Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

Sunday, November 8, 2020

ඇයි SpaceX ඔය නාස තියෙන්නේ මදිද


නාසා ආයතනය තමයි අපි දන්න විදිහට කාලයක පටන් අමරිකානු අභ්‍යාවකාශ ගමන් වල මුල් තැන ඉන්නේ. ඒත් නාසා ආයතනයේ වැඩ වලට යන වියදම බොහෝම වැඩියි. දැනට අහසේ තියෙන ලෝකේ මිල අධිකම නිර්මාණයක් වන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යනු එනු කරන එක ශටල් වලින් කරන එක අමරිකාවට ලොකු වියදම් අධික වැඩක් වුනා. සැලසුම් කරද්දි ඩොලර් මිලියන දහය පාලවකින් එක ගමනක් ගිහන් එන්න පුලුවන් කියලා කිව්වත් ප්‍රායෝගිකව එක ශටල් ගමනකට ඩොලර් මිලියන දෙතුන් සීයක් වියදම් වෙන්න ගත්තා. ඒ එක්ක ස්පේස් ස්ටේශන් එක තවදුරටත් පවත්වාගෙන යනවාද කියන ගැටළුවත් පැනනැංගා. 2012 වර්ශයේදී එතෙක් අමරිකාවෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගිය නාසා එකේ ශටල් වෙනුවට  ස්පේස් එක්ස් රොකට්ටුවක් මුලින්ම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ලගා වුනා.

ස්පේස් එක්ස් එකේ අඩු මිල

ස්පේස් එක්ස් කියනනේ පුද්ගලික ආයතනයක්. ලංකාවේ වගේම අමරිකාවෙදිත් රාජ්‍ය අංශයේ තියෙන නාසා වගේ ආයතන වලට වඩා පුද්ගලික අංශය කාර්යක්ෂමයි ඒ වගේම මිල අඩු කරගන්න පුලුවන් ලාබදායී විසදුම ්වලට යන්න පුද්ගලික අංශයට වඩාත් පහසුයි. උදාහරණ විදිහට අපි ගනිමු අපේ රජයෙන් බිල්ඩිමක් හදන එක. ඕක ඉතින් ඇස්තමේන්තු කරලා මොන විදිහට අඹරලා කලත් පුද්ගලික අංශයේ ගොඩනැගිල්ලක් හදනවාට වඩා වැඩි වියදමක්බොහෝවිට රාජ්‍ය අංශයට වියදම් වෙනවා. ඒ වගේම වේගය ගත්තත් ආණ්ඩුවේ තැනක බිල්ඩිමක් ඉක්මනට හැදෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ස්පේස් ගමන් වලට හැරුනත් එහෙම.

ස්පෙස් එක්ස් එක අහසට යන රොකට්ටු ඩිසයින් කිරීමෙන් නව අත්හදා බැලීම් වලින් මිල අඩු කරගන්න එක ගැන සැලසුම ්කරනවා. මුල් කාලේ රොකට් කියන්නේ ගියොත් ගියා මොඩල් දෙයක් වුනා. ඒ කියන්නේ රොකට් එකට යොදාගන්නා එන්ජින් බූස්ටර ආදී හැම දෙයක්ම ආයේ නැවත පාවිච්චියට ගන්න බැරි වුනා. සමහර කොටස් අභ්‍යාවාකශයටම ඇදී යන්න දුන්නා. ඒත් ස්පේස් එක්ස් කන්ඩායම මහ අරුම පුදුම විදිහට මුලු රොකට් එකේ වටිනාම කොටස් ආයෙත් බාගන්න පුලුවන් විදිහට සැලසුම ්කලා. 


ඔයාලට මතක නම් ටින් ටින් කතාවේ ටිං ටිං එකේ යන රොකට් එක කිසි ගේමක් නැතුව රොකට් එක පෘථිවියට බානවා. ඒ වගේ මූදේ තියෙන විශාල පාරුවකට රොකට් එක ගාන්ට බාගන්න ස්පේස් එක්ස් කන්ඩායමේ රොකට් වැඩසටහටනට පුලුවන් වුනා.
2016 දි ඒ ඩ්‍රෝන් ශිප් කියන ක්‍රමයට රොකට් එක පාරුවකට හරියට බාන්න ස්පේස් එක්ස් කන්ඩායම සමත් වුනා.


ආයතනික පැත්තෙන් මිල අඩු කිරීම

ස්පේස් එක්ස් කිව්වට මේ ස්පේස් එක්ස් ලා ගේ පෙනුම මහා විශාල විදිහට මොඩර්න් නැහැ. ඔවුන්ග් ඇතැම් වැඩබිම් හරියට අපේ රටේ ගාමන්ට් ෆැක්ටරි වගේ. ඒ වගේම සාමාන්‍ය නාසා සේවකයෝ කියන්නෙ ලංකාවේ ආණ්ඩුවේ කන්තේරු වගේ 9-4.45 වැඩ කරන පැය අටේ සේවකයෝ. එතකොට ඔවුන් වැඩ කරන්නේ මොන උවමනාව තිබුනත් පැය අටක් විතරයි. ඒතකොට නාසා එකේ කට්ටිය සාමාන්‍යෆයන් වැඩ කරනවා කියන්නේ සතියකට පැය 40යි. ඒත් ස්පේස් එක්ස් කන්ඩායම සතියකට පැය 60කටත් වඩා වැඩ කරනවා. හදිසි මෙහෙයුම් කටයුතු තියෙනවා නම් සේවකයින් උනන්දු වෙලා ඊටත් වඩා කාලයක් වැඩ කරලා ඒ මෙහෙයුම් සාර්ථක කරගන්න දායක වෙනවා. ඉතින් ඒ වගේ තාක්ෂණික වගේම වෙනත් අංශ වලිනුත් ස්පේස් එක්ස් වැඩසටහන් වල මිල අඩු කරගන්න ක්‍රියා කරලා තියෙනවා.

මෙලොවට වැදගත් වැඩ

නසා ආයතනය කරපු මෙහෙයුම් ගැන මත පලකරන ඇතැම් පාර්ශව නාසා ආයතනයේ වැඩ වලට වියදම් කරන ගානට ප්‍රථිපල නැති බවක් අමරිකාවෙදි පවා කියලා තියෙනවා. ඒ කියන්නේ ඈත අභ්‍යාවකාශය ගවේශන කටයුතු වලට වියදම් කරන මුදල් වලින් සත පහක ප්‍රයෝජනයක් තියෙනවාද කියන සරල ගැටළව ඒ නාසා වැඩසටහන් සම්බන්ධයෙන් එදා සිටම තිබුනා.

සැටලයිට් ව්‍යාපෘතිය

ඒත් දැන් දැන් ස්පේස් එක්ස් කාන්ඩේගේ වැඩ එහෙම ග්‍රහලෝක ගවේශනය විතරක්ම නෙමෙයි වෙනත් වැඩසටහ්න වලටත් බද්ද වෙලා තියෙනවා. ස්පේස් එක්ස් රෛාකට් භාවිතයෙන් ජී පී එස් සැටලයිට් යවනවා. ඒ වගේම ස්පේස් එක්ස් ලගේ සැටලයිට් හරහා ඉන්ටටෙනට් ලබා දීමේ වැඩසහනත් ඒ විදිහේ වැදගත් ව්‍යාපෘතියක්. ඒ හරහා අමරිකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනි කෙලවරක සිටින අයට අන්තර්ජාල පහසුකම් ලබාගන්න පුලුවන් වැඩසටහනක් ස්පේස් එක්ස් කන්ඩායම තමුන්ගේ උප ව්‍යාපෘතියක් විදිහට ක්‍රියා කරනවා. ඒ හරහා ස්පේස් එක්ස් හරහා සැටලයිට් 4425ක් පමණ ගුවන්ගත කිරීමට නියමිත අතර පෘථිවියේ සිට කිලෝමීටර 1100ක් පමණ උස කක්ෂයක ඒවා දැලක් මෙන් රැදවීමට යෝජිතයි. 2017 දි හදපු මේ සැලසුම අනුව 2019 මැයි මාසෙදි සැටලයිට් 60ක් පමණ කක්ශගත කරන්නට ස්පේස් එක්ස් සමත් වුනා.

 ඒ වගේම මේ රොකට් ගමන් වලදි රොකට් ඉතාම ඉක්මනින් නැවත නැවත පාවිච්චියට ගන්න පුලුවන් හැකියාව නිසා අනාගතයේදී පෘථිවියේ තැනින් තැනකට බඩු සහ මිනිසුන් ගෙනියන්න වේගවත් මාධ්‍ය්‍යක් විදිහට රොකට් පාවිච්චි කරන හැකියාව ගැනත් ස්පේස් එක්ස් අවධානය යොමු කරලා තියෙනවා. මේ හරහා දැනට සිංගප්පූරුවේ සිට අමරිකාවේ නිව්යෝක් දක්වා ගුවනින් යන්නට යන පැය 15කට වැඩි  කාලය රොකට් ගමනාගමනය ආවොත් පැයකටත් වඩා අඩුකරගන්න පුලුවන් බවට මත පල කරලා තියෙනවා.

අගහරු සහ චන්ද්‍ර ගවේශන

අභ්‍යාවකාශ තාක්ෂණය ගැන කතා කරද්දි බොහෝ දේවල් තිබෙන්නේ අනාගතය අරමුනු කරගෙන. ස්පේස් එක්ස් අයටත් ඒ වගේ ගෝල් තියෙනවා. ස්පේස් එක්ස් කාන්ඩයේ ලෝකක වෙන ඉලොන් මස්ක් ගේ අදහස තියෙන්නේ අගහරු වලට ගිහ්න එහේ ජනවාසයක් කාරිය හදාගෙන ඉන්න. ඒ වගේම ස්පෙස් එක්ස් කන්ඩායම 1969 ගියාට පස්සේ අවුරුදු හතලිහකට විතර පස්සේ ආයෙම හදට මිනිහෙක් යවන්නත් සැලසුම ්කරනවා. අභ්‍යාවකාශයට සහ හදට සාමාන්‍ය මිනිසුන්ටත් යන්නට පුලුවන් වෙන ටුවර් පැකේජ ක්‍රමයකුත් ස්පේස් එක්ස් හදුන්වාදෙන්න අදහස් කරනවා.

හුදෙක් වියදමක්ම නොවන ස්පේස් එක්ස්

දැනට ස්පේස් එකස් ව්‍යාපෘතියක් වන සැටලයිට් ඉන්ටනෙට් පහසුකම අමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී මේ ව්‍යාපෘතිය ජනප්‍රිය වුනොත් වඩාත් විශ්වාසනීය ලෙස ලෝකයේ ඕනෑම තැනක සිට අන්තරජාලයට සම්බන්ධ වෙන්න පෘථිවි වාසින්ට හැකි වෙනවා. එය දැනටම ස්පේස් එක්ස් ඇචීව් කරපු ටාගට් එකක්. ඒ වගේම රොකට් නැවත භාවිත කරන්න ආපු වැඩපිලිවෙලත් දැනට ස්පෙස් එක්ස් කන්ඩායම සාර්තක කරගෙන තියනෙවා. අනෙක් පැත්තෙන් රොකට් වලට යන වියදම අඩු කරගන්නත් ස්පේස් එක්ස් කන්ඩායම විශාල පරාසයක අත්හදා බැලීම් කරගෙන යනවා.

ඒ එක්ක වඩාත් වාණිජමය ස්වරූපයකට අභ්‍යාවාකාශ වැඩසටහන් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා ඉදිරියේදී තරගකාරී වෙලදපොල අවකාශ නිර්මාණය වුනොත් එදා රුසියාව හා තරගය නාසා එක හදට මිනිසුන් යැව්වා වගේ ස්පේස් එක්ස් කන්ඩායමටත් විවිධ අභ්‍යාවකාශ ව්‍යාපෘති සාර්තක කරගන්න පුලුවන් වේවි.

Monday, August 24, 2020

සැම්සුන් ගැලක්සි M21




ෆෝන් එකක් ගන්නෝ කියන එක ටෙක් බුවෙක්ට ගෑනියෙක් ගන්නවට වඩා පස්නයක්. මොකද දැන් ෆෝන් ජාති ගොඩක් ිතයෙනවා. එයින් එකක් තෝරාගන්න ්නි. ඒ වගේම තියෙන බජට් එකේ හැටියට හොද ෆෝන් එක්ක ගන්න් ඕනි. ඉතින් දැන් කාලේ ස්පෙක් කෑලි බැලුවාම මට අතේ තියෙන ගාන්ට හරියන ෆෝන් එක විදිහට මම සැම්සුන් ගැලක්සි එම් 21 දැක්කා අපි බලමු මොනාද මේ සැම්සුන් එම් 21 තෝරාගන්න ආපු හේතු කියලා. 

සැම්සුන් එම් 21 කියන්නේ රුපියල් 40,000-35,000 අතර මේ බ්ලෝක එකේ මේ ලිපිය ලියන කාලය වෙනකොට තියෙන ෆෝන් එකක්. සැම්සුන් ෆෝන් වල මේ මිල ගනන් හැටියට ගොඩක් වැඩ කෑලි ෆීචැස් තියෙන ෆොි්න් එකක්. ඇත්ත මේ වගේ ගානක් ෆෝන් එකකට වියදම් කරන්නත් අමාරු මිනිස්සු ඉන්නවා. ඒ අයට පාවිච්චි කරන්න හොද සුපිරි ෆෝන්තුත් තියෙනවා. ඒත් මම හිතන්නේ අදකාලේ ෆෝ්න් එකක් වෙනුවෙන් ජොබක් කරන මනුස්සයෙක් රුපියල්තිස් පන්දහක් වියදම් කරනවා කියන්නේ මහ ලොකු ලබ්බ කුල් වෙන නිවුස් එකක් නෙමෙයි. ඒක හරිම සරල සුගම සිද්දියක්. 

සාම්පල් පොටෝ 

එම් විසිඑකේ වැඩ කිඩ

ඩිස්ප්ලේ - සුපර් අමලෙඩ්
චිප්සැට් එක - Exynos 9611 (10nm)
ඕ ඇස් එක- ඇන්ඩ්‍රොයිඩ් 10
බැටරිය - Li-Po 6000 mAh, non-removable
චාජරය - Fast charging 15W
කැමරා - ට්‍රිපල් කැමරා මේන්මෙ කැමරා ගාපික්සල් 48

සැම්සුන් මොඩල් කම්ප්ලෙක්සිටි එක


සැම්සුන් කියන්නෙත් දෙවිදේවතාවුන් වහන්සේලා වගේ හැට හුට හමාරක් පෙනී ඉන්න ෆෝන් බ්‍රෑන්ඩ් එකක්. දැන් ඒ සීරියස් එක එම් සීරියස් එක ආදී නම් වලින් තමයි සැම්සුන් බජට් ෆෝන් එන්නේ. ඒකෙනුත් රුපියල් තිස් පන්දාහ සහ රුපියල් හැටදාහ සීමාව ගත්තම සැම්සුන් ෆෙෘ්න් වර්ග කිපයක්ම තියෙනවා. එයින් සැම්සුන් ඒ 31, ඒ51 ඒ30එස්, එම්31, එම්21, එම්30එස් ආදී ජාති වර්ග කීපයක්ම තියෙනවා. මේ හැම වර්ගයකම තියෙන එක පොදු සීන්ස් එකක් තමයි මිඩ් රේන්ජ් එකේ ප්‍රොසා (චිප්සැට් එක) . සැම්ුසන් එක්සිනස් 9611 Exynos 9611 (10nm) කියන ප්‍රොසසර් එක මේ ෆෝන් කිහිපයටම යනවා ඒ අතර සැම්සුන් ඒ 31ට මීඩියාටෙක් චිප් එකක් සෙට් වෙනවා. බැටරි ෆාස්ට් චාජින්, ඩිස්පේල් සයිස් ආදි බොහෝ ගතිගුණ මේ මිඩ් රේන්ජ් සැම්සුන් ෆෝන් සෙට් එකටම සමානයි.

සාම්පල් පොටෝ

කැමරා වුනත් ක්වඩ් කැමරා, ත්‍රිපල් කැමරා සෙටප් තිබ්බට මේ වායේ අවුට් අතර ලොකු වෙනසක් නැහැ. ඒත සැම්සුන් ඒ 51 මැද මට්ටමේ සැම්සුන් අතර පට්ටම ජනප්‍රිය බාන්ඩයක්. ඒකෙ පෙනුමට ගෑනු ආසයි. ඒකේ මැද මට්ටමේ ෆෝන් වල තියෙන කොමන් ඩොල් මොඩල් ගතියට වඩා එහා ගිය ප්‍රිමියම් ලුක් එකක් තියෙනවා. ඒත් සැම්සුන් ඒ 51 සහ එම් 21 ගත්තාම ඇතුල සහ ෆිචර්ස් වල ලොකු අලගෙඩියක් නැහැ වෙනස්කම්. මිල අතින් මේ ෆෝන් දෙක රුපියල් විසි දහක් විතර වෙනසක් තියෙනවා. 


ඩිස්ප්ලේ..

IPS සහ අමලෙඩ් කියලා ඩිස්පේල් ජාති දෙකක් තියෙනවා මූලික වශයෙන්. එල් ජී ෆෝන් වල එහෙම මේ දෙකම නෙමෙයි වෙනම LED පැනල් එකක් තමයි ඩිස්ප්ලේ විදිහට එනවා කියන්නේ. මේ ඩිස්පේල් ගත්තාම IPS ඩිස්ප්ලේ වල කලු පැහැය හෙවත් අදුර පෙන්වන්නේ වෙනමම අළු මිශ්‍ර පැහැයකට..ඒ ඩිස්ප්ලේ වලකලු පැහැය තියෙද්දිත් තිරෙන් ආලෝකය නිකුත් වෙනවා.අ පි සාමාන්‍යෆයන් අදුර තියෙන තැනකින් ආලෝකය එන්න විදිහක් නැති නිසා අයි පී එස් ඩිස්ප්ලේ වල පට වර්ග සහ ආලෝකය පෙන්වීෆම් අවුලක් තියෙනවා. ඒත් ඇමලෙඩ් වලදි කළු පෙන්වන්නේ තනිකර පික්සල් එක ඕෆ් කරලා. ඒ අනුව තාක්ෂණයෙන් බැලුවම අයි පී එස් ඩිස්පේල් වලට වඩා ඇමලෙඩ් ස්ක්‍රින් එක ඉස්සරහින් ඉන්නවා. දැනට සුපර් ඇමලෙඩ් ස්ක්‍රින් ගොඩක් හොද මට්ටමේ ෆෝන් වල පාවිච්චි වෙනවා. 

සෙල්ෆි පොටෝ 

මේ සැම්සුන් එම් සීරියස් එක හැරුනාම වෙලදපොලේ තියෙන රියල්මි 6,6+, මි රෙඩ්මි 9,9+, හුවාවෙ නෝවා 7ටී , ඔපෝ, ආදී ෆෙෘ්න් ගත්තාම ඒ හැම එකේම වගේ තියෙන්නේ අයි පී එස් ඩිස්ප්ලේ එකක්.කොටින්ම ලංකාවේ රුපියල් පනස්දාහට අඩු ෆෝන් වල සුපර් අමලෙඩ් කොලිටි සුප්පා ඩිස්පේල් එකක් හොයන්න අමාරුයි. රියල් මි, ඔපෝ, මි 9ටී වගේ බ්‍රෑනඩ් වල සුපර් ඇමලෙඩ් ස්ක්‍රින් එනවා මැද ෆෝන් වලට. ඒත් ඒ හැම එකක්ම ටිකක් මිල වැඩියි. සැම්සුන් සමාගම කියන්නේ ෆෝන් එකක බොහෝ කොටස් නිපදවන්න පුලුවන් සමාගමක්. ඒ අයට ස්ක්‍රින් නිපදවන්න විශේෂ හැකියාවක් තියෙනවා. මොකද සැම්සුන් කියන්නේ ඩිස්පේල් නිපදවීම කියන එක එයාලගේ අතේ තියෙන සමාගමක් නිසා. එ ්නිසාම සැම්සුන් සමාගමට සුපර් ඇමලෙඩ් ඩිස්පේල් එක අඩුවට ලබාදෙන්න හැකි වෙල තියෙනවා. 

පත බැටරිය

මේ සැම්සුන් ගැලක්සි එම් 21 ට Li-Po 6000 mAh බැටරියක් එනවා. ලිතියම් පොලිමර් මේ සුවිසාල බැටරිය නිසා දවස් එක හමාරක් විතර කැත නැතුව ෆෝන් එක පාවිච්චි කරන්න පුලුවන්. එත් බැටරිය සුප්පා වුනාට කාලෙත් එක්ක බැලුවාම චාජින් නම් ටිකක් ඩිලේ. මි, හුවාවේ, ඔපෝ වගේ අනෙක් බ්‍රෑනඩ් වල දැන් මැද මට්ටමේ ඒවැත් තියෙන්නේ වොට් 30 චාජර. ඒවායේ බැටරි 5000ක් චාජ් වෙන්න පැයක් ඇති. ඒත් මේ සැම්සුන් එකේ තියෙන්නේ තාම වොට් 15 චාජරයක්. ඒ නිසා ෆෝන් එක සම්පූර්ණයෙන් චාජ් වෙන්න පැය දෙකකට වඩා යන්න පුලුවන්. ඒත් තාක්ෂණය හරියටම ස්ටේබල් නැත්තං ෆාස්ට් චාජින් නිසා බැටරියට වගේම ෆෝන් එකටත් කේස් වෙන්න පුලුවන්.
ඒ විසාල බැටරියත් එම් 21 ෆෝන් එකට ලැබෙන ලොකු වාසියක් 

සාම්පල් පොටෝ

සාමාන්‍ය කැමරාව


මේ ෆෝන් එකේ බැට්ටිය සහ ඩිස්පේල් එක වගේම කැමරාවත් ගතියට තියෙනවා. මේ මට්ටම් බොහෝ ෆෝන් වල දැනට පාවිච්චි වේනනේ කැමරා හිල් හතරෙ ්කැමරා. මේකේ කැමරා හිල් තුනයි. එත් හිල් තුනෙන් පවා කදිම පොටෝ වීඪියෝ ලබාදෙන්න මේ ෆෝන් එකට පුලුවන්. මේ මට්ටමේ තියෙන අනෙක් ෆෝන් වල කැමරා එකක් බැලුවම ලොකු ලොස් එකක් වත් ප්ලස් එකක් වත් නැති මේ කැමරාව සාමාණ්‍ය මේ ගෙවන මිලට සරිලනකැමරාවක්. කැමරාව 48 මෙගාපික්සල් වුනත් එයි ඇතුලත තියෙන්නෙ ්මෙගාපික්සල් 12ක සාමාන්‍ය අගයක් තියෙන සෙන්සරයක්. ඒත් අපිට අවශ්‍ය වෙලාවට 48 මෙගාපික්සල් ගන්න පුලුවන්. 

පැරනි ඩිසයින් එක

අලුතින් එන ෆෙෘ්න් ගත්තාම එක එක අලුත් ජිසයින් ජිල්තිබිරිස් එනවා. අලුතින් ආපු රියල් මි සහ රෙඩ්මි නෝට් ෆෝන් වල පවර් බටන් එක තියෙන සයිඩ් එකේ තැනම තමයි ෆින්ගර ප්‍රින්ට ්සෙන්සරය තියෙන්නේ. ඒ වගේම සමහර ෆෝන් වල ඩිස්ප්ලේ එක උඩම ෆින්ගර ප්‍රින්ට් සෙන්සරය තියෙනවා. ඒත් එච්චරම අලුත් මෙව්වා එකක් නැති මේ එම් 21 පරණ තාලේ විදිහටම ෆින්ගර ප්‍රින්ට් සෙන්සරය පිටුපස මැද හරියට වෙන්න තියෙනවා. ඒ වගේම අලුත් ෆෝන් මොකක් හරි ටේබල් එකක් වගේ සමතල පෘෂ්ඨයක තිබ්බාම කැමර් කෑල්ල මුලින්ම වදින ගතියක් තියෙනවා. ඒත් එම් 21 දි එහෙම නැහැ. කැමරාව හොද වුනත් ඒක ඇතුලට දාල ෆෝන් එකේ බොඩිය එක්කම එන්න නිමවලා තියෙනවා. අනෙක් අර ඉස්සරහ සෙල්ෆි කැමරාවට සුට්ටි ඉඩක් තියෙලා තියෙන ඩිස්ප්ලේ ඩිසයින් එක මේකෙත් එනවා. 3.5 ජැක් එක සිංගල් ස්පීකර් එක. ඒ හැම එකක්ම ටිකක් පරණ විදිහට තියෙනවා. 

අලුත් දෙය්ක නැති වුනත් බොඩියම අමුවෙන්ම ප්ලාස්ටික් වුනත් සොලඩි ඩිසයින් ුඑකක් තියෙනෆෝන් එකක් විදිහට මේක දක්වන්න පුලුවන්. මේකේ බැක් බටන් එක දකුනු කෙළවර යටට එනවා. මං කලින් පාවිච්චි කල නොකියා එකේ නම් ඒක මීටඑහා පැත්තේ කෙළවරෙ ්තමයි තිබුනේ. 
සාම්පල් පොටෝ
සාම්පල් පොටෝ 


බ්ලෝට්වයා සහ ස්ලෝ

සැම්සුන් ෆෝන් සහ මේ මැද හරියේ තියෙන ෆෝන් වල තියෙන ලොකු අවුලක් විදිහට බ්ලෝට්වෙයා දැක්වෙනවා. ඒ කියන්නේ ෆෝන් එක එක්කම එන විවිධ ඇප්ලිකේශන් අපිටත් නොදැනි බැක්ග්‍රවුනඩ් එකේ රන් වෙනවා. මේක නිස කාලයක් යද්දි ෆෝන් එක රත්වෙන්න පුලුවන්, ස්ලෝ වෙන්න පුලුවන් සහ අපේ පුද්ගලික ඩේට පිටට යන්නත් පුලුවන් ලු. ඒත් ඉතින්හැම ෆෝන් එකකම තියෙන අවුලක් නම් අපිටය කියාලා ඒක වෙනස් කරගන්නබැහැ නේ. මේකට එක විසදුමක් විදිහට ටිකක් රැම් රොම් වැඩි පෝන් මිලදී ගන්න පුලුවන්. එතකොට රැම් රොම් ගොඩක් ඒ බ්ලෝට්වෙයා මැල්වෙයා වලින් ගත්තා වුනත් අපිට පාවිච්චි කරන මට්ටමට බඩු ඉතුරු වෙයි නේ. 

ඒත් මේ එම් 21 දි 6 හෝ 8 රැම් 128 රොම් වර්ශන් එක ලංකාවේ මම බැලුව කඩෙ ්තිබුන් නැහැ. ඒ නිසා මමත් අනෙක් අය විදිහටම 4 ජීම් රැම් 64 ජීබි රරොම් වර්ශන් එක ගත්තා. 

ඉතින් මේකෙන් ඔහෙලටත් ෆෝන් එකක් ගන්න අදහසක් තියෙනවා නම් මේක හොද සටහනක්වෙයි. හාඩ්කෝ චයින ෆෝන් ෆෑන් කෙනෙක් උනු මම කාලයත් එක්ක මැන්ටල්ලා විදිහට ආයෙත් සැම්සුන් ෆෝන් එකකට ගියා. මේකේ තියෙන ලොකුම ලල් එක ඩිස්පේල් එක. මං ගත්ත නොකියා ෆෝන් එකේ ඩිස්පේල් එක අරං දවස් තුනෙන් හුකැස් ගෑවුනා.බිම වැටිල ඒක බිදුනා. ඉන් ප්සසේ මම ඒක ඒ කාලේ නෙකියා ඒජන්ත සොෆ්ට්ලොජික් එකෙන් ඇහුවාම ඒ කට්ටිය ඩිස්ප්ලේ එක දොලොස්දාහක් කිව්වා (ෆෝන් එක ගත්තෙත් 36ට). ඒ ගමන ඉතින් මම පෙටා වලින් ඩුප්ලිකේට් එකක් දැම්මා.ඒ නිසාදෝ නැත්තං ඒ ෆෙෘ්න් එකේ හැටි නිසාදෝහෝ මට ෆෝන් එක බලන කෙට ඇස් රිදෙන ලයින් එකක් ආවා. ඒගමන ෆෝන් එක අයින ්කරලා අලුත් ඇමලෙඩ් ඇස් වලට සනීප ෆෝන් එකකට යන්න ඕනි කයිලා හිතුවා. ඒක තමයි මේ ෆෙෘ්න් එක ගන්න එකේ මූලිකම මෙව්වා එකක් වුනේ. 

Saturday, February 9, 2019

ගල්පාලම අනුරාධපුර Stone bridge Anuradhapura

අනුරාධපුර යුගයේදී හැදුන පාලමක් තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් යාලුවේ මේක ගල්පාලම තියෙන්නේ අනුරාධපුර ගල්පාලම පාරේ. කුට්ටම්පොකුන සමාධි පිලිමේ බලන්න යන මේන් රෝඩ් එකක් තමයි මේ ගල්පාලම මාවත. මේ ගල්පාලම මාවත දිගේ ගියාම අවසානයටම ගල් පාලම හමු වෙනවා. අපි ගියේ බයිසිකල් වල එදා හරිම වැහි දවසක් වුනා. 

ඉතින් ගල්පාලම කිව්වට අද වෙද්දි ඒකෙ බස් වෑන් කාර් යන්නේ නැහැ. රජ කාලේ තිබුන පාලමක්. ඒ කාලේ අස්ස කරත්ත හරක් මිනිස්සු එහෙම මේ පාලමෙන් යන්න ඇති. 

මුලින්ම හම්බෙන්නේ ඇලක් හරහා තියෙන පාලමක්. ඒ ඇලගාව බුවෙක් නානවා. සස් සස් සර බරාස් ගාල ඇගත් අතුල්ලනවා ඇහෙනවා.අපේ දමින්ද ඒ අස්සේ රිංගලා බුවාගෙන් අහනවා මේක මිහින්තලේට යන පාරේ පාලමක් නේද කියලා. දමින්දයා හිතුවද දන් නැහැ මේක දේවානම්පියතිස්ස රජතුමා මුව දඩයමට ගිය පාලම කියලා. කොහොම වුනත් බුවා උත්තර දුන්නා. ඉස්සර කාල රෙුවන්වැලි සෑය සිරිමහා බෝධියට ගියපු පාරක්ය කියලා තමයි පොර උත්තර දුන්නේ. ඒ කාලේ පාර තිබිලා තියෙන්නේ කොහේට යන්නද කියලා පැහැදිලි අදහසක් නැහැ ඒත් ඒ එක්කම ඈතින් මල්වතු ඔයේ තියෙන පාලම සහ මේක අතර සම්බන්ධයක් තියෙන්නට ඇති කියලා හිතන්නට පුලවන්කම තියෙනවා. 

මේ තියෙන්නේ අනික් පාලම. කලින් තිබුන පොඩි පාලම වගේ නෙමෙයි මේක කෙලින්ම වතුරක් ගාව ම තියෙන්නේ. කතා වල තිබුන විදියට මේ යන්නේ මල්වතු ඔය. මෙතන්ට ටිකක් සෙනග එහෙමත් ඇවිත් තිබුනා එදා නිවාඩු දවසක්නිසා. අපි ගියේ සෙනසුරාද දවසක. ඉස්සර නම් මෙතන වාහන හරවන්න එහෙම අමාරුයි. ඒත් දැන් එහා හදලා තියේ බස් එකක් වුනත් හරවන්න පුලුවන් තැනක්. මෙතනින් දැනට පාර ඉවරයි. ඒත් මීට අවුරදු දාස් ගානකට ඉස්සර අපේ මුතුන් මිත්තන් මෙතනින් එතරවෙලා ඈථ ගම් රටවල් බලා යන්නට ඇති. 

මේ පාලම අද තියෙන්නේ නවීකරණය කරලා නැවත පිහිටුවලා. දැක්කම එකපාර හිතෙනවා හම්මට යකෝ..අද පාලමක් ගැහුවම අවුරුද සීයක් තියෙන්නත් නැහැය කියලා.කොහොම හරි ඉතින් ගල් කුට්ටි ටික හරි මෙච්චර කල් තිබුන එකම මැදැයි. මේ ලගම තියෙනවා කඩ ටිකක්. ඒ කඩ වල විකුනනවා බෙලිමල් එහෙම. මහත ඇන්ටි පාරක් සහ සුවිනීත ඇන්ටියෙක් හිටියා බෙලිමල් බිබී. බෙලිමල් දුන්න කෝප්ප වල නෙමෙයි. පොල්කටු වල. පොල්කටු ටික ආයේම කට්ටියක් ආවම හෝදන්නේ නැතුව ම බෙලිමල් දාලදෙයි කියලා තමයි ඒ ඇන්ටිපාර සහ කෙල්ලගේ අදහස වුනේ. අපිත් ඉතින් අඩෝ ගෑනු කිව්වනම් ඒව ඇත්තම වෙන්නැපැ කියලා ඒකට යාන්තම ්හිනාවෙල නිකා උන්නා. 
සුද්දා ගල විද්දේ නැත්තං තාමත් නුවර කෙල්ලොන්ගේ ගල් විදගන්න වෙන්නෙ නැහැය කියලා පැරණි වල් කතාවක තිබුනා. ඒත් සුද්දා ගල විදින්න කලින් අපේ පරණ මුතුන් මිත්තෝ ගල් උස්සලා කපලා ඔපමට්ටම් කරලා ගල් ඇදලා මේ පාලම් හදලා තියෙනවා. නිකං තියෙන ගලේ සිදුර හදපු සුද්දට වඩා අපේ උන්දැලා වටිනවා නේද? යාලුවේ.. අනුරාධපුරය සියවස් ගනනාවක් පුරා ලංකාවේ රාජධානිය වෙලා තිබුනා. මෙ ්පාලම් අනුරාධපුර යුගයේ අවසාන කාල සීමාවට අයිතියි කියලා තමයි පුරාවිද්‍යා ඩෑල් කියන්නේ. අනුරාධපුරයේ සිද්ධස්ථාන දිහා බැලුවම නටඹුන් කාලේ වුනත් මහා පස් ගොඩවල් රැසක් ආරාම නටඹුන ්ගොඩක් තිබුනා. 

නිකමට හිතන්න රුවන්වැලිසෑ්‍ය. අභයගිරිය, ජේතවනේ, ලෝවමහාපාය වගේ විසාල ආරාම ගැන. ගල්කණු 1600ක් පස් ටොන් ගනනක් ඇදලා හදපු විශ්වකර්ම වැඩ අපි පොඩ්ඩක් සයිඩ් කරමු..දැන් ඕ තැන් වලට වදින පුදන සෙනග? ජේතවනේ අභගයගිරි රුවන්වැලි සෑ මළු සම්පූර්ණයෙන් නැතත් හතරෙන් එකක් පුරවන්නත් කොපමණ සෙනගක් ඉන්න ඕනිද? ඒ තියෙන ආරාම සංකීර්ණ වලකොයි තරම් භික්ෂූන් වැඩවාසය කරන්න ඇතිද? ඒ භික්ෂූන්ට දාන මාන කොච්චර දෙන්න වෙන්න ඇතිද? ඒ අනුව අනුරාධපුරයේ රාජධානියේ එක් කාලෙක අනිවාර්යෙයන්ම මම හිතන විදියට අද ජීවත්වෙනවා හා සමාන ජනතාවක් ඔය පලාතේ ජීවත් වෙන්නට ඇති. ඒ ජනතාව බොහොම දියුනු විදියට ජීවත් වෙන්න ඇති. බාගෙදා ළග තියෙන ඉන්දියාව සමග ගනුදෙනු එහෙමත් තියෙන්නට ඇති.. 

අනුරාධපුරය කිව්වම අපි ස්ටෑම්ප් කරන්න බලාගෙන තමයි යන්නේ. ඒ කියන්නේ කන්තෝරුවේ සීල් එක ගහනවා වගේ සිරිමා බෝදිය-- ඕකේ.. රුවන්වැලි සෑය--ආ ඒකත් ඕකේ.. බසවක්කුලමේ නැම..--ආ ඒකත් හරි ආදී වශයෙන් මූලික වැඩ ටිකක් දඩි බිඩි ගාල කරලා අපි එන්නයි බලන්නේ. අපේ ලංකාවේ අය යන එන තැනක් නිසා මහා වැඩි මිලක් යන්නෙ නැහැ අනුරාධපුරයේ සවාරියට..හැම තැනම ගෙවල් වල නවාතැන් දෙනවා. ඉතින් සති අන්තයක ගිහිනි නිවිහැනහිල්ලේ ජනප්‍රිය නැති නටඹුන් ටිකත් අපි බලලා එමු නේද? 





Thursday, February 7, 2019

Vijayarama අනුරාධපුරයේ විජයාරාම පුරාවිද්‍යා ස්ථානය

 අනුරාධපුර ගල්පාලම පාරේ පුරාණ නටඹුන් සිද්ධස්ථාන රැසක් තියෙනවා. එයින් විජයාරාම ආරාම සංකීර්ණය බලන්නට දේවල් තියෙන තැනක්. එච් සී පී බෙල් මහතා තරම් ඈත අතීතයේදී මේ විජයාරාම ආරාම සංකීර්ණයේ කැණීම් කටයුතු සිදුවෙලා තියෙනවා. පේන හැටියට සාමාන්‍ය අනුරාධපුරේ තියෙන නටඹුන් ආදියට වඩා විජයාරාම ආරාම සංකීර්ණයේ නටඹුන් අලුත් ස්වභාවයක් ගන්නවා. මේ විජයාරාමයට යන්නේ අනුරාධපුරයේ ඉදලා ගල්පාලම පාරේ ගිහින් .ලිංක් එක මේං https://goo.gl/maps/qfgzT4EmBtF2 .
 ක්‍රිස්තු වර්ශ 7*10 සියවස් වලට අයිති නටඹුන්ය කියලා තමයි එච් සී පී බෙල් මහත්තයා එක්දාස් අටසිය ගනන් වලදී කියලා තියෙන්නේ. ඒ කාලේ එතුමා හාරද්දි මෙතන පරන මහායාන පිළිම ආදිය හම්බෙලා තියෙනවා. ඒ අනුව මේක මහායාන වැදුම් පිදුම් ස්ථානයක් කියලා සදහන් වෙලා තියෙනවා. ඒත්  චෛත්‍ය සාමාන්‍ය බුදුපිළිම ආදී දේත් මේ අවට විසිරිලා තිබුනා.
 ඇතැම් තැන් ගවේශනය කරන්න හාරලා. ඒ හෑරුවට පස්සෙත් ආයෙම යට වෙලා. අපි ගියේ සෙනසුරාදා දවසක. දිග සති අන්ත නිවාඩුවක් නිසා සෙනග වැඩියි මුළු අනුරාධපුරේම. සමාධි පිළිමය, රුවන්වැලි සෑය, සිරිමහාබෝධිය වගේ තැන්වල සැමන් පැක් වෙන්න සෙනග. ඒත් විජයාරාමේ අපි යනකොට අපි විතරයි සෙට් එකකට උන්නේ. ඉන් පස්සේ සුද්දො  සෙට් එකක් ආවා. අනුරාධෙපුරේ පූජා නගරය බොහොම කලබල නම් ඒ වගේ වෙලාවකට යන්න කියාපු තැනක් තමයි විජයාරාම ආරාම සංකීර්ණය කියන්නේ.

 මේ ඉහත තියෙන්නේ තනි ගලෙන්ම නිම වුනු පඩිපෙල සහ මුරගල්. මේවා පලලින් අඩුයි. මේ වගේ තැන් සහ පහල පිංතුරේ තියෙන කුඩා වැසිකිලි පද්ධති අනුව මේ තැන මෙහෙනින් වහන්සේලා වැඩ වාසය කල තැනක් වේනන ඇතිය කියලා අපි එක්කගිය කේ ජී කීර්තිරත්න ඡායාරූපශිල්පී මහත්මයා කිව්වා. මේ වැසිකිලි වල වාඩිවුනත් සිදුරු හෙම සෙට් වෙන්නේ පුරුෂ ලිංගය තියෙන තැනට නෙමෙයි. ස්ත්‍රී ලිංගය තියෙන තැනට. අපි වාඩිවෙලා කක්කා කරන්න ගියේ නැහැ. ඒත් ලාවට වාඩි වෙල බැලුවා මේවා කොහොමද පාවිච්චි කරල තියෙන්නේ කියලා.

 මේ වගේ වැසිකිලි පද්ධති රැසක් තිබුනා. ඒ අනුව මේ ස්ථානයේ ස්වාමින් වහන්සේලා හෝ මෙහෙනින් වහන්සේලා රැසක් වැඩවාසය කල බවට අපිට සිතාගන්නට පුලුවන්කම තියෙනවා. කුඩා ආරාමයක් වගේ ගොඩනැගිල්ලක නටඹුන් තියෙනවා. ඒ යාබදවම වගේ මේ වගේ වැසිකිලි පද්ධතියක් දකින්නට ලැබෙනවා. අපේ අය වැසිකිලි කරන වැඩේ පවා එදා හරි ලස්සනට ආට් එකට කල දෙයක්යකියලා ඉහල පිංතුරය බැලුවාම පේනවා ඇති.
 මේ බුදුපිළිම වහන්සේ ගේ හිස නැතිවුනත් ඉතිරි කොටස් දෙක සැහෙන තරමින් ආරක්ශා වී තිබුනා. මේ ස්ථානයේ විශාල බුදුපිලිම තවත් හමුවෙන්නට ඇති. අපිට වැඩි විස්තරයක් දැනගන්න කවුරුවත් වැදගත් කෙනෙක් එතන හිටියේ නැහැ. කැණිම් කරන සේවක මහතුන්ට මේ ස්ථානය ගැන වැඩිදුර අදහසක් නැහැ.
 මේ රවුමට තියෙන උළු වගේ තුනී ගැඩොලු ජාතියකින් හදාපු එක පැරණි ආරුක්කුවක් වන්නට ඇති කියලා තමයි අපිට හිතුනේ. එය ඉතාම සංයමයෙන් රවුමට සකස් කරලා තියෙනවා. ඒ කාලේ අද වගේ කොන්ක්‍රිට් තාක්ශනය තිබුනේ නැති නිසා රවුම ගන්න සෑහෙන මහන්සියක් වෙන්නට ඇති දොරටු වලදි.
 මේත් පරණ තාලේ වැසිකිලි පද්ධතියක්. අපරාදේ කියන්නට බැහැ මේ ස්ථානය හෙවත් අනුරාධපුර විජයාරාමේ වැඩවිසූ සංඝයා වහන්සේලා හොදට මුත්‍රා කරන වැඩේ නම් කලාවටම කරලා තියෙනවා. ඒ වැසිකිලි ගිය ආකාරය විදහා දැක්වෙන පුරාණ වැසිකිලි හැම තැනම වගේ තිබුනා.
 මේ මොකද්ද හැබෑට. මේ ගරාවැටුන පැරණි ආරාම සංකිර්ණයක ගල් කොටසක්. මෙතන තමයි ද්වාරය. ඒ කිව්වේ දොර. ඉහල තියෙන පිංතුරයේ පැරණි යකඩ කොටසක් පවා තවමත් යාන්තමට ඉතිරි වී තියෙනවා. ඒ කියන්නේ ඒ කාලේ පැරනි යුගයේ මේ ගලට විශාල දොරක් සම්බන්ධ වෙන්න යකඩත් උපයෝගී කරගෙන තියෙනවා. ඒ සම්බන්ධකරලා තිබුන දොර බිම ඇතිල්ලිලා තියෙනඅ ාකාරයට දොර මහ විසාල එකක් වෙන්නට ඕනි. ඒ විදියට බිම ඇතිල්ලිලා ගිය පාරවලුත් මේ පහල තියෙන ගල් පතුරේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. ඇත්තටම මේ වගේ සලකුනක් අපිට සොයාගන්න පුලුවන් උන එක ගැන අපි සතුටු  වුනා.

 මැද මහා ටැංකියක් වගේ තියෙන මෙතැන භික්ෂූන් වහන්සේලා නාපු තැනක්ද දන්නේ නැහැ. සෘජුකෝණාශ්‍රාකාර අවකාශයක් සහිත වලක් ආකාරයට මෙතන නිම වෙලා තියෙනවා.
 මේ මුරගල් අනුරාධපුර පැරණි මුරගල් හා සමාන වෙන්නේ නැහැ. ඒත් විජයබාහු රාජ මාලිගයේ මුරගල් එක්ක ලාවට සමාන කමක් තියෙනවා. ඒ අනුව මෙය අනුරපුර යුගයේ අවසාන සමයේ කල ආරාම සංකීර්ණයක්ය කියලා අපිට හිතන්නට හැකියි.අ නෙක් පසින්පුරාවස්ථු රැසක් තවමත් හොදින් ආරක්ශා වී තිබෙනඅ ාකාරය බැලූ විට මෙය අනුරපුර යුගයේ අවසාන භාගයේ විහාර කර්මාන්තයක් කියලා තමයි අපිට හිතුනේ.

 මේ තියෙන්නේ චෛත්‍ය වහන්සේ. මේ චෛත්‍යය හැම එකක්ම අද තියෙනවා වගේ බෙල් හැඩේට සුදුපාටට බැබලි බැබලි තිබුනාය කියාල හිතන්න අමාරුයි. ඒ කාලේ  චෛත්‍ය වල හැඩය සැකැස්ම පවා මොන විදියට තිබුනාද කියලා අපිට කරන්න පුලුවන් නිගමනයක් විතරයි.

 විජයාරාම පුරාවිද්‍යා ස්ථානය අනුරාධපුර නගරයෙන් ටිකක් ඈත තියෙන්නේ. අපිටත් මේ තැන ගැන විස්තර කිව්වේ ගල්පාලම බලන්න ගියාම එතන හිටපු අයෙක්. ඒ ළගපාත ගල්පාලම ලග තිබුන කිරිබත්වෙහෙර හොද තැනක්ද එතන බලන්න දේවල් තියේද කියලා ඇහුවාම අයෙක් කිව්වේ එතන්ට වඩා විජයාරාමේ නටඹුන් සුපිරී.කියලා. විජයාරාමෙ කියන්නේ ටිකක් ස්ටඩි කරන්න ඕනි තැනක්.
මෙ පුරාවිද්‍යා ස්ථානයේ තඹපතක් සොයාගෙන තියෙන්නේ නිධන් හොරුන් විසින් සාරන ලද පස්ගොඩක තිබිලා. ඒ තඹපතේ එදා එච් සී පී බෙල් මහත්තයාගේ කාලේ සොයාගත්තා වගේ තඹපතක් සොයාගෙන තිබුනා 2015 වර්ශයේදී. ඒ තඹපත අනුව මෙතැන මහායාන අදහස් තිබුන තැනක් බවට පිලිගැනීම් තියෙනවා. මකර තොරන් කැටයම් ආදියෙත් මහායාන ගති ලක්ශන තියෙන බව තමයි විශ්වාස කෙරෙන්නේ. කුලතුංග කියෙන ආචාර්යතුමා කියපු විදියට මේ ආරාම සංකීර්ණයේ පිවිසුම තියෙන්නේ අභයගිරිය දෙසට. මහාවිහාරය  තිබුනා යැය ිසැලකෙන මූලික පූජා භූමියට දුරින් අභයගිරිය ආසන්නයේ තමයි මේ විජයාරාමය තියෙන්නේ. ප්‍රසිද්ධ නටඹුන් තියෙන තැන් එක්ක බැලුවම මදක් ඈතින් තමයි මේ පුරාවිද්‍යා ස්ථානය තියෙන්නේ.

පුරාවිද්‍යාව විශයක් විදියට හිතුවාම මේ නටඹුන් අයිති ක්‍රි.ව 8-11 කාලයට අනුව විදෙස් රටවල අපිට ආසන්න ඉන්දියාව, ඉන්දුනීසියාව, සියම් රට , රාමඥ්ඤ දේශය ආදි රටවල නටඹුන් එක්ක මේ අපේ නටඹුන් ස්ථානයේ සමානකම් මොනාවද කියලා හොයන්න පුලුවන්නම් වටිනවා. මොකද මේ කාලේ වගේම ඒ කාලෙත් ලෝකයේ රටවල් එකිනෙක සම්බන්ධයි. එතකොට ඒ තැන්වල තියෙන පුරාවස්තු සහ අපේ ඒවා අතර සහසම්බන්දතා තියේනම් ඒවා සොයාල බලලා ඉතිහාසයේ හිදැස් සම්පූර්ණ කරගන්න අපිට අවස්තාවක ්ලැබෙනවා.


අනුරාධපුරයේ යන හැම වෙලාවකම අපි මහ නඩයක් රුවන්වැලි සෑහේ බසවක්කුලම වැවේ, සිරිමා බෝදියේ යනවා. ඒත් ටිකක් වෙනස් විදියේ නටඹුන් ස්ථාන රැසක් මේ අනුරාධපුරය ආසන්නයේ තියෙනවා.ඒවා ගැන අධ්‍යනය කරන එක ඒවා බලන්න යන එක හැකිනම් ඒ පුරාවිද්‍යා අංශ වලින් තොරතුරු අහලා බලන එක වටිනවා. මේ වගේ  ආරාම සංකීර්ණ කියලා හොදටම පේන්න තියෙන තැන් වල වැදගත්කම අද හොයාගන්න වෙලා තියෙන්නේ නිධන් හොරුන්ගේ පස් ගොඩවල් මතින්. අපේ ඇත්තෝ ඉතිහාසය ආගම ජාතිය කිව්වොත් මරාගන්න යනවා. ඒත් නිසි ආකාරෙන් බැලුවේ නැතොත් ් තැන් වල නිධන් හාරලා විනාස කරනවා.

මේ ස්ථානවල කවුරුහරි මුස්ලිම් ඇත්තෙක් හෝ දෙමල ඇත්තෙක් නැගලා පොටෝ එකක් ගැහුව නම් ඔන්න මෙතනත් නැතිවුනා විනාසවුනා කෙලවුනා ය කියලා සෝසල් මීඩියා කලම්බාවි ඒ නිවුස් එක. ඒත් මේ තැන් නිකම්ම තියෙනකොට කාගෙවත් හව්හරණක් නැහැ. අපේ ප්‍රකට තැන ්වගේම අප්‍රකට පුරාවිද්‍යා ස්ථාන ගැනත් අපි අවධානේ දෙන්න ඕනා. ඒ තැන්වල හාස්කම් නැතත් අපේ පොඩි උන් එක්ක ගිහින් ඒ තැන් බලන්නට කියන්නට ඕනා. ජාතිය ආගම ගැන වරු ගනන් දෙසාබාන රූපවාහිනී සාකච්චාවකට නෙරවගෙන නිදි කිරනවාට වඩා මේ වගේ තැනක් බැලුවාම ඇත්තටම අපේ මුතුන් මිත්තන්ගේ වැඩ කිඩ ගැන පොඩි කික් එකක් ඇගට එනවා.

මේ පහල ඇති මගේ වීඩියෝ එක. වීඩියෝ කලාව මට ටිකක් ආගන්තුකයි. ඒත් තැනක් ගැන විස්තර කරද්දි වීඩියෝ දත්ත වැදගත්. ඉතින් ඔයාල ඒකත් හැකිනම් බලලා අඩුපාඩු පෙන්නලා දේවිය කියලා හිතනවා. ඒ වගේම පොඩි හරි දෙයක් අලුතින් දැනගත්තානම් මේ පෝස්ටුව පේස්බුක් එකේ එහෙම සෙයාකරන්නත් අමතක කරන්න එපා. අපි තාම පරණ මිනිස්සු. තොරන් සයිට් වල වගේ ඇඩ් නෑ, අරක බලන්න මේක බලන්න මෙතන ඔබන්න කියල ලිංක් ඔබ්බල නැහැ,  මහා නිවුස් චැනල් වල වගේ බූස්ට් කරන්න සල්ලි නෑ. ඉතින් ඔහෙලා සෙයාකරන ටිකකින් තමයි අපේ බ්ලොග් වල හිට් රේට්ටුව රදා පවතින්නේ.

Sunday, August 13, 2017

ස්මාට්ෆෝන් කැමරාවෙන් කදිම සේයාරූ ගනිමු

දුරකතන ඇමතුමක් ලබාගැනීම කියන මූලික අවශ්‍යතාවය පිණිස නිර්මාණය වුනු මූලික මොබයිල් ෆෝන් එක ස්මාට්ෆෝන්  වෙද්දි එකතුවනු කොටසක් තමා කැමරාව. මුල්කාලයේදී බලයෙන් අඩු හුදෙක් කුඩා සේයාරුවක් ගැනීමේ මූලික හැකියාව තිබුනත් අද වනවිට මැද මට්ටමේ ස්මාට්ෆෝන් සෑම එකකම පාහේ බලගතු කැමරාවක් අන්තර්ගත වෙනවා. කෂණිකව ඕනෑම තැනකදි මතක සටහනක් ලබාගන්නට පාවිච්චි කරන්න පුලුවන් ෆෝන් කැමරාවෙන් කොහොමද හොඳ ෂොට් එකක් ගන්නේ..මොනාද අපි ස්මාට්ෆෝන් එකකින් පොටෝවක් ගනිද්දි සැලකිලිමත් විය යුතු කරුණු.

 

වස්තුවට ඇති දුර සහ සූමින්..

ඔබ දැක ඇති දුර ඇති වස්තූන් ඡායාරූපයට හසුකරගන්නා දිගු ලෙන්ස සහිත එස් එල් ආර් (DSLR) කැමරා සහ ලෙන්ස්. එවන් කැමරාවලදී ඈත ඇති වස්තුන්, විශාලන කාච පද්ධතියකින් ලඟ ඇති වස්තූන් මෙන් කැමරාවට ප්‍රක්ශේපනය කරනු ලබනවා. එහෙත් කුඩා ස්මාට්ෆෝනයට එවැනි ඈත වස්තු හසුකරගන්න විශාලන කාච බලයක් නැහැ.  අප පොටෝවක් ගන්නා විට අදාල වස්තුවට තරමක් ආසන්නයෙන් සූම් නොකර එම ඡායාරූපය ලබාගන්නට හැකිනම් වඩාත් හොඳ තත්වයේ සේයාරුවක් ලබාගන්නට හැකියි.
පුද්ගල ඡායාරූප ගන්නා අවස්ථාවකදී නම් ස්මාට්ෆෝන තිරයෙන් පේන රාමුවට අනුව වඩාත් ආසන්නව සූම් නොකර ඡායාරූප ලබාගැනිමත්හොඳ පුරුද්දක්. බොහෝවිට ස්මාට්ෆෝන් එකකදී ඩිජිටල් සූම් යනු පිංතූරය විශාලනය කරගැනීම මගින් යොදාගන්නා ප්‍රයෝගයක්..එම අවස්ථාවේදී ඡායාරූපයේ තත්වය බාලවීමක්ද සිදු වෙනවා.
නවීන ඇපල්, සැම්සුන් සහ ඉහල මට්ටමේ ස්මාට්ෆෝන වල නම් දැන් දැන් මදක් දුර ඇති වස්තුන් වඩාත් හොඳින් හසුකරගන්නට කැමරා සිදුරු දෙකකින් පමණ ආලෝකය සහ දත්ත ලබාගැනීම සිදුවෙනවා. එසේ වුවත් වස්තුව ආසන්නයටම ගෙනගොස් සේයාරූ ගතහැකි අවස්ථාවක් නම් එසේ කිරීම කවර ස්මාට්ෆෝනයකදී වුව වඩාත් සුදුසුයි. ස්මාට්ෆෝනයේ මෙම විශේෂිතභාවය නිසාම මල්, ගහකොළ, ගෙදර දොර, ගෘහනිර්මාණ ශිල්ප, විශාල අවකාශයන් සහ සමීප පුද්ගල සේයාරූ ගැනීමට ස්මාට්ෆෝන කැමරාව වඩාත් සුදුසුයි. බොහෝ දිගුදුර සූම් කර වනෝද්‍යානයකදී සත්ව චර්යාවන් වැනි දේ හසුකරගන්නට නම්  ස්මාට්ෆෝනය යොදාගන්නට අපහසුයි. 

රාමුවට හසුකරගැනීම

ඡායාරූපයක් ලබාගන්නා විට අපි අරමුනු කරන යමක් තිබෙනවා. එනම් අපි ඡායාරූපයෙන් දැකගන්න ආස කරන යමක් තමයි අපි පොටෝ එකක් විදියට ෆෝන් එකට සේව් කරගන්න යන්නේ. එවිට එම වස්තුව මනා ලෙස රාමුවට හසුවන ලෙස ඡායාරූපය ලබාගැනීම වැදගත්. උදාහරණ ලෙස සමූහ ඡායාරූපයක් නම් ඒ අදාල සමූහයම සිටීද, ඔවුන් නිසි ලෙස පෙනෙයිද යන්න සැලකීම වැදගත්. සුරතල් සතුන් කුඩා සතුන් ඡායාරූපවලට නැගිමේදී එම සතුනගේ ඇස් මනාව දිස් වෙන පරිදි ඡායාරූප ලබාගැනීම හොඳ උපක්‍රමයක්.  පුද්ගල ඡායාරූපයක් නම් අවට ඇති බඩුමුට්ටු හෝ අනෙක් දේ නොව පුද්ගලයා ඉස්මතු වීම විය යුතු දෙයක්.
කුඩා දරුවෙකු බිම සෙල්ලම් කරන අවස්ථාවක් ඡායාරූපයට නගන්නේ නම් අපි සිටගෙන සිට කුඩා දරුවා බොහෝ ඈතින් සෙල්ලම් කරන දසුනක් ඡායාරූපගතකිරීම සාර්ථක වන්නේ නෑ. එවන් අවස්ථාවක දරුවාගේ සොඳුරු ඉරියව් නිසිපරිදි හසුකරගන්නට සේයාරූ ලබාගන්නා අයද ඒ මට්ටමේම සිට ඡායාරූප ගැනීම වඩාත් සුදුසුයි. ෆෝන් එක අල්ලන උස ෆෝන් එක මානන කෝණය අනුවද ඡායාරූප වල අගය වැඩි හෝ අඩුවීම සිදුවනවා.
ෆෝන් එකක එකවර ගබඩාකරගත හැකි පොටෝ ප්‍රමාණය අති විශාලයි. එම නිසා සේයාරූ ගැනීමේදී අපි ඇසින් දකින දේ සහ ෆෝන් එකට ඇත්තටම වදින දේ අතර තිබෙන වෙනස අවබෝධ කරගැනීමට නිතර පොටෝ ගැනීම සහ ඒවායේ අඩුපාඩු තමුන්ම බැලීමද හොඳ පුරුද්දක්.

පොටෝ තේරීම සහ එඩිට් කිරීම

මුහුන සහ සිරුර අනෙකාට හැඩට පෙන්වන්නට රූපලාවන්‍ය ශිල්පීය ක්‍රම පාවිච්චිය දැන් බොහෝම සරල දෙයක් වී හමාරයි.ඒ වගේම ස්මාට්ෆෝන් එකෙන් ගත් පොටෝවක් කපා ආලෝකය එකතු කොට හැඩ ගැන්වීමත් දැන් එතරම් ලොකු දෙයක් නෙමෙයි.
ස්මාට්ෆෝන් එකෙන් විශාල පොටෝ ප්‍රමාණයක් ගත හැකි නිසා ගන්නා ලද සෑම සියලු පොටෝ එකක්ම මුද්‍රනය කිරීම හෝ ෆේස්බුක් පල කිරීම  ඇතැමුන් සිදුකරනු ලබනවා. එහිදී එකම මාදිලියේ පොටෝ රැසක් එකම ස්ථානයේ තිබීම.. ආලෝක වැරදි සහ පෙනීසිටීම් වැරදි සහිත සේයාරූද එකතුවීම ඉබේම සිදුවෙන දෙයක්. සාමාන්‍යෙයන් වෘත්තිය මට්ටමේ නළු නිලියන් ගේ ජීවිතයේ ඔවුන් කරන කියන සෑම දෙයක්ම අන්තර්ජාලයේ තිබෙනවා සේ පෙනුනත් ඔවුන් ගන්නා ඡායාරූප සියල්ලම  අන්තර්ජාලයට මුදා හරින්නේ නෑ. හොඳ සේයාරූ තෝරා ඉන් පසු ඒවා වැඩිදියුනු කොට ඉන්සටග්‍රැම් හෝ ෆේස්බුක් වෙත මුදාහරින්නට ඇතැම් බොලිවුඩ් හොලිවුඩ් නළු නිලියනට වෙනමම කාර්යමණ්ඩල පවා සිටිනවා. ඒ අනුව නිසි පොටෝ තෝරාගැනිමත් ඒවා පොටෝ එඩිටින් මෘදුකාංග මගින් නැවත යම් වැරගැන්වීමකට ලක් කිරීමත් සිදුකර පොටෝ මුදාහරින්නේ නම් එවන් ස්මාට්ෆෝන් සේයාරූ ඉක්මනින් ජනප්‍රිය වේවි.

ආලෝකය සහ දිශාව

සේයාරුවක් ගැනීමට ආලෝකය අත්‍යාවශ්‍ය සාධකයක්. ආලෝකය අඩු වටපිටාවන් වලදී බොහෝ ස්මාට්ෆෝන හොඳ ඡායාරූප ලබාදෙන්නේ නෑ. එසේම ස්මාට්ෆෝනය සතුව කුඩා ෆ්ලෑෂ් එකක් තිබුනද දිවා කල හොඳ ආලෝකය ඇති තැනකදී මෙන් කදිම සේයාරූ ලබාදෙන්නට ඒ කුඩා ෆෝන් ෆ්ලෑෂ් ලයිට් එකට හැකියාවක් ඇත්තේ නැහැ.
දිවා කල වුව සෑම සියලු තැනටම එකලෙස හොඳින් ආලෝකය පතිත වන්නේ නෑ. ස්මාට්ෆෝනය වඩාත් එලිය වැටෙන ස්ථානයක තබාගෙන  කළුවර තැනක සිටින මිතුරන් පිරිසක් ඡායාරූපයට හසුකරගන්නට අපහසුයි. උද්‍යානයකදී මල් ගහ කොළ පොටෝ ගැන්මකදි වුව හෙවනැල්ල සහ ආලෝකය වැටෙන දිශාව බැලීම කල යුතු දෙයක්. එසේම ස්මාට්ෆෝනය සාක්කුවෙන් ඇදගත් සැනින්ම ලගම සිටින අයෙකුට එයින් දමා ගසනවා වැනි වේගයකින් කැමරාව ඔන්කර ඡායාරූප ගැනීම හොද පුරුද්දක් නෙමෙයි. එම ආලෝක තත්වයට සහ වස්තූනට වස්තු දුරට අනුකූලව සැකසුම් තනාගන්නට තත්පරයක දෙකක කුඩා කාලයක් ෆෝන් එකට අපි ලබාදිය යුතු වෙනවා. නූතන දියුනු ස්මාට්ෆෝන් වලනම් අපිට අවැසි පරිදි සැකසුම් වෙනස් කර ඡායාරූප ගැනීමටද හැකියාව ලැබි තිබෙනවා.

ස්මාට්ෆෝනයේ බලය

ලාංකික ප්‍රවීණ ඡායාරූප ශිල්පීන් රැසකගේ මුල් ගුරු වූ ලාල් හෑගොඩ මහතා පවා ස්මාට්ෆෝනයෙන් වුවද කදිම ඡායාරූප ගත හැකි යැයි කිහිපවරකදීම ප්‍රසිද්ධ දේශනවලදී  කියා තිබෙනවා. මතක සටහන් පමණක් නොව යම් කලාත්මක අගයකින් යුතු සේයාරූ ගැනීමටද ස්මාට්ෆෝන් එක පහසුවෙන්ම යොදාගත හැකි මෙවලමක්. හුරු කල අතෙකින් නිර්මාණශිලි මනසකින් භාවිත කල හැකිනම් ස්මාට්ෆෝනයේ කුඩා කැමරා සිදුර මතින්ද විශාල වටිනාකම් ඇති සේයාරූ මවාගන්නට ඔබටත් හැකියාව ලැබේවි.
මෙම ලිපිය ඊයේ දිනමිණ පුවත්පතේ වයර් අකුරු තීරයේ පළවිය. සයිබර් වාසීනට පිං පිණිස නැවත මෙහි පළකරන ලදී.

Tuesday, August 8, 2017

කාගෙත් සුවදුක් බැලූ ෆැක්ස් යන්තරේ

අන්තර්ජාලය ප්‍රචලිත වීමට මත්තෙන් 90 දශකයේදී සහ 2000 වර්ශ ආසන්නයේදී ලංකාවේ සෑම කුඩා උපනගරයක් ආසන්නයේම පාහේ කොමියුනිකේශන් නමින් හැඳින්වුනු කුඩා සන්නිවේදන මධ්‍යස්ථාන විය. ඒවායේ කළු සුදු ඡායා පිටපත් ගැනීම, දුරකථන ඇමතුම් ලබාගැනීම මෙන්ම බොහෝවිට ෆැක්ස් සේවාවද මහජනයාට විවෘත විය. අද මෙන් ලේඛනයක් තැනකින් තැනකට යැවීම සරල නොවූ එකල ජනයා සිංහල ලිපි ලේඛන තැන තැන යැවීම පිණිස ෆැක්ස් යන්ත්‍ර භාවිතා කලෝය.

ෆැක්ස් යන්ත්‍රයේ මූලික අංගය වූ කලී තැනකින් තවත් තැනකට කලු සුදු ඡායාරූපයක් සම්ප්‍රේෂණය කිරීමය. හඬ ප්‍රචාරණය කිරීමට ටෙලිෆෝනය තිබූ අතර ඉංග්‍රීසි බසින් වදන් තැනකින් තැනකට යැවීමට ප්‍රාථමික වුවද වඩාත් බහුල ලෙස භාවිතයට ගත් ටෙලෙක්ස් ටෙලිප්‍රින්ටර් නැමැති ක්‍රමවේද භාවිතා විය. අද කාලයේ වුවද පරිගනකයේ හෝ ස්මාට්ෆෝනයේ සිංහල බසින් යමක් ලියාගත නොවුන කල්හි ඇතැම් අය කොල කැබැල්ලක සිංහල අකුරු ලියා එය සේයාරුවක් ගෙන යැවීම හෝ එය සිංග්ලිෂ් බසින් යැවීම සිදුකරනු දැකිය හැකිය.
ෆැක්ස් යන්ත්‍රයේ උපත හෙවත් මුල්ම අදහස ගෙනහැර දක්වා ඇත්තේ ඇලෙක්සැන්ඩර් බේන් විසින් 1843 දීය. එනම් ටෙලිෆෝනය සොයාගන්නට වසර 30කට පෙර සිටය. එහෙත් ෆැක්ස් යන්ත්‍රය වඩාත් දියුනු තියුනු වී භාවිතයට පැමිණියේ 1970-80 දශකවලදීය.
ඉංග්‍රීසි අකුරු මෝස් කේත, ටෙලිග්‍රාෆ් හරහා එ අයුරින්ම යැවිය හැකි වුවද කෙමෙන් දියුනු වෙමින් පැවති ජපන් ජනයාට සිය අවශ්‍යතා සදහා ජපන් බස ඇතුලත් ලේඛන තැනකින් තැනකට යැවීමට ක්‍රමයක් දියුනු කරගන්නට උවමනා විය. ඔවුන් ඒ සඳහා ෆැක්ස් යන්ත්‍රය දියුනු කරන ලදී. ඊට අමතරව බැංකුකරණය සහ වාණිජ කටයුතු වර්ථමානයේ මෙන් වර්ශ 2000ට එපිටදී පරිගණක මගින් ජාලකරණයට ලක් වි තිබුනේ නැත. එබැවින් මුදල් ගනුදෙනු සහ විවිධ වානිජමය කාර්යයන්ට අවශ්‍ය අත්සන් සහ සහතික කිරීම් ලබාගැනීම පිණිස ෆැක්ස් යන්ත්‍රය එම යුගයේදී මහඟු උපකාරයක් කල යන්ත්‍රයක් විය.
නූතනයේදී ඩිජිටල් ක්‍රමයට වැඩිදියුනු කරන ලද ෆොටෝකොපි යන්ත්‍ර හරහාද ෆැක්ස් පනිවුඩ යැවීමේ පහසුව ලැබී තිබේ. සාමාන්‍ය ක්‍රමයට  ෆැක්ස් පණිවුඩය යැවෙන්නේ සාමාන්‍යය පැරණි ටෙලිෆෝන පද්ධතිවල අපගේ හඬ තැනකින් තැනකට යනවාක් වැනි වූ ඇනලොග් සංඥා මාර්ගයෙනි. එනම් යැවෙන තරංගය අනුව කඩදාසියේ මෙතැන හිස්ය මෙතැන සුදු විය යුතුයැ යන සංඥාව අනෙක් පසට සම්ප්‍රේෂණය කරනු ලැබේ.ඒ සංඥා වලට අනුකූලව ෆැක්ස් යන්ත්‍රයට යොදා ඇති විශේෂ තාපන කඩදාසි මගින් පිටපතක් ලබාදෙනු ලැබේ.
අන්තර්ජාලය නැමැති මහා තොරතුරු අතිරික්තය අද මෙන් ජනප්‍රිය නොවූ 20 වන සියවස තුලදී ප්‍රවෘත්ති ප්‍රචලිත වූ මූලික ක්‍රමයක් ලෙස පුවත්පත දැක්විය හැකිය. තාක්ෂණයේ කෙතෙරම් හැඩහුරුකම් පැමිණියද අද දක්වා නොනැසී පවතින පුවත්පත , තැනකින් තැනකට වේගයෙන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට ගෙන යා හැකිනම් ප්‍රවෘත්ති ආරංචි  ඉක්මනින් පාඨකයාට ලබාදිය හැකි යැයි එකල විදුලි සංදේශ නිපැයුම් කරුවෝ සිතූහ. ඒ ඔස්සේ ෆැක්ස් තාක්ෂණයෙන් පුවත් පත් යැවීමේ විධිවිධාන සැකසුනද එය එතරම් ප්‍රචලිත වූ ක්‍රමයක් නොවීය.
නවීන ඡායාපිටපත් පරිලෝකන යන්ත්‍ර මගින් ෆැක්ස් යැවීම දියුනු වීමට ප්‍රථම ෆැක්ස් වලට යෙදූයේ කඩදාසි රෝල්ය. ඒ කඩදාසි තාපය යෙදිමකින් ඉක්මනින්ම පිටපතක් ලබගැන්මේ හැකියාවකින් යුක්ත වේ. නූතනයේ අප රට බස් රිය ටිකට් යන්ත්‍රවල, ක්‍රෙඩිට් කාඩ් භාවිත යන්ත්‍රවල සහ ඇතැම් බිල් නිකුත් කරන ස්ථානවල ඇත්තේ මෙම සැනෙන් මුද්‍රනය වන තාපන කඩදාසි රෝල් ය.
ෆැක්ස් යන්ත්‍රෙය් අවාසි
ෆැක්ස් යනු සාම්ප්‍රදායික දුරකථන ජාලා හරහා ක්‍රියාකරන යෙදවුමකි. අද මෙන් සබදතාවය උවමනා වූ කල  වයිෆයි නැතහොත් මොබයිල් සිග්නල්..එහෙමත් නැත්නම් යාලුවෙක්ගේ වයිෆයි එකක් සම්බන්ධ කරගෙන පණිවුඩ යැවිමේ ජංගම ශක්‍යතාවයක් ෆැක්ස් යන්ත්‍රයට නැත.එයට නියමිත අවකාශයක් සහ ස්ථාවර සම්බන්ධතාවයක් තිබෙන අතර අප ෆැක්ස් යන්ත්‍රය අසලට ගොස් පනිවුඩය එය හරහා යැවිය යුතුය. මෙය පැරනි තැපෑලේ යම් හැඩහුරුකමක් ද ඇති ගුණයකි. එනම් අපි ලිපියක් තැපැල් කිරීමට තැපැල් පෙට්ටියට එය දැමිය යුතු අතර ලිපිය ලබාගැනීමට නම් අප හෝ නියෝජිතයෙකු තැපැල් බෙදන්නා පැමිණි විට නිවසේ සිටිය යුතුය.
සාමාන්‍ය ෆැක්ස් යන්ත්‍රයක් හරහා වරකට යැවිය හැකි හෝ ලබාගත හැකි වන්නේ එක් ලිපියක් පමණි.. නූතන ඊමේල් හුවමාරුවේදිත් පුරාතන ලිපි ගනුදෙනු වලදිත් සතර අතින් විවිධ දෙසින් එන ලිපි රැසක් එකවිට ලබාගැනිමේ හැකියාව තිබේ. එහෙත් සාමාන්‍ය ෆැක්ස් යන්ත්‍ර ලිපි කිහිපියක් එකවර මුද්‍රනය කරන්නට හෝ ලිපි කිහිපයක් එකවර යවන්නට හැකියාවක් නැති හැඩහුරුකම අනුව තරමක් තද ගති ඇති පැරැන්නෙකි.
ෆැක්ස් යන්ත්‍රයෙහි වාසි
ෆැක්ස් යනු ලිපි ලැබෙන ක්‍රමයකි. නූතනයේ නම් ඊමේල හරහා ලිපි ලැබෙන අතර පෙරකල තැපෑල හරහා ලිපි ලැබුනි. ඒ ක්‍රම දෙකේදීම ලැබෙන ලිපි එකවරම දැකගැනීමට හැකියාවක් නැත. ඊමේල් තාක්ෂණයේ වුවද විවිධාකාර ස්පෑම් සිහිකැඳවීම් ආදි මේල් සිය ගනනක් අතර පැමිණි වැදගත්මේල් පණිවුඩය තෝරාගත යුතුය. කාර්යාලයයක නම් ලිපි වුවද ලිපි ගොන්නක් ලැබෙන කල එකිනෙක තෝරා අපට අදාල ලිපිය තෝරාගැනීමට තරමක් කාලයක් ගත වේ. එහෙත් ෆැක්ස් යම්තැනකින් ඇමතුමක් මගින් දැනුම් දුනහොත් එවෙලේම එම අවශ්‍ය ලිපිය හෝ ලේඛනය අපිට මුද්‍රණය වන අවස්ථාවේදීම දැකගත හැකිය. සයිබර් අවකාශය තුල ඇතිවන විවිධ ආක්‍රමණශීලි වෛරස ආසාදන හේතුවෙන් ඇතිවිය හැකි සංකීර්ණ උවදුරු ෆැක්ස් යන්ත්‍රය නැමැති සරල උපකරණය තුල නැත. ඊමේල් හැක් වී, පාස්වරඩ් අමතක වී මේල් බොක්ස් පිරී ඉතිරී ගොස් හෝ අවැසි පණිවුඩය තෝරා කාලය බොහෝ සෙයින් කැප කරන විට අහා ..පැරණි ෆැක්ස් තිබුණි නම් කොතරම් වාසිදැයි සිතේ.

නූතන සයිබර් අවකාශය තුල ඡායාරූපයක් තැනකින් තැනකට යැවීමට ඇති ක්‍රම සහ යෙදවුම් සංඛ්‍යාව ඉතා දීර්ඝ ලැයිස්තුවකි. එහෙත් 1980-2000 කාලය තුල ලිපියක් තවත් තැනකට සැනින් යැවිය හැකි අරුම පුදුම යන්ත්‍රයක් වී නම් ඒ ෆැක්ස් යන්ත්‍රයම විය. ලිපිය සිංහලද ඉංග්‍රීසිද? එය ලියා ඇති එකක්ද මුද්‍රනය කොට ඇති එකක්ද කටු සටහනක්ද නිවාස සැලසුමක්ද ආදී කිසිදු වෙනසකින් තොරව ෆැක්ස් යන්ත්‍රය අපසතු ලිපි ලේඛන සැලසුම් ආදිය තැනකින් තැනකට ගෙනගොස් දුන් මහාර්ඝ යන්ත්‍රයක් ම විය.
වර්ශ 2017ක් වූ අගෝස්තු මස 05වන සෙනසුරාදා දිනමිණ සති අන්තයේ 17 පිට වයර් අකුරු හි මෙලිපිය පළවිය.