දේශීය ආර්ථිකයක් ගැන දෙසා බාන බොහෝ පඬින්ගේ අදහස වන්නෙ කෘෂිකර්මාන්තයෙන් රට ස්වයන්පෝශිත විය යුතු බවයි..ඒත් කෘෂිකර්මයෙන් රට ඔය පෙන්වන සිහින ලෝකයට ගෙනියන්න අපිට පුලුවනිද??
බීජ ආනයනය...
අපි මීට වසර 10කට පෙර ඉතිහාසයය සලකාබැලුවොත් ගොඩක් බීජ වර්ග අපේ රටේම නිපදවනු ලැබුවා..ඒතින්පසු දෙමුහුම් සහ ජානමය වශයෙන් වැඩිදියුනු ප්‍රභේද විදේශවලින් හඳුන්වාදීමත් සමග කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ සහ අනිකුත් සාමන්‍ය දේශීය බීජ නිශ්පාදකයින්ගේ ඉල්ලුම පහල ගියා..ඒකට හේතු වශයෙන්
නව ප්‍රභේද
*මිහිරි රසකින් යුතු වීම..
*සිත්ගන්නා සුලු වර්ණවලින් නැවුම් පෙනුමකින් යුතුවීම...
*ගුනාත්මක අතින් ඉහල වීම...
*කල්තබාගැනීමේ හැකියාව වැඩිවීම...
*බොහෝ ඉක්මනින් ඵල දැරීම...
*කෘශිරසායන කෙරෙහි බොහෝ සෙයින් සන්වේදී වීම...
මේ අලුතින් හඳුන්වාදුන් බීජ ගොඩට...
ඇඹැරැල්ලා,,කොස්,,පැපොල්,,වට්ටක්කා,පතෝල,,කරවිල,,වැටකොලු,,පිපිඤ්ඤා
වම්බටු,,මිරිස්,,තක්කාලි,,බෝන්චි,,මෑ,,කෙසෙල්,,දෙලුම්,,මුංඇට,,දඹල,,ඉරිඟු
ආදී බෝම බීජ ප්‍රමානයක් අයිති වෙනව..එවකට තිබුනු දේශීය බීජ එක්ක බලනකොට බොහෝ වාර්තාගත අස්වැන්නක් මේ බීජ වලින් ලබාගන්න හැකි උනා....ගොඩක් වෙලාවට අලුත් මේ බීජ හිටවන්න උනු බීජ ප්‍රමාණයත් බෝම අඩු ප්‍රමානයක් ගත්තා...
දැනට දේශීය වෙළඳපොලේ තියෙන අපි දකින ගොඩාක් එලවලු(90%ක් විතර) පලතුරු සහ ධාන්‍ය වර්ග අපේ රටේ හැදුනට ඒවයෙ බීජ ගොඩක් වෙලාවට ඉන්දියාවෙන්,,ඉන්දුනීසියාවෙන්,,පිලිපීනෙන්,,තායිවානෙන් කෙලින්ම ගෙනත් මෙහෙ හිටවන ඒව...ඒවයෙ ජාන වෙනස් කරල ද කියල බල්න ක්‍රමවේදයක් මෙහෙ තියනවද කියලනම් මම දන්නෙ නෑ...
මේ ගොඩක් බීජ හිටවන්න පුලුවන් එකම එක වතාවක් ව්තරයි..උදාහරනෙට කීවොත් ඉස්සර අපේ ගොවියො තමන්ගෙ අස්වැන්නෙ විශිෂ්ඨ ගුනාත්මක කොටසක් වෙන්කරනව බීජ ටිඅක නිපදවාගන්න,,ඒත් දැන් තියෙන විදේශීය බීජ 90%ක් විතරම නැවත හිටෙව්වට පැලවෙන්නෙ නැති වෙන විදිහට හදපුව..ඒ ඉයන්නෙ හැම වාරයකදිම අපේ ගොවියා පිටරට බීජ වලට මුදල් බඳින්න ඕනි..මේ බීජ වලට වැයවෙන මුදලත් හිතාගන්න බැරිතරම් ඉහලයි වැටකොලු පතෝල වාගෙ බීජයක මිලත් Rs 10-20ක් වෙන වෙලාව්ල් තියනව..
මම දන්න හදිසිම අවස්තාවක ඇරෙන්න මේ ගොඩක් බීජ අසාර්ථක වීම් ඉතාම අඩුයි..ඒ කිව්වෙ මේ බීජ ප්‍රායෝගිකවම 99%ක පැලවීමේ ගතියක් තිනව..ඒ වාගෙම මේ බීජවල මූලාස්‍ර තියෙන්නෙ වෙන රටවල උනාට ඒ අය අපේ දේශගුනය හාඅනිකුත් සාධක ගැනත් හොඳට දන්නව ..උදාහරන විදිහට වට්ටක්කා බීජ් ගතහොත්,,ඔවුන් යල කන්නයට එයට සුදුසුවන අයිරිනුත් මාහට හරියන විදිහට මාස් කන්නෙදි ඇට ලබාදෙන්න තරම් මේ යාන්ත්‍රනය දියුනුයි..
ඒ වාගෙම මේ අය ගොඩක් වෙලාවට එකම වර්ගය උනත් ප්‍රභේද වෙනස් කරනව කාලෙන් කාලෙට ..ඒකෙත් හොඳක් තියෙනව..නැත්නම් එකම ප්‍රභෙදයට හුරු උන පලිභෝදකයින් ප්‍රමානය වැවිවෙනවා..උදාහරන කිව්වොත් පතෝල එක කාලෙක දිග කොට වර්ණයෙන් වෙනස් ප්‍රමානයෙන් වෙනස් ආකාර වශයෙන් ගොඩක් ප්‍රභේද මේ නිශ්පාදකයින් හඳුන්වා දෙනව...එහම නැති උනානම් එකම වර්ගෙට හුරු උන පලිභෝදකයින් මර්ධනය මහ ලොකු ගැටලුවක් වෙනව...
මේ බීජ භාවිතයෙ තියෙන ලොකුම අවාසිය තමා වියදම..ඒ කීවෙ අපි ම වාහෙ නව බීජ වලින් කරන වගවක් සාමන්‍යයෙන් මූලික ධනයක් නැතිව පටන්ගන්න බෑ..ඇට වලට 50,000යි පෝර වලට 25,000 තව තෙල් කෘශිරසායන වලට 25,000 තව වතුර දමන වාගෙ වැඩට 25,000ක් විතර යනව ඉතින් ඔය මම කීවෙ අක්කරයක සාමාන්‍ය එලවලු වගාවකට යන වියදම,,ඒ වගේම තමා හැදෙන්න ගත්තහමත් කඩලම එපා වෙනව,,ඉස්සර අපේ එලවලු මැහි වල වැටකොලු කැඩුවෙ සතියට දෙවරක් වගේ ..
ඒත් මේ නව බීජවල ජෙට් මොඩල් අස්වැන්න නිසා අපිට දවසක් හැර දවසක් වැටකොලු කඩන්න වෙන වෙලාවල් තියනව..සමහර වෙලාවට එක අක්කරෙන් සමහර වාසනාවන්තයො බන්ඩල්(40කිලෝ ආසන්නව ) 15ක් වගේ මුර(අවස්තා-වාර ) 10-12ක් විතර විතර කඩනව ඔවුන් එතකොට එකවාරයකදි ලබන අස්වැන්න කිලෝ 600ක් විතර කිලෝ එකක් රුපියල් 20ක් උනොත් එවර විතරක් ආදායම රුපියල් 12,000වෙනව සතියට අවස්තා 3ක් අස්වනු නෙලුවොත් 36,000ක් ගන්න පුලුවනි..සමහර වෙලාවට පහුගිය කාලෙනම් රුපියල් 40 ටත් වැටකොලු මිල උනා ඒත් සාමාන්‍යයෙන් දේශගුනික සාධක කාලගුනික තත්ව නිසා රුපියල් 40ට වැටකොලු මිල වෙන කාලවලදි ඔය වගේ සුපිරි වාර්තාගත අස්වනු ප්‍රමාණයක් ලබාගන්න බෑ.....
රසායන ද්‍රව්‍ය භාවිතය...
ටීවී එකෙ පෙන්නුවට් කොම්පෝස්ට් වලින් කොහොඹ තෙල් වලින් වාණිජ මට්ටමේ කෘශිකර්මන්තය කියන්නෙ හරිම අමාරු දෙයක්..එහෙම කාබනිකව වගා කරනවනම් අපේ පාරිභෝගිකයා එම කාබකික එලවලු 250කට රුපියල් 60ක් වත් ගෙවන්න ඕනි..කාබනික ගොවිතැනේ මූලධර්ම වාණිජව යම්තාක් දුරට වැදගත් උනත් වැඩිදියුනු කරන ලද ප්‍රභේදවලට එන ප්‍රබල පෝශන පලිභෝද ගැටලු වලට කාබනික විසඳුම් හොයනව කියන්නෙ තමන්ගෙ අස්වැන්න පාවාදෙනව වාගෙ වැඩක්...
තමන් මිලදීගන්න එලෝලුව පලතුර තුල කෙතරම් අහිතකර දේවල් ප්‍රමානයක් තියනවද කියලදැනගන්න එක ඒවා කෑමට සුදුසුද කියල හොයන එක අපේ පාරිභෝගිකයගෙ අයිතිවාසිකමක්..එතකොට ජනතාව ලෙඩකරන අහිතකර එලවලු පලතුරු වෙළඳපොලෙන් ඉවත් කිරීම අපේ පාලකයින්ග් වගකීමක්..වෙළඳපොලෙන් රසායන වැඩි නිශ්පාදන ඉවත්වෙනකොට වෙලෙන්දො රසායන අඩුවෙන් තියෙන එලවලු නිපදවන්න කියල ගොවීන්ට කියාවි..ඇත්තෙන්ම ඔය අපිට කන්න තියෙන ගොඩක් අලුත් එලවලු පලතුරු විශ සහිත ඒව..
බන්ඩක්ක ගනිමු බන්ඩක්ක සාමන්‍යයෙන් දවස් 2කට වරක් නෙලන්න ඕනි එතකොට අද බන්ඩක්ක කැඩුවොත් හෙට තෙල් ගහනව ..පෝර ගහනව අනිද්දට ආයෙම කඩනව,,මම දැකපු විදිහට අලුත් කෘශිරසායන බොහොමයක් දින 7 කට පසු අස්වනු නෙලීමට තමා නිදේශ කරල තියෙන්නෙ..ඒත් ප්‍රායෝගික තත්වය ඔයාල හිතාගන්න...බන්ඩක්ක වගාවක් සතියක් අස්වනු නෙලන්නෙ නැතිව තිව්වොත් ඊට පස්සෙ මේරූ කරල් තිබීම නිසා අස්වනු වර 3ක් අහිමි වෙනව් වාගෙම නිසි කල් වලදී අස්වනු නෙලා නොගැනීම නිසා බෝගයේ අස්වනු ලබාදීමේ හැකියාව අඩුවෙනව..තෙල් පෝර නොගැහුවොත් වෙන්නෙ පනුවන්ට දිලීරවලට වෛරසවලට අස්වැන්න පාවාදෙන්නම තමා...
ඉතින් මේ වගාවලට යොදන බොහොමයක් රසායන ගෙන්නන්නෙ පිටරටින්..පෝර විදිහට ලන්කාවෙ තියෙන්නෙ දිගුකලීන බෝගවලට සුදුසු එප්පාවල රොක් පොස්පේට් විතරයි..කොයි තරම් කෘශිකර්මෙ දියුනුව ගැන කීවතපිට වරායෙන් බාන්නෙ කිලෝ50 මිටි වශයෙන් එන පෝර උර වශයෙන්..අඩුතරමෙ ලන්කාවෙ අමුද්‍රව්‍ය ගෙනල්ල අඹරල මික්ස් කරල සිමෙන්ත් ලන්කාවෙ හදනව වාගෙ මූලික පොහොරවත් හදනවනම් නැව් ගාස්තු හරි ගොඩක් අඩු වෙනව කියල මම හිතන්නෙ...රසායන විද්‍යා,,ජීව විද්‍යා,,කෘශිවිද්‍යා උපාධිදාරීන් ගොඩක් ඉඳලත් අපේ රටේ කෘශි රසායන නිපදවීම වාගෙ එකක් නැත්තෙ මම හිතන්නෙ..ආසියාවේ මොකක්ද නිසා වෙන්න ඇති..
රට වටේ මූද...මිරිදිය ජලාශවාගෙ අපි තාම අත නොතියපු පැති ගොඩක් කෘශිකර්මාන්තයෙ තියන්ව...අපි තාමත් ඉන්නෙ සුද්ද අපිට දමල ගිය මේන් එක්ස්පෝටඩ් තින්ග්ස් ආ(ර්) ටී රබර් ඇන්ඩ් පොල් කියන තැන තමා...ලෝකෙ ට්‍රෙන්ඩ් එකට හරියන්න දෙන්න අපි තාම අකුරු කියවලත් නෑ...ඇඹිලිපිටියෙ කෙසෙල් ගොවිය විකුනගන්න බැරිව තොදොල් වෙද්දි...වෙනරටවල කෙසෙල් ලේබල අලවාගෙන මෙරට ව්‍යාප්තවන්නේ බලධරයන්ගේම වරදින් නෙමෙයි...ගොවියා වෙලෙන්දා පාරිභෝගිකයා කෘශිකර්ම පර්යේශකයා ආදී අයගෙ තියන පර්යේශන හා වැඩිදියුනුකිරීම්(failure of resurch and development area) කියන ක්ශේත්‍ර වල තියෙන දුබල තාවය ඒවට හේතු වෙනව..ලේබල් කෙසෙල් වල වටේ ලස්සනට තියාගන්න ලෙල්ල වටේ වැක්ස් එක ගාන්න තාමත් අපේ අය නැකැත් බලනව ඇති..කවුද ලන්කාවෙ කෙසෙල් ලෙලි එක්ක කන්නෙ කියල හිතුවනම් හරි...
No comments:
Post a Comment