Tuesday, June 21, 2022

විප්ලවය විසදුමක්ද


පාරට බහින්න කට්ටිය මදිවෙලා එයාල කතා කරනවා අපිට පාරට. අපිට යන්න කම්මැලියි. උන් හිතන්නෙ උන් ගිහින් ගන්න ජයග්‍රහනයට අපි වගකියන්න බලාගෙන ඉන්නවාය කියලා. ටික දවසක් පාරේ වේලි වේලි උගුර ලේ රහ වෙනකල් කෑ ගහනකොට ඔහොම හිතෙනවා. ඇරත් ඉතින් දෙයක් කරන උන්ට ඒක කොහොමත් ලොකු. අනික් උන්ට ඒක පඩේකට වැඩක් නැහැ.  ඒක හැටි නෙව. 

ගෝඨා ගියාට පස්සේ 


ගෝඨා යනවා මිනිහගෙයි රාජපක්ෂලගෙයි වස්තුව හොයාගන්නවා. ඒවා ගෙනත් තෙල් පස්නය විසදනවා. සාමාන්‍යයෙන් ටිකක් ඈත මිනිස්සු එහෙම හිතනවා. ඒත් ඇත්ත තමයි එහෙම ගෝඨා ගියා කියලා වෙන්න පුලුවන් ක්ෂණික ආතල් මොනාත් නැහැ. විදෙස් පාර්ශව වල ටිකක් හොද ඇල්ම බැල්ම ලැබිලා යම් ට්‍රැක් එකකට ැවටෙන්න ඉඩක් තියෙනවා. ඒත් ඒවා එවෙලේ දැන් වෙන දේවල් නෙමෙයි. ඒව කරන්නත් ලංකාව වෙනස් වෙනවා. හරියට ආර්ථික ප්‍රශ්ණවලට විසදුම් හොයනවා කියලා ලෝකෙට පේන්න ඕනි. 


අයි එම් එෆ් එනවා විසදනවා \

අයි එම් එෆ් එපා කියන අය එපා කියන්නේ ඒකෙන් එන යෝජන ානිසා. පිස්සුවක් ඇතැයි. ආයේ අයි එම් එෆ් කාරයෝ අපිට යෝජනා දෙන් නැහැ. අපිටම යෝජනා දීලා අපිම කරන්න වෙනවා. හරියට අපි ස්කෝලේ කාලේ සිල් ගන්න යද්දි උදේට කෑම අරං ගිහින් දානේ කියල හිතාගෙන දවල්ට ඒක ගිලිනවා වගේ. දැන් ඉස්සර වගේ අයි එම් එෆ් ලෝක බැංකුව එහෙම හාවා වෙන්න යෝජනා දෙන් නැහැ. අපිම දෙන යෝජනා වලින් අපිටම අරිනවා. අරිනවා කිය්න්නත් අමාරු. වැටිල නම් ගොඩ එන්න වැඩපිලිවෙලක් ප්ලෑනක් ඕනි. ඒ ප්ලෑන මොකක්ද ිකයලා තමයි එයාල අහන්නේ. ප්ලෑන විතරක් තිබුනට මදි ඒකට ඕන දේවල් කරල තියෙන්නත් ඕනි. 


ඒවුනාට රාජපක්ෂලා හොර නෙ 

ඇත්ත හොරු තමයි. ඒත් ඔය කරන්නේ මහා හොරා තේරීම. සරලව ඔය කරන්නේ අපි කැමති නැහැ අපිත් මේ ආර්ථික අර්බුධයට වග කියන්න ඕනි කියලා පිලිගන්න. අපි ඒකට සරල මහා හේතුවක් හොයනවා. ඒක තමයි දැනට රාජපක්ෂවරු. අපේ පැත්තේ හයිවේ හැදුවා රේල් පාරවල් අලුතින් හැදුවා. ඒවායෙන් රාජපක්ෂලා කෑව හා ප්‍රමාණයක් ගමේ වටේ පිටේ උනුත් කෑවා. කම්බි සිමෙන්ති වැලි ගල් කුට්ටි පිටින් වික්කා. ලේබර් කොන්තරත් හරහා හම්බ කලා. පස් වලින් හම්බ කලා. අවසානේ වැඩ බලන්න එන චීනට බල්ලෝ අල්ලලා දිල ඌ වැල වරකා වලට පුරුදු කරලා වැඩිපුර ගනන් දාගත්තා.එ හෙව් දස කැරියෝ ටිකක් තමයි අපි. 


ඉන් පස්සේ ඔ්‍ය චූටි චූටි වැඩ තියෙන්නේ. හැමෝටම පේන. නෙළුම් කුළුන හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා වගේ ඒවා. ඇත්තටම ඒවට ගිහින් තියෙන සල්ලි ටිකයි. වැඩිහිරිය ගිහින් තියෙන්නේ මාර්ග සංවර්ධන වැඩට. හයිවේ හදන්න. ඒත් අපි කැමති නැහැ ඒක පිලිගන්න. මොකද අපි පාරවල් වල යනවා. හයිවේ එකේ ට්‍රිප් කීයක් ගිහින් තියෙද? ඥාති බලන්න කීපාරක් ගිහින් තියේද? ඉතින්එහෙම වැදගත් කමක් තියෙන නිසා හයිවේ හදපු එක වැරදියි ඒවට ණ්ය ගතපු එක වැරදි කියලා අපි පිලිගන්නේ නැහැ. රාජපක්ෂලා කාපු ටික තමයි වැඩිපුරම අපි ආස පාට් එක. 


කොටින්ම නැවත සැලසුම් කරපු ආදායම් සෘජුව හෝ වක්‍රව ආපු නැති ඒත් අපි තවමත් භුක්ත් විදින විදෙස් ණය වලින් ගොඩනගපු ගොඩක් දේවල් තියෙනවා. දදැන් උඩදාගෙන ලාබයි ලාබයි කියල යන කෝච්චි පාරවල් හැදුවේ ඉන්දියානු ණය වලින්. ඒ පෙට්ටි එන්ජින් එන්නේ ණය සහන ආධාර විදිහට..දැන් ඒවායේ යන ගමන් ඒවත් ණය කියලා පිලිගන්න කට්ටිය කැමති නැහැ.. රාජපක්ෂලාගේ මොන්ටේරෝ එක ස්පෝට් කාර් එක පස්සේ යන්න තමයි ආස. 


ඔය කිව්වට ගොඩ යයි 


හ්ම්ම්..සුනාමි වෙලාවේ ඒ අතැද්කීම කාටවත් තිබුන ්නැහැ. මින්සසු මූද ඇතුලට ගිහාම අම්මට යකෝ මූද නෑනේ. කියලා ගිහින් වැටවල් ගහන්න සෙට් වුනා. ඒ වගේ මේ ආර්ථික කේස් යන්තම් තිබුනාට ඇත්ත ආර්තික අර්බුදයකට අපිට අත්දැකීම් නැහැ. හැමදාම වගේ රනිල් මහත්තයා කරයි. අනුර කරයි සජිත් කරයි හෝ කවුරුහරි මොනාහරි කරලා මේක ගොඩදාවි කියන තැන තමයි අපි ඉන්නේ. ඒත එහෙම හුකාරිස් එකක් මේ පාර නැහැ. මිනිස්සුන්ට යනු එනු  නැතිවේවි. කන්න බොන්න නැතිවේවි. රස්සා නැතිවේවි විය හැකි දේ කියන්න බැර තරම් අවුල් වේවි ඒ අස්සේ පොඩ්ඩක් පිහිටක් එයි එත් ඒ පිහිට මදි රට රන් වෙන්නෙ. 


ඉතින් අනික් තැන්වලත් වෙලයි 


ඔවු වෙනිසියුලාව ලිබියාව සිම්බාබ්වේ වගේ රටවල් වගේම මෑතකදි පකිස්තානය ඇෆ්ඝනිස්තානය වේග රටවලටත් දැන් ආර්ථික අර්බුදය කඩා වැටෙනවා. එතකොට වෙන දේවල් වලින ්මූලික ටිකක් අපිට වෙලා. ඉන්ධන අර්බුධ බලශක්ති අර්බුද ඒකේ එක පාට් එකක්. ඊලගට බඩු මිල යෑම වැටුපි වැඩි නොවීම වගේ කේස් ටිකත් වෙලා. දැන් තව වෙන්න තියෙන්න් කෑම හිගවීම වගේ ටිකක් විතරයි. මොකද දැන් බෙහෙත් නැතිවීම අනේක් අත්‍යාවශ්‍ය බඩු හැම එකම මිල යෑම දැන් අපි මුහුන දෙන තත්වයක්. 


හැබැයි ගෝඨා ගියොත් හොදයි 


එකෙන්ම .ඒත් ඌ යන්නේ නැතිනම් පාරේ ටෑර් ගිනිතියලා එකිනෙකා මරාගෙන ගෙවල් ගිනිතියාගෙන හෙනම කෙලියාවක් කරන එක ගැලපෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. මොකද රටක ප්‍රශ්ණයකට ඒක විසදන්න මම වහාම අණදුන්නා කියන සීනිබෝල උත්තරය වැලීඩ් නැහැ. ඒක ගෝඨා හිත සනසගන්න අපිට උාතල් දෙන්න කියන උත්තරයක්. " සර්  බබා එලියට එන් නැහැ සීසර් කරන්න යනවා" . කිව්වට පස්සේ ගෝඨා මම සීසර් කරන්න වහාම අණ දෙනවා කියනවා. මාර ආතල්. රටක වැටීමට ඒකේ තියෙන අවුල්  වලට නායකයාට ගැලවීමක් නැහැ. ඒ වගේම නායක රෙජීමයට ගැලවීමකුත් නැහැ. 


ඉතින් ගෝඨා ඇතුලු රාජපක්ෂවරු හිටියත් කලින් වගේ ආතල් එකේ තරගයක් ගහගෙන සැනකෙලියක් දාගෙන බබාල මුනුබුරාල බලාගෙන හැම තැනටම පැන පැන නිවුස් මව මව විවෘත කරමින් එහම ඉන්න බෑ. සෑහෙන ආතල් ටිකක් මිස් කරගෙන බල්ලෝ වගේ ඉන්න වෙන්නේ. ගෝල්ෆේස් අරගලය කියන එක නැතිම වුනත් රාජපක්ෂලාට ගමට ගිහින් ඉස්සර වගේ ඇඩ් එක දාල බබා වඩාගන්න බෑ. මොකද උඩ ඉදන් පහලට මිනිස්සු දන්නවා ඇත්ත සීන් එක. 


සෑ සෑ කොහොම හිටිය අපිටද මේ වුනේ 


අපි ඉගෙනගත්තේ මහන්සි වුනේ වවන්න නෙමෙයි බයිසිකල් පදින්න නෙමෙයි. ඇත්ත කවුරුත් මහන්සි වෙලා ගෙඩනගාගත් දේවල් කැපකරන්න කැමැත්තෙන් ඉදිරිපත් වෙන්නෙ ්නැහැ. ඒත් අපි ඇත්තට මූන දෙන්න වෙනවා. දවස් ගානක් පෝලිමේ ඉන්නවාට වඩා කාර් එකේ යන කිලෝමීටර් දහය බයිසිකල් පදින එක ලේසි කියයල හිතෙන අය එහෙම කරයි. ඒ වගේම කෙනෙක්ට හිතුනොත් මේ ලංකාවේ දුක විදිනවාට වඩා ගිහින් මැද පෙරදිග වලං හෝදන එක කියලා එයා එහෙම යයි. මේ අවුල් සියල්ල  දේශපාලන බල අධිකාරිය හෝ එහි පාට වෙනස් කිරීමෙන් වෙනස් වෙන දෙයක් නෙමෙයි. 


කරන්නම දෙයක් නැද්ද? 


මහජනතාවගේ වගකීම සහ මේ වෙලාවේ කල යුතුම දේ විදිහට පිරිසක් දක්වන්නේ පාරට බැහැලා උද්ගෝෂන කිරීම. ප්‍රජාතන්ත්‍රවාදී දේසයක උද්ගෝෂණ කිරීම විරෝධතා පල කිරීම කියන්නේ එක මාර්ගයක්. ඒක තියෙන්න ඕනි. ඒත් ඊට එහා ගිය අපි අකමැති යම් යම් ප්‍රතිසංස්කරණ මාලාවක් කරන්න ඕනි යම් ගොඩයෑමක් තියෙන්න නම්. ඒවා දේශපාලකයොවත් ලේසියෙන් කරන්න පනින ඒවා නෙමෙයි. ඒත් මොනාත් නොකලොත් කොහොමත් ගැලවීමක් නැැහ. 


ආ හා උඹ පඩියා නෙ. 

ඔව්. මට ආර්ථික විද්‍යාව හෝ කිසිම දෙයක් ගැන කිසිම ගැඹුරු දැනුමක් නැහැ. ඒත් ආර්ථික අර්බුධයකදි වෙන දේවල් මීට කලින් වෙලා තියෙන තැන් දිහා බැලුවාම අපිට හිතාගන්න පුලුවන්. ඒවයෙදි වීදි සටන් වලින් ගොඩ දාන්න පුලුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා. ඒ වගේම සමාජය අකමැති දේශපාලකයින් කරන්න මැලි ප්‍රතිසංස්කරණ තියෙනවා. ඒ දේවල් නැතුව නිකං විදෙස් සංවිධාන අපේ ණය වෙනුවෙන් කර ගහන්නෙ ්නැහැ. 


ඉන්දියාව අත දායිද? 


ඉන්දියාවේ උතුම් අරමුණ මොකක්ද කියලා තාම හිතාගන්න බෑ. ඒත ඉන්දියාව දාන දාන පිදුරුගහේ එල්ලෙන එක හැර වෙන කරන්න දෙයක් මේ වෙලාවේ නැහැ. ඉන්දියාව අපිට බෝට්ටු සේවාවක් දානවා ඒ මගින් බඩු එවනවා කියලා තියෙනවා. සමහර විට ඒක බඩු නැතිම වෙනවාට වඩා හොද වෙයි. ්ත් මිලියන විසි එකකට ඕන බඩු බාහිරාදිය ඒ බෝට්ටු වලින් ගේන්න පුලුවන් වෙයිද? ඒකෙන් මොන මොනවා කවර් වෙයිද? වගේ ගැටලු තියෙනවා. අනික තමයි ඉන්දියාව දිගින් දිගටම අවාසිදායක තත්වයක තියනෙ ලංකාවට නිකං උදව්ව කරන්නේ නැහැ.