Wednesday, June 29, 2011

කොලර නැති කමිසය..

සාමික පිට කොටුවට ආවේ නිවෙස බලා යෑමටයි..බස් කීපයක් විය..ඒවායේ ඉඩද බෝ විය.එහෙත් කුමක් හෝ අඩුවක් නිසා ඔහු‍ගේ සිත වද දෙන්නට විය...වෙනදා නම් සාමික බස් රිය එනතෙක් නොඉවසිල්ලෙන් සිටී..එහෙත් දැන් තමා පිළිගන්නට ගෙදර ඇත්තේ අම්මා පමණකියැයි සාමිකට මතක් විය..කැම්පස් ගිය කාලයේ මෙන් බැජියක් හෝ ඇන්ට්යක් හෝ අඩුතර‍මේ යකින්නක්වැනි එකක් වත් එයිදෝ හෝයි සාමික මඟ බලා සිටී..එහෙත් ඉතා හදිසියේ දිනෙක හැර නිතර එවැනි වාසි නොලැබෙන බව සාමික අත්දැකීමෙන්ම දනී..කිසියම් කරුනකට දෙදෙනා අතර අමනාපයක් උවත් දෙදෙනාගෙන් කෙනෙකු නිහඞ වීම සාමාන්‍ය සිරිතයි..එහෙත් මෙවර වෙරෝනි වෙනදා තරම් මෙල්ල වූයේ නැත..සාමිකද දැඩි ලෙසම සිටියේය අවසන ‍මම යනව ගෙදර යැයි ඇය බඩු අසු‍රාගෙන ගෙදර ගියාය..

සාමික බසය බලන අතරතුර කල්පනා ලොව මල්වනේ අතරමංවෙමින් සිටින අතර..හුරුපුරුදු කටහඬක් සාමික අමතන්ට විය..සාමික මොකද මේ බස් බිස්නස් එකකට වත් අතදාන්නද යන්නෙ..සාමික කෝමත් ඉතින් බිස්නස් කාරයනෙ..මේ ඇවිත් දැන් සාමික අමතන්නේ සාමික වෙරෝනිකා දෙපලගේ ප්‍රේමයේ සපෝටර කන්‍යාවිය වන නයනාය..නයනාට තවම සඳ පායා නැත..ඇය ගේ අඟපසග හොඳින් පරිලෝකනය කල(scan) සාමික තීරනය කලේය..නයනා ලස්සන නැතැයි කිය නොහැක..එහෙත් ඇ‍ෙග් සරීරය පිරිමියෙකුට හිමි වූවානම් කෙතෙක් ලස්සනදැයි මීට කලිනුත් කිහිපවර ඇය හොඳින් නිරීක්ශනය කර ඇති සාමික සිතීය..පුලුලු උර,සිනාසෙන මුව,බෝ‍සෙයින් අඩු සබකෝලය වඩා ‍වටින්නේ කොල්ලෙකුට බව සාමික ගේ අදහස විය..

කොහෙද මේ...යැයි ඇරඹු කතාවෙන් ඇරඹි ඔවුන් මීලඟට යන බස්රියේ අසුනකට බර විය..ඉන්පසු ආගිය තොරතුරු කතා කරන්නට විය..කෝමද වෙරෝනි හොඳින් ඉන්නවද යැයි නයනා අසන්නට විය..

වරදක් නෑතු ව ඇති යැයි සාමික පැවසීය..

 වරදක් නෑ ඒක නිකම් මාර උත්තරයක්ෙන්..උඹල නිකම් ලව් කරන කාලෙ ඔහොම කිව්වනම් කමක් නැ..දැන් වරදක් තියෙනවද කියල සාමික දැනගන්න එපැයි..

අපිෙ ම් දවස්වල වෙනම ඉන්නෙ..අපි අතර පොඩි කතාවක් ගිහින් වෙන්වුනා..සාමික කීය..

මම දන්නව සාමික වෙරෝනි ගැන එයා චූටි දේටත් ගොඩක් අඬන්න බලන් ඉන්න ටැප් එකක්..ඔයා ඉතින් ඒක නොදැන්නවයි..ඇයි මේ...නයනා කීය

සාමික තමුන් කොටුවක් වත් පනින්න ඇතිනේද?/

ඇත්තට පැන්නනම් කමක් නෑ බන්..ඒක හිතන් ඇති මම ඇත්තටම කොටු පැන්න කියල...

මේ නිකම්ම යන එකනේ බන් කියපන් මුලු සිද්දියම මොකද උනේ කියල..

මගේ බර්ත් ඩේ එක ගිය සතියෙ සෙනසුරාද තිබුනෙ ඉතින් මගේ බර්ත් ඩේ එකට මම කොලඹින් ටී ෂර්ට් 1කුත් ඇරන් ගියා අඳින්න..වෙරෝනි ඇඳුම් ගත්තට මට අල්ලන්නෙ නෑ මම ම ඇරන් ගියා..

ඉතින් මම සාමාන්‍යයෙන් ගන්නෙ කොලර් එක නැති ටී සර්ට් නේ..ඒත් මේ වෙරෝනි කිව්වට අහන්නෙම නෑ හැමදාම ගේන්නෙ කොලර් තියෙන ටී සර්ට්..

මම ඉතින් එදා බර්ත් ඩේ එක දවසෙ අපේ සීයලෑ ගෙදර යන්න කියල අඳිනකොට වෙරෝනි ඇවිත් එයා ගෙනාපු නිල් සර්ට් එක මට දුන්න මම කිව්ව වෙරෝනි මට මේක අඳින්න බෑ වෙන කොලර නැති එකක් ගන්න කියල..

එයාට තරහ ඇවිත් එහෙනම් ඔිනි එකක් ඇඳ ගන්නව මගෙ මොකෝ කියල කිව්ව..එතැනින් ඉවරයි..එදා දවසෙ කිසි අවුලක් උනේ නෑ..

පස්සෙ ඉරිද මාකට් යන්න හදනකොට අනේ සාමික මේක මාකට් වත් ඇඳන් යන්න කියල අර ටී සර්ට් කොලර් තියන ටයිප් එක ගෙන්ත් දෙනව..

මටත් මල පැන්න..මේ වගෙ මඟුල් මම අඳින්නෙ නෑ කියල දැන් එක පාරක් දෙපාරක් කිව්ව නේද??ඇයි මේ..

ඔයත් දන්නව හොඳටම මම ඔය ටයිප් එක අඳින්නෙ නෑ කියල ඒත් හැමදාම ඕකම උස්සන් එනව කියල කිව්ව..

පස්සෙ ඉතින් ලව් කෙරෙන කාලෙ මගේ තිබුන අවුල් ටිකක් කියල දැනුත් කොලඹ කෙල්ලෙක් මෙයාට කියනවද කොහෙද කොලර් නැති ඒව අඳින්න කියල කිව්ව..

පස්සෙ දෙන්න එක්ක හොඳට බැනගෙන එයා ගියා එයාලගෙ අම්මලැ දිහා..

ඉතින් කෝල් එකක්වත් දුන්නෙ නැද්ද??

ඒ නයනාය...

නෑ එයා දුන්නෙත් නෑ මම ගත්තෙත් නැ..


හ්ම් එහෙමද//මම ඉතින් ඕව දන්නෙ නෑ ...ඔයාලගෙ දේවල් නෙ..මේ පාර ගියාම ඔය ලොකුව පැත්තකින් තියල වෙරෝනිව බලන්න ගියානම් ඉවරයි..

නැත්නම් නිකම් ....අනේ මන්ද...



එසේ නිහඬතාව මැද විනාඩි ගනනක් ගත විය..

මේ සාමික ඔයා ඉස්සරම ක්ලාස් එනකොට කොලර තියන ටී සර්ට් ඇඳන් ආවනේ..

මට යන්තම් මතකයි..වෙරෝනි දවසක් කිව්ව ඒ සුදු කොලර් තියෙන ටී එකට සාමික ස්මාට් නේ "කියල

මමනම් කීවෙ ටී එක නැතුවත් ස්මාට් ඇති නේ කියල...

ඒ ඉස්සර තිබුන ජීවිතේ...

මේ ඇත්තට ඔයා ඉස්සර ගොඩක් ෂර්ට්ම ඇන්දට ඔයා කොලර් තියන ටී එකකුත් ඇන්ද මට මතකයි..

ඇයි මේ දැන් අකමැති..

හ් ම්...අනේ මන්ද මට හිතෙනව කොලර් තියෙන ඒව ඇන්දම මට මැච් නැති ගතියක් එනව..

එතැනින් යලිත් නිෂ්ශබ්ධතාවය ඇති වන්නට විය..සාමික ත් නයනාත් යලිත් ලෝක දෙකක තනි වී යන්නට විය..නයානාට සාමික කොලර් නැති ටී පමණක් ඇඳිම විහිලුවකි..මන්ද ඇයද එකල මොහු කොලර් ඇති ටී එකකින් පැමිනෙනු දැක ඇති බැවිනි..වෙරෝනි නම් කොලර් ඇති ටී වලට කැමති හේතුව නයනාට කෙමෙන් සිහි වන්නට විය..ටියුෂන් අතර දිනක් වෙරෝනි.. 
මේ නයනො ඔයාට පොඩ්ඩක් මට උදව් කරන්න පුලුවන්ද..

මොකක්ද??

මම දෙනව පාර්සලයක් අර අපේ ගෙදර ටියුශන් එන සහීල්ට දෙන්න පුලුවනිද??

මම කෝමද සහිල්ව දන්නෙ කොහෙදිද දෙන්නෙ..

හරි මම සහීල්ව උඹලයෙ ගෙදර එවන්නම් උඹ මේක දීපන්..

මේ මොන කෝලමක්ද බන් සහීල් උඹට උගන්නන්න් සතියට දෙපාරක් විතර උඹලයෙ ගෙදර එනව උඹට බෑ මේ පාර්සලේවත් දීගන්න...සහිල් සහිල් කියල තැන් තැන් වල ලිව්වට උඹට සහිල් ලැබෙන්නෙ නෑ...කෙලින් මොනා හරි කරපන්..

මේ උඹ කෝමද දන්නෙ සහිල් කියල මම තැන් තැන්වල ලියනව කියල..

 මම දැක්ක දවසක් අර පේපර් එක ලියන්න දුන්න වෙලාවෙ ත් උඹ එ් නම ඩෙස් එකේ ලියල තියනව...

හරි නයන උඹ කියන්නෙ මේක දෙන්න බැරිද??

සහිල්ගෙ උපන් දිනේ අනිද්ද මම එයාට කියන්නම් ඔයාගෙ පොතක් තියෙනව මට ඕනි ඒක ගෙනත් දෙන්න කියල කියන්නම් ..එයා ඇවිත් මේක ගනී...


වෙරෝනි කිව් අයුරින්ම සිදු විය..ඒ අතර සිදුවූ එක් දෙයක් නම් නයනා විසින් පාර්සලය සීරුවෙන් කඩා බැලීමයි..

එය සහිල් නිතර අඳින කොලර ඇති ටී ෂර්ට් වර්ගයේ එකකි... එෙ තෑගි පෙට්ටිය සෙමෙන් කැඩූ අයුරු යලිත් ටී එක නවා පැක් කල අයුරු නයනාට මතක් වන්නට විය..

සහිල් වෙරෝනි කතාව කෙසේ වූවාද කියා කියන්නට දෙයක් නයනා නොදනී..එහෙත් තෑග්ග ගැනීමෙදි ලැජ් ජාවෙන් ඇඹරුන අයුරු සහ තවත් එවන් දේ කීපයක් මතක් වූ නයනා සාහිල්ට වෙරෝනිගෙන් මනාපය ඇසීමට තරම් දැඩි සිත් පහල කරගැන්ම අමාරුවන්ට ඇතැයි සිතීය..

මේ කල්පනා ලොව අතර එක්වරම සාමික නයනා යැයි කීය..

ඔව් ඔයා කියන එක හරි මම ඉස්සර කොලර් තියෙන ටී ඇන්ද තමා..

ඒත් පස්සෙ ඒක වෙනස් උනා...

හ්ම්...

මම කැම්පස් ගිහින් ඉවරවෙල ජොබක් එනකල් අපේ මාම කෙනෙක් ලඟ එකවුන්ට් කොම්පුයුටර් වැඩ කලා..ඒතරන් සල්ලි ලැබුන් නෑ..ඒත් ඉතින් මොකක් හරි ජොබක් නේ...එතැනදි හමු උනා අක්ක කෙනෙක් බස් එකෙ යනකොට...ඒ කාලෙ ඔයයි වෙරෝනියි ත් මොනාහරි ජොබ් එකකට ගියා මට මතකයි බැංකුවකද කොහෙද??

ඔව් අපි අර සංවර්ධන බැංකුව එකවුන්ට් වැඩවලට ගියා..ඉතින් සාමික, ඔයයි වෙරෝනිය් ඒ දවස්වල හොඳටම යාලුයි නේ...

හුම් ඒක ඒම නම් තමා... 
කෝම හරි හැමදාම බස් එකේ යන මේ අක්කයි මමයි යාලු උනා..එතකොට ඔයාලව හමු වෙන්නෙ සති අන්තෙ විතරනේ..

ඉතින් ඉතින්...ඒ නයනාය..

ඒ අක්ක ට නිවාඩු තිබ්බෙ බදාද..මමත් ඉතින් තියෙන වැඩ ඔක්කොම ක්ලියර් කරල බදාද හවස පනිනව..මුලින් පන්සල් ගිහින් පස්සෙ ෆිල්ම් ගිහින් ඊට පස්සෙ ඉතින් ...රූම් තමයි...

\චිකේ සාමික ඔයා නම්....වෙරෝනිත් ඒ දවස්වල ඔයා එක්ක නේ...

හුම් ඒක ඇත්ත..මේ නයනා මේක ඔයා විතරයි දන්නෙ ඈ..වැරදිලා හරි වෙරෝනි දැන ගත්තොත් ඒ ඔයා නිසාම තමයි..

ඉතින් ඒක නැවතුනාද නැත්නම් තාමත්.....ඒ නයනාය...

නෑ වෙරෝනිව බඳින්න මාස ගානකට කලින් නැවතුනා....ඒක නෙමෙ කතාව..ඒ අක්ක හමු උන හැම වෙලාවෙම මගේ කොලර් එකේ බොත්තම දානව..ආයෙම ගලවනව..ටී ෂර්ට් එකක්නම් එයා ඒකෙ කොලර් එක වටේම අල්ලනව..ඒක ගැන මාර විස්තර දෙනව..මල්ලි මේක ෆේල් ...මේව අපිනම් කවදාවත් පාස් කරන්නෙ නෑ...බලන්න මේ මෙෂර්මන්ට්....කිසිම ලස්සනක් නෑ..නීට් එක ගෑවිලාවත් නෑ.ඔයා අනිත් දවසෙ මේක අඳින්ෙන නෑ හරිද...

ඉතින් ඔහොම මම ඇඳන් යන ෂර්ට් වලත් කොලර් වලට ඒව මේව කියනව...

මෙයා ගාමන්ට් එකක කොලර් එක මහන කෙනෙක්..කලින් තැන කරල තියෙන්නෙ සර්ට් වලට, ස්වීටර් වලට කොලර් අල්ලපු එක.දවසේ පැය 14ක් සතියට දවස් 6ක් ඒ වගෙ මම දැනුවත්ව අවුරුදු 3 හමාරක්..එයා කොලර් එකත් එක්ක..මට සතියට සැරයක් යන මේ ගමන මාර බෝර්....රස්සාව උනත් කස්ටමර් හරි වෙනස් වෙනව නේ..ඒත එයා..දවසෙම එකම කොලර් එක එකම තැන එකම මැසිම එකම කොලර් එක...එයා සර්ට් එකක් ගන්න ගියත් කොලර් එක හොඳට බලනව..එයා මට ටී ෂර්ට් 3ක් ගෙනැත් දුන් න ඒ ඔක්කොම කොලර් තියෙන ඒව..

මම එයාට අනුකම්පා කලේ නෑ..මම එයාට ඒව මේව අර්න් දෙන්න ඇති ..කන්න බොන්න අර්න් දෙන්න ඇති..ඇඳුම් අරන්  දෙන්න ඇති..ඒත් ඒ හැමදේම ගනුදෙනුවක්..කස්ටමර් සෙලර් එකපාර මාරුවෙන ගනුදෙනුවක්...මට ඒකෙන් වෙන්වෙන එක මාර දුකක් උනේ..

එයා අරන් දීපු ටී සර්ට් එකක්වත් වෙරෝනි දැකල නෑ..ඔක්කොම බෝඩිමෙ තිබුනෙ..

පස්සෙ මට . බඳින්න ඕනි කිව්වම එයා ගමට ගියා...මම දන්නෙවත් නෑ..

එයා පස්සෙ බැඳල කියල ආරන්චි උනා..

ඒත් ඇත්තද දන්නෙ නෑ..

ඉතින් ඒකද කොලර් ටී ඔයාට අල්ලන්නෙ නැත්තෙ..ඒ නයනාය...

අපි දැනං හිටිය අපි එකතු වෙන්නෙ නෑ කියල...ඒත් අනේ මන්ද..මම ඒ අක්ක අරන් දීපු ටී 3 ම දුන්න මගේ යාලුවන්ට...ඒත් කොලර් තියෙන ටී අඳින්නෙ නෑ කියල මම හිතාගත්ත..

මම අඳින ටී එකෙ කොලර් එක එයා මහපු එකක් නෙමෙයි ....ඒ ත් අනේ මන්ද..

නයනාට ඇතුලින් මොවුන් දෙදෙනා ගැනම සිනා පහල විය..

එහෙත් ඒ ජීවිත ගැන ඒ විඳීමට.... ඉරිසියා කිරීම හැර නයනාට වෙන යමක් ඉතිරි නොවීය.

.

ජංගම දුරකථනය


1.සාමාන්‍ය දුරකථනයකින් අපි කරන්නෙ කථාකරන එක විතරයි ගොඩක් වෙලාවට..නමුත් අද ජංගම දුරකථනය කියන එක පාවිචිචි කරන්නෙ කථාකරන්න විතරක්ම නෙමෙයි..වෙනත් බොහෝ වැඩකටයුතු අද මේ ජංගම දුරකථනය හරහා කරගන්න අපි සැමට අවස්ථාව ලැබිල තියනව.1950 දශකයේදි මාටින් කූපර් කියන විද්‍යාඟඳය තමයි ජංගම දුරකථනය මුලිනම් හොයාගත්ත කෙනා විදියට පොත් පත් වල සඳහන් වෙන්නෙ..නමුත් මේ අද තිබෙන ජංගම දුරකථනය එදා කූපර හැදූ දුරකථනයට වඩා බෝ සෙයින් වෙනස් එකක්..

2.
දෙවන ලෝක යුධ සමය කියන්නේ ලෝකයේ නවීන නිශ්පාදන බොහොමයක් කරලියට ආපු ස්වර්ණයමය යුගයක්..මේ කාලෙදි දියුනුවුනු තාක්ශනික ක්‍රමවේද අතර ජංගම දුරකථනය බිහිවීමට අදාල තාක්ශනයත් ඇතුලත් වුනා..නමුත් ජංගම දුරකථනය කියන දේ මහජනයාට සමීප වෙන්නෙ 1980දශකයේ මුල භාගයේ ඉඳල තමයි..

3. Generations
1
වන පරම්පරාවේ ජංගම දුරකථන..පලමුවන පරම්පරාවේ ජංගම දුරකථන සාමාන්‍ය ගඩොල්ක් තරම් විශාල උනා..ඒ වාගෙම බරකින් යුක්ත වුනා..දැන් භාවිතා වෙනව වාගෙ සිම්පත් භාවිතයක් එදා තිබුනෙ නෑ..ඒ දුරකථනය ඇතුලෙම තුබුනු සන්නිවේදන උපකරන හරහා තමයි සන්නිවේදන කටයුතු සිදු වුනේ..එදා තිබුන පහසුකම් අනුව විශාල පරිමාණයේ ජංගම දුරකතන පාරිබෝගිකයින් ප්‍රමාණයකි හසුරුවන්න ජාලය ශක්තිමත් වුනේ නෑ..
2
වන පරම්පරාවේ ජංගම දුරකතන
දෙවන පරම්පරාවෙ ජංගම දුරකථන වල තමා මුලින්ම සිම් පත බාවිතයට එන්නෙ..එතෙක් පැවති බාදා බොහොමයක් මඟඅරවල විශාල පහසුකම් සහිත කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන මුලින්ම කරලියට එන්නෙ 2වෙනි පරම්පරාවෙදි තමා..මොහිදී ජී පී ආර් එස් හරහා ඉතා සීමිත දත්ත හුවමාරු කරගැනීමක් කිරීමේ අවස්තාව එනව..
3වන පරම්පරාවේ ජංගම දුරකථන..
වොයිස් එක හෙවත් හඬ සම්ප්‍රේෂනය කරන්න දෙවැනි පරම්පරාවේ ජංගම දුරකථනය සමත් උනත් වීඩියෝ කෝල් සහ වීඩියෝ හුවමාරුව අතින් තිබුනෙ බොහොම සීමිත අවස්ථාවක් තමා ජංගම දුරකතනවල 2වෙනි පරම්පරාවෙදි..නමුත් ජාත්‍යන්තරව ඇතිවුන එකඟතා හෙුතුවෙන් 3වෙනි පරම්පරාවෙදි විශාල දියුනුවක් ඇතිවෙනව වීඩියෝ ඇමතුම් වලට..

4වෙනි පරම්පරාවේ ජංගම දුරකථන
4වෙනි පරම්පරාවෙ ජංගම දුරකථන කියන්නෙ සාමාන්‍ය දුරකථනයට වඩා බොහෝ සෙයින් වෙනස්ව ඉදිරියට ගිය කුඩා ප්‍රමාණයේ පරිඝනකයක් වැනි යමක් බවට පත්වෙනව..ඒ වාගෙම සාමාන්‍ය ලිපි සැකසීමක්..වගෙ දෙයක් උනත් අන්තර්ජාලය හරහාම කරන්න තරම් විශාල වේගෙක අන්තර්ජාල පහසුකමකුත් මේ 4 වෙනි පරම්පරා ව වෙනකොට ලැබෙනව..

ඇත්තටම අපි සලකාබැලීමේ පහසුව තකා පරම් පරා 4කට බෙදා දැක්වුවට මේ පරම්පරා අතරත් විවිධාකාරයේ තාක්ශනික කඩඉම් තියෙනව..ඒව තමා 2.5 ,3.5,3.75 ආදි වශයෙන් අපිට දැකගන්න ලැබෙන්නෙ..

4.ජංගම දුරකථන ගැන කතා කරද්දි අපිට ජංගම දුරකථන ජාල සම්බන්දයෙන් කථා නොකරම බෑ..ප්‍රධාන වශයෙන් සම්බන්දිත කුලුනු වලිට තමා අපි BTS-Base Tranceiver Station-කියල කියන්නෙ ඒ ඒ ජංගම දුරකථනය හෝ මොඩමය..(ඉන්ටර් නෙට් ඩොන්ගල් එක) ාකලින්ම සම්බන්ධ වෙන්නෙ මෙන්න මේ කුලුනු වලට තමා මේ කුලුනකින් එක්තරා ප්‍රදේශයක පාරිබෝගිකයින් කොට්ඨාශයකට දත්ත සහ තරංග සැපයිම සිදුකරනවා..

සියලුම කුලුනු වලින් සැපයෙන තරංගත් කුලුනු වලට සපයන තරංගත් මනාව කලමණාකරනය කිරීම සිදුවෙන්නෙ මේ
BSC-Base Switching Centre එක හරහා තමයි..එහිදී ජංගම දුරකථනයක් එක් කුලුනක ප්‍රදේසයක ඉඳල වෙනත් කුලුනක් කරා මාරු වීමේදි ඒක හඳුනගෙන නොකැඩුන සම්බන්ධතාවයක් ලබා දෙන්නෙ මේ බී එස් සී එක තමා..

දැන් ලබාගත් සංඟඳා සහ දත්ත අපට වෙනත් ජාල සමඟ හුවමාරු කිරීමටත් වෙනත් බාහිර අංස වෙත ලබාදිමටත් සිදුවෙනව ..ඒකාර්ය කරන්නෙ MSC-Main Switching Centre එක තමා ...එතැනදි අන්තර්ජාලයටසහ ඊ මේල් පහසුකම් සපයන්නන් වෙත ජාලය විවෘත කරන්නෙත් එම් එස් සී එක හරහාම තමා...

  1. ජංගම දුරකථන වල අතිරේක සේවා.
    මීට කාලෙකට පෙර කෝල් එකක් ගන්නව කියන්නෙ වෙනමම කාලයක් සහ වියදමක් වැය වෙන වෙහෙසකර ක්‍රියාවක්..අපි ගත්තොත් මීට කලකට පෙර පාර අයිනෙ බොහෝ තිබුන කාසි සහ කාඩ් දම ල කෝල ගන්න පුලුවන් තැන්..එ් වාගෙම කෝල ගත හැකි කොමියුනිකේශන් නමුතු අද වන විට මේ කොමුයුනිකේශන් ඒ වාගෙ කෝල් ගැනිමේ තැනින් අයින් වෙල ජංගම දුරකථන කාඩ් විකුනන තැනට ඇවිත්..
    මේ නිසා ඇත්තටම අද කෝල් එකක් ගැනී මැසේජ යැවීම ඉන්ටර්නෙට් යෑම බොහොම ලේසි දේවල් වෙල..
    තවත් ගත්තොත් අද මොබයිල් ෆෝන් හරහා සින්දු අහන්න වීඩියෝබලන්න පින්තුර ගන්න වාගෙ ගොඩක් ප්‍රයෝජන එකවර ගන්න පුලුවන උපකරනයක් වෙලා..
    ඒ වාගෙම ක්‍රිඩා කිරීම් ප්‍රවෘත්ති දැනගැනිම,කාලගුන වාර්තා බැලීම ආදි බෝ දේට අද මේ ජංගම දුරකතනය බාවිත කරනව..
  2. ජංගම දුරකථනයේ ඇති වාසි
    මේ නිසා අද අපේ ලෝකය පුංචි වෙල තියනව කියල සමහර විද්වතුන් ප්‍රකාශකරනව..ඒකියන්නෙ සැනකින් පණිවිඩයක් ලෝකෙවටේම යවන්න පුලුවන් මට්ටමට දැන් දුරකථන තාක්ෂනය දියුනු වෙලා..
    අධ්‍යාපන කටයුතු..වෙලඳප්‍රචාරන කටයුතු..හදිසි අවස්ථාසඳහා ආදි බොහෝ ක්ෂේත්‍ර වල අලුත් පිබිදීමක් ඇතිකරවන්න මේ මොබය්ල් පෝන් එක සමත්වෙල තියෙනව..
    අද කෙනෙකුට ටීවි එක රේඩියෝ එක පරිඝනකය ආදි බෝ දේවලින් ලබාදෙන සේවා එක් ස්ථානයකින් ගතහැකි බහුකාර්ය මෙවලමකි ජංගම දුරකථනය..

    අවාසි
  1. සාමාන්‍යයෙන් ඉස්සර ලමුන්ට සුදුසු දේ නුසුදුසු දේ වෙන්කරල ලමුන්ට දෙන්න හැකියාව දෙමාපියන්ට තිබුන ..නමුත් අවාසනාවට මේ ජංගම දුරකථනය නිසා මේ දේ ලමයාට නුසුදුසුයි කියල කිව්වත් ලමයි ඒ වගේ දේවල් ගැන තොරතුරැ වීඩියෝ අද අන්තර් ජාලය හරහා ගන්න පෙලඹිල..ටිවි එක කොම්පිටරේ වගේ ලොකු එකක් නොවන නිසා අද මේක විශාල ප්‍රශ්නයක් ඇතිකරල තියෙනව දෙමාපියන්ට..සිය දරුවන් සම්බන්ධයෙන්..
    අපි දකිනව අද ගොඩක් වැදගත් වැඩ අතරතුර මේ දුරකථන බාවිතයට යොමුවන අය..
    සාමාන්‍ය කාර්යාලයක ගත්තත් කාර්යක්ශමතාවය අඩුවෙන්න මේ දුරකථන බාවිතය කියන එක හේතු වෙනව..වැදගත් කටයුතුවලට තිබෙන වටිනා කියනකාලට නිකම් සින්දු අහන්න වීඩියෝ නරඹන්න සහ ඉන්ට්ර්නෙට් වලට යොමුවීම කියන්නෙ කාල බාවිතය සම්බන්ධයෙන් නම් හොඳ ප්‍රවනතාවයක් නොවෙයි..

Friday, June 24, 2011

පාත්ත සංදේසය..(අසපුවට බට මල්සරා)

අසපුවට බට මල්සරා

සිවුරක් ඇගේ දාගෙ න ඇය සිරාවට....
පවුරක් වගේ දුක් තැන් පෙන්නුවා මට..
පූරුවෙ පවක් තිබිලා අපෙ කරුමයට..
බණ ඇහු කිව් දෙදෙන අසුවිය බැම්මකට....

ගියමුත් පංති පෙරදින ඇඳ සූට් එක...
මා හට තේරුනේ නෑ එහි ආට් එක...
සිටිමුත් වස් දෙකක් වන්නට නීට් එක
එෆ් තුන වුනා ෆයිනල් එකෙ චාට් එක....

මා දැන සිටිමි ඇය අමතක නොවන බව...
මා දැන සිටිමි ජොබකුත් සෙට් නොවන බව..
මා දැන සිටිමි මව්පියො වැලපෙනා බව...
මා දැන සිටිමි අසපුව මට සරණ බව...

ආ සැනකින්ම නුඹ සසුනට ගන්ට බැරී
එක්වර නුඹව විස්වාසෙට ගන්න බැරී
කරමින් ඉදොත් පිලිවෙත් නුඹ අපට ඇරී
දෙන්නම් නූඹට මාවත නිවනටම සරී...

යෞවන තරුන ඇත්තන් එක්වෙලා පැන
පිහිටුන තරුන සංගමෙ මම විය සබා තැන..
මෙහෙනිය පිහිටුනේ එහි අනු සාස තැන..
ඒ සංගමේ අපහට දුනි කෙලෙස් ඇන...

වව්ලන් කෙදින නම් අතු උඩ වසන්නද...
බස්සන් කෙදින දාවල සැරි සරන්නද...
කොහුමිට කෙදින කොයිරට දලු දමන්නද?
තුනු සිත් කෙදින එක් වු පසු තවන්නද?

Tuesday, June 21, 2011

ජෙනුයින් සොෆ්ට්වෙයාර් ගන්න සල්ලි නැති අපි ඇත්තටම දුප්පත්ද??



පරිඝනකයක් මිලදී ගන්නා විට එහි මෘදුකාංග පහසුකම(Softwares )  කෙතෙක්දැයි සාමාන්‍යයෙන් සලකා බැලිය යුතු වෙයි..නමුත් ලංකාවේදී පරිඝනකය යනුවෙන් අපි දකින්නේම එහි ඇති හාඩ්වෙයාර් පහසුකම් පමණි.වෙනත් බොහෝ දියුණු බටහිර සහ වෙනත් රටවල විකිණීමට ඇති පරිඝනක ඔබට අන්තර්ජාලයෙන් පහසුවෙන් බලාගත හැක.. එහිදී සාමාන්‍ය වැසියන් භාවිත කරන අලුත් පරිඝනක විකිනීමට ඇති ‍විටක එහි ඇති දෘඩමය තාක්ශනික මෙවලම් වල ක්ශමතාවය මෙන්ම එහි ඇති මෘදුකාංග පිළිබඳවද මනාව සඳහන් කරනු ලබයි..එයට පැහැදිලි සරල උදාහරණයක් නම් ලංකාවට ගෙඩිපිටින් එනම් කෑලි වෙන වෙනම නොව සම්පූරනයෙන්ම ගෙනඑන පරිඝනක (branded computer)සහ ‍කුඩා ප්‍රමාණයේ පරිඝනක වල (laptop, palmtop, notebook)  එම පරිඝනකය මිලදී ගන්නා අවස්ථාවේදීම පරිගණකයට මෘදුකාංග ඇතුලත් කොට ඇත..ඒවාට අමුතුවෙන් අලුතින් මූලික මෘදුකාංග (operating systems)  ඇතුලත් කොටගත යුතු නොවේ..එහෙත් ඉදිරියට වැඩකරගෙන යෑ‍මෙදී භාවිත කරන්නාගේ අවශ්‍යතාවය සහ රුචිකත්වය මත වෙනත් අවැසි වැඩසටහන් ඇතුලත් කොටගත හැක..මෙහිදී දැනට ලබාදෙන නවීන වින්ඩෝස් ඇපල් හා වෙනත් ලිනක්ස් පරිඝනක මූලික මෘදුකාංග සමඟ නොමිලේම වෙනත් සාමාන්‍ය භාවිතයට අවැසි මෘදුකාංග කීපයක් ඇතුලත් කොට එවයි.උදාහරන ලෙස නවතම වින්ඩෝස් 7 සංස්කරණය සමඟ සාමාන්‍ය ලිපියක් ලියා ගත හැකි මට්ටමේ වර්ඩ් පෑඩ් එකක්ද.ගෘහස්ත භාවිතයේදි වන යෙදීම් සඳහා සරල වීඩියෝ එඩිටිං යෙදීමක්ද,,වීඩියෝ සහ ශබ්දය රසවිඳීමේ අවශ්‍යතා සඳහා මීඩියා ප්ලේයර් විශේෂාංගයද,,සීඩී ලිවීම හා කියවීම සඳහා සීඩී ලිවීමේ මෘදුකාංගයක්ද නොමිලේ ලබ‍ාදෙයි...මේ ලබාදෙන මෘදුකාංග විසාල ප්‍රමාණයේ වෘත්තීය අවශ්‍යතා සඳහා නොගැලපුනත් සාමාන්‍ය ප්‍රමාණයේ වැඩකටයුතු සඳහා සෑහේ...

විවෘත ලිනක්ස් මෘදුකාංග..

ලිනක්ස් මෘදුකාංග පද්ධති කලකට පෙර බොහෝ ජනප්‍රිය වූයේ ජාලකරණ අවශ්‍යතා සඳහා වෙයි.. නමුත් අද ‍වනවිට ලිනක්ස් මෘදුකාංග බෝ සෙයින් ජනප්‍රිය වෙමින් පවතී..මුදල් මත පදනම් නොවූ රාජ්‍ය නොවන සංවිදාන සහ ලෝ පුරා විසිරී පැතිරී ඇති ලිනක්ස් දියුනු කරන්නන් විවිදාකාරයෙන් වඩා ජනතාවට සමීප වන ලෙස ලිනක්ස් මෘදුකාංග තනා ඇත..මේ ලිනක්ස් යනු කලකට පෙර පැවති  අකුරු ටයිප් කර විධාන ලබාදීම මඟින් බොහෝ ඉදිරියට ගොස් බහු ස්පර්ශ තිර තාක්ශනයට (multi touch system) පවා අති සාර්තක ලෙස එලැඹ ඇත..සාමාන්‍යයෙන් සෝස් කෝඩ් හෙවත් මූලික කේත භාවිතය නිදහස් වීම නිසා ලෝ පුරා සිටින බුද්ධිමත් පරිඝනක තාක්ශන ශිල්පීන් විසින් දියුණු කරන ලද ප්‍රබල පදනමක් ලිනක්ස්‍ බොහෝ සංස්කරන සතුව පවතී..නිවසේ භාව්තයට ගැනීමට සුදුසු ලිනක්ස් සංස්කරන කීපයක් ලෝකයේ ඉතා ජනප්‍රිය මෘදුකාංගවලට අභියෝග කරමින් ‍ඔවුන් හා කරට කර ගමන් කරයි..ඒවායින් ලංකාව තුලද උබන්ටු ෆෙඩෝරා සහ ඕපන් සූස් නම් මෘදුකාංග සිසුන් අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද ජනප්‍රිය වෙමින් පවතී.. උබන්ටු මෙහෙයුම් පද්ධතිය ලංකාවේ ස්කූල් නෙට් නම් ජාලය හරහා නොමිලේම විනාඩි ගනනාවක් ඇතුලත බාගත කිරීම් කලහැක..එසේම සමහර ආයතන මඟින් නොමිලේම මෙම මෘදුකාංග තැටි ලෙස එවනු ලබයි..එමෙන්ම මේ මෘදුකාංග වලට සේවා සපයන්නේ එසේ මෙසේ අය නොවේ උබන්ටු සොෆ්ට්වෙයාර් සඳහා අනුග්‍රහ දක්වන මාක් ෂටල්වර්ත් නැමැත්තා කර්මාන්ත සඳහා පරිඝනක මෘදුකාංග සැකසීමේ යෙදී සිටින ලෝ ප්‍රකට ධනවතෙකි..මේ ඔපරේටින් සිස්ටම් ඉන්ස්ටෝල් කලපසු සාමාන්‍ය භාවිතය සඳහා වෛරස ආරක්ශන මෘදුකාංග අවැසි නොවේ..මන්ද ලෝකයේ සිටින විශාල බුද්ධිමත් ක්‍රමලේඛන ශිල්පීන් හරහා එම මෘදුකාංග වලට අවැසි යාවත්කාලීන වීම් සිදුවන බැවිනි..බොහෝ මෙවැනි ඔපරේටින් සිස්ටම් සමඟ නොමිල‍යේම වාගේ අපට යූසර් ගයිඩ් එකක් හෙවත් අත් පොතක් ලැබේ..ලංකාවේද භාවිත කරන්නන් මීට වඩා ඉහල ගියහොත් මේ සියලු අත්පොත් සිංහලෙන්ම ගත හැකි වනු ඇත..සාමාන්‍ය පරිගණකයකින් ලබාගන්නා බොහෝ දේවල් මේ ලිනක්ස් ඕඑස් තුල ඇත..ඔෆිස්.ගේම්ස්,වීඩියෝ එඩිටින්,ෆොටෝ එඩිටින්,ඉන්ටර්නෙට් ආදි බොහෝ දේ සඳහා නිර්මාණය වූ ,,සිය ගනන් මෘදුකාංග කට්ටල විශාල ප්‍රමාණයක් අන්තර්ජාලය හරහා නොමිලේම ස්ථාවර ලෙස ලබාගැනීමේ හැකියා ව මේ ලිනක්ස් බාවිත කරන්නන්ට නොම්ලේම ලැබේ..
           මේ කෙසේ කීවත් නිකම් නිකන් දුන්නත් මේ ඕපන් සෝස් එපා යැයි කියන පිරිස සිටිති..වෙනස් වීමට අකමැති බොහෝ අය පරිගණකයට වින්ඩෝස් හැර වෙනත් විකල්ප නොදකිත්..මේ ලිනක්ස් සහ වින්ඩෝස් සන්සන්දනය කිරීම නම් අමනෝඟඳ ක්‍රියාවක් වෙයි..එය නිකම් ‍වෙනස් වර්ග දෙකක ‍නවීන කාර් සෙට් හෝ රේඩියෝ කැසට් දෙකක් සන්සන්දනය කිරීම හා සමානය..එකක හඬ වැඩි කිරීමේ බොත්තම රවුංය අනිකේ දිගය..එකක් ‍සී ඩී දමන්නට පුලුවන් එකකි අනෙක මෙමරිකාඩ්ද දැමිය හැකි එකකි..අපි කුඩා කල සිට දැක ඇත්තේ වැඩ කර ඇත්තේ වින්ඩෝස් සමඟ වෙයි නුපුරුදු දෙයක් කෑමේදී,බීමේදි,හා භාවිතයේදී ඇතිවන ස්වයංක්‍රිය පිළිකුල මුසු බය සොෆ්ට්වෙයාර් භාව්තයේදීද අදාල වෙයි..එනම් වින්ඩෝස් වලින් ලිනක්ස් විසඳුම් සඳහා නැඹුරු වීමේ බිය වෙයි..කෙතරම් භාවිත කරන්නාට පහසු ලෙස තැනුනත් ලිනක්ස් ජනප්‍රිය නොවීමට එක් හේතුවකි ඒ...
අනික නම් අසහාය මාකටින් ව්‍යාපාරයයි..අද ‍ඔබ විසින් යන පොත් ප්‍රදර්ශනය,,බලන පරිඝනක අධ්‍යන වැඩසටහන..සහ ඔබ ආසම කරන රූපවාහිනී වැඩසටහන, සතිපතා පත්‍රයේ ඇඩ් සහ මල් කොටසේ මේ මෘදුකාංග සම්බන්ධ නොයෙකුත් වර්ණ චිත්‍ර විදහා දක්වයි..මයික්‍රොසොෆ්ට් සමාගම මඟින් විශ්ව විද්‍යාල තුල ඉගෙනුම ලබන සිසුනට තම පරිඝනක මෙහෙයුම් පද්ධති ලාබෙට හෝ සමහර විට සම්පූරණයෙන්ම නොම්ලේ දෙති..ඔවුන් වින්ඩෝස්වලට වහල් වී වින්ඩෝස්වල ම හිර වීම එම මෘදුකාංග සමාගමේ වාසියට හේතු වෙයි..
තාක්ශනිකව ලිනක්ස් දියුණු කිරීමට මානසික අතින් දියුනු ශල්පීන් බොහෝ වූවත් ඔවුනට ඒවා මාකටින් කිරීමේ ක්‍රමවේදයක් නොමැත..මන්ද ඔවුන් ලාබ ලබන අයවුලුන් නොවන බැවිනි..ලිනක්ස් සඳහා සොෆ්ට් වෙයාර් ලියන..සහ බෙදාහරින සමහර අයවලුන් එම වෙබ් සයිට් වල දැන්වීම් ‍පල කොට ආදායම් ලැබීමට තරම් දුප්පතුන් වන අවස්ථාද ඇත...
අඩුබල පරිඝනකවලින් වැඩි කාර්යක්ශමතාවක් ගතහැකිවීම..එදිනෙදා ජීවිතයෙදි සහ වෙනත් අවශ්‍යතාවලදී තෝරාගැනීමට විශාල ප්‍රමාණයක් නොමිලේ දෙන මෘදුකාංග පැවතීම..අන්තර්ජාල පරිහරණයේදි දත්ත සහ වෙනත් පරිඝනක උපාංගවල ආරක්ශාව තහවුරු වීම..ඉතා කුඩා රලු ඉඩක් තුල බාවිතා කල හැකි නිසා කර්මාන්ත යන්ත්‍ර සූත්‍ර සඳහා ‍බාවිත කල හැකි වීම ලිනක්ස් තුල ඇති අටෝරාසියක් ප්‍රයෝජන වලින් කීපයකි..

භාවිතා කිරීමේ විවෘත මෘදුකාංග (open source application software)

කාර්යාල කටයුතු

     කාර්යාල කටයුතු සඳහා ජනප්‍රියම මෘදුකාංගය නම් වින්ඩෝස් ඔපිස් වන අතර ඒ හා සමාන සහ ඊට ත් තරමක් එහා ගිය මානයන් විවෘත කොට පෙන්වන ඕපන් සෝස් නිර්මාන දැන් කරලියට විත් තිබේ..මෙයින් ලිබ්‍රා ඔපිස් සහ ඕපන් ඔෆිස් ජනප්‍රිය ඒවා වෙයි..ඊට අමතරව ඇබි වර්ඩ්..නියුමැරික්ස් ආදී ‍මෘදුකාංගද වෙයි..මේ මෘදුකාංග ‍බොහොමයක් ලිනක්ස් මෙන්ම අනෙකුත් සෑම වින්ඩෝස් සංස්කරණයන් සමඟ කිසිදු ගැටලුවකින් තොරව ක්‍රි‍යාකරනු ලබයි..සම්පූරණයෙන්ම පාහේ නොමිලේදෙනු ලබන මේ ඔෆිස් කට්ටල වල තාක්ශනික ගැටලු ඇතොත් වහා අන්තර්ජාලය හරහා ඒවාට විසඳුම් ලබා දෙයි..මා දන්නා ලංකාවේ ආයතන කීපයක් සිය පරිපාලන වියදම් අවමකිරීමේ ක්‍රමයක් ලෙස මේ වෙනත් ඕපන් සෝස් ඔෆිස් සඳහා මාරු වීමේ ක්‍රමවේදයක් දියත් කරනු ලැබීය..ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව එයින් මතකයට නැගෙන එකකි..ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයද සි‍ය අධික මෘදුකාංග වියදම අඩුකර ගැනීමට විශාල ලෙස මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය අවැසි නොවන අයවලුන් සඳහා ඕපන් ඔෆිස් ලබාදීමේ මූලික සංගණන කටයුතු අරඹා ඇත..

වීඩියෝ එඩිටින්...

වීඩියෝ එඩිටින් වලට නම් ලිනක්ස් සහ වින්ඩොස් වල යන දෙකේම සුමටව වැඩකරන ප්‍රබල මෘදුකාංග නැත..ලිනක්ස් අතුරුමුනත තුල වැඩකල හැකි වාණිජ මට්ටමේ ප්‍රයෝජන සඳහාද උපයෝගි කරගත හැකි මෘදුකාංග විශාල ලෙස දැන් භාවිතයට එක් වෙමින් ඇත..කලකට ඉහත ඩයලොග් ටීවී හරහා විකාශය වූ ලර්න් ටීවී (Learn TV) සහ ධර්මවාහිනී යන කුඩා රූපවාහිනී නාලිකා දෙකේ සියලු වීඩියෝ එඩිටින් කටයුතු සිදුවූයේ ලිනක්ස් මෙහෙයුම් පද්ධති පාදක කොටගත් මෘදුකාංග වලිනි..එකල සිනලේරා නම් වු මෘදුකාංගයකුත් වෙනත් මෘදුකාංග කීපයකුත් ඒසඳහා ඉතා සාර්තක ලෙස බාවිතා කරන ලදී..මීට අමතරව දැනට රජයෙන් ගෙනයන මෘදුකාංග වැටලිමේ ක්‍රමය නිසාත් හාඩ්වෙයාර් අඩු පසුබිමක වැඩි කාර්යක්ශමතාවක් ගතහැකි නිසාත් දැන් කුඩා ප්‍රමාණයේ වීඩියෝ එඩිටිං (video songs, function covering)කරනු ලබන අයද ලිනක්ස් පාදක වීඩියෝ එඩිටිං කරා යොමුවීමේ ප්‍රවනතාවක් ද ඇත..

පින්තූර සැකසීම..

   පින්තූර සැකසීම කිව් සැනින් මතකයට නැගෙන්නේ ෆොටෝෂොප් මෘදුකාංගයයි..එහි ඇති සියලු ගතිගුන වලින් නොඅඩුව තවත් දියුනු දෘශ්‍ය උපකාරක සහිත පින්තූර සැකසීමේ මෘදුකාංගයක් ලෙස ගිම්ප් (Gimp)දැක්විය හැක..මේ ගිම්ප් මෘදුකාංගය නම් ලිනක්ස් වින්ඩෝස් යන දෙකෙන්ම කරදරයක් නැතිව ධාවනය කල හැක..‍මඳක් ෆොටෝෂොප් වලට වඩා පෙනුමෙන් වෙනස් උවත් කිසිදු ආයාසයකින් තොරව පුහුනු පුද්ගලයෙක්ට මේ පින්තූර සැකසුම් මෘදුකාංගය භාවිත කල හැක..
අන්තර්ජාල පහසුකම්..
    ස්කයිප් ‍වැනි මෘදුකාංගද ඩික්ශනරි වැනි මෘදුකාංගද ජාලකරන ක්‍රමය හරහා ලබාගැන්මේ පහසුව ලිනක්ස් සතුව ඇත..ස්කයිප්ද..ගූගල් ක්‍රොම්,ෆයර්‍ෆොක්ස්,ඔපෙරා වැනි බ්‍රව්සර්ද කිසිම අවහිරතාවයකින් තොරව ලිනක්ස් වල මෙන්ම වින්ඩොස් වලද නොමිලේම ස්ථාපනය කරගත හැක..අන්තර්ජාල බාවිතා කරන මෝඩම, වයර් රහිත උපාංග,මොබයිල් ෆෝන් බොහොමයක්ද ලිනක්ස් සමඟ එකසේ ක්‍රියාත්මක වේ..එහෙත් සමහර අවස්ථාවල උපාංගය හඳුනාගැන්මේ දෝශ (driver issues) ලිනක්ස් සමඟ පැමිණියත් එම උපාංග බොහෝවිට අනුමත ප්‍රමිතියට අනුව නියම තත්ව වල ඒවානම් එසේ වීමේ හැකියාව අඩුය..සරලවම කීවොත් වෙළදපොලේ තිබෙන වයර්ලස් මොඩම් සියල්ලම සමඟ ලිනක්ස් වැඩ කිරීමට පහසුකම නොතිබෙන්ට පුලුවන..එහෙත් බොහෝ විට එය ලෝපතල නිශ්පාදනයක් නම් එය ලිනක්ස් මඟින් හඳුනාගනී...

ඉංජිනේරුමය සහ නිර්මාන සැකසීමේ අව්‍ශ්‍යතා..

මේකියන ඉංජිනේරුමය අවැසිතා වන කැඩ් ඩ්‍රෝවින් ඇඳිම සහ ත්‍රිමාණ සජීවීකරන මෘදුකාංගද ලිනක්ස් වල පැවතියත් ලියුම්කරු ඒ ආශ්‍රිත කිව් කැඩ්(Q cad) නැමැති මෘදුකාංගය පමණක් දැක ඇති අතැර මාකලින් කී ධර්මවාහිනී නම් ස්ටූඩියෝවේ ත්‍රිමාණ සජිවිකරනද සිදුකරන ලද්දේ ලිනක්ස් වලින්ම බැවි කීමට දනිමි..

විවිධ මුලික පද්ධති(operating Systems) වලට අදාල පොදු බාවිත මෘදුකාංග (application software)
තැනීම..
 
බොහෝ ජනප්‍රිය බාවිත මෘදුකාංග (application software) බොහොමයක් ලිනක්ස්, වින්ඩෝස්,ඇපල් යන වේදිකා තුන හතරටම හරියන ලෙස බාගන ස්ථාපනය කිරීමේ හැකියාවෙන් දැන් සමන්විත වෙයි..
*වීඩියෝ ඕඩියෝ සඳහා වී එල් සී, එම් ප්ලේයර්,(Vlc,Mplayer)
*අන්තර්ජාල ඇමතුම් සඳහා ස්කයිප්...(skype)
*වෙබ් බ්‍රව්සර්(web browser)
*සිංහල යුනිකෝඩ් පැකේජය (sinhala and tamil unicode installation pack)

එසේ විවිධ ඔපරේටින් සිස්ටම් සඳහා එකලෙස අවසන් ප්‍රතිපල ලබාදෙන ඇප්ලිකේශන්‍ සොෆ්ට්වෙයාර් සඳහා සීමිත උදාහරන කීපයක් වෙයි..

වලාකුල් පරිඝනක ක්‍රමවේදය..(cloud computing)

මෙය දැනට ඉහල පරිමාවකින් යුතු ජාලකරන සැකසුමක් සහිත (Wideband Network Facility)රටවල සාර්ථක ලෙස බාවිතා වන ක්‍රමවේදයකි..මෙය සංකල්පීය ලෙස ගතහොත් වෙනස්ම ආකාරයකි..එනම් දැන් මෙන් සියල්ල දෘඩ තැටිවල ඔබාගැනීමේ ක්‍රමවේදයක් මේතුල නැත..වලාකුල් ලෙස චිත්‍රනය කරනු ලබන විවිධ භෞතික ස්ථානවල ඇති දත්ත ගබඩා මඟින් ලබාගන්නා දත්ත මත පදනම් වූ ක්‍රමයකට මේතුල ක්‍රියාකාරකම් සිද්ධ වේ..මෙහිදී ස්කයිප් වෙබ් බ්‍රව්සර මෙන් කුඩා ප්‍රමාණයේ මෘදුකාංග කොටසක් පමණක් පරිගණකය තුල ස්ථාපනය කරනු ලබන අතර අනෙකුත් බොහෝ දේ ජාලය හරහා සිදු වෙයි..අප සරල උදාහරනයක් ගමු අපි ඊ මේල යවනවිට අකුරු විසාල කිරීමට සැකසීමට සීමිත අවස්ථාවක් අපිට ලැබේ ඒ හරහා ඊ මේලය හරහා යවනු ලබන අකුරු වෙනස් කල හැක..මෙය අපිට ඉතා සරල ලිපි සැකසුම් ක්‍රමයක් ලෙස බාවිත කල හැක..ගූගල් ඩොක්ස්
නමින් මේ ආකාරයේ ..ලිපි සැකසුම් ක්‍රමවේදයක් ක්‍රයාත්මක වෙයි..ඒ හරහා අන්තර්ජාලය හරහාම වැඩසටහන ක්‍රියාත්මක වන අතර එකම ලිපිය දහස් ගානකට එකවර ලබාගත හැකි ලෙසද සැකසිය හැක..අවැසි නම් එම ලිපිය සේව් කර තැබිය හැක..ඔබ ලෝකේ කොතැනක සිටියත් ඔබට තරමක් වේගවත් අන්තර්ජාල පහසුකම ඇත්නම් ඔබ නැවැතුවූ තැන් සිට ලිපිය සැකසිය හැක..දැනට ඔපිස් පැක් එක තුලැති බොහෝ දේ සරලවම මේ ගූගල් ඩොක්ස්(google docs) තුල ඇත..පවර්පොය්න්ට්..එක්සෙල් වැඩද මේ ඩොක්ස් හරහාම කරගත හැක..දැනට නම් ගූගල් ඩොක්ස් මුදල් අය නොකර සේවය සලසයි..එහෙත් මීට වඩා වෙනස් ඔන්ලයින් ප්‍රෝග්‍රැම් අන්තර්ජාලයේ ඇත..මෙහිදී අපිට අන්තර්ජාල පහසුව සඳහා වියදමක් දරන්ට වූවත් සාමාන්‍යයෙන් දිනකට පැය ගානක් ලිපි හෝ පරිගනක වැඩ කිරීමට නොමැති සාමාන්‍ය ජනයාට මෙය අලුතින් මිලදී ගන්නා නව සොෆ්ට් වෙයාර් එකක් තරම් සාක්කුවට බර වන විසඳුමක් නොවනු ඇත..මේ අයුරින් වෙබ් එක හරහාම ,,දැනට දත්ත සැකසුම්,එකවුන්ට් ,,පින්තූර සැකසීම් ආදි මෘදුකාංග සුලු මුදලකට හෝ සමහරක් නොමිලේම අන්තර්ජාලයේ සොයාගැන්මට හැක...ආයතනික මට්ටමින් මේ (cloud computing)සේවාව ලබාගැනීමේ ක්‍රමවේද ද දැන් දැන් ජනප්‍රිය වේගන එයි...අඩු මූලික උපාංග බාවිතයෙන් වැඩි වාසි ගත හැකි වීම මෙහි ඇති වාසිය වෙයි..එහෙත් විශාල ධාරිතාවල ජාලකරන පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් අවැසි වීම මෙහි ඇති මූලික දුර්වල තාවයකි..
මුදල් නැතිකම තාක්ශනයට බාදාවක් නොවේ එහෙත් යාවත්කාලීන දැනුම නම් වූ දේ නම් තාක්ශනය සමඟ ඉදිරියට යෑමට අත්‍යාවශ්‍ය වේ..සියල්ල කවුලුවක් තුලින්ම දකින්න උගන්වන අපේ සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව ගුරුවරයාගෙන් ප්‍රශ්න කරමින් ඉගෙන ගන්නා මට්ටමට එනම් කීකරු නොවූ මූසිලයින් තනන මට්ටමට ගෙන ආයුතුය..කී වදේ අහගෙන කටපාඩමින් පොත් වල ඇති දෑ කොල වල ලියන අප ට බාල පරපුර ද සියලු වැරදි වලට ලොක්කන්ට සහ ඇමරිකාවට දෙස් තියන දේවාල කපුවන් ගෙන් ඉදිරියට ගත යුතුය..
නැතොත් ලංකාව සිතියමකින් හෝ නොදැකපු ඇත්තන්ට අපේ රටට එරෙහි කුමන්ත්‍රන කරනවාය කියා බැනුම් ඇසීමට හෙටද සිදුවනු ඇත..

මා මෙය ලියන ලද්දේ රාවය පුවත්පතේ පලවූ

මෘදුකාංග තහනම සහ පරිගණකය වරප්‍රසාද ලත් පන්තියක බූදලයක් කිරීම

ලිපියට ප්‍රතිචාර වශයෙන් වන අතර මෙහි මෘදුකාංග එනම් ඕපන් සෝස් මෘදුකාංග භාවිතා වන ස්ථාන ගැන මාගේ ලිපියේ ඇත්තේ අඩු තොරතුරු ප්‍රමාණයකි ..එය ලිපියේ අඩුපාඩුවකි. අප වෘත්තීය මාධ්‍ය වේදින් නොවේ..එහෙත් මේ කියවන අය ඇත්තටම ඕපන් සෝස් වලින් දුවන සිස්ටම් ධාවනය වන ස්ථාන දනී නම් කොමෙන්ට් කරන මෙන් ඉල්ලා සිටිමි..
මා මෙය රාවය පුවත්පතේ අදාල ලේකඛයාට කතාකොට අවධානයට යොමුකරන ලදී ..ඉන්පසු මෙය ඊ මේල් කරන ලදී.ඔහු විසින් එයට කරනු ලබන්නේ කුමක්දැයි මා නොදනී..එහෙත් මා හට කල හැකි සුලු දේ මා කලෙමි..


Saturday, June 18, 2011

අදින්නාදානා වලට මෘදුකාංග අකැපද??



මම හොරකමින් වැලකෙමි කියා අපි පුංචි කාලෙ උගනිමු..උදේ හවස මන්තර මෙන් කියවාගෙන ගියත් අපට මේ පන්සිල් වල තේරුම හරියටම මීටර වන්නට තව කාලයක් ගත වෙයි..එවිට අද්නාදානා යනු නුදුන් දේ නොගැනීම වෙයි..අන්සතු හෝ අන්සතු වීමට නියමිත ගෑනු පරාණයකට පැණි පෙරා එය නතු කර ගෑනිම අමු සිංහලෙන් සිත සොරා ගැනීම නම් වෙයි..මගේ අදහස නම් හිතේ හොරකං කරන්න දෙයක් විෙස්සයෙන් නැත ඒ කරන්නේ අමු බොරුවක් වෙයි. එතැන සිද්දවෙන අලුත් හොරකමක් නෑත කෙල්ලෙක් ඒ(A) කොල්ලාටත් බී(B) කොල්ලාටත් යන දෙදෙනාටම කැමති නම් ඒ කොල්ලන් වරදක් කරනැත හොරකන් කරපු කෙංගෙඩියකුත් නැත..කෙල්ල හෙවත් පෙම්වතිය දෙදෙනෙකුට ආදරය බෙදීමට තරම් ආදරණීය වීම එක හේතුවක් බව මගේ අදහසයි..දැන් වැල් වටාරන් ඉවරයි..නිගමනය සිත සොරකම් කිරීම සොරකමක් නොවේ..



පිංවතුනි මේ කුඩාම කුඩා සොරකමක් උනත් අපිට නුදුන් දේ නොගැනීම ලෙස දකින්න පුලුවනි..ඉතිං අනුන්ගෙ දේ කඩා වඩාගෙන ජීවත් වෙනව කියන්නෙ පිංවතුනි ඒ අයට තමුන්ගෙ ජීවිතේටම ඒව පඩිසන් දෙනව..අද පත්තරයක් අරන් බලන්න හොරකං නිසා කී දෙනෙක් නම් අසරන වෙලාද කියල..නිකම් ලස්සන තරුන කාලෙ හිරේ විලංගුවෙ වැටිල දුක් විඳින්න වෙනව වාගෙම ඒ සොරකම් කරන ධනය යොදවල කරන හැම දෙයක්ම යන්නෙ අගතියකට.... මෙහෙම බණ කියන හාමුදුරුෙවා අවසානෙ ඉස්සරහින්ම වාඩිවෙලා ඉන්න සද්ගුනවත් දානපති උපාසක් උන්නැහේලට පින් වැඩිපුර දීල බණ ඉවර කරනව..ඔය බණ අහන කී දෙනෙක් හොරකමින් දියුනු වුන අයද කියල ඒ බණ අහන ඇත්තො හිතන්නෙ නෑ...ඒ අස්සෙ පන්සලෙන්ම ගනිපු ඇලුමිනියම් මුට්ටි කෑල්ලක් පාත්තරේ විදියට තියෙන හොර අටපිරිකරක් පූජා කරල නිවන් සැප ප්‍රාර්ථනා කරගන්නව...ඉතිං එතැනම කොයි තරන් නං වංචාවක් සිද්ද වෙනවද??



මෘදුකාංග තනන්ෙන් අමෙරිකාව වැනි දියුනු රටවලය..බොෝ මෘදුකාංග වෙලෙන්දෝ හෙවත් සමාගම් වල අයිතිකරුෙවා් මහා ධනවත්හු වෙත්..අනික බොහෝ මෘදුකාංග සමාගම්වල ඉහල පුටුවල සිටින්නේ සුදු මහත්තුරුය උන් ඉස්සර මෙන්ම දැන්ද අපේ ධනය සූරා කති...එවැනි කාරනා නිසා මෘදුකාංග සොරා ගත්තාට කම් නෑත..අපි නුදුන් දෙයක් නොගැනීම සොරකමනම්..අපි ලබාගන්නා දේ අයිතිකාර තැනැත්තාට ඇති වස්තුව දේපල සහ අපිට නැති මුදල් නිසා සොරකම හොඳ සොඳුරු එකක් වන්නේ නැත...පරිඝනකයක් මිලදී ගෙන එයට මෘදුකාංග ඇතුලු කරනවිටම එය විසින් ඇතුල් කරනු ලබන මෘදුකාංගයට අදාල කේත ඉල්ලනු ලබයි..අන්තර්ජාලයෙන් හෝ ඒ සීඩී තැටියේම වූ හොර කේත අංක ඇතුලු කොට අපි කිසි ආයාසයකින් තොරව මෘදුකාංග ඇතුලත් කරගැනීමේ පහසුකම ඇත.



මෙසේ මෘදුකාංග ඇතුල් කොට ගෙන වැඩකරන සියයට අසූවකට වැඩි පිරිස මේ ඇතුල් කොරන්නේ හොර මෘදුකාංගයක්මැ බව දැනගනම ඇතුල් කොරයි.ඉතිං ඒවායින් වැඩකටයුතුද කොරයි...සමහර විට පන්සිල් වල දෙවන සිල් පදය කඩමින්ම කිසි හිරිකිතයක් නැතිව ධර්මයද බලනවා සහ ප්‍රචාරයකරනවා වෙන්නට පුලුවන..



මේ මෘදුකාංග නිපදන සමාගම් බොහොමයක් සිය මූලස්ථාන අමෙරිකාව යුරෝපය,සහ කැනඩාව තුල පිහිටා ඇතිමුත් ඒවායේ සිට අඩු ම්ලට අමිල සේවයක් සලසන දක්ශ සේවකයින් ලොව පුරාම විසිරී පැතිරී සිටී..අප ශ්‍රී ලංකාවේද දක්ශයෝ සිය හැකියාව වෙනත් රටවලට දක්වා මෘදුකාංග නිර්මාණය කිරීමේ ආ ඒ ආශ්‍රිත රැකියා කරමින් විශාල විදේශ ධනයක් මේ රටට ගෙන එයි..අපි හොර මෘදුකාංග බාවිතා කිරීමෙන් කරනුයේ ඒ මෘදුකාංග ලිවී මේ හසුරු කුසලතාවය වර්ධනය කරගෙන සිටින බහුතරගේ සහ ඒ පුහුනුවන්නන්ගේ අගය එනම් ඔවුන්ගේ වෙළද අගය අඩු කර ලීමට වක්‍රව දායක වෙති..අමු සිංහලෙන් කීවොත් උන්ගේ ජොබ් එකට කෙලීමට සප් එක දීමකි...,