Tuesday, November 3, 2020

ලංකාවේ කොරෝනා සූදානම


දන්නේනැති දේවල් දන්නේ නැතුව ඉන්න එකහොදයි කාටත්. එතකොට අපි දන්නේ නැති බව ලෝකයා දැනගන්නේ නැහැ නේද? ඒ නිසා අපි දන්න නැති දේවලුත්ලියලා ලෝකයාට අපේ දන්නේනැති බව පෙන්වීම යුතුකමක්. ලංකාව කොරෝනා මර්ධනය පටන් ගත්තේත් අනික් රටවල් වගේම 2020 මාර්තු වල. ඒ සදහා ලොක්ඩවුන් ඇදිරිනීති ආදි දේවල් කලා කිසි පැකිලීමක් නැතුව. ඒ නිසා අපිට පලවෙනි වටේදි ජයගන්න පුලුවන් වුනා.


දෙවනි වටය ආරම්භය 

යුක්රේනයෙන් කොරෝනා ආවා කියන ආකර්ශනීය මනනන්දනීය කතාවස්තුව අනුව ඒ යුක්රේණයෙන් ආපු කොරෝනා බ්‍රැන්ඩික්ස් වලින් ලොකුවෙලා අපිට ආවා. හරි දැන් බ්‍රැන්ඩික්ස් එකේ අඩුගානේ උෂ්ණත්වය වත් බලලා නැතිය කියලා තමයි ඒ කාලේ කතා වුනා. ඉන් පස්සේ දැන්ට වැඩ කරන තැන්වල ඒ දේවල් බලනවාද? බලනවාද කියලා බලන්න කට්ටිය ඉන්නවාද කියලා හරියට කතාවක් බහක් ආවේ නැහැ. බ්‍රැන්ඩික්ස් කියන්නේ ලංකාවේ එකම ෆැක්ටරිය නෙමෙයි. තව ෆැක්ටරි වැඩබිම් කන්තෝරු සිය දාස් ගානක් තියෙනවා. ඉතින් ඕ තැන්වල ඔය සෞඛා්‍යාරක්ෂිතව වැඩේ වෙනවාද කියලා බැලුවනම් හොදයි නේද? ඒම බලලා සෞඛ්‍යය ආර්කෂිත කොරෝනා මර්ධන වැඩ හරියට වෙන් නැහැය කියලාවැඩ නවත්වපු ෆැක්ටරියක් අපි දැක්කෙත්නැහැ. 


ටෙස් මැසිම කැඩිමේ නාටකය 


මේ ටෙස් කරපු යන්තරයක් කැඩුනාය. ඒකේ වරද කාරයා අහවල්ලුය කියලා නාටකයක් ගියා. ඒකට හොද වෙලාවට චීන එම්බසියේ ටුයිටර් කන්ඩායම පිලිතුරු දුන්නා. වැඩේ චීනයේ උඩම සෙට් එකක් බාරගත්නිසා අපේ උදවියට වැඩිය නටන්න ලැබුන් නැහැ. නැත්නම් ඕකට තවත් කතාන්දරකියලා මැසිම කැඩීම දේශපාලන ජාත්‍යන්තර කුමන්තරනයක් දක්වා ඇදගෙන යන්නත්ඉඩ තිබුනා. කොහොමින්හරි චීන්නු ටික ගේ රෙස්පොන්ස් එකනිසා මැසිම දැන් හරි. දැන් මැසිම හරි වුනත් වැඩේ ඉක්මන්ට වෙන්නේ නැති බවක් වෛද්‍ය නිළධාරි කියනවා. මේ වෛද්‍ය නිළධාරි විටෙකවිරුද්දයි විටෙක පක්ශයි. දැන්නම් එයාලගෙන් කෙරෙන්නේ ශවේන්ද්‍ර හමුදාපතිකියන දේවල් ගෝඨාභය ජනාධිපති කියන දේවල් නැවතනැවත පුනරුච්චාරනය කිරීමක් විතරයි. ඉන් එහා වැදගත් විවේචනයක් සිද්ද වෙන් නැහැ. එකාතකට ආන්ඩුව වෙන්ස වුන එකෙන් වොකැබියුලරි එක බොහොම සීමා කරන්න වෙච්චි පිරිස අතර මේ දොස්තර සංගමේත් එකතුවෙනවා. 


රජයෙන් මහජනයාගේ හැසිරීමට බනිනකොට හරිත අලුත්ගේත්වෙනම වචන දාලා ඒ විදිහටම මහජනයාට බනිනවා. ආණ්ඩුවෙන් ටෙස් මැසින් කැඩිලා කිව්වම ඔවු ඔවු ටෙස් මැසින් වල ප්‍රමාදයක් තියෙනවා තමයි කියලා ඒකම වෙන වචනවලින් ආයෙම හරිත අලුත්ගේකියනවා. මාරයි නේ.. වෘත්තිය වේදින් නේ.. 


ඇදන් වැඩි කිරීමේ නාටකය 


මාර්තු අප්‍රේල ඉදන් අපේ අයගේ තිබුන එක සැලසුමක් තමයි විශාල රෝහල් තිබියදී කුඩා රෝහල් කෝවිඩ් සදහා ගන්න එක. ඒකෙන් හොදක් වෙනවා. එත් අපේ අය රෝහල් සහ ඇදන් වැඩිකරන්න ක්‍රියාකරාද? ඇදන් කියන ඒවා නම් වීරවංශ මහත්තයා පෙන්නපු ලංකාවෙ ්ෆැක්ටරි වල වගේම චීන ෆැක්ටරි වලිනුත් හදලා සති දෙක තුනකින් ගේන්න පුලුවන්ලංකාවට. ඒත් ඇදන් ගෙනාවා කියලා සියලුම දේවල් හරියන්නේ නැහැ. 


මුලින්මේ වෛරසය පෙන්නුම ්කලේ පෙනහලු කේස් එකක් විතරයි. එතකොට පෙනහලු වලට අවශ්‍ය වෙන්ටිලේටර විතරක් උවමනා වුනා. අමරිකාවෙන් නම් වෙන්ටිලෙට්ටර දෙසීයක්දෙනවාය කියලා තියෙනවා. ඒත දැන් කොරෝනා පැතිරෙන දෙවනි තුන්වෙනි රැල්ල තියෙන රටවල මේ වෙන්ටිටෙල්ටර විතරක්මදිය කියලා කියවෙනවා. මොකද කොරෝනා වලින් පෙනහලු විතරක් නෙමෙයි හදවත, මානසික ආබාධ ආදී ලොකු පරාසයක අකර්මන්‍යතා වෙන්න පුලුවන් කියලා සොයාගන තියෙනවා. ඒ වගේම සම්පූර්ණ බෙහෙතක් නැතත් කොරරෝනා බලපෑම් අවම කරගන්න ඔසු වර්ගදැන් දොස්තර වරු විසින් නිර්දේශ කරනවා. 


ඒ අනුව අසාද්‍ය කොරෝනා රෝගීන්ට දැඩිසත්කාර සැපයීම කියන්නේ දැඩි සත්කාර ඇදන් පමණක්නෙමෙයි. ඒ අවශ්‍ය කාර්යමණ්ඩල, ඖෂධ බඩු බාහිරාදිය සපිරි සම්පූර්ණ සේවාවක් වෙනවා. ජර්මනිය වගේ රටවල් මේ කොරෝනා පැතිරුන මාර්තු මාසේදීම එයාලගේ වෛද්‍ය කාර්යමණ්ඩල, හෙද හෙදියන් සහායකයින් සහ වොලන්ටියර පිිරිස් ස්ටෑන්ඩ්බයි තියාගත්තා. ලංකවෙත් හදිසියේ කාරයමන්ඩල බදවාගත්තා වෛද්‍යවරුන් හෙම. ඒත් එතනින් එහා ගිය ලොකු සූදානමක් දකින්නට නැහැ. 

උදාහරණ විදිහට මිලියනයකට හාර පන්දහකට කොරෝනා හැදුනොත් එයින් දෙතුන් සීයක් ඉස්පිරිතාලගත කරන්න ඕනි වෙනවා. ඒත් දැනට තියෙන විදිහට ඒ විදිහේ සංක්‍යා එක්ක ආපු සැලසුමක් අපිට තියෙන බවක් පේන්න නැහැ. ඇත්තටම හොදට පැතිරුනොත් අමාරුම අය පමණක් හොස්පිටල් වලට දැම්මත් ඒත් අපේ තියෙන ඇදන් සහ පහසුකම් ඇතිද කියන පස්නයක් තාමත් තියෙනවා. 


එකපාර ඉස්රිපිතාල හදන්න බැහැ. ඒත් තිබෙන වෙනත් ගොඩනැගිලි හෝ වෙනත් ස්තාන තාවකාලිකව හෝ සුධානම්කරගන්න අපිට තවමත් කල් තියෙනවා. ඒ වගේම ඒ දැන් තියෙන ඉස්පිරිතාල වල පහසුකම් වැඩි කර්නන තවමත් කල් තියෙනවා. ඔව්. එයාල කරයි අපි බලාඉමු. 


පුද්ගලිකංසේට මැදිහත් වීම 


පුද්ගලික අංශයට ලංකාවේ වෛද්‍ය සේවාවේ තැනක් තියෙනවා කියන එක බොරුවක්නෙමෙයි. ලකාවේ ජනගහනයෙන් සියයට පහකට වත් ඒවාට ගිහි්න් ප්‍රතිකාර ගන්න වත්කමක් හෝ ඉන්ෂුවරන්ස් පොලිසි එකක් තියෙනව බවත් රහසක් නෙමෙයි. ඒත් තවමත් පුද්ගලික අංශයට මේකොරෝනා රෝගීන් රැකබලාගැනීමේ වගකීම බාරදීලා නැහැ. එහි අවදානමක් තියෙනවා තමයි. ඒත් පුද්ගලික රෝහල් වලට අවශය පහසුකම් සහ හැකියාව තියෙනවා නම් ඔවුන්ට ඒ හසුරුවන්න ඉඩ දෙන එක අවසානම මොහෙතට කලින් කරන්න පුලුවන් නම්  හොදයි නේද?  


කොරෝනා සිල් 


කොරෝනා වලින් වැලකීමට ඇත්වීම මාස් දැමීම ආදී මොන දේත් මගේ අදහස දියුනු රටවල් අපිට වඩා හොදට පැක්ටිස් කරන්න ඇති. යුරෝපා රටවල අපේ තරම් ජන ඝනත්වයකුත්නැති නිසා එයාලට ඒ කරුණු ඇචීව් කරන්න ලේසියි. ඒත් එයාලටත් කොරෝනා ආවා. අපේ කොහොමත් කියන දේ නාහන අලුකුත්තේරු ජනතාවක් ඉන්නේ කියලා අපි හැමෝම හොදටම දන්නවා. එහෙම දැනගෙන ඒ ජනතාවගේ අලුකුත්තේරු ඡන්ද වලින් ගොඩ ගිය අය ජනතාව නිසා මේක බෝවුනා කියලා ටොක්ස් දීම නම් ටිකක් අවුල්. 


ලෙඩක් කියන්නේ ලෙඩක්. ඒකට වැරදිකාරයෝ නැහැ. කවුරුවත් ලෙඩ බලෙන් අරන් ඇගේතියාගන් නැහැ. මිනිස්සුන්ට කොච්චර හොද සෞක්‍ය පුරුදු වුනත් පිටන් ඇතුලත් කරන්න පුලුවන් සීමාවක් තියෙනවා. අපේ රට නෙමෙයි විනය අතින් සුපිරිම රටවල වුනත් එහෙමයි. මිනිස්සුන්ට චෝදනා කිරීම කියන්නේ මාර ලල් වැඩක්.


බස් වල කන්තෝරු වල මීටරෙන් වැඩකරන්න ඉඩ පාසුව හදාදීපු, ඔන්ලයින් පසුකම් වැඩිදියුනු කරපු, මිනිස්සුන්ට ගෙදර ඉදන් වැඩ කරන්න පහසුව රාජ්‍ය සේවකයින්ට හදා දීපු, අපේ පාලකයෝ මිනිස්සුන්ට වගකීම දාලා එයාලට බනිනකොට අපිට තනි ඇහැට ඇඩෙනවා.


ඉතින් කොරරෝනා වලට ඇත්තටම අපේ බලදාරි සූදානම් වෙල ද ඉන්නේ? ඔවු අපි බලා ඉමු. 


1 comment: