Thursday, July 29, 2010

විඳීම හා විදීම.....

මම වැඩකරන සයිට් එකෙ ලේබරස්ල ඉන්නව,..සාමාන්‍යයෙන් අපි සයිට් එකෙ තියෙන වලවල් වලට බහින්නෙ නෑ,,මොකද ඒවයෙ තියෙන වතුර සහ දූවිලි අපේ ඇඟේ ගෑ වෙන්න පුලුවන් නිසා..ඉතින් ලන්කාවෙ නිසා අපි සුපර්වයිසරල විදිහට ලස්සනට යන්නත් ඕනි..අද අපේ සයිට් එකට ඇවිත් හිටිය ට්‍රේනර්ස්ල විදිහට ඉන්න ඩිප්ලෝමා ශිෂ්‍යයො වගයක් ඉතින් ඔය කට්ටිය අතර හිටිය හරිම හුරුබුහුටි නංගි කෙනෙක්..ඉතින් එයායි එයාගෙ තව වාලුවෙකුයි ආවෙ පස්සෙ...ඉතින් මම සයිට් එකේ ටිකක් ජූනියර් සුපර්වයිසර කෙනෙක්..මම මෙතෙක් වෙලා ට්‍රේනර්ලට එව්ව මෙව්ව කිය කිය හිටිය..ඒත් අරලස්සන ගෑනු ලමය ආව විතරයි අපේ ඉන්න සීනියර් සුපර්වයිසර් වැඩේට හොට දානව...සයිට් වලටම නාකි උන ඇරෙන්න වෙන මොනාවත් දන්නෙ නැති මේ පිනා මම දෙයක් කියනකොට මහ කපටි විදිහට පැනල ලකුනු දමාගන්න මාර ට්‍රයි එක.. මිනිහට අඩුතරමෙ හතලිහක්වත් ඇති..මේ අලුත් රංගන අර ගර්ල්ට දමන පැනි කියල මට මීටර උනා....

ටික වෙලාවකින් අර ට්‍රේනර්ස්ල වෙන තැනකට ගියා...තවත් ටික වෙලාවකින් අර අපේ සීනියර් සුප්ප අර ලස්සන ගර්ල් තුයි එයාගෙ බෝයි කියල හිතන්න පුලුවන් පිරිමි ලමයයි එක්ක එනව ආයෙම කලින් මෑන් හෝල්(පාරෙ තියෙන වලක් වගේ එකක්) එක ලඟට ඇවිත් පොර කිව්ව බහින්න කියල...මේක මාරම චාන්ස් එකක් මේ වාගෙ කාටවත් දෙන්නෙ නෑ ඔයාල බැහැල ඉගනගන්න කියල...ඉතින් මෙතන මොකද වෙන්නෙ කියල ටිකක් මමත් කිට්ටු උනා..ඉතින් අර බෝයි දෙපාරක් හිතුවෙ නෑ

පැන්න වලට..දැන් ඔය වලට අර ගර්ල්වත් බස්සන්න තමා අපේ මේ සුප්ප හදන්නෙ..මම දඩස් ගාල අතින් දුන්න සිග්නල් එකක් බහින්න එපා කියල..ගර්ල්ට ඉතින් එයා මා දිහා බලල සුප්පට බෑ කිව්ව..එතකොටම අර පැනපු හරක මෑන් හෝල් එකෙන් තීයෙන උමඟ වගෙ එකෙ ඇවිදින්න ගිහින් කකුල් මඩ ගාගෙන..(මෙතන මෑන් හෝල් එකෙන් මීටර 20ක් විතර දිගට උමගක් වගෙ තියනව ) මම කිව්ව නංගි ඔයා බහින්න ඕනි නෑ..අර එක්කෙනෙක් මඩ නාගෙන ඉන්නව පේනවනෙ කියල..සුප්ප මගෙ දිහා බලල ඒ වුනාට මේව ඉගනගන්න ඕනිනෙ කියල කිව්ව...

පස්සෙ අපේ සුප්ප කියනව මාර හුරුබුහිටි කෑල්ල කෝ උඹ උදැල්ල දැම්මනෙ...මං හිතන්නෙ උඹ මොනාහරි ලයින් එකක් තිබුන ඒ කෙල්ලට කියල...මම දැක්ක උඹ දිහා ඒක බලන් ඉන්නව...ඇත්තටම වලට බහින්න කියල සුප්ප බලකරපු වෙලාවෙ මම අතින් සිග්නල් එක දුන්නට සුප්ප වලට බැසීමේ ආනිසන්ස කියනකොට කෙල්ල මගේ මූන දිහා බලාගෙන හිටිය...ඒ මූනෙ බය අහින්සක පෙනුමක් ඇරෙන්න වෙන මොකවත් දැක්කෙ නෑ මම...

මගේ ඇස්වල වරදක්ද මන්ද මට ඔය වගේ ගැහැනු ලමයින්ට ට්‍රයි කරන ඒ වින්දනය මහ ඉහලින් සලකන අය ගොඩක් මීට් වෙනව..පුදුමෙ කියන්නෙ ඒ වාගෙ දේවල් මහ ඉහලින් සලකන ගැහැනු ලමයිතුත් ඉන්නව ගොඩක්...
මම ඉන්ස්ටිටියුට් හිටපු කාලෙත් ඔයවගෙ එක ගෑනු ලමයි ඇන්ටිල නංගිල යාලුවො කියල මෙලෝ හැඟීමක් නැතිව ට්‍රයි කරන සෙට් එකක්ම හිටිය..මම වගේ හිටපු සෙට් එක ලෝකෙ පෙරලුනත් no women no cry ඔහෙ ඉන්නව කියන ජාතියෙ උන්..

අපිට සමහරවිට ගෑනු ලමයි කොල කාඩ් දුන්නත් අර මොකක්ද ලයිට් වගෙ මීටර් වෙන්නෙ ඒ ගෑනු ලමය වෙන කොල්ලෙකුත් හොයාගෙන ඉවර උනාම...අපි සෙට් එකම එන්ගලන්තෙ යන්න හිටියෙ මේ සමාජෙ තියෙන සබඳතාවල සන්කීර්ණ භාවය අපිට අඳුනගන්න අමරු උන නිසා...තව හේතුවක් තමා අපි ඉන්ග්ලිශ් ෆිල්ම් වල ගොඩක් පැනි නැතිව ගෑනු ලමයි සෙට්කරගන්න විදිහ වරු ගනන් ෆෝන් වල එල්ලිල නැතිව ලව් කරනවිදිහ අපිට හරි ෆ්‍රෙන්ඩ්ලි උන නිසා...

මම අද අර විදිහට බාදා කලේ නැතිව ගර්ල් වලේ බැහැල අපේ සුපර්වයිසරත් බැහැල කොල්ල මඩ නිසා එලියට ඇවිත් තිබුනනම් සමහරවිට තව සතියකින් අර ගර්ල් අපේ සුප්පගෙ අතෙ එල්ලිල යනව දකින්න තිබුන...අපේ සීනියර් සුපර්වයිසරය සම්බන්ධ ඔයවගේකතා ගොඩක් තියනව..කලින් ගෙවල් වල්ට ගිහින් නව සේවාවන් හඳුන්වාදෙන අංශයක හිටපු අපේ සුපර්වයිසරය ගෙවල් වල තනියම හිටපු ගැහැනු අය එක්ක යාලුවෙන්නත් යාලුවෙලා එයාට ඕනි ප්‍රයෝජනය ගන්නත් මාර දක්ශයි කියල මෙයා එක්ක කලින් හිටපු ඩ්‍රයිවර අයියෙක් මට කිව්ව...

ඒ නොකීවත් මෙයාගෙ වැඩ ගොඩක් තැන්වල මම අහල තියෙනව...
මට වෙලාවකට හිතෙනව මේ වගේ දේවල් වැරදියි කියල අඳුනගෙන ලේ බල කරගන්න අපේ හිත තමා වැරදි....බීපු සුපර්වයිසරය දවසක් ළමයි දෙන්නෙක් ඉන්න ගෑනු කෙනෙක් බස් එකක්කදි මීට් වෙලා එක්කගෙන ගිහින් සම්බන්දෙ දිගට ගෙනියපු හැටි කියනකොට මට හිතුනෙ....ළමයි ඉන්න ගෑනිට අවුලකුත් නැත්නම්....පවුලක් ඉන්න සුප්පටත් අවුලක් නැත්නම්,,,මේක අහන අනික් උන්ටත් හිනා වෙන්න යනවනම්...ඇයි මම විතරක්...බීපු තැන නොබී හිටියත් උන්ටත් වඩා හයි යෙන් මම උගේ රස වල් කතා වලට හිනා උනා...හොහ් හොහ් හොහ්

Tuesday, July 27, 2010

අපේ එල පල ගොවිතැන

දේශීය ආර්ථිකයක් ගැන දෙසා බාන බොහෝ පඬින්ගේ අදහස වන්නෙ කෘෂිකර්මාන්තයෙන් රට ස්වයන්පෝශිත විය යුතු බවයි..ඒත් කෘෂිකර්මයෙන් රට ඔය පෙන්වන සිහින ලෝකයට ගෙනියන්න අපිට පුලුවනිද??

බීජ ආනයනය...

අපි මීට වසර 10කට පෙර ඉතිහාසයය සලකාබැලුවොත් ගොඩක් බීජ වර්ග අපේ රටේම නිපදවනු ලැබුවා..ඒතින්පසු දෙමුහුම් සහ ජානමය වශයෙන් වැඩිදියුනු ප්‍රභේද විදේශවලින් හඳුන්වාදීමත් සමග කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ සහ අනිකුත් සාමන්‍ය දේශීය බීජ නිශ්පාදකයින්ගේ ඉල්ලුම පහල ගියා..ඒකට හේතු වශයෙන්
නව ප්‍රභේද
*මිහිරි රසකින් යුතු වීම..
*සිත්ගන්නා සුලු වර්ණවලින් නැවුම් පෙනුමකින් යුතුවීම...
*ගුනාත්මක අතින් ඉහල වීම...
*කල්තබාගැනීමේ හැකියාව වැඩිවීම...
*බොහෝ ඉක්මනින් ඵල දැරීම...
*කෘශිරසායන කෙරෙහි බොහෝ සෙයින් සන්වේදී වීම...
මේ අලුතින් හඳුන්වාදුන් බීජ ගොඩට...
ඇඹැරැල්ලා,,කොස්,,පැපොල්,,වට්ටක්කා,පතෝල,,කරවිල,,වැටකොලු,,පිපිඤ්ඤා
වම්බටු,,මිරිස්,,තක්කාලි,,බෝන්චි,,මෑ,,කෙසෙල්,,දෙලුම්,,මුංඇට,,දඹල,,ඉරිඟු
ආදී බෝම බීජ ප්‍රමානයක් අයිති වෙනව..එවකට තිබුනු දේශීය බීජ එක්ක බලනකොට බොහෝ වාර්තාගත අස්වැන්නක් මේ බීජ වලින් ලබාගන්න හැකි උනා....ගොඩක් වෙලාවට අලුත් මේ බීජ හිටවන්න උනු බීජ ප්‍රමාණයත් බෝම අඩු ප්‍රමානයක් ගත්තා...

දැනට දේශීය වෙළඳපොලේ තියෙන අපි දකින ගොඩාක් එලවලු(90%ක් විතර) පලතුරු සහ ධාන්‍ය වර්ග අපේ රටේ හැදුනට ඒවයෙ බීජ ගොඩක් වෙලාවට ඉන්දියාවෙන්,,ඉන්දුනීසියාවෙන්,,පිලිපීනෙන්,,තායිවානෙන් කෙලින්ම ගෙනත් මෙහෙ හිටවන ඒව...ඒවයෙ ජාන වෙනස් කරල ද කියල බල්න ක්‍රමවේදයක් මෙහෙ තියනවද කියලනම් මම දන්නෙ නෑ...
මේ ගොඩක් බීජ හිටවන්න පුලුවන් එකම එක වතාවක් ව්තරයි..උදාහරනෙට කීවොත් ඉස්සර අපේ ගොවියො තමන්ගෙ අස්වැන්නෙ විශිෂ්ඨ ගුනාත්මක කොටසක් වෙන්කරනව බීජ ටිඅක නිපදවාගන්න,,ඒත් දැන් තියෙන විදේශීය බීජ 90%ක් විතරම නැවත හිටෙව්වට පැලවෙන්නෙ නැති වෙන විදිහට හදපුව..ඒ ඉයන්නෙ හැම වාරයකදිම අපේ ගොවියා පිටරට බීජ වලට මුදල් බඳින්න ඕනි..මේ බීජ වලට වැයවෙන මුදලත් හිතාගන්න බැරිතරම් ඉහලයි වැටකොලු පතෝල වාගෙ බීජයක මිලත් Rs 10-20ක් වෙන වෙලාව්ල් තියනව..

මම දන්න හදිසිම අවස්තාවක ඇරෙන්න මේ ගොඩක් බීජ අසාර්ථක වීම් ඉතාම අඩුයි..ඒ කිව්වෙ මේ බීජ ප්‍රායෝගිකවම 99%ක පැලවීමේ ගතියක් තිනව..ඒ වාගෙම මේ බීජවල මූලාස්‍ර තියෙන්නෙ වෙන රටවල උනාට ඒ අය අපේ දේශගුනය හාඅනිකුත් සාධක ගැනත් හොඳට දන්නව ..උදාහරන විදිහට වට්ටක්කා බීජ් ගතහොත්,,ඔවුන් යල කන්නයට එයට සුදුසුවන අයිරිනුත් මාහට හරියන විදිහට මාස් කන්නෙදි ඇට ලබාදෙන්න තරම් මේ යාන්ත්‍රනය දියුනුයි..

ඒ වාගෙම මේ අය ගොඩක් වෙලාවට එකම වර්ගය උනත් ප්‍රභේද වෙනස් කරනව කාලෙන් කාලෙට ..ඒකෙත් හොඳක් තියෙනව..නැත්නම් එකම ප්‍රභෙදයට හුරු උන පලිභෝදකයින් ප්‍රමානය වැවිවෙනවා..උදාහරන කිව්වොත් පතෝල එක කාලෙක දිග කොට වර්ණයෙන් වෙනස් ප්‍රමානයෙන් වෙනස් ආකාර වශයෙන් ගොඩක් ප්‍රභේද මේ නිශ්පාදකයින් හඳුන්වා දෙනව...එහම නැති උනානම් එකම වර්ගෙට හුරු උන පලිභෝදකයින් මර්ධනය මහ ලොකු ගැටලුවක් වෙනව...

මේ බීජ භාවිතයෙ තියෙන ලොකුම අවාසිය තමා වියදම..ඒ කීවෙ අපි ම වාහෙ නව බීජ වලින් කරන වගවක් සාමන්‍යයෙන් මූලික ධනයක් නැතිව පටන්ගන්න බෑ..ඇට වලට 50,000යි පෝර වලට 25,000 තව තෙල් කෘශිරසායන වලට 25,000 තව වතුර දමන වාගෙ වැඩට 25,000ක් විතර යනව ඉතින් ඔය මම කීවෙ අක්කරයක සාමාන්‍ය එලවලු වගාවකට යන වියදම,,ඒ වගේම තමා හැදෙන්න ගත්තහමත් කඩලම එපා වෙනව,,ඉස්සර අපේ එලවලු මැහි වල වැටකොලු කැඩුවෙ සතියට දෙවරක් වගේ ..
ඒත් මේ නව බීජවල ජෙට් මොඩල් අස්වැන්න නිසා අපිට දවසක් හැර දවසක් වැටකොලු කඩන්න වෙන වෙලාවල් තියනව..සමහර වෙලාවට එක අක්කරෙන් සමහර වාසනාවන්තයො බන්ඩල්(40කිලෝ ආසන්නව ) 15ක් වගේ මුර(අවස්තා-වාර ) 10-12ක් විතර විතර කඩනව ඔවුන් එතකොට එකවාරයකදි ලබන අස්වැන්න කිලෝ 600ක් විතර කිලෝ එකක් රුපියල් 20ක් උනොත් එවර විතරක් ආදායම රුපියල් 12,000වෙනව සතියට අවස්තා 3ක් අස්වනු නෙලුවොත් 36,000ක් ගන්න පුලුවනි..සමහර වෙලාවට පහුගිය කාලෙනම් රුපියල් 40 ටත් වැටකොලු මිල උනා ඒත් සාමාන්‍යයෙන් දේශගුනික සාධක කාලගුනික තත්ව නිසා රුපියල් 40ට වැටකොලු මිල වෙන කාලවලදි ඔය වගේ සුපිරි වාර්තාගත අස්වනු ප්‍රමාණයක් ලබාගන්න බෑ.....

රසායන ද්‍රව්‍ය භාවිතය...

ටීවී එකෙ පෙන්නුවට් කොම්පෝස්ට් වලින් කොහොඹ තෙල් වලින් වාණිජ මට්ටමේ කෘශිකර්මන්තය කියන්නෙ හරිම අමාරු දෙයක්..එහෙම කාබනිකව වගා කරනවනම් අපේ පාරිභෝගිකයා එම කාබකික එලවලු 250කට රුපියල් 60ක් වත් ගෙවන්න ඕනි..කාබනික ගොවිතැනේ මූලධර්ම වාණිජව යම්තාක් දුරට වැදගත් උනත් වැඩිදියුනු කරන ලද ප්‍රභේදවලට එන ප්‍රබල පෝශන පලිභෝද ගැටලු වලට කාබනික විසඳුම් හොයනව කියන්නෙ තමන්ගෙ අස්වැන්න පාවාදෙනව වාගෙ වැඩක්...

තමන් මිලදීගන්න එලෝලුව පලතුර තුල කෙතරම් අහිතකර දේවල් ප්‍රමානයක් තියනවද කියලදැනගන්න එක ඒවා කෑමට සුදුසුද කියල හොයන එක අපේ පාරිභෝගිකයගෙ අයිතිවාසිකමක්..එතකොට ජනතාව ලෙඩකරන අහිතකර එලවලු පලතුරු වෙළඳපොලෙන් ඉවත් කිරීම අපේ පාලකයින්ග් වගකීමක්..වෙළඳපොලෙන් රසායන වැඩි නිශ්පාදන ඉවත්වෙනකොට වෙලෙන්දො රසායන අඩුවෙන් තියෙන එලවලු නිපදවන්න කියල ගොවීන්ට කියාවි..ඇත්තෙන්ම ඔය අපිට කන්න තියෙන ගොඩක් අලුත් එලවලු පලතුරු විශ සහිත ඒව..

බන්ඩක්ක ගනිමු බන්ඩක්ක සාමන්‍යයෙන් දවස් 2කට වරක් නෙලන්න ඕනි එතකොට අද බන්ඩක්ක කැඩුවොත් හෙට තෙල් ගහනව ..පෝර ගහනව අනිද්දට ආයෙම කඩනව,,මම දැකපු විදිහට අලුත් කෘශිරසායන බොහොමයක් දින 7 කට පසු අස්වනු නෙලීමට තමා නිදේශ කරල තියෙන්නෙ..ඒත් ප්‍රායෝගික තත්වය ඔයාල හිතාගන්න...බන්ඩක්ක වගාවක් සතියක් අස්වනු නෙලන්නෙ නැතිව තිව්වොත් ඊට පස්සෙ මේරූ කරල් තිබීම නිසා අස්වනු වර 3ක් අහිමි වෙනව් වාගෙම නිසි කල් වලදී අස්වනු නෙලා නොගැනීම නිසා බෝගයේ අස්වනු ලබාදීමේ හැකියාව අඩුවෙනව..තෙල් පෝර නොගැහුවොත් වෙන්නෙ පනුවන්ට දිලීරවලට වෛරසවලට අස්වැන්න පාවාදෙන්නම තමා...

ඉතින් මේ වගාවලට යොදන බොහොමයක් රසායන ගෙන්නන්නෙ පිටරටින්..පෝර විදිහට ලන්කාවෙ තියෙන්නෙ දිගුකලීන බෝගවලට සුදුසු එප්පාවල රොක් පොස්පේට් විතරයි..කොයි තරම් කෘශිකර්මෙ දියුනුව ගැන කීවතපිට වරායෙන් බාන්නෙ කිලෝ50 මිටි වශයෙන් එන පෝර උර වශයෙන්..අඩුතරමෙ ලන්කාවෙ අමුද්‍රව්‍ය ගෙනල්ල අඹරල මික්ස් කරල සිමෙන්ත් ලන්කාවෙ හදනව වාගෙ මූලික පොහොරවත් හදනවනම් නැව් ගාස්තු හරි ගොඩක් අඩු වෙනව කියල මම හිතන්නෙ...රසායන විද්‍යා,,ජීව විද්‍යා,,කෘශිවිද්‍යා උපාධිදාරීන් ගොඩක් ඉඳලත් අපේ රටේ කෘශි රසායන නිපදවීම වාගෙ එකක් නැත්තෙ මම හිතන්නෙ..ආසියාවේ මොකක්ද නිසා වෙන්න ඇති..

රට වටේ මූද...මිරිදිය ජලාශවාගෙ අපි තාම අත නොතියපු පැති ගොඩක් කෘශිකර්මාන්තයෙ තියන්ව...අපි තාමත් ඉන්නෙ සුද්ද අපිට දමල ගිය මේන් එක්ස්පෝටඩ් තින්ග්ස් ආ(ර්) ටී රබර් ඇන්ඩ් පොල් කියන තැන තමා...ලෝකෙ ට්‍රෙන්ඩ් එකට හරියන්න දෙන්න අපි තාම අකුරු කියවලත් නෑ...ඇඹිලිපිටියෙ කෙසෙල් ගොවිය විකුනගන්න බැරිව තොදොල් වෙද්දි...වෙනරටවල කෙසෙල් ලේබල අලවාගෙන මෙරට ව්‍යාප්තවන්නේ බලධරයන්ගේම වරදින් නෙමෙයි...ගොවියා වෙලෙන්දා පාරිභෝගිකයා කෘශිකර්ම පර්යේශකයා ආදී අයගෙ තියන පර්යේශන හා වැඩිදියුනුකිරීම්(failure of resurch and development area) කියන ක්ශේත්‍ර වල තියෙන දුබල තාවය ඒවට හේතු වෙනව..ලේබල් කෙසෙල් වල වටේ ලස්සනට තියාගන්න ලෙල්ල වටේ වැක්ස් එක ගාන්න තාමත් අපේ අය නැකැත් බලනව ඇති..කවුද ලන්කාවෙ කෙසෙල් ලෙලි එක්ක කන්නෙ කියල හිතුවනම් හරි...




Monday, July 26, 2010

හෙට නිදහස් උසස් අධ්‍යාපනය ඕෆ් කලොත් අනිද්දට මොකද වෙන්නෙ...

මෙතන මම සංකල්පීය උපකල්පනයක් කරනව උසස් අද්‍යාපනය නොමිලේ ලබාදීම රජය විසින් අත් හිටවනව කියල ඉන්පස්සෙ වෙන දේවල් ටිකක් මට හිතෙන හැටියට කියනව...මගේ බ්ලොග් එක බලනා අය මේ ක හුදෙක් සංකල්පීය දෙයක් මිස කොන්ද නැති අපේ දෙශපාලනය කවදාවත් නොකරන දෙයක් බව මතක තියාගන්න..
මේක වෙන්න පුලුවන් මෙහෙමයි අද සිට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට හෝ අනිකුත් තාක්ශනික නොවන සියලුම උසස් අද්‍යපන ආයතන වලට සිසුන් බඳවා නොගෙන සිටීමට රජය තීරණය කිරීම..එතකොට ඉන්න පිරිස උපාදි හෝ ඩිප්ලෝමා ලාභී වෙලා යනව ඊලඟ බැජ් එකක් නෑ.. තිබුනත් තියෙන්නෙ සල්ලි ගෙවල ඉගනගන්න ක්‍රමයක්..

එතකොට අපේ දුප්පත් අම්ම තාත්තගෙ දුවා දරුවො මොනව කරයිද??ඒ අය ගොඩක් කල් උද්ඝෝශනය කරයි ඒත් ඒ පින් කැම්පස් ආයෙ නො එන බව දැනගත්තහම ඒව නැවතිලා යයි..එතකොට එකපාරටම පාසැල් වලින් උසස් පෙල කරල ලමයි විසාල සංඛ්‍යාවක් ශ්‍රම වෙළඳපොලට එකතු වෙනව...උදාහරන විදිහට ආට් කොමස් කරන අයට සෘජු ආකාරයේ රැකියා ගත පාඨමාලා නොමැති නිසා ඔවුන්ට ගොඩක් කල් බලාන ඉන්න වෙයි..

අවුරුදු 21කින් පස්සෙ කරන්න දෙයක් හෝ කෝස් එකක් කරන්න සල්ලි නැති අය විදේශරැකියා කරා සීග්‍ර ලෙස යොමු වේවි..ඒ වාගෙම ලන්කාවෙ රැකියා විරහිතවන ප්‍රමාණය සීග්‍ර ලෙස ක්ෂනිකව වැඩිවෙන නිසා බොහෝ ක්ෂෙත්‍ර වල අඩු වැටුප් වලට වැඩකරන්න් වැඩිවිය හැක..

බොහෝ දෙමාපියො බැංකුවල සල්ලි දමාගෙන නිවාස නය වලට යටකරගෙන ඉන්න සල්ලි අත දිග හැරල වියදම් කරල තමන්ගෙ පුතාගෙ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරාවි...

රැකියා සොයගැනීමේ අපහසුව සහ අනාගතය අපැහැදිලි වීම මත විශ්වවිද්‍යාල අද්‍යාපනය ලබාදීම නතරක සැනින් කලා විශය ධාරාව කරා යොමුවන පිරිස ඉතා අඩු වේවි...

පෞද්ගලික අද්යාපනයට විශාල පාරිභෝගික පිරිසක් එකවර එකතු වීම නිසා උපාදි පාඨමාලාවල මිල මීට වඩා බොහෝ සෙයින් අඩුවේවි..තරඟකාරී බව නිසා විවිධ නිර්ණායක ඔස්සේ තම තමන්ගේ අධ්‍යාපන ආයතනයන්හි ගුනාත්මක බව ආරක්ශා කර ගැනීමට ඔවුන් පෙලඹේවි..උදාහරණ ලෙස බිස්කට් කොම්පැනියක් අලෙවිය වර්ධනය කරගැනීමට ගැලපෙන මිලක් නියමකිරීම සහ නිශ්පාදන්යේ තත්වය ආරක්ශා කරගත යුතු වෙයි..

රැකියා සොයගැනීමට වන තරඟකාරී වටපිටාව නිසා බොහෝදුරට රැකියා ඉලක්කගත කාර්මික පාඨමාලා වල ජනප්‍රිය බව වැඩිවෙනු ඇත...

දැනට ක්‍රියාත්මක යැපුම් කෘශි කර්මාන්ත වෙනුවට ආර්ථික වාසි සහගත උපාය කරා ගොවියා යනු ඇත..

Saturday, July 24, 2010

සින්හල පාඩම....

ඔන්න කාලෙකට ඉස්සර ටීවි එකෙ ගියා කතාවක් මට මතක විදිහට 2004 විතර..ඒකෙ රඟපෑවෙ ශ්‍රියන්ත මෙන්ඩිස්..කතාව මතක විදිහට බෝගල සවුන්දිරිස්...එතන හොඳටම මාන්සි වුන අපේ දුප්පත් සවුන්දිරිස් වලව්වෙ හාමු වාගෙ ඩයල් එකකින් වතුර ඉල්ලනව මෙහෙම "හාමුදුරුවනේ වතුර ටිකක් දාපාන් යටිබඩ පැලෙන්න වාගෙ"...කියල ඒක ඒ දවස්වල ඒ ටෙලියෙ ඇඩ් එකටත් ගියා..එතන හාමුදුරුවො කීවෙ වලව්වෙ හාමුදුරුවො වාගෙ කෙනෙක්ට...අපේ විමලයත් මහරජාට එහෙම කියන්න ඇති...අර "මූන්ට එරෙහි විමලේ" ඔන්ලයින් ස්ලයිඩ් ශෝ එකේ අවසාන ජවනිකාවෙදි...


ඉතින් දැන් ටික කාලෙකට කලින් අපේ චීවරදාරියෙක් ගැහැනු දැරිවියෙක් එක්ක පන්සලේදිම සිවුර නැතිව නිදාගෙන ඒක වීඩියෝ කරල කියල අපිට කාලෙකදි ආරන්චි උනා...වීඩියෝ එක හොයාගෙන මොකක්ද ඒ අසමජ්ජාති කුජීත වැඩේ කියල බලා කියාගන්න අපි වගේ දෑ හිතකාමී පොරවල් කෝමත් මාර උනන්දුයි නෙව...ඉතින් අමාරුවෙන් ඕක හොයාන දැන් ක්ලාස් දවසක කොල්ලෙක්ගෙ ගෙදර මොනිටරයක් ඉස්සරහ අපි සැට් එකම ඉඳගෙන කට ඇරන් බලන් ඉන්නවා...ඔන්න වැඩේ නැගල යනකොට අපේ එවුන් හඬ කවනවා...ලඟපාත අල්ලපු ගෙදර එකෙක් හිටියනම් හිතයි කාගෙහරි උලුක්කු අරිනව කියල..ඒතරම් ඩබින් අපේ වාචාලයන්ගෙ..ඉතින් උච්ච තැනකට ආවම අපේ එකෙක් අර රේපිත(රේප් වලට ලක්වූ) ගර්ල් වෙනුවෙන් ..
"හාමුදුරුවනේ වතුර ටිකක් දාපාන් යටිබඩ පැලෙන්න වාගෙ" කියල ගෑනු කටහඬින් කිව්ව හප්පේ අපේ උන් බඩ අල්ලන් කබරය දමනව වාගෙ හිනා උනා....රේපිත කිව්වට ඒක බලපු මටනම් එයා චූටි ලමයෙක්වත් රේපිත වෙනව වාගෙවත් පෙනුනෙ නෑ...හොඳ පලපුරුදු ස්වභාවයක් තමා පෙන්නුවෙ....

අපේ ක්ලාස් එකේ ඔය කතාව කිය කිය ඉඳලම අල්ලපු බී සී ක්ලාස් එකේ උන්ටත් කතාව බෝ වෙල දැන් ටොයිලට් යනකතා...සින්දු කියන ඒව නෑ..මගෙ යටිබඩ පැලෙන්නවගෙ මම යනව යටිබඩ බේරගන්න..එහෙමයි දොට්ට පිලට යන එක කොල්ලො කීවෙ....අපි ඔය කතාව පන්තියෙ කෙල්ලොන්ගෙනුත් අහනව ඉන්ටර්වල් එකෙදි "ඔයා යටිබඩේ ආරක්ශාව පිණිස යන ගමන්ද" උන් හිතන්නෙ මේ චී වල් ජාතියෙ එකක් කියල...දැනගත්තත් කෙල්ලො හිනා වෙන්නෙ රෙකෝඩ් කරගෙන පස්සෙ උන්ගෙ සෙට් එක සෙට් උනාමෙ නේ.....ඉතින් ඔය බී සී ක්ලාස් එකේ හාමුදුරුවො
ක්ලාස් එක දිගට අදිනව වාගෙලු දවසක් ඉතින් වාචාලයෙක්
"හාමුදුරුවනේ යටිබඩ පැලෙන්න වගේ වතුර ටිකක් දාන්න යන්නද කියල අහල"අහපු එකා හොයාගන්න බැරි උන නිසා අපිට ලොකු ඩ්‍රමකට ගහනව වාගෙ කොන්දවල් වලට තඩි බාන සද්දෙ ඇහුන අනික් ක්ලාස් එකට..ඉගනගන්නෙ බීසී උඹලව ශිස්ටාචාරෙට ගන්න මටනම් බැරිවෙයි..මේ ගෑනු ලමයි ඉන්නව කියලවත් බැලුවද???...වනචර වාචාලය....හප්පේ අපේ බී සී හාමුදුරුවන්ගෙ සිල් බේරෙනව....මට හිතෙන්නෙ හාමුදුරුවන්ට කෑල්ලක් වැරදි ව්දිහට ඇහිල වෙන්න ඇති නැත්නම් ඔය තරම් මල අතට ගන්න කතාවක් නෙමෙයි නෙව...

දැන් මේ සින්හල පාඩම ඉවරයි දැන් ඔය අය බලන්න
ඉහල වාක්‍ය ඛන්ඩ වල දම් අකුරින් මුද්‍රිත පේලි තුන එක වාගෙ උනාට යෙදීම කොහොමද වෙනස් වෙලා තියෙන්නෙ කියල...අකුරක් මිස් උනොත් හිරේ.... මම ලඟදි sms එකක් යවද්දි උස ගෑනු ලමයෙකුට ලිව්ව ඔයා හරිම මෝල්-ගහක්(moal-gahak) කියල මම මැදින් දාපු ඉරනිසා එයා කියවල කිබුනෙ මෝල් ගහක් කියල...මට හොඳටම බැනල sms තිබුන,,, පස්සෙ කෝල් කලාම තමා මම කීවෙ එතැන වන්ගෙඩිය එක්ක යූස් කරන මෝල්ගහ මිසක් මෝල් වූ ගසක් ගැන කියවුනේ නෑ කියල...

Friday, July 23, 2010

සිරිපාල:හලෝ හලෝ....රෑට කන්නෙ මක්කද??
දයාවතී: සික් කතා කරන කැත..මම කී දවසක් කියල තියනවද ගොඩය වාගෙ කතා කරන්න එපා..හැලෝ හරි අර වත්තෙ පුන්චි මහත්තය වාගෙ හෙලෝ කියල හරි කියන්න කියල....

මොන හුට්ටප්පරයක් කියෝනවද මන්ද දැන් රෑට කන්නෙ හැලෝද??

කොහෙද කූඩැල්ල පාපිස්සෙ තියන්න බෑ නෙව..
මම හිතන්නෙ රෑට ඉඳිආප්ප හොඳයි//..

දූලගෙ ගෙදරින් හොදි ටිකක් ඉල්ල ගමු...

සිරි:මොකටද ඔය දූගෙන් උනත් ඉල්ලන්නෙ..මම හොඳ කරවල කටුවක් ගේන්නම් හොද්දක් හදාගන්න..කොහෙද මීගමු කරවල කෑල්ල අර කොලදිවියට දීල නෙව..අම්මප ඔය පූස් තඩිය දිවියලෝකෙ යන්නෙ මගෙ අතින්....

දයා:ඔහෙ ඉතින් මං එක්ක සිල් ගන්න ගියාට ඉගනගන්නෙ ඔයවගෙ කෑල්ලක් විතරයි නෙව...පූස දිවියලෝකෙ ගියාම ඔහේ කොහේ යයිද??

සිරි:ඔව් ඉතින් ගමේ ඕපදූප ටිකයි හාමුදුරුවොන්ගෙ කතා ටිකයි මතක තිබ්බම ඔහේ හිතන්නෙ රට යන්න ටිකට් හම්බ උනා වගෙ දිවිය ලෝකෙ යයි කියල...

දයා:ඇත්තටම ඔය බිල කොම්පැනියෙන්ම ගෙවනවද??මම හිතන්නෙ අදත් කෝච්චිය පරක්කු ඇති නැත්නම් පුතය කඩේ ලඟට ඇවිත් තමා ඕනි මොනාද කියල අහන්නෙ...

සිරි:මේ කෝච්චි දැක්කම අපේ පරන කතා මතක් වෙනව...මතකද අපි ස්ටේශමෙදියි පාරෙදියි අඳුනන්නෑ වාගෙ ඇවිත් පෙට්ටියට ඇවිත් වටපිට බලල කතා කරන්න දුන්නු ගේම....

දයා:හපෝ ඔව් මම දැක්කම ඉස්සර ඇබලය වාගෙ එන හැටි මට මතකයි..දැන් වීරය වෙනව ඉස්සර මාව දැක්කත් වෙවුලනව...

සිරි:ඔව් ඉතින් ඔයා ඉස්සර පුදුම සැරයි නෙ...දැන් ඔය පෝයට පන්සලේ පදින්චි උනාට ඉස්සර මූන බලන්න බෑ නෙ රවනව ...

දයා:මොකද අද නිකන් කාලෙකින් හම්බු උනේ නැති කෙනෙක් වගෙ කතාව මොනාහරි දමාගෙන මයෙ හිතේ...

සිරි:අද අපේ සෙට් එකෙ උන් ඔක්කොම දවාලියෙන් ගිහින්...

දයා:"සෙට් එක" මහ පුදුම කතා..මේ දැන් මුනුබුරො ඉන්න සීය කෙනෙක් කියල මතකවත් නෑ නෙ...

සිරි:මේ කොම්පැනියෙ ගොඩක් කොල්ලො මට කියන්නෙ මිස්ටර් කියල..උන් ගොඩක් හොඳා..වැරැද්දක් උනත් සලකනව...මේ ටිකක් තලත්තෑනි උන් හිටිය කලින් එකට වඩා මේක හොඳා...කෙල්ලො උනත් හරි අනුකම්පයි//..එකෙක් මට කියන්නෙ ශ්‍රී බොසා කියල...උන්ගෙ වචන තමා මේ හිටපු ගමන් කියවෙන්නෙ//...මේ පෝන් එකෙන් මෙව්ව කිව්වට ගෙදර ආවම කොහෙද වෙලාවක් අර කොල්ලයි කෙල්ලගෙයි වදේ නෙව...

දයා:මේ ඔයා ඔය ලමයි එක්ක වැඩිය සින්හලෙන් කතා කරන්න එපා...අපේ දුවම මට කිව්ව තාත්ත මේ ලමයි ඉන්ග්ලිශ් වලින් ඉගන ගන්නව කියල පොඩ්ඩක්වත් හිතන්නෙ නෑ කියල....

සිරි:ඔයාට මතකද ඉස්සර අපි දුවත් එක්ක ඉන්ග්ලිශ් වලින් කතා කරනකොට එයා සින්හලෙන් උත්තර දෙනව...දැන් එයා ඉස්සර අපි හිටිය තැනට ඇවිත්..ඒත් ගොඩක් ඒ පොඩි එවුන් දෙන්න ඉගනගන්නම දක්කන එකෙ මම හිතුවෙ උන්ට විවේකයක් දෙන්න කියල....


හේතුවක් අවසානයක් නැතිවම නවත්තනව...බලන ඔයාලට වැදගත් වාගෙ නම් මට තව එකක් දෙකක් මේ වාගෙ දමන්න පුලුවනි...

Tuesday, July 13, 2010

බයෝමෙට්‍රික්ස් biometrics


බයෝමෙට්‍රික්ස් කියන්නෙ පුද්ගලයෙකු සතුව තියෙන මනින්න පුලුවන් වෙනස් නොවන දේවල්,,...පිළිබඳ අධ්‍යනය කිරීම..උදාහරණ විදිහට ඇස් වල ස්වභාවය,ඇඟිලි සලකුනු,මුහුණ,ශරීරයේ හැඩය වාගේ දේවල් භාවිතා කර මිනිසුන් වෙන්කර හඳුනා ගැනීම...මෙම ක්‍රමය අමෙරිකාව මහා බ්‍රිතාන්‍යය ආදී රටවල ගොඩක් දුරට භාවිතා වෙනව..මෙහෙම අඳුනගන්න පුලුවන් ඇඟිලි මාක් මැශින් නම් ඔයාල දැකල ඇති මයෙ හිතේ..ඒත් අපේ රටේ භාවිතා වෙන ක්‍රමවලට වඩා බොහොම දියුනු විදිහෙ බයෝමෙට්‍රික්ස් භාවිතාවන් තියන්ව..
සාමාන්‍ය බයෝමෙට්‍රික්ස් භාවිතාවන් කිපයක් පහත තියනව..
*වෛද්‍යමය අවශ්‍යතා සඳහා..
*ආරක්ශක සේවාවන් සඳහා..
*දත්ත ගබඩා සඳහා..

වෛද්‍යමය අවශ්‍යතා සඳහා..
අපි සරලව හිතමු ලන්කාවෙ කෙනෙක් හදිසි අනතුරකින් රෝහල් ගත කලා කියල එතින් ඒ වෙලාවට ලේ දෙන්න උනොත් ලේ වර්ගය හොයාගන්න තියෙන විශ්වාසනීය ක්‍රමය මොකක්ද??අපිටනම් ලේ ටෙස්ට් එකක් කරන්නම වෙනව අමෙරිකාව වාගෙ රටවල බොහෝ ජීවී දත්ත ලේ වර්ගය හෙම හැඳුනුම් කාඩ් එකෙම තියෙන නිසා වැඩේ ලේසියි..ඒ වාගෙම මම කලින් කිව්ව බයෝමෙට්‍රික්ස් වලින් ශරීරයේ යම් යම් සංරචකයන් මැනීමට ලක්වෙනව කියල...ඔය සංරචක වෙනස්වීම රෝග විනිශ්චයන්ටත් ගන්න පුලුවනි..විශේශයෙන් ඇස් සහ මුහුනේ වෙනස්වීම් මඟින් සමහර මානසික හා කායික රෝග හඳුනාගන්න පුලුවනි....

ආරක්ශක සේවාවන්

අපි ලන්කාව ගත්තොත් ලංකාවෙ හැඳුනුම් කාඩ් එකක තියෙන්නෙ,,හඳුනාගැනීමේ පින්තූරයක් විතරයි,,ඒත් බොහෝ රටවල ඇඟිලි සලකුනු වාගෙ දේවලුත් දැන් හැඳුනුම් කාඩ් එකට ඇතුලත් කරනවා..ඒක පුද්ගලයින් වෙන්කර හඳුනාගැනීමට පහසුවක් වෙනව...ආරක්ශක කැමරා හා සන්වේදක මඟින් පුද්ගලයින් හඳුනාගැනීමටත් ආරක්ශාවට බයෝමෙට්‍රික්ස් වැදගත් වෙනව,,,ඇත්තටම ඇඟිලි සලකුනු කියන්නෙ දැන් ටිකක් පරණ අපරාද පරීක්ශන ක්‍රමවේදයක් වෙලා..අලුතින් ආපු ඩී එන් ඒ අක්ශි පරීක්ශා වාගෙ එව්ව දැන් දැන් බයෝමෙට්‍රික්ස් විදිහට ආරක්ශක අංශවලට යොදා ගන්නව...

දත්ත ගබඩා සඳහා..

අපිට කාර්යාලයක ලේඛන සකස් කිරීම්වලට අත්සනට වඩා විශ්වාසී දෙයක් විදිහට අද එක එක බයෝමෙට්‍රික්ස් ක්‍රමවේද භා විතා වෙනව..ඇටෙන්ඩන්ස් මාක් කරන්න..පුදගලයින් හඳුනාගන්න ආදී දේවල් අද පහසුවෙලා තියනව..ඇඟිලි මාක් සහ ඇස් පරීක්ශා මැශින් නිසා..ඒ වාගෙම දත්ත ගබඩා ආරක්ශාවට මුරපද ලෙසත් භාඅවිතයන් තියනවා..විශාල දත්ත ගබඩා හැසිරවීමේදී ඒ ඒ පුද්ගලයා වෙන්කර හඳුනා ගැනීම සඳහා සමාගම් සහ රාජ්‍ය අංශය නවීන උපක්‍රම භාවිතා කරනව..උදාහරණ විදිහට අපි අඩුආදායම් ලාභීන්ට ලබාදෙන සමෘද්දිය ගනිමු ඉත්න් අපේ සමාජේ එකම ක්‍රමේකට මිනිසු හඳුනාගැනීමේ ක්‍රමයක් අනුගමනය කරනවනම් විනාඩි ගනන කින් ඒ පුද්ගලයාගෙ ආදායම හොයාගන්න පුලුවනි...තව හිතන්න අපි උප්පැන්න සහතිකේ කොපියක් ගන්නව කියල ඉතින් ඒ කාර්යාලෙට ගිහින් ඇඟිලි මාක් එක ගහල බොත්තම් කීපයක් එබුවම අපිට සහතිකේ ගන්න පුලුවනි නම්..ඔය රාජ්‍ය ආයතනවල කැන්ටින් වැඩක් වෙන්නෙ නෑ..මොකද මිනිස්සුන්ට රැඳෙන්න පෝලිමක් ඉතිරි නොවෙන නිසා..

Thursday, July 8, 2010

වංශක්කාර තාත්තා

ඇත්තටම අපේ මහරජගෙ පියා ඩී ඒ කියන රාජ පක්ශ තුමාද???මම බොහොම ජනප්‍රිය මැදමුලන බෙලිඅත්ත කියන පැතිවල ජනප්‍රිය කටකතාවක් ඔයාලට කියන්නම්....ඔය ඩී ඒ මහත්තැන් ගොඩක් කොළඹ හෙම එන්න උන කෙනෙක් ලු..ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ගෙදර ඉන්නව අඩුයිලු,,,ඔය අතරෙ ඔය ඩී ඒ උන්නාන්සෙගෙ දෙශපාලන කටයුතු බලාගෙන තියෙන්නෙ ඒ කිව්වෙ ගම් මට්ටමේ සන්විදාන කටයුතු හෙම හින්නි මහත්තය කියල බෙලිඅත්තෙ පොරක්...මේ හින්නි මහත්තයට ඉස්සර බෙලිඅත්ත පැත්තෙ ගොඩක් ජනප්‍රිය නමක් තිබිල තියනවා...

ඔය හින්නි මහත්තය සහ ලමාතැනී අතර අමුතු සම්බන්දයක් තිබිල තියනව....ඔය කතාවෙ කියන විදිහට ඩී ඒ ගෙ නියම පුතාවෙන්නෙ අපේ කතාවට නායක තුමා විතරයි..අනික් 3 දෙනාටම තියෙන්නෙ අම්මගෙ පෙනුම සහ අර හින්නි මහත්තයගෙ පෙනුම කියලයි පරණ අය කියන්නෙ...ඒ පිලිබඳ හොයාගන්න මට ඔය හින්නි මහත්තය කියන කෙනාගෙ පින්තූරයක් හොයාගන්න නම් බැරි උනා....ඒත් ටිකක් පිලිගන්න පුලුවන් ලක්ෂන කීපයක් තියනව...

*මහරජගෙ පුතාල 3 න් දෙනාගෙන් 1 කෙනෙක්වත් ඩී ඒ තුමා වාගෙ නෑ...

*අනික් ගෝඨ බෑ සිල් ලමයිතුත් මම හිතන්නෙ ඩී ඒ තුමාගෙ ෆේස් කට් නැති අය...

*වලව්වක සුලු සේවකයින්ගෙන් පැවතෙන ඩී ඒ තුමාට තිබුනෙ එහෙයි පර්සනල්ටි එකක්..මා හින්දය වාගෙ සරම උස්සල චන්ඩි පාට් දමන ලක්ෂන එතුමට තිබිල නෑ...(මා හින්ද සජීට ඉස්සරම කාලෙ බැන්නෙ පැරසුට්කාර ............ක් ඇවිත් අපිට කියලා )

*ප්‍රධාන සන්විදායකයෙක් විදිහට හින්නි මහත්තයගෙ තිබුන ගොඩක් තියරි පොයින්ට් මා හින්ද ළඟ තියනව කියලයි සමහරු කියන්නෙ....

*ඩී ඒ ඔය චා මල් තුමා වාගෙ කෙනෙක්ලු ඒ තරම් ඇඩ් කාරයෙක් නෙමෙයි ලු

*හින්නි මහත්තය කියන කෙනා වෙනත් කුලයක කෙනෙක්ලු ඉතින් මහින්ද ඡන්ද තියනකොට හම්බන්තොට මාතර එහෙම දිනන්නෙ උඩින්ම ඔය මහින්දගෙ මල්ටි චැනල් කුල කේ ස් එක නිසා කියල සමහරු කියනව...

(මංගල අයිති කුලය ඔහු දිනන්න ප්‍රබලම සාධකයක් වෙනව මාතරදි අතීතයෙ උනත් මාතර ඔය කුලේ අය 2න් නෙක්වත මාතරින් ගිහින් තියනව පාර්ලිමේන්තුවට )කියන විදිහට ඔන්න ඔය අවමන්ගලයගෙ කුලේ මනුස්සයෙක්ලු හින්නි මහත්තය....


Wednesday, July 7, 2010

Atom ලාබායි අට දාහට දෙකම 8 දාහට දෙකම

ඉන්ටෙල් ඇටොම් ප්‍රොසෙසරේ මදර් බෝඩ් එකත් එක්කම රුපියල් 8,300යි..හාඩ් ඩිස්ක් 160 ජී බී රුපියල් 5500යි..හාඩ් ඩිස්ක් 1000ජී බී රුපියල් 9200යි...සාටා පෝට් තමා හාඩ්...අර ඇටොම් මදර් බෝඩ් එක සපෝට් කරන්නෙ හාඩ් සාටාපෝට් විතරයි...කන්වර්ටර් දමල අයි ඩී ඊ සෙට් කලහැකි ඒත් පර්ෆොමන්ස් කේස් වෙනව....වින්ඩෝස් නම් මම දන්නෙ නෑ ඒත් ලිනක්ස් පෙඩෝර,උබන්ටු වාගෙ ජනප්‍රිය බෝමයක් පහසු ලිනක්ස් වර්ශන් අපිට මේ ඇටමුත් එක්ක පාවිච්චි කරන්ට පුලුවනි.. රැම් එහෙම මේ දවස්වල මිල වැඩියි...

ඔය ඇටම් එක ඔක්කොම එක්ක රුපියල් විසි දෙදාහකට ගහගත හැකි යුනිටි ප්ලාසා එකෙන්..(1.6GHz processor & motherboard,1Gb RAM,samsung DVD writer,160 sata hard,include power supply + casing)

ඔයාල ළඟ මැශින් කොම්පීටරයක් ගන්න සල්ලි නැත්නම් කොහොමද සල්ලි ටිකක් එකතු කරගන්න කල් old මැසින් එක දුවාගන්නෙ....1000Ghzට අඩු ප්‍රොසෙසර් වලට 384Mb ට අඩු රැම් වලට ජනේලෙ(windows) දමල වැඩගන්න අමාරුයි..

හෑ එහෙනම් මොනවද දමන්නෙ??

කොහොමද වැඩ කරන්නෙ???