Monday, October 5, 2026

අවුට්ලෑන්ඩර් කතා වස්තුව


සාගර සාගර ආන්න ආන්න පොඩ්ඩක් හිමින් යමන්.. තරමක් විසාල වයසේ පාසල් ළමුන් දෙදෙනෙක්ද මවක්ද සිටින තැනකදී මිගාර හාමුදුරුවෝ කෑ ගහන්නට විය.

මිගාර හාමුදුරුවෝ අපහසුවෙන් පිටුපස බැලුවේය. හරවන් යමන්.. නැවත හරවාගෙන ගොස් මිගාර හාමුදුරුවෝ ඒ කාන්තාව සමග කතා කරන්නට විය.

පෙරැත්ත කලමුත් හාමුදුරුවන්ගේ රථයේ නැගීමට කාන්තාව අකමැති විය. ළමුන්ගේ මුහුනේ නම් වාහනයේ නැගීමට ආසාව තිබුනත් අම්මාගේ නොකැමැත්ත පිට ඔවුන් තරමක් සංසුන් විය. මදකින් ළමුන් දෙදෙනා විසින් හාමුදුරුවෝ අදුනාගන්නා ලදී. ඉන් පසු ළමුන්ෙ දදෙනා මදක් සිනාසෙන්නට ළමුන්ගෙන් හාමුදුරුවෝ ඇසූ පස්නවලට ඔවුන් දෙදෙනා සාමාන්‍ය පිළිතුරු දුනි. හාමුදුරුවෝ නැවත හැරී එන්නට හදන විට හාමුදුරුවන්ට වදින්නට දරුවන් නැමෙන්නට විය.

වැඩක් නෑ දරුවෝ මේ පාර මැද කලිසන් වල කුණු ගාගන්න. ඔය ඇත්තොත් නැමෙන්ඩ අවශ්‍ය නෑ. ඔහොම ඉන්න. එහෙනන් මම යන්නන් මම මේ බණකට වඩින ගමන්.. කියා හාමුදුරුවෝ සිය අවුට්ලෑන්ඩරයට නැවත වැඩියේය.

අවුට්ලෑන්ඩර රථයට වැඩි මිගාර හාමුදුරුවෝ කෝල් එකක් ගත්තේය. මහත්තයෝ මම හොදයි කිව්ව තමයි. ඒ වුනාට දැන් මට මේක ටිකක් වැඩි වගේ. ටිකක් පරණ මොකක් හරි කබලක් මට තිවුනා නම් ඇති. සමාවෙන්න මහත්තයෝ මට පොඩි කලකිරීමක් වගේ එකක් ආවා හදිසියේ. දැන් මට මේ වාහනේ ටිකක් වැඩියි. මහත්තයා ගාව ඔය සේල් එකේ තියෙනන් විතරක් මට එකක් දෙන්න. මම හෙටම මහත්තයට මේ වාහනේ ගෙනත් දෙන්නන්.

සාගර උඹ කැමතිද මම පරණ වාහනේක ගියොත් ඒක එලවන්න. මේ වගේ සැප නෑ හොදෙයි. උඹ දිහා ගෑනු හැරිල බලන්නෙත් නෑ හොදෙයි. අමාරුවෙයි උඹට. උඹ කැමති නන් මා ගාව හිටපන්. නැත්තං පලයන්.. මම මාස තුනක පඩි දෙන්නන්. මට දැන් එච්චර සැප ඕන නෑ බන්.

සාගර වැඩි කතාවක් නැතිව. හාමුදුරුවනේ මම ඩ්‍රයිවර් නෙ. හාමුදරුවෝ මට මොක දුන්නත් මම එලවන්නන්. අනෙක හාමුදුරුවෝ මට කොරපු උදව් මට අමතක කරන්න බෑනේ. සාගර කියන්නට විය.

ඒ පණ්ඩිතකන් ඕන නෑ සාගර. උඹ යනවා නම් මගේ ඒ ගැන අමනාපයක් නෑ. ගියයි කියල අපි මැරිල උපදින් නෑනේ බන්. උඹ ඕන වෙලාවක උදව්වක් ඕන වුනොත් වරෙන්. පන්සල් වලට එන්න කාටවත් බැරිකමක් නැහැ නෙ. මිගාර හාමුදුරුවෝ කියන්නට විය.

ටික වෙලාවක් දෙදෙනාම ඔහේ කල්පනාවේ නිමග්නව ගමන් කරන්නට විය. සාගර ටිකක් හිමින් යමන්. බණ කියන්න නෙ බන් යන්නේ. මොකෝ මම ඉස්පිරිතාලකට යනවැ. මොකටද බන් එකාතකින් වේගෙන් ගිහින්.

වෙනදා ඉක්මනින් යන්නට යැයි ඉල්ලීම් කරන මිගාර හාමුදුරුවන්ගේ මේ ඉල්ලීම ගැන සාගරට පුදුම හිතුනි.

හාමුදරුවනේ අර කවුද? හාමුදුරුවනේග් කලින් ඥාති කෙනෙක්ද? සාගර කෙලින්ම ඇසුවේය. ඇයත් ඒ ළමුන්ෙ දදෙනාත් හමුවූ පසු හාමුදුරුවෝ එකවරම වෙනස් වුන සැටි සාගරට පෙනුනේය.

ඥාති නෙමෙයි බං සාගර.ඒ මම කාලයක් ට්‍රයි කල ගර්ල්පෙන්. මම ට්‍රයි කල විතරයි. උඹ කතා හදන්න එපා. ඒ කෙනා මට කැමති වුනේ නෑ. ඒ ළමයි දෙන්න ඉපදෙන්න කලිනුත් ඉපදුනාට පසේසත් මම යාලුවෙක් වගේ ලගින්ම හිටියා.. ළමයි දෙන්න අවුරුදු 3-7 වයසෙදි ඒ තාත්තා ළමයිව දාල ගියා. ඒ කාලේ ඔය අවන්තිට තිබුනා කාර් එකක්. හැබැයි ඒ වෙද්දි අවන්ති ඩ්‍රයිවින් දන් නෑ.. ගිහි කාලේ මම වසන්ත නෙ. වසන්ත වැඩක් නැත්තං වරෙන් ලේනස් යන්න මට අවන්ති කතා කලා. අවන්ති එතකොට බැදලා ඇරෙන්න කිට්ටුව හිටියත් මට බෑ කියන්න බැරි වුනා. මම ලේනස් ගියා.

මට ඒත් වාහනයක් නෑනෙ එලවන්න. ඉතින් අවන්ති එයාගේ වාහනේ පුරුදු වෙනවා. මාත් ඔය ඉස්සරහ වාඩිවෙල යනවා.. ඔන්න ඔහොමයි සාගර ඒක වුනේ.. 

 මෙතන වාඩිවෙල යනකොට මට හාන්දුරුවනේ කියන්නෙ නෑ අවන්ති.. එක සැරයක් මම ඉන්න පැත්ත සිග්නල් කණුවක වැදුනා කාර් එක. මම බැන්නා සයිඩ් කණ්නාඩි දෙක බලන්න එපැයිය කියල. අවන්ති කීවේ නැතයි.. වසන්ත තවුසෙ තැම්බ වගේ දාගන යන්නෙ ඒකට තමයි. තෞසේ එලෝ විකාරෙන් කල්පනා කර කර යනවා. මම ම හැමදේම බලන්න ඕන. කන්නාඩියයි පස්සයි ඔක්කම.. පසසේ දෙන්නම සද්දෙන් හිනා වුනා. හාමුදුරුවෝ නිහඩ විය.

ඒක තමයි ළමයි හාමුදුරුවෝ පස්සේ අදුනගත්තා. මම දැක්කා ටික වෙලාවක් ගියා එයාලට අදුනගන්න හැබැයි ගෑනු කෙනානම් හාන්දරුවන්ව ඉක්මනින්ම බැස්ස හැටියෙම වගේ අදුනගත්ත. සාගර කිව්වේය. 


සාගර උඹත් සී සී ටී වී එක වගේ නේ. නොදකින දෙයක් නෑ. අවන්තිට බන් මගේ කටහඩින් පුලුවන් මම පනහක් හැටක් අතර හිටියත් මාව අදුනගන්න. මටත් අවන්තිව අදුනගන්න පුලුවන්. අපි ඒ ලෙවල් කාලෙ ඉදලා අවුරුදු 4ක් යාලුවෝ. 


ඉතින් සාගර ඒ කාර් ගමන ඒ කාලේ මගේ පෘතග්ජන හිතට ගොඩක් වැදුනා. කාර් පුරුදු වෙලා දැන් ළමයිත් පටවන් යනවා අවන්ති. එතකොට අවන්තිට අලුත් බෝයිපෙන් කෙනෙක් හිටියා ඒ මනුස්සයා හාබර් එකේ වැඩකරන ලොකු තැනක්. මම එතකොටත් නිකං ටයිප් සෙටින් වැඩ කරන නිකංබාස් වසන්ත කෙනෙක්..

අලුත් බෝයිපෙන් එච්චර ඉක්මනට එයාගේ ජීවිතේට එයිය කියල මම හිතුවෙ නැ බන්. කොහෙද ඉතින්. ලොකේ වෙනස් වුනා. එදා කාර් එකේ යන ගමන් එකපාර ටොයොටා හයිලක්ස් එකකට පිටිපස්සේ කාර් එක නවත්තලා අවන්ති කියාගෙන ගියා අරයාගේ කැබ් එක මේ.. මම ගිහින් ටාර් ගාල එන්නන් මේ දෙන්න ශේප් කරගන්න කියල.

ඔතන පොඩි ළමයට තුනයි නේ. ඌ දැන් කාර් එක ඇතුලේ මහා සද්දෙන් අඩනවා. අනෙක් ළමයා ඌව නලවන්න හදනවා. අම්මා අර ඉස්සරහ හයිලක්ස් එකේ පෙම් කෙලිනවා අලුත් එකා එක්ක. මම මේ මොකක්ද වුනේ ඇයි මම මෙතන මට මෙතන තියෙන චරිතේ මොකක්ද? මම මේ ළමයිගේ ආයම්මද? ආදී වශයෙන් හිතාගන්න බැරුව ඉන්නවා.

අර ළමයා සද්දෙන් අඩනවා. ඒත් මට අවන්තිට කෝල් එකක් දීලා කියන්න හිතුනේ නෑ. ඒ දෙන්නා හයිලක්ස් එක ඇතුලේ මොනව කතාකලාද මම දන්නේ නෑ. හාමුදුරුවෝ නැවත කල්පනාවට වැටුනේය. 


කැත වැඩේ නේ හාමුදුරුවනේ ගෑනු ඔහොම තමයි හාන්දරුවනේ අපි මේ බැදලය කියල නෑ ඉතින් අපේ ගෑනුත්.. සාගර කියවන්නට විය.

එහෙම කියන්න එපා සාගර. හොද ගෑනු ඉන්නවා. අවන්ති එහෙම නරක කෙනෙක් නෙමෙයි. එයයි දැනගෙන හිටියා මගේ එහෙම පෙඩි අදහසක් තියෙනවා කියලා. ඒත් ඒක එච්චර ලොකු එකක් නෙමෙයි කියල එයා හිතන්න ඇති.ඇරත් මම කවුද සාගර ඒ කාලේ. මට ඒ කාර් එක දෑවැද්දට ලැබුනත් ඒකට පැට්‍රල් ගහනන්නත් බැරි තරමට පුංචි මිනිහෙක්. කොච්චර අප්සැට් වුනත් ඇත්ත වෙනස් වෙන්නේ නෑනේ සාගර.. මාව ඒ ලෙවල් කාලේ හැලුනේ.. මචං මට උඹ එක්ක දුක්විදින්න බෑ බන්. මම ආසයි අඩනවා වුනත් ටිකක් හොද තැනකට වෙලා අඩන්න.. කියල. අවන්ති ඒක කිවවේ ටවුමෙ ලොකු මාර ගහයටදි.


ඉන් පස්සේ ආයෙත් කාලෙකට පස්සේ ඒ කසාදේ ඇරෙන්න කිට්ටුව මට හම්බුනා.. මරුති ඇල්ටො එකේ ඒකත් එයාගේ.. මම ඉද්දි එයා ගියා හයිලක්ස් එකේ බෝයිපෙන්ව මීට් වෙන්න මට ළමයි දෙන්නව දාලා. ඔහොම තමයි බන්.. හාමුදුරුවන්ද විස්සෝප වන්නට විය.

ටික වෙලාවක් නිශ්ෂබ්ධතාවය රජයන්නට විය.

ඒක හින්දද හාමුදුරුවෝ කලකිරිල මහණ වුනේ. සාගර අසන්නට විය.

උඹ හිතුවේ මම කලිකිරුන කියලද? හාමුදුරුවෝ නැවත පස්න කලේය.

මම වගේ එවුන් ඊට වඩා හරිම බොලදයි සාගර. තව විනාඩි පාලහකින් මම මිනිස්සුන්ට සසර කතර එතෙර වෙන හැටි කියාවි. හැබැයි මට ඒ සිදුවීම අතෑරගන්න බැරි වුනා.

අද මම අවුට්ලෑන්ඩර් එකක ඉන්න එක අහම්බයක් නෙමෙයි බන්. එයාව ළමයි දෙන්න එක්ක අද මෙහෙම හම්බුන එක අහම්බයක් හැබැයි මේ ඉසවේව් ඒ කෙනා ඉන්නවා කොයි මෙහොතක හමුවෙයිය කියන එක මම දැනගෙන හිටියා.

මිනිස්සු වෙලාවකට හරි බොලදයි සාගර. මම බණ කියලා කියලා කියලා ජනප්‍රිය වෙලා මේ ලොකු අවුට්ලෑන්ඩර් එක අරගෙන එකම මොහොතක හරි මට අවන්තිට පෙන්වන්න ඕන වුනා. කලින් සැරේ වගේ වෙන කබල් වාහනේකින් බැහැලා අවන්ති මගේ මේ ලොකු වාහනේට නැගලා සතුටින් ඉන්නවා බලන්න මට ඕන වුනා.

ඒත් මට එයාට පෙන්වන්න වුනේ මොකක්ද? මේ තට්ට ගෙඩිය. මේ චීවරේ. වචන වලින් මාව ඇදින්නා. මම හිතනනෙ මගේ මේ අවුට්ලෑන්ඩර් එක දැන් එයාට වටින්නේ නැතිව ඇති. දැන් මේ අවුට්ලෑන්ඩර් එකේ මම යනකොට අර වෙන ටයි කෝට් දාපු මහත්තැන් කෙනෙක් යනවා වගේ තේජසක් නැහැ නෙ. මේ කලින් හිටිය මම නෙමෙයි නේ බන්. දැන් ඉතින් මගේ වාහනේට අවන්ති නගින්නේ නෑ. ඒ මනුස්සයත් වයසට ගිහින්. මමත් වයසට ගිහින්. තෝ විතරයි මෙතන හැම එකම තරුණ ඕපදූපය වගේ අහගෙන ඉන්නේ.. හහා හහා හහා...

හාමුදරුවනේ.. ඔබ වහන්සේ මේ වාහනේ අත අඇරලා ආයේ මරුටියක් ගත්තත් මම එනවා ඔබ වහන්සේ එක්ක. සාගර ගෞරවපූර්වකව කියන්නට විය.

හැගීම් වලට වහල් වෙන්න එපා බන්. උඹ කැමති නන් වරෙන්. වෙන හොද තැනක් ආවොත් ගැලවිල පලයන්. මම වගේ ඇලිලා ඉන්න එපා දේවල් වලට.. අපි මේක අද හවසට හොදට හෝදලා හෙට උදේම ගිහින් බාර දෙමු. ඒ මහත්තයගේ හිත හොද නැතිවුනද දන්නෙත් නෑ. එකපාර අවුට්ලෑන්ඩර් එක එපා කිව්වහම.

Monday, September 28, 2026

අත්‍යාවශය වෙඩින් සංගීතය


ඉන්දියානුවා ජීවත් වන්නේ ව්‍යාජ මායාකාරී ලෝකයකය. ඔවුන්ට කිසිදා සැබෑවට පිලිපැදිය නොහැකි ආගමික මතිමතාන්තර ඔහු තදින් විශ්වාස කරන්නේය. ඒවාට වැදුම් පිදුම් සත්කාර කරමින් ඒ පිලිපදිනවා යැයි පෙන්වන්නට උත්සාහ කරන්නේය. එහෙත් සැබෑ ජීවිතයේදී ඒ ආගමික මතිමතාන්තර වලින් බැහැරව බෝංචි කඩනවා සේ සාමාන්‍ය සමාජ ගුණධර්ම කඩාගෙන ගව සුනකාදී සතුන් මෙන් ප්‍රිමිටිව් ආකාරයෙන් හැසිරෙන්නේය. ඉන් මනත තමන්ගේ පාපයෝ වසන් කරගැනීමට ආරාමයට පන්සලට දේවාලයට ගොස් මහත් පෙලහර පාමින් වන්දනාමාන කරන්නේය.

ආර්ථිකව අතින් ගත්තත් මිනිසුන් මේ ආකාර සෝබනීය ජීවිත හැඩතල වලට මහා විසාල මුදලක් වියදම් කරන්නේය. මෑතදී ඇති කෙරෙන වෙඩින් උත්සව වලදී සංගීත දැමීම ගැන කතාවද එහි දිගුවකි. දෙදෙනකු එක වහලක් හට එකට සිටීම සැමරීම තවමත් ඉන්දියානු අපි ඉහලින් කරති. ඒ සදහා සිය ජීවිත කාලයෙන් වසර කීපයක මුදල එක දිනකට වියදම් කරන්නේය. ඒ තුලින් මහා සතුටක් ලබන්නේයැ ලැබුවේයැ පෙන්වන්නට සමාජ ජාලා වලද පිංතූර වීඩියෝ දමමින් දගලන්නේය. වෙඩිමකදී සෑම දෙයම මිල අධිකය. අවසන වෙඩිම ගෙන මාසයකින් දෙකකින් බොහෝ තැන්වල ඒ වියදම ගැන පවුලේ අයට ඇත්තේ කලකිරීමකි පසුතැවීමකි. එහෙත් එකම පවුලේ 2.5 වැනි දරුවාට වත් වෙඩිමක් නොගෙන වෙනස් මගක යෑමට ඇත්තේ අඩු ඉඩකි.

සැබැවින්ම දෙදෙනකු අතර සැබෑ සබදතාවයක් තිබේ නම් වෙඩිමය කියා විසේස මගුලක් අවශ්‍ය නැත. රෙජිස්ටාර් පොතක් අවශ්‍යද නැත. එතැන ඇත්තේ සැබෑවක් නම් සැබෑ බැදීමක් නම් තවත් සහතික එයට අවශ්‍ය නැත. එහෙත් කොතරම් ආදරණීය ශෝබමාන වචන හුවමාරු කරගත්තද අපේ දෙපලටම අනෙකාව විහ්වාස නැත. අනෙක් අතින් අනෙකාව තවත් ලීගල් සහ පෞල් බැමි වලින් තලා පෙලා මිරිකා හිරකර තබාගැනීමටද අවශ්‍ය වන්නේය. සැබෑ අවශ්‍යතාවයට වඩා මායාකාරී අවශයතා රැසක් අපි අවට අප විසින්ම පිලියෙල කරගනී.

දැන් තව ස්වල්ප වේලාවකින් මෙහි පැමිනෙන ඇතැම් ඉන්දියානු සමාජයේ අගය කියන පිරිස් බටහිර නන් අහම අහම වෙනවා අපේ එහෙම තවම නැතැයි කියනවා ඇත. මා නොගොස් ඇති නිසා මා දන්නා බටහිරක් නැත. බටහිර උතුර නැගනහිර හැම තැනම මිනිසුන් කොටසක් ඉතාම දීර්ඝ කාලයක් යහපත් ලෙස පවුල් කති. විසාල පිරිසක් පවුල රෙජිස්ටර් කර ඇති නිසා හෝ ළමයි බමයි නිසා ඔහේ සතුටක් නැතිව තැවෙමින් සම්ප්‍රදායික රාමුව අස්සේ සිරකරුවන් පරිදි ජිවත් වෙති. 

Saturday, June 27, 2026

මිස්ටර කොත්තු සහ බිග් චුන්


ඉස්සර ගමේ මිනිස්සු කොළඹ ආවම කොළඹ කඩේකින් කෑවම ගම ගිහින් ඒකේ වරුණාව විසි තිස් වතාවක් කියෝනවා. ඉතින් මමත් බිග් චුන් ගිහින් ආවා. දැන් ඉතින් මගේ සෝසල් මීඩියා හිතවතුන්ට වෙනවා මගේ පොයිය අහන් ඉන්න. 

බිග් චුන් එකේ ගිය ගමන් මෙනු පේන්න තිවුනා. ඉන් පස්සේ අපේ ඇනවුම දානවා. ඇනවුම එක්ක ඕඩර් නම්බරයක් එනවා. ඒ නම්බර අනුපිලිවෙලට අපිට ඒ අයිස් ක්‍රීම් සහ තේ වතුර ලැබෙනවා. එතන හිටපු ගෑනු ළමයිගේ පස්ස ලස්සනයි. කලුපාට සිලික් වගේ ටිකක් ටයිට් කලිසම් නිසා පස්ස ලස්සනට පෙනුනා. ඕඩර් එක ගන්නකල් වටපිට බලනකොට තමයි මම ඒක දැක්කේ. ෆෝකස් කරල බැලුවේ නැති නිසා පව් නෑ. 


මේ බිග් චුන් එක කෝපප්යක් හදන්න දාන්න ඕන මක්කද ඒවා කොච්චර කොච්චර දාන්න ඕනද කියල කිරලා මැනලා අනුපාත තියනවා. ඒ අනුව තමයි ඒ ඒ දේවල් දාන්නේ. අතේ හුරුවට ඇති පදමට එහම නෙමෙයි. තේ එකකට අදාල කිරි දානවා නම් ඒවා මැනලා තව්ත දේ දානවනන් ඒවත් මැනලා වගේ තමයි දාන්නේ. ඉතින් මැනලා කිව්වට අයිස් ක්‍රීම් එක දානකොට, අයිස් දානකොට ලෙමන් පලුවක් දානකොට මනින්නේ නෑ. ඒත් එයාල සාමාන්‍ය එක්ක හදනකොට ඒ අදාල අනුපාන ඒ විදිහට දාන්න උත්සාහ ගන්නවා. 


ඒ හැම දෙයක්ම කැමරා වලින් නිරීක්ෂණය කරනවා. ඒ වගේම ඕඩරයක් දාපු වෙලාවේ ඉදලා ඒකක් දෙන්න කොච්චර වෙලා යනවද කියල එයාලට බලාගන්න පුලුවන්. ඕඩර් කීයක් ලැබිලද මොන වෙලාවටද ඕඩර් වැඩි කියලත් බලාගන්න පුලුවන් ඒ අයිතිකාරයින්ට. 


බිග්චුනමේ දැක්ක විදිහට ඒකේ ඉන්න ස්ටාෆ් එකට මොලේ වෙහෙසන්න විසේසයෙන් හිතන්න කියල ලොකු දෙයක් නෑ..හැබැයි කරත්තේ බැදපු හරක් වගේ වැඩ කරන්න වෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියට ලියුං කියුන් අරං යන රාජකාරිය කරන මට නිතර අහන්න වෙන දෙයක් ඒ මිස් අද නෑ. ඔයා හෙට එන්න කියන එක. . බිග් චුන් එක වගේ තැනකදි මට මල්බෙරි අයිස් එකක් දෙන්න කිව්වහම අද මල්බෙරි මිස් නෑ කියන්න බෑ. ඒ අය ඒක දෙනවා. මොකද ඒ කාර්යය කරන ආකාරය ඒ මල්බෙරි අයිස හදන විදිහ සරලව හැමෝටම පැහැදිලිව කියල තියෙනවා. ඉන්ස්ට්‍රක්ෂන් තියෙනවා. වැඩිය හිතන්න දෙයක් එතන නෑ.. 


අනෙක තමයි එතන වැඩ සිද්ද වෙන්නේ වැඩකරන ගෑනු ළමයිගේ උවමනාවටවත් ඇනවුම් කරන මගේ උවමනාවටවත් නෙමෙයි. පද්ධතියකට අනුව. අපි සාමාන්‍ය තේ කඩේකට ගියාම ඇහනෙවා, කහට අඩු කහට වැඩි, සීනි අඩු සීනි වැඩි, කිරි ටිකක් දාපු ආද ීවිවිධ තේ. ඒත් බිග් චුනමේ ඒවා අඩුයි. අපිට තියෙනවා සිලෙක්ට් කරන්න. ඉන් පස්ේස අපි සිලෙක්ට් කරපු එක තමයි අර ගොල්ලා හදන්නේ. මාතර බත් කඩේ බත් ගන්න ගියා වගේ මල්ලි හොදි ටිකක් දාන්න. ආ අඹ එපා.. පරිප්පු නන් මදි වගේ මැදදි ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න බෑ. දුන්නත් වැඩක් නෑ.. පාරිබෝගිකටත් ලස්සන පස්ස තියෙන බිග් චුන් නංගිලාටවත් ඕන එක නෙමෙයි අපිට ලැබෙන්නේ බිග් චුන් ලා දෙන එක. ඒක දෙපාර්සවයටම ලේසියක්. මොකද මාතර බත් කඩවල මම දැකල තියෙන ලොකුම ඩිලේ සේකිට් එකක් තමයි මිනිස්සු තමන්ගේ ව්‍යංජන සිලෙක්ට් කරන්න යෑම. බජට් රෙස්ටොරන්ට් එක්ක විදිහට කෑම එකක් බෙදන්න යන විනාඩි එක දෙක තුන වෙනවා මිනිස්සුන්ගේ සිලෙක්ෂන් වැඩි වීම නිසා.. අවසානේ එහෙම කස්ටම් සිලෙක්ට් කරල බත් එක දාගත්තම ඒක මෙලොව රහක් නැති කම්බිනේෂමක් නිසා පාරිබෝගිකට කන්නත් බෑ. උදාහරණ විදිහට එතැන හොදි කොච්චර සැරද කියල දන්නේ නැතුව හොදි වැඩියෙන් දාන්න කියල හොද්ද සැර වැඩි තැනකට කිව්වොත් හොදි දැම්මට පස්සේ බත් එක කන්න වෙන්නේ අඩ අඩ. 


මිස්ටර් කොත්තු එකේ කැමරා තිබිල තියෙනවා. ඒත් ඒ හිමිකරුට තමන්ගේ කඩේ කාර්යක්ෂමතාවය වැඩි කොරන්නේ කොොහමද වෙලදාම කළමණාකරනය කරන්නේ කොොහමද කියන එක ගැන අයිඩියාවක් නෑ.. ලංකාවේ සාරාසංකෙයිය කල්ප ලක්ෂ්‍යක් තිස්සේ තියෙන සේවකයාට තග දැමීම බිය වැද්දීම ඌට දෙකක් ඇනීම ආදී සාම්පද්‍රදායික ක්‍රම වලට තමයි සේවකයින්ගේන වැඩ ගන්න යන්නේ. 


කැමරා තියෙන තැනක ඕඩර් එද්දි උයන මිනිහා වේටර්ලා අතුරුදහන් වෙනවා නම් උන් මගාරිනවා නම් කෙලින්ම කැමරා වලින් බලන්න පුලුවන්. මනුස්සයෙක් ඕඩරයක් දාලා කෑම එක ඩිලිවර් වෙන්න හැට පැයක් යනවා නම් ඒවත් බලාගන්න පුලුවන්. ඉන් පසසේ හරියට සෙට් නොවන සේවකයින්ට දෙතුන් වතාවක් කරුණාවෙන් කියල හරියන් නෑ නම් ඒ අයට ඇක්සන් ගන්න පුලුවන්.. හැබැයි කඩේ බිස්නස් නෑ කියන එකට නම් කෙලින්ම වැඩකරන අයටම දොස් කියන්න අමාරුයි. ලොකේ මොනයම්ම බිස්නස් එකටත් නරක කාල එනවා. 


දර්ශන තියරි අම්බානක ලොක්කා සතුව තිබුනත් සේලස් නැති කාල එනවා. ඒ වෙලාවට ස්ටාෆ් එකට පෙසර් එක දිලා විතරක් වැඩේ ගොඩදාගන්න බෑ. ඒ ක වෙනම මිසන් එකක්. 


බිග් චුන් එක එහෙම සීනි ලුණු කෘතිම තියෙන සවුත්තු තැනක් නෙමෙයි. ඒක තවත් එක පැණි බීම අයිස්ක්‍රීම් කඩයක්. ඔය පැණි බීම සහ අයිස් ක්‍රීම් කියන අයිතම දෙකම සීනි වැඩියි. ඒක සරල දෙයක් නේ. ඉතින් බිග්චුන් එක පැත්තේ ගියොත් ඔයාල නිකමට සන්සන්දනය කරලා බලන්න ලංකාවේ වෙන කෑම බීම කඩවල සහ එතන වෙනස. එතන තියෙන කොලිටීස්. එතන එකපාරකට එයාලට දෙන්න පුලුවන් ඕඩර් ගාන. වැඩකරන අයගේ කාර්යක්සමතාවය. ආදිය. 


ඇත්තටම බිග් චුන් එකට වැඩකරන්න මිනිස්සු කොහම හොයාගත්තද කියන එකත් මට පස්නයක්. මොකද ලංකාවේ හරි අමාරුයි වැඩ කරන්න කැමති ආසාවෙන් වැඩකරන්න කැමති කට්ටිය හොයන්න. හැම තිසසේම සෙට් වෙන්නේ අයිස් ගහන්න කැමති. මැසිවිලි කියන සෙට් එකක්. 

 

මොනම හරි කොොහම හරි සල්ලි ටිකක් හොායගන්න හැම එකාම පොරක් නෙමෙයි. එත් සල්ලි තියෙන ඔන එකෙක්ට මොනා හරි එකතු කරගෙන තමන් පොරක කියල පෙන්වන්න පුලුවන්. කඩ දාන්න වගේම කඩ මැනේජ් කරන්න කෙස් අඩුකරගන්න සේල්ස් වැඩකරගන්න දක්ස මිනිස්සු ඉන්නවා..ඒ පැත්තේ දක්ස මැකනිසම් හදලා රන් කරන මිනිස්සුත් ඉන්නවා. ආන්න ඒ අය දිහා බලමු. බලල අපිට හැදෙන්න කියල රෙද්දක් නෑ අපි නිකමට බලමු ඒ ඇති.  

Wednesday, June 3, 2026

ලදාක් බයික් රයිඩ් අවදානම් වීමට හේතු

ලදාක් බයික් රයිඩ් මාරයි මැක්සිමම් කියන අය ගොඩක් ඉන්නවා. ඒ අතර මම හිතුවා ලදාක් බයික් රයිඩ් අවදානම් වෙන්න පුලුවන් හේතු ටිකක් කියන්න. 


අඩු ඔක්සිජන් මට්ටම -ලදාක් තියෙන්නේ මූදු මට්ටමින් මීටර් 3000කට වඩා උඩ. ඒ නිසාලදාක් වල වාතයේ ඔක්සිජන් අඩුයි. ගිය ගමන් හුස්ම ගැනීමේ අපාසතා ආදිය එනවා.  බයික් එන්ජින් වලටත් මේක බලපානවා තමයි. ඊටත් වඩා ලංකාව වගේ රටක හැදුන අපිට මේ වාතයේ අඩු ඔක්සිජන් තත්වය නරකට බලපානවා. අඩු ඔක්සිජන් මට්ටමට අපේ සිරුර හැඩගැහෙනවා සාමාන්‍යයෙන් දවසකින් වගේ. ඒත් එහෙම  හැඩගැහෙන්නේ නැති අයත් ඉන්නවා. ඉතින් අඩු ඔක්සිජන් මට්ටමට ඇග හැදෙන්න කල් ගන්න හෝ හැදෙන්නේ නැති කෙනෙක් හිටියොත් එයාලට බයික් රයිඩ් වලදි කේස් වෙනවා. ඒ වගේම ලෝ ඔක්සිජන් ලෙවල් එකේදි ඒක ආගන්තුක අපිට වැඩිය මහන්සි වන්න හොද නෑ. මොකද මහන්සි වුනාම සරීරෙට වැඩියෙන් ඔක්සිජන් ඕන. එතකොට වාතයේ ඔක්සිජන් අඩු නිස කේස් වෙන්න පුලුවන්. 


2. සීත - සීත කියන්නේ සමහර තැන්වල ටැග්ලන්ලා වගේ පාස් වල හිම මිදිලා පාර දෙපැත්තේ බයික් වලින් ඒ හිම තියෙන පාරවල හිම කපාගෙන වගේ ඉස්සරහට යනකොට වීඩියෝ ලස්සනයි. හැබැයි ඒ කටුක සීත සුලං ඇගට වදිනකොට හරි අමාරුයි. නිකං කේක් ගෙඩිය වගේ හිම උඩ ඉන්නවාට වඩා බයික් එකක වගේ යනකොට සීත වදිනකොට දැනෙනවා වැඩියි. 


3. කදුකර පාරවල්. - ඔවු ලංකාවෙත් කදු තියෙනවා තමයි. හැබැයි ලංකාවේ කදු වලට වඩා මේ ලදාක් කදු වෙනස්. මහා දූවිලි ගොඩවල් පස් ගාඩවල් ගල් ගොඩවල් වගේ ගහකොල සතා සීපාවා නැති  බ්ලෑන්ක් කදු තමයි සෙට් වෙන්නේ. සමහර ගල් සහ වැලි එකපාර බුරුස් ගාල හෝදගෙන යනවා. වැස්සක් වැස්සොත් පාරවල් යට වෙනවා වෙනස් වෙනවා. 

 

4. එක්ස්පීරියන්ස් එක - අපි කාටවත් ලංකාවෙදි මේ ලදාක් බයික් පදින කන්ඩිෂන් ආදිය ගන්න බෑ. අපිලට තියෙන ට්‍රොපිකල් මවුන්ටන් ලදාක් මවුන්ටන් වලට වඩා වෙනස්. ඉතින් මෙහෙ හොදට බයික් පැදලා පැදලා ගිය කෙනකේට වුනත් එහෙදි ටිකක් නුහුරු ගතියක් එන්න පුලුවන්. 


මෙහෙම නෙමෙ කොහොම කිව්වත් ඉතින් උණ තියෙන අය යනවා. මම මේ සදහන් කලේ මම දැක්ක ගොඩක් තැන්වල ඇත්තටම බයික් රයිඩර්ස්ලගේ මූණු සතුටින් නමෙයි තිබුනේ.. එයාල තද චැලෙන්ජ් එකකින් ආපු විදිහක් තමයි පේන්න තිබුනේ. ඉතින් මගේ අදහස ලස්සන හැමදේම අනුන් කරන හැමදේම අපිලත් කරන්න කලියෙන හිතලා බලන්න. යනෝ නම් ලෑස්ති පිට ස්ටඩි කරලා විවේක ඇතුව ගමන යන්න. 


 

Tuesday, June 2, 2026

ලේ බස්නැවුතමට ආවා

 ලේ වෙත ලගා වීම 


ගමන දුරයි වෙහෙස වැඩියි ඒ නිසා මම පාන්දරම ලේ වලට ආවා. පාන්දර කිව්වේ 4යි 30ට විතර. ඒ වෙලාවට තද සීතයි. පාන්දර 5ට විතර ලේ ලදාක් නගරයේ සීතල සෙල්සියස් 0ට විතර ඇවිත් තිබුනා.

ඒ පාන්දර ඒ හැටි සෙනගක් නෑ. ටවුමත් පාලුයි. ඉන්ටෙනෙට් එකේ තිබුන තොරතුරු වල හැටියට ශෙයාඩ් ටැක්සි තියෙ පාන්දර ඉදලා. ඒත් මම ආවා. ඇවිත් හිටියා. තිබුන වෙහිකල් එකක් නෑ. ටිකකින් ආවා සෙවන් සීටර් එකක් ඒක සයිලෝ එකක්. මයින්ද්‍රා සයිලෝ. ඒකේ ටිකට් ගාන ඇහුවා. රියදුරු කිව්ව විදිහට රියදුරු අසුනට යාබද ඉදිරිපස සීට් එක රු 4000යි. මැද සීට් එකක් රු 3500යි. අවසාන පේලියේ සීට් එකක් රු 2500යි. මම බැක් සීට් එක තෝරාගත්තා 


බැක් සීට් එක ගන්න හේතු 

කලින් දවස් දෙකේ මම නුබ්‍රා වැලි සහ පැන්ගොන් වල සවාරියක් ගියා. ඒකේ සෙට් වුන ඉන්දියන් තරුණ තරුණියෝ මාව දැම්මේ පස්සේ සීට් එකට උන් අල්ලාගත්තේ ඉස්සරහ සීට්. හැබැයි පිටිපස්ස සීත අඩුයි. පිටිපසසේ ජනේලයෙන් එන අවු රශ්මිය නිසා පිටුපස කොටස හොදට ටිකක් රත් වෙනවා. තද සීත අඩුයි. ඒනිස ාමම මේ රථයෙත් පිටුපසම ගත්තා. 


5-8 දක්වා ලගා ගැහුව හැටි..

මම සීට් එක වෙන්කරගත්තට මොකද ඉන් පස්සේ බලු බල්ලෙක් නැතිව පැයක විතර හිටියා. ඒ අතර මාව එක්කරගෙන ගියා රියදුරු තේ බාන්න තිබුන තේ කඩේකට. එතන හිටිය මහත විසාල ඇන්ටි කිරිතේ එකක් හදා දුන්නා. ඒකට මම වෙනම ගෙව්වා. ටිකකින් අතරමං වෙච්ච පෙනුම තියෙන ඉන්දියන් කාරයෙ දෙකක් ආවා. උන් දෙන්නගේ වෙනසක් තිබුනා. උන් කලිසම් අනුව නම් ට්‍රිප් ඇදුම් නෙමෙයි සාමාන්‍ය ඔෆිස් කලිසම්. ඒත් ජැකට් එහෙම සාමාන්‍ය ඒවා. පස්සේ දැනගත්ත විදිහට බුවාල ආමි එකේ වැඩකරන අය. 

ඇවිත් ඒ දෙන්නත් සීට් දෙකක් ගත්තා. ජූනියර් බුවා ගත්තා ඉස්සරහා සීට් එක පස්සේ මැද සීට් එකක් අනෙකා ගත්තා. 


වදකාර බුවා 

පොර මුලින්ම ඇවිත් කිසි කෛනක් කෙයා නොකර වාහනේ සීට් බැලුවා. බලලා රියදුරුගෙන් නම්බරුත් ඉල්ලා ගත්තා. එතකොට පාන්දර 6.30 විතර වෙලා. ඒ වෙද්දි තව වාහන ඇවිත් තිබුනා. සමහර ඒවා බුක් කරල තිවුන. තවත් ඒවා නිකං නවත්වලා තිබුනා. ඒ ලේ ටැක්සි ස්ටෑන්ඩ් සහ බස් ස්ටෑන්ඩ් දෙකම එකලග තියෙන්නේ. පාන්දරම යන දුර බස් වෙන්න ඕනි එහෙම බසුත් පටන් ගත්තා . ස්ටෑන්ඩ් එකේ කඩත් දැන් එක දෙක අරිනවා. මම කඩයක් හොය හොයා හිටියා මොයිස්චරයිසර එකක් ගන්න. 


ඉතින් බුවා එද්දිම අපේ රියදුරට හිසේ මලක් ගැහුවා වගේ එකක් තිබුනා. ඇවිත් විස්තර කරල ඉවර වුනාම අරූ තවතැන්වලට ගිහින් ගනන් අහලා මිල අහලා ටිකක් වාත වුනා. ආයෙම ඇවිත් රියදුරුගේ නම්බර් එක ඉල්ලගෙන මිනිහගේ බෑග් තියෙනවා හෝටලේක එතනට එන්න කියල ගියා. මෙන්න පැයකින් විතර පොර කොල් ගොඩක් අරගෙන අවසානේ හැඩකාර කෙට්ටු ගෑනි සහ ඌ තනියම බෑග් අරගෙන ඇවිත් තිබුනා. 


තවත් පැයක් විතර ගිහින් අටට විතර පිටත්වෙන්න හදනකොට අර වදකාර බුවා බෑග් එක උඩට පටවන්න බෑලු. මොකද ඩ්‍රයිවර් ඌ කියන තැනට ආවේ නෑ කියල කම්පෙලෙන් එකක් දැම්මා. ඒ වදකාර එකා අහන්න පුලුවන් හැම පස්නෙම අහලා.. හෙට්ටු කරල ගනන් අඩු කරන්න හදලා. පරක්කුයි කියල හැමතිස්සෙම දොස් කියල අපා වෙලාම වගේ තිබුනේ. මොක වුනත් ඉතින් ඇත්ත කියන්න එපැ. කෙට්ටුවට හිටිය උගේ ගෑනි නම් ලස්සනයි. ගෑනියි ඌයි දෙකම හැබැයි සීතට ඒ හැටි ලෑස්ති වෙල තිබුන් නෑ. නිකං සෙරප්පු දාගෙන දුහුල් අදැුම් ඇදගෙන වගේ හිටියේ .. ගෑනියි ඌයි කෝට් නම් දාල තිබුනා දැක්කා. 


ඉතින් බෑග් එක දැන් උස්සලා ඉල්ලනවා වාහනේ උඩට නැගපු රියදුරු මූ බෑ කියනවා. ටිකක් වාදේ ගියා. රියදුරු කිව්වා. ඔයා එහෙනන් ආපු තැනටම ගිහින් ඔයා හිතාගෙන හිටි විදිහටම බෑග් එක මෙව්වා කරගන්න කියලා. බුවා අතුරුදහන් වුනා වුනාමයි ඊට පස්සේ දැක්කේ නෑ. 


දෙමළ කපල් එක 

එයාල හය්ද්‍රාබාද් කපල් එකක් .කලුයි ලංකාවේ වගේ ජෝඩුවක්. පෙනුම අනුව. ඉතින් ඒ ඩබල ගෙනත් දැම්මේ වෙන වාහනේකින්. එතන වෙලා තියෙනේන් මේ වාහනේ යන්න පුලුවන් 7යි නේ. ඉතින් එයාල සෙට් වුන වාහනේට බුකින් 9ක් ඇවිත්. වැඩිදෙක ගෙනත් අපේ එකට අතෑරියා ඒ රියදුරු. දැන් ආමි දෙකයි. හයිද්‍රාබාද් දෙකයි. ලංකාවේ එකයි ඔක්කම පහයි. අපි තව ටිකක් හිටියා අර ගිය එකා ආයේ කලකිරිලා එයිද කියලා. ම්හු. ඌ ආවේ නෑ. ඇත්තටම ඒක උන්ගේ එක ගතියක්. ඕන නැති දේවල් වලටත් වාත වෙලා වාද කරලා.. හෙට්ටු කරලා. ඒත් මේ ලදාක් වගේ සමහර මිනිස්සු ඒකට වැඩිය කැමති නෑ. කොහොමහරි මිනිහගේ ඊගෝ එක නිසා මම හිතන්නේ මිනිහට ගමන මිස් වුනා. 

 

මේ ටැක්සි ඇත්තටම ඒජනසි වලින් කලින් බුක් කරන්න පුලුවන්. ඒ වගේම මම ගත්ත විදිහට ඇවිත් ස්ටෑන්ඩ් එකෙන් ගන්නත් පුලුවන්. මේ කලින් බුක් කරනකොට ඉතින් 7 දෙනානේ. එතකොට හොටල් වලට ඇවිත් පික් කරගනෙ යනවා. ඒත් ඉතින් ටැක්සි ස්ටෑන්ඩ් එකේ නවත්තලා බස් එක වගේ තියෙන ටැක්සිය එහෙම තැන තැන ගිහින් පික් කරන්න යන්නේ නෑ. ඇරත් මහ දුරකුත් නෙමෙයි. ඒත් ඒක අර ඉන්දියානු කලහාකාරයා වටහාගත්තේ එයාට අවනම්බුවක් වෙනස්ෙ කාට සැලකීමක් විදිහට. 


ගමනාරම්භය 

මම ටැක්සි ස්ටෑන්ඩ් එකට ඇත්තටම එනකොට 4.30 වගේ. මේ ලේ ලදාක් වල මැයි අවසාන කාලේ ඉර පායනවා 5ට විතර පාන්දර. ඒ නිසා ඇවිත් ටිකකින් ඉර පෑව්වා.. වාහන එක දෙක එන්න ගත්තා. කඩවල් ඇරුනා. මගේ ටැක්සි කාරයා ආවා. ඒ බුවා මට කන්න යන්න කිව්වා. දෙගමනක් ගිහින චූ කලා. ආදී වැඩකටයුතු ගොඩක් කරලා ඇතිම වෙලා ඉද්දි ඔන්න 8.30ට විතර තමයි යන්න පටන් ගත්තේ. එදා මොකක් හෝ නිසා ස්ටෑන්ඩ් එකට ඇවිත් ටැක්සි වෙන්කරගත්ත පිරිස අඩුයි. වෙන වෙන අය නම් වෙනම පුරවගෙන ආවා. එකක ලස්සන අඩු වයස වගේ ගෑනු ගොඩකුත් හිටියා. හපොයි ඒකට සෙට් වුනානම් කියලත් මට හිතුනා. 


කොහොමහරි ඉතින් අපිලා ගමන පටන් ගත්තා. මට අවසාන සීට් එක නිදාගෙන යන්න පුලුවන් විදිහට මට නිකම්ම ලැබුනා. තව මොකෙක්වත් නැතිවම. මම හිතා හිටියේ ඉතින් දෙයියන්ට වැදලා හවස පහ හය විතර වෙනකොට මනාලි වලට යයිය කියල මේ ටැක්සිය. 





 

Monday, May 18, 2026

කේ දියුනුව

 


බරක් හැඩයක් වර්ණය, වචන හැසිරවීම ආදී බාහිර ගුණ කෙරේ පමණක් විශ්වාසය තබා බර තබා ඇසුරු කලේ වී නම් ඈ මා සතු කරගන්නට බොහෝ වැඩි වාසි මා හට තිබුනි. එහෙත් මනෝමූලික වූ කිසිදා නොපවතින්නා වූ පතිවෘත්තාවක් ඇගෙන් සොයන්නට සොයාගන්නට මා වැරවෑයම් කල අතර එය වියයුතු පරිදිම නැති දෙයක් සෙවීමක් වූ සෙයින් මට සොයාගන්නට නොහැකි විය. ආදි මානවයාට ගෑනි යන යුනිට මිස එහි වූ ගතිගුණ කෙසේ වැදගත් වී දැයි මා කල්පනා කරමි. 


ඔහු මුවන් පසුපස ගොස් දෙකකුලින් අල්ලා බිම ගසා ගෙනැවිත් දෙනවිට ඈද ඉතුරු ගැන් එකද ඒ පිරිසිදු කර උයා පිහා දෙන්නට ඇති. ඈ උගුල්ලා ගත් අල වෙත්නම් එයද එක්කර අනුභව කරන්නට ඇති. දරුවන් මල්ලන් ඇත්නම් උන්ටද කුනුහරුපයෙන් අමතා නලවන්නට ඇති. එහෙත් දැන් මෙන් කාන්තාවගේ පතිවත මේකය, ඇය රැක්ක යුත්තේ මේකය, හොද ගෑනු මේමය, නරක ගෑනු මේමය, වේසියෝ මෙහෙමය කියා මිමි ගොඩක් මනසේ කරපින්නාගෙන ඒවාගෙන් ගෑනු මැනීමක් එකල තිබෙන්නට නැතිවා විය හැකිය. 


මුහුණේ වූ වටකුරු හැඩය, එහි වූ සියුම් සංඥාවන්, අද්දීපනය කරන්නාවූ බැල්ම සිනහව දෙපස වැටෙන කෙස්රොද මා අමතන සොදුරුමය  නද ඇතුලු සියලු කලාවන්ගෙන් පරිපූර්ණ ඒ නාරි රුව මා අත නැත. ඇතැම්විට යෝනිය වෙන යෝනියන් පරිද්දෙන්ම සෝදා පැය කීපයක් ගිය තැන කුණු මාලු සුවද හමනවා විය හැකිය. නොපෙනෙන පුක සහ තන් අවට කලුපැහැ පැල්ලම් තියනවා විය හැකිය. බඩ දාර බේරී කැත විය හැකිය. එහෙත් ඉතුරු ඉන්ද්‍රියන්ගෙන් ඈ වෙතට ඇලෙන්නාවූ සිත ඒ සුලු දුගන්දයන්ට අසුබ දර්ශනයන්ට වලකාලිය නොහේ. 


මනුෂ්‍යයා වශයෙන් කොතෙක් ඇදුන් ඇන්දද පිරිමි වූ නියාවෙන් අපිට බිජජක් ඇත. වනිතාවන් දුටු කල ඒවාට ආකර්ශනයක් ඇත. එහෙත් ඒ පහලවෙන  හැගීම් සිස්ටාචාරයේ ඇති අනේකවිද රූල්ස් ඇන් රෙගුලේසන් සහ ලැජ්ජා බිය විසින් සගවාලනු ලබයි. එසේම එකී ආකර්ශනීය යුවතියන්ට දක්ෂ පිරිමින් විසින් ඇති තරගය විසින් අපව පසුපසට හෙලනු ලබයි. අහෝ අපේක්ෂිත පහස නොලැබී අඩුතරමේ ඉගියකින්වත් තොරව ආසාව අපි විසින් යටපත්කරගෙන ශිස්ටාචාරයේ ඇදුම් පැලදුම් සපත්තු මේස් කොම්පියුටර් චැට් ආදිය උඩ එයි. අපි යට යයි අපේ ඇග තුල සිටින සතා යට යයි. අපේ ආසාව සිරකරගනෙ සිටින සිත තවත් කලකිරීමට ලක් වෙයි. 


මුල්ම ඇල්ම බැල්මේ සිට බාරියාව කරගැනීමට බොහෝ දුර නමුත් අප ආස්සරයට හොද ගෑනු සොයයි. හමුවන ගෑනු අපි පරිදිම වල් බව අපි ටික දවසකින් සොයාගනී. අපි සිත කලකිරවා ගනී. මේ කලකිරීමට ඉඩ නැති වීමට නම් බෞදියා මෙන් සිතට කෘතිමව වැට ගැසිය යුතු. නැතිනම් පුරාණ මානවයා මෙන් කැලේ නීතියට ඉඩ දිය යුතු. මා කෘතිමව සිය දහස්වරක් ගෑනු දුකයි..ජරාවයි කැතයි කුණු සහිතයි කියා මුමුණමින් ආගමානුකූලව න්‍යායිකව ඈ කුණුගොඩක් කිරීමට කිසිසේත්ම ආසා නැත. මා ආසා කරන්නේ ආදිකල්පික මානවයාගේ ගෑනු සබදතාවටයි. ඇතැම් විටක මා එකල සිටියා නම් අන්තප්පුරයට තේ වතුර අදින ආදී පහල නිලයක පහල තලයක සිටින්නට හැක. එහෙත් මෙකල මෙන් සමීකරණ අඩු එකල මටද චෑන්සමක් වැදීමට දැනට වඩා ඉහල හැකියාවක් පවතී. 


Wednesday, December 31, 2025

ගේමක් නොගහ ජීවත් වෙන්න බැරිද?

 


අලුත් අවුරුද්ද ලගා වෙනවා පරණ අවුරුද්ද ඉවර වෙනවා. මෙහෙම අවුරුදු මාරු වෙද්දි අපි හිතනවා අපිට ඊලග අවුරුද්දේ වත් ගේමක් ගහලා ගොඩ යන්න ක්‍රමයක් හදාගන්න ඕන කියලා. 

මොකක්ද මේ ගේම 


ගේම් එක කියල කියන්නේ මම හිතන්නේ ගොඩක් මහන්සිවෙලා අපි සාමාන්‍යයෙන් ගෙවන කම්මැලි ජීවිතයට වඩා කාලය ශ්‍රමය අපේ කැපකිරීම් වියදම් කරලා කරන විසේස වැඩක්. ඒ ගේම සේත්තරය අනුව තැන අනුව වෙනස් වෙනවා. හැබැයි ඒ අමතර කැපකිරීම කරලා තමයි අපිලට දියුනු වෙන්න ලැබෙන්නේ.. නිකං ජීවත් වුනොත් අපිට දියුනු වෙන්න සල්ලි හොයන්න පොරක් වෙන්න ලැබෙන් නෑ. 


එදිනෙදා වැඩ එදිනෙදා කලොත් 


ඉස්සර ඒ ලෙවල් පාස් ලංකාවෙන් රෑන්ක් දාන ලමයි කියන පොදු කතාවක් තිබුනා. මම එදිනෙදා වැඩ එදිනෙදා කලා. අමතර වැඩත් කලා. ගුරුවරුත් මට උදව් කලා.. ආදී වශයෙන්. එතකොට එයාල ලොකුවට ගේම ගහල නෑ කියල තමයි පේන්නේ. එයාල සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය විදිහටම ගෙවලා තමයි ් තැනට ඇවිත් තියෙන්නේ. 


ඒත් මෝටිවේසන් අප්පච්චිලා කියන විදිහට 

 

ඒලෙවල් හෝ වේවා වෙන එක්සෑම් එකක් හෝ වේවා නැත්තං කන්තෝරු වැඩ බිස්නස් හෝ වේවා. අපි ගොඩක් මහන්සි වෙලා. අමතර වෙලාව කැපකරලා අමතරව තවත් කරදර කරගෙන හිත එහෙම ගොඩක් කැපකිරීම් කරලා තමයි අපිට ජීවිතය ජයගන්න තියෙන්නේ. සරලවම අපිට අපි කරන වැඩ එදිනෙදා හරියට කරලා ඔලුවට කූල් එකේ චුට්ටක් වැඩ කරලා අපිට ගොඩ යන්න බෑ. අපි මේ අපේ වටේ ඉන්න තරගකාරීන් අබිබවා මතුවෙලා උඩට ඇවිත් අරිෂ්ඨ බිව්ව සූරපප්පා වගේ විරාජමාන වුනොත් තමයි අපිට ජීවිතය ජයගන්න ලැබෙනනේ. 


ඉතින් අවුල මොකක්ද? 


මේ කියන ගේම අමතර කැපකිරීම රෝල වගේ එක්ස්ට්‍රා කැපකිරීම කරන එක ලේසි නෑ. අපේ ලයිෆ්ස්ටයිල් එක අපේ කැමති අකමැති දේවල් අපේ කාලසටහන ආදී ගොඩක් දේවල් අපිලට මේ ගේම වෙනුවෙන් කැපකරන්න වෙනවා. ගේම ගොඩක් කල් ඇදුනොත් අපි ඒ ගේම ඇතුලේ හිරවෙනවා. ගේම ඇතුලේ ජීවත් වෙන්න වෙනවා. අපේ සාමාන්‍ය ලයිෆ්ස්ටයිල් එක ගේම විසින් අත්පත් කරගන්නවා. 


උදේට ටීවි එක බල බල පත්තර බල බල ඇට කස කස ඕපදූප හොය හොය හිටිය අපි ඒ කාලේ ගේම වෙනුවෙන් වියදම් කරනවා. ටික කාලෙකින් බැලුවම අපිට ඒ ඇට කසමින් හිටපු අතීතය අපිට නැතිවෙනවා. ආයේ ඒහෙම කූල් එකේ ඉන්න නැති වෙනවා. අවසානේ අපි ගේම ගහලා ජීවිතේ වර්දනය කරගන්න ගියාට අපිට අපිවම නැතිවෙලා වෙන මොකෙක්ද රොබෝ කෙනෙක් අපි වෙනුවට ඉතිරි වෙනවා. 


හැම එකාම එහෙමද? 

 

මම හිතන්නේ අපේ දකුණු ආසියානු රටවල ඉන්න මහා මනුස්ස ගහනය නිසා තමයි අපිට මේ හැම සරල දේකටම ෆයිට් කරන්න වෙලා තියෙන්නේ. අපිට තරගයක් නොදී සාමාන්‍ය විදිහට ජීවත් වුනොත් ගොඩක් දේවල් අපිලට ලබාගන්න වෙන්නේ නෑ. අපි අනෙකා පරයා අනෙකාට වැඩිය ගොඩක් වැඩ කරලා ගොඩක් කැප කරලා ගොඩක් එව්ව කරල ඉස්සරහට ඇවිත් තමයි අපිට දිනන්න ලැබෙන්නේ.. 


ට්‍රැවල් වලදි හම්බෙන සුදු මහත්තුරු මීට වඩා වෙනස්. එයාල කැමති තැන්වල කැමති විදිහට නැවතිලා. සමහර අය ජොබ් එකකටවත් හරියට බැදිලා නෑ.. පවුල් පන්සල් කියල බැදිලා නෑ. ආගම කියල බැදිලා නෑ.. එයාල එයාලගේ රටේ කරන රස්සාව උන්න ගමන් නවත්තලා එක්කෝ නිවාඩු දාලා එකපාර පිට වෙනවා. ඒ ගිහින් වෙන රටකට වෙලා ආතල් එකේ ඉන්නවා. ආයේම එනවා. එයාලට අපිට වගේ තරගයක් නැතුව ඇති. එයාලගේ හිතෙත් දිනන්න නම් අමතරව ගහන ගේම කියන එක නැතුව ඇති. 


ගේම මගින් ඇතිකරන බ්‍රොයිලර්ලා 


අපේ රටේ සල්ලි තියෙන මිනිස්සු  ගත්තොත් වැඩිදෙනා ලෝබයි. මොකද කුණුකමට සතෙන් සතේ රුපියල රුපියල අමාරුවෙන් පොදි ගහගෙන ඒවත් ආයේ වෙන වෙන ජාවාරම් වලට කුම්මැහි කමේ වියදම් කරපු උන් තමයි ලංකාවේ සල්ලිකාරයේ වෙන්නේ. උන් දෙයකට වියදම් කරන්න කලියෙන් හතර මායිම් හොයනවා. කොච්චර තිබුනත් හිතේ නිදහසින් එක රුපයිල් දාහක් වියදම් කරන්න  උන් බයයි. මොකද ගේම් එක ගහලා හදාගත්ත තැන නැතිකරගන්න කැමති නෑ.. ගේම් එක ඇතුලේ එයාල පුරුදු වුන කුනු පෙරේත කම් වෙනස් කරගන්න හැකියාවක් එයාලට නෑ. 


ඉතින් අලුතින් කලාවට ක්‍රීඩාවට වෙනත් ආයෝජන වලට නිර්මාණ ශීලි දෙව්ලට කියලා කරන අොයා්ජන නෑ.. හැම වෙලාවේම සතයක් වියදම් කරන්නේ රුපියල් දෙකක් හම්බ කරන්න බලාගෙන, ස්ථාවර ගේම් වලට විතරයි. අස්ථාවර කලාව පර්යේෂණ අලුත්ම බිස්නස් ආදී දේවලට වියදම් කරන්න බයයි. මොකද ගේමෙන් අපි හුරුවෙලා ඉන්නේ සතෙන් සතේ ලෙවකාලා අරගෙන ඒ විදිහටම දිගටම ජීවත් වෙන්න. 


ගේම් ගැහිල්ල දිගට ගියොත් හරිද? 


මාකට් එක මගින් උඩදාන අවශ්‍යතා වෙනුවෙන් අපි අපේ ජීවිතය සම්පූර්ණ කණපිට හරවගෙන අමතරව මහන්සි වෙන මේ සෙල්ලමෙන් අපිට සම්පූර්ණ ගැලවිමක් නෑ. ඒත් සස්සස් බව කියන බොරු මායාව පස්සේ හැමදාම මැෂින් එකක විල් එකක් වගේ ගේම් ගගහ ඉන්න එකත් ජොබ් අස්සේ හිරවෙනවාට වඩා අවුලක්.. 


සමහර අය ජොබ් එක හොද නෑ කියල දාල ගිහින් දවසට පැය 18ක් විතර ඔලුව මහන්සි කරලා සෑහෙන කාලය ශ්‍රමය වැයරකරලා කාර් එකක් ගොයක් දොරක් හදාගෙන ලෝකේට පරකාසේ දානවා අපි දින්නා මේන්න කියල. ඇත්තටම අර පරණ රස්සාවේ තනි කාමරේක කිසි දෙයක් නැතුව හැටිය අපතයා ජීවිතේ විදින්නේ නැද්ද? ස්ට්‍රෙස් පිට සෑහෙන වර්ක් ලෝඩ් එකක් ඇදලා ඔය කොරපු දේවල් වලින් දැන් ඔයාල ජයගෙනද? අනේ මන්දා ඉතින්.. ඔන්න ඔහොම තමයි ඉතින් විස්තරේ.