Sunday, January 6, 2019

කාශ්මීර හිමාචල් ගමන 10 මනාලි සිට පහලට

 මනාලි අපි හිටිය හෝටලය තිබුනේ පරණ මනාලි දිහා. ඒක කන්දක් උඩ ලස්සන තැනක තිබුනා. අපි ඒකේ ඉදන් පහලට බහින්නටඋවමනා වුනා ටවුමට. පහලට බහින කොට හන්දියේ කඩයක් තියෙනවා. චීන මූන තියෙන පියකරු පෙනුමක් තියෙන ගෑනු ලමයෙක් උන්නා ඒ කඩේ. මම සහ චතුරංග එතනින් බ්‍රෙඩ් ඔම්ලට් දෙකක් ගත්තා උදේ පාතරාසයට. බ්‍රෙඩ් ඔම්ලට් කියන්නේ ලංකාවේ එච්චර නැති කෑමක්.ලොකු කෑමක් නෙමෙයි. බිත්තරයක් ඔම්ලට් කරා සැන්විච් පාන් එකක් අස්සට දැම්මා. ඉන් පස්සෙ ඒක රත්වුන තැටියක් උඩ තිබ්බා. මේක හදනකොට බටර් ටිකකුත් ගානවා පාන් කෑල්ලට. තව ටී එකකුත් ගැහුවා. ඒ පොඩි කඩවල වුනත් කෑම හදන්නේ අපි ගිහින් ඇනවුම ්කලාම. හදලා වරු ගනන් මැස්සෝ වහ වහ තියෙන්නේ නැහැ. ඉතින් අපි ගිහින් කිව්වම විනාඩි පාලහකින් විතර බ්‍රෙඩ් ඔම්ලට් එක ආවා. හිනැහි හිනැහි.
 මේ පිංතුර තියෙන්ේන පිලිවෙලට නම් නෙමෙයි. ඊලගට අපි හිමින් හිමින් පහලට බැස්සා. ඔය අස්සේ කොහොමින් හරි නේරු පාක් එකට ආයෙත් ගියා. නේරු පාක් එක තියෙන්නේ මනාලි හරහා යන ලොකු දොල පාර කිට්ටුව. ඉතින්ඒ වතුර පාර සයිඩ් එකෙන් තියෙන අඩිපාර දිගේ ගමන බොහොම කික් අත්දැකීමක් වුනා. ඒකේ යද්දි ඇලමේ පැත්තේ අනික් පැත්තේ ලස්සනපාක් එක තියෙනවා. 
 මේ ලියන්නේ අගෝස්තු 15 දවස ගැන. මතක ලෙස අගෝස්තු 15 කියන්නේ ඉන්දියාවේ නැෂනල් දවස. ඉන්දියාවේ නිදහස් උත්සවයසමරන්න පොඩි උත්සවයක් තිබුනා මනාලි ටවුමේ. අපි ඒකටත් සහභාගි වුනා. ඒ කිව්වේ ඉතින් එතන තිබුන දේ අපි බලාගෙන ඉදියා.අවසානේ එතන කොඩි ප්‍රෝගැම් එකක් තිබුනා. මම සහ චතුරංග ගිහින් ඒකට රුපියල් කිහිපයක් දැම්මා. ඒ ගමන අපිටත් කොඩියක් පැළදුවා. ටවුන් එක මැද තිබුන ඒ උත්සවය ටිකක් හොදට තිබුනා මතකයි.
 ට්‍රැවලින් වලදි කෑම කඩ හොයද්දි හොද ට්‍රික් එකක් තමයි සෙනග වැඩි තැන් වලට සෙට් වීම. අපේ රුචා සහ අනෙක් සෙට් එක පට්ට කෑම කඩයක්ෙ සායාගෙන තිබුනා. ඒක මනාලි වල තියෙන සුපිරිම කඩයක්. හොද ෆ්රයිඩ් රයිස් එකක් සහ සුපිරිම බියර් එක්ක බඩට දාගත්තා ඒකෙන්. මම බියර් ඉතිහාසේ ගොඩක් බියර් බීල නැහැ. ඒත්ඒ තරම් ස්මූත් බියර් එකක් ගැහුවේ මනාලි වලදි තමයි. එච්චරම තිත්ත අඩු කටුක නැති බියර් එකට බිය් කියන්න පුලුවන්ද මන්දා.ඒත් ඒක පට්ට. ඒකේ කෑමත් හොදයි. අවාසනාවකට මට දැන් මතක නැහැඒ කඩේ නම. 
 ඇත්තටම ඉන්දියාවේ යද්දි හෝ හොද ලාබ රටවල යද්දි ගෙදර අල්මාරියෙන් බාගයක් පුරවාන යන එක තේරුමක් නැහැ. මනාලි ටවුමෙත් රෙදි කඩ තියෙනවා. ආබරණ කඩ තියෙනවා. පොත් පත් කඩ තියෙනවා. ඉතින් එහෙම වෙන්න එපැයි. අපි යන්නේ මිනිස්සු ජීවත් වෙන පලාතක නම්.ඒ පලාතේ ලංකාවට වඩා බඩු මිල ආදිය අඩු නම් අපි මෙහේ ඉදන් ගොඩක්දේ උස්සන් යන්න ඕනි නැහැ. අපි සෙට් එකම ලොකු ලැජෙග්ජ් අරගෙන ගියේ නැහැ ඩිලා විතරක් මහ පෙට්ටියක් වගේ තල්ලු කරන එකක් අරගෙන තමයි බැක්පැක්ටුවරට ආවේ. ඩිලා ඉතින් ඉතාලි පුරුද්දට ඒක අරන් එන්නට ඇති. 
 මනාලි විදිය කියනවා නම් ටිකක් නුවරඑළිය වගේ. ඒත් නුවර එළියට වඩා ගොඩක් ලොකුයි. මේ කදුකර පලාතෙන් එලියට යන්න බස් එකේ වුනත් අපිට පෑ හයක් විතර යනවා. ඒක දීර්ඝ ගමනක්. ඉන්දියාවේ ගිහින් ඔන්න මනාලි යන්න ඉන්නවා නම් ලොකු අමාරුවක් නැහැ. යන්න දිල්ලියට. ගිහන් කැෂ්මිර් ගේට් කියන තැන තියෙනවා රෑ බස්. රෑ බස් එකක නැග්ගම උදේ වෙද්දි මනාලි. ඉන් පස්සේ ටිකක් ඇවිදලා හෝ නැතිනම් බුකින් එකෙන් හරි කාමරයක් ඕඩර් කරගන්නයි තියෙන්නේ.
 මනාලි වල පාක් කිහිපයක් තියෙනවා. අපි ගියේ නේරු පාක් එකට. චිල්රන් පාක් එකකුත් තිබුනා ඒකත් පෙනුන හැටියට ගැම්ම. මේ තියෙන ජාතියේ පාක් වල තියෙන්නේ මහා විසාල රූස්ස පයිනස් ගස්. ඒවා හිම තියෙන රටවලදි ලංකාවට වඩා වෙනස්වට දාර බේරිලා තියෙනවා වෙන්නට ඕනා. දඩ බඩාස් ගාලා ගිහින් ඔන්න මනාලි ආවා කියලා සිග්නේචර් එක ගහලා එන්න යනවාට වඩා මේ පැතිවල ඇවිත් සතියක් විතර ඉදලා ඇක්ටිවිටි ටිකක් ෆාලෝ කරලා කන්දක් දෙකක් නැගලා මිනිස් ්ජීවතේ බලාගන්න පුලුවන් නම් වටිනවා. ්ත් ඉතින් අපිට නිවාඩු නැහ. අපි ගිය කාලේ වැස්ස. අපිටත් වැස්සපාත් වුනා.ලොකු කරදරයක් නම් වුනේ නැහැ අපිට වැස්සෙන්. 
 බස් පිටත් වෙන්නේ හවස. බස් නැවතුම් පොලක් ප්‍රධාන ටවුමේත තියේ. ඒත් දුර යන බස් නවත්වන්නේ පහල තියෙන ලොකු තැනක. හම්බේ සැප බස් තියෙන්නේ එහේ. ලංකාවෙ ්ඒ වෙද්දි මතක ලෙසට වැඩිය සැප බස් හයිවේ වලට ඇවිත් තිබුනෙත් නැහැ. පබ්ලික් ට්‍රාන්ස්පෝට් වලට ඉන්දියාවේ දුර යනවා නම් සැප බස් වල ආසන ඇනවුම් කරලා යන්න පුුලුවන්. ඉන්දියාවෙම හදන ලේලන්ඩ් ටාටා වගේ සැප බස් වගේම වොල්වෝ, මර්සිදිස් වගේ බසුත් තියෙනවා ඉන්දියාවේ පබ්ලික් ට්‍රාන්ස්පොට් වලට.
 ආ තව පොඩ්ඩෙන් කියන්න මතක නැතිවෙනවා. අපි ගියා හඩිම්බා දේවාලෙට. හඩිම්බා දේවාලය ඇතුලු දේවාල කිහිපයක් ඉන්දීය ජාතිකයින් අතර ජනප්‍රියයි. ඔවුන් ගිහින් ඒ තැන්වල වන්දනාමාන කටයුතු කරනවා. ලංකාවේ පන්සල් වගේ එකේක වයස් වල එක එකජාතියේ කට්ටිය ඇවිල්ලා තිබුනා දේවාලෙට. ඒ දේවාල වැදීම මම හිතන්නේ එහේ නිවාඩු දවසට සාමාන්‍ය ජනයා කරන දෙයක් වෙන්නට ඕනා.
 අපි දේවාලෙට ගිහින් ඒ අවට කැරකුනා. ඒ කැරකෙද්දි ඒ දේවාලට ආසන්නවම ඇක්ටිවිටි කිහිපයක් තිබුනා දැක්කා. මහ විසාල අර හිම තියෙන පලාත් වල ඉන්න හරක් ජාතියේ එකෙක් උන්නා. දැන් මට උනගේ නම මතක නැහැ නේ..බයිසන් ද මන්දා. අර ලොකු විසාල හිම හරක් ජාතිය. මේ හිම හරක් දැක්කම ටිකක් සැර පාටයි. ඒත් හීල ඇති. බඩු අදින්නසහ සමහර තැන්වල පොඩි උන් පිටඋඩ තියාන යන්න මේ හරක් ගන්නවා.
 ඇදහිලි නම් ඉන්දියාව ඉන්දියාව නම් ඇදහිලි කියලා කතාවක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ හරක් අං වගයක් ගහක ගැටගහලා. මේක මේ චර්ම රෝගයකට ගට ගැහිලා නෙමෙයි. මේ ත් මොනවාහරි ඇදහීමක්. මේ ආසන්නයේ තව දුනු විදීම වේග ක්‍රීඩාවන් පුරුදු වෙන තැනුත් තිබුනා. අපි ගිය වෙලාවේ නම් ලොකු සෙනගක් හිටියේ නැහැ ඒත් මේ තැන් වලට වෙන දවස්වලට සෙනග එනවා ඇති.
 අපි දිල්ලි බලා බහින්න ඉදිය බස් එකේ ලැගේජ් වලට තව ගානක් ගන්නවා. ඉතින් හද්දෙයියනේ අපි දන්නවය ඕක. ඕ ගැනත් පොඩි කතාවක් ගියා අපිබස් කාරයා එක්ක. ලැගේජ් ටික පටවලා මුන් ඒවා සයිඩ්කරනවා. ඉන් පස්සේ තමයි උනගේ බිස්නස් එක. මගින් ඇපල් දොඩම් වගේ මේ පලාතේ හැදෙන පලතුරු ආදිය පටවාගන්නවා.
 ඇපල් නම් ඕසෙට. තේරුන පොඩි සයිස් ඇපල් අපේ ගමේ පොලේ අඹ කාලේ ට අඹ තියෙනවා වගේ ගොඩ ගහල විකුනනවා. ඒ ඇපල් පිටි ගතියත් එක්ක රසයි. ඒත් පොඩියි. මෙ ්කදු පලාත් වල සීතල කාලගුණය එක්ක ඇපල් හැදෙනවා ලෙසට. මග දිගට අපි ඇපල් වතු තියෙනවා දැක්කා. ඒ වගේම රට එලෝලු ජාති එහෙම්ත සරුවට හැදෙනවා මේ පැතිවල.
 බස් එකට නැගලා පැයක් දෙකක් ගියාම ඔන්න ඉතින් රෑ වුනා. අපිට වට පිට බලාගන්න විදියක් නැහැ කරුවලයි නෙ . මේ බස් ලොකුවට වාත නැහැ. ඉදලාම පැයක් දෙකක් ගිහින් ඔන්න එක තැනකින් නවත්තලා කෑල්ලක් දෙකක් පටවාගන්නවා. ඒ ඇර ලොකු කරදරයක් නැහැ.
 අපි දිල්ලි ආවේ ඊලග දවසේ උදේ. මේ ගමන කෝච්චියෙන් යනෝ නම් මගදි චාන්දිගර් හරි ඒ වගේ තැනකින් කැඩෙන්නට ඕනි. ඊට වඩා ලේසියි හැබැයි කෙලින්ම දිල්ලියෙන් සැප බස් එකක යන එක.
 කලින් පෝස්ට් එකක යාලුවෙක් කියලා තිබුනා මේ ටිප් එක පුරාවට මේක ලියවෙන්නේ නෙගටිව් මයින්ඩ් සෙට් එකකින්ය හැම එකක්ම අරක නැහැය මේක නැහැය කියලා තමාය ලියන්නේ කියලා.ඒකතාව ඇත්ත. ඒත් ටුවර් කියනේන අත්දැකීම්. රෙන්න පුකහෝදගන්න අයිස්වතුර සෙට්වුන සීතල හිම කාන්තාරෙ මැද ටකරම් මඩුව මටනම් මතකහිටින පට්ට අත්දැකීමක්. ගොන්ඩෝලා කාර් පදින්න සිරිනගර් වලපයින් යන ටිකට එල්ලි එල්ලි කාක්කෝ වගේ ටුවර් පොරවල් පස්සෙන් ආපු එකත් අත්දැකීමක්. ඒ වගේ අමිහිරි කටුක අත්දැකීම් කියන්නෙත් එක්තරා සැර චූන් එකක් තියෙන වැඩක්.. 

ඇත්තටම සැපට කාල බිල උකල නිදාගන්න නම් ලංකාවෙ හොද හෝටලයකට ගියානම් හරි. දවස් දෙක තුනක පැකේජ් එකක් ගහන් ගියාම හොදට සැප විදලා නාලා කාලා ඉදලා එන්න පුලුවන්. කදුකර මනාලිය ලස්සනයි. අමුතුයි. අලුත්..ඒ හැම දෙයක්ම වචනයෙන් කියන්න අමාරුයි. අපිට මතක් වෙන්නේ අපිට මතක තියෙන්නේ ගිහින් ගනිපු අත්දැකීම් විතරයි.
අපි දිල්ලියේ ඉදලාගමන පටන් ගත්තාට ඇත්ත දිල්ලිය බලාගත්තේ දෙවනි පාර. මම ලංකාවේ කොළඹ හැර තවමත් ගිහින් තියෙන ලොකුම නගරය තමයි දිල්ලිය. දිල්ලියේ සිටි එක පිලිවෙලයි. කොළඹට වඩා දිල්ලිය පහසුයි. මට එක දවසට ෂොපින් ඒරියා 5ක ෂොපින් කරන්න පුලුවන් වුනා දිල්ලියේදි. ඉතින් අපි ඔබල බලන්න ඕනි නැහැ ඊලග දිල්ලි විස්තරෙන් ඒ ටික බලාගනිමු නේද? 

පහල තියෙනවා වීඩියෝව. ඒ වීඩියෝවෙ තියෙනවා මනාලි වල මගේ සහ යාලුවගේ සපත්තු පොලිශ් කරන්න ආපු දරුවෝ දෙන්නෙක් කුත්. සමහර විට මයිනර්ස්ලා ඉන්න නිසා යූ බටෙන් ඒක අයින් කරයිද දන් නෑ..

Wednesday, January 2, 2019

බොරු කරඩුවට එහා ගිය ගින්දර දොළුකන්ද

දොළුකන්ද කියන්නේ ජනප්‍රිය තැනක්. දොළුකන්ද කාලයක් කරඩුවක් නිසා ගොඩක් ජනප්‍රිය වුනා. ඒ් ජනප්‍රිය කාෙල් ෙදාළුකන්ෙද් යනවා කියන්ෙන් ෙලාකු වන්දනා ගමනක්. කට්ටිය ලෑස්ති ෙවලා ෙලාකු බස් අරන් ගිය ෙදාළුකන්ෙද් ගමන සමහරුන්ට මතකත් අැති. උපාසකම්මලට ඒ් කාෙල් ෙදාළකන්දට වඩා ෙදයක් තිබුෙන් නැහ. කාෙලත් ඒක්ක තත්වය ෙවනස් වුනා. ෙදාළුකන්ද දැන් කට්ටියට අමතක ෙවලා ගිහින්. ඒ්ත් ඉදලා හිටලා කන්ද නගින්න යන පිරිසක් ෙදාළුකන්ෙද් ඉන්නවා. අපිත් ගියා කන්ද නගින්න අපි බලමු ගමන් විස්තෙර්


පටන් ගැන්ම
ෙදාළුකන්ද තිෙයන්ෙන් කුරුණැගල කුරුණෑගල ඉදනුත් කිෙලා්මීටර 20කට වඩා දුර . ඉබ්බාගමුවට කිට්ටුව. පාන්දරම අපි ෙකාළඹ ඉදන් ඉබ්බාගමු යන්න ෙසට් වුනා. ඉබ්බාගමු යන්න කලින් අපි ෙකාළඹ ඉදන් කුරුණැගලට යන්නට ඔ්නි. තුවාන් සහ ඔනල්ට උෙද් පාන්දර උදයෙද්විය අල්ලගන්න පුලුවන් වුනා. උදයෙද්වී කියන්ෙන් මඩකලපු යන ෙකා්ච්චිය. පාන්දර 6ට විතර පිටත්ෙවන උදයෙද්වී 8 විතර ෙවද්දි කුරුණැගලට ලගා වෙනවා. මට උදයෙද්වී මිස් වුනා. මම ඒ් පාර 6.30ට ෙකාටුෙවන් යන යාල් ෙද්වියට ෙසට් වුනා. යාල් ෙද්විය සාමාන්‍යෙයන් සිග්නල් ෙක්ස් නිසා ටිකක් වැඩිපුර ෙවලාවක් ගන්නවා. ෙකාෙහාම වුනත් කට්ටිය 8.30 9.00 ෙවද්දි කුරුණෑගල ස්ෙට්ශමට අාවා.



තුවාන් ස්මයිල් උදේම පාතරාසයට ගන්න හොද කිරිබතක්ගෙනල්ල තිබුනා. ස්ටේශමට වෙලා කිරිබත ගිල්ලා. අපරාදෙ ටිකක් ඉතුරු වෙල අහකත් දැම්මා. ඉන් පස්සේ තිබුනේ ටවුමට යන්න. කුරුණැගල ඉස්ටේෂමේ ඉදන් ටවුමට දුරයි. ටවුමට ගිහින් ඊලගට අපිට තිබුනේ ඉබ්බාගමුවට යන්න. අහවල් බස්සෙකේය ඉබ්බාගමුවට යන්නේ කියලා කියන්න බැහැ බස් ගොඩක් යනවා. ඔන්න ඉබ්බාගමුවටත් ගිහින් අපි ඉන් පස්සේ අවශ්‍ය කලමනා ආදිය ටික ගත්තා. මී කලින් සවාරිවලදි අපි උයන්න සෙට් වෙලා ගියත් උයන්න කම්මැලි කම නිසා වැඩේ මග ඇරෙනවා. ඒ නිසා ලේසියෙන් උයන්න පුලුවන් නූඩ්ල්ස් ටික්ක සහ තව බිස්කට් අනම් මනම් ගත්තා. ඉන්පස්සේ ඉබ්බාගමුවෙන්ම එදා දවල්ට කෑමත් ගත්තා. එතකොට මම හිතන්නේ දවල් 10-11 වගේ ඇති.


ඉබ්බාගමුව හන්දියෙන් තියෙනවා මඩගල්ල පොතානගම බස්. ඒවගේ බස් එකක නැගලා ගිහින් නැලවහන්දියෙන් බැහැලා හකිරිල්ල වැව ගාවට තමයි යන්න තියෙන්නේ. අපි ඒ විදියටම මඩගල්ල බස් එකේ බඩු ටිකත් අරන් නැගලා නැලව හන්දියෙන් බැහැල ත්‍රීවිල් එකකින් හුකරිල්ලේ වැව ගාවට ගියා. ඒ වැවගාව ඉන්නවා අංකල් බුවෙක්. එයා තමයි අපිව ගයිඩ් කලේ. අංකල් බුවා එදා ගඩොල් පෝරම් පොඩියක් ගහගෙන. පොඩි ගඩොල්පෝරම අවුලුවන්න තමයි ඉදාල තියෙන්නේ. අපි කලින් කියලා තිබුන නිසා ගමනට සෙට් වුනා.


වැවේ කතාව


හකිරිල්ලේ වැව කියන්නේ ලොකු අපරාධයක්. එතැන ඉස්සර කාලේ තිබිලා තියෙන්නේ හොද උල්පතක්. ඒ ගමන ඒ උල්පත වහලා කදු වැටිය එක පැත්තකින් තියෙන්නත් අනික් පැත්තෙන් බැම්මකුත් ගහලා ලොකු මැටිවලක් සයිස් වැව් කෑල්ලක් හදලා ිතයෙනවා. ඉස්සර තිබුන උල්පතම තිබුන නම් මීට වඩා පොරෝජන් කියලා තමයි අපි එක්ක ගියිඩ් උන්නැහේ කිව්වේ.



ඉහලට නැගීම
මුල හරිය ඇත්තටම අමාරුයි. ටිකක් අමාරුවෙන් අපි ගමන පටන් ගත්තා. නැග්මම තමයි තියෙන්නේ. නැගලා නැගලා ඔන්න පැයක් විතර ගියාම වීව් පොයින්ට් එකකට සේන්දු වුනා. වීව් පොයින්ට් එකට ආවම නිවන් දැක්ක වගේ. වීව් පොයින් එකට යන පාර පොඩ්ඩක් අවධානම්. වීව් පොයින්ට් එක ආසන්නම හරියේ ටිකක් පරිස්සෙමෙන් යන්නට ඕනා.


දවල් කෑම


එතනින් ඒක බලලා ඉවර වෙලා අපි තව උඩට යන්න ගත්තා. උඩ හරියේ තවත් කාන්ඩයක් ඉන්නවා ඇහුනා. කට්ටියක් තින්ත ගාගෙන ගිහින් තියනවාත් දැක්කා. ඉතිං අපි උඩට ගිහින් ලොකු පොකුනු දෙකක් වගේ ගල් තලාවක් තියෙන තැනක නැවතුනා. ඒ පොකුනු තියෙන තැන ඉදන් අපි බත් කෑවා. එතනදි අපිට තවත් කාන්ඩයක් මුන ගැහුනා. කොල්ලෝ කෙල්ලෝ එක්ක ආපු කාන්ඩයක්. ඒ ගොල්ලා අපි ආපු පාරෙ නෙවෙයේ ඇවිල්ල තිබුනේ. ඒ වතුර නම් කලු පාටයි. අපි බොන්න වතුර ඇති පදන් ගෙනල්ල තිබුනේ. ඒ නිසා කිසි අවුලක් නැතුව කෑම ටික කාල ඉවර වෙල ගමන පටන් ගත්තා. දැන් ඉතින් ඩිංග ඩිංග හවස් වේගෙන තමයි එන්නේ.



කන්ද උඩ. කන්ද උඩ තියෙන්නේ ගල් තලාවක්. ඒක ලස්සන මනරම් ගල් තලාවක්.


නටඹුන් කෑලි
මේ දොළුකන්ද උඩ එක්තරා කාලෙකදි කවරුහරි රජ කෙනෙක් ලොකු බලකොටුවක් හදලා තියෙනවා. තැනින් තැන ගල් බැමි ආදිය තියෙනවා. ඒ වගේම ගල් කනු සහ වැසිකිලි කියලා හිතන්න පුලුවන් ගල් වල කානු කපපු තැන් තියෙනවා. පේන විදිය අනුව ආරක්ශක බලකොටුවක් විදියට පාව්චිචි උනු තැනක් වෙන්නට ඇති. මේ පුරාවස්තු මොන කාලේට අයිතිද කියලා හරියටම හොයාගෙන නැහැ. ගොඩක් අය කියන විදියට නම් වලගම්බා රජතුමාගේ කාලේ පුරාවස්තු තමයි වෙම්.. පුරාවස්ථු තියෙන එක තැනක් දෙපැත්තකින් කදු දෙකකින් වටවුනු ආරක්ශා සහිත තැනක්. මේ තැනට පිවිසෙන්න මොන පැත්තකින් වුනත් අමාරුයි. සමහර විට මුර කාවල් දාලා ඈත මුර කපොලු තියාගෙන මේ තැන ආරක්ශක ස්ථානයක් විදියට පුරාණ රජවරු පාවිච්චි කරන්නට ඇති.


නිධන් හොරු
මේ නටමුන් ආදිය ගවේශනය නොකලට නිධන් හොරු නම් හොදට හාරල තිබුනා. ගල් කනු දෙක තුනක් තියෙන හැම තැනම මහා සිදුරු තියෙනවා ලිං වගේ නිධන් හොයලා. සමහර ගල් තලා ගල්බෝර දාලා පුපුරුවලා තිබුනා. ඒ ගල් උඩ තියෙන්නැති කැටයම් සහවෙනත් සලකුනු. ඒ කිසිවක් නැති වෙන්නම සොට් එක දීල තියෙනවා. නිධන් නම් මේවයේ තිබුනද තියෙනවද දන් නැහැ. ඒත් අමාරුවෙන් ගිහින් බලන්න වටින හොද පුරාවස්තු ටිකක් වනයට යටවෙලා විතරක් නෙමෙයි නිධන් හොරු හැම වටින දේම අරන් ගිහින් ගල් කනු කෑලි ටිකක් විතර තැනින් තැන විසිරිල තියෙනවා.


ගල් තලාව.


අපි රෑ නවතින්න තමයි ගියේ. අපි දැන් නටඹුනුත් බලලා අපි ඊලග දවසේ බහින්න ඕනි පැත්ත පෙන්වන්න අපේ ගයිඩ් අයියා ගියා. මේ ගල් තලාව උඩ කදුමුදුනට බොහොම ඈත පේනවා. මේ වියලි කලාපයේ කදු වල තියෙන විශේෂ ආතල් එකක් තමයි කන්ද මුදුනට නැග්ගම සබ්බ සකලමනාවම පේනවා. හොද දුරදක්නයක් තිබුනොත් ඈත කුරුමිනිඅඩු වගේ ගෙවල් වල ඉන්න ගෑනු ත්පේන්න තරමට පැහැදිලිව පේනවා. කුඹුරු වතුපිටි පොල් වතු ගානට දසමෙට පේනවා. ඒ දර්ශනය හරියට අපිද්‍රෝනයක් යූස් කරලා පොටෝ ගත්තා වගේ ආතල් එකක් ලැබෙනවා.


ඉතින් මේ නටඹුන් බලලා පිවිසුන විශාල ගල්තලාවේ සයිඩ් එකෙන් යන්න කියලා අපිට ඊලග දවසේ බහින පාර පෙන්වලා අහක්වෙලා අපිට නවතින්න තියෙන ගුහා බලන්නට යන්න පිටත් වුනා. එතකොට අපිට මෙතෙක් වේලා මග සලකුනු කරමින් ගිය සෙට් එක හමු වුනා. ඔවුන් බාලද්ක්ශයින් කුඩා කන්ඩායමක්වෙන්නට ඕනි. කහපාට තින්ත එකකින් අපිලිවෙලට ඉරි ඇදගෙන යනවා. අපිලිවෙලට වුනත් ඉරි ගහන් යන එක නම් වටිනවා. නැත්නම් මේ කැලේ හරි අමාරුයි පාරක් හොයාගන්න නොදන්න කෙනෙක්ට. එතැන කන්ඩායම් දෙකක් හිටියා. ඒ ගොල්ලා එදාම රෑ බහින්න ඇති පහලට. අපි ඉතිං රෑ නවතින්න තැනට ගියා.



භාවනා කුටි අංක එක
මේ භාවනා කුටි බොහොම හොදට තියෙනවා. ඉතාම මෑතකදිත් ඒ භාවනා කුටි ස්වාමින් වහන්සේලා භාවිතා කරලා තියෙනවා. මුලින් ගිය කුටියේ ස්වාමින් වහන්සේ නමක් මලමිනියක් පවා ගෙනවිත් තියාගෙන භාවනා කරමින් ඉයදලා තියෙනවාලු. සුදු ජාතික හාමුරුදුවෙරුත් ඉදලාම එනවා කියලා අපිට ගයිඩ් උන්නැහේ කිව්වේ. දවසට එක වේලක් විතරක් ඈත දුර පිණඩපාතේ වැඩලා ගන්න දානේ වලදලා ලගපාත තියෙන දොල පාරකින් යාන්තමට පැන් පහසුව සලසාගෙන. බොන වතුර ටිකක් විතරක් තියාගෙන පොඩ් ලිප් කෑල්ලක තේ වතුර ටිකක් ගිලන්පස ටිකක් උනුකරගෙන හාමුදුරුවරු වාසය කරනවා.


මේ භාවනා කුටි පෞරාණික ඒවා නෙමෙයි. මෑත කාලීනව ඒවා සිමෙන්තියෙන් සකස් කරලා තියෙනවා. ඒ කොහොම වුනත් වනාන්තරයේ ගියොත් සාමානයයෙන් නොපෙනන ගල් කුලක තමයි මේ භාවනා කුටි පිහිටලා තිබුනේ.


චෛත්‍යය


එපි ඒ මුලින් බලපු භාවනා කුටියේ ඉදලා තව පැය බාගයක් විතර ඇවිදන් ගියාම තමයි දෙවනි භාවනා කුටිය හෙවත් විශාල එක හමු වන්නේ. අපි එදා රෑ නවතින්න නියම වෙලා තිබුනේ ඒ දෙවන භාවනා කුටියේ. දෙවන භාවනා කුටිය තියෙන්නේ ඇත්තටම වචන වලින් විස්තර කරන්න තරම් බැරි ලස්සනම තැනක. මහා ප්‍රපාතයේ තිබෙන ගල් කුලක පැල්මක් තියෙනවා. ඒ පැල්ම මිනිහෙක්ට නැගිටලා ඉන්නතරම් විශාලයි. මේ ප්‍රපාතයේ උඩම හරියෙ තියෙන පැල්මේ තමිය හාමුරුදුවෝ කුටිය හදාගෙන උන්නේ. ඒතැනට ලගාවෙන්නත් ඉස්සර අපහසු වෙන්න ඇති. දැන්න්ම ලොකු අපහසුවක් නැහැ.



මේ නවතින තැනටත් උඩින් ලස්සන චෛත්‍යයක නටඹුන් තියෙනවා.දොළුකන්ද අපිට පේන සීමාවේ තිබුන උසම තැන මේ චෛත්‍යය පිහිටලා තියෙනවා. දැන් නම් තියෙන්නේ පස් ගොඩක් විතරයි. ගල් තලාවක නටමුන් වී ගිය මේ චෛත්‍යයට ගැඩොල් ගෙනිච්ච හැටිත් පුදුමයි.ඒ ලගපාත ගැඩොල් නැැහ. පුරාණ මිනිසුන් පයින්ම මේ දුර තරණය කරලා ගඩොල් සිමෙන්ති අරන් යන්නට ඇති. අද නම් කියන්න දුකයි. මේ චෛත්‍යය පුපුරුවලා හිල් කරලා තියෙන්නේ. ඒ නටමුන් අපි එක්ක ගිය වැඩිහිටි කෙනා කිව්ව විදියට ඉස්සර එයා දන්න කාලේ හොදට තිබිලා තියෙනවා. චෛත්‍යය වදින පුදන මලුව පවා නිදන් හොරු පුපුරුවලා ගල් බෝර දාලා.


අපි නැවතිලා ඉන්න කුටියට ඉස්සරහ ටිකක් ලගපාතම ලස්සන ගල් තලාවකුත් තිබුනා.ඒ ගල් තලාව මදක් ඉදිරියට නෙරා ගිහින් තිබුන නිසා ඈත තිබෙන ගම්මාන ආදිය අංශක 270කටත් වඩා කෝණයකින් දිස්වුනා. අපි නිදාගන්නට කුටියටත් බොහොම ලස්සනට පැල්ම අතරින් පහල ඇති ගහකොල සහ ගම්මානපේනවා.


ගයිඩ් සමු ගැනීම
අපිට මේ තැන් හොයාගන්න ලේසියෙන් බැහැ ගයිඩ් තුමා හිටියේ නැත්නම්. අපි සල්ලි දුන්නම ඇත්තටම ගයිඩ් බුවා එපාමය කියලා කිව්වා. ඒ ගමන අපි කොහොමහරි මිනිහට රුපියල් තුන්දාහක් දුන්නා. අපි පටන් ගත්තේ උදේ මේ සල්ලිදෙන වෙලාව වෙද්දි හැන්දෑවේ හතට කිට්ටු ඇති. ඉතින් මේ ගයිඩ් අයියා හෝ අංකල් අපි ට බලන්න තියෙන හැම තැනම වගේ එක්කරන් ගියා. නටමුන් සහ ගල්තලාව සහ භූමි දර්ශන හැම එකක්ම වගේ පෙන්නුව. ඒ විතරක් නෙමෙයි දුම්මල ගස්, වෙනත් වටිනබෙහෙත් පැල ගැන සහ දොළුකන්ද ගැන තියෙන පුරාවස්තු ගැනත් අපිව දැනුවත් කලා මේ ගයිඩ් අයියා. මිනිහ ඇත්තටම පාර දන්නවා. විස්තර දන්නවා.


රෑ නැවතීම


උදේ ඉදලා පයින්ම ගාටලා ගාටලා අමාරුයි. අපි ටිකක් ඇලවෙන්න ගත්තා බිස්කට් සහ වතුර ටිකක් බීලා. මෙන්න ටික වෙලාවකින් අපි නොහිතපු විදියට මහ වැස්සක් ඇද වැටෙන්න ගත්තා. එලියට බැස්ස නම් දොඹ ගෙඩි තරමට වරුසාව. ඒ මදිවට අකුනුත් ගහනවා. ගල් ගෙඩි අස්සේ හිටියට මට නම් බය හිතුනා. බෝස් ගාලා නාය ගියොත් හරි. ගල් දෙක මොනාහරි වෙනසක් වුනොත් හරි අපි ඉවරයි.ඒ මදිවට වහින සද්දේ වතුර වැටෙන සද්දේ තදටම ඇහෙනවා වටෙන්.

රෑ 8-9 වෙද්දිත් වහිනවා. මම ඒ ගමන නාන්න පටන් ගත්තා. මහ රෑ සීතලේ කන්දක් උඩ නාන්න ආමාරුයි.ඒත් නාගත්තම ගමන් විඩාව නැතිවෙලා හොදට සිසිලසක් දැනෙනවා. වැහි වතුර කියන්නේ කෝම සිතලක් ද කියලා කියන්න ඕනින ැහැ නේ. ගල් ගුහාවේ කටරා දිගේ ගලන් එන වතුරට ඔලුව අල්ලලා නෑවා. සබන් ගෑවෙනව අඩු වුනත් සබන් ටිකක් ගෑවා. හැබැයි ඉතින් වැස්ස අතරමැද හුටස් ගාල නැවතුනා නම් බාගෙට නාලා තමයි නිකං ඉන්න වෙන්නේ. කොහෙම නමුත් වැස්ස ඒ වෙලාවේ සැපට තිබුනා. එකපාර අකුණක් ගැහුවම පලාතම පේන්න ගන්නවා.


අපේ කුටියේ ජනේලය විදියට තිබුන විවරය සිවුරු වලින් වහන්නට පුලුවන්. අපි ඒ සිවුරු පහලට දාලා වැහුවා. මේ කුටිය කෝචචර හොදට පිහිටලා තියෙනවාද කිව්වොත් එච්චර ධාරානිපාත වරුසාවක් වැහලත් කුටියට වතුර පාරක් ආවේ නැහැ. එකම එක තැනක් බිත්තිය කෙළවර යාන්තමට පොලව ටිකක් බුරුල් වෙලා තිබුනා. ඒ නැත්තං එලියේ වහින සද්දය හැර සිවුරු වලින් වහගත්තාම හිරිකඩ වත් අපේ ඇගට වදින්නෙ ්නැහැ.


රෑ කෑම
රෑට කන්න උයන්න තමා මුලින්ම ප්ලැන් එක තිබුනේ. ඒත් ඉතින් දර හොයන්න තියා ලිප තිබන තැනට යන්නත් අමාරුයි මේ වරුසාවේ. මේ කුටි වල තේ වතුර උනුකරන පොඩි ලිපක් ඇතිලියක් කාරිය තිබුනේ එලියේ තැනක. එලියේ පොඩි ගල් ගෙඩියක සයිඩ් එකේ ලිප අටවල තිබුනා. ඒ ලිපාගවත් තෙමෙන් නැහැ ලේසියෙන්. ඉතින් ඒ වුන්ත යන්න අමාරු නිසා අපි ජෑම් සහ පාන් ටික කෑවා. ඒ වෙලාවේ ැහටියට දිව බොජුනක්ම වුනාය කියන්න බැහැ. මහන්සිය වැඩි කමට කෑමත් රස නැහැ වගේ.


ස්වාමින් වහන්සේලා ඉන්න ැතනක් නිසා අපි බියර් අරක්කු ගෙනාවේ නැති එක හොදට ගියා. ආගම එක්ක මගේ පෞද්ගලික එකගත්වයක් නැතත් ඒ අය බොන්නේ නැති නම් අපි බොන්න අරන් ගිහින් ඒ තැන් විනාස නොකරන බේසින් මනුස්ස මෙව්වා එක ආරක්ශා කරන්න අපි බැදිලා ඉන්නවා. ඉතින් අපි කාල නිදාගත්තා. නිදාගන්නත් පැදුුරු සහ සිවුරු කෑලි තිබුනා. ඒවා බිම එලාගෙන අපි නිදාගත්තා. මටනම් ඇත්තටම ඊලග දවසේ එලිවෙනකන් හොදට නින්ද ගියා.



උදේ කෑම
මම දවල් වෙලා නැගිටිද්දි යාලුවෝ කෑම හදලා. සුපුරුදු මැගි නුඩුල්ස් එක දුම් දානවා මම එතන්ට යන කොට. උදේ පාන්දර ප්ලේනටියක් බිව්වනම් හොදයි. කවුද ඉතින් ප්ලේන්ට් ගේන්නේ මේ පාන්දර. ඒ ගමන ඒ ආසන්නයෙන්ම අත පය හෝදගෙන කන්න පටන් ගත්තා. අවදි වෙච්ච වෙලාවෙම වගේ ඉර පායන්න පටන් අරන් තිබුනා. ඉර පායන එක අලුත් දෙයක් නෙමෙයි. ඒත් කන්දක් උඩ උඩම තැන ඉද්දි ඉරපායන කොට අපිට අවට පරිසරය හැඩට වෙනස්වෙන හැටි බලාගන්න ලැබෙනවා.


කාල බීල ඉවර වෙලා පැයක් විතර ගතවෙලා අපි ලෑස්තිවෙලා ඔන්න ඉතින් එන්න ආවා. ආවාට මොකද අපිට පාර වැරදුනා.කොහොමින් හරි අර ගල් තලාවට එනකල් ආවා. ඊයේ අංකල් අපි එක්ක හිටියේ නැහැනේ..ගයි් අංකල් ගියා. ඒ ගමන අපිට ඒ ගල්තලාවේ කෙළවරින් බහින හැටි මතක නැහැ. ගලතලාව කෙළවර බහින්න කියලා අංකල් පෙන්නුවා කියල මතක තැනට ආවා. එතනින් බහින්න ගියාම එතන පුරාණ ගල් බැම්මක් අතුරපු තැනක් පෙනුනා.


බියකරු බැසිම
මේ ගල්බැම්ම ගාවින් බොහොම ඉස්සර බැස්මක් තියෙන්නට ඇති. අපි එතනින් බහින්න ගන්න කලින් අංකල්ට කෝල් එකකුත් දුන්නා. බහින පාර ඇහුවත් අංකල්ට ත් මම හිතන්නේ අපි බහින පැත්ත ගැන නිච්චියක් නැහැ. අපි නැග්ග පැත්තෙන්නෙමේ අපිට බහින්න ඕනි වුනේ දොලුකන්ද ජනප්‍රිය පන්සල පැත්තෙන්. ඒ පන්සලට බහින පාර සොයාගන්න බැහැ. අංකල්ට තමතක නැතිවෙන්නට ඇති.
මේ ගල් තලාවෙන් පහල තියෙන්නේ බොහොම බයහිතෙන විදියේ කැලයක්. මහා ගල් කුට්ටි තැන තැන තියෙනවා. දරුනු බෑවුමක් තියෙනවා. සුවිසාල ගස් ඉහලට ගිහින් තියෙනවා. පහලට බැහැගෙන ගියත් අපිට බහින තැනක් බහින පාරක් හරියට පේන්නේ නැහැ. ගියා ගියා ඒත් ඉවර වෙනනේ පාරකින් නෙමෙයි. ඒ අස්සේ ඔය මහ කැලේ අස්සේ රිංගගෙන යද්දි තුවාන්ට මුවෙකුත් හමුවෙලා තිබුනා. ඇත්තටම මේ කන්දේ මුවෝ ඇති. ඉතින් තුවාන් එයාගේ හයික් ඉතිහාසේ දැකපු පලවෙනි මුවාය කියලා තමයි තුවාන් කිව්වේ.


විශාල ගල් කුලු අස්සේ වනාන්තරය වැවිලා. ලොකු බිත්තර වගේ ගල් කෑලි අස්සෙන් ගස් මතුවෙලා. කොහෙම හරි පැනගෙන බඩගාගෙන ගිය ගමනේ මගේ ෆෝන් එකටත්සොට් එක හම්බෙලා තිබුනා. ෆෝන් එක සා්ක්කුවේ දාගෙන ලොකු ගලක් දිගේ බඩගාගෙන එද්දි පෝන් එඩේ ඩිස්ප්ලේ එකට බඩු බනිස් වෙලා ිතබුනා. මොනා කරන්නද ඉතින්.


ආපහු හරි පාර සොයාගැනීම


ඒ පාර නෙමෙයි කියලා අපි තීරණයකලා. ආයේ නැගලා පුරුදු වෙනත් පැත්තකින් බහිමු කියලා අපි කතා වුනා. මේ ඉහල ගල් තලාවට අපේ ට්‍ුවර් එකට එක්වුනු ඔනල් කරුණාරත්න කලින් ඇවිත් තියෙනවා. ඔහුට මතක විදියට තව ටිකක් ඈතට ගිහින් තමයි පහලට බහින්න තියෙන්නේ. වසර කිහිපයකට කලින් ආ ගමනක් නිසා ඔනල්ටත් වැඩි සැර මතකයක් නැහැ. කොහොම හරි අපි උඩට ආයෙත් ආවා. ඇවිත් වතර පාරක් සෙට් වෙලා ඒකෙන් වතුරත් බිව්වා.
අපි එක්ක බල්ලෙකුත් සෙට් වුනා. ඌ කලින් දවසේ හැන්දෑවේ අපිට හමුවුන සෙට් එක එක්ක ආපු බල්ලෙක්. ඒත් දැන් ඉතින් ඌ අපේ. ඌ බල්ලා වුනාට පාරවල් හොයන්න දක්ස බල්ලෙක් නෙමෙයි. ටිකක් මහත කම්මැලි මොඩල් බල්ලෙක්. ඌ අපි රිංගන රිංගන තැනට බල්ලා වගේ රිංගනවා මිසක දන්න ඇටිකෙහෙලක් නැහැ.



ඇනල් කරුණාරත්නට ඇත්තටම පාරේ කොටසක් මතක තිබුනා. අපේ වාසනාවට වගේ අපිට ඊයේ හැන්දෑවේ හමුවුන සෙට් එක තැනින් තැන තින්ත විසික් කරන් ගිහින් තිබුනේ මේ පාරේ තමයි.


දොලුකන්ද හමු විම.
අපි පාර වැරදිලා පාර හොයාගන්න මහ කැලේට රිංගලා ඒ නාස්ති කල කාලය පැය දෙකක් විතර ඇති. අපි පැය එකහමාරකින් විතර පහලට බැස්සා. ඒ පාරත් ටිකක් අමාරු. අමාරු වුනත් ගස් ගල් උඩින් පැනගෙන ලකුනු බලාගෙන බහින එකෙත් ලල් එකක් තියෙනවා.කොහොම වුනත් සාමාන්‍ය ආච්චි අම්මලට අපේ නැන්දලාට බඩ තඩි මාමලාට යන්න පුලුවන් ගමනක් නෙමෙයි මේක. මේක ටික්ක අමාරු මට්ටමේ නැගීමක් සහ බැසිමක්.
අපි පැය එකහමාරක් දෙකක් විවේක අරගෙන පහලට බැස්සා.



පහලට බැස්සට පස්සේ මීට වසර විස්සකට විතර ඉස්සර ජනප්‍රියවුනු දොළුකන්ද බෝධිය සහ සිද්ධස්ථානය තිබුනා. මහ විශාල ිපරිසකට සරිලන ලෙස නිමවුනු තැනක් විදියට තමයි දිස්වුනේ. අපි ආ බව හාමුදුරුවෙක් දැක්කා. ඒ පොඩි උන්නාන්සේ නමක්. ඒ පාර පොඩි නම අපෙන් විස්ත ඇහුවා. අපි අහවල් කන්ද නැග්ග අය කිව්වම හාමුදුරුවෝ කුටිය ඇතුලට ගිහින් ආයෙත්ෆෝන් එක ඔබන්න ගත්තා. වැඩි කතාබහට ආවේ නැහැ. අපිත් සල්ලි දෙන්න වෙයිද දන් නැහැ කියන බයට සහ දෙන්න යන්න කම්මැලිකම නිසා සයිඩු වුනා.


මේ පංසලේත් රිලවු හිටියා. ඒ වගේම අටවිසි බුදු වරුන් බුදුවුන ගස් ටිකත් තිබුනා. සමහර ගස් නම් අද නැහැ. අපි එතනින් එලියට ඇවිත් දොළුකන්ද හාමුදුරුවෝ හදාපු වැවෙන් නෑවා. නෑවට වස් වදින්නේ නැතුව ඇති. ඉස්සර නම් මේ පොඩි වැව් කෑල්ලත් පිරිත් කරලා තිබුනා කියලා කතාන්දර තිබුනා මතකයි.



අපි නාල පහලට ආවම බස් එකක් වත් යන්නේ නැති මහ පාලු පලාතක් තමයි සෙට් වුනේ. ඉන් පස්සේ පයින්  විල් එකක, බස් එකක යන මාධ්‍ය තුනෙන් පැය එකහමාරකටත් වැඩි කාලයක් ගෙවලා අපි කුරුණැගලට සෙට් වුනා. එතනින් එහා ඉතින් සෙට් එක කාල කොළඹ ආවා. එනකොට කුරුණැගල ස්ටේශමෙන් කොටුවට ටිකට් ගත්තාම රේල් බස් එකක් ආවා. රේල් බස් එකේ පොල්ගහවෙලට එනකල් අවා.ඒකත් පට්ට අද්දැකිමක් වුනා.

Tuesday, January 1, 2019

දූපත් වැසියා

බෝට්ටුවේ පැමිණි පිරිස වට පිට ඇවිදිති. දූපතේ වූ ස්වල්ප වූ ස්ථාන ටික සිය ෆෝන් කැමරාවලට ඇතුලත් කරගන්නට වෙහෙසෙති. මේ සදහා උපරිම පැයක් පමණ මොවුන් වෙහෙස මහන්සි වෙන බව බෝට්ටුකරු මහතුන් දනී. ඉන් පසු දැඩි හිරු රශ්මියට සියල්ලෝම දූපතේ වූ හෙවනට ඇදී එති. එයින් පසුව බෝට්ටුව යන්නේ කීයටදැයි ඇසීම ඒ කිහිප දෙනොගේ සිරිතකි. දූපත බැලීමටත් වඩා දූපතේ වැදගත් ස්ථාන සෙල්ෆි වලට ගැනීම වැදගත්ය. දූපත් වටා නොගැඹුරු වතුරේ සිට කකුල් දෙකේ වතුර තැවරෙන සීතල ඇගට දැනෙන්නටත් පෙර ෆෝන් එක ඔන් කර ෆීලින් ෆැන්ටෑස්ටක් දමන්නට උවමනාය.
බෝට්ටුකරු මහතුන්ය. බෝට්ටුකරු අසල සිටින්නී මනෝරාණි ය. මේ මනෝරාණි ගේ දෙවන දූපත් ගමනයි. පළමු දූපත් ගමන කොහොමද වුනේ අපි ඒක මුලින් බලමු.
දූපත් බෝට්ටු ගමන බුක් කරන්න තියෙන්නේ ෆෝන් එකෙන්. ඉතින් මේ බෝට්ටු සවාරිය යන හොටලේ අයිති ෆෝන් එක කැඩිලා බුකින් ආවේ නැහැ. කරුමෙට හෝ පිනට පාත්වුන එක ගෑනියෙක් විතරක් පොඩි බඩු මල්ලකුත් බැදන් ආව බෝට්ටුවේ ගිහින් දූපත බලන්න. බෝට්ටුව ගෙනියන්නේ මහතුන්. මහතුන් ටිකක් පුදුමවුනා. හම්බට යකෝ මෙන්න ගෑනු පරාණයක්. මේකි අද මාත් එක්ක තනියම.
චිත්‍රපටියක් වුනානම් මනෝරාණි හරි ලස්සන කැබැල්ල. මහතුන් ඇවිල්ලා ආක්ශේ, ආමීර්, සල්මාන්, බැරිනම් නානා පටේකර් වගේ වත් පොරක්. ඒත් ඇත්ත මනෝ රාණි තරුණයි ජබ්බයි. තරුණකමට වඩා දැන් මැදිවියේ දොර ළග ඉදන් මිස් කෝල් ගහන ටිකක් ලොකු බඩක් ඇයට තිබුනා. කළුයි ටිකක් මහතයි උසයි පුක හරියට වඩා උරිස් මහතයි. ඒත් ගෑනු පෙනුම ලොකුවට පේන්න විසාල තන් දෙකක් මනෝරාණිට තිබුනා. එක තනයක් තේ වතුර බොන පීරිසියකින් සම්පූර්ණයෙන්  වහන්නත් අමාරුයි.
ඉතින් වෙනද වගේ බුකින් දාපු සෙට්පිටින් එන උන් නැහැ.  මේ ගෑනු කොටේ විතරක් අරන් දූපතට යන එකේ වගතුවකුත් නැහැ. ඒත් ඉතින් ගාන ලැබෙනවා නම් එච්චරයි නේ. අනිවාරෙන් අදනම් ඕකා දහක් දෙන් නෑ..පන්සියක් දික්කරාවි මේ ගෑනි විතරක් නිසා. මහතුන් හෝටල් කාරයා ගැන කරුණාවෙන් හිතුව.
මීක නීද? බම්බු දූපතට යන බූට් එක? කොයි ගෑනිත් ටුවර් එක පටන් ගනිද්දි අහන උල් වෙච්චි ඉංගිරිසි සිංගිරිසි බාසාවෙන් මනෝරානි බෝට්ටුව ගැන  මහතුන්ගෙන් ඇහුවා. තෝ නෙවෙ ගෑනියෙ අයිස්වර්යා ආවත් මට මල් පිපෙන් නෑ කියන්නා වගේ හරිම ෆ්ලැට් වොයිස් එකකින් රොබෝවක් වගේ මහතුන් කාරයා, ආ ඔවු නෝනා. කියලා නෝනාට උත්තර දුන්නා. ඉන් පස්සේ නෝනා හිතන්න ඇති මූ ඇවිල්ල බස් කොන්දොස්තර වගේ එකෙක්. මූත් එක්ක බාජනේ තියාගන්න හොද නැහැ. කියලා.
පෝන් එක උරුක් කරනවා පොටෝවක් ගහනවා ඉන් පස්සෙ ඔබනවා. ටිකකින් කෝල් එකක් ආවා. අනී ඔයා එන්නි නී තිබුනේ කියලා මනෝරාණි කිව්වා. මහතුන් ඒක අහගෙන උන්නා. ම්ම් කවුරුහරි අනිනවැති. එහෙමත් නැතුවැති බදින්න ඉන්න එකා වෙන්න ඇති. ම්ම්..ඒත් නැත්තං තාත්තා හරි අයියද හරි දන් නෑහැ. මම නරක විදියට හිතන්න හොද නැහැ. පොන් එක එහාපැත්තේ හිටියේ හොද නිවුන සද්ගුණවත් සෝක් මිනිහෙක් එච්චරයි. මහතුන් හිතුවා.
ඉතින් මේ ගෑනි ගමනේ මුල් විනාඩි 20ක කාලෙ පුරාවට මහතුන් දිහා හැරිල බැලුවනම් බැලුවේ එකපාරයි නැත්තන් දෙපාරයි. සිකේයිය රැවුල කපල නැහැ. රැවුලේ සුදු ගස් ගොඩයි. කොන්ඩෙත් තැනින් තැන සුදු ගස්. මූ ඉන්න ගෙදර පනාවක් නැතුව ඇති. රැවුල ගානට කපල තිබුන නම් ටිකක් හැන්ඩිය. ම්ම් ඒත්මොන හැන්ඩියද . බෝට්ටුව ගෙනිච්චට මොකද මුගෙ බඩ. අර තියෙන්නේ අවුරුදු උස්සවේට පුම්බාපු බැලුම වගේ බඩ ගෙඩිය . ආම් එකත් නැහැ. හොද වෙලාවට මූ අහක බලන් ඉන්නේ. නැත්තන් මූ හිතයි මම බලන්නේ  මූ නිකං හෙන නලුව වගේ නිසාය කියලා. කෝක උනත් හොද ඩෑලෙකක් වගේ. ගෑනියෙක් යනවා කියලා ඌට කිසි ගානක් නැහැ. වෙන උන් නම් කතා කරන්නවත් එනවා. සමහර විට පුරුද්ද වෙන්න ඇති. මනෝ රාණි එහෙම හිතුවා. ඒත් කතාකරන්න ගියේ නැහැ.
හ්ම්ම්..පොටෝ ෆේස්බුකුත් දැම්ම, ඉන්ස්ටත් දැම්මා.. වට්සැ්ප ගෘෘප් දෙකටත් දැම්ම. කෝ ඉතිං අපි ට්‍රිප් එකක් ආවොත් එකියෙක් නැහැ පලාතේ සිහ්.ලයික් කීයද? සිග්නල් නැහැ. සෑහෙන වෙලා යනවා අප්ලොඩ් වෙන්න. සිග්නල් නැහැ. කොළඹටත් නැහැ නේ. ඇයි යකෝ අපේ ගමටත් නැහැ නෙ. ම්ම්..ආ ටිකක් ආවා ෆෝජී නැත්තේ. ත්‍රී ජී ජුන්ජක් තියෙනවා. ආ ඒ පොටෝ එක ගියා. ඔලුවට උඩ ඉදන් පොටෝ ගත්තම බඩ ටික්ක පේනවා. සයිඩ් එකෙන් ගන්න ඕනි. අහ් මෙන්න මේ බෝට්ටුවා සෙට් වෙලා ඒ පාර පොටෝවට. මූ අයින් කරනවද? දානවද? එක්කෝ මූව දාමු. ආව් ආව්.. බලන්න නයනී මේ මනෝරාණී ගමන් ගිහින් තියෙන කොල්ලා. සිහ්. කපිල කමෙන්ට් එකක් දාල ඒකට. තුහ් නොදකින්. මූගේ හැකර කට නම්. ගමනම කෑවා. හැබැයි පොටෝවේ නම් මේ තොටි බුවා ලස්සනයි. ම්ම්.. සෙස්.. ඒ පාර මොකාද? ආ මේ සුන්දරී නේ..සුන්දරී චැට් එකට ඇවිත් ඔරුව ගෙනියන තොටි  බුවාට සෙස් ලු. හනේ සුන්දරිට බැදලා ලමයි ඉදියත් ඇම්ම ගිහින් නැහැ..හෙහ් හෙහ්.
ඒ පාර මනෝරාණිගෙන් හිනාව ටිකක් පැන්නා. පෝන එක දිහ බලන් හිනාවෙන්න හොද නැහැ.
අයිය ද හැමදාම ඔරුව දූපතට ගෙනියන්නේ? මනෝරාණි ඉස්සර වුනා.
ඔවු මම තමයි ඉතින්. වැඩිය කට්ටිය කැමති නැහැ මේ වැඩේට. මහතුන් කිව්වා.
හරි රස්නේ නේ. අද මොකද මං විතරක්? මෙතන හරියට කට්ටිය එනවා කියල නේ තිබුනේ?
හෝටැල් මහත්තිය කිව්වේ ටෙලිපෝන් එක කැඩිලලු නේ. ඉතින් කට්ටිය බුකින් දාල නැහැ. විස්තර දැන් නැතුව දැන් ඉස්සර වගේ කට්ටිය  එන් නැහැ නේ? මහතුන් කිව්වා.
ආ . මම දැන් සති දෙකකට කලින් කතා කලේ. එතකොටත් කිව්ව ආයෙ ලංවෙල කතා කරන්නය කියලා. මම ඉතින් ලංවෙලා කතා කලේ නැහැ ආවා. ඔයා දූපතේ බලන්න තියෙන තැන් ටික දන්නවා නේද? මනෝරාණි ඇහුවා
ඔවු බෝට්ටු  ගමන තමයි ඉතින් වැදගත්. සුද්දෝ නම් යන ගමන් බහින්නත් යනව වතුරට. උන්ට ඉතින් අමුතු දේවල් නෙ ඕන. ලංකාවෙය ආවම් ගියා තැන් ටික බැලුවා පොටෝ ටික ගැහුව සුටුස් ගාල ආවා. සුද්දට මයෙ අම්බේ ගල් ගෙඩිය පවා හොයනවා බලනවා සමහර උන්. උන්ගේ රටේ ගල්වත් නැද්ද මන්ද? කතාව ටිකක් දිග වැඩිවුනාද කියා සැකපිට මහතුන් කතාව නැවැත්තුවා.
හ්ම්ම්.. මනෝරාණි කතාව නැවැත්තුවා.
මනෝරාණි සහ මහතුන් බෝට්ටුවෙන් දූපතට ආවා. මනෝරාණි ලස්සන වුනානම් සමහර විට හොටල් කාරය මනෝරාණිත් එක්කලා මහතුන් එක්ක බෝට්ටුවෙන් ඒවි. ඒත් බැහැනේ හෝටල් කාරය ලගදි නෙ බැන්දේ. උගේ මනමාලකම දැන් ගොඩක් අඩුවෙල.
මනෝරාණි ගිහින් බෑගෙකෙන් ද්‍රෝෙන ගත්තා. ගෑනි ඒක අරං රූං කුටු කුටු ගෑවිල්ලේ උඩ අරින්නයි හදන්නේ.
කොල්ලෝ නම් ඉදහිට ඩ්‍රෝන ගේනව. ඒවා ඉතිං කොල්ලන්ගේ සෙල්ලන් නේ. මහතුන් ට ඩ්‍රෝන වලට ආසාව තිබුනත් හිනාවෙවි බලන් ඉන්නව මිසක ඒව අතාගන්න යන්නෙ නැහැ. අනික කොල්ලෝ හිතන්නේ මහතුන් වගේ පෝඩ්ඩක් වයස පේන මිනිස්සු ඔක්කොම උන්ගේ තාත්තල වගේ සැරයි කියල. ඒ නිසා වැඩිය උන් කතා කරන්නෙත් නැහැ.
ඒක නැත්තං මනෝරාණි ගෑනියෙක් හින්දද මන්දන් නැහැ බෝට්ටුව ඉවුරේ ගහකට ගැට ගහලා මහතුනුත් ආවා නෝනගේ පියාඹන කැමරාව බලන්න.
උඩ යන ඩ්‍රෝන් එක එක්ක මහතුන්ගේ ඇස් උඩ යන හැටි, ටිකක්  උඩ යද්දි මහතුන්ගේ කට පලල්වෙලා හිනාවක් එන හැටි මනෝරාණි දැක්කා. බෝට්ටුවේ වකුටු වෙලා ඉන්නවාට වඩා හිටගත්තම පොර ගති. මනෝරාණිට හිතුනා. වැඩිය හුලං පාරකුත් නැහැ එහෙමට බාදාවකුත් නැහැ. අනික මේ අලුත් ඩ්‍රෝන් එක නේ අහක බලන් වුනත් යවතැකි.
හුලං නැති නිසා යවන්න ලේසියි
මහතුන්ට ඇහෙන්න මනෝරාණි කිව්වා..
නෝන ඔය වතුර උඩට ඇල්ලුවට සමහර කොල්ලො පණ බයයි. මහ ලොකුවට අරන් එනවා ඉන් පස්සේ දූපත උඩ පොඩ්ඩක් උඩ යවල ඔක්කෝම උඩ බලලා දැන් හැරී කියනවා. අර සෙල්පි පොටෝව ගන්නෝ එච්චරයි.
ඈත නිල්පාට වෙරළ තීරයෙන් කොටසක් කොළ පාටය, ඉන් පසු සුදුපාට වැලි ඇතිරූ වෙරළ බඩ සුන්දරය. ඉන් පසු ඇති කොළපාට තීරුව පේන්නේ උඩින් බැලුවාම තන කොල පිට්ටනියක් වගේය. මේ අස්සේ මනෝරානිගේ සිත නලියන්නේ යාලුවාට හෙවත් මහතුන්ට එ සුන්දර දසුන ගැන දැනුම් දෙන්නයි. ඒත් මහතුන්ගේ නමක් නොදනී. නම අහන්නට තරම් වෙලාවක්ද නොවේ. එහෙත් දැන් මේ දර්ශනය මේ අහිංසක මිනිහාට නොපෙන්වා නිකං ෆේස්බුක් දමා ලයික් දාහක් ආවත් වැඩක්ය. කවදාවත් දැකල නැතුවැති පවු ඉතින්.. මනෝරානි හිතුවා.
මේ ඔයාගේ නම් මොකද්ද?
මං මහතුන් නෝන. ගමේ කට්ටිය මාතුවා කියලත් කියනවා. ගෙදරට මාතු කියල කියනවා. මහතුන්ගේත් කට ඇරිය පසු කියන්ට ඕනා එක එපා එකක් ගැන වගේ වගක් නැත. ඔහේ කියවාගෙන යන්නේය.
ඇති ඇති මනුස්සයෝ එක නමක් කිව්වම ඇති. මම මනෝරාණි. මට මනෝ කියන්න. හරි දැන් ටිකක් මෙහෙට එන්න. මේ අයි පෑඩ් එකෙන් පේන එක ටිකක් බලන්නකෝ. ඔයාගේ බොට්ටුවත් පේනවා.. මේං..
එසැනින් මහතුන් මනෝරාණි අසලට ගොස් කිසිසේත් ඇගේ ඇගේ නොවදින ආකාරයට හැරී ඔලුව පමණක් ජිරාෆයෙක් පරිදි අයිපෑඩයට දික් කොට එහි ද්‍රෝණය හරහා විත් අයි පෑඩයෙන් පේන මුහුද බලන්නේය. මාතුගේ කට ඇරි ඇත. ඇස් දික් වී ඇත. හෑ යකෝ මේච්චර හැඩද ? ටීවියෙකේ රට වීඩියෝ වගේ නේ. හෑ. මෙන්න බොලේ ඒ පාර දෙන්නෙක්. හම්මට මේ අපේ මනෝ නෝනයි මායි නේ. ම්ම්..මම ඈත් වෙල ඉන්නෙ. මම හොද මිනිහෙක් නෙ. කෙල්ලෝ කොල්ලො වගේ ලං වෙන්න හොද නැහැ. මහතුන් හිතුවේය
දැන් අපි දෙන්නගේ පොටෝ එකක් ගන්න ඕනි නේ. කෝ මහතුන් ටිකක් කිට්ටු වෙල උඩ බලාගන්න. අයියෝ කටට අකුණක් වැදිල වගේ පලල් කරන්ඩ එපා ඉතින්. මහතුන් වැඩි කිට්ටු නොවන විට මනොරාණි ටිකක් මහතුන්ට කිට්ටු විය. කිට්ටු වී උඩ බලාගත්තේය. සමහස්ථ දර්ශනය කැත වුවත් මාතුවා සහ මනෝ ගේ පිංතුරය පට්ටය. හැඩය. ගතිය. මහතුන්ද එය දැක සතුටු විය.
ඉන් පසු මහතුන් අනෙක් බලන තැන් වලටද මනෝරාණිව එක්කරං ගියේය.
එක කාලෙකදි නම් දූපත සෙනගින් පිරෙනවා. ඒත් මේ කාලේ එනව අඩුයි කෝමත්. ඒවුනාට මන්නම් ආස මේම. ?
මේම කිව්වෙ මහතුන්? මම වගේ ගෑනු කෙනෙක් එක්ක තනියම දූපතට එන්නද? මහතුන් ගේ ලැජ්ජාව ගැනහොදින් අවබෝද කරගත් මනෝරාණි ඇසුවාය.
අනේ අනේ නෑ නෝනි. මම මේ බෝට්ටුව ගත්තම බෝට්ටුකාරය නෙ. ඉතින් මම ඒ විදියට ඉන්න ඕනි. නැත්තං බිස්නෝස එක පාඩු වෙනව නෙ. මම බෝට්ටු කාරය විදියට නරක නහැ හොද මිනිහ. විසේසෙන් මේ දූපතට යන එන මහතුන් කියනබෝට්ටු කාරයා බෙහෝම හොද කෙනෙක්. නැත්නම් ලොකු දේවල් වෙනව නෙ. මහතුන් කි්වවේය..
අම්මොහ්..මහතුන් අයියත් දන්න දේවල්. අයියා ඉතින් මේ දූපතට පරනද?
ඒ කොන්වසේසම දිගය. එහි ඇති දෙයක් නැත. අදරමැද මාතුපාල මනෝරානිගේ වැඩකරන තැනත්. ගමත් අසා දැනගත්තේය.
2  කොටස
දෙවනි දැවසේ ආව විට මාතුපාලට කාන්ඩයකි. එදා ද තමුන් විතරක් සිටියා න්ම හොදයි යැයි මනොරානිට සිතුනි එහෙත් ලෝකය එතරම් සුන්දර නැත. බෝට්ටුවේ දූපත බලන්නට යන දරුවන් අසන නානාප්‍රකාර ප්‍රශ්ණ ඒ දෙමාපියෝ මහතුන්ට දැමීය, දැන් මහතුන් ඒවාට සහ අනෙක් අපස්න වලට උත්තර දේ. බැරිම තැන මනෝරාණි මාතුපාල සිටින තැනට ආවේය. මෙතන්ට අපේ බෝට්ටුවයි දූපතයි හොදට පේනවා. මෙතන ඉදන් ගන්නපොටෝ හොදයි. මහතුන් අනෙක් අයගේ පස්නවලට ට උත්තර දිදී එවුන්වෙනුවෙන් කාලය කැපකරනු බලං ඉන්නම බැරි තැන මහතුන්ගේ තැනට පැමිනි මනෝරාණි උත්තර දුන්නේය.
දූපතට බැස්ස පසු ඇත්තටම මනෝරාණිට තවත් බලන්නට දෙයක් නැත.
අපි අද බෝට්ටුවෙම ඉදන් ඩ්‍රෝන් එක යවමු. කෝ ඔයාට මම කියල දෙන්නම් කො.
අපොයි අනෙ මට බැහැ මනෝ නෝන. ඔයා යවන්න මට බයයි. මම බලා ඉ්නනම් කො. අද එදාටත් වඩා එලිය නිසා පොටෝ හොදට පෙනෙයි.
මහතුන් උත්තර දුන්නේය.
ඒ වුනාට අද එදා තරම් මම ආස නැහැ. මහතුන් ආස එදාටද අදටද? මනෝරාණි ඇසුවාය.
එදාට. මහතුන් ගානකට නොගෙන උත්තර දුන්නේය.
ආයෙත් මනොරාණි නෝනා ටිකක් මහතුන්ට කිට්ටු වන්නට වූයේ බෝට්ටුවේ ආ අනික් අයට ඇගේ කලින් අයිතිවාසිකම් ඇගී යන පරිදිය.
නෝන වැරදියට හිතන් එපා. අනෙ. ඒත් අපි මේම ඉන්නකොට බෝට්ටුවේ ආ අය නෝනි ගැන වැරදි කතා හදයි. අනික මම ගැන වැරදි දේවල් ඉන්ටොනෙට් එකට දාවි. ආපු ගෑනු එක්ක ලවු කරනවාය කියලා. අවසානේ නෝනයි නමත් කැත වෙනෝ. අන්න බලන්න අන්න බලන්න අර එකෙක් මේ පැත්ත පොටෝ මානනවා. සුවැර් එකට ඕකා අපි දෙන්න බෝට්ටුවේ ඉන්න එකපොටෝ ගහල පේස්බුක් දාවි. ඉන් පස්සේ අපේ ලොක්කා කුලප්පු වෙලා තෝ යන ගෑනු එක්ක බෝටටුවේ බුදියනවාද කියලා කෑ ගහවි.
මහතුන් කියාගෙන ගියේය.
සැනෙන් ඈතට වූ මනෝරාණි. ඇති මහතුන් ඇති. මට බණ එපා. මං බෝට්ටුවේ අනික්කොණට යන්නම් හරිනෙ එතකොට. මනෝරාණිට ඒ මහතුන්ගේ කතාවට වේදනාවක් ඇතිවුනි.
නෝන තරහවෙන් එපා. මේ එන උන් සහ ඉන්ටනෙට් එක අපි ඉන්න ඕනි විදිය මෙහෙමෙයි කියලා කියලා දීල ඉවරයි. නෝනයි මායි ආපු කලින් වතාවේ නෝන විතරයි මගේ හැසිරීම ගැන කියන්න උන්නේ. ඒත් දැන් අර ලොකු පෝන් 8ක් විතර තියේ. මේවා තුවක්කු වගේ සැර ආයුද. එකෙක් එකපාරක් කෙල්ලෙක් අරං ඇවිත් මම බලා ඉද්දි කෙල්ලට කණට ගැහුවා. මම ගිහින් ඌට පොඩ්ඩක් හයියෙන් සද්දයක් දාලා. පුතා ගෑනුන්ට ගහනව කියන්නේ ලොකු දෙයක් නෙවෙ. ඕක මෙතන කරන්න එපා. විශේෂයෙන් මම එක්ක ආපහු ගොඩට යන්න ඕනි නම්.
ඉන් පස්සේ ඌ තමුසෙට මොකද මගේ වයිෆ් එක්ක මොනා කරග්තතම. දැන් තමුසෙ මෙතන මට ප්‍රින්සිපල් වෙන්න යනවද? කියලා බැන්නා. ඒත් මොකුත් කලේ නැහැ.
පස්සේ ඌ ගිහින් ඉන්ටෙනෙට් එකේ දාල. මම ඒ ගෑනිට අතවර කරන්න ගියා කියලා.හොදවෙලාවට වෙන නඩේ ගිය කෙනෙක් ඒක ඉන්ටනෙට්  දැකලා වුනඅ ැත්ත දේ දාල තිබුනා. කොහොම වුනත් මට ලොක්ක බැන්නා. මිනිස්සු එක්ක හැසිරෙන්න දන්නේ නැතිලු මම. හරි ගොඩයලු. කස්ටමර්ලා හැමෝම සතුටු කරන්න ඕනිලු. මිනිහගේ බිස්නසුත් නැති කරන්නේ මම වගේ උන්ලු. අනික් දවසේ වත් හැසිරෙන්න හුරු වෙන්නලු.
බල්ලොත් නොකන සල්ලි මට ඕනි ජීවත්වෙන්න ඒකෙනේ මේ රස්සාව කරන්නේ . ඒත් ඊලග දවසක හරි එහෙම ගෑනුන්ට ගහන එකෙක්  මගේ ඉස්සරහ ඒක කරනවට මම කැමති නැහැ. මොකද මම බෝට්ටුවේ ආපු දූපත දන්නඑකම මිනිහ. හෝටල් කාර මූසලය මොනා කිව්වත් මම ඉනනේ ඒ විදියට. ඒත් එකක්. නිකං කේස් දාගන්න යන්නෙත් නැැහ. රෑ හෙම ඇවිත් බීල ගෝරි අල්ලන්න යන ඒවට එහෙම මම මැදිහත් වෙන්නේම නැහැ.
මහතුන් කියනතුරු මනෝරාණි අසාගෙන සිටියාය. පිරිස තාම දූපතේ තැන තැන ඇවිදිති.
එතකොට මහතුන් මේක විතරද කරන ජොබ් එක? ඉතිං දවසට බෝට්ටුව එකපාරක් එන එකෙන් ලොකු ලාබයක් නැතුව ඇති නේ? මනෝරාණි ඇසුවාය.
ම්ම්.. නෝන ඉතිං මට උඩ යන කැමරාව පෙන්නුව. වෙන අය ඕවා පෙන්නන් නැහැ. අනික මං එක්ක ගොඩක් කතා කලා. ගොඩ්ක උන් එහෙම කතා කර්නනේත් නැහැ. කොටින්ම අපි නිකං ලොං හැලුන බල්ලෙක්ට ගනන්  ගන් නැහැ සමහර අව් කන්නඩි දාපු නෝනල. ඒ නිසා මම නෝනට ඇත්තම කියන්නම්.
මේ මගේ බෝට්ටු රස්සාව. මීට අමතරව ඔය හෝටල් කාරයගේ තව වැඩ කරනවා. උයන ඒවට උදව් වෙනවා. මිනිස්සු බයකරනවා, එලවනවා. හොල්මන් කරනවා. ඒවත් කරනවා. හැබැයි නෝන මේව කොහෙවත් ලියන්නෙපා. ලිව්වත් කමන් නැහැ එක්කෝ නෝනා මේවා දැනගන්න ඕනි. නැත්තං නෝන හිතයි මම හරි සෝක් මිනිහෙක්ය මම ආදරුසමත් මිනිහෙක්ය. මං වගේ උන් මේ පොලේ තව බිහිවෙන් ඕනිය කියලා නෝන හිතයි.
ඒ මොකටද මහතුන් මින්ස්සු එලවලන්නේ බයකරන්නේ? මනෝරාණි ඇසුවාය..
සමහර අයආසයි නෝනා ඇඩ්වෙන්චර වැඩ වලට ඉතින් එයාලට ඒක අපි දෙනවා නේ.. හඩ තරමක් උස් වී මහතුන්ගේ මුවින් එසේ කියවුනි. ඒසමගම පසෙකින් පැමිණි බෝට්ටවේ පැමිණි අයෙකු. වතුර නැද්ද? අංකල් යැයි ඇසීය. වතුර බෝතලයක් රැගෙන ගිය පසු නැවත මහතුන්.. ම්ම් වතුර බෝතලෙයක් සීයක්. ඒත් මුන් වතුර අරන් එන් නැහැ නේ. කියා නැවත කතාව පටන් ගත්තේය.
මේමයි. මේ දූපත අපේ ලොක්කාට අයිති කියලා හරියටම කියන්නේ කොහොම කියන එකේ පස්න තියෙනවා.මෛ්  දූවට එකපාරක් කොල්ලෝ වගයක් ආවා. ඒ උන් ඇවිත් බීලා ටෙන්ට් ගහලා රෑ සින්දු කියනවා. ඉතින් මට රෑ ලොක්කා කිව්වා උඹ ගොඩින් ගිහින් ලගම අර තියෙන කොරසදූවට පලයන් බෝට්ටුවෙ කියලා. ගිහින් මුන් හොදට බීල ඉවරනම් හොද පොල්ලකින් ගහල වරෙන් කිව්වා. මම ඉතින් උන් නිදාගන්නකන් ඉදලාඋන් නිදාගත්ත ටෙන්ට් ටික කපලා ආවා. මට බැහැනේ උන් එක්ක ගහගන්න. අපරාදේ ටෙන්ට් ටික.
ඔය වගේ දූපතට වෙන මොකුන් හරි ලොක්කගේ මාර්ගෙන් ආවෙ නැත්තන් උන්ව බයකරන්න තියෙන්නේ මට. මම එකේක දේවල් කරනවා. බියර් බීල හැන්දෑ කළුවරේ මහ තඩියෙක් චූ කරන්න ආන්න අර ගස් මන්ඩියට ගියා. මම හෙළුවෙන් ගිහින් ඌව බදාගත්තා. ඌට නම් සිහි නැතිවුනාද මන්දා. ඉන් පසසේ අනික් උන් එන් නැහැ ලොවෙත් හොයන්න. උනුත් බයේ ආපු බෝට්ටුවෙම ගියා.
මහතුන් කියාගෙන ගියේය.
හ්ම්ම්.. අම්මොහ්. මෙයා ලේසි නැහැ නෙ. මේ ඒකනෙවෙ මහතුන් ඔයාගේ ෆෝන් නම්බරේ දෙන්නකො මට. මනෝරාණි ඉල්ලුවේය.
මට ෆෝන් එකක් නැහැ නෝන. ගෙදර එක දෙන්නම් ඒත් ගෑනි ඉස්සුවොත් නෝනගෙන් පොලිසිය වගේ පස්නකරයි. මහතුන් කීවේය.
ඒක එපා එහෙනම්. එවර නම් මනෝරානිගේ මුහුණ කලු වී ගියේය.
ආන්න නෝනෙ අර උන්දැල ටික එනව. අද ආවට නෝන දූපත බැලුවෙත් නැහැ නෙ. කලින් ද වගේ කවුරුත් නැති  වෙලාක එන්න. උදේ ටිප් එක ගිහින් ගොඩක් වෙලාට හවස එක වෙද්දි ඒක ඉවරයි. නෝන හවසක ආනම් හරි. ආ මට නෝනයි නම්බරෙ ලියල දෙන්නකො. මම කතා කරල මොකෙක් වත් නැති දවසක් නෝනට කියන්නම්. ඒ ඇතිනෙ. වෙන ඉතින් මොනව කතා කරන්නයි පෝන් වලින්. ඒ මැදැයි.
නෝන කැමති නම් දැන්  එන්න මෙතන්ට මං ගාව පාන් කෑල්ලක් තියෙනවා. අපි යනගමන් පාන් කෑලි  වතුරට දාල මාලු බලමු. මහතුන් මනෝරාණිනෝනාට කි්වවේය.
ආනේ..මාලු ටික්ක පෙටෝ ගන්නත් පුලුවන්. මරු මරු.. මං දූපතට පොඩ්ඩක් බැහැල ගොඩවෙල එන්නම්. ඔයා ඔතන තියන්න මම එනකල්. මනෝරාණී එසේ කියාගෙන චූ කර එන්නට දූපටත ගියාය.