හිටපු ධිවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහත්තයා අමු මාලු කාලා පෙන්නුවා. සංදර්ශනයක් විදිහට හොදයි. ඒත් මාලු අමුවෙන් කෑවහම ඒ හරහා සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියාවන් ශරීරගතවෙන්න පුලුවන් කියලා කට්ටිය කියනවා. එ ්වගේමයි මේක බුකිය කැලබූ සිද්දියක් වුනා. පිිරිසක් කිව්වේ මේක හෙනම අවුල් නාට්ටියක් කියලා. ඒ වගේම මේ නිසා හිටපු ධීවර ඇමතිතුමා තවත් පච වුනා කියලා පලමු පේලියේ ඉන්න බයියෝ විශ්වාස කරනවා. ඒත් ඇත්තටම මේ වගේ මනුස්සයෙක් නිවුස ්වලට යෑමත් නිවුස් වලට ගිහින් හිට් වීමත් ඒ මනුස්සයට ලැබෙන ලොකු චාන්ස් එකක්. මට මතක ඇති කාලෙක මිට කලින් මේ දිලිප් වෙද ආරච්චි කොළඹ ලොකු හෝටලේක පිගන් පොලොවේ ගැහුවා. ඒකෙන් ඒතුමාගේ නම පත්තරේ ගියා.
බලමාලු වලින් හදන කෑම
ලංකාවෙදි නම් බලමාලු වලින් ඇඹුල්තියල් හදනවා ඒ වගේම හොදි හදනවා. කේරලේදිත් ලංකාවට හා සමාන දුරු මිරිස් තුනපහ වලින් සපිරි හොද වයින් හොද්දක් හදනවා බලමාලු සහ ටුනා වලින්. බෙංගාලෙදි මූලිකව කලින් ටූනාව බැදගන්නවා. බැදගත් ටුනා කෑලි ඉන් පස්සේ ආයේ තුනපහ ආදිය සැරට දාලා ලොකු හොද්දක් හදලා ඒකත් එක්ක බත් අඹරනවා බෙංගාලි මිනිස්සු. කේරලේ සහ බෙංගාලි දෙකේදිම බත් කන්න මාලු හොද්ද ගහන කොට එයාල මාලු හොද්ද එක්ක විතරයි බත් කනවා දැක්කේ. ඒක නිසාම මාලු හොද්ද විවිධ රසකාරක ගහලා හදනවා. ඒත් මේ අපි සහ ඉන්දියානු ක්‍රමයට මාලුවා උයද්දි මාලුවාගේ නියම රස නැති වෙනවා. නැතිනම් අතුරුදහන් වෙනවා.
බලමාලු ෆැක්ට්ස්
වැඩුන මාලුවකුගේ බර - කිලෝග්‍රෑම් 5-10 අතර
බලමාලුවාගේ ආයුකාලය - අවුරුදු දහයයි
ඉංගිරිසි නම - Skipjack Tuna
පවුල - Scombridae
දිවිගෙවන කලාපය - අත්ලාන්තික්, පැසිපික් සහ ඉන්දියානු සාගර තුනේම නිවර්ථන කලාපය
භාවිතය - ටින්මාලු සහ ගෘහස්ථ පරිබෝජනය
විද්‍යාත්මක නම - Katsuwonus pelamis
සුද්දෝ ඒ කිව්වේ යුරෝපීය ජාතිකයින් නම් මේ ටූනාවෝ කෙලින්ම රත් වූ තැටියකතියලා රත්කරලා කනවා. ජප්පෝ නම් කිසි කතාවක් නැතුව ටූනා කපලා සුෂි විදිහට කනවා. අපේ දිලිප් වෙදාරච්චි ක්‍රමයට ගෝත්‍රික ජනතාව නම් බලමාලු කනවා ඇති. කොහොම වුනත් කෙලින්ම ෆ්‍රෙෂ් මාලුවා වුනත් සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියාවන් බඩට යන්න පුලුවන් කෙලින්ම අමු මාලු කෑවොත්.
අල්ලනවා අල්ලනවා ඒත් ඉන්නවා
වැඩිපුරම ධීවර දැල්වලට අහුවෙන මිල අඩු ටුනා වර්ගයක් තමයි මේ ස්කිප්ජැක් හෙවත් බලමාලු කිය්නනේ. ස්කිප්ජැක් හෙවත් බලමාලු යෙලෝෆින් බ්ලූෆින් ටූනාවෝ එක්ක බලද්දි මිලෙනුත් අඩුයි. මුන්ව අල්ලන්න විවිධ ක්‍රම තියෙනවා. දැල් ගහලා වට කරලා ඉන් පස්සේ අල්ලනවා. ඒ වගේම බිලි කොකු ගහලා ඒ වගෙනුත් බලයෝ අල්ලනවා. ඉස්සර නම් අපේ ලංකාවේ හතර අතේ ධීවරයෝ විශාල බල ඔරු යාත්‍රා කලා. දැනටත් වැලිගම දිහා එහෙම ඒ විදිහේ විශාල ඔරු තියෙනවා. ඒත් වැඩිපුරම ජනප්‍රිය බහුදින ධීවර යාත්‍රා තමයි. ඒ බහුදින ධීවර යාත්‍රාවක් වරක් මූදු යන්න ලක්ශ දහයක් විතර වියදම් වෙනවා. ඒත් ඉතින් ලාබ තියෙන රස්සාවක් නිසා ඒ ගාන ගෙවලා වියදම් දරලා මූදු යවන්න වෙලෙන්දෝ ඉන්නවා.
අපිට අලුත් මාලු එනවාද?
දැන්නම් ඉතින් අපිට එන අලුත් මාලුවෙක් නැහැ. කෙලවල්ලා ගත්තොත් කෙලවල්ලා පිටරට යවන හොද එකා කිලෝව රුපියල් 1500කට එහා වෙනවා. ලංකාවේ ඕනිම හොදම මාලු ලෑල්ලක ඉන්න කෙලවල්ලෙක් වුනත් වැඩිම රුපියල් පන්සියක් විතර තමයි වෙන්නේ. කෙලවල්ලාගේ පිටත තත්වය වගේම කෙලවල්ලාගේ අන්තර්ගත ප්‍රෝටින ආදියත් රට යවද්දි හොදට බලනවා. මේ ටූනා මාලු රට යවද්දි කිලෝ 15ක කුරියෙක් වුන්ත විනාඩි 5කට අඩු කාලෙකදි කපනවා. මාලු ගැන දැනුමැති හිතමිතුරු බ්ලොග්වේදී දුලිප් සිකුරාජපති කියන විදිහට මේ බලමාලු ශීතාගාරයෙන් එලියේ තියාගනෙ කපන කාලය අඩු වෙනතරමට මාලුවාගේ කොලිටි එක ආරක්ෂා වෙනවා.
මාලු ඔච්චර ඉන්නවද?
ඔවු. බලමාලුවා බොහම ඉක්මන්ට බෝවෙන සතෙක්. ඒ වගේ බලමාලු මහා අයින් විදිහට තමයි මූදේ රංචු පිටින් සැරිසරන්නේ. හොද වයින් මාලු රංචුවක් අහුවුනොත් බහුදින ධිවර යාත්‍රාවක ඒ ලොකු මාලු රංචුවක් දාන්නත් බැරි වෙලාවල් තියෙනවා.
අපේ පොයි කතා
ලංකාවේ දකුනේ උන්ගේ හයිය හක්තිය ඇවිල්ලා තියෙන්නේ බලයා කාලාය කියලා කතාවක් තියනෙවා. ඒක තනිකර පොයි කතාවක් නේ. බලය ඉනනේ ලංකාවේ විතරක් නෙමෙයි. අනික බලයා ගොරක ගම්බිරිස් ගහලා තුනපහ රසට ගහන්නෙත් දකුණ පලාතේ විතරක්ම නෙමෙයි. කේරලේ සහ බෙංගාලිත් ගොරක ගම්බ්රිස් දානවා ඇතිවෙන්න. ඉතින් මේ දකුනේ උන්ට බලයා ශක්තියක් වුනා කියන කතාව කවුරුහරි අයියෙක් ලොකුකමට කියාපු තවත් එක පදනමක් නැති පොයියක් විතරයි.
බලමාලු ඉස්සර නම් ජාඩි දාලත් වික්කා. ජාඩි කියන්නේ ශිත කිරීම ජනප්‍රිය වෙන්න කලින් මාලු කල් තියාගන්න මාලු තැනකින් තැනකට අරං යන්න ජනප්‍රිය වෙච්චි ක්‍රමයක්. ලංකාවේ අපි කරවල දානවා. ඒ වගේම බලයා උම්බලකඩත් මරු. ඉතින් බලයා වැඩි කාලෙට වැල්ලේ මිල අඩුයි. එතකොට කෝට්ටගොඩ දිහා පේන්නම තියෙනවා වගේ මාලු උම්බලකඩ දානවා නැතිනම් කෙලින්ම කරවල වේලනවා.
මේ බල මාලුවා ලංකාව පැත්තෙන් හිතුවොත් ලංකාවේ අපිට හොද පෝශණය සපයන මාධ්‍යයක්. මොකද ලංකාවේ මිනිස්සු ආහාර විදිහට මස් කනවා හරිම අඩුයි. මාලු තමයි කන්නේ. ඒ අතරත් මේ රතුපැහිදි බල මාලු වගේ මස් පෝශ ගුනයෙන් වඩාත් සාරවත් වෙනවා. අනෙක් පැත්තෙන් ලංකාව වටේම මූද සහ ධීවර වරායන් ගොඩක් තියෙන අපේ රටේ බලමාලු රට යැවීමත් හොද බිස්නස් එකක්. ටූනා අතර සුලබ බලයාටත් විදෙස් වෙලදපොල තුල හොද ඉල්ලුමක් තියෙනවා.










