Wednesday, December 25, 2019

ඒ පාර නල්ලතන්නියෙන්ම නැග්ග

නල්ලතන්නියෙන් නැග්ග හැටි

නල්ලතන්නියෙන් අවාරේ බැහැලා වැඩි දවසක් නැහැ. ආයෙම නල්ලතන්නියෙන් නැග්ගා. ඒත් මේ පාර බැස්සේ නම් වෙනමම පාරක. මේ පාර මුක්කුවත්ත පාරෙන් බැහැලා ටික දුරක් ගිහින් මුක්කුවත්ත පාරේ සීත ගගුල දිගේ පහලටපහලට බැහැලා මරේ වත්තේ ෆිෂින් හට්ස් වලින් ට්‍රේල් එක ඉවර කලා.

කොළඹ සිට

කොළඹ ඉදන් සිරිපාද කරුණා කරන්න කෝච්චිය ලේසියි. ඒත් කෝච්චිය මාර වෙලාවක් යනවා හැටන් වලට යන්න.ඒ ගියත් එතන ඉදන් ආයේම හැටන් ඉදන් නල්ලතන්නියට පැයක විතර ගමනක් බස් එකේ යන්නත් එපැයි.  ඒ නිසා අපි කොළඹ ඉදන් යන්න බස් එක තෝරාගත්තා. කොළඹ පිටකොටුවේ ඉදන් මස්කෙළියට බස් එකක් තියෙනවා රෑ 11ට. ඒකේ ටිකැට් වෙන් කරගන්නත් පුලුවන්. දැන් ඔන්ලයින්ම ටිකට් වෙන් කරගන්න හැකි නිසා හරිම ලේසියි. මේ බස් එක මස්කෙළිය කිව්වට සිරිපාද පාරේ මාවුස්සාකැලේ හංදියට යනකල් යනවා. එතැනින් පස්ස් තියෙන කිලෝමීටර 7-8ක දුර හැටන් වලින් එන නල්ලතන්නි බස් එකක සෝක් එකට යන්න පුලුවන්. බස් එකේ ගමනට සම්පූර්ණයෙන්ම ගත වුනේ පැය 4ක්වගේ අඩු කාලයක්. බස් එක ගියා නෙමෙයි විද්දා. සීසන් එක නිසාද මන්දා බස් එක සම්පූර්ණයෙන්ම බුක් වෙලයි තිබුනේ. බුකින් බස් කියන සංකල්පයම මැක්සිමම් එකක්. ඇත්තටම කොළඹ මස්කෙළිය දුරට බස් ගාස්තුව රුපියල් 300ක් තමයි පිටකොටුව ලංගම බස් නැවතුමින් බුක් කරද්දි වියදම් වෙන්ේන. තව රු 35ක් එකතු වෙනවා බස් එක ඔන්ලයින් බුක් කරගන්නවා නම්.

මෙ බස් ඔය හැටන් දක්වා යද්දි එක තැනක ආප්ප කඩේක නවත්වනවා. සාමාන්‍යයෙන් බස් වල යද්දි නවත්වන කඩ අජපල්. ඒත් මේ කඩේ සුපිරි.ි මූලික වශයෙන් ආප්ප සහ ප්ලේන්ටි තියෙන්නේ. ආප්පත් උණුවට තියෙනවා. බිත්තර ආප්ප සහ රොටි එහෙමත් තියෙනවා. ඉතින් අපිත් එතනින් බිත්තර ආප්පයක් ප්ලේන් ආප්පයක් කාල ප්ලේන්ටියක් බීලා බස් එකට ගොඩ වුනා.

පාන්දර තුනට තුනහමාරට විතර අපිව මාවුස්සාකැලේ හංදියෙන් බැස්සුවා. නල්ලතන්නියට යන බස් එක ඊට විනාඩි දෙකකට විතර පස්සේ ආවා. ඒත් මාර විදිහට ඒ බස් එකේ සෙනග. අපි අමාරුවෙන් අපේ කදන් කෑලි ටික ඇතුලට දාගත්තා. වැඩි දුරක් නැහැෙනේ..

පටන් ගැන්ම

හැමදාම වගේ සිරිපාදෙ යන පාර ගාවම තියෙන කඩේට මුදල් ටිකක් පූජ කරල බඩට මොනාහරි දාගත්තා. එතැන රයිස් කොත්තු එහෙම රස නැතත් පිලිවෙල තැන නිසා කට්ටිය යනවා. අපි උදේම ප්ලේන්ටි බීලා මුත්තල සෙට් එක වගේ ගමන පටන් ගත්තා. එදා සිකුරාදා සැන්දෑවක්. හිතපු තරම් සෙනගක් හිටියේ නැහැ.

ඉස්සර වගේ නෙමෙයි ඉතින් අපිත් දැන් ටික ටික නාකි වෙනවා. සිරිපාද සුද්ද කරන්න ගියපු සමහර වතාවන්වල වගේ වේගෙන් යන්න බැරි වුනා. අපිට සම්පූර්ණ සිරිපා ගමනට පැය හතරක් හතර හමාරක් විතර ගියා. ඒ යන ගමන් අපේ නඩේත් ලංකාවේ අනෙක් නඩ වාගෙම ශූටින් වලට හෙවත් ෆේස්බුක් දාන්න පොටෝ ගහන්න වීඩියෝ කරන්නත් තැන් තැන් වල නැවතුනා. අපි ගිය දවස බොහොම පැහැදිලි කාලගුණ්‍යක් තිබුනේ. ඉතින් ඒ නිසා බොහොම ඈතට ලස්සනට භූමි දර්ශන පේනවා. ඒ සිරිපාදේ නගිනකොට තියෙන භූමි දර්ශන වල නම් වටිනාකම කියලා නිම කරන්න අමාරුයි.

දැන් ඉස්සර වගේ නැහැ. මිනිස්සු හොද වෙලා හෝ මිනිස්සු හොද කරලා. දැන් සිරිපාද මග දෙපස කුනු වැඩිය නැහැ. මිනිස්සු අඩු වශයෙන් තමුන්ගේ කුණු කුනු බාල්දිවලට හරි දානවා. දැන් ඉස්සරට වඩා පාර දෙපස වුනත් ලස්සනයි. මේ විදිහට හොදට තියාගන්න හැකි නම් ඉතින් අපි කාට කාටත් හොදයි නේද?

උඩ මලුවට ගිහාම අපි සෙට් එක ගිහිපු වතාවන් ගානට ඝාන්ටාව ගැහුව නම් ඝාන්ටාව සියක් වතාවක් විතර ගහන්න වනෙවා. ඒ නිසා ගියපු වතාවන් ගාන තුනෙන් හතරෙන් බෙදලා ඔන්න ඔහේ තුන් හතර ගමනක් ඝාන්ටාව හොල්ලලා දැම්මා. දැන් ඉස්සර වග් වත් පතුල පෙන්වන් නැහැ තනිකර රෙද්දකින් වහල රෙද්ද තමයි අපිට බලන්න තියෙන්නේ. සමහර අය අහල තිබුනා කෝ ඉතින් ඕ පතුල නැහැ නේ ඒම එකක් කියලා.

සිරිපාදේ කියන්නේ විශ්වාසයක්. ය්ම දිනක ඉතින් ගල උඩ පය තිබ්බාම එතැන ගල දියවෙලා වැක්කරෙිලා මැටි වල අඩිය තිබ්බා වගේ අඩිය තියෙන්න නැතුව ඇති. ඒත් මිනිස්සු සියවස් ගානක් තිස්සේ එතැන බුදුන්ගේ සිරිපතුල තියෙනවා කියලා විස්වාස කරනවා. ඒ විස්වාසයතමයි මූලික වෙන්නේ. එතැන ගල උඩ මොකක් තියෙනවාද? ගල යට මොකක් තියෙනවදා? ගල වහල තියෙන්නේ මොකෝ වගේ පස්න නියම බැතිමතුන්ට වැදගත් නැහැය කියලා තමයි මට හිතෙන්නේ.


ඈතින් පේන මාවුස්සාකැලේ


ඝාන්ටාරය

සිරිපතුල

රත්නපුර පාරෙන් බහින්න හදන ගමන්

නල්ලතන්නියෙ කඩේ.

මකර තොරණ ගාව

අතරමද කොන්ක්‍රිට් නිර්මාණ

පාන්දරම සිරිපාදේ

ඈතින් පේන සුන්දර දිය ඇල්ලක්

බැතිමතුන් කරුණා කරමින්.

දොලොස් මහේ පහණ

සිරිපාදේ ඝන්ටා නාදයට ආතල් එකක් ගිය බහිරවයෙක්.

රත්නපුර පාරේ දර්ශණය 


පහල තියෙන වීඩියෝවේත් ලක්ශණ දර්ශණ තියෙනවා.

Wednesday, December 11, 2019

අවාරේ මළුවට

සිරිපා

බැද්ද ඇවිත් පඩි උඩට

ඈතින පේන කදු

අවාරෙට පිපුනු පඩි උඩ මල්

වලාකුලු මැදින්මාවුස්සාකැලේ

ඉපැරණි යකඩ ඉනිමගක්

අවාරෙට වැවුන මල්

වහපු ගේට්ටුවේ පඩුරු ගැටගහල තිබුනා.

හැටන් පාරේ බහිනොකට

සැට් එක
අපි කුරුවිට පාරෙන් අවාරේ ගිය නිසා ගමන ටිකක් අමාරු වුනා. මගදිගට කඩයක් මනුස්සයෙක් නැහැ. අපිම විතරයි. ඒ වගේම අපේ ගමන සැලසුම් කරපු විදිහේ පොඩි පොඩි වැරදි තිබුනා. බහින්නම පැය 12ක් යන ගමන අපේ උදවිය සැලසුම් කරන් තිබුනේ පැය 8කින් නගින්න. කලින් දවසේ හවස පැය හතරක් ගියා. ඊලග දවසේ කුරුවිට පාරේ සීත ගගුලෙන් උදේ අටට පටන් අරන් දවල් 12 වෙද්දි උඩට නගින්න හැකිය කියලා අපේ අය හිතාන උීන්නා..ඒ්ත ඇත්තටම නගින කොට තුන විතර වෙල හවස.

මහ ගිරි දඹ හරියට යනකොට හරිම මහන්සි. ගෙනගිය පාං, රට ඉදි, චොකලට්, බිස්කට් ආදී කෑම ජාති කෑවා.වතුරත් ඇතිපදන් තිබුනා වැසි කාලේ නිසා. ඒත් කකුල් කඩුත්තුව නම් අඩු වුනේ නැහැ. මහත යාලුවාට මදක් අමාරුත් වුනා. 

අවාරේ සිරි 

අවාරෙට වහිනවා අම්බානක. අපිටත් වැස්ස පලවෙනි දවසේ සැට් වුනා. දෙවනි දවසේ වැස්සේ නැැහ. ඒ වගේම නිස්කලංක ගමන. ඒත් අවාරෙට යන කොට සබ්බ සකලමනාව හැමදේම උපි උස්සන් යන්න වෙනෝ..මොකෝ කිසිම දෙයක් ගන්නකඩයක් කඩපිලක් මොකුත්නැහැ. අපි යනකොට කඩ ආදිය හදනවා. ඒ කඩ හදන උනුත් පට්ට කට්ටක් කන්නේ. ලී දඩු කම්බි ආදිය පහල ඉදන් උඩට ගෙනියන්න ඕනි. ඒ කන කට්ටේ හැටියට ඉතින් තේ වතුර එකක් රුපියල් පනහක් විතර වෙන එක ගැන එච්චරම පුදුම වෙන්න දෙයකුත් නැහැ. 

මහ ගිි දඹ
මහගිරිදඹ හරියේ හොදට බැද්ද වැවිලා.පඩිපෙල් දෙකෙන් එකක් සම්පූර්ණයෙන්ම බැද්දෙන් වැහිල. ඉතිරි එකෙත් බැද්ද සැරට. සමහර විට අපි ගිහින් ආවට පස්සේ ඒවා හමුදාවෙන් පිරසිිදු කරන්නට ඇති. මේ බැද්ද එක්ක තියෙන පාර ඇත්තටම ලස්සනයි. මල් සහ ගස් පඩිපේලියට නැමිලා. ගතියට තිබුනා. අවට තිබුන කදු වල මීදුම බානවා ගිනි දවලුත් බලන්න ලස්සනයි. 

උඩ 
උඩට යද්දි කලින් කිව්වා වගේ තුන වෙලා. උදේ 8ට පටංගත් ගමන උඩට යද්දි හවස තුනයි. ඒ වෙද්දි හැටන් වලින්නුත් නඩයක් ඇවිල්ලා තිබුනා. ඒ හෙට්ටිපොල කට්ටියක්. ඒ ගොල්ලා ස්වාමින් වහන්සේ නමකුත් එක්ක වැඩලා තිබුනේ. ඒත් එතැන හිටිය එක තලතුනා මිනිහෙක් සිද්ධස්ථානයක් කියලා හිතන් නැතුව දෙපිට කැපෙන කුනුහබ්බකිව්වා. අපිත් කුනුහබ්බ කියනවා. ඒත් ඔය වගේ තැනකට ගියාම කුනුහබ්බ දන්නවාය කියල පේන්න තව යොුවන් තරුණ වයසේ කට්ටිය සහ ස්වාමින් වහන්සේ නමක් ඉද්දි දෙපිට කැපෙන කුනුහබ්බ කියන එක මම නම් අනුමත කරන් නැහැ. 

අවාරේ ගියානම් මලුවට යන්න වෙන් නැහැ. ඒක සරුවලෝක සත්‍යයක්. ආයේ ගේට්ටුවඋඩින් පැනලා යන වගේ වැඩ කරන්න හොද නැහැ . මොකද ඒක පූජනීය ස්ථානයක්. ඇරත් වදේශිකයින් හෙම ඇවිල්ලා තිබුනොත් ගේ්ට්ටුව වහල තියෙන එකේවත් තේරුම දන්නැති අමු සක්කිලි ගානට අපි වැටෙනවා. කොහොම වුනත් අවාරේ ගියාට මම එච්චරම අවාර ගමනටත් කැමති කෙනෙක් නෙමෙයි. මොකද ඒ නිසි කාලේ ගියාම ලේසියි පහසුයි. ඒ වගේම අවධානමත් අඩුයි. 

බැස්ම 
මෙ ්පාර හැටන් පාර පලල් කරනවා. පඩි වල පලල වගේම උසත් අඩු කරනවා. නේවි එකේ කොල්ලෝ එකතු වෙලා තමයි ඒ වා කරන්නේ. එකකිලෝ තිහක් උඩට යන්න රුපියල් දෙතුන්දාහ්ක ගන්නවා වෙන මිනිස්සු. ඒත් නේවි කොල්ලෝ දවසට ඒ වගේ ගල් සිමෙන්ති, වැලි ආදිය ලෝඩ් දෙකක් ඒ අදාල තැන් වලට ගෙනියනවා. උඩ පදිංචි වෙල ඉන්න ඒ උදවිය හාල් මිටියේ පොල් ගෙඩියේ ඉදලා පහල ඉදන් උහන් බදන් එන්න ඕනි. ෆෝසස් බුවාල හින්දම හොදයි. නැත්තං ඔය වගේ හොද සැර කටු කන්න වෙන තැනකට දවසක වැඩ කරන්නම රුපියල් ලක්ස ගානක් වියදම් වෙනවා.ඕ සිද්ධස්තාන වලට වන්දනා කාලෙකට හම්බෙන රුපියල් මිලියන ගානක මුදල් වලට මොකද වෙන්නේ? ඒවා අපිකතා නොකර ඉමු නේද? අඩුගානේ වැඩකරන ආමි කොල්ලන්ට තේ වතුර ටිකක් වත් දෙන්න වත් පංසලෙන් ඒ සල්ලි වියදම් කරනවා කියලා මම නම් හිතන් නැහැ. 

පහල ඒම 

වෙනදා නම් එකොට නාගෙන එන්නේ.එ ්ත් අපි බහින කොට රෑ හතත් පහු වෙලා. ඒ නිසා නාන වැඩේ නැවැත්තුවා. බහිනකොට ත්‍රිවිලර් බුවාල එනවා අපිට පිහිට වෙන්න.ඒ වගේම අපේ ඇහැට බඹරා ඇන්න යාලුවාව පොලිසියේ මහත්තයෙක් අතගගා චෙක් කලා. පොලිසියෙන් හිතන්න ඇති ගංජා ගහලා ඉදිමිලාය කියලා. චෙක් කරන්න ඕනි තමයි ඒත් එහෙම පැනලා අත පත ගාපු සවුත්තු විදිහ නම් කැතයි. මිනිස්සුන්ට ගරුත්වය දීලා වැඩ කරන්න අපේ පොලිසිය මේ වගේ තැන්වලදි වත් ඉගෙන ගන්න ඕනි. 

ආවාම අපිට පොලිසියේම වෙන හොද මාමා කෙනෙක් වෑන් එක්ක සෙට් කරල දුනාන. තවත් නඩයක් සෙට් වුනා. ඒ කට්ටිය බාරයක් ඔප්පු කරන්න ගිහින්. ඒ නඩේ ගෑනු දෙන්නෙකුත් උන්නා. ඒ උධවිය පාන්දරම තමයි ඇවිල්ල තියෙන්නේ. මට නම් තේරෙන් නැහැ පාන්දරම ආව නම් රෑ 7-8 වෙනකල් මුන් මොකෑ කලේ කියලා. මොකද මේ ගමන කොහොම ගියත් පැය 8කින්විතර හමාර කරන්න පුලුවන් මට නම්. 

ගෑනුත් අරගෙන අවාරේ. ඒ මදිවට උන් ත්‍රිවිලර් එකකට රුපියල් දෙතුන් දාහක් දෙන්නත් ඇඹරෙන සෙට් එකක්. ඒ අය උදේ එද්දිත් ත්‍රිවිල් නැතුව බස් එකේ ඇවිල්ල තිබුනේ.. අනේ මන්දා මිනිස්සුට බැරි අමාරුකන් තියෙනවා තමයි..ඒත් ඉතින් මේ වගේ ගමනක් එද්දි ඝෑනුත් එනෝ නම් මීට වඩා ටික්ක වියදම් කරන්න හැකි මට්ටමකින් එනවා නම් වටිනවා. ත්‍රිවිල් කාරයෝ වෑන් කාරයො කරන්නෙත් බිස්නස් එකක් නේ. ඒ උදවිය කිලෝමීටර පාලහක් විස්සක් නල්ලතන්නි සිට හැටන් ගමනට රුපියල් දෙදාස් පන්සියක් ගන්න එක මහා වික්‍රමයක් නෙමෙයි. මම හිතන්නේ කොයි පලාතෙත් ඒක තමයි ගාන. 

අපිට සෙට් වුන වෑන් කාරයා නිසා අපි එක ටීම් එකකට රුපියල් 1750/= ගානේ වෑන් එකටම රුපියල් 3500කට හැටන් එන්න ලැබුනා. හැටන ඇවිත් වාත වෙලා පැය දෙක්ක විතර ඉදලා කාල අහක්ෙ වලා අපි නයිට් මේල් එකේ නැග්ගා. නයිට්මේල මේ අවාරේය කියල නැහැ එදා ඉරිදා දවසක් වුන හින්දා හොදටම පිරිලා. ඇතුලේ ජැක් ගහන්නත් හැකි මට්ටමට මුලින් පිරිලා තිබුනා. මිනිස්සු නිදාගෙන. ආමරුවෙන් ඉතින් කොළඹ එනකල් ආවා. අපේ ප්ලෑනින් වල තියෙන හොද කම නිසා අපිට සදුදා දවසේ වැඩ ටයන්න යන්නත් බැරිවුනා. 

සිරිපාද ගමනක් යනවා නම් ඉන්න තූත්තුකුඩියකින් රෑ එන එක තමයි හොදම. එතකොට එලිවෙලා හෝ රෑ වෙලාම නගිනන් පටන් ගන්න පුලුවන්. හොද භූමි දර්ශන එනකොට උඩ හෝ ගමනේ මැද තමයි එතකොට ඉන්නේ. ඉතින් අවාරේ ගමනේදි අපිට බඹර වද හම්බුනා ඒ වගේම අවස්තා දෙකකදි හැටන් පාරේ වල් ඌරො හම්බුනා. අපරාදෙ කියන්න බැහැ හොදට ලොකුවට හැදුන වල් ඌරෝ. උන්ට අතුරු ආන්තරාවක් වෙන් නැතුව ඇති මොකෝ පූජාභූමිය නිසා මිනිස්සු වැරදි විදිහට ඌරන්ව දකින් නැතුව ඇති. 

Sunday, December 8, 2019

සීථ ගගුලේ සිට මකර තොරණ පසුකර



අපි උදේම නැගිටින්න හිතාගෙන ිහටියත් හීතල සහ රෑට නින්ද නොයාම නිසා නැගිටලා ලැහැස්ති වෙල ගමනට පටන් ගද්දි අටත් පහු වෙලා. වැහි දවස්, ශීත ගගුල කිට්ටුව, අම්බලම, බිම නිදාගැනීම ආදී හේතු ගොඩක් නිසා සීථල තදටම දැනෙන් ගත්තා. ඒ එක්ක නින්ද යනවා හොරයි. ගිහින් විඩින් විඩ ගිනිමැලය අවුලලා ආවත් නින්ද ටිකක් එනවා අඩුයි. ගිහින් ඇල වුනාම නින්ද යන් නැහැ. 

උදේ කෑම 
උදේ නැගිටලා තේ වතුර කිරි තේ ආදිය හදාගත්තා. ඒ වතුර උණුකල භාජනයටම අපි මැගි නූඩ්ල්ස් හදාගත්තා. කලින් දවසේ හරිශ්චන්දර නූඩ්ල්ස් තරම් රස නැති වුනත් මේ නූඩ්ල්ස් ටික වෙලාවෙ ්හැටියට කෑවා. ඊට අමතරව පානුත් කෑවා. පාන් වල ජෑම් ගාගත්තා. පාන් ගෙනියලා තිබුනාට පාන් ඉතුරුත් වුනා. මෙ ්වගේ ගමන් වලදි කෑම කොහොමත් ඉතිරි වෙනවා. හැමෝම බිස්කට් චොකලට් අග්ගලා ආදියත් අරගෙන ඇවිල්ලා තිබුනා. සිරිපාදේ නගිද්දි ඉස්සර කට්ටිය අග්ගල අරන් තමයි ගියාය කියන්නේ අග්ගලා වලට සීතල නැතිවෙල ගමන් විඩාව නැතිවෙනවා කියලා මතයක් තිබිලා තියෙනවා. 

ඒ කාලේ 

ඉස්සර ගමන දැනට ඉතින් පාරවල් හැදිලා ලයිට් තිබුනාට ඒ කාලේ මේ ගමන් බිමන් කටුකයි. මං හිතන විදිහට ඒ කාලේ දැන් වගේ එක දිගට පනකඩාගෙන සිරිපාදේ නගින ස්ටයිල් එකක් තිබුනේ නැහැ. තියෙන්න ඇත්තේ මග නැවතිලා විවේක අරගෙන කාල බීල එහෙම හිමිහිට සිරිපා නගින විදියක්. දැනට අපි නේපාල් එහෙම ගියත් එහේ කදු නැගිලි තියෙන්නෙත් ඒ විදිහට. දවසට පැය 6ක් විතර ඇවිදිනවා. ඉන් පස්සේ තැනකට වෙලා විවේක ගන්නවා. නේපාල රටේදි ඒ විදිහට විවේක ගන්න තැන් ස්ථිරව හදලා තියෙනවා. ඇදුන් දෙක්ක මල්ලේ දාගෙන සීතලඅ ැදුන් ආදිය අරගෙන ගියත් නේපාලෙදි ට්‍රැකින් එක ගහතැකි. මොකද නවාතැන් වලින් අපිට ඕනි වතුර කෑම වගේ ගොඩක් දේවල් මිලදී ගන්න පුලුවන්. ටිකක් මිල වැඩි වුනත් කර තියන් යන්න ඕනි බර අඩු නිසා ගමන හරිම ලේසියි. 

කූඩැල්ලෝ 

දැන් හැටන් පාරේ නම් කූඩැල්ලෝ සෙට් වෙන්ේන නැතිම තරම්. ඒත් මේ පාරවල් වල අවාරේ නිසාද මන්දා කූඩැල්ලෝ ටිකක් හිටියා. කූඩැල්ලෝ මට නම් එල්ලුනේ අඩුවෙන්. ඒත් යාලුවන්ගේ ටිකක් එල්ලිල තිබුනා. අපි පාන්දරම ගමන පටන් අරගෙන මගින් ඩීසල් සහ සබන් ගාගත්තා කූඩැල්ලෝ වෙනුවෙන්. මේ ගමන යද්දි විඩින් විඩ සිරිපාදේ පේන්න ගන්නවා. ඒත් එක්කම ගමන් වෙහෙස ටිකක් මෙව්වා වෙලා අනේ තව ටික දුරයි නේ කියලා අපිට හිතෙන්න ගන්නවා. 

ට්‍රැක් එකේ සේදාපාලුව. 

හැටන් සහ රත්නපුර පාර වගේ පඩිපෙල් හදලත් නැහැ. ඒ වගේම සෝදපාලුව නැති කරන්න කිසිම දෙයක් මේ පාරේ ගොඩක් තැන්වල කරලා නැහැ. ඉතින් එලිවෙලා තියෙන කදුකර මාර්ගේ හිතේ හැටියට හෝදගෙන ගිහින් ගල් කුට්ටි තැනින් තැන ඉතුරුවෙල තියෙනවා. මේක පරිසරයට නම් ලොකු හානියක්. අවාරේ වාරේ වෙද්දි පාර සුද්ද වනෙවා. ඒ පාරට වතුර වැටුනාම සහ මිනිස්සු යද්දි ඒක සැපට හෝදගෙන යනවා. ඉතින් මේ විනාසය නවත්වන්න මොනාහරි කරනවා නම් වටිනවා. මම දැක් විදිහට නේපාලේ එහෙම ඒ විදිහට සැරට හෝදපාලුවන තැන්වලට ගල් අල්ලනවා. එහෙම නැත්නම් ලී වලින් පඩි විදිහට හදනවා. එතකොට යන මගීන්ට වන්දනාකාරයින්ටත් ලේසියි. ඒ වගේම පසට පරිසරයටත් හොදයි. සමහර තැන් වල සැරටම හෝදගෙන ගිහින් තිබුනා. ඒ තැන්වල අපිට නගින්න වෙන්නෙත් අමාරුවෙන් ඒ වගේම තවත් වැස්සොත් තවත් හෝදාගෙන යන්නත් ඉඩකඩ හොදටම තියෙනවා. 

විවිධාකාර අත්දැකීම් ඇති ගමන 

මේ ගමන සම්පූර්ණ දුර කිලෝමීඨර 14ක්. ඒ 14 එකම විදිහක් නැහැ. එක එක පැති එක එක ආකාර ගන්නවා. තැනක තන පදුරු ලදු කැලෑව ආදිය තියෙනවා. තව තැනක ඇතුල පේන් නැති මහ රූස්ස ගස් අතරින් යන්න තියෙනවා. තවත් තැනක දිය පාරවල් තියෙනවා. තවත් තැනක ගල් තලා තියෙනවා. ඔය හැම එකක්ම පහුකරගෙන යන මේ ගමන සොබාදහම බලාගන්න තියෙන මැක්සිමම් ගමනක්.

අපි එදා මකර තොරණ හරියට යද්දි හවස 1-2 විතර වෙල තිබුනා. ඒ වෙද්දිත් අපි ගොඩක් පරක්කු වෙලයි තිබුනේ. ඒත් ඉක්මන්ට යන්න හැටියක් නැහැ. මොකෝ ඔක්කන්ටම සැරටම මහන්සියි. අරන් ගිය කෑම ජාති බීම ජාති ස්වීට් ජාති විඩින් විඩ ආහාරයට ගත්තා. 

සීත ගගුල අම්බලම

සීත ගගුල

වතුරපුරවාගත් දිය පාරක්




අපි ගිය පාර

සමන් දෙවියන්ගේ පිංතුරයක්

බඹර පහස ලැබූ මිතුරා

කොටන් හතු

දියසෙවෙල්

පෙද පාසි

මල්

ගල් තලාවක පොටෝ

දිය සීරාව සහිත තැනක් 



ඈත කදු

දාස් වර්ගයක්

මකර තොරණ සිට සිරිපා පේන හැටි

Saturday, December 7, 2019

අවාරේ එරත්නෙන් පටන ගත්තා

බස් වෙලෙන්දෝ

අම්බලමක් ලග

ගල්තලා මතින් වැස්සේම

වැස්සට නොනැවති

තවත් අම්බලමක් ලග

ඈත කදුකරය සහ අපි


පොටෝ ගන්නමිතුරන්

අතරමග හමු වූ පංසල

වැසි කාලගුනය යට කදු

පාරයිනේ බඹර වදය

ඈතින් පේ්න සිරිපා ඉම

රෑයට ආලෝකය

රැය පහන් කල අම්බලම

සීත ගගුල අම්බලම

කහපාට මලක්

මුලින්ම හමු වු අම්බලම

කදු සහ මල්

අම්බලම්පාලුවා නැමැති මැස්සා

ඩයමින්ගල
අවාරේ එරත්නෙන් සිරිපා කරුණාවක් ගියා. අපි බඩු ටික ඔක්කොම ලෑස්ති කරගෙන සෙනසුරාදා උදේම කොටුවට එකතු වුනා. පිටකොටුව බස් නැවතුම්පොලට සෙට ේෙවලා රත්නපුර ොහ් ඇඹිලිපිට බස් එකක නැග්ගා. බස් එකේ එදා ටිකක් බිසී. එකෙක් මාරුවට එකෙක් සංචාරක වෙලෙන්දෝ සහ හිගන්නෝ ආවා. සමහර හිගන්නෝ ගහගන්න වගේ. උන් හොර මැරකම් නොකර හිගාකන එකට අනුග්‍රහ වසයෙන් අපි උන්ට සල්ලි දෙන්න ඕනි. අනේ හුකේ.. මම නම් හිගන්නෙක් අර මුගලන් හාමාදුුරුවෝ වගේ අහසේ පලක් බැදගෙන ඇවිත් කීයක් හරි ඉල්ලුවත් සත පහක් දෙන් නැහැ.. 
ඉතින් අපි කුරුවිටට සේන්දු වෙද්දි දවල් 11.30 විතර වෙලා. එතනින් තිබුන එරත්න බස් එක එතකොට ගිහින්. අපිට ඊලගඑරත්න බස් එකක් එනකල් ඉන්න වුනා. ඒක 12ට විතර යයි කියාල හිතාන හිටියත් ඒක අදිනකොට 12.45 විතර වුනා. හප්පා බස් එකෙත් වෙලෙන්දොයි හිගන්නොයි. කුරුවිට ස්ටෑන්ඩ් එකට ත්‍රීවිලර් එකකින් ලොකු ස්පීකර් පෙට්ටියක් මයික් සෙට් කක් එක්ක අන්ධයො ජෝඩුවක් බැස්සා. හරිම කැතට ඒ අන්ධ ගායිකාව සින්දු කියනවා. ලිරික්ස් එමෙත් වැරදියි. අර පීකරෙන් මුලු කුරුවිටම දෙවනත් වෙන්න සද්දේ. ඉතින් මේ කට්ටිය හරිම සංවිධානාත්මක උදවිය වෙන්න ඕනි. එතැන ඇවිත් බෆල් එක අටවගෙන ඒක හදාගන්න කල් ත්‍රිවිලර් එකේ ආපු බුලට් එක ඈතට වෙලා බලන් උන්නා. සිංදු කියන් පටන් ගද්දි බුවා හෙමිහිට ටිකක් මාරු වුනා. 

අපි එරත්නට ඇවිත් හොද වෙලාවට අඩවි කන්දටත් ආවා. අඩවි කන්ද තියෙන්නේ එරත්නටත් පොඩ්ඩක් එහා. අඩවිකන්දට එරත්න ඉදලා කිලෝමීඨර 3-4ක් තියේ. අඩවිකන්ද ලගින් තමයි සිරිපා නගින පාර පටන් ගන්නේ. එතැන අවාරේ නිසා කඩවල් වැඩිය ලකයක් නැහැ. ගිලීමලෙත් ඇත දත සුද්දෝ කියන්න වගේ ඒ අඩවිකන්ද බස් නවත්වන තැන කඩේ ලක්ෂණ කෑල්ලක් උන්නා. ඒකට සුන්දර පුකක් සහ හැකර කටක් තියෙනවා. ලස්සන එලිෆන්ට් පෑන්ට් එකකින් සහ සැහැල්ලු ටී ෂර්ට් එකකින් සැරසිලා හිටිය ඇය අපි කඩේ ඇතුලේ තේ එකක් බොන්නට අපිව පෙළඹුවා. 

එතකොටත් වැස්ස. වැස්ස ලාවට තියෙනවා. ඉතින් අපි බඩුබාහිරාදිය ගොඩක් අරන් තිබුනේ. අමතක වුනු දත් බුරුසු සබන් වගේ ඒව ටිකක් ඒ හැඩකාර යුවතිය ඉදිය කඩෙන් ගත්තා. එතකොටම මොකද්ද පොලිස් කේස් එකට පොලිසියෙන්නුත් ආවා. මම හිතන්නේ ගමේ ආරවුලක්. අපි බයවුනා අවාරේ රයිඩ් කරන මේ සෙට් එක අල්ලන්න එනවාවත්ද කියලා. ඒත් එහෙම ආතල් එකක් නෙමෙයි. හොද කිතුල් හකුරුය කියලා කිතුල් හකුුරු පලු දෙකකුත් කඩේ උන්දැ පොලිස් මාමන්ඩිට දුන්ා. යුක්තිය උනත් නිකම් කරන්න බැරුව ඇති නේ. තෑගි බෝග දුන්නහම හොදත් ඇති නේ.

අපි ගමන ආරම්භ කරද්දි එකහමාර දෙක විතර වෙල. අපේ ඇත්තටම බඩු වැඩියි. අපේ උන් රෑට උයන්න කුස්සියෙන් බාගයක් විතර පැක් කරගෙන ඇවිල්ලා තිබුනද මන්දා. කරේ පිටේ තිබුන මලු වලට අමතරව තව අතේ ගෙනියන්නත් මලු සෙට් වුනා. ඒකනම් ටිකක් කරුමයක්. ගමනට ආධුනිකයින් ඩබලක් උන්නා. ඒකෙනුත් ටිකක් මහත යුනිට් එකට මුල සිට අමාරු වුනා. අපි කොහොමෙන් කොහොමන් හරි නැගලා අහක් වෙල ආවා අම්බලමකට. ඇත්තටම දැන් නම් අම්බලම නම මතක නැහැ. ඒ අම්බලම මුලින්ම හම්බෙන අම්බලම. අපේ අරමුණ තිබුනේ ශීත ගගුල ලග තියෙන අම්බලමේ රෑ නවාතැන් ගන්න.. 

වැස්ස සමග 
වැස්සත් එක්ක ගමන ටිකක් වෙහෙසකර වුනා. ඒ වගේම කූඩැල්ලොත් එකා දෙන්නා මිස් කෝල් ගහන්න පටන් අරන් තිබුනා. සබන් සහ ඩීසල් තිබුනා අපිට කූඩැල්ලෝ නෙුවෙන්. යාලුවෝ ඒවා කකුල් වල උලාගත්තා. සැරටම වැස්සෙත් නැහැ. ඒත් අපි එක අම්බලමක ටික වෙලාවක් ඉදලා ඉන් පස්සේ ගමන ආරම්භ කලා. වැස්සේ යද්දි ගල් උඩින් යනකොට ලිස්සනවා රිඹ යන්න. ලිස්සලාම ගියානම් සමහර තැන්වල වැටෙන තැනක් හොයාගන්නත් බැහැ. ඉතින් අමාරුවෙන් අමාරුවෙන් අපි ගමන යනවා දැන්. 

ඒ යද්දි එක තැනකට සෙට් වෙනවා ටිකක් පලල පාරක්. එතැන පන්සලකුත් තියෙනවා. එතන්ට ත්‍රිවිලර් එකකින්හෝ පයින් එන්නත් පුලුවන්ලු. උඩ හරිෙය් මේ දවස්වල ලයිට් දානවා. කඩ අලුත්වැඩියා කරනවා.වාරේ ලග නිසා. ඒ නිසා මිනිස්සු වාහනවලින් හෙම අර කියන පන්සල ගාවට යනවා. ඒ ගිහිල්ල අහක් වෙල එතනින් නැගලා බහිනකොට අපි ආපු පාරෙන් බහිනවා. ඒක ටිකක් දුර පාරක් කියලා තමයි අපිට පස්සේ ආපු යාලුවෝ කිව්වේ. 

ඉතින් අපිට යද්දි අතරමගදිම වෝනින් එක්ක හම්බුනා අතරමග බඹර වදයක් තියනවාය කියලා. බඹර වදය ඇත්තටම තිබුනේ අපි යන්න තියෙන අඩිපාරට පාත්වෙලා තිබුන ගල් කුලක. අහක බලාගෙන යන කෙනෙක් නම් බඹර වදේ වදින්නත් ඉඩ කඩ තිබුනා. අපේ උන් පොටෝ ගහන්න ගිහින් සාර්ථකව බඹරුන්ට කියලා ඇනගත්තා. අනෙක් යාලුවන්ගේ කකුල අතපය වගේම එකෙක්ගේ ඇහැටත් ඇනල තිබුනා. ඒ ඇහැ ඉදිමිලා ඌගේ මූනම තඩිස්සි වෙලා වගේ ගමන පුරාවටම දිස් වුනා. මගේ දකුණු කකුලේ දනිස්සට පහලින් එකෙක් කෙලියා. ඒත් ලොකු ආබාදයක් නැහැ. ගොඩක් වෙලාවට උන් ඇවිස්සුනේ නැහැ. අවට හිටි එකෙ දෙකෙක් තමයි ඇටැක් කරන්නට ඇත්තේ. බඹර වුන නිසා හොදයි දෙබර නම් ඇන්නහම මීඨ වඩා සීරියස් කියලා යාලුවෝ කතා වුනා. 

ගල් ලිස්සනවා. ඒ වගේම නගින්න අනෙක් පාරවල වගේ හොද පඩි නැහැ. අමාරුවෙන් ගල් මුල් උඩින් නැගගෙන තමයි යන්න තියෙන්නේ. ඒනිසා ගමන ටිකක් අමාරු වුනා. ස්ලෝ එකේ ඔහෝම නැගගෙන අපි ශීත ගගුල නවාතැනට එනකොට කළුවර වැටෙන්න ඔන්න මෙන්න හය හත විතර වෙලාව තිබුනා. 
අම්බලම 
අම්බලම ගන්න දෙයක් නැහැ. බැලූ බැල්මට හැම තැනම කුනු දාල තිබුනා. මිනිස්සු විදිහට කුනු දාන්න එක පැත්තක්. පාවිච්චි කරන්න එක පැත්තක්. ආදී වශයෙන් වෙන් කරගන්න තිබුනා.එ ්ත් එහෙම නැහැ. හැම අතම කුනු දාලා කැතට තිබුනා. අම්බලම ඇතුල ලොකුයි. ලොකු අවකාශයක් තියෙනවා. අපි අම්බලම ඇතුලේම ටකරං ොකාලයක් උඩ ලිපක් ගහලා උයන්න සෙට් වුනා. රෑ වෙලා පට්ට සීතලේ. අපි මුලින්ම කෝපි හදන්න ගත්තා. වතුර එකක් තියලා අහක් වෙලා වතුර එක නටනකොට කෝපි දාලා ඉන් පස්සේ කිරි සීනි එකතු කරලා රසවත් කෝපි කෝප්පයක් හදා ගත්තා. 

සීත ගගුල 

හැටන් රත්නපුර පාරවල සීත ගගුලට වඩා මේ කුරුවිට එරත්න සහ උඩමාලිබොඩ දැරණියගල පාරවල සීත ගගුල සිරා. හොදට වතුර පෑදිලා තියෙනවා. ඒත් මේ දැරණියගල එරත්න පාරවල් දෙකම වැසි වැඩි ඒ දොලපාර සැරට ගලන කාලෙට ගමන අවධානම්. ඒම වෙන්නේ මොනා වුනාමද කියලා අදහසක් නැහැ. ඒත් වැස්ස වැඩි කාලෙට ඒ පලාතම හෝදගෙන වතුර බැහැපු විදියක් තමයි අපිට පෙනුනේ. ඒම වතුර වැඩි නම් සැඩ පාර සැරනම් හැරිලා යන එක හෝ අඩුවෙනකල් ඉන්න එක වඩා හොදයි කියලා තමයි මට නම් හිතෙන්නේ. 

සීතලේ කෑම 

කෑම විදිහට අපිට හාල් හුන්ඩුවක් ගෙනාවත් ලිපේ තියාගන්න තිබුනා. ඒත් නුඩ්ල්ස් ගෙනල්ලා තිබුනේ. හරිශ්චන්ද්‍ර නූඩ්ල්ස් වුනත් මැගී ප්‍රිමා වලට වඩා සුපිරියට අපි එලවලු හෙම දාලා හදාගත්තා. හදාගෙන කාලා ඔක්කොම වැඩ ඉවර වෙද්දි රෑ 9 විතර වෙලා. ඒ වෙනකොට මෙන්න ටෝච් එලියක් සද්ද වගයක් එනවා. හෑ.. තව නඩයක්. ගෑනු එහෙමත් ඇතිය කියලා හිතුවට උන්නෙ කොල්ලෝ. කොල්ලා ටිකක් මහ රෑ මේ පාරෙන්. උන්ට නම සිරාවටම හොදම ඉත්තෑවෙක් වැඩ කරනවා. මේ පාරේ යන්නේ සොබාදහම බලන්න. මහ රෑ ටෝච් ගහගෙන සතා සීපාව ඉන්න මේ කැලෑෆව් අවාරේ යනවා කියන්නේ මොකද්ද මන්දා ඒ ආතල් එක. උනුත් වැඩර්ලා වගේ ගියාට මොකද උඩට නැගලා තිබුන් නැහැ. අපිට පස්සේ අම්බලමක නැවතිල තිබුනා. 

අපි රැට ණූඩුල්ස්වලට මිරිසට පරිප්පුවකුයි තව සීනි සම්බලකුයි නුඩ්ල්සුයි හදාගෙන කන කොට තමිය මුන් ටික ආවේ. අපි උන්ගෙනා සීතල වෙල තිබුන පරිප්පුව උණුසුම කරලා දුනාන. බුවාල නුවර කිව්වට නුවර කොහේ කියලා බුවාල කිව්වේ නැහැ. සමහර විට කැම්පස් ඩෑල් ටික්ක වෙන්නත් ඇති. ඒත් ටිකක් පොස් විදිහකුත් තිබුනා. 

ඉතින් ඊලග දවසේ නගින්න පටාන් ගත් හැටි අපිඊලග කොටහින් බලමු.