පට්ට විදියට පොරෝජන වෙනවා. 

දැන් අපේ උන් සාක්ශරතාව තිබුන කියලා කියවන ලබ්බකුත් නෑ..ඒ කියෝන උන් කියෙව්වි කියලා අඩුතරමෙ සමාජෙ මිනිස්සුන්ට තියෙන අයිතීන් ටිකවත් රැකල දෙන්න ඇහැක් මට්ටමට සමාජයක් හැදෙන්නෙත් නෑ.. හැබැයි අපිට ලෝකෙට පෙන්වන්න මාර වැදගත් දෙයක් තමයි සාක්සරතාවය. 

ඔබ යන්න පොත් ප්‍රදර්ශනේ බලන්න. ටිකක් කල්පනා කරන්න වසරකදී අපේ රටේ අලුතින් මුද්‍රනය කරපු අධ්‍යාපන මූලික නොවන පොත් අතලොස්ස ගැන. ඒ වගේම නවකතා,පරිවර්ථන හැර නිකුත් වුන අනෙකුත් පොත් සංඛ්‍යාව ගැන ටිකක් හිතල බලන්න.