Sunday, November 8, 2020

ඇයි SpaceX ඔය නාස තියෙන්නේ මදිද


නාසා ආයතනය තමයි අපි දන්න විදිහට කාලයක පටන් අමරිකානු අභ්‍යාවකාශ ගමන් වල මුල් තැන ඉන්නේ. ඒත් නාසා ආයතනයේ වැඩ වලට යන වියදම බොහෝම වැඩියි. දැනට අහසේ තියෙන ලෝකේ මිල අධිකම නිර්මාණයක් වන ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට යනු එනු කරන එක ශටල් වලින් කරන එක අමරිකාවට ලොකු වියදම් අධික වැඩක් වුනා. සැලසුම් කරද්දි ඩොලර් මිලියන දහය පාලවකින් එක ගමනක් ගිහන් එන්න පුලුවන් කියලා කිව්වත් ප්‍රායෝගිකව එක ශටල් ගමනකට ඩොලර් මිලියන දෙතුන් සීයක් වියදම් වෙන්න ගත්තා. ඒ එක්ක ස්පේස් ස්ටේශන් එක තවදුරටත් පවත්වාගෙන යනවාද කියන ගැටළුවත් පැනනැංගා. 2012 වර්ශයේදී එතෙක් අමරිකාවෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට ගිය නාසා එකේ ශටල් වෙනුවට  ස්පේස් එක්ස් රොකට්ටුවක් මුලින්ම ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ලගා වුනා.

ස්පේස් එක්ස් එකේ අඩු මිල

ස්පේස් එක්ස් කියනනේ පුද්ගලික ආයතනයක්. ලංකාවේ වගේම අමරිකාවෙදිත් රාජ්‍ය අංශයේ තියෙන නාසා වගේ ආයතන වලට වඩා පුද්ගලික අංශය කාර්යක්ෂමයි ඒ වගේම මිල අඩු කරගන්න පුලුවන් ලාබදායී විසදුම ්වලට යන්න පුද්ගලික අංශයට වඩාත් පහසුයි. උදාහරණ විදිහට අපි ගනිමු අපේ රජයෙන් බිල්ඩිමක් හදන එක. ඕක ඉතින් ඇස්තමේන්තු කරලා මොන විදිහට අඹරලා කලත් පුද්ගලික අංශයේ ගොඩනැගිල්ලක් හදනවාට වඩා වැඩි වියදමක්බොහෝවිට රාජ්‍ය අංශයට වියදම් වෙනවා. ඒ වගේම වේගය ගත්තත් ආණ්ඩුවේ තැනක බිල්ඩිමක් ඉක්මනට හැදෙන්නේ බොහොම කලාතුරකින්. ඉතින් ස්පේස් ගමන් වලට හැරුනත් එහෙම.

ස්පෙස් එක්ස් එක අහසට යන රොකට්ටු ඩිසයින් කිරීමෙන් නව අත්හදා බැලීම් වලින් මිල අඩු කරගන්න එක ගැන සැලසුම ්කරනවා. මුල් කාලේ රොකට් කියන්නේ ගියොත් ගියා මොඩල් දෙයක් වුනා. ඒ කියන්නේ රොකට් එකට යොදාගන්නා එන්ජින් බූස්ටර ආදී හැම දෙයක්ම ආයේ නැවත පාවිච්චියට ගන්න බැරි වුනා. සමහර කොටස් අභ්‍යාවාකශයටම ඇදී යන්න දුන්නා. ඒත් ස්පේස් එක්ස් කන්ඩායම මහ අරුම පුදුම විදිහට මුලු රොකට් එකේ වටිනාම කොටස් ආයෙත් බාගන්න පුලුවන් විදිහට සැලසුම ්කලා. 


ඔයාලට මතක නම් ටින් ටින් කතාවේ ටිං ටිං එකේ යන රොකට් එක කිසි ගේමක් නැතුව රොකට් එක පෘථිවියට බානවා. ඒ වගේ මූදේ තියෙන විශාල පාරුවකට රොකට් එක ගාන්ට බාගන්න ස්පේස් එක්ස් කන්ඩායමේ රොකට් වැඩසටහටනට පුලුවන් වුනා.
2016 දි ඒ ඩ්‍රෝන් ශිප් කියන ක්‍රමයට රොකට් එක පාරුවකට හරියට බාන්න ස්පේස් එක්ස් කන්ඩායම සමත් වුනා.


ආයතනික පැත්තෙන් මිල අඩු කිරීම

ස්පේස් එක්ස් කිව්වට මේ ස්පේස් එක්ස් ලා ගේ පෙනුම මහා විශාල විදිහට මොඩර්න් නැහැ. ඔවුන්ග් ඇතැම් වැඩබිම් හරියට අපේ රටේ ගාමන්ට් ෆැක්ටරි වගේ. ඒ වගේම සාමාන්‍ය නාසා සේවකයෝ කියන්නෙ ලංකාවේ ආණ්ඩුවේ කන්තේරු වගේ 9-4.45 වැඩ කරන පැය අටේ සේවකයෝ. එතකොට ඔවුන් වැඩ කරන්නේ මොන උවමනාව තිබුනත් පැය අටක් විතරයි. ඒතකොට නාසා එකේ කට්ටිය සාමාන්‍යෆයන් වැඩ කරනවා කියන්නේ සතියකට පැය 40යි. ඒත් ස්පේස් එක්ස් කන්ඩායම සතියකට පැය 60කටත් වඩා වැඩ කරනවා. හදිසි මෙහෙයුම් කටයුතු තියෙනවා නම් සේවකයින් උනන්දු වෙලා ඊටත් වඩා කාලයක් වැඩ කරලා ඒ මෙහෙයුම් සාර්ථක කරගන්න දායක වෙනවා. ඉතින් ඒ වගේ තාක්ෂණික වගේම වෙනත් අංශ වලිනුත් ස්පේස් එක්ස් වැඩසටහන් වල මිල අඩු කරගන්න ක්‍රියා කරලා තියෙනවා.

මෙලොවට වැදගත් වැඩ

නසා ආයතනය කරපු මෙහෙයුම් ගැන මත පලකරන ඇතැම් පාර්ශව නාසා ආයතනයේ වැඩ වලට වියදම් කරන ගානට ප්‍රථිපල නැති බවක් අමරිකාවෙදි පවා කියලා තියෙනවා. ඒ කියන්නේ ඈත අභ්‍යාවකාශය ගවේශන කටයුතු වලට වියදම් කරන මුදල් වලින් සත පහක ප්‍රයෝජනයක් තියෙනවාද කියන සරල ගැටළව ඒ නාසා වැඩසටහන් සම්බන්ධයෙන් එදා සිටම තිබුනා.

සැටලයිට් ව්‍යාපෘතිය

ඒත් දැන් දැන් ස්පේස් එක්ස් කාන්ඩේගේ වැඩ එහෙම ග්‍රහලෝක ගවේශනය විතරක්ම නෙමෙයි වෙනත් වැඩසටහ්න වලටත් බද්ද වෙලා තියෙනවා. ස්පේස් එක්ස් රෛාකට් භාවිතයෙන් ජී පී එස් සැටලයිට් යවනවා. ඒ වගේම ස්පේස් එක්ස් ලගේ සැටලයිට් හරහා ඉන්ටටෙනට් ලබා දීමේ වැඩසහනත් ඒ විදිහේ වැදගත් ව්‍යාපෘතියක්. ඒ හරහා අමරිකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඕනි කෙලවරක සිටින අයට අන්තර්ජාල පහසුකම් ලබාගන්න පුලුවන් වැඩසටහනක් ස්පේස් එක්ස් කන්ඩායම තමුන්ගේ උප ව්‍යාපෘතියක් විදිහට ක්‍රියා කරනවා. ඒ හරහා ස්පේස් එක්ස් හරහා සැටලයිට් 4425ක් පමණ ගුවන්ගත කිරීමට නියමිත අතර පෘථිවියේ සිට කිලෝමීටර 1100ක් පමණ උස කක්ෂයක ඒවා දැලක් මෙන් රැදවීමට යෝජිතයි. 2017 දි හදපු මේ සැලසුම අනුව 2019 මැයි මාසෙදි සැටලයිට් 60ක් පමණ කක්ශගත කරන්නට ස්පේස් එක්ස් සමත් වුනා.

 ඒ වගේම මේ රොකට් ගමන් වලදි රොකට් ඉතාම ඉක්මනින් නැවත නැවත පාවිච්චියට ගන්න පුලුවන් හැකියාව නිසා අනාගතයේදී පෘථිවියේ තැනින් තැනකට බඩු සහ මිනිසුන් ගෙනියන්න වේගවත් මාධ්‍ය්‍යක් විදිහට රොකට් පාවිච්චි කරන හැකියාව ගැනත් ස්පේස් එක්ස් අවධානය යොමු කරලා තියෙනවා. මේ හරහා දැනට සිංගප්පූරුවේ සිට අමරිකාවේ නිව්යෝක් දක්වා ගුවනින් යන්නට යන පැය 15කට වැඩි  කාලය රොකට් ගමනාගමනය ආවොත් පැයකටත් වඩා අඩුකරගන්න පුලුවන් බවට මත පල කරලා තියෙනවා.

අගහරු සහ චන්ද්‍ර ගවේශන

අභ්‍යාවකාශ තාක්ෂණය ගැන කතා කරද්දි බොහෝ දේවල් තිබෙන්නේ අනාගතය අරමුනු කරගෙන. ස්පේස් එක්ස් අයටත් ඒ වගේ ගෝල් තියෙනවා. ස්පේස් එක්ස් කාන්ඩයේ ලෝකක වෙන ඉලොන් මස්ක් ගේ අදහස තියෙන්නේ අගහරු වලට ගිහ්න එහේ ජනවාසයක් කාරිය හදාගෙන ඉන්න. ඒ වගේම ස්පෙස් එක්ස් කන්ඩායම 1969 ගියාට පස්සේ අවුරුදු හතලිහකට විතර පස්සේ ආයෙම හදට මිනිහෙක් යවන්නත් සැලසුම ්කරනවා. අභ්‍යාවකාශයට සහ හදට සාමාන්‍ය මිනිසුන්ටත් යන්නට පුලුවන් වෙන ටුවර් පැකේජ ක්‍රමයකුත් ස්පේස් එක්ස් හදුන්වාදෙන්න අදහස් කරනවා.

හුදෙක් වියදමක්ම නොවන ස්පේස් එක්ස්

දැනට ස්පේස් එකස් ව්‍යාපෘතියක් වන සැටලයිට් ඉන්ටනෙට් පහසුකම අමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී මේ ව්‍යාපෘතිය ජනප්‍රිය වුනොත් වඩාත් විශ්වාසනීය ලෙස ලෝකයේ ඕනෑම තැනක සිට අන්තරජාලයට සම්බන්ධ වෙන්න පෘථිවි වාසින්ට හැකි වෙනවා. එය දැනටම ස්පේස් එක්ස් ඇචීව් කරපු ටාගට් එකක්. ඒ වගේම රොකට් නැවත භාවිත කරන්න ආපු වැඩපිලිවෙලත් දැනට ස්පෙස් එක්ස් කන්ඩායම සාර්තක කරගෙන තියනෙවා. අනෙක් පැත්තෙන් රොකට් වලට යන වියදම අඩු කරගන්නත් ස්පේස් එක්ස් කන්ඩායම විශාල පරාසයක අත්හදා බැලීම් කරගෙන යනවා.

ඒ එක්ක වඩාත් වාණිජමය ස්වරූපයකට අභ්‍යාවාකාශ වැඩසටහන් ඇවිල්ලා තියෙනවා. ඒ හරහා ඉදිරියේදී තරගකාරී වෙලදපොල අවකාශ නිර්මාණය වුනොත් එදා රුසියාව හා තරගය නාසා එක හදට මිනිසුන් යැව්වා වගේ ස්පේස් එක්ස් කන්ඩායමටත් විවිධ අභ්‍යාවකාශ ව්‍යාපෘති සාර්තක කරගන්න පුලුවන් වේවි.

2 comments:

  1. ස්පේස් එක්ස් එකේ අරමුණ තමයි හදට යෑම. ආයේ අගහරු ලෝකෙට යෑම. එයාලා ගාව තියෙන්නේ ඩිසල් ඉලෙක්ට්‍රික් ජෙට් ප්‍රචාලන එන්ජින් දෙකක්. එව්වා දුවනවා දිගටම. යන්න එකයි. එන්න එකයි.

    ReplyDelete
  2. ඉදිරියේදී හදන අඟහරු වල ස්පේස් එක්ස් ජනාවාස වලට පෘථිවියේ නීති අදාල නෑ කියල කියන්නේ.

    ReplyDelete