Thursday, September 19, 2019

දීප උයන

දීප උයන ලෙස දැන් පොලොන්නරුවේ අලුත් උයනකි. එය සාමාන්‍ය පාක් එකක් ලෙස නිමකර රුපියල් විස්සක ටිකට් එකකට පවුල් පිටින් ගොස් විවේකය ගත කල හැකි කුඹුක් සෙවන ඇති කුඩා අවකාශයකි. පැරණි දීප උයන ලෙස හදුන්වන කොටස පිහිටියේ ඒ අලුත් උයනට පසුපසින් පරාක්‍රම සමුද්‍රය දෙසට වන්නටය. ඒ පැරණි දීප උයනේ පැරණි නිර්මාණ රැසක් පිහිටා තිබේ..


නිශ්ශංකමල්ල රජතුමාගේ පැරණි රාජ සභාව ද පිහිටා ඇත්තේ මේ පැරණි දීප උයනේම හෝ ඊට ආසන්නවය. ඒ ආසන්නයේම ධවලාඝරය නමින් වූ හදුනා නොගත් ගොඩ නැගිල්ලකි. ඒ යාබද පුරාණ ජල උද්‍යානයක යැයි සැක කල හැකි මාහැගි නටඹුන් පෙලකි.

ජල උද්‍යානය

මේ ජල උද්‍යානයේ වැඩ ගොඩකි. එහි ජල ටැංකිය ලෙස හදුන්වන ලද මහ විසාල ටැංකියකි. එයින් පහල නූතන ෂවර් සහිත බාත්රූම් මෙන් බැස නාන්නට හැකි ගලින් කල සුපිරි කුටියකි. නාන ගමන් ආතල් ගන්නට දෝ ඒ නාන කුටියේ ලස්සන කැටයම්ද කර තිබේ.

මේ නාන ජලය වැටෙන්නේ පහලින් ඇති පොකුණකටය. ඒ පොකුණට ඊට යාබදින් පරාක්‍රම සමුද්‍රයෙන් ජලය ඒමට තැනූ කුඩා සෙරොව්වක්ද තිබේ. මේ සියල්ලම දැන් තියේනනේ පොලොන්නරුවේ තානායම යැයි සලකන තැනකය. එහි දැන් ආමි එකේ මොකක්දෝ ලබ්බක් ඉදිකර ඇත. මා සිතන්නේ වැව ආසන්නයේ සුද්දා කාලේ මේ නව ඉදිකිරීම් ඉදි කරන්නට ඇත. වැවාසන්න හුලං වදින කදිම තැන නිසා සුද්දෝ හෝ අපේ ඇත්තෝ නව තානායම ඉදි කලත් ඊට යාබදවම අපේ රජ දරුවන්ගේ සැප උයනක් තිබී ඇත..

මේ ස්නානාගාරය ගැන බලන විට මට සිතුනේ ජල ටැංකියෙන් බාත්රූම් කොටසට එන චැනල් එක පැරණි ඖෂද හෝ ස්පා වැනි සත්කාරයක් විය හැකිය. දැන් කාලේ වගේ නාන්ට සබන් නොතිබුන කාලේ රජ සිටුමැතිවරු සහ අන්තප්පුර කෑලි ටික වේලාවක් නා ඉන් පසු ඖෂධීය ජලය නාගෙන පසුව ඒවා මුසුවූ පොකුනට බැස සැපට නාගන්නට ඇතිය.

මේ ඇති පොකුන කොටස් කිහිපියක් සහිත විසාල එකකි. මාලිගා මණ්ඩප සහ ඒ අසලම ඇති පොකුණ මගින් රජතුමා සහ පිිරිස බොහොම කූල් එකේ කල් ගත කරන්නට ඇති බව සිතාගත හැකිය.

මට යන්නට බැරි වුන තවත් තැනක් තිබේ. එය හොදින්ම පෑදී තිබුනත්යන්නට විදියක් හිතාගන්නට බැරි නිසාත් එහි එතරම් ලල් එක්ක නොතිබේ යැයි සිතුන හෙයින්ද එය බලන්නට නොගියෙමි. එය නම් පරාක්‍රම සමුද්‍රය මැද ඇති ගිම්හාන මාලිගාවයි. එයද රජ සිටුමැතිවරුන් එකල පාවිච්චි කල මාලිගාවක් වන්නට ඇත.

වර්තමානයේ මේ ඉදිකිරීම් අසලම වාගේ කෞතුකාගාරය්ක පිහිටා තිබේ. ඒ කෞතුකාගාරය බැලිය යුතුම තැනකි.


ධවලාගාරය සහ නටඹුන් 

පරාක්‍රම සමුද්‍රයට යාබද ගොඩනැගිල්ලක් 

ජල ටැංකිය 

එදා නාන කාබරේ 

නාන්නත් දාපු කැටයම් 


පැරණි සොරොව්ව 

වටේට ලස්සනට ඉදිකල සුන්දර පොකුණ 

පොකුණ ඈතින් 

ධවලාගරය 

Sunday, September 15, 2019

නිශ්ශංක රාජ සභා මණ්ඩපය

මේ නිශ්ශංක රාජසභා මන්ඩපය තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය අයිනේ. රජතුමා වැව අයිනේ මණ්ඩපේ ගහගෙන ඒකේ ඇමති ගොල්ල රැස් කරගෙන ආතල් එකේ රාජ්‍යය පාලනය කරන්න ඇති. 
දැනට ඉතුරු වෙලා තියෙන්නේ ගල් කණු ටිකක් සහ වේදිකාවක් විතරයි. ඒ වුනාට ඒ ගල්කණු ගාව ඉන්න ඕනි කවුද කියලා පොඩියට ලියලා තියෙනවා. කොටින්ම මේ තියෙන විදියට යුවරජු ඇතුලු ඇමති මණ්ඩලය ඉන්න ඕනි කොහෙද කියලා පැහැදිලිවම මේකේ සදහන් වෙල තියෙ. 

රජතුමා වාඩිවෙලා උන්නේ මේ පිංතුරවල ඉන්න සිංහයාගේ පිට උඩද එහෙම නැතිනම් මේ සිංහයා කියන්නේ සිංහාසනයේ කෑල්ලක්ද කියලා හරියටම හොයාගෙන නැහැ. මේක බොහොම ලස්සනට කැටයම් කරලා තිබුන තැනක් වෙන්නට ඕනා. 

පරාක්‍රම සමුද්‍රය ළගින් පිහිටි නිසා මේක එක්තරා කාලයකදී වැවට හෝදගෙන යන්න හදලාත් තිබුනා. පස්සේ මේක දැන් හොදට සංරක්ෂනය කරලා තියෙනවා. වැව ගාවම නිසා හොදට හුලග එහෙම තියෙනවා. මෙතැන්ට යන්න ටිකැට් ඕනි නැහැ. ඕනි කෙනෙක්ට ගිහින් බලල එන්න පුලුවන් කම තියෙනවා. සුද්දන්ට වැඩිමිල ටිකට් තිබුනත් මම හිතන්නේ සුද්දන්ටත් මේවා බලන්න ටිකැට් එක්ක ඕනි වෙන් නැහැ.. 

මේකේ තියෙන සිංහයා ගැනත් රසවත් කතාවක් තියෙනවා. මේ තඩි සිංහයා එක්දාස් අටසිය ගනන් වලදි එක්තරා කාලයක් කොළඹ කටුගේ ට ගෙනියලා තියෙනවා.අ ායේම අවුරුදු පනහකට විතර පස්සේ සිංහයා ආයෙත් මෙතන්ට ගෙනල්ලා දාල තියෙනවා. 

නිශ්ශංකමල්ල කියන්නේ ඉන්දියවෙන් ආපු කාලිංග බුවෙක්. බුවා වැඩට වගේම නමටත ්ආසා කලා. ඒ නිසා නිශ්ශංකමල්ලයාගේ සෙල්ලිපි හැමතැනම තියෙනවා පොලොන්නරුවේ වගේම රට වටේම. නිශ්ශංකමල්ල රජතුමාගේ මාලිගයය කියලා හිතන්න පුලුවන් නටඹුන ්ටිකක් මෙතන්ට යාබදව තියෙනවා. ලොකු වපසරිය විසිරිලා තියෙන මාලිගය එදා නම ්ලස්සනට තියෙන්නට ඇති. ඒ මාලිගයේ වහල සෙට් කරලා තිබුන හෝ තට්ටු වශයෙන් තිබුනා කියලා හිතන්න අපිට පුලුවන්.මොකද මාලිගාවේ වටේ බිත්ති වල තැනින් තැන සිදුරු තියෙනවා තඩි ලී කොටන් බස්සන්න හැකි වෙන්න. 

ඒ කාලේ කීවට මේවා මහා විසාල පරණකුත් නැහැ මේවා දැනට අවරුදු අටසීයකට ඒ කියන්නේ ක්‍රි.ව 1200-1300 කාලේ කියලා තමයි ඉතිහාසයේ තියෙන්නේ. පොලොන්නරුවේ ගියොත් දීප උයනට පිටිපස්සේ පරාක්‍රම සමුදුය කිට්ටුව තමයි මේ නිශ්ශංක රාජ මාලිගාව තියෙන්නේ. 
ගල් කණු සහ රාජ සභාව 

රාජ සභාවේ පඩිපෙලේ සිංහයා සහ පරාක්‍රම සමුද්‍රය 

කොලඹ ගිහින් ආව ගල් සිංහයා 

අසල ගහ රාජසභාව සහ පරාක්‍රම සමුද්‍රය 

ගල් සිංහයා තෙද බල ඇතිව 

අද තියෙන ලිපිය 

නිශ්ශංක රාජ මාලිගයේ නටඹුන් 

රාජ මාලිගයේ සිට රාජසභා මණ්ඩපය පේන හැටි 

මාලිගේ නටඹුන් 

ලිපි කොටා ඇති ගල් කණු 

 

සිංහයා සහ කණු 



හදුනා නොගත් ගෙඩනැගිල්ල 

Friday, September 13, 2019

පොලොන්නරුව බැලීම

පොලොන්නරුව බැලීම 

ලංකාවේ නටඹුන් නම් හැම තැනම වගේ හම්බෙලා තියෙනවා. ඒ අතර පොලොන්නරුව විශේෂ තැනක් ගන්නවා.පෙලොන්නරු නටමුන් ගොඩක් තාමත් හොදට ආරක්ෂා වෙලා තියෙනවා. පොලොන්නරුවට කොළඹ ඉදන් යන්න එන්නත් ටිකක් ලේසියි. ඉතින් අපි බලමු පොාලොන්නරුව බලන විදිහ ගැන. 

කෝච්චියෙ පොලොන්නරුවට 

කෝච්චිය
කොටුවෙන් යන වෙලාව
පොලොන්නරුවට 
උදයදේවී
06.05
12.30
පුලතිසි නගරාන්තර 
15.05
19.47
මීනගයා නරාන්තර 
19.00
01.34 (පසුදා) 
රාත්‍රී තැපැල් දුම්රිය
21.30
04.30 (පසුදා) 

මේ කෝච්චි වලින් කොටුවේ ඉදන් පොලොන්නරුවට යන්න පුලුවන්කම තියෙනවා.පොලොන්නරුවෙන් 03.45 (පුලතිසි), 8.28 (උදයදේවී), 19.44 (රාත්‍රී තැපැල්), 22.28 මීනගයා කියන කෝච්චි කොටුව දිහාට එනවා. මේවායෙන් පුලතිසි අලුත් කෝච්චිය විතරයි කෙලින්ම පොලොන්නරුවට ගිහින් පොලොන්නරුවෙන් එන්නේ. ඉතුරුවා මඩකලපුවේ යනවා සහ මඩකලපුවේ ඉදලා තමයි එන්නේ. 

ඉන්දියා පොයිය 

කොළඹ ඉදන් පොලොන්නරුවට තියෙන දුර කිලෝමීටර 227ක්. ඒ වුනාට ඒ දුර යන්න අපිට පැය 6ක් විතර ගත වෙනවා. කෝච්චි තිබුනත් කෝච්චියත් අඩුම වෙලාවකින් යන අලුත්ම ඉන්ටසිටියත් පැය  5කට ආසන්න කාලයක් ගන්නවා.අපි කාන්ඩයක් දිල්ලියේ ඉදන් අග්‍රා ගිහින් තජ් මහල් දවසින් බලලා ආවා 2015 දි. ඒ වෙද්දි දිල්ලි ඉදන් අග්‍රා වලට බස් එකේ ගියත් කෝච්චියේ ගියත් උදේ 5-6ට දිල්ලියෙන් ගිහින් අග්‍රා වලට උදේ 8 වෙද්දි යන්න පුලුවන් කම තිබුනා. ඒ කියන්නෙ දිල්ලි අග්‍රා කිලෝමීඨර දෙසීය පෑ දෙකෙන් විතර යන්න 2015දිත් පුලුවන් කම ලැබුනා.. අලුතින් පාරවල් හදන්න නම් සෑහෙන වියදමක් යනවා. ඒත් තියෙන කෝච්චිපාර ටිකක් වේගෙන් යන්න හැකි වෙන්න හදාගෙන හරියට ටයිම් එකට සෙට් වෙන්න කෝච්චි දැම්ම නම් ඉතින් අපිටත් පොලොන්නරු අනුරාධපුර යෑම කියන්නේ මහ බක්කක් නෙමෙයි.

බස් වලිනුත් පොලොන්නරු යන්න පුලුවන්. බස් එක සාමාන්‍යෙයන් පැය 6-7කින් පොලොන්නරුවට ළගා වෙනවා. ඔය පලාතට යන බස් ගොඩක් තියෙනව රෑට මඩකලපු කල්මුනේ දිහාට යන හොද සැප බස් වලිනුත් ගිහින් ඕනිනම් පොලොන්නරුවෙන් බැහැ ගන්න පුලුවන් කම තියෙනවා.  

සිද්ධස්තාන බැලීම 

පොලොන්නරුවේ කෝච්චි සහ බස් නවත්වන්නේ කදුරුවෙල කියන පොලොන්නරුව නව නගරය කිට්ටුව. පරණ පූජා නගරය තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය අද්දර. කොළඹ ඉදන් බස් එකේ යනවා නම් කලින් පුජා භූමිය අහු වෙනවා. කෝච්චියේ ගියොත් පොලොන්නරුවෙන් බැහැලා ආයේම ස්ලෝ බස් එකක පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය දිහාට එන්න තමයි තියෙන්නේ. මම පොලොන්නරුවේ ගියේ මීනගයා සීඝ්‍රගාමී දුම්රියේ.

කොටුවෙන් බුකින් ඇහුවම අද රෑට තියෙනවා කිව්වා. මම හිතුවේ රෑ 9.30 එක කියලා.ඒත් තිබුනේ රෑ 7 ඉන්ටසිටි එක. 9.30ට බුකින් නැහැය කියල කිව්වා. ඒ ගමන මම රු 700ක් දීල ටිකට් ගත්තා.ටිකට් ගද්දි මඩකලපුවටම ටිකට් එක වදිනවා. මං ගිය කෝච්චිය පොලොන්නරුවට යද්දි පාන්දර 2 විතර වුනා. ආයෙම බැටිකලෝ දිහා ගිහින් එන්නත් හිතුනා. ඒත් ඉතින් ආවේ නටඹුන් බලන්න නේ. ඒ නිසා බලන්න ඕනි කියලා පොලොන්නරුවේම ඉදියා. 

පාන්දරම කඩවල් වහලා බස් නැවතුම ගාව විතරක් කඩවල් ඇරලා තිබුනා. ඒ කඩේකට ගොඩ වෙලා තේ වතුර හෙම බිව්වා. බීල ටිකක් ඉදලා පොලොන්නරුවට යන්න බස් එකක් ගන්න හිතුවා. පාන්දර බස් නැහැ. එන බසුත් නවත්වන්න බැහැය කිව්වා. ඒ පාර ඉතින් බස් 4-5කටම අතදාලා යන්තම් ඔන්න එකක නැග්ගා. ඒ නැග්ගට මොකද ඒකත් පොලොන්නරුව කියලා මාව ගෙනහින් බැස්සුවේ ඉස්පිරිතාල හරියේ. තව දුරයි. 

පුරාවස්තු ගාවට පාන්දරම 

පාන්දරම ඇහැරිලා පුරාවස්තු බලන්න යන්න තියෙන පිවිසුම ගාවට යන්න පටන් ගත්තා. පොලොන්නරු ඉස්පිරිතාලේ හරියෙන් හෝ පොල හන්දියෙන් බැස්සුව නිසා එතන ඉදන් පයින් යන්න ඕනි. එහොම යද්දි ඔන්න හංදියක් සෙට් වුනා. හංදිය ගාවදි ස්කූටි අයියෙක් නවත්තලා බැලුවා මං දිහා. අනේ ඒ බුවා රැවටිලා මම වෙන කෙනක්ය කියලා. ඒ ගමන මම ඇහුවා පරාක්‍රම සමුද්‍රය හරියට යනවාද කියලා. මම පුරාවස්තු බලන්න ඕනිය කියලාත් කිව්වා. ඒ පාර එතන්ට ගෙනල්ලා දැම්මා. ඇත්තටම පාන්දර හෝටලයක් බුක් කරගෙන නිදාගත්ත නම් හරි. ඒත් උදෙන්ම පුරාවස්තු බලන්න ඕනි අමුතු අමාරුවක් මට තිබුනා. කෝච්චි ස්ටේශන් එකේ කාබර තිබුනා. එකක් එක්දාස් දෙසියක් ද කොහෙද කිව්වා. පැය දෙකට මොන කාබරද කියලා එ වැඩෙත් අතෑරල දැම්මා. 

පරාක්‍රම සමුද්‍රය ගාව නිදාගැනීම 

පරාක්‍රම සමුද්‍රය ගාව තියෙනවා බයිසික්ල එහෙම රෙන්ට් කරන තැනක්. මම එතන්ට හිමිහිට ඇවිදන් ආවා. අර දීප උයන් එහෙම පහු කරගෙන. ඒ ඇවිල්ලා එතන බලද්දි බල්ලෙක් වත් නැහැ. එතකොටත් පාන්දර තුනහමාර හතර විතර ඇති වෙලාව. කරන්න දේකුත් නැහැ. පුරාවස්තු ටික අරිනකොට පාන්දරත් වෙයි නෙ. ඒ නිසා පරාක්‍රම සමුද්‍රය ගාව තියෙන පරණ ආදි කාලේ බැම්මක් උඩින් ඇල වුනා. අනේ සෝක් හුලං පාර. බස් වාහන යන සද්ද නිසා නින්ද නම් ගියේ නැහැ. ඒත් හොදට සනීපෙට උන්නා. ඒ එතනින් එහ පැත්තේ අලි වැට. අලි වැටෙන් එහා පරාක්‍රම සමුද්‍රය. 

එදා නිදාගත්තට මොකද පස්සේ පුරාවස්තු බලන්න ගියාම තමයි දැනගත්තේ ඒ කලින්දා රෑ ඔය ලගපාතින්ම වැට කඩාගෙන අලි ඇවිල්ල තිබුනා. අලි ඇවිල්ලා තියෙනවා ස්කෝල ලමයි වගයක් දැකල තිබුනා.හොද වෙලාවට මම නිදාගත්ත බැමි කෑලි තිබුන හරියට නම් අලි ඇවිල්ල තිබුන් නැහැ. 

නිශ්ශංක රාජ සබාව දිප උයන 

උදෙන්ම නැගිටලා වටපිට ටිකක් ඇවිදිනකොට පාරක් පෙනුනා. ඒ ගමන ඒකේ ඇවිදන් යද්දි නිශ්ශංක රාජ සභාව තිබුනා. ඒ හරිය ටිකක් බැලුවා. බලලා උදේ හත හමාරට විතර නටඹුන් බලන්න ගියා. නටඹුන් ගැන විස්තර මම පස්සේ හිමිහිට හිමිහිට පිංතුර එක්ක දාන්නයි ඉන්නේ. ඉතින් නටඹුන් ටික මුලින්ම පරාක්‍රම රාජ මාලිගෙන් පටන් අරගෙන අවසානේට පරාක්‍රමබාහු රජතුමා පැපොල් කන එක දක්වා බැලුවා. මුල් ටික ඒ කිව්වේ පුරාවිද්‍යා උයන ඇතුලේ ටික මම පැයහතරකින් විතර බලලා පොටෝ ගහල ඉවර වුනා. 

පාන්දර ගිය නිසා වුන වාසි 

පාන්දර ගිය නිසා කවුරුවත් නැහැ වැඩිය.පොටෝ වල ක්‍රොස් වෙන්න බුවාල නැහැ. වීඩියෝ එකට හොම්බ දාන්න ගෑනු නැහැ. හරිම ලස්සනට බැලුවා. ඒ වගේම සෙරප්පු ගලවලා යන්න තියෙන තැන් වලටත් උදෙන්ම ගියාම කිසිම අවුල්ක නැතුව යන්න පුලුවන් කම ලැබුනා. දවල් වෙලා එහෙම සෑ මලු, පිළිම ගෙවල් වලට යන්න උන්න නම් කකුල් එපා කියලා තමයි ඒ තැන් වලට යන්න වෙන්නේ. කොටින්ම පොලොන්නරුව බලන්න ආපු සුද්දෝ එන්නෙත් ටික්ක පරක්කු වෙලා මේ තැනට..ඒ නිසා උදෙන් ගිය එකෙ ලොකු චාන්ස් එකක් තිබුනා. ඒ වගේම නටඹුන් බලලා අහක් වෙල නාලත් ඔක්කොම කරලා මට හවස එකහමාර දෙක වෙද්දි කොළඹට එන්න පිටත්වෙන්න පුලුවන්කම ලැබුනා. 

පැරකුම් පිළිමය සහ නෑම 

මම නටඹුන් බලන්න ගියේ බයිසිකල් එක්ක අරගෙන. බයිසිකල් එක දවසටම රුපියල් තුන්සියයි. ඒ ගාන්ට හරි ලාබයි. පොලොන්නරුවේ කරවෙන අව්වේ බයිසිකල් පැදීම ටිකක් අමාරුයි. ඇරත් පූජාභූමියේ හැමතැනම අලුත් ගල් අල්ලලා ඒ ගඩොල් වගේ ගල් උඩින් බයිසිකල් එක පැදෙනවා හොරයි. හොද පාරක් තිබුන නම් සං සං ගාල බයිසිකල් එක විදිනවා. නටඹුන් සෙට් එක දොලහට විතර බලලා ඉවර වුනා. ඊලගට පරාක්‍රම සමුද්‍රය දිහාට යන්න තමයි තියෙන්නේ. පරාක්‍රම සමුද්‍රය කොනක පරාක්‍රමබාහු රජතුමා පැපොල් කෑල්ලක් අතේ තියන් ඉන්න පිළිමය තියේ. ඒ පිළිමය බලලා එද්දි සෙට් එක්ක නානවා හෝ ගාලා. ඒ පාර මාත් නාන්න සෙට් වුනා. 

සරම නැතුව නෑම 

සරමක් නැතුව කලිසම් තමයි මම අරං ගියේ. නාන කලිසමකුත් තිබුනා ඩිංගක් හිරයි. හිර වැඩි කමට තෙමුනාම ජුන්ඩත් පේන්න ගන්නවා. ඔයින් මෙයින් මම දැන් නාන්න ගියාට සරම නැහැ නේ. ඒ ගමන සරමක් ඉල්ල ගත්තා ආපෙු සෙට් එකෙන් සරම අරගෙන නාන කලිසම මාරු කරගෙන නෑවා. 

ඇත්තටම පොලොන්නරුව මේ දවස්වල ගිරිස්මයි. පරාක්‍රම සමුද්‍රෙය්ත් වතුර බොහොම අඩුයි. ඉතින් ඒ නාල කියල අහක් වෙලා ආයේ බයිසිකල රෙන්ට ්කරන තැනට ඇවිල්ලා බයිසිකල් එකත් බාරදීලා මම එතනින්ම බස් එකක නැගලා ආවා. දීප උයන කියලඅ ලුත් එක්ක හදලා තියේ. පරණ දිප උයන ගාවින්ම. ඒකට ගිහින් කෑම කෑවා. කෑම පාර්සල් එකක් එලියෙන් අරගෙන ගියේ. උදේ 6ට විතර පටන් ගත් වැඩේ හවස 1.30 වෙද්දි ඉවර වුනා. ලගපාත තිබුන නටඹුන් හැම එකක්ම වගේ බැලුවා. බයිසිකල් එකෙන් ගිය නිසා ටිකක් මහන්සි. ඒත් ඉතින් එද්දිත් බස් වල සීට් තිබුනා. 

දවසකින් හොද ෆන් එකක් අරගෙන නටඹුන් ඔක්කොමත් බලාල ආවා. ඉරිදා දවසක හවස කියලා බස් වල ලොකු සෙනගක් උන් නැහැ සාමාන්‍ය විදියම තමයි. 
පබළු වෙහෙර 

අංක2 ශිව දේවාලය

මොකද්ද කියල මතක නැති නටඹුමක්

රන්කොත් වෙහෙර 

බිමටාපු දඩුලේනෙක් 

ලංකාතිලකේ කැටයම් 

නිශ්ශංක සෙල් ලිපියේ කැටයම්