අපි උදේම නැගිටින්න හිතාගෙන ිහටියත් හීතල සහ රෑට නින්ද නොයාම නිසා නැගිටලා ලැහැස්ති වෙල ගමනට පටන් ගද්දි අටත් පහු වෙලා. වැහි දවස්, ශීත ගගුල කිට්ටුව, අම්බලම, බිම නිදාගැනීම ආදී හේතු ගොඩක් නිසා සීථල තදටම දැනෙන් ගත්තා. ඒ එක්ක නින්ද යනවා හොරයි. ගිහින් විඩින් විඩ ගිනිමැලය අවුලලා ආවත් නින්ද ටිකක් එනවා අඩුයි. ගිහින් ඇල වුනාම නින්ද යන් නැහැ.
උදේ කෑම
උදේ නැගිටලා තේ වතුර කිරි තේ ආදිය හදාගත්තා. ඒ වතුර උණුකල භාජනයටම අපි මැගි නූඩ්ල්ස් හදාගත්තා. කලින් දවසේ හරිශ්චන්දර නූඩ්ල්ස් තරම් රස නැති වුනත් මේ නූඩ්ල්ස් ටික වෙලාවෙ ්හැටියට කෑවා. ඊට අමතරව පානුත් කෑවා. පාන් වල ජෑම් ගාගත්තා. පාන් ගෙනියලා තිබුනාට පාන් ඉතුරුත් වුනා. මෙ ්වගේ ගමන් වලදි කෑම කොහොමත් ඉතිරි වෙනවා. හැමෝම බිස්කට් චොකලට් අග්ගලා ආදියත් අරගෙන ඇවිල්ලා තිබුනා. සිරිපාදේ නගිද්දි ඉස්සර කට්ටිය අග්ගල අරන් තමයි ගියාය කියන්නේ අග්ගලා වලට සීතල නැතිවෙල ගමන් විඩාව නැතිවෙනවා කියලා මතයක් තිබිලා තියෙනවා.
ඒ කාලේ
ඉස්සර ගමන දැනට ඉතින් පාරවල් හැදිලා ලයිට් තිබුනාට ඒ කාලේ මේ ගමන් බිමන් කටුකයි. මං හිතන විදිහට ඒ කාලේ දැන් වගේ එක දිගට පනකඩාගෙන සිරිපාදේ නගින ස්ටයිල් එකක් තිබුනේ නැහැ. තියෙන්න ඇත්තේ මග නැවතිලා විවේක අරගෙන කාල බීල එහෙම හිමිහිට සිරිපා නගින විදියක්. දැනට අපි නේපාල් එහෙම ගියත් එහේ කදු නැගිලි තියෙන්නෙත් ඒ විදිහට. දවසට පැය 6ක් විතර ඇවිදිනවා. ඉන් පස්සේ තැනකට වෙලා විවේක ගන්නවා. නේපාල රටේදි ඒ විදිහට විවේක ගන්න තැන් ස්ථිරව හදලා තියෙනවා. ඇදුන් දෙක්ක මල්ලේ දාගෙන සීතලඅ ැදුන් ආදිය අරගෙන ගියත් නේපාලෙදි ට්‍රැකින් එක ගහතැකි. මොකද නවාතැන් වලින් අපිට ඕනි වතුර කෑම වගේ ගොඩක් දේවල් මිලදී ගන්න පුලුවන්. ටිකක් මිල වැඩි වුනත් කර තියන් යන්න ඕනි බර අඩු නිසා ගමන හරිම ලේසියි.
කූඩැල්ලෝ
දැන් හැටන් පාරේ නම් කූඩැල්ලෝ සෙට් වෙන්ේන නැතිම තරම්. ඒත් මේ පාරවල් වල අවාරේ නිසාද මන්දා කූඩැල්ලෝ ටිකක් හිටියා. කූඩැල්ලෝ මට නම් එල්ලුනේ අඩුවෙන්. ඒත් යාලුවන්ගේ ටිකක් එල්ලිල තිබුනා. අපි පාන්දරම ගමන පටන් අරගෙන මගින් ඩීසල් සහ සබන් ගාගත්තා කූඩැල්ලෝ වෙනුවෙන්. මේ ගමන යද්දි විඩින් විඩ සිරිපාදේ පේන්න ගන්නවා. ඒත් එක්කම ගමන් වෙහෙස ටිකක් මෙව්වා වෙලා අනේ තව ටික දුරයි නේ කියලා අපිට හිතෙන්න ගන්නවා.
ට්‍රැක් එකේ සේදාපාලුව.
හැටන් සහ රත්නපුර පාර වගේ පඩිපෙල් හදලත් නැහැ. ඒ වගේම සෝදපාලුව නැති කරන්න කිසිම දෙයක් මේ පාරේ ගොඩක් තැන්වල කරලා නැහැ. ඉතින් එලිවෙලා තියෙන කදුකර මාර්ගේ හිතේ හැටියට හෝදගෙන ගිහින් ගල් කුට්ටි තැනින් තැන ඉතුරුවෙල තියෙනවා. මේක පරිසරයට නම් ලොකු හානියක්. අවාරේ වාරේ වෙද්දි පාර සුද්ද වනෙවා. ඒ පාරට වතුර වැටුනාම සහ මිනිස්සු යද්දි ඒක සැපට හෝදගෙන යනවා. ඉතින් මේ විනාසය නවත්වන්න මොනාහරි කරනවා නම් වටිනවා. මම දැක් විදිහට නේපාලේ එහෙම ඒ විදිහට සැරට හෝදපාලුවන තැන්වලට ගල් අල්ලනවා. එහෙම නැත්නම් ලී වලින් පඩි විදිහට හදනවා. එතකොට යන මගීන්ට වන්දනාකාරයින්ටත් ලේසියි. ඒ වගේම පසට පරිසරයටත් හොදයි. සමහර තැන් වල සැරටම හෝදගෙන ගිහින් තිබුනා. ඒ තැන්වල අපිට නගින්න වෙන්නෙත් අමාරුවෙන් ඒ වගේම තවත් වැස්සොත් තවත් හෝදාගෙන යන්නත් ඉඩකඩ හොදටම තියෙනවා.
විවිධාකාර අත්දැකීම් ඇති ගමන
මේ ගමන සම්පූර්ණ දුර කිලෝමීඨර 14ක්. ඒ 14 එකම විදිහක් නැහැ. එක එක පැති එක එක ආකාර ගන්නවා. තැනක තන පදුරු ලදු කැලෑව ආදිය තියෙනවා. තව තැනක ඇතුල පේන් නැති මහ රූස්ස ගස් අතරින් යන්න තියෙනවා. තවත් තැනක දිය පාරවල් තියෙනවා. තවත් තැනක ගල් තලා තියෙනවා. ඔය හැම එකක්ම පහුකරගෙන යන මේ ගමන සොබාදහම බලාගන්න තියෙන මැක්සිමම් ගමනක්.
අපි එදා මකර තොරණ හරියට යද්දි හවස 1-2 විතර වෙල තිබුනා. ඒ වෙද්දිත් අපි ගොඩක් පරක්කු වෙලයි තිබුනේ. ඒත් ඉක්මන්ට යන්න හැටියක් නැහැ. මොකෝ ඔක්කන්ටම සැරටම මහන්සියි. අරන් ගිය කෑම ජාති බීම ජාති ස්වීට් ජාති විඩින් විඩ ආහාරයට ගත්තා.
 |
සීත ගගුල අම්බලම |
 |
සීත ගගුල |
 |
වතුරපුරවාගත් දිය පාරක් |
 |
අපි ගිය පාර |
 |
සමන් දෙවියන්ගේ පිංතුරයක් |
 |
බඹර පහස ලැබූ මිතුරා |
 |
කොටන් හතු |
 |
දියසෙවෙල් |
 |
පෙද පාසි |
 |
මල් |
 |
ගල් තලාවක පොටෝ |
 |
දිය සීරාව සහිත තැනක් |
 |
ඈත කදු |
 |
දාස් වර්ගයක් |
 |
මකර තොරණ සිට සිරිපා පේන හැටි |
හිමේ යද්දී බය නැද්ද අමිල? පුරාවෘත්ත අනුව මෙම සිතල,අඳුරු,මිදුම පිරුණු කඳු මුදුන ආශ්‍රිතව අද්භූත බලවේග සැරිසරනවා නේද අවාරයට?
ReplyDeleteබෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අමිල චතුරංග මුනිතුමා කියන්නේ මතු බුදු වන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙක්. උන්නාන්සේ මතු බුදුබව ලබාගැනීමට සිදුකල යුතු පාරමිතා තමයි මෙලෙස සිදුකරන්නේ.
ReplyDeleteබුදුබව අත්වෙයි අමිල පුතාට
ReplyDeleteමම වැඳලා කියන්නම් පව් නෑ නුබට..
කවදාවත් එපා පුතේ බුදුදහමට පිටුපා යන්න
මං මැරුණු දාට එපා පුතේ බුදුගේ නං පාලු කරන්න...