Showing posts with label සත්තු. Show all posts
Showing posts with label සත්තු. Show all posts

Tuesday, November 17, 2020

බල මාලුවා දැනගෙන කමු Skipjack Tuna

හිටපු ධිවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහත්තයා අමු මාලු කාලා පෙන්නුවා. සංදර්ශනයක් විදිහට හොදයි. ඒත් මාලු අමුවෙන් කෑවහම ඒ හරහා සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියාවන් ශරීරගතවෙන්න පුලුවන් කියලා කට්ටිය කියනවා. එ ්වගේමයි මේක බුකිය කැලබූ සිද්දියක් වුනා. පිිරිසක් කිව්වේ මේක හෙනම අවුල් නාට්ටියක් කියලා. ඒ වගේම මේ නිසා හිටපු ධීවර ඇමතිතුමා තවත් පච වුනා කියලා පලමු පේලියේ ඉන්න බයියෝ විශ්වාස කරනවා. ඒත් ඇත්තටම මේ වගේ මනුස්සයෙක් නිවුස ්වලට යෑමත් නිවුස් වලට ගිහින් හිට් වීමත් ඒ මනුස්සයට ලැබෙන ලොකු චාන්ස් එකක්. මට මතක ඇති කාලෙක මිට කලින් මේ දිලිප් වෙද ආරච්චි කොළඹ ලොකු හෝටලේක පිගන් පොලොවේ ගැහුවා. ඒකෙන් ඒතුමාගේ නම පත්තරේ ගියා. 

ඉතින් මම දැන් කතා කරන්න යන්න ්බලමාලුවා ගැන. බලමාලුවා කියන්නෙත් ටූනා විශේෂයක්. අපේ මූදේ ටුනා කුලයට අයිති මාලු ගොඩක් ඉන්නවා. ඒ අතර පොඩිම ටුනා ජාතිය තමයි හුරුල්ලා. කෙලවල්ලා, බලයා. ඇටවල්ලා වගේ මාලුත් අයිති වෙන්නේ ටූනා පවුලටම තමයි. ඒ ටූනා පවුලේ මාලුන්ගෙන් බලයා අපි අතර ජනප්‍රියයි. බලමාලුවා අදුරගන්න ලේසියි. බලයාගේ යටිබඩේ කලුපාට ඉරි තියෙනවා. ඒ නිසා උන්ව අදුරාගන්න ලේසියි. 

බලමාලු වලින් හදන කෑම 

ලංකාවෙදි නම් බලමාලු වලින් ඇඹුල්තියල් හදනවා ඒ වගේම හොදි හදනවා. කේරලේදිත් ලංකාවට හා සමාන දුරු මිරිස් තුනපහ වලින් සපිරි හොද වයින් හොද්දක් හදනවා බලමාලු සහ ටුනා වලින්. බෙංගාලෙදි මූලිකව කලින් ටූනාව බැදගන්නවා. බැදගත් ටුනා කෑලි ඉන් පස්සේ ආයේ තුනපහ ආදිය සැරට දාලා ලොකු හොද්දක් හදලා ඒකත් එක්ක බත් අඹරනවා බෙංගාලි මිනිස්සු. කේරලේ සහ බෙංගාලි දෙකේදිම බත් කන්න මාලු හොද්ද ගහන කොට එයාල මාලු හොද්ද එක්ක විතරයි බත් කනවා දැක්කේ. ඒක නිසාම මාලු හොද්ද විවිධ රසකාරක ගහලා හදනවා. ඒත් මේ අපි සහ ඉන්දියානු ක්‍රමයට මාලුවා උයද්දි මාලුවාගේ නියම රස නැති වෙනවා. නැතිනම් අතුරුදහන් වෙනවා. 


බලමාලු ෆැක්ට්ස් 

  • වැඩුන මාලුවකුගේ බර - කිලෝග්‍රෑම් 5-10 අතර

  • බලමාලුවාගේ ආයුකාලය - අවුරුදු දහයයි

  • ඉංගිරිසි නම - Skipjack Tuna

  • පවුල - Scombridae

  • දිවිගෙවන කලාපය - අත්ලාන්තික්, පැසිපික් සහ ඉන්දියානු සාගර තුනේම නිවර්ථන කලාපය 

  • භාවිතය - ටින්මාලු සහ ගෘහස්ථ පරිබෝජනය 

  • විද්‍යාත්මක නම - Katsuwonus pelamis

ඉන්දුනීසියාවේදි බලයගෙන් හදන චකලං ෆුෆු කියාල කරවල විශේෂයක් ජනප්‍රිය වලො තියෙනවා . ඒකෙදි අලුත් බලමාලුවා කපලා කුරු වල ගහලා පොල්ලෙලි දාල දුම්ගස්සනවා. ඉන් පස්සේ දුම්ගහපු බාගෙට තැම්බුන බලමාලු වලින් එයාල ව්‍යාංජන හදාගෙන කනවා. අපි මේ කන විදිහට ටිකක් එලියේ තියලා කන්න ගියොත්සුද්දට නම් බලමාලු කෑම අප්සට් යනවා. මොකද බලමාලු වල නිපදවෙන හිස්ටමින් සුද්දට අවුල්. ඒ නිසා සුද්දෝ බලමාලු එලියේ තියන්නේ නැතුව කුල් පෙට්ටියේ දාලම තමයිඅරගෙන ෆෙෂ්වට කන්නේ. 


සුද්දෝ ඒ කිව්වේ යුරෝපීය ජාතිකයින් නම් මේ ටූනාවෝ කෙලින්ම රත් වූ තැටියකතියලා රත්කරලා කනවා. ජප්පෝ නම් කිසි කතාවක් නැතුව ටූනා කපලා සුෂි විදිහට කනවා. අපේ දිලිප් වෙදාරච්චි ක්‍රමයට ගෝත්‍රික ජනතාව නම් බලමාලු කනවා ඇති. කොහොම වුනත් කෙලින්ම ෆ්‍රෙෂ් මාලුවා වුනත් සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියාවන් බඩට යන්න පුලුවන් කෙලින්ම අමු මාලු කෑවොත්. 


අල්ලනවා අල්ලනවා ඒත් ඉන්නවා 

වැඩිපුරම ධීවර දැල්වලට අහුවෙන මිල අඩු ටුනා වර්ගයක් තමයි මේ ස්කිප්ජැක් හෙවත් බලමාලු කිය්නනේ. ස්කිප්ජැක් හෙවත් බලමාලු යෙලෝෆින් බ්ලූෆින් ටූනාවෝ එක්ක බලද්දි මිලෙනුත් අඩුයි. මුන්ව අල්ලන්න විවිධ ක්‍රම තියෙනවා. දැල් ගහලා වට කරලා ඉන් පස්සේ අල්ලනවා. ඒ වගේම බිලි කොකු ගහලා ඒ වගෙනුත් බලයෝ අල්ලනවා. ඉස්සර නම් අපේ ලංකාවේ හතර අතේ ධීවරයෝ විශාල බල ඔරු යාත්‍රා කලා. දැනටත් වැලිගම දිහා එහෙම ඒ විදිහේ විශාල ඔරු තියෙනවා. ඒත් වැඩිපුරම ජනප්‍රිය බහුදින ධීවර යාත්‍රා තමයි. ඒ බහුදින ධීවර යාත්‍රාවක් වරක් මූදු යන්න ලක්ශ දහයක් විතර වියදම් වෙනවා. ඒත් ඉතින් ලාබ තියෙන රස්සාවක් නිසා ඒ ගාන ගෙවලා වියදම් දරලා මූදු යවන්න වෙලෙන්දෝ ඉන්නවා. 


අපිට අලුත් මාලු එනවාද?

දැන්නම් ඉතින් අපිට එන අලුත් මාලුවෙක් නැහැ. කෙලවල්ලා ගත්තොත් කෙලවල්ලා පිටරට යවන හොද එකා කිලෝව රුපියල් 1500කට එහා වෙනවා. ලංකාවේ ඕනිම හොදම මාලු ලෑල්ලක ඉන්න කෙලවල්ලෙක් වුනත් වැඩිම රුපියල් පන්සියක් විතර තමයි වෙන්නේ. කෙලවල්ලාගේ පිටත තත්වය වගේම කෙලවල්ලාගේ අන්තර්ගත ප්‍රෝටින ආදියත් රට යවද්දි හොදට බලනවා. මේ ටූනා මාලු රට යවද්දි කිලෝ 15ක කුරියෙක් වුන්ත විනාඩි 5කට අඩු කාලෙකදි කපනවා. මාලු ගැන දැනුමැති හිතමිතුරු බ්ලොග්වේදී දුලිප් සිකුරාජපති කියන විදිහට මේ බලමාලු ශීතාගාරයෙන් එලියේ තියාගනෙ කපන කාලය අඩු වෙනතරමට මාලුවාගේ කොලිටි එක ආරක්ෂා වෙනවා. 


මාලු ඔච්චර ඉන්නවද? 

ඔවු. බලමාලුවා බොහම ඉක්මන්ට බෝවෙන සතෙක්. ඒ වගේ බලමාලු මහා අයින් විදිහට තමයි මූදේ රංචු පිටින් සැරිසරන්නේ. හොද වයින් මාලු රංචුවක් අහුවුනොත් බහුදින ධිවර යාත්‍රාවක ඒ ලොකු මාලු රංචුවක් දාන්නත් බැරි වෙලාවල් තියෙනවා.


අපේ පොයි කතා 

ලංකාවේ දකුනේ උන්ගේ හයිය හක්තිය ඇවිල්ලා තියෙන්නේ බලයා කාලාය කියලා කතාවක් තියනෙවා. ඒක තනිකර පොයි කතාවක් නේ. බලය ඉනනේ ලංකාවේ විතරක් නෙමෙයි. අනික බලයා ගොරක ගම්බිරිස් ගහලා තුනපහ රසට ගහන්නෙත් දකුණ පලාතේ විතරක්ම නෙමෙයි. කේරලේ සහ බෙංගාලිත් ගොරක ගම්බ්රිස් දානවා ඇතිවෙන්න. ඉතින් මේ දකුනේ උන්ට බලයා ශක්තියක් වුනා කියන කතාව කවුරුහරි අයියෙක් ලොකුකමට කියාපු තවත් එක පදනමක් නැති පොයියක් විතරයි. 


බලමාලු ඉස්සර නම් ජාඩි දාලත් වික්කා. ජාඩි කියන්නේ ශිත කිරීම ජනප්‍රිය වෙන්න කලින් මාලු කල් තියාගන්න මාලු තැනකින් තැනකට අරං යන්න ජනප්‍රිය වෙච්චි ක්‍රමයක්. ලංකාවේ අපි කරවල දානවා. ඒ වගේම බලයා උම්බලකඩත් මරු. ඉතින් බලයා වැඩි කාලෙට වැල්ලේ මිල අඩුයි. එතකොට කෝට්ටගොඩ දිහා පේන්නම තියෙනවා වගේ මාලු උම්බලකඩ දානවා නැතිනම් කෙලින්ම කරවල වේලනවා. 


මේ බල මාලුවා ලංකාව පැත්තෙන් හිතුවොත් ලංකාවේ අපිට හොද පෝශණය සපයන මාධ්‍යයක්. මොකද ලංකාවේ මිනිස්සු ආහාර විදිහට මස් කනවා හරිම අඩුයි. මාලු තමයි කන්නේ. ඒ අතරත් මේ රතුපැහිදි බල මාලු වගේ මස් පෝශ ගුනයෙන් වඩාත් සාරවත් වෙනවා. අනෙක් පැත්තෙන් ලංකාව වටේම මූද සහ ධීවර වරායන් ගොඩක් තියෙන අපේ රටේ බලමාලු රට යැවීමත් හොද බිස්නස් එකක්. ටූනා අතර සුලබ බලයාටත් විදෙස් වෙලදපොල තුල හොද ඉල්ලුමක් තියෙනවා. 


Wednesday, November 4, 2020

තල්මස්සු ගොඩට එන්නේ මොනා ගන්නද?

 එක තල්මහෙක් ගොඩ ගහන්න හේතු


යම් රෝගයක් වැලදුනාම හෝ තුවාලයක් සිද්ද වුනාම

·        අයහපත් කාලගුණය නිසා

·        වයසට ගිහින් සෙන්සර් අවුට් ගියාම

·        දිශාව සහ වේගය හසුරුවාගන්න බැරි වුනාම

·        බීච් එක දිහාට එන විදිහට තල්මසුන් දඩයම් කිරීම.

මේ තල්මසුන්ගෙ ජාති දෙකක් තියෙනවා තල්මසුන් දත් තියෙන තල්මසුන් සහ දත් නැති තල්මසුන්. මෙයින් තද් තියෙන සත්මසුන් ලොකු කාන්ඩ පිටින් තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ගෙන් එක කාන්ඩෙකට යම් අවුලක් වුනාම එයාල යම් කරුණක් නිසා ගොඩබිමට එනවා නම් ඒ එකකම ඉතුරු කාන්ඩෙත් එනවා කියලා එක මතයක් තියෙනවා.

කිලර් වේල් කියන තල්මසුන් ආජන්ටිනා වෙරළ තීරයට බොහොම ලගට ඇවිත් තිබුනා එක වෙලාවක දඩයම් කරන්න. ඒ කියන්නේ මිනිස්සු ඇවිල්ලා තල්මසුන් දඩයම් කරනවා නෙමෙයි. තල්මසුන්ට ඕනි වුනා මූද අයිනේ අව්ව තැප තැප වැඩිය ඈතට නොයා ඉන්න සීල් මසුන් දඩයම් කරන්න. ඒකට වහ වැටිලා තල්මසුන් බීච් එක ලගට ආවම එයාලට හිර වුනා.

අති ධ්වනි තරංග

මූද යට කෙරෙන මනුස්ස රාජකාරි ගොඩක් තියෙනවා. මූදේ යාත්‍රා වල දිශාවන් හෛායාගන්න වගේම ඔත්තු සේවාවන් දුර තියෙන සබ්මැරීන සොයාගන්නත් සෝනාර් සංඥා පාවිච්චි කරනවා. මේ සෝනා සංඥා වලින් තල්මසුන්ට සහ සාගර ජීවින්ට දැඩි හානි වෙන්න පුලුවන්. තල්මසුන්ගේ පේශි අක්‍රිය වීම. සහ ඉන්ද්‍රියන්ට පවා මේ සෝනා සංඥාවන් නිසා ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවකට ඒ සංඥා වලින් ගැලවෙන්න තල්මසුන් රංචුව පිටින්ම පිලිසරණයක්සොයාගෙන ඒ සංඥාවේ මූලයෙන් ඉවතට යාත්‍රා කරනවා. ලංකාවට ආපු සීයකට අධික තල්මසුන් ගොන්නෙන් 5ක් මැරුනා. මේ මැරුන තල්මසුන් නිසි ලෙස ගවේශනය කලොත් ඇත්තටම ඔවුන්ට යම් අහිතිකර සංඥා හෝ වෙනයම් උවදුරක් නිසා ආවාද කියලා යම් අදහසක් ගන්නට පුලුවන් වෙනවා.

යධ අභ්‍යාසකක් නිසා ගොඩබැස්සාද?

මේ දිනවල බෙංගාල බොක්ක ආශ්‍රිතව නාවුක යුධ අභ්‍යාසයක් ක්‍රියාත්මක වන බවත් ඒ නිසා මේ තල්මසුන්ගේ සන්නිවේදන කටයුතු වලට බාධා වෙලා තල්මසුන් ගොඩ බෑවා කියලත් මතයක් ඇවිත් තිබනා. ඒත් එයත් හරියටම සනාථ නොකල මතයක්.

ලංකාවෙ පානදුරට ගොඩ බෑවේ පයිලට් වේල් කියන තල්මසුස් ජාතිය මේ ජාතියෙම කාන්ඩයක් ඹීට සති කීපයකට කලින් ඔස්ත්‍රේලියාවේ තස්මේනියානු වෙරලට ගොඩ බැහැල තිබුනා ඒ වගේම 2018 වර්ශයේ මාර්තු මාසෙදිත් ඔස්ත්‍රේලියාවේ බටහිර වෙරළට තල්මසුන් 150කට වැඩි පයිලට් වේල් කියන තල්මසුන්ගේ සයිස් එක අනුව තරමක් කුඩා තල්මස් විශේෂයක් වන මේ පයිලට් වේල් කියන තල්මසුන් ගොඩ බැහැල තිබුනා. ඔස්ත්‍රේලියානු වෙරල තීරවලට පයිලට් වේල් ගොඩ බැහීම එතරම්ම සුලබ දෙයකුත් නෙමෙයි 2008 කලින් වාර්තා වෙලා තිබුනේ 1996 දි. එදා පයිලට් තල්මසුන් 320ක් පමණ ඔස්ත්‍රේලියාවේ ඩුන්ස්බොරෝ වෙරළ තීරයට ගොඩ බැහැල තිබුනා. ඒ කොයිහැටි වුනත් වාර්තා වෙන විදිහට  පයිලට් වේල්  කියන තල්මස් විශේෂය මේ විදිහට සමූහ වශයෙන් බීච් එකට ගොඩ බාලා මියැදෙන්න කැමති සත්තු විශේෂයක්.

තවත් ගොඩ බාපු තැන්

නවසීලන්තයත් මේ තල්මසුන් ගොඩ බෑම සම්බන්ධයෙන් ජනප්‍රිය රටක්. සෑම අවුරුද්දකම නවසීලන්තයේ දකුනු දිවයිනේ එක්තරා වෙරළ තීරයකට ඩොල්පින් සහ තල්මසන් ගොඩ ගහනවා. 2017 අවුරුද්දේ පෙබරවාරි මාසේ ඒ විදිහට ගොඩ බාපු පයිලට් වේල්ස් කියන තල්මසුන් ප්‍රමාණය 400ක් ඉක්මවලා තිබුනා. කිලෝමීටර 5ක් දුරට මේ පයිල්ට් වේල් ලා ගොඩ ගසා තිබූන බව තමයි වාර්තා වෙන්නේ. එ ්නවසීලන්ත වෙරළ ථීරයේ ජීවත් වෙන වයසක උදවියට නම් මේක අලුත් සිදුවීමක් නෙමෙයි. මේ නවසීලන්තයේ ෆෙයාවෙල් ස්පිට් කියන වෙරළ තීයේ බොහොම කාලෙක ඉදන් මේ තල්මසුන් ගොඩ බාන තැනක් කියලා හදුනාගන්න තල්මසන්ගේ ඇටසැකිලි කාලෙක පටන් මේ පැත්තේ විසිරිලා තියෙනවා. ඒ පලාත්වල නවසීලන්තයට සුදු ජාතිකයින් එන්නට කලින් හිටිය ගෝත්‍රිකයින් ඒ තල්මස් ඇට කොටස් වලින් විවිධ ආයුධ නිර්මාණය කිරීම ආභරන සෑදිම ආදී දේවල් කරගෙන තියෙනවා.

නවසීලන්තයට එහා පැසිපික් සාගරේ තියෙන චැතම් දිවයිනට මිට අවුරුදු සීයකට කලියෙන් 1918දි  තල්මසුන් 1,000කට වඩා ගොඩ බැහැලා කියලා වාර්තා වෙලා තියෙනවා. ඒක ඉතිහාසයේ සදහන් පැරණිතම සහ විශාලතම තල්මසුන් ගේ ගොඩබෑම විදිහට වාර්තා වෙනවා.

තල්ලු කරල හරියනවද?

මේ තල්මස්සු ගොඩබිමට ලගා වෙද්දි උන්ට උන්ගේ ඉන්ද්‍රිය හසුරුවාගන්න බැරිවෙනවා. මොකද ඉන්නේ උන්ට පුරුදු වතුර තත්වයේ නෙමෙයි නිසා උන්ට උන්ගේ තියෙන පේෂි වාරු නැතිව යනවා. ඒ නිසා ගොඩක්ම වැලි ගෑවෙන වෙරල තීරයට ආවාම ආයේ මිනිස්සුන්ගේ සහායක් නැතුව මේ තල්මසුන්ට මූදට යන්න  අමාරුයි.

තල්මසන් සහ ඩොල්පින් සතුන ්මේ විදිහට ගොඩබාන තැන් බොහෝවිට වෙරල මුහුදට නෙරාගිය කොකු ස්වභාවයක් ගන්නා ස්ථාන බවට පෙනී යනවා. ඒත් එහෙම වුනට හැම මුහුදට නෙරාගිය කොක්කෙකම තල්මස්සු බාන්නෙත් නැහැ. නොගැබුරු මුහුද තියෙන වෙරළ ඉදිරියට කොකු වගේ නෙරාගොස් තිබෙන විශේෂ භූ ලක්ෂන මගින් තල්මසන් සහ ඩොල්පින්ගේ සෝනාර් සංඥා යම් නොමග යැවීමක් සිදුවනවාද කියන එකත් තල්මසුන් ගොඩ බෑම ගැන එක මතයක් වෙනවා. ලංකාවේ පානදුර වෙරළ තීරය එහෙම කොකු ස්වබාවක් ගන්නේ නැහැ. ඒත් පානදුර මෝය කටින් එපිටට ඇති ගල්පරය නිසා බැලූබැල්මට යම් කොකු ස්වභාවයක් ගන්නා තැනක් බවට පේන්න තියෙනවා.

පෘතීවි ගෝලයේ සාධක

 මේ ඩොල්ෆින් සහ තල්මසුන් පාර හොයාගන්නා සංඥා විශේෂයට සූර්ය තරංග සහ පෘථිවියේ චුම්භක ක්ශේත්‍රයේ යම් බලපෑමක් තිබෙන බවට මතයකතු ත්යෙනවා. හිරුගේ සිට එන විවිධ රැස් දහරාවන්ට පෘතිවියේ තියෙන සාගර කලාප සහ පාශාන අහුවෙලා ඒවායේ චුම්භක ක්ශේත්‍රයන් වෙනස් වෙන්නට පුලුවන්. එවිට ඒ අනුව මාර්ගය සකසා ගන්නා ඩොල්පින් සහ තල්මසුන්ට පාර සොයාගන්නට අපහසු  වෙන්න පුලුවන් කියලා මතයකුත් විද්‍යාඥයින් අතර තියෙනවා.

අවසාන වශයෙන් මේ තල්මසුන් සහ ඩොල්ෆින් කිය්නනේ සමූහ වශයෙන් හැසිරෙන වර්ගයක්. ඉතින්මේ සමූහ වශයෙන් දිවි ගෙවන පිරිස අවසාන ගමනත් එකටම යෑමට තීරණය කිරීමක්වේනනට පුලුවන් කියන මතයකුත් තියෙනවා. මේ සමූහ ගොඩබෑමට නිතර ලක්වෙන පයිල්ට් වේල් කියන වර්ගය බොහොම සමාජශීලි සත්ව විශේෂක් ලෙස දැක්වෙනවා. ඒ නිසා එක් මත්සයකු ලෙඩ වුවත් අනෙක් අයත් සපෝට් එකට එනවා වැගි ගතිගුනයක් මුන්ගේ පවතින්න පුලුවන්. එවැනි ගතිගුණ මිනිසුන්ගේ වගේම ඩොල්ෆින් සහ තල්මසුන් වැනි සමාජහීලි බවින් වැඩි සතුන් අතරත් පවතින්නට පුලුවන්.

 කොහෙම වුනත් මේ තල්මසුන් සහ ඩොල්ෆින්වරුන් සමූහ වශයෙන් මිය යෑම කියන්නේ තවමත් හරිහැටි හේතුවක් සොයා නොගත් දෙයක්. ඒත් තල්මසුන් සහ ඩොල්ෆින්ලා මෙසේ වෙරළට ඒම සහ ඇවිත් මියැදීම අලුත් දෙයක් නම් නෙමෙයි.



Tuesday, October 21, 2014

බලු ගැටළුව විසදන්න බල්ලො මරමු




 ඉස්සර බල්ලො මැරුව. පාරෙ ඉන්න බල්ලො බලුවෑන් එකෙන් ගෙනියනවා. බලු වෑන් එක, බල්ලො අල්ලනඉස්පැක්ටර් ලා ඉස්සර කාලෙ ඉදලා තියෙනවා. දැන් බල්ලො ඉන්නවා. නමුත් මරන්නෙ නැහැ. 
අයාලෙ යන බල්ලො නිසා අනතුරු වෙනවා වැඩියි. ප්‍රධානතම අවධානම තමයි ජලභීතිකාව. ජලභීතිකාව ඇතිවෙන්න එක මූලික හේතුවක් බල්ලෝ අපිව හැපීම. පාරෙ ඉන්න බල්ලො නාන්නෙ නැහැ. උන්ගේ ඇගේ මැක්කො,කිනිතුල්ලො, සහ ඇහැට නොපෙනෙන රෝගකාරකයින් බොහොමයි. ඒ බල්ලන්ගෙන් ඒ ආකාරයේ රෝග ආදිය බෝ වෙන්නත් පුලුවනි. 

මේ ඉහත වීඩියෝවෙ තියෙන බස් නැවතුම මේ ආන්ඩුවෙන් ලක්ෂ ගානක් වියදම් කරල හදපු එකක්. ඒ බස් නැවතුමට මම යනකොට බල්ලො හත් අටදෙනෙක්ම වැස්සට ඇවිත් තිබුනා. මිනිහෙක්ට එතන ඉන්න අමාරු තරං ගදයි සමහර බල්ලො. සමහර උන් කසනවා කසනවා ඉවරයක් නැහැ. 

ඒ මදිවට බල්ලො පොරකනවා. බල්ලන්ට සහ සත්තුන්ට ආස අය එකතුවෙලා තමයි මේ බල්ලො මරන්න බැහැ කියන නීතිය ගෙනල්ල තියෙන්නෙ. මට අනුව ඒක ඕනි නැති නීතියක්. බල්ලො වුනත් සමාජයට ප්‍රජාවට වැඩි නම් උන් අයින් කරන්න ඕනි. බල්ලො උපරේෂන් කරලා උන්ගේ අනාගත කූට්ටම අයින් කරන එක හොදයි. නමුත් ගංතුලානෙ පොඩි ටවුන් වල හෙම ඔය වැඩ වෙන්නෙ බොහොම මන්දගාමීව. ඒ නිසා ලේසිම වැඩේ වැඩි බල්ෙලා මරන එක. 

ඔයාගේ ආච්චිහෝ පවුලේ කෙනෙක්ගෙදර ටවැඩියි කියලාඔයා මරල දාන්න හිතනවද? නැහ නේද? කියලා කෙනෙක් මට බනීවි. නමුත් අපේ ආච්චියි බල්ලයි කියන්නෙ වස්තු දෙකක්.මේ බල්ලො වැඩිවුනාම පාරට යනවා. පාරට ගියාම බයිසිකල්පදින අයට වාහන පදවන අයටමේ බල්ලො පුදුම ඇනයක් වෙනවා.ඒ වගේම ජලභීතිකාවබෝ කරන්නත්මේ අය ලොකු දායකත්වයක් සපයනවා. 

ඉස්සර එස්කිමෝ වරු තමුන්ගේ පවුලේ ඉන්න වයසක සහ ඉතා කුඩා ලමයි වැඩියි කියල හිතුනාම හිම තියෙන එලියේ දානවලු. ආයිත් පැය ගානකින්ඇරලා බලනකොට ඒ අයජීවත් වෙලා හිටියොත් ඇතුලට ගන්නවලු. දැන් එස්කිමෝවරු එහමෙ කරන් නහැ. එයාලට උපත් පාලනය ගැන හොද අවබෝධයක් ප්‍රායෝගිකව තියෙනවා. 

නමුත් බල්ලන්ගේ උපත් පාලන වැඩ හරියට පිලිවෙලට වෙන්නෙ නැහැ. ඒ අපිලිවෙල වැඩෙන් අසරණ මිනිස්සු අපි වගේකාර් බාර් නැතුව පාරෙ පයින් යන බයිසිකල් වලින් යන මිනිස්සුන්ට තියෙන්නෙ හද්ද වදයක්. ඔය බල්ලෙක් කාල සතියක් දෙකක් ඉස්පිරිතාලෙ ලගින්න වුනාම ඒ පවුල වෙනුවෙන් මිනිස්සු පෙනී ඉන්න නැහැ.. අර බල්ලා වෙනුවෙන් නම් කස්ටිය පෙනී සිටීවි. 

මට අනුව බල්ලනට් වඩා මිනිස්සු වටිනවා. විශේෂයෙන් පාරෙ පයින් යන මගේ මට්ටමේ පහල මධ්‍යම පාන්තිකයින් වටිනවා. අපිට බල්ලෙන් නිසා සිදුවෙන රෝගයකින්, අනතුරකින් දවස් හතර පහක් ඉස්පිරිතාල ගතවෙලා ඉන්න හැකියාවක් නැහැ. ඒ නිසා කාර් තියෙන හොද පොස් අයට ඕනි නං බල්ලො ටික ගාල්කරගන්න පුලුවනි. අපිට අපේ ප්‍රාදේශීය සබා වලට, පි ඇච් අයි මහත්වරුන්ට බල්ලො මරන්න පුලුවන් වෙන්න විධිවිදාන ටික හදලා දෙන්න ක්‍රියාකරනවා නම් ලොකු දෙයක්.

Tuesday, August 27, 2013

මරේ වත්ත මාලු වාඩිය සවාරිය.Mare Estate Fishing Hut at Maskeliya





මරේ වත්ත තියෙන්නෙ නල්ලතන්නියට යන පාරෙ. නල්ලතන්නිය කියන්නෙ හැටන් පාරෙන් සිරිපා යන පිවිසුම. මස්කෙළියෙ ඉඳන් කිලෝමීටර 13ක් විතර තිබෙනවා නල්ලතන්නියට. හැටන් වල ඉඳන් කිලෝමීටර 30ක් විතර තියෙනවා. ඉතිං නල්ලතන්නියෙ ඉඳන් ෆිෂින් හට් කියන නවාතැනට කිලෝමීටර දහයක් පාලවක් වගේ තියෙනවා. කොහොම වුනත් සිරිපා සමයෙදි මේ මරේ වත්ත සහ ෆිෂින් හට්ස් වලට කිට්ටුම ප්‍රධාන නගරය තමයි මස්කෙළිය. කන බොන හැම දේම ගන්න පුළුවන් හොඳට සිග්නල් තියෙන ටවුම තමයි මස්කෙළිය. නල්ලතන්නියත් ජනාකීර්ණ ටවුමක් සිරිපා සමේදි. නමුත් අවාරෙට නල්ලතන්නිය පාලුයි.
මාඋස්සාකැලේ ජලාශය වටේ ගිහින් තමයි අපි නල්ලතන්නියට යන්නෙ මස්කෙළියෙ ඉඳන්. මේ මාඋස්සාකැලේ ජලාශය හදනකොට ඒකට ගිහිපු පිරිසක් නල්ලතන්නියෙන් සිරිපා වලට තියෙන කෙටි පාර හොයාගත්තා කියලා මම වෙබ් අඩවියකින් කියෙව්වා. සමහර විට ඇත්ත වෙන්න ඇති. සිරිපා යන සිරාම පාරවල් වෙලා තියෙන්නෙ රත්නපුර, කුරුවිට එරත්න වගේ පාරවල්. රජ කාලෙ රජගොල්ල ගිහින් තියෙන්නෙ මේ රත්නපුර පැත්තෙ පිවිසුම් වලින්. නටඹුන් සෙල්ලිපි ආදිය සහ ඔරිමජිනල් ඉදිකටුපාන, අහස් ගව්ව, ලිහිණිහෙල, සීත ගඟුල තියෙන්නෙත් රත්නපුර පැත්තෙන් එන පිවිසුමේ. පසුකාලීනව හැටන් පාර ලේසි නිසා ඒ පැත්තෙන් සිරිපා කරුණාකරන්න බැතිමතුන් වැඩිපුර පෙළඹෙන්න ඇති. ලේසියට ගියාට ස්වභාව සෞන්දර්ය සහ වන අසිරිය අතින් හැටන් ප්‍රධාන පිවිසුම වන නල්ලතන්නියට වඩා අනික් මාර්ග වලිව් සිරිපා ගමන වඩා පියකරුයි.

ෆිෂින් හට්ස් කියන්නෙ සිරීපාදෙ හැටන් මාර්ගෙ කිට්ටුව තියෙන නවාතැන් පොලක්. සීතල, වනසතුන්, වනඅසිරිය සහ දිය ඇලි සපිරි බිමක සොඳුරු දිනක් දෙකක් ගෙවාගන්න පුළුවන් තැනක් තමයි ෆිෂින් හට්ස් කියන්නෙ. ෆිෂින් හට්ස් වල ගානනම් ටිකක් සැරයි වගේ. දහ දෙනකුට රුපියල් දහ දාහක් වගේ යනවා එක රැයකට. සමහර විට මීට වඩා රුපියල් දෙදාහක් විතර අඩුවෙන්නත් පුළුවනි.

නල්ලතන්නියෙන් හැරිලා කිලෝමීටර 15ක් විතර මරේ වත්ත කියන විසාල තේවත්ත මැදින් තමයි මේ නවාතැන් පොළවල් වලට යන්න තියෙන්නෙ. මරේ වත්ත කියන විසාල තේ වතු යාය විසාල කඳු යායක් පුරා පැතිරිලා තියෙනවා. කොටස් ගානකින් සමන්විත මෙම වතුයායේම එක්තරා කොටසක කෙළවරේ තමයි ෆිෂින් හට්ස් තියෙන්නෙ. කොහොම වුනත් නල්ලතන්නියෙන් හැරිලා යන්න තියෙන පාරනම් අජපල්. වලවල්, ගල්ගෙඩි ගැටි පිරිච්ච මේ මාර්ගයේ සාමාන්‍ය කාර් රථයකට බස් රථයකට යන්න බැහැ. ඩිමෝ බට්ටා හෝ හොඳ ෆෝ වීල් වාහනයක් තියෙනවා නම් හොඳයි වැඩේට. ටිකක් උස වෑන් එකක් වුනත් ඒ තරම්ම අවුලක් නැහැ.

පහසුකම්.

නිදාගන්න සුවපහසු කාමර තියෙනවා. නාන්න වතුර ටික ළඟ තියෙන දොලේ නිල් කැටේට වගේ තියෙනවා. ටොයිලට් පහසුකම් තියෙනවා. නමුත් විදුලි බලය නම් නැහැ. විදුලි බලය ලඟටම ඇවිල්ල තිබුනත් වතු අධිකාරිවරු කැමති නැහැලු මෙතන්ට විදුලිය ගන්න. අපි එක්ක කතා කල කෝකි අයියා කිව්වෙ එයානම් ලයිට් එනවාට ආසයි කියලා. නමුත් ලයිට් ආවම මේ ෆිෂින් හට්ස් වල තියෙන ස්වාභාවික ගතිය නැතිවෙල යාවි කියලා මට හිතුනා. කුඩා ලමයි එහෙමආවත් සීතලයි කියලා උනුවතුර නාගන්න විදියක් නැහැ. මේ විදියටම ඉන්න වෙනවා.

ඇඳන් හදල තියෙන්නෙ ලීයෙන්. කොළඹ වගේ පැත්තක දේසගුනේට හුරුවුන අය යනවා නම් ජැකට්, බ්ලැන්කට්, බෙඩ්සීට් ආදිය අරං යනවා නම් ඒක සරීර සනීපෙට හොඳයි.

සුද්දො ඉන්න රටවල සෘණ අගයන්ටත් සීතල යනවාලු. උන්ට නම් මේවා ගානක් නැතුව ඇති. ඒත් අපිට නම් මේක මැජික්. මොකද කෝක් බෝතලේ පිටින් පැයක් දෙකක් දොලේ දාල තිබ්බහම සීත පෙට්ටියෙ දාල තිබුනා වගේ කෝක් එක සීතල වෙලා. ඒ තරම් සීතල. වතුරට බහින්න බැහැ දවල් වෙනකල් ගල් වෙන්න අයිස් දියවෙච්චි වගේ සීතල. අපි අරං ගිය මස් කුකුලා පැය හතරක් විතර වෙනකල්ම ගල් වෙලාම තිබුනා. කෑම ජාති වුනත් ඉක්මන්ට නරක් වෙනවා අඩුයි ඒ සීතලට.

බලන්න තියෙන දේවල්.

මේකනම් හරිම වෙනස් වෙන සුලු දෙයක්. සමාරු ලෝකාන්තෙ බලන්න හෝටන් තැන්නෙ කිලෝමීටර් ගානක් පයින් ගිහිං කකුල් කැඩෙනකල් ඇවිදලා ඇවිත් වාහනේ ළඟට වෙල කකුල් අතගගා කියනව අයියෝ අපි මේ මොකද මෙච්චර අමාරුවෙන් පල්ලමක් බලන්න ගියෙ කියලා. හෝටන් තැන්නෙ තියෙන විශේෂ භූමි දර්ශන, විශේෂ ආකාරයේ වෘක්ෂලතා බෑවුම් ආකාර මනරම් දර්ශන එයාලට දැනිල නැහැ. ඇවිද්ද එකේ අමාරුව විතරක් කකුල් දෙකට දැනිලා.

සමහර විට ගැස්සි ගැස්සි පැය එකහමාරක්දෙකක් මරේ වත්ත ඔස්සේ ගිහින් ෆිෂින් හට්ස් බලන්න ආවම සමහ ර අයට හිතෙයි. අයියෝ මොකද්ද මේ විකාරෙ මීට වඩා හොඳ නැද්ද කොළඹ ඒසී කාමරයක් මිල අඩු තැනකින් බුක් කරගෙන බෝතල් ටික සෙට් කරගෙන කස්ටියම බිව්වනම් කියලා. ඒත් කොළඹ ඒ සී කාමරෙයි මේවගේ ස්වාභාවික වායුසමන තැනකයි තියෙන තත්වය පස්ට වෙනස්. ඒකෙ වෙනස දැනෙන්නෙ නැත්තං ඉතිං සොරිම තමයි.

සත්තු
ඉත්තෑවො, ගෝන්නු, කොටි මීමින්නො වගේ විසාල සත්තු වගේම අකාර ගනනාවක සර්පයින්, පක්සීන් මකුළුවන්,සමනලයින් ආදි සමනල අඩවියේ ඉන්න බොහොමයක් සත්තු මේ අපි බලන්න ගිය කැලෑ පෙදෙසේ ඉන්න ඇති. නමුත් අපේ ඇස ගැටුනේ කුරුල්ලො කිහිප දෙනෙක් විතරයි. ඒ වගේ එක එක සත්තු ජාති ඉන්නව කියලා බෝඩ් නම් ගහල තිබුනා. අපේ හට් එකේ ඉවුම් කටයුතු කරපු අයියත් දැකල තිබුනා එදා රෑ ගෝනෙක්. නමුත් අපි දැක්කෙ නැහැ නෙව. ගෝන දැක්ක වෙලාවෙ අයියට අපිට මිස් කෝල් එකක් වත් දෙන්න තිබුනා කියලා අපිට හිතුනා. ඒත් පස්සෙ කල්පනා වුනා ඒකටවත් මොබයිල් සිග්නල් නැහැ කියලා.


වතුර සහ දිය ඇලි.

මේ ළඟින් ගලා යන දිය පාරට නමක් තියෙන්න ඇති. නමුත් අපි දන්නෙ නැහැ නම මොකද්ද කියලා. ඒ දිය පාර දිගේ අපේ හට්ස් තියෙන තැන ඉඳලා කිලෝමීටර දෙකක් විතර උඩහට ගියාම තියෙනවා මීටර දහයක පාලවක විතර ලස්සන දිය ඇල්ලක්. දිය ඇල්ල ළඟ හරිම හීතලයි. වතුර වැටිලා හිරිගඩු පිපෙනවා. දිය ඇල්ලට යන්න විශේෂ පාරක් නැහැ. මේ දොලපාර හෝ ඔය දිගේ ගලින් ගලට පැනලා තමයි ඉහලට යන්න තියෙන්නෙ. ඒකත් මහ පුදුමාකාර අත්දැකීමක් වුනා. එක ගමනක් වැටෙන්න ගිහින් මගේ කැමරාවත් සෙත්ත පෝච්චි වෙනවා තව ටිකෙන්. යන්තම් කැමරාවට වතුර ටිකක් ඉහුනා. නමුත් ඇතුලට වතුර ගිහින් තිබුනෙ නැහැ.

සිරීපාදෙ.

මෙතන ඉඳලා සිරිපාදෙට පැයදෙකක් වගේ ගමනක්ලු තියෙන්නෙ. මේ ෆිෂින් හට්ස් තියෙන තැනට එපිටින් සිරිපා දේ හැටන් පාරේ මහගිරිදඹේ කිට්ටුවට වැටෙන සෝට් කට් එකක් තියෙලු. සමහර කාල වල සිරිපාදෙ බාර නායක ස්වාමින් වහන්සේලා සහ ලොකු ලොකු උදවිය මේ පාරෙන් සිරිපා යනවාලු. ඒ වගේම සිරිපා කාලෙට සිරිපා වලට තියෙන අඩු දුර නිසා ෆිෂින් හට්ස් වලට හොඳ කාලයක් උදාවෙනවා කියලත් අපිත් එක්ක කතා කරපු කුක් අයියා කිව්වා. සිරිපාදෙ මහගිරිදඹේට පහලින් හෙලිකොප්ටර් අංගනයක් හදන්න යන කතාවක් තිබුනා නේ. මං රත්නපුර පැත්තෙන් සිරිපා බැස්ස වෙලේ එහේ කඩවල් හිටපු අය කිව්වෙ ඒ පැත්තෙ තමයි හෙලිකොප්ටර අංගනය හදන්න ගියෙ කියලා. නමුත් මේ පැත්තෙ ඒ කිව්වෙ හැටන් පැත්තෙ අය කියනවා මේ වත්ත කිස්ටුව තියෙලු මහ තැනිතලා බිමක්. ආන්න එතන ඔය කියන හෙලිකොට්ටර අංගනේ හදන්න යනවා කියලත් ඒක බලන්න සහ සැලසුම් කරලා පාරවල් හදන්න මහත්තුරු ඇවිත් කතා කලා කියලත් අපේ කුක් තුමා කිව්වා. කුකා කිව්වට ඕවා ඉතිං කුකාගේ නයාද දන් නැහැ.

තරුණ පිරිසට විනෝද වෙන්න ස්වභාව සෞන්දර්යය විඳින්න හොඳ තැනක් තමයි මස්කෙලිය ෆිෂින් හට්ස් කියන්නෙ. ඉතිං කැමති කෙනෙක්ට ෆිෂින් හට්ස් ගැන විස්තර අන්තර්ජාලයෙන්ම සොයාගත හැකි ගූගල් සෙවුමක් මගින්.

Saturday, August 3, 2013

Rathupaswala Weliweriya අවියෙන් දුන් වතුර




පිරිසිදු වතුර තවනම් ලිංවල ද නැත..
නාන සෝදනා ජලයද විස වි ඇත
පේන පේන හැමතැනකම විපත ඇත
යන එන දනා හැම සෝකෙන් බරව ඇත..


ආගම් බේද ජාතිය කුල පසෙක තබා
කූඹින් වගේ ගම විසු සැම එකතු වෙලා
ස්වාමින් වහන්සේ සුරුවම් පෙරට දමා
රතුපස්වල ඇත්තො සටනට පෙරට ගියා..


පැය ගානක් දින ගානක් ගෙවිල ගියා
මහජන විරෝධය ගානක් නැතිව ගියා
පැක්ටරි වැසුම ගැන පොරොන්දු පිරිල ගියා
පොරොන්දු නම් ගමටම උතුරලා ගියා..


මර බිය නැති කරනු පිණිසම පේ වෙච්චී..
මර වින තුමත් මහජනයට සෙට් වෙච්චී
මර වින කරනු මිස විනයක් නැති වෙච්චී
ඒකා හූව කාගෙන ගොස් නැති වෙච්චී..


වතුර ගැන කතා දිග දිග ඇදුන නමුත්
කිසි වෙනසක් වෙන්නේ නැහැ නෙවද තවත්
කියලා පිරිස රැස් වී මහ පාරෙ තවත්
ඉදිරියටමැ ගියා බිය නැති වී ගියා ලෙසින්..


කඳුලු ගෑස් වතුර බැරැල් දැක්කෙ නැත
රබර් උණඩ නම් කිසිවෙකු දැකල නැත
ජීව උණ්ඩ කොපු තැන තැන දැකල ඇත
සෝන වගේ විය වැලිවේරිය දසත..


රටට ආදරේ ජන මන සුව පිණිස වන
රජය හරිම ආලය පෙන්වා යසට
ජහමන වෙතට අවි ගෙන පෙන්වා රගට.
පවස නිව්ව හැටි කදිමයි බලන්නට..


නරක වතුරු බී මියැදෙනු කමක් නෑ..
මැරෙන කොට ලැබෙන ගරු කම් ලොවෙත් නෑ..
වැනෙන විපක්ෂය මේවා දකින් නෑ..
ආශ්චරිය දැක දැක අපි සැලෙන් නෑ..






Wednesday, May 29, 2013

ඉන්දරතනලා බිහිකරන ක්‍රමයට ජයවේවා

සමහරු මේකට ධර්මය ගාවන්න හදනවා. තවත් අය එහෙනම් ඔක්කොම මස් නොකා ඉමු කියනවා. ධර්මානුකූල වුනත් නොවුනත් අපිට මොකද? අපිට පාන්ද? ඒ මනුස්සයාගේ තිබුන පිස්සුවකට ඒ මනුස්සය මලා ඉතිං අපි මොනවා කරන්නද?

මේ ඇවිල්ලා මනුපොතේ එක්තරා බුද්ධිමතකුගේ කමෙන්ටුවක්. අපි බ්ලොග් ලියලා ස්ටේටස් දමලා දැනුවත් කරන්න යන්නෙ මුන්ද කියලා එතකොට හිතෙනවා. ෆීඩින්ද මන්කි කියලා බ්ලොග් එකක් තියෙනවා. ඒකෙ අදහස් කෙසේ වෙතත් මම ඒ නමට කැමති. මොකද ලංකාවෙදි උගත් වුනා කියලවත් තානාන්තර ලැබුනා කියලවත් මිනිස්සු මානසික වශයෙන් ඉහලට යෑමක් නැහැ. ආකල්ප වෙනසක් නැහැ. හිටිය තැනමයි. මනුස්සයෙක් ගිනිතියාගෙන මැරුනම ඒක දිහා බලාගෙන සෙට් එකක් කැමර් අල්ලගෙන හිටියම. ඒක රට පුරා නිවුස් එකක් විදියට පැතිරෙන ගත්තම. ඒත් කිසිවක් ඇඟට නොදැනි ඉන්නවා කියන්නෙ මේ යුගයේ මනුෂ්‍යයින්ගෙ නියම නියෝජනය.

මේ ලෝකෙ දෙවියන් මවල ඉවරයි. ඉතිං අපි අපේ වැඩක් බලාගෙන අපේ දෙයක් කරගන්න. ඒ ඇර මොකද්ද වෙන කරන්න තියෙන්නෙ. අපිට පුලුවන්ද බාං ලෝකෙ වෙනස් කරන්න. එහෙම හිතන අය බොහෝමයි. ලංකාවෙ පුටු වල ඉස්සරහින් ඉන්නෙත් ඔය වගේ අදහස ්තියෙන අය. ලෝකෙට පේන්න එක එක දැන්වීම් දැම්මට ඒවා ඇතුලෙ ඉන්නෙ අනික් එකාට හෙන ගහල ගියත් මගේ ආතල් එකට හානි නොවනවා නම් කමක් නැහැ කියන කුහක හැත්තක්.

මොනව උනත් සමාජයට අයිති මෝඩ මිනිස්සු බුද්ධියෙන් අඩු මිනිස්සු එක එක විකාර වැඩ කරනකොට අපි අනුකම්පා කරන්න ඕනි. අපි ඒ මිනිස්සුන්ට තවත් ඒ විදියෙ දේවල් වෙන්න ඉඩ තියන්න නරකයි. සිවුර තිබුනා. සීලෙ තිබුනා, මිනිහා දේශපාලනය කලා නොකලා ඒ අපේ ඇස් පනාපිට පිලිස්සිලා මියගියේ නලුවෙක් නෙමෙයි. සාමාන්‍ය මනුස්සයෙක්. ඒක තව ජේමිස් බොන්ඩ් එකක පිච්චිලා ගිය චරිතයක් නෙමෙයි. ආයෙ මනුස්ස ලෝකෙට නොඑන්න අවීචි මහා නරකාදියටම යන්න ඇති කියලා හිතන්න පුලුවන් මනුස්සයෙක්.

මැරුණ හාමුදුරුවොත් ඒ පැත්තට කතා කරන අයත් කියලා තිබුනා දළදා මාලිගාව වටේ හොටල් තියෙනවාය. දළදා මාලිගාව අසලම පේන මානයෙ මස් කඩ තියෙනවාය. ඒ වා දැක්කම පිළිකුල් හිතෙනවාය කියලා කතාවක්. මොන අරමුණින් කිව්වත් කතාව ඇත්ත. ලංකාවෙ මස් විකුනන විදිය දැක්කම හිතෙන්න නැහැ අපි ශිෂ්ඨාචාරයට ඇවිත් තියනෙවා කියලා. කොක්කෙ එල්ලලා සතාගෙ ගාත් පිටින් ලේ වැක්කෙරනවා. එතකොට අපිට පුදුම කැතක් ඇතිවෙනවා. අනික ඒ මස් වල ප්‍රමිතිය. තියෙන්න පුලුවන් විශබීජ ආදිය ගැන නිසි පරීක්ෂණ වෙන පාටක් නම් පේන්න නැහැ. ඔහෙ කොහේ හරි යන හරකෙක් හෝ සතෙක් මරාගත්තම කොක්කෙ එල්ලලා කෑල්ල කෑල්ල කප කප විකුනනවා. ඕක දකින්න අප්‍රසන්න දෙයක්.

ඉතිං ඔය තරං කැත නැහැ ෆුඩ් සිටි වල තියෙන මස්. හරි ලස්සනට යකෝ මේ හරක් මස්ද කියලා හිතෙන තරමට ලස්සනට පැක් කරලා තියෙනවා. මස් වල ප්‍රමිතිය, කල් පැවැත්ම, කල් ඉකුත්වීම ආදිය බලලා. නියමිත පරිදි ශීත වෙනවාද කියලා බලන්න පී ඇච් අයි මහත්ැන්ට කියලා. ගාත් පිටින් කොකු වල එල්ලගෙන කරන මස් වෙළඳාම ශීතකරණයක් ඇතුලෙ දාගෙන විකුනන්න කියලා නීති ගෙනාවනම් ඒක ඒක ලස්සනයි නේද? එහෙනං දකින එකා ට ඒ තරම් පිළිකුලක් ඇතිවෙන්නෙ නැහැ නේද?

අනිත් කාරණාව තමයි දළදා මාලිගාව වටේ මස් කඩ තියෙන එක. අපිට මතකයි කොළඹ සාන්ත ජෝන් මාලු කඩේ. ඉස්සර ඔතනින් බල්ලට යන්න බැහැ ගන්දස්කාරෙ. දැන් එතන මාලු කඩේ නැහැ. මාලු කඩේ එතනින් කට් කරලා පෑලියගොඩ එල පොට් එකක පේස්ට් කරලා. ඉතිං ඒක කලේ අපේ මේ ආන්ඩුව. නගර සබාව නෙමෙයි මධ්‍යම ආන්ඩුවෙම තීරණයක් අනුව තමයි මාලු කඩේ පිටකොටුවෙන් අයින ්කරලා පෑලියගොඩට දැම්මෙ. ඉතිං නුවර දළදා මාලිගාව අවට කිලෝමීටරයක් දෙකක් යනකල් වත් තියෙන මස් කඩ ටික ටිකක් ඈත තැනක් හදලා ලස්සනට ලොකු බිල්ඩිමකට පැක් කලානම් යසයි නේද?

ඉඩකඩ පස්නයක් තියෙනවා නම් කාර් සේල් වගේ ඒවා දලදා මාලිගාව තියෙන තැනට ගෙනල්ලා මස් කඩ ටික ඈතට දමන්න පුලුවන් නේද? කාර් ගන්න තැන් වල කවදාවත් ලොකු සෙනගක් නැහැ. ඒ වගේම ගඳක් පිලිකුලකුත් නැහැ. ඒ නිසා පූජා නගරයේ බැතිබර ගතියත් රැකිලා වෙලෙන්දන්ට අවශ්‍ය ඒ ඒ තැනත් ඒ ඒ තැන්වලදි ලැබෙනවා.

ඉතිං ඕවා කරන්න ගියාම ලැබෙන තම්බි චන්ද කෑලි ටික නැති වෙනවා. ඒකට ආන්ඩුව කැමති නැහැ. කොළඹ නම් ඉතිං ආන්ඩු පක්ෂයට විරුද්ධ පැත්ත හැමදාම දිනන නිසා එහෙ ඕනි වැඩක් කරනවා.

අනික තමයි මුස්ලිම් කේස් එක. මුස්ලිම් හෝ වේවා සිංහල බොදු හෝ වේවා මේ තරම් මිනිස්සු අතර ගැටුම් ඇතිවෙන්නෙ ආන්ඩුව නිසා. ආන්ඩුව නීතිය කියන එක සලකන්නෙ නැහැ. මොන තරම් මේවගේ දේවල් වලදි පැත්තකට වෙලා අත් බැදගෙන හිටියත් රාජපක්ෂියන්ස් ලා මේවාට වගකියන්නම ඕනි. රටක් නම් නීතියක් තියෙන්න ඕනි නමුත් මෙහෙ නීතියක් නැහැ.

දවසක් තරුණ කොල්ලො දෙන්නෙක් බීලද මන්දා බස් සෝල්ට් එකක කතාව. මේ බලහං බං මේ *ත්තෙ පිරිතක් දාල මේ හැන්ද වෙලාවෙ මොන *කයද බං පිරිත් අහන්නෙ? ඒක තමා ..මේ හුන්නාන්සෙලාටත් නිකං කාල නිදාගන්න බැරි හැටි. අපේ ගෙවල් පැත්තෙත් උදේට දානව බං පල්ලියෙ අඳෝනාවක් එපා වෙනවා ඕයි. රෑට වයිප් නිදාගන්නෙ පරක්කු වෙලා නිදහසේ පොර අල්ලන්න තියෙන්නෙත් උදේට. කොහේද ඒකට පල්ලියෙ *කයා නැගිටලා පාන්දර කෑ ගහන එකක් දානවා ඒකට කුලප්පු වෙච්ච අපේ එවුනුත් අනක් පැත්තෙන් පිරිත් දානවා. මුංගේ අදෝනා වල බීට් එකට තමයි අපිට බඩු ගහන්නත් වෙලා තියෙන්නෙ.

හිතුන එකාට හිතුන තැන වඳින තැනක් අටෝගන්නවා, ඉන් පස්සෙ මොකෙක් හරි මහ එකෙක් ගෙන්නලා එතන පොර සිටි එකක් හදාගන්නවා. අවට මිනිස්සු කොයි තරම් විරුද්ධ වුනත් තමුංගේ ගමේ තියෙන පොට් එකට වඩා මේ අලුත් පොට් හොඳයි කියලා හිතලා නවත්වන්නෙ නැතුව ක්ෂණික පවර් ගන්න එන ගොං හැත්ත නිසා ඒ තැන් ජනප්‍රිය වෙන්න පටන් ගන්නවා. ඉන් පස්සෙ ඒ පැත්තෙ පලාතෙ ඉන්න මනුස්සයෝ ටික අර උං කියන කාලසටහනට අනුව ඉන්න ඕනි.

මේක මොන ආගමට වුනත් එකයි. දියුනු රටවල මොන ආගමට වුනත් සීමා තියෙනවා. හිතුන තැන්වල හිතුන දේවල් අටවගන්න බැහැ. කොච්චරවත් ඩෝප් කාරයොය් බඩුයි කැරකෙන හතරමං හන්දි වල අපේ අය බුදුපිලිම හදලා සීමා මායිම් වෙන් කරන්න යනවා. ඒ අස්සෙ අනික් තොප්පි කාරයො ටික යන්තං පැටෑවො ටිකක් ගහගෙන පැල් කෑලි දහයක් විතර අටෝගත්තම එතන යාතිකා මධ්‍යස්ථාන දාන්න යනවා. තව ඉන්නවා එන් ජී ඕ කෑලි ටිකක්. මිනිස්සුන්ට සල්ලි බෙදලා අලුත් ජාතියෙ ආතල් එකක් මිනිස්සුන්ට බෙදන්න යනවා. මොන විදියෙ සහන මේවා හරහා සුලු පිරිසකට ලැබුනත් නීතියක් තියෙන පද්ධතියක නම් හිතුන හිතුන අයට මේ විදියෙ ඇඩ් දාන්න බැහැ.

මහනුවර නගරයට නිසි පූජාභූමියක් විදියට සැලසුමක් තිබුන නම්...

හරක් මරන්න හරක් මස් විකුනන්න දියුනු වැඩපිලිවෙලක් තිබුන නම්..

එක එක ජාතියෙ ආගම් කාරයොන්ට ඒ තමුංගෙ බලය තියෙන තැන්වල හරි නැති තැන්වල හරි උන්ට ඕනි විදියට නටන්න පුලුවන් විදියට නීතිය බල්ලට ගියේ නැත්නම්..

අර ගිනිතියාගත්ත මනුස්සයට ඒකට තිබුන හේතුවලින් බොහොමයක් නැතිවෙලා යනවා. ඒ කියන්නෙ ඔයාල අනේ හරී ෂූයි කියන ඔයාලගේ ආන්ඩුවම මේවා වක්‍රව වගකියන්න ඕනි. ඒ තොප්පි කාරයො ඒ අයට ඕනි විදියට උඩ දාන්නෙ උන්ට පිටරටින් තියෙන පවර් එකකට නෙමෙයි. මෙහෙ කිසිම දේකට නීතියක් නැති නිසා. මෙහෙ නීති හදන්නෙ අමරිකාව නෙමෙයි. බුරිය අතගාල චන්ද කෑල්ල ගන්න ඔබේ මන්ත්‍රිතුමාල ඉන්න පාර්ලිමේන්තුව.

මගේ යාලුවෙක් ඉන්නවා සත්තු ගැන දන්න. මිනිහා පූසියන්ගේ වලිගෙට උඩ හරියෙ තැන් කීපයක් ගානට අතගානවා. අනේ එහෙම අතගානකොට පූසී චූන් වෙලා නැට්ට උස්සනවා. ඒ පූසි හොදට මෝල් කරන්න පුලුවන්ලු ඒ විදියට වල්ගෙට උඩ හරිය ක්‍රමානුකූලව අතගෑවම. ඒ වගේ අපේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවත් බොහොම ලස්සනට මීඩියා වලින් ෆෝම් කරනවා. ඉන් පස්සෙ අර පූසිගෙ පිට අතගෑවම නැට්ට උස්සලා අහවල් එක උස්සලා පෙන්නනවා වගේ අපේ අයත් මෝල් විකාරනේ ගිහින් චන්ද ටික අර ෆෝම් කරන එකාට දෙනවා. අර පූසි තව අතකින් හොදයි. ඌ විතරයි ඇරගන්න උත්සාහ කරන්නෙ පෝම් කලාම. ඒකට අපේ හැත්ත.ඌත් ඇරගෙන අපිටත් කියනවා අනේ ඇරගනිල්ලා මාර ෆන් කියලා.

Friday, May 24, 2013

ගිරවුන්ට සින්න වුන 21

ආන්ඩුව අසරණ කරන ආයුධයක්.
මිනිහෙක්ට රස්සාවක් කොයි තරම් වටිනවද කියලා දන්නෙ රස්සාවක් නැති වුනාම තමයි. මට ඊයෙ බස් කේදි හමු වුනා නංගියෙක්. ආන්ඩුවෙ තැනක කෝස් එකකට සිලෙක්ට් වෙලා. කම්පියුටර් ප්‍රොගැමින් පැත්ත තමයි එයා කරන්නෙ. ඉතිං කෝස් එක ඉවර වෙලා එතනින් ටේනින් දාල තියෙනවා. ටේනින් දාල තියෙන තැන ඇග්‍රිමන්ට් එකක් ගහලා තියෙලු එයාලයි තැන ට්‍රෙනින් වුනාම තව අවුරුදු දෙකක් එතන වැඩ කරන්න ඕනි කියලා. ආන්ඩුවෙම නයිටා එකෙන් තමයි එතන එයාල ටේනින් දාල තියෙන්නෙ..ටේනින් කාලෙ රුපියල් පන්දාහයි. පස්ස අවුරුද්දකින් පස්ස රුපියල් පාලොස්දාහයි..

ඉතිං දැං ලැබෙන රුපියල් පන්දාහෙන් හාරදහක් යනවා බෝඩිමට..ඉතිරි වියදමට සල්ලි ගෙදරින් ඉල්ල ගන්න ඕනි. උසස් ජාතික පරිඝනක ඩිප්ලෝමාවක් තමයි නංගි හදාරලා තියෙන්නෙ. එයාට ජොබ් හොයාගන්න නැහැලු. අයි ටී වල එයාල වැඩිපුර ඉගෙන ගෙන තියෙන්නෙ ජාවා.. ජාවා විතරක් දැනෙගෙන රස්සා නැහැ කියලා දැනගන්නත් එයාලට තව මාස ගානක් යයි.

මේ මම පෙන්නුවේ රටේ තියෙන රැකියා වියුක්තියේ එක සුට්ටි රූප රාමුවක් විතරයි. කම්පැනි වල ඉතාම දරුණු නීති යටතේ නිවාඩුවක්, නිදහසක් නැතුව රාත්තිරි වෙනකල් වැඩකරන කොල්ලො කෙල්ලො ගොඩාරියක් ඉන්නවා. ඒ අයට තමුන්ගේ ජොබ් එක ඩිමාන්ඩ් කරලා වැටුප් ඉල්ලන්න හැකියාවක් නැහැ. මොකද එයාල නැතිවුනොත් ගන්න ඕනි තරම් මිනිස්සු එලියෙ ඉන්නවා. මෑන්පවර් ක්‍රම වලට කොන්ත්‍රාක් පදනම් වලට සේවකයෝ අයිතිවාසිකම් මොනවද කියලාවත් නොදැන ලංකාව පුරා සේවය කරනවා.

රටේ සමස්ථ වැඩකරන ජනතාව ගත්තොත් එයාල ප්‍රශ්ණ රාශියකමේ අවස්ථාවෙ මුහුන පාලා තියෙනවා. එකපැත්තකින් අපි මේවාට රජයට දොස් කියන්න හොද හේතු වුනාට සමහර පැතිවලින් ප්‍රබල රජයක් තිබුනත් ඇඹරෙන්න වෙන හේතු තමයි තියෙන්නෙ. දැන් ඉංජිනේරු සහ පරිඝනක ක්ෂේත්‍රයට ඉන්දියාවෙන් යොමු වන පිරිස වැඩියි. ඉංදියානු මිනිස්සු ලංකාවෙ අපිට වැඩිය කටු කන්න දක්ෂයි වගේම අපිට වැඩිය අඩු පඩියට රැකියා කරන්නත් ආසයි. ඒ වගේ පස්න වලට කෙලින්ම රජයට උත්තර දෙන්න අමාරුයි.

රජයක් හෝ දේශපාලනික ආගමික සංවිධානයක් වුනත් මිනිසුන්ට වැඩ දායි වෙන්න නම් පිටින් පෙන්වන දේට වඩා ගැඹුරු දර්ශනයක් ගැඹුරු තැනක් එයාලට තියෙන්න ඕනි. දඩ බඩ ගාල දාන ඇඩ් වලින් විතරක් රටක්, ආගමක් හෝ පක්ෂයක් කරගෙන යන්න නම් පුලුවනි. නමත් එයින් මහජනයාට අත්වෙන සෙතක් නැහැ.

වර්ථමානයේ රජයේ කිසිම පිළිවෙලක් නැති වැඩ ගැන අපි ප්‍රවෘත්ති වලින් දකිනවා. නමුත් ඒ දේවල් වලට විරුද්ධ වෙන පාර්ශව වලට මේ රටේ බලය ලැබුනොත්...?/?? මිට වඩා දෙයක් වෙයි කියලා හිතන්න බැරි තරම්ම ලාමක ටිං ටිං ලා සෙට් එකක් තමයි විපක්ෂයේ විපක්ෂ අදහස් දරන්නන් අතර ඉන්නෙ. විපක්ෂය කියන තනි රූපය බැලුවත් ඒකෙ රැඩිකල් වෙනසක් කරන්න හැකි මනුෂ්‍යෙයක්ට ඉන්නෙ රනිල් වික්‍රමසිංහ විතරයි. රතු සහෝදරයෝ කියන්නෙ එදා වගේම අදත් හැමදේම කඩාකප්පල් කරන ජාතියක්. ආකර්ශණීය වදන් පාර්ලිමේන්තුවෙත් පිටත් දුන්නාට එයාලගේ ප්‍රායෝගික දේශපාලනය ඇවිල්ලා හැමදේම කාබාසිනියා කරන එක.

මං 2007 වර්ශයේදි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමන්ඩලය කියන එකේ මීටිමකට ගියා. මං එතකොට හිටපු ඉන්ස්ටිටියුට් එක ඒකට සම්බන්ධ වෙලා හිටියා. නිවාඩු දවස් කිහිපයක් ඇවිත් යූනියන් එකෙන් ඕකට යවන්න එකෙක් ඇහිදගන්න බැරි වුනා. මාව කෝමහරි වැඩේට සිලෙක්ට් වුනා. මං ඔය පාටට ආස නැතත් ඉතිං මොනවද වෙන්නෙ කියලා දැනගන්න හරි පුලුවන් කියලා හිතං ගියා මිටිමට.

මහ රෑ වෙනකල් තේරුම්ක නැති කතා ඇදගෙන විසදුම් නැතුව තෙල් බෙද බෙද කාලෙ කාල දැම්මා. අවසානෙ මීටිම ඉවර වෙනකොට යන්න බසුත් නැහැ. ඒ කතාකරපු ඔක්කොම පැයකින් විතර කතාකරලා ඉවර කරගන්න තිබුන දේවල්. එක තැනකදි උදුල් කියනවා ලංකාවෙ දැන් කුඩා පාසල් වහන්න කුමන්ත්‍රනයක් තියෙනවා අපි ඒකට විරුද්ධව නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙල ගැහෙන්න ඕනි කියලා.

ඉතිං මටත් හිතුනා නිකංම ඉන්න එකේ නිදිමත යන්නත් එක්ක අදහසක් දක්වන්න ඕනි කියලා. දැන් ඔය වහනවා කියන පාසල් බොහොම දුෂ්කර පැති වල තියෙන්නෙ. අම්මලා ලමයි දාන්න යන්නෙ ලොකු ඉස්කෝල වලට. ඔය පාසල් වලට එන්නෙ ලමයි ඉතාම සුලු පිරිසය්. ගොඩක් වැහුනු පාසල් වල ළමයි පනහටත් අඩුයි මුලු ඉස්කෝලෙම. ඒළමයිගෙනුත් ඉස්කෝලෙ ඇවිත් ඉගනගන්න මානසිකත්වය තියෙන්නෙ බොහොම සුවල්ප දෙනාගෙයි. ඉතිං ඒ වගේ පාසල් වහලා ඒ ළමයි ළග පාසල් වලට අනුයුක්ත කරන එකේ වරදක් මම දකින්නෙ නැහැ. ඒකෙ ලොකු කුමන්ත්‍රනයක් නැහැ. පාසල නඩත්තු කරන්න ආන්ඩුව වියදම් කරන මුදල් නිරපරාදේ නාස්ති වෙනවා නම් ඒ පාසැල් වහන එක තමයි වඩා හොඳ..

උදුල් මොනවා හරි ටිකක් පොතක ලියං එනවා. ඒ ටික තමයි එයා එදා න්‍යාය පත්‍රය විදියට ගන්නෙ. උදුල් මම කියපු අදහස වගේ එකක් එයි කියලා කලිං හිතලා තිබුනෙ නැහැ. උදුල් හිතං හිටියෙ රුහුනෙන් පේරෙන් ජපුරෙන් ඇවිත් ජෙප් අයියලාට කියන හැම එකටම වැදගෙන ඉදලා කියන දෙයක් කොරන්න බලාගෙන ඉන්න මල්ලිලා වගේ අපිත් කට වහං කියන දේ අහන් ඉදිවි කියලා. උදුල් ඉන් පස්සෙ ටිකක් පහු බැහැලා ඔව් අපි ඒ ගැනත් හොයන්න ඕනි තමයි කියලා එයාගේ වැඩ සටහනයි ටෝක් එකයි අකුල ගත්තා.

එතනදි ස්කෝල වහනවා කියලා ගිරවා වගේ කියවනවා මිසක.. ඇයි ඉස්කෝල වැහෙන්නෙ කියන එකට ගැඹුරු දේශපාලනමය හේතුවක් උදුල්ට තිබුනෙ නැහැ. එතනම හිටියා අද ඉන්න සංජිව බන්ඩාරත්, මං හිතන්නෙ. පොරටත් කවුරු හරි බෙදන තෙලක් ආපහු බෙදනවා හැර වෙනසක් ගැන හිතන්න හැකියාවක් නැහැ.

පහු ගිය දවස්වල කාල් ගාන්ත මහත්තයා වැඩ වර්ජන කියන එකත් විරෝධතා කියෙන එකත් තනුක කරන්න එහෙම නැත්තං සැර බාල කරන්න වැඩ පිලිවෙලක් ගෙනිච්චා. ජේ වී පී සහෝදර වරු ලංකාවෙ ශිෂ්‍ය ව්‍යාපාරය කියන එක අද වෙනකොට කාල ඉවරයි, වෘත්තිය සමිති කියන එකත් කාබාසිනියා කරලා ඉවරයි. මම හිතන්නෙ දැන් එයාල විපක්ෂයේ විරෝධතා කියන එකත් කන්න බලාගෙන ඉන්නවා.

වැඩ වර්ජනයක් අසාර්ථක වෙනවා කියන්නෙ ලේසි වැඩක් නෙමෙයි. ඉන් පස්සෙ බේතකට මිනිහෙක් හොයාගන්න ලැබෙන්නෙ නැහැ වැඩ වර්ජනයකට තියා පිකට් එකකටවත්. ජයග්‍රහනයට අයිති කාරයින් ගොඩක් ඉන්නවා නමුත් පරාජයට අයිති කරුවන් අඩුයි කියලා බලංගොඩ මානවයාද කොහේද කියලා තියෙනවා. මිනිස්සු ගොඩක් වෙනදටත් වැඩිය සේවෙට ආපු වැඩවර්ජනය කාල් ගාන්තට නම් බොහොම හොදයි ලු. ඒක සාර්ථකයි කියලත් කිව්වා. සමහර විට වැඩ වර්ජන කියන වචනේ තියෙන උස පවා සමතලා කරලා දාපු නිසා කාල් ගාන්ත කොහෙන්හරි බාරගතපු වැඩේ නම් සාර්ථක ඇති. නමුත් වැඩ කරන ජනතාවගේ පැත්තෙන් නම් මුලු ජනතාවම දෙකේ කොලේට බාල්දු කරලා දැම්මා.

මේ යුගයේ ලංකාවෙ රස්සාවක් හොයාගන්න අමාරුයි. රස්සාව සම්බන්ධ කේස් එක ගොඩක් දරුණු වෙනවා ඉස්සරහාට. මම මුලින්ම ලියපු නංගි ගැන කතාවෙදි ඒ නංගි රුපියල් පාලොස්දාහෙ පඩියකට මැරෙනවා..නමුත විකල්පයක් නැහැ. සමහර විට මම වගේ පේස්බුකියෙයි. බ්ලොග් වලයි ඉදන් දේශපාලනය කරන අයට මේවා නෙපෙනෙන්න පුලුවන්. නමුත් කැත ඇත්ත ඒකයි. ළමයෙක් මල්ලෙක් ඉන්න ගෙදරක මිනිහෙක් ස්ටයික් කරනවා කියන්නෙ ලේසි වැඩක්නෙමෙයි. ඒ මිනිහගේ රස්සාව නැති වුනොත් කන්න බොන්න නැතිවෙන්න එයාට විතරක් නෙමෙයි.

වැඩ වර්ජන කියන්නෙ රස්සා නැතිවෙන්නෙ නැති හරි සුන්දර අත්දැකීමක් යූනියන් කන අයට සහ කාල්ගාන්ත ලාට අනුව. නමුත් ලංකාවෙ වත්මන් වෘත්තිය සමිති ඉතිහාසයන් දෙස බලන විට වැඩෙ හිතන තරම් ලේසි නැහැ. මිනිස්සු උවමනාවටත් වැඩියෙන් රස්සා නැතිව රස්සා කරන උන් දිහා ඉරිසියාවෙන් බලාගෙන ඉන්න වටපිටාවකදි වැඩ වර්ජනය කරන මිනිහා වෙන හේතුවක් පිට හරි දාල අයින් කරලා අලුත් ෆ්රෙෂ් බඩුවක් සේවයට ගන්න මොන ආයතනයක ප්‍රධානියෙක් වුනත් අකමැති වෙන්නෙ නැහැ. එහෙම වෙලාවක පොඩි දේශපාලනික තල්ලුවක් කාරිය තිබෙනවා නම් කම්කරු උසාවි. කම්කරු කොමසාරිස් ආදි තැන්වලින් රිංගලා යත හැකි ලේසියෙන්ම.

මේ කාලෙදි වැඩ වර්ජනයක් කරන්න නම් ප්‍රබල හේතු තියෙන්න ඕනි. රැකියාවලින් දොට්ට දැමීමට සැරසීම. අධික ලෙස සැනෙන් ජීවන බර වැඩිවීම හා ඒ සමානුපාතිකව වැටුප් වැඩි නොවීම. රජයේ සේවයේ නම් වෙලාවට පඩි නොගවීම.ආදි හේතු වැඩවර්ජනයකට ගන්න පුලුවනි. නමුත් එහෙම වුනත් අපි කලින් මේ ගැන පොඩි මුට්ටියක් දාල බලන්න ඕනි කොච්චර මිනිස්සු එයිද කියලා. උදාහරණවිදියට දීපව්‍යාප්ත වැඩවර්ජනයකට කලින් දීපව්‍යාප්ත කෑම පැයේ විරෝධතා ආදිය තිව්වාම අපට පේනවා ඒවාට කොයි තරම් මිනිස්සු එනවාද කියල. කාල්ගාන්ත ලාට ඕනි සටන් දිනින්න නෙමෙයි අනන්න නිසා..ඒවාගේ දේවල් එයාලට අදාල නැහැ.

මේ දැන් ආන්ඩුව මුක්කු ගහගෙන ආර්ථිකය ඇද්දට ආර්ථිකය මුක්කුවෙන් ඇදගන්න බැරි දවසක් තව අවුරුද්දක් දෙකක් ඇතුලත එනවා. එදාට රජයේ සේවකයින් දැඩි ලෙස පීඩනයට පත්වේවි. මිනිස්සුන්ට තෙල් මිල දරාගන්නබැරිම තැනට යාවි. ගොඩක් මිනිස්සු විපක්ෂයෙන්ම ඉල්ලාවි උද්ගෝෂන සංවිධානය කරන්න කියලා. ආන්න ඒ දවසට කරන්න තමයි වැඩවර්ජන වගේ මහාර්ඝ දේවල් තියෙන්න ඕනි. එහෙම නැතුව විදුලි බිල වගේ එක දෙයක් වෙනුවෙන් ජොබ් එක රිස්ක් එකට දානවා කියන්නෙ ඒ මනුස්සයා තනි මෝඩයෙක්.

සංවිධානාත්මක අතින් විපක්ෂ්‍ය තවම දුර්වලයි. මිනිස්සුන්ට විපක්ෂය කෙරහි විශ්වාසයක් නැහැ. ලොකු තැනක් මාධ්‍ය හරහා හදාගන්න පවා විපක්ෂය සමත් නැහැ. ඉතිං මේ වගේ වටපිටාවකදි මිනිස්සු විපක්ෂය තමුන්ගේ ගැලවුම් කාරයා විදියට දකින්නෙ නැහැ.කොච්චර වුනත් අපි ස්ටයික් එකකට ගිහින් ජොබ් එක නැතිවුනොත් යූනියන් එකෙන්.. ඒ පක්ෂවලින් අපිව ගොඩදාල දෙයි කියන ෂුවර් එක තියෙන්න ඕනි. නමුත් රතු පක්ෂය හෝ කොළ පක්ෂය අද තියෙන තැන ඉදන් අපිට එහෙම විශ්වාසයක් ගොඩනගා ගන්න අමාරුයි.

හැමදේම හරියට හදාගෙන අපිට ස්ටයික් කරන්න බැහැ. නමුත් බැලූ බැල්මට ලොකුවට පේන වැරදිත් එක්ක තියෙන ස්ටයික් වලට සහභාගි වෙනවා කියන්නෙ මද්දුම බන්ඩාර කලා වගේ වැඩක්. අඩු තරමෙ ලොකු බන්ඩාර හැංගෙන්න හරි දිව්ව ජීවිතය බේරගන්න. නමුත් මද්දුම බන්ඩාර වීරයා නේ..එයා යනවා එනු සටනට ගනු කඩුව කෝ මනමේ කියාගෙන.

Friday, March 8, 2013

කුරුල්ලො කීප දෙනෙක් some birds without fly

මේ ඉන්නෙ කොරවක්කා කියන එකාද වෙන එකෙක්ද දන් නැහැ...ඒත් මූ නෙලුං කොළ උඩ ඇවිදින ලස්සන හරිම අපූරුයි.. ඉස්සර අපේ ගෙදර ගාව තියෙන පොඩි වතුර වලේ මුං ඉන්නවා.මේ එක පැටියෙක් ලොකුවෙනකල්ම අපේ ගේ ගාවට ආවා..ගෙදර ගාවට ආහම අපි ඌට කන්න බත් එහෙම දානවා.. දැන් නම් උන් ගෙවල් ලගට එන්නෙ නැහැ..බය වෙලා වෙන්න ඇති අපිට.. 
දියවන්නා උයනෙ ඉන්නවා රතුපාට මහ විසාල කොක්කු ජාතියක්..මම හිතන්නෙ මුං පස්සෙ කාලෙක ලස්සනට ගෙනත් දාපු එවුං වෙන්න ඇති..පොටෝ ගන්නකම් සෝක් එකට ඉන්නවා..වගුර අස්සෙ තව ගොඩක් පක්ෂින් ඇති...ඒත් අපේ මිනිස්සු ගියාම පුදුම සද්දයක් නෙව තියෙන්නෙ කුරුල්ලෙක් තියා ලොකු සතෙක්වත් ඉන්නෙ නැහැ මිනිස්සුන්ගේ සද්දෙට.. 
වලි කුකුල් කපල් එකකුත් සෙට් වුනා ගෙවල් ගාවදි..බොහොම දුර හිටිය නිසා ළඟ නමලා පිංතූරුවක් ගන්න නම් බැරිවුනා..ඒත් ටිකක් අවුලක් නැති වෙන්න ඉන්නවා.. 
කපුටා කියන්නෙ කොළඹ බොහොම සුලභ සතෙක්..කොයි තරම් කොළම කාක්කො හිටියත් ඉඳලා හිටලා කොළඹ නොවන ගම් කාක්කොත් සෙට් වෙනවා..සමහර විට කොළඹ හිටියත් උන් ගමේ ගති ආරක්ෂා කරන කාක්කො වෙන්න ඇති.. 
මේ කහපාට චූටි කුරුල්ලා දැක්කෙ සිරිපාදෙ ගිහිං එනගමන් මගදි...මූ ඒ පැත්තෙ ඉන්න එකෙක් වෙන් ඇති..මම නමනම් දන්නෙ නැහැ..ඒත් මූ කහපාට නිසා කහ කුරුල්ලා නම් නෙමයි.. 
ටිකක් ලොකු පරෙයියෙක් වගේ ඩයල් එකක් තමයි පහල ඉන්නෙ..ඒත් පරවියෙක් නෙමෙයි..උදේ පාන්දර සිරිපා වැදලා බහිනකොට තමයි මෙයාව දැකගන්න ලැබුනෙ..ආලෝකය අඩු නිසා පිංතූරු නම් පැහැදිලි මදි..
තව කණුවක වහලා හිටියා සුට්ටි කුරුල්ලෙක්..ඌට තියෙන දාංගලේ නිසා පොටෝව ගන්න ලැබුනෙ නැහැ..ඒත් මරු ඩයල් එකක්...මගේ අදහස ලොකු වුනාම හොම්බ දිග කැමර් එක්ක මිලදී ගන්න..එතකොට අඩු ආලෝකයේදි දුර තියෙන කුරුල්ලොත් අල්ලත හැකි කැමරාවට.. 
මේ වගේ පින්තූරු දාන එක බ්ලොග් බලන අයට කරදරයක් වෙන්න ඇති ඒත් බ්ලොග් එකක් කියන්නෙ අපේ හිතේ තියෙන ආසාවල් වර්චුවලි මෙව්වා කරගන්න පුලුවන් තැනක්..ඉතිං ඒ නිසා මම මගේ පොටෝ ගන්න තියෙන ආසාව ලෝකෙට පෙන්වන්න මේ වගේ පින්තූරු දානවා.. තව කෙනෙක් මේ විදියට බල්ලො කාක්කො කියලා ඇල්බම් දැම්මත් මම හිතන්නෙ ඒකෙ කිසි වරදක් නැහැ..පාරෙ යන බල්ලො අපි සලකා බැලුවොත් නාටු බල්ලො වුනාට එක එක ඩිසයින් එකෙන් එක එක පාටවලින් සයිස් එකෙන් වල් බල්ලො ඉන්නවා..අලි කොටි වලස්සු පිංතූර ගන්න බැරි නිසා බල්ලො අරගෙන ඇල්බම් එකක් හදලා දාන එක ලේසියි.. ඒ වගේම අලි ගත්තාම හැම අලියම එකයි..ඒත් බල්ලො විවිධාකාරයි.. 

Wednesday, March 6, 2013

බත්කූරා


බත්කූරා කියන්නෙ නිකංම කූරාටම තමයි..ඌ එච්චර ගති සතෙක් නෙමෙයි..ඒත් දියවන්නා උයනෙ බත්කූරො ගොඩයි..උන් මල්වල මල්කොලවල වහලා ඉන්නවා..
මේ ඉන්නෙ බත්කූරාගෙ යාලුවෙක්..මුගේ නම සමනලයා..වගුරෙ තියෙන කඩොල් පඳුරක මල් වලට වහලා හිටියෙ.. මූ ලස්සන එකෙක් නෙමෙයි..ලස්සන සමනල්ලු අල්ලන්න අමාරුයි ඉක්මන්ට පියාඹනවා..
මේ ඕලු පොට්ටුවක්..ඕලු පොට්ටුව උඩ තමයි බත්කූරා ඉන්නෙ..ඕලු මල් එක්ක තියෙන ගනුදෙනුව මොකද්ද දන්නෙ නැහැ..නමුත් බත්කූරා පස්ට ලයික් ඕලු මල් වලට..
මේ පිපුන ඕලු මලක්..මේ සුදු ඕලු..තව ජාතියක් මම දැකලා තියෙනවා රතු ඕලු කියලා..රතු ඕලු මල් මීට වඩා සයිස් එකෙන් ලොකුයි..
තණ අග තියෙන්නෙ පිනිබිදු..පිනිබිදු මොනරසද කියලා බලාන්ට වගේ තමයි මේ බත්කූරා උත්සාහ ගන්නෙ..මේ පොටෝ ගොඩකම ඉන්න බත්කූරො තැඹිලි පාටයි.. මං හිතන්නෙ තැඹිලිපාට උන් සුලබ ඇති.. මේ හරියෙ..
රතුපාට ඕලු මලක් උඩ වහපු කූරෙක්..මේ ඔලු මල් නම් සුදු ඕලු වගේම තමයි..ඒත් පිපුනාම අමුතු ලක්ෂනක් තියෙනවා..
දියවන්නාව අලුතින් හදලා හරි ලක්ෂණයි..නමුත් මේ වගේ වතුරෙ තෙල් පැල්ලම් තියෙන එකනම් සත්තුන්ට එච්චරම හිතකර වෙන්නෙ නැහැ..මොන හේතුවක් පිට මේ තෙල් පැල්ලම වතුරට එකතු වුනාද දන්නෙ නැහැ..ඒත් මෙහෙම වතුර මත තෙල් ස්ථර රැඳෙන එක පරිසරයට එච්චර හොඳ නැහැ කියලයි මට හිතෙන්නෙ.. රුවල් බෝට්ටු හබල් බෝට්ටු වලට අමතරව මෝටර බෝට්ටු මේ වාගේ පරිසර පද්ධති වලට එකතු කලාම මේ වගේ සුලු සුලු වැරදි වෙන්න පුලුවන්..නමුත් මේ වගේ සුලු වැරදි ගොඩක් වුනාට පස්සෙ ඒක ලොකු වැරැද්දක් වෙනවා..