Saturday, February 9, 2019

ගල්පාලම අනුරාධපුර Stone bridge Anuradhapura

අනුරාධපුර යුගයේදී හැදුන පාලමක් තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් යාලුවේ මේක ගල්පාලම තියෙන්නේ අනුරාධපුර ගල්පාලම පාරේ. කුට්ටම්පොකුන සමාධි පිලිමේ බලන්න යන මේන් රෝඩ් එකක් තමයි මේ ගල්පාලම මාවත. මේ ගල්පාලම මාවත දිගේ ගියාම අවසානයටම ගල් පාලම හමු වෙනවා. අපි ගියේ බයිසිකල් වල එදා හරිම වැහි දවසක් වුනා. 

ඉතින් ගල්පාලම කිව්වට අද වෙද්දි ඒකෙ බස් වෑන් කාර් යන්නේ නැහැ. රජ කාලේ තිබුන පාලමක්. ඒ කාලේ අස්ස කරත්ත හරක් මිනිස්සු එහෙම මේ පාලමෙන් යන්න ඇති. 

මුලින්ම හම්බෙන්නේ ඇලක් හරහා තියෙන පාලමක්. ඒ ඇලගාව බුවෙක් නානවා. සස් සස් සර බරාස් ගාල ඇගත් අතුල්ලනවා ඇහෙනවා.අපේ දමින්ද ඒ අස්සේ රිංගලා බුවාගෙන් අහනවා මේක මිහින්තලේට යන පාරේ පාලමක් නේද කියලා. දමින්දයා හිතුවද දන් නැහැ මේක දේවානම්පියතිස්ස රජතුමා මුව දඩයමට ගිය පාලම කියලා. කොහොම වුනත් බුවා උත්තර දුන්නා. ඉස්සර කාල රෙුවන්වැලි සෑය සිරිමහා බෝධියට ගියපු පාරක්ය කියලා තමයි පොර උත්තර දුන්නේ. ඒ කාලේ පාර තිබිලා තියෙන්නේ කොහේට යන්නද කියලා පැහැදිලි අදහසක් නැහැ ඒත් ඒ එක්කම ඈතින් මල්වතු ඔයේ තියෙන පාලම සහ මේක අතර සම්බන්ධයක් තියෙන්නට ඇති කියලා හිතන්නට පුලවන්කම තියෙනවා. 

මේ තියෙන්නේ අනික් පාලම. කලින් තිබුන පොඩි පාලම වගේ නෙමෙයි මේක කෙලින්ම වතුරක් ගාව ම තියෙන්නේ. කතා වල තිබුන විදියට මේ යන්නේ මල්වතු ඔය. මෙතන්ට ටිකක් සෙනග එහෙමත් ඇවිත් තිබුනා එදා නිවාඩු දවසක්නිසා. අපි ගියේ සෙනසුරාද දවසක. ඉස්සර නම් මෙතන වාහන හරවන්න එහෙම අමාරුයි. ඒත් දැන් එහා හදලා තියේ බස් එකක් වුනත් හරවන්න පුලුවන් තැනක්. මෙතනින් දැනට පාර ඉවරයි. ඒත් මීට අවුරදු දාස් ගානකට ඉස්සර අපේ මුතුන් මිත්තන් මෙතනින් එතරවෙලා ඈථ ගම් රටවල් බලා යන්නට ඇති. 

මේ පාලම අද තියෙන්නේ නවීකරණය කරලා නැවත පිහිටුවලා. දැක්කම එකපාර හිතෙනවා හම්මට යකෝ..අද පාලමක් ගැහුවම අවුරුද සීයක් තියෙන්නත් නැහැය කියලා.කොහොම හරි ඉතින් ගල් කුට්ටි ටික හරි මෙච්චර කල් තිබුන එකම මැදැයි. මේ ලගම තියෙනවා කඩ ටිකක්. ඒ කඩ වල විකුනනවා බෙලිමල් එහෙම. මහත ඇන්ටි පාරක් සහ සුවිනීත ඇන්ටියෙක් හිටියා බෙලිමල් බිබී. බෙලිමල් දුන්න කෝප්ප වල නෙමෙයි. පොල්කටු වල. පොල්කටු ටික ආයේම කට්ටියක් ආවම හෝදන්නේ නැතුව ම බෙලිමල් දාලදෙයි කියලා තමයි ඒ ඇන්ටිපාර සහ කෙල්ලගේ අදහස වුනේ. අපිත් ඉතින් අඩෝ ගෑනු කිව්වනම් ඒව ඇත්තම වෙන්නැපැ කියලා ඒකට යාන්තම ්හිනාවෙල නිකා උන්නා. 
සුද්දා ගල විද්දේ නැත්තං තාමත් නුවර කෙල්ලොන්ගේ ගල් විදගන්න වෙන්නෙ නැහැය කියලා පැරණි වල් කතාවක තිබුනා. ඒත් සුද්දා ගල විදින්න කලින් අපේ පරණ මුතුන් මිත්තෝ ගල් උස්සලා කපලා ඔපමට්ටම් කරලා ගල් ඇදලා මේ පාලම් හදලා තියෙනවා. නිකං තියෙන ගලේ සිදුර හදපු සුද්දට වඩා අපේ උන්දැලා වටිනවා නේද? යාලුවේ.. අනුරාධපුරය සියවස් ගනනාවක් පුරා ලංකාවේ රාජධානිය වෙලා තිබුනා. මෙ ්පාලම් අනුරාධපුර යුගයේ අවසාන කාල සීමාවට අයිතියි කියලා තමයි පුරාවිද්‍යා ඩෑල් කියන්නේ. අනුරාධපුරයේ සිද්ධස්ථාන දිහා බැලුවම නටඹුන් කාලේ වුනත් මහා පස් ගොඩවල් රැසක් ආරාම නටඹුන ්ගොඩක් තිබුනා. 

නිකමට හිතන්න රුවන්වැලිසෑ්‍ය. අභයගිරිය, ජේතවනේ, ලෝවමහාපාය වගේ විසාල ආරාම ගැන. ගල්කණු 1600ක් පස් ටොන් ගනනක් ඇදලා හදපු විශ්වකර්ම වැඩ අපි පොඩ්ඩක් සයිඩ් කරමු..දැන් ඕ තැන් වලට වදින පුදන සෙනග? ජේතවනේ අභගයගිරි රුවන්වැලි සෑ මළු සම්පූර්ණයෙන් නැතත් හතරෙන් එකක් පුරවන්නත් කොපමණ සෙනගක් ඉන්න ඕනිද? ඒ තියෙන ආරාම සංකීර්ණ වලකොයි තරම් භික්ෂූන් වැඩවාසය කරන්න ඇතිද? ඒ භික්ෂූන්ට දාන මාන කොච්චර දෙන්න වෙන්න ඇතිද? ඒ අනුව අනුරාධපුරයේ රාජධානියේ එක් කාලෙක අනිවාර්යෙයන්ම මම හිතන විදියට අද ජීවත්වෙනවා හා සමාන ජනතාවක් ඔය පලාතේ ජීවත් වෙන්නට ඇති. ඒ ජනතාව බොහොම දියුනු විදියට ජීවත් වෙන්න ඇති. බාගෙදා ළග තියෙන ඉන්දියාව සමග ගනුදෙනු එහෙමත් තියෙන්නට ඇති.. 

අනුරාධපුරය කිව්වම අපි ස්ටෑම්ප් කරන්න බලාගෙන තමයි යන්නේ. ඒ කියන්නේ කන්තෝරුවේ සීල් එක ගහනවා වගේ සිරිමා බෝදිය-- ඕකේ.. රුවන්වැලි සෑය--ආ ඒකත් ඕකේ.. බසවක්කුලමේ නැම..--ආ ඒකත් හරි ආදී වශයෙන් මූලික වැඩ ටිකක් දඩි බිඩි ගාල කරලා අපි එන්නයි බලන්නේ. අපේ ලංකාවේ අය යන එන තැනක් නිසා මහා වැඩි මිලක් යන්නෙ නැහැ අනුරාධපුරයේ සවාරියට..හැම තැනම ගෙවල් වල නවාතැන් දෙනවා. ඉතින් සති අන්තයක ගිහිනි නිවිහැනහිල්ලේ ජනප්‍රිය නැති නටඹුන් ටිකත් අපි බලලා එමු නේද? 





Thursday, February 7, 2019

Vijayarama අනුරාධපුරයේ විජයාරාම පුරාවිද්‍යා ස්ථානය

 අනුරාධපුර ගල්පාලම පාරේ පුරාණ නටඹුන් සිද්ධස්ථාන රැසක් තියෙනවා. එයින් විජයාරාම ආරාම සංකීර්ණය බලන්නට දේවල් තියෙන තැනක්. එච් සී පී බෙල් මහතා තරම් ඈත අතීතයේදී මේ විජයාරාම ආරාම සංකීර්ණයේ කැණීම් කටයුතු සිදුවෙලා තියෙනවා. පේන හැටියට සාමාන්‍ය අනුරාධපුරේ තියෙන නටඹුන් ආදියට වඩා විජයාරාම ආරාම සංකීර්ණයේ නටඹුන් අලුත් ස්වභාවයක් ගන්නවා. මේ විජයාරාමයට යන්නේ අනුරාධපුරයේ ඉදලා ගල්පාලම පාරේ ගිහින් .ලිංක් එක මේං https://goo.gl/maps/qfgzT4EmBtF2 .
 ක්‍රිස්තු වර්ශ 7*10 සියවස් වලට අයිති නටඹුන්ය කියලා තමයි එච් සී පී බෙල් මහත්තයා එක්දාස් අටසිය ගනන් වලදී කියලා තියෙන්නේ. ඒ කාලේ එතුමා හාරද්දි මෙතන පරන මහායාන පිළිම ආදිය හම්බෙලා තියෙනවා. ඒ අනුව මේක මහායාන වැදුම් පිදුම් ස්ථානයක් කියලා සදහන් වෙලා තියෙනවා. ඒත්  චෛත්‍ය සාමාන්‍ය බුදුපිළිම ආදී දේත් මේ අවට විසිරිලා තිබුනා.
 ඇතැම් තැන් ගවේශනය කරන්න හාරලා. ඒ හෑරුවට පස්සෙත් ආයෙම යට වෙලා. අපි ගියේ සෙනසුරාදා දවසක. දිග සති අන්ත නිවාඩුවක් නිසා සෙනග වැඩියි මුළු අනුරාධපුරේම. සමාධි පිළිමය, රුවන්වැලි සෑය, සිරිමහාබෝධිය වගේ තැන්වල සැමන් පැක් වෙන්න සෙනග. ඒත් විජයාරාමේ අපි යනකොට අපි විතරයි සෙට් එකකට උන්නේ. ඉන් පස්සේ සුද්දො  සෙට් එකක් ආවා. අනුරාධෙපුරේ පූජා නගරය බොහොම කලබල නම් ඒ වගේ වෙලාවකට යන්න කියාපු තැනක් තමයි විජයාරාම ආරාම සංකීර්ණය කියන්නේ.

 මේ ඉහත තියෙන්නේ තනි ගලෙන්ම නිම වුනු පඩිපෙල සහ මුරගල්. මේවා පලලින් අඩුයි. මේ වගේ තැන් සහ පහල පිංතුරේ තියෙන කුඩා වැසිකිලි පද්ධති අනුව මේ තැන මෙහෙනින් වහන්සේලා වැඩ වාසය කල තැනක් වේනන ඇතිය කියලා අපි එක්කගිය කේ ජී කීර්තිරත්න ඡායාරූපශිල්පී මහත්මයා කිව්වා. මේ වැසිකිලි වල වාඩිවුනත් සිදුරු හෙම සෙට් වෙන්නේ පුරුෂ ලිංගය තියෙන තැනට නෙමෙයි. ස්ත්‍රී ලිංගය තියෙන තැනට. අපි වාඩිවෙලා කක්කා කරන්න ගියේ නැහැ. ඒත් ලාවට වාඩි වෙල බැලුවා මේවා කොහොමද පාවිච්චි කරල තියෙන්නේ කියලා.

 මේ වගේ වැසිකිලි පද්ධති රැසක් තිබුනා. ඒ අනුව මේ ස්ථානයේ ස්වාමින් වහන්සේලා හෝ මෙහෙනින් වහන්සේලා රැසක් වැඩවාසය කල බවට අපිට සිතාගන්නට පුලුවන්කම තියෙනවා. කුඩා ආරාමයක් වගේ ගොඩනැගිල්ලක නටඹුන් තියෙනවා. ඒ යාබදවම වගේ මේ වගේ වැසිකිලි පද්ධතියක් දකින්නට ලැබෙනවා. අපේ අය වැසිකිලි කරන වැඩේ පවා එදා හරි ලස්සනට ආට් එකට කල දෙයක්යකියලා ඉහල පිංතුරය බැලුවාම පේනවා ඇති.
 මේ බුදුපිළිම වහන්සේ ගේ හිස නැතිවුනත් ඉතිරි කොටස් දෙක සැහෙන තරමින් ආරක්ශා වී තිබුනා. මේ ස්ථානයේ විශාල බුදුපිලිම තවත් හමුවෙන්නට ඇති. අපිට වැඩි විස්තරයක් දැනගන්න කවුරුවත් වැදගත් කෙනෙක් එතන හිටියේ නැහැ. කැණිම් කරන සේවක මහතුන්ට මේ ස්ථානය ගැන වැඩිදුර අදහසක් නැහැ.
 මේ රවුමට තියෙන උළු වගේ තුනී ගැඩොලු ජාතියකින් හදාපු එක පැරණි ආරුක්කුවක් වන්නට ඇති කියලා තමයි අපිට හිතුනේ. එය ඉතාම සංයමයෙන් රවුමට සකස් කරලා තියෙනවා. ඒ කාලේ අද වගේ කොන්ක්‍රිට් තාක්ශනය තිබුනේ නැති නිසා රවුම ගන්න සෑහෙන මහන්සියක් වෙන්නට ඇති දොරටු වලදි.
 මේත් පරණ තාලේ වැසිකිලි පද්ධතියක්. අපරාදේ කියන්නට බැහැ මේ ස්ථානය හෙවත් අනුරාධපුර විජයාරාමේ වැඩවිසූ සංඝයා වහන්සේලා හොදට මුත්‍රා කරන වැඩේ නම් කලාවටම කරලා තියෙනවා. ඒ වැසිකිලි ගිය ආකාරය විදහා දැක්වෙන පුරාණ වැසිකිලි හැම තැනම වගේ තිබුනා.
 මේ මොකද්ද හැබෑට. මේ ගරාවැටුන පැරණි ආරාම සංකිර්ණයක ගල් කොටසක්. මෙතන තමයි ද්වාරය. ඒ කිව්වේ දොර. ඉහල තියෙන පිංතුරයේ පැරණි යකඩ කොටසක් පවා තවමත් යාන්තමට ඉතිරි වී තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ පැරනි යුගයේ මේ ගලට විශාල දොරක් සම්බන්ධ වෙන්න යකඩත් උපයෝගී කරගෙන තියෙනවා. ඒ සම්බන්ධකරලා තිබුන දොර බිම ඇතිල්ලිලා තියෙනඅ ාකාරයට දොර මහ විසාල එකක් වෙන්නට ඕනි. ඒ විදියට බිම ඇතිල්ලිලා ගිය පාරවලුත් මේ පහල තියෙන ගල් පතුරේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ සලකුනක් අපිට සොයාගන්න පුලුවන් උන එක ගැන අපි සතුටු  වුනා.

 මැද මහා ටැංකියක් වගේ තියෙන මෙතැන භික්ෂූන් වහන්සේලා නාපු තැනක්ද දන්නේ නැහැ. සෘජුකෝණාශ්‍රාකාර අවකාශයක් සහිත වලක් ආකාරයට මෙතන නිම වෙලා තියෙනවා.
 මේ මුරගල් අනුරාධපුර පැරණි මුරගල් හා සමාන වෙන්නේ නැහැ. ඒත් විජයබාහු රාජ මාලිගයේ මුරගල් එක්ක ලාවට සමාන කමක් තියෙනවා. ඒ අනුව මෙය අනුරපුර යුගයේ අවසාන සමයේ කල ආරාම සංකීර්ණයක්ය කියලා අපිට හිතන්නට හැකියි.අ නෙක් පසින්පුරාවස්ථු රැසක් තවමත් හොදින් ආරක්ශා වී තිබෙනඅ ාකාරය බැලූ විට මෙය අනුරපුර යුගයේ අවසාන භාගයේ විහාර කර්මාන්තයක් කියලා තමයි අපිට හිතුනේ.

 මේ තියෙන්නේ චෛත්‍ය වහන්සේ. මේ චෛත්‍යය හැම එකක්ම අද තියෙනවා වගේ බෙල් හැඩේට සුදුපාටට බැබලි බැබලි තිබුනාය කියාල හිතන්න අමාරුයි. ඒ කාලේ  චෛත්‍ය වල හැඩය සැකැස්ම පවා මොන විදියට තිබුනාද කියලා අපිට කරන්න පුලුවන් නිගමනයක් විතරයි.

 විජයාරාම පුරාවිද්‍යා ස්ථානය අනුරාධපුර නගරයෙන් ටිකක් ඈත තියෙන්නේ. අපිටත් මේ තැන ගැන විස්තර කිව්වේ ගල්පාලම බලන්න ගියාම එතන හිටපු අයෙක්. ඒ ළගපාත ගල්පාලම ලග තිබුන කිරිබත්වෙහෙර හොද තැනක්ද එතන බලන්න දේවල් තියේද කියලා ඇහුවාම අයෙක් කිව්වේ එතන්ට වඩා විජයාරාමේ නටඹුන් සුපිරී.කියලා. විජයාරාමෙ කියන්නේ ටිකක් ස්ටඩි කරන්න ඕනි තැනක්.
මෙ පුරාවිද්‍යා ස්ථානයේ තඹපතක් සොයාගෙන තියෙන්නේ නිධන් හොරුන් විසින් සාරන ලද පස්ගොඩක තිබිලා. ඒ තඹපතේ එදා එච් සී පී බෙල් මහත්තයාගේ කාලේ සොයාගත්තා වගේ තඹපතක් සොයාගෙන තිබුනා 2015 වර්ශයේදී. ඒ තඹපත අනුව මෙතැන මහායාන අදහස් තිබුන තැනක් බවට පිලිගැනීම් තියෙනවා. මකර තොරන් කැටයම් ආදියෙත් මහායාන ගති ලක්ශන තියෙන බව තමයි විශ්වාස කෙරෙන්නේ. කුලතුංග කියෙන ආචාර්යතුමා කියපු විදියට මේ ආරාම සංකීර්ණයේ පිවිසුම තියෙන්නේ අභයගිරිය දෙසට. මහාවිහාරය  තිබුනා යැය ිසැලකෙන මූලික පූජා භූමියට දුරින් අභයගිරිය ආසන්නයේ තමයි මේ විජයාරාමය තියෙන්නේ. ප්‍රසිද්ධ නටඹුන් තියෙන තැන් එක්ක බැලුවම මදක් ඈතින් තමයි මේ පුරාවිද්‍යා ස්ථානය තියෙන්නේ.

පුරාවිද්‍යාව විශයක් විදියට හිතුවාම මේ නටඹුන් අයිති ක්‍රි.ව 8-11 කාලයට අනුව විදෙස් රටවල අපිට ආසන්න ඉන්දියාව, ඉන්දුනීසියාව, සියම් රට , රාමඥ්ඤ දේශය ආදි රටවල නටඹුන් එක්ක මේ අපේ නටඹුන් ස්ථානයේ සමානකම් මොනාවද කියලා හොයන්න පුලුවන්නම් වටිනවා. මොකද මේ කාලේ වගේම ඒ කාලෙත් ලෝකයේ රටවල් එකිනෙක සම්බන්ධයි. එතකොට ඒ තැන්වල තියෙන පුරාවස්තු සහ අපේ ඒවා අතර සහසම්බන්දතා තියේනම් ඒවා සොයාල බලලා ඉතිහාසයේ හිදැස් සම්පූර්ණ කරගන්න අපිට අවස්තාවක ්ලැබෙනවා.


අනුරාධපුරයේ යන හැම වෙලාවකම අපි මහ නඩයක් රුවන්වැලි සෑහේ බසවක්කුලම වැවේ, සිරිමා බෝදියේ යනවා. ඒත් ටිකක් වෙනස් විදියේ නටඹුන් ස්ථාන රැසක් මේ අනුරාධපුරය ආසන්නයේ තියෙනවා.ඒවා ගැන අධ්‍යනය කරන එක ඒවා බලන්න යන එක හැකිනම් ඒ පුරාවිද්‍යා අංශ වලින් තොරතුරු අහලා බලන එක වටිනවා. මේ වගේ  ආරාම සංකීර්ණ කියලා හොදටම පේන්න තියෙන තැන් වල වැදගත්කම අද හොයාගන්න වෙලා තියෙන්නේ නිධන් හොරුන්ගේ පස් ගොඩවල් මතින්. අපේ ඇත්තෝ ඉතිහාසය ආගම ජාතිය කිව්වොත් මරාගන්න යනවා. ඒත් නිසි ආකාරෙන් බැලුවේ නැතොත් ් තැන් වල නිධන් හාරලා විනාස කරනවා.

මේ ස්ථානවල කවුරුහරි මුස්ලිම් ඇත්තෙක් හෝ දෙමල ඇත්තෙක් නැගලා පොටෝ එකක් ගැහුව නම් ඔන්න මෙතනත් නැතිවුනා විනාසවුනා කෙලවුනා ය කියලා සෝසල් මීඩියා කලම්බාවි ඒ නිවුස් එක. ඒත් මේ තැන් නිකම්ම තියෙනකොට කාගෙවත් හව්හරණක් නැහැ. අපේ ප්‍රකට තැන ්වගේම අප්‍රකට පුරාවිද්‍යා ස්ථාන ගැනත් අපි අවධානේ දෙන්න ඕනා. ඒ තැන්වල හාස්කම් නැතත් අපේ පොඩි උන් එක්ක ගිහින් ඒ තැන් බලන්නට කියන්නට ඕනා. ජාතිය ආගම ගැන වරු ගනන් දෙසාබාන රූපවාහිනී සාකච්චාවකට නෙරවගෙන නිදි කිරනවාට වඩා මේ වගේ තැනක් බැලුවාම ඇත්තටම අපේ මුතුන් මිත්තන්ගේ වැඩ කිඩ ගැන පොඩි කික් එකක් ඇගට එනවා.

මේ පහල ඇති මගේ වීඩියෝ එක. වීඩියෝ කලාව මට ටිකක් ආගන්තුකයි. ඒත් තැනක් ගැන විස්තර කරද්දි වීඩියෝ දත්ත වැදගත්. ඉතින් ඔයාල ඒකත් හැකිනම් බලලා අඩුපාඩු පෙන්නලා දේවිය කියලා හිතනවා. ඒ වගේම පොඩි හරි දෙයක් අලුතින් දැනගත්තානම් මේ පෝස්ටුව පේස්බුක් එකේ එහෙම සෙයාකරන්නත් අමතක කරන්න එපා. අපි තාම පරණ මිනිස්සු. තොරන් සයිට් වල වගේ ඇඩ් නෑ, අරක බලන්න මේක බලන්න මෙතන ඔබන්න කියල ලිංක් ඔබ්බල නැහැ,  මහා නිවුස් චැනල් වල වගේ බූස්ට් කරන්න සල්ලි නෑ. ඉතින් ඔහෙලා සෙයාකරන ටිකකින් තමයි අපේ බ්ලොග් වල හිට් රේට්ටුව රදා පවතින්නේ.

Wednesday, February 6, 2019

විජයබා මාලිගය Grand Palace Of King Vijayabahu


වැස්සේම බයිසිකලයෙන්

අපි අනුරාධපුරයේ බයිසිකල් ගමන යොදාගත් දවසේ වැස්සා. වැස්සා කියන්නේ අම්බානකට වැහල තව ටිකක් වැස්සේ නැහැ. ලා පොදක් වගේ ගියා. ඒත් ඉතින් බයිසිකලේ ඒ පොදට අහුවුනාම සැරට තෙමුනා. අපි ගල්පාලම බලන්න ගිහින් අවසානෙටම තැනක් විදියට බැලුවේ විජයබා මාලිගාව. එතැන ලස්සන මාලිගාවක් තිබුනා කියලා හිතන්නපුලුවන් සලකුනු තියෙනවා. ඒ වගේම පැරණි යුගයේදී එතැන බොහොම සාර සොබාවට තිබුන තැනක් බව තියනෙ නටඹුන් ගොඩ බැලුවාම උනත් පේනවා.

කොහෙද විජයබා මෙහේ

විජයබාහු රජතුමා නමින් නටඹුන් රටපුරාම තියෙනවා. ඒ වගේම පොලොන්නරුව රාජධානියක් කරගන්නෙත් විජයබා රජතුමාම තමයි. රාජධානි මාරුවීමේ ෆැෂන් එකේ මුල්ම සාමාජිකයෙක් තමයි විජයබා කිං තුමා. මේ කිං බුවා රට වටේම හැංගිලා හිටියා. ඒම ඉදියේ රජ වෙන එක හිතේ තියාගෙන. මේ විජයබාහු රජ කල සමය ලංකාව චෝල සෙට් එකකට යටත් වෙලා තිබුනේ. ඒකට හේතුව විදියට ඉතිහාසඥයෝ ලංකාවේ පාලනය අවුල් සීන් එකක් කියලා තියෙනවා. ඒත් සමස්ථ ඉන්දීය ඉතිහාසය තුල විශාලතම ප්‍රබල රාජධානියක් වුනු චෝල ලාගේ පීක්ම සීසන් එකක තමයි විජයබාහු ට සෙට් වෙන්නේ. එතනදි විජයබාහුට බැහැ ඉන්දියාවේ විශාල පලාතක් යටත් කරගෙන උන්න රාජ රාජ, රාජේන්ද්‍ර වගේ ප්‍රබල චෝලයින් පරද්දන්න.

මේක නිකං හරියට ඉංගිරිසි කාලේ පෘතුගීසින් ලන්දේසින් අපේ රජතුමාට එලවන්න බැරිවුනා වගේ සීන් එකක්. ඔන්න ඉතින් කොණක ඉදන් ගහගෙන හමන්නවාගෙන ගියත් ඊලගට නැව් සෙට් එකකින් එනවා ඉන්දියාවේ ඉදලා මහා සතුරෝ සෙට් එකක්. ඉන් පස්සේ උන්ට ගහන්න ලොවෙත් බැහැ. ඒ විදියට ඉන්දියාවේ අපිට ලංව විශාල චෝල දේශයක් තිබුනාම ඒකට විරුද්ධව යුද්ධ කිරීම ලේසි නැහැ.ටයිම් ස්ලෝට් බැලුවාම ඇත්තටම විජයබාහුට නැවත ලංකා රාජ්‍යයේ කොඩිය ගහන්න ලැබෙන්නේ ඉන්දියාවේ චෝල රාජ්‍යය ටිකක් ප්‍රබල බවින් අඩු වීමත් එක්කලා තමයි. 


චෝල බුවාල ලංකාව විතරක් නෙමෙයි. ඉන්දුනීසියාවේ සුමාත්‍රාව කෙළවරට පවා චෝල අධිරාජ්‍යය ව්‍යාප්ත කරලා තිබුනා. මේ චෝල මාලිගාව තියෙන්නේ අනුරාධපුරයේ. සමහර විට පොලොන්නරුවේ රජ වෙන්න කලින් හෝ ස්වල්ප කාලයක් හෝ මෙතන විජයබාහු වැඩවාසය කරන්නට ඇති. ඒ වගේම විජයබාහු රජතුමා අභිෂේක කරපු උත්සවය මේ තැන තිබුනාය කියලත් සමහරු විශ්වාස කරනවා. මේ විජයබා මාලිගයතිය්නනේ ගල්පාලම පාරේ. ඉතින් ගල්පාලම රෝඩ් එකේ යද්දි සයිඩ් එකේ තියෙනවා මේ තැන. අනුරාධපුර ටවුමේ ඉදන් කිලෝමීටර 5ක් වත් නැති විජයබා මාලිගය විසිට් එකක් දාලා බලන්න වටින තැනක්.