Monday, October 25, 2021

නිලාවැලි ගමන 2

නිලාවැලි සිට කොළඹට 


කලින් පාර ලිව්වා නෙ නිලාවැලි ගිය හැටි. අද ඉතින ්ගිහින් එන හැටි තමයි ලියන්න ඉන්නේ. 


මොකද්ද ෆෝන් එක 

මේක හරි ආස ප්‍රශ්නයක්. කලින් අරගෙන හෙනට බෙරයක් ගහලා පාවිච්චි කරන්න ගත්ත සැම්සුන් එම් 21 කියන බජට් ෆෝන් එක කෙල වුනා. ඒක මහ වහක්. පිටිපස්සේ කැමරාව ඉදිරිපස වීදුරුව හේතුවක් දන්නේ නැතිවම බිදුනා ඉරි ගියා. ඉස්සරහා සෙල්ෆි කැම් එක ඉස්සරහ වීදුරුවත් ඉරක් ගියා. බිම වැටිලා වීදුරුව ක්‍රැක් වුනා. තව අවුරුද්දක් පාවිච්චි කලාට පස්සේ ෆෝන් එක ස්ටක් වෙන්න ගත්තා. රීස්ටාට් වෙනවා ලෝගෝ එනවා. වාතයි. ෆෝන් එකේ බිල්ට් කොලිටි එක අජපල්. ඉතින් අලුත් එක්ක ගත්තා මේක සෙකන්ඩ් හෑන්ඩ්. 


එල් ජී වී 50 එල් ජී වී සීරියස් එක කියන්නේ දැනට අභාවප්‍රාප්ත එල් ජී මොබයිල් කම්පැනියේ 2019 ආපු ෆෝන් එක. සුපිරි බඩුවක්. ඉතින් පලතුරු පෝන් තරම්ම නැතත් සෑහෙනෙ කාලිටි එකක් වීඩියෝ වලට මේ වී එකේ තියෙනවා. පොටෝ වලත් ගැම්ක් තියෙනවා. 


එදා පාන්දර 


මේ කියන්නේ ගිය ඉරිදා පාන්දර. රෑඇදට ඇවිත් නිදාගත්තා. ඇහැරුනේ උදේ පාන්දර. උදේම ඇහැරිලා ඉතින් ලොව බලලා සෙට් වෙද්දි 8-9 වෙලා. අපි උදේම නෑවා. නෑවා කිව්වේ පූල් එක ගාවට ගිහින් සරම ගලවලා යට ඇදන් හිටිය එක පිටින නෑවා. ඉතින් ඔය විදිහට පූල් එක ගාව ගලවපු උඩ ඇදුම් අරගන්න අපිට අමතක වුනා. ඒකට ආයෙත් හවස නිලාවැලි එන්න වුනා. 


අපි ඊගාවට ත්‍රිකුනාමලයට ඇවිත් කන්න තැනක් හෙව්වා. උදේට කන්න තැන ්කීපයක්ම බැලුවා. එයින් ත්‍රිකුණාමලය බස් නැවතුම්පොලට ටිකක් එහයින් තියෙන දෙමල පොට් එක අල්ලලා ගියා. ඒකේ දෙමල කෑම කිහිපයක්ම තිබුනා. ඒවා අපි එකින් එක අරගෙන ටෙස් කරමින් කෑවා. මීට කලින් එහෙම කෑවේ අපි යාපනයේ ගිය වෙලාවේ. එතකොට යාපනයට අපි ආගන්තුකනිසා මනු එකේ තිබුන ගොඩක් දේවල් කාලා අපි ටෙස් කලා. 


කෝනේශ්වරම් වලට 


කෝනේශ්වරම් කලින් ගිහින් තිබුනත් හරියටම ඒකේ දිග පලල ගැන තියෙන තැන ගැන හරියටම දැනගත්තේ එදා. කෝනේශ්වරම් යන්න ලොකු සෙනගක් නැහැ. ත්‍රිකුණාමලය දිහාවේ පෙම් ජෝඩු වලට වාසියි. යන්න එන්න ැන් ගොඩයි වගේම පාලු තැනුත් ගොඩයි. ඒත් කෝනේශ්වරම් වලටත් ජෝඩු ඇවිත් තිබුනා. 


කෝනේශ්වරම් වල දේවාලෙට වැඩි ලල් එකක් එතන ප්ලේස් එකේ තියෙනවා. අපි මේ පාර කෝනේශ්වරම් ගියා විතරක් නෙමෙයි කෝනේශ්වරම් යටිනුත් ගියා. ඒ කියන්න් බෝට්ටුවෙනුත්ගිහින් කොනේශ්වරම් බැලුවා. අපි ඉතින ්ගිහින් කෝනේශ්වරම් ද්වාල් ඇතුලේ රවුමක් දාලා එලියට ඇවිත් දොඩම් වීදුරුවක් හෙම බීලා ආයෙත් ටවුමට එන්නට ආවා. 


ටවුමට එන්න ඇවිත් බීච් එක ගාවට ගියාම එතැන බෝට්ටු සවාරි තියෙනවා. ඒ බෝට්ටුවේ යට වීදුරුවක් තියනෙවා යන අයට පතුල බලන්න පුලුවන් වෙන්න. ඉතින් අපි කෝනේශ්වරම් දේවාලේ පහලට ගිහින් ආවා. ඒ යන එන ගමනේ ඒ අවට තිබුන කොරල් ආදියත් අපිට දකින්නට පුලුවන් වුනා. 


කලින් දවසේ නිලාවැලි වලට වඩා ත්‍රිකුණාමලයේ මහජන මුහුදු වෙරල පිරිසිදුවට තිබුනා. නිලාවැලි වල මඩ ගතියක් තිබුනා. ඒත් මහජන බීච් එකේ එහෙම මඩ ගතිය නැහැ. වැව වගේ ගානට වතුර තියනවා. ඇත්තටමද පීනද්දි දාන ඇස් කන්නාඩි හෙවත් ස්විමින් ගොගල්ස් තිබුනා නම් අපිට මුහුද යට ඉන්න ලස්සන මාලුත් බලාගන්න තිබුනා. 


අපි බෝට්ටු සවාරිය ගිහින් රාවනා කඩුවෙන් කෙටපු තැන සහ කෝනේශ්වරම් දේවාලේ යට හරිය බලලා ආවා. මේ හරියේ මූද පැහැදිලි වුනත් කෝනේශ්වරම් දේවාලන් පෘතුගීසි කාරයා් කඩලා මූදට දාපු පිලිම පෙනුනේ නැහැ. ජනප්‍රවාද වල තියෙන විදිහට කෝනේශ්වර්ම් දේවාලය පෘතුගීසින් කඩලා මූදට දාලා තියෙනවා. එයින් ගොඩගත් පිලිම වලින් තමයි දැන් දේවාලය හදලා තියෙන්න්. ඉතින් ඒ මූද යට තියෙන දේවාල කොටස් බලන්නත් බැතිමතුන් පිරිසක් කිමිදෙනවා. ඒ වගේම දෙවියන් ගැන විශ්වාසය තියෙන ධීවරයින් හෙමත් මේ තැනට ඇවිත් වන්දනාමාන කරලා යනවා. 


ඒ ගමනෙදි කලින් කිව්ව විදිහට අපිට  යටට වීදුරුවක් ගහපු බෝට්ටුවක් ගන්න පුලුවන් වුන නිසා කිසි අවුලක් නැතුව මූද යට බලන්න පුලුවන ්වුනා. ඒක හරිම අසිරිමත් අත්දැකීමක්. ඒ බෝට්ටුව ත්‍රිකුණාමලය මහජන වෙරළ තීරයෙන් හොයාගන්නට පුලුවන් වගේම ඒක් මිල රුපියල් දෙදාස් පන්සීයක් විතරයි. පැය බාගයක් විතර තමයි ආතල් එක තියෙන්නේ. තව පතුල පේන්න් නැති වෙනත් බෝට්ටුවක් ඊට ටිකක් එහා තියෙනවා. ඒක නම් තවත් තැන් කිහිපයකට අපිව එක්කරගෙන යනවා. ඒකේ ගාස්තුව රුපියල් තුන්දාහක් විතර. 


මූදේ නෑවා අපි පැයක් දෙක්ක විතර. නාලා ඉවර වෙලා ත්‍රිකුණාමල බීච් එකේ තියෙන නාන තැනින් නාලා පිරිසිදු වෙලා ආයේ දවාට කන්නේ නැතුවම කරවල කඩ වලට ගිහින් කරවල ගත්තා. ඒ කරවල වතාවත් වලින් පස්ස් තව තැනක් බලන්න නැතුව අපි ගම් රටවල් බලා පිටත්වෙන්න තීරණය කලා. ඒ වෙද්දි ටිකක් හවස් වෙලා. අපි ආයේ අපේ නිලාවැලි නවාතැනට ගිහින් ඉන් පස්සේ තමයි කොළඹ බලා එන්න පිටත් වුනේ. නිලාවැලි නවාතැනට යද්දි අපි ගලවලා පූල් එක ගාව දාපු විදිහටම අපේ ඇදුම් ටික තිබුනා. අපි ඒවා එකතු කරගෙන බොග තිබුන අය බොග හෙමත් දාලා දිර්ඝ ගමනට සූදානම් වුනා.


එන ගමන් අපි ත්‍රිකුණාමලට කිට්ටු ආමි එකේ ජූස් බාර් එකකින් ජූස් බිවුවා. එතකොට හොදටම බඩ පුරවා දා තිබුන ගතිය ඒ කොමඩු ජූස් කෙන් නැතිවුනා. ඉන්පස්ස් ආයෙත් තව තැනක නවත්වල තැඹිලි බිව්වා. තැඹිලි විකුනන තැන හිටිය තරුණ යුවතිය කිව්ව විදිහට ඒ දවස්වල කට්ටිය වැඩිය නැහැ. මොකද කොවිඩ් නිසා කට්ටිය සංචාරවල එනවා අඩුයි.වෙලදාම් ආදිය අඩුයි. ඒ නිසා අපි කඩේ තිබුන ඉරිගු කාලා තේ වතුර බීලා තැඹිලිත් බීලා ආවා. 


දඹුල්ලෙදි යාලුවන්ග් හොද ෆිට් එකක් සෙට් වෙලා අපි රෑට බියර් ටිකක් බිව්වා. රියදුරු වරු බිව්වේ නැහැ. ඉන් පස්ස් අපි මාරු වුනා. 


ආ කියන්න අමතක වුනා. දඹුලු එන්න කලින් හබරණ කැලේදි අපිට අලි හම්බුනා. අලි පාර දෙපැත්තේ හිටියා දහයක් විතර. තව තැනක දෙන්නෙක් හිටියා. ඉතින් අලි ටික පහුකරගෙන එද්දි ටිකක් බය හිතුනා. වාහන ගොඩක් යන නිසා පාර අවහිර කරගන නම් හිටියේ නැහැ. ඒත් පාරෙම වගේ තමයි අලි හිටියේ. අපේ රියදුරු තැන එහෙම ටිකක් බය වෙලා සං ගාල විදලා ආවා ඒ හරියන්. 



ඉතින් ඒක කදිම ත්‍රිකුණාමල සවාරියක් වුනා. ත්‍රිකුණාමලයේදි නාන තැන හිටපු වැසිකිලි සේවක මහතා කියපු විදිහට කාලයක් අර මූද මැද තියෙන කැටමරන් කියන සැප බෝට්ටු ජාතිය දවසකට රුපියල් හාර පන්දහටත් පැකේජ් තිබිලා තියෙනවා. ඒත් අපි කොළඹ ඇවිත් ඒ කැටමරන් වලට කතා කලාහම එක් අයෙක්ට රුපියල් පාලොස්දහක් විතර පැකේජ් එකක් යනවා ඒවයේ ඉන්න. 


තවත් ගමන්ක යන බලාපොරොත්තුවෙන් අපි ටික රෑ දොලහ එක වෙද්දි කොළමට සේන්දු වෙලා විසිරිලා ගියා. 

 


ජූස් බිව්ව තැන

ත්‍රිකුණාමල මාර්කට් එකේ මුවෙක්

ත්‍රිකුණාමල වෙරලේ නවතා ඇති කැටමරන්

බෝට්ටුවේ වීදුරුව හරහා

මුහුදෙන් ගොස් කෝනේශ්වරම් වලට

කෝනේශ්වරම් දේවාලයේ විශාල පිලිමය මූදට පේන හැටි

ධීවරයෙක්

ත්‍රීකුණාමල මහජන මූදු වෙරළ

ත්‍රිකුණාමල කොටුව ඉදිරිපිට

දොඩම් එනකල්

කෝනේශ්වරම් සිට

පහල ඇති බෝට්ටුවක්

කෝනේශ්වරම් දේවාලය

Wednesday, October 20, 2021

නිලාවැලි යෑමේ පාපය

ඇයි ඉතින් ගියේ 


ලොක්ඩවුන් එක අස්සේ යන්න හොද නැති බව දැනගෙන උන්නා. ඒත් ඉතින් ටික ටික කොවිඩ් බය අඩු වීම එක්ක ගෙදරට වෙලා ඉන්න එක ඇති වුනා. එ ්ගමන අපි චාරිකාවක් යමුත කියලා කතා වෙලා කට්ටිය සෙට් වුනා. මුලින්ම චැට් දෙක තුනක් ගිහින් මේ නිලාවැලි ගමන ඉතුරු වෙලා ස්ථිර වුනා. 


රටේ සීයට 71%ක් දැන් එන්නත් අරගෙන ඉවරයි. ඉතුරු පිරිස බොහෝ අය පොඩි ළමයි සහ එන්නත ගන්න බෑ කියන අය. ඒ අය අවධානමේ තමයි. යම් විදිහකින් ඊලග රැල්ලක් ආවොත් එයාල සෙතපෝච්චි වෙයිත් තමයි. ඒත් දිගින් දිගටම යමක්පාලනය කර ගෙන ඉන්න එකේ අවසානයක් තියෙනවා. ඇරත් වසංගතයකට 100%ක්ම එන්නත් කරනය කරන්න ඕනි නැහැ පාලනය වෙන්න. 70%ක් කියන්නෙත් සාපේක්ශව හොද මට්ටමක්. 


අපේ ලොක් ඩවුන් එක 


අපේ ලොක් ඩවුන් වලදි හැමදේම අත්හරින්න කියලා කිව්වා මිසක මිනිස්සුන්ගේ ගති සොබාව ගැන වැඩි සැලකිල්ලක් දැක්කුවේ නැහැ. ඒත් දියුනු රටවල ලාක් ඩවුන් එක අස්සේ වුනත් ලගපාත තැනකට ගිහින් ටිකක් ඇතට ඈතට වෙලා විනෝද වෙන්න පහසුව දීලා තිබුනා. ඔස්ත්‍රේලියාවේ වුනත් ලොක් ඩවුන් එක අස්සේ ලග කඩපලට යන්න උද්‍යානයට යන්න ඉඩ දීලා තිබුනා. අපේ ඉතින් හැම දේම තදබල ලෙසටම නේ වැඩ. ඒ නිසා මිනිස්සු ගොඩ දෙනෙක් හරි පීඩනේක තමයි හිටියේ. 


අයි ටී කාරයින්ගේ පීඩනය 


අයි ටී කරන අය තමයි චාරිකාවට මාත් එක්ක එකතු වුනේ. එයාල කියන විදිහට එයාල දවසේම තිරය ඉදිරිපස තමයි ඉන්නේ. ඉස්සර වගේ යනු එනු කාර්යාල ගමන් බිමන් සෙට් වීම මොනවත් නැහැ. උදේ ඉදන් හවස දක්වා තිර බලාගෙන ගෙදර ඉදන් වැඩ. ඒක පට්ට බෝරින් වැඩක්. එහෙම වුනාම තරහ එනවා. මානසික කේස් එනවා. ගෙදර ඉදන් වැඩ කරන අයි ටී කරයෝ කියන්නේ රටට ආදායම ගේන වැදගත් පිරිසක්. එයාලට විසේසයෙන් නම් සලකන්න ඕනි නැහැ. මොකද ලංකාවේ විසේසෙන් සලකන්න ගිහින් හොදටම කෙලවගෙන නේ ඉන්නේ. ඒත් එයාල මුහුනදෙන ත්තවය ගැන යම් මානුෂිය පැත්තකින් හිතන වගකීම ලොක් කරන අරින පිරිසට තියෙනවා. 


ආරම්භය 

මම ඉතින් තොරණ හන්දියෙන් නේ සම්බන්ධ වෙන්නේ. මම යන කාර් එක ගම්න් ආරම්භ කලේ ගම්පහ තැනකින්. ඉතින් මම කඩවතට ගිහින් ටික වෙලාවක් හිටියා. කඩවත ටවුමේ වෙනදා වගේ කඩ නැහැ. වෙනදා නම් චාර්කාවකට කඩවතින් එකතු වෙද්දි මම කඩේටකට ගිහන් තේ වතුර එකක් බොනවා. ඒත් එදා කඩවල් ඇරලා තිබුනේ නැහැ. අපි පාන්දර 5ට විතර ගන පටන් ගත්තට මොකද ඒ වෙද්දිත් නුවර පාරේ වාහන තිබුනා. 


තේ වතුර 


අපි මුලින්ම තේ වතුර බිව්වා පොල්ගහවෙල පැනලා ගොඩවෙල තේ කඩෙන්. ඒ ගොඩවෙල පොල ගාව තේ කඩේ ලක්ෂණ ගෑනුලමයටත් ඇහැදාගන අපි තේ බිව්වා. අපේ දෙවැනි කාර් රිය අපිට සම්බන්ධ වෙන්නේ කෑගල්ල දිහාවේ ඉදන්. ඒකපොල් ගහවෙලට තමයි එනවා කියලා තිබුනේ. ඉතින් අපි ගොඩවෙල ඉද්දි උන් ආවා. ආවට මොකද උන්ටත් තේ වතුර බොන්න ඕනි වුනා. එ ්ගමන ආයේ කුරුණෑගල දිහායින් තේ වතුර බොන්න ආයෙත් වාහන නැවැත්තුවා. 


හත අට වෙද්දි දඹුල්ල හරියට ආවා. වෙලාවේ ටිකක් වැඩියක් වගේ තේරුන නිසා පිදුරංගල සීගිරි පැත්තේ රවුමක් දාන්න හිතුවා. හිතලා කොස්කැලේ හරියෙදි කෝල් කරලා විස්තර අහගත්තා. 


පිදංුරංගල 


අපි උදේ හත අට විතර වෙද්දි පිදුරංගල බලන්න සෙට් වුනා. දැන් ටිකට් ගන්න ඕනි නැහැ. පිදුරංගල පන්සලේ දේවාලේ නම් පට්ට සෙනගක් හිටියා. මේ කොවිඩ් වෙලාවෙත් දේවාල වල තියෙන බිසි එක නම් බලන්න ලස්සනයි. අපි ගමන හෙමෙන් හෙමෙන් උඩට නැග්ගා. මාත් කන්දක් නගින්න ගත්තේ සෑහෙන කලකට පස්සේ. ඒ නිසා ටිකක් අමාරුයි. ඒත් ඉතින් පැයබාගයක් පැයක් විතර යද්දි අපි පිදුරංගල උඩට නැග්ගා. 


නැගලා වටපිට බලද්දි අපේ රටේ ඒ අවට කියලා හිතන්න පුලුවන් කොල්ලෝ කෙල්ලො ටිකක් හිටියා. ඒ ටිකකින් සුදුපාට ගවුමක් ඇදගත් සුදු තරුණියක් ආවා. අපේ කෙල්ලෝ චූටියට බුරිය වැහෙන්න බෙල්බොටම් ගහලා හිරට ඇදලා හිටියා. සුද්දි හුලගට ගහගෙන යන මනරම් සුදුපාට ඇදුමක් ඇදගෙන හිටියා. සුද්දිගේ ඇග ලස්සනයි. අපේ කට්ටියට වඩා එතනදී නම් සුද්දි කිසි ගේමක් නැතුව කැපිලා පෙනුනා. 


පිදුරංගල ගියාට අපි නම ්පුක පෙන්වන්න ගියේ නැහැ. මොකද අපිට කලින් පුක පෙන්නපු කට්ටියක් හිරේ ගිහින් තිබුනා. පිදුරංගල උඩ පරණ චෛත්‍ය නටඹුන් වගයක් තියෙනවා. එතන්ට සීගිරිය සහ අවටත් ලස්සනට පේනවා. ඒක නගින්න අමාරු මිශන් එකක් නෙමෙයි. උඩ හරියේ නම් වැටෙන්න පුලුවන් තැන් තියෙන නිසා ටිකක් අත්වැල් වැටක් එහෙම ගහනවා නම් වටිනවා. මොකද ඕවා හිට් වෙද්දි සෑම කොල්ලයි බල්ලයිම තමුන්ගේ ෆිට්නස් ලෙවල් එක ගැන කිසිම තක්සේරුවක් නතුව මුදුනට නගින්න ගන්නවා. ඉන් පස්සේ එකෙක් මැරුනොත් ඕවා තව අවුරුදු ගානකට වහලා දානවා. ඒනිසා වැටිලා මැරිලා වහලා දාන්න කලින් ආරක්ෂිත වැට ආදිය හදනවා නම් වටිනවා. 


සිගිරිය බායි ඈ 


සීගිරියත් බලන්න ඕනි කියලා අපි කතාවෙවි පිදුරංගල බැස්සා. බැස්සට මොකද සීගිරියට යන්න තියෙන පාරවල් වහලා. පාරේ වාහනය දාලා පයින් ගොඩක් දුර යන්න ්නි. ඒ සීගරියේ හිටිය පාලක කන්ඩායම කිසිම සපෝටිව් ගතියක් නැහැ. මේ කොවිඩ් හැදිලා ලෑල්ලට හිදිලා ඉන්න වෙලාවක මිනිස්සුත් අඩු එකේ ඇයි පාක් වහගෙන දගලන්නේ කියලා දන්නේ උඩ ඉන්න දෙයියොයි එතන හිටිය පුරාවිද්‍යා ආදී පාලක නඩෙයි තමයි. සමහර විට ඔ්‍ය වගේ තැන්වල සංචාරකයින්ට පහසුව සලසනවාට වඩා වෙනේන් වෙන වෙන මෝඩ වැඩ. ඉතින් ඒ ගනන් ඉස්සීමත් එක්ක අවට වැහි වලාකුලු ලොඩ් වෙන්න ගත්ත නිසා අපිට සීගිරිය ගැන අදහස පැත්තකට දාන්න වුනා.


කන්තලේ හරහා 


ඉතින් සීගිරියේ ඉදලා කන්තලේ යන මගදි අපි කෑවා. කන්න කලින් තැඹිලි ගෙඩියක් බොන්න නවත්වන්න කියල කිව්වත් කෑවටත් පස්සේ තමයි තැඹිලි තියෙන තැනක නැවැත්තුවේ. එතැන තැඹිලි නම් සුපිරි ඈ. තැඹිලි වල්ල කැපුව ගමන්මයි. වතුර ඇත්තටම රසට තිබුනා. ඉන් පස්සේ අපි කන්තලේ හරියට යද්දි වැස්ස ලෝඩ් වෙනවා. වැස්ස වහින්න ඔන්න මෙන්න තියලා අපි කන්තලේ ඩෑම් එකේ ටික දුරක් ගිහින් පොටෝ ගැහුවා. ඉන් පස්සේ පොද වැස්සෙත් කන්තලේ වැව් බැම්ම උඩ ඉදන් පොටෝ ගැහුවා. කන්තලේ වැව් බැම්ම පටට තැනක්. ඒ වගේ තැනක් අපිට බලන්නට ආතල් ගන්නට හැදුවාට අග්බෝ 2 ඔයාට පිං ඈ. 


කින්නියා බලා 


කන්තලේ පැනලා කින්නියා වලට මැප් කලාම ගූගලා ඇතුලේ පාරක් පෙන්නුවා. මහවැලි ගග මූදට වැටෙන්න කලින් තියෙන ඩෙල්ටාවේ කොටසක් කියලා සැක කරන්න පුලුවන් මහා තෘණ බිම් වගුරු බිම් පහත් බිම් මැදින් අපි කින්නියා වලට ලගා වුනා. ඒ පහුකල ග්මමාන බොහොමයක් මුස්ලිම් ඒවා. ඉතින් කින්නියා වල තමයි ලංකාවේ දිගම පාලම තියෙන්නේ කියලා ඒක බලන්න හිටියත් ඒ හරියෙදි වැස්සා. ඇරත් පාලමේ මක්කා බලන්නද එච්චර දෙයක් නැැහ නෙව. 


වහපු මාබල් බීච් 


මාබල් බීඡ් එකේ මාබල් අලුතින් අල්ලනවාද මන්දා එතන කඩාගෙන හමුදාවෙන් හදනවා.මහ පාරේ මාබල්සි බීච් එකට හැෙරෙන තැන කිසිම දැන්වීමක් තිබුනේ නැහැ. එතන්ට ගිහින් ඇතුල්වීමේ දොර බැලුවාම එතන දැන්වීඹක් ගහලා වහලා කියලා තියෙනවා. ඉතින් අපි අමාරුවෙන් කිලෝමීටර 3ක් විතර ගිහින් හැරිලා ආවා. මට පෙනුන විදිහට මාබල් බීච් එකටත් ටිකට් කවුන්ටරයක් සවි කරලා එතනිනුත් ගානක් කපන්න තමයි ඒ ආරක්ෂක අංශ හදන්නේ. 


ත්‍රිකුණාමලයට 


කොළම එක්ක බැලුවාම ත්‍රිකුණාමලය පාලු තැනක්. ලොකු කලබලයක් නැහැ. වාහන අඩුයි. අපි චීන වරාය පැත්තෙන් හිමින් හිමින් ත්‍රිකුණාමලයට ආවා. ඇවිත් ටිකක් එහෙ මෙහෙ බලලා කරලා නිලාැවැලි බලා පිටත්වුනා මොකද රෑ වෙන්න කලියෙන් අපිට නවාතැනක් හොයාගන්න ඕනි නිසා. අපිට ගමන නිලාවැලි දක්වා එන්න පුලුවන් වෙයිද පොලිසියෙන් නවත්වයිද කියන බය තිබුනා. ඒ වගේම අපි බුක් කරන තැන ඇත්තටම නිලාවැලිද ඒක හොදද කියන සැකයත් තිබුනා. ඒ නිසා අපි එහෙට ගිහිල්ලම බුක් කරනවා කියලා ඇද ඇද හිටියා. 


ඒ නිලාවැලි ඕෂන් කොන්ඩෝ කියලා පෙන්වුප තැනට අපි ගියා. එතන 6 දෙනකුට ගංජා ගහන්න මත් ද්‍රව්‍ය ගන්න ඉතාම සුදුසු තාලේ කොන්ඩෝ තියෙනවා. ඒත් ඒ තැන නිලාවැලි නෙමෙයි. නිලාවැලි ඉදන් කිලෝමීඨර දෙකකට වඩා ත්‍රිකුණාමලය පැත්තට වෙන්න තමයි ඒ නිලාවැලි ඕෂන් කොන්ඩෝ තියෙන්නේ. ඒ පාර අපේ අනෙක් කාර් රියේ මිතුරකට මතක තිබුනා ඊඨ කලින් ආ වතාවක ඔවුන් නැවතුන තැන. අපිට පූල් එකක් තියෙන එක අනිවාර්ය වුනා. ඕශන් කොන්ෙඩෝ එකට වඩා නිලාවැලි බීච් එක අහ සන්ස්ටාර් එක ගනන් අඩුයි. ඒකත් අපි එතන්ටට යන්නන හේතුවක් වුනා.


ඉතින් අපි ඒ සන්ස්ටාර් බීච් රිසෝට් කියන නිලැවිලි වෙරලට මීටර 500ක් විතර දුර තැනක නැවතුනා. නැවතිලා ඇගපත හෝදන්නෙත් නැතුවම අපි නිලැවැලි වෙරලට ගියා. නිලාවැලි මූලික වෙරල මඩ ගතියක් තිබුනා. අපි බහිනකොට මඩ කැලතෙනවා. එච්චරම සැරට නැතිවුනත් ඊලග දවසේ ත්‍රිකුණාමල මහජන මුහුදු වෙරල තරම් ලල් එක්ක තිබුනේ නැහැ නිලාවැලි වල. වාහන නවත්වන්න ගිය ගාන නිසා අපි නැවතත් නිලාවැලි බීච් එකට ආවේ නැහැ. ඇරත් අපි නිලාවැලි කෙරල් දූපත බලන්න ගියෙත්නෑ ඒක ස්කිප් වුනා. 


රෑ 


රෑ ඉතින ්සිරිත් පරිදි මිතුරන් මිලදී ගෙන තිබුන අදිමිල එතනෝල් බෝතලය පානය කලා. ඒ එක්කම ද්‍රවිඩ මිතුරන් පිරිසකුත් අපි එක්කම අපේ නවාතැනේ වෙනත් කොටසක හිටියා. ඔවුන් අපිට ඔවුන් පුලුස්සාගත් රසවත් බාබකිවු මස් දුන්නා. අපිත් අපි ගාව තිබුන බයිට් ආදිය දුන්නා. දෙමල වචනයක් අපිට බැහැ. සිංහල ඔවුන්ට බැහැ. එත් එතනෝල් වලට පුලුවන් අපි එකතු කරන්න. ඒ කරලා රෑ විදුලිය විසන්දි වීමක් තිබුන නිසා අපි හදිසියේම නින්දට ගියා. 


හිතුනොත් ඊලග දවසත් ලියාල දාන්නම්.. 



උදෑසන තේ බොමින් 

පිදුරංගල උඩ 

පිදුරංගල 

තැඹිලි බොමින් 

තැඹිලි බොන්නන නැවතූ තැන 

කන්තලේ වැව් බැම්ම මත සිට 

කන්තලේ වැව උඩ 



මාබල් බීච් යාබදව 

චීන වරාය යාබද 

කලින් බැලූ ඕශන් කොන්ඩෝස් 

අපි නැවතුන සන්ස්ටාර් 

හෝටලේ අරලිය මල් 

මාබල් බීච් වලා ආසන්නයේ 

Tuesday, October 19, 2021

රට යෑම අවුලක්ද?


රට ගැන තියෙන ආකල්පය පුම්බපු එකක්. මට හමුවෙලා තියෙන ඉන්දියන් කාරයෝ නේපලි වගේ අපේ රීජන් එකේ නොවන අය රට ගැන තියෙන මෙව්වා එක හරි අඩුයි. බහුතරයක් දෙනාට ඒ දියුනු රටවල පොලිටික්ස් ගැන තියෙන ටච් එකත් හරි අඩුයි. ඒකට අපි සෙට් වුනත් කතා කරන්නේ දේශපාලනය ගැන. හැම තිස්සේම අපේ රටේ දේශපාලනය රට රටටාදරය හිට් මාතෘකාවක්. ඉතින් ඒ රට දාල යන එක ගැන තියෙන්නෙත් එහෙම නෝක්කාඩු තත්වයක්. 


ඇයි මෙහෙන් ඉගෙනගෙන යන්නේ.. 


විදුලි සංදේශ සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරුවන් විශ්ව විද්‍යාල නොමිලේ අද්‍යාපනය යටතේ අවුරුද්දකට තුන් හාරසියක් වත් සරසවි වලින එලියට එනවා. ඒ වගේම තව එච් එන් ඩී එන් ඩී ටී ආදි ඒවගෙනුත් එයාල එලියට එනවා. ඒ එන හැමෝම ගත්තොත් හොද ඉහල මට්ටමේ අයට ලැබෙන ජොබ් එක විදුලි සංදේශ ජාල නිර්මාණ්‍ය කිරීම. සහ ඒ දේවල් සැලසුම් කිරීම. ඒත් ලංකාව දැන් ඒ ජාතියේ රැකියා වලින් පිරිලා. තවදුරටත් මෙහෙ සැලසුම් කරන්න කියලා යමක් නැහැ. ඒ තරම් සංකීර්ණ මොල මෙහෙ පාවිච්චියට ගන්නේ පොඩි පොඩි මැනේජ්මන්ට් වැඩට. 


අද ටෙලිකොම් ආයතනයක ලංකාවේ රැකියාවට යන ඉංජිනේරු මහතෙක්ට ඉංජිනේරු රැකියාවක් ලැබෙන්නේ කලාතුරකින්. මැනේජර් වැඩක් වගේ එකක් තමයි ලැබෙන්නේ. ඉතින් අපේ රටේ මිනිස්සු බදු ගෙවලා ගෙවලා ඉගැන්නුවත් ඒ අදාල කෙනාට තමුන් ගත්ත සුදුසුකමට අදාල රැකියාව ඒ තත්වය මෙහෙ නැත්නම් මොකද කරන්නේ? යන්න වෙනවා. යම් අයෙක් හොදටම ඉගෙන ගෙන මෙහේ ඉතාම අඩු තත්වයක රස්සාක් කරන්න ඕනි ඇයි? 


ලබාගත හැකි සමාජ ජීවිතය 


කොපමණ පොහොසතෙක්ට වුනත් ලංකාවේ ලග පන්සලේ පීකරේ නවත්වන්න බැහැ. ඔය ඉතාම සුලු කාරණාවක්. මම ජීවත්වෙච්ච මහරගම නුගේගොඩ කැළණිය වගේ හැම පැත්තේම මිනිස්සුන්ට උදේට නැගිටලා දුවන්න හිතෙන ලස්සන පාරක් නැහැ. ඒ හැමෝම පාරට බැස්සාහම ට්‍රැෆික් එකකට මුහුන දෙන්න ඕනි. ලයිසන් ගන් ගියාම පගාව දෙන්න ඕනි, රජයේ තැනකට ගියාම රස්තියාදු වෙන්න ඕනි. වැඩක් කරගන්න ගියාම කනෙක්ශන් හොයන්න ඕනි. ඔය දේවල් අපිට වෙනස් කරන්න පුලුවන්ද? පුලුවන්. ඒත් ඒකට ලොකු කැපවීමක් කරන්න ඕනි. ඊට වඩා ලේසියි රට මාරු කරන එක. යම් මට්ටමකින් ඉහලට යන උදවියට ඒ සුදුසුකම් ආදියට තව රටක හොදට ජීළුත් වෙන්න පුලුවන් නම් ඒ උදවිය යන එකේ වැරැද්දක් අපිට පෙන්වන්න පුලුවන්ද? 


කොටින්ම දැන් රටේ ජනාධිපති සහ මුදල් ඇමති වුනත් ලංකාවේ එයාලට ගෙවපු යම් තරමක උසස් ජීවිතයට වඩා ලොස් ඇන්ජලීස් ජීවිතය ප්‍රිය කල උදවිය. එයාල දැනටත් නිවාඩුවක් පාඩුවක් ලැබුනාම ගිහින් තමුන්ගේ එහේ ගෙවල් දොරවල් පවුල් බලලා එනවා. ඔය රාජපක්ෂවරු කියන්නේ කවදාවත් ඈත ගමක දුක් විදින පීඩිත පන්තියෙ ේහිටපු අය නෙමෙයි. එයාල මෙහෙත් යම් තැනක හිටියා. ඒත් එයාලටත් මෙහෙ ජීවිතයට වඩා එහෙ ජීවිතය හොදයි කියලා හිතෙනවා නම් අපි ගැන කවර කතාද ඉතින් 


ගියා ඉතින් මොන සැපද? 


ඕනිම දෙයක වාසි අවාසි තියෙනවා. අපිට උරුම වෙලා තියෙන දකුනු ආසියානු ජාන සෙට් එකට අදාල විනෝද වැඩ, ඒ සමාජ දුර්වල කම් ප්‍රබල කම් ආදිය හැම එකම රටවල් මාරු කරාම ඒ විදිහට ලැබෙන් නැහැ. උදාහරණ විදිහට ලංකවේ ඉද්දි යම් නිලයක කෙනෙක්ට බොහෝ විට ගරු සරු ලැබෙනවා. ඒත් ඔසී රට නවසීලන්තය යුරෝපා රටවල එහෙම කෙනක්ට තව කෙනෙක් ගරු කරන් නැහැ. ඉතින් උපන්දා ඉදලා යම්ගරු සරු විදපු කෙනෙක්ට එහෙ ගියාම ටිකක් අපහසුතාවකට මුහුන දෙන්න වෙනවා. 


එහේ ගිය අයත් අපි එක්කම එකතුවෙලා එහේ ආන්ඩුව නැතුව මෙහෙ ආන්ඩුව විවේචනය කරනවා. මෙහෙ සංචාරක ස්ථා බැලුවම අනේ කියලා කමෙන්ට් කරනවා. ඉදලා හිටලා එහේ ජීවිතය ගැන රට පොය්යක් නයෙක් ඇරියට මෙහෙ නාට්ටි බලනවා. මෙහෙ සුපර්ස්ටා වලට එස් එම් එස් ගහනවා. ඒක එහෙම තමයි. කෙනෙක්ට රට ගියොත් ඒ අහිමිවෙන දේවල් වලට වඩා දෙයක් මෙහෙදි ලැබෙනවා නම් ඒ කෙනාට නොයා ඉන්න පුලුවන්. ඕනි නම් ගිහින් අනේ එහෙ වැඩක් නැහ කියාල එන්නත් පුලුවන්. 


පාස්පෝට් පෝලිමෙන් මොකද්ද පේන්නේ. 


එතන මූලික වශයෙන් පාස්පෝට් පෝලිමෙන් පේනවා එතන පෝලිමක් තියෙන විත්තිය. මාසයක් දෙකක් සති කිහිපයක් තිස්සේ පෝලිමක් තියෙනවා කියන්නෙම එතනින් අපේ රට ගැනත් යම් ආතල් එකක් පෙන්වනවා. වෙන රටක නම් පාස්පෝට් පෝලිම දැක්කහම ඒ වෙනුවෙන් විසදුමක් එනවා. ඒත් මෙහෙ වෙන්නේ පාස්පෝට් පෝලිමට ගිහින් මීඩියා කාරයෝ මොකද අනේ රට යන්නේ කියලා අහනවා. ඒ ඇර පාස්පෝට් පෝලිම නැතිකරන්න විදිහක් ගැන ලොකු කතාවක් නැහැ. 


පාස්පෝට් ඔෆිස් එක කරන්නේ අදාල ලියකියවිලි ටිකක් අරගෙන ඒ ලියකියවිලි හරියට තියෙනවා නම් අදාල මිල අරගෙන පාස්පෝට් එක නිකුත් කරන එක. ඕක අතිශය සංකීර්ණ දෙයක් නෙමෙයි. අවශ්‍ය නම් ඕකේ වේගය වැඩි කරන්න දවසකට දෙන පාස්පෝට් ප්‍රමාණ්‍ය වැඩි කරන්න පෝලිම අඩු කරන්න ක්‍රම ඇති. ඒත් ඒ දේවල් ගැන එහෙමට අවධායක් නැහැ. ඉතින් ඔය වගේ රටක පෝලිමක ඉන්න මිනිහකේට හිතෙයිද තවත් මේ රටේ ඉන්න. නැහැ නෙව. 


ඔය පාස්පොට් ගත්තට යයිද? 


ඇත්තටම පාස්පෝට් ගන් හැමෝටම සුදුසුකම් නැහැ. සමහර අයට ඉංගිරිසි බැහැ. තවත් අය හිතාගෙන ඉන්න රැකියාව ලගටවත් සුදුසුකම් නැහැ. ඒත් ඉතින් හැමෝමට හැමදේම එකපාර තේරුම් යන්නේ නැහැ. සමහර අයට ටිකක් කලින් තේරෙනවා. තව අයට ඒජනසියකට සල්ලි ගෙවලා අහු වෙලා මාට්ටු වුනාහම තමයි යමක් කමක් තේරෙන්නේ. එතකොට පෙරහැර ගැහින් සල්ලිත් ඉවර වෙලා ඉවරයි. ඒක ලෝකස්ස්බාවය ඉතින්. 


රට හදන්නේ නෑද එතකොට 


ඇයි අපි රට හදන්න ඕනි. දැන් ලෝකේ රට හැදීම වගේ බරපතල දේවල් ගැන හිතන මිනිස්සු එන්න එන්න අඩු වෙනවා. රට හදනවාට වඩා ඉංගිරිසි හදාගන්න එක, මොනාහරි ඉගෙනගන්න එක, බොරුව දලා වීස එකක් ගහගන්න එක ලේසියි. අපි පුද්ගල ජීවිතය දිහා බැලුවත් අපි හොදට සූම් කලොත් රටට ආදරෙයි, අපි රට හදනවා, දැන් මේ හදන ගමන් ඉන්නේ. කියනඅ යගේ ජීවිත අස්සේ තුලත් තියෙන්නේ එයාලගේ පුද්ගලික සුඛ විහරණය. පාර්ලිමේන්තු මන්තිරිවරුන්ට දැන් වගේ ගහන්න කරන්න ගසාකන්න බැරිවුනොත් ඇත්තටම ඒ පුටු 225 පුරවගන්න එකත් ලේසි වෙන එකක් නැහැ. 


මිනිස්සු රට යන එකෙන් පෙන්වන එකම දේ මිනිස්සු රට යනවා කියන එක විතරයි. ඒකෙන් වෙන මොකවත් පේන් නැහැ. රටට හොද දක්ෂයෝ ඕනි නම් ඒ අය නවත්වා ගන් එක හෑලි වලින් කරන්න බැහැ. ඒම දක්ෂයෝ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සමාගම් හෝ රාජ්‍ය අංශය ඒක කරගනීවි. 


Saturday, October 2, 2021

ආපසු හැරීමේ වේදනාව


කරන රස්සාවේ තියෙන ලොකු ප්ලස් පොයින්ට් එකක් තමයි ලංකාවේ ඔ්නි තූත්තුකුඩියක වැඩ කරන්න ලැබීම. අපේ ඔෆිස් තියෙන තැන් රට වටේම. එ් වුනාට මම වැඩ කලේ මෙතෙක් කාලෙකට කොළඹ.


කොළඹ හොදද?

ඔව්. කොළඹ සාපේක්ෂව හොදයි. කොළඹ මම ගිහින් තියෙන ප්‍රධාන නගර වෙන චෙන්නයි, දිල්ලි, බැංකොක් වගේ නගර වලට වඩා බොහොම පොඩියි. එඒත් කොළඹ කියන්නේ කඩමන්ඩියක් වුනත් හොද හැපනින් ජීවිතයක් ගෙවන්න පුලුවන් තැනක් විශේෂයෙන් මගේ බජට් එකේ මිනිස්සුන්ට. කොළඹ බෝඩින් වෙලා ඉද්දි කාමරේට එබෙන්න කවුුරුවත් නැහැ. හොදටම ෆිට් වුනෙොත් ඇර කාරුවත් අහන්නේ නැහැ බැදලද නැද්ද එඒ මොකෝ කියලා. එඒ වගේම අපිට ඔ්නි තාලේ යාලුවෝ හරි හම්බ කරගන්නත් කොළඹ මරු. එන්ටර්ටේනින් ගත්තොත් ගමට වඩා ගොඩක් දේවල්. බාර් මසාජ් එක එක හමුවීම් පොත් එලිදැක්වීම් පොරටෝක් දෙන තැන් ගොඩයි. එඒ වගේම ෆිල්ම් එකක් බලන්න නාට්ටියක් බලන්නත් තැන් එමට.


ඇයි යන්නේ

යන්නෙ ඉතින් කාසි තමා කේස් එක. ගන්න වැටුපෙන් හතරෙන් එකක් විතර වියදම් වෙනවා කොළඹදි ජීවත් වෙන්න. කොළඹ ජීවිතය කටුකයි වියදම් වැඩියි. ගෙදර ඉද්දි බත් එකක් වෙනුවෙන් අපිට රුපියල් හැට හැත්තෑවක් වියදම් වෙන්නේ. එඒත් කොළඹ ආවහම බත් එකක් වෙනුවෙන් රුපුයල් එකසිය පනහක් විතර වියදම් වෙනවා. එඒ වගේම නවාතැන් ගාස්තුතත් වැඩියි. ප්‍රවාහන ගාස්තුත් දැන් වැඩියි සහ ඉස්සරහට තවත් වැඩිවෙන්න තියෙනවා. එඒ එක්ක එදිනෙදො ලයිෆ් එකටම එච්චර ගානක් ඇයි දෙන්නේ කියලා ලෝබ සිතුවිලි පහල වුනාහම මාරුවක් ඉල්ලන එක හොදයි කියලා හිතුනා. ඇරත් ලොක්ඩවුන් එක්ක ගෙදර ඉන්න අයියලා ගේ පොඩි උන් එක්ක තියෙන ඇයි හොදයිය වැඩි වුනා. උන් එක්කත් කාලයක් ගත කරන්න ආසාවක් ආවා.


ඇයි ඉතින් ගම ලස්සන නැද්ද?

අනේ නැහැ. ගමට එන්න කියන.  පොත් කාරයෝ කියන ගමේ සුන්දරත්වය නම් මට අහුෙවලා නැහැ. ගම කියන්නේ සංස්කෘතික ගූ වලක්. එඒෙක් ඉන්නේ අනුන් ජීවත්වෙන දිහා බලාගෙන තමුන් දුක්වෙන මහ කුප්ප සෙට් එකක්. එන්ටර්ටේන්මන්ට් කියලා නාමයක් මුන් දන්නේ නැහැ. දන්න එකම දෙේ අනුන්ගේ ලබ්බේ දිග පලල සෙවීම විතරයි. මිනිස්සු නාට්ටියක් ෆිල්මක් බලන්න යන්නේ නැහැ. ටීවි එකට දවසම නෙරවරගන දේසපාලනය ආගම අතීතය වගේ පරණ හනමිටි ගොඩක් එක්ක ඔහේ දවස ගෙවනවා. එකෙක් කොටුවක් පැන්නම එඒක මුලු ගමම දන්නවා. හරියට උන්ට ලිංගික දේවල් නැහැ වගේ. මාර ඇරියස් ොගඩක්. වියදම අඩුවිම සහ පොඩි උන් සහ පවුලේ අය එක්ක තියෙන බැදීම් ඇරුනම ගම කියන යුනිට් එකට මට නම් කිසිම ලල් එකක් නැහැ. මේ වගේ වැහි දවසක ගමේ ඉද්දි දැනෙන සීතලයි කොළඹ බෝඩින් කාමරේ ඉද්දි දැනෙන සීතලෙයි අමුතු බක්කක් නැහැ. ගමේ ඉද්දි ටිකක් හුලං හොදයි. මම හිතන්නේ හෙොද ජාතිෙය් ඒ සී එකක් සවිකරගන්න වත්කමක් තිබුන නම් ගමේ හමන ජලවාශ්ප පිරුන කාශ්ඨක හුලගට වඩා කෙළඹ එඒ සී එක සැපයි.


මාරු ලැබෙයිද ?

නැහැ මෙච්චර කල් මම කොළඹ දැන් අවුරුදු පාලහකට වැඩියි. දිගටම හිටියා. එයින් වැඩිම කලක් ගෙදර හිටියේ මේ ලොක්ඩවුන් කාලේ. ඉතින් මෙතෙක් මහා බලයක් යෙදව්වේ නැහැ ගමට යන්න. එඒත් දැන් මාරුවක් ඉල්ලන්න කාලේ හරි කියලා හිෙතනවා.


මාරු වුනාම වැඩ අමාරු වෙයිද?

ඔව් අමාරු වෙයි මුල් දවස්වල. අපි වගේ සමාග්ම වල සේවකයෝ අර ඇගලුම් කර්මාන්ත ශාලා වල වගේ තරමට බිසී වෙන්න නම් තව කල්ප කාලයක් යයි. බොහොෝ විට නිදහසක් තියෙනව ගොඩක් අයට. එඒ නිසා අමාරු වුනත් ටික කාලෙකින් අල්ලගන්න පුලුවන් වෙයි. ඇරත් මට වැඩි බැරිම වුනොත් එඒත් කොහෙට හරි හේත්තු කරනවා විනා එලෝල දායි කියලා බයවෙන්න දෙයක් නැහැ. සකල කලා වල්ලභ වගේ හැම දෙයක්ම ඉගනගන්න ලොකු පුකේ අමාරුවකුත් මට නැති නිසා මේ ෆීල්ඩ් වැඩ ගැන ලොකු ටච් එකකුත් නැහැ. එඒත අල්ලගන්න පුලුවන් වෙයි කියලා තමයි හිතෙන්නේ.


ඉගනීම මග ඇරෙයිද?


ඉගනීම ගැන කියද්දි දැන් මට සෑහෙන වයස. මේ වයසෙදි අපේ වයසේ අනික් උන් තුන්වෙනි ලමයා ගැන හිතනවා. ඇති. මට ඉගනගැනීම ගැන තියෙන්නේ මාර කම්මැලිකමක්. දැනට ගම්පහ පැත්තේ ආන්ඩුවේ තැනක කෝස් එකකට රෙජිස්ටර් වෙලා තියෙනවා. එඒක අපේ ඊලග ප්‍රමෝශන් එකට වැදගත් වෙනවා. එඒත් මාරු වුනොත් එඒක මිස් වෙනවා.


මාරු වෙලා මොනාද කරන්න ඉන්නේ..


මාරු වෙලා සිමෙන්ති ගල් වැලි වලට යට වෙලා ගෙයක් හදන්න හිතක් නැහැ. වටිනකම වගේ දෙගුනයක් විතර දීලා යකඩ යන්තරයක් ගන්න අදහසකුත් නැහැ. ගෑනියෙක් නම් හිටියොත් හොදයි. එ්ත් උන්ගේ් පස්සේ් යන්න දැන් නාකි ැවඩියි. එඒෙහම කියලා ගෑනු එපා ජීවිතේ තනිකඩව ඉදීම ආතල් කියලා ලියන්නෙත් නැහැ. මොකද හදිසි අනතුරකින් හරි ගෑනියෙක් හමු වුනොත් බදින්න තමයි හිතාගෙන ඉන්නේ.


ඇයි ඉතින් උඹ මේව ලියන්නේ


මේ බ්ලොග් එක ලියන්න ගත්තේ දිනපොත කියන නමින්. එඒක් අරමුණ වුනේ මට හිතෙන දේවල් කියන එක. මේ කාලේ නෙමෙිය හැම කාලෙම සාර්ථක මිනිස්සු කියලා ජාතියක් ඉන්නවා. උන්ගේ කතා පොත් වල තියෙනවා. ටීළුි වල යනවා. ඉන්ටනෙට් එකේ තියෙනවා. එඒෙහම සාර්තාක උන් හිටියා කියලා හොෝ කෝටිපති හිටියා කියලා අනෙක් මිනිස්සු අසාර්ථක නැහැ. අනික් මිනිස්සු හිගන්නොත් නෙමෙයි. සාමාන්‍ය ජීවිත අසාමාන්‍ය විදිහට පීඩනයකින් ගෙවන මිනිස්සු වගේම සාමාන්‍ය ජීවිත සාමාන්‍ය විදිහට ගෙවන අයත් ඉන්නවා. ඉතින් එඒක පේනනුම් කරන්න තමයි හෑළ්ල ලියලා දැම්මේ.

Friday, October 1, 2021

අධිපරිබෝජනය දැන් තිත්තත ඇයි?


අපි කැලේ ඉන්න කාලේ කෑවේ බිව්වේ අපට ලැබෙන දෙයක්. ඒ ලැබෙන දේ අවසාන කාලේ අපිම වවපු ධාන්‍ය වුනා. ඊට කලින් යුගයක අපිම ඇතිකල සතුන්ගෙන් ලබාගත් මස් සහ කිරි වුනා. ඊටත් කලින් කාලෙක අපි දඩයම් කරගත් සතුන ්වුනා. ඒත් අපි නූතන යුගයට එද්දි අපට පෝශනයට නුවමනා එත් රසයට හෝ කුමක් හෝ ආතල් එකකට කොිටින්ම මොකටද කියල අපිටත් හිතාගන්න බැරි තරම් දේවල් තොගයක් ගිලිනවා. ඒක තමයි ඉතින් හැටි. ඕක ඉතින් ඇදුම් පැලදුම් නිවාස යාන වාහන ආදී හැම ක්ශේත්‍රයකම. කොටින්ම අධ්‍යාපනයේ පවා මුල් කාලයේ පැවති ජීවිතය ආරක්ෂාකරගැනීමේ මූලික ශිල්ප ක්‍රම ඉගනීමේ සිටි ලෝකයේ කෙලවර සොයාගැනීම ආදී නොයෙක් මනස්ගාත අපි අද කාලේ ඉගෙනගන්නවා. ඇත්තටම අපිට සමහර දේවල් මේ මෙලොව ජීවිතයට මෙලෝ වැඩක් නැහැ ඒත් අපි ඉගෙනගන්නවා. ඒ අතිරික්තය ඇවිල්ලා මේ සමාජය විසින් නිර්මාණ්‍ය කරපු දෙයක්.


අතිරික්තය පට්ට ගැසීම

මේ අමතරව ලැබෙන සහ ලබාගන්නා දෙේවල් අපිට මෑතක සිට පොඩ්ඩක් ඩාම් ඪූම් වෙලා තියෙනවා. උදාහරණ විදිහට අපිට තුන්වේලකට මෙච්චර බත් ගිලින්න ඕනි නැහැ. මේක ධාන්‍ය හෝ එලවලු වලින් පුරව ගත්ත නම් ලේසියි. ඒක ඇත්තක්. ඒත් ඕනි රටක වැඩිපුර ගිලින ජාතිය කියන්නේ ෆික්ස් දෙයක් නෙමෙයි. යුරෝපීය ජනතාව දැන් හිතලා මතලා කිරලා මැනලා කොල කනවා. ඒත් තාමත් අමරිකානුවෝ සහ උතුරු අර්ධුගෝලයේ බුවාලා ඇති පදම් මස් ගිලිනවා. මොකද මස් කියන්නේ එයාලට එයාලගේ තත්වයෙ ්හැටියට සුලබ කෑමක්. ඉන්දියාවේ උතුරේ ඉන්න මිනිස්සු ආටා පිටි වලින් හදන කෑම වැඩිපුර කනවා. මොකද උන්ට ලාබෙට ලැබෙන සුලබම දේ ආටා පිටි. අප්‍රිකාවේ සමහර රටවල මූලික කෑම තමයි මඤ්ඤාක්කා මඥ්ඤාක්කා වල ඇති හොදක් නිසා නෙමෙයි ඒ. මඤ්ඤකේකා සහ අල වර්ග තමයි ඒ රටවල වැවෙන්නේ. ඔ්‍ය විදිහට තිරිගු ඉරිගු කිරි බිත්තර වගේ විවිධ ආහාර වැඩිපුර ගන්න රටවල්ෙ ලා්කේ ඕනි තරම්.

ඒවා පෝශදායිද?

මෙහෙ විතරක් නෙමෙයි ගොඩක් රටවල ආහාර වේල සහ සාමාන්‍ය මිනිස්සු ගිලදමන විදිහ පෝශදායි එකක් නෙමෙයි. හොදට සකසපු මස් ගිලලා හැන්දෑවට ගිහින් අඩියකුත් ගහලා එන දියුනු රටවල ජීවන රටාව බහුතරයක් පෝශදායි කියන්න බැහැ. ඒ වගේ අනෙක් රටවලත් තියෙන ආර්ථික තත්වය අනුව වඩාත් පුරුදු වෙච්චි ආහර ගිල දමනවා විනා ඕවා ඉන්ඩීටේල් හොයලා බලලා ගිලිනවාද? ඔව් එහෙම අයත් ඇති. ඒත් මගේ පුද්ගලික අදහස තවමත් එහෙම නැති පිරිස තමයි වැඩි ඇත්තේ.

මේ ඇයි මේවා..

මේ කතා කරන්න එන්නේ දැන් ආනයන හෙවත් රටින් එන්න බැරි නිසා දැන් එකඑක දේවල් හිගපාඩු වෙනවා. ඒ අතර කෑම බීම පැත්තෙන් ගත්තොත් අහිමි වෙනකොට දුක වැඩිවෙන හාල්, තිරිගු පිටි, කහ විතරක් නෙමෙයි කිරිපිටි වගේ දේවලුත් දැන් ටික ටික හිග වෙනවා. ඒ හිග වෙද්දි අර මම කලින් කියපු විදිහට ඇයි මේවා කන්නම ඕනිද? ඒවා කෑව වැඩි නැද්ද ආදී බයි හෑලි ලියනෙවනවා. උදාහරණ විදිහට අපේ රටේ එහෙමට හරක් කිරි වලින් ස්කෝ කරන්නේ නැහැ. අපේ ගොයියෝ හරකගෙන් දියුනු රටවල් වගේ ලීටර් පාලහ විස්ස කිරි අදින්න දක්ස නැහැ. ඉතින් අපේ හරක් ඔය වියලි කලාපේ ඉන්න උන් පෙනුමෙනුත් සවුත්තුයි. ඒක අපිට ටිකක් හොද බිස්නස් එකක් නෙමෙ වගේ තමයිපේන්න්. ඒ නිසා කිරි කිරිපිටි විදිහට රටින් ආවා.

දැන් කිරි පිටි නැති වෙද්දි කිරි පිටි වල තියෙන අගුන අපිට වැඩියෙන් අහන්න ලැබෙනවා. තුන්වේල බත් කෑමත් ඒ වගේ. ඇයි තුන්වේල බත්ම කන්නේ කියලා ඉදලා හිටලා ඇහුන දොස්තර කතා දැන් අපිට නිතර ඇහෙනවා.

ඇත්තටම මේවා තව ගැඹුරට යද්දි බෙහෙත් හේත් නැති වෙද්දිත් අපේ මුත්තා ආත්තා අර අහවල් සෑය හැදුවේ බෙහෙත් බීලා නෙමෙයි. ඒවා ස්වභාවයෙන් ගහෙන් කොලෙන් ලැබුනා කියලා බේත් නැතිවීමත් සාධෘරන කරනය වෙයි. තවත් ඉතින් අපේ රටේ බේත් මාෆියාව නිසා ලෙඩෙක් බොන බේත් ප්‍රමාණ්‍ය වැඩි වීම වගේ ඒවත් වැඩිපුර හයිලයිට් වෙයි. හැැබයි ඉතින් මේවා අර අහිමිවීමේ දුක පාලනයට කියන බයි අදෝනා මිස සැබෑව නෙමෙයි කියන එක කට්ටියට තේරෙයිද? නැත්නම් අඇන්දෙයිද? අපි ටිකක් බලමු නේද?