Showing posts with label කාශ්මීර ගමන. Show all posts
Showing posts with label කාශ්මීර ගමන. Show all posts

Sunday, January 6, 2019

කාශ්මීර හිමාචල් ගමන 10 මනාලි සිට පහලට

 මනාලි අපි හිටිය හෝටලය තිබුනේ පරණ මනාලි දිහා. ඒක කන්දක් උඩ ලස්සන තැනක තිබුනා. අපි ඒකේ ඉදන් පහලට බහින්නටඋවමනා වුනා ටවුමට. පහලට බහින කොට හන්දියේ කඩයක් තියෙනවා. චීන මූන තියෙන පියකරු පෙනුමක් තියෙන ගෑනු ලමයෙක් උන්නා ඒ කඩේ. මම සහ චතුරංග එතනින් බ්‍රෙඩ් ඔම්ලට් දෙකක් ගත්තා උදේ පාතරාසයට. බ්‍රෙඩ් ඔම්ලට් කියන්නේ ලංකාවේ එච්චර නැති කෑමක්.ලොකු කෑමක් නෙමෙයි. බිත්තරයක් ඔම්ලට් කරා සැන්විච් පාන් එකක් අස්සට දැම්මා. ඉන් පස්සෙ ඒක රත්වුන තැටියක් උඩ තිබ්බා. මේක හදනකොට බටර් ටිකකුත් ගානවා පාන් කෑල්ලට. තව ටී එකකුත් ගැහුවා. ඒ පොඩි කඩවල වුනත් කෑම හදන්නේ අපි ගිහින් ඇනවුම ්කලාම. හදලා වරු ගනන් මැස්සෝ වහ වහ තියෙන්නේ නැහැ. ඉතින් අපි ගිහින් කිව්වම විනාඩි පාලහකින් විතර බ්‍රෙඩ් ඔම්ලට් එක ආවා. හිනැහි හිනැහි.
 මේ පිංතුර තියෙන්ේන පිලිවෙලට නම් නෙමෙයි. ඊලගට අපි හිමින් හිමින් පහලට බැස්සා. ඔය අස්සේ කොහොමින් හරි නේරු පාක් එකට ආයෙත් ගියා. නේරු පාක් එක තියෙන්නේ මනාලි හරහා යන ලොකු දොල පාර කිට්ටුව. ඉතින්ඒ වතුර පාර සයිඩ් එකෙන් තියෙන අඩිපාර දිගේ ගමන බොහොම කික් අත්දැකීමක් වුනා. ඒකේ යද්දි ඇලමේ පැත්තේ අනික් පැත්තේ ලස්සනපාක් එක තියෙනවා. 
 මේ ලියන්නේ අගෝස්තු 15 දවස ගැන. මතක ලෙස අගෝස්තු 15 කියන්නේ ඉන්දියාවේ නැෂනල් දවස. ඉන්දියාවේ නිදහස් උත්සවයසමරන්න පොඩි උත්සවයක් තිබුනා මනාලි ටවුමේ. අපි ඒකටත් සහභාගි වුනා. ඒ කිව්වේ ඉතින් එතන තිබුන දේ අපි බලාගෙන ඉදියා.අවසානේ එතන කොඩි ප්‍රෝගැම් එකක් තිබුනා. මම සහ චතුරංග ගිහින් ඒකට රුපියල් කිහිපයක් දැම්මා. ඒ ගමන අපිටත් කොඩියක් පැළදුවා. ටවුන් එක මැද තිබුන ඒ උත්සවය ටිකක් හොදට තිබුනා මතකයි.
 ට්‍රැවලින් වලදි කෑම කඩ හොයද්දි හොද ට්‍රික් එකක් තමයි සෙනග වැඩි තැන් වලට සෙට් වීම. අපේ රුචා සහ අනෙක් සෙට් එක පට්ට කෑම කඩයක්ෙ සායාගෙන තිබුනා. ඒක මනාලි වල තියෙන සුපිරිම කඩයක්. හොද ෆ්රයිඩ් රයිස් එකක් සහ සුපිරිම බියර් එක්ක බඩට දාගත්තා ඒකෙන්. මම බියර් ඉතිහාසේ ගොඩක් බියර් බීල නැහැ. ඒත්ඒ තරම් ස්මූත් බියර් එකක් ගැහුවේ මනාලි වලදි තමයි. එච්චරම තිත්ත අඩු කටුක නැති බියර් එකට බිය් කියන්න පුලුවන්ද මන්දා.ඒත් ඒක පට්ට. ඒකේ කෑමත් හොදයි. අවාසනාවකට මට දැන් මතක නැහැඒ කඩේ නම. 
 ඇත්තටම ඉන්දියාවේ යද්දි හෝ හොද ලාබ රටවල යද්දි ගෙදර අල්මාරියෙන් බාගයක් පුරවාන යන එක තේරුමක් නැහැ. මනාලි ටවුමෙත් රෙදි කඩ තියෙනවා. ආබරණ කඩ තියෙනවා. පොත් පත් කඩ තියෙනවා. ඉතින් එහෙම වෙන්න එපැයි. අපි යන්නේ මිනිස්සු ජීවත් වෙන පලාතක නම්.ඒ පලාතේ ලංකාවට වඩා බඩු මිල ආදිය අඩු නම් අපි මෙහේ ඉදන් ගොඩක්දේ උස්සන් යන්න ඕනි නැහැ. අපි සෙට් එකම ලොකු ලැජෙග්ජ් අරගෙන ගියේ නැහැ ඩිලා විතරක් මහ පෙට්ටියක් වගේ තල්ලු කරන එකක් අරගෙන තමයි බැක්පැක්ටුවරට ආවේ. ඩිලා ඉතින් ඉතාලි පුරුද්දට ඒක අරන් එන්නට ඇති. 
 මනාලි විදිය කියනවා නම් ටිකක් නුවරඑළිය වගේ. ඒත් නුවර එළියට වඩා ගොඩක් ලොකුයි. මේ කදුකර පලාතෙන් එලියට යන්න බස් එකේ වුනත් අපිට පෑ හයක් විතර යනවා. ඒක දීර්ඝ ගමනක්. ඉන්දියාවේ ගිහින් ඔන්න මනාලි යන්න ඉන්නවා නම් ලොකු අමාරුවක් නැහැ. යන්න දිල්ලියට. ගිහන් කැෂ්මිර් ගේට් කියන තැන තියෙනවා රෑ බස්. රෑ බස් එකක නැග්ගම උදේ වෙද්දි මනාලි. ඉන් පස්සේ ටිකක් ඇවිදලා හෝ නැතිනම් බුකින් එකෙන් හරි කාමරයක් ඕඩර් කරගන්නයි තියෙන්නේ.
 මනාලි වල පාක් කිහිපයක් තියෙනවා. අපි ගියේ නේරු පාක් එකට. චිල්රන් පාක් එකකුත් තිබුනා ඒකත් පෙනුන හැටියට ගැම්ම. මේ තියෙන ජාතියේ පාක් වල තියෙන්නේ මහා විසාල රූස්ස පයිනස් ගස්. ඒවා හිම තියෙන රටවලදි ලංකාවට වඩා වෙනස්වට දාර බේරිලා තියෙනවා වෙන්නට ඕනා. දඩ බඩාස් ගාලා ගිහින් ඔන්න මනාලි ආවා කියලා සිග්නේචර් එක ගහලා එන්න යනවාට වඩා මේ පැතිවල ඇවිත් සතියක් විතර ඉදලා ඇක්ටිවිටි ටිකක් ෆාලෝ කරලා කන්දක් දෙකක් නැගලා මිනිස් ්ජීවතේ බලාගන්න පුලුවන් නම් වටිනවා. ්ත් ඉතින් අපිට නිවාඩු නැහ. අපි ගිය කාලේ වැස්ස. අපිටත් වැස්සපාත් වුනා.ලොකු කරදරයක් නම් වුනේ නැහැ අපිට වැස්සෙන්. 
 බස් පිටත් වෙන්නේ හවස. බස් නැවතුම් පොලක් ප්‍රධාන ටවුමේත තියේ. ඒත් දුර යන බස් නවත්වන්නේ පහල තියෙන ලොකු තැනක. හම්බේ සැප බස් තියෙන්නේ එහේ. ලංකාවෙ ්ඒ වෙද්දි මතක ලෙසට වැඩිය සැප බස් හයිවේ වලට ඇවිත් තිබුනෙත් නැහැ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට ඉන්දියාවේ දුර යනවා නම් සැප බස් වල ආසන ඇනවුම් කරලා යන්න පුුලුවන්. ඉන්දියාවෙම හදන ලේලන්ඩ් ටාටා වගේ සැප බස් වගේම වොල්වෝ, මර්සිදිස් වගේ බසුත් තියෙනවා ඉන්දියාවේ පබ්ලික් ට්‍රාන්ස්පොට් වලට.
 ආ තව පොඩ්ඩෙන් කියන්න මතක නැතිවෙනවා. අපි ගියා හඩිම්බා දේවාලෙට. හඩිම්බා දේවාලය ඇතුලු දේවාල කිහිපයක් ඉන්දීය ජාතිකයින් අතර ජනප්‍රියයි. ඔවුන් ගිහින් ඒ තැන්වල වන්දනාමාන කටයුතු කරනවා. ලංකාවේ පන්සල් වගේ එකේක වයස් වල එක එකජාතියේ කට්ටිය ඇවිල්ලා තිබුනා දේවාලෙට. ඒ දේවාල වැදීම මම හිතන්නේ එහේ නිවාඩු දවසට සාමාන්‍ය ජනයා කරන දෙයක් වෙන්නට ඕනා.
 අපි දේවාලෙට ගිහින් ඒ අවට කැරකුනා. ඒ කැරකෙද්දි ඒ දේවාලට ආසන්නවම ඇක්ටිවිටි කිහිපයක් තිබුනා දැක්කා. මහ විසාල අර හිම තියෙන පලාත් වල ඉන්න හරක් ජාතියේ එකෙක් උන්නා. දැන් මට උනගේ නම මතක නැහැ නේ..බයිසන් ද මන්දා. අර ලොකු විසාල හිම හරක් ජාතිය. මේ හිම හරක් දැක්කම ටිකක් සැර පාටයි. ඒත් හීල ඇති. බඩු අදින්නසහ සමහර තැන්වල පොඩි උන් පිටඋඩ තියාන යන්න මේ හරක් ගන්නවා.
 ඇදහිලි නම් ඉන්දියාව ඉන්දියාව නම් ඇදහිලි කියලා කතාවක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ හරක් අං වගයක් ගහක ගැටගහලා. මේක මේ චර්ම රෝගයකට ගට ගැහිලා නෙමෙයි. මේ ත් මොනවාහරි ඇදහීමක්. මේ ආසන්නයේ තව දුනු විදීම වේග ක්‍රීඩාවන් පුරුදු වෙන තැනුත් තිබුනා. අපි ගිය වෙලාවේ නම් ලොකු සෙනගක් හිටියේ නැහැ ඒත් මේ තැන් වලට වෙන දවස්වලට සෙනග එනවා ඇති.
 අපි දිල්ලි බලා බහින්න ඉදිය බස් එකේ ලැගේජ් වලට තව ගානක් ගන්නවා. ඉතින් හද්දෙයියනේ අපි දන්නවය ඕක. ඕ ගැනත් පොඩි කතාවක් ගියා අපිබස් කාරයා එක්ක. ලැගේජ් ටික පටවලා මුන් ඒවා සයිඩ්කරනවා. ඉන් පස්සේ තමයි උනගේ බිස්නස් එක. මගින් ඇපල් දොඩම් වගේ මේ පලාතේ හැදෙන පලතුරු ආදිය පටවාගන්නවා.
 ඇපල් නම් ඕසෙට. තේරුන පොඩි සයිස් ඇපල් අපේ ගමේ පොලේ අඹ කාලේ ට අඹ තියෙනවා වගේ ගොඩ ගහල විකුනනවා. ඒ ඇපල් පිටි ගතියත් එක්ක රසයි. ඒත් පොඩියි. මෙ ්කදු පලාත් වල සීතල කාලගුණය එක්ක ඇපල් හැදෙනවා ලෙසට. මග දිගට අපි ඇපල් වතු තියෙනවා දැක්කා. ඒ වගේම රට එලෝලු ජාති එහෙම්ත සරුවට හැදෙනවා මේ පැතිවල.
 බස් එකට නැගලා පැයක් දෙකක් ගියාම ඔන්න ඉතින් රෑ වුනා. අපිට වට පිට බලාගන්න විදියක් නැහැ කරුවලයි නෙ . මේ බස් ලොකුවට වාත නැහැ. ඉදලාම පැයක් දෙකක් ගිහින් ඔන්න එක තැනකින් නවත්තලා කෑල්ලක් දෙකක් පටවාගන්නවා. ඒ ඇර ලොකු කරදරයක් නැහැ.
 අපි දිල්ලි ආවේ ඊලග දවසේ උදේ. මේ ගමන කෝච්චියෙන් යනෝ නම් මගදි චාන්දිගර් හරි ඒ වගේ තැනකින් කැඩෙන්නට ඕනි. ඊට වඩා ලේසියි හැබැයි කෙලින්ම දිල්ලියෙන් සැප බස් එකක යන එක.
 කලින් පෝස්ට් එකක යාලුවෙක් කියලා තිබුනා මේ ටිප් එක පුරාවට මේක ලියවෙන්නේ නෙගටිව් මයින්ඩ් සෙට් එකකින්ය හැම එකක්ම අරක නැහැය මේක නැහැය කියලා තමාය ලියන්නේ කියලා.ඒකතාව ඇත්ත. ඒත් ටුවර් කියනේන අත්දැකීම්. රෙන්න පුකහෝදගන්න අයිස්වතුර සෙට්වුන සීතල හිම කාන්තාරෙ මැද ටකරම් මඩුව මටනම් මතකහිටින පට්ට අත්දැකීමක්. ගොන්ඩෝලා කාර් පදින්න සිරිනගර් වලපයින් යන ටිකට එල්ලි එල්ලි කාක්කෝ වගේ ටුවර් පොරවල් පස්සෙන් ආපු එකත් අත්දැකීමක්. ඒ වගේ අමිහිරි කටුක අත්දැකීම් කියන්නෙත් එක්තරා සැර චූන් එකක් තියෙන වැඩක්.. 

ඇත්තටම සැපට කාල බිල උකල නිදාගන්න නම් ලංකාවෙ හොද හෝටලයකට ගියානම් හරි. දවස් දෙක තුනක පැකේජ් එකක් ගහන් ගියාම හොදට සැප විදලා නාලා කාලා ඉදලා එන්න පුලුවන්. කදුකර මනාලිය ලස්සනයි. අමුතුයි. අලුත්..ඒ හැම දෙයක්ම වචනයෙන් කියන්න අමාරුයි. අපිට මතක් වෙන්නේ අපිට මතක තියෙන්නේ ගිහින් ගනිපු අත්දැකීම් විතරයි.
අපි දිල්ලියේ ඉදලාගමන පටන් ගත්තාට ඇත්ත දිල්ලිය බලාගත්තේ දෙවනි පාර. මම ලංකාවේ කොළඹ හැර තවමත් ගිහින් තියෙන ලොකුම නගරය තමයි දිල්ලිය. දිල්ලියේ සිටි එක පිලිවෙලයි. කොළඹට වඩා දිල්ලිය පහසුයි. මට එක දවසට ෂොපින් ඒරියා 5ක ෂොපින් කරන්න පුලුවන් වුනා දිල්ලියේදි. ඉතින් අපි ඔබල බලන්න ඕනි නැහැ ඊලග දිල්ලි විස්තරෙන් ඒ ටික බලාගනිමු නේද? 

පහල තියෙනවා වීඩියෝව. ඒ වීඩියෝවෙ තියෙනවා මනාලි වල මගේ සහ යාලුවගේ සපත්තු පොලිශ් කරන්න ආපු දරුවෝ දෙන්නෙක් කුත්. සමහර විට මයිනර්ස්ලා ඉන්න නිසා යූ බටෙන් ඒක අයින් කරයිද දන් නෑ..

Sunday, December 30, 2018

කාශ්මීර හිමාචල් ගමන 9 - මනාලි

අපි මනාලි වලට සේන්දු වෙද්දි හවස් වෙලා. දවස් දෙකක් වාහනයේ ආපු නිසා අපිට සැර ගමන් මහන්සියක් තිබුනා. ඒ 7 සීටර් එකේ 8ක් විතර ගිය නිසා අපාසුවෙන් තමයි ඉදියේ. ඉතින් මනාලි වල හොද සැපට නිදාගන්න පුලුවන් තැනක් සොයාගන්න උවමනා වුනා. ඒත් අපිට මුලින්ම හමු වුනේ ලංකාවේ ටවුමක් කිට්ටුව තියෙන බජට් ගෙස්ට් හවුසියක් වගේ තැනක්.

එතැන පාවිච්චි කල කොන්ඩම් සහ කාමර භාවිතා කල බවට සලකුනු එහෙම අප්රසන්න විදියට තිබුනා කියලා යාලුවෝ කිව්වා.මට ටිකක් ඇගට හොද මදි ගතියක් තිබුන නිසා මම නිදාගත්තා. මතක විදියටයාලුවෝරෑ සෙට් වුනා.

අපි මේ ගමනට ගත්තා බෝතල 6ක් කටුනායකින් ලාබෙට. ඒ බෝතල 6න් දෙකක් දෙන්න වුනා ඉන්දියානු රේල් එකට.. අනේ ඉතිරි බෝතල 4ත් අපිට බිගන්න බැරිවුනාද මන්දා. බොන්න බැහැ මහන්සිය වැඩි නිසා. එහෙම නැතුව බොන්න බැරි කට්ටියගිය නිසා නෙමෙයි.

මනාලි ලස්සන ටවුමක්. සීතල කාලෙට මනාලි වලලස්සනට හිම තියෙනවා ඇති කදු මුදුන් වල. ඒත අපි ගිය අගෝස්තුවේ නම් හිම කදුලක් නැහැ. ඒ මදිවට පොඩි වැහි පොදයකුත් පාත් වෙන්න ගත්තා.
 මෙ ්තියෙන්නේ බස් නැවතුම් පොල. මේ තැන ඇත්තටම ප්‍රධාන බස් නැවතුම නෙමෙයි. මේ ඇවිල්ලා දුර ගමන් සැප බස් නවත්වන තැන. අපි මෙතන්ට ගියේ ටිකට් බුක් කරගන්න. දවසකට විතර කලින් ටිකට් වෙන්කරගන්න එක වාසියි. වෙන ටවුමේ තැන්වලිනුත් ටිකට් බුක් කරගන්න පුුලව්න ඒත් රුපියල්ෙ දතුන් සීයක් වාසියි මේ බස් නැවතුමෙන්ම ටිකට් කරගන්න එක. අපි මෙතන්ට යනකල් පයින් ගියා. කිලෝමීටර දෙකක් විතර පහලට බහින්න තමයි තිබුනේ
 චාන්දිගර් තමයි මේ පලාතට එන්න තියෙන පිවිසුම.මනාලි වලට කෝචචියෙන් එනවානම් චාන්දිගර් වල බහින එකයහපත්.කල්කා වලටම ගියොත් කල්කා ඉදලා ශිම්ලා දක්වා පුංචි කෝචචියේ යන්නත් පුලුවන්. ඇත්තටම මනාලි වලට ගියාට අපි මනාලි ඉදලා සිම්ලා ගියේ නැහැ. ශිම්ලා වලත් බලන්න එහෙමටදෙයක් නැතිවෙයිය කියලා අපි හිතුවා.
 අපි උදේ ඇවිදින්න පටන් ගත්තා විතරයි මෙන්න ලස්සන වරුසාවක් කඩාගෙන වැටුනා. මේ අත් බැදගෙන සහ කැමරාවක් අරන් ඉන්නේ අපි කාන්ඩය. මේ පේන කඩය නම් කෑම කඩයක්. ඒ කඩෙනුත් මොනාහරි ගත්තා කන්න. ඒතදැන් මතක නැහැ ඒ මොනවද කියලා.
 ඉන්දියාවේ පලමු අගමැති වෙච්චි නේරු තුමා ගේ පිලිමයක් තමයි මේ. නේරු තුමා උඩපලාතේ බොහොම දෙනා හොදට සලකන කෙනෙක්. නේරුතුමාටශ්‍රී නගර් මුස්ලිම් අයත් ගරු කරලාකතා කලා. කතාවට කියනවා නේරුතුමාට බොන්න ඇල්වතුරපවා ගෙනිච්චේ මනාලි වලින්ය කියලා. ඒක නම් ඇත්තද දන් නැහැ.
 අපි ගිය දවස මතක විදියට සති අන්ත දවසක්. මේ සති අන්තයේ හැමතැනම කට්ටිය ඉතින් මේ සති අන්තයට ටවුමට ආපු කාන්ඩයක් වෙන්නට ඇති.

 ඊලගට නේරු තුමාෙග් පිළිමේ ගාවින ්ටිකක් ඇතුලට ගියාම තියෙනවා ලස්සන පොට් එකක්. ඒක පාක් එකක්. මහ විසාල පයිනස් ගස් ගොඩක් තියෙනවා. ඇතුලේ යද්දි අදුරුයි. තනියම ගියොත ්බය හිතෙනවා. මේ පාක් එකේ ලව් කරන්න ආපු ජෝඩු වගේම විනෝදයට ඇවිදින්න ආපු කට්ටියත් උන්නා.

 පාක් එක ඇතුලේ පොඩි සත්තු වත්තක්කරුළු උයනක් වගේ තැනක් තියෙනවා. එතන කුරුල්ලෝ ඉන්නවා. ලස්සන ලස්සන කුරුල්ලෝ කිහිප දෙනෙක් කූඩු වල දාල උන්නා. මනාලි වල තියනෙවා පරණ මනාලි සහ අලුත් මනාලි කියල කොටස් දෙකක්. මෙයින් අපි ගියේ අලුත් මනාලි වලට ඕල්ඩ් මනාලි කියන පලාතත් සංචාරකයින් අතර ජනප්‍රිය තැනක්.

 අපිරිසිදු කම නිසා අපි අලුත් නවාතැනකට යන්නට තීරණය කලා. එතෙක් උන්නු හඩු ප්ලේස් එකට සමු දීලා අපි අලුත් තැනකට ගියා. එතන ටිකක් පොස් තැනක්. ඇත්තටම ඒ පොටෝ කොහේද කියලා හොයාගන්න නැහැ. අපි ගිය ඔෆ් සීසන් නිසා අපිට ලොකු ඩිස්කවුන්ට එකකට එතැන ඉන්න ලැබුනා. ඒත අපි එතැනින ්කෑම බීඹ ගත්තේ නැහැ. මට මතකයි ඒකේ රෙදි හෝදන්නත් බර ගානක් චාජ් කලා. ඒත් ඉතිං හොද හෝටලේකට ගිහින් බයියා  වගේ රෙදි උස්සන් තැන තැන යන්න බැහැ නේ. ඒ නිසා මගේ රෙදි ටික සහ යාලුවන්ගේ රෙදි පෙරදි ටික එතැන ලොන්ඩරියට දීලා හොදාගත්තා.

 අපි හැන්දෑ වෙලා මනු ටෙම්පල් එකට යන්නට පිටත් වුනා. මනු ටෙම්පල් කියන්නේ හනුමා වෙනුවෙන් හදපු දේවාලයක් පයන්සලක් වගේ එකක්. පුංචි මනුස්සයෝ සහ වැඩිහිටි පිිරිස ගොඩක් මනු ටෙම්පල් එකට ඇවිත් හිටියා. මනු ටෙම්පල් යන පාරේ දෙපැත්තේ වෙලද සැල් ගොඩක් තිබුනා. ඒ අතර රෝයල් එන්ෆීල්ඩ් රෙන්ට් එකට දෙන තැනක් තමයි මේ. රෝයල් එන්ෆිල්ඩ් එකකට රවුමක් යන්න යාලුවන්ට ඕනකම තිබුනා. එත් ඒක ටිකක් යට ගියා. මෙකද මේ බයිසිකලයක් දවසකට ඉන්දියන් රුපියල් දාහකටත් වැඩිය ගන්නවා රෙන්ට් එකට.. තෙල් නැතුව. ඒ ගානත් ටිකක් සේප්..මම හිතන්නේ වැස්ස වගේ ගතියක් තිබුන නිසා අපි බයික් පදින වැඩේට ගියෙ ්නැහැ. කොහොම වුනත් රෝයල් එන්ෆිල්ඩ් කියන්නේ අපි ගිය හිමාලයා රීජන් එකේම ටොප් බයික් එකක්. පාරේ ඇවිදිනකකොට ලංකාවේ ඉන්දියන් බයික් පේනවා වගේ මනාලි වලින් උඩ පලාතෙදි රෝයල් එන්ෆිල්ඩ් පේනවා..

 හනුමා වෙනුවෙන් හදාපු මේ දේවාලේ ඇතුලේ පුංචිඅය සෙට් පිටින් හිටියා. ඒ පුංචි ලමයි සෙල්ලම් කරමින ්තමයි උන්නේ. ඒ වගේමඅපිත් ගිහින් දන්න හැටියට දේවාලේ වැදපුදාගෙන ආවා. 

මේ ඇවිල්ලා තඩි හරකෙක්. මුන් කලාතුරකින් දකින්න ඉන්නවා. අම්බෝ මුන්ගේ සයිස් එක. එක පාරක් පිම්බම අපි වැටෙන්න වගේ යනවා. බොහොම තද පරුස හරක් ජාතියක්. මුන්ගේ පිටේ බඩු ආදිය ගෙනියනවා. නාගරික සීමාව වුනත් සමහර තැන් වලට බඩු බාහිරාදිය ගෙනියන්න තවමත් මේ යැක්ලා පාවිච්චි වෙනවා. 

Saturday, December 22, 2018

කාශ්මීර හිමචල් ගමන 8 මනාලි දක්වා


 මේ අපි අද කතාකරන්නේ 2015 අගෝස්තු මස 13 වැනිදා ගිය ගමන් විස්තරය ගැන. අපි කටුක රාත්‍රියක් කටුක තැනක ගතකලා. ඒක අපේ ගමනේ නැවතුන අපහසුම තැන.අතරමගට එද්දි රෑ වුනා. නවතින්න තැනක් සෙට් වුනේනැහැ හරිහමන්. මම හිතන්නේ අපි බොහම කිට්ටුවෙලා හිටියා හොද  නවාතැනකට. ඒත්රෑ 9 විතර වෙනකල් එකදිගට ඇවිත් අපිට සෙට් වෙන තැන නවතින්න ඕනි කම තිබුනා. රියදුරාත් එතැන ඇරේන්ජ් කරලා දුන්නා. එතන පොඩි ටකරම් මඩුවක්.ඒ ටකරම් මඩුව හැම තැනකින්ම ටකරන් වලින් වහලා. ඒක ඇතුලේ ඇදක් තිබුනා විසාල එකක්. ඒකේ තමයි අපි ඉන්නට ඕනා. 
 උදේ නැගිට්ටා.රෑ නින්ද ගියේ නැහැ. යාලුවෙක්ට දෙන්නෙක්ට පොඩි අමාරු ආවා. හිසරදය කැරකිල්ල වගේ. මම හිතන්නේ තිබුන දැඩි ශීතල සහ නොගැලපෙන කාලගුණය නිසා වෙන්නට ඇති. කොහොම වුනත් අපිඒ ඇදේ පොදි ගැහිලි හොදට පොරවන්නිදා ගත්තා.රෑ මොනවද සද්ද වගයකුත් ඇහුනා. මෙලෝ බලු බල්ලෙක් නැති පලාතක සෙට් වුන නවාතැනක්.ඒක ලග නවාතැන් ගැනීම ටිකක් සීරියස් වැඩක්. 
 මේ ඉන්නේ අපි උදේ පාන්දර නැගිටලා බැලුවාම ලෝකේ පෙනුන විදිය. පාන්දර නැගිටලා ලෝකේ මෙච්චර ලස්සන වුනාට බොග දාන්න ගියාම පුක ගල් වෙනවා. අයිස් වගේ වතුර. ඒ වතුර වලින් අමාරුවෙන් අපි හෝදාගත්තා. සමහර යාලුවන් ටහරියට මල පිටවෙන්නෙත් නැහැ තියෙන තද සීතලට. මට එච්චර සැරටම අමරු වුනේ නැහැ.
 අපි නැවතුන තැන ඉන්න පවුලක පොඩි එකා උදේ වෙද්දිත් නිදි. මේ පොඩි මනුස්සයා ටිකක් චීන මොංගෝලි පෙනුම. පුංචි උන්ටනම් ලොේක කොහේ උන්නත් සෙල්ලමයි නිදාගැනීමයි නේ..ලොකු උන් එපැයි ළමයි ටික ආරක්ෂා කරගන්න වැඩකටයුතු කරන්න. මේ බ්ලැන්කට් එකේ නිදං ඉන්න පොඩි එකා ඉන්න තැනම කොටසක තමයි අපිට තේ බොන්න වාඩිවෙන්න ලැබුනේ.
 නූඩ්ල්ස් එකක් ඔව්..ඒක නූඩ්ල්ස් එකක් රුචා සහ රුචාගේ බිරින්දා බුදිනවා.තේ වතුරත් බිව්වා. අපිත් ඔ්‍ය වගේ ආහාර තමයි ගත්තේ. හොදට කෑවට පසසේ ටිකක් සීතල දැනෙනවා අඩු වෙනවා. අපි මතක විදියට පාන්දරම පිටත්වුනා.
 රෑ ගමනේදි කියන්නම ඕනි දෙයක් තියෙනවා. අපේ බෑග් එකක් වැටුනා. රියදුරාට අපි කලින් කිව්වත් පොර එච්චර කෙයාකලේ නැහැ. අවසානේ ඒවා වැටෙන සද්දේ අපිට ඇහුන නිසා ගොඩ ගියා. ආපහු හරවලා ගිහින් තද සීතලේ ගැහි ගැහි අපි වාහනේ උඩට තියලා බෑග් ටික ගැටගහා ගත්තා.
 මේ රෑ නෙමෙයි. මේ උදේ වෙලාවේ අතරමග කදුකරයේ තැනක නවාතැනක්. මෙතනදි අපි තේ වතුර හෝ උදේ කෑම ගත්තා. ඒ කඩේ ටිකක් සෙනගත් හිටියා. එතැනත් නවාතැන් ගන්න තැනක් වෙන්නට ඕනි. මේ නිල්පාට ඉටිරෙද්ද නිසා වටපිටාව පේනවා.
 මොනාහරි වේලෙන්න දාලා තිබුන දෙයක්. මේ දිහාවේ තැන තැන බැටලුවන් එලුවන් වගේ සතුන් හමුවුනා. දුඹුරුපාට කදු වැටි වල කලාතුරකින් තියෙන කොලපාට කොලයක් ඩැහැගන්න මුන් කදු උඩ බඩගානවා. මහ කටුක ජීවිතයක්. කමක් නැහැ ඒත් අවසානේ බැටලුවා මිනිසාගේ දිව පිණිස මස් වෙනවා ඇති.
 මේ ගමන් මග තුල මීටර 4000ට වැඩි තැන් කිහිපයක්ම පහු වුනා. ඒ වගේ තැන්වල අනිවා හිම සෙට් වෙනවා. මේ තැන් වල කදු උඩ හිම තිබුනාට පහල හරියෙත් පට්ට සීතලයි. වාහන ඒසී ඕනි නැහැ. ඒත් මේ පාරවල් වල තියෙන දූවිල්ල නිසා ඒ සී ඕනි වෙනවා. මොකද ජනෙල් අරගෙන ගියොත් දූවිලි පිටින් තමයි බහින්නට වෙන්නේ.
 මේ ගමනේදි මේ හරියෙදීමට මතක විදියට අපිගිය සෙවන් සීටර් කැබ් එක ලොරියක හැපුනා. ලොරියේ දොරේ තිබුන ටිකක් ලොකු ඇණයකට අපේ වාහනේ බෆර් එක හෝ ඉස්සරහ ලාම්පුව හරිය හිල් වුනා. ලංකාවෙ නම් ඒක වලි කිහිපයක් යන්න සිදුවීමක්. ඒත් මේ පාලුපාරේ ඒක වැදුනත් නොවැදුන ගානට දෙගොල්ලම හැරිලා ගියා. අපේ රියදුරන් වගේ ඉන්දියන්  බුවාල වාහන වලට එච්චර ලව් නැහැ.
 මනාලිකිට්ටු වෙන්න වෙන්න ටිකක් කොලපාට වෙනවා පාර දෙපැත්ත. කෙමෙන් කෙමෙන් අපේ රටේ නුවරඑළි දිහා තියෙනකදු මට්ටමට එනවා. ඒ එද්දි ටිකෙන් ටික හරක් වගාවන් සහ මිනිස්සු පේන්න ගන්නවා අපි හිතනවා අනේ තව ටිකකින් මනාලි සෙට් වෙයි කියලා. ඒත් අපි හිතනවාට වඩා මනාලි වලට දුර තිබුනා.
 මේ ටිකක් කලින් ගනිපු ජලාශයක්. උස තැන්වල කදුකරයේජලාශ වල ජලය නිල් පාටයි. නැතිනම් මේ විදියේ කොල පාටයි. ඒ ජලයේ තිබෙන මොනාහරි සංඝටකයක් නිසා එහෙම වෙනවා ඇති. මේ ජලතලා දැක්කාට ඒ ලගින්ගියා විතරයි බැහැලා බලලා යන්න අපිට කාලය ඉතුරු වෙලා තිබුනේ නැහැ.
 මේ ගමනේදී අපිපාන්දර නැග්ග වෙලේ පට්න කෑම කන තැනක් තියේනම් එතැන දක්වාම වාහනේ ඇතුලේ පැද්දි පැද්දි ගමනේම තමයි. ඉන් පස්සේ අපි එතැන ටික වෙලාවක් ඉදලා ආයේම යනවා යනවා ඉවරයක් නැහැ. ඇත්තම කිව්වොත් අපි දවස් හතරක් විතර එකදිගට ම ගමනේ.. ගමන් එපා වෙලා තිබුනේ. ඒත් ඉතිං අමාරුයිකියලා හැරයන්න බැහැ නේ. කොහොම හරි ගිහින් ඉවර කරන්නත් එපැයි..
 මේ අපි ඉන්නේ රොතෑන් පාස් වල. වින්ටරේහෙවත් දෙසැම්බර් ජනේරු කාලේදි මනාලි ඉදන් එන අය එන්නේ රොතෑන් පාස් දක්වා විතරයි. රොතෑන් වලින් උඩ යන්න ලැබෙන්නේ අපි ගිය ගිම්හාන කාලයේ තමයි.මේ රොතැන් පාස් වල අපි යද්දි වටේ හිම නැහැ. කුටියක් තිබුනා කුටියේ ඉන්නවා ඩැල් එකක්.ඒකට ගෑනුන්ට මෙන්සස් තියෙන දවසට යන්න බැහැල්ලු.පූසාරියාගේ නීතිනේ ඉතින්.. අපි එතැන නැවතිල වටපිට බැලුවා. කවදාකහරි වාසනාවකට ආයේ යන්න ලැබුනොත් වින්ටර් එකට ගිහින් ඔලුව දාලා එන්න ඕනිමේ රොතෑන් පාස්වලට. 
මම ගිය ගමන් සවාරි වලින් වැඩිම උසකට නැග්ෙග් මේ පාර. අපි මීටර 5000 ටච් කරන්න ඇති. පස්සේ කාලෙක මම නේපාලයේ කදු නගින්න ගියත් ඒ නැග්ගෙත් මීටර 4500ක් වගේ උසක්. උස එක්ක එන්ෙන් කටුක අත්දැකීමක්. ඒක විස්තර කරන්න අමාරුයි. කොහොම වුනත් ජීවිතේ ගිහිපු බෙහොම ඉක්මනින් ප්ලෑන් කරපු ලස්සන ගමනක්තමයි කාශ්මීර ගමන. අපි ගිහින් එද්දි නම් ආපහු යන්න ඕනි කිව්වට අපි 8 දෙනාගෙන් කාටවත් ආයේ යන්න ලැබුනේ නැහැ. ඉන් පස්සේ ටුවර් එකකට හරි දිල්ලි දිහාවට මම නම් ගියා නේපාල යන ගමන්. 

Tuesday, November 6, 2018

කාශ්මීර හිමචල් ගමන 7 ලදාක් සිට අතරමගට

ලදාක් වල අපි ඉදියේ එක රැයයි. අපිට යන්න තැන් ගොඩක් තිබුනත් ඒ බෝඩර ඒරියා වලට ඒකාලේ පර්මිෂන් තිබුනේ නැහැ. ඒ නිසා අපි ඒ තැන්වලට නොයා ඉන්න තීරණය කලා. පස්සේ කාලෙක ඒ තැන්වලට ලංකාවේ අයට යන්න ලැබුනා. දැන් මම හිතන්නේ ලදාක් වල බෝඩර් ලොකේශන් කිහිපයකටම ලංකාවෙව් අයට යන්න අවසර ලබාගන්නට හැකියි. ඉන්දියාවේ හිමාලයට මායිම් වෙන ගොඩක් තැන්වල මෙහෙම බොඩර් පලාත් වලට පිවිසීමේ අවසර සම්බන්ධ ගැටලු තියෙනවා. ඉතින් ඒ හිමාල බෝඩර පලාත් වලට යනවා නම් පර්මිශන් සහ පර්මිශන් ගන්න විදිය ගැන ටච් එකේ යන එක හොදයි. 



ගමනාරම්භය 
අපිට ලේ සිට මනාලි වලට කෙලින්ම එන්න අමාරුයි. මග රැයක් මග නවාතැනක නවතින්න ඕනා. කිලෝමීටර 450ක් විතර වෙන ලේ සිට මනාලි දක්වා ගමනෙන් වැඩි කොටසක් තියෙන්නේ තදබල වංගු. ඉතින් මේ ගමනේ ආරම්භය පාන්දරම පටන් ගන්න එක තමයි හොද. ඒත් දිගින් දිගටම ඇවිල්ලා මහන්සි වෙලා ඉදපු අපි උදේ අවදි වෙනකොට දවල්වෙලා. දවල් වෙලා ඇහැරිලා අපි පිටත් වෙන්නට හිතුවා. 

කදුකර කාන්තාරයේ ගොඩනැගිලි 
මේ පලාතේ ගල් එකමත එක තියලා අපේ ලංකාවේ ඩෙල්ෆ්ට් දූපතේ හිරිගල් වලින් තාප්ප හදලා තියෙනව වගේ ගල් වලින් තාප්ප ගෙවල් හදලා තියෙනවා. ගෙවල් උනත් මෝඩ ගැඩොල් වගේ මහා විසාල ගැඩොල් වගයක් එක මත එක තියලා හදලා තියෙනවා. සමහර විට වැස්සක් එන්ෙන් බොහෝම කාලයකින් නිසා එහෙම ගෙවල් හැදුවාය කියලා ලොකු අපහසුවක් වෙන්නේ නැතුව ඇති. අපි නැවතුන නවාතැන් වල පවා ඒ විදියට හරිහැටි සිමෙන්තියෙන් බැදපු නැති ගල් ොහ් මැටි ගඩොල් තියලා හදාපු ගෙවල් ආදිය හම්බ වුනා. 


අපිට වාහනය සෙට් වීම 

අපිට මනාලි දක්වා එන්න බස් එකකුත් තියෙනවා. ඒත් බස් එක අපි එන්න ඉදිය දවසේ එන්නේ නැහැ. බස් එක තියෙන්නේ දවස් දෙකකට එකක් වශයෙන්. ඉතින් අපි ඒ නිසා පොඩි 7 සීටර් වාහනයක් ගන්න ඕනි කියලා කතා වුනා. ඒකට අපිට අපි ඉදිය නවාතැනේ අයියත් බොහොම සහයෝගය දැක්වුවා.අපි වාහනේට නැගලා අපේ තිබුන බඩු පාර්සල් බඩු මලු ටික වාහනේ උඩ පැටෙව්වා. මුල් හරියේදී වාහනේ ටයර් හෝ වෙනත් නඩත්තු වැඩක් තිබුන නිසා ඒතැන අපිට ටික වෙලාවක් ඉන්න වුනා. ඉන් පස්සේ ගමන් ඇත්තටම පටන් ගනිද්දි උදේ 11 වගේවෙලා. 


ටැග්ලන්ග්ලා 
මෙ ්ලදාක් පලාත කාන්තාර පසුබිමක්. මෙහිජන ජීවිතයත් තරමක් කටුකයි. මේ ගමනේදී අපිට ටැග්ලන්ග්ලා හමු වෙනවා. ඒ තමයි මේ ශ්‍රී නගර් ලදාක් සිට මනාලි දක්වා යන රවුන් ට්‍රිප් එකේම උසම තැන. එතැන මීටර 5300කට වඩා උස බව සදහන් වෙලා තිබුනා. සාමාන්‍යයෙන් මීටර් 5300ක් කියන්නේ ලංකාවේ පිදුරුතලාගලටත් වඩා උස තැනක්. වාහනේකින් යන්න පුලුවන් තවත් ඒ වගේ උසම තැන් තියෙනවා. ඒවාට යන්න අපිට පර්මිසන් තිබුනේ නැහැ. ඒ නිසා අපිට මේ පාස් එකෙන් සෑහීමටකට පත් වෙන්න සිද්දු වුනා. මේ වැගේ තැනක තියෙන උස නිසා සීතල වැඩියි. වින්ටරේ නම් මේ පැත්ත පලාතේ වත් කිට්ටු වෙන් බැරුව ඇති හිම. අගෝස්තුවෙත් ටැග් ලන්ග්ලා කිට්ටුව කදු යායවල් පෙනුනා උඩහ කොටස හිමෙන් වැහිල තියෙන. 


අරුම පුදුම වාහනය  
අපිට සෙට් වුන මනුස්සයා හොද කෙනෙක් නෙමෙයි. ඒ රියදුරු ගංජා වගේ මත් ද්‍රව්‍ය පාවිච්චිකරනවා. ඒවා බීලා මත් වෙලා ඉන්න කොට පොර හෙමෙන් යනවා. නැති වෙලාවට වේගෙන් යනවා. මුලදී අපි අකමැති වුනා පොර ඒවා ගන්නවාට. ඒත් පස්සේ ඒවා ගත්තම නේ පොර හෙමින් යන්නේ ඒ නිසා අපි  එයාට ඒවා ගන්න ඉඩ දුන්නා. 

මේ මත් ද්‍රව්‍ය ආදිය අරගෙන යන්නේ ලේසි පාරක නෙමෙයි. සමහර තැන්වල වාහනේ ජනේලේ පැත්තකින් බලන්නත් බයයි. මොකද එච්චරටම බෑවුමක් තියෙන්නේ. මෙහෙම යද්දි රෑ වුනා. ඒ කියන්ේන අපිට නවාතැන් ගන්න හිතපු තැනට එන්නත් කලින්ම රෑ වෙන්න ගත්තා. බාගෙදා එදා වැහි සහිත පසුබිමක් තිබුන නිසා ඉක්මනින් රෑ වුනාද දන් නැහැ. 


අපි කුණාටුවට හසු වීම 

වටේම කදු ඈතින් පේන ඒත් සමතල මහා පිට්ටනියක් මැද කඩ සෙට් එකක් තිබුනා. අපි එතනින් තේ වතුර බිව්වා. එතනට එනකොට තිබුනේ මහ අමුතුම පරිසරයක්. දේදුන්නක් තියෙනවා. ඈතින් වලාකුල් පොකරු පොකුරු කුට්ටි පිටින් එනවා. ඒවා ඇවිත් ටික වෙලාවකින් ඔන්න බිමට වැටෙන්න පටන් ගත්තා. පොඩි හිම කැට. ටික් ටොක් කියලා කට සීතල කරන්න තියෙන මෙව්වා වගේ සුට්ටි බෝල ජාතියක් අහසින් වැටෙනවා. ඒවා වැදුනාම ඇගට රිදෙනවා.  එතැනදි අපේ චතුරංගට පෝඩක් සෙම අමාරුව වැඩිවුනා.


රාත්තිරි ගමන 

ඇත්තටම කුනාටුව සෙට් වුනේ දවල්. එතනින් එහා ගිහින් තමයි රෑ වුනේ. රෑ වුනත් එක්කම අපිට නවාතැනක් නැහැ. ඒත් අපි මහා කදු යායක් මැද. ඒ අතරමැද මතක විදියට අපේ බෑග් වැටුනා. බෑග් වැටිලා අපේ බඩු බාහිරාදිය නැතිවෙලා පාස්පොට් නැතිවුනා නම් අපි අනාථයි. ඒ වෙලේ ඇත්තටම අපේ යාලුවෙක්ට මීඨර් වෙලා තිබුනා වාහනෙ උඩින් බෑග් වැටෙනවා. ඒ ගමන ආයේ අපි මහ වැස්ස වගේ තිබුන තද සීතලේම වාහනේ උඩට නැගලා බෑග් බැදලා තිබුන බැමි තද කලා. ඒ වගේම ආයේ වැටුන බෑග් ඇහිදගත්තා. 

රියදුරු ගේ හැසිරීඹ 

 රියදුරාට මේ බෑග් වැටීමවත් වෙන දෙයක් වත් කිසිම වගක් නැහැ. පොරගේ ගාව තිබුනා හොද සින්දු කලෙක්ශන් එකක්. ඒක සද්දෙන් දාගෙන හෝ ගාල යනවා යනවා ඉවරයක් නැහැ. මෙ ගමන රෑ වෙද්දි අපි බය වුනා. ඒ මදිවට මේ රියදුරු ගෝතයා හිටපු ගමන් කන්ද බෑවුම අතරින් තියනෙ සෝට්කට් වලින් දානවා. අපි කදු නගින්න යද්දි වංගු වංගු  ස්කිප් කරලා අපි කන්ද දිගේ පහල බහින්නේ. ආන්න ඒ වගේ අපේ බුවාත් පහලට රූටන්න වගේ ඕෆ් රෝඩ් දානවා. ඉතිං බයේ පණ යනවා අපේ.. 

මේ කදු වල අපෙ ්කදු වල වගේ බැද්ද නැහැ. තනිකර පස් කදු වගේ දුබුරු පාට කදු . ඒනිසා. ඒ විදියේ ඕෆ් රෝඩ් දාන්නත් ලේසියි. 


නවාතැනට ඒම. 
 
කොහොමින් හරි අපි මැද තිබුන නවාතැන් තැනකට එද්දි රෑ වෙලා ගොඩක්.මොනා හරි  තිබුන දෙයක් කොටාබාලා අපිට නිදාගන්න තමයි තිබුනේ. ඒ නිදාගත්ත තැන විස්තර එතැන කොහොමද කියලා සහ ගමනේ ඉලග විස්තරේ අපි ඊලග එපිසොඩ් එකෙන් බලමු.පහල තියෙනවා මම පිංතුර ටික පෙලගස්සලා හදාපු වීඩියෝ එක. ඒකත් බලලාම යන්නෝන ඔන්න.