Wednesday, July 24, 2024

මාතලාගල ගමන 3








 උදේම මාතලාගල නගින්න ලෑස්ති වෙනකොට අපේ ටීම් එකේ සමහරු ඉක්මනට යං අපිට ඔය ගමන්ම ලකේගලත් බලන්න යන්න පුලුවන් කියල කිව්වා. ඒ වුනාට මම නම් ඒක ඒ හැටි ගනන් ගත්තේ නැහැ. මොකද එක කන්දක්නැගල බැහැලා තව එකක් නගින එක දවසකට වෙහෙසකර වැඩක්. ඉතින් කඩිමුඩියෙ දඩි බිඩි ගාල ගිහින් අපේ අය ඉක්මනටම වෙහෙසට පත් වුනා. ඒ කරලා අපිට කලින් ගිය නිසා වෙලාවත් ඉතුරු වුනා. එ ගමන අපි බැහැලා නාල කියල ආයේ එන්න ආවා. නාරංගමුව මීමුරේ තරම් මරියකඩේ තත්වයට තවම පත්වෙල නෑ. අපි රෑට නවාතැන් අරගෙන උදේට දවල්ට දෙකටම කාල හතරදෙනාටම රුපියල් හත් අටදාහක් තමයි වියදම් වුනේ ඔක්කම.මේ නාරංගමුවේ ඉදන් ඉක්මනින් බඩගාලා ලස්සන බලලා එන්න පුලුවන් ලොකේශන් කීපයක්ම තියෙනවා. ටවුන් එකේ රස්නෙන් මිදිලා කදුකර වතුර තියෙන පලාතක ගිහින් පොඩි විවේකයක් අරං එන්න හිතනවා නම් නාරංගමුව හොද තේරීමක් .


 

Sunday, July 21, 2024

මාතලාගල 2

 නැවතුන ගෙදර අයියට කියල පාන්දරම බත් ගෙඩි ටික හදාගෙන අපි ගියෙ. ඒ වුනාට ඒ බත් කෑවෙ ආයෙම නවාතැනට ආහම. අපි උදේ හත හමාරට විතර නාරංගමුවෙන් පිටත් වුනා මාතලාගල මුදුනට යද්දි 10.30 වගෙ ඇති. කෑම්පින් කරන්න යන්නෙ නැත්තං ඒ හැටි වතුර අරන් යන්න ඕනන්නෙ නෑ. මොකද වතුර තියෙන දියදහරා කීපයක්ම අපි මගදි පහුකරගෙන ගියා. උඩට ගිහාම තේවතුර එකක් එහෙම තිබුන නම් හොඳයි කියල හිතුනා. ඒත් අපි අරං ගියෙ නෑනෙ. 

ගල උඩ කට්ටිය කෑම්ප් කරල තිබුනා. ඒ වුනාට ඒ හැටි හැඩිවෙල තිබුණෙ නෑ. මග වගෙම උඩත් සෑහෙන පිරිසිදුවට තිබුනා. ආපු උදවිය පොලිතින් ප්ලාස්ටික් ආදිය ආපිට අරගෙන යන්න ඇති.













Saturday, July 20, 2024

ගල්ගෙඩි සහ මාතලාගල

  ගල්ගෙඩි උඩට නගින එක ආතල් වැඩක්. මේ ගල් උඩ නැග්ගම බොහෝ වෙලාවට සිරා බූමි දර්ශන සෙට් වෙනවා. මේ මාතලාගල ගල උඩටත් අංශක 270 ක විතර විසාල පදාසයක් පේනවා. වියලි කලාපීය ගල්ගෙඩි උඩට නැග්ගම වටේම තැන්න. සමහර තැන්වල වතුර, ගම්මාන ආදිය පේනවා. මාතලාගල උඩට නැග්ගම එක පැත්තකට තියෙන්නේ තනිකරම කඳු. 


මේ ලගම පේන තැනක තමයි කාලයක් පෞරාණික ගමක් වෙලා පහුගිය කාලෙ වීකෙන්ඩ් වලට දෙල්කඳ පොල වගෙ වුන මීමුරේ තියෙන්නේත්. මීමුරේට මහ මෙරක් වගෙ පේන ලකේගල මාතලාගල උඩට තවත් එක ගලක් විතරයි. මාතලාගල මතුපිට ලිස්සන්නෙ නෑ. ගල උඩට අපි ගිය වැහිකාලෙ නිසාද මන්ද වටේටම කොල පාටට පේනවා. ගල උඩට අලි බෙටි තිබුනා අලි හිටියෙ නෑ












Friday, July 19, 2024

මාතලාගල යන්නට කලියෙන් දවස

 

මාතලාගල ගමන අපි පටන් ගත්තේ සෙනසුරාදා හවස. සෙනසුරාදා හැන්දෑවේ මිතුරාගේ කාර් එකට රාගමින් සෙට් වුනා. අපිට යන්න තිබුනේ නාරංගමුවට. නාරංගමුව මීමුරේ කිට්ටුව ගමක්. අපි බැලුහාම පාරවල් කීපයක් තියෙනවා. ඒ අතරින් දඹුල්ල බකමූණ හරහා පාර හොද වගේ තේරුන නිසා ඒකේ ගමන තෝරාගත්තා. කදිම හෝටලයක් හමු වුනා මාර කැෆේ කියලා දඹුල්ලෙන්. අපි ඒකෙන් රෑට කෑවා. රෑට කාලා බකමූණ දිහාට යනකොට රෑ 11 විතර වෙලා. අපි යන එක ගැන බකමූණ පොලිස් පෝස්ට් එකේ පොලිස් මහත්තුරු කැමති වුනේ නැහැ. එයාල කිව්ව විදිහට ඒ පාරේ අලි ඉන්නවා. අලි නම් හම්බ වුනේ නැහැ. ඒත් නාරංගමුවට කිට්ටුව පාර සෞත්තුයි. ඒ පාරේ අදිනකොට අපි ගිය ප්‍රියස් එකේ අවුලක් වෙලා හිට්ටා. හොද වෙලාවට ඒ අමතර යුනිටත් අපේ සුරේෂ් මිතුරා අරගෙන ඇවිත් තිබුන හින්දා ඒ කාර්මික දෝශය හදාගෙන අපිට රෑ 12 විතර නාරංගමුවේ රෑ නවාතැනට ගොඩවෙන්න පුලුවන් වුනා. රාගමින් අපි ගමන පටන් ගත්තේ හවස 6ට වගේ නවතැනට යනකොට මහිතේ රෑ දොලහත් පහු වෙලා

 










 

Tuesday, July 16, 2024

නුවරගල කෑම්ප්

 හොද වෙලාවට අපි ස්ලීපින් බෑග් අරගෙන ගියා. රෑ ජාමෙදි සීතල ආවා. එතකොට අපි බැහැල නිදාගත්තා. එතනෝල් පානය කරල තිබුන යාලුවන්ට නම් නින්ද ඒ හැටි අමාරුවක් වුනේ නැහැ. එහෙම නැති සත්පුරුෂයින් නම් මදුරුවෝ තල තල රස්නෙයි කියල කම්පෙලෙන් කර කර ඉන්න ඇති. අපි රෑට කෑවේ පාන් හෝ නූඩ්ල්ස්. සැමන් එකකුත් අරගෙන ගියා. ඒකෙන් හොද්දක් හැදුවා. ඒක මහ විසාල ගල් ලෙනක්. ඒක අස්සෙ සිය ගානකට වුනත් ඉන්න පුලුවන් කියල ආයුවර්ධන අයිය කිව්වට එච්චර නම් ඉන්න බෑ වගේ. එදා වැස්සේ නෑ. වැස්ස වුනත් ඒ හැටි අවුලක් නෑ ඇතුලේ ඉන්න පුලුවන්. අපි එක්ක තව සෙට් එකක් උන්නා. නුවර මල්ලිලා වගයක්. එයාලත් බියර් බිව්වා වගේ මතකයි. අපි උදේම පහලට බැස්සා. බැහැලා ගමට සේන්දු වුනා දවල් දොලහ විතර වෙනකොට. ඒ කරලා අපි ගිහින් මහ ඔයෙන් එන ඇලකින් හොදට නාගත්තා. නාකියාගෙන කොළම එන්න පිටත් වුනා. 









Saturday, June 1, 2024

Trinco ගමන


බඩේ අමාරුව

ත්‍රීකුණාමලය බීච් එකට ඇවිත් මගේ බැංකු කාඩ් නැතිවෙච්ච කේස් එක ගැන බැංකුවට දැනුම් දෙන්න කතා කලා. ඒ එක්ක බඩ ගොර ගොර ගාන්න වුනා. අර පයිනස් ගස් තියෙන හරියේ පාරෙන් එහා පැත්තේ තියෙනවා කෝනේෂ්වරම් දේවාලේ හෙඩ් ඔෆිස වගේ එකක්. ඒ ළගමතියෙනවා දේවාලෙන්ම කරන වැසිකිලියක්. ම්මට මරු තැන. මම කලිනුත් එතන රීල තියෙනවා. ඉතින් ඒක ඇතුලට යන්න ඕනි කකුල් හෝදගෙන. පුදුම නීති තමයි කකුල් හෝදලා රුපියල් පනහක් දීලා ගිහින් වාඩිවුනා කොමඩ් එකේ.. බර බර ගාල ගියා. හම්මෝ උඩ බඩ යටි බඩ මැද බඩ තිවුන ඔක්කොම හෝදගෙන ගියා.




මෝරු කිරි කඩේ

වෙලාව වැඩියි. කාඩ් එක නැතිවෙලා බැංකවට කම්පෙලෙන් කරලා ක්‍රෙඩිට් කාඩ් එක කැන්සල් කලා. ඒත් පස්සේ දැක්කේ බැංකු කාඩ් එක මිසින්. ඒකෙන් තමයි හොරා පේමන්ට් එක කරන්න ට්‍රයි කරන්න ඇත්තේ. මගේ ෆෝනමට ආවා මැසේජක් මෙන්න පේමන්ට් එකක් කරන්න ඕනි ඒකට ඕ ටී පී එක කියල. ඒ ගමන කලබල වෙල මුලින්ම ක්‍රෙඩිට් කාඩම කැන්ස කල. ඉන් පස්සේ අනෙක් කාඩ් එකත් කැන්සල් කරලා මේ මොන වින්නැහියක්ද කියල කල්පනා කරන ගමන් ටවුන් එක දිහාට එන්න ගත්තා බීච් එක පැත්තේ ඉදන්.




ඒ එද්දි තිෙයනවා නගර සබාව සහ ඒ එක්කම පොඩි ළමා උද්‍යානයක්. ඒ ළග තියෙ කඩයක්. කඩේ හිටියා කෙල්ලො දෙකක්. බෝඩ් එකේ තිබුනා බටර් මිල්ක් තියෙනවා කියලා. මට ඒ වෙලාවෙත් ටිකක් බඩ අමාරුව තිබුනා. මම ඇහුවා බටර් මිලක් හොදයිද බඩේ අමාරුවට කියලා. ටිකක් වයස වැඩි කලු ඒත් ලස්සන එකී. ඔදයි ඔදයි කිව්වා. මමත් ඉතින් බටර් මිල්ක් ඉල්ලුවා. ආවා. වාඩිවෙලා ඒක බොන ගමන් මේ දවස්වල හරියට වැස්ස නේ කියල කෙල්ලො දෙන්න කතාවට අල්ලගන්න ගියා. ම්හු..නෝ රිප්ලයි. උන්ට සිංහල කදුලක්වත් බෑ. මම අහපු බඩේ අමාරු කතාවටත් ඔහෙ ඔලුව වනන ගමන් ඔදයි කියන්න ඇති..




කොහොම හරි බටර් මිල්ක් කියල කියන්නේ මෝරු කිරි වලට. ඒවා ලුණු ළූණු සහ හීනියට කපාපු අමුමිරිස් දාල හදල දෙනවා. වරදක් නෑ. සුපිරිම කියන්න්නත් බෑ. ඒ වටේ ගහල ආවා මුලින්ම ආපු ත්‍රිකුණාමල බස් නැවතුම්පොලට.




අනිල් අයියා

අනිල් අයියා හම්බුනේ කෝච්චියෙදි. සෙනසුරාදා දවසම වැස්ස. බෝඩිමේ ඉදලා එපා වෙලා. අනික මගේ ඇස් කේස් එකක් එනවා. නිතර ෆෝන් බලනකොට ඒ නිසා මම කෝච්චියට ගොඩ වුනා. මේ දවස්වල උතුරු පාර හදන නිසා යාල්දේවිය මහවින් හරවලා යනවා ත්‍රිකුණාමලේ. කට්ටිය නෑ. ඉතින් ඔය ගමනෙදි මගදි හම්බුනා ලොකේශන් ඩිටෙක්ටර් නාකියෙක්.

දන්නැද්ද ඉතින් නාකි හම්බුන ගමන් කොහෙද අහනවා. එයාගේ ඥාති කවුරුහරි ගැන අහනවා. වැඩකරන තැන අහනවා. ඔහොම ලග ඉන්න බුවාගෙනුත් නාකියා විස්තර ඇහුවා. ලග හිටියේ අනිල් අයියා ැවඩ සංස්කෘතික අරමුදලේ. කෝනේෂ්වරම් දේවාලේ කිට්ටුව කොටුවේ තමයි ඔෆිස් තියෙනවා කිව්වේ.




පසසේ කිව්ව විදිහට අනිල් අයියා වැපිරුවා වැහි බීරානිය තියෙද්දිම සෙනසුරාදා. රෑ මහ හයියෙන් වැස්සා. අර වපුරපු ළුී ටිකට මොකක් වුනාද දන් නෑ. කුඹුරු පලාතෙවත් නොගිය අනිල් අයියා උදේම කෝච්චිය නැගලා වැඩට යන්න පිටත් වුනා. පහුවෙන්දා සදුදා එදා ඉරිදා ඒ වුනත් ඉතින් වැඩි ලේසියට කෝච්චියෙන් ගමනට සෙට් වුනා. ඒ අනිල් අයියා තමයි මට හමුවුනේ.




ත්‍රින්කො බැසීම




ට්‍රින්කො වල කෝච්චි ස්ටේශන් එකේ ඉදලා බස් ස්ටෑන්ඩ් එකට දුරයි. දැන් පයින් එනවා. අනිල් අයියයි මමයි. මගදි සුද්දො ඩබලකුත් ආවා. හප්පේ උන්ට දෙන වදේ. ත්‍රිවිල් කාරායෝ වඩාගෙන ය්නන හදනවා. ඒ අස්ස් නිලාවැලි පැතතේ වෙලෙන්දෙක් උන්ව නිලාවැලි එක්කගෙන යන්න හදනවා. සාමාන්‍ය වැසියෙක් විදිහට හරිම අපුලයි ඒ සුද්දන්ට දෙන වදේ නම්.




අපි බස් නැවතුම්පොලට ආවා. අර කරවල කඩ තියෙන බීච් එකට සහ ොකා්නේශ්වරම් යන පාරේ තියෙනවා කෙළවරම බස් නැවතුම්පොලට කිට්ටුව බත් කඩයක්. එදා ලයිට් නෑ. කලුවරේම වගේ බෙදාගෙන කෑවා. කෑම ටික නම් ඒ හැටි වරදක් නැහැ. ඒත් එතනින් තමයි මම හිතන්නේ බඩ අමාරුවට පටන් ගත්තේ.




කොනේෂ්වරම්




මම කෑම කඩයක් හොයන්න කිලින් අනිල් අයියා නම්බර් එක දීලා මිසින් වුනා. ඉන් පස්සේ ගොඩ වුනා කන්න කඩේකට. ඒක ත්‍රින්කො වල කෝනේෂ්වරම් යන පාරේ කරවල කඩ පේලියට කලින් තියෙන සිංහල කඩේ. කෑම නම් පංකාදුයි. මම යනකොට කඩේට ලයිට් නැහැ. ඒ නිසා කලුවරේ ඉදගෙන තමයි කන්න වුනේ. කලුවරේ කෑම අමාරුවක් නැහැ. එලෝලු පේන්නේ නැති ටික විතරයි නෙ. කට පේන් නැහැ කියල අවුලක් නැහැ.




ඒ කාල කරල වැඩිය ගිමන් අරිනන් හිටියේ නෑ. කෑම නම් ටිකක් මිල වැඩියි. මාලු කෑම එකටම පන්සියක් ගත්තා. පෙලක් දා ඒක බෆේ නිසා වෙන්න ඇති. මම ඉතින් පයින්ම කෝනේෂ්වරම් යන්න ගත්තා කෑම කඩේ ගාව ඉදලා. ඒ යනකොට මගදි මුවො හිටියා. ෂැහ්. මුවො බලු වෙලා. වෙන ටවුන් වල බල්ලො ඉන්නවා වගේ ත්‍රිකුණාමලයේ මුවො ඉන්නවා. මොන රෙද්දකට ඉන්න වසංගතයක්ද මන්දා. මම හිතන්නේ උන් ඉන්න ඇත්තේ ඒ කාලේ මසට .. කොටුවේ කොටු වෙලා හිටියොත් මරාගන්න කියල මුවෝ ඇතිකරන්න ඇති කොටුව තිබුන කාලේ.

ගමන




ඒ කරලා ඉතින් හෙමි හෙමින් කොටු දොරෙන් ඇතුල් වෙලා ඇතුලට ගියා. මේෙ කාටු දෙොෙරන් කිහිප වතාවක් කලින් ඇතුලට ගිහින් තියෙනවා.