Showing posts with label රියලිටි. Show all posts
Showing posts with label රියලිටි. Show all posts

Tuesday, November 17, 2020

බල මාලුවා දැනගෙන කමු Skipjack Tuna

හිටපු ධිවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහත්තයා අමු මාලු කාලා පෙන්නුවා. සංදර්ශනයක් විදිහට හොදයි. ඒත් මාලු අමුවෙන් කෑවහම ඒ හරහා සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියාවන් ශරීරගතවෙන්න පුලුවන් කියලා කට්ටිය කියනවා. එ ්වගේමයි මේක බුකිය කැලබූ සිද්දියක් වුනා. පිිරිසක් කිව්වේ මේක හෙනම අවුල් නාට්ටියක් කියලා. ඒ වගේම මේ නිසා හිටපු ධීවර ඇමතිතුමා තවත් පච වුනා කියලා පලමු පේලියේ ඉන්න බයියෝ විශ්වාස කරනවා. ඒත් ඇත්තටම මේ වගේ මනුස්සයෙක් නිවුස ්වලට යෑමත් නිවුස් වලට ගිහින් හිට් වීමත් ඒ මනුස්සයට ලැබෙන ලොකු චාන්ස් එකක්. මට මතක ඇති කාලෙක මිට කලින් මේ දිලිප් වෙද ආරච්චි කොළඹ ලොකු හෝටලේක පිගන් පොලොවේ ගැහුවා. ඒකෙන් ඒතුමාගේ නම පත්තරේ ගියා. 

ඉතින් මම දැන් කතා කරන්න යන්න ්බලමාලුවා ගැන. බලමාලුවා කියන්නෙත් ටූනා විශේෂයක්. අපේ මූදේ ටුනා කුලයට අයිති මාලු ගොඩක් ඉන්නවා. ඒ අතර පොඩිම ටුනා ජාතිය තමයි හුරුල්ලා. කෙලවල්ලා, බලයා. ඇටවල්ලා වගේ මාලුත් අයිති වෙන්නේ ටූනා පවුලටම තමයි. ඒ ටූනා පවුලේ මාලුන්ගෙන් බලයා අපි අතර ජනප්‍රියයි. බලමාලුවා අදුරගන්න ලේසියි. බලයාගේ යටිබඩේ කලුපාට ඉරි තියෙනවා. ඒ නිසා උන්ව අදුරාගන්න ලේසියි. 

බලමාලු වලින් හදන කෑම 

ලංකාවෙදි නම් බලමාලු වලින් ඇඹුල්තියල් හදනවා ඒ වගේම හොදි හදනවා. කේරලේදිත් ලංකාවට හා සමාන දුරු මිරිස් තුනපහ වලින් සපිරි හොද වයින් හොද්දක් හදනවා බලමාලු සහ ටුනා වලින්. බෙංගාලෙදි මූලිකව කලින් ටූනාව බැදගන්නවා. බැදගත් ටුනා කෑලි ඉන් පස්සේ ආයේ තුනපහ ආදිය සැරට දාලා ලොකු හොද්දක් හදලා ඒකත් එක්ක බත් අඹරනවා බෙංගාලි මිනිස්සු. කේරලේ සහ බෙංගාලි දෙකේදිම බත් කන්න මාලු හොද්ද ගහන කොට එයාල මාලු හොද්ද එක්ක විතරයි බත් කනවා දැක්කේ. ඒක නිසාම මාලු හොද්ද විවිධ රසකාරක ගහලා හදනවා. ඒත් මේ අපි සහ ඉන්දියානු ක්‍රමයට මාලුවා උයද්දි මාලුවාගේ නියම රස නැති වෙනවා. නැතිනම් අතුරුදහන් වෙනවා. 


බලමාලු ෆැක්ට්ස් 

  • වැඩුන මාලුවකුගේ බර - කිලෝග්‍රෑම් 5-10 අතර

  • බලමාලුවාගේ ආයුකාලය - අවුරුදු දහයයි

  • ඉංගිරිසි නම - Skipjack Tuna

  • පවුල - Scombridae

  • දිවිගෙවන කලාපය - අත්ලාන්තික්, පැසිපික් සහ ඉන්දියානු සාගර තුනේම නිවර්ථන කලාපය 

  • භාවිතය - ටින්මාලු සහ ගෘහස්ථ පරිබෝජනය 

  • විද්‍යාත්මක නම - Katsuwonus pelamis

ඉන්දුනීසියාවේදි බලයගෙන් හදන චකලං ෆුෆු කියාල කරවල විශේෂයක් ජනප්‍රිය වලො තියෙනවා . ඒකෙදි අලුත් බලමාලුවා කපලා කුරු වල ගහලා පොල්ලෙලි දාල දුම්ගස්සනවා. ඉන් පස්සේ දුම්ගහපු බාගෙට තැම්බුන බලමාලු වලින් එයාල ව්‍යාංජන හදාගෙන කනවා. අපි මේ කන විදිහට ටිකක් එලියේ තියලා කන්න ගියොත්සුද්දට නම් බලමාලු කෑම අප්සට් යනවා. මොකද බලමාලු වල නිපදවෙන හිස්ටමින් සුද්දට අවුල්. ඒ නිසා සුද්දෝ බලමාලු එලියේ තියන්නේ නැතුව කුල් පෙට්ටියේ දාලම තමයිඅරගෙන ෆෙෂ්වට කන්නේ. 


සුද්දෝ ඒ කිව්වේ යුරෝපීය ජාතිකයින් නම් මේ ටූනාවෝ කෙලින්ම රත් වූ තැටියකතියලා රත්කරලා කනවා. ජප්පෝ නම් කිසි කතාවක් නැතුව ටූනා කපලා සුෂි විදිහට කනවා. අපේ දිලිප් වෙදාරච්චි ක්‍රමයට ගෝත්‍රික ජනතාව නම් බලමාලු කනවා ඇති. කොහොම වුනත් කෙලින්ම ෆ්‍රෙෂ් මාලුවා වුනත් සැල්මොනෙල්ලා වගේ බැක්ටීරියාවන් බඩට යන්න පුලුවන් කෙලින්ම අමු මාලු කෑවොත්. 


අල්ලනවා අල්ලනවා ඒත් ඉන්නවා 

වැඩිපුරම ධීවර දැල්වලට අහුවෙන මිල අඩු ටුනා වර්ගයක් තමයි මේ ස්කිප්ජැක් හෙවත් බලමාලු කිය්නනේ. ස්කිප්ජැක් හෙවත් බලමාලු යෙලෝෆින් බ්ලූෆින් ටූනාවෝ එක්ක බලද්දි මිලෙනුත් අඩුයි. මුන්ව අල්ලන්න විවිධ ක්‍රම තියෙනවා. දැල් ගහලා වට කරලා ඉන් පස්සේ අල්ලනවා. ඒ වගේම බිලි කොකු ගහලා ඒ වගෙනුත් බලයෝ අල්ලනවා. ඉස්සර නම් අපේ ලංකාවේ හතර අතේ ධීවරයෝ විශාල බල ඔරු යාත්‍රා කලා. දැනටත් වැලිගම දිහා එහෙම ඒ විදිහේ විශාල ඔරු තියෙනවා. ඒත් වැඩිපුරම ජනප්‍රිය බහුදින ධීවර යාත්‍රා තමයි. ඒ බහුදින ධීවර යාත්‍රාවක් වරක් මූදු යන්න ලක්ශ දහයක් විතර වියදම් වෙනවා. ඒත් ඉතින් ලාබ තියෙන රස්සාවක් නිසා ඒ ගාන ගෙවලා වියදම් දරලා මූදු යවන්න වෙලෙන්දෝ ඉන්නවා. 


අපිට අලුත් මාලු එනවාද?

දැන්නම් ඉතින් අපිට එන අලුත් මාලුවෙක් නැහැ. කෙලවල්ලා ගත්තොත් කෙලවල්ලා පිටරට යවන හොද එකා කිලෝව රුපියල් 1500කට එහා වෙනවා. ලංකාවේ ඕනිම හොදම මාලු ලෑල්ලක ඉන්න කෙලවල්ලෙක් වුනත් වැඩිම රුපියල් පන්සියක් විතර තමයි වෙන්නේ. කෙලවල්ලාගේ පිටත තත්වය වගේම කෙලවල්ලාගේ අන්තර්ගත ප්‍රෝටින ආදියත් රට යවද්දි හොදට බලනවා. මේ ටූනා මාලු රට යවද්දි කිලෝ 15ක කුරියෙක් වුන්ත විනාඩි 5කට අඩු කාලෙකදි කපනවා. මාලු ගැන දැනුමැති හිතමිතුරු බ්ලොග්වේදී දුලිප් සිකුරාජපති කියන විදිහට මේ බලමාලු ශීතාගාරයෙන් එලියේ තියාගනෙ කපන කාලය අඩු වෙනතරමට මාලුවාගේ කොලිටි එක ආරක්ෂා වෙනවා. 


මාලු ඔච්චර ඉන්නවද? 

ඔවු. බලමාලුවා බොහම ඉක්මන්ට බෝවෙන සතෙක්. ඒ වගේ බලමාලු මහා අයින් විදිහට තමයි මූදේ රංචු පිටින් සැරිසරන්නේ. හොද වයින් මාලු රංචුවක් අහුවුනොත් බහුදින ධිවර යාත්‍රාවක ඒ ලොකු මාලු රංචුවක් දාන්නත් බැරි වෙලාවල් තියෙනවා.


අපේ පොයි කතා 

ලංකාවේ දකුනේ උන්ගේ හයිය හක්තිය ඇවිල්ලා තියෙන්නේ බලයා කාලාය කියලා කතාවක් තියනෙවා. ඒක තනිකර පොයි කතාවක් නේ. බලය ඉනනේ ලංකාවේ විතරක් නෙමෙයි. අනික බලයා ගොරක ගම්බිරිස් ගහලා තුනපහ රසට ගහන්නෙත් දකුණ පලාතේ විතරක්ම නෙමෙයි. කේරලේ සහ බෙංගාලිත් ගොරක ගම්බ්රිස් දානවා ඇතිවෙන්න. ඉතින් මේ දකුනේ උන්ට බලයා ශක්තියක් වුනා කියන කතාව කවුරුහරි අයියෙක් ලොකුකමට කියාපු තවත් එක පදනමක් නැති පොයියක් විතරයි. 


බලමාලු ඉස්සර නම් ජාඩි දාලත් වික්කා. ජාඩි කියන්නේ ශිත කිරීම ජනප්‍රිය වෙන්න කලින් මාලු කල් තියාගන්න මාලු තැනකින් තැනකට අරං යන්න ජනප්‍රිය වෙච්චි ක්‍රමයක්. ලංකාවේ අපි කරවල දානවා. ඒ වගේම බලයා උම්බලකඩත් මරු. ඉතින් බලයා වැඩි කාලෙට වැල්ලේ මිල අඩුයි. එතකොට කෝට්ටගොඩ දිහා පේන්නම තියෙනවා වගේ මාලු උම්බලකඩ දානවා නැතිනම් කෙලින්ම කරවල වේලනවා. 


මේ බල මාලුවා ලංකාව පැත්තෙන් හිතුවොත් ලංකාවේ අපිට හොද පෝශණය සපයන මාධ්‍යයක්. මොකද ලංකාවේ මිනිස්සු ආහාර විදිහට මස් කනවා හරිම අඩුයි. මාලු තමයි කන්නේ. ඒ අතරත් මේ රතුපැහිදි බල මාලු වගේ මස් පෝශ ගුනයෙන් වඩාත් සාරවත් වෙනවා. අනෙක් පැත්තෙන් ලංකාව වටේම මූද සහ ධීවර වරායන් ගොඩක් තියෙන අපේ රටේ බලමාලු රට යැවීමත් හොද බිස්නස් එකක්. ටූනා අතර සුලබ බලයාටත් විදෙස් වෙලදපොල තුල හොද ඉල්ලුමක් තියෙනවා. 


Thursday, August 22, 2019

බෙලිඅත්ත මාතර කෝච්චි ගමන

කෝච්චි පාරවල් වලට අලුතින් එකතු වුනු පාර තමයි බෙලිඅත්ත මාතර කෝච්චි පාර. මේක ඉස්සර ආර් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කාලේ ඉදලා රජය සැලසුම ්කරපු දෙයක්. ඒත් සැබෑවක් බවට පත් වුනේ පසුගිය මහින්ද රාජපක්ෂ මහතතයාගේ කාලේ. ව්‍යාපෘතියේ ගුණදොස් සහ ණය ගැන කතාකරන එක පැත්තකින් තියාල අපි බලමු එකේ ගමන ගැන.



උඩින් යටින් ගිය පාර

මාතර ඉදන් බෙලිඅත්තට යද්දි ඇත්තටම කදු කර පරිසයක් හම්බ වෙනවා. ලෑනඩ් එක ෆ්ලැට් වුනානම් ලේසියි. ඒත් අවාසනාවකට ලෑන්ඩ් එකේ කදු තියෙනවා බෑවුම් තියෙනවා ඉතින් අමාරුයි ඒ නිසා කදුඋඩින් පාර හදන්න. වැහි කාලෙට දෙගොඩතලා ගලන පහත් බිම් උඩින්කෝච්චි පාර යද්දි උස පාලම් දාලා තියෙනවා. නිල්වලා නිම්නය කියන්නේ ගංවතුර කාලෙට සෙතපෝච්චි වෙන පලාතක්. ඉතින් ඒ පැත්තේ යට වෙන පලාත් උඩින් නිකම්ම කෝච්චි පාර එලුවා නම් වැහි කාලෙට බෝට්ටු වලින් තමයි කෝච්චි පාර බලන්න යන්න වෙන්නේ. දැන් හදාපු විදියට නම් වැහිපිට වැහි වැහැලා ගැලුවත් කෝච්චි පාරෙන් ගංවතුර ආදාර ගෙනියන්න හැකියාව තියෙනවා.



මතක විදිහට වෙහෙරහේන කැකණදුර මාර්ගයේ හම්බෙනවා දිග බිංගෙයක්. ඒ බිංගේ තුලින් යද්දි නුවර බිංගෙවල් වගේ ගල් නෙමෙයි. වටේම කොන්ක්‍රිට් දාල තියෙනවා කියලා පේනවා. ඒ වගේම පාරේ ගොඩක් තැන්වල එක්කෝ පාලම් නැතිනම් හොදට පුරවාපු බෑවුම් තියෙනවා. මේ තියෙන අපූරු තත්වය නිසාම අලුත් කෝ්චචි පාර ලංකාවෙ අනෙක් පාර වල නැති කික් එකක් තියෙනවා. පාරේ යද්දි පොලවට වඩා සෑහෙන උඩින් යන ෆීලින් එකක් තියෙන නිසා ටික්ක ඈථට භූමි දර්ශන ගෙවල්දොරවල් ගම් බිම් වතුපිට ආදිය පේනවා.



බෙලිඅත්ත සිට මාතර

පාන්දරම බෙලිඅත්තෙන් කෝච්චි පටන් ගන්නවා. ඒත් දොලහකුත් ගාන්ට පටන් ගන්නකෝච්චියක් එනෝ ඒක මාතරට විතරයි. අපි ඒකේ තමයි ආවේ. කෝච්චිය පරණ ජාතියේ රතු එකක් ලංකාවේ දි අලුතින් අලුත් වැඩියා කරලා තිබුනා. අලුත් වැඩියා කරපු නිසා අලුත් කෝච්චියක් වගේ ිපරිසිදුවට තිබුනා. බෙලිඅත්ත කඩේ ඉදලා මාතර එන උදවියට තව කෝච්චි ටිකක් තිබුනා නම් වටිනවා. ඒත් ඉතින් මහා දිගකෝච්චි මුගුරු වල යන්න සේනාව නැහැ. බෙල්අත්ත මාතරට වගේම ලංකාවේ අනෙක් පොලොන්නරුව, අනුරාධපුරය, තලේමන්නාරම, කැළණිවැලි පාර, උඩරට මාර්ගේ කෙළවර වගේ පැතිවලටත් පෙට්ටි දෙක තුනක පොඩි සෙට් ටිකක් ගෙනල්ලා දානවා නම් වටිනවා. මොකද මේ පාරවල මිනිස්සු ටිකදෙනෙක් ඉන්නවා ඒ අයට කෝචිචියක් තිබුනා නම් පෑ දෙකකට සැරයක් වත් බොහොම වටිනවා. අර රේල් බස් තිබුනත් ඒවා හරිම ප්‍රාථමිකයි. ගැස්සෙන්න ගත්තාම අක්මාව, කුඩා ප්‍රාචීරය, මහා ප්‍රාචීරය, පිත්තාශය වගේ ඉන්ද්‍රිය ඇගේ තියෙනවා කියලා අපිට වැටහෙන්න ගන්නවා.



අලුත් දුම්රිය මග සහ දුම්රිය ස්ථාන

දැන් හදලා මාස ගානක් ගියත් තාමත් සිල්පර සිමෙන්ති පාටට පීලි හොද පාටට තියෙනවා. ඒ වගේම බෙලිඅත්ත, බඹරැන්ද, කැකණදුර දුම්රිය ස්ථානවල තියෙන ස්ටනින් පෙනුමට ඉතින් කොටුව මරදාන වගේ සුද්දාගේ පරණ ස්ටේශන් පරාදයි. දැන් නම් ලංකාවේ හොදම දුම්රිය ස්ථාන විදියට මේ චිනාගේ මොඩලෙට හදාපු කැකණදුර, බඹරැන්ද බෙලිඅත්ත වගේ දුම්රිය ස්ථාන ගන්න පුලුවනි. හරිම ලස්සනට ගොඩක් පිරිසකට ඉන්න පුලුවන් විදියට හදලා තියෙන මේ දුම්රිය ස්ථාන විදියට අඩුගානේ බම්බා, කොල්ලුපිටිය වගේ දවසකට විශාල පිරිසක් සේවා සලසාගන්න දුම්රිය ස්ථාන ටිකවත් හැදෙනවා නම් ලොකු දෙයක් ඉතින්.



දුම්රිය සහ ආදායම

දුම්රිය අපි දන්න කියන කාලේ ඉදලා පාඩුයි. ලංකාවේ දුම්රිය වල ගාස්තු යන්නේ ෆ්ලැට් රේට් එකකට. ඒ කියන්නේ කොයි දුම්රියත් එක ගනන්. කොළඹ ඉදන් මාතරට පෑ තුනෙන් යන රුහුණු කුමාරියත්, පෑ පහකින් විතර යන ස්ලෝම එකෙත් එකම ටිකට් ගාන තමයි අය කෙරෙනනේ. එතකොට ප්‍රෙයා්රිටි දීගෙන ඉක්මනින් ගියා කියලා ලොකු ආදායමක් රුහුණු කුමාරියෙන් දුම්රියට ලැබෙන් නැහැ. ඉතින් වේගෙන් යනවා නම් හොදට සැප පාසුවට සීටුත් දෙන්න හැකිනම් ගාස්තු ටිකක් වැඩිවුනත් යන්න මිනිස්සු ඉන්නවා.



දුම්රිය දෙපාර්ථමේන්තුව තියෙන්නේ පින් සීසන් වලට රජයේ සේවකයෝ ටිකයි කොළඹ වැඩකරන කන්තෝරු ජනතාව ටිකයි ට්‍රාන්ස්පෝට් කරන්න කියලා සමහර උදවිය හිතනවා. ඉතින් දැනට තියෙන සීසන් ක්‍රමයත් එක්ක අලුතින්කෝච්චි සියක් පාරවල් වලට දැම්මත් ඒවා පිරෙනවා ඒත් ඒකෙන් ආදායමක් එන්නේ නැහැ. අලුතින් බෙලිඅත්ත පාර හදන්න කෝටි ගානක් මුදල් වැයවෙන්න ඇති. ඒ සල්ලි අපිට කවදා හොයාගන්න හැකිවේද?




Monday, May 6, 2019

බෝම්බෙන් පසු After Attack


ඒක එක බෝම්බයක් නෙමෙයි වැලක්. ඇමරිකාවේ ලෝක වෙළද මද්‍යස්ථානයට පහර දුන්නට පස්සේ ලෝකේ සිද්දවෙච්චි සාර්ථකම බෝම්බ ප්‍රහාරයක්. ඉලක්ක අටක් තිබ්බ නම් එයින් හතක් වගේම සක්සස් වුනා.

එදා දවස

එදා ඉරිද දවස මම බෝඩිමේ ඉන්න දවස. එදා වෙනද වගේම කම්මැලි කමෙන් ඉද්දි වට්සැප් වලින් විස්තරේ ආවා. ට්විටර් ගියාම එකෙත් විස්තර තිබුනා. කට්ටිය කලබලවෙලා. බෝඩිමේ ඇන්ටිත් සද්දෙන් නිවුස් දැම්මා. මීගමු පාර දිගට ඇම්බියුලන්ස් යන සද්දේ ඇහුනා. දවල් වෙන්න ඉන්දියන් නිවුස් වලින් කිව්වා මේකට සම්බන්ධ අය ගැන. ඒ අය මුස්ලිම්. බුකියේ හිටපු පොරවල් ඉන්දියන් නිවුස් කියන්නේ බොරුය කියන්න උත්සාහ ගත්තා. ඒත් ඇත්තටම මොකද වුනේ කියලා කවුරුත් දන් නැහැ. එදා හැන්දෑ වෙනකල් කාටත් තිබුනේ එකම එක සැක ගොඩක් විතරයි.
පස්සෙ දවස

ගොඩක් අය කන්තෝරු යන්නේ නැහය කියල තිබුනා. මම බෝඩිමේ ඉදිය නිසා කන්තෝරු ගියා. කන්තෝරු ගියාට කන්තෝරු සංකීර්ණයම පාලුවට ගිහින්. කොටුව ස්ටේශන් එකේ බෑග් චෙක් කරන්න පටන් අරන් තිබුනා. අපේ කන්තෝරුවෙත් අවුරදු ගානකට පස්සේ ආයමත් බෑග් චෙක් කරන්න ගත්තා. මිනිස්සු වැඩට ආවට වැඩක් කෙරුන් නැහැ. මේක මහ බයංකර තත්වයක්. කවුරුත් හිතුවේ නැති විදියට සාමාන්‍ය මිනිස්සු දෙසිය පනහක් පැයක් විතර ඇතුලත මැරුනා. ඒ අතර විදේශිකයුනුත් හතලිහක් වගේ උන්නා. ඇත්තටම විපතට පත් වුන අය විතරක් නෙමෙයි අනෙක් සාමාන්‍ය ජනයාත් ගොඩක් බයවෙලා උන්නා. 

ඊටත් පස්සේ
කන්තෝරු ගියට ඒ සතියෙම වැඩක් කෙරුන් නැහැ. උදේ යනවා. ඒකත් මම නම් දවස් තුන හතරක්ම දවල් වෙල ගියේ. ඉන් ප්සසේ ඔන්න දවල් වෙන්න බෝම්බ ලොරියක් එනවාය, බෝම්බ බයික් පේලියක් එනවාය කියලා නිවුස් එනවා. අපි බය වෙනවා. කන්තෝරුවෙන් හතරට විතර යන්න දෙනවා. ඒ සදුදා හෝ අගහරුවාදා අර සුදුපාට බෝම්බ වෑන් එකපිපිරෙව්වා කොච්චිකඩේ. එතනින් මිනිස්සු තවත් බය වුනා.

ස්ටේශම වටපිටාව

මම ගෙදර ගියා. අපේ ගෙවල් තංගල්ලේ. එහෙත් කට්ටිය සැකෙන් තමයි උන්නේ. එ පැතිවල සතිපොල තහනම් කරලා. අපේ නෑයෙක් උන්නා ඩේසිකා නැන්දා. එයා පොලේ කෙහෙල්ගෙඩි විකුනලා තමයි ජීවත් වුනේ. එයාට එක පොලකට නෙමෙයි තංගල්ල රන්න අගුනකොල වගේ පොලවල් කීපෙකම දවසින් දවස ගිහින් බිස්නස් කලා. එයාල වගේ අයට පොලවල් තහනම්කරපු එකෙන් ලොකුවට පාඩු වුනා. මේ එක පොඩි චරිතයක් විතරයි. තවත් බොහෝ බොහෝ අයට බොහෝ බොහෝ අකටයුතු කම් වුනා.

දවසක් මම හැන්දෑවේ වෙනද වැඩිය නොයන මුස්ලිම් රයිස් කඩේකට ගියා. මිනහා හදපු කෑම ජාති ඔක්කෝම වේලෙනවා. කවුරුවත් කඩේට ඇවිල්ල ානැහැ. ඒ මුස්ලිම්. බ්‍රිස්ටල් වීදියේ තියෙනවා සිංහල පලතුරු සලාද කඩයක්. සදෙව් පලතුරු තමයි නම. එතන බොහොම ප්‍රකට තැනක්. වෙනකක් තියා එතන්ට වත් බිස්නස් නැහැ. වෙනදා මිනිහා සැලඩ් බේසම හදලා ඉවර වෙද්දි වටේට මීමැස්සෝ වගේ සෙනග සැලඩ් ගන්න. ඒත් දැන් සැලිඩ් එක වහලා මිනිහ වට පිට බල බල ඉන්නවා කට්ටිය එනකල්.

ගෑනු බයවුන හැටි

වැඩට ආවට ගෑනු එහෙම එන්නේ හිතේ ගින්දරින්. එක පැත්තකින් දරුවෝ ගෙදර. අනික් පැත්තෙන් මිනිහා තවත් තැනක වැඩ. කොහෙහරි පිපිරුවොත් අඩන්න කට්ටිය ඉදීවි. ඒත් ඉන් පස්සේ ජීවිතේ මහ කරුමයක්. එක දවසක් බෝම්බ බය තදටම තිබුනා. ස්ටේශන් එකේ කට්ටිය අඩුයි. එදා කොටුව ස්ටේශන් එකේ තිබුන කෑම පාර්සලයක් බෝම්බයක් කියලා සැක හිතලා අල්ලලා තිබුනා. එදා ස්ටේශන් එකට ආපු ගෑනු අය එහදෙුවනවා මෙහෙ දුවනවා. කලබල වෙලා. කට්ටිය ඔක්කෝම කන්තෝරු වලින් තුන හමාරට විතර එලියට දැම්මා. ඉතින් ස්ටේශන් එකට ආවම කෝච්චි නැහ. ඒ කෝච්චි නැති ටිකට මිනිස්සු ටිකක් එකතු වෙනවා. මේ එකතුවෙන තැනක ඉන්නත් සමහර ගෑනු අය බයවුනා. අපිට එලියෙන් බලන් කියන්න පුලුවනි අනේ බයවෙන් එපා තේරුමක් නැහැය කියලා. ඒත් මිනිස්සුන්ගේ හිතේ තියෙන ගින්දර අපට තේරුන් ගන්න බැහැ නෙ.

ඔපිස් ඇතුලේ

අපේ කන්තෝරුවට එන මුස්ලින් කට්ටිය කවුද කියලා අපි එක වෙලාවක කතා බහ කලා. කන්තෝරුවෙත් බෑග් එහෙම අරගෙන එන්න දෙන්න නැතුව ඉමුය කියලා කතා වුනා. මම ඉන්නේ මහා පොත් රාක්කයක් ගාව. වැරදිලාවත් මොකක් හරි හදිසියක් වුනොත් එු් මහ රාක්කේ මගේ ඇග උඩට පත බෑවෙන්න ඇහැකිය කියලා මිස් කෙනෙක් කිව්වා. ඒත් ඒ රාක්ක දාන්න කියලා වෙන තැනක් නැහැ. අපේ කන්තෝරුව තියෙන්නේ ලංකාවේ මිල අධිකම ඉඩකඩක. ඉතින් ඉඩකඩ සීමිතයි.

වෙනද උදේ පාන්දර අපි කැන්ටිමට ගිහින් එක වෙනම මේසෙක ඔක්කෝමල්ලගේ බෑ්ග් ආදිය තියෙනවා. ඒත දැන් එහෙම බැහැ. බෑග් අරගෙන ලග තියාගෙන කන්න ඕනි. ඔෆිස් ආවට කට්ටිය ඔක්කොම තාමත් බෝම්බෙන් දවස් දාහතරක් ගිහිනුත් බයෙන් ඉන්නේ.

අපේ පිරිසිදු කරන ආන්ටියෙක් ඉන්නවා නම සුනිතා. සුනිතා ඇන්ටි ඔය කෝචචිකෙඩේ පල්ලිය තියෙන කොටහේන හරියේ. එයැට පලවෙනි බෝම්බෙ ඇහිල තිබුනා. ඒ වගේම ඊලගට අර වෑන් එක පුපුරුවද්දි එයා ඒ ලග බස් එකක ගිහින් තිබුනා. බෝම්බ සැකේ නිසා බස් එක මගදි හරවන් ඇවිල්ලා තිබුනා.
ගෝල් ෆේස්
වෙනදට හැන්දෑවේ හත හමාරට අටට ගෝල් ෆේස් ගියාම බැටළු ගාලකට ගොඩ වුනා වගේ මහ සෙනග. ඒ වගේම සද්දේ. ඒත් අද මම ගියා. මිනිස්සු විස්සක් නැහැ. කොටින්ම අර මූදට නෙරලා හදලා තියෙන කෑල්ලේ වත් සෙනග නැහැ. පොඩි ඉස්සෝ වඩ කරත්ත දෙක තුනකින් මලානික එලියක් ආවා. කපල් වලට නම් හොද සූපත්තුව. උන්ට කිස් කරන්න විතරක් නෙමෙයි සෙක්ස් කරන්නත් පුලුවන් මොකද ඒ තරමටම සෙනග අඩුයි.ඒත් කපලුත් අඩුයි. වෙනදා බංකු ගාව අර බැමි උඩ වාඩිවෙලා ඉන්න කපල් නැහැ. කලුවරින් වෙලිලා ගිහින්. නානා කඩ එකක්ව්ත ඇරලා නැහැ. පොඩිඉස්සො පොට් විතරයි.ඒවයි වත් කාරුවත් නැහැ.

ගෝල් ෆේස් එක නම් සිරාවට හෙන ගහල වගේ. වෙනදට ගෝල් ෆේස් එකේ වාහනයක් පාක් කරගන්න ඉඩක් නැහැ. අද වාහන දෙක තුනකට වැඩිය නැහැ. ඉතාම කලාතුරකින් මුස්ලිම් පවුලක් දෙකක් ඉන්නවා. එයාලත් මේ පාලු මූසල ගතියට බයවෙලා ඉක්මනින් යන්න ගියා.

ඒ එද්දි දැක්කා හිල්ටන් එකට ඇතුල්වෙන්න ඉන්න සුද්දෝ. ඇත්තටම වෙනදා ගොල්පේ්ස බැස්සම විදේශිකයින් ගොඩක් හමුවෙනවා. අද එකම එක විදේශිකයෙක් වත් හමුවුනේ නැහැ. අර හිල්ටන් එකට ඇතුල්වෙන්න උන්නේ පොඩි පවුලක්. අනේ ඒ මිනිස්සුන්ගේ ගමන් මලු ඔක්කෝම එලියෙ තැනක දාගෙන ඒ හැම එකම සිකුරුටි එකෙන් අදිනවා. තවම හරියට බැගේජ් චෙකින් මැෂින් එහෙම ඇවිල්ල නැති නිසා අතින් තමයි චෙක් කිරිම් සිද්ද වෙන්නේ.

ගෝල්ෆේ්ස එකේ තියෙන තඩි කුනු බාල්දියකට බාගයක් වතුර පිරුන වතුර බෝතලයක් දැම්මා එතන හිටපු මනුස්සයෙක් ඩොං ගාල බොල් සද්දයක් ආවා. ඒ කියන්නේ දවල් දවස තිස්සෙම කුනු බාල්දියට මොකුත් වැටිල නැහැ. ඒ ටික දුරක් යද්දි වෙනදා කොහෙද කියලා හොයාගන්න බැරි ලොකු මීයෙක් හිමීට අවදිවෙලා ඇතට දුවලා ගියා. පලාතම පාලුවට ගිහින්. මග එද්දි දැක්කා බයික් නවත්වලා චෙක් කරනවා. තම්බි මනුස්සයෙක් ස්කූටියක. ඒ මිනිහා මේ ලගට යනවා කියල සේප් වෙලා යන්න ගියා. ඒත් හරිගියේ නැහැ. එයාෆෝස් එකේ භටයා තදින් හිටියා. ඉන් ප්සසේ සීට් එක ඇරලා උස්සලා පැත්තකට කරලා ඔක්කෝම පෙන්නුවා. මේ දවස්වල ඔහොම තමයි හැමෝටම කරදර.

කොළඹ ඝන සැරේට මිනිස්සු ගැවසෙන තැනක්. ඒත් දැන් එහෙම නැහැ. පාරේ අද හැන්දෑවේ නිකං ඇවිදන් යනකොට මට මං මේ වෙන මනුස්සයෝ අඩු රටක යනවාද කියල හිතුනා. හැමතැනම පොලිසිය, හැමතැනම ආමි එයාෆෝස් නේවි එකෙන් ඉන්නවා.

මම කොළඹ ඇවිත් අවුරුදු 13ක්. මම තාම ගමේ චන්දේ තියෙනමිනිහෙක්. ඒත් මම ඉන්නේ කොළඹ. මහා කටුකයි වංචාකාරයෝ ගොඩයි. රැවටිලිකාරයෝ ගොඩයි. කියන කොළඹ මට දැන් මගේ ගම වෙලා ඉවරයි. අද ටැක්සි කාරයොන්ට හයර් නැහැ. මුස්ලිම් කඩේට මිනිහෙක් යන්නේ නැහැ. බුල්ත් විඩ තේ වතුර, ස්වීප් විකුනන අයට විතරක් නෙමෙයි හිගාකාලා ජීවත් වෙන මිනිහාට හිගමනක් වත් නැහැ.

බෝම්බ කාරයෝ එකක් නෙමෙයි 7ක් ආවා. සමහර විට ඉස්ලාමීය අන්තවාදය නොවෙයි වෙන හේතු හින්දා බෝම්බ හදන්න බෝම්බ ගහන්න කැමති අය තවත් ඇති. තවත් එය මේ සිද්දියට පලි ගන්න මේ සිද්දියට පාඩම් උගන්වන්න බෝම්බ ගහන්න කැමැත්තෙනුත් ඇති. ඇත්තටම අවසාන වසයෙන් අහන්න තියෙන්නේ එක දෙයයි. කවුරු හරි බෝම්බ ගහල මොනවාහරි ලබාගත්තද? ඒ මොනවද?

මොකුත් නැහැ. මොකුත්ම නැහැ.

බෝම්බකාරයා

තමන්
තමුන්ගේ ලෙයින් හැදුනු දරුවන්
ආදරනීය අම්මා තාත්තා
බිරිද හෝ සැමියා
යාලු මිත්රයින්,
තමන්ගේ ජාතියේ කට්ටිය,

ලංකාවේ මිනිස්සු ආදි ඔක්කෝමල්ල අමාරුවෙ දැම්මා. ඒත් බෝම්බකාරයා බෝම්බ ගහලා ලබාගත්ත දෙයක් තියෙද? නෑ.. 
ලබාගන්න දෙයක් තිනෙවාද?
නෑ.. 

Thursday, December 24, 2015

යූනියන් සහ ඇඩීම

යූනියන් කියල සාමාන්‍යයෙන් වෘත්තිය සමිති හදුන්වනවා. බොහෝ වෘත්තිය සමිති කියන්නෙ ඒ අය වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවාය කියලා.
අපේ කන්තෝරුවෙ මම අයිති මෑන්පවර් සේවකයො රැසක් 2015 වසරේ මුල් දවස් කීපය ගෙවාදැම්මේ එලියේ. ඒ වැඩවර්ජනයට සහභාගී ව්‍ුන ප්‍රමානය විශාලයි. ප්‍රතිශතයක් ලෙස සියයට අනූවකට වඩා මේ වැඩවර්ජනයට සහභාගී වෙන්න ඇති. නමුත් මම සහභාගි වුනේ නෑ.. 

යම් අයෙක් ඒ ගැන මට චෝදනා කරනවා නම්... නෑ එහෙමම නෑ.. මම ඒක නිසා මේක නිසා අරක නිසා තමයි ආවෙ නැත්තෙ කියල මම උත්තර බදින්න යන්නෙ නෑ.. මම එතනදි මගේ රස්සාවට ආසා කලා.. මම හිතුවෙ මහින්ද රාජපක්ෂ දිනලා රස්සාව නැතිවෙයි කියලාම තමයි.. මම ඇත්තටම බය වුනා රස්සාව නැති වුනාට පස්සෙ මෙ වගේ කදිම රස්සාවක් අලුතින් හොයාගන්න ලැබේද කියලා. සාපේක්ෂව හොද රස්සාවක්..මේක.. වැඩිපුර ඉස්ට්‍රෙස් නැති...වගකීම් නැති සති අන්තය ගෙඩිය පිටින්නිවාඩු..තියෙන හොද රැකියාවක්. 

ඉතිං මගේම සහෝදර සේවකයො පාරෙ ඉදගෙන අපි ස්ථිර කරවු කියල මොර දෙන අස්සෙ මම හික්මුන මීයෙක් වගේ ඒ අස්සෙන් රිංගාගෙන කාර්යාලය ඇතුලට ගියා. ඉන් පස්සෙ ඡන්දයකිට්ටු වෙද්දි ඒ වෘත්තිය සමිත ක්‍රියාමාර්ගය  ක්‍රමයෙන් අසාර්ථක වෙලා කස්ටිය කිසිම විසදුමක් නැතුව වැඩට ආවා. කවුරුත් පුදුම කරමින් මහින්ද පැරදුනා... අපේ ස්ට්‍රයික් කරපු අයටත් හිතුවට වඩා හොද කලදවසක් ගියා.. 

විදුලි බල මණ්ඩලේ...ජල මන්ඩලේ..සහ වෙනත් රාජ්‍ය ආයතන වල මෑන්පවර් අය ස්ථිර කරලා..අපි  විතරක් ඉතිරි වෙලා.. ඒත් මම හිතුවෙ අපිත් ස්ථිර කරන එකක් නෑය කියලා..ඒත් හිතුවෙ නැති විදියට ඊයෙ පෙරයිදා ඇප්ලිකේෂන් එකක් පුරවන්න ආවා අවුරුදු 7ට වැඩි සේවා කාලයක් සහිත මෑන්පවර් සේවකයින් ආයතනයට ඇතුලත් කරගන්න සලකා බැලීම කියලා..එකක්.. දැන් මම ස්ට්‍රයික් නොකලත් වේලාසනින්ම ඒක පුරවලා දීළ දැන් ඉන්ටවිව් එනකල් ඉන්නවා.. වැඩියෙන් සුදුසුකම් තියෙන නිසාත් රබර් කටක් තියෙන නිසාත් ඉන්ටවිව් එක පාස් වෙයි කියලා මට හිතෙනවා.. 

මම දැන් හිතන්නෙත් නෑ අපි ස්ථිර කරලා මව් ආයතනයට ගනීය කියලා..ඒත් අර ස්ට්‍රයික්කරපු බහුතරය දැස් දල්වාගෙන උදේ රෑ කල්පනා කරමින් ඉන්නෙ එයාල ස්ථිර කරාවිය කියලා. මගේ රාජකාරිය අනුවත් පැවැත්ම අනුවත් මම සාමාන්‍යයෙන් මිත්‍රශීලි බුවෙක්.. ඒ නිසා මගේම මෑන්පවර් කම්පැනියෙ ස්ට්‍රයික් වලට සහභාගි වුන එක එක මාදිලියේ ඩෑල් මට හමුවෙනවා.. එතකො ට ඒ බොහෝ අය හිතන්නෙ අපි ස්ථිර කරාවිය කියලා.. 

මේ යූනියන් වලට සම්බන්ධ අය නිතරම තමුන්ගේ රස්සාවෙන් තමුන්ට ලැබෙන දේවල් සහ ඊට සමාන්තර ස්ථිර සේවකයින් ට ලැබෙන දේවල් සංසන්දනය කරනවා.. ලොක්කන්ට සහ අපිට ලැබෙන දේවල් සංසන්දනය කරනවා.. රටේ ඉන්න ඇති හැකි අයට ලැෙබබන වෙනත් ආයතන වල සේවකයින්ට ලැබෙන දේවල් ගැන හිතලා දුක් වෙනවා.. 

යූනියන් වල මූලික ම සිද්ධාන්තයක් තමයි එයාලට ලැබෙනවා.. එයාල ලොකු වට ගන්නවා..ඒ නිසා අපිටත් ඕනි කියන තියරි එක.. ඒ බණ කියලා තමයි සේවකයො වෘත්තිය ක්‍රියාමර්ග වලට යොමු කරගන්නෙ. කාර්ලැබෙන විධායක නිළදාරින්... වායුසමන කාමර  වල ඉන්න නිළදාරින් ගැන කුනු කතා කියලා පොඩි සේවකයෝ කුලප්පු කරන එක යූනියන් අයගේ ගතිය.. එයාල පොඩි මිනිස්සු කුලප්පු කරන්නෙ ලොකු අය ගේ තේජස පෙන්වලා.. 

ලොකු මිනිස්සු හැමතිස්සේම විශාල වසයෙන්දේවල් ගන්නවාය. අපිට සුට්ටය කියන එක තමයි ඔය යූනියන් බහුතරයක මතේ... ඇතැම් විට විධායක ශ්‍රේණියේ අය හෙම ගන්නම දෙයක් නැතිවුනාම එයාල ඩිරෙක්ටර බෝඩ් එකේ උන් මෙච්චර ගන්නවා..ලාබ මෙච්චර ගන්නවා කියල ප්‍රාග්ධනය හා ලාබය දෙසට ඇදිලා ඒ කොටස් තමන්ටත් අයිතිය කියලා කියන්න යනවා.. 

දෙයක් නෑය... අපිටත් තව ඕනිය කියලා හිතන එක මට අනුව එක්තරා හිගන මානසිකත්වයක්. ඒකෙන් හැමදාම ජීවත් වෙන එක මහ පාපයක්.. අපිට ලලැබෙන සුලු දේ ගැන හැමදාම අසතුටෙන් අනුන් ගැන වෛරයෙන් කටයුතු කරන එක අපි කාර්යාලය තුල ගතකරන බොහෝ අවස්ථාවලදි පැක්ටිස් එකක් විදියට කරන්න ගියොත් එතන අපි තෘප්තිමත් නැති සතෙක් බවට පත් වෙනවා..

බුදුහාමුදුරුවො කියපු අසූහාරදාහක් බණ කතා වලට වඩා මට ධම්ම පදේ තියෙන සන්තෝෂය පරම ධනයයි කියන එක වැදගත්..අපි හැමදේදිම උත්සාහකරන්න ඕනි සතුට පවත්වාගෙන යන්න..අපි සැහැල්ලුවෙන් සතුටින් වැඩි කාලයක් ගත කලොත් තමයි බොහෝ විට සාර්ථක ජීවිතයක් වෙන්නෙ.. 

නිර්මාල් ගුරුතුමා කඩේකට ගිහින් ඉතිරු රුපියල් දෙක ලැබුන් නෑ කියල ගේම ඉල්ලලා තියෙනවා.. නිර්මාල් මැතිට පෙනුන් නැතුව ඇති ආන්ඩුව ඒ ටෙලිපොන් කෝල් වලින් සියයට විස්සකට වැඩි බද්දක් ගන්නවා..ටෙලිකොම් සමාගම් අසීමිත ලාබයක් පොම්ප කරගන්නවා..ඒ අස්සෙකඩ කාරයා දවසට විස්සක් තිහක් විකිනෙන ටෙලිපෝන් කාඩ් එකකින් රුපියල් දෙකක් ගහගත්තාම අපිට රිදෙනවා..අපි ඒකට පොලිසි උසාවි යන්න හිතනවා.. 

බස් වල වලිත් ඒ වගේ..මිනිස්සු කොන්දොස්තර ගන්න රුපියල් දෙක ගැන ගන්න හදලා බස් එකේ මගීන් ගානින් වැඩි කරලා තව දවසට එන මගීන් ගානත් හොයලා අමාරුවෙන් කැල්කියුලේෂන් එකකුත් කරලාම දුක් වෙනවා..සහ කොන්දට බනිනවා.. ඔය දෙක තුන ඉතිරි නොවී රුපියල් පහක් ඉතිරි ලැබෙන විදියට පහෙ ්ගුනාකාර වලට ගාස්තු ටික ගේන එක එක අතකින් කොන්දොස්තරලට ලේසියි...හැබැයි නිතර සැකෙන් වෛරයෙන් යන්න හුරුවෙල තියෙන පොදු මගීන්ට එතකොට කොන්දොස්තරලට බනින්න එක වරදක් නැති වෙනවා..ඒක එයාලගේ මානසික සෞඛ්‍යයට අහිතකර වෙන්න පුලුවනි. 

රාජ්‍ය සේවයේ හෝ වෙනත් සේවයක ඔන්න කට්ටියක් අමාරුවෙන් පාරෙ දගලලා පඩි ටිකක් වැඩි කරගන්නවා.ඉන් පස්සෙ අනික් අය ඒක පිට දල විෂමතාවයක් ඇදල ගන්නවා.. ඉන් පස්සෙ විශමතාවය ගැන එයාලගේ යූනියන් සහ එයාල මග දිගට කතා වෙනවා.. 

කෝචචියෙ සෙකන්ඩ් ක්ලා්ස එකේ මාතර ඉදන් කොළඹට ආපු දවසක ඒ අයට තිබුන ලොකුම පස්නයක් තමයි වැඩිවුන රුපියල් දහ දාහ ඔක්කොන්ටම එකපාර පඩියට එකතු කලොත් ඇතිවෙන වැටුප් විෂමතා පස්නය..එතනදි කතාවුනා මතකයි එතකොට අපිටයි ඩ්‍රයිවර්ලටයි එකම සැලරි..ඩ්‍රයිවර්ලට නම් ඕටිත් ලැබුනම අපිතට් වැඩිය පඩි වැඩිවෙයි කියලා කස්ටිය කතා වෙවි ගියා..එයාල සෙකන්ඩ් ක්ලාස් ගියෙත් එයාලගේ විධායක ශ්‍රේණියට ගැලපෙන නිසා වෙන්න ඇති. 

අපි හැමෝම දේසපාලනිකයි.. අපි හැමෝම ආසයි අපිට ැවඩියෙන් ලැබෙනවා.ට..ඒත් තර්කානුකූලව ගත්තාම මහින්ද රාජ්‍ය සේවයේ ප්‍රමාණය වැඩිකලා..රනිල් ඒ කස්ටියට ලැබෙන ගාන වැඩිකලා..නමුත් තාමත් රාජ්‍ය ආයතනයකට ගියාම අපිට ලැබෙන සේවෙ? ඒක කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙලාද? අපිට කොච්චර ඉක්මන්ට රාජ්‍ය සේවයේ සේවාවන් ලබාගන්න හැකියාව තියේද? මම හිතන්ෙන මිනිස්සු ගාන වැඩිවෙලා.. පඩි වැඩිවෙලා අපි එයාලට පඩි ගෙවන්න වැය කරන වැඩිපුර බදු ටිකට හරියන්න ලොකු වෙනසක් ඒ රාජ්‍ය සේවය තුල වෙලා නැහැ.. 

 මං යූනියන් ඇක්සන් වලට සහබාගි වුනේ නැත්තෙ බයට..ඒකෙ ඇවිල්ල මහ ලොකු බක්කක් නෑ..නමුත් යූනියන් ඇක්සන් එකට ගිහිපු අය කැන්ටිමෙ...වාහනේ යද්දි,..කොච්චියෙදි ඒ ගැනමයි උදේ හවා කතාව.. එයාලගේ මුලු ජීවිතේ තියෙන ලොකු ම හීනය ස්ථිර වීම... ඒත් මට ඒ හීනය දුරයි.. මම බොහොම සනීපෙන් ලැබුන ගානට හරියන්න මගේ විනෝදය පාලනය කරගෙන අමාරුවෙන් වුනත් සතුටින් ඉන්න යි උත්සාහ කරන්නෙ.. 

යම් විදියකින් මට මේ කොම්පැනිය සහ ලැබෙන දේවල් මදි කාලෙක මම හිතාගන්න ඕනි තව වෙනත් කොම්පැනියකට පනින්න..මේ අංශයේ රස්සාවල් ලංකාවෙ නැත්තං වෙනත් රටකට පැනලා හරි ජීවිතේ ගෙනියන්න අපිට සිද්ද වෙනවා.. ඒ තරං ලේසියෙන් කිව්වට මට නං මෙහෙ අමාරුවෙන් ජීවත් වෙන එක සැපක්.. 

පරණ යාලුවන් හමු වුනාම වැඩියෙන්ම කතා වෙන්න අනික් යාලුවො ඉන්න වැඩකරන තැන් ගැන...ඒ වගේ වෙලාවට අනික් යාලුවො ඉන්න වැඩකරන තැන් ගැන කතා වෙල හූල්ලන වෙලාවල් ඕනි තරං..ඌට තියෙන කාර්...ඌට තියෙන ගේ..රස්සාව අනම් මනම් ගැන කතා වෙන්න අපි ටිකක් ආසයි.. සමහර යාලුවෙක් කියනවා අපි ඉගෙනගත්ත නිසා අපිට ලැජ්ජාව තියෙනවාලු..අපිටත් ලැජ්ජාව නැති වුනානං හොද බිස්නස් එකක් කරල ලොකුවට ජීවත් වෙන්න තිබුනාලු.. 

ලාංකික මනුස්ස ප්‍රජාව එකිනෙකා හමුවෙන බස් හෝල්ට් එකක්.. බස් එකක්...කෝච්චියක්..ෆේස්බුක් ටුයිටර වගේ තැනක් වගේ ගොඩක් තැන්වල මිනිස්සු විදින්නෙ ප්‍රශ්ණ..මිනිස්සු කතා වෙන්නෙ ප්‍රශ්ණ..මිනිස්සු ආග්‍රානය කරන්න ආස ප්‍රශ්ණ සහිත වාතය.. වැඩියෙන් කතා කරන්නෙ ප්‍රශ්ණ.. අසාධාරනය...යුක්තිය..සාධාරනය.. දූෂණය වගේ ගොඩක් දේවල් වලදි අවසානයේ මම පත් වෙලා තියෙන නරාවලට හේතුවෙන අනෙකාව අමාරුවෙන් හොයාගන්න හදනවා.. 

අමුවෙන් කීවොත් මම මේ පත්වෙලා තියෙනවනම්යම් කිසි නරක තැනකට..ඒකට හේතුවෙල තියෙන්නෙ මමය..මගේ ක්‍රියාකලාපයය කියලා පිලිගන්න අපිට බෑ සහ අපි කැමති නෑ..අපි ඒකට විවිධාකාර හේතු හොයාගන්න උත්සාහ කරනවා..බොහෝවිට අපි ඒකට යොදාගන්න එලියෙ පිරිසක් තමයි දේසපාලකයො.. ඒ වෙලාවට අනේ මුන්දලා අපි නෙව පත් කරලා තියෙන්න කියල අපිටම අමතකයි.. එක අතකින් අපේ යූනියන් පස්න වලදි .අපේම හදාගත් පස්න වලදි .අපේ විසදුම් වලට දේවදූතයො වගේ බාහිර දේසපාලුවො සෙට් එකක් ඉන්න එක සැපක්.. 

නැත්තං රටේ කෙදි ආහාර අඩුවෙන් පිටි ආහාර වැඩියෙන් ගැනීම නිසා මිනිස්සුන්ට  බෙට්ට හරියට යන්නැති එකේ සිට එන්රික්ගේ බ්‍රා ප්‍රශ්ණය දක්වා අපිට බනින්න දේසපාලුවෝ සහ පාලකයෝ නිළධාරි කියලා පිරිසක් නැතිවෙනවා..

Monday, October 5, 2015

උරුමය කරුමය මැද උපාධිය

 
ඩෙනිම් කලිසම හිර කරල තියෙන්නෙ ෆැෂන් එකට සෙට් වෙන්න ඕනි නිසා වෙන්න ඇති. ඒත් නිහිංසගේ දුප්පත් කම ඇදුමෙන් වහන්න ටිකක් අමාරුයි. එක අතකින් ඒ දිහා බලං දුප්පත් කම විග්‍රහ කරන්න යන මගේ ඇස් සහ සිත අමානුෂිකයි. එයාගේ ඩෙනිම හිර කරල තිබුනෙ පස්සෙ දාපු මැහුම් පේලි වලින්. ඒ අස්සෙන් පෙනුන අතේ මහපු තැනුත් තිබුනා. බාගෙදා ඒක ඉරුනට පස්සෙ නිකන් මැෂින් වල ඩෙනිම් මහන්න බැරි නිසා උන දෙයක් වෙන්න ඇති.

කාලෙකට කලින් පොලිෂ් කරලාඉදහිට හොදින් තියාගත්තු කහපාට දිග මූනක් ඇයට තියෙනවා. බොහොම හොදට වෙඩින් එකකට පොලිස් කරලා ලස්සනට හදාගත්තට පස්සෙ කාලෙකට ඇගේ මූනට ලොකු සාත්තුවක් වෙලා නැහැ. කොන්ඩෙනුත් පෙන්නුම් කලේ ජීවිතේට ඉස්ට්‍රේට් කරපු නැති විදියක්. 

ගැමි කෙල්ලොන්ට ආසය් කියල කිව්වට මේ වගේ අර්ධ ගැමි එකියක්ට.. අකැමති වෙන අයත් ඇති. මොනව වුනත් කෙල්ල හැඩයි. ලොකුවට පිම්බුන අවයව නැතිවුනාට චාම් දිගැටි මූනට ඒ සුන්දර ඇස් දෙක එකතුවුනාම අමුතු කාව්‍යමය සුන්දර ගතියක් තිබුනා. 

නිහිංසා ඉගෙන ගත්ත ලමයෙක්. ඇය උපාධිදාරිනියක්. දැනට උපාධිය අරගෙන අවුරුද්දක් වෙනවා.ඒත් රස්සාවක් නැහැ. ඇගේ උපාධිය රජරට සරසවියෙ.ඇගේ ගම පොලොන්නරුවෙත් ටිකක් ඇතුලට වෙන්න ඇලහැර දියබෙදුම පැත්තෙ. පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් අලුතින් උපාධිය ගතපු රැකියා නැති හාරදහක් ඉන්නවලු රස්සා බලාගෙන. එයින් නිහිංසා කියන්නෙ එකම එක චරිතයක් විතරයි. 

ඇගේ පියාට හරි පැත්ත මාරු වුනා. මුලින් මෛත්‍රි මහත්තයට වැඩ කලාට පස්සෙ ඩඩ්ලි මහත්තයලත් එක්ක තරහ වෙලා ලොකු ජනාධිපතිවරණයෙදි නිහිංසගේ තාත්ත ගත්තෙ දිනපු පැත්ත නෙමෙයි. අනික් පැත්ත. ඒ නිසා අද නිහිංසලයි පවුලට දේසපාලන පිහිට ගන්න බැරිවෙලා. සමහර විට දැන් නැතිවුනත් අනාගතේ දවසක හරි නිහිංසට රැකියාවක් ලැබෙන්න තිබුන වාසනාව වැඩිවෙන්න තිබුනා ඡන්දෙන් දිනපු පැත්තෙ නිහිංසල හිටිය නම්. 

මං මුලින් රස්සාවක් හොයාගන්න ඕනි. ඉන් පස්සෙ දෙමව්පියන්ට සලකන්න ඕනි. නිහිංසගේ බලාපොරොත්තු වල මුල් ලැයිස්තුව හරියෙ එහෙම තිබුනා. නිතරම ගැසට් බලන ඇය දමන්න පුලුවන් බොහෝ බොහෝ සේවාවන්ට අයදුම් කලා නමුත් ඒ කිසිවකින් නිහිංසගේ සිතට සතුටක් එන තැනක් තිබුනෙ නෑ.. 

ආයිත් උපාධිධාරින්ට රස්සා දෙන එකක් නැද්ද දන්නෙත් නෑ.. එක වෙලාවකට මේ ගත්තු උපාධියම වදයක්ද කියලත් නිහිංසට හිතුන වාර අනන්තයි. ඒත් නිහිංසට ගමෙ ්තියෙන්නෙ ලොකු සැලකීමක්. ඇය පාරෙ යනකොට ඉස්කෝලෙ සර් කෙනෙක් මිස් කෙනෙක් පාර යනවා වගේ තමය ිමිනිස්සුන්ගේ සැලකීම. ඇයට රැකියාවක් නැති එක ගැටළුවක් නමුත් ගම්මුන්ගේ හිතේ උගතුන් ගැන තියෙන ලොකු චිත්‍රයෙන් දශමයක් වත් මකන්න නිහිංසට හොයාගන්න බැරි උන රැකියාවලට බැහැ. 

දැන් ඉතිං ගාමන්ට ්යන්නත් බැහැ. මොකද නිහිංස ගාමන්ට් යනවට නිහිංසගේ නෑයොය් දෙමව්පියොයි අකමැතියි. 

ගොයං කපන්න දෑකැත්ත අතට ගත්තට ,..පෑන් අතට අර රෑ වෙනකල් පුටු උඩ වාඩිවෙලා පොත් පත් වල බර දරාන හිටපු ඒ අත් වලට දෑකැත්ත බර වැඩියි වගේ. එතකොට ඈට පේනවා ඇය අඩියක් ගොයං කපාගෙන ඉස්සරහට යද්දි ඒ වගේ අඩි තුන හතරක් ඉස්සරහින් යන විදිලි වේගෙන් ගොයං කපන මඩකලපුවෙන් ආපු කොල්ලො.. 

ලොකු මැෂින් දාන්නබැරි මේ කුඹුරු කෑලිවල ගොයං කපන්න දැන් එනව මඩකලපුවෙන් ගෑනු මිනිස්සු සහ ලමයි. ඒ මිනිස්සුන්ට හරියට වැටිල ඉන්න පැල්කොටයක්වත් නෑලු.. ඒ මඩකලපුවෙන් එන කොල්ලො උපාධි කාරිනියක් වෙච්චි නිහිංස දිහා බැලුවෙ ලොකු ගරුත්වයකින්. ඒ නඩේ හිටපු සිංහල දන්න එකම එක්කෙනා නිහිංස ගැන කියන්න ඇති ලොකු විස්තරයක්. 

අවුරුදු පාලහේ දාසයෙ කොල්ලො ඇවිත් විසාල දෑකැති වලින් ගොයං ගස් ටික සෙල්ලමට ගත්තා වගේ ඉක්මන්ට ගොයං කපනවා. ඒ මිනිස්සු මෙහෙ ඇවිත ්තුන් වේල කාලා ගන්න තුට්ටු දෙකත් අරගෙන ආයිත් මඩකලපු යනවා. ඒ ගන්න සොච්චං සල්ලියෙන් ඒ මිනිස්සුන් ට මාසයක් දෙකක් යාන්තං නොකා නොබී ඉන්න ඇහැකිය කියලා ඒ කන්ඩායමේ ඉන්න සිංහල දන්න මිනිහ කියනවා නිහිංසට ඇහිල තිබුනා. 

මඩකලපු තරුණයො හැඩියි දැඩියි..මහතයි. .උපාධියෙන් යටවුනු ඇගේ තරුණ ළය මඩල මඩකලපු තරුණයින්ගේ පපුවල ගිහින් වැදෙන්නෙ ඔවුන්ගේ හුස්ම හඩ අගේ කනේ වැදෙන්නෙ ඇත්තම ලෝකෙ නෙමෙයි. මායා ලෝකෙ. නමුත් ඒ මායා ලෝකට කලිං විසදගන්න කොච්චර ලෝක තියෙද? නිහිංස නියරක් උඩ වාඩි වෙලා ගොයං සැර වැදුන දනිස්සෙ යට පැත්ත කහන ගමන් කල්පනා කලා. 

දෙමව්පියන්ගේ ගොවිතැන් වලට උදව් වුනා කියලා ලොකු වාසියක් ලැබෙන පාටකුත් නෑ..ගෙදට්ට වෙලා ඉන්න පුලුවන් උපරිම කාලේත දැන් ගෙවිගෙන ගිහින් ඉවරයි. තාත්තයි අම්මයි නංගිලාට දෙස් තියනවා ඇහෙනවා. ඒත් ඇත්තටම නිහිංසට බනින්න බැරි කමට නංගිලට බනිනවද දන්නෙත් නෑ නිහිංසට හිතුනා. 

මගේ උපාධිය වගේම මේ ලෝකෙට මාවත් වැඩි ඇති. හොදට ඉගෙනගන්න තිබුන හැකියාවත්  පොඩි කාලෙත් ලස්සනට හිටිය නිසත් නිහිංසට වැඩියෙන් ආකර්ශනය ලැබුනා. ඇය නිවේදන තරග වගේ තරග වලින් ගොඩක් ඈතට ගියා. නමුත් කොළඹට කිට්ටුවෙනකල් ඇගේ නිවේදන හැකියාව ගියාට නිවේදන කරන්න යන්න එන්න ගියාම තිබුන කරදරේ ඒවට වියදං වෙන බස් කුලිය පවා හොයාගන්න තිබුන අමාරුව නිසා ඒවත් එහෙම්ම යට ගියා. 

ඇය ගොඩක් කතා කලා.මම ගෑනුලමයි එක්ක කතා කරද්දි මට වඩා ගෑනුලමයි කතාකරන අවස්ථා එන්නෙ ටිකක් අඩුවෙන්. මගේ තියෙන පන්ඩිත ඒරියා එක වැඩි නිසා ඇය බොහෝවිට අහගෙන ඉන්නවා මිසක ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ වෙන තැන්වලදි ..නමුත් නිහිංස එහෙම නෑ.. ඇය මටත් වඩා කතා කලා. අවසානෙ දැන් ඔයාට රට යන්න හිතිල ඇති කියල කියල මම ඇහුවා..

ඔයා කොහොමද ඒක දන්නෙ..නිහිංස ඇහුවා.. ඒක මම ගෙස් කල එක ගැන නිහිංසට පුදුමයි. අවසානෙ ඇය ගියා.. ඇය මගේ කාඩ් එක අරං ගියා. මගේ ටෙලිපෝන් නම්බරේ අරං ගියා..මගේ මතකයෙන් කෑල්ලකුත් නිහිංස මල්ලෙ දාගනෙ ගියා. ඒත් ඇගේ ටෙලිපොන් නම්බර් එකවත් නමවත් මොකක්වත් මට දීල ගියෙ නෑ.තේ වතුර එකක් බොන්න අපි අර කඩේට යමු කිව්වහම..අනේ බෑ ඔයා යන්න කියල මග ඇරල ගිය ඒ දිගටි මූන මට තාම මතකයි. ඇගේ බලාපොරොත්තු සාර්ථක වේවා..!!කියනවා හැර වෙන මක්කා කියන්නද? ඉතිං..

Tuesday, April 14, 2015

අවුරුදු කුමාරිය

පුවක් කොළ මෙන් ඝනකම
හැඩට හිර වූ යටෑදුම
උඩට රෙදි හැට්ටයක් වැටුනම
වෙනද ගිංතොට ලෑලිම 

පෙනේ මොරටුවෙ කඳන් විලසම

මූන තනිකර සුදුවිය
තදට මැදලා කොන්ඩය
බාලා දාලා ඇහිපිය
මේ දවාලෙත් නැතුව සාරිය
බයකරයි මා මෝහිනිය

ඉංගිරිසි මෙන් ඌරුවට
කට ටිකක් උල්කොට
මච අවුරුජු ජවසට
සිංහෙල ඛම ජයට
දැනෙනවා කිව්වා ඒ කට

ඉලෙක්ටොනික් බෙර සද්දේ
ටීව් එකෙන් ගෙට විද්දේ
ගම් මැද්දේ අවුරුද්දේ
අවුරුදු කුමරිගෙ රෙද්දේ
හැඩ පෙන්වා ලිය පැද්දේ

ඒ පුරානේ ගම් තුලානේ
රජ වරුන්ගේ මාලිගා ගේ
පවා නොසිටිය රුසිරි කුමරිය
මහ දවාලක හැඩ පෝලිමක 

කිරුළ වෙනුවෙන් ඇදෙයි ඉදිරිය 



Monday, March 16, 2015

නල්ලතන්නියෙ සිට සිරිපාදෙට කෝ වැසිකිලි

ශ්‍රී පාදස්ථානය කියන්නෙ අද වන විට ලෝකය පුරා ජනප්‍රිය වෙච්චි තැනක්. සුප්‍රකට ට්‍රිප් ඇඩ්වයිසර් කියන අඩවියට අනුව ඉන්දියාව, බුරුමය, ඉන්දුනීසියාව, එංගලන්තය, චෙක් ජනරජය,අ ැමරිකාව ආදී විවිධ රටවල ජනතාව සිරිපාදය බලන්න එනවා. හැටන් පාර තමයි තිබෙන ප්‍රධාන මාර්ග අතුරින් ජනප්‍රියම සහ ලේසිම මාර්ගය. මම නම් ආස කරන්නෙ රත්නපුර පැත්තෙ පාරට. රත්නපුර හරහා ගමන තරමක් දුරයි. නමුත් සොබා සෞන්දර්යෙන් සපිරි අත්දැකීමක් ගන්න පුලුවනි රත්නපුර පැත්තෙන් සිරිපා ආවොත්. මුලින් අවස්ථා කීපයකදිම සිරිපා කරුණා කරන්නට පැමිණ ගත් අත්දැකීම් වල සුන්දර්ත්වය විස්තර කලත් මෙවර මා අඩුපාඩු කිහිපයක් ඉදිරිපත් කරන්නට අදහස් කරනවා.

ජංගම දුරකථන සහ දත්ත සේවාවන්ට සිග්නල් නොමැති වීම.
1950 දශකයේ ඇතිවුන ලක්ෂපාන ජලාශය හේතුවෙන් අවට පැතිවලට විදුලිය ලැබෙනවා. මම හිතන විදියට සිරිපා මග දෙපස සහ උඩමළුවට විදුලි ආලෝකය ලැබිලා දැන් වසර තිහ හතලිහකට වැඩි මිසක් අඩු නම් නැහැ. ඉතිං සිරිපා සමය පටන් ගත්තාම මේ විදුලි මාර්ග පිළිසකර කරලා විදුලි එලියෙන් සිරිපා මාර්ගය ඒකාලෝක කරනවා. නමුත් මේ රත්නපුර සහ හැටන් යන ප්‍රධාන මාර්ග දෙකේම අතරමගදි ජංගම දුරකථන සංඥා නැති වෙනවා. තිබුනත් දත්ත සේවාවන් ලබාගන්න හැකියාවක් නැහැ.
මේ වගේ කැලෑවක තියෙන සිද්ධස්ථානයකට යන පූජනීය බැතිබර ගමනට මොන සිග්නල්ද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවනි. ඒත් උඩට යනතෙක් විදුලි බලය තිබේ නම් ඒ කණු ආදිය භාවිත කරලා පරිසරය කැත වෙන්නෙ ැනති වෙන්න විශේෂයෙන් සකස් කරන ලද කුඩා ටවර් සහ ට්‍රාන්ස්මිටර් ආදිය භාවිත කරලා ඇත්තටම සිරිපා මළුවේ ඉහලට යන තෙක්ම අඛන්ඩ දත්ත සහ දුරකථන සංඥා ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඇතැම් සති අන්තයක දස දහස් ගනනක් සිරිපා කරුණා කරනවා. ඒ වගේම වාරයේ දිනක නම් සාමාන්‍යෙයන් පන්දාහකට දහදදාහකට  වැඩි ජනතාවක් සිරිපා කරුණාවට එකතු වෙනවා.
ඒ වගේම විවිධ ආකාරයේ ජංගම දුරකථන උපකරණ කැමරා අරං විදේශිකයින් මේ සිරිපා තරණය කරනවා. ඉතිං සාමාන්‍ය ගමකට නගරයකට දුරකථන සම්බන්ධතාවයක් දෙන්න යන මුදල වගේ කිහිප ගුණයක් මේ ආකාරයට දුරකථන පහසුක්ම දෙන්නට අදාල දුරකථන සමාගම් වලට වැයවේවි. නමුත් මට අනුව නම් එය එන සංචාරකයින් හරහා එන ආදායම මගින් එක් වාරයක් දෙකක් තුලදීම අයකරගන්න හැකියාව දුරකථන සමාගම් වලට ලැබේවි.
මේක කියන තරන් ලේසි නැහැ. විදුලිබල මණ්ඩලය, වනජීවි වනසංරක්ෂණ දෙපාර්ථමේන්තු, අදාල පරිපාලන ආයතන, ශ්‍රී පාද භාරකාර ස්වාමීන් වහන්සේලා, රජය, ප්‍රාෙද්ශීය දේශපාලකයින් සියලු දෙනා එකතුවෙලා සාකච්චා කරලා වැඩේ පටන් ගත්තොතින් සිරිපා උඩ මලුවට යන තෙක් අඩුතරමෙ හැටන් මාර්ගයේ හරි අඛන්ඩ දුරකථන සිග්නල් ලබාදෙන්න හැකියාවක් තියේවි.
වැසිකිලි ජරාව.
දැන් සිරිපා සමය පටන් අරන් මාස දෙක තුනක් වෙන දවස් පහුගිය දවස් තුන හතර ඇතුලත හැටන් වලින් සිරිපා ගිය මට අර ඉදිකටුපාන සහ ඊට පහල ඉමේදී දැඩි දුර්ගන්ධයකට මුහුන දෙන්නට සිදු වුනා. ඒ දැඩි ඇමෝනියා දුර්ගන්ධයට හේතු වුනේ මිනිස් මළ ද්‍රව්‍ය සහ මුත්‍රා. සුද්දන් පවා කියලා තිබුනා වැසිකිලි නම් අපවිත්‍රය, අවැසි නම් පදුරු තිබෙනවාය, ඒවාට යනවා හැර වෙනත් කරන්න දෙයක් නැතිය කියලා. බොහෝ දෙනා ඒ ඉමේ යනවිට නාසය වසාගෙන ගියේ ඒ අප්‍රසන්න දුගද වැඩි නිසාමයි.
සමහර තැන්වල වැසිකිලි තනා තිබෙනවා. නමුත් නිසියාකාර දැන්වීම් පුවරුවක් වත් නැහැ. ඇතැම් තැන්වල වැසිකිලි ඉතාම අපිරිසිදුයි. මේ වගේ දුෂ්කර පයින් යන ගමනක් තියෙන පාරකදි වැසිකිලි තැනීම අපහසු දෙයක් වෙන්නට ඇති. නමුත් මිනිසුන්ගේ මූළිකම අවශ්‍යතාවයක් වෙන වැසිකිලි කැසිකිලි අවශ්‍යතාවය සියලුම පරිසර සාධක වලට වඩා දැඩිව දැනෙනවා. ඇතැම් තැන්වල විශාල ආගාර වගේ කඩවල් හදාල තියෙනවා. එයින් ඒ කඩේම උදවිය පොඩියට වැසිකිලියක් අටවගෙන සල්ලි අරං යන්න දෙනවා. අනේ ඉතිං ගෑනුන්ට එහෙම අපිට වගේ පදුරකට චූකරන්න බැරි නිසා රුපියල් විස්සකුත් දීල අර කුටියට යනවා.
සිරිපාදෙ කියන්නෙ සෑම කාලයකදීම විශාල ජනතාවක් එකතු වෙන තැනක්. එවන් තැනක වැසිකිලි පහසුකම් දියුනු කරන්න මීට වඩා සාර්ථක විදියෙ වැඩපිලිවෙලක් තිබුන නම් හොදයි. ඒ වගේම වැසිකිලි පිරිසිදුව තබාගන්නත් කිහිප දෙනෙක් හරි පත්කලානම් ඒකත් පංකාදු වැඩක්.
කෑම කඩවල කෑම.
පසුගිය වරක රත්නපුර මාර්ගයෙන් සිරිපා කරුණා කල විට ඒ පැත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂණ අධිකාරින් විසින් විශේෂ දැන්වීමක් කඩවල් වල ප්‍රදර්ශනය කරලා තිබුනා. ඒ වගේම ඒ රත්නපුර පැත්තෙ කඩවල ආහාර වල මිල ගනන් ආදිය සදහන් කරපු මිල දර්ශනයකුත් තිබුනා.
නල්ලතන්නිය බස් නැවතුමේ සිට සිරිපා පැත්තට යන මාර්ගය අසබඩ තිබෙන විශාල හෝටලයෙන් අපිට කන්නට සිදු වුනා. ඇත්තටම අපි හැටන් වලට නෑවිත් නල්ලතන්නියෙන් කන්න ගතපු තීරනය ගැන පසුතැවෙන්නට අපිට සිද්ද වුනා. කඩේ පිරිසිදුකම අන්තිමයි. කෑම කෑලි මේස යට පිළිනුවෙලා ගද ගහනවා. මැස්සො ඇහිරෙනවා. මේස පිසදාල තියෙන්න ජරා රෙදි කඩකින්. කෑම වුනත් කිසිම රස්නයක් නැහැ. සාමාන්‍යෙය්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් නිකමට වත් ඒ පලාතක ගිහිපු බවක් ඒ මුල් කඩෙන්ම පෙනුනෙ නැහැ.
ඒ වගේම ඉහලට යන විට තිබෙන කෑම කඩ බොහොමයක මිල දර්ශනයක් නැහැ. එක් කඩයකදී මීයෙක් රොටි කෑල්ලක් අරන් යන්නට හදන පිවිතුරු දසුනක් මගෙ මිතුරෙක් දැක තිබුනා. තාවකාලික කඩ වලින් අපිට විශාල දෙයක් බලාපොරොත්තු වන්නට බැහැ. නමුත් අඩුතරමෙ තේ වතුර එකක් රුපියල් සීයක් වුනත් ඒ මිල බෝඩ් එකක ගහලා. සීමිත මට්ටමේ හරි පිරිසිදුකමක් තිබෙනවාද කියලා නියාමනය කරන්න සතියකට දෙකකට වතාවක් හරි වැඩපිලිවෙලක් තියේ නම් හොදයි.
සිරිපා යන පාර නම් දැන් ඉස්සර වගේ අමාරු නැහැ බොහෝ තැන් ඉතා කදිම ආකාරයෙන් පිළිසකර කර තිබෙනවා. ඒ ආකාරයෙන්ම වැසිකිලි, කෑම කඩ ආදිය ගැනත් සලකා බලලා විශාල මනුස්සයො පිරිසක් යන එන බැතිබර ගමනට බාධාවක් නොවන විදියට කටයුතු කරන්නට ඒ නිළධාරි බලධාරි මහත්වරු උනන්දු වෙනෝ නම් හොදයි 
ඉතිං මම තව පොඩි වැඩක් පටන් ගත්තා යූ ටියුබ් වලින් දේසනා තියෙන වැඩක්.මේක සාපේක්ෂව ලියනවාට වඩා ලේසියි. නමුත් බලන අයටගතවෙන කාලය වැඩි ඇති.මේ වඪියො එකේ කියවෙන්නෙ ජෝතිශය ඇතිවීම ගැන මගේ අදහස. වෙලාවක් තියේනං ඒකත් බලාලම යන්න මෙන්න ලිංක් එක.  https://www.youtube.com/watch?v=0pJO-JEp34c

Wednesday, October 1, 2014

කරත්ත එංජින් මොල මත දුවන කෝච්චි


උදේ පාන්දර කෝච්චිය එනකල් ඉස්ටේසමේ වාඩිවෙල ඉන්නකොට අලුත් පන්නයේ රී ලෝඩ් කාරයෙක් ආව. ඕනම නෙට්වර්ක් එකක රීලෝඩ් මිනිහ ගාව තියෙනවා. බස් ටිකට් මැසිම වගේ එකක් අරගෙන එවෙලම රී ලෝඩ් එක දාල දෙනවා. හරි ලේසි වැඩක්.
හැමදාම කෝචිචිනේ ඇවිත් ස්ටේෂමෙන් පිටවෙන අවස්ථාවෙ පුදුම තදයක්. මිනිස්සු වෙලාවට කාර්යාලෙට යන්න ඕනි නිසා තෙරපෙනවා පොරකනවා. මොකද මේ තෙරපුම ? දුම්රිය සේවයේ තාමත් පැරණි ක්‍රමයට මගීන් දුම්රිය ස්ථානයෙන් ඉවත් වන විට ටිකට් චෙක් කරනවා. එලියට එන්න ඉන්න සිය ගානක් දුම්රිය මගීන් ගාන ආම්බාන් කරන්න චෙක් කරන්න සේවකයින් දෙන්නෙකුට අමාරුයි. ඒ නිසා හැමදාම කාර්යබහුල වෙලාවල් වල පිටවීමේ කවුන්ටර වල ලොකු කලබලයක්.
ටිකට් හා සම්බන්ධ දුම්රිය සේවයේ ලොකු සෙනගක් ඉන්නවා.
මුලින්ම ටිකට් එක නිකුත් කරනවා.
ඉන් පස්සෙ එක්නෙක් ටිකට් එක බලලා හිල් කරලා අපි දුම්රිය ස්ථානය තුලට දමනවා.
එතනින් ගියාට පස්සෙ කෝචිචියෙදි ටිකට් චෙකර්ස්ලා ආවොත් එයාලත් ටිකට් එකේ සලකුනක් කරනවා.
අවසානෙ අපි එළියට යනවිට ටිකට් ටික එකතුකරනවා.
ඒ එකතු කරන ටිකට් ආයිත් වර්ග කරනවා. වර්ග කරලා සංඛ්‍යාලේඛන හදනවා.
මහ විසාල අපායේ පව් පොත වගේ පොතක් ඇරගෙන ටිකට් ගනන් කරන සේවකයෙක් මම ඉදහිට ඉස්ටේසමේ දකිනවා.
ටිකට් නිකුත් කරන වැඩෙත් ඔය වගේ මැනුවල් ක්‍රෙම්කට තමයි තාමත් වෙන්නෙ.
සෑම දුම්රිය ස්ථානයකටම ටිකට් මැෂින් දීල මැෂින් ටික ඔක්කෝම එක ජාලයකට සම්බන්ධ කරලා බස් ටිකට් මැෂිම වගේ එකකින් ටිකට් නිකුත් කරන්න පුළුවන් නම් ඒ හරහා එක තෝරාගත් පැයකදි ලංකාවෙම ටිකට් කීයක් නිකුත් වුනාද සල්ලි කීයක් එකතු වුනාද කියාල ලේසියෙන්ම හොයාගන්න පුලුවන් වෙනවා.විශාල පුවරුවක එක එක පැතිවලට යන ටිකට් තියාගෙන දුම්රිය අයකැමියො අද විඳින දුක බටන් කිහිපයක් එබීමෙන් නැතිකරන්න කරගන්න අවස්ථාවක් අලුත් මැෂින් ආවොතින් දුම්රිය ටිකට් නිකුත් කරන අයට ලැබෙනවා. බාගෙදා මේ ටිකට් වල අනික් පැත්තෙ මොකක් හරි ඇඩ් එකක් දාල ඒකෙනුත් කීයක් හරි හොයාගත හැකි වෙයි.
එහෙම වුනානම් දුම්රිය ස්ථානවල පිටවීමෙදි ටිකට් පරීක්ෂා කරන්න අවශ්‍යතාවයක් ඇතිවෙන්නෙ නැහැ. හරිම සරලව වැඩේ යනවා.අවශ්‍යනම් හොරට යන අය අල්ලන ටීම් ගාන වැඩිකරලා ටිකට් පරීක්ෂාව කරන්න පුළුවන්.
ලංකාවෙ ඕනම මොබයිල් නෙට්වර්ක් එකකට පොඩි අතේ ගෙනියන මැසිමකින්, රීලෝඩ් දාන්න පුලුවන් මට්ටමට තාක්ෂනේ දියුනු වුනත් තාම දුම්රිය ටිකට් නිකුත් කිරිම යන්නෙ බරකරත්ත යුගේ. පිටවීමේදී පරීක්ෂාකරන ක්‍රමවේදය ඉවත් වෙලා බොහෝ කල් වුනත් තාමත් දුම්රිය එතනමයි. අනේ කවදා නම් ඇමතිවරුන්ට ලොකු කොමිස් ගහන්න පුළුවන්, මේ වගෙ ප්‍රයෝජනවත් වැඩ මතක් වේවිද? එදා දවස උදා වේවිදෝ.

Saturday, September 13, 2014

‪#‎SLAmuMirisChallenge‬ ගැන එන පැන

අපි දන්නවා ගොඩ වෙදකම් විදියට අපි එක එක දේවල් කරනවා ලොකු රෝගවලට..ඩෙංගු හැදුනාම ගස්ලබු කොල, පැපොල හැදුනාම කොහොඹ කොල, වගේ දේවල් පාවිච්චි කරනවා.. ඇත්තටම මේ වකුගඩු රෝග අමු මිරිස් වලිං හොඳ කරන්න පුලුවන් වෙයිද? අමු මිරිස් කෑවම වකුගඩු හොද වෙනවද?
වරදවා වටහා ගන් එපා. අමු මිරිස් වලිං වකුගඩු ලෙඩ හොද වෙන් නැහැ. මේක රජරට වකුගඩු රෝගෙට මුදල් එකතු කිරීම පිණිස ක්‍රියාත්මක කරන තවත් සාර්ථක වැඩපිලිවෙලක් විතරයි. මේකෙදි යමෙක් අමුමිරිස් කාලා තව අයට චැලෙන්ජ් කරනවා. ඒ වගේම අමු මිරස් ඇහැට නොදැක්කත් හරිම ලේසියෙන් SL AID මුදල් ගිණුමට බැර කරලා සත්කාරයට දායක වෙන්න හැකියාව තියෙනවා. 


මේ ඉහල තියෙන්නෙ ගිණුම් විස්තර..

අමු මිරිස් චැලෙන්ජ් එකෙන් වකුගඩු රෝගීන්ට මොකක්ද ඇත්තටම කරන්න යන්නෙ? 


පොලොන්නරුව මහ රෝහලට අවශ්‍ය Reverse Osmosis (RO) ඒකකයක් පරිත්‍යාග කිරීම.ඒ යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 30කට අධිකයි. 

දැන් වකුගඩු රෝගීන්ට ඕකෙන් වෙන සෙතේ මොකද්ද?
වකුගඩු වල ආබාධයක් තිබෙන අවස්ථාවෙදි රෝගීන්ගේ ලේ නිසියාකාරව පිරිසිදු වීම සිද්ද වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඒ කාර්යය බාහිරින් කරන්න යම් යම් යන්ත්‍රෝපකරණ භාවිත වෙනවා. වකුගඩු රෝගය වැළඳුන රෝගින් ඉස්පිරිතාලෙට ඇවිත් සතියට දෙතුන් පාරක් මේ ප්‍රතිකාරය ලබාගන්නවා. ඒ හරහා රෝගීන්ට තවත් කාලයක් මේ ලෝකෙ ජීවත් වීම් වාසනාව ලැබෙනවා.  අමු මිරිස් චැලෙන්ජ් එකෙන්, SL AID අරන් දෙන්න යන මැෂිමෙන් ඒ වගේ සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට සතියක් තුල ලේ පිරිසිදු කරගැනීමේ අවස්ථාව ලැබෙනවා. 

පිංකමක් විදියට ගත්තොත් මේක විශාල පිංකමක්. පාර තොටේදි හමුවෙන හිගන්නෙකුට රුපියල් සියක් දීල හිගන්නාගේ ජීවිතය සාර්ථක වෙනවාට වඩා මහත්ඵල මහානිසංස ලැබෙන එකක්.  මොකද අමු මිරිස් චැලෙන්ජ් හරහා අරන් දෙන්නට යන මැසිමෙන් ජීවිතවලට සහනයක් ලබාගන්නෙ එක අයකු දෙන්නෙකු නෙමෙයි..දහස් ගානක් ගොවිජනතාවගේ අසරණ ජීවිත වලට ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. 
රෝගියෙකු යන්ත්‍ර ආධාරයෙන් ලේ පිරිසිදු කරගන්නා අවස්ථාවක් 
දැන් ඕකක් ඕනි කියල පිදුවට වැඩක්යැ..සමහර විට ස්පිරිතාලෙට ඕනත් නැතුව ඇති ඕවා.තියෙන ටික ඇතුවැති.පිස්සු වැඩ? අද කාලෙ ඉතිං ජනප්‍රිය වෙන්න කැමති උන් මොනවද නොකරන්නෙ නේද? 

අමු මිරිස් චැලෙන්ජ් එක කියන්නෙ නිකම්ම නිකං සල්ලි එකතු කරන වැඩසටහනක් නෙමෙයි. මේකට මූලික වුනු රසික නානායක්කාර සහ SL AID පිරිස පොලොන්නරු රෝහලට ගිහින් රෝගීන් වෛද්‍ය කාර්ය මන්ඩල සහ මූලික රෝහලේ ප්‍රධාන තැන් කිහිපයක්ම හමු වෙනවා. ඔවුන් වකුගඩු රෝගීන්ට මේ අවස්ථාවේ විශාල වශයෙන් වැදගත් විය හැකි පරිත්‍යාග මොනවාද කියලා දොස්තර මහත්වරුන්ගෙන්ම අසා දැනෙගෙන ඉන් පසුව තමයි අමු මිරිස් චැලෙන්ජ් එකෙන් එකතු වෙන මුදල් ඒ සඳහා වියදම් කරන්න සැලසුම කරලා තියෙන්නෙ.

පහල ඡායාරූපයේ ඉන්න SL AID හා සම්බන්ධදොස්තර පුෂ්පික අබේසේකර මහතා පොලොන්නරුව ප්‍රදේශයේ රෝහලේ කලක් වෛද්‍ය නිළධාරීතුමා විදියට වසර කිහිපයක් රාජකාරි කරපු කෙනෙක්.
පොලොන්නරුව රෝහලේ බළධාරින් සමග අමුමිරිස් කන්ඩායම(SL AID) 
ඒකත් නරක නැහැ නේ..රනාටයි සෙට් එකටයි නිකංම පොලනේනරු ටිප් යන්න..එක එක තැන්වලට නොමිලෙම කැරකෙන්න ගානක් හොයාගන්න මරු වැඩේ තමයි මේක..

මේ මුදල් එකතු කිරීම විනිවිද බවකින් කෙරෙන්න ඕනි නිසා තමයි ඒ අය SL AID ආයතනික ගිණුමක් හරහා මුදල් එකතුකරන්නට තීරණය කරලා තියෙන්නෙ. මේ එකවුන්ට් එකේ තිබෙන මුදල සතියකට දෙනුන් දිනක් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කරනවා. දැනට එම සම්පත් බැංකු එස් එල් ඒඩ් SL AID එකවුන්ට එකෙන් කිසිම මුදලක් කිසිවෙකු අරගෙන නැහැ. ඒ එකතුවෙන සියලු මුදල් අදාල යන්ත්‍ර සඳහා පමණක් යොදවන එක තමයි පිරිසගේ මූලික බලාපොරොත්තුව.  ඒ නිසා මෙ අපිට පේන වීඩියෝ කිරීම්, මාධ්‍ය සාකච්චා, වෙබ් අඩවි සෑදීම්, පිංතූර ගැනීම්, පොලොන්නරු සවාරි ආදී බොහෙමයක් පරිපාලනමය  දේවල්  ඒ ඒ පුද්ගලයින්ගේ පුද්ගලිකවම කාලය, ශ්‍රමය ධනය වියදම් කරලා සිද්ද කරන දේවල්. 
ලස්සන මිස්ලා කිහිප දෙනෙක්ට කරුනාවෙන් කරුණු පැහැදිලි කරන SL AID සභාපති
අපි පහුගිය දවසෙ දැක්කා ආන්ඩුවෙන් සෞඛ්‍යට වෙන්කරපු සල්ලි ආයිත් බාන්ඩාගාරයට ගිහින්. එහම වෙලාවක ඇයි ඒවා ගැන නොදැක්කා වගේ ඉදලා නින්දෙන් ඇහැරිල වගේමේ වගේ දේවල් කරන්න යන්නෙ? නරකද ඒවා ගැනත් හොයල බැලුවොත්. ?

ලෝකයේ එක් එක් රජයයන් විසින් මිනිස්සුන්ගේ සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් වියදම් කරන මුදල් පිළිබඳ ලැයිස්තුව ඔබට විකිපීඩියොවෙන් ගන්න පුලුවනි. ඒ අනුව ලංකාව තියෙන්නෙ රජය සෞඛ්‍යට වියදම් කරන ඩොලර් සංඛාව අනුවත් සමස්ථ ජාතික ආදායමෙන් සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කරන මුදල් ප්‍රතිශතය අනුවත් 135 ආසන්න ස්ථානයක. එතනදි රජය අයවැයෙන් වෙන් කරන මුදලත් වියදම් කරන්නෙ නැහැ කියන්නෙ අපේ රට සෞඛ්‍ය වෙනුවෙන් වියදම් කරන සැබෑ මුදල් ප්‍රමාණය අනික් රටවල් එක්ක සන්සන්දනය කරද්දි සාපේක්ශව අඩුයි. 

අපේ රට කියන විශාල ඒකකය ගත්තොත් වෙන්නෙ බදු හරහා අපෙන් මුදල් ගන්නවා. ඉන් පස්සෙ විශාල ක්‍රමවේද ගනනාවක් න්‍යාය පත්‍රයන් ගනනාවක් හරහා අපේ රටේ මිනිසුන්සට ඒ රජය විසින් සේවාවන් සපයනවා. අපි සරලවම හිතමු අපිකන හාල් සීනි පිටි පරිප්පු වලට ගහන බදු වලින් රජය සිතනවා කොටසක් වෙන් කරන්න ඕනි ඉස්පිරිතාල මැසින් වලට. එතනදි බදු හරහා අපෙන් රජය රුපියල් සීයක් ගත්තොතින් රජයේ පරිපාලන වියදම් විදියට සාමාන්‍යෙයන් කොටසක් වියදම් වෙනවා. ඒ වගේම සිද්දවෙනවා කියල කියන කොමිස්, වංචා දූෂණ ආදිය හරහා අර රජය ඇත්තටම බදු වලින්  අපෙන් ලබාගන්න රුපියල් සීයෙන් රුපියල් හැට හැත්තෑවක් තමයි අර ඉස්පිරිතාලෙ මැසිමට වියදම් වෙන්නෙ. ඒ අනුව බැලුවාම නම් අමු මිරිස් චැලෙන්ජ් හරහා සාමාන්‍ය අයෙක් ලබාදෙන රුපියල් සීයෙන් සියයට අනූ නවයක වගේ ප්‍රතිපලදායකව අදාල වැඩේට විතරක්ම වියදම් වෙනවා. ඒක විශාල සාර්ථකත්වයක්. 
දොස්තර,චීටා ,රසික සහ අනුරාධ ඇතුලු  SL AID, ලේ පිරිසිදු කිරීම් කරන  වාට්ටුවේදී 
රජරට වකුගඩු රෝගයට මූලික වෙලා තිබෙන්නෙ ආසනික් සහ අපිරිසිදු ජලය කියලා අපි හොඳින්ම දන්නවා. ඒවා මැඩපවත්වන්න වැඩ කරන්නෙ නැතුව මැසින් වලට හැමදාම සල්ලි වියදම් කරල පැලැස්තර අලවල වැඩක් තියෙද? 

රජරට වකුගඩු රෝගයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Chronic kidney desease sri lanka කියල. අපි හොදින්ම දන්නවා අපි බෙහෙතක් හේතක් ගන්න ගියාම දොස්තර මහත්තුරු බෙහෙත් ලියන්නෙ ඉංගිරිසියෙන්. බටහිර විද්‍යාෙව් බොහෝ දේවල් ඉංගිරිසි බාසාවෙන් තමයි සිද්ද වෙන්නෙ. මේ කියන Chronic kidney desease sri lanka කියලා ගූගල් සර්ච් කලාම එන තොරතුරු අනුව වකුගඩු රෝගයට තාම නිසි පිළිතුරක් සොයාගෙන නැහැ. ඒකට හේතුව විද්‍යානුකූලව තවමත් සොයාගෙන නැහැ. ආසනික්, කැඩ්මියම්,කෘමිනාශක ආදී බොහෝ හේතු කිව්වත් ඒ එකක්වත් සනාථ වෙලා නැහැ. උදාහරණ විදියට ආසනික් හේතුවුනා කීවාට ජලයේ ආසනික් වැඩුපුරම තිබෙන උතුරු මැද පළාතේ ප්‍රෙද්ශ සහ වකුගඩු රෝගය පැතිරුනු ප්‍රෙද්ශ සමපාත වෙන් නැහැ. ඒ වගේම මේ ආකාරයටම ගොවිතැනේ යෙදෙන මේ ආකාරයේ පසේ සංයුතියතියෙන,  සමරූපී ජීවන රටා පසුබිමක් තිබෙන, එහෙත් වකුගඩු රෝගය එතරම් පැතිරෙන්නෙ නැති පලාත් තිබෙනවා. ඒ නිසා දැනට වකුගඩු රෝගයට හේතුවන්නේ ජානමය හේතුවක්ද? මිනිස්සුන්ගේ ජීවන රටාව පිළිබඳ ගැටළුවක්ද? කෘෂිරසායන අධිභාවිතයනිසා සිදුවුන දෙයක්ද? භූගත ජලයේ යම් කිසි වෙනස් වීමක් නිසා සිදුවුන දෙයක්ද? කියලා හරියටම සොයාගෙන නැහැ. බොහෝවිට ප්‍රධාන හේතුන් එකකට වඩා මේ සඳහා බලපාන්නත් පුලුවනි. 

විශාල යායන් වශයෙන් වාණිජ වශයෙන් ගොවිතැන් කරන අවස්ථාවක, ඒක විනෝදෙට කරන සෙල්ලමක් නෙවෙයි. අපිට කන්න වම්බටු ගහක් පෝච්චියක හදාගන්නවට වඩා ලොකු වැඩක්. එතනදි ඇතිවන කෘමි හානි වලක්වන්න කෘමිනාශක,බෝගයේ පෝෂ පදාර්ථ වෙනුවෙන් පොහොර කෘතිමව එකතු කරන්න වෙනවා. යායෙම මිනිස්සු කෘෂිරසායන පාවිච්චි කරද්දි එක ගොවියෙක් පොහොර අඩුවෙන් දාන කෘමිනාශක නොයොදන අත්හදාබැලීම් කරන්න ගිහින් සවුත්තු වුනොත් නාස්ති වෙන්නෙ ඒ ගොවි මහත්වරුන්ගේ ජීවිතය. ඔවුන් ගේ පවුලේ අය කන්නෙ බොන්නෙ ජීවිතය ගෙනියන්නෙ ඒ බෝගයේ ඵලදාවෙන්. ඵලදාව අඩු අසාර්ථක ගොවිතැන කියන්නෙ ඔහුට විශාල ගැටළුවක්. එතනදි ඔය ෆැසන් එකට කෘමිනාශක එපා කියන කවුරුත් අර ගොවියාගේ පවුලට වන්දි දෙන්න එන එකක් නැහැ. 

රජරට වකුගඩු රෝගයට හරියටම හේතුවන්නෙ කුමක්ද කියලා ලොව පතල (ආසනික් සහල් නිසා ලොව පතල වූ අය නොවේ) විද්‍යාඥ ගොල්ලන්ට පවා හොයාගන්න බැරිකොට අපේ හිතේ තියෙන අදහස් අනුව මේවා කන්න එපාය, අරවා පාවිච්චි කරන්න එපාය, ඒ විදියට වැඩ කරන්න එපාය කියලා වැදි බණ කියනවාට වඩා ඇත්තටම ගැටළුවට පත්වෙලා ඉන්න ජනතාවට සහනයක් සලසන වැඩක් කරන එක ඉදිරිගාමීයි. මීට වඩා එහාට යනවා නම් මේ පළාත්වල ජනයා ලිං ඇලවල් වැව් වලින් අරන්  බොන වතුර, බොන වතුරවලට තියෙන ලෝක මට්ටමට වඩා දූෂිතයි කියලා වාර්ථා ගනනාවක් තිබුනා. ආන්න ඒ වගේ ගැටළු ගැන කතිකාවක් ඇතිවෙලා වතුර ප්‍රතිකාරයට ලක් කරලා බොන්න ගන්න විදි හඳුන්වාදෙන්න පුළුවන් නම් හොඳයි. මම දන්න විදියට යම් යම් සංවිධාන හරහා ඒ විදියෙ ජලය පෙරන උපාංග මේ වනවිට ඒ ප්‍රෙද්ශවලට හඳුන්වාදීගෙන යනවා. 

හා හා බණ ඇති එපාවෙනෝ ඕවනං. .හරි දැං ඕක කොරන හැටි කියපං..? 

* මුලින්ම සම්පත් බැංකුවට ගිහින් තමුන් කැමති රුපියල් සීයට වැඩි මුදලක් හැකි පමණ SL AID හි තැම්පත් කොරනවා. විදේස රටවල අය ඉන්නවා නම් ඒ අයටත් මේ ගිණුමට මුදල් බැරකරන්න හැකියාව තියෙනවා. 

* කුස්සියට හරි ෆිජ් එකට හරි එහෙම නැත්තං කඩේකට හරි ගොඩවෙලා හොඳ ළපටි අමු මිරිස් කරල් තුනක් තොරාගන්නවා. 

* ඉන් පස්සෙ ගෙදර ඇවිත් වෙබ් කැමරාව හරි අටෝගත්ත වෙන පෝන් කැමරාවක් හරි වීඩියෝ හැකියාව තිබෙන කැමරා කෑල්ලක් සොයාගෙන සැට් කොරගන්නවා.

* දැන් අමුමිරිස් කාල තව යාලුවො හතර දෙනෙක් හෝ කිහිප දෙනෙක්ට එයාලටත් කන්න කියලා අභියෝග කරනවා. අභියෝග කරලා යූටියුබ් හරි ෆේස්බුක් හරි වීඩියෝ එක දාල අර යාලුවන්ව ෆේස්බුක් එකෙන්, ගූගල් එකෙන්, ටුයිට්ර් එකෙන් සෙට්කරගෙන ටැග් කරනවා..ටැග් කොරලා උන්ව මේගැන දැනුවත් කරනවනම් හොදයි.

* මේ ගැන කතාවෙන හැම තැනදිම #‎SLAmuMirisChallenge‬ කියලාත් දාන්න. එතකොට සුටු ගාල සර්ච වෙනව.

දාන හැම වීඩියෝවක් ගැනම මේ ෆේස්බුක් පේජ් එකේ සඳහන් කරන එකත් හොඳ පුරුද්දක්. හැබැයි මේ වැඩේ මූලික අරමුණ ජාතියට අමුමිරිස් කෑම හුරු කිරීම නම් නෙමෙයි. ඒනිසා හැම වෙලාවෙම මේකෙදි මුදල් එකතුවීම ගැන සහ අසරණ වකුගඩු රෝගින් ගැන කතාබහ කරන්න උත්සාහ ගන්න එකත් වැදගත් වෙනවා. 

Wednesday, September 10, 2014

සල්ලි

දකුණු කොරියාවෙ රැකියාවක් ලැබෙන කෙනෙකුට ලංකාවෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ තුනක් ලැබෙනවා. රුපියල් ලක්ෂ තුනක් රස්සාව ලැබෙන්නෙ කම්කරු සහ ජරා සහගත රැකියා වලට. එතකොට එහේ වැඩකරන දොස්තර මහත්තයෙක් ඉංජිනේරු මහත්තයෙක් මැනේජර් මහත්තයෙක් කීයක් විතර පඩි ගන්නවා ඇතිද? සාමාන්‍ය යෙන් මමහිතන විදියට නම් ලංකාවෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ විස්සක් වත් මාසෙට ඒ වගේ ශ්‍රේණි වල අයට ලැබෙනව ඇති.

අපි සරලව හිතුවොත් ලංකාවෙ පුද්ගලික සහ රාජ්‍ය ආයතනයක සම්පූර්ණ ආදායම රුපියල් ලක්ෂ 3ක ආදායමක් ලබන අය කී දෙනයි ද ඉන්නෙ?

සමහර රැකියා අනුව ගසාකෑම්, අල්ලස් ගැනීම්, වංචා කිරීම් ආදී සියලු විශ්වකර්මයන් දාලත් මේ වගේ ලක්ෂ 3ක ආදායමට යන්න බොහෝ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ අයට හැකියාවක් නැහැ.

ලංකාවෙත් ඉහල මට්ටමේ නිළධාරින් ගේ මාසික ආදායම රුපියල් ලක්ෂ විස්සක් විතර වෙනවා ඇති. කොමිස්, අල්ලස්, සන්තෝෂම් ආදියත් එකතු වුනාම ඒ අයට ලක්ෂ විස්සක් ඉපයීම කරන්න පුලුවන් ඇති. ඒ වගේ රැකියාවක් ලබාගන්න සහ ඒ වගේ කොමිස් ගහන්න ලංකාවෙ සාමාන්‍ය වැසියෙක්ට ලේසියෙන් බැහැ. අධ්‍යාපනික සුදුසුකම් වගේම දේශපාලනික සම්බන්ධතාවයන් ඒ වගේ දෙයකදි ඉදිරියට එනව ඇති. සියලු වැඩකිඩ තුලින් තමයි මාසෙකට ලක්ෂ විස්සක ආදායමක් තමුන්ට ලැබෙන්නෙ.

අපි දැන් කොරියන් තත්වෙ බලමු. එහේ ලේබරයෙක් රුපියල් ලක්ෂ 3ක්-4ක් හොයන කොට අනිවාර්යෙන් ලොකු මට්ටමේ මැනේජරයෙක් රුපියල් විසිලක්ෂයක් කිසිම අමාරුවක් නැතුව ගන්නවා. සමහර විට ඒ අයටත වෘත්තිය සහ අධ්‍යාපනික සුදුසුකම් හැර වෙනත් කඩේයන සුදුසුකම් නැතුවත් ඇති. එතකොට මෙහේ දාහක් ගැට ගහලා කොමිස් වන්දනාවෙන ගිහින් ගන්න ලක්ෂ විස්ස කොරියාවෙ මැනේජර් කෙනෙක්ට නිකම්ම ලැබෙනවා.

දොස්තර රස්සාවක් වුනත් පොඩ්ඩක් හිතන්න. කොරියාව වගේ දියුනු රටක දොස්තරෙක් ගන්න පඩිය මෙහෙ සල්ලි වලින් රුපියල් ලක්ෂ 15ක් විතර වෙනවා. මෙහෙ දොස්තරලත් ඒ ගාන හොයනව ඇති. නමුත් උදේ ඉදල ඉස්පිරිතාලෙ ගිහින් ලෙඩ්ඩු ලෝඩ් එකක් බලල හැන්දෑවට රෑ වෙනකල් චැනල් කරන වාසනාවන්ත දොස්තර මහත්මයෙක්ට තමයි ඒ අවස්ථාව ලැබෙන්නෙ. නැත්තං සාමාන්‍ය දොස්තර මහත්මයෙකුට ලැබෙන මුලු මාසික ආදායම රුපියල් ලක්ෂ 3-4ක් විතර වෙනවා ඇති කියල තමයි මට හිතෙන්නෙ. අන්තිමේ ලංකාවෙ චැනල් දොස්තර මහත්තුරු සල්ලි හෙව්වත් එයාලට තියෙන කාර්යබහුල කම නිසා සල්ලි වියදම් කරන එකත් ලොකු ගැටලුවක් වෙලා ඇති කියලත් හිතෙනවා.

ලංකාවෙ දක්ෂ නිළධාරියෙක්ට වුනත් පුද්ගලික හෝ රාජ්‍ය අංශයේදී පැවැත්ම ඇතිකරගන්න වෙනමම දේශපාලන ධාරාවකට අනුගත වෙන්න සිද්ද වෙනවා. ඒක මානසිකව ලේසි වැඩක් නෙමෙයි. සමහර විට වාර්ථා විස්තර ආදිය සම්පාදනය කරන්න වෙන්නෙ තමුනගේ උවමනාවට සාධාරන විදියට නෙමෙයි. ලොක්කා මේකට ආස වෙයි කියන අනුන්ගේ කෝණයකට. ඒක සරල දෙයක් නෙමෙයි. මනසට වෙහෙසකාරි දෙයක්. ඉතිං එහෙම කෙනෙක් විසාල වැටුපක් ගත්තත් ඒ තනතුරේම දියුනු රටක කෙනෙක්ට වඩා ලොකු මානසික කැපකිරීම් කරන්න සිද්ද වෙනවා. සමහර වෙලාවට අද්‍යාපනික පසුබිමකින් එලියට ආපු නැති අය ඉදිරියේ ඉතාම කැත විදියට නෝන්ජල් වෙන්න සිද්ද වෙනවා.

මට කියන්න ඕනි වුනේ

ලංකාවෙදි දූෂිත නිළධාරින් සල්ලිගොඩක් හොයනවා තමයි. නමුත් ඒ ලබන සල්ලිය ඉතාම ලේසියෙන් දූෂිත නොවන සංවර්ධිත රටක ඒ මට්ටමෙ ්නිළධාරියෙක් ගන්නවා.

යම අයෙක් ඉතා ඉහල නිලයක සිට ඉහල ආදායමක් ගන්නට නොයෙක් ආකාරයේ අයුතු මාර්ග සොයාගත්තද ඒ මාර්ගවල දිගින් දිගටම යෙදීම සමාජිය සහ මානසික ගැටළු පුද්ගලිකවම ඇතිකරන තත්වයක් වෙන්නත් පුලුවනි.

මෙහෙම කිව්වම කෙනෙක්ට හිතෙන්නෙ පුලුවන් ලංකාවෙදි සල්ලි වලට තියෙන වටිනකම ගොඩක් වැඩියි. ඩොලර් දෙදාස් පන්සියක් එංගලන්තෙ වටිනකමට වඩා බොහොම වැඩියි ලංකාවෙ වටිනකම කියලා. ඒක ඇත්ත වෙන්න ඇති. නමුත් කාර් එකක්, කැම්ර් එකක්, විදුලි උපකරණයක්, පරිඝනකයක්, හොඳ ජාතියක ඇඳමක් ආදී බොහෝ බොහෝ සුඛෝපබෝගී භාන්ඩ ජාත්‍යන්තර වෙළඳපොලට වඩා ලංකාවෙදි මිල අධිකයි.

මිනිස්සුන්ගේ සමාජීය, ජීවන රටාව දේශගුණය අනුව වෙනස් වෙනවා. නිවර්ථන කලාපයට අයිති රටවල් අතුරින් රටවල් දෙකක් පමණයි ආර්තික අතින් සහ බොහෝ තැන්වලින් දියුනු තත්වයට ඇවිත් තියෙන්නෙ. ඒ රටවල් දෙක සිංගප්පූරුව සහ මැලේසියාව. ඒ අය දියුනු වෙන්න එක හේතුවක් වෙන්න ඇත්තෙ එයාල සුද්දා ඉතාම ලස්සනට කොපි කරන්න දක්ෂ වුන නිසා වෙන්න ඇති. අපිට සුද්දව නිවැරදිව කොපි කරගෙන අවශෝෂනය කරගන්න බැරිවුනා. අපි රටක් විදියට නිවර්ථන කලාපයේ මිනිස්සුන්ට ආවේනිකවම හිමි ගති ලක්ෂණ බොහොමයක් ඒ විදියටම තබාගෙන ඉන්නවා.

නමුත් මුදල් නැති අය මුදල් හොයාගන්නත්, මුදල් ඇති අය මුදල් වියදම් කරගන්නත් අපේ රටින් දියුනු රටවලට යනවා.කොයි තරම් ගියත් මේක ඉවර වෙන්නෙ නැහැ. තව අවුරුදු 50ක්,100ක්, 200ක් ගියාමත් අපි මේ මට්ටමින්ම පවතීවි.

Sunday, August 24, 2014

අපේ ග්‍රහචාරයේ අවුලක් The Fault in Our Stars

පහුගිය දවසක යාලුවෙක් එක්ක කතා කර කර ඉන්න ගමන් එබෝලා ගැනත් කතාවුනා.
ඈ බං එබෝල ලෙඩ්ඩු ටික ඕකකෝම එකතු කරලා කාරුවත් නැති දූපතකට දාලා තිව්වොත් හරි නේද? මම කිව්වා. 
ඔවු නේ..එතකොට ඒ අයට වෙනම සලකලා අනික් අයට පැතිරෙන එක නවත්තන්න ඇහැක් වේවි. මිතුරා කිව්වා..
ඒත් එක්කම මිතුරා තව අදහසක් ගෙනාව. ලෝකෙ ඉන්න මිනිස්සුන්ගෙන් ඒඩ්ස් හැදිච්චි මිනිස්සු ටික වෙන්කරලා එක තැනක ගාල් කරලා බෙහෙත් කරන්න පුලුවන් නම් ඒකත් හොදයි. එ්ඩ්ස් හැදුන උනුත් තැන් තැන්වල ගිහින් අනින හින්දනේ ඒක පැතිරෙන්නෙ.. යාලුවා තව කතාවක් එකතු කලා. 

මේක හරිම කෲර කතාවක්. එතනදි අපි බොහෝවිට ඒ අය මැරෙන්න ඉන්න අය කියලා සලකලා ලෙඩ්ඩු ටික සාමාන්‍යයෙ සමාජයෙන් පැත්තකට කරලා තියනවා. ඒකෙ අවුලක් මටඒ වෙලාවෙ නොපෙනනුනාට මේ ෆිල්ම් එක බැලුවාම ඒක මහ නරක සිතුවිල්ලක් කියලා හිතුනා. 

මිනිස්සු කියන්නෙ විශාල මතක ධාරිතාවක් තියෙන සමාජීය සත්වයෙක්. මේ ලගදි වසර ගණනාවක්  තිස්සෙ පතලක හිරවෙල හිටපු මිනිහෙක් හොයාෙගන තිබුනා චීනෙන්. ඒ මනුස්සයාගේ මානසික තත්වය දුර්වල වෙලා තිබුනා කියලා වාර්ථා වල තිබුනා. ඕනිම මසුස්සයෙක් ජීවත්වෙන සාමාන්‍ය සමාජයෙක් තරමක් ඈත් වුනාම මානසික වැටීමක් සිද්ද වෙනවා. ඒ වගේම කාත් කාරුවත් නැති විදියට අසරණ කරලා සිරගත කලාමත් ඒ අය මානසිකව ඇද වැටෙනවා. 

දැන් කාලෙ නම් අහම්බෙන් එකතැනකට එකතු වෙන මිනිස්සු (උදාහරණ විදියට බස් නැවතුම්, දුම්රිය ස්ථාන, දුම්රිය, බස්, පොදු ස්ථාන,ව්‍යායාම කරන තැන්) ආදියෙදි මිනිස්සුන්ට තම තමන්ගෙම ලෝකවල ජීවත්වෙන්න පුලුවන් හැකියාව , අලුත් මොබයිල් ෆෝන් සහ ස්මාට් ඩිවයිස් සංකල්පය නිසා. කෝච්චි පෙට්ටියක යන ලංකාවෙ මිනිස්සු පවා ඉස්සර වගේ එකිනෙකා අදුනගන්න උස්සාහ කරන්නෙ නැහැ. එක එක්කෙනා තම තමන්ගේ පෝන් වලි්න කෝල් ගන්නවා, සිංදු අහනවා, සමහරු ගේම් ගහනවා, ඉන්ටනෙට් යනවා... ආදී දේවල් කරනවා. 

මේ ෆිල්ම් එකේ කියවෙන්නෙ අවධානම් සහගත තත්වයක ඉන්න පිළිකා රෝගියකුගේ සම්බන්ධතාවයන් ගැන. ෆිල්ම් එකේදි ඒ අවධානම් සහගත තත්වයක ඉන්න අය මානසිකව මුහුනපාන ගැටළු ආදිය ගැන ස්වල්ප වශයෙන් වුනත් ටිකක් ගැඹුරින් කතා කරනවා. ෆිල්ම් එක ඒ වගේ පිළිකා රෝගී යොවුන් වියේ දෙන්නෙක් ගේ ආදර කතාවක්. පැය දෙකහමාරක් තිබුනත් කදිමෙට ගලායන විදියට ෆිල්ම් එක හදලා තියෙනවා. 

පිළිකා රෝගීන් කියන්නෙ මරණයට ගොඩාක් අවධානමක් තියෙන පිරිසක්. සමහරු තමුන් මැරෙනවා ය කියලා හොදටම දන්නවා. ඒ වගේම පිළිකා වාට්ටුවක් ගත්තොත් ඒ අසල වටපිටාවෙ ඉන්න දැන අදුනගත්ත අය මැරෙන එක අනික් රෝගීන්ට පේනවා, දැනෙනවා. මැරෙන්න ඉන්න රෝගියෙක් දිහා ඒඅය ජීවත්වෙන සමාජයේ සමීපතමයින් දක්වන්නෙ විශේෂ සැලකිල්ලක්. ඒ නිසා ඒ පිළිකා රෝගින්ට සාමාන්‍ය ජීවිතයක් සාමාන්‍ය සමාජ වටපිටාවක් ගොඩනගාගන්න මොන රටේදි වුනත් අපහසුයි. 

හුදෙක් ආදර කතාවකට එහා ගිය එවැනි රෝගීන්ගේ මානසික මට්ටම් ගැන කතාකරන හොඳ ෆිල්ම් එකක් විදියට තමයි The Fault in Our Stars  මම දකින්නෙ. කොයික වුනත් ආදර කතාබලන්න ආස අයට. විචිත්‍ර ලෙස දේවල් දකින්න ආස අයට වුනත් වරදක් නැතුව බලන්න පුලුවන් එකක්. ෆිල්ම් එකේ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නුවර අලංකාර රූපරාමු කිහිපයකුත් ඇතුලත් වෙනවා.

IMDB Link :-  http://www.imdb.com/title/tt2582846/?ref_=nb_watch_?ref_=nv_wl_img_1 

Tuesday, August 5, 2014

ලංකාවේ පිළිකාව


මගේ මව මිය පරළොව ගියේ පිළිකා රෝගී තත්වයකිනි. ඇයට වැළඳී තිබූ පිළිකාව දැන හඳුනාගෙන මාස හතරක් ඇතුළත ඇගේ මරණය සිදුවිය. ඇය බේරාගැනීමට හෝ තව කල් ජීවත් කිරීමේ අරමුණින් දොස්තර මහත්වරු සහ වෛද්‍ය කාර්ය මණ්ඩල නොගත් වෙහෙසක් නැත. ඇයව අඩුතරමේ සැත්කම් අවස්තා පහකටවත් ලක් කල අතර ඒ කිසිවක් සාර්තක වූයේ නැත. ඇය මාස දෙකක පමණ කාලයක් කරාපිටිය, මාතර, තංගල්ල රෝහල් වල කල්ගත කලාය. ඇගේ සමස්ත රෝගී කාල සීමාව තුලම පිටතින් ඇයට ලබාගන්නට සිදු වූ ඔසු, සැත්කම් භාන්ඩ, සහ පරීක්ෂණ වාර්ථාදියට ගිය මුදල සැබැවින්ම රුපියල් ලක්ෂයකට අඩුය. ඊට වඩා වැඩි මුදලක්, වාහනයක් කුලියට ගෙන රෝගියා ප්‍රවාහනය කිරීමට අපේ පියාට වියදම් වන්නට ඇත.
මගේ මව රෝගී වීමේ සම්පූර්ණ සිද්දි දාමයම පරීක්ෂා කල විට ඇය කිසිදු ප්‍රතිකාරයක් නොකර තිබුනේ නම් එසේ වුවද මාස හතරක කාල සීමාවේදී ඇය මිය පරළොව යනු ඇත. අසාර්තක සැත්කම් වලට මුහුන දීමට අම්මාට සිදු වූ නිසා අවසාන කාල සීමාව ඇයට වේදනාකාරි ලෙස ගතකරන්නට සිදු විය. දොස්තර මහත්වරු හෝ රෝහල් කාර්යමන්ඩල රෝගීන්ට හිතුමනාපේ බෙහෙත් හේත් ආදිය නියම නොකරති. කවර හෝ විදියකින් රෝගියාට සැනසීම සහ කාලයක් ජීවත් වීමේ හැකියාව ලබාදීමට සියලු වෛද්‍ය කාර්යමණ්ඩල ක්‍රියාකරනවා ඇත යන්න පොදු මතය වේ.
දුර්ලභ අන්දමේ බඩවැල් අභ්‍යන්තර බිත්තිවල හටගන්නා පිළිකාවක් වූ ඒ පිළිකාව කරාපිටියේ වෛද්‍ය සිසුන්ට අධ්‍යනය කිරීමටද අම්මා ජීවත්ව සිටයදීම දින කිහිපයක කාලයක් ජේෂ්ඨ වෛද්‍යවරු විසින් ලබා දෙන ලදී.
අම්මා මාස දෙකක කාලයක් රජයේ රෝහලක රෝහල්ගතව සැත්කම් සහ පරික්ෂණයන්ට මුහුන දෙමින් සිටියාය. ඇයට ඒ වැනි ප්‍රතිකාර පුද්ගලික රෝහලකින් ලබාගත යුතු වූවානම් ඒ සඳහා රුපියල් මිලියන ගානක මුදල් කන්දරාවක් වියදම් වෙනු ඇත. දැන් ඇති නම පතල පුද්ගලික රෝහලක දිනක් ගතකලේ වුවද රුපියල් හතලිස් දාහක පනස් දාහක බිලක් එයි. ඒ අනුව බලන කල ලංකාවේ සෞඛය සේවාව නිසා මධ්‍යම පාන්තිකයින් වූ අපට රෝගයකදී සැනසීම ලැබෙයි.
අපේ කන්තෝරුවේද වෛද්‍යාධාර ක්‍රමයක් ඇත. කවර නම් වූ සුළු රෝගයකට රෝහල් ගත වුවද නවලෝක රෝහලේදී නම් අපේ කන්තෝරුවෙන් ලැබෙන සම්පූර්ණ මුදලටම බිල හදා එවීමට ඒ රෝහල කාරුණික වෙයි. දැන් මේ විදියේ වෛද්‍යාධාර විදි බොහෝ ආයතන වල ක්‍රියාත්මක වේ. ඒවායේදී පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුයේ වී නම් විශාල බිල් සඳහා ඔවුන් මුදල් ගෙවනු ලබයි. බාහිර පෙනුම අනුව පුද්ගලික රෝහල් ඉදිරියෙන් සිටියත් අභ්‍යන්තර තත්වයන් නම් පුද්ගලික රෝහල්වලය කියා හොදක් නැතැයි මා දන්නා සමහර වෛද්‍ය වෘත්තිකයින්ම පිළිගනිති. ඉදිරියේ කවුන්ටරේ හිනාවෙන කෙල්ලෙක් සිටියාට...කාරුණික ඇටෙන්ඩන්ලා කදිමට ඇඳුම් ඇඳගෙන සිටියාට හරියට ප්‍රතිකාරයක් කෙරෙන්නේ නැතිනම් කවර නම් වූ සුවයක් රෝගයට ලැබෙන්නේදැ යි ගැටළුවක් සාමාන්‍ය වැසියන්ට පැනනගී.
රක්ෂණ ආයතන වලින් ලැබෙන වෛද්‍යාධාර මුදල් සහ ආයතන වලින් ලැබෙන වෛද්‍යාධාර මුදල් රජයේ රෝහල් වල ප්‍රතිකාර ගත් විටදී රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ වියදමට බැර කරන්නට කුමක් හෝ ක්‍රමයක් තිබුනා නම් මනාය. එය රෝහල් වල දියුණුවට හේතු වනු ඇත. මෙය දැනට පවතින ක්‍රමය අනුව ක්‍රියාත්මක කිරීමට ප්‍රායෝගිකව අමාරුය. නමුත් එසේ ක්‍රමයක් ඇති වූයේ නම් එය රාජ්‍ය සෞඛ්‍ය සේවාව භාන්ඩාගාරය දෙසම බලා සිටීමේ උවමනාවෙන් මඳකට හෝ නැවතිය හැකිය. (රටක සෞඛ්‍ය ගැටළු විසඳීම යනු සිගරට් පැකට් එකක ලේබල් එක වෙනස ්කිරීම යැයි සිතා සිටින අයට නම් එවැන් දේ කල්පනා වෙන එකක් නැත..)
පසුගිය කාලයේ ප්‍රාෙද්ශීය රෝහලක ඇපෙන්ඩිසයිටිස් වලට ප්‍රතිකාර ගත් ඥාතියෙකු බැලීමට මා නිතර එහි ගියෙමි. ඒ ප්‍රාෙද්ශීය රෝහලට අවැසි බොහෝ දේ මිනිසුන් විසින්ම පරිත්‍යාග කොට තිබුනි. රූපවාහිනී. විදුලි පංකා, පුටු, ඇඳන්, කුණු බාල්දි, වැසිකිලි අළුත්වැඩියා ආදී කාර්යන් රැසක් රෝහලේ ප්‍රතිකාර ගත් අයම සංවිධානය වී හෝ පුද්ගලික ධනයෙන් ඉටුකර දී තිබුනි. අප අතරම සිටින ඇතැමෙක් පුද්ගලික රෝහලක සුළු රෝගයක් සුව වන්නට සිට ගෙවන ලක්ෂ ගානක මුදලින් අර විදියේ කුඩා රෝහල් වලට අවශ්‍ය කොතරම් දේවල් තනාදිය හැකිද? අපගේ රෝහල්වල නිතර දකින අඩුවක් වන රෝහල් වැසිකිලි පද්ධති මඳක් අළුත්වැඩියා කර දෙන්නට අපිට රුපියල් ලක්ෂයක දෙකක මුදලින් වුව හැකිය. මැරෙන්න යන හරක් නිදහස් කරගන්නවාට වඩා ජිවත්ව සිටින මිනිස්සුන්ගේ වේදනාව සමනය කරන රෝහලක අළුත්වැඩියාවක් කල හැකි නම් එය වැදගත් වන බව මගේ පුද්ගලික හැඟීම වෙයි.
මගේ මව අවසාන කාලයේ සිටි කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ බොහෝ දිනවල රෝගීන්ට කෑම බීම සහ තෑගි ලැබේ. කලක් එහි සිට මිය පරළොව ගිය ඥාතින් විසින් සිය ඥාතියා සිහිවීමට එසේ පරිත්‍යාගයන් කරති. ඒ අතින් විටකදී කවර අන්දමේ අවර ගතිගුණ තිබුනත් අප රට මිනිසුන් බොහොමයක් හදවතින් උතුම් පුද්ගලයෝයැයි පෙනේ.
පිළිකාව, රෝහල් වල තත්වය, වෛද්‍ය ආකල්ප, සේවා තත්වය ආදී දේ ගැන වික්ටර් අයිවන් විසින් දීර්ඝ ලිපියක් රාවයට ලියා ඇත. එයින් කොටසක් කීර්තිමත් වෛද්‍ය වරුන් ගැන ලියා තැබීමට ඔහු වෙන්කර ඇත. අපි දැන් ඒ කොටස කියවා බලමු.
මීට වසර දහයකට පහළොවකට පමණ ඉහතදී මියගිය දොස්තර ආටිගල අගමැතිවරුන්ගේද පසුව ජනාධිපති වරුන්ගේද වෛද්‍යවරයකු ලෙස ක‍්‍රියා කළේය. වෙනත් වෛද්‍යවරුන් රුපියල් 350ක් පමණ අය කරන කාලයේදී ඔහු චැනල් සේවයේ රෝග පරීක්ෂාවන් සඳහා අය කරන ලද්දේ එක් අයකු සඳහා රුපියල් 85ක් පමණය. මීට කලකට ඉහතදී මහරගම පිළිකා රෝහලේ ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළේ ලකී දිසානායක නමින් වෛද්‍යවරයෙකි. ඔහු සී.සී. දිසානායකගේ පුතාය. ඔහු චැනල් සේවයේ නොයෙදුණු අතර ජීවත් වූයේ වෘත්තියෙන් ලැබෙන වැටුපෙනි. ඔහුට පරණ මෝටර් රථයක් තිබුණද වැඩට ආවේ මෝටර් සයිකලයකිනි. ඔහු ජේවීපී දෙවැනි කැරැුල්ල කාලේ මට කීවේ කැරැුල්ලේ හොඳ නරක ගැන කීමේ හැකියාවක් තමන්ට නැතත් විජේවීර රෝහල් ගැන මීට වඩා සංවේදීව ක‍්‍රියාකළ යුතු බවය. රෝහල් වසන්නට නියෝග කරන ප‍්‍රතිපත්තියක් කවර මට්ටමකින්වත් යුක්තිසහගත කළ නොහැකි බව ඔහු කීවේය. ඔහු මහරගම පිළිකාරෝහලේ නේවාසිකව සිටි දුප්පත් රෝගීන්ට උදව් අවශ්‍ය අවස්ථාවලදී නිර්ලෝභීව උදව් කළේය. ඔහු තරම් පිළිකා රෝගීන්ගේ ගෞරවයට හේතුවූ වෙනත් වෛද්‍යවරයකු ගැන මා අසා නැත.
ඔහු මියගියේ දියේ ගිලීය. ඔහුගේ අවමංගල්‍යයට සහභාගි වූ අයගේ ප‍්‍රමාණය අතිවිශාලය. ඔවුන් අතර සියලූම දේශපාලන ප‍්‍රභූන් සමග නානා මාදිලියේ අය සිටියත් ඔවුන් අතර සිටි වැඩිම පිරිස ඔහුගෙ ප‍්‍රතිකාර ගනු ලැබූ ඔහුගේ සෙනෙහස හිමි කරගත් රෝගීන් ලෙස සැලකිය හැකිය. ඔහුගේ රාමු කළ ඡුායාරූපයක් මහරගම පිළිකා රෝහලේ එල්ලා තිබෙන බවත් සමහර පරණ රෝගීන්පිළිකා රෝහලට පැමිණි විට එම රූපයට වඳින ආකාරය ඉඳහිට දකින්නට ලැබෙන බවත් රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවකයකුගෙන් කිසියම් අවස්ථාවකදී මට අසන්නට ලැබුණු විට මා තුළඅමන්දානන්දයක් ඇතිවිය. අප ජීවත් වන මෙම රෝගී සමාජයට වැඩියෙන් අවශ්‍ය වී තිබෙනුයේ එවැනි ශ්‍රේෂ්ඨ මිනිසුන්ය.
- See more at: http://ravaya.lk/?p=3791#sthash.q2a6BbNs.dpuf
රාවය පුවත්පතේ ඒ දීර්ඝ විශේෂාංගය වික්ටර් අයිවන් විසින් මුහුන දුන් අත්දැකීම්ද සහිතව ලියා ඇත. එය ඉහත තිබූ ලිංකුවෙන් බලාගත හැක.
මුදල් වස්තුව යාන වාහන ආදී බොහෝ දේ අප මියෙන විට රැගෙන යන්නේ නැත. නමුත් ඇතැම් පුද්ගලයින් මිය ගියද කලක් යන තුරු ඔවුන්ගේ කිතුගොස පවතී. මිනිස්සු එවන් වැඩදායි අය සිහිකර හදවතින් ඔවුන් ගැන දුක්වෙති. එවැන් වූ නමක් තනාගැන්ම කවර නම් වූ මිලියනපතියෙක්ට වුව අමාරු කාරියකි. කොතෙක් මුදල් පස්සේ ගියද අවසානයේ කිසිවෙකු නොදන්නා විදියේ අවමගුලක් මුදල් කඳු ගසා ඇති මුදලටම ගිජු වූ බොහෝ දුර්ජනයින්ට හිමි වේ. එවන් වූ සල්ලි උඩම ජිවත් වූයෙක් මලාද ජීවත්වෙයිදැයි යන එක ගැන ඉතාම සමීපතමයෝ හැර කිසිවෙක් කලබල නොවේ.